යෙදුමෙන් කියවන්න

දුතියමාරකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

දුතියමාරකථා

දුතියමාරකථා

මය‍්හං ඛො භික‍්ඛවෙති මයා ඛොති අත්‍ථො. අථ වා යො මය‍්හං යොනිසො මනසිකාරො, තෙන හෙතුනාති අත්‍ථො. පුන අනුප‍්පත‍්තාති එත්‍ථ විභත‍්තිං පරිණාමෙත්‍වා මයාති වත‍්තබ‍්බං.

“මය්හං ඛො භික්‍ඛවෙ” මා විසින් යන අර්‍ත්‍ථයි නොහොත් මාගේ යම් යොනිසො මනසිකාරයක් වේද, ඒ හෙතුවෙන් යන අර්‍ත්‍ථයි නැවත “අනුප්පත්තා” යන මෙහි විභක්ති විපර්‍ය්‍යාසයකොට ‘මයා’යි කියයුතුය.

දුතියමාරකථා නිට‍්ඨිතා.

භද‍්දවග‍්ගියකථා

භද්දවග්ගියකථා

භද‍්දවග‍්ගියාති තෙ කිර රාජකුමාරා රූපෙන ච චිත‍්තෙන ච භද‍්දකා වග‍්ගබන්‍ධෙන ච විචරන‍්ති, තස‍්මා “භද‍්දවග‍්ගියා”ති වුච‍්චන‍්ති. තෙන හි වොති එත්‍ථ වොකාරො නිපාතමත‍්තො. ධම‍්මචක‍්ඛුං උදපාදීති කෙසඤ‍්චි සොතාපත‍්තිමග‍්ගො, කෙසඤ‍්චි සකදාගාමිමග‍්ගො, කෙසඤ‍්චි අනාගාමිමග‍්ගො උදපාදි. තයොපි හි එතෙ මග‍්ගා “ධම‍්මචක‍්ඛූ”ති වුච‍්චන‍්ති. තෙ කිර තුණ‍්ඩිලජාතකෙ තිංසධුත‍්තා අහෙසුං, අථ තුණ‍්ඩිලොවාදං සුත්‍වා පඤ‍්චසීලානි රක‍්ඛිංසු; ඉදං නෙසං පුබ‍්බකම‍්මං.

“භද්දවග්ගියා” ඒ රදකුමරහු රූපයෙන්ද චිත්තයෙන්ද යහපත්වූවාහු වර්‍ගබන්‍ධනයෙන්ම හැසිරෙති. එහෙයින් ඔවුහු භද්දවග්ගියයි කියනු ලැබෙත්. “තෙන හි වො” මෙහි වොකාරය නිපාතමාත්‍රයෙකි. “ධම්මචක්‍ඛුං උදපාදි” ඒ භද්දවග්ගිකයන් අතුරෙහි කිසිවෙකුට සෝවාන්මග, කිසිවෙකුට සෙදගැමිමග, කිසිවෙකුට අනගැමිමග පහළවූයේය. මේ ත්‍රිවිධ මාර්‍ගයෝම ධර්‍මචක්‍ෂුයැයි කියනු ලැබෙත්. තිසක් පමණ වූ ඒ භද්දවග්ගිකයෝ තුණ්ඩිල ජාතකයෙහි ධූර්‍තයෝ තිස් දෙනෙක් වූහ. එකල්හි තුණ්ඩිලොවාදය අසා පන්සිල් රැකියහ. මේ ඔවුන්ගේ පූර්‍වකර්‍මයයි.

භද‍්දවග‍්ගියකථා නිට‍්ඨිතා.

උරුවෙලපාටිහාරියකථා

උරුවෙලපාටිහාරියකථා

පමුඛොති පුබ‍්බඞ‍්ගමො. පාමොක‍්ඛොති උත‍්තමො විසුද‍්ධපඤ‍්ඤො.

“පමුඛො” පූර්‍වඞ්ගමය. “පාමොක්‍ඛො” උතුම්ය. වෙසෙසින් පිරිසිදුවූ නුවණැත්තේය.

අනුපහච‍්චාති අවිනාසෙත්‍වා. තෙජසා තෙජන‍්ති අත‍්තනො තෙජෙන නාගස‍්ස තෙජං. පරියාදියෙය්‍යන‍්ති අභිභවෙය්‍යං, විනාසෙය්‍යං වාති. මක‍්ඛන‍්ති කොධං. නත්‍වෙව ච ඛො අරහා යථා අහන‍්ති අත‍්තානං “අරහා අහ”න‍්ති මඤ‍්ඤමානො වදති.

“අනුපහච්ච” නොනසා. “තෙජසා තෙජං” තමන්ගේ තෙජසින් නාරජුගේ තේජස. “පරියාදියෙය්‍යං” මැඩ පවත්වන්නෙම් නම්, නසන්නෙම් නම් හෝ “මක්‍ඛං” කොපය. “නත්‍වෙව ච ඛො අරභා යථා අහං” තමා මම රහත්මියි හඟිමින් කියායි.

නෙරඤ‍්ජරායං භගවාතිආදිකා ගාථායො පච‍්ඡා පක‍්ඛිත‍්තා.

“තෙරඤ්ජරායං භගවා” යනාදි ගාථා පසුව බහන ලදහ.

විස‍්සජ‍්ජෙය්‍යන‍්ති සුක‍්ඛාපනත්‍ථාය පසාරෙත්‍වා ඨපෙය්‍යන‍්ති අත්‍ථො. “භන‍්තෙ ආහර හත්‍ථ”න‍්ති එවං වදන‍්තො විය ඔණතොති ආහරහත්‍ථො. උය්‍යොජෙත්‍වාති විස‍්සජ‍්ජෙත්‍වා. මන්‍දාමුඛියොති අග‍්ගිභාජනානි වුච‍්චන‍්ති.

“විස්සජ්ජෙය්‍යං” වියලවනු පිණිස. දිග හැර තබන්නෙම් යන අර්‍ත්‍ථයි. “භන්තෙ ආහර හත්‍ථං” මෙසේ කියන්නෙකු මෙන් නැමුනේනුයි. “ආභරහත්‍ථ” නම. “උය්‍යොජෙත්‍වා” පිටත්කොට යවා. “මන්‍දාමුඛියො” ගිනිබඳුන් කියනු ලැබේ.

චිරපටිකාති චිරකාලතො පට‍්ඨාය.

“චිරපටිකා” බොහෝ කලක පටන්.

කෙසමිස‍්සන‍්තිආදීසු කෙසා එව කෙසමිස‍්සං. එස නයො සබ‍්බත්‍ථ. ඛාරිකාජන‍්ති ඛාරිභාරො.

“කෙසමිස්සං” යනාදිතන්හි කේසම කෙසමිස්ස නම. සියලු තන්හි මේනයයි. “ඛාරිකාජං” තවුස් පිරිකරකද.

උරුවෙලපාටිහාරියකථා නිට‍්ඨිතා.

බිම‍්බිසාරසමාගමකථා

බිම්බිසාරසමාගමකථා

ලට‍්ඨිවනෙති තාලුය්‍යානෙ. සුප‍්පතිට‍්ඨෙ චෙතියෙති අඤ‍්ඤතරස‍්මිං වටරුක‍්ඛෙ; තස‍්ස කිරෙතං නාමං. ද‍්වාදසනහුතෙහීති එත්‍ථ එකං නහුතං දසසහස‍්සානි. අජ‍්ඣභාසීති තෙසං කඞ‍්ඛාච‍්ඡෙදනත්‍ථං අභාසි.

“ලට්ඨිවනෙ” තල්උයනෙහි “සුප්පතිට්ඨෙ චෙතියෙ” එක්තරා නුග රුකක. ඒ නුගරුකට මේ නාමය වනාහි. “ද්වාදසනහුතෙහි” මෙහි එක් නහුතයක් දසදහසෙකි. “අජ්ඣභාසි” ඔවුන්ගේ සැක සිඳීම පිණිස වදාළ සේක.

කිසකොවදානොති තාපසචරියාය කිසසරීරත‍්තා “කිසකො”ති ලද‍්ධනාමානං තාපසානං ඔවාදකො අනුසාසකො සමානොති අත්‍ථො. අථ වා සයං කිසකො තාපසො සමානො වදානො ච අඤ‍්ඤෙ ඔවදන‍්තො අනුසාසන‍්තොතිපි අත්‍ථො. කථං පහීනන‍්ති කෙන කාරණෙන පහීනං. ඉදං වුත‍්තං හොති – “ත්‍වං උරුවෙලවාසිඅග‍්ගිපරිචාරකානං තාපසානං සයං ඔවාදාචරියො සමානො කිං දිස‍්වා පහාසි, පුච‍්ඡාමි තං එතමත්‍ථං කෙන කාරණෙන තව අග‍්ගිහුත‍්තං පහීන”න‍්ති.

“කිසකොවදානො” තාපස චර්‍ය්‍යාවෙන් කෘශ වූ ශරීර ඇති බැවින් කිසකයි ලැබූ නම් ඇති තවුසන්ට අවවාද දෙන්නෙක. අනුශානා කරන්නෙක යන අර්‍ත්‍ථයි. නොහොත් තෙමේ කෘශ තවුසෙක් වූයේ අන්හට අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේය යන අර්‍ත්‍ථයි. “කථං පහීණං” කවර කරුණකින් ප්‍රහීණවූයේද, ‘තෝ උරුවෙල් දනවුවැසි ගිනිදෙවියා පුදන තවුසන්ට තෙමේ අවවාදචාර්‍ය වූයේ කුමක් දැක ගිනි පිදීම අත්හළේදැ’යි මෙය කියන ලද්දේ වේ. “පුච්ඡාමි තං එතමත්‍ථං” කවර කරුණකින් තාගේ ගිනිපිදීම ප්‍රහීණදැයි මේ කරුණ තාගෙන් විචාරමි.

දුතියගාථාය අයමත්‍ථො – එතෙ රූපාදිකෙ කාමෙ ඉත්‍ථියො ච යඤ‍්ඤා අභිවදන‍්ති, ස‍්වාහං එතං සබ‍්බම‍්පි රූපාදිකං කාමප‍්පභෙදං ඛන්‍ධුපධීසු මලන‍්ති ඤත්‍වා යස‍්මා ඉමෙ යිට‍්ඨහුතප‍්පභෙදා යඤ‍්ඤා මලමෙව වදන‍්ති, තස‍්මා න යිට‍්ඨෙ න හුතෙ අරඤ‍්ජිං; යිට‍්ඨෙ වා හුතෙ වා නාභිරමින‍්ති අත්‍ථො.

දෙවන ගාථාවෙහි මේ අර්‍ත්‍ථයි. මේ රූපාදීවූ කාමයන්ද, ස්ත්‍රීන්ද යාගය හෙතුකොට සමෘද්ධයයි කියත්. ඒ මම මේ සියලුම රූපාදී වූ කාමප්‍රභේදය බන්‍ධූපධීන් කෙරෙහි මලයයි දැන, යම්හෙයකින් මේ මහායාගය හා දිනපතා කටයුතු වහ්නිපරිචරණ ප්‍රභෙදවූ යාගහෙතුමලමැයි කියත්. “තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජිං” එහෙයින් මහායාගයෙහි දිනපතා කටයුතු වහ්නි පරිචරණයෙහි නොඇලුනෙමි, යන අර්‍ත්‍ථයි.

තතියගාථාය – අථ කොචරහීති අථ ක්‍වචරහි. සෙසං උත‍්තානමෙව.

තෙවන ගාථාවෙහි “අථ කො චරහි” එසේ ඇති කල්හි කොතැන හැසිරෙහි. සෙස්ස ප්‍රකටමය.

චතුත්‍ථගාථාය – පදන‍්ති නිබ‍්බානපදං. සන‍්තසභාවතාය සන‍්තං. උපධීනං අභාවෙන අනුපධිකං. රාගකිඤ‍්චනාදීනං අභාවෙන අකිඤ‍්චනං. තීසු භවෙසු අලග‍්ගතාය යං කාමභවං යඤ‍්ඤා වදන‍්ති, තස‍්මිම‍්පි කාමභවෙ අසත‍්තං. ජාතිජරාමරණානං අභාවෙන අනඤ‍්ඤථාභාවිං. අත‍්තනා භාවිතෙන මග‍්ගෙනෙව අධිගන‍්තබ‍්බං, න අඤ‍්ඤෙන කෙනචි අධිගමෙතබ‍්බන‍්ති අනඤ‍්ඤනෙය්‍යං. යස‍්මා ඊදිසං පදමද‍්දසං, තස‍්මා න යිට‍්ඨෙ න හුතෙ අරඤ‍්ජිං. තෙන කිං දස‍්සෙති? යො අහං දෙවමනුස‍්සලොකසම‍්පත‍්තිසාධකෙ න යිට‍්ඨෙ න හුතෙ අරඤ‍්ජිං, සො කිං වක‍්ඛාමි “එත්‍ථ නාම මෙ දෙවමනුස‍්සලොකෙ රතො මනො”ති.

සිවුවන ගාථාවෙහි “පදං” යනු නිර්‍වාණපදයයි. ශාන්ත ස්වභාවතායෙන් ශාන්ත නම්, චතුර්විධ උපධීන්ගේ අභාවයෙන් අනුපධික නම්. රාගකිඤ්චනාදීන්ගේ අභාවයෙන් අකිඤ්චන නම්. භවත්‍රයයෙහි නොඇලුනු බැවින් යම් කාමභවයක් යාගැයි කියත්ද, ඒ කාමභවයෙහිද නොඇලුනු ජාතිජරාමරණයන්ගේ අභාවයෙන් අනඤ්ඤථාභාවී නම. තමන් විසින් වැඩූ මාර්‍ගයෙන්ම අවබෝධ කටයුතුය. අන්කිසිවකින් අවබෝධ නොකොට හැකියයි අනඤ්ඤනෙය්‍ය නම. යම්හෙයකින් මෙබඳු නිර්‍වාණපදයක් දුටුයෙම්ද, එහෙයින් මහා යාගයෙහිද දිනපතා කටයුතු පරිචරණයෙහි නොඇලුනෙමි. එයින් කුමක් දක්වන්නේද, යම්බඳුවූ මම දිව්‍යමනුෂ්‍යලොක සම්පත්තිසාධකවූ මහායාගයෙහි නොඇලුනෙම්ද, දිනපතා කටයුතු වහන්නිපරිචරණයෙහි නොඇලුනෙම්ද, එබඳු මම ‘මේ දෙව්මිනිස් ලොවෙහි නම් ඇලුනු සිත් ඇත්තෙම්’යි කීම, කියන්නෙම්ද,

එවං සබ‍්බලොකෙ අනභිරතිභාවං පකාසෙත්‍වා අථ ඛො ආයස‍්මා උරුවෙලකස‍්සපො “සාවකොහමස‍්මී”ති එවං භගවතො සාවකභාවං පකාසෙසි. තඤ‍්ච ඛො ආකාසෙ විවිධානි පාටිහාරියානි දස‍්සෙත්‍වා. ධම‍්මචක‍්ඛුන‍්ති සොතාපත‍්තිමග‍්ගඤාණං.

මෙසේ සියලු ලෙව්හි නොඇලුනුබව පවසා, ඉක්බිති ආයුෂ්මත් උරුවෙලකාශ්‍යප තෙමේ “සාවකොහමස්මි”යි මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකභාවය ප්‍රකාශ කෙළේය. ඒ ප්‍රකාශයද අහසෙහි නොයෙක් පෙළහර දක්වා කෙළේය. “ධම්මචක්‍ඛුං” සෝවන් මග නුවණ.

අස‍්සාසකාති ආසීසනා; පත්‍ථනාති අත්‍ථො. එසාහං භන‍්තෙති එත්‍ථ පන කිඤ‍්චාපි මග‍්ගප‍්පටිවෙධෙනෙවස‍්ස සිද‍්ධං සරණගමනං, තත්‍ථ පන නිච‍්ඡයගමනමෙව ගතො, ඉදානි වාචාය අත‍්තසන‍්නිය්‍යාතනං කරොති. මග‍්ගවසෙනෙවායං නියතසරණතං පත‍්තො, තං පරෙසං වාචාය පාකටං කරොන‍්තො පණිපාතගමනඤ‍්ච ගච‍්ඡන‍්තො එවං වදති.

“අස්සාසකා” ආශිංසනාය. ප්‍රාර්‍ත්‍ථනාය යන අර්‍ත්‍ථයි. “ඵසාහං භන්තෙ” මෙහි වනාහි කිසිසේක් මාර්‍ග ප්‍රතිවෙධයෙන්ම මේ බිම්සර රජහට සිද්ධ වූ සරණගමනයයි. එහි වනාහි නිශ්චය ගමනම ගියේය. දැන් වචනයෙන් ආත්මසන්නිර්‍ය්‍යාතනය කරයි. මාර්‍ගවශයෙන්ම මෙතෙමේ නියත සරණතාවට පැමිණියේය. ඒසරණයට පැමිණි බව වචනයෙන් අන්හට ප්‍රකට කරණුයේ, ප්‍රණපාතගමනද යනුයේ මෙසේ කියයි.

සිඞ‍්ගීනික‍්ඛසවණ‍්ණොති සිඞ‍්ගීසුවණ‍්ණනික‍්ඛෙන සමානවණ‍්ණො. දසවාසොති දසසු අරියවාසෙසු වුත්‍ථවාසො. දසධම‍්මවිදූති දසකම‍්මපථවිදූ. දසභි චුපෙතොති දසහි අසෙක‍්ඛෙහි අඞ‍්ගෙහි උපෙතො. සබ‍්බධිදන‍්තොති සබ‍්බෙසු දන‍්තො; භගවතො හි චක‍්ඛුආදීසු කිඤ‍්චි අදන‍්තං නාම නත්‍ථි.

“සිඞ්ගීනික්‍ඛසවණ්ණො” දඹරන් කාසියක් හා සමාන පැහැ ඇති “දසවාසො” දශවිධ ආර්‍ය්‍යවාසයෙහි වුසූ වාසය ඇති. “දසධම්මවිදූ” දශවිධකර්‍මපථය දන්නාවූ, “දසහිවුපෙතො” දශවිධ අශෛක්‍ෂාඞ්ගයෙන් යුක්තවූ “සබ්බධිදන්තො” සියලු රූපාදියෙහි දැමුනු. භාග්‍යවතුන් වහන්සේගේ වනාහි චක්‍ෂුරාදීන් අතුරෙහි නොදැමුනු කිසිවක් නම් නැත්තේය.

භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං එකමන‍්තං නිසීදීති භගවන‍්තං භුත‍්තවන‍්තං පත‍්තතො ච අපනීතපාණිං සල‍්ලක‍්ඛෙත්‍වා එකස‍්මිං පදෙසෙ නිසීදීති අත්‍ථො. අත්‍ථිකානන‍්ති බුද‍්ධාභිවාදනගමනෙන ච ධම‍්මසවනෙන ච අත්‍ථිකානං. අභික‍්කමනීයන‍්ති අභිගන‍්තුං සක‍්කුණෙය්‍යං. අප‍්පාකිණ‍්ණන‍්ති අනාකිණ‍්ණං. අප‍්පසද‍්දන‍්ති වචනසද‍්දෙන අප‍්පසද‍්දං. අප‍්පනිග‍්ඝොසන‍්ති නගරනිග‍්ඝොසසද‍්දෙන අප‍්පනිග‍්ඝොසං. විජනවාතන‍්ති අනුසඤ‍්චරණජනස‍්ස සරීරවාතෙන විරහිතං. “විජනවාද”න‍්තිපි පාඨො; අන‍්තො ජනවාදෙන රහිතන‍්ති අත්‍ථො. “විජනපාත”න‍්තිපි පාඨො; ජනසඤ‍්චාරවිරහිතන‍්ති අත්‍ථො. මනුස‍්සරාහසෙය්‍යකන‍්ති මනුස‍්සානං රහස‍්සකිරියට‍්ඨානියං. පටිසල‍්ලානසාරුප‍්පන‍්ති විවෙකානුරූපං.

“භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි” වළඳා අවසන්කළ පාත්‍රයෙන්ද බැහැරකළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ ගැන සලකා එක් පෙදෙසෙක හුන්නේය යන අර්‍ත්‍ථයි. “අට්ඨිකානං” බුදුන් වැදීම පිණිස ඊමෙන්ද, දහම් ඇසීමෙන්ද ප්‍රයොජන ඇත්තාවූ. “අභික්‍ඛමනීයං” එළඹෙන්නට හැකිවන්නාවූ. “අප්පකිණ්ණං” ආකීර්‍ණ නොවූ. “අප්පසද්දං” වදන් හඬින් නිහඬ බව ඇති. “අප්පනිග්ඝොසං” නගරනිර්‍ඝොෂ ශබ්දයෙන් ඝෝෂා නැත්තාවූ. “විජනවාතං” ඇතුළත හැසිරෙන ජනයාගේ ශරීර වාතයෙන් තොරවූ. “විජනවාද”යිද පාඨයක් වේ. ඇතුළත ජනවාදවිරහිතවූ යන අර්‍ත්‍ථයි. “විජනපාතං”යිද පාඨයක් වේ. ජනසඤ්චාරවිරහිතවූ, යන අර්‍ත්‍ථයි. “මනුස්සරාහසෙය්‍යකං” මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට සුදුසු වූ “පතිසල්ලානසාරුප්පං” විවෙකයට සුදුසුවූ.

විම‍්විසාරසමාගමකථා නිට‍්ඨිතා.

සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපබ‍්බජ‍්ජාකථා

සාරිපුත්තමොග්ගල්ලානපබ්බජ්ජාකථා

සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති සාරිපුත‍්තො ච මොග‍්ගල‍්ලානො ච. තෙහි කතිකා කතා හොති “යො පඨමං අමතං අධිගච‍්ඡති, සො ආරොචෙතූ”ති තෙ කිර උභොපි ගිහිකාලෙ උපතිස‍්සො කොලිතොති එවං පඤ‍්ඤායමානනාමා අඩ‍්ඪතෙය්‍යසතමාණවකපරිවාරා ගිරග‍්ගසමජ‍්ජං අගමංසු. තත්‍ර නෙසං මහාජනං දිස‍්වා එතදහොසි – “අයං නාම එවං මහාසත‍්තනිකායො අප‍්පත‍්තෙ වස‍්සසතෙ මරණමුඛෙ පතිස‍්සතී”ති. අථ උභොපි උට‍්ඨිතාය පරිසාය අඤ‍්ඤමඤ‍්ඤං පුච‍්ඡිත්‍වා එකජ‍්ඣාසයා පච‍්චුපට‍්ඨිතමරණසඤ‍්ඤා සම‍්මන‍්තයිංසු “සම‍්ම මරණෙ සති අමතෙනාපි භවිතබ‍්බං, හන්‍ද මයං අමතං පරියෙසාමා”ති අමතපරියෙසනත්‍ථං සඤ‍්චයස‍්ස ඡන‍්නපරිබ‍්බාජකස‍්ස සන‍්තිකෙ සපරිසා පබ‍්බජිත්‍වා කතිපාහෙනෙව තස‍්ස ඤාණවිසයෙ පාරං ගන‍්ත්‍වා අමතං අපස‍්සන‍්තා පුච‍්ඡිංසු “කිං නු ඛො, ආචරිය, අඤ‍්ඤොපෙත්‍ථ සාරො අත්‍ථී”ති? “නත්‍ථාවුසො, එත‍්තකමෙව ඉද”න‍්ති ච සුත්‍වා “තුච‍්ඡං ඉදං ආවුසො නිස‍්සාරං, යො දානි අම‍්හෙසු පඨමං අමතං අධිගච‍්ඡති, සො ඉතරස‍්ස ආරොචෙතූ”ති කතිකං අකංසු. තෙන වුත‍්තං – “තෙහි කතිකා කතා හොතී”තිආදි.

“සාරිපුත්තමොග්ගල්ලානා” ශාරිපුත්‍රතෙමේද, මෞද්ගල්‍යායන තෙමේද, ඔවුන් අතරින් ‘යමෙක් පළමුකොට නිවනට පැමිණේද, හෙතෙමේ ඒ බව සැලකෙරේවා’යි කතිකා කරණ ලද්දීය. ඒ දෙදෙන වනාහි ගිහිකාලයෙහි උපතිස්ස-කොලිතයි මෙසේ ප්‍රකටනම් ඇත්තාහු, දෙසිය පණසක් මාණවකයන් පිරිවරකොට ඇතියෝ එනම් නෘත්‍යස්ථානයට ගියහ. එහිදී මහජනයා දැක ඔවුන්ට මෙසේ මහජනකාය තෙමේ සියවසක් නොපැමිණි කල්හිම මරුමුවෙහි හෙන්නේයයි මෙබඳු සිතක් වූයේය. නැවත දෙදෙනම, පිරිස නැගී සිටිකල්හි ඔවුනොවුන් විචාරා සම අදහස් ඇතිව එළඹසිටි මරසංඥා ඇත්තාහු ‘යහලුව’ මරණය ඇතිකල්හි අමෘතයක්ද වියයුතුය. එබැවින් අපි අමෘතය සොයමු’යි මන්ත්‍රණය කළහ. අමෘතය සොයනු පිණිස සඤ්ජය නම් ඡන්න පරිව්‍රාජකයාගේ සමීපයෙහි පිරිස් සහිතව පැවිදිව කීප දවසකින්ම ඔහුගේ ඥානවිෂයයෙහි කෙළවරට පැමිණ අමෘතය නොදක්නාහු ‘ආචාර්‍ය්‍ය’ කිම, මෙහි- අනිකුදු හරයක් ඇත්තේදැ’යි විචාළාහුය. ‘ඇවැත්නි’ නැත්තේය. මේ මෙතෙක්මය’යිද අසා, ‘ඇවැත’ මේ සෙස්ස නිසරුය, දැන් අප අතුරෙහි යමෙක් පළමුකොට නිවනට පැමිණේද, හෙතෙමේ අනිකාහට සැලකෙරේවායි කතිකා කළහ. “තෙහි කතිකා කතා හොති” යනාදිය එහෙයින් කියනලදී.

පාසාදිකෙන අභික‍්කන‍්තෙනාතිආදීසු ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං වෙදිතබ‍්බං. අත්‍ථිකෙහි උපඤ‍්ඤාතං මග‍්ගන‍්ති එතං අනුබන්‍ධනස‍්ස කාරණවචනං; ඉදඤ‍්හි වුත‍්තං හොති – “යංනූනාහං ඉමං භික‍්ඛුං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධෙය්‍යං, කස‍්මා ? යස‍්මා ඉදං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධනං නාම අත්‍ථිකෙහි උපඤ‍්ඤාතං මග‍්ගං ඤාතො චෙව උපගතො ච මග‍්ගො”ති අත්‍ථො. අථ වා අත්‍ථිකෙහි අම‍්හෙහි “මරණෙ සති අමතෙනාපි භවිතබ‍්බ”න‍්ති එවං කෙවලං අත්‍ථීති උපඤ‍්ඤාතං නිබ‍්බානං නාම, තං මග‍්ගන‍්තො පරියෙසන‍්තොති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

“පාසාදිකෙන අභික්කන්තෙන” යනාදිතන්හි ඉත්‍ථම්භූත ලක්‍ෂණයෙහි කරණවචනය දතයුතුය. “අත්‍ථිකෙහි උපඤ්ඤාතං මග්ගං” යන මෙය අනුබන්‍ධනයට කරණවචනයි. මම මේ මහණහු පසුපසැ ලුහුබඳින්නේ නම් මැනවැ’යි මෙය කියන ලද්දේ වේ. කුමක් හෙයින, යත්: යම්හෙයකින් පසුපසැ මේ අනුබන්‍ධනය නම් දන්නාලද මාර්‍ගය ප්‍රයොජන ඇතියන් විසින් කටයුත්තේද එහෙයිනි. දන්නා ලද්දාවූද, පැමිණියාවූද, මාර්‍ගය යන අර්‍ත්‍ථයි. නොහොත් මරණය ඇති කල්හි අමෘතයක්ද වියයුතුය’යි මෙසේ ප්‍රයොජන ඇති අප විසින් නිවන නම් ඇතැයි සලකන ලද්දේය. එය පර්යේෂණ කරණුයේ, සොයනුයේයි මෙහි අර්‍ත්‍ථ මෙසේද දතයුත්තේය.

පිණ‍්ඩපාතං ආදාය පටික‍්කමීති සුදින‍්නකණ‍්ඩෙ වුත‍්තප‍්පකාරං අඤ‍්ඤතරං කුට‍්ටමූලං උපසඞ‍්කමිත්‍වා නිසීදි. සාරිපුත‍්තොපි ඛො “අකාලො ඛො තාව පඤ‍්හං පුච‍්ඡිතු”න‍්ති කාලං ආගමයමානො එකමන‍්තං ඨත්‍වා වත‍්තපටිපත‍්තිපූරණත්‍ථං කතභත‍්තකිච‍්චස‍්ස ථෙරස‍්ස අත‍්තනො කමණ‍්ඩලුතො උදකං දත්‍වා ධොතහත්‍ථපාදෙන ථෙරෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා පඤ‍්හං පුච‍්ඡි. තෙන වුත‍්තං – “අථ ඛො සාරිපුත‍්තො පරිබ‍්බාජකො”තිආදි. න තාහං සක‍්කොමීති න තෙ අහං සක‍්කොමි. එත්‍ථ ච පටිසම‍්භිදාප‍්පත‍්තො ථෙරො න එත‍්තකං න සක‍්කොති. අථ ඛො ඉමස‍්ස ධම‍්මගාරවං උප‍්පාදෙස‍්සාමීති සබ‍්බාකාරෙන බුද‍්ධවිසයෙ අවිසයභාවං ගහෙත්‍වා එවමාහ.

“පිණ්ඩපාතං ආදාය පටික්කමි” සුදින්න කාණ්ඩයෙහි කියූ අයුරු ඇති එක්තරා බිත්ති මුල්ලක් වෙතට පැමිණ හුන්නේය. ශාරිපුත්‍රතෙමේද, ‘ප්‍රශ්නයක් විචාරන්නට තවම කල්නොවේය’යි කල් බලමින් එකත්පසෙක සිට වත්පිළිවෙත් පුරණු පිණිස කළබත්කිස ඇති තෙරුන්හට තමන්ගේ කෙණ්ඩියෙන් පැන් පිළිගන්වා සේදූ අත්පා ඇති තෙරුන් සමග පිළිසඳරකොට ප්‍රශ්නයක් විචාළේය. එහෙයින් “අථ ඛො සාරිපුත්තො පරිබ්බාජතො” යනාදිය කියනලදී. “න තාහං සක්කොමි” මම තට නොහැකියෙමි. මෙහිද ප්‍රතිසම්භිදාප්‍රාප්ත ස්ථවිර තෙමේ මෙපමණක් නොහැකි නොවේ. වැලි මොහුට ධර්‍මගෞරවය උපදවන්නෙමියි සියලු ආකාරයෙන් බුද්ධ විෂයයෙහි අවිෂයභාවය ගෙන මෙසේ කීයේය.

යෙ ධම‍්මා හෙතුප‍්පභවාති හෙතුප‍්පභවා නාම පඤ‍්චක‍්ඛන්‍ධා; තෙනස‍්ස දුක‍්ඛසච‍්චං දස‍්සෙති. තෙසං හෙතුං තථාගතො ආහාති තෙසං හෙතු නාම සමුදයසච‍්චං; තඤ‍්ච තථාගතො ආහාති දස‍්සෙති. තෙසඤ‍්ච යො නිරොධොති තෙසං උභින‍්නම‍්පි සච‍්චානං යො අප‍්පවත‍්තිනිරොධො; තඤ‍්ච තථාගතො ආහාති අත්‍ථො. තෙනස‍්ස නිරොධසච‍්චං දස‍්සෙති. මග‍්ගසච‍්චං පනෙත්‍ථ සරූපතො අදස‍්සිතම‍්පි නයතො දස‍්සිතං හොති, නිරොධෙ හි වුත‍්තෙ තස‍්ස සම‍්පාපකො මග‍්ගො වුත‍්තොව හොති. අථ වා තෙසඤ‍්ච යො නිරොධොති එත්‍ථ තෙසං යො නිරොධො ච නිරොධුපායො චාති එවං ද‍්වෙපි සච‍්චානි දස‍්සිතානි හොන‍්තීති. ඉදානි තමෙවත්‍ථං පටිපාදෙන‍්තො ආහ – “එවංවාදී මහාසමණො”ති.

“යෙ ධම්මා හෙතුප්පභවා” හෙතුප්‍රභවයෝ නම් පඤ්චස්කන්‍ධයෝය. එයින් මේ පිළිබඳ දුඃඛසත්‍යය දක්වාලන්නේය. “තෙසං හෙතුං තථාගතො ආහ” ඔවුන්ගේ හෙතු නම් සමුදය සත්‍යයයි. එද තථාගතයන් වහන්සේ වදාළ සේකැයි දක්වාලන්නේය. “තෙසං ච යො නිරොධො” ඒ සත්‍ය ද්වයයෙහි යම් නොපැවැත්මක් යම් නිරොධයක්වේද, එද තථාගතයන් වහන්සේ වදාළ සේක. එයින් මේ පිළිබඳ නිරොධ සත්‍යය දක්වාලන්නේය. මෙහි මාර්‍ගසත්‍යය වනාහි ස්වරූප වශයෙන් නොදක්වන ලද්දේ ද, නයවශයෙන් දක්වන ලද්දේ වේ. නිරොධය දැක්වූ කල්හි එයට පමණුවන මාර්‍ගය දක්වන ලද්දේම වේ. නොහොත් “තෙසං ච යො නිරොධො” යන මෙහි ඔවුන්ගේ යම් නිරොධයක්වේද, නිරොධූපායයෙක් වේදැ’යි මෙසේ සත්‍යද්වය දක්වන ලද්දේවේයයි දතයුතුය. දැන් ඒ අර්‍ත්‍ථයම ප්‍රතිපාදනය කරණුයේ “එවං වාදී මහාසමණො”යි කීයේය.

එසෙව ධම‍්මො යදි තාවදෙවාති සචෙපි ඉතො උත‍්තරි නත්‍ථි, එත‍්තකමෙව ඉදං සොතාපත‍්තිඵලමත‍්තමෙව පත‍්තබ‍්බං, තථාපි එසො එව ධම‍්මොති අත්‍ථො. පච‍්චබ්‍යත්‍ථ පදමසොකන‍්ති යං මයං පරියෙසමානා විචරාම, තං පදමසොකං පටිවිද‍්ධාත්‍ථ තුම‍්හෙ; පත‍්තං තං තුම‍්හෙහීති අත්‍ථො. අදිට‍්ඨං අබ‍්භතීතං බහුකෙහි කප‍්පනහුතෙහීති අම‍්හෙහි නාම ඉදං පදං බහුකෙහි කප‍්පනහුතෙහි අදිට‍්ඨමෙව අබ‍්භතීතං; ඉති තස‍්ස පදස‍්ස අදිට‍්ඨභාවෙන දීඝරත‍්තං අත‍්තනො මහාජානිභාවං දීපෙති.

“එසොව ධම්මො යදි තාවදෙව” ඉදින් මේ සොතාපත්තියෙන් මත්තෙහි අන්‍යමාර්‍ගත්‍රය නැත්තේය. මෙපමණක්මය. මේ සොතාපත්තිඵල මාත්‍රයටම පැමිණිය යුතුය. එසේද මාවිසින් සොයාගන්නා ලද මේ නිර්‍වාණධර්‍මයමය යන අර්‍ත්‍ථයි. “පච්චබ්‍යථා පදමසොකං” අපි යමක් සොයමින් හැසිරෙමුද, ශොක විරහිතවූ ඒ නිර්‍වාණපදය තෙපි ප්‍රතිවෙධ කළාහුය, තොප විසින් එයට පැමිණෙන ලදය යන අර්‍ත්‍ථයි. “අදිට්ඨං අබ්හතීතං බහුකෙහි කප්පනහුතෙහි” අප විසින් නම් මේ නිර්‍වාණපදය බොහෝවූ කල්පනහුතයකින් නොදක්නා ලද්දේමය. ඉක්මවන ලද්දේය. මෙසේ ඒ නිර්‍වාණපදය නොදුටු බැවින් බොහෝ කාලයක් මුළුල්ලෙහි තමන්ගේ මහත් පිරිහීම දක්වන්නේය.

ගම‍්භීරෙ ඤාණවිසයෙති ගම‍්භීරෙ චෙව ගම‍්භීරස‍්ස ච ඤාණස‍්ස විසයභූතෙ. අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙති නිබ‍්බානෙ. විමුත‍්තෙති තදාරම‍්මණාය විමුත‍්තියා විමුත‍්තෙ. බ්‍යාකාසීති “එතං මෙ සාවකයුගං භවිස‍්සති අග‍්ගං භද‍්දයුග”න‍්ති වදන‍්තො සාවකපාරමිඤ‍්ඤාණෙ බ්‍යාකාසි. සාව තෙසං ආයස‍්මන‍්තානං උපසම‍්පදා අහොසීති සා එහිභික‍්ඛූපසම‍්පදායෙව තෙසං උපසම‍්පදා අහොසි. එවං උපසම‍්පන‍්නෙසු ච තෙසු මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො සත‍්තහි දිවසෙහි අරහත‍්තෙ පතිට‍්ඨිතො, සාරිපුත‍්තත්‍ථෙරො අඩ‍්ඪමාසෙන.

“ගම්භීරෙ ඤාණවිසයෙ” ගැඹුරුවූම, ගැඹුරුවූ නුවණට විෂය වූ. “අනුත්තරෙ උපධිසඞ්ඛයෙ” නිවනෙහි. “විමුත්තෙ” එය අරමුණු කොටගත් විමුක්තියෙන් විමුක්තවූ. “ව්‍යාකාසි” ‘මට මේ ශ්‍රාවකයුග්මය භද්‍රයුග්මය වන්නේයයි වදාරමින් ශ්‍රාවකපාරමීඥානයෙහි ප්‍රකාශයක් කළ සේක. “සාව තෙසං ආයස්මන්තානං උපසම්පදා අහොසි” ඒ එහිභික්‍ෂොපසම්පදාවම උපසම්පදාවවූය. මෙසේ උපසපන්වූ ඔවුන් අතුරෙහි මහාමෞද්ගල්‍යායන ස්ථවිර තෙමේ සත් දවසින් රහත්බවෙහි පිහිටියේය. ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ අඩමසකින් රහත්බවෙහි පිහිටියේය.

අතීතෙ කිර අනොමදස‍්සී නාම බුද‍්ධො ලොකෙ උදපාදි. තස‍්ස සරදො නාම තාපසො සකෙ අස‍්සමෙ නානාපුප‍්ඵෙහි මණ‍්ඩපං කත්‍වා පුප‍්ඵාසනෙයෙව භගවන‍්තං නිසීදාපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්සාපි තථෙව මණ‍්ඩපං කත්‍වා පුප‍්ඵාසනානි පඤ‍්ඤපෙත්‍වා අග‍්ගසාවකභාවං පත්‍ථෙසි. පත්‍ථයිත්‍වා ච සිරීවඩ‍්ඪස‍්ස නාම සෙට‍්ඨිනො පෙසෙසි “මයා අග‍්ගසාවකට‍්ඨානං පත්‍ථිතං, ත්‍වම‍්පි ආගන‍්ත්‍වා එකං ඨානං පත්‍ථෙහී”ති. සෙට‍්ඨි නීලුප‍්පලමණ‍්ඩපං කත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං, තත්‍ථ භොජෙත්‍වා දුතියසාවකභාවං පත්‍ථෙසි. තෙසු සරදතාපසො සාරිපුත‍්තත්‍ථෙරො ජාතො, සිරීවඩ‍්ඪො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරොති ඉදං නෙසං පුබ‍්බකම‍්මං.

යටගිය දවස වනාහි අනවමදර්ශී නම් සර්‍වඥයන්වහන්සේ ලොව පහළවූ සේක. ඒ සර්‍වඥයන් වහන්සේට සරද නම් තාපසතෙමේ සිය අසපුවෙහි නොයෙක් මල්වලින් මණ්ඩපයක්කොට මල් අසුනෙහිම භාග්‍යවතුන්වහන්සේ වඩා හිඳුවා භික්‍ෂු සංඝයාහටද එසේම මණ්ඩපයක්කොට මල්අසුන් පණවා අග්‍රශ්‍රාවකභාවය පැතූයේය. පතාද සිරිවඩ්ඪ නම් සිටුහට මාවිසින් අඞ්ගසවු තනතුර පතන ලද්දේය. ඔබද අවුත් එක් තනතුරක් පතවූ’යි දන්වා යැවීය. සිටුතෙමේ නිල්උපුලින් මණ්ඩපයක්කොට බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා එහි වඩා හිඳුවා වළඳවා ද්විතීය අග්‍රශ්‍රාවකභාවය පැතුයේය. ඔවුන් දෙදෙනා අතුරෙහි සරද තාපසතෙමේ ශාරීපුත්‍ර ස්ථවිර වූයේය. සිරිවඩ්ඪ සිටුතෙමේ මහා මෞද්ගල්‍යායන ස්ථවිර වූයේය. මේ ඔවුන්ගේ පූර්‍වකර්‍මයයි.

අපුත‍්තකතායාතිආදීසු යෙසං පුත‍්තා පබ‍්බජන‍්ති, තෙසං අපුත‍්තකතාය. යාසං පතී පබ‍්බජන‍්ති, තාසං වෙධබ්‍යාය විධවාභාවාය. උභයෙනාපි කුලුපච‍්ඡෙදාය. සඤ‍්චයානීති සඤ‍්චයස‍්ස අන‍්තෙවාසිකානි. මගධානං ගිරිබ‍්බජන‍්ති මගධානං ජනපදස‍්ස ගිරිබ‍්බජං නගරං. මහාවීරාති මහාවීරියවන‍්තො. නයමානානන‍්ති නයමානෙසු. භුම‍්මත්‍ථෙ සාමිවචනං, උපයොගත්‍ථෙ වා. කා උසූයා විජානතන‍්ති ධම‍්මෙන නයන‍්තීති එවං විජානන‍්තානං කා ඉස‍්සා.

“අපුත්තකතාය” යනාදි තන්හි යම් කෙනකුන්ගේ පුත්‍රයෝ පැවිදි වෙත්ද, ඔවුන්ගේ අපුත්‍රකභාවයෙන්ද, යම් ස්ත්‍රීන්ගේ ස්වාමීහු පැවිදිවෙත්ද, ඒ ස්ත්‍රීන්ගේ “වෙධබ්‍යාය” වැන්දඹු බැවින්ද දෙකින්ම කුලය සිඳීම පිණිස, “සඤ්ජෙය්‍යානී ති” සඤ්ජෙය පරිබ්‍රාජකයාගේ අතවැස්සන්. “මගධානං ගිරිබ්බජං” මගධයන්ගේ ජනපදය පිළිබඳ ගිරිබ්බජ නම් වූ රජගහනුවර. “මහාවීරා” මහත්වීර්‍ය්‍යය ඇති. “නයමානානං” පමුණුවනකල්හි සප්තමී අර්‍ත්‍ථයෙහි ෂෂ්ඨිවචනය. ද්විතීයාර්‍ත්‍ථයෙහි හෝය.

සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපබ‍්බජ‍්ජාකථා නිට‍්ඨිතා.