උපජ්ඣායවත්තකථා අට්ඨකථා
උපජ්ඣායවත්තකථා
උපජ්ඣායවත්තකථා
අනුපජ්ඣායකාති වජ්ජාවජ්ජං උපනිජ්ඣායකෙන ගරුනා විරහිතා. අනාකප්පසම්පන්නාති න ආකප්පෙන සම්පන්නා; සමණසාරුප්පාචාරවිරහිතාති අත්ථො . උපරිභොජනෙති භොජනස්ස උපරි. උත්තිට්ඨපත්තන්ති පිණ්ඩාය චරණකපත්තං. තස්මිඤ්හි මනුස්සා උච්ඡිට්ඨසඤ්ඤිනො, තස්මා උත්තිට්ඨපත්තන්ති වුත්තං. අථ වා උට්ඨහිත්වා පත්තං උපනාමෙන්තීති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බො. අනුජානාමි භික්ඛවෙ උපජ්ඣායන්ති උපජ්ඣායං ගහෙතුං අනුජානාමීති අත්ථො. පුත්තචිත්තං උපට්ඨපෙස්සතීති පුත්තො මෙ අයන්ති එවං ගෙහස්සිතපෙමවසෙන චිත්තං උපට්ඨපෙස්සති. එස නයො දුතියපදෙපි. සගාරවා සප්පතිස්සාති ගරුභාවඤ්චෙව ජෙට්ඨකභාවඤ්ච උපට්ඨපෙත්වා. සභාගවුත්තිනොති සභාගජීවිකා. සාහූති වාතිආදීනි පඤ්ච පදානි උපජ්ඣායභාවසම්පටිච්ඡනවෙවචනානි. කායෙන විඤ්ඤාපෙතීති එවං සද්ධිවිහාරිකෙන “උපජ්ඣායො මෙ භන්තෙ හොහී”ති තික්ඛත්තුං වුත්තෙ සචෙ උපජ්ඣායො “සාහූ”තිආදීසු පඤ්චසු පදෙසු යස්ස කස්සචි පදස්ස වසෙන කායෙන වා වාචාය වා කායවාචාහි වා “ගහිතො තයා උපජ්ඣායො”ති උපජ්ඣායග්ගහණං විඤ්ඤාපෙති, ගහිතො හොති උපජ්ඣායො. ඉදමෙව හි එත්ථ උපජ්ඣායග්ගහණං, යදිදං උපජ්ඣායස්ස ඉමෙසු පඤ්චසු පදෙසු යස්ස කස්සචි පදස්ස වාචාය වා සාවනං කායෙන වා අත්ථවිඤ්ඤාපනන්ති. කෙචි පන සාධූති සම්පටිච්ඡනං සන්ධාය වදන්ති. න තං පමාණං, ආයාචනදානමත්තෙන හි ගහිතො හොති උපජ්ඣායො, න එත්ථ සම්පටිච්ඡනං අඞ්ගං. සද්ධිවිහාරිකෙනාපි න කෙවලං ඉමිනා මෙ පදෙන උපජ්ඣායො ගහිතොති ඤාතුං වට්ටති. “අජ්ජතග්ගෙ දානි ථෙරො මය්හං භාරො, අහම්පි ථෙරස්ස භාරො”ති ඉදම්පි ඤාතුං වට්ටති.
“අනුපජ්ඣායකා” කුදු මහත්වරද විමසන දකින ගුරුවරයාගෙන් තොර වූ. “අනාකප්පසම්පන්න” ආකල්පයෙන් යුක්ත නොවූ. ශ්‍රමණ සාරුප්යචාරයෙන් තොරවූ යන අර්‍ත්‍ථයි. “උපරිභොජනෙ” භොජනයාගේ මතුවෙහි. “උත්තිට්ඨපත්තං” පිඬු පිණිස ගෙණ යන පාත්‍රය. ඒ පාත්‍රයෙහි මනුෂ්‍යයෝ ඉඳුල්සන් ඇත්තාහුය. එහෙයින් උත්තිට්ඨපත්තයි කියනලදී. නොහොත් නැගිට පාත්‍රය එළවන්නාහයි මෙසේද අර්ත්ථ දතයුතුය. “අනුජානාමි භික්ඛවෙ උපජ්ඣායං” උපාද්ධ්‍යාය ග්‍රහණය කරන්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි. “පුත්තචිත්තං උපට්ඨපෙස්සති” තෙමේ මාගේ පුත්‍රයා’යි ගෘහනිශ්‍රිත ප්‍රෙම වශයෙන් සිත එළවන්නේය. දෙවන පදයෙහිද මේ නයවේ. “සභාගවුත්තිනො” සමානජීවිකා ඇති. “කායෙන විඤ්ඤාපෙති” මෙසේ සද්ධිවිහාරිකයා විසින් “උපජ්ඣායො මෙ භන්තෙ හොහි’යි තෙවරක් කියූකල්හි ඉදින් උපාද්ධ්‍යාය තෙමේ “සාහු” යනාදි පදපස අතුරෙහි යම්කිසි පදයක්හුගේ වසයෙන් කයින් හෝ වචනයෙන් හෝ කය වචනයෙන් හෝ තාවිසින් උපාද්ධ්‍යාය තෙමේ ගන්නා ලද්දේයයි උපාද්ධ්යායග්රහණය හඟවාද, උපාද්ධ්‍යාය තෙමේ ගන්නාලද්දේ වේ. මෙම මෙහි උපාද්ධ්යායග්රහණයයි. යම් මේ උපාද්ධ්‍යායයා පිළිබඳ සාහ-ලහු-ඔපායිකං-පතිරූපං-පාසාදිකෙන සම්පදෙති, යන මේ පද පස අතුරෙහි යම්කිසි පදයක්හුගේ වචනයෙන් හෝ ඇස්වීම කයින් හෝ අර්ත්ථය හැඟවීමයයි දන්නේය. ඇතැම් ඇදුරෝ වනාහි උපාද්ධ්‍යායයා විසින් ‘සාහු’යි කියූ කල්හි සද්ධිවිහාරිකයාගේ පිළිගන්නා වචනය සඳහායි කියත්. එය ප්රමාණනොවේ. සද්ධිවිහාරිකයාගේ “උපාද්ධ්‍යාය තෙමේ ගන්නා ලද්දේ වේ. මෙහි උපාධ්යායග්රහණයෙහි සද්ධිවිහාරිකයාගේ පිළිගැනීම අඞ්ගයක් නොවේ. සද්ධිවිහාරිකයාගේ “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” යන ආයාචනදානමාත්රයෙන්ම උපාද්ධ්‍යාය තෙමේ ගන්නා ලද්දේ වේ. මෙහි උපාද්ධ්යායග්රහණයෙහි සද්ධිවිහාරිකයාගේ පිළිගැණීම අඞ්ගයෙක් නොවේ. සද්ධිවිහාරිකයා විසිනුදු කෙවලව මාවිසින් මේ පදයෙන් උපාද්ධ්‍යායතෙමේ ගන්නා ලද්දේයයි දැනගැණීම වටියි. ‘අද පටන් දැන් ස්ථවිරතෙමේ මට භාරය, මමද තෙරුන්ට භාරය’යි මෙයද දැනගතයුතුය.
තත්රායං සම්මාවත්තනාති යං වුත්තං සම්මා වත්තිතබ්බන්ති, තත්ර අයං සම්මාවත්තනා. කාලස්සෙව උට්ඨාය උපාහනා ඔමුඤ්චිත්වාති සචස්ස පච්චූසකාලෙ චඞ්කමනත්ථාය වා ධොතපාදපරිහරණත්ථාය වා පටිමුක්කා උපාහනා පාදගතා හොන්ති, තා කාලස්සෙව උට්ඨාය අපනෙත්වා. දන්තකට්ඨං දාතබ්බන්ති මහන්තං මජ්ඣිමං ඛුද්දකන්ති තීණි දන්තකට්ඨානි උපනෙත්වා තතො යං තීණි දිවසානි ගණ්හාති, චතුත්ථදිවසතො පට්ඨාය තාදිසමෙව දාතබ්බං. සචෙ අනියමං කත්වා යං වා තං වා ගණ්හාති, අථ යාදිසං ලභති තාදිසං දාතබ්බං.
“තත්රායං සම්මාවත්තනා” මැනවින් පැවැතිය යුතුය’යි යමක් වදාරණ ලද්දේද, එහි මේ කියන්නේ මතු පැවැත්මය: “කාලස්සෙව උට්ඨාය උපාහනා ඔමුඤ්චිත්වා” උදෑසන කාලයෙහි සක්මන් කිරීම පිණිස හෝ සේදූ පාදයන් පරිහරණය පිණිස හෝ ලනලද උපාහනයෝ ඉදින් යම් සද්ධිවිහාරිකයකුගේ පාදයන්හි වෙත්නම්, ඒ උපාහන උදෑසනින් නැගිට පහකොට “දන්තකට්ඨං දාතබ්බං” මහත්-මද්ධ්‍යම-ඛුද්දක යන දැහැටි තුනක් එළවා තබා, එයින් යම් දැහැටි දියයුතුයයි. නියම නොකොට යම් ඒ දැහැටියක් ගණීද, එසේ ඇති කල්හි යම්බඳුවූවක් ලබාද, එබන්ද දියයුතුය.
මුඛොදකං දාතබ්බන්ති සීතඤ්ච උණ්හඤ්ච උදකං උපනෙත්වා තතො යං තීණි දිවසානි වළඤ්ජෙති, චතුත්ථදිවසතො පට්ඨාය තාදිසමෙව මුඛධොවනොදකං දාතබ්බං. සචෙ අනියමං කත්වා යං වා තං වා ගණ්හාති, අථ යාදිසං ලභති තාදිසං දාතබ්බං. සචෙ දුවිධම්පි වළඤ්ජෙති, දුවිධම්පි උපනෙතබ්බං. උදකං මුඛධොවනට්ඨානෙ ඨපෙත්වා වච්චකුටිතො පට්ඨාය සම්මජ්ජිතබ්බං. ථෙරෙ වච්චකුටිං ගතෙ පරිවෙණං සම්මජ්ජිතබ්බං; එවං පරිවෙණං අසුඤ්ඤං හොති. ථෙරෙ වච්චකුටිතො අනික්ඛන්තෙයෙව ආසනං පඤ්ඤපෙතබ්බං. සරීරකිච්චං කත්වා ආගන්ත්වා තස්මිං නිසින්නස්ස “සචෙ යාගු හොතී”තිආදිනා නයෙන වුත්තවත්තං කාතබ්බං. උක්ලාපොති කෙනචි කචවරෙන සඞ්කිණ්ණො, සචෙ පන අඤ්ඤො කචවරො නත්ථි, උදකඵුසිතානෙව හොන්ති, හත්ථෙනපි පමජ්ජිතබ්බො.
“මුඛොදකං දාතබ්බං” සිහිල් දියද උණුදියද එළවාතබා, එයින් යම්දියක් තෙදිනක් පරිභොග කෙරේද, සිවුවන දින පටන් එබඳුවූම මුව දෝනා දිය දිය යුතුය. ඉදින් නියම නොකොට යම් ඒ දියක් ගනීද, එකල්හි යම්බඳු දිය ලබාද, එබඳු දිය දියයුතුය. ඉදින් දෙවැදෑරුම් නියම පරිභොග කෙරේනම් දෙවැදෑරුම් දියම එළවිය යුතුය. දිය, මුවදෝනා තැන තබා වැසිකිළිය පටන් හැමන්ද යුතුය. තෙරුන් වැසිකිළියට ගිය කල්හි වැසිකිළියෙහි පටන් හැමන්ද යුතුය. මෙසේ ඇති කල්හි පිරිවෙණ අශුන්ය වේ. තෙරුන් වැසිකිළියෙන් නොනික්මුනු කල්හිම අසුන පැණවිය යුතුය. සිරුරුකිසකොට අවුත් එහි හුන්නහුට “සචෙ යාගු හොති” යනාදිනයින් කියූවක් කටයුතුය. “උකලාපො” උපාද්ධ්‍යායයා හුන් තැන කිසියම් කසළකින් ගැවසී ගත්තේවේද, අන් කසළක් නැත්තේනම් දිය බින්දූහුම වෙත්නම් අතින්ද, පිරිමැදිය යුතුය.
සගුණං කත්වාති ද්වෙ චීවරානි එකතො කත්වා, තා එකතො කතා ද්වෙපි සඞ්ඝාටියො දාතබ්බා. සබ්බඤ්හි චීවරං සඞ්ඝටිතත්තා “සඞ්ඝාටී”ති වුච්චති. තෙන වුත්තං – “සඞ්ඝාටියො දාතබ්බා”ති. නාතිදූරෙ ගන්තබ්බං නාච්චාසන්නෙති එත්ථ සචෙ උපජ්ඣායං නිවත්තිත්වා ඔලොකෙන්තං එකෙන වා ද්වීහි වා පදවීතිහාරෙහි සම්පාපුණාති, එත්තාවතා නාතිදූරෙ නාච්චාසන්නෙ ගතො හොතීති වෙදිතබ්බං. පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බන්ති සචෙ උපජ්ඣායෙන භික්ඛාචාරෙ යාගුයා වා භත්තෙ වා ලද්ධෙ පත්තො උණ්හො වා භාරිකො වා හොති, අත්තනො පත්තං තස්ස දත්වා සො පත්තො ගහෙතබ්බොති අත්ථො. න උපජ්ඣායස්ස භණමානස්ස අන්තරන්තරා කථා ඔපාතෙතබ්බාති අන්තරඝරෙ වා අඤ්ඤත්ර වා භණමානස්ස අනිට්ඨිතෙ තස්ස වචනෙ අඤ්ඤා කථා න සමුට්ඨාපෙතබ්බා. ඉතො පට්ඨාය ච පන යත්ථ යත්ථ නකාරෙන පටිසෙධො කරියති, සබ්බත්ථ දුක්කටාපත්ති වෙදිතබ්බා. අයඤ්හි ඛන්ධකධම්මතා. ආපත්තිසාමන්තා භණමානොති පදසොධම්මදුට්ඨුල්ලාදිවසෙන ආපත්තියා ආසන්නවාචං භණමානො. නිවාරෙතබ්බොති “කිං භන්තෙ ඊදිසං නාම වත්තුං වට්ටති, ආපත්ති න හොතී”ති එවං පුච්ඡන්තෙන විය වාරෙතබ්බො. වාරෙස්සාමීති පන කත්වා “මහල්ලක, මා එවං භණා”ති න වත්තබ්බො.
“සගුණං කත්වා” සිවුරු දෙකක් එක්කොට, ඒ එක්කළ සඞ්ඝාටි දෙකම දියයුතුය. සියලු සිවුරුම එක්කොට සංඝටිත බැවින් සඞ්ඝාටියි කියනු ලැබේ. “සඞ්ඝාටියො දාතබ්බා”යි එහෙයින් වදාරණලදී. “නාතිදූරෙ ගන්තබ්බං නාච්චාසන්නෙ” යන මෙහි ගමට වදින කල්හි නැවතී බලන උපාද්ධ්‍යායයා වෙතට එකකින් හෝ පියවර දෙකකින් හෝ පැමිණේ නම්, මෙපමණකින් ඉතා නොදුරෙහි ඉතා නොලඟ ගියේවේය’යි දතයුතුය. “පත්තපරියාපන්නං පටිග්ගහෙතබ්බං” උපාද්ධ්යයයා විසින් පිඬුපිණිස හැසිරීමෙහිදී කැඳ හෝ බත් හෝ ලද කල්හි පාත්‍රය රත්වූයේ හෝ වේද, බර ඇත්තේ හෝ වේද, තමන්ගේ පාත්‍රය ඒ උපාද්ධ්යායයාහටදී උපාද්ධ්‍යායයාගේ ඒ පාත්‍රය ගතයුතුය යන අර්‍ත්‍ථයි. “න උපජ්ඣායස්ස හණමානස්ස අන්තරන්තරා කථා ඔපානෙතබ්බා” ගමතුළ හෝ අන්තැනකදී හෝ කථාකරණ ඒ උපාද්ධ්‍යායයාගේ වචනය නොනිමි කල්හි අන් කථාවක් තොමෝ නොඉපදවිය යුතුය. “න උපජ්ඣායස්ස හණමානස්ස” යන මෙහි එන නකාරය පටන් යම් යම් තැනක නකාරයෙන් වැළක්ම කෙරේද, සියලු තන්හි දුක්කටාපත්තිය දතයුතුය. මේ වනාහි ඛන්ධක ස්වභාවයයි. “සබ්බත්ථ දුක්කටාපත්ති වෙදිතබ්බා” යනු මෙබඳු තන්හි ගිලන්තෙමේද ඇවැතින් නොමිදේයයි දක්වනු පිණිස කියනලදී. අන්‍යවූද උපාද්ධ්‍යායවත් ආදරයෙන් නොකරණ නොගිලන්හට හැමතන්හි දුක්කටයම වේ. එහෙයින්ම “අගිලානෙන සද්ධිවිහාරිකෙන සට්ඨි වස්සෙනාතිපි සබ්බං උපජ්ඣායවත්තං කාතබ්බං අනාදරෙන අකරොන්තස්ස වත්තභෙදෙ දුක්කටං” යනු කීයේය. “ආපත්ති සාමන්තා භණමානො” පදසොධම්ම දුට්ඨුල්ලාදීන්ගේ වසයෙන් ඇවැතට ලංවූ වචනයම කියන්නේය. “නිවාරෙතබ්බො” කිම, ස්වාමීනි මෙබන්දක් කීම වටීද, ඇවැත් නොවේදැ’යි මෙසේ විචාරන්නහු විසින් මෙන් වැළක්විය යුතුය. ‘වළක්වන්නෙමි’යි ‘මහල්ල’ මෙසේ නොකියව’යි නොකිය යුතුය.
පඨමතරං ආගන්ත්වාති සචෙ ආසන්නෙ ගාමො හොති, විහාරෙ වා ගිලානො භික්ඛු හොති, ගාමතො පඨමතරං ආගන්තබ්බං. සචෙ දූරෙ ගාමො හොති, උපජ්ඣායෙන සද්ධිං ආගච්ඡන්තො නත්ථි, තෙනෙව සද්ධිං ගාමතො නික්ඛමිත්වා චීවරෙන පත්තං වෙඨෙත්වා අන්තරාමග්ගතො පඨමතරං ආගන්තබ්බං . එවං නිවත්තන්තෙන පඨමතරං ආගන්ත්වා ආසනපඤ්ඤාපනාදි සබ්බං කිච්චං කාතබ්බං. සින්නං හොතීති තින්තං සෙදග්ගහිතං. චතුරඞ්ගුලං කණ්ණං උස්සාරෙත්වාති කණ්ණං චතුරඞ්ගුලප්පමාණං අතිරෙකං කත්වා එවං චීවරං සංහරිතබ්බං. කිං කාරණා? මා මජ්ඣෙ භඞ්ගො අහොසීති. සමං කත්වා සංහරිතස්ස හි මජ්ඣෙ භඞ්ගො හොති, තතො නිච්චං භිජ්ජමානං දුබ්බලං හොති තං නිවාරණත්ථමෙතං වුත්තං. තස්මා යථා අජ්ජ භඞ්ගට්ඨානෙයෙව ස්වෙ න භිජ්ජති, තථා දිවසෙ දිවසෙ චතුරඞ්ගුලං උස්සාරෙත්වා සංහරිතබ්බං. ඔභොගෙ කායබන්ධනං කාතබ්බන්ති කායබන්ධනං සංහරිත්වා චීවරභොගෙ පක්ඛිපිත්වා ඨපෙතබ්බං.
“පඨමතරං ආගනත්වා” ඉදින් උපාද්ධ්‍යායයා සමග ගමට වදින කල්හි ආසන්නයෙහි ගම වේද, වෙහෙරෙහි හෝ ගිලන් මහණෙක්වේද, සද්ධිවිහාරිකයා විසින් ගමින් පළමුකොට ආයුතුය. දුර ගමක් වේනම් උපාද්ධ්‍යායයා සමග එනුයේ ඔහු සමගම ගමින් නික්ම සිවුරෙන් පාත්‍රය වෙළා අතරමගින් ඉතා පළමුකොට ආයුත්තක් නැත්තේය. මෙසේ නවතින සද්ධිවිහාරිකයා විසින් පළමුකොට අවුත් අසුන් පැණවීම් ආදීවූ සියලුවත් කටයුතුය. “සින්නං හොති” තෙත් වේද, දහඩිය ගත්තේවේද, “චතුරඞ්ගුලකණ්ණං උස්සාදෙත්වා” සිවුරුකොණ සතරඟුලක් වැඩිකොට මෙසේ සිවුර අකුලා තැබිය යුතුය. කරුණු කීම, යත්: “මා මජ්ඣෙ භඞ්ගො අහොසි” මැද නොබිඳේවායි. සමකොට අතුලනලද සිවුරෙහි මැද නොබිඳේවායි. සමකොට අතුලනලද සිවුරෙහි මැද බිඳීම වේ. එයින් නිතර බිඳෙනු ලබන්නේ දුර්වල වේ. ඒ දුර්වලවීම වළකනු පිණිස මෙය වදාරණ ලදී. එහෙයින් යම්සේ අද බිඳුනු තන්හිම හෙට නොබිඳේද, එසේ දිනපතා සතර ගඟුලක් වැඩිකොට අකුලා තැබිය යුතුය. “ඔභොගෙ කායබන්ධනං කාතබ්බං” කාබාන අකුලා සිවුරු නැම්මෙහි ඇතුල්කොට තැබිය යුතුය.
සචෙ පිණ්ඩපාතො හොතීති එත්ථ යො ගාමෙයෙව වා අන්තරඝරෙ වා පටික්කමනෙ වා භුඤ්ජිත්වා ආගච්ඡති, පිණ්ඩං වා න ලභති, තස්ස පිණ්ඩපාතො න හොති, ගාමෙ අභුත්තස්ස පන ලද්ධභික්ඛස්ස වා හොති; තස්මා “සචෙ පිණ්ඩපාතො හොතී”තිආදි වුත්තං. සචෙපි තස්ස න හොති, භුඤ්ජිතුකාමො ච හොති, උදකං දත්වා අත්තනා ලද්ධතොපි පිණ්ඩපාතො උපනෙතබ්බො. පානීයෙන පුච්ඡිතබ්බොති භුඤ්ජමානො තික්ඛත්තුං “පානීයං භන්තෙ ආහරියතූ”ති පානීයෙන පුච්ඡිතබ්බො. සචෙ කාලො අත්ථි, උපජ්ඣායෙ භුත්තෙ සයං භුඤ්ජිතබ්බං. සචෙ උපකට්ඨො කාලො, පානීයං උපජ්ඣායස්ස සන්තිකෙ ඨපෙත්වා සයම්පි භුඤ්ජිතබ්බං.
“සචෙ පිණ්ඩපාතො හොති” මෙහි උපාද්ධ්යායයෙක් තෙමේ ගමෙහිම හෝ ඇතුළුගමෙහි හෝ අසුන්හලෙහි හෝ වලඳා ඒද, පිණ්ඩය හෝ නොලබාද, ඒ උපාද්ධ්‍යායයාහට පිණ්ඩපාතය නොවේද, ගමෙහි නොවලදන ලද්දහුට වනාහි ලද භික්ෂාව ඇත්තහුට හෝ වේද, එහෙයින් “සචෙ පිණ්ඩපාතො හොති” යනාදිය වදාරණ ලදී. ඉදිනුදු ඒ උපාද්ධ්‍යායයාහට පිණ්ඩය නොවේද, වළදනු කැමැතිවේද, පැන් පිළිගන්වා තමන් විසින් ලද භොජනයෙන්ද පිණ්ඩපාතය එළවිය යුතුය. “පානීයෙන පුච්ඡිතබ්බො” උපාද්ධ්‍යායතෙමේ වළදනුයේ මුල-මැද-කෙළවරයි මෙසේ තුන්වරක් ‘ස්වාමීනි’ පැන් එළවාවාදැ’යි පැනින් විචාළ යුතුය. ඉදින් කල් තිබේනම් උපාද්ධ්‍යායයා වැළඳූ කල්හි තමන්ද වැළඳිය යුතුය. කාලය ලංව සිටියේ නම් පැන් උපාද්ධ්‍යායයා වෙත තබා තමන්ද වැළඳිය යුතුය.
අනන්තරහිතායාති තට්ටිකධම්මඛණ්ඩාදීසු යෙන කෙනචි අනත්ථතාය පංසුසක්ඛරමිස්සාය භූමියා පත්ථො න ඨපෙතබ්බොති අත්ථො. සචෙ පන කාළවණ්ණකතා වා සුධාබද්ධා වා හොති නිරජමත්තිකා, තථාරූපාය භූමියා ඨපෙතුං වට්ටති. ධොතවාලිකායපි ඨපෙතුං වට්ටති. පංසුරජසක්ඛරාදීසු න වට්ටති. තත්ර පන පණ්ණං වා ආධාරකං වා ඨපෙත්වා තත්ර නික්ඛිපිතබ්බො. පාරතො අන්තං ඔරතො භොගන්ති ඉදං චීවරවංසාදීනං හෙට්ඨා හත්ථං පවෙසෙත්වා අභිමුඛෙන හත්ථෙන සණිකං නික්ඛිපනත්ථං වුත්තං. අන්තෙ පන ගහෙත්වා භොගෙන චීවරවංසාදීනං උපරි නික්ඛිපන්තස්ස භිත්තියං භොගො පටිහඤ්ඤති, තස්මා තථා න කාතබ්බං.
“අනන්තරහිතාය” තටු සම්කඩ ආදීන් අතුරෙහි යම් කිසිවකින් නොඅතුරණලද පස් හා කැට මුසු වූ බිමෙහි පාත්‍රය නොතැබිය යුතුය. ඉදින් කලුවන් කරණ ලද්දී හෝවේද, සුණෙන් බඳින ලද්දී හෝවේද, දියෙහි හටගත් මැටිවේද, එබඳු බිම තැබීම වටියි. පිරිසිදු වැල්ලෙහි තැබිය හැකිය. පස් රජස් කැට ආදියෙහි තැබිය නොහැකිය. ඒ පස්රජස් කැට ආදියෙහි පාත්‍රයක් හෝ පාඅඩිය හෝ තබා එහි තැබිය යුතුය. “පාරතො අන්තං ඔරතො භොගං” මෙය සිවුරලන හුණ ආදීන්ගේ යටට අත ඇතුල්කොට ඉදිරියෙහි වූ අතින් සෙමින් බහා තැබීම පිණිස කියන ලදී. දෙකොණගෙන සිදුරු නැම්මෙන් සිවුරලන හුණදඬු ආදීන්ගේ මතුවෙහි බහනකල්හි බිත්තියෙහි චීවර භොගය හැපෙන්නේය. එහෙයින් එසේ නොකට යුතුය.
චුණ්ණං සන්නෙතබ්බන්ති න්හානචුණ්ණං උදකෙන තෙමෙත්වා පිණ්ඩි කාතබ්බා. එකමන්තං නික්ඛිපිතබ්බන්ති එකස්මිං නිද්ධූමෙ ඨානෙ ඨපෙතබ්බං. ජන්තාඝරෙ පරිකම්මං නාම අඞ්ගාරමත්තිකඋණ්හොදකදානාදිකං සබ්බං කිච්චං. උදකෙපි පරිකම්මන්ති අඞ්ගපච්චඞ්ගඝංසනාදිකං සබ්බං කිච්චං. පානීයෙන පුච්ඡිතබ්බොති ජන්තාඝරෙ උණ්හසන්තාපෙන පිපාසා හොති, තස්මා පුච්ඡිතබ්බො.
“චුණ්ණං සන්නෙතබ්බං” නානසුණු දියෙන් තෙමා පිඬුකටයුතුය. “එකමන්තං නික්ඛිපිතබ්බං” ගිනිහල්ගෙයි දුම්රහිත තැනෙක තැබිය යුතුය. උපාද්ධ්‍යායයා දිය නාන පිණිස නානකොටුවට යන කල්හි පසුපස ගොස් එහි හිඳින පුටුවදී ඔහුගේ සිවුරු පිළිගෙණ ගිනිහල්ගෙයි ගිනිදුම් නැති තැනක තැබිය යුතුයයි කියූයේය. ගිනිහල් ගෙයනම්, බොහෝකොට හිම වැටෙන පෙදෙස්හි එයින් හටගන්නා වණ රෝග පීඩාදිය වළකනු පිණිස සිරුර උණුසුම් ගන්වන ස්ථානයයි. ගිනිහල්ගෙයි පිරියම්නම්, අඟුරුමැටි හා උණුදියදීම් ආදී සියලු කෘත්‍යයය. දියෙහිද පිරියම් නම්, අඟපසඟ ඉලීම් ආදී වූ සියලු කෘත්‍යයය. අතවැසියා විසින් උපාද්ධ්‍යායයාගේ සිරුරු අවයව ඉලීම් ආදී වූ සියලුකිස දිය නානතන්හිදී කටයුතුය යනුභාවය. “පාහීයෙන පුච්ඡිතබ්බො” ගිනිහල්ගෙයිදී උෂ්ණසන්තාපයෙන් පිපාසාව වේ. එහෙයින් උපාද්ධ්‍යායයා ගිනිහල්ගෙයින් ආකල්හි අතවැසියා විසින් පැන් ප්රයොජනදැ’යි විචාළ යුතුය.
සචෙ උස්සහතීති සචෙ පහොති; න කෙනචි ගෙලඤ්ඤෙන අභිභූතො හොති; අගිලානෙන හි සද්ධිවිහාරිකෙන සට්ඨිවස්සෙනාපි සබ්බං උපජ්ඣායවත්තං කාතබ්බං, අනාදරෙන අකරොන්තස්ස වත්තභෙදෙ දුක්කටං. නකාරපටිසංයුත්තෙසු පන පදෙසු ගිලානස්සාපි පටික්ඛිත්තකිරියං කරොන්තස්ස දුක්කටමෙව. අප්පටිඝංසන්තෙනාති භූමියං අප්පටිඝංසන්තෙන. කවාටපිට්ඨන්ති කවාටඤ්ච පිට්ඨසඞ්ඝාතඤ්ච අච්ඡුපන්තෙන. සන්තානකන්ති යංකිඤ්චි කීටකුලාවකමක්කටකසුත්තාදි. උල්ලොකා පඨමං ඔහාරෙතබ්බන්ති උල්ලොකතො පඨමං උල්ලොකං ආදිංකත්වා අවහරිතබ්බන්ති අත්ථො. ආලොකසන්ධිකණ්ණභාගාති ආලොකසන්ධිභාගා ච කණ්ණභාගා ච අන්තරබාහිරවාතපානකවාටකානි ච ගබ්භස්ස ච චත්තාරො කොණා පමජ්ජිතබ්බාති අත්ථො.
“සචෙ උස්සහති” ඉදින් හැක්කේ නම්, කිසි ගිලන්බවකින් නොපෙළන ලද්දේ වේනම්, සැටවයස් ඇති නොගිලන් සද්ධිවිහාරිකයා විසින් සියලු උපාද්ධ්‍යායවත් කටයුතුයය. අනාදරයෙන් නොකරන මහණහුට වත්බිඳීම නිමිතිකොට දුක්කටය වේ. නකාරය යෙදුනු පදයන්හි වළක්වා ක්‍රියා කරණ ගිලන්හට පවා දුක්කටයම වේ. [missing trans] “සන්තානකං” යම්කිසි පණු කැදලි මකුළුහු ආදියය. “උල්ලොකා පඨමං ඔහාරෙතබ්බා” උපරිභාගයෙහි පටන් පළමුකොට උපරිභාගය ආදීකොට බැහැර කළ යුතුය යන අර්‍ත්‍ථයි. “ආලොක සන්ධි කණ්ණභාගා” කවුළු දොරද මුලු කොන්ද ඇතුළත පිටත කවුළු දොරද ගැබෙහි සිවුකොන්ද පිසදැමිය යුතුය. යන අර්‍ත්‍ථයි.
යථාපඤ්ඤත්තං පඤ්ඤපෙතබ්බන්ති යථා පඨමං පඤ්ඤත්තං අහොසි, තථෙව පඤ්ඤපෙතබ්බං. එතදත්ථමෙව හි යථාපඤ්ඤත්තං සල්ලක්ඛෙත්වා නීහරිත්වා එකමන්තං නික්ඛිපිතබ්බන්ති පුරිමවත්තං පඤ්ඤත්තං. සචෙ පන පඨමං අජානන්තෙන කෙනචි පඤ්ඤත්තං අහොසි, සමන්තතො භිත්තිං ද්වඞ්ගුලමත්තෙන වා තිවඞ්ගුලමත්තෙන වා මොචෙත්වා පඤ්ඤපෙතබ්බං. ඉදඤ්හි පඤ්ඤාපනවත්තං. සචෙ කටසාරකො හොති අතිමහන්තො ච, ඡින්දිත්වා කොටිං නිවත්තෙත්වා බන්ධිත්වා පඤ්ඤපෙතබ්බො. සචෙ කොටිං නිවත්තෙත්වා බන්ධිතුං න ජානාති, න ඡින්දිතබ්බො. පුරත්ථිමා වාතපානා ථකෙතබ්බාති පුරත්ථිමාය වාතපානා ථකෙතබ්බා. එවං සෙසාපි වාතපානා ථකෙතබ්බා.
“යථාපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං” පළමුකොට යම්සේ පණවන ලද්දේද, එසේම පැණවිය යුතුය. මේ කරුණ සඳහාම පැණවූ සැටි සලකාගෙණ බැහැරකොට එකත් පසෙක තැබිය යුත්තේයයි පළමුවන පණවන ලදී. පළමු පැණවූ තැන් නොදන්නාවූ කිසිවකු විසින් පණවන ලද්දේ වීද, හාත්පසින් බිත්තිය දැඟුල්පමණින් හෝ තෙයඟුල් පමණින් හෝ මුදා පැණවිය යුතුය. මේ වනාහි පණවන වතයි. ඉදින් කළාලය ඉතා මහත්වේනම් සිඳ කෙළවර හරවා බැඳ පැණවිය යුතුය. කෙළවර හරවා බැඳීම නොදනීනම්, නොසිඳිය යුතුය. [missing trans]
වූපකාසෙතබ්බොති අඤ්ඤත්ථ නෙතබ්බො. වූපකාසාපෙතබ්බොති අඤ්ඤො භික්ඛු වත්තබ්බො “ථෙරං ගහෙත්වා අඤ්ඤත්ථ ගච්ඡා”ති විවෙචෙතබ්බන්ති විස්සජ්ජාපෙතබ්බං. විවෙචාපෙතබ්බන්ති අඤ්ඤො වත්තබ්බො “ථෙරං දිට්ඨිගතං විස්සජ්ජාපෙහී”ති. උස්සුක්කං කාතබ්බන්ති පරිවාසදානත්ථං සො සො භික්ඛු උපසඞ්කමිත්වා යාචිතබ්බො. සචෙ අත්තනා පටිබලො හොති, අත්තනාව දාතබ්බො. නො චෙ පටිබලො හොති, අඤ්ඤෙන දාපෙතබ්බො. කින්ති නු ඛොති කෙන නු ඛො උපායෙන. එස නයො සබ්බත්ථ. ලහුකාය වා පරිණාමෙය්යාති උක්ඛෙපනීයං අකත්වා තජ්ජනීයං වා නියස්සං වා කරෙය්යාති අත්ථො. තෙන හි “උපජ්ඣායස්ස උක්ඛෙපනීයකම්මං කත්තුකාමො සඞ්ඝො”ති ඤත්වා එකමෙකං භික්ඛුං උපසඞ්කමිත්වා “මා භන්තෙ අම්හාකං උපජ්ඣායස්ස කම්මං කරිත්ථා”ති යාචිතබ්බා. සචෙ කරොන්තියෙව, “තජ්ජනීයං වා නියස්සං වා කරොථා”ති යාචිතබ්බා. සචෙ කරොන්තියෙව, අථ උපජ්ඣායො “සම්මා වත්තථ භන්තෙ”ති යාචිතබ්බො. ඉති තං සම්මා වත්තාපෙත්වා “පටිප්පස්සම්භෙථ භන්තෙ කම්ම”න්ති භික්ඛූ යාචිතබ්බා.
“වූපකාසෙතබ්බො” යම් තැනක වසන උපාද්ධ්‍යායයාහට අනභිරතියක් උපනීද කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් අන්තැනකට පැමිණවිය යුතුය. “වූපකාසාපෙතබ්බො” තෙරහු ගෙන අන් තැනක යව’යි අන් මහණක්හට කියයුතුය. “විවෙචෙතබ්බො” උපාද්ධ්යායාහට දෘෂ්ටියක් උපන් කල්හි ඒ දෘෂ්ටිය හැරිය යුතුය. “විවෙචාපෙතබ්බං” තෙරුන්ගේ දෘෂ්ටිය හරුව’යි අන් මහණක්හට කියයුතුය. “උස්සුක්කං කාතබ්බං” උපාද්ධ්‍යායයාහට ගරු ඇවැත් ඇතිකල්හි පිරිවෙස් දීම පිණිස එළඹ ඒ ඒ භික්ෂුතෙමේ යාඥා කටයුතුය. තෙමේ එහි ප්‍රතිබල ඇත්තේනම් තමාම දියයුතුය. ප්‍රතිබල ඇත්තේ නොවේනම්, අනිකක්හුලවා දෙවිය යුතුය. “කින්තිනුඛො” කවර උපායයකින්. සඞ්ඝ තෙමේ උපාද්ධ්‍යායයාහට කවර උපායයකින් පිරිවෙස් දෙන්නේදැ’යි සද්ධිවිහාරිකයා විසින් උත්සාහ කටයුතුය යනු භාවයි. සියලු තන්හි මේ නයය. “ලහුකාය වා පරිණාමෙය්ය” උපාද්ධ්‍යායයා උත්ක්ෂෙපනීය කර්මයට උත්ක්‍ෂෙපණීය කර්මය නොකොට තර්ජනීය කර්මය හෝ නියස්ස කර්මය කරන්නේය යන අර්‍ත්‍ථයි. ඒ සද්ධිවිහාරිකයා විසින් සඞ්ඝතෙමේ උපාද්ධ්‍යායයාහට උත්ක්‍ෂෙපණීය කර්මය කරනු කැමැත්තේයයි දැන එක් එක් මහණහු කරා එළඹ ‘ස්වාමීනි’ අපගේ උපාද්ධ්‍යායයාහට කර්ම නොකළ මැනවැ’යි යාඥාකටයුතුය කෙරෙත්ම නම් තර්ජනීය කර්මය හෝ නියස්ස කර්මය හෝ කළ මැනවැ’යි යාඥා කටයුතුය. කෙරෙත්ම නම් නැවත උපාද්ධ්‍යායතෙමේ ‘ස්වාමීනි’ මනාකොට පවතිනු මැනවැ’යි යාඥාකටයුතුය. මෙසේ ඔහු මනාකොට පවත්වා ‘ස්වාමීනි’ කර්මය සන්සිඳවිය යුතුය’යි භික්ෂූහු යාඥාකටයුත්තාහ.
සම්පරිවත්තකං සම්පරිවත්තකන්ති සම්පරිවත්තෙත්වා සම්පරිවත්තෙත්වා. න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බන්ති යදි අප්පමත්තකම්පි රජනං ගළති, න තාව පක්කමිතබ්බං. න උපජ්ඣායං අනාපුච්ඡා එකච්චස්ස පත්තො දාතබ්බොතිආදි සබ්බං උපජ්ඣායස්ස විසභාගපුග්ගලවසෙන කථිතං. න උපජ්ඣායං අනාපුච්ඡා ගාමො පවිසිතබ්බොති පිණ්ඩාය වා අඤ්ඤෙන වා කරණීයෙන පවිසිතුකාමෙන ආපුච්ඡිත්වාව පවිසිතබ්බො. සචෙ උපජ්ඣායො කාලස්සෙව වුට්ඨාය දූරං භික්ඛාචාරං ගන්තුකාමො හොති, “දහරා පිණ්ඩාය පවිසන්තූ”ති වත්වා ගන්තබ්බං. අවත්වා ගතෙ පරිවෙණං ගන්ත්වා උපජ්ඣායං අපස්සන්තෙන ගාමං පවිසිතුං වට්ටති. සචෙ ගාමං පවිසන්තොපි පස්සති, දිට්ඨට්ඨානතො පට්ඨාය ආපුච්ඡිතුංයෙව වට්ටති.
“සම්පරිවත්තකං සම්පරිවත්තකං” උපාද්ධ්‍යායයාගේ සිවුරු රඳන් ගන්වන කල්හි එහා මෙහා පෙරළ පෙරළා රැඳිය යුතුය. “න ච අච්ඡින්නෙ ථෙවෙ පක්කමිතබ්බං” ස්වල්ප මාත්‍රවූද, රඳනක් වැගිරේ නම් ඒතාක් නොයායුතුය. “න උපජ්ඣායං අනාපුච්ඡා එකච්චස්ස පත්තො දාතබ්බො” යනාදි සියල්ල උපාද්ධ්‍යායයාහට විසභාග පුද්ගලයන්ගේ වසයෙන් කියනලදී. “න උපජ්ඣායං අනාපුච්ඡා ගාමො පවිසිතබ්බො” පිඬුපිණිස හෝ අන් කටයුත්තක් නිසා හෝ පිවිසෙනු කැමති අතවැසියා විසින් උපාද්ධ්‍යායයා විචාරාම ගම්වැදිය යුතුය. උපාද්ධ්‍යායතෙමේ උදයම නැගිට භික්ෂාචාරයට දුරයනු කැමැතිවේද, දහර භික්ෂූහු පිඬුපිණිස පිවිසෙත්වා’යි කියා යායුතුය. නොකියා ගිය කල්හි පිරිවෙණට ගොස් උපාද්ධ්‍යායයා නොදක්නහු විසින් ගම්වැදීම වටියි. ගමට වදනේද උපාද්ධ්‍යායයා දකීනම් දුටුතැන පටන් විචාරන්නටම වටියි.
න සුසානං ගන්තබ්බන්ති වාසත්ථාය වා දස්සනත්ථාය වා න ගන්තබ්බං. න දිසා පක්කමිතබ්බාති එත්ථ පක්කමිතුකාමෙන කම්මං ආචික්ඛිත්වා යාවතතියං යාචිතබ්බො. සචෙ අනුජානාති, සාධු; නො චෙ අනුජානාති, තං නිස්සාය වසතො චස්ස උද්දෙසො වා පරිපුච්ඡා වා කම්මට්ඨානං වා න සම්පජ්ජති, උපජ්ඣායො බාලො හොති අබ්යත්තො, කෙවලං අත්තනො සන්තිකෙ වසාපෙතුකාමතාය එව ගන්තුං න දෙති, එවරූපෙ නිවාරෙන්තෙපි ගන්තුං වට්ටති. වුට්ඨානමස්ස ආගමෙතබ්බන්ති ගෙලඤ්ඤතො වුට්ඨානං අස්ස ආගමෙතබ්බං; න කත්ථචි ගන්තබ්බං. සචෙ අඤ්ඤො භික්ඛු උපට්ඨාකො අත්ථි, භෙසජ්ජං පරියෙසිත්වා තස්ස හත්ථෙ දත්වා “භන්තෙ අයං උපට්ඨහිස්සතී”ති වත්වා ගන්තබ්බං.
“න සුසානං ගන්තබ්බං” විසීම පිණිස හෝ දක්නා පිණිස හෝ සද්ධිවිහාරිකයා සොහොනට නොයායුතුය. “න දිසා පක්කමිතබ්බා” මෙහි දිසා යනු කැමතියහු විසින් කර්මාන්තය කියා තෙවර දක්වා යාඥා කටයුතුය. ඉදින් අනුදනීනම් මැනවි. යනකැමතියහහු ඒ උපාද්ධ්‍යායයා ඇසුරුකොට වසන්නාවූ ඔහුට උදෙසීම හෝ පිළිවිසීම හෝ කමටහන හෝ සමෘද්ධ නොවේද, උපාද්ධ්‍යායතෙමේ බාලවේද, ව්‍යක්ත නොවේද, සියලු කල්හි තමන් වෙත වසනු කැමති බැවින්ම යන්නට නොදේද, මෙබන්දහු වළකන කල්හිද යෑම වටියි. “වුට්ඨානමස්ස ආගමෙතබ්බං” මොහුගේ ගිලන්බවින් නැගිටීම බැලිය යුතුය. කිසිතැනක නොයා යුතුය. උපස්ථායක වූ අන් මහණෙක් ඇත්තේද, බෙහෙත් සොයා ඔහු අතටදී ‘ස්වාමීනි’ මෙතෙමේ උපස්ථාන කරන්නේයයි කියා යායුතුය.
උපජ්ඣායවත්තකථා නිට්ඨිතා.
උපාද්ධ්යායවත්තකථා නිමි