යෙදුමෙන් කියවන්න

නවකම‍්මදානකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

නවකම‍්මදානකථා

නවකම්මදානකථා

භණ‍්ඩිකාට‍්ඨපනමත‍්තෙනාති ද‍්වාරබාහානං උපරි කපොතභණ‍්ඩිකයොජනමත‍්තෙන. පරිභණ‍්ඩකරණමත‍්තෙනාති ගොමයපරිභණ‍්ඩකසාවපරිභණ‍්ඩකරණමත‍්තෙන. ධූමකාලිකන‍්ති ඉදං යාවස‍්ස චිතකධූමො න පඤ‍්ඤායති, තාව අයං විහාරො එතස‍්සෙවාති එවං ධූමකාලෙ අපලොකෙත්‍වා කතපරියොසිතං විහාරං දෙන‍්ති. විප‍්පකතන‍්ති එත්‍ථ විප‍්පකතො නාම යාව ගොපානසියො න ආරොහන‍්ති. ගොපානසීසු පන ආරුළ‍්හාසු බහුකතො නාම හොති, තස‍්මා තතො පට‍්ඨාය න දාතබ‍්බො, කිඤ‍්චිදෙව සමාදපෙත්‍වා කාරෙස‍්සති. ඛුද‍්දකෙ විහාරෙ කම‍්මං ඔලොකෙත්‍වා ඡප‍්පඤ‍්චවස‍්සිකන‍්ති කම‍්මං ඔලොකෙත්‍වා චතුහත්‍ථවිහාරෙ චතුවස‍්සිකං, පඤ‍්චහත්‍ථෙ පඤ‍්චවස‍්සිකං, ඡහත්‍ථෙ ඡවස‍්සිකං දාතබ‍්බං. අඩ‍්ඪයොගො පන යස‍්මා සත‍්තට‍්ඨහත්‍ථො හොති, තස‍්මා එත්‍ථ “සත‍්තට‍්ඨවස‍්සික”න‍්ති වුත‍්තං. සචෙ පන සො නවහත්‍ථො හොති නවවස‍්සිකම‍්පි දාතබ‍්බං. මහල‍්ලකෙ පන දසහත්‍ථෙ එකාදසහත්‍ථෙ විහාරෙ වා පාසාදෙ වා දසවස‍්සිකං වා එකාදසවස‍්සිකං වා දාතබ‍්බං. ද‍්වාදසහත්‍ථෙ පන තතො අධිකෙ වා ලොහපාසාදසදිසෙපි ද‍්වාදසවස‍්සිකමෙව දාතබ‍්බං, න තතො උත‍්තරි.

“ගණ්ඩිකාධානමත්තෙන” දොරබාවන්ගේ මතුවෙහි කොබෝපොදි යොදන මාත්‍රයකින්. “පරිභණ්ඩකරණමත්තෙන” ගොමින් පිරිබඩ කිරීම්, කසටින් පිරිබඩ කිරීම් මාත්‍රයකින්. “ධූමකාලිකං” යම්තාක් මේ විහාරයාගේ සෑයෙහි දුම් නොපෙනේද, ඒතාක් මේ විහාරය මොහුටමයයි මෙසේ ධූමකාලයෙහි අපලොකනය කොට කරනිමවනලද කර්‍මාන්ත ඇති විහාරයක් දෙන්නාහ. “විප්පකතං” මෙහි විප්පකත නම් යම්තාක් ගොනැස් නොනගත්ද ගොනැස් නැගුකල්හි වනාහි බොහෝ කරණලද්දේවේද, එහෙයින් මේ විහාරය එතැන් පටන් නවකර්‍මාන්ත පිණිස නොදිය යුතුය. කිසිමහණකු සමාදන්කරවා කරවන්නේද, කුඩා විහාරයෙහි කර්‍මාන්තබලා “ඡප්පඤ්චවස්සිකං” කර්‍මාන්ත බලා සිවුරියන් විහාරයෙහි සිවුවස් නවකර්‍මාන්තවිධානය ඇතිකොට පස්රියන් විහාරයෙහි පස්වස් නව කර්‍මාන්තවිධානය ඇතිකොට සරියන් විහාරයෙහි සවස් නවකර්‍මාන්තවිධානය ඇතිකොට දියයුතුය. අදර්‍ධයොග ප්‍රාසාදය වනාහි යම්හෙයකින් සත් අටරියනක් ඇත්තේ වේද, එහෙයින් මෙහි “සත්තට්ඨවස්සික”යි වදාරණ ලදී. ඉදින් ඒ අදර්‍ධයොගප්‍රාසාදය නවරියන් ඇත්තේ වේනම් නවවසක් නව කර්‍මාන්තවිධානය ඇතිකොටද දියයුතුය. මහල්ලක විහාරයෙහි දසරියන් එකොළොස්රියන් විහාරයෙහි හෝ ප්‍රාසාදයෙක්හි හෝ දසවසක් හෝ එකොළොස්වසක් හෝ නවකර්‍මාන්තවිධානය ඇතිකොට දියයුතුය. දොළොරියන් විහාරයෙහිද ඉන් වැඩිවූ ලොහමහාපාය සමාන විහාරයෙහිද දෙළොස් වසක්ම නවකර්‍මාන්ත විධානය ඇතිකොට දියයුතුය. ඉන් මත්තෙහි නව කර්‍මාන්තය නොදියයුතුය.

නවකම‍්මිකො භික‍්ඛු අන‍්තොවස‍්සෙ තං ආවාසං ලභති, උතුකාලෙ පටිබාහිතුං න ලභති. සචෙ සො ආවාසො ජීරති, ආවාසසාමිකස‍්ස වා තස‍්ස වංසෙ උප‍්පන‍්නස‍්ස වා කස‍්සචි කථෙතබ‍්බං – “ආවාසො තෙ නස‍්සති, ජග‍්ගථ එතං ආවාස”න‍්ති. සචෙ සො න සක‍්කොති, භික‍්ඛූහි ඤාතී වා උපට‍්ඨාකෙ වා සමාදපෙත්‍වා ජග‍්ගිතබ‍්බො. සචෙ තෙපි න සක‍්කොන‍්ති, සඞ‍්ඝිකෙන පච‍්චයෙන ජග‍්ගිතබ‍්බො. තස‍්මිම‍්පි අසති එකං ආවාසං විස‍්සජ‍්ජෙත්‍වා අවසෙසා ජග‍්ගිතබ‍්බා. බහූ විස‍්සජ‍්ජෙත්‍වා එකං සණ‍්ඨාපෙතුම‍්පි වට‍්ටතියෙව.

නවකාර්මික භික්‍ෂුතෙමේ වසතුළ ඒ ආවාසය ලබන්නේය. හෙමන්ත ග්‍රීෂ්ම සෘතුකාලයෙහි පැමිණි සෙසු මහණුන් ප්‍රතිබාහනය කරන්නට නොලබන්නේය. ඉදින් ඒ ආවාසය දිරායේනම් ඒ ආවාසය ස්වාමියාහට හෝ ඔහුගේ වංශයෙහි උපන්නා වූ කිසිවක්හට හෝ ‘තොපගේ ආවාසය නස්නේය, මේ ආවාසය දැගුම් කරවු’යි කියයුතුය. ඉදින් හෙතෙමේ නොහැක්කේ නම් මහණුන් විසින් නෑයන් හෝ උපස්ථායකයන් හෝ සමාදන් කරවා දැගුම් කටයුත්තේය. ඔවුහුද නොහැක්කෝ නම් සඞ්ඝික ප්‍රත්‍යයයෙන් දැගුම් කටයුත්තේය. එද නැති කල්හි එක් ආවාසයක් හැරදමා සෙසු ආවාස දැගුම් කටයුතුය. බොහෝ ආවාස හැරපියා එක් ආවාසයක් තබාගැණීම වටීමය.

දුබ‍්භික‍්ඛෙ භික‍්ඛූසු පක‍්කන‍්තෙසු සබ‍්බෙ ආවාසා නස‍්සන‍්ති, තස‍්මා එකං වා ද‍්වෙ වා තයො වා ආවාසෙ විස‍්සජ‍්ජෙත්‍වා තතො යාගුභත‍්තචීවරාදීනි පරිභුඤ‍්ජන‍්තෙහි සෙසාවාසා ජග‍්ගිතබ‍්බායෙව. කුරුන්‍දියං පන වුත‍්තං “සඞ‍්ඝිකෙ පච‍්චයෙ අසති එකො භික‍්ඛු ‘තුය‍්හං එකං මඤ‍්චට‍්ඨානං ගහෙත්‍වා ජග‍්ගාහී’ති වත‍්තබ‍්බො. සචෙ බහුතරං ඉච‍්ඡති, තිභාගං වා උපඩ‍්ඪභාගං වා දත්‍වාපි ජග‍්ගාපෙතබ‍්බං. අථ ‘ථම‍්භමත‍්තමෙවෙත්‍ථ අවසිට‍්ඨං, බහුකම‍්මං කාතබ‍්බ’න‍්ති න ඉච‍්ඡති, ‘තුය‍්හං පුග‍්ගලිකමෙව කත්‍වා ජග‍්ග; එවම‍්පි හි සඞ‍්ඝස‍්ස භණ‍්ඩකට‍්ඨපනට‍්ඨානං නවකානඤ‍්ච වසනට‍්ඨානං ලභිස‍්සතී’ති ජග‍්ගාපෙතබ‍්බො. එවං ජග‍්ගිතො පන තස‍්මිං ජීවන‍්තෙ පුග‍්ගලිකො හොති, මතෙ සඞ‍්ඝිකොයෙව . සචෙ සද‍්ධිවිහාරිකානං දාතුකාමො හොති, කම‍්මං ඔලොකෙත්‍වා තිභාගං වා උපඩ‍්ඪං වා පුග‍්ගලිකං කත්‍වා ජග‍්ගාපෙතබ‍්බො. එවඤ‍්හි සද‍්ධිවිහාරිකානං දාතුං ලභති. එවං ජග‍්ගනකෙ පන අසති ‘එකං ආවාසං විස‍්සජ‍්ජෙත්‍වා’තිආදිනා නයෙන ජග‍්ගාපෙතබ‍්බො”ති.

දුර්භික්‍ෂ කාලයෙහි ආවාස හැරපියා භික්‍ෂූන් ගිය කල්හි සියලු ආවාසයෝ නැසීයන්නාහ. එහෙයින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ආවාස හැරපියා එයින් උපදවනලද කැඳබත් සිවුරු ආදිය පරිභොග කරන්නවුන් විසින් සෙසු ආවාස දැගුම් කටයුත්තාහ. කුරුන්‍දියෙහි වනාහි ‘සඞ්ඝිකප්‍රත්‍යය නැති කල්හි එක් මහණෙක් තෙමේ ‘තා විසින් එක් මඤ්චස්ථානයක් ගෙන දැගුම් කරව’යි කියයුත්තේය. ඉතා වැඩියක් කැමැතිවේනම්, තුන්වන කොටසක් හෝ අඩකොටසක් හෝ දීද දැගුම් කරවියයුතුය. නැවත එකල්හි ‘ටැඹ පමණක් මෙහි ඉතිරිවූයේය, බොහෝ කර්‍මාන්ත කටයුතුය’යි නොකැමැතිවේනම්, තට පෞද්ගලිකමකොට දැගුම් කරව, මෙසේත් සඞ්ඝයාගේ බඩු තබන තැනක්ද නවකයන් වසන තැනක්ද ලැබෙන්නේය’යි දැගුම් කරවිය යුතුය. මෙසේ දැගුම් කරණ ලද්දේ ඔහු ජීවත්වන කල්හි පෞද්ගලික වේ. මළකල්හි සඞ්ඝිකම වේ. සද්ධිවිහාරිකයන්ට දෙනු කැමැතිවේනම් කර්‍මාන්තය බලා තෙවන කොටසක් හෝ අඩක් හෝ පෞද්ගලිකකොට දැගුම් කරවිය යුතුය. මෙසේ සද්ධිවිහාරිකයන්ට දීම ලබයි. මෙසේ දැගුම් කරන්නකු නැති කල්හි “එකං ආවාසං විස්සජ්ජෙත්‍වා” යනාදිනයින් දැගුම් කරවිය යුතුය’යි කියන ලදී.

ඉදම‍්පි ච අඤ‍්ඤං තත්‍ථෙව වුත‍්තං – ද‍්වෙ භික‍්ඛූ සඞ‍්ඝිකං භූමිං ගහෙත්‍වා සොධෙත්‍වා සඞ‍්ඝිකං සෙනාසනං කරොන‍්ති. යෙන සා භූමි පඨමං ගහිතා, සො සාමී. උභොපි පුග‍්ගලිකං කරොන‍්ති, සොයෙව සාමී. සො සඞ‍්ඝිකං කරොති, ඉතරො පුග‍්ගලිකං කරොති, අඤ‍්ඤං චෙ බහුං සෙනාසනට‍්ඨානං අත්‍ථි , පුග‍්ගලිකං කරොන‍්තොපි න වාරෙතබ‍්බො. අඤ‍්ඤස‍්මිං පන තාදිසෙ පටිරූපෙ ඨානෙ අසති තං පටිබාහිත්‍වා සඞ‍්ඝිකං කරොන‍්තෙනෙව කාතබ‍්බං. යං පන තස‍්ස තත්‍ථ වයකම‍්මං කතං, තං දාතබ‍්බං. සචෙ පන කතාවාසෙ වා ආවාසකරණට‍්ඨානෙ වා ඡායූපගඵලූපගරුක‍්ඛා හොන‍්ති, අපලොකෙත්‍වා හාරෙතබ‍්බා. පුග‍්ගලිකා චෙ හොන‍්ති, සාමිකා ආපුච‍්ඡිතබ‍්බා; නො චෙ දෙන‍්ති, යාවතතියං ආපුච‍්ඡිත්‍වා “රුක‍්ඛඅග‍්ඝනකමූලං දස‍්සාමා”ති හාරෙතබ‍්බා.

මෙද අනිකද එසේම කියනලදී - මහණහු දෙදෙනෙක් සඞ්ඝික භූමියක් ගෙණ ශුද්ධකොට සඞ්ඝික සෙනාසනයක් කෙරෙත්ද, ඒ දෙදෙනා අතුරෙහි යම් මහණකු විසින් ඒ භූමිතොමෝ පළමුකොට ගන්නාලදද, ඒ භූමියෙහි විහාරය කිරීමට ඒ මහණතෙමේම ස්වාමි වේ. පළමුකොට ගත් හෙතෙමේ සඞ්ඝික සෙනාසනයක් කෙරේද, අනිකා පෞද්ගලික සෙනාසනයක් කෙරේද, අන්‍යවූද බොහෝ සෙනසුන් ගොඩනැගිය හැකි තැන් ඇත්තේ නම් පෞද්ගලික සෙනාසනයක් කරන්නේද නොවැළකිය යුතුය. අන්‍යවූද, එබඳු සුදුසු තැනක් නැති කල්හි ඒ පෞද්ගලික සෙනාසනය කරන්නහු වළකා සඞ්ඝික සෙනාසනය කරන්නහු විසින්ම කටයුතුය. එහි ඔහු විසින් යම් ව්‍යයකර්‍මයක් කරණලද්දේද, එය ඔහුට දියයුතුය. කළ ආවාසයෙක්හි හෝ ආවාසය කරණ තැනක හෝ සෙවන ඇත්තාවූ හෝ පලදරන්නාවූ හෝ වෘක්‍ෂයෝ වෙත්ද, අපලොකනය කොට පහකටයුත්තාහුය. ඉදින් වෙත්නම් හිමියෝ විචාළයුත්තාහ. නොදෙත්නම් තුන්යල දක්වා විචාරා රුක් අගනාමිල දෙන්නෙමු’යි පහකටයුත්තාහ.

යො පන සඞ‍්ඝිකවල‍්ලිමත‍්තම‍්පි අග‍්ගහෙත්‍වා ආහරිමෙන උපකරණෙන සඞ‍්ඝිකාය භූමියා පුග‍්ගලිකවිහාරං කාරෙති, උපඩ‍්ඪං සඞ‍්ඝිකං හොති; උපඩ‍්ඪං පුග‍්ගලිකං. පාසාදො චෙ හොති, හෙට‍්ඨාපාසාදො සඞ‍්ඝිකො; උපරි පුග‍්ගලිකො. සචෙ සො හෙට‍්ඨාපාසාදං ඉච‍්ඡති, තස‍්ස හොති. අථ හෙට‍්ඨා ච උපරි ච ඉච‍්ඡති, උභයත්‍ථ උපඩ‍්ඪං ලභති. ද‍්වෙ සෙනාසනානි කාරෙති – එකං සඞ‍්ඝිකං, එකං පුග‍්ගලිකං. සචෙ විහාරෙ උට‍්ඨිතෙන දබ‍්බසම‍්භාරෙන කාරෙති, තතියභාගං ලභති. සචෙ අකතට‍්ඨානෙ චයං වා පමුඛං වා කරොති, බහිකුට‍්ටෙ උපඩ‍්ඪං සඞ‍්ඝස‍්ස, උපඩ‍්ඪං තස‍්ස. අථ මහන‍්තං විසමං පූරෙත්‍වා අපදෙ පදං දස‍්සෙත්‍වා කතං හොති, අනිස‍්සරො තත්‍ථ සඞ‍්ඝො.

යමෙක් වනාහි වැල් පමණකුදු නොගෙණ ගෙණ ආ උපකරණයෙන් සඞ්ඝික භූමියෙහි පෞද්ගලික විහාරයක් කරවාද එයින් අඩක් සඟසතු වේ. අඩක් පෞද්ගලික වේ. ප්‍රාසාදයක් වේනම් යට පහය සඟසතු වේ. මතුපහය පෞද්ගලික වේ. ඒ පහය කරවූ පුද්ගලතෙමේ යටපහය කැමැත්තේනම් එය ඔහුට වේ. නැවත යටත් උඩත් කැමැත්තේ නම් දෙතැන අඩක් ලබන්නේය. සෙනසුන් දෙකක් කරවා නම් එකක් සඟසතුවේ. එකක් පෞද්ගලික වේ. විහාරයෙහි හටගන්නා වූ ද්‍රව්‍යසම්භාරයෙන් කරවානම් තෙවන කොටසක් ලබන්නේය. සෙනසුනෙන් පිටත ගඩොල් ආදියෙන් නොකළ තැනක බැම්මක් හෝ ඉස්තෝප්පුවක් හෝ කෙරේද, බිත්තියෙන් පිටත තමන් විසින් කළ තන්හි අඩක් සඞ්ඝයාට වේ. අඩක් ඔහුටය. නැවත මහත් විසම වූ සඞ්ඝික භූමියක් පුරවා සමකොට පා නොතැබිය හැකි තැන පා තබන්නට හැකිසේ දක්වා කරණලද්දේවේද, සඞ්ඝතෙමේ එහි ඊශ්වර නොවේ.

එකං වරසෙය්‍යන‍්ති එත්‍ථ නවකම‍්මදානට‍්ඨානෙ වා වස‍්සග‍්ගෙන පත‍්තට‍්ඨානෙ වා යං ඉච‍්ඡති, තං එකං වරසෙය්‍යං අනුජානාමීති අත්‍ථො.

“එකං වරසෙය්‍යං” යන මෙහි නවකම් දෙන තැනෙක හෝ වස් ගණනින් ලත් තැනෙක හෝ යම් සෙනසුනක් කැමැතිවේද ඒ උතුම් සෙනසුනක් නවකාර්මික මහණහු විසින් ගන්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි.

පරියොසිතෙ පක‍්කමති තස‍්සෙවෙතන‍්ති පුන ආගන‍්ත්‍වා වසන‍්තස‍්ස අන‍්තොවස‍්සං තස‍්සෙව තං; අනාගච‍්ඡන‍්තස‍්ස පන සද‍්ධිවිහාරිකාදයො ගහෙතුං න ලභන‍්ති.

“පරියොසිතෙ පක්කමති තස්සෙව තං” නැවැත අවුත් වස් වසන මහණහුට වසතුළ ඒ ආවාසය නවකම් ගෙණ ඒ නිමිකල්හි ගොස් නැවැත ආ මහණහුටමය. නවකම් ගෙණ නිමිකල්හි ගොස් නැවත නොඑන මහණහුගේ සද්ධිවිහාරිකාදීහු ගැණීම නොලබත්.

නවකම‍්මදානකථා නිට‍්ඨිතා.

අඤ‍්ඤත්‍රපටිභොගපටික‍්ඛෙපාදිකථා

අඤ්ඤත්රපටිභොගපටික්ඛෙපාදිකථා

නාතිහරන‍්තීති අඤ‍්ඤත්‍ර හරිත්‍වා න පරිභුඤ‍්ජන‍්ති. ගුත‍්තත්‍ථායාති යං තත්‍ථ මඤ‍්චපීඨාදි, තස‍්ස ගුත‍්තත්‍ථාය, තං අඤ‍්ඤත්‍ර හරිතුං අනුජානාමීති අත්‍ථො. තස‍්මා තං අඤ‍්ඤත්‍ර හරිත්‍වා සඞ‍්ඝිකපරිභොගෙන පරිභුඤ‍්ජන‍්තස‍්ස නට‍්ඨං සුනට‍්ඨං, ජිණ‍්ණං සුජිණ‍්ණං. සචෙ අරොගං තස‍්මිං විහාරෙ පටිසඞ‍්ඛතෙ පුන පාකතිකං කාතබ‍්බං. පුග‍්ගලිකපරිභොගෙන පරිභුඤ‍්ජතො නට‍්ඨං වා ජිණ‍්ණං වා ගීවා හොති, තස‍්මිං පටිසඞ‍්ඛතෙ දාතබ‍්බමෙව. සචෙ තතො ගොපානසිආදීනි ගහෙත්‍වා අඤ‍්ඤස‍්මිං සඞ‍්ඝිකාවාසෙ යොජෙන‍්ති, සුයොජිතානි. පුග‍්ගලිකාවාසෙ යොජෙන‍්තෙහි පන මූලං වා දාතබ‍්බං, පටිපාකතිකං වා කාතබ‍්බං ඡඩ‍්ඩිතවිහාරතො මඤ‍්චපීඨාදීනි ථෙය්‍යචිත‍්තෙන ගණ‍්හන‍්තො උද‍්ධාරෙයෙව භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. පුන ආවාසිකකාලෙ දස‍්සාමීති ගහෙත්‍වා සඞ‍්ඝිකපරිභොගෙන පරිභුඤ‍්ජන‍්තස‍්ස නට‍්ඨං සුනට‍්ඨං, ජිණ‍්ණං සුජිණ‍්ණං. අරොගඤ‍්චෙ පාකතිකං කාතබ‍්බං . පුග‍්ගලිකපරිභොගෙන පරිභුඤ‍්ජන‍්තස‍්ස නට‍්ඨං ගීවා හොති. තතො ද‍්වාරවාතපානාදීනි සඞ‍්ඝිකාවාසෙ වා පුග‍්ගලිකාවාසෙ වා යොජිතානි පටිදාතබ‍්බානියෙව.

“නාති හරන්ති” කුකුස්කොට දිරාවැටුනු සඞ්ඝික සෙනාසනයෙහි ඇඳපුටු ආදිය අනික් තැනකට ගෙණගොස් පරිභොග නොකෙරෙත්. “ගුත්තත්‍ථාය” ඒ දිරාවැටෙන සෙනසුනෙහි යම් ඇඳපුටු ආදියක් වේද, ඒ ඇඳපුටු රැකීම පිණිස අන්තැනකට ගෙන යෑමට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. එහෙයින් සඟසතු ඒ ඇඳ පුටු ආදිය අන්තැනකට ගෙණ ගොස් සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කරණ මහණහුට නැසුනේද, මැනැවින් නැසුනේය. දිරූයේද, මැනැවින් දිරූයේය. ඉදින් ඉන්පසු නීරොග නම් ඒ විහාරය පිළිදැගුම් කළ කල්හි නැවැත ප්‍රකෘතිමත් කළ යුතුය. පෞද්ගලික පරිභොගයෙන් පරිභොගකරණ මහණහුට ඇසුනේ හෝ වේද, දිරූසේ හෝ වේද, ග්‍රීවාවේ. ඒ නැසීගිය විහාරය යමකු විසින් පිළිසකර කළ කල්හි දියයුත්තේමය. ඉදින් එයින් ගොනැස් ආදිය ගෙණ අන් සඟසතු ආවාසයෙක යොදත්නම් මොනවට යොදනලද්දාහුය. පෞද්ගලික වාසයෙක යොදන්නවුන් විසින් මිල හෝ දියයුතුය. නැවත ප්‍රකෘතිමත් හෝ කටයුතුය. හැරදැමූ විහාරයෙන් ඇඳපුටු ආදිය සොරසිතින් ගන්නේ ඉදිරීම නිමිතිකොට බඩු අගය කරණකොට කරවිය යුත්තේය. නැවැත ආවාසික කාලයෙහි දෙන්නෙමි’යි ගෙණ සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කරණ මහණහුට නැසුනේද මැනැවින් නැසුනේය. දිරූයේද මැනැවින් දිරූයේ වේ. නීරොගනම් ප්‍රකෘතිමත් කළයුතුය. පෞද්ගලික පරිභොගයෙන් පරිභොග මහණහුට නැසුනේද දිරූයේද ග්‍රීවාවේ. එයින් ගෙණ දොර ජනෙල් ආදිය සඞ්ඝිකාවාසයක හෝ පෞද්ගලිකාවාසයක හෝ යොදන ලද්දාහුද නැවැත දියයුත්තාහුමය.

ඵාතිකම‍්මත්‍ථායාති වඩ‍්ඪිකම‍්මත්‍ථාය. ඵාතිකම‍්මඤ‍්චෙත්‍ථ සමකං වා අතිරෙකං වා අග‍්ඝනකං මඤ‍්චපීඨාදිසෙනාසනමෙව වට‍්ටති.

“ඵාතිකම්මත්‍ථාය” වැඩීම පිණිස එය යම්සේ මුල්ඇගීමෙන් නොපිරිහේද මෙසේ කටයුතු මෙසේ නිපදවියයුතු ඇඳපුටු ආදිය පිණිස මෙහි ඵාතිකර්‍මය, සමවූ හෝ අධිකවූ හෝ අගනා ඇඳපුටු ආදි සෙනසුනම වටියි.

චක‍්කලිකන‍්ති කම‍්බලාදීහි වෙඨෙත්‍වා කතචක‍්කලිකං. අල‍්ලෙහි පාදෙහීති යෙහි අක‍්කන‍්තට‍්ඨානෙ උදකං පඤ‍්ඤායති, එවරූපෙහි පාදෙහි පරිභණ‍්ඩකතභූමි වා සෙනාසනං වා න අක‍්කමිතබ‍්බං . සචෙ පන උදකසිනෙහමත‍්තමෙව පඤ‍්ඤායති, න උදකං, වට‍්ටති. පාදපුඤ‍්ඡනිං පන අල‍්ලපාදෙහිපි අක‍්කමිතුං වට‍්ටතියෙව. සඋපාහනෙන ධොතපාදෙහි අක‍්කමිතබ‍්බට‍්ඨානෙයෙව න වට‍්ටති.

“චක්කලිකං” කම්බිලි ආදියෙන් වෙළා කළ චක්‍රාකාරවූ පාපිස්නය. “අල්ලෙහි පාදෙහි” යම් පාදයකින් පෑගුන තැන දිය පෙනේද මෙබඳු පාදයන්ගෙන් පිරිබඩ කළ කලු පැහැති බිම හෝ සෙනසුන හෝ නොපෑගිය යුතුය. දියතෙත පමණක් පෙනේද දියනොපැනේ නම් වටියි. පාපිස්න වනාහි තෙත්පයින්ද පෑගීම වරද නොවේ. උපාහන සහිතවූවහු විසින් දෝනාලද පයින් පෑගු තැනම නොවටියි.

චොළකෙන පලිවෙඨෙතුන‍්ති සුධාභූමියං වා පරිභණ‍්ඩභූමියං වා සචෙ තට‍්ටිකා වා කටසාරකො වා නත්‍ථි, චොළකෙන පාදා වෙඨෙතබ‍්බා, තස‍්මිං අසති පණ‍්ණම‍්පි අත්‍ථරිතුං වට‍්ටති. කිඤ‍්චි අනත්‍ථරිත්‍වා ඨපෙන‍්තස‍්ස පන දුක‍්කටං. යදි පන තත්‍ථ නෙවාසිකා අනත්‍ථතායපි භූමියා ඨපෙන‍්ති, අධොතපාදෙහිපි වළඤ‍්ජෙන‍්ති, තථෙව වළඤ‍්ජෙතුං වට‍්ටති.

“චොළකෙන පළිවෙඨෙතුං” සුණුපිරියම් කළ බිමෙහි හෝ පිරිබඩ කළ බිමෙහි හෝ නටුවක් හෝ කළාලක් හෝ නැත්තේ නම් රෙදිකඩකින් පාවෙළිය යුතුය. ඒ රෙදිකඩක් නැති කල්හි පර්‍ණයක් නමුදු ඇතිරීම වටනේය. කිසිවක් නොඅතුරා පාතබන මහණහුට දුක්කටය වේ. ඉදින් එහි නෙවාසිකයෝ යම්කිසිවක් නොඅතුරණලද බිමෙහි පාතබත්ද නොසේදූ පයින්ද වලඤ්ජනය කෙරෙත්ද, ආවාසික භික්‍ෂූන් විසින් පරිභොග කළ ව්‍යවහාරය සේ සෙසු මහණුන් විසින්ද එසේම වලඤ්ජනය කිරීම වටියි.

න භික‍්ඛවෙ පරිකම‍්මකතා භිත‍්තීති සෙතභිත‍්ති වා චිත‍්තකම‍්මකතා වා. න කෙවලඤ‍්ච භිත‍්තිමෙව, ද‍්වාරම‍්පි වාතපානම‍්පි අපස‍්සෙනඵලකම‍්පි පාසාණත්‍ථම‍්භම‍්පි රුක‍්ඛත්‍ථම‍්භම‍්පි චීවරෙන වා කෙනචි වා අප‍්පටිච‍්ඡාදෙත්‍වා අපස‍්සයිතුං න ලබ‍්භතියෙව.

“න භික්‍ඛවෙ පරිකම්මකතා භිත්ති” සුදු බිත්තියක් හෝ සිතියම් කළ බිත්තියක් හෝ හුදෙක් බිත්තියම නොවේ. දොරද පිරියම් කළ නොකළ ජනේලයද හේත්තු පුවරුකඩද ගල්ටැඹද රුක්ටැඹද සිවුරකින් හෝ කිසිවකින් හෝ නොවසා හේත්තුවන්නට නොලබාමය.

ධොතපාදකාති ධොතපාදකා හුත්‍වා ධොතෙහි පාදෙහි අක‍්කමිතබ‍්බට‍්ඨානෙ නිපජ‍්ජිතුං කුක‍්කුච‍්චායන‍්ති. “ධොතපාදකෙ”තිපි පාඨො. ධොතෙහි පාදෙහි අක‍්කමිතබ‍්බට‍්ඨානස‍්සෙතං අධිවචනං . පච‍්චත්‍ථරිත්‍වාති පරිභණ‍්ඩකතං භූමිං වා භූමත්‍ථරණසෙනාසනං වා සඞ‍්ඝිකමඤ‍්චපීඨං වා අත‍්තනො සන‍්තකෙන පච‍්චත්‍ථරණෙන පච‍්චත්‍ථරිත්‍වාව නිපජ‍්ජිතබ‍්බං. සචෙ නිද‍්දායතොපි පච‍්චත්‍ථරණෙ සඞ‍්කුටිතෙ කොචි සරීරාවයවො මඤ‍්චං වා පීඨං වා ඵුසති, ආපත‍්තියෙව. ලොමෙසු පන ලොමගණනාය ආපත‍්තියෙව. පරිභොගසීසෙන අපස‍්සයන‍්තස‍්සාපි එසෙව නයො. හත්‍ථතලපාදතලෙහි පන ඵුසිතුං වා අක‍්කමිතුං වා වට‍්ටති. මඤ‍්චපීඨං නීහරන‍්තස‍්ස කායෙ පටිහඤ‍්ඤති, අනාපත‍්ති.

“ධොතපාදකා” දෝනාලද පා ඇත්තෝව දෝනාලද පයින් පෑගියයුතු තන්හි නිදන්නට කුකුස් කෙරෙත්. “ධොතපාදකෙ” යනුද පාඨයි. දෝනාලද පාදයෙන් පෑගිය යුතු තැනටම මේ නමෙකි. “පච්චත්‍ථරිත්‍වා” පිරිබඩ කළ බිම හෝ බුමුතුරුණු ඇති සෙනසුන හෝ සඟසතු ඇඳපුටු හෝ තමන් සතු පසතරණකින් අතුරාම නිදියයුතුය. පසතරණය හැකුළුනු කල්හි නිදන්නහුගේ කිසි ශරීරාවයවයක් ඇඳ හෝ පුටුව හෝ පහසාද දුක්කටාපත්තිමය. ලොම්වලින් පහසන කල්හි ලොම් ගණනින් ඇවැත්මය. පරිභොග ශීර්‍ෂයෙන් හේත්තුවන මහණහුටද මෙම නයවේ. අත්තලපාතලින් පැහැසීමද, පෑගීමද වටියි. ඇඳපුටු බැහැරට ගෙණයන මහණහුගේ සිරුරෙහි වදීද ඇවැත් නොවේ.

අඤ‍්ඤත්‍රපරිභොගපටික‍්ඛෙපාදිකථා නිට‍්ඨිතා.

සඞ‍්ඝභත‍්තාදිඅනුජානනකථා

සඞ්ඝභත්තාදිඅනුජානනකථා

න සක‍්කොන‍්ති සඞ‍්ඝභත‍්තං කාතුන‍්ති සකලස‍්ස සඞ‍්ඝස‍්ස භත‍්තං කාතුං න සක‍්කොන‍්ති. උද‍්දෙසභත‍්තන‍්තිආදීසු “එකං වා ද‍්වෙ වා…පෙ… දස වා භික‍්ඛූ සඞ‍්ඝතො උද‍්දිසිත්‍වා දෙථා”ති එවං උද‍්දෙසෙන ලද‍්ධභික‍්ඛූනං භත‍්තං කාතුං ඉච‍්ඡන‍්ති. අපරෙ තථෙව භික‍්ඛූ පරිච‍්ඡින්‍දිත්‍වා නිමන‍්තෙත්‍වා තෙසං භත‍්තං කාතුං ඉච‍්ඡන‍්ති. අපරෙ සලාකායො ඡින්‍දිත්‍වා, අපරෙ පක‍්ඛිකං උපොසථිකං පාටිපදිකන‍්ති එවං නියාමෙත්‍වා, එකස‍්ස වා ද‍්වින‍්නං වා…පෙ… දසන‍්නං වා භික‍්ඛූනං භත‍්තං කාතුං ඉච‍්ඡන‍්ති. ඉති එතානි භත‍්තානි උද‍්දෙසභත‍්තං නිමන‍්තනන‍්ති ඉමං වොහාරං පත‍්තානි. යස‍්මා පන තෙ සචෙපි දුබ‍්භික‍්ඛෙ න සක‍්කොන‍්ති, සුභික‍්ඛෙ ජාතෙ පන පුන සඞ‍්ඝභත‍්තං කාතුං සක‍්ඛිස‍්සන‍්ති, තස‍්මා භගවා තම‍්පි අන‍්තො කත්‍වා “අනුජානාමි, භික‍්ඛවෙ, සඞ‍්ඝභත‍්තං උද‍්දෙසභත‍්ත”න‍්තිආදිමාහ.

“න සක්කොන්ති සඞ්ඝභත්තං කාතුං” සියලු සඞ්ඝයාට බත් සපයන්නට නොහැකිවෙත්. “ඉච්ඡන්ති උද්දෙසභත්තං” යනාදිතන්හි එක් මහණකු හෝ මහණුන් දෙදෙනකු හෝ -පෙ- මහණුන් දසනමක් හෝ භික්‍ෂු සඞ්ඝයා වෙතින් උදෙසා දෙනු මැනැවැ’යි මෙසේ උදෙසීමෙන් ලත් මහණුන්ට බත් සපයන්නට කැමැති වෙති. අන්කෙනෙක් එසේම මහණුන් පිරිසිඳ ගෙණ නිමන්ත්‍රණයකොට ඒ මහණුන්ට බත් සපයන්නට කැමැතිවෙත්. අන්කෙනෙක් සලාක සිඳද, අන්කෙනෙක් පක්‍ෂයෙහි දියයුතු බත, පොහෝදිනයෙහි දියයුතුබත, පෑළවිය දිනයෙහි දියයුතු බතැයි මෙසේ නියමකොට එක් මහණක්හට හෝ මහණුන් දෙනමකට හෝ -පෙ- මහණුන් දසනමකට හෝ බත් සපයන්නට කැමැති වෙත්. මෙසේ මේ බත් “උද්දෙසභත්ත, නිමන්තණභත්ත” යන ව්‍යවහාරයට පැමිණියහ. යම්හෙයකින් ඒ මනුෂ්‍යයෝ දුර්භක්‍ෂයෙහි බත් සපයන්නට නොහැකිවෙත්ද, සුභික්‍ෂකාලයෙහි වනාහි නැවත සඟබත් සපයන්නට හැකි වෙත්ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ බත ඇතුළත්කොට “අනුජානාමි භික්‍ඛවෙ සඞ්ඝභත්තං උද්දෙසභත්තං” යනාදිය වදාළ සේක.

තත්‍ථ සඞ‍්ඝභත‍්තෙ ඨිතිකා නාම නත්‍ථි, තස‍්මා “අම‍්හාකං අජ‍්ජ දස ද‍්වාදස දිවසා භුඤ‍්ජන‍්තානං ඉදානි අඤ‍්ඤතො භික‍්ඛූ ආනෙථා”ති න එවං තත්‍ථ වත‍්තබ‍්බං. “පුරිමදිවසෙසු අම‍්හෙහි න ලද‍්ධං, ඉදානි තං අම‍්හාකං ගාහෙථා”ති එවම‍්පි වත‍්තුං න ලබ‍්භති. තඤ‍්හි ආගතාගතානං පාපුණාතියෙව.

ඒ බත් අතුරෙහි සඟබතෙහි ඨිතිකාවක් නම් නැත්තීය. එහෙයින් ‘අපට අද දස දොළොස් දවස් අනුභව කරන්නවුන්ට දැන් අන් තැනකින් මහණුන් ගෙණෙවු’යි. එහි මෙසේ නොකියයුතුය. ‘පළමු දිනයන්හි අප විසින් නොලද්දේය දැන් එය අපට ගන්වාලවු’යි මෙසේද කියන්නට නොලබන්නේය. ඒ වනාහි ආ ආ වුන්ට පැමිණේමය.

සඞ‍්ඝභත‍්තාදිඅනුජානනකථා නිට‍්ඨිතා.