යෙදුමෙන් කියවන්න

බොධිකථා අට‍්ඨකථා

බොධිකථා

බොධිකථා

උභින‍්නං පාතිමොක‍්ඛානං, සඞ‍්ගීතිසමනන‍්තරං; සඞ‍්ගායිංසු මහාථෙරා, ඛන්‍ධකං ඛන්‍ධකොවිදා.

උභයප්‍රාතිමොක්‍ෂ විභඞ්ගයන්ගේ සඞ්ගීතයට අනතුරුව ප්‍රව්‍රජ්‍යාදි චාරිත්‍ර වාරිත්‍ර ශික්‍ෂාපද ප්‍රඥප්ති සමූහයෙහි දක්‍ෂ වූ මහතෙරහු බන්‍ධකයක් සඞ්ගායනා කළාහුද,

යං තස‍්ස දානි සම‍්පත‍්තො, යස‍්මා සංවණ‍්ණනාක‍්කමො; තස‍්මා හොති අයං තස‍්ස, අනුත‍්තානත්‍ථවණ‍්ණනා.

යම්හෙයකින් දැන් ඒ බන්‍ධකයාගේ සංවර්‍ණනා ක්‍රමය ඒකරාශී වේද, එහෙයින් ඒ බන්‍ධකයාගේ මේ අනුත්තාර්‍ත්‍ථ වර්‍ණනා තොමෝ වන්නීය.

පදභාජනියෙ අත්‍ථා, යෙහි යෙසං පකාසිතා; තෙ චෙ පුන වදෙය්‍යාම, පරියොසානං කදා භවෙ.

පදභාජනයෙහි යම් පදකෙනකුන්ගේ යම් අර්‍ත්‍ථ කෙනෙක් ප්‍රකාශ කරණ ලද්දාහුද, ඒ අර්‍ත්‍ථයන් නැවැතත් කියන්නෙමු නම්, කවර කලෙක කෙළවරෙක් වන්නේද,

උත‍්තානා චෙව යෙ අත්‍ථා, තෙසං සංවණ‍්ණනාය කිං; අධිප‍්පායානුසන්‍ධීහි, බ්‍යඤ‍්ජනෙන ච යෙ පන.

යම් අර්‍ත්‍ථ කෙනෙක් නොගැඹුරුවූවාහු ප්‍රකට වෙත්ද, ඒ අර්‍ත්‍ථයන්ගේ සංවර්‍ණනාවෙන් කිම, යම් අර්‍ත්‍ථ කෙනෙක් වනාහි අධිප්‍රාය අනුසස් වශයෙන්ද, ව්‍යඤ්ජන වශයෙන්ද ගැඹුරුවූවාහු අප්‍රකටවූවාහු වර්‍ණනා නොකරණ ලද්දාහුද, ඒ අර්‍ත්‍ථයේ යම්හෙයකින් අවබෝධ කරන්නට නොහැකිවෙත්ද, එහෙයින් ඒ ගැඹුරු පද අර්‍ත්‍ථයන්ගේ මේ සංවර්‍ණනානය වේ.

අනුත‍්තානා න තෙ යස‍්මා, සක‍්කා ඤාතුං අවණ‍්ණිතා; තෙසංයෙව අයං තස‍්මා, හොති සංවණ‍්ණනානයොති.

තෙන සමයෙන බුද‍්ධො භගවා උරුවෙලායං විහරති නජ‍්ජා නෙරඤ‍්ජරාය තීරෙ බොධිරුක‍්ඛමූලෙ පඨමාභිසම‍්බුද‍්ධොති එත්‍ථ කිඤ‍්චාපි “තෙන සමයෙන බුද‍්ධො භගවා වෙරඤ‍්ජාය”න‍්තිආදීසු විය කරණවචනෙ විසෙසකාරණං නත්‍ථි, විනයං පත්‍වා පන කරණවචනෙනෙව අයමභිලාපො ආරොපිතොති ආදිතො පට‍්ඨාය ආරුළ‍්හාභිලාපවසෙනෙවෙතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. එස නයො අඤ‍්ඤෙසුපි ඉතො පරෙසු එවරූපෙසු.

“තෙන සමයෙන බුද්ධො භගවා උරුවෙලාය - විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්‍ඛමූලෙ පඨමාභිසම්බුද්ධො” මෙහි “තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං” යනාදිතන්හි මෙන් කරණ වචනයෙන්ම “තෙන සමයෙන” යන මේ අභිලාපය ආරොපණය කරණ ලද්දේය. මුලපටන් ආරූඪ වචන වශයෙන්ම මේ කියන ලදැයි දතයුතුය. මෙයින්මතු මෙබඳු අන්තන්හිදු මේනය වේ.

කිං පනෙතස‍්ස වචනෙ පයොජනන‍්ති? පබ‍්බජ‍්ජාදීනං විනයකම‍්මානං ආදිතො පට‍්ඨාය නිදානදස‍්සනං. යා හි භගවතා “අනුජානාමි, භික‍්ඛවෙ, ඉමෙහි තීහි සරණගමනෙහි පබ‍්බජ‍්ජං උපසම‍්පද”න‍්ති (මහාව· 34) එවං පබ‍්බජ‍්ජා චෙව උපසම‍්පදා ච අනුඤ‍්ඤාතා, යානි ච රාජගහාදීසු උපජ‍්ඣායඋපජ‍්ඣායවත‍්තආචරියආචරියවත‍්තාදීනි අනුඤ‍්ඤාතානි, තානි අභිසම‍්බොධිං පත්‍වා සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ වීතිනාමෙත්‍වා බාරාණසියං ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා ඉමිනා අනුක‍්කමෙන ඉදඤ‍්චිදඤ‍්ච ඨානං පත්‍වා ඉමස‍්මිඤ‍්ච ඉමස‍්මිඤ‍්ච වත්‍ථුස‍්මිං පඤ‍්ඤත‍්තානීති එවමෙතෙසං පබ‍්බජ‍්ජාදීනං විනයකම‍්මානං ආදිතො පට‍්ඨාය නිදානදස‍්සනං එතස‍්ස වචනෙ පයොජනන‍්ති වෙදිතබ‍්බං.

මේ පිළිබඳ වචනයෙහි ප්‍රයොජන කිමැ’යි මුලපටන් ප්‍රව්‍රජ්‍යාදි විනයකර්‍මයන්ගේ නිදානය භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මේ ත්‍රිවිධශරණගමනයෙන් ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාවද අනුදනිමි’යි මෙසේ යම් ප්‍රව්‍රජ්‍යාවක් හා උපසම්පදාවක් අනුදන්නා ලදද, රාජගෘහ ආදියෙහි උපාද්ධ්‍යාය-උපාද්ධ්‍යායවත්ත ආචරිය-ආචරියවත්තාදිය අනුදක්නා ලද්දාහුද, ඒ උපාද්ධ්‍යාය-උපාද්ධ්‍යායවත්තාදීහු අභිසම්බොධියට පැමිණ සත්සතියක් මුළුල්ලෙහි බෝමැඩ කල්ගෙවා බරණැස දම්සක් පවත්වා මේ ක්‍රමයෙන් මේ මේ තැනට පැමිණ මේ මේ වස්තුව නිමිතිකොට පණවන ලදහයි මෙසේ මුල පටන් මේ ප්‍රව්‍රජ්‍යාදි විනයකර්‍මයන්ගේ නිදානය දැක්වීම මේ පිළිබඳ වචනයෙහි ප්‍රයොජනයයි දතයුතුය.

තත්‍ථ උරුවෙලායන‍්ති මහාවෙලායං; මහන‍්තෙ වාලිකරාසිම‍්හීති අත්‍ථො. අථ වා “උරූ”ති වාලිකා වුච‍්චති; “වෙලා”ති මරියාදා; වෙලාතික‍්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. අතීතෙ කිර අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ දසසහස‍්සකුලපුත‍්තා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තස‍්මිං පදෙසෙ විහරන‍්තා එකදිවසං සන‍්නිපතිත්‍වා කතිකවත‍්තං අකංසු – “කායකම‍්මවචීකම‍්මානි නාම පරෙසම‍්පි පාකටානි හොන‍්ති, මනොකම‍්මං පන අපාකටං; තස‍්මා යො කාමවිතක‍්කං වා බ්‍යාපාදවිතක‍්කං වා විහිංසාවිතක‍්කං වා විතක‍්කෙති, තස‍්ස අඤ‍්ඤො චොදකො නාම නත්‍ථි, සො අත‍්තනාව අත‍්තානං චොදෙත්‍වා පත‍්තපුටෙන වාලිකං ආහරිත්‍වා ඉමස‍්මිං ඨානෙ ආකිරතු, ඉදමස‍්ස දණ‍්ඩකම‍්ම”න‍්ති. තතො පට‍්ඨාය යො තාදිසං විතක‍්කං විතක‍්කෙති, සො තත්‍ථ පත‍්තපුටෙන වාලිකං ආකිරති. එවං තත්‍ථ අනුක‍්කමෙන මහාවාලිකරාසි ජාතො, තතො නං පච‍්ඡිමා ජනතා පරික‍්ඛිපිත්‍වා චෙතියට‍්ඨානමකාසි. තං සන්‍ධාය වුත‍්තං – “උරුවෙලායන‍්ති මහාවෙලායං; මහන‍්තෙ වාලිකරාසිම‍්හීති අත්‍ථො”ති. තමෙව සන්‍ධාය වුත‍්තං – “අථ වා උරූති වාලිකා වුච‍්චති; වෙලාති මරියාදා; වෙලාතික‍්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො”ති.

එහි “උරුවෙලායං” මහත් රැසෙක්හි, මහත් වැලිරැසෙක යන අර්‍ත්‍ථය නොහොත් “උරු” යන්නෙන් වාලිකාද ‘වෙලා’ යන්නෙන් මර්‍ය්‍යාදාවද කියනු ලබා සීමාතික්‍රමණය හෙතුකොටගෙණ එනලද වැලිරැස ‘උරුවෙලා’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. බුදුරජුන් නොඋපන් කල්හි දසදහසක් කුලපුත්‍රයෝ තවුස්පැවිද්දෙන් පැවිදිව ඒ ප්‍රදේශයෙහි වසන්නාහු එක් දවසක් කායකර්‍මවාක්කර්‍මයෝ නම් අන්හුගේ ඉදිරියෙහිද ප්‍රකටව පෙණෙත්. මනසේකර්‍මය වනාහි ප්‍රකටව නොපෙණේ. එහෙයින් යමෙක් කාමවිතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ විර්‍තකණය කෙළේද, ඔහුට අන්‍යචොදකයෙක් නම් නැත්තේය. හෙතෙමේ තමාම තමාට චෝදනාකොට තල්පත් ආදියෙන් කළ කොළගොටුවකින් වැලි ගෙන අවුත් මෙතන්හි දමවා මේ මොහුට දඬුවමැ’යි කතිකා කළහ. එතැන් පටන් යමෙක් එබඳු විතර්‍කයක් විර්‍තකණය කෙරේද, හෙතෙමේ කොළගොටුවෙන් වැලිගෙණ අවුත් දමන්නේය. මෙසේ එහි පිළිවෙළින් මහත්වැලි රැසක් වූයේය. ඉන්පසු පැසුළු ජනසමූහතෙමේ ඒ වැලි රැස වටකොට චෛත්‍යස්ථානයක් කළේය. ඒ සඳහා “උරුවෙලායන්ති මහාවෙලායං, මහන්තෙ වාලිකරාසිම්භීති අත්‍ථො”යි කියනලදී. එම කරුණ සඳහාම “අථවා උරුති වාලිකා වුච්චති වෙලාති මරියාදා වෙලාතික්කමනහෙතු ආහටා උරු උරුවෙලාති එවම්පෙත්‍ථ අත්‍ථො දට්ඨබ්බොති” කියනලදී.

බොධිරුක‍්ඛමූලෙති බොධි වුච‍්චති චතූසු මග‍්ගෙසු ඤාණං; තං බොධිං භගවා එත්‍ථ පත‍්තොති රුක‍්ඛොපි “බොධිරුක‍්ඛො”ත්‍වෙව නාමං ලභි, තස‍්ස බොධිරුක‍්ඛස‍්ස මූලෙ බොධිරුක‍්ඛමූලෙ. පඨමාභිසම‍්බුද‍්ධොති පඨමං අභිසම‍්බුද‍්ධො; අභිසම‍්බුද‍්ධො හුත්‍වා සබ‍්බපඨමංයෙවාති අත්‍ථො. එකපල‍්ලඞ‍්කෙනාති සකිම‍්පි අනුට‍්ඨහිත්‍වා යථාආභුජිතෙන එකෙනෙව පල‍්ලඞ‍්කෙන. විමුත‍්තිසුඛපටිසංවෙදීති විමුත‍්තිසුඛං ඵලසමාපත‍්තිසුඛං පටිසංවෙදයමානො.

“බොධිරුක්‍ඛමූලෙ” චතුර්විධ මාර්‍ගයන්හි වූ නුවණ බොධියි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී ඒ බොධියට පැමිණි සේකැයි වෘක්‍ෂයද බොධිවෘක්‍ෂයමැයි නම ලැබීය. ඒ බොධි වෘක්‍ෂ මූල සමීපයෙහි’ය ‘බොධිරුක්‍ඛමූලේ නම. “පඨමාභිසම්බුද්ධො” අභිසම්බොධියට පැමිණි ප්‍රථමයෙන් බුදුව පළමුවර අභිසම්බුද්ධව සියල්ලට පළමුවටය යන අර්‍ත්‍ථයි. “එකපල්ලඞ්කෙන” වරකුදු නොනැගිට බැන්දසේ එක්ම පර්‍ය්‍යඞ්කයෙන් “විමුත්තිසුඛපටිසංවෙදී” තදඞ්ග-වික්‍ඛම්භණ-සමුච්ඡෙද-පටිප්පස්සද්ධි - නිස්සරණ යන පංචවිධ විමුත්ති අතුරෙහි පටිප්පස්සද්ධිවිමුත්ති සැපය, ඵලසමාපත්ති සැපය විදිමින්.

පටිච‍්චසමුප‍්පාදන‍්ති පච‍්චයාකාරං. පච‍්චයාකාරො හි අඤ‍්ඤමඤ‍්ඤං පටිච‍්ච සහිතෙ ධම‍්මෙ උප‍්පාදෙතීති “පටිච‍්චසමුප‍්පාදො”ති වුච‍්චති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන සබ‍්බාකාරසම‍්පන‍්නං විනිච‍්ඡයං ඉච‍්ඡන‍්තෙන විසුද‍්ධිමග‍්ගතො ගහෙතබ‍්බො. අනුලොමපටිලොමන‍්ති අනුලොමඤ‍්ච පටිලොමඤ‍්ච. තත්‍ථ “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදිනා නයෙන වුත‍්තො අවිජ‍්ජාදිකො පච‍්චයාකාරො අත‍්තනා කත‍්තබ‍්බකිච‍්චකරණතො “අනුලොමො”ති වුච‍්චති. “අවිජ‍්ජාය ත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො”තිආදිනා නයෙන වුත‍්තො ස‍්වෙව අනුප‍්පාදනිරොධෙන නිරුජ‍්ඣමානො තං කිච‍්චං න කරොතීති තස‍්ස අකරණතො “පටිලොමො”ති වුච‍්චති. පුරිමනයෙන වා වුත‍්තො පවත‍්තියා අනුලොමො, ඉතරො තස‍්සා පටිලොමොති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ආදිතො පන පට‍්ඨාය යාව අන‍්තං, අන‍්තතො ච පට‍්ඨාය යාව ආදිං පාපෙත්‍වා අවුත‍්තත‍්තා ඉතො අඤ‍්ඤෙනත්‍ථෙන අනුලොමපටිලොමතා න යුජ‍්ජති.

“පටිච්චසමුප්පාදං” අවිද්‍යාදිප්‍රත්‍යයාකාරධර්‍මය, ප්‍රත්‍යයාකාරය වනාහි ඔවුනොවුන් නිසා එක්වූ ධර්‍මයන් උපදවානුයි ප්‍රතීත්‍යසමුත්පාදයයි කියනු ලැබේ. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි විශුද්ධිමාර්‍ගයෙන් ගතයුත්තේය. “අනුලොමපටිලොමා” අනුලොමයද, ප්‍රතිලොමයද, එහි “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදි නයින් කියනලද අවිද්‍යාව ආදිකොට ඇති ප්‍රත්‍යයාකාරය තමන් විසින් කළයුතු කෘත්‍යයන් කරන බැවින් අනුලොමැයි කියනු ලැබේ. “අවිජ්ජායත්‍වෙව අසෙස විරාගනිරොධා සඞ්ඛාරනිරොධො” යනාදිනයින් කියනලද ඒ ප්‍රත්‍යයාකාරයම අනුත්පාදනිරොධයෙන් නිරුද්ධවනුයේ ඒ කෘත්‍යය නොකෙරේයයි ඒ කෘත්‍යය නොකරන බැවින් ප්‍රතිලොමැයි කියනු ලැබේ. නොහොත් “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදි පෙර නයින් කියන ලද ප්‍රත්‍යායාකාරය කියන ලද්දේ සංස්කාර ප්‍රවෘත්තියට අනුලොමැයි කියනු ලැබේ. අනික ඒ ප්‍රවෘත්තියට ප්‍රතිලොමැයි මෙසේද මෙහි අර්‍ත්‍ථ දතයුතුය. මුලපටන් වනාහි යම්තාක් කෙළවරද කෙළවර පටන් යම්තාක් ආදියටද පමුණුවා නොකියූ බැවින් මෙහි මෙයින් අන්‍යවූ අර්‍ත්‍ථයකින් අනුලොම ප්‍රතිලොමය නොයෙදේ.

මනසාකාසීති මනසි අකාසි. තත්‍ථ යථා අනුලොමං මනසි අකාසි, ඉදං තාව දස‍්සෙතුං “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදි වුත‍්තං. තත්‍ථ අවිජ‍්ජා ච සා පච‍්චයො චාති අවිජ‍්ජාපච‍්චයො. තස‍්මා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා සම‍්භවන‍්තීති ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන සබ‍්බාකාරසම‍්පන‍්නං විනිච‍්ඡයං ඉච‍්ඡන‍්තෙන විසුද‍්ධිමග‍්ගතොව ගහෙතබ‍්බො.

“මනසාකාසි” අවිද්‍යාදිප්‍රත්‍යයභාවය අවිපරීත කොට අනවශෙෂ ප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන් මෙනෙහි කළ සේක. එහි යම්සේ අනුලොමය මෙනෙහි කළසේක්ද, ඒතාක් මේ දක්වනු පිණිස “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යනාදිය කියනලදී. එහි අවිද්‍යාව වූවාද, ඕමය. ප්‍රත්‍යය වූයේද ඒ මනුයි. “අවිජ්ජා පච්චයා” නම. එහෙයින් අවිද්‍යාව ප්‍රත්‍යයකොට සංස්කාර වෙයි. මෙනයින් සියලු පදයන්හි අර්‍ත්‍ථ දතයුතුය. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි සර්‍වාකාරයෙන් යුත් විනිශ්චය කැමැතියහු විසින් විශුද්ධිමාර්‍ගයෙන්ම ගත යුතුය.

යථා පන පටිලොමං මනසි අකාසි, ඉදං දස‍්සෙතුං අවිජ‍්ජාය ත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධොතිආදි වුත‍්තං. තත්‍ථ අවිජ‍්ජාය ත්‍වෙවාති අවිජ‍්ජාය තු එව. අසෙසවිරාගනිරොධාති විරාගසඞ‍්ඛාතෙන මග‍්ගෙන අසෙසනිරොධා . සඞ‍්ඛාරනිරොධොති සඞ‍්ඛාරානං අනුප‍්පාදනිරොධො හොති. එවං නිරුද‍්ධානං පන සඞ‍්ඛාරානං නිරොධා විඤ‍්ඤාණං නිරුද‍්ධං, විඤ‍්ඤාණාදීනඤ‍්ච නිරොධා නාමරූපාදීනි නිරුද‍්ධානියෙව හොන‍්තීති දස‍්සෙතුං සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධොතිආදීනි වත්‍වා එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති වුත‍්තං. තත්‍ථ කෙවලස‍්සාති සකලස‍්ස; සුද‍්ධස‍්ස වා සත‍්තවිරහිතස‍්සාති අත්‍ථො. දුක‍්ඛක‍්ඛන්‍ධස‍්සාති දුක‍්ඛරාසිස‍්ස. නිරොධො හොතීති අනුප‍්පාදො හොති.

ප්‍රතිලොමය යම්සේ මෙනෙහි කළසේක්ද, මෙය දක්වනු පිණිස “අවිජ්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො” යනාදිය කියන ලදී. එහි “අවිජ්ජායත්‍වෙව” යනු දුඃඛාදිචතුස්සත්‍යයන්ගේ නොදැනීම නම්වූ අවිද්‍යාවගේම, “අසෙසවිරාගනිරොධා” විරාගසඞ්ඛ්‍යාත මාර්‍ගයකරණකොට අනවශෙෂනිරොධයෙන් “සඞ්ඛාරනිරොධො” පුණ්‍ය අපුණ්‍ය - ආනෙඤ්ජාභිසංස්කාර වශයෙන් ත්‍රිවිධ වූ ලෞකික කුශලාකුශල චෙතනා සඞ්ඛ්‍යාත සංස්කාරයන්ගේ අනුත්පාදනිරොධය වේ. මෙසේ අනුත්පාදනිරොධයෙන් නිරුද්ධ වූ සංස්කාරයන්ගේ නිරොධයෙන් ලෞකික විපාක විඥාන වශයෙන් දෙතිස් වැදෑරුම්වූ විඥානය නිරුද්ධ වේ. යථොක්ත විඥානාදීන්ගේ නිරොධයෙන් වෙදනාදි ස්කන්‍ධත්‍රය හා භූතරූපාදීහු නිරුද්ධම වෙත්යි දක්වනු පිණිස “සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො” යනාදිය වදාරා “එවමෙතස්ස කෙවලස්ස දුක්‍ඛක්‍ඛන්‍ධස්ස නිරොධො හොති”යි වදාරණ ලද්දේය. එහි “කෙවලස්ස” සියලු. පිරිසිදුවූ. සත්ත්‍ව විරහිත වූ යන අර්‍ත්‍ථයි. “දුක්‍ඛක්‍ඛන්‍ධස්ස” දුක් සමූහයාගේ “නිරොධො හොති” අනුත්පාදය වේ.

එතමත්‍ථං විදිත්‍වාති ය‍්වායං “අවිජ‍්ජාදිවසෙන සඞ‍්ඛාරාදිකස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො ච අවිජ‍්ජානිරොධාදිවසෙන ච නිරොධො හොතී”ති වුත‍්තො, සබ‍්බාකාරෙන එතමත්‍ථං විදිත්‍වා. තායං වෙලායන‍්ති තායං තස‍්ස අත්‍ථස‍්ස විදිතවෙලායං. ඉමං උදානං උදානෙසීති ඉමං තස‍්මිං විදිතෙ අත්‍ථෙ හෙතුනො ච හෙතුසමුප‍්පන‍්නධම‍්මස‍්ස ච පජානනාය ආනුභාවදීපකං “යදා හවෙ පාතුභවන‍්තී”තිආදිකං සොමනස‍්සයුත‍්තඤාණසමුට‍්ඨානං උදානං උදානෙසි, අත‍්තමනවාචං නිච‍්ඡාරෙසීති වුත‍්තං හොති.

“එකමත්‍ථං විදිත්‍වා” යම් මේ අවිද්‍යාදි වශයෙන් සංස්කාරය ආදිකොට ඇති දුක්සමූහයාගේ සමුදයයෙක්වේද, අවිද්‍යානිරොධාදි වශයෙන් නිරොධයෙක් වේයයි වදාරණ ලද්දේද, සියලු අයුරින් මේ අර්‍ත්‍ථය දැන “තායං වෙලායං” ඒ අර්‍ත්‍ථය දැන ගත් ඒ වෙලාවෙහි “ඉමං උදානං උදානෙසි” ඒ දන්නාලද අර්‍ත්‍ථයෙහිද, හෙතුවගේද, හෙතුසම්පන්න ධර්‍මයාගේද දැනගැනීමෙහි ආනුභාවයේ ප්‍රකාශ කරන්නාවූ මේ “යදා භවෙ පාතු භවන්ති” යනාදී වූ සොම්නසින් යුත් ඥානසමුත්‍ථානය කොට ඇති ප්‍රීතිවාක්‍යය පැවැත්වූ සේක. සන්තොෂවාක්ඝොෂය පැතුර වූ සේකැයි කියන ලද්දේ වේ.

තස‍්සත්‍ථො – යදා හවෙති යස‍්මිං භවෙ කාලෙ. පාතුභවන‍්තීති උප‍්පජ‍්ජන‍්ති. ධම‍්මාති අනුලොමපච‍්චයාකාරපටිවෙධසාධකා බොධිපක‍්ඛියධම‍්මා. අථ වා පාතුභවන‍්තීති පකාසන‍්ති; අභිසමයවසෙන බ්‍යත‍්තා පාකටා හොන‍්ති. ධම‍්මාති චතුඅරියසච‍්චධම‍්මා. ආතාපො වුච‍්චති කිලෙසසන‍්තාපනට‍්ඨෙන වීරියං; ආතාපිනොති සම‍්මප‍්පධානවීරියවතො. ඣායතොති ආරම‍්මණූපනිජ‍්ඣානලක‍්ඛණෙන ච ලක‍්ඛණූපනිජ‍්ඣානලක‍්ඛණෙන ච ඣානෙන ඣායන‍්තස‍්ස. බ්‍රාහ‍්මණස‍්සාති බාහිතපාපස‍්ස ඛීණාසවස‍්ස. අථස‍්ස කඞ‍්ඛා වපයන‍්තීති අථස‍්ස එවං පාතුභූතධම‍්මස‍්ස කඞ‍්ඛා වපයන‍්ති. සබ‍්බාති යා එතා “කො නු ඛො භන‍්තෙ ඵුසතීති; නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොචා”තිආදිනා, තථා “කතමං නු ඛො භන‍්තෙ ජරාමරණං; කස‍්ස ච පනිදං ජරාමරණන‍්ති ; නො කල‍්ලො පඤ‍්හොති භගවා අවොචා”තිආදිනා ච නයෙන පච‍්චයාකාරෙ කඞ‍්ඛා වුත‍්තා, යා ච පච‍්චයාකාරස‍්සෙව අප‍්පටිවිද‍්ධත‍්තා “අහොසිං නු ඛො අහං අතීතමද‍්ධාන”න‍්තිආදිකා සොළස කඞ‍්ඛා ආගතා, තා සබ‍්බා වපයන‍්ති අපගච‍්ඡන‍්ති නිරුජ‍්ඣන‍්ති. කස‍්මා? යතො පජානාති සහෙතුධම‍්මන‍්ති යස‍්මා අවිජ‍්ජාදිකෙන හෙතුනා සහෙතුකං ඉමං සඞ‍්ඛාරාදිං කෙවලං දුක‍්ඛක‍්ඛන්‍ධධම‍්මං පජානාති අඤ‍්ඤාති පටිවිජ‍්ඣතීති.

එහි අර්‍ත්‍ථය මෙසේය:- “යදා භවෙ” යම්කලෙක්හි “පාතුභවන්ති”, උපදිත්. “ධම්මා” අනුලොම ප්‍රත්‍යයාකාර ප්‍රතිවෙධසාධක බොධිපාක්‍ෂික ධර්‍මයෝ නොහොත් “පාතුභවන්ති” ප්‍රකාශවෙත්. ප්‍රතිවෙධ වශයෙන් ව්‍යක්ත වෙත්. ප්‍රකට වෙත්. “ධම්මං” චතුරාර්‍ය්‍ය සත්‍යධර්‍මයෝ, කෙලෙස් තවන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යය ආතාපැයි කියනු ලැබේ. “ආතාපිනො” සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයවත්වූ “ඣායතො” ආලම්බනොපනිද්ධ්‍යාන ලක්‍ෂණවූද, ලක්‍ෂණොපනිද්ධ්‍යාන නම්වූද, යන ධ්‍යානයෙන් ධ්‍යාන කරන්නාවූ “බ්‍රාහ්මණස්ස” බහා තැබූ පව් ඇති ක්‍ෂීණාශ්‍රවයාහට “අථස්ස කඞ්ඛා වපයන්ති” එකල්හි මෙසේ පහළ වූ ධර්‍මය ඇති. මොහුගේ ෂොඩශවිධ කාඞ්ක්‍ෂාවෝ පහවෙත්. “සබ්බා” “කො නුඛො භන්තෙ ඵුසතීති, නො කල්ලො පඤ්හොති භගවා අවොච” යනාදීන්ද, එසේ “කතමං නුඛො භන්තෙ ජරාමරණං, කස්ස ච පනිදං ජරාමරණන්නි, නො කල්ලො පඤ්හොති භගවා අවොච” යනාදි නයින්ද ප්‍රත්‍යයාකාරයෙහි යම් මේ කාඞ්ක්‍ෂාවෝ කියන ලද්දාහුද, ප්‍රත්‍යයාකාරයම ප්‍රතිවෙධ නොකළ බැවින් “අහොසිං නු ඛො අහං අතීතමද්ධානං” යනාදී වූ යම් ෂොඩශවිධ කාඞ්ක්‍ෂා ආවාහුද, ඒ සියල්ල පහවෙත්. බැහැරයෙත්. අනුත්පත්ති වශයෙන් නිරුද්ධවෙත්. කුමක් හෙයින, යත් “යතො පජානාති සහෙතුධම්මං” යම්හෙයකින් අවිද්‍යාදි හෙතුවෙන් හෙතුසහිත වූ මේ සංකාරාදීවූ සකලදුඃඛරාශිධර්‍මය දැනගත් සේක්ද, අවබෝධ කළ සේක්ද, ප්‍රතිවෙධ කළසේක්ද එහෙයිනි.

දුතියවාරෙ – ඉමං උදානං උදානෙසීති ඉමං තස‍්මිං විදිතෙ අත්‍ථෙ “අවිජ‍්ජාය ත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො”ති එවං පකාසිතස‍්ස නිබ‍්බානසඞ‍්ඛාතස‍්ස පච‍්චයක‍්ඛයස‍්ස අවබොධානුභාවදීපකං වුත‍්තප‍්පකාරං උදානං උදානෙසීති අත්‍ථො. තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො – යස‍්මා පච‍්චයානං ඛයසඞ‍්ඛාතං නිබ‍්බානං අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි, තස‍්මා යදාස‍්ස ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස වුත‍්තප‍්පකාරා ධම‍්මා පාතුභවන‍්ති, අථස‍්ස යා නිබ‍්බානස‍්ස අවිදිතත‍්තා උප‍්පජ‍්ජෙය්‍යුං, තා සබ‍්බාපි කඞ‍්ඛා වපයන‍්තීති.

ද්විතීය වාරයෙහි “ඉමං උදානං උදානෙසි” ඒ දන්නාලද අර්‍ත්‍ථයෙහි “අවිජ්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො”යි මෙසේ ප්‍රකාශිත නිර්‍වාණසඞ්ඛ්‍යාත ප්‍රත්‍යයක්‍ෂයගේ අවබොධානුභාවදීපකවූ උක්තප්‍රකාරවූ මේ ප්‍රීතිවාක්‍යය පැතිරවූ සේක යන අර්‍ත්‍ථයි. එහි මේ සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථයය:- යම්හෙයකින් ප්‍රත්‍යයයන්ගේ ක්‍ෂයසඞ්ඛ්‍යාත වූ නිවන දත්සේක්ද අවබෝධ කළසේක්ද, ප්‍රතිවෙධ කළසේක්ද, එහෙයින් යම්කලෙක කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති ධ්‍යාන වඩන මේ බ්‍රාහ්මණයාහට උක්තප්‍රකාරධර්‍මයෝ පහළවෙත්ද, ඒ කාලයෙහිය. නොහොත් යම් කාඞ්ක්‍ෂාවෝ තුමූ නිවන නොදත් බැවින් උපදින්නාහුද ඒ සියලුම කාඞ්ක්‍ෂාවෝ පහවෙත්.

තතියවාරෙ – ඉමං උදානං උදානෙසීති ඉමං යෙන මග‍්ගෙන සො දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයනිරොධසඞ‍්ඛාතො අත්‍ථො කිච‍්චවසෙන ච ආරම‍්මණකිරියාය ච විදිතො, තස‍්ස අරියමග‍්ගස‍්ස ආනුභාවදීපකං වුත‍්තප‍්පකාරං උදානං උදානෙසීති අත්‍ථො. තත්‍රාපායං සඞ‍්ඛෙපත්‍ථො – යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, තදා සො බ්‍රාහ‍්මණො තෙහි වා උප‍්පන‍්නෙහි බොධිපක‍්ඛියධම‍්මෙහි, යස‍්ස වා අරියමග‍්ගස‍්ස චතුසච‍්චධම‍්මා පාතුභූතා, තෙන අරියමග‍්ගෙන විධූපයං තිට‍්ඨති මාරසෙනං “කාමා තෙ පඨමා සෙනා”තිආදිනා නයෙන වුත‍්තප‍්පකාරං මාරසෙනං විධූපයන‍්තො විධමෙන‍්තො විද‍්ධංසෙන‍්තො තිට‍්ඨති. කථං? සූරියොව ඔභාසයමන‍්තලික‍්ඛං, යථා සූරියො අබ‍්භුග‍්ගතො අත‍්තනො පභාය අන‍්තලික‍්ඛං ඔභාසෙන‍්තොව අන්‍ධකාරං විධමෙන‍්තො තිට‍්ඨති, එවං සොපි බ්‍රාහ‍්මණො තෙහි ධම‍්මෙහි තෙන වා මග‍්ගෙන සච‍්චානි පටිවිජ‍්ඣන‍්තොව මාරසෙනං විධූපයන‍්තො තිට‍්ඨතීති.

තෘතීයවාරයෙහි “ඉමං උදානං උදානෙසි” යම් මගකින් දුඃඛරාශියගේ සමුදය නිරොධසඞ්ඛ්‍යාතවූ යම් අර්‍ත්‍ථයෙන් කෘත්‍යය වශයෙන්ද ආලම්බන ක්‍රියාවශයෙන්ද දන්නා ලද්දේ ද, ඒ ආර්‍ය්‍යමාර්‍ගයාගේ ආනුභාවදීපක වූ මේ උක්තප්‍රකාර ප්‍රීතිවාක්‍යය පැවැත්වූ සේක යන අර්‍ත්‍ථයි. එහිද මේ සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථයයි:- කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ඇත්තාවූ ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාහට යම්කලෙක උක්තප්‍රකාරධර්‍මයෝ පහළ වෙත්ද, එකල්හි ඒ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙමේ ඒ උපන් බොධිපාක්‍ෂික ධර්‍මයෙන් හෝ යම් ආර්‍ය්‍යමාර්‍ගයක් පිළිබඳව හෝ චතුස්සත්‍ය ධර්‍මයෝ පහළවූවාහුද, ඒ ආර්‍ය්‍යමාර්‍ගයක් පිළිබඳව හෝ චතුස්සත්‍ය ධර්‍මයෝ පහළ වූවාහුද, ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් “විධූපයං තිට්ඨති මාරසෙනං” “කාමා තෙ පඨමා සෙනා” යනාදි නයින් උක්තප්‍රකාර ඇති මාරසෙනාව සුණු කරමින් පලවමින් විධ්වංසනය කරමින් සිටියි. කියේය, යත්:- “සුරියොව ඔභාසයං අන්තලික්‍ඛං” යම්සේ සූර්‍ය්‍යතෙමේ නැගී සිටියේ, තමාගේ ප්‍රභාවයෙන් අහස බබුළුවමින්ම අඳුර නසමින් සිටීද, මෙසේ ඒ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙමේද ඒ ධර්‍මයන්ගෙන් හෝ ඒ මාර්‍ගයෙන් හෝ සත්‍යයන් අවබෝධ කරමින්ම මාරසේනාව සුණු කරමින් සිටියි.

එවමෙත්‍ථ පඨමං උදානං පච‍්චයාකාරපච‍්චවෙක‍්ඛණවසෙන, දුතියං නිබ‍්බානපච‍්චවෙක‍්ඛණවසෙන , තතියං මග‍්ගපච‍්චවෙක‍්ඛණවසෙන උප‍්පන‍්නන‍්ති වෙදිතබ‍්බං. උදානෙ පන “රත‍්තියා පඨමං යාමං පටිච‍්චසමුප‍්පාදං අනුලොමං, දුතියං යාමං පටිලොමං, තතියං යාමං අනුලොමපටිලොම”න‍්ති වුත‍්තං; තං සත‍්තාහස‍්ස අච‍්චයෙන “ස‍්වෙ ආසනා වුට‍්ඨහිස‍්සාමී”ති රත‍්තිං උප‍්පාදිතමනසිකාරං සන්‍ධාය වුත‍්තං. තදා හි භගවා යස‍්ස පච‍්චයාකාරපජානනස‍්ස ච පච‍්චයක‍්ඛයාධිගමස‍්ස ච ආනුභාවදීපිකා පුරිමා ද‍්වෙ උදානගාථා, තස‍්ස වසෙන එකෙකමෙව කොට‍්ඨාසං පඨමයාමඤ‍්ච මජ‍්ඣිමයාමඤ‍්ච මනසාකාසි, ඉධ පන පාටිපදරත‍්තියා එවං මනසාකාසි. භගවා හි විසාඛපුණ‍්ණමාය රත‍්තියා පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරි, මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙසි, පච‍්ඡිමයාමෙ පටිච‍්චසමුප‍්පාදං අනුලොමපටිලොමං මනසි කත්‍වා “ඉදානි අරුණො උග‍්ගමිස‍්සතී”ති සබ‍්බඤ‍්ඤුතං පාපුණි. සබ‍්බඤ‍්ඤුතප‍්පත‍්තිසමනන‍්තරමෙව ච අරුණො උග‍්ගච‍්ඡි. තතො තං දිවසං තෙනෙව පල‍්ලඞ‍්කෙන වීතිනාමෙත්‍වා සම‍්පත‍්තාය පාටිපදරත‍්තියා තීසු යාමෙසු එවං මනසි කත්‍වා ඉමානි උදානානි උදානෙසි. ඉති පාටිපදරත‍්තියා එවං මනසි කත්‍වා තං “බොධිරුක‍්ඛමූලෙ සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසීදී”ති එවං වුත‍්තසත‍්තාහං තත්‍ථෙව වීතිනාමෙසි.

මෙසේ මෙහි ප්‍රථම උදානය ප්‍රත්‍යයාකාරය ප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන්, දෙවන උදානය නිර්‍වාණප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන්, තෙවන උදානය මාර්‍ගප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන් උපනැයි දතයුතුය. උදානපාළියෙහි වනාහි “රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමං, දුතියං යාමං පටිලොමං, තතියං යාමං අනුලොමපටිලොමං” යි කියනලදී. එය සත්දවසකගේ ඇවෑමෙන් හෙට අසුනෙන් නැගී සිටින්නෙමි’යි රාත්‍රියෙහි උපදවනලද මනස්කාරය සඳහා කියනලදී. ඒ කාලයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් ප්‍රත්‍යයාකාරයක්හුගේ දැන ගැණීමෙහිද, ප්‍රත්‍යයක්‍ෂයයාගේ අවබෝධයෙහිද, ආනුභාවදීපක ප්‍රථම උදාන ගාථා දෙක ප්‍රත්‍යයාකාරය දැන ගැනීමගේද, ප්‍රත්‍යක්‍ෂයාවබෝධයාගේද, වසයෙන් එක් එක්ම කොටසක් ප්‍රථමයාමයෙහිද, මද්ධ්‍යමයාමයෙහිද, මෙනෙහි කළසේක. මෙහි වනාහි පෑළවිය දින රාත්‍රිය පිළිබඳ තුන් යාමයෙහිම අනුලොම ප්‍රතිලොම වශයෙන් මෙනෙහි කළසේක. භාග්‍යවතුන්වහන්සේ වෙසක් පුණු පොහෝ දිනයෙහි රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳ පිළිවෙළ සිහි කළ සේක. මද්ධ්‍යමයාමයෙහි දිවැස පිරිසිදු කළ සේක. පශ්චිමයාමයෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලොම ප්‍රතිලොම වශයෙන් මෙනෙහි කොට ‘දැන් අරුණ නගින්නේය’යි සර්‍වඥභාවයට පැමිණි සේක. සර්‍වඥභාවයට පැමිණීමට අනතුරුවම අරුණ නැංගේය. ඉන්පසු එදවස එම පර්‍ය්‍යඞ්කයෙන් යුක්තව කල් යවා පැමිණ පෑළවිය දින රාත්‍රිය පිළිබඳ තුන්යාමයෙහි මෙසේ මෙනෙහි කොට මේ ප්‍රීතිවාක්‍යයන් පැවැත්වූ සේක. මේ අයුරින් පෑළවිය දින රාත්‍රියෙහි මෙසේ මෙනෙහි කොට බෝරුකමුල ඒ සතිය එකපර්‍ය්‍යඞ්කයෙන් හුන්සේක. මෙසේ කියනලද සතිය එහිම කල් යැවූ සේක.

බොධිකථා නිට‍්ඨිතා.