යෙදුමෙන් කියවන්න

අවිස‍්සජ‍්ජියවත්‍ථුකථා අට‍්ඨකථා

අවිස‍්සජ‍්ජියවත්‍ථුකථා

අවිස්සජ්ජියවත්ථුකථා

පඤ‍්චිමානීති රාසිවසෙන පඤ‍්ච, සරූපවසෙන පනෙතානි බහූනි හොන‍්ති. තත්‍ථ ආරාමො නාම පුප‍්ඵාරාමො වා ඵලාරාමො වා. ආරාමවත්‍ථු නාම තෙසංයෙව ආරාමානං අත්‍ථාය පරිච‍්ඡින්‍දිත්‍වා ඨපිතොකාසො; තෙසු වා ආරාමෙසු විනට‍්ඨෙසු තෙසං පොරාණකභූමිභාගො. විහාරො නාම යංකිඤ‍්චි පාසාදාදිසෙනාසනං. විහාරවත්‍ථු නාම තස‍්ස පතිට‍්ඨානොකාසො. මඤ‍්චො නාම – මසාරකො, බුන්‍දිකාබද‍්ධො, කුළීරපාදකො ආහච‍්චපාදකොති ඉමෙසං පුබ‍්බෙ වුත‍්තානං චතුන‍්නං මඤ‍්චානං අඤ‍්ඤතරො . පීඨං නාම මසාරකාදීනංයෙව චතුන‍්නං පීඨානං අඤ‍්ඤතරං. භිසි නාම උණ‍්ණභිසිආදීනං පඤ‍්චන‍්නං අඤ‍්ඤතරා. බිම‍්බොහනං නාම වුත‍්තප‍්පකාරානං බිම‍්බොහනානං අඤ‍්ඤතරං. ලොහකුම‍්භී නාම කාළලොහෙන වා තම‍්බලොහෙන වා යෙන කෙනචි ලොහෙන කතා කුම‍්භී. ලොහභාණකාදීසුපි එසෙව නයො. එත්‍ථ පන භාණකන‍්ති අරඤ‍්ජරො වුච‍්චති. වාරකොති ඝටො. කටාහං කටාහමෙව. වාසිආදීසු වල‍්ලිආදීසු ච දුවිඤ‍්ඤෙය්‍යං නාම නත්‍ථි. එවං –

“පඤ්චිමානි” රාශිවශයෙන් පසෙක් වේ. ස්වාභාව වශයෙන් මේ ගරුභාණ්ඩයෝ බොහෝ වෙත්. එහි ආරම නම් පුෂ්පාරාමයෙක් ඵලාරාමයෙක් හෝය. ආරාමවස්තු නම් ඒ ආරාමයන්ම පිණිස පිරිසිඳ තැබූ අවකාශයයි. ඒ ආරාම නැසීගිය කල්හි හෝ ඒ ආරාමයන්ගේ පුරාණභූමිභාගයය. විහාර නම් යම්කිසි ප්‍රාසාදාදී සෙනසුනය. විහාරවස්තු නම් ඒ සෙනසුන පිහිටන අවකාශයය. මඤ්ච නම් පා සිදුරෙන් ඇඳවත ඇතුල්කොට කළ ඇඳ, පා හා එකට බැඳි ඇඳවත ඇති ඇඳ, කකුළු පා සටහන් පාඇති ඇඳ, ඇඳවත සිදුරෙහි පා ඇතුල් කොට කළ ඇඳ’යි පෙර කියූ ඇඳන් සතර අතුරෙහි එක්තරා එකෙක්ය. පීඨ නම් මසාරකාදීවූ සිවුවැදෑරුම් පුටු අතුරෙහි එක්තරා එකෙක්ය. භිසි නම් උණ්ණාභිසි ආදීවූ පස්වැදෑරුම් බිසි අතුරෙහි එක්තරා එකෙක්ය. බිම්බොහන නම් කියූ අයුරු ඇති බිම්බොහන අතුරෙහි එක්තරා එකෙක්ය. ලොහකුම්හි නම් කලු ලෝහයෙන් හෝ තඹ ලෝහයෙන් හෝ යන යම්කිසි ලෝහයකින් කළ සැළිය. ලෝහයෙන්ම කළ බොහෝ දිය ගන්නා සැළි ආදීන් අතුරෙහිද මේ නයම වේ. මෙහි වනාහි භාණකයි. බොහෝදිය ගන්නා සැලකියනු ලැබේ. “වාරකො” කළයයි. “කටාහං” කටාහමය. වෑ ආදීන් අතුරෙහිද වැල් ආදීන් අතුරෙහිද දැනගත නොහැක්කක්නම් නැත්තේය. මෙසේ:

ද‍්විසඞ‍්ගහානි ද‍්වෙ හොන‍්ති, තතියං චතුසඞ‍්ගහං; චතුත්‍ථං නවකොට‍්ඨාසං, පඤ‍්චමං අට‍්ඨභෙදනං.

ප්‍රථමද්විතීයගරුභාණ්ඩ කොටස් දෙකෙකින් යුක්තය. තෘතීය ගරුභාණ්ඩය සිවුකොටසකින් යුක්තය. සිවුවන ගරුභාණ්ඩය නව කොටසකින් යුක්තය. පස්වන ගරුභාණ්ඩ අටකොටසකින් යුක්තය.

ඉති පඤ‍්චහි රාසීහි, පඤ‍්චනිම‍්මලලොචනො; පඤ‍්චවීසවිධං නාථො, ගරුභණ‍්ඩං පකාසයි.

මෙසේ පස් රැසකින් යුක්තවූ පස්විසි ආකාර වූ ගරුභාණ්ඩය, මාංශ දිව්‍ය ධර්‍ම බුද්ධ සමන්තචක්‍ෂුස් වශයෙන් නිර්‍මල වූ පසැස් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

තත්‍රායං විනිච‍්ඡයකථා – ඉදඤ‍්හි සබ‍්බම‍්පි ගරුභණ‍්ඩං ඉධ අවිස‍්සජ‍්ජියං, කීටාගිරිවත්‍ථුස‍්මිං “අවෙභඞ‍්ගිය”න‍්ති වුත‍්තං. පරිවාරෙ පන –

එහි මේ විනිශ්චය කථාය. මේ සියලු ගරුභාණ්ඩයම මෙහි විසර්‍ජනය නොකට යුත්තේය. කීටාගිරි වස්තුවෙහි නොබෙදියයුතුයයි කියනලදී. පරිවාරයෙහි -

“අවිස‍්සජ‍්ජියං අවෙභඞ‍්ගියං, පඤ‍්ච වුත‍්තා මහෙසිනා; විස‍්සජ‍්ජෙන‍්තස‍්ස පරිභුඤ‍්ජන‍්තස‍්ස අනාපත‍්ති, පඤ‍්හා මෙසා කුසලෙහි චින‍්තිතා”ති. (පරි· 479) –

‘මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් විසර්‍ජනය නොකටයුතු වූ නොබෙදියයුතු වූ පස් කොටසක් වදාරණ ලද්දේය. විසඳන මහණහුට පරිභොග කරණ මහණහුට ඇවැත් නොවේ. මේ ප්‍රශ්නය දක්‍ෂයන් විසින් සිතන ලද්දේය’යි

ආගතං. තස‍්මා මූලච‍්ඡෙජ‍්ජවසෙන අවිස‍්සජ‍්ජියං අවෙභඞ‍්ගියඤ‍්ච පරිවත‍්තනවසෙන පන විස‍්සජ‍්ජෙන‍්තස‍්ස පරිභුඤ‍්ජන‍්තස‍්ස ච අනාපත‍්තීති එවමෙත්‍ථ අධිප‍්පායො වෙදිතබ‍්බො.

ආයේය. එහෙයින් මූලච්ඡෙද්‍ය වශයෙන් නොවිසඳිය යුතුය. නොබෙදිය යුත්තේද වේ. පරිවර්‍තන වශයෙන් වනාහි විසර්‍ජනය කරන මහණහුටද පරිභොග කරන මහණහුටද අනාපත්තියි මෙසේ මෙහි අදහස දතයුතුය.

තත්‍රායං අනුපුබ‍්බිකථා – ඉදං තාව පඤ‍්චවිධම‍්පි චීවරපිණ‍්ඩපාතභෙසජ‍්ජත්‍ථාය උපනෙතුං න වට‍්ටති. ථාවරෙන ච ථාවරං ගරුභණ‍්ඩෙන ච ගරුභණ‍්ඩං පරිවත‍්තෙතුං වට‍්ටති. ථාවරෙ පන ඛෙත‍්තං වත්‍ථු තළාකං මාතිකාති එවරූපං භික‍්ඛුසඞ‍්ඝස‍්ස විචාරෙතුං වා සම‍්පටිච‍්ඡිතුං වා අධිවාසෙතුං වා න වට‍්ටති, කප‍්පියකාරකෙහෙව විචාරිතතො කප‍්පියභණ‍්ඩං වට‍්ටති. ආරාමෙන පන ආරාමං ආරාමවත්‍ථුං විහාරං විහාරවත්‍ථුන‍්ති ඉමානි චත‍්තාරි පරිවත‍්තෙතුං වට‍්ටති.

එහි මේ පිළිවෙළකථාය:- මේ පස්වැදෑරුම්වූද ගරුභාණ්ඩය චීවර පිණ්ඩපාත භෙසජ්ජ පිණිස එළවීම නොවටියි. ස්ථාවර වස්තුවකින් ස්ථාවරවස්තුවක්ද ගරුභාණ්ඩයෙන් ගරුභාණ්ඩයද පරිවර්‍තනයෙහි වරදෙක් නැත්තේය. ස්ථාවරවස්තුවෙහි වනාහි ඛෙත්ත-වත්‍ථු-තටාක-මාතිකා යන මෙබන්දක් භික්‍ෂු සඞ්ඝයාහට විචාරීමද පිළිගැණීමද ඉවසීමද නොකට හැකිය. කැපකරුවන් විසින්ම විචාරණලද දෙයින් කැපබඩු වටනේය. ආරාමයකින් ආරාමයක් ආරාමවස්තුවක් විහාරයක් විහාරවස්තුවක් යන මේ සතර පරිවර්‍තනය කරන්නට හැක්කේය.

තත්‍රායං පරිවත‍්තනනයො – සඞ‍්ඝස‍්ස නාළිකෙරාරාමො දූරෙ හොති, කප‍්පියකාරකා වා බහුතරං ඛාදන‍්ති. යම‍්පි න ඛාදන‍්ති, තතො සකටවෙතනං දත්‍වා අප‍්පමෙව හරන‍්ති. අඤ‍්ඤෙසං පන තස‍්ස ආරාමස‍්ස අවිදූරගාමවාසීනං මනුස‍්සානං විහාරස‍්ස සමීපෙ ආරාමො හොති, තෙ සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා සකෙන ආරාමෙන තං ආරාමං යාචන‍්ති, සඞ‍්ඝෙන “රුච‍්චති සඞ‍්ඝස‍්සා”ති අපලොකෙත්‍වා සම‍්පටිච‍්ඡිතබ‍්බො. සචෙපි භික‍්ඛූනං රුක‍්ඛසහස‍්සං හොති, මනුස‍්සානං පඤ‍්ච සතානි, “තුම‍්හාකං ආරාමො ඛුද‍්දකො”ති න වත‍්තබ‍්බං. කිඤ‍්චාපි හි අයං ඛුද‍්දකො, අථ ඛො ඉතරතො බහුතරං ආයං දෙති. සචෙපි සමකමෙව දෙති; එවම‍්පි ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ පරිභුඤ‍්ජිතුං සක‍්කාති ගහෙතබ‍්බමෙව. සචෙ පන මනුස‍්සානං බහුතරා රුක‍්ඛා හොන‍්ති, “නනු තුම‍්හාකං බහුතරා රුක‍්ඛා”ති වත‍්තබ‍්බං. සචෙ “අතිරෙකං අම‍්හාකං පුඤ‍්ඤං හොතු, සඞ‍්ඝස‍්ස දෙමා”ති වදන‍්ති, ජානාපෙත්‍වා සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති. භික‍්ඛූනං රුක‍්ඛා ඵලධාරිනො, මනුස‍්සානං රුක‍්ඛා න තාව ඵලං ගණ‍්හන‍්ති, කිඤ‍්චාපි න ගණ‍්හන‍්ති, න චිරෙන ගණ‍්හිස‍්සන‍්තීති සම‍්පටිච‍්ඡිතබ‍්බමෙව. මනුස‍්සානං රුක‍්ඛා ඵලධාරිනො, භික‍්ඛූනං න තාව ඵලං ගණ‍්හන‍්ති, “නනු තුම‍්හාකං රුක‍්ඛා ඵලධාරිනො”ති වත‍්තබ‍්බං. සචෙ “ගණ‍්හථ, භන‍්තෙ, අම‍්හාකං පුඤ‍්ඤං භවිස‍්සතී”ති දෙන‍්ති, ජානාපෙත්‍වා සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති; එවං ආරාමෙන ආරාමො පරිවත‍්තෙතබ‍්බො. එතෙනෙව නයෙන ආරාමවත්‍ථුපි විහාරොපි විහාරවත්‍ථුපි ආරාමෙන පරිවත‍්තෙතබ‍්බං. ආරාමවත්‍ථුනා ච මහන‍්තෙන වා ඛුද‍්දකෙන වා ආරාමආරාමවත්‍ථු විහාරවිහාරවත්‍ථූනි .

එහි මේ පරිවර්‍තනයයි:- සඞ්ඝයාගේ පොල් අරමෙක් දුරවූයේ වේ. කැපකරුවෝද ඉතා වැඩියක් කන්නාහ. යමක් නොකත්ද, එයින් ගැල්වැටුප්ද දී ටිකක්ම ගෙණ එත්. ඒ ආරාමයට නොදුරෙහි අන්‍යවූ ග්‍රාමවාසී මනුෂ්‍යයන්ගේ විහාරය සමීපයෙහි ආරාමයක් වේ. ඒ මිනිස්සු සඞ්ඝයා වෙත එළැඹැ ස්වකීය ආරාමයෙන් ඒ ආරාමය ඉල්ලා සිටිති. එකල්හි සඞ්ඝයා විසින් “සඞ්ඝයාට රුස්නේය’යි අපලොකනයකොට පිළිගත යුතුය. මහණුන්ට අයත් රුක් දහසෙක් වේ නම්, මිනිසුන්ට අයත් පන්සියයෙක් වේනම, තොපගේ ආරාමය කුඩායයි, නොකියයුතුය. කිසිලෙසකින් මේ ආරාමය කුඩා වූයේද, තවද අනික් ආරාමයට වඩා ඉතා වැඩි ආදායමක්දේද, සම අයක්මදේද, මෙසේ ඇති කල්හිද කැමති කැමැති කෙණෙහි පරිභොග කරන්නට හැකියයි ගතයුතුමය. ඉදින් මිනිසුන් අයත් රුක් ඉතා බොහෝවේ නම් ‘තොපගේ රුක් බොහෝ නොවේදැ’යි කියයුතුය. ඉදින් ‘අතිරෙකය අපට පින්පිණිස වේවා, සඞ්ඝයාට දෙමු’යි කියත්නම් සඞ්ඝයාට දන්වා පිළිගත යුතුය. මහණුන්ගේ වෘක්‍ෂයෝ ඵල දරන්නාහු නමුත් මිනිසුන්ගේ වෘක්‍ෂයෝ ඒතාක් ඵල නොගණිත්ද කිසි ලෙසකිනුත් ඵල නොගණිත්ද වැඩිදවසක් නොයවා ඵල ගන්නාහයි පිළිගත යුතුමය. මිනිසුන්ගේ වෘක්‍ෂයෝ ඵලදරන්නාහු නමුත් මහණුන් අයත් වෘක්‍ෂයෝ ඒතාක් ඵල නොගණිත්ද, ‘තොපගේ වෘක්‍ෂයෝ ඵල දරන්නෝ නොවෙත්දැයි කියයුතුය. ‘ස්වාමීනි’, ගණු මැනැව, අපට පින් වන්නේය’යි දෙත්නම් සඞ්ඝයාට දන්වා පිළිගත යුතුය. මෙසේ ආරාමයෙන් ආරාමය පරිවර්‍තනය කටයුතුය. මේ නයින්ම ආරාමවස්තුවද, විහාරයද විහාරවස්තුවද ආරාමයකින් පරිවර්‍තනය කටයුතුය. මහත්වූ හෝ කුඩාවූ හෝ ආරාම වස්තුවකින් ආරාමය ආරාමවස්තුව විහාරය විහාරවස්තුව පරිවර්‍තනය කටයුතුය.

කථං විහාරෙන විහාරො පරිවත‍්තෙතබ‍්බො? සඞ‍්ඝස‍්ස අන‍්තොගාමෙ ගෙහං හොති, මනුස‍්සානං විහාරමජ‍්ඣෙ පාසාදො, උභොපි අග‍්ඝෙන සමකා, සචෙ මනුස‍්සා තෙන පාසාදෙන තං ගෙහං යාචන‍්ති, සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති. භික‍්ඛූනං චෙ මහග‍්ඝතරං ගෙහං හොති, “මහග‍්ඝතරං අම‍්හාකං ගෙහ”න‍්ති වුත‍්තෙ “කිඤ‍්චාපි මහග‍්ඝතරං, පබ‍්බජිතානං අසාරුප‍්පං, න සක‍්කා තත්‍ථ පබ‍්බජිතෙහි වසිතුං, ඉදං පන සාරුප‍්පං ගණ‍්හථා”ති වදන‍්ති; එවම‍්පි සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති. සචෙ පන මනුස‍්සානං මහග‍්ඝං හොති, “නනු තුම‍්හාකං ගෙහං මහග‍්ඝ”න‍්ති වත‍්තබ‍්බං. “හොතු, භන‍්තෙ, අම‍්හාකං පුඤ‍්ඤං භවිස‍්සති, ගණ‍්හථා”ති වුත‍්තෙ පන සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති. එවං විහාරෙන විහාරො පරිවත‍්තෙතබ‍්බො. එතෙනෙව නයෙන විහාරවත්‍ථුපි ආරාමොපි ආරාමවත්‍ථුපි විහාරෙන පරිවත‍්තෙතබ‍්බං. විහාරවත්‍ථුනා ච මහග‍්ඝෙන වා අප‍්පග‍්ඝෙන වා විහාරවිහාරවත්‍ථුආරාමආරාමවත්‍ථූනි. එවං තාව ථාවරෙන ථාවරපරිවත‍්තනං වෙදිතබ‍්බං.

විහාරයකින් විහාරයක් කෙසේ පරිවර්‍තනය කටයුත්තේද, යත්: ඇතුළුගමෙහි සඞ්ඝයාට අයත් ගෘහයක්වේද, මිනිසුන්ට අයත් ප්‍රාසාදයක් විහාරමද්ධ්‍යයෙහි වේද, ගෙය හා පහය යන දෙකම අගයකරණකොට සමවේද, ඉදින් මිනිස්සු ඒ පහයෙන් ඒ ගෙය ඉල්ලත්ද, ඒ ඉල්ලීම පිළිගැනීම වටියි. මහණුන්ට අයත් ඉතා මාහැඟි ගෙයක් වේනම්, ‘අපගේ ගෙය ඉතා මාහැගියයි කියූ කල්හිද කිසි ලෙසකින් ඉතා මාහැගිගෙය පැවිද්දන්ට සරුප්නොවේ. පැවිද්දන්ට එහි වසන්නට නොහැක්කේය. මේ පහස සරුප්ය ගණු මැනැවැ’යි කියත්ද, මෙසේ ඇති කල්හිද පිළිගැණීම වටියි. මිනිසුන්ගේ ගෙය මාහැගිවේනම්, ‘තොපගේ ගෙය මාහැගි නොවේදැ’යි කියයුතුය. ‘ස්වාමීනි’, වේවා, අපට පින්වන්නේය, ගණු මැනැවැයි කියූ කල්හි පිළිගත යුතුය. මෙසේ විහාරයෙන් විහාරය පරිවර්‍තනය කටයුතුය. මේ නයින්ම විහාරවස්තුවද ආරාමයද ආරාමවස්තුවද විහාරයකින් පරිවර්‍තනය කටයුතුය. මේ නයින්ම විහාරවස්තුවද ආරාමයද ආරාමවස්තුවද විහාරයකින් පරිවර්‍තනය කටයුතුය. මාහැඟි වූ හෝ මදක් අගනාවු හෝ විහාරවස්තුවකින්ද විහාරය විහාරවස්තුව ආරාමය ආරාමවස්තුව යන මොවුහු පරිවර්‍තනය කටයුතුය. මෙසේ වනාහි ස්ථාවරදෙයකින් ස්ථාවර දෙයක් පරිවර්‍තනය කිරීම දතයුතුය.

ගරුභණ‍්ඩෙන ගරුභණ‍්ඩපරිවත‍්තනෙ පන මඤ‍්චපීඨං මහන‍්තං වා හොතු ඛුද‍්දකං වා, අන‍්තමසො චතුරඞ‍්ගුලපාදකං වා ගාමදාරකෙහි පංස‍්වාගාරකෙසු කීළන‍්තෙහි කතම‍්පි සඞ‍්ඝස‍්ස දින‍්නකාලතො පට‍්ඨාය ගරුභණ‍්ඩං හොති. සචෙපි රාජරාජමහාමත‍්තාදයො එකප‍්පහාරෙනෙව මඤ‍්චසතං වා මඤ‍්චසහස‍්සං වා දෙන‍්ති, සබ‍්බෙ කප‍්පියමඤ‍්චා සම‍්පටිච‍්ඡිතබ‍්බා, සම‍්පටිච‍්ඡිත්‍වා වුඩ‍්ඪපටිපාටියා “සඞ‍්ඝිකපරිභොගෙන පරිභුඤ‍්ජථා”ති දාතබ‍්බා, පුග‍්ගලිකවසෙන න දාතබ‍්බා. අතිරෙකමඤ‍්චෙ භණ‍්ඩාගාරාදීසු පඤ‍්ඤපෙත්‍වා පත‍්තචීවරං නික‍්ඛිපිතුම‍්පි වට‍්ටති. බහිසීමාය “සඞ‍්ඝස‍්ස දෙමා”ති දින‍්නමඤ‍්චො සඞ‍්ඝත්‍ථෙරස‍්ස වසනට‍්ඨානෙ දාතබ‍්බො. තත්‍ථ චෙ බහූ මඤ‍්චා හොන‍්ති, මඤ‍්චෙන කම‍්මං නත්‍ථි; යස‍්ස වසනට‍්ඨානෙ කම‍්මං අත්‍ථි, තත්‍ථ “සඞ‍්ඝිකපරිභොගෙන පරිභුඤ‍්ජථා”ති දාතබ‍්බො. මහග‍්ඝෙන සතග‍්ඝනකෙන වා සහස‍්සග‍්ඝනකෙන වා සතසහස‍්සග‍්ඝනකෙන වා මඤ‍්චෙන අඤ‍්ඤං මඤ‍්චසතං ලභති, පරිවත‍්තෙත්‍වා ගහෙතබ‍්බං. න කෙවලං මඤ‍්චෙන මඤ‍්චොයෙව, ආරාමආරාමවත්‍ථුවිහාරවිහාරවත්‍ථුපීඨභිසිබිම‍්බොහනානිපි පරිවත‍්තෙතුං වට‍්ටන‍්ති. එස නයො පීඨභිසිබිම‍්බොහනෙසුපි. එතෙසු හි කප‍්පියාකප්‍යියං වුත‍්තනයමෙව. තත්‍ථ අකප‍්පියං න පරිභුඤ‍්ජිතබ‍්බං, කප‍්පියං සඞ‍්ඝිකපරිභොගෙන පරිභුඤ‍්ජිතබ‍්බං. අකප‍්පියං වා මහග‍්ඝං කප‍්පියං වා පරිවත‍්තෙත්‍වා වුත‍්තවත්‍ථූනි ගහෙතබ‍්බානි. අගරුභණ‍්ඩුපගං පන භිසිබිම‍්බොහනං නාම නත්‍ථි.

ගරුභාණ්ඩයෙන් ගරුභාණ්ඩයක් පරිවර්‍තනය කිරීමෙහිදී ඇඳපුටු මහත් හෝ වේවා, කුඩා එකක් හෝ වේවා, යටත් පිරිසෙයින් පස්ගෙවල ක්‍රීඩාකරණ ගම් දරුවන් විසින් කරණලද සතරඟුල් පාඇති ඇඳපුටු හෝ සඞ්ඝයාට දුන් කාලයෙහි පටන් ගරුභාණ්ඩය වේ. රජරජමහඇමැති ආදීහු එක්වටම ඇඳන් සියයක් හෝ ඇඳන් දහසක් හෝ දෙත්ද, සියලු කැප ඇඳ පිළිගතයුතුය. පිළිගෙන වැඩිමහලු පිළිවෙළින් ‘සඞ්ඝිකපරිභොගයෙන් පරිභොග කරහුයි දියයුතුය. පෞද්ගලික වශයෙන් නොදිය යුතුය. වැඩි ඇඳ භාණ්ඩාගාරාදියෙහි පණවා පාසිවුරු තැබීම වටියි. සීමාවෙන් පිටතදී සඞ්ඝයාට දෙමු’යි දෙනලද ඇඳ සඞ්ඝ ස්ථවිරයන් වසන තැනට දියයුතුය. එහි ඇඳන් බොහෝ වේනම් ඇඳෙන් වැඩක් නැත්තේනම් යමකු වසන තැනට වැඩක් වේනම් ‘සඞ්ඝිකපරිභොගයෙන් පරිභොග කරවු’යි එතැනට දියයුතුය. මහැගියෙන් සියයක් අගනාවූ හෝ දහසක් අගනාවූ හෝ ඇඳකින් අන් ඇඳන් සියයක් ලැබේද, පරිවර්‍තනය කොට ගතයුතුය. හුදෙක් ඇඳකින් ඇඳක්ම නොවේ. ආරාම ආරාමවස්තු විහාරවිහාරවස්තු පීඨ භිසි බිම්බොහනාදියෙහිද මේනයම වේ. මොවුන් අතුරෙහිද කැප අකැපයද කියනලද නයමය. එහි අකැපය පරිභොග නොකටයුතුය. කැපය සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කටයුතුය. අකැපයක් හෝ මාහැඟි කැපයක් හෝ පරිවර්‍තනය කොට කියූ වස්තූහු ගතයුත්තාහ. ගරු බඩු ගණනට නොයන භිසි බිම්බොනයක් නම් නැත්තේය.

ලොහකුම‍්භී ලොහභාණකං ලොහකටාහන‍්ති ඉමානි තීණි මහන‍්තානි වා හොන‍්තු ඛුද‍්දකානි වා අන‍්තමසො පසතමත‍්තඋදකගණ‍්හනකානිපි ගරුභණ‍්ඩානියෙව. ලොහවාරකො පන කාළලොහතම‍්බලොහවට‍්ටලොහකංසලොහානං යෙන කෙනචි කතො සීහළදීපෙ පාදගණ‍්හනකො භාජෙතබ‍්බො. පාදො ච නාම මගධනාළියා පඤ‍්චනාළිමත‍්තං ගණ‍්හාති, තතො අධිකගණ‍්හනකො ගරුභණ‍්ඩං. ඉමානි තාව පාළියං ආගතානි ලොහභාජනානි.

ලොහොසැළ බොහෝදිය ගන්නා ලොහොසැළ ලොහො කටාහ යන මේ තුන මහත් හෝ කුඩා හෝ වේවා, යටත්පිරිසෙයින් කාලක් පමණ දිය ගන්නාහු වෙත්ද, ගරුබඩුම වෙත්. ලොහොකළය වනාහි කලුලෝහ, තඹ ලෝහ, වටලෝහ, කස්ලෝහ යන මොවුන්ගෙන් යම්කිසිවකින් කරණලද්දේ සිංහලද්වීපයෙහි පාදයක් ගන්නා කළය බෙදියයුතුය. පාදය වනාහි මගධ නැළියෙන් නැළිපහක් පමණ ගන්නේය. ඉන් වැඩියක් ගන්නා බඳුන ගරු භාණ්ඩයයි. මේ භාණ්ඩයෝ වනාහි පෙළෙහි ආලොහොබඳුන්ය.

පාළියං පන අනාගතානිපි භිඞ‍්ගාරපටිග‍්ගහඋළුඞ‍්කදබ‍්බිකටච‍්ඡුපාතිතට‍්ටකසරකසමුග‍්ගඅඞ‍්ගාරකපල‍්ලධූමකටච‍්ඡුආදීනි ඛුද‍්දකානි වා මහන‍්තානි වා සබ‍්බානි ගරුභණ‍්ඩානි. පත‍්තො, අයථාලකං, තම‍්බලොහථාලකන‍්ති ඉමානි පන භාජනීයානි. කංසලොහවට‍්ටලොහභාජනවිකති සඞ‍්ඝිකපරිභොගෙන වා ගිහිවිකටා වා වට‍්ටති, පුග‍්ගලිකපරිභොගෙන න වට‍්ටති. කංසලොහාදිභාජනං සඞ‍්ඝස‍්ස දින‍්නම‍්පි හි පාරිහාරියං න වට‍්ටති. “ගිහිවිකටනිහාරෙනෙව පරිභුඤ‍්ජිතබ‍්බ”න‍්ති මහාපච‍්චරියං වුත‍්තං.

පෙළෙහි නොආවාවූ කෙණ්ඩිකොරහ කෙණෙස්ස සැන්ද මහහැන්ද තලි තැටි මලා සුමුගු අඟුරුකබල, දුම්ළොසු ආදීවූ මොවුහු කුඩාවූ හෝ මහත්වූ හෝ වෙත්ද, සියල්ලෝ ගරුභාණ්ඩයහ. පාත්‍රය යකඩින් කළ තළු තඹ ලෝහයෙන් කළ තළු යන මොවුහු බෙදිය යුත්තාහ. කස්ලෝහ වටලෝහ යන මෙයින් කළ භාජනවිකෘති ගිහිසතුවූවා හෝ සඞ්ඝිකපරිභොගයෙන් වටියි. පෞද්ගලික පරිභොගයෙන් නොවටියි. ගිහිසන්තක ව්‍යවහාරයෙන්ම පරිභොග කටයුතුයයි මහාපච්චරියෙහි කියන ලදී.

ඨපෙත්‍වා පන භාජනවිකතිං අඤ‍්ඤස‍්මිම‍්පි කප‍්පියලොහභණ‍්ඩෙ – අඤ‍්ජනී, අඤ‍්ජනිසලාකා, කණ‍්ණමලහරණී, සූචි, පණ‍්ණසූචි, ඛුද‍්දකො, පිප‍්ඵලකො, ඛුද‍්දකං, ආරකණ‍්ටකං, කුඤ‍්චිකා, තාළං, කත‍්තරයට‍්ඨි වෙධකො, නත්‍ථුදානං, භින්‍දිවාලො, ලොහකූටො, ලොහකුට‍්ටි, ලොහගුළො, ලොහපිණ‍්ඩි, ලොහචක‍්කලිකං, අඤ‍්ඤම‍්පි විප‍්පකතලොහභණ‍්ඩං භාජනීයං. ධූමනෙත‍්තඵාලදීපරුක‍්ඛදීපකපල‍්ලකඔලම‍්බකදීපඉත්‍ථිපුරිසතිරච‍්ඡානගතරූපකානි පන අඤ‍්ඤානි වා භිත‍්තිච‍්ඡදනකවාටාදීසු උපනෙතබ‍්බානි, අන‍්තමසො ලොහඛිලකං උපාදාය සබ‍්බානි ලොහභණ‍්ඩානි ගරුභණ‍්ඩානියෙව හොන‍්ති, අත‍්තනා ලද‍්ධානිපි පරිහරිත්‍වා පුග‍්ගලිකපරිභොගෙන න පරිභුඤ‍්ජිතබ‍්බානි, සඞ‍්ඝිකපරිභොගෙන වා ගිහිවිකටානි වා වට‍්ටන‍්ති. තිපුභණ‍්ඩෙපි එසෙව නයො. ඛීරපාසාණමයානි තට‍්ටකසරකාදීනි ගරුභණ‍්ඩානියෙව.

භාජනවිකෘතිය හැර අන්‍යවූද, කප්පිය ලොහභාණ්ඩයෙහි අඳුන්හල අඳුන්කුරය, කන්හැන්දය පන්හිඳය, කුඩාකතුරය, කුඩාවිඳින කටුවය යතුරුතලය, සැරයටිය විදින කටුවය. නාසයෙහි තෙල්වක්කරණ යුගපිලාය. අතින් දමා ගැසියයුතු අවිය ලොහොකුළය, ලොහොකටිය, ලොහො ගුළිය, ලොහො පිඩය, ලොහොකුරය අනිකුදු අඩාල කළ ලොහභාණ්ඩය බෙදියයුතුය. දුම්කෝව හීවැල පහන්රුක පහන්කබල එල්බන පහන ස්ත්‍රී පුරුෂ තිර්‍ය්‍යග්ගතරූප යන මොහුද අන්‍යවූ හෝ බිතු සෙවෙනි කවුළු ආදීන්හි එළවියයුතුවූ යටත් පිරිසෙයින් ලොහොකණුව පටන් සියලු ලොහොබඩු ගරුබඩුම වේ. තමන් විසින් ලද්දාහුද පරිහරණය කොට පෞද්ගලික පරිභොගයෙන් පරිභොගනොකොට යුතුය. සඞ්ඝික පරිභොගයෙන් හෝ ගිහිසතුවූවාහු වටිත්. ඊයමින් කළ බඩුවෙහිද මේනයම වේ. කිරිපහණින් කරණ ලද තටුමාලා ආදීහු ගරුබඩුමය.

ඝටකො පන තෙලභාජනං වා පාදගණ‍්හනකතො අතිරෙකමෙව ගරුභණ‍්ඩං. සුවණ‍්ණරජතහාරකූටජාතිඵලිකභාජනානි ගිහිවිකටානිපි න වට‍්ටන‍්ති, පගෙව සඞ‍්ඝිකපරිභොගෙන වා පුග‍්ගලිකපරිභොගෙන වා. සෙනාසනපරිභොගෙ පන ආමාසම‍්පි අනාමාසම‍්පි සබ‍්බං වට‍්ටති.

කළය වනාහි තෙල්බඳුනක් හෝ මගධ නැළියෙන් නැළි පහකට වැඩියක් ගන්නෙක්ම ගරුභාණ්ඩය නම්වේ. රන්රිදී හරකුළු පලිඟුගල් බඳුන් ගිහිසතුවූවාහුද නොවටිත්. සඞ්ඝික පරිභොගයෙන් හෝ පෞද්ගලික පරිභොගයෙන් පරිභොග නොකටයුතු බව කියනු කිම, සෙනාසනපරිභොගයෙන් ඇල්ලිය යුතුදෙයද නොඇල්ලිය යුතුදෙයද යන සියල්ල වටියි.

වාසිආදීසු යාය වාසියා ඨපෙත්‍වා දණ‍්ඩකට‍්ඨච‍්ඡෙදනං වා උච‍්ඡුතච‍්ඡනං වා අඤ‍්ඤං මහාකම‍්මං කාතුං න සක‍්කා, අයං භාජනීයා. තතො මහත‍්තරී යෙන කෙනචි ආකාරෙන කතා වාසි ගරුභණ‍්ඩමෙව. ඵරසු පන අන‍්තමසො වෙජ‍්ජානං සිරාවෙධනඵරසුපි ගරුභණ‍්ඩමෙව. කුඨාරියං ඵරසුසදිසො එව විනිච‍්ඡයො. යා පන ආවුධසඞ‍්ඛෙපෙන කතා, අයං අනාමාසා. කුදාලො අන‍්තමසො චතුරඞ‍්ගුලමත‍්තොපි ගරුභණ‍්ඩමෙව. නිඛාදනං චතුරස‍්සමුඛං වා හොතු දොණිමුඛං වා වඞ‍්කං වා උජුකං වා, අන‍්තමසො සම‍්මුඤ‍්ජනිදණ‍්ඩකවෙධනම‍්පි දණ‍්ඩබද‍්ධං චෙ, ගරුභණ‍්ඩමෙව. සම‍්මුඤ‍්ජනිදණ‍්ඩඛණනකං පන අදණ‍්ඩකං ඵලමත‍්තමෙව, යං සක‍්කා සිපාටිකාය පක‍්ඛිපිත්‍වා පරිහරිතුං, තං භාජනීයං. සිඛරම‍්පි නිඛාදනෙනෙව සඞ‍්ගහිතං. යෙහි මනුස‍්සෙහි විහාරෙ වාසිආදීනි දින‍්නානි හොන‍්ති, තෙ ච ඝරෙ දඩ‍්ඪෙ වා චොරෙහි වා විලුත‍්තෙ “දෙථ නො, භන‍්තෙ, උපකරණෙ, පුන පාකතිකෙ කරිස‍්සාමා”ති වදන‍්ති, දාතබ‍්බා. සචෙ ආහරන‍්ති , න වාරෙතබ‍්බා; අනාහරන‍්තාපි න චොදෙතබ‍්බා.

වෑ ආදීන් අතුරෙහි යම් වෑයකින් දැහැටි සිඳීම හෝ උක්සිඳීම හෝ තබා අන් මහත්වැඩක් කරන්නට නොහැක්කේද මෙය බෙදිය යුතුය. එයට වඩා මහත්ව යම්කිසි ආකාරයකින් කරණලද වෑය ගරුභාණ්ඩ නමි. පොරොව වනාහි යටත් පිරිසෙයින් වෙදුන්ගේ නහර විදින පොරොවද ගරු බඩුමය. කෙටේරියෙහි පොරොව සමානම විනිශ්චය වේ. යමක් ආයුධ සඞ්ක්‍ෂෙපයෙන් කරණ ලදද එය නොඇල්ලිය යුතුය. උදැල්ල යටත් පිරිසෙයින් සතරඟුල් පමණ ඇත්තේද ගරුබඩුමය. නියන සිවුරුස් මුව ඇත්තේ හෝ වේවා, දිග් පෙට්ටියක් වැනි මුව ඇත්තේ හෝ වේවා. වක්මුව ඇත්තේ හෝ වේවා. නොඇද මුව ඇත්තේ හෝ වේවා, යටත් පිරිසෙයින් මුසුන් දණ්ඩක් විද්දහැකියක්වේද, මිට ගසනලද්දේනම් ගරුබඩුමය. මුසුන්දණ්ඩ විදින කපන නියනමිට රහිත වූයේ තලය පමණක්ම වේද, යමක් මලනොබැඳීම පිණිස කරණලද ඉටිරෙදි පසුම්බියෙහි බහා පරිහරණය කරන්නට හැක්කේද එය බෙදියයුතුය. යකඩ විදින කඩුවද නියනෙන්මම සඞ්ග්‍රහ කරණලද්දේය. යම් මිනිසුන් විසින් විහාරයට වෑ ආදිය දෙන ලද්දාහු වෙත්ද, ඒ මිනිස්සු ගෙය දෑ කල්හි හෝ සොරුන් පැහැර ගත්කල්හි හෝ ‘ස්වාමීනි’ අපට උපකරණ දෙනු මැනැවැ, නැවත ප්‍රකෘතිමත් කරන්නෙමු’යි කියත්නම් දියයුතුය. ඉදින් ගෙණයෙත්නම් නොවැළකිය යුත්තාහ. ගෙණ නොඑන්නාහුද චොදනා නොකටයුත්තාහ.

කම‍්මාරතට‍්ටකාරචුන්‍දකාරනළකාරමණිකාරපත‍්තබන්‍ධකානං අධිකරණිමුට‍්ඨිකසණ‍්ඩාසතුලාදීනි සබ‍්බානි ලොහමයඋපකරණානි සඞ‍්ඝෙ දින‍්නකාලතො පට‍්ඨාය ගරුභණ‍්ඩානි. තිපුකොට‍්ටකසුවණ‍්ණකාරචම‍්මකාරඋපකරණෙසුපි එසෙව නයො. අයං පන විසෙසො – තිපුකොට‍්ටකඋපකරණෙසුපි තිපුච‍්ඡෙදනසත්‍ථකං, සුවණ‍්ණකාරඋපකරණෙසු සුවණ‍්ණච‍්ඡෙදනසත්‍ථකං, චම‍්මකාරඋපකරණෙසු කතපරිකම‍්මචම‍්මඡිද‍්දනකං ඛුද‍්දකසත්‍ථකන‍්ති ඉමානි භාජනීයභණ‍්ඩානි. නහාපිතතුන‍්නකාරඋපකරණෙසුපි ඨපෙත්‍වා මහාකත‍්තරිං මහාසණ‍්ඩාසං මහාපිප‍්ඵලකඤ‍්ච සබ‍්බං භාජනීයං. මහාකත‍්තරිආදීනි ගරුභණ‍්ඩානි.

කඹුරු තටුකරු ලියනවඩු කුළුපොතු මැණික්කරු පාත්‍ර සාදන යන මොවුන්ගේ කිණිහිරිය මිටිය අඩුව තරාදිය යනාදී වූ සියලු ලෝමුවා උපකරණ සඞ්ඝයාට දුන් කාලයෙහි පටන් ගරුභාණ්ඩයහ. ඊයම් තළන උපකරණයන්හිද රන්කරු සොම්මරු උපකරණයන්හිද මේනයම වේ. මේ වෙනසය:- ඊයම් තළන උපකරණයන් අතුරෙහිද රන් සිඳින සැතය, යම්කරු උපකරණයන් අතුරෙහි පිරියම් කළ සම්සිඳින කුඩා සැතය යන මොවුහු බෙදිය යුතු භාණ්ඩයෝය. කරණැමි සන්නාලි උපකරණයන් අතුරෙහිද මහකතුර තබා මහඅඩුව හා මහකතුරද යන සියල්ල බෙදිය යුතුය. මහාකතුරු ආදීහු ගරුභාණ්ඩ වෙත්.

වල‍්ලිආදීසු වෙත‍්තවල‍්ලිආදිකා යා කාචි අඩ‍්ඪබාහුප‍්පමාණා වල‍්ලි සඞ‍්ඝස‍්ස දින‍්නා වා තත්‍ථජාතකා වා රක‍්ඛිතගොපිතා ගරුභණ‍්ඩං හොති, සා සඞ‍්ඝකම‍්මෙ ච චෙතියකම‍්මෙ ච කතෙ සචෙ අතිරෙකා හොති, පුග‍්ගලිකකම‍්මෙපි උපනෙතුං වට‍්ටති; අරක‍්ඛිතා පන ගරුභණ‍්ඩමෙව න හොති. සුත‍්තමකචිවාකනාළිකෙරහීරචම‍්මමයා රජ‍්ජුකා වා යොත‍්තානි වා වාකෙ ච නාළිකෙරහීරෙ ච වට‍්ටෙත්‍වා කතා එකවට‍්ටා වා ද‍්විවට‍්ටා වා සඞ‍්ඝස‍්ස දින‍්නකාලතො පට‍්ඨාය ගරුභණ‍්ඩං. සුත‍්තං පන අවට‍්ටෙත්‍වා දින‍්නං මකචිවාකනාළිකෙරහීරා ච භාජනීයා. යෙහි පනෙතානි රජ‍්ජුකයොත‍්තාදීනි දින‍්නානි හොන‍්ති, තෙ අත‍්තනො කරණීයෙන හරන‍්තා න වාරෙතබ‍්බා.

වැල් ආදීන් අතුරෙහි වේවැල් ආදී වූ යම්කිසි බාහු අඩක් පමණ වූ වැලක් සඞ්ඝයාට දෙනලද්දී හෝ වේද, ඒ සඞ්ඝික භූමියෙහි හෝ හටගත්තීද, රක්නාලද්දීද, ගරුභාණ්ඩ වේ. ඒ වැල සඞ්ඝකර්‍මද චෛත්‍යකර්‍මද කළ කල්හි ඉදින් ඉතිරිවන්නීද, පෞද්ගලික කර්‍මාන්තයන්හිද, එළැවීම කළහැකිය. නොරක්නාලද්දී ගරුභාණ්ඩම නොවේ. හූ නියද වැහැරි පොල් ඉරටු සම්මුවා රැහන් හෝ සම්මුවා යොත් හෝ වැහැරියෙන් හෝ පොල් ඉරටුවෙන් වටකොට කරණලද එක් පටක් හෝ දෙපටක් ඇත්තී සඞ්ඝයාට දුන් කාලයෙහි පටන් ගරුභාණ්ඩ වේ. හූවට නොකොට දෙනලද්දද නියඳවැහැරි හා පොල් ඉරටුද බෙදිය යුතුය. යම්කෙනකුන් විසින් මේ රැහන්යොත් ආදීහු දෙන ලද්දාහු වෙත්ද, ඔවුහු තමන්ගේ කටයුතු පිණිස ගෙන යන්නාහු නොවැළකිය යුත්තාහ.

යො කොචි අන‍්තමසො අට‍්ඨඞ‍්ගුලසූචිදණ‍්ඩමත‍්තොපි වෙළු සඞ‍්ඝස‍්ස දින‍්නො වා තත්‍ථජාතකො වා රක‍්ඛිතගොපිතො ගරුභණ‍්ඩං, සොපි සඞ‍්ඝකම‍්මෙ ච චෙතියකම‍්මෙ ච කතෙ අතිරෙකො පුග‍්ගලිකකම‍්මෙ දාතුං වට‍්ටති. පාදගණ‍්හනකතෙලනාළි පන කත‍්තරයට‍්ඨි, උපාහනදණ‍්ඩකො, ඡත‍්තදණ‍්ඩො, ඡත‍්තසලාකාති ඉදමෙත්‍ථ භාජනීයභණ‍්ඩං. දඩ‍්ඪගෙහමනුස‍්සා ගණ‍්හිත්‍වා ගච‍්ඡන‍්තා න වාරෙතබ‍්බා. රක‍්ඛිතගොපිතං වෙළුං ගණ‍්හන‍්තෙන සමකං වා අතිරෙකං වා ථාවරං අන‍්තමසො තංඅග‍්ඝනකම‍්පි ඵාතිකම‍්මං කත්‍වා ගහෙතබ‍්බො . ඵාතිකම‍්මං අකත්‍වා ගණ‍්හන‍්තෙන තත්‍ථෙව වළඤ‍්ජෙතබ‍්බො , ගමනකාලෙ සඞ‍්ඝිකාවාසෙ ඨපෙත්‍වා ගන‍්තබ‍්බං. අසතියා ගහෙත්‍වා ගතෙන පහිණිත්‍වා දාතබ‍්බො. දෙසන‍්තරං ගතෙන සම‍්පත‍්තවිහාරෙ සඞ‍්ඝිකාවාසෙ ඨපෙතබ‍්බො.

යටත් පිරිසයින් දිගින් අටඟුල් පමණවූ වටින් ලියනදණ්ඩක් පමණ වූ යම්කිසි හුණයෙක් සඞ්ඝයාට දෙනලද්දේ වේද, එහි සඞ්ඝික භූමියෙහි හටගත්තෙක් හෝ වේද, රක්‍ෂිත ගොපිත වූයේම ගරුභාණ්ඩ වේ. භෙද සඞ්ඝකර්‍මාන්තය චෛත්‍ය කර්‍මාන්තද කළකල්හි ඉතිරිය පෞද්ගලික කර්‍මාන්ත පිණිස දීම වටියි. පාදයක් තෙල් ගන්නාතුලාවද කතුරුයටද වහන් ගෙනයන දණ්ඩද කුඩ දණ්ඩද කුඩනනද යන මෙය මෙහි බෙදියයුතු භාණ්ඩ වේ. දැවුනු ගේ ඇති මිනිස්සු ගෙනයන්නාහුද, නොවැළකිය යුතුය. රක්නාලද ගොපනය කරණලද හුණදඬු ගන්නහු විසින් සමවූ හෝ වැඩි වූ හෝ ස්ථාවර වස්තුවක් යටත්පිරිසෙයින් ඒ අගනා වැලියෙනුදු වැඩීම්කම්කොට ගතයුතුය. වැඩීම් කම්නොකොට ගන්නහු විසින් සඞ්ඝිකාරාමය තුළදීම ප්‍රයොජනයට ගතයුතුය යනකල්හි සඞ්ඝිකාවාසයෙහි තබා යායුතුය. නොසිහියෙන් ගෙණ යන්නහු විසින් එවා දිය යුතුය. දේශාන්තරයට ගියහු විසින් පැමිණි වෙහෙරෙක සඞ්ඝිකාවාසයෙක්හි තැබිය යුතුය.

තිණන‍්ති මුඤ‍්ජං පබ‍්බජඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං යංකිඤ‍්චි තිණං. යත්‍ථ පන තිණං නත්‍ථි, තත්‍ථ පණ‍්ණෙහි ඡාදෙන‍්ති; තස‍්මා පණ‍්ණම‍්පි තිණෙනෙව සඞ‍්ගහිතං. ඉති මුඤ‍්ජාදීසු යංකිඤ‍්චි මුට‍්ඨිප‍්පමාණම‍්පි තිණං තාලපණ‍්ණාදීසු ච එකං පණ‍්ණම‍්පි සඞ‍්ඝස‍්ස දින‍්නං වා තත්‍ථජාතකං වා බහාරාමෙ සඞ‍්ඝස‍්ස තිණවත්‍ථුතො ජාතතිණං වා රක‍්ඛිතගොපිතං ගරුභණ‍්ඩං හොති, තම‍්පි සඞ‍්ඝකම‍්මෙ ච චෙතියකම‍්මෙ ච කතෙ අතිරෙකං පුග‍්ගලිකකම‍්මෙ දාතුං වට‍්ටති. දඩ‍්ඪගෙහමනුස‍්සා ගහෙත්‍වා ගච‍්ඡන‍්තා න වාරෙතබ‍්බා. අට‍්ඨඞ‍්ගුලප‍්පමාණොපි රිත‍්තපොත්‍ථකො ගරුභණ‍්ඩමෙව.

“තිණං” මුදුතණ බබුස්තණ හැර සෙසු යම්කිසි තෘණයෙකි. යම් තැනෙක තෘණ නැත්තේද එහි කොළවලින් සෙවිලිකරත්. එහෙයින් කොළද තෘණයෙන්ම සඞ්ග්‍රහ කරණලද්දේය. මෙසේ මුදුතණ ආදීන් අතුරෙහි මිටක් පමණ වූ යම්කිසි තෘණයක්ද තල්පත් ආදීන් අතුරෙහි එක් පතක්ද සඞ්ඝයාට දෙන ලද්දේ හෝ වේද, සඞ්ඝික භූමියක හටගත්තක් හෝ වේද, ආරාමයෙන් පිටත සඞ්ඝයාගේ තණ හටගන්නා බිමක හටගත්තක් හෝ රක්නාලද්දේ ගොපනය කරණලද්දේ ගරු භාණ්ඩ වේ. එද සඞ්ඝයා පිළිබඳ කර්‍මාන්තය චෛත්‍යය පිළිබඳ කර්‍මාන්තද කළකල්හි ඉතිරිවූවක් පෞද්ගලික වැඩ සඳහා දීම වටියි. දැවුනුගේ ඇති මිනිස්සු ගෙණ යන්නාහුද නොවැළකිය යුත්තාහ. දිගින් අටඟුල් පමණවූද, නොලියන ලද පොත ගරු භාණ්ඩමය.

මත‍්තිකා පකතිමත‍්තිකා වා හොතු පඤ‍්චවණ‍්ණා වා සුධා වා සජ‍්ජුරසකඞ‍්ගුට‍්ඨසිලෙසාදීසු වා යංකිඤ‍්චි, දුල‍්ලභට‍්ඨානෙ ආනෙත්‍වා වා දින‍්නං තත්‍ථජාතකං වා රක‍්ඛිතගොපිතං තාලඵලපක‍්කමත‍්තං ගරුභණ‍්ඩං හොති. තම‍්පි සඞ‍්ඝකම‍්මෙ ච චෙතියකම‍්මෙ ච නිට‍්ඨිතෙ අතිරෙකං පුග‍්ගලිකකම‍්මෙ දාතුං වට‍්ටති. හිඞ‍්ගුහිඞ‍්ගුලකහරිතාලමනොසිලඤ‍්ජනානි පන භාජනීයභණ‍්ඩානි.

මැටි පියවිමැටි හෝ වේවා, පස් පැහැති මැටි හෝ වේවා, සුණු හෝ වේවා, දුම්මල කුංකුළු මැලියම් ආදීන් අතුරෙහි යම් කිසිවක් ගෙණවුත් දුර්‍ලභ ස්ථානයකට ගෙනලද්දේ හෝ වේද, ඒ සඞ්ඝික විහාරයෙක හටගත්තක් හෝ රක්නාලද්දේ ගොපනය කරණලද්දේ තල්ගෙඩියක් පමණවූයේ ගරුභාණ්ඩ වේ. භෙද සඞ්ඝයා පිළිබඳ කර්‍මාන්තත් චෛත්‍යය පිළිබඳ කර්‍මාන්තත් නිමිකල්හි ඉතිරිය පෞද්ගලික කර්‍මාන්ත පිණිසදීම වටියි. පෙරුම්කායම් හිඟුලිය සිරියල් මනොසීල අඳුන් යන මොවුහු බෙදිය යුතු භාණ්ඩයෝය.

දාරුභණ‍්ඩෙ යො කොචි අට‍්ඨඞ‍්ගුලසූචිදණ‍්ඩමත‍්තොපි දාරුභණ‍්ඩකො දාරුදුල‍්ලභට‍්ඨානෙ සඞ‍්ඝස‍්ස දින‍්නො වා තත්‍ථජාතකො වා රක‍්ඛිතගොපිතො, අයං ගරුභණ‍්ඩං හොතීති කුරුන්‍දියං වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන සබ‍්බම‍්පි දාරුවෙළුචම‍්මපාසාණාදිවිකතිං දාරුභණ‍්ඩෙන සඞ‍්ගණ‍්හිත්‍වා “තෙන ඛො පන සමයෙන සඞ‍්ඝස‍්ස ආසන්‍දිකො උප‍්පන‍්නො හොතී”ති ඉතො පට‍්ඨාය දාරුභණ‍්ඩවිනිච‍්ඡයො වුත‍්තො.

දාරුභාණ්ඩ අතුරෙහි අටඟුල් ලියන දණ්ඩක් පමණවූද, යම්කිසි දාරුභාණ්ඩයක් දැව නොලැබිය හැකි සඞ්ඝයාට දෙන ලද්දේ හෝ වේවා. ඒ සඞ්ඝිකාරාමයෙක හටගත්තේ හෝ වේවා රක්‍ෂිත ගොපිත වූයේ නම් ගරුභාණ්ඩවේයයි කුරුන්‍දියෙහි කියන ලදී. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි සියලුම දැව හුණ සම් ගල් යන මේ ආදීන්ගේ විකෘති දැවබඩුවෙන් සඞ්ග්‍රහකොට “තෙන ඛො පන සමයෙන සඞ්ඝස්ස ආසන්‍දිකො උප්පන්නො හොති”යි යන මෙතැන් පටන් දාරුභණ්ඩ විනිශ්චය කියනලද්දේය.

තත්‍රායං අත්‍ථුද‍්ධාරො, ආසන්‍දිකො, සත‍්තඞ‍්ගො, භද‍්දපීඨං, පීඨිකා, එළකපාදකපීඨං, ආමලකවට‍්ටකපීඨං, ඵලකං, කොච‍්ඡං, පලාලපීඨකන‍්ති ඉමෙසු තාව යංකිඤ‍්චි ඛුද‍්දකං වා හොතු මහන‍්තං වා, සඞ‍්ඝස‍්ස දින‍්නං ගරුභණ‍්ඩං හොති. පලාලපීඨෙන චෙත්‍ථ කදලිපත‍්තාදිපීඨානිපි සඞ‍්ගහිතානි. බ්‍යග‍්ඝචම‍්මඔනද‍්ධම‍්පි වාළරූපපරික‍්ඛිත‍්තං, රතනපරිසිබ‍්බිතං, කොච‍්ඡකං ගරුභණ‍්ඩමෙව.

එහි මේ අර්‍ත්‍ථොද්ධාරයයි. දික්සඟලා පුටුවය. පාසතරක් ඇති තුන් ඇඳි පුටුවය. වේවැලින් කළ පුටුවය. සෙසු දැවයෙන් කළ පුටුවය. එළුසටහන් පා ඇති පුටුවය. කවපුටුවය. පුවරුපුටුවය. වේවැල් පුටුවය. පිදුරුවලින් කළපුටුවය යන මොවුන් අතුරෙහි වනාහි යම්කිසි කුඩාවූවෙක් හෝ මහත්වූවෙක් හෝ වේවා, සඞ්ඝයාට දෙන ලද්ද ගරුභාණ්ඩය වේ. පිදුරෙන් කළ පුටු මෙන්ම මෙහි කෙහෙල්පත් ආදියෙන් කළපුටුද සඞ්ග්‍රහ කරණලද්දාහු වෙති. ව්‍යාඝ්‍ර සමින් වෙළන ලද්දාවූද ව්‍යාලරූපයෙන් පරික්‍ෂිප්ත වූ රන්හුයින් මසන ලද භද්‍රපීඨය ගරුභාණ්ඩම වේ. වක්වූ පුවරුය,

වඞ‍්කඵලකං, දීඝඵලකං, චීවරධොවනඵලකං, ඝට‍්ටනඵලකං, ඝට‍්ටනමුග‍්ගරො, දන‍්තකට‍්ඨච‍්ඡෙදනගණ‍්ඨිකා, දණ‍්ඩමුග‍්ගරො, අම‍්බණං, රජනදොණි, උදකපටිච‍්ඡකො, දාරුමයො වා දන‍්තමයො වා වෙළුමයො වා සපාදකොපි අපාදකොපි සමුග‍්ගො, මඤ‍්ජූසා, පාදගණ‍්හනකතො අතිරෙකප‍්පමාණො කරණ‍්ඩො, උදකදොණි, උදකකටාහං, උළුඞ‍්කො, කටච‍්ඡු, පානීයසරාවං, පානීයසඞ‍්ඛොති එතෙසුපි යංකිඤ‍්චි සඞ‍්ඝෙ දින‍්නං ගරුභණ‍්ඩං. සඞ‍්ඛථාලකං පන භාජනීයං, තථා දාරුමයො උදකතුම‍්බො.

දික්වූ පුවරුය. සිවුරු දෝනා පුවරුය. සිවුරුගටනා පුවරුය. සිවුරු ගටනා මුගුරුය. දැහැටි තළන කොලොඹුවය. සිවුරියන් දඩුමුගුවරය, නැවය, පුවරුකඩින් පොකුණ ආකාරයෙන් කළ පැන්බඳුනය. රඳන් දෙණය, පැන්ගන්නා බඳුනය. දැවමුවාවූ හෝ දත්මුවාවූ හෝ හුණමුවා වූ හෝ පාසහිතවූද පාරහිතවූද සුමුගුය. දෙණ පෙට්ටිය, මගධ නැළියෙන් නැළිපසකට වඩා දියගන්නා කරඬුවය, පැන්වක්කර තබන දෙණය, පැන් ගන්නා කටාහය. කිණිස්ස, සැන්දය. පැන්මලාය. පැන්සකය යන මොවුන් අතුරෙහි යම්කිසිවක් සඞ්ඝයාට දෙන ලද්දේ ගරුභාණ්ඩ වේ. සක්තලුව වනාහි බෙදියයුතුය. එසේ දැවමුවා මහසැළද

පාදකථලිකමණ‍්ඩලං දාරුමයං වා හොතු චොළපණ‍්ණාදිමයං වා සබ‍්බං ගරුභණ‍්ඩං. ආධාරකො පත‍්තපිධානං, තාලවණ‍්ටං, බීජනී, චඞ‍්කොටකං, පච‍්ඡි, යට‍්ඨිසම‍්මුඤ‍්ජනී මුට‍්ඨිසම‍්මුඤ‍්ජනීති එතෙසුපි යංකිඤ‍්චි ඛුද‍්දකං වා මහන‍්තං වා දාරුවෙළුපණ‍්ණචම‍්මාදීසු යෙන කෙනචි කතං ගරුභණ‍්ඩමෙව.

පාදකඨලික මණ්ඩලය දැවයෙන් කරණ ලද්දේ වේවයි වස්ත්‍ර පර්‍ණදියෙන් කරණලද්දේ හෝ වේවයි සියල්ල ගරුභාණ්ඩ වේ. පාත්‍රාධාරකය, පාපියනය, තල්වැටය, විජිනිය, කරඬුවය, පැසය, යටය, මුසුන් මිටය, මුස්නය යන මොවුන් අතුරෙහි යම් කිසිවක් කුඩාවූයේ හෝ මහත්වූයේ හෝ දැව හුණපත්සම් ආදීන් අතුරෙහි යම් කිසිවකින් කරණලද්දේ ගරුභාණ්ඩම වේ.

ථම‍්භතුලාසොපානඵලකාදීසු දාරුමයං වා පාසාණමයං වා යංකිඤ‍්චි ගෙහසම‍්භාරරූපං, යො කොචි කටසාරකො, යංකිඤ‍්චි භූමත්‍ථරණං, යංකිඤ‍්චි අකප‍්පියචම‍්මං, සබ‍්බං සඞ‍්ඝෙ දින‍්නං ගරුභණ‍්ඩං, භූමත්‍ථරණං කාතුං වට‍්ටති. එළකචම‍්මං පන පච‍්චත්‍ථරණගතිකං හොති, තම‍්පි ගරුභණ‍්ඩමෙව. කප‍්පියචම‍්මානි භාජනීයානි. කුරුන්‍දියං පන “සබ‍්බං මඤ‍්චප‍්පමාණං චම‍්මං ගරුභණ‍්ඩ”න‍්ති වුත‍්තං.

ටැඹ තලාඳ හිණිපුවරු ආදීන් අතුරෙහි දැවයෙන් කරණලද්දාවූ හෝ ගලින් කරණලද්දා වූ හෝ යම්කිසි ගෘහසම්භාර රූපයක් වේද, යම්කිසි කළාලයක්වේද, බිම ඇතිරිය යුතුවූ යම්කිසි පලසක් වේද, යම්කිසි අකැප මසක්වේද, ඒ සියල්ල සඞ්ඝයාට දෙන ලද්දේ ගරුභාණ්ඩ වේ. බුමුතුරුණු කිරීම වටියි. තෙල්සම පච්චත්‍ථරණ ගතික වේ. එද ගරුභාණ්ඩමය වේ. කැපසම් බෙදිය යුතුය. කුරුන්‍දියෙහි වනාහි සියලු ඇඳ පමණ සම් ගරුභාණ්ඩැයි කියනලදී.

උදුක‍්ඛලං, මුසලං, සුප‍්පං, නිසදං, නිසදපොතො, පාසාණදොණි, පාසාණකටාහං, තුරිවෙමභස‍්තාදි සබ‍්බං පෙසකාරාදිභණ‍්ඩං, සබ‍්බං කසිභණ‍්ඩං, සබ‍්බං චක‍්කයුත‍්තකයානං ගරුභණ‍්ඩමෙව. මඤ‍්චපාදො , මඤ‍්චඅටනී, පීඨපාදො, පීඨඅටනී, වාසිඵරසුආදීනං දණ‍්ඩාති එතෙසු යංකිඤ‍්චි විප‍්පකතතච‍්ඡනකම‍්මං අනිට‍්ඨිතමෙව භාජනීයං, තච‍්ඡිතමට‍්ඨං පන ගරුභණ‍්ඩං හොති. අනුඤ‍්ඤාතවාසියා පන දණ‍්ඩො ඡත‍්තමුට‍්ඨිපණ‍්ණං කත‍්තරයට‍්ඨි උපාහනා අරණිසහිතං ධම‍්මකරණො පාදගණ‍්හනකතො අනතිරිත‍්තං ආමලකතුම‍්බං ආමලකඝටො ලාබුකතුම‍්බං ලාබුඝටො විසාණකතුම‍්බන‍්ති සබ‍්බමෙතං භාජනීයං, තතො මහන‍්තතරං ගරුභණ‍්ඩං.

වනය, මෝලය, කුල්ලය, අඹරණ මහගලය, අඹරණ දරුගලය. ගල්ඔරුවය. ගල්කටාහය, අළුවය, වේමය. පසුම්බිය යන සියලු පෙසකාරාදී වූ භාණ්ඩද සියලු කෘෂිභාණ්ඩද සියලු සක්යෙදූ යානද ගරුභාණ්ඩමය. ඇඳපාය ඇඳවතය පුටුපාය පුටුවතය. වෑපොරෝ ආදීන්ගේ දඬුය යන මොවුන් අතුරෙහි යම්කිසි නොනිමි සැසුම්කම් ඇති සැස නොනිමියක්මවේද ඒ බඩු බෙදියයුතුය. සැස ඔපමට්ටම් කරණලද්දේ වනාහි ගරුභාණ්ඩ වේ. අනුදත් වැයෙහි දණ්ඩද, පර්‍ණතාලාදීවූ ඡත්‍රද මිටි තල්පතද සැරයටියද වහන්ද මෝල සහිත ගිනිගානා දණ්ඩද ඩබරාවද මගධ නැළියෙන් පස්නැළියක් දිය ගන්නා බඳුනෙහි පටන් නොවැඩිවූ ඇඹුලු කල්කයෙන් කළ බඳුනද ඇඹුලුයෙන් කළ කළයද ලබුගෙඩියෙන් කළ බඳුනද, ලබුකළයද ගවරඅං ආදියෙන් කළ බඳුනද යන මේ සියල්ල බෙදියයුතුය. එයට වඩා මහත්වූයේ ගරුභාණ්ඩ වේ.

හත්‍ථිදන‍්තො වා යංකිඤ‍්චි විසාණං වා අතච‍්ඡිතං යථාජාතමෙව භාජනීයං, තෙහි කතමඤ‍්චපාදාදීසු පුරිමසදිසොයෙව විනිච‍්ඡයො. තච‍්ඡිතනිට‍්ඨිතොපි හිඞ‍්ගුකරණ‍්ඩකො අඤ‍්ජනකරණ‍්ඩකො ගණ‍්ඨිකා විධො අඤ‍්ජනී අඤ‍්ජනිසලාකා උදකපුඤ‍්ඡනීති ඉදං සබ‍්බං භාජනීයමෙව.

ඇත්දතක් හෝ යම්කිසි අඟෙක් හෝ නොසස්නා ලද්දේ තිබුනුසේම වේද, බෙදිය යුතුය. ඒ දන්තයෙන් හා අඟින් කළ ඇදපා ඇඳවත් ආදීන්හි විනිශ්චය පෙරසේම වේ. සැස නිමවනලද්දාවූද හිඟුකරඬුවද අඳුන් කරඬුවද සඟළසිවුරේ ඔබන ගැටද පටිමුවවිට තබන වීඨයද අඳුන්නලද අඳුකුරද දියපිස්නාවද යන මේ සියල්ල බෙදිය යුත්තේමය.

මත‍්තිකාභණ‍්ඩෙ සබ‍්බං මනුස‍්සානං උපභොගපරිභොගං ඝටපිඨරාදිකුලාලභාජනං පත‍්තකටාහං අඞ‍්ගාරකටාහං ධූමදානකං දීපරුක‍්ඛකො දීපකපල‍්ලිකා චයනිට‍්ඨකා ඡදනිට‍්ඨකා ථූපිකාති සඞ‍්ඝස‍්ස දින‍්නකාලතො පට‍්ඨාය ගරුභණ‍්ඩං, පාදගණ‍්හනකතො අනතිරිත‍්තප‍්පමාණො පන ඝටකො පත‍්තං ථාලකං කඤ‍්චනකො කුණ‍්ඩිකාති ඉදමෙත්‍ථ භාජනීයභණ‍්ඩං. යථා ච මත‍්තිකාභණ‍්ඩෙ; එවං ලොහභණ‍්ඩෙපි කුණ‍්ඩිකා භාජනීයකොට‍්ඨාසමෙව භජතීති අයමෙත්‍ථ අනුපුබ‍්බිකථා.

මැටි බඳුන් අතුරෙහි මිනිසුන්ට උපභොග පරිභොගවූ සියලු කළ මහසැළි ආදීවූ කුඹල්බඳුන්ද පාත්‍ර පිසනකබලද, අඟුරුකබලද, දුම්දෙන කබලද, පහන්රුකද, පහන්කබලද, බැමි ගඩොල්ද, සෙවෙලිකරණ උළුද, කොත්ද යන මොවුහු සඞ්ඝයාට දුන් කල්හි පටන් ගරුභාණ්ඩ වෙත්. මගධ නැළියෙන් නැළිපසක් දිය ගන්නා කළය පටන් නොවැඩි පමණින් යුත් කළය පාත්‍රය තළුව කොතලය, කෙණ්ඩිය යන මේ භාණ්ඩ මෙහි බෙදියයුතුය. මැටි බඳුනාහි යම්සේද, එසේ ලොහොබඩුවෙහිද, කෙණ්ඩිය බෙදිය යුතු කොටසම බෙදේයයි මෙහි මේ පිළිවෙළකථාය.

අවිස‍්සජ‍්ජියවත්‍ථුකථා නිට‍්ඨිතා.