යෙදුමෙන් කියවන්න

පබ‍්බජ‍්ජාකථා අට‍්ඨකථා

පබ‍්බජ‍්ජාකථා

පබ්බජ්ජාකථා

පුබ‍්බානුපුබ‍්බකානන‍්ති පවෙණිවසෙන පොරාණානුපොරාණානන‍්ති අත්‍ථො. තෙන ඛො පන සමයෙන එකසට‍්ඨි ලොකෙ අරහන‍්තො හොන‍්තීති පුරිමා ඡ ඉමෙ ච පඤ‍්චපඤ‍්ඤාසාති අන‍්තොවස‍්සම‍්හියෙව එකසට‍්ඨි මනුස‍්සා අරහන‍්තො හොන‍්තීති අත්‍ථො.

“පුබ්බානුපුබ්බකානං” ප්‍රවෙණි වශයෙන් පැරණියන්ට පැරණිවූ යන අර්‍ත්‍ථයි. “තෙන ඛො පන සමයෙන එකසට්ඨි ලොකෙ අරහන්තො හොන්ති” පළමු සදෙනය. මේ පස් පනසයයි ඇතුළුවසදීම එක්සැටක් මිනිස් රහත්හු වූහ යන අර්‍ත්‍ථයි.

තත්‍ර යසආදීනං කුලපුත‍්තානං අයං පුබ‍්බයොගො – අතීතෙ කිර පඤ‍්චපඤ‍්ඤාසජනා සහායකා වග‍්ගබන්‍ධෙන පුඤ‍්ඤානි කරොන‍්තා අනාථසරීරානි පටිජග‍්ගන‍්තා විචරන‍්ති, තෙ එකදිවසං ගබ‍්භිනිං ඉත්‍ථිං කාලංකතං දිස‍්වා “ඣාපෙස‍්සාමා”ති සුසානං නීහරිංසු. තෙසු පඤ‍්ච ජනෙ “තුම‍්හෙ ඣාපෙථා”ති සුසානෙ ඨපෙත්‍වා සෙසා ගාමං පවිට‍්ඨා. යසො දාරකො තං සරීරං විජ‍්ඣිත්‍වා පරිවත‍්තෙත්‍වා ච ඣාපයමානො අසුභසඤ‍්ඤං පටිලභි. සො ඉතරෙසම‍්පි චතුන‍්නං ජනානං “පස‍්සථ භො ඉමං අසුචිං පටිකූල”න‍්ති දස‍්සෙසි. තෙපි තත්‍ථ අසුභසඤ‍්ඤං පටිලභිංසු. තෙ පඤ‍්චපි ජනා ගාමං ගන‍්ත්‍වා සෙසසහායකානං කථයිංසු. යසො පන දාරකො ගෙහම‍්පි ගන‍්ත්‍වා මාතාපිතූන‍්නඤ‍්ච භරියාය ච කථෙසි. තෙ සබ‍්බෙපි අසුභං භාවයිංසු. අයමෙතෙසං පුබ‍්බයොගො. තෙනායස‍්මතො යසස‍්ස නාටකජනෙසු සුසානසඤ‍්ඤායෙව උප‍්පජ‍්ජි, තායෙව ච උපනිස‍්සයසම‍්පත‍්තියා සබ‍්බෙසං විසෙසාධිගමො නිබ‍්බත‍්තීති.

එහි යස ආදී කුලපුත්‍රයන්ගේ මේ මතු කියනු ලබන්නේ පූර්‍වප්‍රයෝගයයි: යටගිය දවස පස්පණස් දෙනෙක් යහලුව වර්‍ගබන්‍ධනයෙන් පින් කරණුවෝ පිහිටවන්නකු නැති සිරුරු ගණිමින් පිටතට ගෙනගොස් දවමින් හැසිරෙත්. ඔවුහු එක් දවසක් කලුරිය කළ දරුගැබ් සහිත ස්ත්‍රියක දැක දවන්නෙමු’යි සොහොනට ගෙන ගියහ. ඔවුන් අතුරෙහි පස් දෙනෙකු ‘තෙපි මේ ස්ත්‍රී ශරීරය දවාලවු’යි සොහොනෙහි නවතා තබා සෙස්සෝ ගමට පිවිසියහ. යස දාරක තෙමේ ඒ මළසිරුර විද පෙරළ පෙරළා දවාලනුයේ අශුභසංඥාව ලැබුයේය. හෙතෙමේ අනික් සිවුදෙනාහටද ‘පින්වත්නි’ මේ පිළිකුල් අශුචිය බලවු’යි දැක්වීය. ඔවුහුද එහි අශුභසංඥාව ලැබූහ. ඒ පස්දෙනද ගමට ගොස් සෙසු යහලුවන්ට දැන්වූහ. යස දාරක තෙමේ ගෙට ගොස් මවුපියන්ට හා අඹුවටද මෙය දැක්වීය. ඒ සියල්ලෝම අශුභ භාවනාව වැඩූහ. මේ මොවුන්ගේ පූර්‍වප්‍රයෝගයයි. එහෙයින් ආයුෂ්මත් යසහට නාටකජනයන් කෙරෙහිද සුසානසංඥාවම උපන. ඒ උපනිශ්‍රයසම්පත්තියෙන් සියල්ලන්ට විශේෂාධිගමය උපන්නේය.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසීති භගවා යාව පච‍්ඡිමකත‍්තිකපුණ‍්ණමා, තාව බාරාණසියං විහරන‍්තො එකදිවසං තෙ ඛීණාසවෙ සට‍්ඨි භික‍්ඛූ ආමන‍්තෙසි.

“අථ ඛො භගවා භික්‍ඛු ආමන්තෙසි” හාග්‍යවතුන් වහන්සේ ඉල්මස මැදිපොහොය දක්වා බරණැස වැඩවසමින් එක්දවසක් ඒ රහත් සැටනමක් මහණුන් ඇමතූ සේක.

දිබ‍්බා නාම දිබ‍්බෙසු විසයෙසු ලොභපාසා. මානුසා නාම මානුසකෙසු විසයෙසු ලොභපාසා. මා එකෙන ද‍්වෙති එකෙන මග‍්ගෙන ද‍්වෙ මා අගමිත්‍ථ. අස‍්සවනතාති අස‍්සවනතාය. පරිහායන‍්තීති අනධිගතං නාධිගච‍්ඡන‍්තා විසෙසාධිගමතො පරිහායන‍්ති.

දෙවියෝ, දිව්‍යවිෂයයන්හි ලෝභය මලපුඩුකොට ඇත්තාහ. මනුෂ්‍යයෝ, මානුෂක විෂයයන්හි ලෝභය මලපුඩු කොට සිටියහ. “මා එකෙන ද්වෙ” එක් මගින් දෙදෙනෙක් නොයවු. “අස්සවණතා” නොඅසන බැවින් “පරිහායන්ති” අවබෝධ නොකරණ ලද්දක් අවබෝධ නොකරන්නාහු විශේෂාධිගමයෙන් පිරිහෙත්.

අන‍්තකාති ලාමක හීනසත‍්ත. අන‍්තලික‍්ඛචරොති රාගපාසං සන්‍ධායාහ. තඤ‍්හි සො “අන‍්තලික‍්ඛචරො”ති මන‍්ත්‍වා ආහ.

“අන්තකා” ලාමකහීන සත්ත්‍වයෝ “අන්තලික්‍ඛචරො” රාගපාශය සඳහා වදාරණ ලදය. හෙතෙමේ ඒවනාහි අහස හැසිරෙන්නෙකැයි දැන කීයේය.

නානාදිසා නානාජනපදාති නානාදිසතො ච නානාජනපදතො ච. අනුජානාමි භික‍්ඛවෙ තුම‍්හෙව දානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ‍්බාජෙථාතිආදිම‍්හි පබ‍්බජ‍්ජාපෙක‍්ඛං කුලපුත‍්තං පබ‍්බාජෙන‍්තෙන යෙ පරතො “න භික‍්ඛවෙ පඤ‍්චහි ආබාධෙහි ඵුට‍්ඨො පබ‍්බාජෙතබ‍්බො”තිආදිං කත්‍වා යාව “න අන්‍ධමූගබධිරො පබ‍්බාජෙතබ‍්බො”ති එවං පටික‍්ඛිත‍්තා පුග‍්ගලා, තෙ වජ‍්ජෙත්‍වා පබ‍්බජ‍්ජාදොසවිරහිතො පුග‍්ගලො පබ‍්බාජෙතබ‍්බො. සොපි ච මාතාපිතූහි අනුඤ‍්ඤාතොයෙව. තස‍්ස අනුජානනලක‍්ඛණං “න භික‍්ඛවෙ අනනුඤ‍්ඤාතො මාතාපිතූහි පුත‍්තො පබ‍්බාජෙතබ‍්බො, යො පබ‍්බාජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති එතස‍්මිං සුත‍්තෙ වණ‍්ණයිස‍්සාම.

“නානා දිසා නානා ජනපදා” නන් දෙසින්ද, නන් දනව්වෙන්ද, “අනුජානාමි භික්‍ඛවෙ තුම්හෙවදානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ” යනාදියෙහි ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂක කුලපුත්‍රයා පැවිදි කරන්නහු විසින් ඉදිරියෙහි “න භික්‍ඛවෙ පඤ්චහි ආබාධෙහි ඵුට්ඨො පබ්බාජෙතබ්බා” යනු ආදිකොට, යම්තාක් “න අන්‍ධමූගබධිරො පබ්බාජෙතබ්බො”යි මෙසේ ප්‍රතික්‍ෂෙප කරණලද යම් පුද්ගලයෝ වෙත්ද, ඔවුන් හැර ප්‍රව්‍රජ්‍යාදොෂවිරහිත පුද්ගල තෙමේ පැවිදි කටයුත්තේය. ඒ පුද්ගල තෙමේද මවුපියන් විසින් අනුදන්නා ලද්දේමය. ඔහු පිළිබඳ අනුජානන ලක්‍ෂණය, “න භික්‍ඛවෙ අනනුඤ්ඤාතො මාතාපිතූහි පුත්තො පබ්බාජෙතබ්බො, යො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යන මේ සූත්‍රයෙහි වර්‍ණනා කරන්නෙමු.

එවං පබ‍්බජ‍්ජාදොසවිරහිතං මාතාපිතූහි අනුඤ‍්ඤාතං පබ‍්බාජෙන‍්තෙනාපි ච සචෙ අච‍්ඡින‍්නකෙසො හොති, එකසීමාය ච අඤ‍්ඤෙපි භික‍්ඛූ අත්‍ථි, කෙසච‍්ඡෙදනත්‍ථාය භණ‍්ඩුකම‍්මං ආපුච‍්ඡිතබ‍්බං. තස‍්ස ආපුච‍්ඡනාකාරං “අනුජානාමි, භික‍්ඛවෙ, සඞ‍්ඝං අපලොකෙතුං භණ‍්ඩුකම‍්මායා”ති එත්‍ථ වණ‍්ණයිස‍්සාම. සචෙ ඔකාසො හොති, සයං පබ‍්බාජෙතබ‍්බො. සචෙ උද‍්දෙසපරිපුච‍්ඡාදීහි බ්‍යාවටො හොති, ඔකාසං න ලභති, එකො දහරභික‍්ඛු වත‍්තබ‍්බො “එතං පබ‍්බාජෙහී”ති. අවුත‍්තොපි චෙ දහරභික‍්ඛු උපජ‍්ඣායං උද‍්දිස‍්ස පබ‍්බාජෙති, වට‍්ටති. සචෙ දහරභික‍්ඛු නත්‍ථි, සාමණෙරොපි වත‍්තබ‍්බො “එතං ඛණ‍්ඩසීමං නෙත්‍වා පබ‍්බාජෙත්‍වා කාසායානි අච‍්ඡාදෙත්‍වා එහී”ති. සරණානි පන සයං දාතබ‍්බානි. එවං භික‍්ඛුනාව පබ‍්බජිතො හොති. පුරිසඤ‍්හි භික‍්ඛුතො අඤ‍්ඤො පබ‍්බාජෙතුං න ලභති, මාතුගාමං භික‍්ඛුනිතො අඤ‍්ඤො. සාමණෙරො පන සාමණෙරී වා ආණත‍්තියා කාසායානි දාතුං ලභති. කෙසොරොපනං යෙන කෙනචි කතං සුකතං.

මෙසේ මවුපියන් විසින් අනුදන්නාලද. පැවිදිදොස් රහිතයකු පැවිදි කරන්නහු විසින්ද, ඉදින් නොසිඳි කෙස් ඇත්තේවේද එක් සීමාවක්හිද, අන්‍ය භික්‍ෂූහු ඇත්තාහුද, කෙශච්ඡෙදය පිණිස භණ්ඩුකර්‍මය විචාළ යුතුය. ඒ පිළිබඳ විචාරණ ආකාරය “අනුජානාමි භික්‍ඛවෙ සඞ්ඝං අපලොකෙතුං භණ්ඩුකම්මාය” යන මෙහිදී වර්‍ණනා කරන්නෙමු. ඉඩ ඇත්තේ නම් තමන් විසින් පැවිදි කටයුතුය. උදෙසීම් පිළිවිසීම් ආදියෙහි ව්‍යවෘත වූයේ ඉඩ නොලබානම් එක් දහර මහණක්හට ‘මොහු පැවිදි කරවා’යි කියයුතුය. නොකියූයේ නමුදු ඒ දහර මහණතෙමේ උපාද්ධ්‍යායයා උදෙසා පැවිදි කෙරේනම් වරද නැත. ඉදින් දහර මහණෙක් නැත්තේද, හෙරණක්හට නමුදු මොහු ඛණ්ඩ සීමාවට ගෙණගොස් පැවිදිකොට කසටවත් හන්දවා එව’යි කියයුතුය. සරණය වනාහි තමන් විසින් දිය යුතුය. මෙසේ කළ කල්හි මහණහු විසින්ම පැවිදි කරණ ලද්දේ වේ. මහණුන්ගෙන් අන්‍යයෙක් පුරුෂයකු පැවිදි කරන්නට නොලබයි. මෙහෙණන්ගෙන් අන්‍යයෙක් මාගමක පැවිදි කිරීම නොලබයි. හෙරණෙක් හෝ හෙරණියක් හෝ ආණත්තියෙන් කසටවත් දීම ලබයි. හිසකෙස් බැම යම් කිසිවකු විසින් කරණ ලද්දේ මනාකොට කරණ ලද්දේම වේ.

සචෙ පන භබ‍්බරූපො හොති සහෙතුකො ඤාතො යසස‍්සී කුලපුත‍්තො, ඔකාසං කත්‍වාපි සයමෙව පබ‍්බාජෙතබ‍්බො. “මත‍්තිකාමුට‍්ඨිං ගහෙත්‍වා න‍්හායිත්‍වා කෙසෙ තෙමෙත්‍වා ආගච‍්ඡාහී”ති ච පන න විස‍්සජ‍්ජෙතබ‍්බො. පබ‍්බජිතුකාමානඤ‍්හි පඨමං බලවඋස‍්සාහො හොති, පච‍්ඡා පන කාසායානි ච කෙසහරණසත්‍ථකඤ‍්ච දිස‍්වා උත්‍රසන‍්ති, එත‍්තොයෙව පලායන‍්ති, තස‍්මා සයමෙව නහානතිත්‍ථං නෙත්‍වා සචෙ නාතිදහරො හොති, “නහාහී”ති වත‍්තබ‍්බො. කෙසා පනස‍්ස සයමෙව මත‍්තිකං ගහෙත්‍වා ධොවිතබ‍්බා. දහරකුමාරකො පන සයං උදකං ඔතරිත්‍වා ගොමයමත‍්තිකාහි ඝංසිත්‍වා නහාපෙතබ‍්බො. සචෙපිස‍්ස කච‍්ඡු වා පිළකා වා හොන‍්ති, යථා මාතා පුත‍්තං න ජිගුච‍්ඡති , එවමෙව අජිගුච‍්ඡන‍්තෙන සාධුකං හත්‍ථපාදසීසානි ඝංසිත්‍වා නහාපෙතබ‍්බො. කස‍්මා? එත‍්තකෙන හි උපකාරෙන කුලපුත‍්තා ආචරියුපජ‍්ඣායෙසු ච සාසනෙ ච බලවසිනෙහා තිබ‍්බගාරවා අනිවත‍්තිධම‍්මා හොන‍්ති, උප‍්පන‍්නං අනභිරතිං විනොදෙත්‍වා ථෙරභාවං පාපුණන‍්ති, කතඤ‍්ඤූ කතවෙදිනො හොන‍්ති.

ඉදින් භව්‍යරූප ඇත්තාවූ හෙතු සහිත වූ ප්‍රසිද්ධ වූ යශස් ඇති කුලපුත්‍රයෙක්වේද, හෙතෙමේ ඉඩ ගෙන තමන් විසින්ම පැවිදි කටයුතුය. ‘මැටිමිටක් ගෙන ස්නානයකොට කෙස් තෙමාගෙන එව’යි කියාද, නොහැරිය යුතුය. පැවිදිවනු කැමැත්තන්ට වනාහි පළමුකොට බලවත් උත්සාහයක් වේ. පසුව කසටවත්ද කෙස් සිඳින කරයද දැක බියට පැමිණෙත්, තැතිගනිත්. මෙපමණකින්ම පැනයෙත්, එහෙයින් තමන් විසින් නානතොටට පමුණුවා ඉතා ලදරුවෙක් නොවේනම්, ස්නානය කරව’යි කියයුතුය. මොහුගේ කෙස් තමන් විසින්ම මැටිගෙන සේදිය යුතුය. දහරකුමාර තෙමේ තමන් විසින් දියට බැස ගොමින් හා මැටියෙන් ගටා නෑවිය යුතුය. ඉදින් මොහුට කැසීම් හෝ පිළිකා හෝ වේද, මවුතොමෝ පුතුට යම්සේ පිළිකුල් නොකෙරේද, එපරිද්දෙන් පිළිකුල් නොකරන්නහු විසින් මනාකොට අත්පා හිස පටන් ගටගටා නෑවිය යුතුය. කුමක්හෙයින යත්: මෙපමණක්ම උපකාරයෙන් කුලපුත්‍රයෝ ආචාර්‍ය්‍යොපාද්ධ්‍යයයන් කෙරෙහිද ශාසනයෙහිද බලවත් ස්නේහ ඇත්තාහු, දැඩි ගෞරව ඇත්තාහු, නොනවතින සැහැවි ඇත්තාහු වෙත්. උපන් අනභිරතිය දුරුකොට තෙරබවට පැමිණෙත්. කෘතඥ කෘතවේදීහු වෙත්.

එවං නහාපනකාලෙ පන කෙසමස‍්සුං ඔරොපනකාලෙ වා “ත්‍වං ඤාතො යසස‍්සී, ඉදානි මයං තං නිස‍්සාය පච‍්චයෙහි න කිලමිස‍්සාමා”ති න වත‍්තබ‍්බො, අඤ‍්ඤාපි අනිය්‍යානිකකථා න කථෙතබ‍්බා. අථ ඛ‍්වස‍්ස “ආවුසො, සුට‍්ඨු උපධාරෙහි සතිං උපට‍්ඨාපෙහී”ති වත්‍වා තචපඤ‍්චකකම‍්මට‍්ඨානං ආචික‍්ඛිතබ‍්බං, ආචික‍්ඛන‍්තෙන ච වණ‍්ණසණ‍්ඨානගන්‍ධාසයොකාසවසෙන අසුචිජෙගුච‍්ඡපටිකූලභාවං නිජ‍්ජීවනිස‍්සත‍්තභාවං වා පාකටං කරොන‍්තෙන ආචික‍්ඛිතබ‍්බං. සචෙ හි සො පුබ‍්බෙ මද‍්දිතසඞ‍්ඛාරො හොති භාවිතභාවනො, කණ‍්ටකවෙධාපෙක‍්ඛො විය පරිපක‍්කගණ‍්ඩො, සූරියුග‍්ගමනාපෙක‍්ඛං විය ච පරිණතපදුමං, අථස‍්ස ආරද‍්ධමත‍්තෙ කම‍්මට‍්ඨානමනසිකාරෙ ඉන්‍දාසනි විය පබ‍්බතෙ කිලෙසපබ‍්බතෙ චුණ‍්ණයමානංයෙව ඤාණං පවත‍්තති, ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණාති. යෙ හි කෙචි ඛුරග‍්ගෙ අරහත‍්තං පත‍්තා, සබ‍්බෙ තෙ එවරූපං සවනං ලභිත්‍වා කල්‍යාණමිත‍්තෙන ආචරියෙන දින‍්නනයං නිස‍්සාය නො අනිස‍්සාය. තස‍්මාස‍්ස ආදිතොව එවරූපී කථා කථෙතබ‍්බාති.

මෙසේ නාවන කල්හි හෝ හිසරැවුලු හරණකල්හි හෝ ‘තෝ ප්‍රසිද්ධයෙහි, යශස් ඇතියෙහි, දැන් අපි තා නිසා ප්‍රත්‍යයයෙන් ක්ලාන්ත නොවන්නෙමුයි නොකිය යුතුය. අනිකුදු නිවන් පිණිස නොපවත්නා කථා නොකිය යුතුය. ඉක්බිති මොහුට ‘ඇවැත’ මනාකොට පරීක්‍ෂා කරව, සිහිය එළවාලව’යි කියා තචපඤ්චකකර්‍මස්ථානය කියයුතුය. කියන්නහු විසින්ද වණ්ණ-සණ්ඨාන-ගන්‍ධ-ආසය-ඔකාස වසයෙන් අසුචිජෙගුච්ඡ පටික්කූලභාවය-නිජ්ජීවනිස්සත්තභාවය හෝ ප්‍රකට කරන්නහු විසින් කියයුතුය. ඉදින් හෙතෙමේ පෙර බුද්ධොත්පාදයන්හි කටුවෙන් විදීම බලාපොරොත්තුවන පැසුනු ගඩක් මෙන්, හිරුගේ උදාවීම බලාපොරොත්තුවන මේරූ පියුමක් මෙන් විදර්‍ශනා වශයෙන් පිරිමැදි සංස්කාර ඇත්තේවේද, වැඩූ භාවනා ඇත්තේවේද, එකල්හි මොහුගේ කර්‍මස්ථාන මනස්කාරය ඇරඹූ ඇසිල්ලෙහි පර්‍වතයෙහි ඉඳුහෙන මෙන්, කෙලෙස් පර්‍වත සුණු කරමින්ම ඥානය පවත්නේය. කරකම් අඞ්ගම රහත්බවට පැමිණෙන්නේය. යම්කිසි කෙනෙක් කරකම් අඞ්ග රහත්බවට පැමිණියාහුද, ඒ සියල්ලෝ මෙබඳු ශ්‍රවණය ලබා කල්‍යාණමිත්‍ර වූ ආචාර්‍ය්‍යකු විසින් දුන්නය නිසා රහත්බවට පැමිණෙන්නේය. දුන්නය ඇසුරු නොකොට රහත්බවට නොපැමිණෙන්නේය. එහෙයින් මොහුට ආදියෙහිම මෙබඳු කථා කියයුතුය.

කෙසෙසු පන ඔරොපිතෙසු හලිද‍්දිචුණ‍්ණෙන වා ගන්‍ධචුණ‍්ණෙන වා සීසඤ‍්ච සරීරඤ‍්ච උබ‍්බට‍්ටෙත්‍වා ගිහිගන්‍ධං අපනෙත්‍වා කාසායානි තික‍්ඛත‍්තුං වා ද‍්වික‍්ඛත‍්තුං වා සකිං වා පටිග‍්ගාහෙතබ‍්බො. අථාපිස‍්ස හත්‍ථෙ අදත්‍වා ආචරියො වා උපජ‍්ඣායො වා සයමෙව අච‍්ඡාදෙති, වට‍්ටති. සචෙපි අඤ‍්ඤං දහරං වා සාමණෙරං වා උපාසකං වා ආණාපෙති “ආවුසො, එතානි කාසායානි ගහෙත්‍වා එතං අච‍්ඡාදෙහී”ති තංයෙව වා ආණාපෙති “එතානි ගහෙත්‍වා අච‍්ඡාදෙහී”ති සබ‍්බං වට‍්ටති. සබ‍්බං තෙන භික‍්ඛුනාව දින‍්නං හොති.

කෙස් බෑ කල්හි වනාහි කසාසුණෙන් හෝ සුවඳසුණෙන් හෝ හිසද සිරුරද උළා ගිහිගඳ පහකොට කසටවත් තෙවරක් හෝ දෙවරක් හෝ පිළිගැන්විය යුතුය. තවද ආචාර්‍ය්‍යයා හෝ උපාද්ධ්‍යායයා හෝ මොහුගේ අතට නොදී තෙමේම අන්දවාද, වටියි. අන් දහරක්හට හෝ හෙරණක්හට හෝ උපාසකයෙකුහට හෝ ‘ඇවත’ මේ කසටවත් ගෙන මොහුට අන්දව’යි අණවාද, මේ කසටවත් ගෙන ඇඳගනුව’යි ඔහුට හෝ අණවාද, ඒ සියල්ල සුදුසු වේ. සියල්ල ඒ මහණහු විසින් දෙන ලද්දේ වේ.

යං පන නිවාසනං වා පාරුපනං වා අනාණත‍්තියා නිවාසෙති වා පාරුපති වා, තං අපනෙත්‍වා පුන දාතබ‍්බං. භික‍්ඛුනා හි සහත්‍ථෙන වා ආණත‍්තියා වා දින‍්නමෙව කාසාවං වට‍්ටති, අදින‍්නං න වට‍්ටති, සචෙපි තස‍්සෙව සන‍්තකං හොති, කො පන වාදො උපජ‍්ඣායමූලකෙ! අයං “පඨමං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදාපෙත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කාරාපෙත්‍වා”ති එත්‍ථ විනිච‍්ඡයො.

යම් නිවාසනයක් හෝ පාරුපනයක් හෝ නොඇණවීමෙන් හැඳීම හෝ කෙරේද, පෙරවීම හෝ කෙරේද, එය පහකොට නැවත දියයුතුය. මහණහු විසින් සියතින් හෝ අණින් හෝ දෙන ලද්දාවූම කසාවත සුදුසු වේ. නොදුන්නක් නොවටියි. ඉදින් ඔහුටම අයත් වූවෙක්වේද, උපාද්ධ්‍යායයා මුල්කොට ඇති සිවුරෙහි කියනු කවරේද, මේ “පඨමං කෙසමස්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච්ඡාදෙත්‍වා එකංසං උත්තරාසඞ්ඝං කාරාපෙත්‍වා” යන මෙහි විනිශ්චයයි.

භික‍්ඛූනං පාදෙ වන්‍දාපෙත්‍වාති යෙ තත්‍ථ සන‍්නිපතිතා භික‍්ඛූ, තෙසං පාදෙ වන්‍දාපෙත්‍වා; අථ සරණග‍්ගහණත්‍ථං උක‍්කුටිකං නිසීදාපෙත්‍වා අඤ‍්ජලිං පග‍්ගණ‍්හාපෙත්‍වා එවං වදෙහීති වත‍්තබ‍්බො. “යමහං වදාමි, තං වදෙහී”ති වත‍්තබ‍්බො. අථස‍්ස උපජ‍්ඣායෙන වා ආචරියෙන වා “බුද‍්ධං සරණං ගච‍්ඡාමී”තිආදිනා නයෙන සරණානි දාතබ‍්බානි යථාවුත‍්තපටිපාටියාව න උප‍්පටිපාටියා. සචෙ හි එකපදම‍්පි එකක‍්ඛරම‍්පි උප‍්පටිපාටියා දෙති, බුද‍්ධං සරණංයෙව වා තික‍්ඛත‍්තුං දත්‍වා පුන ඉතරෙසු එකෙකං තික‍්ඛත‍්තුං දෙති, අදින‍්නානි හොන‍්ති සරණානි.

“භික්‍ඛූනං පාදෙ වන්‍දාපෙත්‍වා” එහි රැස්වූ යම් භික්‍ෂූහු වෙත්ද, ඒ භික්‍ෂූන්ගේ පා වන්දවා, නැවත සරණ ගැනීම පිණිස උළුලුයෙන් හිඳුවා, ඇඳිලි ගන්වා මෙසේ කියවායි කියයුතුය. ‘මම යමක් කියම්ද එය කියවායි කියයුතුය. නැවත මොහුගේ උපාද්ධ්‍යයයා විසින් හෝ ආචාර්‍ය්‍යයා විසින් හෝ “බුද්ධං සරණං ගච්ඡාමි” යනාදි නයින් කියූ පිළිවෙළින්ම සරණ දියයුතුය. උපළිවෙළින් හෙවත් පද පිළිවෙළ වරදවා නොදිය යුතුය. ඉදින් එක් පදයක් නමුදු එක් අකුරක් නමුදු පද පිළිවෙළ වරදවා දේද, බුදුසරණම හෝ තෙවරක් දී නැවත අන්‍යයන් අතුරෙහි එක එක තෙවරක් දේද, සරණ නොදුන්නේම වේ.

ඉමඤ‍්ච පන සරණගමනූපසම‍්පදං පටික‍්ඛිපිත්‍වා අනුඤ‍්ඤාතඋපසම‍්පදා එකතො සුද‍්ධියා වට‍්ටති. සාමණෙරපබ‍්බජ‍්ජා පන උභතොසුද‍්ධියාව වට‍්ටති, නො එකතො සුද‍්ධියා. තස‍්මා උපසම‍්පදාය සචෙ ආචරියො ඤත‍්තිදොසඤ‍්චෙව කම‍්මවාචාදොසඤ‍්ච වජ‍්ජෙත්‍වා කම‍්මං කරොති, සුකතං හොති. පබ‍්බජ‍්ජාය පන ඉමානි තීණි සරණානි බුකාරධකාරාදීනං බ්‍යඤ‍්ජනානං ඨානකරණසම‍්පදං අහාපෙන‍්තෙනෙව ආචරියෙනපි අන‍්තෙවාසිකෙනපි වත‍්තබ‍්බානි. සචෙ ආචරියො වත‍්තුං සක‍්කොති, අන‍්තෙවාසිකො න සක‍්කොති; අන‍්තෙවාසිකො වා සක‍්කොති, ආචරියො න සක‍්කොති; උභොපි වා න සක‍්කොන‍්ති, න වට‍්ටති. සචෙ පන උභොපි සක‍්කොන‍්ති, වට‍්ටති.

මේ සරණගමනූපසම්පදාව ප්‍රතික්‍ෂෙපකොට, ඤත්තිචතුත්‍ථ කර්‍මයෙන් අනුඥාත උපසම්පදා කර්‍මවාචකාචාර්‍ය්‍යයා විසින් සිථිල ධනිතාදි දශවිධ ව්‍යඤ්ජන නොපිරිහෙලා කීමෙන් වටියි. හෙරණ පැවිද්ද වනාහි උභතො ශුද්ධියෙන් හෙවත් පැවිදි වන්නහුගේද පැවිදි කරවන්නහුගේද යන දෙදෙනාගේ අක්‍ෂරශුද්ධියෙන්ම කටයුතුය. එකතොශුද්ධියෙන් නොකටයුතුය. එහෙයින් උපසම්පදාවෙහි ආචාර්‍ය්‍යතෙමේ ඥප්තිදොෂයද කර්‍මවාක්‍යදොෂයද හැර කර්‍මය කෙරේද එය මැනවින් කරණ ලද්දේ වේ. ප්‍රව්‍රජ්‍යාවෙහි මේ ත්‍රිවිධශරණය බුකාරධකාරාදීවූ ව්‍යඤ්ජනයන්ගේ ස්ථානකරණ සම්පත්තිය නොපිරිහෙලන්නාවූම ආචාර්‍ය්‍යයා විසින්ද අතවැස්සා විසින්ද කියයුතුය. ආචාර්‍ය්‍යතෙමේ කියන්නට හැක්කේවේද, අතවැසිතෙමේ කියන්නට නොහැක්කේද, අතවැසි තෙමේ හෝ කියන්නට හැක්කේවේද, ආචාර්‍ය්‍යතෙමේ කියන්නට නොහැක්කේවේද, දෙදෙනාම හෝ කියන්නට නොහැකිවෙත්ද, ඒ නොසුදුසුය. ඉදින් දෙදෙනාම කීමෙහි සමර්‍ත්‍ථවත් නම්, ඒ සුදුසු වේ.

ඉමානි ච පන දදමානෙන “බුද‍්ධං සරණං ගච‍්ඡාමී”ති එවං එකසම‍්බන්‍ධානි අනුනාසිකන‍්තානි වා කත්‍වා දාතබ‍්බානි, “බුද‍්ධං සරණං ගච‍්ඡාමී”ති එවං විච‍්ඡින්‍දිත්‍වා මකාරන‍්තානි වා කත්‍වා දාතබ‍්බානි. අන්‍ධකට‍්ඨකථායං නාමං සාවෙත්‍වා “අහං භන‍්තෙ බුද‍්ධරක‍්ඛිතො යාවජීවං බුද‍්ධං සරණං ගච‍්ඡාමී”ති වුත‍්තං, තං එකඅට‍්ඨකථායම‍්පි නත්‍ථි, පාළියම‍්පි න වුත‍්තං, තෙසං රුචිමත‍්තමෙව, තස‍්මා න ගහෙතබ‍්බං. න හි තථා අවදන‍්තස‍්ස සරණං කුප‍්පතීති.

මේ සරණ දෙන්නහු විසින් “බුද්ධං සරණං ගච්ඡාමි”යි මෙසේ එක සම්බන්‍ධකොට හෝ අනුනාසිකාන්තකොට හෝ දියයුතුය. “බුද්ධම් සරණම් ගච්ඡාමි”යි මෙසේ විච්ඡෙදකොට මකාරාන්තකොට හෝ දියයුතුය. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි නම අස්වා, “අහම්භන්තෙ බුද්ධ රක්‍ඛිතො යාවජීවං බුද්ධං සරණං ගච්ඡාමී“යි කියනලදී. ඒකීම එක් අටුවාවක්හිද නැත්තේය. පෙළෙහිද නොකියන ලදය. ඒ ඔවුන්ගේ රුචිමාත්‍රයෙක්මය. එහෙයින් නොගතයුත්තේය. “අහම්භන්තෙ බුද්ධරක්‍ඛිතො” යනාදිය එසේ නොකියන්නහුගේ සරණය නොකිපේයයි දතයුතුය.

අනුජානාමි භික‍්ඛවෙ ඉමෙහි තීහි සරණගමනෙහි පබ‍්බජ‍්ජං උපසම‍්පදන‍්ති ඉමෙහි බුද‍්ධං සරණං ගච‍්ඡාමීතිආදීහි එවං තික‍්ඛත‍්තුං උභතොසුද‍්ධියා වුත‍්තෙහි තීහි සරණගමනෙහි පබ‍්බජ‍්ජඤ‍්චෙව උපසම‍්පදඤ‍්ච අනුජානාමීති අත්‍ථො. තත්‍ථ යස‍්මා උපසම‍්පදා පරතො පටික‍්ඛිත‍්තා, තස‍්මා සා එතරහි සරණමත‍්තෙනෙව න රුහති. පබ‍්බජ‍්ජා පන යස‍්මා පරතො “අනුජානාමි, භික‍්ඛවෙ, ඉමෙහි තීහි සරණගමනෙහි සාමණෙරපබ‍්බජ‍්ජ”න‍්ති අනුඤ‍්ඤාතා එව, තස‍්මා සා එතරහිපි සරණමත‍්තෙනෙව රුහති. එත‍්තාවතා හි සාමණෙරභූමියං පතිට‍්ඨිතො හොති.

“අනුජානාමි භික්‍ඛවෙ ඉමෙහි තීහි සරණගමනෙහි පබ්බජ්ජං උපසම්පදං” යන මේ “බුද්ධං සරණං ගච්ඡාමි” යනාදියෙන් මෙසේ තෙවරක් උභතො සුද්ධියෙන් කියනලද තිසරණ ගමනින් ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද අනුදනිමි යන අර්‍ත්‍ථයි. එහි යම්හෙයකින් පසුභාගයෙහි වළකන ලදද, එහෙයින් ඕතොමෝ දැන් සරණයෑම් පමණින්ම රූහණය නොවේ. ප්‍රව්‍රජ්‍යා තොමෝ වනාහි යම්හෙයකින් පසුභාගයෙහි “අනුජානාමි භික්‍ඛවෙ ඉමෙහි තීහි සරණගමනෙහි සාමණෙරපබ්බජ්ජං”යි අනුදන්නා ලද්දීමවේද, එහෙයින් ඕතොමෝ දැනුදු සරණයෑම් පමණින්ම රූහණය වේ. මෙපමණකින් වනාහි සාමණේර භූමියෙහි පිහිටියේ වේ.

සචෙ පනෙස මතිමා හොති පණ‍්ඩිතජාතිකො, අථස‍්ස තස‍්මිංයෙව ඨානෙ සික‍්ඛාපදානි උද‍්දිසිතබ‍්බානි. කථං? යථා භගවතා උද‍්දිට‍්ඨානි. වුත‍්තඤ‍්හෙතං –

ඉදින් මෙතෙමේ නුවණැත්තේවේද, පණ්ඩිත ස්වභාව ඇත්තේවේද, එකල්හි මොහුට එතැන්හිම පණ්ඩිත ස්වභාව ඇත්තේවේද, එකල්හි මොහුට එතැන්හිම ශික්‍ෂාපද උදෙසිය යුතුය. කියේද, යත්: යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්

“අනුජානාමි , භික‍්ඛවෙ, සාමණෙරානං දස සික‍්ඛාපදානි, තෙසු ච සාමණෙරෙහි සික‍්ඛිතුං. පාණාතිපාතා වෙරමණී, අදින‍්නාදානා වෙරමණී, අබ්‍රහ‍්මචරියා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණී, විකාලභොජනා වෙරමණී, නච‍්චගීතවාදිතවිසූකදස‍්සනා වෙරමණී, මාලාගන්‍ධවිලෙපනධාරණමණ‍්ඩනවිභූසනට‍්ඨානා වෙරමණී, උච‍්චාසයනමහාසයනා වෙරමණී, ජාතරූපරජතපටිග‍්ගහණා වෙරමණී”ති (මහාව· 106).

“අනුජානාමි භික්‍ඛවෙ සාමණෙරානං දස සික්‍ඛාපදානි තෙසුව සාමණෙරෙහි සික්‍ඛිතුං, පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, අබ්‍රහ්මචරියා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී, විකලභොජනා වෙරමණී, නච්චගීතවාදිතවිසූකදස්සනා වෙරමණී, මාලාගන්‍ධ විලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා වෙරමණී, උච්චාසයනමහාසයනා වෙරමණී, ජාතරූපරජතපටිග්ගහණා වෙරමණීයි උදෙසන ලදහයි මෙය කියන ලද්දේය.

අන්‍ධකට‍්ඨකථායං පන “අහං, භන‍්තෙ, ඉත්‍ථන‍්නාමො යාවජීවං පාණාතිපාතා වෙරමණිසික‍්ඛාපදං සමාදියාමී”ති එවං සරණදානං විය සික‍්ඛාපදදානම‍්පි වුත‍්තං, තං නෙව පාළියං න අට‍්ඨකථාසු අත්‍ථි, තස‍්මා යථාපාළියාව උද‍්දිසිතබ‍්බානි. පබ‍්බජ‍්ජා හි සරණගමනෙහෙව සිද‍්ධා, සික‍්ඛාපදානි පන කෙවලං සික‍්ඛාපරිපූරණත්‍ථං ජානිතබ‍්බානි. තස‍්මා තානි පාළියං ආගතනයෙන උග‍්ගහෙතුං අසක‍්කොන‍්තස‍්ස යාය කායචි භාසාය අත්‍ථවසෙනපි ආචික‍්ඛිතුං වට‍්ටති. යාව පන අත‍්තනා සික‍්ඛිතබ‍්බසික‍්ඛාපදානි න ජානාති, සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණට‍්ඨානනිසජ‍්ජාදීසු පානභොජනාදිවිධිම‍්හි ච න කුසලො හොති, තාව භොජනසාලං වා සලාකභාජනට‍්ඨානං වා අඤ‍්ඤං වා තථාරූපට‍්ඨානං න පෙසෙතබ‍්බො, සන‍්තිකාවචරොයෙව කාතබ‍්බො, බාලදාරකො විය පටිජග‍්ගිතබ‍්බො, සබ‍්බමස‍්ස කප‍්පියාකප‍්පියං ආචික‍්ඛිතබ‍්බං, නිවාසනපාරුපනාදීසු ආභිසමාචාරිකෙසු විනෙතබ‍්බො. තෙනාපි “අනුජානාමි, භික‍්ඛවෙ, දසහඞ‍්ගෙහි සමන‍්නාගතං සාමණෙරං නාසෙතු”න‍්ති (මහාව· 108) එවං පරතො වුත‍්තානි දස නාසනඞ‍්ගානි ආරකා පරිවජ‍්ජෙත්‍වා ආභිසමාචාරිකං පරිපූරෙන‍්තෙන දසවිධෙ සීලෙ සාධුකං සික‍්ඛිතබ‍්බන‍්ති.

අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘අහම්භන්තෙ ඉත්‍ථන්නාමො යාවජීවං පාණාතිපාතා වෙරමණී සික්‍ඛාපදං සමාදියාමි’යි මෙසේ සරණදීම මෙන් ශික්‍ෂාපද දීම ද කියන ලදී. එය පෙළෙහි නැත්තේමය. අටුවාවන්හිද නැත්තේය. එහෙයින් පෙළ පරිද්දෙන්ම උදෙසිය යුතුය. ප්‍රව්‍රජ්‍යා තොමෝ වනාහි සරණගමනයෙන්ම සිද්ධය. ශික්‍ෂාපද හුදෙක් ශික්‍ෂාපරිපුරණය පිණිස දැනගත යුතුය. එහෙයින් ඒ ශික්‍ෂාපද පෙළෙහි ආ නයින් ඉගෙණීමට නොහැක්කහුට, යම්කිසි භාෂාවකින් අර්‍ත්‍ථ වශයෙනුදු කීම නිදොස් වේ. තමන් විසින් හික්මිය යුතු ශික්‍ෂාපද යම්තාක් නොදනීද, සඟළ සිවුරු, පාසිවුරු දැරීම් සිටීම් ඉදීම් ආදී තන්හිද, පානභොජනාදි විධියෙහිද දක්‍ෂ නොවේද? ඒතාක් බොජුන්හලකට හෝ ලහබෙදන තැනකට හෝ අන්‍යවූ හෝ එබඳු තැනකට නොයැවිය යුතුය. ලඟ හැසිරෙන්නෙක්ම කටයුතුය. කුඩාදරුවෙකු මෙන් පිළිදැගිය යුතුය. මොහුට සියලු කැප අකැප කියයුතුය. හැඳීම් පෙරවීම් ආදීවූ ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍ර ශික්‍ෂාපදයන්හි හික්මවිය යුතුය. “අනුජානාමි භික්‍ඛවෙ දසහඞ්ගෙහි සමන්නාගතං සාමණෙරං නාසෙතුං” එහෙයින් වදාරණ ලදී. මෙසේ පසුභාගයෙහි කියූ දසනාසනාඞ්ග දුරින් දුරුකර හැර, ආභිසමාචාරිකය පුරන්නහු විසින් දශවිධ ශීලයෙහි මැනවින් හික්මිය යුතුය.

පබ‍්බජ‍්ජාකථා නිට‍්ඨිතා.

ප්‍රව්‍රජ්‍යාවිනිශ්චය නිමියේය.