සද්ධිවිහාරිකවත්තකථා අට්ඨකථා
සද්ධිවිහාරිකවත්තකථා
සද්ධිවිහාරිකවත්තකථා
උපජ්ඣායෙන සද්ධිවිහාරිකම්හි සම්මාවත්තනායං – සඞ්ගහෙතබ්බො අනුග්ගහෙතබ්බොති උද්දෙසාදීහිස්ස සඞ්ගහො ච අනුග්ගහො ච කත්තබ්බො. තත්ථ උද්දෙසොති පාළිවාචනං. පරිපුච්ඡාති පාළියා අත්ථවණ්ණනා. ඔවාදොති අනොතිණ්ණෙ වත්ථුස්මිං “ඉදං කරොහි, ඉදං මා කරිත්ථා”ති වචනං. අනුසාසනීති ඔතිණ්ණෙ වත්ථුස්මිං. අපි ච ඔතිණ්ණෙ වා අනොතිණ්ණෙ වා පඨමං වචනං ඔවාදො; පුනප්පුනං වචනං අනුසාසනීති. සචෙ උපජ්ඣායස්ස පත්තො හොතීති සචෙ අතිරෙකපත්තො හොති. එස නයො සබ්බත්ථ. පරික්ඛාරොති අඤ්ඤොපි සමණපරික්ඛාරො. ඉධ උස්සුක්කං නාම ධම්මිකෙන නයෙන උප්පජ්ජමානඋපායපරියෙසනං. ඉතො පරං දන්තකට්ඨදානං ආදිං කත්වා ආචමනකුම්භියා උදකාසිඤ්චනපරියොසානං වත්තං ගිලානස්සෙව සද්ධිවිහාරිකස්ස කාතබ්බං. අනභිරතිවූපකාසනාදි පන අගිලානස්සාපි කත්තබ්බමෙව. චීවරං රජන්තෙනාති “එවං රජෙය්යාසී”ති උපජ්ඣායතො උපායං සුත්වා රජන්තෙන. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මනා පැවැත්මෙහි “සංගහෙතබ්බො අනුග්ගහෙතබ්බො” උපදෙස්දීම් ආදියෙන් මේ සද්ධිවිහාරිකයාහට සඞ්ග්‍රහයට අනුග්රහයද කටයුතුය. “සඞ්ගහෙතබ්බො අනුග්ගහෙතබ්බො” යනාදිතන්හි අනාදරය නිසා ධර්මාමිෂයෙන් සද්ධිවිහාරිකයන්හට සඞ්ග්‍රහ නොකරන ආචාර්ය්ය උපාද්ධ්යායයන්හට වත්බිඳීමෙහි දුක්කටය කියන ලදී. එහි උද්දෙසනම්, පෙළකියවීමය. පරිපුච්ඡා නම් පෙළෙහි අරුත් වැණීමය. ඔවාදනම්, වස්තුව නොබටකල්හි ‘මේ කරව, මෙය නොකරව’යි කීමය. අනුසාසනී නම් වස්තුව බටකල්හි, තවද බටකල්හි හෝ නොබටකල්හි හෝ පළමුකොට කීම අවවාද නම්. නැවත නැවත කීම අනුසාසනී නම්. “සචෙ උපජ්ඣායස්ස පත්තො හොති” ඉදින් වැඩිපාත්රයක් වේනම්, සද්ධිවිහාරිකයාහට පාත්‍රයක් නැත්තේද උපාද්ධ්‍යායයාහට වැඩිපාත්රයක් වේද ඒ පාත්‍රය සද්ධිවිහාරිකයාහට දියයුතුයයි දන්නේය. සියලු තන්හි මේනයවේ. “පරික්ඛාරො” අනිකුදු මහණපිරිකර. උපාද්ධ්‍යායයාහට අන් මහණ පිරිකරක්වේද, සද්ධිවිහාරිකයාහට නැත්තේනම් උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට දියයුතුයයි කීයේය. මෙහි සද්ධිවිහාරිකයාගේ පිරිකර සැපයීම් ආදියෙහි උත්සාහය නම්, ධාර්මික නයින් උපදින උපාය සෙවීමය. මෙයින් මතුවෙහි දැහැටිදීම් ආදීකොට වැසිකිළි දියබඳුනෙහි දියවත් කිරීම කෙළවරකොට ඇතිවත්, ගිලන්වූම සද්ධිවිහාරිකයාහට කටයුතුය. අනභිරති සංසිඳවීම් ආදිය වනාහි නොගිලන් සද්ධිවිහාරිකයාහටද කටයුතුමය. “චීවරං රජන්තෙන” ‘මෙසේ රඳන් කරව’යි උපාද්ධ්‍යායයාගෙන් උපාය අසා රඳන් කරන්නහු විසින් සෙස්ස කියූනයින්ම දතයුතුය.
සද්ධිවිහාරිකවත්තකථා නිට්ඨිතා.
සද්ධිවිහාරිකවත්තකථා නිමි.
නසම්මාවත්තනාදිකථා
නසම්මාවත්තනාදිකථා
න සම්මා වත්තන්තීති යථාපඤ්ඤත්තං උපජ්ඣායවත්තං න පූරෙන්ති. යො න සම්මා වත්තෙය්යාති යො යථාපඤ්ඤත්තං වත්තං න පූරෙය්ය; සො දුක්කටං ආපජ්ජතීති අත්ථො. පණාමෙතබ්බොති අපසාදෙතබ්බො. න අධිමත්තං පෙමං හොතීති උපජ්ඣායම්හි අධිමත්තං ගෙහස්සිතපෙමං න හොති. නාධිමත්තා භාවනා හොතීති අධිමත්තා මෙත්තාභාවනා න හොති; වුත්තපටිපක්ඛනයෙන සුක්කපක්ඛො වෙදිතබ්බො. අලං පණාමෙතුන්ති යුත්තො පණාමෙතුං.
“න සම්මා වත්තන්ති” පැණවූ පරිදි උපාද්ධ්යායවත නොපුරත්. “යො න සම්මා වත්තෙය්ය” යමෙක් තෙමේ පැණවූ පරිදිවත් නොපුරන්නේනම්, හෙතෙමේ දුක්කටයට පැමිණේය, යන අර්‍ත්‍ථයි. “පනාමෙතබ්බො” පැණවූ පරිදි උපාද්ධ්‍යායවත් නොපුරණ සද්ධිවිහාරික තෙමේ පහකට යුත්තේය. “න අධිමත්තං පෙමං හොති” උපාද්ධ්‍යායයා කෙරෙහි අධිකමාත්‍ර වූ ගෘහනිශ්‍රිත ප්‍රේමයක් නොවේද. “නාධිමත්තා භාවනා හොති” අධිකමාත්‍ර වූ මෛත්‍රීභාවනාව නොවේද, කියන ලද්දට ප්රතිපක්ෂ වශයෙන් ශුක්ල පක්ෂය දතයුත්තේය. “අලං පනාමෙතුං” බැහැර කරන්නට සුදුසුය.
අප්පණාමෙන්තො උපජ්ඣායො සාතිසාරො හොතීති සදොසො හොති, ආපත්තිං ආපජ්ජති; තස්මා න සම්මා වත්තන්තො පණාමෙතබ්බොව. න සම්මාවත්තනාය ච යාව චීවරරජනං තාව වත්තෙ අකරියමානෙ උපජ්ඣායස්ස පරිහානි හොති. තස්මා තං අකරොන්තස්ස නිස්සයමුත්තකස්සාපි අමුත්තකස්සාපි ආපත්තියෙව. එකච්චස්ස පත්තදානතො පට්ඨාය අමුත්තකනිස්සයස්සෙව ආපත්ති.
“අපනාමෙන්තො උපජ්ඣායො සාතිසාරො හොති” අධිකමාත්‍ර ප්‍රේමය, අධිකමාත්‍ර ප්‍රසාදය, අධිකමාත්‍ර ලජ්ජාව, අධිකමාත්‍ර ගෞරවය, අධිකමාත්‍ර භාවනාව, නැති සද්ධිවිහාරිකයා පහනොකරන උපාද්ධ්‍යාය තෙමේ දොස් සහිත වේ. ඇවැතට පැමිණේ. එහෙයින් නොමනාව පවත්නේ පහකට යුත්තේමය. නොමනාව පැවැත්මෙහිද, සිවුරු රඳන් ගැන්වීම යම්තාක්ද, ඒතාක්වත් නොකරන කල්හි උපාද්ධ්‍යායයාහට පිරිහීම වේ. එහෙයින් ඒ නොකරන නිසෙන් මිදුනහුටද නොමිදුනහුටද ඇවැත්මය. ඇතැම් එකක්හට හෙවත් උපාද්ධ්‍යායයාහට අනභිවෘද්ධිය කැමැත්තහුට පාත්‍රය දීමෙහි පටන් නිසමුක්ත නොවූවහුටම ඇවැත් වේ.
සද්ධිවිහාරිකා සම්මා වත්තන්ති, උපජ්ඣායො සම්මා න වත්තති, උපජ්ඣායස්ස ආපත්ති. උපජ්ඣායො සම්මා වත්තති, සද්ධිවිහාරිකා සම්මා න වත්තන්ති, තෙසං ආපත්ති. උපජ්ඣායෙ වත්තං සාදියන්තෙ සද්ධිවිහාරිකා බහුකාපි හොන්ති, සබ්බෙසං ආපත්ති. සචෙ උපජ්ඣායො “මය්හං උපට්ඨාකො අත්ථි, තුම්හෙ අත්තනො සජ්ඣායමනසිකාරාදීසු යොගං කරොථා”ති වදති, සද්ධිවිහාරිකානං අනාපත්ති. සචෙ උපජ්ඣායො සාදියනං වා අසාදියනං වා න ජානාති, බාලො හොති, සද්ධිවිහාරිකා බහුකා. තෙසු එකො වත්තසම්පන්නො භික්ඛු “උපජ්ඣායස්ස කිච්චං අහං කරිස්සාමි, තුම්හෙ අප්පොස්සුක්කා විහරථා”ති එවඤ්චෙ අත්තනො භාරං කත්වා ඉතරෙ විස්සජ්ජෙති, තස්ස භාරකරණතො පට්ඨාය තෙසං අනාපත්ති.
සද්ධිවිහාරිකයෝ පැණවූ පරිදි මනාව පවතිත්. උපාද්ධ්‍යායතෙමේ මනාව නොපවතී. උපාද්ධ්‍යායයාහට ඇවැත් වේ. උපාද්ධ්‍යායතෙමේ මනාව පවතී. සද්ධිවිහාරිකයෝ මනාව නොපවතිත්. ඔවුන්ට ඇවැත් වේ. උපාද්ධ්යයයා සද්ධිවිහාරික වත ඉවසන කල්හි සද්ධිවිහාරිකයෝ බොහෝවෙත්ද සියල්ලන්ට ඇවැත් වේ. ඉදින් උපාද්ධ්‍යාය තෙමේ ‘මට උපස්ථායකයෙක් ඇත්තේය, තෙපි තම තමන්ගේ සජ්ඣායන මනසිකාරාදියෙහි යෙදීම කරවු’යි කියානම් සද්ධිවිහාරිකයන්ට ඇවැත් නොවේ. උපාද්ධ්‍යායතෙමේ ඉවසීම හෝ නොඉවසීම හෝ නොදනීද, බාලවේද, සද්ධිවිහාරිකයෝ බොහෝවෙත්ද, ඔවුන් අතුරෙහි එක් වත්තසම්පන්න මහණෙක් තෙමේ ‘උපාද්ධ්‍යායයාගේ කිස මම කරන්නෙමි තෙපි උත්සාහ රහිතව වසවු’යි මෙසේ තමාට භාරකොට අන්‍යයන් හරීනම් ඔහුට භාර කිරීමෙහි පටන් ඔවුන්ට ඇවැත් නොවේ.
නසම්මාවත්තනාදිකථා නිට්ඨිතා.
න සම්මාවත්තනාදිකථා නිමි.
රාධබ්රාහ්මණවත්ථුකථා
රාධබ්රාහ්මණවත්ථුකථා
රාධබ්රාහ්මණවත්ථුස්මිං – කිඤ්චාපි ආයස්මා සාරිපුත්තො භගවතා බාරාණසියං තීහි සරණගමනෙහි අනුඤ්ඤාතං පබ්බජ්ජඤ්චෙව උපසම්පදඤ්ච ජානාති, භගවා පන තං ලහුකං උපසම්පදං පටික්ඛිපිත්වා ඤත්තිචතුත්ථකම්මෙන ගරුකං කත්වා උපසම්පදං අනුඤ්ඤාතුකාමො. අථස්ස ථෙරො අජ්ඣාසයං විදිත්වා “කථාහං භන්තෙ තං බ්රාහ්මණං පබ්බාජෙමි උපසම්පාදෙමී”ති ආහ. බුද්ධානඤ්හි පරිසා අජ්ඣාසයකුසලා හොන්ති, අයඤ්ච බුද්ධපරිසාය අග්ගො.
රාධබ්‍රාහ්මණ වස්තුවෙහි - ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් බාරාණසියෙහිදී අනුදන්නාලද ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව දන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඒ ලඝුවූ උපසම්පදාව ප්රතික්ෂෙපකොට ඤත්තිචතුත්ථ කර්මයෙන් ගරුකොට උපසම්පදාව අනුදැනීම කැමැතිවූ සේක. එකල්හි ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන ‘ස්වාමීනි’ මම කෙසේ ඒ බමුණු පැවිදි කරම්ද, උපසපන් කරම්දැ’යි විචාළේය. බුදුරජුන්ගේ පිරිස්හු අදහස් දැනීමෙහි දක්ෂවෙත්. ඒ ශාරීපුත්‍ර ස්ථවිරතෙමේද, බුදුපිරිසෙහි අග්‍රවේ.
බ්යත්තෙන භික්ඛුනා පටිබලෙනාති එත්ථ බ්යත්තො නාම යස්ස සාට්ඨකථං විනයපිටකං වාචුග්ගතං පවත්තති, තස්මිං අසති යස්ස අන්තමසො ඉදං ඤත්තිචතුත්ථකම්මවාචාමත්තම්පි සුග්ගහිතං හොති, වාචුග්ගතං පවත්තති, අයම්පි ඉමස්මිං අත්ථෙ බ්යත්තො. යො පන කාසසොසසෙම්හාදිනා වා ගෙලඤ්ඤෙන ඔට්ඨදන්තජිව්හාදීනං වා අසම්පත්තියා පරියත්තියං වා අකතපරිචයත්තා න සක්කොති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි කම්මවාචං සාවෙතුං, බ්යඤ්ජනං වා පදං වා හාපෙති, අඤ්ඤථා වා වත්තබ්බං අඤ්ඤථා වදති, අයං අප්පටිබලො. තබ්බිපරීතො ඉමස්මිං අත්ථෙ “පටිබලො”ති වෙදිතබ්බො. සඞ්ඝො ඤාපෙතබ්බොති සඞ්ඝො ජානාපෙතබ්බො. තතො පරං යං සඞ්ඝො ජානාපෙතබ්බො, තං දස්සෙතුං “සුණාතු මෙ භන්තෙ”තිආදිමාහ.
“ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන” මෙහි ව්‍යක්ත නම් යමක්හට සාර්ත්ථකථාවිනයපිටකය වාචොද්ගතව පවත්නේද, එතරම් නැතිකල්හි යමක්හට යටත්පිරිසෙයින් මේ ඤත්තිචතුත්ථ කම්මවාචාමාත්රයද මොනවට උගන්නා ලද්දක්වේද, වාචොද්ගතව පවත්නේද, මෙතෙමේද මේ අර්‍ත්‍ථයෙහි ව්‍යක්ත තෙමේය. යමෙක් තෙමේ වනාහි කාශශ්වාසශ්ලෙෂ්මාදියෙන් හෝ ගිලන්බැවින් හෝ ඔෂ්ටදන්ත ජීව්හාදීන්ගේ අසම්පත්තියෙන් හෝ පර්ය්යාප්තියෙහි නොකළපුරුදු ඇති බැවින් හෝ පරිමණ්ඩල වූ පදබ්යඤ්ජනයෙන් කර්මවාක්යය අස්වන්නට නොහැක්කේද, ව්‍යඤ්ජනයක් හෝ පදයක් හෝ පිරිහෙළාද, අන් අයුරකින් කියයුත්ත අන් අයුරකින් කියාද, මෙතෙමේ ප්‍රතිබල නොවේ. එයට විපරිත වූයේ මේ අර්‍ත්‍ථයෙහි ප්රතිබලැයි දතයුතුය. “සඞ්ඝො ඤාපෙතබ්බො” සඞ්ඝතෙමේ දැන්විය යුත්තේය. එයින් මතු සඞ්ඝතෙමේ යමක් නිසා දැන්විය යුත්තේද එය දක්වනු පිණිස “සුණාතු මේ භන්තෙ” යනාදිය වදාළ සේක.
උපසම්පන්නසමනන්තරාති උපසම්පන්නො හුත්වා සමනන්තරා. අනාචාරං ආචරතීති පණ්ණත්තිවීතික්කමං කරොති. උල්ලුම්පතු මන්ති උද්ධරතු මං, අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨපෙතු; සාමණෙරභාවා වා උද්ධරිත්වා භික්ඛුභාවෙ පතිට්ඨාපෙතූති. අනුකම්පං උපාදායාති අනුද්දයං පටිච්ච; මයි අනුකප්පං කත්වාති අත්ථො.
“උපසම්පන්නසමනන්තරා” උපසපනෙක්ව අනතුරුව. “අනාචාරං ආචරති” ශික්ෂාපද ව්‍යතික්‍රමය කෙරෙයි. “උල්ලුම්පතු මං” මා උදුරාවා, අකුශලයෙන් නැගිටුවා කුශලයෙහි පිහිටුවාවා, සාමණේරභාවයෙන් හෝ උදුරා භික්‍ෂුභාවයෙහි පිහිටුවාවා. “අනුකම්පං උපාදාය” කරුණාව නිසා ‘මා කෙරෙහි අනුකම්පා කොට යන අර්‍ත්‍ථයි.
අට්ඨිතා හොතීති නිච්චප්පවත්තිනී හොති. චත්තාරො නිස්සයෙති චත්තාරො පච්චයෙ. යස්මා චත්තාරො පච්චයෙ නිස්සාය අත්තභාවො පවත්තති, තස්මා තෙ නිස්සයාති වුච්චන්ති.
“අට්ඨිතා හොති” නිති පැවැතුම් ඇත්තීය. “චත්තාරො නිස්සයෙ” සිවුපසය. යම්හෙයකින් සිවුපසය නිසා ආත්මභාවය පවත්නේද එහෙයින් ඒ සිවුපසය නිස්සයි කියනු ලැබේ.
රාධබ්රාහ්මණවත්ථුකථා නිට්ඨිතා.
ආචරියවත්තකථා
ආචරියවත්තකථා
කින්තායං භික්ඛු හොතීති කිං තෙ අයං භික්ඛු හොති. අඤ්ඤෙහි ඔවදියො අනුසාසියොති අඤ්ඤෙහි ඔවදිතබ්බො චෙව අනුසාසිතබ්බො ච. බාහුල්ලාය ආවත්තො යදිදං ගණබන්ධිකන්ති ගණබන්ධො එතස්ස බාහුල්ලස්ස අත්ථීති ගණබන්ධිකං, බාහුල්ලං. යං ඉදං ගණබන්ධිකං නාම බාහුල්ලං, තදත්ථාය අතිලහුං ත්වං ආපන්නොති වුත්තං හොති.
[missing trans] “අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො” අන්හු විසින් අවවාද කටයුත්තෙහිද, අනුශාසනා කටයුත්තේහිද වේ. “බාහුල්ලාය ආවත්තො යදිදං ගණබන්ධිකං” පිරිස් බැඳගැනීම මේ බහුලභාවයට ඇත්තේනුයි. ගණබන්ධික බාහුල්ල නම. යම් මේ පිරිස් බැඳගැනීම නම්වූ බහුලභාවයක් වේද, තෝ ඒ පිණිස ඉතා වහා පැමිණියෙහියයි වදාරණ ලදී.
අබ්යත්තාති පඤ්ඤාවෙය්‍යත්තියෙන විරහිතා. අඤ්ඤත්තරොපි අඤ්ඤතිත්ථියපුබ්බොති පසූරො පරිබ්බාජකො. සො කිර “ධම්මං ථෙනෙස්සාමී”ති උදායිත්ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා තෙන සහධම්මිකං වුච්චමානො තස්ස වාදං ආරොපෙසි. අනුජානාමි භික්ඛවෙ බ්යත්තෙන භික්ඛුනාතිආදිම්හි බ්යත්තො පුබ්බෙ භික්ඛුනොවාදකවණ්ණනායං වුත්තලක්ඛණොයෙව. යො පන අන්තෙවාසිනො වා සද්ධිවිහාරිකස්ස වා ගිලානස්ස සක්කොති උපට්ඨානාදීනි කාතුං, අයං ඉධ පටිබලොති අධිප්පෙතො. වුත්තම්පි චෙතං –
“අව්යත්තා” ප්රඥාව්යක්තභාවයෙන් විරහිතයෝය. “අඤ්ඤෙතරොපි අඤ්ඤතිත්ථියපුබ්බො” පසුරතෙමේ, පරිව්රාජකයෙකි. ඒ අන්‍යතීර්ථක පසුර පරිව්‍රාජක තෙමේ ධර්මය සොරකම් කරන්නෙමි’යි උදායි තෙරහු වෙත පැවිදිව ඒ තෙරහු විසින් මෙසේ හැඳිය යුතුය යනාදි වශයෙන් කරුණු සහිතව කියනු ලබන්නේ ඒ උපාධ්යයයාහට වාදරොපණය කෙළේය. “අනුජානාමි භික්ඛවෙ ව්යත්තෙන භික්ඛුනා” යනාදිතන්හි ව්යක්තතෙමේ භික්ඛුනොවාදක වර්ණනාවෙහි කියූ ලක්ෂණ ඇත්තේමය. දසවස් ඇත්තාවූ හෝ අසිරිත් දසවස් ඇත්තාවූ හෝ යමෙක් තෙමේ අතැවැසියාහට හෝ සද්ධිවිහාරිකයාහට හෝ ගිලනක්හට හෝ උපස්ථානාදිය කරන්නට හැක්කේද, මෙතෙමේ මෙහි ප්‍රතිබල ඇතැයි අදහස් කරණ ලද්දේය.
“පඤ්චහුපාලි , අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං, නිස්සයො දාතබ්බො, සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි? පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතූ”න්ති (පරි· 418).
“පඤ්චහි උපාලි අඞ්ගහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි? පටිබලො හොති අන්තෙවාසිං වා, සද්ධිවිහාරිං වා, ගිලානං උපට්ඨාතුං වා, උපට්ඨා පෙතුං වා, අනභිරතං වූපකාසෙතුං වා, වූපකාසෙපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා, විනොදාපෙතුං වා, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං’යි මෙය වදාරණ ලදී.
පක්ඛසඞ්කන්තෙසූති තිත්ථියපක්ඛසඞ්කන්තෙසු. අනුජානාමි භික්ඛවෙ ආචරියන්ති ආචාරසමාචාරසික්ඛාපනකං ආචරියං අනුජානාමි. ආචරියො භික්ඛවෙ අන්තෙවාසිකම්හීතිආදි සබ්බං “උපජ්ඣායො භික්ඛවෙ සද්ධිවිහාරිකම්හී”තිආදිනා නයෙන වුත්තවසෙනෙව වෙදිතබ්බං. නාමමත්තමෙව හි එත්ථ නානං.
“පක්ඛසඞ්කන්තෙසු” තිර්ථක පක්ෂයට ගිය කල්හි. “අනුජානාමි භික්ඛවෙ ආචරියං” ආචාර සමාචාරයෙහි හික්මවන ආචාර්‍ය්‍යයා අනුදනිමි. “ආචරියො භික්ඛවෙ අන්තෙවාසිකම්හි” යනාදි සියල්ල “උපඣායො භික්ඛවෙ සද්ධිවිහාරිකම්හි” යනාදිනයින් වදාළ වසයෙන්ම දතයුත්තේය. නාමමාත්රයම මෙහි වෙනස් වේ.
ආචරියවත්තකථා නිට්ඨිතා.
පණාමනාඛමනාකථා
පණාමනාඛමනාකථා
අන්තෙවාසිකා ආචරියෙසු න සම්මා වත්තන්තීති එත්ථ පන යං පුබ්බෙ “නසම්මාවත්තනාය ච යාව චීවරරජනං, තාව වත්තෙ අකරියමානෙ උපජ්ඣායස්ස පරිහානි හොති, තස්මා තං අකරොන්තස්ස නිස්සයමුත්තකස්සාපි අමුත්තකස්සාපි ආපත්තියෙවා”ති ච, “එකච්චස්ස පත්තදානතො පට්ඨාය අමුත්තකනිස්සයස්සෙව ආපත්තී”ති ච ලක්ඛණං වුත්තං, න තෙනෙව ලක්ඛණෙන නිස්සයන්තෙවාසිකස්ස ආපත්ති වෙදිතබ්බා. නිස්සයන්තෙවාසිකෙන හි යාව ආචරියං නිස්සාය වසති, තාව සබ්බං ආචරියවත්තං කාතබ්බං. පබ්බජ්ජාඋපසම්පදාධම්මන්තෙවාසිකෙහි පන නිස්සයමුත්තකෙහිපි ආදිතො පට්ඨාය යාව චීවරරජනං, තාව වත්තං කාතබ්බං; අනාපුච්ඡිත්වා පත්තදානාදිම්හි පන එතෙසං අනාපත්ති. එතෙසු ච පබ්බජ්ජන්තෙවාසිකො ච උපසම්පදන්තෙවාසිකො ච ආචරියස්ස යාවජීවං භාරො. නිස්සයන්තෙවාසිකො ච ධම්මන්තෙවාසිකො ච යාව සමීපෙ වසන්ති, තාවදෙව. තස්මා ආචරියෙනාපි තෙසු සම්මා වත්තිතබ්බං. ආචරියන්තෙවාසිකෙසු හි යො යො න සම්මා වත්තති, තස්ස තස්ස ආපත්ති.
“අන්තෙවාසිකා ආචරියෙසු න සම්මාවත්තන්ති” යන මෙහි වනාහි පෙර න සම්මා වත්තනාය යාව චීවරරජනං, තාව වත්තෙ අකයිරමානෙ උපජ්ඣායස්ස පරිහානි හොති කස්මා, තං අකරොන්තස්ස නිස්සයමුත්තකස්සාපි අමුත්තකස්සාපි ආපත්තියෙවාති ච, එකච්චස්ස පත්තදානතො පට්ඨාය අමුත්තනිස්සයස්සෙව ආපත්තී ච, යම් ලක්ෂණයක් කියන ලද්දේ ද එම ලක්ෂණයෙන් නිශ්රයාන්තෙවාසිකයාහට ඇවැත් නොදතයුතුය. නිශ්රයාන්තෙවාසිකයා යම්තාක් ආචාර්‍ය්‍යයා ආශ්‍රයකොට වෙසේද ඒතාක්කල් සියලු ආචාර්ය්යවත් කටයුතුය. ප්‍රව්‍රජ්‍යා උපසම්පදා ධර්මාන්තෙවාසිකයන් විසිනුදු, නිශ්රයමුක්තකයන් විසිනුදු මුල පටන් යම්තාක් සිවුරු රඳන් ගැන්වීම වේද, ඒතාක් කල්වත් කටයුතුය. නොවිචාරා පාත්රදීම් ආදියෙහි වනාහි මේ තිදෙනාහට ඇවැත් නොවේ. මේ තිදෙනා අතුරෙහිද ප්රව්රජ්යාන්තෙවාසික තෙමේද උපසම්පදාන්තෙවාසික තෙමේද, දිවිකෙළවර දක්වා ආචාර්‍ය්‍යයාහට භාරය. නිශ්රයාන්තෙවාසික තෙමේද, ධර්මාන්තෙවාසික තෙමේද යම්තාක් කල් සමීපයෙහි වෙසෙත්ද, ඒතාක්කල් භාරය. එබැවින් ආචාර්‍ය්‍යයා විසින්ද ඔවුන් කෙරෙහි මනාව පැවැතිය යුතුය. ආචාර්ය්ය අන්තෙවාසිකයන් අතුරෙහි යමෙක් යමෙක් නොමනාව පවතීද ඒ ඒ මහණහුට ඇවැත් වේ.
පණාමනාඛමනාකථා නිට්ඨිතා.
නිස්සයපටිප්පස්සද්ධිකථා
නිස්සයපටිප්පස්සද්ධිකථා
උපජ්ඣායම්හා නිස්සයපටිප්පස්සද්ධීසු – උපජ්ඣායො පක්කන්තො වාතිආදීසු අයං විනිච්ඡයො – පක්කන්තොති තම්හා ආවාසා විප්පවසිතුකාමො පක්කන්තො දිසං ගතො. එවං ගතෙ ච පන තස්මිං සචෙ විහාරෙ නිස්සයදායකො අත්ථි, යස්ස සන්තිකෙ අඤ්ඤදාපි නිස්සයො වා ගහිතපුබ්බො හොති, යො වා එකසම්භොගපරිභොගො, තස්ස සන්තිකෙ නිස්සයො ගහෙතබ්බො, එකදිවසම්පි පරිහාරො නත්ථි. සචෙ තාදිසො නත්ථි, අඤ්ඤො ලජ්ජී පෙසලො අත්ථි, තස්ස ලජ්ජීපෙසලභාවං ජානන්තෙන තදහෙව නිස්සයො යාචිතබ්බො. සචෙ දෙති, ඉච්චෙතං කුසලං. අථ පන “තුම්හාකං උපජ්ඣායො ලහුං ආගමිස්සතී”ති පුච්ඡති, උපජ්ඣායෙන ච තථා වුත්තං, “ආම, භන්තෙ”ති වත්තබ්බං. සචෙ වදති “තෙන හි උපජ්ඣායස්ස ආගමනං ආගමෙථා”ති වට්ටති. අථ පනස්ස පකතියා පෙසලභාවං න ජානාති, චත්තාරි පඤ්ච දිවසානි තස්ස භික්ඛුනො සභාගතං ඔලොකෙත්වා ඔකාසං කාරෙත්වා නිස්සයො ගහෙතබ්බො.
උපාද්ධ්‍යායයා කෙරෙන් නිස සංසිඳීම් අතුරෙහි “උපජ්ඣායො පක්කන්තො වා” යනාදි තන්හි මේ මතු කියනු ලබන්නේ විනිශ්චයයි. “පක්කන්තො” ඒ ආවාසයෙන් වෙන්ව වසනු කැමති උපාද්ධ්‍යායතෙමේ බැහැර ගියේද, දික්ගියේවේද, මෙසේ ගිය කල්හිද ඒ වෙහෙරෙහි නිස දෙන්නෙක් ඇත්තේද, යමක්හුගේ සමීපයෙහි අන් කලෙක්හිද පෙර කිස ගන්නා ලද්දේ හෝ වේද, යමෙක් තෙමේ එකසම්භොගපරිභොගය ඇත්තේ හෝ වේද, ඔහුගේ සමීපයෙහි නිස ගතයුතුය. එක් දවසකුදු ආපත්තිපරිහාරය නැත්තේය. එක් දවසකුදු නිස නොගෙන වසන්නට යුතුනොවේ යනු භාවයි. ඉදින් එකසම්භොගයට සුදුසු ලජ්ජීවූ එබන්දෙක් නැත්තේද, අන්‍යවූ ලජ්ජිපෙසල භික්ෂු නමක් ඇත්තේ නම් ඔහුගේ ලජ්ජීපෙසලභාවය දන්නහු විසින් එදවසම නිස යැදිය යුතුය. ඉදින් නිස දේනම් මේ මෙසේ මැනවි. එකල්හි වනාහි ‘තොපගේ උපාද්ධ්‍යායතෙමේ වහා එන්නේදැ’යි විචාරාද, උපාද්ධ්‍යායයා විසින් එසේ කියන ලද්දේනම් ‘එසේය ස්වාමීනි’යි කියයුතුය. ඉදින් එසේ වීනම් උපාද්ධ්‍යායයාගේ ඊම බලවු’යි කියා නම් නිස නොගෙණ විසීම වටියි. එකල්හි මේ තෙරහුගේ පෙසලභාවය ප්‍රකෘතියෙන් නොදනීද, සතර පස් දවසක් ඒ මහණහුගේ භික්ෂුසභාගතාව බලා අවකාශ කරවා නිස ගතයුතුය.
සචෙ පන විහාරෙ නිස්සයදායකො නත්ථි, උපජ්ඣායො ච “අහං කතිපාහෙන ආගමිස්සාමි, මා උක්කණ්ඨිත්ථා”ති වත්වා ගතො, යාව ආගමනා පරිහාරො ලබ්භති. අථාපි නං තත්ථ මනුස්සා පරිච්ඡින්නකාලතො උත්තරිපි පඤ්ච වා දස වා දිවසානි වාසෙන්තියෙව, තෙන විහාරං පවත්ති පෙසෙතබ්බා “දහරා මා උක්කණ්ඨන්තු, අහං අසුකදිවසං නාම ආගමිස්සාමී”ති. එවම්පි පරිහාරො ලබ්භති. අථ ආගච්ඡතො අන්තරාමග්ගෙ නදීපූරෙන වා චොරාදීහි වා උපද්දවො හොති, ථෙරො උදකොසක්කනං වා ආගමෙති, සහායෙ වා පරියෙසති, තඤ්චෙ පවත්තිං දහරා සුණන්ති, යාව ආගමනා පරිහාරො ලබ්භති. සචෙ පන සො “ඉධෙවාහං වසිස්සාමී”ති පහිණති, පරිහාරො නත්ථි. යත්ථ නිස්සයො ලබ්භති, තත්ථ ගන්තබ්බං.
ඉදින් වෙහෙරෙහි නිස දෙන්නෙක් නැත්තේද, උපාද්ධ්යායතෙමේද ‘මම කිහිප දවසකින් එන්නෙමි, කළනොකිරෙවු’යි කියා ගියේද, ඊම දක්වා ආපත්ති පරිහාරය ලැබේ. නැවතද ඒ උපාද්ධ්‍යායයා, ඒ ගියතන්හි මනුෂ්‍යයෝ පිරිසිඳි කලින් මත්තෙහිද පස් දවසක් හෝ දසදවසක් හෝ වස්වාගණිත්මද, ඒ උපාද්ධ්‍යායයා විසින් ‘දහරභික්ෂූහු කළනොකිරෙත්වා මම අසුවල් දවසෙහි එන්නෙමි’යි විහාර ප්‍රවෘත්තිය දන්වා යැවිය යුත්තීය. මෙසේද පරිහාරය ලැබේ. නැවත එන්නහුම අතරමග ගඟ පිරීමෙන් හෝ සොරු ආදීන්ගෙන් හෝ උපද්රවයක්වේද, ස්ථවිරතෙමේ වතුර බැසයෑම හෝ බලාපොරොත්තුවේද, යහලුවන් හෝ සොයාද, එපුවත දහර භික්ෂූහු අසත්නම් තෙරුන්ගේ ඊම දක්වා පරිහාරය ලැබේ. ඉදින් ඒ උපාද්ධ්‍යායතෙමේ ‘මම මෙහිම වසන්නෙමි’යි දන්වා එවාද, දවසකුදු පරිහාරයෙක් නැත්තේය. යමකුගෙන් යම්තැනකදී නිසලැබේද, එහි යායුතුය.
විබ්භන්තෙ පන කාලඞ්කතෙ පක්ඛසඞ්කන්තෙ වා එකදිවසම්පි පරිහාරො නත්ථි. යත්ථ නිස්සයො ලබ්භති, තත්ථ ගන්තබ්බං. ආණත්තීති පන නිස්සයපණාමනා වුච්චති. තස්මා “පණාමෙමි ත”න්ති වා “මා ඉධ පටික්කමී”ති වා “නීහර තෙ පත්තචීවර”න්ති වා “නාහං තයා උපට්ඨාතබ්බො”ති වාති ඉමිනා පාළිනයෙන “මා මං ගාමප්පවෙසනං ආපුච්ඡී”තිආදිනා පාළිමුත්තකනයෙන වා යො නිස්සයපණාමනාය පණාමිතො හොති, තෙන උපජ්ඣායො ඛමාපෙතබ්බො.
උපාද්ධ්‍යායයා සිවුරු හැර ගිය කල්හි හෝ කලුරිය කළකල්හි හෝ තීර්ථායතනයකට ගිය කල්හි හෝ එක් දවසකුදු පරිහාරයෙක් නැත්තේය. යම් තැනකදී නිස ලැබේද, එහි යායුතුය. ආණත්තිය වනාහි නිස්සය පනාමනායි කියනු ලැබේ. එහෙයින් “පනාමෙමිතං”යි හෝ “මා ඉධ පටික්කමි”යි හෝ “නීහරෙ තෙ පත්තචීවරං”යි හෝ “නාහං තයා උපට්ඨාතබ්බො”යි හෝ යන මේ පාළියෙන් හෝ “මා මං ගාමප්පවෙසනං පුච්ඡි” යනාදි පාළමුත්තකනයින් හෝ යමෙක් තෙමේ නිස්සය පනාමනාවෙන් පහකරණ ලද්දේවේද, ඔහු විසින් උපාද්ධ්‍යායතෙමේ කමා කරවිය යුත්තේය.
සචෙ ආදිතොව න ඛමති, දණ්ඩකම්මං ආහරිත්වා තික්ඛත්තුං තාව සයමෙව ඛමාපෙතබ්බො. නො චෙ ඛමති, තස්මිං විහාරෙ මහාථෙරෙ ගහෙත්වා ඛමාපෙතබ්බො. නො චෙ ඛමති, සාමන්තවිහාරෙ භික්ඛූ ගහෙත්වා ඛමාපෙතබ්බො. සචෙ එවම්පි න ඛමති, අඤ්ඤත්ථ ගන්ත්වා උපජ්ඣායස්ස සභාගානං සන්තිකෙ වසිතබ්බං “අප්පෙව නාම සභාගානං මෙ සන්තිකෙ වසතීති ඤත්වාපි ඛමෙය්යා”ති. සචෙ එවම්පි න ඛමති, තත්රෙව වසිතබ්බං. තත්ර චෙ දුබ්භික්ඛාදිදොසෙන න සක්කා හොති වසිතුං, තංයෙව විහාරං ආගන්ත්වා අඤ්ඤස්ස සන්තිකෙ නිස්සයං ගහෙත්වා වසිතුං වට්ටති. අයමාණත්තියං විනිච්ඡයො.
ඉදින් පළමුකොටම කමානොකෙරේද, තමා විසින්ම දඬුවමක් ගෙන තුන්යලක් කමාකර වියයුත්තේය. උපාද්ධ්‍යායතෙමේ තමා නොකෙරේනම් ඒ විහාරයෙහි මහතෙරුන් ගෙන කමා කරවිය යුත්තේය. කමානොකෙරේම් තමන්ට සමීප විහාරයෙහි භික්ෂූන් ගෙන කමාකරවිය යුත්තේය. මෙසේත් කමා නොකෙරේනම් අන්තැනක ගොස් උපාද්ධ්‍යායයාගේ සභාග භික්ෂූන්ගේ සමීපයෙහි විසිය යුතුය. ‘මාගේ සභාග භික්ෂූන්ගේ සමීපයෙහි වෙසේයයි දැනද කමන්නේ නම් මැනවි. මෙසේත් කතා නොකෙරේනම් එහිම විසිය යුතුය. එහි දුර්භික්ෂාදි දෝෂයෙන් වසන්නට නොහැකිවේද, උපාද්ධ්‍යායයා වසන එම විහාරයට අවුත් අන් මහණක්හු වෙත නිස ගෙන විසීම වටියි. ඇණවීමෙහි මේ විනිශ්චයයි.
ආචරියම්හා නිස්සයපටිප්පස්සද්ධීසු ආචරියො පක්කන්තො වා හොතීති එත්ථ කොචි ආචරියො ආපුච්ඡිත්වා පක්කමති, කොචි අනාපුච්ඡිත්වා. අන්තෙවාසිකොපි එවමෙව. තත්ර සචෙ අන්තෙවාසිකො ආචරියං ආපුච්ඡති “අසුකං නාම භන්තෙ ඨානං ගන්තුං ඉච්ඡාමි කෙනචිදෙව කරණීයෙනා”ති, ආචරියෙන ච “කදා ගමිස්සසී”ති වුත්තො “සායන්හෙ වා රත්තිං වා උට්ඨහිත්වා ගමිස්සාමී”ති වදති, ආචරියොපි “සාධූ”ති සම්පටිච්ඡති, තඞ්ඛණඤ්ඤෙව නිස්සයො පටිප්පස්සම්භති.
ආචාර්‍ය්‍යයා කෙරෙන් නිස සංසිඳීම් අතුරෙහි - “ආචරියො පක්කන්තො වා හොති” මෙහි කිසි ආචාර්‍ය්‍යයෙක් විචාරා යන්නේය. කිසි ආචාර්‍ය්‍යයෙක් නොවිචාරා යන්නේය. අතවැසි තෙමේද එසේය. මෙහි ආචාර්‍ය්‍යතෙමේ, ප්රව්රජ්යාචාර්ය්ය - උපසම්පදාචාර්‍ය්‍යය-ධර්මාචාර්ය්යය - නිශ්රයාචාර්ය්යයි සිවුවැදෑරුම් වේ. යමක්හු විසින් ශික්ෂාපද දෙන ලද්දේද, ඒ ප්රව්රජ්යාචාර්ය්ය නම. යමක්හු විසින් උපසම්පදා කර්මවාක්යය කියන ලද්දේද, ඒ උපසම්පදාචාර්ය්ය නම. යමෙක් උද්දෙසය හෝ පරිපුච්ඡාව දේද, ඒ ධර්මාචාර්ය්ය නම. යමෙක් නිසදේද, ඒ නිශ්‍රයාචාර්‍ය්‍ය නම. අතවැසිද ප්රව්රජ්යාන්තෙවාසිකය - උපසම්පදාන්තෙවාසිකය - ධර්මාන්තෙවාසිකය නිශ්රයාන්තෙවාසිකයයි සිවුවැදෑරුම් වේ. එහි නිශ්රයාන්තෙවාසිකතෙමේ ‘ස්වාමීනි’ කිසි කටයුත්තක් නිසා අසුවල් නම් තැනට යන්නට කැමැත්තෙමි’යි ආචාර්‍ය්‍යයා විචාරාද, ආචාය්යයා විසින්ද, කවර කලක යන්නෙහිදැ’යි විචාරණ ලදුයේ ‘සවස් වේලෙහි හෝ රාත්‍රියෙහි හෝ නැගිට යන්නෙමි’යි කියාද, ආචාර්ය්ය තෙමේද ‘මැනැවැ’යි පිළිගණීද, එකෙණෙහිම නිස සංසිඳෙන්නේය.
සචෙ පන “භන්තෙ අසුකං නාම ඨානං ගන්තුකාමොම්හී”ති වුත්තෙ ආචරියො “අසුකස්මිං නාම ගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡා ජානිස්සසී”ති වදති, සො ච “සාධූ”ති සම්පටිච්ඡති, තතො චෙ ගතො, සුගතො. සචෙ පන න ගච්ඡති, නිස්සයො න පටිප්පස්සම්භති. අථාපි “ගච්ඡාමී”ති වුත්තෙ ආචරියෙන “මා තාව ගච්ඡ, රත්තිං මන්තෙත්වා ජානිස්සාමා”ති වුත්තො මන්තෙත්වා ගච්ඡති, සුගතො. නො චෙ ගච්ඡති, නිස්සයො න පටිප්පස්සම්භති. ආචරියං අනාපුච්ඡා පක්කමන්තස්ස පන උපචාරසීමාතික්කමෙ නිස්සයො පටිප්පස්සම්භති. අන්තොඋපචාරසීමතො පටිනිවත්තන්තස්ස න පටිප්පස්සම්භති.
ඉදින් වනාහි ‘ස්වාමීනි’ අසුවල් නම් තැනට යනු කැමැතියෙමි’යි කියූ කල්හි ආචාර්ය්ය තෙමේ ‘අසවල් නම් ගමෙහි පිඬු පිණිස හැසිර පසුව දනුව’යි කියා නම්, හෙතෙමේ ‘මැනවැ’යි පිළිගණී නම්, එයින් ගියේනම් මනාකොට ගියේය. ඉදින් නොයේනම්, නිස නොසංසිඳෙන්නේය. තවද ‘යමි’යි කියූ කල්හි ආචාර්‍ය්‍යයා විසින් ‘නොයවා, රෑ මන්ත්‍රණය කොට දන්නෙමු’යි කියන ලද්දේ මන්ත්‍රණය කොටයේද, මොනවට ගියේවේ. නොයේනම් නිස නොසංසිඳේ. ආචාර්‍ය්‍යයා නොවිචාරා යන්නහුගේ වනාහි උපචාර සීමාව ඉක්මීම නිමිතිකොට නිස සංසිඳේ. උපචාර සීමාව තුළ නවතින්නහුට නිස නොසංසිඳේ,
සචෙ පන ආචරියො අන්තෙවාසිකං ආපුච්ඡති “ආවුසො අසුකං නාම ඨානං ගමිස්සාමී”ති, අන්තෙවාසිකෙන ච “කදා”ති වුත්තෙ “සායන්හෙ වා රත්තිභාගෙ වා”ති වදති, අන්තෙවාසිකොපි “සාධූ”ති සම්පටිච්ඡති, තඞ්ඛණඤ්ඤෙව නිස්සයො පටිප්පස්සම්භති.
ආචාර්‍ය්‍යතෙමේ ‘ඇවැත’ අසවල් නම් තැනට යමි’යි අතවැසියා විචාරාද, අතවැසියා විසින්ද ‘කවර කලෙකැ’යි විචාළ කල්හි ‘සවස් කාලයෙහි හෝ රාත්‍රිකාලයෙහි හෝයි කියානම්, අතවැසි තෙමේද ‘මැනවැ’යි පිළිගනීනම් එකෙණෙහිම නිස සංසිඳෙන්නේය.
සචෙ පන ආචරියො “ස්වෙ පිණ්ඩාය චරිත්වා ගමිස්සාමී”ති වදති, ඉතරො ච “සාධූ”ති සම්පටිච්ඡති, එකදිවසං තාව නිස්සයො න පටිප්පස්සම්භති, පුනදිවසෙ පටිප්පස්සද්ධො හොති. “අසුකස්මිං නාම ගාමෙ පිණ්ඩාය චරිත්වා ජානිස්සාමි මම ගමනං වා අගමනං වා”ති වත්වා සචෙ න ගච්ඡති, නිස්සයො න පටිප්පස්සම්භති. අථාපි “ගච්ඡාමී”ති වුත්තෙ අන්තෙවාසිකෙන “මා තාව ගච්ඡථ, රත්තිං මන්තෙත්වා ජානිස්සථා”ති වුත්තො මන්තෙත්වාපි න ගච්ඡති, නිස්සයො න පටිප්පස්සම්භති.
ආචාර්ය්ය තෙමේ ‘හෙට පිඬු පිණිස හැසිර යන්නෙමි’යි කියානම් අතැවැසිතෙමේද ‘මැනවැ’යි පිළිගනීනම් එක් දවසක නිස නොසංසිදෙන්නේය. දෙවන දිනයෙහි සංසිඳුනේ වේ. ‘අසුවල් නම් ගමෙහි පිඬුපිණිස හැසිර මාගේ යෑම හෝ නොයෑම හෝ දැනගන්නෙමි’යි කියා නොයේනම් නිස නොසංසිඳේ. තවද ‘යමි’යි කියූ කල්හි අතවැසියා විසින් ‘නොයවු, රාත්‍රියෙහි මන්ත්‍රණයකොට දනිවු’යි කියන ලද්දේ මන්ත්රණයකොටද, නොයේනම් නිස නොසංසිඳේ.
සචෙ උභොපි ආචරියන්තෙවාසිකා කෙනචි කරණීයෙන බහිසීමං ගච්ඡන්ති, තතො චෙ ආචරියො ගමියචිත්තෙ උප්පන්නෙ අනාපුච්ඡාව ගන්ත්වා ද්වින්නං ලෙඩ්ඩුපාතානං අන්තොයෙව නිවත්තති, නිස්සයො න පටිප්පස්සම්භති. සචෙ ද්වෙ ලෙඩ්ඩුපාතෙ අතික්කමිත්වා නිවත්තති, පටිප්පස්සද්ධො හොති. ආචරියුපජ්ඣායා ද්වෙ ලෙඩ්ඩුපාතෙ අතික්කම්ම අඤ්ඤස්මිං විහාරෙ වසන්ති, නිස්සයො පටිප්පස්සම්භති.
ආචාර්ය්ය අන්තෙවාසික දෙදෙනාම කිසියම් කටයුත්තක් නිසා සීමාවෙන් පිටතට යත්ද, ඉන්පසු ආචාර්‍ය්‍යතෙමේ යන සිත උපන් කල්හි නොවිචාරාම ගොස් ලෙඩ්ඩූපාත දෙකක් තුළම නවතීනම් නිස නොසංසිඳේ. ලෙඩ්ඩූපාත දෙක ඉක්මවා නවතීනම් සංසිඳුනේ වේ. ආචාර්ය්ය උපාද්ධ්‍යායයෝ ලෙඩ්ඩූපාත දෙක ඉක්මවා අන් වෙහෙරක වෙසෙත්ද, නිස සංසිඳේ.
ආචරියෙ විබ්භන්තෙ කාලඞ්කතෙ පක්ඛසඞ්කන්තෙ ච තඞ්ඛණඤ්ඤෙව පටිප්පස්සම්භති. ආණත්තියං පන සචෙපි ආචරියො මුඤ්චිතුකාමොව හුත්වා නිස්සයපණාමනාය පණාමෙති, අන්තෙවාසිකො ච “කිඤ්චාපි මං ආචරියො පණාමෙති, අථ ඛො හදයෙන මුදුකො”ති සාලයොව හොති, නිස්සයො න පටිප්පස්සම්භතියෙව. සචෙපි ආචරියො සාලයො, අන්තෙවාසිකො නිරාලයො, “න දානි ඉමං නිස්සාය වසිස්සාමී”ති ධුරං නික්ඛිපති, එවම්පි න පටිප්පස්සම්භති. උභින්නං සාලයභාවෙ පන න පටිප්පස්සම්භතියෙව. උභින්නං ධුරනික්ඛෙපෙන පටිප්පස්සම්භති. පණාමිතෙන දණ්ඩකම්මං ආහරිත්වා තික්ඛත්තුං ඛමාපෙතබ්බො. නො චෙ ඛමති, උපජ්ඣායෙ වුත්තනයෙන පටිපජ්ජිතබ්බං.
ආචාර්‍ය්‍යයා සිවුරු හළකල්හි හෝ කලුරිය කළ කල්හි හෝ තීර්ථක පක්ෂයට ගිය කල්හි හෝ එකෙණෙහිම නිස සංසිඳේ. ආණත්තියෙහි වනාහි - ආචාර්‍ය්‍යතෙමේ මුදනු කැමැතිව නිස්සයපනාමනායෙන් පහකෙරේද, අතවැසි තෙමේද, ‘ආචාර්‍ය්‍යතෙමේ මා පහකෙරේ. එතකුදුවුවත් හෘදයෙන් මොළොක්යි ආලය සහිතම වේ. නිස නොසංසිඳේමය. ආචාර්‍ය්‍යතෙමේ ආලය සහිතවේද, අතවැසිතෙමේ ආලය රහිතවේද, ‘දැන් මොහු නිසා නොවසන්නෙමි’යි ධුරනික්‍ෂෙපය කෙරේ නම්, මෙසේ කල්හිද නොසංසිඳේ, දෙදෙනාගේ ආලය සහිතබව ඇති කල්හිද නොසංසිඳේමය. දෙදෙනාගේ ධුරනික්ෂෙපයෙන් සංසිඳේ. පහකරන ලද්දහු විසින් දඬුවමක් ගෙන තෙවරක් කමාකරවිය යුත්තේය. කමා නොකෙරේනම් උපාද්ධ්‍යායයා කෙරෙහි කියූනයින්ම පිළිපැදිය යුතුය.
උපජ්ඣායෙන වා සමොධානගතොති එත්ථ දස්සනසවනවසෙන සමොධානං වෙදිතබ්බං. සචෙ හි ආචරියං නිස්සාය වසන්තො සද්ධිවිහාරිකො එකවිහාරෙ චෙතියං වා වන්දන්තං එකගාමෙ පිණ්ඩාය වා චරන්තං උපජ්ඣායං පස්සති, නිස්සයො පටිප්පස්සම්භති. උපජ්ඣායො පස්සති, සද්ධිවිහාරිකො පන න පස්සති, න පටිප්පස්සම්භති. මග්ගප්පටිපන්නං වා ආකාසෙන වා ගච්ඡන්තං උපජ්ඣායං දිස්වා දූරත්තා භික්ඛූති ජානාති, උපජ්ඣායොති න ජානාති, න පටිප්පස්සම්භති. සචෙ ජානාති, පටිප්පස්සම්භති. උපරිපාසාදෙ උපජ්ඣායො වසති, හෙට්ඨා සද්ධිවිහාරිකො, තං අදිස්වාව යාගුං පිවිත්වා පක්කමති, ආසනසාලාය වා නිසින්නං අදිස්වාව එකමන්තෙ භුඤ්ජිත්වා පක්කමති, ධම්මස්සවනමණ්ඩපෙ වා නිසින්නම්පි තං අදිස්වාව ධම්මං සුත්වා පක්කමති, නිස්සයො න පටිප්පස්සම්භති. එවං තාව දස්සනවසෙන සමොධානං වෙදිතබ්බං.
“උපජ්ඣායෙන සමොධානගතො” මෙහි දැකීමෙන් හා ඇසීමෙන් සමොධානය දතයුතුය. ආචාර්‍ය්‍යයා නිසා වසන සද්ධිවිහාරිකතෙමේ එක් වෙහෙරක සෑය වඳින්නා වූ හෝ එක් ගමෙක පිඬුපිණිස හැසිරෙන්නාවූ හෝ උපාද්ධ්‍යායයා දකීද, නිස සංසිඳේ. උපාද්ධ්‍යායතෙමේ දකීද, සද්ධිවිහාරික මේ නොදකීද නොසංසිඳේ. මගට පිළිපන්නාවූ හෝ අහසින් යන්නාවූ හෝ උපාද්ධ්‍යායයා දැක දුර බැවින් භික්ෂුයි දැනගණීද, උපාද්ධ්‍යාය’යි නොදනීද, නොසංසිඳේ. ඉදින් දනීනම් සංසිඳේ. පහය මතුවෙහි උපාද්ධ්‍යායතෙමේ වසයි. පහය යට සද්ධිවිහාරිකතෙමේ වසයි. ඒ උපාද්ධ්‍යායයා නොදැකම කැඳ බීයේද අසුන්හලෙක හෝ හුන් උපාද්ධ්‍යායයා නොදැකම එකත්පසෙක හිඳ වලඳායේද, ධර්මශ්රවණමණ්ඩපයෙක හෝ හුන්නාවූද ඒ උපාද්ධ්‍යායයා නොදැකම දහම් අසායේද, නිස නොසංසිඳේ. මේ වනාහි දැකීම් වසයෙන් සමොධානය’යි දතයුතුය.
සවනවසෙන පන සචෙ උපජ්ඣායස්ස විහාරෙ වා අන්තරඝරෙ වා ධම්මං කථෙන්තස්ස අනුමොදනං වා කරොන්තස්ස සද්දං සුත්වා “උපජ්ඣායස්ස මෙ සද්දො”ති සඤ්ජානාති, නිස්සයො පටිප්පස්සම්භති. අසඤ්ජානන්තස්ස න පටිප්පස්සම්භතීති අයං සමොධානෙ විනිච්ඡයො.
ශ්‍රවණ වශයෙන් වනාහි වෙහෙරෙහි හෝ ඇතුළු ගමෙහි හෝ දහම් දෙසන්නා වූ හෝ අනුමෝදනා කරන්නාවූ හෝ උපාද්ධ්‍යායයාගේ ශබ්දය අසා මාගේ උපාද්ධ්‍යායයාගේ ශබ්දයයි දැනගනීද, නිස සංසිදේ. නොදන්නහුගේ නිස නොසංසිදේ. මේ සමොධානයෙහි විනිශ්චයයි.
නිස්සයපටිප්පස්සද්ධිකථා නිට්ඨිතා.
උපසම්පාදෙතබ්බපඤ්චකකථා
උපසම්පාදෙතබ්බපඤ්චකකථා
ඉදානි යං පුබ්බෙ “අනුජානාමි භික්ඛවෙ බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතුං, නිස්සයං දාතු”න්ති සඞ්ඛෙපතො උපජ්ඣායාචරියානං ලක්ඛණං වුත්තං, තං විත්ථාරතො දස්සෙතුං “පඤ්චහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙනා”තිආදිමාහ. තත්ථ පඤ්චහි අඞ්ගෙහීති පඤ්චහි අගුණඞ්ගෙහි. සො හි සීලක්ඛන්ධාදීහි අසමන්නාගතත්තාව අගුණඞ්ගෙහි සමන්නාගතො හොති. න උපසම්පාදෙතබ්බන්ති උපජ්ඣායෙන හුත්වා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බොති ආචරියෙන හුත්වා නිස්සයො න දාතබ්බො. එත්ථ ච න අසෙක්ඛෙන සීලක්ඛන්ධෙනාති ච අත්තනා න අසෙක්ඛෙනාති ච අස්සද්ධොති ච ආදීසු තීසු පඤ්චකෙසු අයුත්තවසෙන පටික්ඛෙපො කතො, න ආපත්තිඅඞ්ගවසෙන. යො හි අසෙක්ඛෙහි සීලක්ඛන්ධාදීහි අසමන්නාගතො පරෙ ච තත්ථ සමාදපෙතුං අසක්කොන්තො අස්සද්ධියාදිදොසයුත්තොව හුත්වා පරිසං පරිහරති, තස්ස පරිසා සීලාදීහි පරිහායතියෙව, න වඩ්ඪති. තස්මා තෙන න උපසම්පාදෙතබ්බන්තිආදි අයුත්තවසෙන වුත්තං, න ආපත්තිඅඞ්ගවසෙන. න හි ඛීණාසවස්සෙව උපජ්ඣායාචරියභාවො භගවතා අනුඤ්ඤාතො. යදි තස්සෙව අනුඤ්ඤාතො අභවිස්ස, “සචෙ උපජ්ඣායස්ස අනභිරති උප්පන්නා හොතී”තිආදිං න වදෙය්ය. යස්මා පන ඛීණාසවස්ස පරිසා සීලාදීහි න පරිහායති, තස්මා “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බ”න්තිආදි වුත්තං.
දැන් පෙර “අනුජානාමි භික්ඛවෙ ව්යත්තෙන භික්ඛුණා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතුං නිස්සයං දාතුං”යි සැකෙවින් උපාද්ධ්යායාචාර්ය්යන්ගේ යම් ලක්ෂණයක් වදාරණ ලද්දේද, ඒ ලක්ෂණය විස්තර වශයෙන් දක්වන්නට, “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන” යනාදිය වදාළ සේක. එහි “පඤ්චහි අඞ්ගෙහි” අගුණ කරුණු පසකින් හෙතෙමේ ශීලස්කන්ධාදියෙන් යුක්ත නොවූ බැවින්ම අගුණවූ අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ. “න උපසම්පාදෙතබ්බං” උපාධ්‍යායව උපසම්පදා නොකටයුතුය. “න නිස්සයො දාතබ්බො” ආචාර්‍ය්‍යව නිස නොදිය යුතුය. මෙහිද, “න අසෙඛෙන සීලක්ඛන්ධෙන” යනුද, “අත්තනා න අසෙඛෙන” යනුද, “අස්සද්ධො” යනුද මේ ආදි ත්‍රිවිධ පංචකයන්හි අයුක්ත වශයෙන් ප්රතික්ෂෙපය කරණ ලද්දේය. ආපත්ති අඞ්ග වසයෙන් නොවේ. යමෙක් තෙමේ වනාහි අශෛක්ෂ ශීලස්කන්ධාදියෙන් යුක්ත නොවූයේ අන්හුද එහි සමාදන් කරවන්නට නොහැකි වනුයේ අශ්රද්ධාදිදොෂයෙන්ද යුක්ත වූවෙක්ව පිරිස් පරිහරණය කෙරේද, ඔහුගේ පිරිස ශීලාදියෙන් පිරිහේමය. නොවැඩේ. එහෙයින් ඔහු විසින් උපසම්පදා නොකටයුතුය යනාදි තන්හි අයුක්ත වශයෙන් කියනලදී. ආපත්ති අඞ්ග වසයෙන් නොවේ. ක්ෂීණාශ්රවයාහටම උපාද්ධ්‍යාය - ආචාර්ය්යභාවය භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනුදන්නා ලද්දේය. ඉදින් ඒ ක්ෂීණාශ්රවයාහටම අනුදන්නා ලද්දේ වන්නේ නම් “සචෙ උපජ්ඣායස්ස අනභිරති උප්පන්නා හොති” යනාදිය නොවදාරණ සේක. යම්හෙයකින් ක්ෂීණාශ්රවයාගේ පිරිස ශීලාදියෙන් නොපිරිහේද, එහෙයින් “පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං” යනාදිය වදාරණ ලදී.
අධිසීලෙ සීලවිපන්නොතිආදීසු පාරාජිකඤ්ච සඞ්ඝාදිසෙසඤ්ච ආපන්නො අධිසීලෙ සීලවිපන්නො නාම. ඉතරෙ පඤ්චාපත්තික්ඛන්ධෙ ආපන්නො අජ්ඣාචාරෙ ආචාරවිපන්නො නාම. සම්මාදිට්ඨිං පහාය අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො නාම. යත්තකං සුතං පරිසං පරිහරන්තස්ස ඉච්ඡිතබ්බං, තෙන විරහිතත්තා අප්පස්සුතො. යං තෙන ජානිතබ්බං ආපත්තාදි, තස්ස අජානනතො දුප්පඤ්ඤො. ඉමස්මිං පඤ්චකෙ පුරිමානි තීණි පදානි අයුත්තවසෙන වුත්තානි, පච්ඡිමානි ද්වෙ ආපත්තිඅඞ්ගවසෙන.
“අධිසීලෙ සීලවිපන්නො” යනාදි තන්හි පාරාජිකයට හෝ සඞ්ඝාදිසෙසයට හෝ පැමිණියේ, අධිසීලයෙහි සීලවිපන්න නම්වේ. අන්‍යවූ පඤ්චාපත්තිස්කන්ධයන්ට පැමිණියේ, අද්ධ්යාචාරයෙහි ආචාරවිපන්න නම්වේ. සම්‍යක්දෘෂ්ටිය හැර ශාස්වත - උච්ඡෙද සඞ්ඛ්‍යාත අන්තග්රාහිකදෘෂ්ටියෙන් යුක්ත වූයේ, අතිදෘෂ්ටියෙහි දෘෂ්ටිවිපන්න නම් වේ. පිරිස් පරිහරණය කරන්නහුට යම් පමණ ශ්‍රැතයෙක් කැමතිවිය යුතුද, ඒ ශ්‍රැතයෙන් තොර බැවින් අප්පස්සුත නම. ඔහු විසින් ආපත්ති ආදි යමක් දතයුතුද, ඒ ආපත්ති ආදිය නොදන්නා බැවින් දුප්පඤ්ඤ නම්වේ. මේ පඤ්චකයෙහි “අධිසීලෙ සීලවිපන්නො, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො, අතිදිට්ඨියා දිට්ඨිවිපන්තො” යන පුරිමවූ ත්රිපදයෝ අයුක්ත වශයෙන්ම වදාරණ ලද්දාහුය. “අප්පස්සුතො, දුප්පඤ්ඤො” යන පශ්චිමවූ ද්විපදයෝ ආපත්ති අඞ්ග වසයෙන් වදාරණ ලද්දාහුය.
ආපත්තිං න ජානාතීති “ඉදං නාම මයා කත”න්ති වුත්තෙ “ඉමං නාම ආපත්තිං අයං ආපන්නො”ති න ජානාති. වුට්ඨානං න ජානාතීති වුට්ඨානගාමිනිතො වා දෙසනාගාමිනිතො වා ආපත්තිතො එවං නාම වුට්ඨානං හොතීති න ජානාති. ඉමස්මිං පඤ්චකෙ පුරිමානි ද්වෙ පදානි අයුත්තවසෙන වුත්තානි, පච්ඡිමානි තීණි ආපත්තිඅඞ්ගවසෙන.
“ආපත්තිං න ජානාති” මා විසින් මෙනම් ක්‍රියාවක් කරණ ලදැ’යි කියූ කල්හි ‘මෙතෙමේ මෙනම් ඇවතට පැමිණියේය’යි නොදනීද “වුට්ඨානං න ජානාති” වුට්ඨානගාමිනී ඇවැතින් හෝ දෙසනාගාමිනී ඇවැතින් හෝ මෙසේ නම් නැගීසිටීම වේයයි නොදනීද, මේ පඤ්චකයෙහි ‘න පටිබලො හොති අන්තෙවාසි තං වා සද්ධිවිහාරිකං වා ගිලානං උපට්ඨතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතිං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා” යන මේ පළමු දෙපදයෝ අයුක්ත වශයෙන් වදාරණ ලද්දාහුය. “උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතං වා, ආපත්තිං නජානාති ආපත්තියා වුට්ඨානං නජානාති” යන මේ පසු තෙපදයෝ ආපත්ති අඞ්ග වසයෙන් වදාරණ ලද්දාහුය.
ආභිසමාචාරිකාය සික්ඛායාති ඛන්ධකවත්තෙ විනෙතුං න පටිබලො හොතීති අත්ථො. ආදිබ්රහ්මචරියකායාති සෙක්ඛපණ්ණත්තියං විනෙතුං න පටිබලොති අත්ථො. අභිධම්මෙති නාමරූපපරිච්ඡෙදෙ විනෙතුං න පටිබලොති අත්ථො. අභිවිනයෙති සකලෙ විනයපිටකෙ විනෙතුං න පටිබලොති අත්ථො. විනෙතුං න පටිබලොති ච සබ්බත්ථ සික්ඛාපෙතුං න සක්කොතීති අත්ථො. ධම්මතො විවෙචෙතුන්ති ධම්මෙන කාරණෙන විස්සජ්ජාපෙතුං. ඉමස්මි පඤ්චකෙ සබ්බපදෙසු ආපත්ති. ආපත්තිං න ජානාතීතිආදිපඤ්චකස්මිම්පි සබ්බපදෙසු ආපත්ති. ඌනදසවස්සපරියොසානපඤ්චකෙපි එසෙව නයො. ඉති ආදිතො තයො පඤ්චකා, චතුත්ථෙ තීණි පදානි, පඤ්චමෙ ද්වෙ පදානීති සබ්බෙපි චත්තාරො පඤ්චකා අයුත්තවසෙන වුත්තා. චතුත්ථපඤ්චකෙ ද්වෙ පදානි, පඤ්චමෙ තීණි, ඡට්ඨසත්තමඅට්ඨමා තයො පඤ්චකාති සබ්බෙපි චත්තාරො පඤ්චකා ආපත්තිඅඞ්ගවසෙන වුත්තා; සුක්කපක්ඛෙ අට්ඨසු අනාපත්තියෙවාති.
“ආභිසමාචාරිකාය සික්ඛාය” යනු ඛන්ධකවතෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේය’යි අර්‍ත්‍ථයි. “ආදිබ්රහ්මචරියකාය’ ශෛක්ෂ ප්‍රඥප්තියෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේය’යි අර්‍ත්‍ථයි. “අභිධම්මෙ” නාමරූපපරිච්ඡෙදයෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේයයි අර්‍ත්‍ථයි. “අභිවිනයෙ” සියලු විනය පිටකයෙහි හික්මවන්නට ප්‍රතිබල නොවේයයි අර්‍ත්‍ථයි. “විනෙතුං න පටිබලො” හැම තැන්හි හික්මවන්නට නොහැක්කේය යන අර්‍ත්‍ථයි. “ධම්මතො විවෙචෙතුං” ධර්මයෙන්, කාරණයෙන් දෘෂ්ටිය පහකරවන්ට. මේ පඤ්චකයෙහි සියලු පදයන්හි ඇවැත් වේ. “ආපත්තිං න ජානාති” යනාදි පඤ්චකයෙහිද සියලු පදයන්හි ඇවැත් වේ. උනුදසවස් කෙළවරකොට ඇති පඤ්චකයෙහිද මේනයම වේ. මෙසේ ආදියෙහි පඤ්චක තුනද, චතුර්ත්ථපඤ්චකයෙහි ප්‍රථම ත්රිපදයද, පඤ්චම පඤ්චකතුනද, චතුර්ත්ථ පඤ්චකයෙහි ප්‍රථම ත්රිපදයද, පඤ්චම පඤ්චකයෙහි ප්‍රථම දෙපදයද යන සියලුම සිවුවැදෑරුම් වූ පඤ්චකද අයුක්ත වශයෙන් වදාරණ ලද්දාහුය. චතුර්ත්ථ පඤ්චකයෙහි දෙපදයෙක, පඤ්චම පඤ්චකයෙහි තෙපදයෙක, ෂෂ්ඨ-සප්තම, අෂ්ටම යන ත්රිපඤ්චකයද යන සියලුම චතුපඤ්චකයෝ ආපත්ති අඞ්ග වසයෙන් වදාරණ ලද්දාහුය. ශුක්ල පක්ෂයෙහි අටතන්හි අනාපත්තිමය.
උපසම්පාදෙතබ්බපඤ්චකකථා නිට්ඨිතා.
සොළසපඤ්චක විනිශ්චය නිමි.
උපසම්පාදෙතබ්බඡක්කකථා
උපසම්පාදෙතබ්බඡක්කකථා
ඡක්කෙසු ඌනදසවස්සපදං විසෙසො, තං සබ්බත්ථ ආපත්තිකරං. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං. තත්ථ උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන න ස්වාගතානි හොන්තීති උභතොවිභඞ්ගවසෙන න ස්වාගතානි. න සුවිභත්තානීති මාතිකාවිභඞ්ගවසෙන. න සුප්පවත්තීනීති වාචුග්ගතවසෙන. න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසොති මාතිකාතො ච විභඞ්ගතො ච න සුට්ඨු විනිච්ඡිතානි.
ෂට්කයන්හි - “ඌනදසවස්ස” පදය විශෙෂ වේ. ඒ ඌනදශවර්ෂපදය හැමතන්හි ඇවැත් කරන්නේය. සෙස්ස කියූ නයින්ම දතයුතුය. එහි “උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන න සමාගතානි හොන්ති” උභතො විභඞ්ග වසයෙන් මනාසේ අවබෝධ නොවූවාහුවෙත්ද, “න සුවිභත්තානි” මාතිකාවිභඞ්ග වසයෙන් මනාසේ බෙදුනාහු නොවෙත්ද, “න සුප්පවත්තිනි” වාචොද්ගත කිරීම් වසයෙන් මනාසේ නොපවත්නාහු වෙත්ද, “න සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො” මාතිකාවසයෙන් හා විභඞ්ගවසයෙන් මනාකොට විනිශ්චය නොකරණලද්දාහු වෙත්ද.
උපසම්පාදෙතබ්බඡක්කකථා නිට්ඨිතා.