යෙදුමෙන් කියවන්න

උපනන්‍දවත්‍ථුකථා අට‍්ඨකථා

උපනන්‍දවත්‍ථුකථා

උපනන්දවත්ථුකථා

උපනන්‍දවත්‍ථුස‍්මිං – තත්‍ථ තයා මොඝපුරිස ගහිතං ඉධ මුත‍්තං, ඉධ තයා ගහිතං තත්‍ර මුත‍්තන‍්ති එත්‍ථ අයමත්‍ථො – යං තයා තත්‍ථ සෙනාසනං ගහිතං, තං තෙ ගණ‍්හන‍්තෙනෙව ඉධ මුත‍්තං හොති. “ඉධ දානාහං, ආවුසො, මුඤ‍්චාමී”ති වදන‍්තෙන පන තං තත්‍රාපි මුත‍්තං. එවං ත්‍වං උභයත්‍ථ පරිබාහිරොති.

උපනන්‍ද වස්තුවෙහි - “තත්‍ථ තයා මොඝපුරිස ගහිතං ඉධ මුක්කං තත්‍ර මුක්කං” යන මෙහි මේ අර්‍ත්‍ථය වේ. තා විසින් එහි යම් සෙනාසනයක් ගන්නාලද්දේද, ඉන්පසු ගන්නහු විසින්ම මෙහි මුදනලද්දේ වේ. “ඉධ දානාහං ආවුසො මුඤ්චාමි” ඇවැත්නි, දැන් මෙහි ඒ සෙනාසනය මුදමි’යි කියන්නහු විසින්ද එය එහිද මුදනලදය. මෙසේ යුෂ්මත් තෙමේ දෙතන්හි පරිබාහිර වෙහි.

අයං පනෙත්‍ථ විනිච‍්ඡයො – ගහණෙන ගහණං පටිප‍්පස‍්සම‍්භති, ගහණෙන ආලයො පටිප‍්පස‍්සම‍්භති, ආලයෙන ගහණං පටිප‍්පස‍්සම‍්භති, ආලයෙන ආලයො පටිප‍්පස‍්සම‍්භති. කථං? ඉධෙකච‍්චො වස‍්සූපනායිකදිවසෙ එකස‍්මිං විහාරෙ සෙනාසනං ගහෙත්‍වා සාමන‍්තවිහාරං ගන‍්ත්‍වා තත්‍රාපි ගණ‍්හාති, තස‍්ස ඉමිනා ගහණෙන පුරිමං ගහණං පටිප‍්පස‍්සම‍්භති. අපරො “ඉධ වසිස‍්සාමී”ති ආලයමත‍්තං කත්‍වා සාමන‍්තවිහාරං ගන‍්ත්‍වා තත්‍ථ සෙනාසනං ගණ‍්හාති, තස‍්ස ඉමිනා ගහණෙන පුරිමො ආලයො පටිප‍්පස‍්සම‍්භති. එකො “ඉධ වසිස‍්සාමී”ති සෙනාසනං වා ගහෙත්‍වා ආලයං වා කත්‍වා සාමන‍්තවිහාරං ගන‍්ත්‍වා “ඉධෙව දානි වසිස‍්සාමී”ති ආලයං කරොති, ඉච‍්චස‍්ස ආලයෙන වා ගහණං ආලයෙන වා ආලයො පටිප‍්පස‍්සම‍්භති, සබ‍්බත්‍ථ පච‍්ඡිමෙ ගහණෙ වා ආලයෙ වා තිට‍්ඨති. යො පන “එකස‍්මිං විහාරෙ සෙනාසනං ගහෙත්‍වා අඤ‍්ඤස‍්මිං විහාරෙ වසිස‍්සාමී”ති ගච‍්ඡති, තස‍්ස උපචාරසීමාතික‍්කමෙ සෙනාසනග‍්ගාහො පටිප‍්පස‍්සම‍්භති. යදි පන “තත්‍ථ ඵාසු භවිස‍්සති, වසිස‍්සාමි; නො චෙ, ආගමිස‍්සාමී”ති ගන‍්ත්‍වා අඵාසුභාවං ඤත්‍වා පච‍්චාගච‍්ඡති, වට‍්ටති.

මේ මෙහි විනිශ්චයයි:- ගැණීම කරණකොට ගැණීම සන්සිඳේ. ගැණීමෙන් ආලය සන්සිඳේ. ආලයෙන් ගැණීම සන්සිඳේ. ආලයෙන් ආලය සන්සිඳේ කෙසේද? යත්:- මේ සසුනෙහි ඇතැම් මහණෙක් තෙමේ වස් එළැඹෙන දිනයෙහි එක් විහාරයෙක්හි සෙනසුනක් ගෙන සමීප විහාරයකට ගොස් එහිද සෙනසුනක් ගණියි. ඔහුගේ මේ ගැණීමෙන් පළමු ගැණීම සන්සිඳේ. අනෙකෙක් තෙමේ ‘මෙහි වසන්නෙමි’යි ආලය පමණක්කොට සමීප විහාරයකට ගොස් එහි සෙනසුනක් ගණියි. ඔහුගේ මේ ගැණීමෙන් පළමු ආලය සන්සිඳේ. එකෙක් ‘මෙහි වසන්නෙමි’යි සෙනසුනක් හෝ ගෙණ ආලය හෝ කොට සමීපවිහාරයකට ගොස් ‘මෙහි දැන් වසන්නෙමි’යි ආලය කෙරේද, මෙසේ මොහුගේ ආලයෙන් හෝ ගැණීම, ආලයෙන් හෝ ආලය සන්සිඳේ. සැමතන්හි පැසුළු ගැණීමෙහි හෝ ආලයෙහි හෝ සිටියි. යම් මහණෙක් තෙමේ එක් විහාරයෙක සෙනසුනක් ගෙණ අන්‍ය විහාරයෙක වසන්නෙමි’යියේද, උපචාර සීමාව ඉක්මීමෙහි ඔහුගේ සෙනාසන ගැණීම සන්සිඳේ. ඉදින් වනාහි එහි පහසු වන්නේනම් වසන්නෙමි, පහසු නොවන්නේ නම් එන්නෙමි’යි ගොස් අපහසුබව දැන පෙරළා ඒද වටියි.

තිවස‍්සන‍්තරෙනාති එත්‍ථ තිවස‍්සන‍්තරො නාම යො ද‍්වීහි වස‍්සෙහි මහන‍්තතරො වා දහරතරො වා හොති. යො පන එකෙන වස‍්සෙන මහන‍්තතරො වා දහරතරො වා හොති, යො වා සමානවස‍්සො, තත්‍ථ වත‍්තබ‍්බමෙව නත්‍ථි. ඉමෙ සබ‍්බෙ එකස‍්මිං මඤ‍්චෙ වා පීඨෙ වා ද‍්වෙ ද‍්වෙ හුත්‍වා නිසීදිතුං ලභන‍්ති. යං තිණ‍්ණං පහොති, තං සංහාරිමං වා හොතු අසංහාරිමං වා, තථාරූපෙ අපි ඵලකඛණ‍්ඩෙ අනුපසම‍්පන‍්නෙනාපි සද‍්ධිං නිසීදිතුං වට‍්ටති.

“තිවස්සන්තරෙන” මෙහි තිවස්සන්තර නම් යම් මහණෙක් තෙමේ දෙවසකින් මහන්තතරයෙක් හෝ දහරතරයක් හෝ වේද, යම් මහණක් තෙමේ එක් වසකින් මහන්තකරයෙක් හෝ දහරතරයෙක් හෝවේද, යම් මහණෙක් තෙමේ සමානවස් ඇත්තේවේද, එහි කියයුත්තෙක්ම නැත්තේය. මේ සියල්ලෝ එක් ඇඳෙහි හෝ එක් පුටුවෙහි හෝ දෙදෙන දෙදෙනව හිඳීම ලබත්. යම් ආසනයක් තුන්දෙනාහට නොපොහොනේ නම් ඒ ආසනය ගෙනයන්නට හැකි වූවක් හෝ ගෙනයන්නට නොහැකි වූවක් හෝ වේවා එබඳු පුවරුකඩෙක පවා අනුපසම්පන්නයකු සමග හිඳිය හැකිය.

හත්‍ථිනඛකන‍්ති හත්‍ථිකුම‍්භෙ පතිට‍්ඨිතං; එවං කතස‍්ස කිරෙතං නාමං. සබ‍්බං පාසාදපරිභොගන‍්ති සුවණ‍්ණරජතාදිවිචිත්‍රානි කවාටානි මඤ‍්චපීඨානි තාලවණ‍්ටානි සුවණ‍්ණරජතමයපානීයඝටපානීයසරාවානි යංකිඤ‍්චි චිත‍්තකම‍්මකතං, සබ‍්බං වට‍්ටති. “පාසාදස‍්ස දාසිදාසං ඛෙත‍්තවත්‍ථුං ගොමහිංසං දෙමා”ති වදන‍්ති, පාටෙක‍්කං ගහණකිච‍්චං නත්‍ථි, පාසාදෙ පටිග‍්ගහිතෙ පටිග‍්ගහිතමෙව හොති. ගොනකාදීනි සඞ‍්ඝිකවිහාරෙ වා පුග‍්ගලිකවිහාරෙ වා මඤ‍්චපීඨකෙසු අත්‍ථරිත්‍වා පරිභුඤ‍්ජිතුං න වට‍්ටන‍්ති. ධම‍්මාසනෙ පන ගිහිවිකටනිහාරෙන ලබ‍්භන‍්ති, තත්‍රාපි නිපජ‍්ජිතුං න වට‍්ටති.

“හත්‍ථිනඛං” ඇත්කුඹෙහි පිහිටියක් වැනි ප්‍රාසාදය. මෙසේ කරණලද පහයට මේ නමෙකි. “සබ්බං පාසාදපරිභොගං” රන්රිදී ආදියෙන් විසිතුරු කරණලද කවුළුද ඇඳපුටුද තල්වැටද රන්රිදියෙන් කළ පැන්කළ පැන්මලාද යම්කිසි සිතියමක් කරණලද්දාවූද සියල්ල වටියි. පහයට දැසි දස් කෙත්වත් ගොන් මීමුන් දෙමු’යි කියත්ද වෙන්ව ගැණීම් කිසෙක් නැත. පහය පිළිගත් කල්හි පිළිගන්නා ලද්දේම වේ. කොඳුපලස් ආදිය සඞ්ඝික විහාරයෙක හෝ පෞද්ගලික විහාරයක හෝ ඇඳපුටු මතුවෙහි අතුරා පරිභොග කිරීම සුදුසු නොවේ. ධර්‍මාසනයෙහි වනාහි ගිහින් විසින් කරණලද ආකාරයෙන් පරිභොග කිරීම වරද නොවේ. එහිද හිඳීම වරදය.

උපනන්‍දවත්‍ථුකථා නිට‍්ඨිතා.