පක්ඛිකභත්තාදිකථා අට්ඨකථා
පක්ඛිකභත්තාදිකථා
පක්ඛිකභත්තාදිකථා
පක්ඛිකාදීසු පන යං අභිලක්ඛිතෙසු චාතුද්දසී පඤ්චදසී පඤ්චමී අට්ඨමීති ඉමෙසු පක්ඛෙසු කම්මප්පසුතෙහි උපොසථං කාතුං සතිකරණත්ථාය දිය්යති, තං පක්ඛිකං නාම. තං සලාකභත්තගතිකමෙව හොති, ගාහෙත්වා භුඤ්ජිතබ්බං. සචෙ සලාකභත්තම්පි පක්ඛිකභත්තම්පි බහු සබ්බෙසං විනිවිජ්ඣිත්වා ගච්ඡති, ද්වෙපි භත්තානි විසුං විසුං ගාහෙතබ්බානි. සචෙ භික්ඛුසඞ්ඝො මහා, පක්ඛිකං ගාහෙත්වා තස්ස ඨිතිකාය සලාකභත්තං ගාහෙතබ්බං , සලාකභත්තං වා ගාහාපෙත්වා තස්ස ඨිතිකාය පක්ඛිකං ගාහෙතබ්බං. යෙසං න පාපුණාති, තෙ පිණ්ඩාය චරිස්සන්ති. සචෙ ද්වෙපි භත්තානි බහූනි, භික්ඛූ මන්දා; සලාකභත්තං නාම දෙවසිකං ලබ්භති, තස්මා තං ඨපෙත්වා “පක්ඛිකං ආවුසො භුඤ්ජථා”ති පක්ඛිකමෙව ගාහෙතබ්බං. පක්ඛිකං පණීතං දෙන්ති, විසුං ඨිතිකා කාතබ්බා. “ස්වෙ පක්ඛො”ති අජ්ජ පක්ඛිකං න ගාහෙතබ්බං. සචෙ පන දායකා වදන්ති “ස්වෙ අම්හාකං ඝරෙ ලූඛභත්තං භවිස්සති, අජ්ජෙව පක්ඛිකභත්තං උද්දිසථා”ති, එවං වට්ටති.
පක්ඛිකාදීන් අතුරෙහි යම් බතක් සලකුණු කළ චාතුද්දසී - පඤ්චදසී - අට්ඨමී යන මේ පක්ෂයන්හි කර්මාන්තයන්හි යුක්ත වූවන් විසින් පොහොය කරන්නට සිහිකරණ පිණිස දෙනුලැබේද, ඒ බත පක්ඛිය නම. එය සලාකභත්තගතිකම වේ. ගන්වා වැලදිය යුතුය. සලාකබතත් පැකිබතත් බොහෝසේ සියල්ලන් විනිවිදයේද, මේ බත්දෙක වෙන් වෙන්ව ගැන්විය යුතුය. ඉදින් භික්ෂු තෙමේ මහත්වේද, පැකිබත ගන්වා එබත පිළිබඳ ඨිතිකාවෙන් සලාකබත ගැන්විය යුතුය. සලාකබත හෝ ගන්වා ඒ පිළිබඳ ඨිතිකාවෙන් පැකිබත ගැන්විය යුතුය. යම් කෙනකුන්හට නොපැමිණේද, ඔවුහු පිඬුපිණිස හැසිරෙන්නාහුය. ඉදින් බත් දෙකම බොහෝ වේද, භික්ෂූහු මදවෙත්ද, සලාකබත නම් දවස්පතා ලැබේ. එහෙයින් ඒ සලාකබත හැර ‘ඇවැත්නි’ පැකිබත වලඳවු’යි පැකිබතම ගැන්විය යුතුය. පැකිබත ප්රණිත කොට දෙත්ද, වෙන්ව ඨිතිකාව කටයුතුය. ‘හෙට පක්ෂය, අද පැකිබත නොගැන්විය යුතුය. ඉදින් දායකයෝ ‘හෙට අපගේ ගෙයි සලාකබත වන්නේය, අදම පැකිබත උදෙසවු’යි කියත්නම් එසේ වටියි.
උපොසථිකං නාම අන්වඩ්ඪමාසෙ උපොසථඞ්ගානි සමාදියිත්වා යං අත්තනා භුඤ්ජති, තදෙව දිය්යති. පාටිපදිකං නාම “උපොසථෙ බහූ සද්ධා පසන්නා භික්ඛූනං සක්කාරං කරොන්ති, පාටිපදෙ පන භික්ඛූ කිලමන්ති, පාටිපදෙ දින්නං දුබ්භික්ඛදානසදිසං මහප්ඵලං හොති, උපොසථකම්මෙන වා පරිසුද්ධසීලානං දුතියදිවසෙ දින්නං මහප්ඵලං හොතී”ති සල්ලක්ඛෙත්වා පාටිපදෙ දිය්යනකදානං, තම්පි උභයං සලාකභත්තගතිකමෙව. ඉති ඉමානි සත්තපි භත්තානි පිණ්ඩපාතිකානං න වට්ටන්ති, ධුතඞ්ගභෙදං කරොන්තියෙව.
“උපොසථිකං” උපොසථිකබතනම් අඩමසක් පාසා උපොසථ දිනයෙහි උපොසථාඞ්ගයන් සමාදන්ව යමක් තෙමේ වලඳාද, ඒ වැලඳූ දෙයම දෙනු ලැබේ. “පාටිපදිකං” පාටිපදිකබත නම් උපොසථ දිනයෙහි සැදැහවත් තුනුරුවන්හි පහවූ බොහෝදෙන භික්ෂූන්ට සත්කාර කරන්නාහ. පෑළවිය දිනයෙහි භික්ෂූහු වෙහෙසෙත්. පෑළවිය දිනයෙහි දෙනලද දෙය දුර්භික්ෂ කාලයෙහි දෙන දානයක් සමානවූයේ මහත්ඵලවේ. පොහොය කිරීමෙන් හෝ පිරිසිදු වූ සිල් ඇතියවුන්ට දෙවන දිනයෙහි දෙනලද දානය මහත්ඵලවේය’යි සලකා පෑළවිය දිනයෙහි දෙනු ලබන දානයයි. ඒ උපොසථික පාටිපදික බත් දෙකම සලාකභත්තගතිකම වේ. මෙසේ මේ සත්බතම පිණ්ඩපාතිකයන්ට නොවටියි. ධුතාඞ්ගභෙදය කෙරේමය.
අපරානිපි චීවරක්ඛන්ධකෙ විසාඛාය වරං යාචිත්වා දින්නානි ආගන්තුකභත්තං ගමියභත්තං ගිලානභත්තං ගිලානුපට්ඨාකභත්තන්ති චත්තාරි භත්තානි පාළියං ආගතානෙව, තත්ථ ආගන්තුකානං දින්නං භත්තං “ආගන්තුකභත්තං”. එස නයො සෙසෙසු. සචෙ පනෙත්ථ ආගන්තුකභත්තානිපි ආගන්තුකාපි බහූ හොන්ති, සබ්බෙසං එකෙකං ගාහෙතබ්බං, භත්තෙසු අප්පහොන්තෙසු ඨිතිකාය ගාහෙතබ්බං. එකො ආගන්තුකො පඨමමෙව ආගන්ත්වා සබ්බං ආගන්තුකභත්තං අත්තනො ගාහෙත්වා නිසීදති, සබ්බං තස්සෙව හොති, පච්ඡා ආගතෙහි ආගන්තුකෙහි තෙන දින්නානි පරිභුඤ්ජිතබ්බානි. තෙනපි එකං අත්තනො ගහෙත්වා සෙසානි දාතබ්බානි. අයං උළාරො.
චීවරක්ඛන්ධකයෙහි විසාඛාවන් විසින් වර ඉල්ලා දෙනලද අන්‍යවූද ආගන්තුකභත්ත - ගමියභත්ත - ගිලානභත්ත - ගිලානුපට්ඨාකභත්ත යන බත් සතර පෙළෙහි ආවාහුමය. එහි ආගන්තුකාදීන්ට දියයුතුබත ආගන්තුකභත්ත නම. සෙස්සෙහිදු මේනයය. ඉදින් මෙහි ආගන්තුකබත්ද ආගන්තුකයෝද බොහෝවෙත් නම් සියල්ලන්ට එක එක ගැන්විය යුතුය. බත් නොපොහොනා කල්හි ඨිතිකාවෙන් ගැන්විය යුතුය. එක් ආගන්තුකයෙක් පළමුකොටම අවුත් සියලු ආගන්තුකබත් තමන්ට ගන්වා හිදීනම් සියල්ල ඔහුටම වේ. පසුව ආ ආගන්තුකයන් විසින් පළමු ආ ඔහු විසින් දුන්බත් වැලඳිය යුතුය. ඔහු විසින්ද එකක් තමාට ගන්වා සෙසු බත් දිය යුතුය.
සචෙ පන යො පඨමං ආගන්ත්වාපි අත්තනො අග්ගහෙත්වා තුණ්හීභූතො නිසීදති, පච්ඡා ආගතෙහි සද්ධිං පටිපාටියා ගණ්හිතබ්බං. සචෙ නිච්චං ආගන්තුකා ආගච්ඡන්ති, ආගතදිවසෙයෙව භුඤ්ජිතබ්බං, අන්තරන්තරා චෙ ආගච්ඡන්ති, ද්වෙ තීණි දිවසානි භුඤ්ජිතබ්බං. මහාපච්චරියං පන “සත්ත දිවසානි භුඤ්ජිතුං වට්ටතී”ති වුත්තං.
යම් ආගන්තුකයෙක් පළමුකොට අවුත් තමහට නොගන්වා මුවෙන් නොබැණ හිඳීද, මෙතෙමේ උදාර වේ. පසුව පැමිණියවුන් සමග පිළිවෙළින් ගතයුතුය. නිතර ආගන්තුකයෝ එත්නම් ආ දිනයෙහිම වැලදිය යුතුය. අතරින් අතර එත්නම් දෙතුන් දවසක් වැලඳිය යුතුය. මහාපච්චරියෙහි සත්දිනක් වැලඳිය හැකියයි කියනලදී.
ආවාසිකො කත්ථචි ගන්ත්වා ආගතො, තෙනාපි ආගන්තුකභත්තං පරිභුඤ්ජිතබ්බං. සචෙ පන තං විහාරෙ නිබන්ධාපිතං හොති, විහාරෙ ගාහෙතබ්බං. අථ විහාරො දූරෙ හොති, ආසනසාලාය නිබන්ධාපිතං ආසනසාලාය ගාහෙතබ්බං. සචෙ පන දායකා “ආගන්තුකෙසු අසති ආවාසිකාපි පරිභුඤ්ජන්තූ”ති වදන්ති, වට්ටති.
ආවාසිකයෙක් තෙමේ කිසිතැනක ගොස් ආයේද ඔහු විසින්ද ආගන්තුකබත වැලදිය යුතුය. ඒ ආගන්තුකබත විහාරයෙහි නියම කරණලද්දේ හෝ වේද, විහාරයෙහි ගැන්විය යුතුය. විහාරය දුර පිහිටියේය’යි අසුන්හලෙහි නියමකරණ ලද්දේ අසුන්හලෙහි ගැන්විය යුතුය. ඉදින් දායකයෝ ආගන්තුකයන් නැති කල්හි ආවාසිකයෝද වලඳත්වා’යි කියත්නම් වටියි. නොකියූ කල්හි නොවටියි.
ගමියභත්තෙපි අයමෙව කථාමග්ගො. අයං පන විසෙසො – ආගන්තුකො ආගන්තුකභත්තමෙව ලභති, ගමිකො ආගන්තුකභත්තම්පි ගමියභත්තම්පි. ආවාසිකොපි පක්කමිතුකාමො ගමිකො හොති; ගමියභත්තං ලභති. යථා පන ආගන්තුකභත්තං; එවමිදං ද්වෙ වා තීණි වා සත්ත වා දිවසානි න ලබ්භති. “ගමිස්සාමී”ති භුත්තො තංදිවසං කෙනචිදෙව කාරණෙන න ගතො, පුනදිවසෙපි භුඤ්ජිතුං වට්ටති, සඋස්සාහත්තා. “ගමිස්සාමී”ති භුත්තස්ස චොරා වා පන්ථං රුන්ධන්ති උදකං වා, දෙවො වා වස්සති, සත්ථො වා න ගච්ඡති, සඋස්සාහෙන භුඤ්ජිතබ්බං. එතෙ උපද්දවෙ ඔලොකෙන්තෙන “ද්වෙ තයො දිවසෙ භුඤ්ජිතුං වට්ටතී”ති මහාපච්චරියං වුත්තං. “ගමිස්සාමී”ති පන ලෙසං ඔඩ්ඩෙත්වා භුඤ්ජිතුං න ලභති.
ගමියබතෙහිද කථාමාර්ගය මේම වේ. මේවනාහි වෙනස්ය. ආගන්තුක තෙමේ ආගන්තුකබතම ලබයි. ගමිකතෙමේ ආගන්තුක බත හා ගමිකබතද ලබයි. ආවාසික තෙමේද යනු කැමැත්තේවේනම් ගමිකවේ. ගමිකබතද ලබන්නේය. ආගන්තුක බත යම්සේ වේනම් එසේ මේබතද දෙතුන් දවසක් හෝ සත්දවසක් හෝ නොලබන්නේය. යන්නෙමි’යි අනුභව කරණලද්දේ එදවස කිසි කරුණක් නිසා නොගියේද දෙවනදිනයෙහිද වැලඳිය හැකිය. උත්සාහවත් බැවින් යන්නෙමියි වලඳන ලද්දහුට සොරු හෝ මග අවුරත්ද ජලය හෝ වේද මෙඝයෙක් හෝ වසීද ජනසමූහතෙමේ හෝ නොයේද උත්සාහසහිත වූවහු විසින් වැලඳිය යුතුය. මේ උවදුරු බලන්නහු විසින් දෙතුන් දිනක් වැලදීම වටීයයි මහාපච්චරියෙහි කියනලදී. ‘යන්නෙමි, යන්නෙමි’යි ලෙශයක් නගා වලඳන්නට නොලබයි.
ගිලානභත්තම්පි සචෙ සබ්බෙසං ගිලානානං පහොති, සබ්බෙසං දාතබ්බං; නො චෙ, ඨිතිකං කත්වා ගාහෙතබ්බං. එකො ගිලානො අරොගරූපො සක්කොති අන්තොගාමං ගන්තුං, එකො න සක්කොති, අයං “මහාගිලානො” නාම. එතස්ස ගිලානභත්තං දාතබ්බං. ද්වෙ මහාගිලානා – එකො ලාභී අභිඤ්ඤාතො බහුං ඛාදනීයං භොජනීයං ලභති, එකො අනාථො අප්පලාභතාය අන්තොගාමං පවිසති – එතස්ස ගිලානභත්තං දාතබ්බං. ගිලානභත්තෙ පන දිවසපරිච්ඡෙදො නත්ථි. යාව රොගො න වූපසම්මති, සප්පායභොජනං අභුඤ්ජන්තො න යාපෙති, තාව භුඤ්ජිතබ්බං. යදා පන මිස්සකයාගුං වා මිස්සකභත්තං වා භුත්තස්සාපි රොගො න කුප්පති, තතො පට්ඨාය න භුඤ්ජිතබ්බං.
“ගිලානභත්තම්පි” ගිලන්බතද සියලු ගිලනුන්ට පොහොනේ නම් සියල්ලන්ට දියයුතුය. නොපොහොනේ නම් ඨිතිකාවකොට ගැන්විය යුතුය. එක් ගිලනෙක් තෙමේ නීරොගී ස්වභාව ඇත්තේ ඇතුළුගමට යන්නට හැක්කේද එක් ගිලනෙක් ඇතුළුගමට යන්නට නොහැක්කේද මෙතෙමේ මහාගිලාන නම. මේ මහණහට ගිලන්බත දියයුතුය. මහගිලන්හු දෙදෙනෙක් වෙත්. එකෙක් ලැබීම් ඇත්තේය. ප්‍රසිද්ධය. බොහෝ කෑයුතු බිදිය යුතු දෙය ලබන්නේය. එකෙක් අනාථය. මද ලැබීම් ඇත්තේය. එහෙයින් ඇතුළු ගමට පිවිසෙන්නේය. මේ මහණහුට ගිලන්බත දියයුතුය. ගිලන්බතෙහි දවස් පිරිසිඳීමෙක් නැත්තේය. යම්තාක් රෝගය නොසන්සිඳේද, හිතබොජුන් නොබුදින්නේ නොයැපේද ඒතාක් වැලඳිය යුතුය. යම් කලෙක මුසු කැඳක් හෝ මුසුබතක් හෝ වැලඳූවහුට රෝගය නොකිපේද එතැපටන් නොවැලදිය යුතුය.
ගිලානුපට්ඨාකභත්තම්පි යං සබ්බෙසං පහොති, තං සබ්බෙසං දාතබ්බං; නො චෙ පහොති, ඨිතිකං කත්වා ගාහෙතබ්බං. ඉදම්පි ද්වීසු ගිලානෙසු මහාගිලානුපට්ඨාකස්ස ගාහෙතබ්බං, ද්වීසු මහාගිලානෙසු අනාථගිලානුපට්ඨාකස්ස. යං කුලං ගිලානභත්තම්පි දෙති ගිලානුපට්ඨාකභත්තම්පි, තත්ථ යස්ස ගිලානස්ස භත්තං පාපුණාති තදුපට්ඨාකස්සාපි තත්ථෙව ගාහෙතබ්බං. ගිලානුපට්ඨාකභත්තෙපි දිවසපරිච්ඡෙදො නත්ථි, යාව ගිලානො ලභති, තාවස්ස උපට්ඨාකොපි ලභතීති. ඉමානි චත්තාරි භත්තානි සචෙ එවං දින්නානි හොන්ති “ආගන්තුකගමිකගිලානුපට්ඨාකා මම භික්ඛං ගණ්හන්තූ”ති, පිණ්ඩපාතිකානම්පි වට්ටති. සචෙ පන ආගන්තුකාදීනං භත්තං නිබන්ධාපෙමි, “මම භත්තං ගණ්හන්තූ”ති එවං දින්නානි හොන්ති, පිණ්ඩපාතිකානං න වට්ටති.
“ගිලානුපට්ඨාකභත්තම්පි” ග්ලානොපස්ථායකභත්තයද සියල්ලන්ට පොහොනේ නම් සියල්ලන්ට දියයුතුය. ඉදින් නොපොහොනේ නම් ඨිතිකාවකොට ගැන්වියයුතුය. මේ බතද ගිලනුන් දෙදෙනකු අතුරෙහි මහාග්ලානොපස්ථායකයාට ගැන්විය යුතුය. මහගිලනුන් දෙදෙනා අතුරෙහි අනාථග්ලානොපස්ථායකයාහට යම්කුලයෙක් ගිලන් බතක් ග්ලානොපස්ථායක බතක් දේද, එහි යම් ගිලනක්හට ගිලන්බත පැමිණේද, ඔහුගේ උපස්ථායකයාහටත් එහිම ගැන්විය යුතුය. ග්ලානොපස්ථායක බතෙහිද දවස් පිරිසිඳීමෙක් නැත්තේය. යම්තාක් ගිලන්තෙමේ ලබාද ඒතාක් ඔහුගේ උපස්ථායක තෙමේත් ලබයි. මේ බත් සතර ‘ආගන්තුක ගමික ගිලාන ගිලානුපට්ඨායකයෝ මාගේ භික්ෂාව ගණිත්වා’යි මෙසේ දෙන ලද්දාහුද එය පිණ්ඩපාතිකයන්ට පිළිගත හැකිය. ‘ආගන්තුකාදීන්ට දෙනලද බත නිති බැඳ තබමි. මාගේ බත ගණිත්වා’යි මෙසේ දෙනලද්දාහු වෙත්ද, පිණ්ඩපාතිකයන්ටද සුදුසුවෙත්.
අපරානිපි “ධුරභත්තං, කුටිභත්තං, වාරභත්ත”න්ති තීණි භත්තානි. තත්ථ ධුරභත්තන්ති නිච්චභත්තං වුච්චති, තං දුවිධං – සඞ්ඝිකං පුග්ගලිකඤ්ච. තත්ථ යං “සඞ්ඝස්ස ධුරභත්තං දෙමා”ති නිබන්ධාපිතං, තං සලාකභත්තගතිකං. “මම නිබද්ධං භික්ඛං ගණ්හන්තූ”ති වත්වා දින්නං පන පිණ්ඩපාතිකානම්පි වට්ටති. පුග්ගලිකෙපි “තුම්හාකං ධුරභත්තං දම්මී”ති වුත්තෙ පිණ්ඩපාතිකො චෙ, න වට්ටති. “මම නිබද්ධං භික්ඛං ගණ්හථා”ති වුත්තෙ පන වට්ටති, සාදිතබ්බං. සචෙපි පච්ඡා කතිපාහෙ වීතිවත්තෙ “ධුරභත්තං ගණ්හථා”ති වදති, මූලෙ සුට්ඨු සම්පටිච්ඡිතත්තා වට්ටති.
අන්‍යවූද ධුරභත්ත කුටිභත්ත වාරකභතයි බත් තුනෙක් වේ. එහි “ධුරභත්තං” ධුරභත්ත නම් නිතිබතැයි කියනු ලැබේ. සඞ්ඝික පුද්ගලිකයි එය දෙවැදෑරුම් වේ. එහි සඞ්ඝයාට ධුරබතක් දෙමු’යි යම් බතක් නියමකරණ ලද්දේ ද එය සලාකභත්තගතික වේ. ‘මාගේ භික්ෂාව නිබඳව ගණිත්වා’යි කියා දුන් ධුරබත පිණ්ඩපාතිකයන්ටද ගත හැකිය. පෞද්ගලික ධුරබතෙහිද ‘යුෂ්මතුන්ට ධුරබත දෙමි’යි කියූ කල්හි පිණ්ඩපාතික වේනම් ඔහුට පිළිගත නොහැකිය. ‘මාගේ නිබද්ධභික්ෂාව ගණිවු’යි කියූ කල්හි වරද නැත. ඉවසිය යුතුය. පසුව කීප දවසක් ඉක්මගිය කල්හි ‘ධුරබත ගණිවු’යි කියානම් මුලදී මනාකොට පිළිගත් බැවින් පිළිගනු වරද නොවේ.
කුටිභත්තං නාම යං සඞ්ඝස්ස ආවාසං කාරෙත්වා “අම්හාකං සෙනාසනවාසිනො අම්හාකංයෙව භත්තං ගණ්හන්තූ”ති එවං නිබන්ධාපිතං, තං සලාකභත්තගතිකමෙව හොති, ගහෙත්වා භුඤ්ජිතබ්බං. “අම්හාකං සෙනාසනවාසිනො අම්හාකංයෙව භික්ඛං ගණ්හන්තූ”ති වුත්තෙ පන පිණ්ඩපාතිකානම්පි වට්ටති . යං පන පුග්ගලෙ පසීදිත්වා තස්ස වා ආවාසං කත්වා “තුම්හාකං දෙමා”ති දින්නං, තං තස්සෙව හොති, තස්මිං කත්ථචි ගතෙ නිස්සිතකෙහි භුඤ්ජිතබ්බං.
“කුටිභත්තං” කුටිබත නම් සඞ්ඝයාට යම් ආවාසයක් කරවා ‘අපගේ සෙනසුන් වැස්සෝ අපගේම බත පිළිගනිත්වා’යි මෙසේ නියම කරණලද බතය. ඒ කුටිබත සලාකබත සමාන පැවැතුම් ඇත්තේ වේ. ගන්වා වැලදිය යුතුය. ‘අපගේ සෙනසුන් වැස්සෝ අපගේම භික්ෂාව පිළිගණිත්වා’යි කියූ කල්හි පිණ්ඩපාතිකයන්ටද වටියි. පුද්ගලයා කෙරෙහි පැහැද ඔහුට ආවාසයක් කොට ‘යුෂ්මතුන්ට දෙමු’යි යම් බතක් දෙන ලද්දේද, එය ඔහුටම වේ. ඔහු කිසිතැනක ගිය කල්හි නිශ්රිතකයන් විසින් වැලදිය යුතුය.
වාරභත්තං නාම දුබ්භික්ඛසමයෙ “වාරෙන භික්ඛූ ජග්ගිස්සාමා”ති ධුරගෙහතො පට්ඨාය දින්නං, තම්පි භික්ඛාවචනෙන දින්නං පිණ්ඩපාතිකානං වට්ටති. “වාරභත්ත”න්ති වුත්තෙ පන සලාකභත්තගතිකං හොති. සචෙ තණ්ඩුලාදීනි පෙසෙන්ති, “සාමණෙරා පචිත්වා දෙන්තූ”ති, පිණ්ඩපාතිකානං වට්ටති. ඉති ඉමානි ච තීණි ආගන්තුකභත්තාදීනි ච චත්තාරීති සත්ත, තානි සඞ්ඝභත්තාදීහි සහ චුද්දස භත්තානි හොන්ති.
“වාරභත්තං” වාරබත නම් දුර්භික්ෂ කාලයෙහි ‘වාරයෙන් භික්ෂූන් පෝෂණය කරන්නෙමු’යි ධුරගෙය පටන් දෙනලද බතය. එද භික්ෂා වචනයෙන් දෙනලද්දේ පිණ්ඩපාතිකයන්ට සුදුසු වේ. වාරබතයි කියූකල්හි සලාක බත සමාන පැවැතුම් ඇත්තේ වේ. ඉදින් ‘සාමණේරයෝ පිස දෙත්වා’යි සහල් ආදිය යවත්නම් පිණ්ඩපාතිකයන්ට ගැණීම වරද නොවේ. මෙසේ මේ ධුරබත් ආදි තුනද ආගන්තුක බත් ආදිසතරද යන සත්බතය. ඒබත් සඟබත් ආදිය සමග තුදුස් බතෙක් වේ.
අට්ඨකථායං පන විහාරභත්තං, අට්ඨකභත්තං, චතුක්කභත්තං, ගුළ්හකභත්තන්ති අඤ්ඤානිපි චත්තාරි භත්තානි වුත්තානි. තත්ථ විහාරභත්තං නාම විහාරෙ තත්රුප්පාදභත්තං, තං සඞ්ඝභත්තෙන ගහිතං. තං පන තිස්සමහාවිහාරචිත්තලපබ්බතාදීසු පටිසම්භිදාපත්තෙහි ඛීණාසවෙහි යථා පිණ්ඩපාතිකානම්පි සක්කා හොති පරිභුඤ්ජිතුං, තථා පටිග්ගහිතත්තා තාදිසෙසු ඨානෙසු පිණ්ඩපාතිකානම්පි වට්ටති. “අට්ඨන්නං භික්ඛූනං දෙම, චතුන්නං දෙමා”ති එවං දින්නං පන අට්ඨකභත්තඤ්චෙව චතුක්කභත්තඤ්ච; තම්පි භික්ඛාවචනෙන දින්නං පිණ්ඩපාතිකානං වට්ටති. මහාභිසඞ්ඛාරිකෙන අතිරසකපූවෙන පත්තං පූරෙත්වා ථකෙත්වා දින්නං ගුළ්හකභත්තං නාම. ඉමානි තීණි සලාකභත්තගතිකානෙව.
අර්‍ත්‍ථකථාවෙහි වනාහි විහාරභත්ත අට්ඨකභත්ත චතුක්කභත්ත ගුළ්හකභත්තයි අන්‍යවූද සතරබතක් කියන ලදී. එහි “විහාරභත්තං” විහාරබත නම් විහාරයෙහි එහි උපන් දෙයින් උපන් බතය. ඒ විහාරබත සඟබත හා එකතුකරණ ලද්දේය. ඒ බත වනාහි තිස්සමහාවිහාර චිත්තලපබ්බත ආදීන්හි පිළිසිඹියා පත් රහතුන් විසින් යම්සේ පිණ්ඩචාරිකයන්ටද වලදන්නට හැකිවේද එසේ පිළිගත් බැවින් එබඳු තන්හි පිණ්ඩපාතිකයන්ටද වටියි. ‘භික්ෂූන් අටනමකට දෙමු, භික්ෂූන් සතර නමකට දෙමු’යි මෙසේ දුන් බත වනාහි අට්ඨකභත්තද චතුක්කභත්තද වේ. එද භික්ෂාවචනයෙන් දෙන ලද්දේ පිණ්ඩපාතිකයන්ට ගතහැකිය. මහත්කොට පිළියෙළ කළ අතිරසක පූවකින් පාත්‍රය පුරවා දෙන ලද්ද ගුළ්හකභත්ත නම. මේ තුන සලාකබත් සමාන පැවැතුම් ඇත්තාහුමය.
අපරම්පි ගුළකභත්තං නාම අත්ථි, ඉධෙකච්චෙ මනුස්සා මහාධම්මසවනඤ්ච විහාරපූජඤ්ච කාරෙත්වා සකලසඞ්ඝස්ස දාතුං න සක්කොමාති, “ද්වෙ තීණි භික්ඛුසතානි අම්හාකං භික්ඛං ගණ්හන්තූ”ති භික්ඛුපරිච්ඡෙදජානනත්ථං ගුළකෙ දෙන්ති, ඉදං පිණ්ඩපාතිකානම්පි වට්ටති. ඉති චීවරක්ඛන්ධකෙ චීවරභාජනීයං, ඉමස්මිං පන සෙනාසනක්ඛන්ධකෙ සෙනාසනභාජනීයඤ්චෙව පිණ්ඩපාතභාජනීයඤ්ච වුත්තං.
අන්‍යවූද ගුළ්හක බතක් ඇත්තේය. මෙහි ඇතැම් මනුෂ්‍යයෝ මහත්වූ ධර්මශ්රවණයද විහාරපූජාවද කොට ‘සියලු සඞ්ඝයාට දීමට නොහැක්කෙමු. දෙතුන් සියයක් භික්ෂූහු අපගේ භික්ෂාව ගණිත්වා’යි භික්ෂූන්ගේ පරිච්ඡෙදය දැනගනු පිණිස උත්සකුරුගුළි දෙත්. මේ බත පිණ්ඩපාතිකයන්ට සුදුසුය. මෙසේ චීවරක්ඛන්ධකයෙහි චීවරභාජනීයද, මේ සෙනාසනක්‍ඛන්‍ධකයෙහි සෙනාසනභාජනීයද පිණ්ඩපාතභාජනීයද කියනලදී.
ගිලානපච්චයභාජනීයං පන එවං වෙදිතබ්බං – සප්පිආදීසු භෙසජ්ජෙසු රාජරාජමහාමත්තා සප්පිස්ස තාව කුම්භසතම්පි කුම්භසහස්සම්පි විහාරං පෙසෙන්ති, ඝණ්ටිං පහරිත්වා ථෙරාසනතො පට්ඨාය ගහිතභාජනං පූරෙත්වා දාතබ්බං , පිණ්ඩපාතිකානම්පි වට්ටති. සචෙ අලසජාතිකා මහාථෙරා පච්ඡා ආගච්ඡන්ති, “භන්තෙ, වීසතිවස්සානං දිය්යති, තුම්හාකං ඨිතිකා අතික්කන්තා”ති න වත්තබ්බා, ඨිතිකං ඨපෙත්වා තෙසං දත්වා පච්ඡා ඨිතිකාය දාතබ්බං.
ගිලානප්පච්චයභාජනීය වනාහි මෙසේ දතයුතුය. රාජරාජමහාමාත්යයෝ ගිතෙල් ආදීවූ බෙහෙත් අතුරෙහි ගිතෙල් පුරවා කළසියයක්ද කළදහසක්ද විහාරයට යවත්ද, එකල්හි ගෙඩිය ගසා ථෙරාසනය පටන් ගත් බඳුන පුරව පුරවා දිය යුතුය. පිණ්ඩපාතිකයන්ටද වටියි. අලසසැහැවි අති මහතෙරහු ඉදින් පසුව එත්ද, ‘ස්වාමීනි’ විසිවස් ඇතියන්ට දෙනුලැබේ, යුෂ්මතුන්ගේ ඨිතිකාව ඉක්ම ගියාය’යි නොකිය යුතුය. ඨිතිකාව හැර පසුව ආ මහතෙරුන්ට දී පසුව ඨිතිකාවෙන් දියයුතුය.
“අසුකවිහාරෙ බහු සප්පි උප්පන්න”න්ති සුත්වා යොජනන්තරවිහාරතොපි භික්ඛූ ආගච්ඡන්ති, සම්පත්තසම්පත්තානං ඨිතට්ඨානතො පට්ඨාය දාතබ්බං. අසම්පත්තානම්පි උපචාරසීමං පවිට්ඨානං අන්තෙවාසිකාදීසු ගණ්හන්තෙසු දාතබ්බමෙව. “බහිඋපචාරසීමාය ඨිතානං දෙථා”ති වදන්ති, න දාතබ්බං. සචෙ පන උපචාරසීමං ඔක්කන්තෙහි එකාබද්ධා හුත්වා අත්තනො විහාරද්වාරෙ වා අන්තොවිහාරෙයෙව වා හොන්ති, පරිසාවසෙන වඩ්ඪිතා නාම සීමා හොති, තස්මා දාතබ්බං. සඞ්ඝනවකස්ස දින්නෙපි පච්ඡා ආගතානං දාතබ්බමෙව. දුතියභාගෙ පන ථෙරාසනං ආරුළ්හෙ පච්ඡා ආගතානං පඨමභාගො න පාපුණාති, දුතියභාගතො වස්සග්ගෙන දාතබ්බං. උපචාරසීමං පවිසිත්වා යත්ථ කත්ථචි දින්නං හොති, සබ්බසන්නිපාතට්ඨානෙයෙව භාජෙතබ්බං.
‘අසුවල් විහාරයෙහි බොහෝ ගිතෙල් උපනැ’යි අසා යොදුනක් අතර ඇති විහාරයෙන්ද භික්ෂූහු එත්නම් පැමිණි පැමිණියවුන්ට සිටි තැන පටන් දියයුතුය. නොපැමිණියාවූද උපචාර සීමාවට පැමිණියවුන්ට අතවැසි ආදීන් ගන්නා කල්හි දියයුතුමය. උපචාර සීමාවෙන් පිටත සිටියවුන්ට දෙවු’යි කියත්නම් නොදිය යුතුය. ඉදින් උපචාර සීමාවට බසින්නන් හා එකාබද්ධව තමන්ගේ වෙහෙර දොරකඩ හෝ වෙහෙරතුළම හෝ වෙත්ද, එකල්හි පිරිස් වසයෙන් වැඩුනු සීමා නම් වන්නීද එහෙයින් නොදිය යුතුය. සඞ්ඝනවකයාහට දුන් කල්හිද, පසුව පැමිණියවුන්ට දියයුතුමය. දෙවන කොටස ථෙරාසනයට නැගි කල්හි පසුව පැමිණියවුන්ටද පළමුකොටස නොපැමිණෙන්නේය. දෙවන කොටස පටන් වස් ගණනින් දිය යුතුය. උපචාර සීමාවට පිවිස යම්කිසි තැනෙක දෙනලද්දෙක්වේද, සියල්ලන් රැස්වන තැන්හිම බෙදියයුතුය.
යස්මිං විහාරෙ දස භික්ඛූ, දසෙව ච සප්පිකුම්භා දිය්යන්ති, එකෙකකුම්භවසෙනෙව භාජෙතබ්බං. එකො සප්පිකුම්භො හොති, දස භික්ඛූහි භාජෙත්වා ගහෙතබ්බං. සචෙ යථාඨිතංයෙව “අම්හාකං පාපුණාතී”ති ගණ්හන්ති, දුග්ගහිතං; ගතගතට්ඨානෙ සඞ්ඝිකමෙව හොති. කුම්භං පන ආවජ්ජෙත්වා ථාලකෙ ථොකං සප්පිං කත්වා “ඉදං මහාථෙරස්ස පාපුණාති, අවසෙසං අම්හාකං පාපුණාතී”ති වත්වා තම්පි කුම්භෙයෙව ආකිරිත්වා යථිච්ඡිතං ගහෙත්වා ගන්තුං වට්ටති. සචෙ ථිනං සප්පි හොති, ලෙඛං කත්වා “ලෙඛතො පරභාගො මහාථෙරස්ස පාපුණාති, අවසෙසං අම්හාක”න්ති ගහිතම්පි සුග්ගහිතං, වුත්තපරිච්ඡෙදතො ඌනාධිකෙසුපි භික්ඛූසු ච සප්පිකුම්භෙසු ච එතෙනෙවුපායෙන භාජෙතබ්බං.
යම් විහාරයෙක්හි භික්ෂූහු දසනමක් වෙත්ද, එහි ගිතෙල් කළ දසයක්ම දෙනු ලැබෙත්ද, එක් එක් කළයක් වසයෙන් බෙදිය යුතුය. එක් ගිතෙල් කළයක් වේද, භික්ෂූන් දසනම විසින් බෙදාගත යුතුය. සිටිපරිදිම අපට පැමිණේය’යි ගණිත්ද, එය මැනවින් ගන්නා ලද්දෙක් නොවේ. ගිය ගිය තන්හි සඞ්ඝිකම වේ. කළය ඇලකර තලියෙහි ගිතෙල් ටිකක් වත්කර ‘මෙය මහතෙරහට පැමිණේ, සෙස්ස අපට පැමිණේය’යි කියා එයද කළයෙහිම වක්කොට කැමැති පමණක් ගෙණ යෑම වරද නොවේ. මිදුනු ගිතෙල් වේද එහි ඉරක් ඇඳ ඉරෙන් පරභාගය මහතෙරහට පැමිණේ. සෙස්ස අපටයයි ගන්නා ලද්දේද මනාය. කියූ පිරිසිඳීමෙන් අඩු වැඩි වූ භික්ෂූන් කෙරෙහිද ගිතෙල් කළවලද මේ උපායයෙන්ම බෙදියයුතුය.
සචෙ පනෙකො භික්ඛු, එකොපි කුම්භො හොති, ඝණ්ටිං පහරිත්වා “අයං මය්හං පාපුණාතී”තිපි ගහෙතුං වට්ටති. “අයං පඨමභාගො මය්හං පාපුණාති, අයං දුතියභාගො”ති එවං ථොකං ථොකම්පි පාපෙතුං වට්ටති. එස නයො නවනීතාදීසුපි. යස්මිං පන විප්පසන්නෙ තිලතෙලාදිම්හි ලෙඛා න සන්තිට්ඨති, තං උද්ධරිත්වා භාජෙතබ්බං. සිඞ්ගිවෙරමරිචාදිභෙසජ්ජම්පි අවසෙසපත්තථාලකාදිසමණපරික්ඛාරොපි සබ්බො වුත්තානුරූපෙනෙව නයෙන සුට්ඨු සල්ලක්ඛෙත්වා භාජෙතබ්බොති.
ඉදින් එක් මහණෙක් වේද, එක් ගිතෙල් කළයෙක් වේද, ගෙඩිය ගසා ‘මේ කොටස පැමිණේය’යි ගැණීම සුදුසු වේ. ‘මේ ප්‍රථමභාගය මට පැමිණේ, මේ ද්විතීය භාගය’යි ටික ටික පැමිණවීමද යෝග්‍ය වේ. වෙඬරු ආදියෙහිද මේනය වේ. යම් වෙසෙසින් පහන් තලතෙල් ආදියෙහි ඉර නොසිටීද, ඒ තලතෙල් උඩට නගාම බෙදියයුතුය. ඉඟුරු මිරිස් ආදී බෙහෙත්ද සෙසු පාත්රථාලකාදි ශ්‍රමණ පරිෂ්කාරද කියනලද්දට අනුරූපවූම නයින් මනාකොට සලකා බෙදිය යුතුය.
පාළිං අට්ඨකථඤ්චෙව, ඔලොකෙත්වා විචක්ඛණො; සඞ්ඝිකෙ පච්චයෙ එවං, අප්පමත්තොව භාජයෙති.
විචක්ෂණ තෙමේ පෙළ හා අටුවාවද බලා සඞ්ඝිකප්රත්යයන් මේ අයුරින් අප්‍රමත්තව බෙදන්නේය.
ඉති සබ්බාකාරෙන පච්චයභාජනීයකථා නිට්ඨිතා.
මෙසේ මුළුමනින් ප්රත්යයභාජනීය කථාව නිමි.
සම්මන්නිත්වා ඨපිතයාගුභාජකාදීහි භාජනීයට්ඨානං ආගතමනුස්සානං අනාපුච්ඡිත්වාව උපඩ්ඪභාගො දාතබ්බො, අසම්මතෙහි පන අපලොකෙත්වා දාතබ්බො. සම්මතෙන අප්පමත්තකවිස්සජ්ජනකෙන භික්ඛුනා චීවරකම්මං කරොන්තස්ස “සූචිං දෙහී”ති වදතො එකා දීඝා, එකා රස්සාති ද්වෙ සූචියො දාතබ්බා. “අවිභත්තං සඞ්ඝිකං භණ්ඩ”න්ති පුච්ඡිතබ්බකිච්චං නත්ථි. පිප්ඵලකත්ථිකස්ස එකො පිප්ඵලකො, අද්ධානකන්තාරං පටිපජ්ජිතුකාමස්ස උපාහනයුගළං, කායබන්ධනත්ථිකස්ස කායබන්ධනං, “අංසබද්ධකො මෙ ජිණ්ණො”ති ආගතස්ස අංසබද්ධකො, පරිස්සාවනත්ථිකස්ස පරිස්සාවනං දාතබ්බං. ධම්මකරණත්ථිකස්ස ධම්මකරණො. සචෙ පටකො න හොති, ධම්මකරණො පටකෙන සද්ධිං දාතබ්බො. “ආගන්තුකපට්ටං ආරොපෙස්සාමී”ති යාචන්තස්ස කුසියා ච අඩ්ඪකුසියා ච පහොනකං දාතබ්බං. “මණ්ඩලං නප්පහොතී”ති ආගතස්ස මණ්ඩලං එකං දාතබ්බං, අඩ්ඪමණ්ඩලානි ද්වෙ දාතබ්බානි. ද්වෙ මණ්ඩලානි යාචන්තස්ස න දාතබ්බානි. අනුවාතපරිභණ්ඩත්ථිකස්ස එකස්ස චීවරස්ස පහොනකං දාතබ්බං. සප්පිනවනීතාදිඅත්ථිකස්ස ගිලානස්ස එකං භෙසජ්ජං නාළිමත්තං කත්වා තතො තතියකොට්ඨාසො දාතබ්බො. එවං තීණි දිවසානි දත්වා නාළියා පරිපුණ්ණාය චතුත්ථදිවසතො පට්ඨාය සඞ්ඝං පුච්ඡිත්වා දාතබ්බං. ගුළපිණ්ඩෙපි එකදිවසං තතියභාගො දාතබ්බො. එවං තීහි දිවසෙහි නිට්ඨිතෙ පිණ්ඩෙ තතො පරං සඞ්ඝං පුච්ඡිත්වා දාතබ්බං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
පෙළෙහි කියූ කර්මවාක්යයෙන් සම්මතකොට තැබූ යාගුභාජකාදීන් විසින් බෙදනතැනට පැමිණි මිනිසුන්ට නොවිචාරාම අඩකොටසක් දිය යුතුය. සම්මත නොකරණ ලද්දවුන් විසින් අපලොකනය කොට දියයුතුය. පෙළෙහි කියූ කර්මවාක්යයෙන් සම්මතකරණලද අප්පමත්තකවිසජ්ජක භික්ෂූහු විසින් චීවර කර්මාන්ත කරණ හිදියක් දෙවයි කියන්නහුට දික්වූ එක් හිදියක, කෙටිවූ එක් හිදියකැයි හිදි දෙකක් දිය යුතුය. නොබෙදන ලද සඟසතු බඩුවක්දැ’යි විචාළයුත්තෙක් නැත්තේය. කතුරෙන් ප්‍රයොජන ඇත්තහුට එක් කතුරක්, දිග්කතරමගට යනු කැමැත්තහුට වහන් සඟළක්, ඉණ බඳින පටියෙන් ප්‍රයොජන ඇත්තහුට පටියක්, මාගේ අංසකඩය දිරාගියේයයි පැමිණියහුට අංසකඩයක්, පෙරහනින් ප්‍රයොජන ඇත්තහුට පෙරහනක් දියයුතුය. ඩබරාවෙන් ප්‍රයොජන ඇත්තහුට ඩබරාවක් දියයුතුය. පටියක් නැත්තේනම් ඩබරාව පටිය සමග දියයුතුය. අමුතුපත් නගන්නෙමි’යි ඉල්ලන්නහුට දිග නුවාවට හා අඩනුවාවට සෑහෙන්නක් දියයුතුය. මැඩිල්ල නොපොහොනේයයි ආවහුට එක් මැඩිල්ලක් දියයුතුය. අඩමැඩිලි දෙකක් දිය යුතුය. මැඩිලි දෙකක් ඉල්ලන මහණහුට නොදියයුතුය. නුවාපිරිබඩ කිරීම බලාපොරොත්තු වන්නහුට එක් සිවුරකට සෑහෙන්නක් දිය යුතුය. ගිතෙල් වෙඬරු ආදියෙන් ප්‍රයොජන ඇති ගිලන්හට එක්බෙහෙතක් නැළියක් පමණකොට එයින් තෙවන කොටස දියයුතුය. මෙසේ තුන් දවසක්දී නැළියක් පිරුණු කල්හි සිවුවන දිනය පටන් සඞ්ඝයා විචාරා දිය යුතුය. තල්ගෙඩියක් පමණවූ සකුරුපිඬෙහිද එක් දවසක් තෙවන කොටස දියයුතුය. මෙසේ තෙදිනකින් සකුරු පිඬ අවසන්වූ කල්හි ඉත්පසු සඞ්ඝයා විචාරා දියයුත්තේය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
පක්ඛිකභත්තාදිකථා නිට්ඨිතා.
සෙනාසනක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
සෙනාසනක්ඛන්ධක කථා නිමි.