යෙදුමෙන් කියවන්න

අජපාලකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අජපාලකථා

අජපාලකථා

අථ ඛො භගවා සත‍්තාහස‍්ස අච‍්චයෙන තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා බොධිරුක‍්ඛමූලා යෙන අජපාලනිග්‍රොධො තෙනුපසඞ‍්කමීති එත්‍ථ න භගවා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා අනන‍්තරමෙව බොධිරුක‍්ඛමූලා යෙන අජපාලනිග්‍රොධො තෙනුපසඞ‍්කමි. යථා පන “භුත්‍වා සයතී”ති වුත‍්තෙ න “හත්‍ථෙ අධොවිත්‍වා මුඛං අවික‍්ඛාලෙත්‍වා සයනසමීපං අගන‍්ත්‍වා අඤ‍්ඤං කිඤ‍්චි ආලාපසල‍්ලාපං අකත්‍වා සයති”ච‍්චෙව වුත‍්තං හොති, භොජනතො පන පච‍්ඡා සයති, න නසයතීති ඉදමෙවත්‍ථ දීපිතං හොති. එවමිධාපි “න තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා අනන‍්තරමෙව පක‍්කාමී”ති වුත‍්තං හොති, වුට‍්ඨානතො ච පන පච‍්ඡා පක‍්කාමි, න නපක‍්කාමීති ඉදමෙවෙත්‍ථ දීපිතං හොති.

“අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා උට්ඨහිත්‍වා බොධිරුක්‍ඛමූලා යෙන අජපාලනිග්‍රොධො තෙනුපසඞ්කමි” මෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටීමෙන් අනතුරුවම බෝරුක්මුලින් නික්ම අජපාල නිග්‍රොධ මූලයට නොඑළැඹි සේක. යම්සේ වනාහි ‘අනුභවකොට සයනය කෙරේය’යි කීකල්හි අත නොසෝදා, මුව නොසෝදා, යහන වෙතට නොගොස් අන්කිසි අල්ලාප සල්ලාපයක් නොකොට සයනය කෙරේමයයි කියන ලද්දේ නොවේද, භොජනයෙන් පසු නිදයි. මෙහි සයනය නොකෙරේය යන මේ කරුණ දක්වන ලද්දේ නොවේද, නොමියේකැයි මෙසේ මෙහිද ඒ සමාධියෙන් නැගිට අනතුරුව මෙහි නැගිටීමෙන් පසු වැඩිය සේක. මෙහි නොවැඩිය සේකැයි යන මෙය දක්වන ලද්දේ නොවේ.

අනන‍්තරං පන අපක‍්කමිත්‍වා භගවා කිං අකාසීති? අපරානිපි තීණි සත‍්තාහානි බොධිසමීපෙයෙව වීතිනාමෙසි. තත්‍රායං අනුපුබ‍්බිකථා – භගවති කිර බුද‍්ධත‍්තං පත්‍වා සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නෙ “න භගවා වුට‍්ඨාති; කිං නු ඛො අඤ‍්ඤෙපි බුද‍්ධත‍්තකරා ධම‍්මා අත්‍ථී”ති එකච‍්චානං දෙවතානං කඞ‍්ඛා උදපාදි. අථ භගවා අට‍්ඨමෙ දිවසෙ සමාපත‍්තිතො වුට‍්ඨාය දෙවතානං කඞ‍්ඛං ඤත්‍වා කඞ‍්ඛාවිධමනත්‍ථං ආකාසෙ උප‍්පතිත්‍වා යමකපාටිහාරියං දස‍්සෙත්‍වා තාසං කඞ‍්ඛං විධමිත්‍වා පල‍්ලඞ‍්කතො ඊසකං පාචීනනිස‍්සිතෙ උත‍්තරදිසාභාගෙ ඨත්‍වා චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච උපචිතානං පාරමීනං බලාධිගමනට‍්ඨානං පල‍්ලඞ‍්කං බොධිරුක‍්ඛඤ‍්ච අනිමිසෙහි අක‍්ඛීහි ඔලොකයමානො සත‍්තාහං වීතිනාමෙසි, තං ඨානං අනිමිසචෙතියං නාම ජාතං. අථ පල‍්ලඞ‍්කස‍්ස ච ඨිතට‍්ඨානස‍්ස ච අන‍්තරා පුරත්‍ථිමතො ච පච‍්ඡිමතො ච ආයතෙ රතනචඞ‍්කමෙ චඞ‍්කමන‍්තො සත‍්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනචඞ‍්කමචෙතියං නාම ජාතං. තතො පච‍්ඡිමදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්‍ථ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා අභිධම‍්මපිටකං විසෙසතො චෙත්‍ථ අනන‍්තනයං සමන‍්තපට‍්ඨානං විචිනන‍්තො සත‍්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං.

අනතුරුවම නොවැඩ භාග්‍යවතුන්වහන්සේ කුමක් කළ සේක්ද, යත්:- අනිකුදු තෙසතියක් බෝධිය සමීපයෙහිම කල් යැවූසේක. මේ එහි පිළිවෙළ කථාය:- භාග්‍යවතුන්වහන්සේ බුදු බවට පැමිණ සත් දවසක් එක්පලඟක වැඩහුන් කල්හි ‘භාග්‍යවතුන් වහන්සේ නොනැගිටින සේක. කිම, අනිකුදු බුදුකුරු දහම් ඇත්තේදැ’යි ඇතැම් දෙවියන්ට කාඞ්ක්‍ෂාවක් පහළවූය. එකල්හි භාග්‍යවතුන්වහන්සේ අටවැනි දිනයෙහි සමාපත්තියෙන් නැගිට දෙවතාවන්ගේ කාඞ්ක්‍ෂාව දැන කාඞ්ක්‍ෂාව විධ්වංසනය කරනු පිණිස අහසට පැන නැගී යමාමහ පෙළහර දක්වා ඔවුන්ගේ සැකය විනාශකොට, පලඟින් පැදුම්දිග ඇසුරු කළ උත්තර දිසාභාගයෙහි සිට සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතාවන්ගේ ඵලාධිගමස්ථානයවූ පලඟද බෝරුකද ධර්‍මප්‍රීතිවිස්තාරයෙන් පුබුදුවූ නිමෙෂරහිත ඇසින් බලමින් සතියක් කල් යැවූසේක. ඒ ස්ථානය අනිමිෂ චෛත්‍යස්ථාන නම් වූයේය. නැවත පලඟටද වැඩසිටිතැනටද අතර පෙරදිගින්ද පැසුළුදිගින්ද දිග්වූ භාග්‍යවතුන් වහන්සේගේ අදහස් දැන දෙවියන් විසින් මැවූ රුවන්සක්මනෙහි සක්මන් කරමින් සතියක් ඉක්මවූ සේක. ඒ ස්ථානය රත්නචක්‍රමස්ථාන නම්වූයේය. එයින් පැසුළුදිසාවෙහි දෙවතාවෝ රුවන්ගෙයක් මැවූහ. එහි පලඟින් හිඳ අභිධම්පිටකය විශේෂයෙන්ද, මෙහි අනන්තනය සමන්තපට්ඨානය විමසමින් සතියක් ඉක්මවූ සේක. ඒ ස්ථානය රතනඝර නම් වූයේය.

එවං බොධිසමීපෙයෙව චත‍්තාරි සත‍්තාහානි වීතිනාමෙත්‍වා පඤ‍්චමෙ සත‍්තාහෙ බොධිරුක‍්ඛමූලා යෙන අජපාලනිග්‍රොධො තෙනුපසඞ‍්කමි. තස‍්ස කිර නිග්‍රොධස‍්ස ඡායාය අජපාලකා ගන‍්ත්‍වා නිසීදන‍්ති; තෙනස‍්ස අජපාලනිග්‍රොධොත්‍වෙව නාමං උදපාදි. සත‍්තාහං විමුත‍්තිසුඛපටිසංවෙදීති තත්‍රාපි ධම‍්මං විචිනන‍්තොයෙව විමුත‍්තිසුඛං පටිසංවෙදෙන‍්තො නිසීදි. බොධිතො පුරත්‍ථිමදිසාභාගෙ එස රුක‍්ඛො හොති. එවං නිසින‍්නෙ ච පනෙත්‍ථ භගවති එකො බ්‍රාහ‍්මණො ගන‍්ත්‍වා පඤ‍්හං පුච‍්ඡි. තෙන වුත‍්තං “අථ ඛො අඤ‍්ඤතරො”තිආදි. තත්‍ථ හුංහුඞ‍්කජාතිකොති සො කිර දිට‍්ඨමඞ‍්ගලිකො නාම , මානවසෙන කොධවසෙන ච “හුංහු”න‍්ති කරොන‍්තො විචරති, තස‍්මා “හුංහුඞ‍්කජාතිකො”ති වුච‍්චති. “හුහුක‍්කජාතිකො”තිපි පඨන‍්ති.

මෙසේ බෝමැඩ සමීපයෙහිම සිවුසතියක් ඉක්මවා පස්වන සතියෙහි බෝරුක්මුලින් නික්ම අජාපාලනිග්‍රෝධ මූලයට වැඩිය සේක. එළුවන් රක්නෝ ගොස් ඒ නුගරුක් සෙවණෙහි හිඳිත්නු. එහෙයින් මේ රුකට අජපාලනිග්‍රෝධයයි නමක් පහළවිය. “සත්තාහං විමුත්තිසුඛපටිසංවෙදී” එහිදු ධර්‍මය සම්මර්‍ෂණය කරමින්ම ඵලසමාපත්තිසුඛය විඳිමින්ම වැඩහුන් සේක. බෝමැඩින් පෙරදිග මේ රුක පිහිටියේ වේ. එහි භාග්‍යවතුන්වහන්සේ සමවතින් නැගිට මෙසේ වැඩහුන් කල්හිද එක් බ්‍රාහ්මණයෙක් ගොස් ප්‍රශ්නයක් විචාළේය. එහෙයින් “අථඛො අඤ්ඤෙතරො” යනාදිය කියනලදී. එහි “හුහුඞ්කජාතිකො” ඒ බ්‍රාහ්මණ තෙමේ වනාහි දිට්ඨමඞ්ගලික නම. මාන වශයෙන්ද ක්‍රොධ වශයෙන්ද, ‘හුහුං’යි ශබ්ද කරමින් හැසිරෙන්නේය. එහෙයින් ‘හුහුංකජාතික’යි කියනු ලැබේ. හුහුක්කජාතික’යිද හදාරති.

එතමත්‍ථං විදිත්‍වාති එතං තෙන වුත‍්තස‍්ස වචනස‍්ස සිඛාපත‍්තමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි. තස‍්සත්‍ථො – යො බාහිතපාපධම‍්මතාය බ්‍රාහ‍්මණො න දිට‍්ඨමඞ‍්ගලිකතාය, හුංහුඞ‍්කාරකභාවාදිපාපධම‍්මයුත‍්තො හුත්‍වා කෙවලං ජාතිමත‍්තකෙන බ්‍රහ‍්මඤ‍්ඤං පටිජානාති, සො බ්‍රාහ‍්මණො බාහිතපාපධම‍්මත‍්තා හුංහුඞ‍්කාරප‍්පහානෙන නිහුංහුඞ‍්කො, රාගාදිකසාවාභාවෙන නික‍්කසාවො, භාවනානුයොගයුත‍්තචිත‍්තතාය යතත‍්තො, සීලසංවරෙන වා සඤ‍්ඤතචිත‍්තතාය යතත‍්තො, චතුමග‍්ගඤාණසඞ‍්ඛාතෙහි වෙදෙහි අන‍්තං, වෙදානං වා අන‍්තං ගතත‍්තා වෙදන‍්තගූ, මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස වුසිතත‍්තා වුසිතබ්‍රහ‍්මචරියො. ධම‍්මෙන බ්‍රහ‍්මවාදං වදෙය්‍ය, “බ්‍රාහ‍්මණො, අහ”න‍්ති එතං වාදං ධම‍්මෙන වදෙය්‍ය, යස‍්ස සකලෙ ලොකසන‍්නිවාසෙ කුහිඤ‍්චි එකාරම‍්මණෙපි රාගුස‍්සදො දොසුස‍්සදො මොහුස‍්සදො මානුස‍්සදො දිට‍්ඨුස‍්සදොති ඉමෙ උස‍්සදා නත්‍ථීති.

“එතමත්‍ථං විදිත්‍වා” මෙසේ ඔහු විසින් විචාළ වචනයෙහි කෙළ පැමිණි කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය පැවැත්වූ සේක. ඒ ප්‍රීතිවාක්‍යය පිළිබඳ අර්‍ත්‍ථය මෙසේය: යමෙක් තෙමේ බහා තැබූ පාපධර්‍මතාවෙන් බ්‍රාහ්මණවේද, හෙතෙමේ දිට්ඨමඞ්ගලිකතාවයෙන් බ්‍රාහ්මණ නොවේ. මානාදිය නිසා පවත්නා හුහුංකාරකභාවාදි පාපධර්‍මයෙන් යුක්තව හුදෙක් ජාතිය පමණින් බ්‍රාහ්මණභාවය පිළිදන්වාද හෙතෙමේ බ්‍රාහ්මණ නොවේ. බහා තැබූ පව් ඇති බැවින් බ්‍රාහ්මණ වේ. මානාදිය නිසා පවත්නා හුහුංකාර ප්‍රහාණයෙන් පහවූ හුහුංකාර ශබ්ද ඇත්තේය. රාගාදිකසට නැති බැවින් පහවු කසට ඇත්තේය. භාවනාවෙහි එක්වන් යෙදුනු සිත් ඇති බැවින් ‘යතත්ත’ නම. චතුර්විධ මාර්‍ගඥානසඞ්ඛ්‍යාතවෙදයෙන් නිවනට, වෙදයන්ගේ හෝ කෙළවරට ගිය බැවින් වෙදන්තගු නම් වේ. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැඩනිමවනලද බැවින් වුසිතබ්‍රහ්මචරිය නම. “ධම්මෙන බ්‍රහ්මවාදං වදෙය්‍ය” ‘මම බ්‍රාහ්මණ වෙම්’යි මේ බ්‍රාහ්මණවාදය ධර්‍මයෙන් කියන්නේය. යමක්හට සකලලොකසන්නිවාසයෙහි කිසිතැනෙක එක් අරමුණෙකද රාගුස්සද-දෙසුස්සද-මොහුස්සද-මානුස්සද-දිට්ඨුස්සද යන මේ උස්සදයෝ නැත්තාහුද හෙතෙමේ බ්‍රාහ්මණැයි කියමි’යි උදන් ඇනූ සේක.

අජපාලකථා නිට‍්ඨිතා.

මුචලින්‍දකථා

මුචලින්දකථා

අකාලමෙඝොති අසම‍්පත‍්තෙ වස‍්සකාලෙ උප‍්පන‍්නමෙඝො. අයං පන ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ උදපාදි. සත‍්තාහවද‍්දලිකාති තස‍්මිං උප‍්පන‍්නෙ සත‍්තාහං අවිච‍්ඡින‍්නවුට‍්ඨිකා අහොසි. සීතවාතදුද‍්දිනීති සා ච පන සත‍්තාහවද‍්දලිකා උදකඵුසිතසම‍්මිස‍්සෙන සීතවාතෙන සමන‍්තා පරිබ‍්භමන‍්තෙන දූසිතදිවසත‍්තා සීතවාතදුද‍්දිනී නාම අහොසි. අථ ඛො මුචලින්‍දො නාගරාජාති තස‍්සෙව මුචලින්‍දරුක‍්ඛස‍්ස සමීපෙ පොක‍්ඛරණියා නිබ‍්බත‍්තො මහානුභාවො නාගරාජා. සත‍්තක‍්ඛත‍්තුං භොගෙහි පරික‍්ඛිපිත්‍වාති එවං භොගෙහි පරික‍්ඛිපිත්‍වා උපරිමුද‍්ධනි මහන‍්තං ඵණං කරිත්‍වාව ඨිතෙ; තස‍්මිං තස‍්ස පරික‍්ඛෙපබ‍්භන‍්තරං ලොහපාසාදෙ භණ‍්ඩාගාරගබ‍්භප‍්පමාණං අහොසි, තස‍්මා භගවා නිවාතෙ පිහිතද‍්වාරවාතපානෙ කූටාගාරෙ නිසින‍්නො විය ජාතො. මා භගවන‍්තං සීතන‍්තිආදි තස‍්ස තථා කරිත්‍වා ඨානකාරණපරිදීපනං. සො හි “මා භගවන‍්තං සීතං බාධයිත්‍ථ, මා උණ‍්හං, මා ඩංසාදිසම‍්ඵස‍්සො බාධයිත්‍ථා”ති තථා කරිත්‍වා අට‍්ඨාසි. තත්‍ථ කිඤ‍්චාපි සත‍්තාහවද‍්දලිකාය උණ‍්හමෙව නත්‍ථි, සචෙ පන අන‍්තරන‍්තරා මෙඝො විගච‍්ඡෙය්‍ය උණ‍්හං භවෙය්‍ය , තම‍්පි නං මා බාධයිත්‍ථාති එවං තස‍්ස චින‍්තෙතුං යුත‍්තං. විද‍්ධන‍්ති උබ‍්බිද‍්ධං; මෙඝවිගමෙන දූරීභූතන‍්ති අත්‍ථො. විගතවලාහකන‍්ති අපගතමෙඝං. දෙවන‍්ති ආකාසං. සකවණ‍්ණන‍්ති අත‍්තනො රූපං.

“අකාලමෙඝො” නො පැමිණි වැසි කල්හි සියලු සක්වළ ගැබපුරා උපන් මෙඝයෙක්. මේ මෙඝය ග්‍රීෂ්ම සෘතුවෙහි අවසන් මාසයෙහි පහළ වූයේය. “සත්තාහවද්දලිකා” ඒ මෙඝය උපන් කල්හි සත් දවසක් නොනැවතී පවත්නා හද්දා වැස්සක් වීය. “සීතවාතදුද්දිනී” ඒ හද්දාවැස්ස දිය බිඳුවලින් මිශ්‍ර වූ වට කැරකැවෙන සිහිල් සුළඟින් දූෂිතවූ දවස් ඇති බැවින් සීතවාතදුද්දීනී නම්වූවාය. “අථ ඛො මුචලින්‍දො නාගරාජා” ඒ මිදෙල් රුක සමීපයෙහිවූ පොකුණෙහි උපන් මහත් ආනුභාව ඇති නා රජය. “සත්තක්‍ඛත්තුං භොගෙහි පරික්‍ඛිපිත්‍වා” මෙසේ දරණවැලින් වටකොට මුදුනෙහි මහත් පෙණයක් කොටම සිටියේය. මෙසේ පෙණයකොට සිටිකල්හි ඔහුගේ පරික්‍ෂෙපාභ්‍යන්තරය, ලොහොපහයෙහි භාණ්ඩාගාර ගර්‍භයක් පමණ වූයේය. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ වාසහිත තන්හි පියනලද දොරකවුළු ඇති කුළුගෙයක වැඩහුන් සේක් වැනිවූහ. “මා භගවන්තං සීතං” යනාදිය ඔහු එසේ සිටීමෙහි කරුණු දැක්වීමයි. ඒ නාරදතෙමේ වනාහි ‘භාග්‍යවතුන් වහන්සේට සීතය, පීඩා නොකෙරේවා, උෂ්ණය පීඩා නොකෙරේවා, ඩැහලේ බොන මැසි ආදීන්ගේ ස්පර්‍ශය තෙමේ පීඩා නොකෙරේවා’යි එසේ කොට සිටියේය. එහි කිසිසේත් හද්දාවැස්සෙහි උෂ්ණයක් නැත්තේමය. ඉදින් අතරතුර මෙඝය පහවන්නේ නම්, උෂ්ණය වන්නේය. ඒද ඒ භාග්‍යවතුන් වහන්සේ පීඩා නොකෙරේවායි මෙසේ ඔහුගේ සිතීම සුදුසුය. “විද්ධං” දුරුවූ මෙඝය පහවීමෙන් දුරුවූ යන අර්‍ත්‍ථයි. “විගතවලාහකං” පහවූ මෙඝය ඇති “දෙවං” අහස. “සකවණ්ණං” තමාගේ රූපය.

සුඛො විවෙකොති නිබ‍්බානසඞ‍්ඛාතො උපධිවිවෙකො සුඛො. තුට‍්ඨස‍්සාති චතුමග‍්ගඤාණසන‍්තොසෙන සන‍්තුට‍්ඨස‍්ස. සුතධම‍්මස‍්සාති පකාසිතධම‍්මස‍්ස. පස‍්සතොති තං විවෙකං යං වා කිඤ‍්චි පස‍්සිතබ‍්බං නාම, තං සබ‍්බං අත‍්තනො වීරියබලාධිගතෙන ඤාණචක‍්ඛුනා පස‍්සන‍්තස‍්ස. අබ්‍යාපජ‍්ජන‍්ති අකුප‍්පනභාවො; එතෙන මෙත‍්තාපුබ‍්බභාගො දස‍්සිතො. පාණභූතෙසු සංයමොති සත‍්තෙසු ච සංයමො; අවිහිංසනභාවො සුඛොති අත්‍ථො. එතෙන කරුණාපුබ‍්බභාගො දස‍්සිතො. සුඛා විරාගතා ලොකෙති වීතරාගතාපි සුඛාති දීපෙති. කාමානං සමතික‍්කමොති යා “කාමානං සමතික‍්කමො”ති වුච‍්චති; සා විරාගතාපි සුඛාති අත්‍ථො. එතෙන අනාගාමිමග‍්ගො කථිතො. අස‍්මිමානස‍්ස යො විනයොති ඉමිනා පන අරහත‍්තං කථිතං; අරහත‍්තඤ‍්හි අස‍්මිමානස‍්ස “පස‍්සද‍්ධිවිනයො”ති වුච‍්චති. ඉතො පරඤ‍්ච සුඛං නාම නත්‍ථි, තෙනාහ “එතං වෙ පරමං සුඛ”න‍්ති.

“සුඛො විවෙකො” නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපධිවිවෙකය සුඛවේ. “තුට්ඨස්ස” චතුර්මාර්‍ගඥාන සන්තොෂයෙන් සතුටු වූ. “සුතධම්මස්ස” පැවසූ දහම් ඇති. “පස්සතො” ඒ විවෙකය දැක්කයුතුවූ යම් කිසිවක් ඇත්තේ නම් වේ ද, ඒ සියල්ල තමාගේ වීර්‍ය්‍ය බලයෙන් අධිගත වූ ඥානචක්‍ෂුසින් දක්නහුගේ. “අබ්‍යාපජ්ඣං” නොකිපෙනබව. මෙයින් මෛත්‍රියෙහි පූර්‍වභාගය දක්වන ලද්දේය. “පාණභූතෙසු සංයමො” සත්ත්‍වයන් කෙරෙහිද, සංයමය අවිහිංසකභාවය සුඛය යන අර්‍ත්‍ථයි. මෙයින් කරුණාවේ පූර්‍වභාගය දක්වන ලද්දේය. “සුඛා විරාගතා ලොකෙ” වීතරාගභාවයද සැපය. කෙබඳු වීතරාගභාවයක් සැපවේද, යත්:- “කාමානං සමතික්කමො” යම් වීතරාගභාවයක් කාමයන්ගේ සමතික්‍රමැයි කියනු ලැබේද, ඒ වීතරාගතාවද සැපය යන අර්‍ත්‍ථයි. මෙයින් අනාගාමීමාර්‍ගය කියන ලද්දේය. “අස්මිමානස්ස යො විනයො” මෙයින් රහත්බව කියනලදී. රහත්බව වනාහි අස්මිමානයෙහි පස්සද්ධිවිනයයි කියනු ලැබේ. මෙයින් අන්‍යවූද සැපයක් නම් නැත්තේය. එහෙයින් “එතං වෙ පරමං සුඛං”යි වදාළ සේක.

මුචලින්‍දකථා නිට‍්ඨිතා.

රාජායතනකථා

රාජායතනකථා

මුචලින්‍දමූලාති මහාබොධිතො පාචීනකොණෙ ඨිතමුචලින්‍දරුක‍්ඛමූලා. රාජායතනන‍්ති දක‍්ඛිණදිසාභාගෙ ඨිතං රාජායතනරුක‍්ඛං උපසඞ‍්කමි . තෙන ඛො පන සමයෙනාති කතරෙන සමයෙන. භගවතො කිර රාජායතනමූලෙ සත‍්තාහං එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නස‍්ස සමාධිතො වුට‍්ඨානදිවසෙ අරුණුග‍්ගමනවෙලායමෙව “භොජනකිච‍්චෙන භවිතබ‍්බ”න‍්ති ඤත්‍වා සක‍්කො දෙවරාජා ඔසධහරීතකං උපනෙසි. භගවා තං පරිභුඤ‍්ජි, පරිභුත‍්තමත‍්තස‍්සෙව සරීරකිච‍්චං අහොසි. සක‍්කො මුඛොදකං අදාසි. භගවා මුඛං ධොවිත්‍වා තස‍්මිංයෙව රුක‍්ඛමූලෙ නිසීදි. එවං උග‍්ගතෙ අරුණම‍්හි නිසින‍්නෙ භගවති.

“මුචලින්‍දමූලා” මහබෝමැඩින් පැදුම්දිග කොණ පිහිටි මිදෙල් රුක්මුලින් නික්ම “රාජායතනං” දකුණුදිග පිහිටි කිරිපලුරුක කරා එළැඹි සේක. “තෙන ඛො පන සමයෙන” කවර කලෙක්හිද, යත්: කිරිපලුරුක මුල සත්දවසක් මුළුල්ලෙහි එක් පලඟින් හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේට සමතින් නැගිටින දවසෙහි අරුණ නගින වේලාවෙහිම භොජන කෘත්‍යය වියයුතුය’යි දැන සක්දෙව් රජතෙමේ බෙහෙත් අරළු සමග දැහැටි එළවූයේය. භාග්‍යවතුන් වහන්සේ එය පරිභොග කළසේක. පරිභොග කළ ඇසිල්ලෙහිම ශරීරකෘත්‍යය වූයේය. ශක්‍ර තෙමේ මුව දෝනා පැන් පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ මුව දොනාකොට එම රුක්මුල වෙතම වැඩහුන් සේක. මෙසේ අරුණ නැගි කල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි,

තෙන ඛො පන සමයෙන තපුස‍්සභල‍්ලිකා වාණිජාති තපුස‍්සො ච භල‍්ලිකො චාති ද‍්වෙ භාතරො වාණිජා. උක‍්කලාති උක‍්කලජනපදතො. තං දෙසන‍්ති යස‍්මිං දෙසෙ භගවා විහරති. කතරස‍්මිඤ‍්ච දෙසෙ භගවා විහරති? මජ‍්ඣිමදෙසෙ. තස‍්මා මජ‍්ඣිමදෙසං ගන‍්තුං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නා හොන‍්තීති අයමෙත්‍ථ අත්‍ථො. ඤාතිසාලොහිතා දෙවතාති තෙසං ඤාතිභූතපුබ‍්බා දෙවතා. එතදවොචාති සා කිර නෙසං සබ‍්බසකටානි අප‍්පවත‍්තීනි අකාසි. තතො තෙ කිං ඉදන‍්ති මග‍්ගදෙවතානං බලිං අකංසු. තෙසං බලිකම‍්මකාලෙ සා දෙවතා දිස‍්සමානෙනෙව කායෙන එතං අවොච. මන්‍ථෙන ච මධුපිණ‍්ඩිකාය චාති අබද‍්ධසත‍්තුනා ච සප‍්පිමධුඵාණිතාදීහි යොජෙත්‍වා බද‍්ධසත‍්තුනා ච. පතිමානෙථාති උපට‍්ඨහථ. තං වොති තං පතිමානනං තුම‍්හාකං භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛාය. යං අම‍්හාකන‍්ති යං පටිග‍්ගහණං අම‍්හාකං අස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය. භගවතො එතදහොසීති යො කිරස‍්ස පධානානුයොගකාලෙ පත‍්තො අහොසි, සො සුජාතාය පායාසං දාතුං ආගච‍්ඡන‍්තියා එව අන‍්තරධායි. තෙනස‍්ස එතදහොසි – “පත‍්තො මෙ නත්‍ථි, පුරිමකාපි ච න ඛො තථාගතා හත්‍ථෙසු පටිග‍්ගණ‍්හන‍්ති, කිම‍්හි නු ඛො අහං පටිග‍්ගණ‍්හෙය්‍යං මන්‍ථඤ‍්ච මධුපිණ‍්ඩකඤ‍්චා”ති.

ඒකාලයෙහි “තපස්සුභල්ලිකා වාණිජා” තපස්සුද භල්ලිකද යන වෙළෙඳ දෙබෑයෝ “උක්කලා” උක්කලජනපදයෙන් “තං දෙසං” යම් දෙසෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක්ද, කවරනම් දෙසෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සේක්ද, යත්: මද්ධ්‍යම දේශයෙහිය. එහෙයින් මැදුම් දෙසට යන්නට දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නාහු වෙත්යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. “ඤාතිසාලොහිතා දෙවතා” ඒ තපස්සු භල්ලිකයන්ගේ පෙර නෑවූ දෙවතාතොමෝ. “එතදවොච” ඕතොමෝ වනාහි ඒ වෙළඳ දෙබෑයන්ගේ සියලු ගැල් නොපෙරළෙනබවට පත්කළාය. ඉක්බිති ඔවුහු ‘මේ කිමැ’යි මාර්‍ගදෙවතාවනට බිලිපුද කළාහුය. ඔවුන්ගේ බිලියම් කාලයෙහි ඒ දෙවතාතොමෝ නොපෙණෙන සිරුරින් යුක්තව මෙය කිවුය. “මන්‍ථෙනච මධුපිණ්ඩිකායච” නොබැදිපිටියෙන්ද, ගිතෙල්, මී, සකුරු ආදිය සමග යොදා බැදි පිටියෙන්ද, “පතිමානෙථ” උවැටන් කරවු. “තං වො” ඒ උවැටන තොපට. බොහෝ කලක් මුළුල්ලෙහි හිත සැප පිණිස වන්නේය. “යං අම්හාකං” යම් පිළිගැනීමක් වේද, ඒ පිළිගැනීම අපට බොහෝ කල් හිත සැප පිණිස වන්නේය. “භගවතො එතදහොසි” මේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රදහනවීර්‍ය්‍යයෙහි යෙදෙන කාලයෙහි යම් පාත්‍රයක්වීද, ඒ පාත්‍රය සුජාතාව කිරිබත් පිළිගන්වන්නට එන කල්හිම අතුරුදහන් වූයේය. ‘එහෙයින් මට පාත්‍රයෙක් නැත්තේය, පූජිත තථාගතවරයෝ අතින් නොපිළිගත්තාහුමය. කුමකින් මම මන්‍ථය හා මධුපිණ්ඩිකය පිළිගන්නෙම්දැ’යි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් වූයේය.

පරිවිතක‍්කමඤ‍්ඤායාති ඉතො පුබ‍්බෙව භගවතො සුජාතාය දින‍්නභොජනංයෙව ඔජානුප‍්පබන්‍ධනවසෙන අට‍්ඨාසි, එත‍්තකං කාලං නෙව ජිඝච‍්ඡා න පිපාසා න කායදුබ‍්බල්‍යං අහොසි. ඉදානි පනස‍්ස ආහාරං පටිග‍්ගහෙතුකාමතාය “න ඛො තථාගතා”තිආදිනා නයෙන පරිවිතක‍්කො උදපාදි . තං එවං උප‍්පන‍්නං අත‍්තනො චෙතසා භගවතො චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය. චතුද‍්දිසාති චතූහි දිසාහි. සෙලමයෙ පත‍්තෙති මුග‍්ගවණ‍්ණසෙලමයෙ පත‍්තෙ. ඉදංයෙව භගවා පටිග‍්ගහෙසි, තෙයෙව සන්‍ධාය වුත‍්තං. චත‍්තාරො පන මහාරාජානො පඨමං ඉන්‍දනීලමණිමයෙ පත‍්තෙ උපනාමෙසුං, න තෙ භගවා අග‍්ගහෙසි. තතො ඉමෙ චත‍්තාරොපි මුග‍්ගවණ‍්ණසිලාමයෙ පත‍්තෙ උපනාමෙසුං, භගවා චත‍්තාරොපි පත‍්තෙ අග‍්ගහෙසි තෙසං පසාදානුරක‍්ඛණත්‍ථාය, නො මහිච‍්ඡතාය. ගහෙත්‍වා ච පන චත‍්තාරොපි යථා එකොව පත‍්තො හොති තථා අධිට‍්ඨහි, චතුන‍්නම‍්පි එකසදිසො පුඤ‍්ඤවිපාකො අහොසි. එවං එකං කත්‍වා අධිට‍්ඨිතෙ පටිග‍්ගහෙසි භගවා පච‍්චග‍්ඝෙ සෙලමයෙ පත‍්තෙ මන්‍ථඤ‍්ච මධුපිණ‍්ඩිකඤ‍්ච. පච‍්චග‍්ඝෙති පච‍්චග‍්ඝස‍්මිං; පාටෙක‍්කං මහග‍්ඝස‍්මින‍්ති අත්‍ථො. අථ වා පච‍්චග‍්ඝෙති අභිනවෙ අබ‍්භුණ‍්හෙ; තඞ‍්ඛණෙ නිබ‍්බත‍්තස‍්මින‍්ති අත්‍ථො. ද‍්වෙ වාචා එතෙසං අහෙසුන‍්ති ද‍්වෙවාචිකා. අථ වා ද‍්වීහි වාචාහි උපාසකභාවං පත‍්තාති අත්‍ථො . තෙ එවං උපාසකභාවං පටිවෙදෙත්‍වා භගවන‍්තං ආහංසු – “කස‍්ස දානි භන‍්තෙ අම‍්හෙහි අජ‍්ජ පට‍්ඨාය අභිවාදනපච‍්චුට‍්ඨානං කාතබ‍්බ”න‍්ති? අථ භගවා සීසං පරාමසි, කෙසා හත්‍ථෙ ලග‍්ගිංසු. තෙ තෙසං අදාසි “ඉමෙ තුම‍්හෙ පරිහරථා”ති. තෙ කෙසධාතුයො ලභිත්‍වා අමතෙනෙව අභිසිත‍්තා හට‍්ඨතුට‍්ඨා භගවන‍්තං වන්‍දිත්‍වා පක‍්කමිංසු.

“පරිවිතක්ක මඤ්ඤාය” මෙයින් පෙර භාග්‍යවතුන් වහන්සේට සුජාතාව විසින් පිළිගැන්නූ බොජුනම ඔජසින් බැඳීම් වසයෙන් සිටියේය. මෙතෙක් කල් බඩගින්නක් නොවූයේමය. පිපාසවත් නොවීය. කයෙහි දුබලබවක් නොවූයේය. දැන් වනාහි මේ භාග්‍යවතුන් වහන්සේට ආහාර පිළිගණු කැමැති බැවින් “න ඛො තථාගතා” යනාදි නයින් පරිවිතර්‍කයක් උපන්නේය. මෙසේ උපන් ඒ පරිවිතර්‍කය තමන්ගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන, “චතුද්දිසා” සිවු දිගින්. “සෙලමයෙ පත්තෙ” මුං පැහැති සෙල්මුවා පාත්‍ර. භාග්‍යවතුන් වහන්සේ මෙයම පිළිගත් සේක. ඒ පාත්‍ර සඳහාම මෙය කියන ලදී. සිවුවරම් මහරජහු වනාහි පළමුකොට ඉන්‍ද්‍රනීල මාණික්‍යමය පාත්‍රයන් එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්‍ර නොපිළිගත් සේක. ඉන්පසු මුං පැහැති සෙල්මුවා මේ පාත්‍ර සතර එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ප්‍රසාදය රකිනු පිණිස පාත්‍ර සතරම පිළිගත් සේක. මහිච්ඡතාවෙන් නොවේ. පිළිගෙනද ඒ පාත්‍ර සතරම යම්සේ එම පාත්‍රයක්වේද, එසේ ඉටූසේක. සිවුදෙනාටම එක්ම සමාන පුණ්‍යවිපාක වූයේය. මෙසේ එකක්කොට ඉටූකල්හි භාග්‍යවතුන් වහන්සේ අභිනව ශෛලමය පාත්‍රයෙහි නොබැදි පිටි හා ගිතෙල් මී සකුරු ආදිය යොදා කළ බැදි පිටිද පිළිගත් සේක. “පච්චග්ඝෙ” මහගිවූ වෙන් වෙන්ව මහගිවූ යන අර්‍ත්‍ථයි. නොහොත් “පච්චග්ඝෙ” අලුත්වූ එකෙණෙහි උපන්නාවූ යන අර්‍ත්‍ථයි. මේ දෙබෑ වෙළෙඳුන්ට වචන දෙකක් වීනුයි. ද්වෙවාචිකා නම් වූහ. නොහොත් බුදුන් දහම් සරණ යෙම්හයි යන වචන දෙකින් උපාසකභාවයට පැමිණියාහුය යන අර්‍ත්‍ථයි. ඔවුහු මෙසේ උපාසකභාවය දන්වා භාග්‍යවතුන් වහන්සේට, ‘ස්වාමීනි’ දැන් අප විසින් අද පටන් කවරක්හට වැඳීම හා දුරදී දැක අසුනෙන් නැගී සිටීම කටයුතුදැ’යි විචාළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිස පිරිමැද්ද සේක. කෙශයෝ අතෙහි ලැගුනාහුය. ‘මේ කෙශයන් පරිහරණය කරවු’යි ඒ කෙශයන් ඔවුනට දුන්සේක. ඔවුහු කෙශධාතු ලබාගෙන අමෘතයෙන් අභිෂෙක ලද්දහු මෙන් තුටු පහටුව භාග්‍යවතුන් වහන්සේට වැඳ ගියහ.

රාජායතනකථා නිට‍්ඨිතා.

බ්‍රහ‍්මයාචනකථා

බ්රහ්මයාචනකථා

අථ ඛො භගවා සත‍්තාහස‍්ස අච‍්චයෙන තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වා වුත‍්තප‍්පකාරමෙතං සබ‍්බං කිච‍්චං නිට‍්ඨාපෙත්‍වා රාජායතනමූලා පුනපි යෙන අජපාලනිග්‍රොධො තෙනුපසඞ‍්කමි. පරිවිතක‍්කො උදපාදීති තස‍්මිං නිසින‍්නමත‍්තස‍්සෙව සබ‍්බබුද‍්ධානං ආචිණ‍්ණසමාචිණ‍්ණො අයං චෙතසො පරිවිතක‍්කො උදපාදි. කස‍්මා පනායං සබ‍්බබුද‍්ධානං උප‍්පජ‍්ජතීති? ධම‍්මස‍්ස මහන‍්තභාවං ගරුභාවං භාරියභාවං පච‍්චවෙක‍්ඛණාය බ්‍රහ‍්මුනා යාචිතෙ දෙසෙතුකාමතාය ච. ජානන‍්ති හි බුද‍්ධා “එවං පරිවිතක‍්කිතෙ බ්‍රහ‍්මා ආගන‍්ත්‍වා ධම‍්මදෙසනං යාචිස‍්සති, තතො සත‍්තා ධම‍්මෙ ගාරවං උප‍්පාදෙස‍්සන‍්ති, බ්‍රහ‍්මගරුකො හි ලොකසන‍්නිවාසො”ති. ඉති ඉමෙහි ද‍්වීහි කාරණෙහි අයං විතක‍්කො උප‍්පජ‍්ජතීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට කියූ ආකාර ඇති මේ සියලු කෘත්‍යය කොට නිමවා කිරිපලු රුක්මුලින් අජපාල නිග්‍රොධමූලය කරා එළැඹි සේක. “පරිවිතක්කො උදපාදි” එහි වැඩහුන් ඇසිල්ලෙහිම සියලු බුදුවරුන් විසින් පුරුදු කරණ ලද, මැනැවින් පුරුදු කරණලද සිත පිළිබඳ වූ, “අධිගතො ඛො ම්‍යායං ධම්මො” යනාදීවූ මේ පරිවිතර්‍කය පහළවූයේය. සියලු බුදුවරුන්ට මේ පරිවිතර්‍කය කුමක් හෙයින් උපදීද යත්: ධර්‍මයෙහි මහත්බව හා ගරුබව ප්‍රත්‍යවෙක්‍ෂා කිරීමෙන් හා බ්‍රහ්මයා විසින් යාඥා කළකල්හි දේශනා කරනු කැමැති බැවින්ද යන මේ දෙකරුණෙහි බුදුවරයෝ ‘මෙසේ විතර්‍කණය කළ කල්හි බ්‍රහ්ම තෙමේ අවුත් ධර්‍මදේශනාවට යාඥා කරන්නේය. එයින් සත්ත්‍වයෝ ධර්‍මයෙහි ගෞරවය උපදවන්නාහුය, ලෝවැසි තෙමේ බඹහු ගරුකොට ගත්තේය’යි දනීමය. මේ දෙකරුණ හේතුකොට මේ විතර්‍කය උපදියි.

තත්‍ථ අධිගතො ඛො ම්‍යායන‍්ති අධිගතො ඛො මෙ අයං. ආලයරාමාති සත‍්තා පඤ‍්ච කාමගුණෙ අල‍්ලීයන‍්ති, තස‍්මා තෙ “ආලයා”ති වුච‍්චන‍්ති. තෙහි ආලයෙහි රමන‍්තීති ආලයරාමා. ආලයෙසු රතාති ආලයරතා. ආලයෙසු සුට‍්ඨුමුදිතාති ආලයසම‍්මුදිතා. යදිදන‍්ති නිපාතො. තස‍්ස ඨානං සන්‍ධාය “යං ඉද”න‍්ති පටිච‍්චසමුප‍්පාදං සන්‍ධාය “යො අය”න‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පාදොති ඉමෙසං පච‍්චයා ඉදප‍්පච‍්චයා, ඉදප‍්පච‍්චයාව ඉදප‍්පච‍්චයතා, ඉදප‍්පච‍්චයතා ච සා පටිච‍්චසමුප‍්පාදො චාති ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පාදො. සො මමස‍්ස කිලමථොති යා අජානන‍්තානං දෙසනා නාම, සො මම කිලමථො අස‍්ස; සා මම විහෙසා අස‍්සාති අත්‍ථො. භගවන‍්තන‍්ති භගවතො. අනච‍්ඡරියාති අනු අච‍්ඡරියා. පටිභංසූති පටිභානසඞ‍්ඛාතස‍්ස ඤාණස‍්ස ගොචරා අහෙසුං, පරිවිතක‍්කයිතබ‍්බභාවං පාපුණිංසු.

මේ විතර්‍කාධිකාරයෙහි “අධිගතො ඛො ම්‍යායං” මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මය ප්‍රතිවෙධ කරණ ලද්දේමය. “ආලයරාමා” සත්ත්‍වයෝ පස්කම් කොටස්හි ඇලෙත්ද, එහෙයින් ඒ පස්කම්කොටස් ආලයයි කියනු ලැබේ. ඒ ආලයයෙන් ඇලෙත්යි ‘ආලයරාම’ නම්හ. ඒ පස්කම් කොටස්හි ඇලුනාහයි ‘ආලයරත’ නම්හ. යථොක්ත ආලයයන්හි මොනවට සතුටුවූවාහුයි ‘ආලයසම්මුදිත’ නම්හ. “යදිදං” යනු නිපාතයි. ඒ පිළිබඳ ඨාන ශබ්දය අපේක්‍ෂාකොටය. “යං ඉදං” යනු ප්‍රතීත්‍යසමුප්පාදය සඳහාය. “යො අයං”යි මෙසේ අර්‍ත්‍ථ දතයුතුය. “ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො” මේ සංස්කාරාදීන්ගේ ඵලයන්ට ප්‍රත්‍යය වන්නාහු “ඉදප්පච්චය” නම. ඉදප්පච්චයම “ඉදප්පච්චයතා” නම. ඉදප්පච්චයතා වූයේද ඕතොමෝය. පටිච්චසමුප්පාද වුයේද ඒමනුයි. “ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම. “සො මමස්ස කිලමථො” දෙශනාවෙහි ප්‍රයොජනය සහ පිළිපැදීමෙහි ප්‍රයොජනය නොදන්නවුන්ට යම් දේශනාවක් නම්වේද, එය මට වෙහෙසීමක් වන්නේය. මට ඒ සිරුර පිළිබඳ වෙහෙසක් වන්නේය යන අර්‍ත්‍ථයි. “භගවන්තං” භාග්‍යවත්හට “අනච්ඡරියා” අතිශය ආශ්චර්‍ය්‍යවූ නැවත නැවත විස්මය කරවූ “පටිභංසු” ප්‍රතිභාණ සඞ්ඛ්‍යාත ඥානයට ගොදුරුවූහ. පරිවිතර්‍කය කටයුතුබවට පැමිණියාහුය.

හලන‍්ති එත්‍ථ හකාරො නිපාතමත‍්තො; අලන‍්ති අත්‍ථො. පකාසිතුන‍්ති දෙසිතුං. අලං දානි මෙ ඉමං කිච‍්ඡෙන අධිගතං ධම‍්මං දෙසෙතුන‍්ති වුත‍්තං හොති. පටිසොතගාමින‍්ති පටිසොතං වුච‍්චති නිබ‍්බානං; නිබ‍්බානගාමින‍්ති අත්‍ථො. රාගරත‍්තාති කාමරාගභවරාගදිට‍්ඨිරාගෙන රත‍්තා. න දක‍්ඛන‍්තීති න පස‍්සිස‍්සන‍්ති. තමොඛන්‍ධෙන ආවුටාති අවිජ‍්ජාරාසිනා අජ‍්ඣොත්‍ථටා. අප‍්පොස‍්සුක‍්කතායාති නිරුස‍්සුක‍්කභාවෙන; අදෙසෙතුකාමතායාති අත්‍ථො.

“හලං” මෙහි හකාරය නිපාතමාත්‍රයෙකි. ප්‍රයොජන නැත්තේය යන අර්‍ත්‍ථයි. “පකාසිතුං” දේශනා කරන්නට. ‘මා විසින් දුකින් අවබෝධ කළ මේ චතුස්සත්‍ය ධර්‍මය දැන් දේශනා කිරීම ප්‍රයොජන නැත්තේයයි කියන ලද්දේ වේ. “පටිසොතගාමිං” නිවන පටිසොතයි කියනු ලැබේ. නිවනට යන සුලුය යන අර්‍ත්‍ථයි “අප්පොස්සුක්කතාය” මන්‍දොත්සාහභාවයෙන් නොදෙසනු කැමති බැවිනැයි යන අර්‍ත්‍ථයි.

යත්‍ර හි නාමාති යස‍්මිං නාම ලොකෙ. භගවතො පුරතො පාතුරහොසීති ධම‍්මදෙසනායාචනත්‍ථං දසසු චක‍්කවාළසහස‍්සෙසු මහාබ්‍රහ‍්මානො ගහෙත්‍වා ආගම‍්ම භගවතො පුරතො පාතුරහොසි . අප‍්පරජක‍්ඛජාතිකාති පඤ‍්ඤාමයෙ අක‍්ඛිම‍්හි අප‍්පං රාගදොසමොහරජං එතෙසං එවංසභාවාති අප‍්පරජක‍්ඛජාතිකා. භවිස‍්සන‍්ති ධම‍්මස‍්ස අඤ‍්ඤාතාරොති පටිවිජ‍්ඣිතාරො.

“යත්‍ර හි නාම” යම් ලොකයෙක්හි. “භගවතො පුරතො පාතුරහොසි” ධර්‍මදේශනාවට ආරාධනා කරනු පිණිස දසදහසක් සක්වළ මහබඹුන් ගෙණ අවුත් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සහම්පති මහාබ්‍රහ්ම තෙමේ පහළ වූයේය. [missing trans]

පාතුරහොසීති පාතුභවි. සමලෙහි චින‍්තිතොති රාගාදීහි මලෙහි සමලෙහි ඡහි සත්‍ථාරෙහි චින‍්තිතො. අපාපුරෙතන‍්ති විවර එතං. අමතස‍්ස ද‍්වාරන‍්ති අමතස‍්ස නිබ‍්බානස‍්ස ද‍්වාරභූතං අරියමග‍්ගං. සුණන‍්තු ධම‍්මං විමලෙනානුබුද‍්ධන‍්ති ඉමෙ සත‍්තා රාගාදිමලානං අභාවතො විමලෙන සම‍්මාසම‍්බුද‍්ධෙන අනුබුද‍්ධං චතුසච‍්චධම‍්මං සුණන‍්තු.

මෙයින් මත්තෙහි සියල්ල පදාර්‍ත්‍ථ වශයෙන් ප්‍රකටමය. අධිප්‍රාය අනුසන්‍ධියොජනාදිභෙද වශයෙන් වනාහි ප්‍රපඤ්චසූදනී මද්ධ්‍යමාර්‍ත්‍ථ කථාවෙහි කියූනයින්ම දතයුතුය. මෙයින් මත්තෙහි අධික විස්තරයට බියවන මහජනයාගේ සිත රකිමින් සූත්‍රාන්ත කථාව වර්‍ණනා නොකොට විනයකථාවම වර්‍ණනා කරන්නෙමු.

සෙලෙ යථා පබ‍්බතමුද‍්ධනිට‍්ඨිතොති සෙලමයෙ එකග‍්ඝනෙ පබ‍්බතමුද‍්ධනි යථාඨිතොව යථා චක‍්ඛුමා පුරිසො සමන‍්තතො ජනතං පස‍්සෙය්‍ය, ත්‍වම‍්පි සුමෙධ සුන්‍දරපඤ‍්ඤ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සමන‍්තචක‍්ඛු භගවා ධම‍්මමයං පඤ‍්ඤාමයං පාසාදමාරුය‍්හ සයං අපෙතසොකො සොකාවතිණ‍්ණං ජාතිජරාභිභූතඤ‍්ච ජනතං අවෙක‍්ඛස‍්සු උපධාරය.

උට‍්ඨෙහීති භගවතො ධම‍්මදෙසනත්‍ථං චාරිකචරණං යාචන‍්තො භණති. වීරාතිආදීසු භගවා වීරියවන‍්තතාය වීරො. දෙවපුත‍්තමච‍්චුකිලෙසාභිසඞ‍්ඛාරමාරානං විජිතත‍්තා විජිතසඞ‍්ගාමො. ජාතිකන‍්තාරාදිනිත්‍ථරණසමත්‍ථතාය සත්‍ථවාහො. කාමච‍්ඡන්‍දඉණස‍්ස අභාවතො අණණො.

අජ‍්ඣෙසනන‍්ති යාචනං. බුද‍්ධචක‍්ඛුනාති ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණෙන ච ආසයානුසයඤාණෙන ච. ඉමෙසඤ‍්හි ද‍්වින‍්නං ඤාණානං බුද‍්ධචක‍්ඛූති නාමං. අප‍්පරජක‍්ඛාති පඤ‍්ඤාචක‍්ඛුම‍්හි රාගාදිරජං අප‍්පං යෙසං, තෙ අප‍්පරජක‍්ඛා. යෙසං තං මහන‍්තං තෙ මහාරජක‍්ඛා. යෙසං සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි තික‍්ඛානි තෙ තික‍්ඛින්‍ද්‍රියා. යෙසං තානි මුදූනි තෙ මුදින්‍ද්‍රියා. යෙසං තෙයෙව සද‍්ධාදයො ආකාරා සුන්‍දරා තෙ ස‍්වාකාරා. යෙසං තෙයෙව සද‍්ධාදයො ආකාරා අසුන්‍දරා තෙ ද‍්වාකාරා. යෙ කථිතකාරණං සල‍්ලක‍්ඛෙන‍්ති, සුඛෙන සක‍්කා හොන‍්ති විඤ‍්ඤාපෙතුං තෙ සුවිඤ‍්ඤාපයා. යෙ පරලොකඤ‍්ච වජ‍්ජඤ‍්ච භයතො පස‍්සන‍්ති තෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනො. උප‍්පලිනියන‍්ති උප‍්පලවනෙ. ඉතරෙසුපි එසෙව නයො. අන‍්තොනිමුග‍්ගපොසීනීති යානි උදකස‍්ස අන‍්තො නිමුග‍්ගානෙව පොසයන‍්ති. සමොදකං ඨිතානීති උදකෙන සමං ඨිතානි. උදකං අච‍්චුග‍්ගම‍්ම ඨිතානීති උදකං අතික‍්කමිත්‍වා ඨිතානි.

අපාරුතාති විවටා. අමතස‍්ස ද‍්වාරාති අරියමග‍්ගො. සො හි අමතසඞ‍්ඛාතස‍්ස නිබ‍්බානස‍්ස ද‍්වාරං. පමුඤ‍්චන‍්තු සද‍්ධන‍්ති සබ‍්බෙ අත‍්තනො සද‍්ධං පමුඤ‍්චන‍්තු. පච‍්ඡිමපදද‍්වයෙ අයමත්‍ථො , අහඤ‍්හි අත‍්තනො පගුණං සුප‍්පවත‍්තිම‍්පි ඉමං පණීතං උත‍්තමං ධම‍්මං කායවාචාකිලමථසඤ‍්ඤී හුත්‍වා මනුජෙසු දෙවමනුස‍්සෙසු න භාසින‍්ති.

බ්‍රහ‍්මයාචනකථා නිට‍්ඨිතා.

පඤ‍්චවග‍්ගියකථා

පඤ්චවග්ගියකථා

පණ‍්ඩිතොති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො. බ්‍යත‍්තොති වෙය්‍යත‍්තියෙන සමන‍්නාගතො. මෙධාවීති ඨානුප‍්පත‍්තියා පඤ‍්ඤාය සමන‍්නාගතො. අප‍්පරජක‍්ඛජාතිකොති සමාපත‍්තියා වික‍්ඛම‍්භිතත‍්තා නික‍්කිලෙසජාතිකො විසුද‍්ධසත‍්තො. ආජානිස‍්සතීති සල‍්ලක‍්ඛෙස‍්සති පටිවිජ‍්ඣිස‍්සති. භගවතොපි ඛො ඤාණං උදපාදීති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං උප‍්පජ‍්ජි “ඉතො සත‍්තමදිවසමත්‍ථකෙ කාලංකත්‍වා ආකිඤ‍්චඤ‍්ඤායතනෙ නිබ‍්බත‍්තො”ති. මහාජානියොති සත‍්තදිවසබ‍්භන‍්තරෙ පත‍්තබ‍්බමග‍්ගඵලතො පරිහීනත‍්තා මහතී ජානි අස‍්සාති මහාජානියො අක‍්ඛණෙ නිබ‍්බත‍්තත‍්තා. අභිදොසකාලංකතොති හිය්‍යො කාලංකතො, සොපි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ නිබ‍්බත‍්තොති අද‍්දස. බහූකාරාති බහූපකාරා. පධානපහිතත‍්තං උපට‍්ඨහිංසූති පධානත්‍ථාය පෙසිතත‍්තභාවං මුඛොදකදානාදිනා උපට‍්ඨහිංසු.

අන‍්තරා ච ගයං අන‍්තරා ච බොධින‍්ති උපකො බොධිමණ‍්ඩස‍්ස ච ගයාය ච අන‍්තරෙ භගවන‍්තං අද‍්දස. අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නන‍්ති අද‍්ධානමග‍්ගං පටිපන‍්නං.

සබ‍්බාභිභූති සබ‍්බං තෙභූමකධම‍්මං අභිභවිත්‍වා ඨිතො. සබ‍්බවිදූති සබ‍්බං චතුභූමකධම‍්මං අවෙදිං අඤ‍්ඤාසිං. සබ‍්බෙසු ධම‍්මෙසු අනූපලිත‍්තොති සබ‍්බෙසු තෙභූමකධම‍්මෙසු කිලෙසලෙපෙන අලිත‍්තො. සබ‍්බඤ‍්ජහොති සබ‍්බං තෙභූමකධම‍්මං ජහිත්‍වා ඨිතො. තණ‍්හක‍්ඛයෙ විමුත‍්තොති තණ‍්හක‍්ඛයෙ නිබ‍්බානෙ ආරම‍්මණතො විමුත‍්තො. සයං අභිඤ‍්ඤායාති සබ‍්බං චතුභූමකධම‍්මං අත‍්තනාව ජානිත්‍වා. කමුද‍්දිසෙය්‍යන‍්ති කං අඤ‍්ඤං “අයං මෙ ආචරියො”ති උද‍්දිසෙය්‍යං.

න මෙ ආචරියො අත්‍ථීති ලොකුත‍්තරධම‍්මෙ මය‍්හං ආචරියො නාම නත්‍ථි. නත්‍ථි මෙ පටිපුග‍්ගලොති මය‍්හං පටිභාගපුග‍්ගලො නාම නත්‍ථි. සීතිභූතොති සබ‍්බකිලෙසග‍්ගිනිබ‍්බාපනෙන සීතිභූතො. කිලෙසානංයෙව නිබ‍්බුතත‍්තා නිබ‍්බුතො.

කාසීනං පුරන‍්ති කාසිරට‍්ඨෙ නගරං. ආහඤ‍්ඡං අමතදුන්‍දුභින‍්ති ධම‍්මචක‍්කප‍්පටිලාභාය අමතභෙරිං පහරිස‍්සාමීති ගච‍්ඡාමි.

අරහසි අනන‍්තජිනොති අනන‍්තජිනො භවිතුං යුත‍්තො. හුපෙය්‍යපාවුසොති ආවුසො එවම‍්පි නාම භවෙය්‍ය. සීසං ඔකම‍්පෙත්‍වාති සීසං චාලෙත්‍වා.

සණ‍්ඨපෙසුන‍්ති කතිකං අකංසු. බාහුල‍්ලිකොති චීවරබාහුල‍්ලාදීනං අත්‍ථාය පටිපන‍්නො. පධානවිබ‍්භන‍්තොති පධානතො විබ‍්භන‍්තො භට‍්ඨො පරිහීනො. ආවත‍්තො බාහුල‍්ලායාති චීවරාදිබහුලභාවත්‍ථාය ආවත‍්තො. ඔදහථ භික‍්ඛවෙ සොතන‍්ති උපනෙථ භික‍්ඛවෙ සොතං; සොතින්‍ද්‍රියං ධම‍්මසවනත්‍ථං අභිමුඛං කරොථාති අත්‍ථො. අමතමධිගතන‍්ති අමතං නිබ‍්බානං මයා අධිගතන‍්ති දස‍්සෙති. ඉරියායාති දුක‍්කරඉරියාය. පටිපදායාති දුක‍්කරපටිපදාය. අභිජානාථ මෙ නොති අභිජානාථ නු මෙ සමනුපස‍්සථ. එවරූපං භාසිතමෙතන‍්ති එතං එවරූපං වාක්‍යං භාසිතන‍්ති අත්‍ථො. අසක‍්ඛි ඛො භගවා පඤ‍්චවග‍්ගියෙ භික‍්ඛූ සඤ‍්ඤාපෙතුන‍්ති “අහං බුද‍්ධො”ති ජානාපෙතුං අසක‍්ඛි.

චක‍්ඛුකරණීති පඤ‍්ඤාචක‍්ඛුං සන්‍ධායාහ. ඉතො පරං සබ‍්බං පදත්‍ථතො උත‍්තානමෙව. අධිප‍්පායානුසන්‍ධියොජනාදිභෙදතො පන පපඤ‍්චසූදනියා මජ‍්ඣිමට‍්ඨකථායං වුත‍්තනයෙන වෙදිතබ‍්බං. ඉතො පට‍්ඨාය හි අතිවිත්‍ථාරභීරුකස‍්ස මහාජනස‍්ස චිත‍්තං අනුරක‍්ඛන‍්තා සුත‍්තන‍්තකථං අවණ‍්ණයිත්‍වා විනයකථංයෙව වණ‍්ණයිස‍්සාම.

සාව තස‍්ස ආයස‍්මතො උපසම‍්පදා අහොසීති ආසාළ‍්හීපුණ‍්ණමාය අට‍්ඨාරසහි දෙවතාකොටීහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතස‍්ස “එහි භික‍්ඛූ”ති භගවතො වචනෙන අභිනිප‍්ඵන‍්නා සාව තස‍්ස ආයස‍්මතො එහිභික‍්ඛූපසම‍්පදා අහොසි.

“සාව තස්ස ආයස්මතො උපසම්පදා අහොසි” ඇසළමස පුණු පොහෝ දිනයෙහි අටළොස් කෙළක් දෙවතාවුන් සමග සෝවාන් පෙළෙහි පිහිටියාවූ. “එහි භික්‍ඛු” යන භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් අනිෂ්පන්න වූ ඕතොමෝම ඒ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන්ට එහිභික්‍ඛුපසම්පදාවවූය.

අථ ඛො ආයස‍්මතො ච වප‍්පස‍්සාති ආදිම‍්හි වප‍්පත්‍ථෙරස‍්ස පාටිපදදිවසෙ ධම‍්මචක‍්ඛුං උදපාදි, භද‍්දියත්‍ථෙරස‍්ස දුතියදිවසෙ, මහානාමත්‍ථෙරස‍්ස තතියදිවසෙ, අස‍්සජිත්‍ථෙරස‍්ස චතුත්‍ථියන‍්ති. ඉමෙසඤ‍්ච පන භික‍්ඛූනං කම‍්මට‍්ඨානෙසු උප‍්පන‍්නමලවිසොධනත්‍ථං භගවා අන‍්තොවිහාරෙයෙව අහොසි. උප‍්පන‍්නෙ උප‍්පන‍්නෙ කම‍්මට‍්ඨානමලෙ ආකාසෙන ගන‍්ත්‍වා මලං විනොදෙසි. පක‍්ඛස‍්ස පන පඤ‍්චමියං සබ‍්බෙ තෙ එකතො සන‍්නිපාතෙත්‍වා අනත‍්තසුත‍්තෙන ඔවදි. තෙන වුත‍්තං “අථ ඛො භගවා පඤ‍්චවග‍්ගියෙ”තිආදි.

“අථ ඛො ආයස්මතො ච වප්පස්ස” යනාදියෙහි වප්ප ස්ථවිරයන්හට පෑළවිය දිනයෙහි ධර්‍මචක්‍ෂුස පහළවිය. භද්දිය ස්ථවිරයන්ට දෙවන දිනයෙහිද, මහානාම ස්ථවිරයන්හට තෙවන දිනයෙහිද අස්සජි ස්ථවිරයන්හට සතරවන දිනයෙහිදැ’යි මෙසේ ධර්‍මචක්‍ෂුස පහළවිය. මේ පස්වග මහණුන්ගේ කමටහන්හි උපන්මල පිරිසිදු කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙහෙර තුළම වූ සේක. කමටහන්මල උපන් උපන් කල්හි අහසින් වැඩමකොට කමටහන්මල දුරුකරණ සේක. පක්‍ෂය පිළිබඳ පස්වන දිනයෙහි සියල්ලන්ම එකට රැස්කරවා අනත්ත සූත්‍රාන්ත දේශනාවෙන් ඔවුන්ට අවවාද කළසේක. “අථ ඛො භගවා පඤ්චවග්ගියෙ” යනාදිය එහෙයින් කියනලදී.

තෙන ඛො පන සමයෙන ඡ ලොකෙ අරහන‍්තො හොන‍්තීති පඤ‍්චමියා පක‍්ඛස‍්ස ලොකස‍්මිං ඡ මනුස‍්සා අරහන‍්තො හොන‍්තීති අත්‍ථො.

“තෙන ඛො පන සමයෙන ඡ ලොකෙ අරහන්තා හොන්ති”යි පක්‍ෂය පිළිබඳ පස්වන දිනයෙහි ලොකයෙහි රහත් මනුෂ්‍යයෝ සදෙනෙක් වෙත්ය යන අර්‍ත්‍ථයි.

පඤ‍්චවග‍්ගියකථා නිට‍්ඨිතා.