සලාකභත්තකථා අට්ඨකථා
සලාකභත්තකථා
සලාකභත්තකථා
සලාකභත්තෙ පන “අනුජානාමි, භික්ඛවෙ, සලාකාය වා පට්ටිකාය වා උපනිබන්ධිත්වා ඔපුඤ්ජිත්වා උද්දිසිතු”න්ති වචනතො රුක්ඛසාරමයාය සලාකාය වා වෙළුවිලීවතාලපණ්ණාදිමයාය පට්ටිකාය වා “අසුකස්ස නාම සලාකභත්ත”න්ති එවං අක්ඛරානි උපනිබන්ධිත්වා පච්ඡියං වා චීවරභොගෙ වා කත්වා සබ්බා සලාකායො ඔපුඤ්ජිත්වා පුනප්පුනං හෙට්ඨුපරිවසෙනෙව ආලොළෙත්වා පඤ්චඞ්ගසමන්නාගතෙන භත්තුද්දෙසකෙන සචෙ ඨිතිකා අත්ථි, ඨිතිකතො පට්ඨාය; නො චෙ අත්ථි, ථෙරාසනතො පට්ඨාය සලාකා දාතබ්බා. පච්ඡා ආගතානම්පි එකාබද්ධවසෙන දූරෙ ඨිතානම්පි උද්දෙසභත්තෙ වුත්තනයෙනෙව දාතබ්බා.
“සලාකභත්තං” සලාකබත වනාහි “අනුජානාමි භික්ඛවෙ සලාකාය වා පට්ටිකාය හා උපනිබන්ධිත්වා ඔපුඤ්ජිත්වා උද්දිසිතුං”යි වදාළ බැවින් රුක්හරමුවා සලාකයක හෝ හුණබට තල්පත් ඈමුවා පටිකයෙක හෝ ‘අසුවලාගේ සලාකබත නමැ’යි මෙසේ අකුරුලියා පැසෙහි හෝ සිවුරු නැම්මෙහි හෝ බහා සියලු සලාක කළතා නැවැත නැවැත යටඋඩුවසයෙන් කළතවා පෙළෙහි කියූ පසඟින් යුක්ත වූ භත්තුද්දෙසකයා විසින් ඉදින් ඨිතිකාවක් ඇත්තීනම් ඨිතිකාව පටන් ඨිතිකාවක් නැත්තීනම් ථෙරාසනය පටන් සලාක දිය යුතුය. පසුව ආවුන්ටද එකාබද්ධ වශයෙන් දුරසිටියවුන්ටද උදෙස්බතෙහි කියූනයින්ම දියයුතුය.
සචෙ විහාරස්ස සමන්තතො බහූ ගොචරගාමා, භික්ඛූ පන න බහුකා, ගාමවසෙනපි සලාකායො පාපුණන්ති, “තුම්හාකං අසුකගාමෙ සලාකභත්තං පාපුණාතී”ති ගාමවසෙනෙව ගාහෙතබ්බා. එවං ගාහෙන්තෙන සචෙපි එකෙකස්මිං ගාමෙ නානප්පකාරානි සට්ඨිසලාකභත්තානි, සබ්බානි ගාහිතානෙව හොන්ති, තස්ස පත්තගාමසමීපෙ අඤ්ඤානිපි ද්වෙ තීණි සලාකභත්තානි හොන්ති, තානිපි තස්සෙව දාතබ්බානි. න හි සක්කා තෙසං කාරණා අඤ්ඤං භික්ඛුං පහිණිතුන්ති.
ඉදින් විහාරය අවට බොහෝ ගොදුරුගම් වේද එහෙත් භික්ෂූහු බොහෝ නොවෙත්ද, ගම්වසයෙන්ද, සලාක පැමිණේ යුෂ්මතුන්ට අසුවල් ගමෙහි සලාක බත පැමිණේය’යි ගම්වසයෙන්ම ගැන්විය යුතුය. මෙසේ ගන්වන්නහු විසින් ඉදිනුදු එක් එක් ගමෙක්හි නන්වැදෑරුම් වූ සලාකබත් සැටක් වෙත්ද, සියල්ල ගන්වන ලද්දාහුම වෙත්. ඔහුට පැමිණි ගම සමීපයෙහි අනික් දෙතුන් සලාක බත් වේද, ඒ සලාකබත්ද, ඔහුටම දියයුතුය. ඒ සලාකබත් හෙතුවෙන් අන් මහණකු යැවීමට නොහැක්කේය.
සචෙ එකච්චෙසු ගාමෙසු බහූනි සලාකභත්තානි සල්ලක්ඛෙත්වා සත්තන්නම්පි අට්ඨන්නම්පි භික්ඛූනං දාතබ්බානි. දදන්තෙන පන චතුන්නං පඤ්චන්නං භත්තානං සලාකායො එකතො බන්ධිත්වා දාතබ්බා. සචෙ තං ගාමං අතික්කමිත්වා අඤ්ඤො ගාමො හොති, තස්මිඤ්ච එකමෙව සලාකභත්තං, තං පන පාතොව දෙන්ති, තම්පි එතෙසු භික්ඛූසු එකස්ස නිග්ගහෙන දත්වා “පාතොව තං ගහෙත්වා පච්ඡා ඔරිමගාමෙ ඉතරානි භත්තානි ගණ්හාහී”ති වත්තබ්බො. සචෙ ඔරිමගාමෙ සලාකභත්තෙසු අගාහිතෙස්වෙව ගාහිතසඤ්ඤාය ගච්ඡති, පරභාගගාමෙ සලාකභත්තං ගාහෙත්වා පුන විහාරං ආගන්ත්වා ඉතරානි ගාහෙත්වා ඔරිමගාමො ගන්තබ්බො. “න හි බහිසීමාය සඞ්ඝලාභො ගාහෙතුං ලබ්භතී”ති අයං නයො කුරුන්දියං වුත්තො.
ඇතැම් ගම්වල බොහෝ සලාකබත් ගැන සලකා සත්නමක්, අටනමක් භික්ෂූන්ටද දියයුත්තාහු නම් දෙන්නහු විසින් සතර පස්බතක් පිළිබඳ සලාක එකට බැඳ දියයුතුය. එගම ඉක්මවා අන්ගමෙක් වේනම් එහිත් එක්ම සලාකබතක් වේද, ඒ සලාක බතක් උදෑසනම දෙත්ද, එද ඒ භික්ෂූන් අතුරෙහි එකක්හට නොකැමැති වුවද නිග්රහයෙන් පිළිගන්වා උදෑසනම ඒ සලාකය ගෙණ පසුව මොබගමෙහි අනික්බත් ගණුව’යි කියයුත්තේය. ඉදින් මොබගමෙහි සලාකබත් නොගැන්වූ කල්හිම ගැන්වූ හැඟීමෙන් යේද, පසුභාගගමෙහි සලාකබත ගෙණ නැවැත විහාරයට අවුත් අනික් සලාක ගන්වා මොබගමට යායුතුය. සීමාවෙන් පිටත සඞ්ඝලාභය ගන්වන්ට නොලැබේය’යි මේනය කුරුන්දියෙහි කියන ලදී.
සචෙ පන භික්ඛූ බහූ හොන්ති, ගාමවසෙන සලාකා න පාපුණන්ති, වීථිවසෙන වා වීථියං එකගෙහවසෙන වා කුලවසෙන වා ගාහෙතබ්බා. වීථිආදීසු ච යත්ථ බහූනි භත්තානි, තත්ථ ගාමෙ වුත්තනයෙනෙව බහූනං භික්ඛූනං ගාහෙතබ්බානි. සලාකාසු අසති උද්දිසිත්වාපි ගාහෙතබ්බානි.
ඉදින්වනාහි භික්ෂූහු බොහෝ වෙත්ද, ගම්වසයෙන් සලාක නොපැමිණෙත්ද, වීථිවසයෙන් හෝ වීථියෙහි එක් ගෙවල් පෙළක වසයෙන් හෝ කුලවසයෙන් හෝ ගැන්විය යුත්තේය. වීථි ආදියෙහිද යම්තැනෙක බොහෝ බත් වෙත්ද එගමෙහි කියූ ලෙසින්ම බොහෝ භික්ෂූන්ට ගැන්විය යුතුය. සලාක නැති කල්හි ‘අසුවල් කුලයෙහි සලාකබත් යුෂ්මතුන්ට පැමිණෙති’යි කියාද ගැන්විය යුතුය.
සලාකදායකෙන පන වත්තං ජානිතබ්බං. තෙන හි කාලස්සෙව වුට්ඨාය පත්තචීවරං ගහෙත්වා භොජනසාලං ගන්ත්වා අසම්මට්ඨට්ඨානං සම්මජ්ජිත්වා පානීයං පරිභොජනීයං උපට්ඨාපෙත්වා “ඉදානි භික්ඛූහි වත්තං කතං භවිස්සතී”ති කාලං සල්ලක්ඛෙත්වා ඝණ්ටිං පහරිත්වා භික්ඛූසු සන්නිපතිතෙසු පඨමමෙව වාරගාමෙ සලාකභත්තං ගාහෙතබ්බං. “තුය්හං අසුකස්මිං නාම වාරගාමෙ සලාකා පාපුණාති තත්ර ගච්ඡා”ති වත්තබ්බං.
සලාකදායකයා විසින්ද වත දැනගත යුතුය. ඔහු විසින් උදෑසනම නැගිට පාසිවුරු ගෙණ බොජුන්හලට ගොස් නොහැමිදිතැන් හැමද, බොනපැන්, පරිබෝපැන් එළවා තබා දැන් භික්ෂූන් විසින් වත් කරණලද්දේ වන්නේය’යි කාලය සලකා ගෙඩිය ගසා මහණුන් රැස්වූ කල්හි පළමුකොටම ඉතා දුරබැවින් දවසකින් යායුතු වාරගමෙහි සලාකබත ගැන්විය යුතුය. ‘යුෂ්මත්හට අසුවල් නම් වාරගමෙහි සලාකය පැමිණේ. එහි යව’යි කියයුතුය.
සචෙ අතිරෙකගාවුතෙ ගාමො හොති, තං දිවසං ගච්ඡන්තා කිලමන්ති, “ස්වෙ තුය්හං වාරගාමෙ පාපුණාතී”ති අජ්ජෙව ගාහෙතබ්බං. යො වාරගාමං පෙසියමානො න ගච්ඡති, අඤ්ඤං සලාකං මග්ගති, න දාතබ්බා. සද්ධානඤ්හි මනුස්සානං පුඤ්ඤහානි සඞ්ඝස්ස ච ලාභච්ඡෙදො හොති, තස්මා තස්ස දුතියෙපි තතියෙපි දිවසෙ අඤ්ඤා සලාකා න දාතබ්බා, “අත්තනො පත්තට්ඨානං ගන්ත්වා භුඤ්ජාහී”ති වත්තබ්බො, තීණි පන දිවසානි අගච්ඡන්තස්ස වාරගාමතො ඔරිමවාරගාමෙ සලාකා ගාහෙතබ්බා. තඤ්චෙ න ගණ්හාති, තතො පට්ඨාය තස්ස අඤ්ඤං සලාකං දාතුං න වට්ටති, දණ්ඩකම්මං පන ගාළ්හං කාතබ්බං, සට්ඨිතො වා පණ්ණාසතො වා න පරිහාපෙතබ්බං. වාරගාමෙ ගාහෙත්වා විහාරවාරො ගාහෙතබ්බො, “තුය්හං විහාරවාරො පාපුණාතී”ති වත්තබ්බං. විහාරවාරිකස්ස ද්වෙ තිස්සො යාගුසලාකායො තිස්සො චතස්සො වා භත්තසලාකායො ච දාතබ්බා, නිබද්ධං කත්වා පන න දාතබ්බා. යාගුභත්තදායකා හි “අම්හාකං යාගුභත්තං විහාරගොපකාව භුඤ්ජන්තී”ති අඤ්ඤථත්තං ආපජ්ජෙය්යුං, තස්මා අඤ්ඤෙසු කුලෙසු දාතබ්බා.
ගව්වකට වැඩිදුර ගමක් වේද, එදවස යන්නාහු වෙහෙසට පත් වෙත්ද හෙට යුෂ්මත්හට වාරගමෙහි පැමිණේය’යි අදම ගැන්විය යුතුය. යමෙක්තෙමේ වාරගමට යවන ලද්දේ නොයේද, අන්සලාකයක් සොයාද, නොදිය යුතුය. ශ්රද්ධාවත් මිනිසුන්ගේ පුණ්යහානියද සඞ්ඝයාගේ ලාභය සිඳීයෑමද වේ. එහෙයින් ඒ මහණහුට දෙවනවූද තෙවනවූද දවසෙහි අන් සලාකයක් නොදියයුතුය. තමන් පැමිණි තැන ගොස් වලඳව’යි කියයුතුය. තුන්දවසක් යන්නහුට වාරගමින් මොබවාරගමෙහි සලාකය ගැන්විය යුතුය. ඒ සලාකය නොගණීනම් එතැන් පටන් ඒ මහණහුට අන් සලාකයක් දීම නොවටියි. දඬුවම වනාහි දැඩිකොට කටයුතුය. පැන්කළ සැටකින් හෝ පැන්කළ පණසකින් හෝ දඬුවම නොපිරිහෙළිය යුතුය. දුරවාරගමෙහි ගන්වා සියලු මහණුන් භික්ෂාව පිණිස නික්ම ගිය කල්හි විහාරය රකින වාරය ගැන්විය යුතුය. ‘යුෂ්මත්හට විහාරය රක්නා වාරය පැමිණේයයි කියයුතුය. විහාරය රකින්නහුට දෙකක් තුනක් කැඳසලාකද තුනක් හතරක් බත්සලාකද දියයුතුය. නිබඳ කොට නොදියයුතුය. කැඳබත් දෙන දායකයෝ වනාහි ‘අපගේ කැඳ බත් විහාරගොපකයෝම අනුභව කෙරෙති’යි අන් අයුරකට පැමිණෙන්නාහුද, එහෙයින් අන්කුලයන්හි දියයුතුය.
සචෙ විහාරවාරිකානං සභාගා ආහරිත්වා දෙන්ති, ඉච්චෙතං කුසලං; නො චෙ, වාරං ගාහෙත්වා තෙසං යාගුභත්තං ආහරාපෙතබ්බං. තාව නෙසං සලාකා ඵාතිකම්මමෙව භවන්ති, වස්සග්ගෙන පත්තට්ඨානෙ පන අඤ්ඤම්පි පණීතභත්තසලාකං ගණ්හිතුං ලභන්තියෙව. අතිරෙකඋත්තරිභඞ්ගස්ස එකචාරිකභත්තස්ස විසුං ඨිතිකං කත්වා සලාකා දාතබ්බා.
ඉදින්විහාරය රකින්නන්ගේ සභාගයෝ ගෙණවුත් දෙත්ද මෙසේ ගෙණ දෙත්නම් මැනැව, ගෙණ නොදෙත්නම් වාරය ගන්වා ඔවුන්ට කැඳබත් ගෙන්විය යුතුය. ඒතාක් ඔවුන්ට සලාකයෝ විහාරය රැකීමට සඞ්ඝයා විසින් දියයයුතු වැඩිලාභයම වෙත්. වස්ගණනින් පැමිණිතන්හි වනාහි අන් ප්රණීතබත්සලාකය ගන්නට ලබත්මය. අධික වූ උත්තරීභඞ්ගය ඇති එකචාරිය බතට වෙන්ව ඨිතිකාවකොට සලාකය දියයුතුය.
සචෙ යෙන සලාකා ලද්ධා, සො තංදිවසං තං භත්තං න ලභති, පුනදිවසෙ ගාහෙතබ්බං. භත්තමෙව ලභති, න උත්තරිභඞ්ගං; එවම්පි පුන ගාහෙතබ්බං. ඛීරභත්තස්ස සලාකායපි එසෙව නයො. සචෙ පන ඛීරමෙව ලභති, න භත්තං; ඛීරලාභතො පට්ඨාය පුන න ගාහෙතබ්බං. ද්වෙ තීණි එකචාරිකභත්තානි එකස්සෙව පාපුණන්ති, දුබ්භික්ඛසමයෙ සඞ්ඝනවකෙන ලද්ධකාලෙ විජටෙත්වා විසුං ගාහෙතබ්බානි, පාකතිකසලාකභත්තං අලද්ධස්සාපි පුනදිවසෙ ගාහෙතබ්බං.
යම් මහණකු විසින් සලාක ලද්දී නම් හෙතෙමේ එදවස ඒ බත නොලබානම් දෙවන දිනයෙහි ගැන්විය යුතුය. බත පමණක්ම ලබාද උත්තරිභඞ්ගය නොලබාද, මෙසේ කල්හි නැවැත ගැන්විය යුතුය. කිරිබත් සලාකයෙහිද මෙමනයයි. ඉදින් කිරි පමණක්ම ලබාද බත් නොලබාද, කිරි ලැබූදා පටන් නැවත නොගැන්විය යුතුය. දෙකක් තුනක් එකචාරික බත් දවසක් දවසක් පාසා එක්නමකටම පැමිණේද දුර්භික්ෂ කාලයෙහි සඞ්ඝනවකයකු විසින් ලත්කල්හි අවුල් හැර වෙන්ව ගැන්විය යුතුය. ප්රකෘතිකසලාක බත නොලද්දහුටද දෙවන දිනයෙහි ගැන්විය යුතුය.
සචෙ ඛුද්දකො විහාරො හොති, සබ්බෙ භික්ඛූ එකසම්භොගා, උච්ඡුසලාකං ගාහෙන්තෙන යස්ස කස්සචි සම්මුඛීභූතස්ස පාපෙත්වා මහාථෙරාදීනං දිවා තච්ඡෙත්වා දාතුං වට්ටති. රසසලාකං පාපෙත්වා පච්ඡාභත්තං පරිස්සාවෙත්වා වා ඵාණිතං වා කාරෙත්වා පිණ්ඩපාතිකාදීනම්පි දාතබ්බං . ආගන්තුකානං ආගතානාගතභාවං ඤත්වා ගාහෙතබ්බා, මහාආවාසෙ ඨිතිකං කත්වා ගාහෙතබ්බා.
ඉදින් කුඩා විහාරයෙක්වේද, එහි සියලු භික්ෂූහු එකට කළ සම්භොග ඇත්තාහුය. උක්සලාකයක් ගන්වන්නහු විසින් හමුවූ යම්කිසිවක්හට පමුණුවා මහතෙරුන් ආදීන්ට දාවල සැසදීම වටියි. උක්රස සලාකය පමුණුවා පසුබතද පෙරවා පැණි හෝ කරවා පිණ්ඩපාතිකාදීන්ටද දියයුතුය. ආගන්තුකයන් පැමිණි නොපැමිණි බව දැන ගැන්විය යුතුය. මහාආවාසයෙහි ඨිතිකාවකොට ගැන්විය යුතුය.
තක්කසලාකම්පි සභාගට්ඨානෙ පාපෙත්වා වා පචාපෙත්වා වා ධූමාපෙත්වා වා ථෙරානං දාතුං වට්ටති. මහාආවාසෙ වුත්තනයෙනෙව පටිපජ්ජිතබ්බං ඵලසලාකපූවසලාකභෙසජ්ජගන්ධමාලසලාකායොපි විසුං ඨිතිකාය ගාහෙතබ්බා. භෙසජ්ජාදිසලාකායො චෙත්ථ කිඤ්චාපි පිණ්ඩපාතිකානම්පි වට්ටන්ති, සලාකවසෙන ගාහිතත්තා පන න සාදිතබ්බා. අග්ගභික්ඛාමත්තං සලාකභත්තං දෙන්ති, ඨිතිකං පුච්ඡිත්වා ගාහෙතබ්බං. අසතියා ඨිතිකාය ථෙරාසනතො පට්ඨාය ගාහෙතබ්බං. සචෙ තාදිසානි භත්තානි බහූනි හොන්ති, එකෙකස්ස භික්ඛුනො ද්වෙ තීණි දාතබ්බානි; නො චෙ, එකෙකමෙව දත්වා පටිපාටියා ගතාය පුන ථෙරාසනතො පට්ඨාය දාතබ්බං. සචෙ අන්තරාව උපච්ඡිජ්ජති, ඨිතිකා සල්ලක්ඛෙතබ්බා. යදි පන තාදිසං භත්තං නිබද්ධමෙව හොති, යස්ස පාපුණාති, සො වත්තබ්බො “ලද්ධා වා අලද්ධා වා ස්වෙපි ගණ්හෙය්යාසී”ති. එකං අනිබද්ධං හොති, ලභනදිවසෙ පන යාවදත්ථං ලභති, අලභනදිවසා බහුතරා හොන්ති, තං යස්ස පාපුණාති, සො අලභිත්වා “ස්වෙ ගණ්හෙය්යාසී”ති වත්තබ්බො.
තක්කසලාකයද සභාගස්ථානයෙහි පමුණුවා දාවල්හි දුම් කවා හෝ පිසවා හෝ තෙරුන්ට දීම වටියි. මහාආවාසයෙහි කියූනයින්ම පිළිපැද්ද යුතුය. ඵලසලාක - පූවසලාක - බෙහෙත්සලාක - ගඳමල්සලාක යන මොවුහුද වෙත්ව ඨිතිකාවෙන් ගැන්විය යුත්තාහ. මෙහිද බෙහෙත් ආදිසලාක කොයිලෙසකිනුදු පිණ්ඩපාතිකයන්ටද වටිත්. සලාක වසයෙන් ගැන්වූ බැවින් වනාහි නොසරුප් බැවින් නොඉවසිය යුතුය. අග්ර වශයෙන් දියයුතු භික්ෂාමාත්රයක් සලාකබතකොට දෙත්ද, ඨිතිකාව විචාරා ගතයුත්තේය. ඨිතිකාව නැති කල්හි ථෙරාසනය පටන් ගැන්විය යුතුය. ඉදින් එබඳු බත් බොහෝ වෙත්නම් එක් එක් මහණහුට දෙකක් තුනක් දියයුත්තාහ. දෙකතුනක් දෙන්නට නැත්තාහුද එකඑකම පිළිවෙළින් ගිය කල්හි නැවැත ථෙරාසනය පටන් දියයුත්තේය. ඉදින් අතරම සිදී යේනම් එහිදී ඨිතිකාව සැලකිය යුතුය. එබඳු බතක් නිබඳමවේද, යමක්හට පැමිණේද ඔහු විසින් ‘ලද්දේ හෝ නොලද්දේ හෝ හෙටද ගණුව’යි ඔහුට කියයුතුය. එක් බතක් නිබඳ නොවේද, ලබන දිනයෙහි සෑහෙන පමණ ලබාද නොලබන දිනයෙහි ඉතා බොහෝ වෙත්ද, ඒ බත යමක්හට පැමිණේද, හෙතෙමේ ‘හෙට ගණුව’යි කියයුත්තේය.
යො සලාකාසු ගාහිතාසු පච්ඡා ආගච්ඡති, තස්ස අතික්කන්තාව සලාකා න උපට්ඨාපෙත්වා දාතබ්බා. සලාකං නාම ඝණ්ටිප්පහරණතො පට්ඨාය ආගන්ත්වා හත්ථං පසාරෙන්තොව ලභති. අඤ්ඤස්ස ආගන්ත්වා සමීපෙ ඨිතස්සාපි අතික්කන්තා අතික්කන්තාව හොති. සචෙ පනස්ස අඤ්ඤො ගණ්හන්තො අත්ථි, සයං අනාගතොපි ලභති. සභාගට්ඨානෙ අසුකො අනාගතොති ඤත්වා “අයං තස්ස සලාකා”ති ඨපෙතුං වට්ටති. සචෙ “අනාගතස්ස න දාතබ්බා”ති කතිකං කරොන්ති, අධම්මිකා හොති. අන්තොඋපචාරෙ ඨිතස්ස හි භාජනීයභණ්ඩං පාපුණාති. සචෙ පන “අනාගතස්ස දෙථා”ති මහාසද්දං කරොන්ති, දණ්ඩකම්මං ඨපෙතබ්බං, “ආගන්ත්වා ගණ්හන්තූ”ති වත්තබ්බං.
සලාක ගත්කල්හි යමෙක් පසුව ඒද ඒ මහණහුට ඉක්මගිය සලාකද එළඹවා නොදියයුතුය. සලාකය නම් ගෙඩිය ගැසූ තැන්පටන් අවුත් අත දිගු කරන්නේම ලබන්නේය. අවුත් සමීපයෙහි සිටි අනිකක්හටද ඉක්මගිය සලාකය ඉක්මගියේම වේ. ඉදින් ඔහුගේ කොටස ගන්නා අනෙකෙක් ඇත්තේද, තෙමේ නොයේද, ලබන්නේය. භාගස්ථානයෙහි අසුවලා නොආයේය’යි දැන ‘මේ ඔහුගේ සලාකය’යි තැබීම වටියි. නොආවහුට නොදියයුතුයයි කතිකාව කෙරෙත්ද, අධාර්මික වේ. උපචාරය තුළ සිටියහුට වනාහි බෙදිය යුතු භාණ්ඩය පැමිණේ. ‘නොආවහුට දෙවු, දෙවු’යි මහහඬ කෙරෙත්ද දඬුවම් ලැබිය යුතුය. ‘අවුත් ගණිත්වා’යි කියයුතුය.
ඡප්පඤ්චසලාකා නට්ඨා හොන්ති, භත්තුද්දෙසකො දායකානං නාමං නස්සරති, සො චෙ නට්ඨසලාකා මහාථෙරස්ස වා අත්තනො වා පාපෙත්වා භික්ඛූ වදෙය්ය, “මයා අසුකගාමෙ සලාකභත්තං මය්හං පාපිතං, තුම්හෙ තත්ථ ලද්ධං සලාකභත්තං භුඤ්ජෙය්යාථා”ති, වට්ටති. විහාරෙ අපාපිතං පන ආසනසාලාය තං භත්තං ලභිත්වා තත්ථෙව පාපෙත්වා භුඤ්ජිතුං න වට්ටති. “අජ්ජ පට්ඨාය මය්හං සලාකභත්තං ගණ්හථා”ති වුත්තෙ තත්ර ආසනසාලාය ගාහෙතුං න වට්ටති, විහාරං ආනෙත්වා ගාහෙතබ්බං. “ස්වෙ පට්ඨායා”ති වුත්තෙ පන භත්තුද්දෙසකස්ස ආචික්ඛිතබ්බං “ස්වෙ පට්ඨාය අසුකකුලං නාම සලාකභත්තං දෙති, සලාකග්ගාහණකාලෙ සරෙය්යාසී”ති. දුබ්භික්ඛෙ සලාකභත්තං පච්ඡින්දිත්වා සුභික්ඛෙ ජාතෙ කිඤ්චි දිස්වා “අජ්ජ පට්ඨාය අම්හාකං සලාකභත්තං ගණ්හථා”ති පුන පට්ඨපෙන්ති, අන්තොගාමෙ අගාහෙත්වා විහාරං ආනෙත්වාව ගාහෙතබ්බං. ඉදඤ්හි “සලාකභත්තං” නාම. උද්දෙසභත්තසදිසං න හොති, විහාරමෙව සන්ධාය දිය්යති, තස්මා බහිඋපචාරෙ ගාහෙතුං න වට්ටති. “ස්වෙ පට්ඨායා”ති වුත්තෙ පන විහාරෙ ගාහෙතබ්බමෙව.
සලාක පහක් හයක් නැසුනාහු වෙත්ද, භත්තුද්දෙසක තෙමේ දායකයන්ගේ නම සිහි නොකෙරේද, හෙතෙමේ නැසුනු සලාකය මහතෙරහට හෝ තමාට හෝ පමුණුවා භික්ෂූන්ට ‘මා විසින් අසුවල් ගමෙහි සලාක බත මට පමුණුවන ලද්දේය, යුෂ්මත්හු එහිදී ලද සලාකබත වලඳවු’යි කියානම් වටියි. විහාරයෙහිදී නොපමුණුවන ලද අසුන්හලෙහිදී ඒ බත ලැබී එහිදීම පමුණුවා වැලඳීම නොවටියි. ‘අද පටන් මාගේ සලාක බත ගණිවු’යි කියු කල්හි එගම්හි අසුන්හලෙහිදී ගන්වන්නට නොවටියි. විහාරයට ගෙණවුත් ගැන්විය යුතුය. ‘හෙට පටන්’යි කියූ කල්හි භත්තුද්දෙසකයාහට ‘හෙට පටන් අසුවල් කුලය සලාකබතක් දෙන්නේය, සලාකය ගන්වන කාලයෙහි සිහිකරව’යි කියයුතුය. දුර්භික්ෂ කාලයෙහි සලාකබත සිඳහැර සුභික්ෂ වූ කල්හි කිසිමහණකු දැක ‘අදපටන් අපගේ සලාකබත ගණිවු’යි නැවත තබත්ද ගමතුළදී නොගන්වා විහාරයට ගෙණ අවුත්ම ගැන්විය යුතුය. මේ සලාකබතනම් උදෙස්බත සමාන නොවේද, විහාරයම සඳහා දෙනු ලැබේද, එහෙයින් උපචාරයෙන් පිටත සිටියවුන්ට ගැන්වීම නොවටියි. ‘හෙට පටන්’යි කියූකල්හි විහාරයෙහි ගැන්විය යුතුමය.
ගමිකො භික්ඛු යං දිසාභාගං ගන්තුකාමො, තත්ථ අඤ්ඤෙන වාරගාමසලාකා ලද්ධා හොති, තං ගහෙත්වා ඉතරං භික්ඛුං “මය්හං පත්තසලාකං ත්වං ගණ්හාහී”ති වත්වා ගන්තුං වට්ටති. තෙන පන උපචාරසීමං අනතික්කන්තෙයෙව තස්මිං තස්ස සලාකා ගාහෙතබ්බා.
ගමික භික්ෂුතෙමේ යම් දිශාභාගයකට යනු කැමැත්තේද, ඒ දිශාවෙහිදී අනිකකු විසින් වාරගාම සලාක ලද්දේ වේද, ඒ වාරගාමසලාකය තමන්ට ගෙණ අන් මහණක්හට ‘මට පැමිණි සලාකය තෝ ගණුව’යි කියා යෑම වටියි. ඔහු උපචාර සීමාව ඉක්ම වූ කල්හිම එහි සලාකය ඒ මහණහුට ගැන්විය යුතුය.
ඡඩ්ඩිතවිහාරෙ මනුස්සා බොධිචෙතියාදීනි ජග්ගිත්වා භුඤ්ජන්තූති සලාකභත්තං පට්ඨපෙන්ති, භික්ඛූ සකට්ඨානෙසු වසිත්වා කාලස්සෙව ගන්ත්වා තත්ථ වත්තං කරිත්වා තං භත්තං භුඤ්ජන්ති, වට්ටති. සචෙ තෙසු ස්වාතනාය අත්තනො පාපෙත්වා ගතෙසු ආගන්තුකො භික්ඛු ඡඩ්ඩිතවිහාරෙ වසිත්වා කාලස්සෙව වත්තං කත්වා ඝණ්ටිං පහරිත්වා සලාකභත්තං අත්තනො පාපෙත්වා ආසනසාලං ගච්ඡති, සොව තස්ස භත්තස්ස ඉස්සරො. යො පන භික්ඛූසු වත්තං කරොන්තෙසුයෙව භූමියං ද්වෙ තයො සම්මුඤ්ජනිප්පහාරෙ දත්වා ඝණ්ටිං පහරිත්වා “ධුරගාමෙ සලාකභත්තං මය්හං පාපුණාතී”ති ගච්ඡති, තස්ස තං චොරිකාය ගහිතත්තා න පාපුණාති, වත්තං කත්වා පාපෙත්වා පච්ඡා ගතභික්ඛූනංයෙව හොති.
මිනිස්සු හැරදැමූ විහාරයෙහි ‘බොධිචෛත්යාදිය දැගුම්කොට වලඳත්වා’යි සලාකබත් තබත්ද භික්ෂූහු ස්වකීය ස්ථානයන්හි වැස උදෑසනම ගොස් එහි වත් කොට ඒ බත වළඳත් නම් වටියි. හෙට පිණිස තමාට පමුණුවා ඒ භික්ෂූන් ගිය කල්හි ආගන්තුක මහණෙක් තෙමේ හැරදැමූ විහාරයෙහි වැස උදෑසනම වත් කොට ගෙඩිය ගසා සලාකබත තමාට පමුණුවා අසුන්හලට යේද, හෙතෙමේම ඒ බතට ඉසුරු වේ. යම් මහණෙක් තෙමේ මහණුන් වත් කරණ කල්හිම බිම මුසුන් පහර දෙකක් තුනක්දී ගෙඩිය ගසා ‘අසල ගමෙහි සලාකබත මට පැමිණෙය’යි කියා යේද, ඒ බත සොරකමින් ගත් බැවින් ඔහුට නොපැමිණේ. වත්කොට පමුණුවා පසුව ගිය මහණුන්ටම වේ.
එකො ගාමො අතිදූරෙ හොති, භික්ඛූ නිච්චං ගන්තුං න ඉච්ඡන්ති, මනුස්සා “මයං පුඤ්ඤෙන පරිබාහිරා හොමා”ති වදන්ති, යෙ තස්ස ගාමස්ස ආසන්නවිහාරෙ සභාගභික්ඛූ, තෙ වත්තබ්බා “ඉමෙසං භික්ඛූනං අනාගතදිවසෙ තුම්හෙ භුඤ්ජථා”ති. සලාකා පන දෙවසිකං පාපෙතබ්බා, තා ච ඛො පන ඝණ්ටිප්පහරණමත්තෙන වා පච්ඡිචාලනමත්තෙන වා පාපිතා න හොන්ති, පච්ඡිං පන ගහෙත්වා සලාකා පීඨකෙ ආකිරිතබ්බා, පච්ඡි පන මුඛවට්ටියං න ගහෙතබ්බා. සචෙ හි තත්ථ අහි වා විච්ඡිකො වා භවෙය්ය, දුක්ඛං උප්පාදෙය්ය; තස්මා හෙට්ඨා ගහෙත්වා පච්ඡිං පරම්මුඛං කත්වා සලාකා ආකිරිතබ්බා “සචෙපි සප්පො භවිස්සති, එත්තොව පලායිස්සතී”ති. එවං සලාකා ආකිරිත්වා ගාමාදිවසෙන පුබ්බෙ වුත්තනයෙනෙව ගාහෙතබ්බා. අපිච එකං මහාථෙරස්ස පාපෙත්වා “අවසෙසා මය්හං පාපුණන්තී”ති අත්තනො පාපෙත්වා වත්තං කත්වා චෙතියං වන්දිත්වා විතක්කමාළකෙ ඨිතෙහි භික්ඛූහි “පාපිතා, ආවුසො, සලාකා”ති වුත්තෙ “ආම, භන්තෙ, තුම්හෙ ගතගතගාමෙ සලාකභත්තං ගණ්හථා”ති වත්තබ්බං; එවං පාපිතාපි හි සුපාපිතාව හොන්ති.
එක් ගමෙක් ඉතා දුර වේ. භික්ෂූහු නිතර යෑමට නොකැමැතිවෙත්. මිනිස්සු ‘අපි පිනෙන් පරිබාහිර වෙමු’යි කියත්. ඒ ගම අසල විහාරයෙහි යම් සභාග භික්ෂූහු වෙත්ද, ඒ භික්ෂූහු ‘මේ මහණුන් නොපැමිණි දිනයෙහි යුෂ්මත්හු වලඳවු’යි. ඒ මහණුන්ට කියයුතුය. සලාක වනාහි දවස්පතා පැමිණවිය යුතුය. ඒ වනාහි ගෙඩිය ගසන පමණින් හෝ සලාක ලූ පැස සොලවන පමණින් හෝ පමුණුවන ලද්දහු නොවෙත්. පැස ගෙණ සලාක පෙට්ටියෙහි වැගිරිය යුතුය. පැස මුවිටෙන් නොගත යුතුය. එහි නයෙක් හෝ ගෝනුස්සෙක් හෝ දෂ්ට කරන්නේ නම් දුක් උපදවන්නේය. එහෙයින් යටින් අල්වාගෙණ මුව පිටත හරවා සලාක වැගිරිය යුතුය. ඉදින් සර්පයෙක් වන්නේනම් පැන යන්නේය. මෙසේ සලාක වගුරුවා ග්රාමාදීන්ගේ වශයෙන් පෙර කියූ නයින්ම ගැන්විය යුතුය. තවද එකක් මහ තෙරහට පමුණුවා සෙසු සලාක මට පැමිණෙති’යි තමාට පමුණුවා වත්කොට සැස වැඳ විතර්කමාලකයෙහි සිටි මහණුන් විසින් ‘ඇවැත්නි’ සලාක පමුණුවන ලද්දාහුදැ’යි විචාළ කල්හි ‘ස්වාමිනි’ එසේය, යුෂ්මත්හු ගියගිය ගමෙහිදී සලාක බත ගණිවු’යි කියයුතුය. මෙසේ පමුණුවන ලද්දාහුද මොනවට පමුණුවන ලද්දාහුම වෙත්.
භික්ඛූ සබ්බරත්තිං ධම්මසවනත්ථං අඤ්ඤං විහාරං ගච්ඡන්තා “මයං තත්ථ දානං අග්ගහෙත්වාව අම්හාකං ගොචරගාමෙව පිණ්ඩාය චරිත්වා ආගමිස්සාමා”ති සලාකා අග්ගහෙත්වාව ගතා, විහාරෙ ථෙරස්ස පත්තසලාකභත්තං භුඤ්ජිතුං ආගච්ඡන්ති, වට්ටති. අථ මහාථෙරොපි “අහං ඉධ කිං කරොමී”ති තෙහියෙව සද්ධිං ගච්ඡති, තෙහි ගතවිහාරෙ අභුඤ්ජිත්වාව ගොචරගාමං අනුප්පත්තෙහි “දෙථ, භන්තෙ, පත්තෙ සලාකයාගුආදීනි ආහරිස්සාමා”ති වුත්තෙ පත්තා න දාතබ්බා. “කස්මා, භන්තෙ, න දෙථා”ති “විහාරට්ඨකං භත්තං විහාරෙ වුත්ථානං පාපුණාති, මයං අඤ්ඤස්මිං විහාරෙ වුත්ථා”ති. “දෙථ, භන්තෙ, න මයං විහාරෙ පාලිකාය දෙම, තුම්හාකං දෙම, ගණ්හථ අම්හාකං භික්ඛ”න්ති වුත්තෙ පන වට්ටති.
භික්ෂූහු ධර්මශ්රවණය පිණිස අන්විහාරයකට යන්නාහු ‘අපි එහි දානය නොගෙණම අපගේ ගොදුරුගමෙහි පිඬුපිණිස හැසිරෙන්නෙමු’යි සලාක නොගෙනම ගියාහුද විහාරයෙහි තෙරහට පැමිණි සලාකබත වලඳන්නට ‘මහාස්ථවිර තෙමේ තනිව විහාරයෙහි හුන්නේය. එකාන්තයෙන් සියලු සලාක තමාට පමුණුවා සිටියේය’යි හඟිමින් එත්ද, වටියි. නැවත මහාස්ථවිර තෙමේද, ‘මම මෙහි කුමක් කරම්’දැයි ඔවුන් සමගමයේද, ගිය විහාරයෙහිදී වලඳාම ගොදුරුගමට හෙවත් සලාකදායකයන්ගේ ගමට පැමිණියවුන් විසින් ‘ස්වාමීනි’ පාත්ර දුන මැනැව, සලාක කැඳ ආදිය ගෙන එන්නෙමු’යි කියූකල්හි පාත්ර නොදියයුතුය. ‘ස්වාමීනි’ කුමක් හෙයින් නොදෙවුද, විහාරයෙහි තුබූ බත විහාරයෙහි විසූවන්ට පැමිණේ. අපි අනික් විහාරයෙක විසූමු’යි දෙනු මැනව. ස්වාමීනි’ විහාරයෙහි පාලිකාවට නොදෙමු, නුඹවහන්සේලාට දෙමු, අපගේ භික්ෂාව ගණු මැනැවැ’යි කියූ කල්හි වටීය.
සලාකභත්තකථා නිට්ඨිතා.
සලාකභත්තකථාව නිමි.