අඤ්ඤතිත්ථියපුබ්බවත්ථුකථා අට්ඨකථා
අඤ්ඤතිත්ථියපුබ්බවත්ථුකථා
අඤ්ඤතිත්ථියපුබ්බවත්ථුකථා
අඤ්ඤතිත්ථියපුබ්බවත්ථුස්මිං – යො තාව අයං පසූරො, සො තිත්ථියපක්කන්තකත්තා න උපසම්පාදෙතබ්බො. යො පන අඤ්ඤොපි නයිධ පබ්බජිතපුබ්බො ආගච්ඡති, තස්මිං යං කත්තබ්බං තං දස්සෙතුං “යො සො භික්ඛවෙ අඤ්ඤොපී”තිආදිමාහ. තත්ථ තස්ස චත්තාරො මාසෙ පරිවාසො දාතබ්බොති අයං තිත්ථියපරිවාසො නාම; අප්පටිච්ඡන්නපරිවාසොතිපි වුච්චති. අයං පන නග්ගපරිබ්බාජකස්සෙව ආජීවකස්ස වා අචෙලකස්ස වා දාතබ්බො . සචෙ සොපි සාටකං වා වාළකම්බලාදීනං අඤ්ඤතරං තිත්ථියද්ධජං වා නිවාසෙත්වා ආගච්ඡති, නාස්ස පරිවාසො දාතබ්බො. අඤ්ඤස්ස පන තාපසපණ්ඩරඞ්ගාදිකස්ස න දාතබ්බොව.
අන්‍යතීර්ථක පූර්වවස්තුවෙහි - යම්මේ පසුර නම් පරිව්රාජකයෙක්වේද, හෙතෙමේ තීර්ථායතනයට ගිය බැවින් උපසපන් නොකටයුතුය. යම් අන්‍යයෙක් තෙමේද මේ සසුනෙහි පෙරපැවිදි නොවූයේ ඒද, ඔහු කෙරෙහි යමක් කටයුතුනම් එය දක්වන්නට “යො සො භික්ඛවෙ අඤ්ඤොපි” යනාදිය වදාළ සේක. එහි “තස්ස චත්තාරො මාසෙ පරිවාසො දාතබ්බො” මේ තීර්ථකපරිවාස නම. අපටිච්ඡන්නපරිවාසැයිද කියනු ලැබේ. මේ පරිවාසය වනාහි නග්න පරිව්‍රාජක වූම ආජීවකයකුහට හෝ අචෙලකයකු හට හෝ දියයුතුය. හෙතෙමේද, වස්ත්‍රයක් හෝ ව්‍යාල කම්බලාදීන්ගෙන් එක්තරා තීර්ථක ධ්වජයක් හෝ හැඳ ඒ නම් මොහුට පරිවාසය නොදිය යුතුය. අන්‍යවූද, තාපස පණ්ඩරඞ්ගාදියකුහට නොදිය යුත්තේමය.
පඨමං කෙසමස්සුන්තිආදිනා තස්ස ආදිතොව සාමණෙරපබ්බජ්ජං දස්සෙති. එවං පබ්බාජෙන්තෙහි පන තස්මිං සඞ්ඝමජ්ඣෙ නිසින්නෙයෙව “ත්වං පබ්බාජෙහි, ත්වං ආචරියො හොහි, ත්වං උපජ්ඣායො හොහී”ති ථෙරා භික්ඛූ න වත්තබ්බා. එවං වුත්තා හි සචෙ තස්ස ආචරියුපජ්ඣායභාවෙන ජිගුච්ඡන්තා න සම්පටිච්ඡන්ති, අථ සො “නයිමෙ මය්හං සද්දහන්තී”ති කුජ්ඣිත්වාපි ගච්ඡෙය්ය. තස්මා තං එකමන්තං නෙත්වා තස්ස ආචරියුපජ්ඣායා පරියෙසිතබ්බා.
“පඨමං කෙසමස්සුං” යනාදියෙන් මේ නග්නපරිව්රාජකයාගේ මුලපටන් හෙරණ පැවිද්ද දක්වයි. මෙසේ පැවිදි කරන්නවුන් විසින් ඔහු සඟමැද හුන් කල්හිම ‘ඔබ පැවිදිකරවු, ඔබ ඇදුරුවවු, ඔබ උපාද්ධ්‍යාය වවු’යි ස්ථවිර භික්ෂූන්ට නොකිය යුතුය. මෙසේ කියනලද ඒ ස්ථවිර භික්ෂූහු ඔහුගේ ආචාර්ය්ය-උපාද්ධ්‍යාය භාවයෙහි පිළිකුල් කරන්නාහු නොපිළිගනිත්. එකල්හි ‘මේ භික්ෂූහු මාගේ වචන නොඅදහත්යි කිපීද යන්නේය. එහෙයින් ඔහු එකත් පසකට පමුණුවා ආචාර්ය්ය-උපාද්ධ්‍යායයෝ සෙවිය යුත්තාහ.
එවං ඛො භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති, එවං අනාරාධකොති අයමස්ස පරිවාසවත්තදස්සනත්ථං මාතිකා. කථඤ්ච භික්ඛවෙතිආදි තස්සෙව විභඞ්ගො. තත්ථ අතිකාලෙන ගාමං පවිසතීති භික්ඛූනං වත්තකරණවෙලායමෙව ගාමං පිණ්ඩාය පවිසති. අතිදිවා පටික්කමතීති කුලඝරෙසු ඉත්ථිපුරිසදාරකදාරිකාදීහි සද්ධිං ගෙහස්සිතකථං කථෙන්තො තත්ථෙව භුඤ්ජිත්වා භික්ඛූසු පත්තචීවරං පටිසාමෙත්වා උද්දෙසපරිපුච්ඡාදීනි වා කරොන්තෙසු පටිසල්ලීනෙසු වා ආගච්ඡති; න උපජ්ඣායවත්තං නාචරියවත්තං කරොති, අඤ්ඤදත්ථු වසනට්ඨානං පවිසිත්වා නිද්දායති. එවම්පි භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො අනාරාධකො හොතීති එවම්පි කරොන්තො පරිවාසවත්තස්ස සම්පාදකො පූරකො න හොති.
“එවං ඛො භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො ආරාධකො හොති එවං අනුරාධකො” මේ මොහු පිළිබඳ පිරිවෙස්වත දක්වනු පිණිස මාතෘකාය. “කථං ච භික්ඛවෙ” යනාදිය එහිම විභඞ්ගය වේ. එහි “අතිකාලෙන ගාමං පවිසති” භික්ෂූන් වත් සපයන වේලාවෙහිම පෙර අන්තොටු වූ හෙතෙමේ ගමට පිඬු පිණිස පිවිසේද, “අතිදිවා පටික්කමති” කුලගෙවල ස්ත්‍රී පුරුෂ දාරකදාරිකාදීන් සමග ගෘහනිශ්රිතකථා කරමින් එහිම අනුභවකොට භික්ෂූන් පාසිවුරු තැත්පත් කොට උද්දෙසපරිපුච්ඡාදිය කරනකල්හි හෝ විවෙකයෙන් හුන්කල්හි හෝ ඒද, උපාද්ධ්‍යායවත් ආචාර්ය්යවත් නොකෙරේද, එකතින් වසන තැනට වැද නිදාද, “එවම්පි භික්ඛවෙ අඤ්ඤත්තියපුබ්බො අනාරාධකො හොති” මෙසේද කරනුයේ පිරිවෙස් වත සම්පාදනය කරන්නෙක් පුරන්නෙක් නොවේ.
වෙසියාගොචරො වාතිආදීසු වෙසියාති ආමිසකිඤ්චික්ඛසම්පදානාදිනා සුලභජ්ඣාචාරා රූපූපජීවිකා ඉත්ථියො. විධවාති මතපතිකා වා පවුත්ථපතිකා වා ඉත්ථියො; තා යෙන කෙනචි සද්ධිං මිත්තභාවං පත්ථෙන්ති. ථුල්ලකුමාරිකාති යොබ්බන්නප්පත්තා යොබ්බන්නාතීතා වා කුමාරියො; තා පුරිසාධිප්පායාව විචරන්ති, යෙන කෙනචි සද්ධිං මිත්තභාවං පත්ථෙන්ති. පණ්ඩකාති උස්සන්නකිලෙසා අවූපසන්තපරිළාහා නපුංසකා; තෙ පරිළාහවෙගාභිභූතා යෙන කෙනචි සද්ධිං මිත්තභාවං පත්ථෙන්ති . භික්ඛුනියොති සමානපබ්බජ්ජා ඉත්ථියො; තාහි සද්ධිං ඛිප්පමෙව විස්සාසො හොති, තතො සීලං භිජ්ජති.
“වෙසියගොචරො” යනාදිතන්හි කිසියම් මඳ ආමිසයක් සැපයීම් ආදියෙන් සුලභවූ මෙවුන්දම් සෙවීම් ඇති රූපය නිසා දිවියවන ස්ත්‍රීහුය. “විධවා” මළහිමියන් ඇත්තාවූ හෝ වෙන්ව වසන හිමියන් ඇත්තා වූ හෝ ස්ත්‍රීහුය. ඒ ස්ත්‍රීහු යම් කිසිවකු සමග මිත්රභාවය පතත්. “ථුල්ලකුමාරිකා” යොවුන්බවට පැමිණි ඉක්මුනු යොවුන්බව ඇත්තාවූ හෝ කුමාරිහුය. ඒ ස්ත්‍රීහු පුරුෂයන් ලබන අදහස් ඇතිව හැසිරෙත්. “පණ්ඩකා” උත්සන්න ක්ලෙශ ඇත්තාහු. නොසන්සිඳුනු පරිලාහය ඇත්තාහුය. නපුංසකයෝය. ඔවුහු පරිලාහ වේගයෙන් මඩනා ලද්දාහු, යම් කිසිවකු සමග මිත්රභාවය පතත්. [missing trans] යම් කිසිවකු සමග මිත්රභාවය පතත්. ඒ භික්ෂූන් සමග වහාම විශ්වාස වෙති. එයින් ශීලය බිඳේ.
තත්ථ වෙසියානං කුලෙසු කුලුපකො හුත්වා පිණ්ඩපාතචරියාදීහි වා අපදිසිත්වා සිනෙහසන්ථවජාතෙන හදයෙන අභිණ්හදස්සනසල්ලාපකාමතාය තාසං සන්තිකං උපසඞ්කමන්තො “වෙසියාගොචරො”ති වුච්චති, සො නචිරස්සෙව “අසුකවෙසියා සද්ධිං ගතො”ති වත්තබ්බතං පාපුණාති. එස නයො සබ්බත්ථ. සචෙ පන වෙසියාදයො සලාකභත්තාදීනි දෙන්ති, භික්ඛූහි සද්ධිං ගන්ත්වා සද්ධිංයෙව භුඤ්ජිත්වා වා ගහෙත්වා වා ආගන්තුං වට්ටති. ගිලානා භික්ඛුනියො ඔවදිතුං වා ධම්මං වා දෙසෙතුං උද්දෙසපරිපුච්ඡාදීනි වා දාතුං ගච්ඡන්තෙහි භික්ඛූහි සද්ධිං ගන්තුං වට්ටති. යො පන තථා ආගන්ත්වා මිත්තසන්ථවවසෙන ගච්ඡති, අයං අනාරාධකො හොති.
එහි වෙසඟනන්ගේ කුලයන්හි කුලුපගව පිණ්ඩපාත චර්‍ය්‍යාදියෙන් හෝ දක්වා උපන් ස්නෙහ සන්ථවය ඇති සිතින් යුක්තව නිති දැකීම්-බිණීම්-කැමති බැවින් ඈලා වෙතට එළඹෙනුයේ වෙසියගොවරැ’යි කියනු ලැබේ. හෙතෙමේ නොබෝකලකින්ම අසුවල් වෙසිය සමග ගියේයයි කියයුතුබවට පැමිණේ. සියලු තන්හි මේනයය. වෙසඟනෝ ලහබත් ආදිය දෙත්නම් භික්ෂූන් සමග ගොස් සමගම අනුභවකොට හෝ ගෙන හෝ ඊම වටියි. ගිලන් මෙහෙණන්ට අවවාද කරන්නට හෝ දහම් දෙසන්නට හෝ උද්දෙසපරිපුච්ඡාදිය හෝ දෙන්නට යන්නවුන් විසින් භික්ෂූන් සමග යෑම සුදුසුවේ. යමෙක් වනාහි එසේ නොගොස් මිත්‍රසන්ථව වශයෙන් යේද, මෙතෙමේ සතුටු කරන්නෙක් නොවේ.
උච්චාවචානි කරණීයානීති මහන්තඛුද්දකානි කම්මානි. තත්ථ ඝණ්ටිං පහරිත්වා සමග්ගෙන සඞ්ඝෙන සන්නිපතිත්වා කත්තබ්බානි චෙතියමහාපාසාදපටිසඞ්ඛරණාදීනි කම්මානි උච්චානි නාම. චීවරධොවනරජනාදීනි ඛන්ධකපරියාපන්නානි ච අග්ගිසාලවත්තාදීනි ආභිසමාචාරිකානි අවචානි නාම. තත්ථ න දක්ඛො හොතීති තෙසු කම්මෙසු ඡෙකො සුසික්ඛිතො න හොති. න අනලසොති උට්ඨානවීරියසම්පන්නො න හොති; “භික්ඛුසඞ්ඝස්ස කම්මං අත්ථී”ති සුත්වා පගෙව භත්තකිච්චං කත්වා ගබ්භන්තරං පවිසිත්වා යාවදත්ථං සුපිත්වා සායං නික්ඛමති. තත්රුපායායාති තෙසු කම්මෙසු උපායභූතාය. වීමංසායාති ඨානුප්පත්තිකවීමංසාය. “ඉදමෙවං කත්තබ්බං, ඉදමෙවං න කත්තබ්බ”න්ති තස්මිංයෙව ඛණෙ උප්පන්නපඤ්ඤාය සමන්නාගතො න හොති. න අලං කාතුං න අලං සංවිධාතුන්ති සහත්ථාපි කාතුං සමත්ථො න හොති; “ගණ්හථ භන්තෙ, ගණ්හ දහර, ගණ්හ සාමණෙර, සචෙ තුම්හෙ වා න කරිස්සථ, අම්හෙ වා න කරිස්සාම, කො දානි ඉමං කරිස්සතී”ති එවං උස්සාහං ජනෙත්වා සංවිධාතුං අඤ්ඤමඤ්ඤං කාරෙතුම්පි සමත්ථො න හොති. භික්ඛූහි “කම්මං කරිස්සාමා”ති වුත්තෙ කිඤ්චි රොගං අපදිසති, භික්ඛූනං කම්මං කරොන්තානං සමීපෙනෙව විචරති, සීසමෙව දස්සෙති, අයම්පි අනාරාධකො හොති.
“උච්චාවචානි කිං කරණීයානි” මහත්වූ කුඩාවූ කර්මාන්තයෝය. එහි ගෙඩිය ගසා සමග්‍ර සඞ්ඝයා විසින් රැස්ව කටයුතුවූ සෑ මහාප්‍රාසාද පිළිසකර කිරීම් ආදීවූ කර්මාන්තයෝ මහත් කර්මාන්ත නම්වෙත්. සිවුරු සේදීම් රඳන් ගැන්වීම් ආදීවූ ඛන්ධකයට ඇතුළත් වූ කෘත්යද, ගිහිහල්වත් ආදීවූ ආභිසමාචාරික කෘත්යද කුඩා කර්මාන්ත නම. ඒ කර්මාන්තයන්හි “න දක්ඛො හොති” එ කර්මාන්තයන්හි දක්ෂයෙක් හික්මුනෙක් නොවේද, “න අනලසො” උත්ථාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ නොවේද, භික්ෂු සඞ්ඝයා පිළිබඳ කර්මාන්ත ඇතැයි අසා කල්ඇතිවම බත්කිසකොට කාමරය තුළට වැද කැමති පමණ නිදා සවස නික්මේද, “තත්‍රෑපායාය” ඒ කර්මාන්තයන්හි උපාය වූ “විමංසාය” සුදුසු තැන උපන් නුවණින්. මේ මෙසේ කටයුතුය, ‘මේ මෙසේ නොකටයුතුය’යි එකෙණෙහිම උපන් නුවණින් යුක්ත නොවේද, “න අලංකාතුං න අලං සංවිධාතු” සියතිනුදු කරන්නට සමර්ත්ථ නොවේද, ‘ස්වාමීනි’ ගනු මැනව, ගනුව ලදරුව, ගනුව හෙරණ, තෙපි හෝ නොකරවුද, අපි හෝ නො කරන්නෙමු නම් දැන් කවරෙක් නම් කරන්නේදැ’යි මෙසේ උත්සාහය උපදවා විධාන කරන්නටද, ඔවුනොවුන් ලවා කරවන්නටද සමර්ත්ථ නොවේද, භික්ෂූන් විසින්, කර්මාන්ත කරන්නෙමු’යි කියූ කල්හි කිසි රෝගයක් දක්වාද, භික්ෂූන් කර්මාන්ත කරන කල්හි සමීපයෙහි නොහැසිරේද, හිස පමණක්ම දක්වාද, මෙතෙමේද සතුටු කරන්නෙක් නොවේ.
න තිබ්බච්ඡන්දො හොතීති බලවච්ඡන්දො න හොති. උද්දෙසෙති පාළිපරියාපුණනෙ. පරිපුච්ඡායාති අත්ථසවනෙ. අධිසීලෙති පාතිමොක්ඛසීලෙ. අධිචිත්තෙති ලොකියසමාධිභාවනාය. අධිපඤ්ඤායාති ලොකුත්තරමග්ගභාවනාය.
“න තිබ්බච්ඡන්දො හොති” දැඩි කැමැත්ත ඇත්තේ නොවේද, “උද්දෙසෙ” පෙළපුහුණු කිරීමෙහි. “පරිපුච්ඡාය” අරුත් ඇසීමෙහි. “අධිසීලෙ” ප්රාතිමොක්ෂශීලයෙහි. “අධිචිත්තෙ” ලෞකික සමාභාවනාවෙහි, “අධිපඤ්ඤාය” ලොකොත්තර මාර්ග භාවනාවෙහි,
සඞ්කන්තො හොතීති ඉධාගතො හොති. තස්ස සත්ථුනොති තස්ස තිත්ථායතනසාමිකස්ස. තස්ස දිට්ඨියාති තස්ස සන්තකාය ලද්ධියා. ඉදානි සායෙව ලද්ධි යස්මා තස්ස තිත්ථකරස්ස ඛමති චෙව රුච්චති ච “ඉදමෙව සච්ච”න්ති ච දළ්හග්ගාහෙන ගහිතා; තස්මා තස්ස ඛන්ති රුචි ආදායොති වුච්චති. තෙන වුත්තං – “තස්ස ඛන්තියා තස්ස රුචියා තස්ස ආදායස්සා”ති. අවණ්ණෙ භඤ්ඤමානෙති ගරහාය භඤ්ඤමානාය. අනභිරද්ධොති අපරිපුණ්ණසඞ්කප්පො; නො පග්ගහිතචිත්තො. උදග්ගොති අබ්භුන්නතකායචිත්තො. ඉදං භික්ඛවෙ සඞ්ඝාතනිකං අඤ්ඤතිත්ථියපුබ්බස්ස අනාරාධනීයස්මින්ති භික්ඛවෙ යමිදං තස්ස සත්ථුනො තස්සෙව ච ලද්ධියා අවණ්ණෙ භඤ්ඤමානෙ “කිං ඉමෙ පරං ගරහන්තී”ති කායවචීවිකාරනිබ්බත්තකං අනත්තමනත්තං, බුද්ධාදීනඤ්ච අවණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනත්තං, යඤ්ච තස්සෙව සත්ථුනො තස්සෙව ච ලද්ධියා වණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනත්තං, බුද්ධාදීනඤ්ච වණ්ණභණනෙ අනත්තමනත්තං, ඉදං අඤ්ඤතිත්ථියපුබ්බස්ස අනාරාධනීයස්මිං සඞ්ඝාතනිකං, අනාරාධකෙ පරිවාසවත්තං අපූරකෙ කම්මෙ ඉදං ලිඞ්ගං, ඉදං ලක්ඛණං, ඉදමචලප්පමාණන්ති වුත්තං හොති. එවං අනාරාධකො ඛො භික්ඛවෙ අඤ්ඤතිත්ථියපුබ්බො ආගතො න උපසම්පාදෙතබ්බොති ඉතො එකෙනපි අඞ්ගෙන සමන්නාගතො න උපසම්පාදෙතබ්බො. සුක්කපක්ඛෙ සබ්බං වුත්තවිපල්ලාසෙන වෙදිතබ්බං.
“සඞ්කන්තො හොති” මෙහි ආයේවේද, “තස්ස සත්ථුනො” ඒ තීර්ථායතන ස්වාමීහුගේ “තස්සදිට්ඨියා” ඔහු අයත් ලබ්ධියෙහිද, දැන් ඒ ලබ්ධිතොමෝ යම්හෙයකින් ඒ තීර්ථඞ්කරයාහට කැමතිවේද, රුචිවේද, මෙම සත්‍යයිද දැඩි ගැනීමෙන් ගන්නා ලදද, එහෙයින් ඔහුගේ ක්ෂාන්තිරුචිආදායයි කියනු ලැබේ. එහෙයින් “තස්ස ඛන්නියා තස්ස රුචියා තස්ස ආදායස්ස”යි “අවණ්ණෙ භඤ්ඤමානෙ” ගැරහීමෙන් බණන කල්හි “අනභිරද්ධො” අපරිපූර්ණ සංකල්ප ඇත්තේය. දැඩිවගත් සිත් ඇත්තෙක් නොවේ. “උදග්ගො” දැඩිව නැගීසිටි කාය චිත්ත ඇත්තේවේද, “ඉදං භික්ඛවෙ සඞ්ඝාතනියං අඤ්ඤතිත්ථියපුබ්බස්ස අනාරාධනියස්මිං” ‘මහණෙනි’ ඒ ශාස්තෘහුගේ ඔහුගේම ලබ්ධියෙහි නුගුණ කියන කල්හි ‘කිම, මොවුහු පරහට ගරහත්දැ’යි කායවාක් විකාර උපදවන යම්මේ නොසතුටු බවක්, බුද්ධාදීන්ගේද නුගුණ කීමෙහි යම්මේ සතුටුබවක්, ඒ ශාස්තෘහුගේම ඔහුගේම ලබ්ධියෙහි ගුණ කියනකල්හි යම් මේ සතුටුබවක්, බුද්ධාදීන්ගේද ගුණ කීමෙහි යම්මේ නොසතුටුබවක්, යන මෙය පෙර අන්යතීර්ථකවූවහුගේ නොසතුටුවිය යුත්තෙක්හි නැසීමට සුදුසුවූ කෘත්‍යය වේ. අනුරාධක වූ පිරිවෙස්වත නොපුරණ කර්මයෙහි මේ ලිඞ්ගය මේ ලක්ෂණය මේ අචල ප්රමාණැයි කියනලදී. “එවං අනාරාධකො භික්ඛවෙ අඤ්ඤෙතිත්ථියපුබ්බො ආගතො න උපසම්පාදෙතබ්බො” මෙයින් එකද අඞ්ගයකින් යුක්තවූයේ උපසපන් නොකටයුතුය. ශුක්ලපක්ෂයෙහි - සියල්ල උක්තවිපර්ය්යාසයෙන් දතයුතුය.
එවං ආරාධකො ඛො භික්ඛවෙති එවං නාතිකාලෙන ගාමප්පවෙසනා නාතිදිවා පටික්කමනං, න වෙසියාදිගොචරතා, සබ්රහ්මචාරීනං කිච්චෙසු දක්ඛතාදි, උද්දෙසාදීසු තිබ්බච්ඡන්දතා, තිත්ථියානං අවණ්ණභණනෙ අත්තමනතා, බුද්ධාදීනං අවණ්ණභණනෙ අනත්තමනතා, තිත්ථියානං වණ්ණභණනෙ අනත්තමනතා, බුද්ධාදීනං වණ්ණභණනෙ අත්තමනතාති ඉමෙසං අට්ඨන්නං තිත්ථියවත්තානං පරිපූරණෙන ආරාධකො පරිතොසකො භික්ඛූනං අඤ්ඤතිත්ථියපුබ්බො ආගතො උපසම්පාදෙතබ්බො.
“එවං ආරාධකො ඛො භික්ඛවෙ” මෙසේ ඉතා කල්ඇතිව ගම් නොවැදීම, ඉතා දවල් පෙරළා නොඊම, වෙසඟනන් ඇසුරු නොකිරීම, සබ්‍රහ්මචාරීන්ගේ කෘත්‍යයන්හි දක්ෂ බව ආදිය, උද්දෙසාදියෙහි දැඩි කැමැත්ත ඇතිබව, තීර්ථකයන්ගේ නුගුණ කීමෙහි සතුටු සිත් ඇතිබව, බුද්ධාදීන්ගේ නුගුණකීමෙහි නොසතුටු සිත් ඇතිබව, තීර්ථකයගේ ගුණ කීමෙහි නොසතුටු සිත් ඇති බව, බුද්ධාදීන්ගේ ගුණ කීමෙහි සතුටු සිත් ඇති බව යන මේ අටවැදෑරුම් වූ තීර්ථක වතපිරීමෙන් ආරාධකවූ පිරිතොෂකවූ පෙර අන්යතීර්ථකවූවෙක් භික්ෂූන් වෙත ආයේ උපසපන් කටයුතුය.
සචෙ පන උපසම්පදමාළකෙපි එකං වත්තං භින්දති, පුන චත්තාරො මාසෙ පරිවසිතබ්බං. යථා පන භින්නසික්ඛාය සික්ඛමානාය පුන සික්ඛාපදානි ච සික්ඛාසම්මුති ච දිය්යති, එවං නයිමස්ස කිඤ්චි පුන දාතබ්බමත්ථි. පුබ්බෙ දින්නපරිවාසොයෙව හි තස්ස පරිවාසො. තස්මා පුන චත්තාරො මාසෙ පරිවසිතබ්බං. සචෙ පරිවසන්තො අන්තරා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙති, ලොකියධම්මො නාම කුප්පනසභාවො, න උපසම්පාදෙතබ්බො. චත්තාරො මාසෙ පූරිතවත්තොව උපසම්පාදෙතබ්බො. සචෙ පන පරිවසන්තො චත්තාරි මහාභූතානි පරිග්ගණ්හති, උපාදාරූපානි පරිච්ඡින්දති, නාමරූපං වවත්ථපෙති, තිලක්ඛණං ආරොපෙත්වා විපස්සනං ආරභති, ලොකියධම්මො නාම කුප්පනසභාවො, නෙව උපසම්පාදෙතබ්බො. සචෙ පන විපස්සනං වඩ්ඪෙත්වා සොතාපත්තිමග්ගං පටිලභති, පරිපුණ්ණංයෙව හොති වත්තං. සමූහතානි සබ්බදිට්ඨිගතානි අබ්බුළ්හං විචිකිච්ඡාසල්ලං තංදිවසමෙව උපසම්පාදෙතබ්බො. සචෙපි තිත්ථියලිඞ්ගෙ ඨිතො සොතාපන්නො හොති, පරිවාසකිච්චං නත්ථි, තදහෙව පබ්බාජෙත්වා උපසම්පාදෙතබ්බො.
උපසම්පදා මාලකයෙහිදීද මේවත බිඳී නම් නැවත සිවු මසක් පිරිවෙස් විසිය යුතුය. යම්සේ භින්න වූ ශික්ෂා ඇති ශික්ෂමාණාවට නැවත ශික්ෂාපදද ශික්ෂා සම්මුතියද දෙනු ලබාද, එසේ පෙර අන්‍යතීර්ථකවූ මොහුට නැවත දියයුතු කිසිවෙක් නැත්තේය. පෙරදුන් පිරිවෙසම ඔහුට පිරිවෙස වේ. එහෙයින් නැවත සිවුමසක් පිරිවෙස් විසිය යුතුය. ඉදින් පිරිවෙස් වසන්නේ අතර අෂ්ටසමාපත්ති උපදවාද, ලෞකික ධර්මය නම් කිපෙන ස්වභාවය ඇත්තේය. උපසපන් නොකටයුත්තේමය. සිවුමසක් මුළුල්ලෙහි පිරූවත් ඇතියේම උපසපන් කටයුතුය. ඉදින් පිරිවෙන් වසනුයේ සතර මහාභූතයන් පරිග්‍රහණය කෙරේද, උපාදායරූපයන් පිරිසිඳීද, නාමරූපත් ව්‍යවස්ථා කෙරේද, තිලකුණට නගා විදර්ශනාව පටන් ගනීද, ලෞකිකධර්මය නම් කිපෙන ස්වභාවය ඇත්තේය. උපසපන් නොකටයුතුය. ඉදින් විදර්ශනා වඩා ස්‍රොතාපත්තිමාර්‍ගය ලබාද වත පිරුණේම වේ. සියලු දෘෂ්ටීහු නසන ලදහ. විචිකිච්ඡා නැමැති හුල ඉදුරුණේය. එදවසම උපසපන් කටයුතුය. ඉදින් තීර්ථක ලිඞ්ගයෙහි සිටියේ සෝවාන් වේද, පිරිවෙස් කිසක් නැත්තේය. එදවසම පැවිදි කොට උපසපන් කටයුතුය.
උපජ්ඣායමූලකං චීවරං පරියෙසිතබ්බන්ති උපජ්ඣායං ඉස්සරං කත්වා තස්ස චීවරං පරියෙසිතබ්බං. පත්තම්පි තථෙව. තස්මා යදි උපජ්ඣායස්ස පත්තචීවරං අත්ථි, “ඉමස්ස දෙහී”ති වත්තබ්බො. අථ නත්ථි, අඤ්ඤෙ දාතුකාමා හොන්ති, තෙහිපි උපජ්ඣායස්සෙව දාතබ්බං “ඉදං තුම්හාකං කත්වා ඉමස්ස දෙථා”ති. කස්මා? තිත්ථියා නාම විලොමා හොන්ති “සඞ්ඝෙන මෙ පත්තචීවරං දින්නං, කිං මය්හං තුම්හෙසු ආයත්ත”න්ති වත්වා ඔවාදානුසාසනිං න කරෙය්යුං, උපජ්ඣායෙන පන ආයත්තජීවිකත්තා තස්ස වචනකරො භවිස්සති. තෙනස්ස “උපජ්ඣායමූලකං චීවරං පරියෙසිතබ්බ”න්ති වුත්තං. භණ්ඩුකම්මායාති කෙසොරොපනත්ථං. භණ්ඩුකම්මකථා පරතො ආගමිස්සති.
“උපජ්ඣායමූලකං චීවරං පරියෙසිතබ්බං” උපාද්ධ්යයයා ඊශ්වරකොට ඔහුට සිවුරු සෙවිය යුතුය. පාත්‍රයද එසේම සෙවිය යුතුය. එහෙයින් උපාද්ධ්‍යායයාහට පාසිවුරු ඇත්තේනම්, මොහුට දෙව’යි කියයුතුය. නැත්තේනම් අන්හු දෙනු කැමැත්තාහු වෙත්ද, ඔවුන් විසින්ද මේ පාසිවුරු ඔබ අයත්කොට මොහුට දෙව’යි උපාද්ධ්යායයාහටම දියයුත්තේය. කුමක් හෙයින, යත්: තීර්ථකයෝ නම් විරුද්ධයෝ වෙත්. ‘සඞ්ඝයා විසින් මට පාසිවුරු දෙනලදය, තොප අතුරෙහි මට කුමක් අයත්දැ’යි කියා අවවාදානුශාසනා නොකරන්නෝය. උපාද්ධ්‍යායයා කෙරෙහි අයත් ජීවිකා ඇති බැවින් ඔහුගේ වචනකරන්නෙක් වන්නේය. එහෙයින් මොහුට උපාද්ධ්‍යායයා මුල්කොට ඇති සිවුරු සෙවිය යුත්තේය. භණ්ඩුකම්මකථා ඉදිරියෙහි එන්නීය.
අග්ගිකාති අග්ගිපරිචරණකා. ජටිලකාති තාපසා. එතෙ භික්ඛවෙ කිරියවාදිනොති එතෙ කිරියං න පටිබාහන්ති, “අත්ථි කම්මං, අත්ථි කම්මවිපාකො”ති එවංදිට්ඨිකා. සබ්බබුද්ධා හි නෙක්ඛම්මපාරමිං පූරයමානා එතදෙව පබ්බජ්ජං පබ්බජිත්වා පූරෙසුං, මයාපි තථෙව පූරිතා, න එතෙසං සාසනෙ පබ්බජ්ජා විලොමා, තස්මා උපසම්පාදෙතබ්බා, න තෙසං පරිවාසො දාතබ්බොති. ඉමාහං භික්ඛවෙ ඤාතීනං ආවෙණිකං පරිහාරං දම්මීති ඉමං අහං තෙසං පාටෙක්කං ඔදිස්සකං පරිහාරං දදාමි. කස්මා එවමාහ? තෙ හි තිත්ථායතනෙ පබ්බජිතාපි සාසනස්ස අවණ්ණකාමා න හොන්ති, අම්හාකං ඤාතිසෙට්ඨස්ස සාසනන්ති වණ්ණවාදිනොව හොන්ති, තස්මා එවමාහාති.
“අග්ගිකා” ගිනිපුදන්නෝ. “ජටිලකා” තාපසයෝ. “එතෙ භික්ඛවෙ කිරියවාදිනො” මොවුහු ක්‍රියා ප්‍රතිබාහනය නොකෙරෙත්. ‘කර්මවිපාක ඇත්තේය’යයි මෙසේ දෘෂ්ටි ඇත්තාහුය. සියලු බුදුවරයෝ නෙක්ඛම්ම පාරමිතාව පුරණුවෝ මේ පැවිද්දෙන්ම පැවිදිව පාරමිතා පිරූහ. මාවිසින්ද එසේම පුරණ ලදී. සසුනෙහි මොවුන්ගේ පැවිද්ද විලොම නොවේ. එහෙයින් උපසපන් කටයුත්තාහ. ඔවුන්ට පිරිවෙස් නොදිය යුතුය. “ඉමාහං භික්ඛවෙ ඤාතීනං ආවෙණිකං පරිහාරං දම්මි” මම, පෙර අන්‍යතීර්ථකවූ ඔවුන්ට මේ වෙන්වූ නියමකොට තැබූ පරිහාරය දෙමි. කුමක් හෙයින් මෙසේ වදාළ සේක්ද, යත්: ඒ ශාක්‍යයෝ වනාහි තීර්ථායතනයෙහි පැවිදි වූවාහුද, සසුන පිළිබඳ අගුණ කියනු කැමැත්තාහුද නොවෙත්. අපගේ ඥාතිශ්රේෂ්ඨයාගේ ශාසනයයි ගුණ කියන්නෝම වෙත්. එහෙයින් මෙසේ වදාළසේක.
අඤ්ඤතිත්ථියපුබ්බවත්ථුකථා නිට්ඨිතා.
අඤ්ඤතිත්ථිය වත්ථුකථාව නිමි.