යෙදුමෙන් කියවන්න

සෙනාසනග‍්ගාහකථා අට‍්ඨකථා

සෙනාසනග‍්ගාහකථා

සෙනාසනග්ගාහකථා

සෙය්‍යාති මඤ‍්චට‍්ඨානානි වුච‍්චන‍්ති. සෙය්‍යග‍්ගෙනාති සෙය්‍යාපරිච‍්ඡෙදෙන, වස‍්සූපනායිකදිවසෙ කාලං ඝොසෙත්‍වා එකමඤ‍්චට‍්ඨානං එකස‍්ස භික‍්ඛුනො ගාහෙතුං අනුජානාමීති අත්‍ථො. සෙය්‍යග‍්ගෙන ගාහෙන‍්තාති සෙය්‍යාපරිච‍්ඡෙදෙන ගාහියමානා. සෙය්‍යා උස‍්සාරයිංසූති මඤ‍්චට‍්ඨානානි අතිරෙකානි අහෙසුං. විහාරග‍්ගාදීසුපි එසෙව නයො. අනුභාගන‍්ති පුන අපරම‍්පි භාගං දාතුං. අතිමන්‍දෙසු හි භික‍්ඛූසු එකෙකස‍්ස භික‍්ඛුනො ද‍්වෙ තීණි පරිවෙණානි දාතබ‍්බානි. න අකාමා දාතබ‍්බොති අනිච‍්ඡාය න දාතබ‍්බො. තත්‍ථ වස‍්සූපනායිකදිවසෙ ගහිතෙ අනුභාගෙ පච‍්ඡා ආගතානං න අත‍්තනො අරුචියා සො අනුභාගො දාතබ‍්බො. සචෙ පන යෙන ගහිතො, සො ච අත‍්තනො රුචියා තං අනුභාගං වා පඨමභාගං වා දෙති, වට‍්ටති.

“සෙය්‍යා” මඤ්චස්ථාන කියනු ලැබේ. “සෙය්‍යග්ගෙන” සෙනසුන් පිරිසිඳීමෙන් වස් එළැඹෙන දවසෙහි කාලඝොෂා කොට එක් මඤ්චස්ථානයක් එක් මහණක්හට ගැනීමට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. “සෙය්‍යග්ගෙන ගාහෙන්තා” සෙනසුන් පිරිසිඳීමෙන් ගන්වනු ලබන්නාහු. “සෙය්‍යා උස්සාදයිංසු” මඤ්චස්ථානයේ අධිකවූහ. විහාරග්ගාදීන්හිද මේනයම වේ. “අනුභාගං” නැවැත තවත් කොටසක් දෙන්නට. මහණුන් ඉතා මදවූ කල්හි එක් එක් මහණක්හට පිරිවෙන් දෙකක් තුනක් දියයුතුය. “න අකාමා දාතබ්බා” නොකැමැත්තෙන් නොදියයුතුය. එහි වස් එළැඹෙන දවසෙහි අනුභාගය ගත් කල්හි පසුව ආ මහණුන්ට තමන්ගේ නොකැමැත්තෙන් ඒ අනුභාගය නොදිය යුතුය. ඉදින්වනාහි යම් මහණකු විසින් ගන්නා ලද්දේ ද, ඒ කොටස තමන්ගේ කැමැත්තෙන් ඒ අනුභාගය හෝ ප්‍රථමභාගය හෝ දේද, වටියි.

නිස‍්සීමෙ ඨිතස‍්සාති උපචාරසීමතො බහි ඨිතස‍්ස. අන‍්තො උපචාරසීමාය පන දූරෙ ඨිතස‍්සාපි ලබ‍්භතියෙව. සෙනාසනං ගහෙත්‍වාති වස‍්සූපනායිකදිවසෙ ගහෙත්‍වා. සබ‍්බකාලං පටිබාහන‍්තීති චතුමාසච‍්චයෙන උතුකාලෙපි පටිබාහන‍්ති. තීසු සෙනාසනග‍්ගාහෙසු පුරිමකො ච පච‍්ඡිමකො චාති ඉමෙ ද‍්වෙ ගාහා ථාවරා.

“නිස්සීමෙ ඨිතස්ස” උපචාර සීමාව තුළ දුර සිටියහුටද සෙනසුන ලැබේය. “සෙනාසනං ගහෙත්‍වා” වස් එළැඹෙන දවසෙහි සෙනසුන ගෙන. “සබ්බකාලං පටිබාහන්ති” සිවුමස ඇවෑමෙන් සෘතුකාලයෙහිද ප්‍රතිබාහනය කෙරෙත්. ත්‍රිවිධසෙනාසන ග්‍රාහයන් අතුරෙහි පුරිමක-පශ්චිමික යන ද්විධ වූ සෙනාසනග්‍රාහයෝ ථාවරයහ.

අන‍්තරාමුත‍්තකෙ අයං විනිච‍්ඡයො – එකස‍්මිං විහාරෙ මහාලාභසෙනාසනං හොති. සෙනාසනසාමිකා වස‍්සූපගතං භික‍්ඛුං සබ‍්බපච‍්චයෙහි සක‍්කච‍්චං උපට‍්ඨහිත්‍වා පවාරෙත්‍වා ගමනකාලෙ බහුං සමණපරික‍්ඛාරං දෙන‍්ති. මහාථෙරා දූරතොපි ආගන‍්ත්‍වා වස‍්සූපනායිකදිවසෙ තං ගහෙත්‍වා ඵාසුං වසිත්‍වා වුත්‍ථවස‍්සා ලාභං ගණ‍්හිත්‍වා පක‍්කමන‍්ති. ආවාසිකා “මයං එත්‍ථුප‍්පන‍්නං ලාභං න ලභාම, නිච‍්චං ආගන‍්තුකමහාථෙරාව ලභන‍්ති, තෙයෙව නං ආගන‍්ත්‍වා පටිජග‍්ගිස‍්සන‍්තී”ති පලුජ‍්ජන‍්තම‍්පි න ඔලොකෙන‍්ති. භගවා තස‍්ස පටිජග‍්ගනත්‍ථං “අපරජ‍්ජුගතාය පවාරණාය ආයතිං වස‍්සාවාසත්‍ථාය අන‍්තරාමුත‍්තකො ගාහෙතබ‍්බො”ති ආහ.

“අන්තරාමුක්තකයෙහි මේ විනිශ්චය වේ. එක් විහාරයෙක මහත්ලාභ ඇති සෙනසුනෙක් වේ. සෙනසුන් හිමියෝ වස් එළැඹි මහණක්හට සියලු පසයෙන් මනාව උපස්ථානකොට පවාරණයකොට යනකල්හි බොහෝ මහණපිරිකර දෙත්. මහාස්ථවිරයන් වහන්සේලා දුරසිටද, අවුත් වස් වසන දිනයෙහි ඒ සෙනසුන ගෙණ පහසු සේ වැස පැවරූ වස් ඇත්තාහු ලාභය ගෙණ බැහැරයෙත්. ආවාසිකයෝ ‘අපි මෙහි උපන්ලාභය නොලබම්හ, නිරතුරුව ආගන්තුක මහාස්ථවිරයෝම ලබත්, ඒ තෙරහුම අවුත් ඒ සෙනසුන සුන්බුන් තැන් පිළිදැගුම් කරන්නාහ’යි නැසෙන සෙනසුනද නොබලත්. භාග්‍යවතුන් වහන්සේ ඒ සෙනසුන පිළිදැගුම් කරනු පිණිස “අපරජ්ජුගතාය පවාරණාය ආයතිං වස්සාවාසත්‍ථාය අන්තරාමුත්තකො ගාහෙතබ්බො” ‘පවාරණයෙන් දෙවන දිනයෙහි මතුවස් වසනු පිණිස අන්තරාමුක්තක සෙනසුන ගැන්විය යුත්තේය’යි වදාළ සේක.

තං ගාහෙන‍්තෙන සඞ‍්ඝත්‍ථෙරො වත‍්තබ‍්බො – “භන‍්තෙ අන‍්තරාමුත‍්තකසෙනාසනං ගණ‍්හථා”ති. සචෙ ගණ‍්හාති, දාතබ‍්බං; නො චෙ එතෙනෙව උපායෙන අනුථෙරං ආදිං කත්‍වා යො ගණ‍්හාති, තස‍්ස අන‍්තමසො සාමණෙරස‍්සාපි දාතබ‍්බං. තෙන තං සෙනාසනං අට‍්ඨමාසෙ පටිජග‍්ගිතබ‍්බං. ඡදනභිත‍්තිභූමීසු යං කිඤ‍්චි ඛණ‍්ඩං වා ඵුල‍්ලං වා හොති, තං සබ‍්බං පටිසඞ‍්ඛරිතබ‍්බං. උද‍්දෙසපරිපුච‍්ඡාදීහි දිවසං ඛෙපෙත්‍වා රත‍්තිං තත්‍ථ වසිතුම‍්පි වට‍්ටති. රත‍්තිං පරිවෙණෙ වසිත්‍වා තත්‍ථ දිවසං ඛෙපෙතුම‍්පි වට‍්ටති. රත‍්තින්‍දිවං තත්‍ථෙව වසිතුම‍්පි වට‍්ටති. උතුකාලෙ ආගතානං වුඩ‍්ඪානං න පටිබාහිතබ‍්බං. වස‍්සූපනායිකදිවසෙ පන සම‍්පත‍්තෙ සචෙ සඞ‍්ඝත්‍ථෙරො “මය‍්හං ඉදං සෙනාසනං දෙථා”ති වදති, න ලභති. “භන‍්තෙ, ඉදං අන‍්තරාමුත‍්තකං ගහෙත්‍වා අට‍්ඨමාසෙ එකෙන භික‍්ඛුනා පටිජග‍්ගිත”න‍්ති වත්‍වා න දාතබ‍්බං. අට‍්ඨමාසෙ පටිජග‍්ගකභික‍්ඛුස‍්සෙව ගහිතං හොති.

ඒ අන්තරාමුක්තක සෙනාසනය ගන්වන්නහු විසින් සඞ්ඝස්ථවිර තෙමේ ‘ස්වාමීනි’ අන්තරාමුක්තක සෙනාසනය ගණු මැනැවැ’යි කියයුත්තේය. ඉදින් ගණීනම් දිය යුතුය. නොගණීනම් මේ උපායයෙන්ම අනුතෙරහු ආදිකොට යමෙක් ගණීනම් යටත් පිරිසෙයින් සාමණේරවූද, ඔහුට දියයුතුය. ඔහු විසින් ඒ සෙනසුන වස්සාන සෘතුව හැර සෙසු අට මස මුළුල්ලෙහි පිළිදැගුම් කටයුතුය. සෙවනි බිතු බිම යන මොවුන් අතුරෙහි යම්කිසි කඩා වැටුනු තැනක් හෝ දිරා ගිය තැනක් හෝ වේද, ඒ සියලු තැන් පිළිසකර කරවිය යුතුය. උදෙසීම් පිළිවිසීම් ආදියෙන් දවස ගෙවා රාත්‍රියෙහි එහිම විසීම වටියි. රාත්‍රියෙහි පිරිවෙණෙහි දවස ගෙවීමද වරද නොවේ. රෑදාවල දෙක එහිම විසීමද වටියි. සෘතු කාලයෙහි පැමිණියාවූ මහලු මහණුන්ට සෙනසුන ප්‍රතිබාහනය නොකටයුතුය. වස්වසන දිනය පැමිණි කල්හි සඞ්ඝ ස්ථවිරතෙමේ ‘මට මේ සෙනසුන දෙවු’යි කියා නම් එය නොලැබේ. ‘ස්වාමීනි’ මේ අන්තරාමුක්තක සෙනාසනය ගෙණ අටමසක් මුළුල්ලෙහි එක් මහණක්හු විසින් ප්‍රකෘතිමත් කරණ ලදැ’යි කියා නොදිය යුතුය. අටමසක් මුළුල්ලෙහි ප්‍රකෘතිමත් කරණලද මහණහුටම වන්නේය.

යස‍්මිං පන සෙනාසනෙ එකසංවච‍්ඡරෙ ද‍්වික‍්ඛත‍්තුං පච‍්චයෙ දෙන‍්ති ඡමාසච‍්චයෙන ඡමාසච‍්චයෙන, තං අන‍්තරාමුත‍්තකං න ගාහෙතබ‍්බං. යස‍්මිං වා තික‍්ඛත‍්තුං දෙන‍්ති චතුමාසච‍්චයෙන චතුමාසච‍්චයෙන, යස‍්මිං වා චතුක‍්ඛත‍්තුං දෙන‍්ති තෙමාසච‍්චයෙන තෙමාසච‍්චයෙන, තං අන‍්තරාමුත‍්තකං න ගාහෙතබ‍්බං. පච‍්චයෙනෙව හි තං පටිජග‍්ගනං ලභිස‍්සති. යස‍්මිං පන එකසංවච‍්ඡරෙ සකිදෙව බහුපච‍්චයෙ දෙන‍්ති, එතං අන‍්තරාමුත‍්තකං ගාහෙතබ‍්බන‍්ති. අයං තාව අන‍්තොවස‍්සෙ වස‍්සූපනායිකදිවසෙන පාළියං ආගතසෙනාසනග‍්ගාහකථා.

යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක සමසක් සමසක් ඇවෑමෙන් දෙවරක් ප්‍රත්‍යය දෙත්ද එය අන්තරාමුක්තක සෙනසුනක්කොට නොගැන්විය යුතුය. යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක සිවුමසක් සිවුමසක් ඇවෑමෙන් ප්‍රත්‍යය දෙත්ද, යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක තෙමසක් තෙමසක් ඇවෑමෙන් සිවුරක් ප්‍රත්‍යය දෙත්ද, ඒ සෙනසුන අන්තරාමුක්තකැයි නොගැන්විය යුතුය. දෙනලද ප්‍රත්‍යයයෙන්ම ඒ සෙනසුන ප්‍රකෘතිමත් කිරීම ලබන්නේය. යම් සෙනසුනෙක එක් අවුරුද්දෙක එක් වරකටම බොහෝ ප්‍රත්‍යය දෙත්ද, මේ සෙනසුන අන්තරාමුක්තක සෙනසුනකොට ගැන්විය යුත්තේය. මේවනාහි වසතුළ වස් වසන දවස සමග පෙළෙහි ආ සෙනසුන් ගැන්වීමෙහි කථාය.

අයං පන සෙනාසනග‍්ගාහො නාම දුවිධො හොති – උතුකාලෙ ච වස‍්සාවාසෙ ච. තත්‍ථ උතුකාලෙ තාව කෙචි ආගන‍්තුකා භික‍්ඛූ පුරෙභත‍්තං ආගච‍්ඡන‍්ති, කෙචි පච‍්ඡාභත‍්තං පඨමයාමං වා මජ‍්ඣිමයාමං වා පච‍්ඡිමයාමං වා යෙ යදා ආගච‍්ඡන‍්ති, තෙසං තදාව භික‍්ඛූ උට‍්ඨාපෙත්‍වා සෙනාසනං දාතබ‍්බං. අකාලො නාම නත්‍ථි. සෙනාසනපඤ‍්ඤාපකෙන පන පණ‍්ඩිතෙන භවිතබ‍්බං, එකං වා ද‍්වෙ වා මඤ‍්චට‍්ඨානානි ඨපෙතබ‍්බානි. සචෙ විකාලෙ එකො වා ද‍්වෙ වා ථෙරා ආගච‍්ඡන‍්ති, තෙ වත‍්තබ‍්බා – “භන‍්තෙ, ආදිතො පට‍්ඨාය වුට‍්ඨාපියමානෙ සබ‍්බෙපි භික‍්ඛූ උබ‍්භණ‍්ඩිකා භවිස‍්සන‍්ති, තුම‍්හෙ අම‍්හාකං වසනට‍්ඨානෙයෙව වසථා”ති.

මේ සෙනසුන් ගැන්වීම නම් සෘතු කාලයෙහිය, වස්සාවාසයෙහිය’යි දෙවැදෑරුම් වේ. එහි සෘතුකාලයෙහි වනාහි කිසි ආගන්තුක භික්‍ෂු කෙනෙක් පෙරබතෙහි හෙවත් බතට පෙරටුව එත්ද, කිසි භික්‍ෂු කෙනෙක් පසුබතෙහි එත්ද, ප්‍රථම යාමයෙහි හෝ මද්ධ්‍යම යාමයෙහි හෝ පශ්චිම යාමයෙහි හෝ එත්ද, යම් භික්‍ෂු කෙනෙක් යම් කලෙක්හි එත්ද ඔවුන්ට ඒ කාලයෙහිම භික්‍ෂූන් නැගිටුවා සෙනසුන දියයුතුය. අකාලයෙක් නම් නැත්තේය. සෙනසුන පණවන්නහු පණ්ඩිතවිය යුතුය. එකක් හෝ දෙකක් හෝ මඤ්චස්ථාන තැබිය යුතුය. ඉදින් නොකල්හි එකෙක් හෝ දෙදෙනෙක් හෝ තෙරහු එත්ද, ‘ස්වාමීනි’ මුල පටන් නැගිටුවන කල්හි සියලුම භික්‍ෂූහු තම තමන්ගේ පිරිකර පොදි බැඳ ගෙණ ඒ ඒ තන්හි හැසිරෙන්නෝ වන්නාහ, යුෂ්මත්හු වසන තැනම විසුව මැනැවැ’යි ඒ තෙරුන්ට කියයුතුය.

බහූසු පන ආගතෙසු වුට‍්ඨාපෙත්‍වා පටිපාටියා දාතබ‍්බං. සචෙ එකෙකං පරිවෙණං පහොති, එකෙකං පරිවෙණං දාතබ‍්බං. තත්‍ථ අග‍්ගිසාලදීඝසාලමණ‍්ඩලමාලාදයො සබ‍්බෙපි තස‍්සෙව පාපුණන‍්ති . එවං අප‍්පහොන‍්තෙ පාසාදග‍්ගෙන දාතබ‍්බං. පාසාදෙසු අප‍්පහොන‍්තෙසු ඔවරකග‍්ගෙන දාතබ‍්බං. ඔවරකෙසු අප‍්පහොන‍්තෙසු සෙය්‍යග‍්ගෙන දාතබ‍්බං. සෙය්‍යග‍්ගෙසු අප‍්පහොන‍්තෙසු මඤ‍්චට‍්ඨානෙන දාතබ‍්බං. මඤ‍්චට‍්ඨානෙ අප‍්පහොන‍්තෙ එකපීඨකට‍්ඨානවසෙන දාතබ‍්බං. භික‍්ඛුනො පන ඨිතොකාසමත‍්තං න ගාහෙතබ‍්බං. එතඤ‍්හි සෙනාසනං නාම න හොති. පීඨකට‍්ඨානෙ පන අප‍්පහොන‍්තෙ එකං මඤ‍්චට‍්ඨානං වා පීඨකට‍්ඨානං වා වාරෙන වාරෙන ගහෙත්‍වා “භන‍්තෙ, විස‍්සමථා”ති තිණ‍්ණං ජනානං දාතබ‍්බං, න හි සක‍්කා සීතසමයෙ සබ‍්බරත‍්තිං අජ‍්ඣොකාසෙ වසිතුං. මහාථෙරෙන පඨමයාමං විස‍්සමිත්‍වා නික‍්ඛමිත්‍වා දුතියත්‍ථෙරස‍්ස වත‍්තබ‍්බං – “ආවුසො, ඉධ පවිසාහී”ති. සචෙ මහාථෙරො නිද‍්දාගරුකො හොති, කාලං න ජානාති, උක‍්කාසිත්‍වා ද‍්වාරං ආකොටෙත්‍වා “භන‍්තෙ, කාලො ජාතො, සීතං අනුදහතී”ති වත‍්තබ‍්බං. තෙන නික‍්ඛමිත්‍වා ඔකාසො දාතබ‍්බො, අදාතුං න ලභති. දුතියත්‍ථෙරෙනපි මජ‍්ඣිමයාමං විස‍්සමිත්‍වා පුරිමනයෙනෙව ඉතරස‍්ස දාතබ‍්බං. නිද‍්දාගරුකො වුත‍්තනයෙනෙව වුට‍්ඨාපෙතබ‍්බො. එවං එකරත‍්තිං එකමඤ‍්චට‍්ඨානං තිණ‍්ණං දාතබ‍්බං. ජම‍්බුදීපෙ පන එකච‍්චෙ භික‍්ඛූ “සෙනාසනං නාම මඤ‍්චට‍්ඨානං වා පීඨට‍්ඨානං වා කිඤ‍්චිදෙව කස‍්සචි සප‍්පායං හොති, කස‍්සචි අසප‍්පාය”න‍්ති ආගන‍්තුකා හොන‍්තු වා මා වා, දෙවසිකං සෙනාසනං ගාහෙන‍්ති. අයං උතුකාලෙ සෙනාසනග‍්ගාහො නාම.

බොහෝ භික්‍ෂූන් ආකල්හි නැගිටුවා පිළිවෙළින් දියයුතුය. ඉදින් එක් එක් පිරිවෙණක් පොහොනේද, එක් එක් පිරිවෙණ දියයුතුය. එහි ගිනිහල සක්මන්හල උවැටන්හල යනාදීවූ සියල්ලම ඔහුටම ලැබෙත්. මෙසේ නොපොහොනා කල්හි එක් ප්‍රාසාද පරිච්ඡෙදයකින් දියයුතුය. ප්‍රාසාදයන් නොපොහොනා කල්හි ගබඩා පිරිසිඳීමෙන් දියයුතුය. ගබඩා නොපොහොනා කල්හි සෙනසුන් පිරිසිඳීමෙන් දිය යුතුය. සෙනසුන් පිරිසිඳීම නොපොහොනා කල්හි මඤ්චස්ථානයන් දියයුතුය. මඤ්චස්ථාන නොපොහොනා කල්හි එක් පුටුවකට සෑහෙන පමණ තැන දියයුතුය. මහණහු සිටි අවකාශය පමණ නොගැන්විය යුතුය. මේ වනාහි සෙනසුනක් නම් නොවේ. පුටුවක් පමණ තැන නොසෑහෙන කල්හි එක් මඤ්චස්ථානයක් හෝ පීඨකස්ථානයක් හෝ ‘ස්වාමීනි’ වාරයෙන් වාරය ගෙණ විඩාහරිණු මැනැවැයි තුන් දෙනකුහට දියයුතුය. ශීතකාලයෙහි සියලු රාත්‍රියෙහි එලිමහනෙහි විසීමට නොහැකිය. මහතෙරුන් ප්‍රථම යාමයෙහි විඩා හැර එයින් නික්ම දෙවන තෙරුන්ට ‘ඇවැත’ මෙහි පිවිසෙව’යි කියයුතුය. ඉදින් මහාස්ථවිර තෙමේ නිද්‍රාගරුක වේනම් කාලය නොදනීනම් කාරා දොරට ගසා ‘ස්වාමීනි’ කාලය වූයේය, ශීතය පෙළන්යයි කියයුතුය. ඔහු නික්ම අවකාශ දියයුතුය. නොදෙන්නට නොලබයි. දෙවන තෙරුන් විසින්ද මද්ධ්‍යමයාමය විඩා හැර පෙරනයින්ම අනික් තෙරුන්ට දියයුතුයි. නිද්‍රාගරුක තෙමේ කියූ ලෙසින්ම නැගිට්ටවිය යුතුය. මෙසේ එක් රැයෙකම එක් මඤ්චස්ථානය තිදෙනාහට දියයුතුය. ආර්‍ය්‍ය දීපයෙහි වනාහි සමහර භික්‍ෂූහු ‘සෙනසුන් නම් මඤ්චස්ථානය හෝ පීඨාස්ථානය හෝ යන කිසිත් තැනක් කිසිවක්හට සත්ප්‍රාය වේ, කිසිවක්හට සත්ප්‍රාය නොවේ’යි ආගන්තුකයෝ හෝ වෙත්වා, ආගන්තුකයෝ හෝ නොවෙත්වා’යි දවස්පතා සෙනසුන ගන්වත්. මේ සෘතුකාලයෙහි සෙනසුන් ගැන්වීම නම.

වස‍්සාවාසෙ පන අත්‍ථි ආගන‍්තුකවත‍්තං, අත්‍ථි ආවාසිකවත‍්තං, ආගන‍්තුකෙන තාව සකට‍්ඨානං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤත්‍ථ ගන‍්ත්‍වා වසිතුකාමෙන වස‍්සූපනායිකදිවසමෙව තත්‍ථ න ගන‍්තබ‍්බං. වසනට‍්ඨානං වා හි තත්‍ර සම‍්බාධං භවෙය්‍ය, භික‍්ඛාචාරො වා න සම‍්පජ‍්ජෙය්‍ය, තෙන න ඵාසුං විහරෙය්‍ය. තස‍්මා “ඉදානි මාසමත‍්තෙන වස‍්සූපනායිකා භවිස‍්සතී”ති තං විහාරං පවිසිතබ‍්බං. තත්‍ථ මාසමත‍්තං වසන‍්තො සචෙ උද‍්දෙසත්‍ථිකො උද‍්දෙසසම‍්පත‍්තිං සල‍්ලක‍්ඛෙත්‍වා, සචෙ කම‍්මට‍්ඨානිකො කම‍්මට‍්ඨානසප‍්පායතං සල‍්ලක‍්ඛෙත්‍වා, සචෙ පච‍්චයත්‍ථිකො පච‍්චයලාභං සල‍්ලක‍්ඛෙත්‍වා අන‍්තොවස‍්සෙ සුඛං වසිස‍්සති.

වස්සාවාස සෙනසුන් ගැන්වීමෙහි - ආගන්තුකවතක් ඇත්තේය. ආවාසිකවතක් ඇත්තේය. තමන් වසන තැන හැර අන් තැනෙක්හි ගොස් වසනු කැමැති ආගන්තුක මහණහු විසින් පළමුකොට වස් එළැඹෙන දවසෙහිම එහි නොයා යුතුය. යම් හෙයකින් එහි වසන තැන හෝ සම්බාධ වන්නේද, භික්‍ෂාචාරය හෝ සම්පාදනය නොවන්නේද ඒ කරණකොට පහසුසේ වාසය නොකරන්නේද එහෙයින් ‘දැන් මසක් පමණින් වස් එළැඹීම වන්නේය’යි ඒ විහාරයට පිවිසිය යුතුය. ඒ විහාරයෙහි මසක් පමණ වසනුයේ උද්දෙසය ප්‍රයොජනයකොට ඇත්තේනම් උද්දෙසසම්පත්තිය සලකා කර්‍මස්ථානිකවේනම් කර්‍මස්ථාන සත්ප්‍රාය සලකා ප්‍රත්‍යය ප්‍රයොජනකොට ඇත්තේනම් ප්‍රත්‍යයලාභය සලකා වස තුළ සුවසේ වසන්නේය.

සකට‍්ඨානතො ච තත්‍ථ ගච‍්ඡන‍්තෙන න ගොචරගාමො ඝට‍්ටෙතබ‍්බො, න තත්‍ථ මනුස‍්සා වත‍්තබ‍්බා – “තුම‍්හෙ නිස‍්සාය සලාකභත‍්තාදීනි වා යාගුඛජ‍්ජකාදීනි වා වස‍්සාවාසිකං වා නත්‍ථි, අයං චෙතියස‍්ස පරික‍්ඛාරො, අයං උපොසථාගාරස‍්ස, ඉදං තාළඤ‍්චෙව සූචි ච සම‍්පටිච‍්ඡථ තුම‍්හාකං විහාර”න‍්ති. සෙනාසනං පන ජග‍්ගිත්‍වා දාරුභණ‍්ඩමත‍්තිකාභණ‍්ඩානි පටිසාමෙත්‍වා ගමියවත‍්තං පූරෙත්‍වා ගන‍්තබ‍්බං. එවං ගච‍්ඡන‍්තෙනාපි දහරෙහි පත‍්තචීවරභණ‍්ඩිකායො උක‍්ඛිපාපෙත්‍වා තෙලනාළිකත‍්තරදණ‍්ඩාදීනි ගාහාපෙත්‍වා ඡත‍්තං පග‍්ගය‍්හ අත‍්තානං දස‍්සෙන‍්තෙන ගාමද‍්වාරෙනෙව න ගන‍්තබ‍්බං, පටිච‍්ඡන‍්නෙන අටවිමග‍්ගෙන ගන‍්තබ‍්බං. අටවිමග‍්ගෙ අසති ගුම‍්බාදීනි මද‍්දන‍්තෙන න ගන‍්තබ‍්බං, ගමියවත‍්තං පන පූරෙත්‍වා විතක‍්කං ඡින්‍දිත්‍වා සුද‍්ධචිත‍්තෙන ගමනවත‍්තෙනෙව ගන‍්තබ‍්බං. සචෙ පන ගාමද‍්වාරෙන මග‍්ගො හොති, ගච‍්ඡන‍්තඤ‍්ච නං සපරිවාරං දිස‍්වා මනුස‍්සා “අම‍්හාකං ථෙරො වියා”ති උපධාවිත්‍වා “කුහිං, භන‍්තෙ, සබ‍්බපරික‍්ඛාරෙ ගහෙත්‍වා ගච‍්ඡථා”ති වදන‍්ති, තෙසු චෙ එකො එවං වදති – “වස‍්සූපනායිකකාලො නාමායං, යත්‍ථ අන‍්තොවස‍්සෙ නිබද‍්ධභික‍්ඛාචාරො භණ‍්ඩපටිච‍්ඡාදනඤ‍්ච ලබ‍්භති, තත්‍ථ භික‍්ඛූ ගච‍්ඡන‍්තී”ති. තස‍්ස චෙ සුත්‍වා තෙ මනුස‍්සා “භන‍්තෙ, ඉමස‍්මිම‍්පි ගාමෙ ජනො භුඤ‍්ජති චෙව නිවාසෙති ච, මා අඤ‍්ඤත්‍ථ ගච‍්ඡථා”ති වත්‍වා මිත‍්තාමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා සබ‍්බෙ සම‍්මන‍්තයිත්‍වා විහාරෙ නිබද‍්ධවත‍්තඤ‍්ච සලාකභත‍්තාදීනි ච වස‍්සාවාසිකඤ‍්ච පට‍්ඨපෙත්‍වා “ඉධෙව භන‍්තෙ වසථා”ති යාචන‍්ති, සබ‍්බං සාදිතුං වට‍්ටති. සබ‍්බඤ‍්හෙතං කප‍්පියඤ‍්චෙව අනවජ‍්ජඤ‍්ච. කුරුන්‍දියං පන “‘කුහිං ගච‍්ඡථා’ති වුත‍්තෙ ‘අසුකට‍්ඨාන’න‍්ති වත්‍වා, ‘කස‍්මා තත්‍ථ ගච‍්ඡථා’ති වුත‍්තෙ ‘කාරණං ආචික‍්ඛිතබ‍්බ’”න‍්ති වුත‍්තං. උභයම‍්පි පනෙත්‍ථ සුද‍්ධචිත‍්තත‍්තාව අනවජ‍්ජං. ඉදං ආගන‍්තුකවත‍්තං නාම.

ස්වකීය ස්ථානයෙන්ද එහි යන්නහු විසින් ගොදුරුගම නොගැටිය යුතුය. එහි ‘යුෂ්මතුන් නිසා සලාක බත් ආදිය හෝ කැඳ, කැවිලි ආදිය හෝ වස්සාවාසිකය හෝ නැත, මේ සෑයෙහි පිරිකර. මේ පෙහෝගෙයි පිරිකර, මේ යතුරද, කූරද පිළිගණිවු, තොපගේ විහාරය’යි මිනිසුන්ට නොකියයුතුය. සෙනසුන පිළිදැගුම්කොට දැවමුවාබඩු, මැටිමුවාබඩු තැන්පත්කොට තබා ගමියවත පුරා යායුතුය. මෙසේ යන්නහු විසින්ද ලදරු මහණුන් ලවා පාසිවුරු පොදි ඔසොවා තෙල්කුලා කතරයට ආදිය ගන්වාගෙණ ඡත්‍රය ගෙණ තමන් දක්වන්නහු විසින් ගම්දොරින්ම නොයායුතුය. පිළිසන්වූ වන මගින් යායුතුය. වනමගක් නැති කල්හි වනලැහැබ් ආදිය මඩින්නහු විසින් නොයා යුතුය. ගමිකවත පුරා මේ නීහාරයෙන් යන මාදැක වළකා ප්‍රත්‍යය දෙන්නාහ යන මෙබඳු විතර්‍කයක් නොඋපදවා හුදු සිතින් ගමන්වතින්ම යායුතුය. ඉදින් ගම්දොරින් මාර්‍ගය වේනම් පිරිවර සහිත වන්නාවූද, ඒ තෙරුන් දැක මිනිස්සු අපගේ ස්ථවිර මෙනැ’යි දුවගොස් ‘ස්වාමීනි’ සියලු පිරිකරගෙණ කොතැනක වඩින්නහුදැයි විචාරත්ද, ඔවුන් අතුරෙහි එක් මහණෙක් ‘මේ වස් එළැඹෙන කාලය නමි. යම් තැනක වස තුළ නිබද්ධ භික්‍ෂාචාරයත් භාණ්ඩ ප්‍රතිච්ඡාදනයත් ලැබේද භික්‍ෂූහු එහි යත්යයි මෙසේ කියානම්, ඒ මහණහුගේ වචනය අසා ඒ මිනිස්සු ‘ස්වාමීනි’ මෙගමෙහි ජනයාද අනුභවද කරයි, හැඳීමද කරයි. අන්තැනක නොවඩිනු මැනව’යි කියා මිත්‍රාමාත්‍යයන් කැඳවා සියල්ල එක්ව මන්ත්‍රණයකොට වෙහෙරෙහි නිබඳ වැටුප්ද සලාකබත් ආදියද වස්සාවාසිකයද තබා ‘ස්වාමීනි මෙහිම විසුව මැනැවැ’යි ඉල්ලත් නම් සියල්ල ඉවසිය යුතුය. මේ සියල්ල කැපද නිවරද්‍යද වේ. කුරුන්‍දියෙහි වනාහි ‘කොතැනක වඩින්නහුදැ’යි විචාළ කල්හි අසුවල් තැනටය’යි කියා කුමක් හෙයින් එහි යනුදැ’යි විචාළ කල්හි කරුණ කියයුතුය’යි කියනලදී. මෙදෙකම හුදු සිත් ඇති බැවින්ම නිරවද්‍ය වේ. මේ ආගන්තුකවත්ත නමි

ඉදං පන ආවාසිකවත‍්තං – පටිකච‍්චෙව හි ආවාසිකෙහි විහාරො ජග‍්ගිතබ‍්බො. ඛණ‍්ඩඵුල‍්ලපටිසඞ‍්ඛරණපරිභණ‍්ඩානි කාතබ‍්බානි. රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානවච‍්චකුටිපස‍්සාවට‍්ඨානානි පධානඝරවිහාරමග‍්ගොති ඉමානි සබ‍්බානි පටිජග‍්ගිතබ‍්බානි, චෙතියෙ සුධාකම‍්මං මුද‍්දවෙදිකාය තෙලමක‍්ඛනං මඤ‍්චපීඨපටිජග‍්ගනන‍්ති ඉදම‍්පි සබ‍්බං කාතබ‍්බං – “වස‍්සං වසිතුකාමා ආගන‍්ත්‍වා උද‍්දෙසපරිපුච‍්ඡාකම‍්මට‍්ඨානානුයොගාදීනි කරොන‍්තා සුඛං වසිස‍්සන‍්තී”ති. කතපරිකම‍්මෙහි ආසාළ‍්හීජුණ‍්හපඤ‍්චමිතො පට‍්ඨාය වස‍්සාවාසිකං පුච‍්ඡිතබ‍්බං. කත්‍ථ පුච‍්ඡිතබ‍්බං? යතො පකතියා ලබ‍්භති. යෙහි පන න දින‍්නපුබ‍්බං, තෙ පුච‍්ඡිතුං න වට‍්ටති. කස‍්මා පුච‍්ඡිතබ‍්බං? කදාචි හි මනුස‍්සා දෙන‍්ති, කදාචි දුබ‍්භික‍්ඛාදීහි උපද‍්දුතා න දෙන‍්ති. තත්‍ථ යෙ න දස‍්සන‍්ති, තෙ අපුච‍්ඡිත්‍වා වස‍්සාවාසිකෙ ගාහිතෙ ගාහිතභික‍්ඛූනං ලාභන‍්තරායො හොති, තස‍්මා පුච‍්ඡිත්‍වාව ගාහෙතබ‍්බං, පුච‍්ඡන‍්තෙන “තුම‍්හාකං වස‍්සාවාසිකග‍්ගාහකකාලො උපකට‍්ඨො”ති වත‍්තබ‍්බං. සචෙ වදන‍්ති “භන‍්තෙ, ඉමං සංවච‍්ඡරං ඡාතකාදීහි උපද‍්දුතම‍්හ, න සක‍්කොම දාතු”න‍්ති වා “යං මයං පුබ‍්බෙ දෙම, තතො ඌනතරං දස‍්සාමා”ති වා “ඉදානි කප‍්පාසො සුලභො, යං පුබ‍්බෙ දෙම, තතො බහුතරං දස‍්සාමා”ති වා වදන‍්ති, තං සල‍්ලක‍්ඛෙත්‍වා තදනුරූපෙන නයෙන තෙසං තෙසං සෙනාසනෙ භික‍්ඛූනං වස‍්සාවාසිකං ගාහෙතබ‍්බං.

මේ වනාහි කියනු ලබන්නේ “ආවසිකවත්තයයි: පළමුකොටම ආවාසිකය විසින් විහාරය හැමදීම් ආදියෙන් පිළිදැගිය යුතුය. සුන්බුන් තැන් පිළිසකර කිරීම් පිරිබඩ ලෑම් කටයුතුය. රෑතැන්-දිවාතැන් වැසිකිළි මූකරණ තැන්ද ප්‍රදහනගෘහය විහාරමාර්‍ගයද යන මේ සියලු තැන් හැමදීම් ආදියෙන් පිළිදැගිය යුතුය. සෑයෙහි සුණු පිරියම් කිරීම හම්මිය වෙදිකාවෙහි හා සිවුරැස් වෙදිකාවෙහි තෙල් ගෑම ඇඳපුටු පිරිසිදු කිරීම යන මේ සියල්ලද කටයුතුය. වස් වසනු කැමැත්තාහු අවුත් උදෙසීම් පිළිවිසීම් කමටහන්හි යෙදීම ආදිය කරමින් සුවසේ වසන්නාහයි කළ පිරියම් ඇත්තවුන් විසින් ඇසළ මස පුරවිසේනිය පටන් වස්සාවාසිකය විචාරිය යුතුය. කොතැන්හි විචාරිය යුතුද, යත්: යම් තැනකින් ප්‍රකෘතියෙන් ලැබේද, යමක්හු විසින් පෙර නොදෙන ලද්දේද, ඔවුන් විචාරන්නට නොවටියි. කුමක් හෙයින් විචාරිය යුතුද, යත්: යම් තැනකින් ප්‍රකෘතියෙන් ලැබේ, යමක්හු විසින් පෙර නොදෙන ලද්දේද, ඔවුන් විචාරන්නට නොවටියි. කුමක් හෙයින් විචාරිය යුතුද යත්:- සමහර කලෙක්හි මිනිස්සු දෙන්නාහ. සමහර කලෙක්හි දුර්භික්‍ෂාදියෙන් පෙළෙන ලද්දාහු නොදෙන්නාහ. එහි යම් කෙනෙක් නොදෙන්නාහුද ඔවුන් නොවිචාරා වස්සාවාසිකය ගැන්වූ කල්හි ගත් මහණුන්ට ලාභාන්තරය වේ. එහෙයින් විචාරාම ගැන්විය යුතුය. විචාරන්නහු විසින් යුෂ්මතුන්ගේ වස්සාවාසිකය ගන්වන කාලය ලංවූයේයයි කියයුතුය. ‘වහන්ස’ මේ අවුරුද්ද දුර්භික්‍ෂාදියෙන් පෙළෙන ලද්දෝ වීමු, දෙන්නට නොහැකියම්හ’යි කියත්නම් හෝ අපි යමක් පෙර දෙමුද, එයට අඩුතරමින් දෙන්නෙමු’යි හෝ ‘දැන් කපු සුලභය, පෙර යමක් දෙමුද, එයට වැඩිතරමින් දෙන්නෙමු’යි හෝ කියත්නම් එය සලකා එයට අනුරූප නයින් උන් උන්ගේ සෙනසුනෙහි මහණුන්ට වස්සාවාසිකය ගැන්විය යුතුය.

සචෙ මනුස‍්සා වදන‍්ති – “යස‍්ස අම‍්හාකං වස‍්සාවාසිකං පාපුණාති, සො තෙමාසං පානීයං උපට‍්ඨාපෙතු, විහාරමග‍්ගං ජග‍්ගතු, චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණානි ජග‍්ගතු, බොධිරුක‍්ඛෙ උදකං ආසිඤ‍්චතූ”ති, යස‍්ස තං පාපුණාති, තස‍්ස ආචික‍්ඛිතබ‍්බං. යො පන ගාමො පටික‍්කම‍්ම යොජනද‍්වියොජනන‍්තරෙ හොති, තත්‍ර චෙ කුලානි උපනික‍්ඛෙපං ඨපෙත්‍වා විහාරෙ වස‍්සාවාසිකං දෙන‍්තියෙව, තානි කුලානි අපුච‍්ඡිත්‍වාපි තෙසං සෙනාසනෙ වත‍්තං කත්‍වා වසන‍්තස‍්ස වස‍්සාවාසිකං ගාහෙතබ‍්බං. සචෙ පන තෙසං සෙනාසනෙ පංසුකූලිකො වසති, ආගතඤ‍්ච තං දිස‍්වා “තුම‍්හාකං වස‍්සාවාසිකං දෙමා”ති වදන‍්ති, තෙන සඞ‍්ඝස‍්ස ආචික‍්ඛිතබ‍්බං. සචෙ තානි කුලානි සඞ‍්ඝස‍්ස දාතුං න ඉච‍්ඡන‍්ති, “තුම‍්හාකංයෙව දෙමා”ති වදන‍්ති, සභාගො භික‍්ඛු “වත‍්තං කත්‍වා ගණ‍්හාහී”ති වත‍්තබ‍්බො. පංසුකූලිකස‍්ස පනෙතං න වට‍්ටති, ඉති සද‍්ධාදෙය්‍යෙ දායකමනුස‍්සා පුච‍්ඡිතබ‍්බා.

මිනිස්සු ‘යම් මහණක්හටට අපගේ වස්සාවාසිකය පැමිණේද, හෙතෙමේ තෙමස මුළුල්ලෙහි පැන් එළවාවා, විහාරමාර්‍ගය දැගුම් කරාවා, සෑමිදුල් බෝමිදුල් හැමදීම් ආදියෙන් දැගුම් කරාවා, බෝරුකට පැන් ඉසීවා’යි කියත්නම්, යම් මහණක්හට ඒ සෙනසුන පැමිණේද, ඒ මහණහුට කියයුතුය. යම් ගමෙක් විහාරයෙන් ඈත්ව යොදුනක් දෙයොදුනක් අතරවේද, කුලවාසීහු ඒ විහාරයෙහි වැඩීම පිණිස කහවණු ආදිය තබා හෝ කෙත්වත් ආදිය නියමකොට හෝ විහාරයෙහි වස්සාවාසිකය දෙත්මද, ඒ කුලවැසියන් නොවිචාරාද ඔවුන්ගේ සෙනසුනෙහි වත්කොට වසන්නහුට වස්සාවාසිකය ගැන්විය යුතුය. ඉදින් ඔවුන්ගේ සෙනසුනෙහි පංසුකූලික භික්‍ෂුනමක් වෙසේනම් ආවාවූද ඔහු දැක ‘යුෂ්මතුන්ට වස්සාවාසිකය දෙම්හ’යි කියත්ද, ඒ පංසුකූලිකයා විසින් සඞ්ඝයාට කියයුතුය. ඒ කුලයෝ සඞ්ඝයාට දෙන්නට නොකැමැති වෙත්නම්, යුෂ්මතුන්ටම දෙම්හ’යි කියත්නම්, සභාග භික්‍ෂුනමක්වත් කොට ගණුව’යි කියයුත්තේය. පංසුකූලිකයාහට වනාහි මෙය නොවටියි. මේ අයුරෙන් ශ්‍රද්ධාවෙන් දියයුතු වස්සාවාසිකලාහ විසයෙහි දෙන මනුෂ්‍යයෝ විචාරිය යුත්තාහ.

තත්‍රුප‍්පාදෙ පන කප‍්පියකාරකා පුච‍්ඡිතබ‍්බා. කථං පුච‍්ඡිතබ‍්බා? “කිං, ආවුසො, සඞ‍්ඝස‍්ස භණ‍්ඩපටිච‍්ඡාදනං භවිස‍්සතී”ති. සචෙ වදන‍්ති – “භවිස‍්සති, භන‍්තෙ, එකෙකස‍්ස නවහත්‍ථං සාටකං දස‍්සාම, වස‍්සාවාසිකං ගාහෙථා”ති, ගාහෙතබ‍්බං. සචෙපි වදන‍්ති – “සාටකං නත්‍ථි; වත්‍ථු පන අත්‍ථි, ගාහෙථ, භන‍්තෙ”ති, වත්‍ථුම‍්හි සන‍්තෙපි ගාහෙතුං වට‍්ටතියෙව. කප‍්පියකාරකානඤ‍්හි හත්‍ථෙ “කප‍්පියභණ‍්ඩං පරිභුඤ‍්ජථා”ති දින‍්නවත්‍ථුතො යං යං කප‍්පං, තං තං සබ‍්බං පරිභුඤ‍්ජිතුං අනුඤ‍්ඤාතං.

තත්‍රැප්පාදය කරණභූතව කැපකරුවෝ විචාරිය යුත්තාහ. කෙසේ විචාරය යුත්තාහුද, යත්:- “ඇවැත්නි’ කිම, සඞ්ඝයාගේ භාණ්ඩවසන භාණ්ඩත් සිරුර වසන සිවුරුත් වන්නේදැ’යි විචාරිය යුත්තාහ. ‘ස්වාමීනි’ වන්නේය, එක් එක් මහණක්හට නවරියන් සළුවක් දෙන්නෙමු, වස්සාවාසිකය ගන්වවුයි කියත් නම් ගැන්විය යුත්තේය. ඉදිනුදු සළු නැත, සළු උපදවන කහවණු ඇත, ස්වාමීනි ගැන්වුව මැනැවැයි’ කියත්නම් වස්තුව ඇති කල්හිද ගන්වන්නට වටීමය. කැපකරුවන්ගේ අතෙහි ‘කැපබඩු පරිභොග කරවු’යි දුන් වස්තුවෙන් යමක් යමක් කැපවේද ඒ සියල්ල පරිභොග කිරීමට අනුදන්නාලදී.

යං පනෙත්‍ථ පිණ‍්ඩපාතත්‍ථාය ගිලානපච‍්චයත්‍ථාය වා උද‍්දිස‍්ස දින‍්නං, තං චීවරෙ උපනාමෙන‍්තෙහි සඞ‍්ඝසුට‍්ඨුතාය අපලොකෙත්‍වා උපනාමෙතබ‍්බං. සෙනාසනත්‍ථාය උද‍්දිස‍්ස දින‍්නං ගරුභණ‍්ඩං හොති, චීවරවසෙනෙව චතුපච‍්චයවසෙන වා දින‍්නං චීවරෙ උපනාමෙන‍්තානං අපලොකනකම‍්මකිච‍්චං නත්‍ථි, අපලොකනකම‍්මං කරොන‍්තෙහි ච පුග‍්ගලවසෙනෙව කාතබ‍්බං, සඞ‍්ඝවසෙන න කාතබ‍්බං. ජාතරූපරජතවසෙනාපි ආමකධඤ‍්ඤවසෙන වා අපලොකනකම‍්මං න වට‍්ටති. කප‍්පියභණ‍්ඩවසෙන චීවරතණ‍්ඩුලාදිවසෙනෙව ච වට‍්ටති. තං පන එවං කත‍්තබ‍්බං – “ඉදානි සුභික‍්ඛං සුලභපිණ‍්ඩං, භික‍්ඛූ චීවරෙන කිලමන‍්ති, එත‍්තකං නාම තණ‍්ඩුලභාගං භික‍්ඛූනං චීවරං කාතුං රුච‍්චතී”ති. “ගිලානපච‍්චයො සුලභො ගිලානො වා නත්‍ථි, එත‍්තකං නාම තණ‍්ඩුලභාගං භික‍්ඛූනං චීවරං කාතුං රුච‍්චතී”ති.

එහි යමක් පිණ්ඩපාතය පිණිස හෝ ගිලන්පස පිණිස හෝ උදෙසා දෙන ලද්දේ ද, එය සිවුරෙහි එළවන්නවුන් විසින් සඞ්ඝයාට හිත පිණිස අපලොකනයකොට එළවිය යුතුය. සෙනසුන් පිණිස උදෙසා දෙන ලද ඒ දුන්දෙය ගරුභාණ්ඩයක් වේද, චීවර වශයෙන්ම හෝ සිවුපසය වසයෙන් හෝ දෙනලද දෙය සිවුරෙහි එළවන්නන්ට අපලොකන කෘත්‍යයක් නැත්තේය. අපලොකන කර්‍මය කරන්නවුන් විසින්ද “භික්‍ඛූ චීවරෙන කිලමන්ති එත්තකං නාම තණ්ඩුලභාගං භික්‍ඛූනං චීවරං කාතුං රුච්චති” යනාදීන් පුද්ගල පරාමර්‍ෂණ වශයෙන්ම කටයුතුය. “සඞ්ඝො චීවරෙන කිලමති” යනාදීන් සඞ්ඝපරාමර්‍ෂණ වශයෙන් නොකටයුතුය. ජාතරූපරජත වශයෙන් හෝ ආමකධාන්‍ය වශයෙන් හෝ අපලොකනකර්‍මය නොවටියි. කප්පියභාණ්ඩ වශයෙන්ද, චීවර තණ්ඩුලාදි වශයෙන්ද වටියි. ඒ අපලොකනය වනාහි “ඉදානි සුභික්‍ඛං සුලභං පිණ්ඩං භික්‍ඛු චීවරෙන කිලමන්ති, “එත්තකංනාම තණ්ඩුලභාගං භික්‍ඛූනං චීවරං කාතුං රුච්චති”යි මෙසේ කටයුතුය. ග්ලානප්‍රත්‍යය සුලභවේද, ගිලන්හු නැත්තාහුද “එත්තකං නාම තණ්ඩුලභාගං භික්‍ඛූනං චීවරං කාතුං රුච්චති” යි

එවං චීවරපච‍්චයං සල‍්ලක‍්ඛෙත්‍වා සෙනාසනස‍්ස කාලෙ ඝොසිතෙ සන‍්නිපතිතෙ සඞ‍්ඝෙ සෙනාසනග‍්ගාහකො සම‍්මන‍්නිතබ‍්බො. සම‍්මන‍්නන‍්තෙන ච ද‍්වෙ සම‍්මන‍්නිතබ‍්බාති වුත‍්තං. එවඤ‍්හි නවකො වුඩ‍්ඪතරස‍්ස, වුඩ‍්ඪො ච නවකස‍්ස ගාහෙස‍්සති. මහන‍්තෙ පන මහාවිහාරසදිසෙ විහාරෙ තයො චත‍්තාරො ජනා සම‍්මන‍්නිතබ‍්බා. කුරුන්‍දියං පන “අට‍්ඨපි සොළසපි ජනෙ සම‍්මන‍්නිතුං වට‍්ටතී”ති වුත‍්තං. තෙසං සම‍්මුති කම‍්මවාචායපි අපලොකනෙනපි වට‍්ටතියෙව.

මෙසේ ශ්‍රද්ධාවෙන් දිය යුතු තත්‍රොත්පාදාදි වශයෙන් ඒ වස්සාවාසයෙහි ලබන චීවරසඞ්ඛ්‍යාතප්‍රත්‍යය මෙපමණෙකැයි පිරිසිඳ මෙසේ චීවරප්‍රත්‍යය සලකා සෙනසුන පිළිබඳ කාලඝෝෂා කළ කල්හි සඞ්ඝයා රැස්වූ කල්හි සෙනසුන් ගන්වන්නෙක් සම්මත කටයුතුය. සම්මත කරන්නවුන් විසින්ද දෙදෙනෙක් සම්මත කටයුත්තාහයි කියනලදී. මෙසේ වනාහි, නවක තෙමේ වෘද්ධයාහටද වෘද්ධ තෙමේ නවකයාහටද ගන්වන්නේය. මහත් වූ මහාවිහාරය සමාන වූ විහාරයෙහි තුන්හතරදෙනෙක් සම්මත කටයුත්තාහ. කුරුන්‍දියෙහි වනාහි අටදෙනකු හෝ සොළොස් දෙනකු හෝ එක්ම කර්‍මවාක්‍යයෙන් සම්මත කිරීම වටීයයි කියන ලදී. ඔවුන්ගේ සම්මුතිතොමෝ කර්‍මවාක්‍යයෙන් හෝ අපලොකනයෙන් හෝ වටීමය.

තෙහි සම‍්මතෙහි භික‍්ඛූහි සෙනාසනං සල‍්ලක‍්ඛෙතබ‍්බං, චෙතියඝරං බොධිඝරං ආසනඝරං සම‍්මුඤ‍්ජනිඅට‍්ටො දාරුඅට‍්ටො වච‍්චකුටි ඉට‍්ඨකසාලා වඩ‍්ඪකිසාලා ද‍්වාරකොට‍්ඨකො පානීයමාළො මග‍්ගො පොක‍්ඛරණීති එතානි හි අසෙනාසනානි, විහාරො අඩ‍්ඪයොගො පාසාදො හම‍්මියං ගුහා මණ‍්ඩපො රුක‍්ඛමූලං වෙළුගුම‍්බොති ඉමානි සෙනාසනානි, තානි ගාහෙතබ‍්බානි. ගාහෙන‍්තෙන ච “පඨමං භික‍්ඛූ ගණෙතුං, භික‍්ඛූ ගණෙත්‍වා සෙය්‍යා ගණෙතු”න‍්ති එත්‍ථ වුත‍්තනයෙන ගාහෙතබ‍්බානි. සචෙ සඞ‍්ඝිකො ච සද‍්ධාදෙය්‍යො චාති ද‍්වෙ චීවරපච‍්චයා හොන‍්ති, තෙසු යං භික‍්ඛූ පඨමං ගණ‍්හිතුං ඉච‍්ඡන‍්ති, තං ගාහෙත්‍වා තස‍්ස ඨිතිකතො පට‍්ඨාය ඉතරො ගාහෙතබ‍්බො.

සම්මතය ලද ඒ මහණුන් විසින් සෙනසුන සැලකිය යුතුය. සෑගේය. බොහෝ පිළිමගේය මුසුන් අටල්ලය, දැව අටල්ලය, වැසිකිළිය උළුගඩොල්හලය, වඩුහලය දොරකොටුවය, පැන්මළුවය, උපචාර සීමාව තුළ ගමට අභිමුඛකොට මග කළ ශාලාවය, පොකුණලඟ කරණ ශාලාවය යන මොවුහු සෙනාසන නොවේ විහාරය අදර්‍ධයෝගය ප්‍රාසාදය හම්මිය ගුහාය මණ්ඩපය වෘක්‍ෂමූලය හුණලැහැබය යන මොවුහු සෙනාසන වේ. ඒ සෙනාසන ගැන්විය යුතුය. ගන්වන්නහු විසින් පළමුකොට මහණුන් ගැණීම මහණුන් ගැන සෙනසුන් ගැණීම යන මෙහි කියූලෙසින් ගැන්විය යුතුය. ඉදින් සඞ්ඝිකද සද්ධාදෙය්‍යදැයි චීවරප්‍රත්‍යය දෙකක් වේනම්, එදෙක අතුරෙහි භික්‍ෂූහු යමක් පළමුකොට ගැනීමට කැමැති වෙත්ද, එය ගන්වා ඔහු පිළිබඳ ඨිතිකාවෙහි පටන් අන්‍යා ගැන්විය යුතුය.

සචෙ පන භික‍්ඛූනං අප‍්පතාය පරිවෙණග‍්ගෙන සෙනාසනෙ ගාහියමානෙ එකං පරිවෙණං මහාලාභං හොති, දස වා ද‍්වාදස වා චීවරානි ලභන‍්ති, තං විජටෙත්‍වා අඤ‍්ඤෙසු අලාභකෙසු ආවාසෙසු පක‍්ඛිපිත්‍වා අඤ‍්ඤෙසම‍්පි භික‍්ඛූනං ගාහෙතබ‍්බන‍්ති මහාසුමත්‍ථෙරො ආහ. මහාපදුමත්‍ථෙරො පනාහ – “න එවං කාතබ‍්බං, මනුස‍්සා හි අත‍්තනො ආවාසජග‍්ගනත්‍ථාය පච‍්චයං දෙන‍්ති, තස‍්මා අඤ‍්ඤෙහි භික‍්ඛූහි තත්‍ථ පවිසිතබ‍්බ”න‍්ති. සචෙ පනෙත්‍ථ මහාථෙරො පටික‍්කොසති – “මාවුසො, එවං ගාහෙථ, භගවතො අනුසිට‍්ඨිං කරොථ, වුත‍්තඤ‍්හෙතං භගවතා – ‘අනුජානාමි, භික‍්ඛවෙ, පරිවෙණග‍්ගෙන ගාහෙතු’”න‍්ති තස‍්ස පටික‍්කොසනාය අට‍්ඨත්‍වා “භන‍්තෙ භික‍්ඛූ බහූ, පච‍්චයො මන්‍දො, සඞ‍්ගහං කාතුං වට‍්ටතී”ති තං සඤ‍්ඤාපෙත්‍වා ගාහෙතබ‍්බමෙව.

මහණුන් මඳකල්හි පිරිවෙන් පිරිසිඳීමෙන් සෙනාසන ගන්වනු ලබන කල්හි එක් පිරිවෙණක් මහත්ලාභ ඇත්තේ වේනම් දසයක් හෝ දොළොසක් සිවුරු ලබත්නම් ඒ ලාභය එකකු එකකුහට සෑහෙන පමණින් වෙන්කොට ලැබීම් නැති අන් සෙනසුන්හි බහා අනිකුදු මහණුන්ට ගැන්විය යුතුයයි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි ‘මෙසේ නොකටයුතුය. යම්හෙයකින් මිනිස්සු තමතමන්ගේ ආවාස දැගුම් පිණිස ප්‍රත්‍යය දෙත්ද, එහෙයින් අන් මහණුන් එහි පිවිසිය යුතුය’යි කීහ. එහිදී මහාස්ථවිර තෙමේ ‘ඇවැත්නි’ මෙසේ සෙනසුන් නොගන්වවු, භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය කරවු, “අනුජානාමි භික්‍ඛවෙ පරිවෙණග්ගෙන ගාහෙතුං”යි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කරුණ වදාරණ ලද්දේමයයි වළකාද, ඔහුගේ වැළක්වීමෙහි නොසිට ‘ස්වාමීනි’ භික්‍ෂූහු බොහෝය, ප්‍රත්‍යය මඳය, සඞ්ග්‍රහ කිරීම වටීයයි ඒ මහතෙරුන්ට අවබෝධ කරවා ගැන්විය යුතුමය.

ගාහෙන‍්තෙන ච සම‍්මතෙන භික‍්ඛුනා මහාථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා එවං වත‍්තබ‍්බං – “භන‍්තෙ, තුම‍්හාකං සෙනාසනං පාපුණාති, ගණ‍්හථ පච‍්චයං ධාරෙථා”ති. “අසුකකුලස‍්ස පච‍්චයො අසුකසෙනාසනඤ‍්ච මය‍්හං පාපුණාති, ආවුසො”ති, “පාපුණාති, භන‍්තෙ, ගණ‍්හථ න”න‍්ති, “ගණ‍්හාමි, ආවුසො”ති, ගහිතං හොති. සචෙ පන “ගහිතං වො, භන‍්තෙ”ති වුත‍්තෙ “ගහිතං මෙ”ති වා “ගණ‍්හිස‍්සථ, භන‍්තෙ”ති වුත‍්තෙ “ගණ‍්හිස‍්සාමී”ති වා වදති, “අගහිතං හොතී”ති මහාසුමත්‍ථෙරො ආහ. මහාපදුමත්‍ථෙරො පනාහ – “අතීතානාගතවචනං වා හොතු, වත‍්තමානවචනං වා, සතුප‍්පාදමත‍්තආලයකරණමත‍්තමෙව චෙත්‍ථ පමාණං, තස‍්මා ගහිතමෙව හොතී”ති.

ගන්වන්නාවූ සම්මතය ලද මහණහු විසින් මහතෙරුන් වෙතට ගොස් ‘ස්වාමීනි’, ඔබවහන්සේට සෙනසුන පැමිණේ, ප්‍රත්‍යය ගනුමැනැව, දැරුව මැනැවැ’යි මෙසේ කියයුතුය. ‘අසුවල් කුලයාගේ ප්‍රත්‍යයද අසුවල් සෙනසුනද ඇවැත්නි’ මට පැමිණේදැයි විචාරාද, ස්වාමිනි’ පැමිණේ, එය ගනු මැනැවැයි කියයුතුය. ‘ඇවැත්නි’ ගණිමි’යි කියා නම් ගන්නා ලද්දේ වේ. ‘ස්වාමීනි ඔබවහන්සේ විසින් ගන්නා ලදදැ’යි විචාළ කල්හි ‘මා විසින් ගන්නා ලදැයි හෝ ‘ස්වාමීනි’ ගන්නෙහිදැ’යි විචාළ කල්හි ‘ගන්නෙමි’යි හෝ කියාද, ‘නොගන්නා ලද්දේවේය’යි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි “අතීතානාගත වචනයක් හෝ වේවා, වර්‍තමාන වචනයෙක් හෝ වේවා, සිහි ඉපදවීම පමණක්, ආලය කිරීම පමණක්ම මෙහි ප්‍රමාණ වේ. එහෙයින් ගන්නා ලද්දේමවේයයි කීහ.

යොපි පංසුකූලිකො භික‍්ඛු සෙනාසනං ගහෙත්‍වා පච‍්චයං විස‍්සජ‍්ජෙති, අයම‍්පි න අඤ‍්ඤස‍්මිං ආවාසෙ පක‍්ඛිපිතබ‍්බො. තස‍්මිංයෙව පරිවෙණෙ අග‍්ගිසාලාය වා දීඝසාලාය වා රුක‍්ඛමූලෙ වා අඤ‍්ඤස‍්ස ගාහෙතුං වට‍්ටති. පංසුකූලිකො “වසාමී”ති සෙනාසනං ජග‍්ගිස‍්සති, ඉතරො “පච‍්චයං ගණ‍්හාමී”ති, එවං ද‍්වීහි කාරණෙහි සෙනාසනං සුජග‍්ගිතතරං භවිස‍්සති. මහාපච‍්චරියං පන වුත‍්තං – “පංසුකූලිකෙ වාසත්‍ථාය සෙනාසනං ගණ‍්හන‍්තෙ සෙනාසනග‍්ගාහාපකෙන වත‍්තබ‍්බං – ‘භන‍්තෙ, ඉධ පච‍්චයො අත්‍ථි, සො කිං කාතබ‍්බො’ති. තෙන ‘හෙට‍්ඨා අඤ‍්ඤං ගාහාපෙහී’ති වත‍්තබ‍්බො. සචෙ පන කිඤ‍්චි අවත්‍වාව වසති, වුත්‍ථවස‍්සස‍්ස ච පාදමූලෙ ඨපෙත්‍වා සාටකං දෙන‍්ති, වට‍්ටති. අථ වස‍්සාවාසිකං දෙමාති වදන‍්ති, තස‍්මිං සෙනාසනෙ වස‍්සංවුත්‍ථභික‍්ඛූනං පාපුණාතී”ති. යෙසං පන සෙනාසනං නත්‍ථි; කෙවලං පච‍්චයමෙව දෙන‍්ති, තෙසං පච‍්චයං අවස‍්සාවාසිකෙ සෙනාසනෙ ගාහෙතුං වට‍්ටති.

පංසුකූලික වූ යම් මහණෙක්වේද, හෙතෙමේ සෙනසුන ගෙණ චීවරප්‍රත්‍යය හැරදමාද නොඉවසාද ඔහු විසින් හැරදැමූ මේ ප්‍රත්‍යයද අන් ආවාසයෙක නොබැහිය යුතුය. එම පිරිවෙණෙහි ගිනිහලෙහි හෝ සක්මන් මළුවෙහි හෝ රුක්මුලෙහි හෝ අනිකක්හට ගන්වන්නට වටියි. පංසුකූලික තෙමේම ස්වාමි’යි සෙනසුන පිළිදැගුම් කෙරේද, අන්‍යයා ප්‍රත්‍යය ගණිමි’යි මෙසේ දෙකරුණින් සෙනසුන අතිශයින් මොනවට දැගුම් ලද්දෙක් වන්නේය. මහාපච්චරියෙහි වනාහි පංසුකූලිකයා විසීම පිණිස සෙනසුන ගන්නා කල්හි සෙනසුන ගන්වන්නහු විසින් ‘ස්වාමීනි’ මෙහි ප්‍රත්‍යය ඇත්තේය, ඒ ප්‍රත්‍යය කුමක් කටයුතුදැ’යි විචාරිය යුත්තේයයි කියනලදී. ඒ පංසුකූලිකයා විසින් යට අනිකක්හට ගන්වන්නැ’යි කියයුතුය. ඉදින් කිසිවක් නොකියාම වෙසේනම්, විසූවස් ඇති මොහුගේම පාමුල්හි තබා සළුවක් දෙත්නම් වටියි. නැවත වස්සාවාසිකය දෙමුයි කියත්ද, ඒ සෙනසුනෙහි වස් විසූ මහණුන්ට පැමිණේ. යම් කෙනකුන්ට සෙනසුනක් නැත්තේද, හුදෙක් ප්‍රත්‍යය පමණක්ම දෙත්ද ඔවුන්ගේ ප්‍රත්‍යය වස්සාවාසිකය නැත්තාවූ සෙනසුනෙහි මහණුන්ට ගැන්වීම සුදුසු වේ.

මනුස‍්සා ථූපං කත්‍වා වස‍්සාවාසිකං ගාහාපෙන‍්ති, ථූපො නාම අසෙනාසනං, තස‍්ස සමීපෙ රුක‍්ඛෙ වා මණ‍්ඩපෙ වා උපනිබන්‍ධිත්‍වා ගාහාපෙතබ‍්බං. තෙන භික‍්ඛුනා චෙතියං පටිජග‍්ගිතබ‍්බං. බොධිරුක‍්ඛබොධිඝරආසනඝරසම‍්මුඤ‍්ජනිඅට‍්ටදාරුඅට‍්ටවච‍්චකුටිද‍්වාරකොට‍්ඨකපානීයමාළකදන‍්තකට‍්ඨමාළකෙසුපි එසෙව නයො. භොජනසාලා පන සෙනාසනමෙව, තස‍්මා තං එකස‍්ස වා බහූනං වා පරිච‍්ඡින්‍දිත්‍වා ගාහෙතුං වට‍්ටතීති සබ‍්බමිදං විත්‍ථාරෙන මහාපච‍්චරියං වුත‍්තං.

මිනිස්සු ථූපයක් කොට වස්සාවාසිකය ගන්වත් නම් ථූපය සෙනසුනක් නොවේ. ඒ ථූපය සමීපයෙහි රුකෙක හෝ මණ්ඩපයෙක හෝ ‘මේ රුකෙහි හෝ මණ්ඩපයෙහි හෝ වැස සිවුර ගණිවු’යි බැඳ ගැන්විය යුතුය. ඒ මහණහු විසින් සෑය පිළිදැගුම් කටයුතුය. බෝරුක බෝගෙය පිළිමගෙය මුසුන් අටල්ලය. දැව අටල්ලය වැසිකිළිය දොරකොටුවය. පැන්කිළිය පැන්මළුව දැහැටිමළුව යන මෙතන්හිද මෙමනය වේ. බොජුන්හල වනාහි සෙනසුනම වේ. එහෙයින් ඒ බොජුන්හල එක් මහණක්හට හෝ බොහෝ මහණුන්ට හෝ පිරිසිඳ ගන්වන්නට වටියි. මේ සියල්ල මහාපච්චරියෙහි විස්තර විසින් කියන ලදී.

සෙනාසනග‍්ගාහාපකෙන පන පාටිපදඅරුණතො පට‍්ඨාය යාව පුන අරුණං න භිජ‍්ජති තාව ගාහෙතබ‍්බං, ඉදඤ‍්හි සෙනාසනග‍්ගාහස‍්ස ඛෙත‍්තං. සචෙ පාතොව ගාහිතෙ සෙනාසනෙ අඤ‍්ඤො විතක‍්කචාරිකො භික‍්ඛු ආගන‍්ත්‍වා සෙනාසනං යාචති, “ගහිතං, භන‍්තෙ, සෙනාසනං, වස‍්සූපගතො සඞ‍්ඝො, රමණීයො විහාරො, රුක‍්ඛමූලාදීසු යත්‍ථ ඉච‍්ඡථ තත්‍ථ වසථා”ති වත‍්තබ‍්බො. වස‍්සූපගතෙහි අන‍්තොවස‍්සෙ නිබද‍්ධවත‍්තං ඨපෙත්‍වා වස‍්සූපගතා භික‍්ඛූ “සම‍්මුඤ‍්ජනියො බන්‍ධථා”ති වත‍්තබ‍්බා. සුලභා චෙ දණ‍්ඩකා චෙව සලාකායො ච හොන‍්ති, එකෙකෙන ඡ පඤ‍්ච මුට‍්ඨිසම‍්මුඤ‍්ජනියො, ද‍්වෙ තිස‍්සො යට‍්ඨිසම‍්මුඤ‍්ජනියො වා බන්‍ධිතබ‍්බා. දුල‍්ලභා චෙ හොන‍්ති, ද‍්වෙ තිස‍්සො මුට‍්ඨිසම‍්මුඤ‍්ජනියො එකා යට‍්ඨිසම‍්මුඤ‍්ජනී බන්‍ධිතබ‍්බා. සාමණෙරෙහි පඤ‍්ච පඤ‍්ච උක‍්කා කොට‍්ටෙතබ‍්බා. වසනට‍්ඨානෙ කසාවපරිභණ‍්ඩං කාතබ‍්බං.

සෙනසුන් ගන්වන්නහු විසින් වස් එළැඹෙන දින පෑළවිය අරුණ පටන් යම්තාක් නැවැත අරුණ නොබිදේද, ඒතාක් ගැන්විය යුතුය. මේ වනාහි සෙනසුන් ගැන්වීමට ක්‍ෂෙත්‍රයයි. ඉදින් උදෑසනම සෙනසුන් ගැන්වූ කල්හි කොතැන වසන්නෙම්ද, කොතැන වසන්නහුට පහසුවන්නේද, කොතැන ප්‍රත්‍යය ලැබෙන්නේදැ’යි මෙසේ උපන් විතර්‍කයෙන් හැසිරෙන අන් මහණෙක් අවුත් සෙනසුනක් ඉල්ලාද, ‘ස්වාමීනි’ සෙනසුන් ගෙන්වන ලද්දේය, සඞ්ඝතෙමේ වස් එළැඹියේය, විහාරය සිත්කලුය, රුක්මුල් ආදීන් අතුරෙහි යම් තැනක කැමැතිවහුද, එහි විසුව මැනැවැ’යි කියයුතුය. වස් එළැඹියවුන් විසින් වසතුළ සජ්ඣායන මනසිකාරාදීන් අතුරෙහි නිතර කටයුතු කතිකාවත තබා වස් එළැඹි මහණෝ මුසුන් බඳිවු’යි කියයුත්තාහ. දඬුද ඉරටුද සුලභ වෙත්නම්, එක් එක් මහණක්හු විසින් මිටි මුසුන් පහක් හයක් හෝ යටමුසුන් දෙකක් තුනක් හෝ බැන්ද යුතුය. දඬු හා ඉරටු දුලර්‍භ වේනම් දෙකක් තුනක් මිටිමුසුන්, එක් යට මුසුනක් බැන්ද යුතුය. හෙරණුන් විසින් පසක් පසක් දඩුවැට (උක්කා) කෙටියයුතුය. වසනතන්හි කසට දියෙන් පිරිබඩ කටයුතුය.

වත‍්තං කරොන‍්තෙහි පන “න උද‍්දිසිතබ‍්බං, න උද‍්දිසාපෙතබ‍්බං, න සජ‍්ඣායො කාතබ‍්බො, න පබ‍්බාජෙතබ‍්බං, න උපසම‍්පාදෙතබ‍්බං, න නිස‍්සයො දාතබ‍්බො, න ධම‍්මසවනං කාතබ‍්බං, සබ‍්බෙව හි එතෙ පපඤ‍්චා. නිප‍්පපඤ‍්චා හුත්‍වා සමණධම‍්මමෙව කරිස‍්සාමා”ති වා “සබ‍්බෙ තෙරස ධුතඞ‍්ගානි සමාදියන‍්තු, සෙය්‍යං අකප‍්පෙත්‍වා ඨානචඞ‍්කමෙහි වීතිනාමෙන‍්තු, මූගබ‍්බතං ගණ‍්හන‍්තු, සත‍්තාහකරණීයෙන ගතාපි භාජනීයභණ‍්ඩං ලභන‍්තූ”ති වා එවරූපං අධම‍්මිකවත‍්තං න කාතබ‍්බං. එවං පන කාතබ‍්බං – පරියත‍්තිධම‍්මො නාම තිවිධම‍්පි සද‍්ධම‍්මං පතිට‍්ඨාපෙති; තස‍්මා සක‍්කච‍්චං උද‍්දිසථ, උද‍්දිසාපෙථ, සජ‍්ඣායං කරොථ, පධානඝරෙ වසන‍්තානං සඞ‍්ඝට‍්ටනං අකත්‍වා අන‍්තොවිහාරෙ නිසීදිත්‍වා උද‍්දිසථ, උද‍්දිසාපෙථ, සජ‍්ඣායං කරොථ, ධම‍්මසවනං සමිද‍්ධං කරොථ, පබ‍්බාජෙන‍්තා සොධෙත්‍වා පබ‍්බාජෙථ, සොධෙත්‍වා උපසම‍්පාදෙථ, සොධෙත්‍වා නිස‍්සයං දෙථ, එකොපි හි කුලපුත‍්තො පබ‍්බජ‍්ජං උපසම‍්පදඤ‍්ච ලභිත්‍වා සකලසාසනං පතිට‍්ඨාපෙති, අත‍්තනො ථාමෙන යත‍්තකානි සක‍්කොථ තත‍්තකානි ධුතඞ‍්ගානි සමාදියථ. අන‍්තොවස‍්සං නාමෙතං සකලදිවසං රත‍්තියා ච පඨමපච‍්ඡිමයාමෙසු අප‍්පමත‍්තෙහි භවිතබ‍්බං, වීරියං ආරභිතබ‍්බං. පොරාණකමහාථෙරාපි සබ‍්බපලිබොධෙ ඡින්‍දිත්‍වා අන‍්තොවස‍්සෙ එකචාරිකවත‍්තං පූරයිංසු, භස‍්සෙ මත‍්තං ජානිත්‍වා දසවත්‍ථුකකථං දසඅසුභදසානුස‍්සතිඅට‍්ඨතිංසාරම‍්මණකථඤ‍්ච කාතුං වට‍්ටති, ආගන‍්තුකානං වත‍්තං කාතුං සත‍්තාහකරණීයෙන ගතානං අපලොකෙත්‍වා දාතුං වට‍්ටතීති එවරූපං වත‍්තං කාතබ‍්බං.

වත්කරන්නවුන් විසින් උදෙසීම නොකටයුතුය. උදෙසවීම නොකටයුතුය. සජ්ඣායනා නොකටයුතුය. පැවිදි නොකටයුතුය. උපසම්පදා නොකටයුතුය. නිසනොදිය යුතුය. ධර්‍මශ්‍රවණය නොකටයුතුය. මේ සියල්ලෝම ප්‍රමාදයට කරුණුය. ප්‍රමාද රහිතවූවෝම ශ්‍රමණධර්‍මයම කරන්නෙමු’යි හෝ ‘සියල්ලෝ තෙළෙස් දුහඟ. සමාදන් වෙත්වා. සයනය නොකොට සිටීමෙන් හා සක්මන් කිරීමෙන් කල් ඉක්මවත්වා. මූගව්‍රතය ගණිත්වා. සත්තාහකරණීයයෙන් ගියාහුද බෙදිය යුතු භාණ්ඩ ලබත්වා’යි හෝ මෙබඳු අධාර්මික වත නොකටයුතුය. මෙසේ වනාහි කටයුතුය:- පර්‍ය්‍යාප්ති ධර්‍මය නම් පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවෙධ සඞ්ඛ්‍යාත ත්‍රිවිධ ශාසනය පිහිටුවයි. එහෙයින් සකස්ව උදෙසවු. උදෙසවවු. සජ්ඣායනා කරවු. ප්‍රදහනගෘහයෙහි වසන්නවුන්ට ගැටීම් නොකොට වෙහෙර තුල හිද උදෙසවූ උදෙසවවු, සජ්ඣායනා කරවු. ධර්‍මශ්‍රවණය සමෘද්ධ කරවු. පැවිදි කරන්නෝ පළමුකොට ආචාරකුල පුත්‍රයන් පරීක්‍ෂාකොට පැවිදි කරවු. ශුද්ධකොට උපසම්පදා කරවු. පැවතුම් ආදිය මනාකොට සොයා ශුද්ධකොට නිස දෙවු එකද කුලපුත්‍රයෙක් තෙමේ ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද ලබා සියලු සසුන පිහිටුවාලන්නේය. තමන්ගේ ශක්තියෙන් යම්පමණ කරන්නට හැකිවනු නම් එපමණ ධුතාඞ්ග සමාදන්වවු. මේ වසතුළ නම් සියලු දින රාත්‍රියෙහිද ප්‍රථම-පශ්චිමයාම දෙක්හි අප්‍රමත්ත වියයුතුය. වැර ඇරඹිය යුතුය. පුරාණ මහාස්ථවිරයන් වහන්සේලාද සියලු පළිබොධයන් සිඳ ඇතුළුවස ගණසඞ්ඝණිකාව හැර තනිව හැසිරිය යුතු බැවින් භාවනාකර්‍ම සඞ්ඛ්‍යාත එකචාරිකවත පිරූවාහුමය. කථාවෙහි පමණ දැන දශකථාවස්තුවද දශ අශුභානුස්මෘතියද අෂ්ටත්‍රිංශත් ආලම්බන කථාවද කිරීම හා ආගන්තුක වත් කිරීම වටියි. සත්තාහකරණීයයෙන් ගියවුන්ට අපලොකනය කොටදියයුතුය’යි මෙබඳු වත් කිරීම කටයුතුය.

අපිච භික‍්ඛූ ඔවදිතබ‍්බා – “විග‍්ගාහිකපිසුණඵරුසවචනානි මා වදථ, දිවසෙ දිවසෙ සීලානි ආවජ‍්ජෙන‍්තා චතුරාරක‍්ඛං අහාපෙන‍්තා මනසිකාරබහුලා විහරථා”ති. දන‍්තකට‍්ඨඛාදනවත‍්තං ආචික‍්ඛිතබ‍්බං, චෙතියං වා බොධිං වා වන්‍දන‍්තෙන ගන්‍ධමාලං වා පූජෙන‍්තෙන පත‍්තං වා ථවිකාය පක‍්ඛිපන‍්තෙන න කථෙතබ‍්බං, භික‍්ඛාචාරවත‍්තං ආචික‍්ඛිතබ‍්බං – “අන‍්තොගාමෙ මනුස‍්සෙහි සද‍්ධිං පච‍්චයසඤ‍්ඤුත‍්තකථා වා විසභාගකථා වා න කථෙතබ‍්බා, රක‍්ඛිතින්‍ද්‍රියෙහි භවිතබ‍්බං, ඛන්‍ධකවත‍්තඤ‍්ච සෙඛියවත‍්තඤ‍්ච පූරෙතබ‍්බ”න‍්ති එවරූපා බහුකාපි නිය්‍යානිකකථා ආචික‍්ඛිතබ‍්බාති.

තවද භික්‍ෂූන්ට ‘අසමගිය පිණිස පවත්නා කේලාම්බස් පරොස්බස් නොකියවු, දවස පාසා ශීලය ආවර්‍ජනය කරමින් බුද්ධානුස්මෘති ආදීවූ චතුරාරක්‍ෂාව නොපිරිහෙළමින් මනස්කාර බහුලකොට ඇත්තාහු වාසය කරවු’යි අවවාද කටයුතුය. දැහැටි කෑයුතුවත කියයුතුය. සෑය හෝ බොධිය වඳින්නහු විසින්, සුවඳමල් හෝ පුදන්නහු විසින්, පාත්‍රය හෝ පසුම්බියෙහි බහාලන්නහු විසින් නොබිණිය යුතුය. භික්‍ෂාචාරවත කියයුතුය. ඇතුළු ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍යයසංයුක්තකථා තිරශ්චීනකථා නොකටයුතුය. රක්නාලද ඉඳුරන් ඇත්තවුන් වියයුතුය. වත්තක්‍ඛන්‍ධකයෙහි ආ පිණ්ඩචාරවතින් ඉතිරි වූ වතද සෙඛියවතද පිරියයුතුයයි මෙබඳු වූ බොහෝවූ නෛර්‍ය්‍යාණික කථා කියයුතුය.

පච‍්ඡිමවස‍්සූපනායිකදිවසෙ පන සචෙ කාලං ඝොසෙත්‍වා සන‍්නිපතිතෙ සඞ‍්ඝෙ කොචි දසහත්‍ථං වත්‍ථං ආහරිත්‍වා වස‍්සාවාසිකං දෙති, ආගන‍්තුකො සචෙ භික‍්ඛු සඞ‍්ඝත්‍ථෙරො හොති, තස‍්ස දාතබ‍්බං. නවකො චෙ හොති, සම‍්මතෙන භික‍්ඛුනා සඞ‍්ඝත්‍ථෙරො වත‍්තබ‍්බො – “සචෙ භන‍්තෙ ඉච‍්ඡථ, පඨමභාගං මුඤ‍්චිත්‍වා ඉදං වත්‍ථං ගණ‍්හථා”ති, අමුඤ‍්චන‍්තස‍්ස න දාතබ‍්බං. සචෙ පන පුබ‍්බෙ ගාහිතං මුඤ‍්චිත්‍වා ගණ‍්හාති, දාතබ‍්බං. එතෙනෙවුපායෙන දුතියත්‍ථෙරතො පට‍්ඨාය පරිවත‍්තෙත්‍වා පත‍්තට‍්ඨානෙ ආගන‍්තුකස‍්ස දාතබ‍්බං. සචෙ පඨමවස‍්සූපගතා ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච වා වත්‍ථානි අලත්‍ථුං, ලද‍්ධං ලද‍්ධං එතෙනෙවුපායෙන විස‍්සජ‍්ජාපෙත්‍වා යාව ආගන‍්තුකස‍්ස සමකං හොති, තාව දාතබ‍්බං. තෙන පන සමකෙ ලද‍්ධෙ අවසිට‍්ඨො අනුභාගො ථෙරාසනෙ දාතබ‍්බො. පච‍්චුප‍්පන‍්නෙ ලාභෙ සති ඨිතිකාය ගාහෙතුං කතිකං කාතුං වට‍්ටති.

පසුවස් එළැඹෙන දිනයෙහි වනාහි කාලඝොෂාකොට සඞ්ඝයා රැස්වූ කල්හි කිසිවෙක් දසරියන් වස්ත්‍රයක් ගෙන දේනම් ආගන්තුක මහණෙක් තෙමේ සඞ්ඝ ස්ථවිරවේනම්, ඔහුට දියයුතුය. නවකයෙක් වේනම් සම්මතය ලද මහණහු විසින් ‘ස්වාමීනි’ කැමති වේනම් ප්‍රථමභාගය හැර මේ වස්ත්‍රය ගණිවු’යි සඞ්ඝ ස්ථවිරයන්ට කියයුත්තේය. ප්‍රථමභාගය නොහරින්නහුට නොදියයුතුය. පෙර ගන්වන ලද්ද මුදා ගණීනම් දියයුතුය. මෙම උපායයෙන් දෙවන තෙරහු පටන් පරිවර්‍තනය කොට පැමිණි තැනේදීම ආගන්තුකයාහට දියයුතුය. පෙරවස් එළැඹුනාහු දෙකක් තුනක් සතරක් පහක් වස්ත්‍ර ලැබුවාහු නම්, දායකයන්ගේ සමීපයෙන් නැවත නැවත ගෙණ වස්ත්‍ර මේ උපායයෙන්ම විසර්‍ජනය කරවා යම්තාක් ආගන්තුකයාගේ වස්ත්‍රයට සම වේද, ඒතාක් දිය යුතුය. ඒ ආගන්තුකයා විසින් සම වස්ත්‍රයක් ලද කල්හි ඉතිරි කොටස ථෙරාසනයෙහි දියයුතුය.

සචෙ දුබ‍්භික‍්ඛං හොති, ද‍්වීසුපි වස‍්සූපනායිකාසු වස‍්සූපගතා භික‍්ඛූ භික‍්ඛාය කිලමන‍්තා “ආවුසො, ඉධ වසන‍්තා සබ‍්බෙව කිලමාම, සාධු වත ද‍්වෙභාගා හොම, යෙසං ඤාතිපවාරිතට‍්ඨානානි අත්‍ථි, තෙ තත්‍ථ වසිත්‍වා පවාරණාය ආගන‍්ත්‍වා අත‍්තනො පත‍්තං වස‍්සාවාසිකං ගණ‍්හන‍්තූ”ති වදන‍්ති, තෙසු යෙ තත්‍ථ වසිත්‍වා පවාරණාය ආගච‍්ඡන‍්ති, තෙසං අපලොකෙත්‍වා වස‍්සාවාසිකං දාතබ‍්බං. සාදියන‍්තාපි හි තෙ නෙව වස‍්සාවාසිකස‍්ස සාමිනො, ඛීයන‍්තාපි ච ආවාසිකා නෙව අදාතුං ලභන‍්ති. කුරුන්‍දියං පන වුත‍්තං – “කතිකවත‍්තං කාතබ‍්බං – ‘සබ‍්බෙසං නො ඉධ යාගුභත‍්තං නප‍්පහොති, සභාගට‍්ඨානෙ වසිත්‍වා ආගච‍්ඡථ, තුම‍්හාකං පත‍්තං වස‍්සාවාසිකං ලභිස‍්සථා’ති. තඤ‍්චෙ එකො පටිබාහති, සුපටිබාහිතං; නො චෙ පටිබාහති, කතිකා සුකතා. පච‍්ඡා තෙසං තත්‍ථ වසිත්‍වා ආගතානං අපලොකෙත්‍වා දාතබ‍්බං, අපලොකනකාලෙ පටිබාහිතුං න ලබ‍්භතී”ති. පුනපි වුත‍්තං – “සචෙ වස‍්සූපගතෙසු එකච‍්චානං වස‍්සාවාසිකෙ අපාපුණන‍්තෙ භික‍්ඛූ කතිකං කරොන‍්ති – ‘ඡින‍්නවස‍්සානං වස‍්සාවාසිකඤ‍්ච ඉදානි උප‍්පජ‍්ජනකවස‍්සාවාසිකඤ‍්ච ඉමෙසං දාතුං රුච‍්චතී’ති එවං කතිකාය කතාය ගාහිතසදිසමෙව හොති, උප‍්පන‍්නුප‍්පන‍්නං තෙසමෙව දාතබ‍්බ”න‍්ති.

ඉදින් දුර්භික්‍ෂයෙක් වේනම්, වස් එළැඹිය යුතු දෙදිනෙහි වස් එළැඹි මහණෝ භික්‍ෂාවෙන් ක්ලාන්ත වන්නාහු නම්, ‘ඇවැත්නි’ මෙහි වසන සියල්ලෝම ක්ලාන්ත වම්හ. දෙකොටසක් වෙමුනම් මැනැව, යම් කෙනකුන්ට නෑ පැවරූ තැන් ඇත්තේද ඔවුහු එහි වැස පවාරණ දිනයෙහි අවුත් තමන්ට පැමිණි වස්සාවාසිකය ගණිත්වා’යි කියත්ද ඔවුන් අතුරෙහි යම්කෙනෙක් එහි වැස පවාරණ දිනයෙහි එත්ද ඔවුන්ට අපලොකනය කොට වස්සාවාසිකය දියයුතුය. ඔවුහු ඉවසන්නාහුද වස්සාවාසිකයට ස්වාමීහු නොවෙත්. ආවාසිකයෝ නුගුණ කියන්නාහුද නොදෙන්නට නොලබත්. කුරුන්‍දියෙහි වනාහි ‘අප සියල්ලන්ට මෙහි කැඳ බත් නොපොහොනේය, සභාග ස්ථානයක වැස එවු, යුෂ්මතුන්ට පැමිණි වස්සාවාසිකය ලබන්නහුය’යි කතිකාවත කටයුතුය. හෙද වනාහි එකෙක් ප්‍රතිබාහනය කෙරේද මැනැවින් ප්‍රතිබාහනය කරණලදය. ප්‍රතිබාහනය නොකෙරේනම් කතිකා තොමෝ මැනැවින් කරණලදය. පසුව එහි වැස ආවා වූ ඔවුන්ට අපලොකනය කොට දියයුතුය. අපලොකනය කරණකාලයෙහි ප්‍රතිබාහනය කරන්නට නොලැබේයයි කියනලදී. නැවැතද ‘වස් එළැඹියවුන් අතුරෙහි සමහරුන්ට වස්සාවාසිකය නොපැමිණෙන කල්හි භික්‍ෂූහු “ඡින්නවස්සානං වස්සාවාසිකඤ්ච ඉදානි උප්පජ්ජනකවස්සවාසිකඤ්ච ඉමෙසං දාතුං රුච්චති”යි මෙසේ කතිකාව කළකල්හි ගන්වන ලද්ද සමානම වේ. උපනුපන් දෙය සමව දියයුතුය’යි කියනලදී.

තෙමාසං පානීයං උපට‍්ඨාපෙත්‍වා විහාරමග‍්ගචෙතියඞ‍්ගණබොධියඞ‍්ගණානි ජග‍්ගිත්‍වා බොධිරුක‍්ඛෙ උදකං සිඤ‍්චිත්‍වා පක‍්කන‍්තොපි විබ‍්භන‍්තොපි වස‍්සාවාසිකං ලභතියෙව. භතිනිවිට‍්ඨඤ‍්හි තෙන කතං. සඞ‍්ඝිකං පන අපලොකනකම‍්මං කත්‍වා ගාහිතං අන‍්තොවස‍්සෙ විබ‍්භන‍්තොපි ලභතෙව. පච‍්චයවසෙන ගාහිතං පන න ලභතීති වදන‍්ති.

තෙමස මුළුල්ලෙහි පැන් එළවා, විහාරමාර්‍ග චෛත්‍යාඞ්ගණ බොධ්‍යඞ්ගන යන මෙතැන් හැමදීම් ආදියෙන් දැගුම්කොට බොරුකෙහි දිය ඉස ගියේද සිවුරු හැරීයේද වස්සාවාසිකය ලබාමය. ඔහු විසින් එය බැළකොට මෙන් කරණලදමය. සඞ්ඝිකය වනාහි අපලොකන කර්‍මය කොට ගන්වන ලද්දේ වසතුළ සිවුරු හැරියේද ලබාමය. ප්‍රත්‍යය වශයෙන් ගන්වන ලද්ද නොලබායයි කියත්.

සචෙ වුත්‍ථවස‍්සො දිසංගමිකො භික‍්ඛු ආවාසිකස‍්ස හත්‍ථතො කිඤ‍්චිදෙව කප‍්පියභණ‍්ඩං ගහෙත්‍වා “අසුකකුලෙ මය‍්හං වස‍්සාවාසිකං පත‍්තං, තං ගණ‍්හථා”ති වත්‍වා ගතට‍්ඨානෙ විබ‍්භමති, වස‍්සාවාසිකං සඞ‍්ඝිකං හොති. සචෙ පන මනුස‍්සෙ සම‍්මුඛා සම‍්පටිච‍්ඡාපෙත්‍වා ගච‍්ඡති, ලභති. “ඉදං වස‍්සාවාසිකං අම‍්හාකං සෙනාසනෙ වුත්‍ථභික‍්ඛුනො දෙමා”ති වුත‍්තෙ, යස‍්ස ගාහිතං තස‍්සෙව හොති. සචෙ පන සෙනාසනසාමිකස‍්ස පියකම්‍යතාය පුත‍්තධීතාදයො බහූනි වත්‍ථානි ආහරිත්‍වා “අම‍්හාකං සෙනාසනෙ දෙමා”ති දෙන‍්ති, තත්‍ථ වස‍්සූපගතස‍්ස එකමෙව වත්‍ථං දාතබ‍්බං, සෙසානි සඞ‍්ඝිකානි හොන‍්ති, වස‍්සාවාසිකට‍්ඨිතිකාය ගාහෙතබ‍්බානි. ඨිතිකාය අසති ථෙරාසනතො පට‍්ඨාය ගාහෙතබ‍්බානි. සෙනාසනෙ වස‍්සූපගතං භික‍්ඛුං නිස‍්සාය උප‍්පන‍්නෙන චිත‍්තප‍්පසාදෙන බහූනි වත්‍ථානි ආහරිත්‍වා “සෙනාසනස‍්ස දෙමා”ති දින‍්නෙසුපි එසෙව නයො. සචෙ පන පාදමූලෙ ඨපෙත්‍වා “එතස‍්ස භික‍්ඛුනො දෙමා”ති වදන‍්ති, තස‍්සෙව හොන‍්ති.

විසූවස් ඇතිදිග්ගිය මහණෙක් තෙමේ ආවාසික මහණක්හුගේ අතින් කිසි කැප බඩුවක් ගෙණ අසුවල් කුලයෙහි මට වස්සාවාසිකය පැමිණියේය එය ගණිවු’යි කියා ගියතැනදී සිවුරු හරීද, වස්සාවාසිකය සඞ්ඝික වේ. මිනිසුන් හමුවෙහි පිළිගන්වායේද ලබයි. ‘මේ වස්සාවාසිකය අපගේ සෙනසුනෙහි විසූ මහණහුට දෙමු’යි කියූකල්හි යමක්හට ගන්වනලද්දේද ඔහුටම වේ. සෙනසුන් හිමියාගේ ප්‍රියකම්‍යතාවයෙන් පුත්‍රදුහිතෘ ආදීහු බොහෝ වස්ත්‍රගෙන අපගේ සෙනසුනෙහි දෙමු’යි දෙත්ද එහි වස් එළැඹියහුට එක්ම වස්ත්‍රයක් දියයුතුය. සෙසු වස්ත්‍ර සඞ්ඝික වේ. වස්සාවාසිකඨිතිකාවෙන් ගැන්විය යුතුය. ඨිතිකාව නැති කල්හි ථෙරාසනය පටන් ගැන්විය යුතුය. වස් එළැඹි මහණහු නිසා උපන් චිත්තප්‍රසාදයෙන් බොහෝ වස්ත්‍ර ගෙණවුත් සෙනසුනට දෙමු’යි දුන් වස්ත්‍රයන්හිද මෙම නයවේ. පාමුල්හි තබා ‘මේ මහණහුට දෙමු’යි කියත්නම් ඒ මහණහුටම වේ.

එකස‍්ස ගෙහෙ ද‍්වෙ වස‍්සාවාසිකානි – පඨමභාගො සාමණෙරස‍්ස ගාහිතො හොති, දුතියො ථෙරාසනෙ. සො එකං දසහත්‍ථං, එකං අට‍්ඨහත්‍ථං සාටකං පෙසෙති “වස‍්සාවාසිකං පත‍්තභික‍්ඛූනං දෙථා”ති විචිනිත්‍වා වරභාගං සාමණෙරස‍්ස දත්‍වා අනුභාගො ථෙරාසනෙ දාතබ‍්බො. සචෙ පන උභොපි ඝරං නෙත්‍වා භොජෙත්‍වා සයමෙව පාදමූලෙ ඨපෙති, යං යස‍්ස දින‍්නං, තදෙව තස‍්ස හොති.

එකක්හුගේ ගෙයි වස්සාවාසික දෙකක් වේද, පළමු කොටස හෙරණක්හට ගන්වන ලද්දේවේද, දෙවන කොටස ථෙරාසනයෙහි ගන්වන ලද්දේ වේද, හෙතෙමේ දසරියන් එක් වස්ත්‍රයක් අටරියන් එක්වස්ත්‍රයක් ‘වස්සාවාසිකය පැමිණි මහණුන්ට දෙවු’යි එවාද, සොයා පළමුකොටස හෙවත් උතුම් කොටස හෙරණහුටදී අනුකොටස ථෙරාසනයෙහි දියයුතුය. ඉදින් දෙදෙනම ගෙට පමුණුවා වළඳවා තෙමේම පාමුල්හි තබාද, යමක්හට යම් වස්සාවාසිකයක් දෙනලද්දේද, ඒ වස්සාවාසිකය ඔහුටම වේ.

ඉතො පරං මහාපච‍්චරියං ආගතනයො හොති – “එකස‍්ස ඝරෙ දහරසාමණෙරස‍්ස වස‍්සාවාසිකං පාපුණාති, සො චෙ පුච‍්ඡති – ‘අම‍්හාකං වස‍්සාවාසිකං කස‍්ස පත‍්ත’න‍්ති, ‘සාමණෙරස‍්සා’ති අවත්‍වා ‘දානකාලෙ ජානිස‍්සසී’ති වත්‍වා දානදිවසෙ එකං මහාථෙරං පෙසෙත්‍වා නීහරාපෙතබ‍්බං. සචෙ යස‍්ස වස‍්සාවාසිකං පත‍්තං, සො විබ‍්භමති වා කාලං වා කරොති, මනුස‍්සා චෙ පුච‍්ඡන‍්ති – ‘කස‍්ස අම‍්හාකං වස‍්සාවාසිකං පත‍්ත’න‍්ති, තෙසං යථාභූතං ආචික‍්ඛිතබ‍්බං. සචෙ තෙ වදන‍්ති – ‘තුම‍්හාකං දෙමා’ති, තස‍්ස භික‍්ඛුනො පාපුණාති. අථ සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා දෙන‍්ති, සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පාපුණාති. සචෙ වස‍්සූපගතා සුද‍්ධපංසුකූලිකායෙව හොන‍්ති, ආනෙත්‍වා දින‍්නං වස‍්සාවාසිකං සෙනාසනපරික‍්ඛාරං වා කත්‍වා ඨපෙතබ‍්බං, බිම‍්බොහනාදීනි වා කාතබ‍්බානී”ති. ඉදං නෙවාසිකවත‍්තං.

මෙයින් පසු මහාපච්චරියෙහි ආනය වේ. එකක්හුගේ ගෙයි ලදරු හෙරණහුට වැසිසළුව පැමිණේද, හෙතෙමේ ‘අපගේ වැසිසළුව කවරක්හට පැමිණියේදැ’යි විචාරාද, ‘හෙරණහටැ’යි නොකියා ‘දෙන කල්හි දන්නේය’යි කියාදෙන දිනයෙහි එක් මහතෙරකෙනකු යවා ගෙන්විය යුතුය. ඉදින් යමක්හට වැසිසළුව පැමිණියේද, හෙතෙමේ සිවුරු හෝ හරීද, කලුරිය හෝ කෙරේද, එකල්හි දායකමනුෂ්‍යයෝ ‘කවරක්හට අපගේ වැසිසළුව පැමිණියේදැ’යි විචාරත්ද, ඔවුන්ට තතුපරිද්ද කියයුතුය. ඔවුහු යුෂ්මතුන්ට දෙමු’යි කියත්නම් ඒ මහණහුට පැමිණේ. සඞ්ඝයාට හෝ ගණයාට දෙත්ද, සඞ්ඝයාට හෝ ගණයාට පැමිණේ. වස් එළැඹියෝ සුද්ධ පංසුකූලිකයෝම වෙත්ද ගෙණදුන් වස්සාවාසිකය සෙනාසන පරිෂ්කාරය හෝ කොට තැබිය යුතුය. බිම්බොහනාදිය හෝ කටයුතුය. මේ නෙවාසිකවතය.

සෙනාසනග‍්ගාහකථා නිට‍්ඨිතා.

සෙනාසනගාහ විනිශ්චය නිමියේය.