යෙදුමෙන් කියවන්න

පඤ‍්චාබාධවත්‍ථුකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පඤ‍්චාබාධවත්‍ථුකථා

පඤ්චාබාධවත්ථුකථා

මගධෙසු පඤ‍්ච ආබාධා උස‍්සන‍්නා හොන‍්තීති මගධනාමකෙ ජනපදෙ මනුස‍්සානඤ‍්ච අමනුස‍්සානඤ‍්ච පඤ‍්ච රොගා උස‍්සන‍්නා වුඩ‍්ඪිප‍්පත‍්තා ඵාතිප‍්පත‍්තා හොන‍්ති. ජීවකකොමාරභච‍්චකථා චීවරක‍්ඛන්‍ධකෙ ආවිභවිස‍්සති. න භික‍්ඛවෙ පඤ‍්චහි ආබාධෙහි ඵුට‍්ඨො පබ‍්බාජෙතබ‍්බොති යෙ තෙ කුට‍්ඨාදයො පඤ‍්ච ආබාධා උස‍්සන‍්නා, තෙහි ඵුට‍්ඨො අභිභූතො න පබ‍්බාජෙතබ‍්බො.

“මගධෙසු පඤ්ච ආබාධා උස්සන්නා හොන්ති” මගධ නම් ජනපදයෙහි මිනිසුන්ටද අමනුෂ්‍යයන්ටද කුෂ්ට-ගණ්ඩ-කිලාස-ස්වාස-අපස්මාර යන මේ රොග පස උත්සන්න වූවාහු, වැඩීමට පැමිණියාහු, නිපැත්මට පැමිණියාහු වෙත්. ජීවකකොමාරභච්චකථාව චීවරක්‍ඛන්‍ධකයෙහි පහළවන්නීය. “න භික්‍ඛවෙ පඤ්චහි ආබාධෙහි ඵුට්ඨො පබ්බාජෙතබ්බො” යම් ඒ කුෂ්ටාදි ආබාධයෝ උත්සන්න වූවාහුද, එයින් පහස්නා ලද්දේ මඩනා ලද්දේ පැවිදි නොකටයුතුය.

තත්‍ථ කුට‍්ඨන‍්ති රත‍්තකුට‍්ඨං වා හොතු කාළකුට‍්ඨං වා, යංකිඤ‍්චි කිටිභදද‍්දුකච‍්ඡුආදිප‍්පභෙදම‍්පි සබ‍්බං කුට‍්ඨමෙවාති වුත‍්තං. තඤ‍්චෙ නඛපිට‍්ඨිප‍්පමාණම‍්පි වඩ‍්ඪනකපක‍්ඛෙ ඨිතං හොති, න පබ‍්බාජෙතබ‍්බො. සචෙ පන නිවාසනපාරුපනෙහි පකතිපටිච‍්ඡන‍්නෙ ඨානෙ නඛපිට‍්ඨිප‍්පමාණං අවඩ‍්ඪනකපක‍්ඛෙ ඨිතං හොති, වට‍්ටති. මුඛෙ පන හත්‍ථපාදපිට‍්ඨෙසු වා සචෙපි අවඩ‍්ඪනකපක‍්ඛෙ ඨිතං නඛපිට‍්ඨිතො ච ඛුද‍්දකතරම‍්පි, න වට‍්ටතියෙවාති කුරුන්‍දියං වුත‍්තං. තිකිච‍්ඡාපෙත්‍වා පබ‍්බාජෙන‍්තෙනාපි පකතිවණ‍්ණෙ ජාතෙයෙව පබ‍්බාජෙතබ‍්බො. ගොධාපිට‍්ඨිසදිසචුණ‍්ණඔකිරණකසරීරම‍්පි පබ‍්බාජෙතුං න වට‍්ටති.

එහි “කුට්ඨං” රක්තකුෂ්ටය හෝ වේවා, කාලකුෂ්ටය හෝ වේවා, යම්කිසි කිටිභද්දදු කච්ඡු ආදිප්‍රහෙදවූ සියල්ල කුෂ්ටමැයි කියන ලදී. ඒ කුෂ්ටය කනිටු ඇඟිලි, නියපිටු පමණවූයේ වැඩෙන පක්‍ෂයෙහි සිටියේ නම් පැවිදි නොකටයුතුය. හඳන පොරෝණයන්ගෙන් ස්වභාවයෙන් පිළිසන් තැන නියපිටු පමණවූයේ නොවැඩෙන පක්‍ෂයෙහි සිටියේ නම් පැවිදි කිරීමෙහි දොසක් නැත්තේය. මුඛයෙහි හෝ අත්පා පිටුවල හෝ නොවැඩෙන පක්‍ෂයෙහි සිටියේ නම්, නියපිටුවලට වඩා ඉතා කුඩාවූයේ නමුත් නොවටීමයයි කුරුන්‍දියෙහි කියනලදී. පිළියම් කරවා පැවිදිකරන්නහු විසින්ද පියවි පැහැය හටගත් කල්හිම පැවිදි කටයුතුය. තලගොයිපිටට සමානසුණුවගුරණ සිරුරු ඇත්තහුද පැවිදි කිරීම නොසුදුසුය.

ගණ‍්ඩොති මෙදගණ‍්ඩො වා හොතු අඤ‍්ඤො වා යො කොචි කොලට‍්ඨිමත‍්තකොපි චෙ වඩ‍්ඪනකපක‍්ඛෙ ඨිතො ගණ‍්ඩො හොති, න පබ‍්බාජෙතබ‍්බො. පටිච‍්ඡන‍්නට‍්ඨානෙ පන කොලට‍්ඨිමත‍්තෙ අවඩ‍්ඪනකපක‍්ඛෙ ඨිතො වට‍්ටති. මුඛාදිකෙ අප‍්පටිච‍්ඡන‍්නට‍්ඨානෙ අවඩ‍්ඪනකපක‍්ඛෙ ඨිතොපි න වට‍්ටති. තිකිච‍්ඡාපෙත්‍වා පබ‍්බාජෙන‍්තෙනාපි සරීරං සඤ‍්ඡවිං කාරෙත්‍වාව පබ‍්බාජෙතබ‍්බො. උණ‍්ණිගණ‍්ඩා නාම හොන‍්ති ගොථනා විය අඞ‍්ගුලිකා විය ච තත්‍ථ තත්‍ථ ලම‍්බන‍්ති, එතෙපි ගණ‍්ඩායෙව. තෙසු සති පබ‍්බාජෙතුං න වට‍්ටති. දහරකාලෙ ඛීරපිළකා යොබ‍්බන‍්නකාලෙ ච මුඛෙ ඛරපිළකා නාම හොන‍්ති, මහල‍්ලකකාලෙ නස‍්සන‍්ති, න තා ගණ‍්ඩසඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති, තාසු සති පබ‍්බාජෙතුං වට‍්ටති. අඤ‍්ඤෙ පන සරීරෙ ඛරපිළකා නාම අපරා පදුමකණ‍්ණිකා නාම හොන‍්ති, අඤ‍්ඤා සාසපබීජකා නාම සාසපමත‍්තා එව සකලසරීරං ඵරන‍්ති, තා සබ‍්බා කුට‍්ඨජාතිකා එව. තාසු සති න පබ‍්බාජෙතබ‍්බො.

“ගණ්ඩො” මේදයෙන් හටගන්නා ගඩෙක් හෝ වේවා, අන්යම් කිසි ඩෙබර ඇට පමණැති වැඩෙන පක්‍ෂයෙහි සිටි ගඩෙක් වේනම්, ඔහුද පැවිදි නොකටයුතුය. පිළිසන්තැන, ඩෙබර ඇටපමණ නොවැඩෙන පක්‍ෂයෙහි සිටියේ වටියි. මුඛාදීවූ නොපිළිසන් තැන නොවැඩෙන පක්‍ෂයෙහි සිටියේද නොවටියි. පිළියම් කරවා පැවිදිකරන්නහු විසින්ද සිරුර සිවිය සහිත කරවාම පැවිදි කටයුතුය. ගවදෙනකගේ තනමෙන්ද ඇඟිලි මෙන්ද ඒ ඒ තැන එල්බෙන ඉන්නෝ වෙත්ද මොවුහුද ගණ්ඩම වෙත්. ඒ ඉන්නන් ඇති කල්හි පැවිදි කිරීම නොවටියි. ලදරුකාලයෙහි හටගන්නා කිරිපිළිකා, තරුණ කාලයෙහි මුඛයෙහි හටගත් කැකුළුපිළිකාද වෙත්. ඒ පිළිකා මහලු කාලයෙහි නැසීයත්. ගණ්ඩසංඛ්‍යාවට නොයත්. ඒඩු තුබුනේද පැවිදි කිරීම වටියි. අන්‍ය වූ බරපිළිකා, අන්‍යවූ පදුමකණ්ණිකාද සිරුරෙහි වෙත්. අන්‍යවූ සාසප බීජකපිළිකා නම් අබඇටපමණවූවාහුම මුළු සිරුර පැතිරගනිත්. ඒ සියල්ල කුෂ්ටජාතී වේ. ඒ කුෂ්ඨ ඇති කල්හි පැවිදි නොකටයුතුය.

කිලාසොති න භිජ‍්ජනකං න පග‍්ඝරණකං පදුමපුණ‍්ඩරීකපත‍්තවණ‍්ණං කුට‍්ඨං, යෙන ගුන‍්නං විය සබලං සරීරං හොති, තස‍්මිං කුට‍්ඨෙ වුත‍්තනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො. සොසොති සොසබ්‍යාධි; තස‍්මිං සති න පබ‍්බාජෙතබ‍්බො. අපමාරොති පිත‍්තුම‍්මාරො වා යක‍්ඛුම‍්මාරො වා; තත්‍ථ පුබ‍්බවෙරිකෙන අමනුස‍්සෙන ගහිතො දුත‍්තිකිච‍්ඡො හොති. අප‍්පමත‍්තකෙපි පන අපමාරෙ සති න පබ‍්බාජෙතබ‍්බො.

“කිලාසො” නොබිඳෙන, නොවැගිරෙණ, රත්පියුම්, සුදුපියුම් පස්පැහැති කුෂ්ටය. එයින් ගොනුන්ගේ මෙන් සිරුර කබර පැල්ලම් සහිත වේ. ඒ කුෂ්ටයෙහි විනිශ්චය කියූනයින්ම දතයුතුය. “සොසො” ශ්වාසව්‍යාධියයි. ඒ ඇති කල්හි පැවිදි නොකටයුතුය. “අපමාරො” පිත්තොන්මොදය හෝ යක්‍ෂොන්මාදය හෝය. එහි පූර්‍වවෛරී වූ අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ පිළියම් නොකටහැකි වේ. ස්වල්පමාත්‍ර වූද අපස්මාරය ඇති කල්හි පැවිදි නොකටයුතුය.

පඤ‍්චාබාධවත්‍ථුකථා නිට‍්ඨිතා.

පඤ්චාබාධවත්‍ථුකථාව නිමි.

රාජභටවත්‍ථුකථා

රාජභටවත්ථුකථා

රාජභටවත්‍ථුස‍්මිං – පච‍්චන‍්තං උච‍්චිනථාති පච‍්චන‍්තං වඩ‍්ඪෙථ. චොරෙ පලාපෙත්‍වා චොරභයෙන වුට‍්ඨිතෙ ගාමෙ ආවාසාපෙත්‍වා ආරක‍්ඛං දත්‍වා කසිකම‍්මාදීනි පවත‍්තාපෙථාති වුත‍්තං හොති. රාජා පන සොතාපන‍්නත‍්තා “චොරෙ ඝාතෙථ, හනථා”ති න ආණාපෙති. උපජ‍්ඣායස‍්ස දෙව සීසං ඡින්‍දිතබ‍්බන‍්තිආදි සබ‍්බං “පබ‍්බජ‍්ජාය උපජ‍්ඣායො සෙට‍්ඨො, තතො ආචරියො, තතො ගණො”ති චින‍්තෙත්‍වා ඉදං වොහාරෙ අඩ‍්ඩවිනිච‍්ඡයෙ ආගතන‍්ති ආහංසු. න භික‍්ඛවෙ රාජභටො පබ‍්බාජෙතබ‍්බොති එත්‍ථ අමච‍්චො වා හොතු මහාමත‍්තො වා සෙවකො වා කිඤ‍්චි ඨානන‍්තරං පත‍්තො වා අප‍්පත‍්තො වා, යො කොචි රඤ‍්ඤො භත‍්තවෙතනභටො, සබ‍්බො රාජභටොති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති, සො න පබ‍්බාජෙතබ‍්බො. තස‍්ස පන පුත‍්තනත‍්තභාතුකා යෙ රාජතො භත‍්තවෙතනං න ගණ‍්හන‍්ති, තෙ පබ‍්බාජෙතුං වට‍්ටති. යො පන රාජතො ලද‍්ධං නිබද‍්ධභොගං වා මාසසංවච‍්ඡරපරිබ‍්බයං වා රඤ‍්ඤොයෙව නිය්‍යාතෙති, පුත‍්තභාතුකෙ වා තං ඨානං සම‍්පටිච‍්ඡාපෙත්‍වා රාජානං “න දානාහං දෙවස‍්ස භටො”ති ආපුච‍්ඡති, යෙන වා යං කම‍්මකාරණා වෙතනං ගහිතං, තං කම‍්මං කතං හොති, යො වා පබ‍්බජස‍්සූති රඤ‍්ඤා අනුඤ‍්ඤාතො හොති, තම‍්පි පබ‍්බාජෙතුං වට‍්ටති.

රාජභටවස්තුවෙහි - “පච්චන්තං උච්චිනථ” ප්‍රත්‍යන්තය වඩවු. සොරුන් පලවාහැර සොරබියෙන් නැගීගිය ගමෙහි වාසය කරවා, ආරක්‍ෂාවදී ගොවිකම් ආදිය පවත්වාලවු’යි කියන ලද්දේ වේ. රජතෙමේ වනාහි සොතාපන්න බැවින් ‘සොරුන් නසවු, වනසවු’යි නොඅණවයි. “උපජ්ඣායස්ස දෙව සීසං ඡෙත්තබ්බං” යනාදි සියල්ල ‘පැවිද්දෙහි උපාද්ධ්‍යායතෙමේ ශ්‍රේෂ්ඨය, අනතුරුව ආචාර්‍ය්‍යතෙමේ ශ්‍රේෂ්ඨය, ඉන් ගණය ශ්‍රේෂ්ඨය’යි සිතා මෙය අධිකරණ විනිශ්චයෙහි ආයේය’යි කීහ. “න භික්‍ඛවෙ රාජභටො පබ්බාජෙතබ්බො” මෙහි අමාත්‍යයෙක් හෝ වේවා, මහාමාත්‍යයෙක් හෝ සේවකයෙක් හෝ කිසිතනතුරකට පැමිණියෙක් හෝ නොපැමිණියෙක් හෝ වේවා, යම්කිසි රජුගේ බත්වැටුපෙන් රැකෙන්නෙක්වේද, ඒ සියලු දෙන රාජභටැයි ගිණීමට යන්නේය. හෙතෙමේ පැවිදි නොකටයුතුය. ඔහුගේ පුත්‍රභාතෘවූ යම් කෙනෙක් රජුගෙන් බත්වැටුප් නොගනිත්ද, ඔවුන් පැවිදිකිරීම වටියි. යමෙක් වනාහි රජුගෙන් ලැබූ නිබද්ධභොගයක් හෝ මාස අවුරුදු වැටුපක් හෝ රජුටම පාවාදේද, පුත්‍ර භාතෘන්ට හෝ එතැන පාවාදී ‘මම දැන් දෙවයන්වහන්සේගේ භටයෙක් නොවෙමි’යි රජු විචාරාද, යමකු විසින් කර්‍මයක් කිරීමෙන් යම් වැටුපක් ගන්නා ලදද, ඒ කර්‍මය කරන ලද්දේවේද, යමෙක් හෝ ‘පැවිදිවවු’යි රජු විසින් අනුදන්නා ලද්දේ ද, ඔහුද පැවිදි කිරීම වටියි.

රාජභටවත්‍ථුකථා නිට‍්ඨිතා.

චොරවත්‍ථුකථා

චොරවත්ථුකථා

චොරවත්‍ථූසු – මනුස‍්සා පස‍්සිත්‍වාති යෙහි ගිහිකාලෙ දිට‍්ඨපුබ‍්බො යෙ ච “අයං සො”ති අඤ‍්ඤෙසං සුණන‍්ති, තෙ පස‍්සිත්‍වා උබ‍්බිජ‍්ජන‍්තිපි…පෙ… ද‍්වාරම‍්පි ථකෙන‍්ති. යෙ පන න ජානන‍්ති, තෙසං ඝරෙසු භික‍්ඛං ලභති. න භික‍්ඛවෙති භගවා සයං ධම‍්මස‍්සාමී, තස‍්මා ආයතිං අකරණත්‍ථාය භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤපෙන‍්තො එවමාහ. තත්‍ථ ධජං බන්‍ධිත්‍වා විය විචරතීති ධජබන්‍ධො. මූලදෙවාදයො විය ලොකෙ පාකටොති වුත‍්තං හොති. තස‍්මා යො ගාමඝාතං වා පන්‍ථදුහනං වා නගරෙ සන්‍ධිච‍්ඡෙදාදිකම‍්මං වා කරොන‍්තො විචරති, පඤ‍්ඤායති ච “අසුකො නාම ඉදං ඉදං කරොතී”ති, සො න පබ‍්බාජෙතබ‍්බො. යො පන රාජපුත‍්තො රජ‍්ජං පත්‍ථෙන‍්තො ගාමඝාතාදීනි කරොති, සො පබ‍්බාජෙතබ‍්බො. රාජානො හි තස‍්මිං පබ‍්බජිතෙ තුස‍්සන‍්ති, සචෙ පන න තුස‍්සන‍්ති, න පබ‍්බාජෙතබ‍්බො. පුබ‍්බෙ මහාජනෙ පාකටො චොරො පච‍්ඡා චොරකම‍්මං පහාය පඤ‍්චසීලාදීනි සමාදියති, තඤ‍්චෙ මනුස‍්සා එවං ජානන‍්ති, පබ‍්බාජෙතබ‍්බො. යෙ පන අම‍්බලබුජාදිචොරකා සන්‍ධිච‍්ඡෙදාදිචොරා එව වා අදිස‍්සමානා ථෙය්‍යං කරොන‍්ති, පච‍්ඡාපි ඉමිනා නාම ඉදං කතන‍්ති න පඤ‍්ඤායන‍්ති, තෙපි පබ‍්බාජෙතුං වට‍්ටති.

චෞර වස්තූන්හි - “මනුස්සා පස්සිත්‍වා” යම්කෙනකුන් විසින් ගිහිකල්හි පෙරදක්නා ලද්දේම ‘මේ හෙතෙමේ’යි අන්හු අතින් අසත්ද, ඔවුන් දැක “උබ්බිජ්ජන්තිපි -පෙ- ද්වාරම්පි ථකෙන්ති” යම්කෙනෙක් නොදනිත්ද, ඔවුන්ගේ ගෙවල භික්‍ෂාව ලබයි. “නභික්‍ඛවෙ” භාග්‍යවතුන් වහන්සේ තුමු ධර්‍මස්වාමීහු වෙති. එහෙයින් මතුවෙහි නොකරනු පිණිස භික්‍ෂුන්ට ශික්‍ෂාපද පනවනසේක් මෙසේ වදාළ සේක. එහි ධ්වජයක් බැඳමෙන් හැසිරේනුයි ධජබන්‍ධ නම්. මූලදේවාදීන් මෙන් ලොකයෙහි ප්‍රකටැයි කියන ලද්දේ වේ. එහෙයින් යමෙක් ගම්නැසීමක් හෝ මංපැහැරීමක් හෝ නුවර හන්දිසිඳීම් ආදි කර්‍මයක් හෝ කරමින් හැසිරේද, ‘අසුවල් තෙමේ මේ මේ කර්‍ම කෙරේය’යි ප්‍රසිද්ධවේද, හෙතෙමේ පැවිදි නොකටයුතුය. යම් රාජපුත්‍රයෙක් තෙමේ රාජ්‍යය පතමින් ගම්නැසීම් ආදිය කෙරේද, හෙතෙමේ පැවිදි කටයුතුය. රජහුවනාහි ඔහු පැවිදිවූ කල්හි සතුටුවෙත්. සතුටු නොවෙත්නම් පැවිදි නොකටයුතුය. පෙර මහජනයා මැද ප්‍රකටවූ සොරෙක් පසුව සොරකම් හැරදමා පන්සිල් සමාදන්වේද, මනුෂ්‍යයෝ ඔහු ගැන මෙසේ දනිත්ද පැවිදි කටයුතුය. යම් කෙනෙක් අඹලබුආදිය සොරකම් කරන්නාහු හෝ ගෘහසන්‍ධිසිඳීම් ආදියකරන සොරහුම හෝ නොදක්නා ලබන්නාහු සොරකම් කරත්ද පසුද, ‘මොහු විසින් නම් මෙය කරන ලදැ’යි නොපෙණෙත්ද ඔවුන්ට පැවිදි කිරීම වටියි.

කාරං භින්‍දිත්‍වාති අට‍්ටබන්‍ධනාදිං භින්‍දිත්‍වා. අභයූවරාති එත්‍ථ භයෙන උපරමන‍්තීති භයූවරා, එතෙ පන ලද‍්ධාභයත‍්තා න භයූවරාති අභයූවරා; පකාරස‍්ස චෙත්‍ථ වකාරො කතොති වෙදිතබ‍්බො. න භික‍්ඛවෙ කාරභෙදකො පබ‍්බාජෙතබ‍්බොති කාරො වුච‍්චති බන්‍ධනාගාරං. ඉධ පන අන්‍දුබන්‍ධනං වා හොතු සඞ‍්ඛලිකබන්‍ධනං වා රජ‍්ජුබන්‍ධනං වා ගාමබන්‍ධනං වා නිගමබන්‍ධනං වා නගරබන්‍ධනං වා පුරිසගුත‍්ති වා ජනපදබන්‍ධනං වා දීපබන්‍ධනං වා, යො එතෙසු යංකිඤ‍්චි බන්‍ධනං භින්‍දිත්‍වා වා ඡින්‍දිත්‍වා වා මුඤ‍්චිත්‍වා වා විවරිත්‍වා වා පස‍්සමානානං වා අපස‍්සමානානං වා පලායති, සො කාරභෙදකොති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තස‍්මා ඊදිසො කාරභෙදකො චොරො දීපබන්‍ධනං භින්‍දිත්‍වා දීපන‍්තරං ගතොපි න පබ‍්බාජෙතබ‍්බො. යො පන න චොරො, කෙවලං හත්‍ථකම‍්මං අකරොන‍්තො “එවං නො අපලායන‍්තො කරිස‍්සතී”ති රාජයුත‍්තාදීහි බද‍්ධො, සො කාරං භින්‍දිත්‍වා පලාතොපි පබ‍්බාජෙතබ‍්බො. යො පන ගාමනිගමපට‍්ටනාදීනි කෙණියා ගහෙත්‍වා තං අසම‍්පාදෙන‍්තො බන්‍ධනාගාරං පවෙසිතො හොති, සො පලායිත්‍වා ආගතො න පබ‍්බාජෙතබ‍්බො. යොපි කසිකම‍්මාදීහි ධනං සම‍්පාදෙත්‍වා ජීවන‍්තො “නිධානං ඉමිනා ලද‍්ධ”න‍්ති පෙසුඤ‍්ඤං උපසංහරිත්‍වා කෙනචි බන්‍ධාපිතො හොති, තං තත්‍ථෙව පබ‍්බාජෙතුං න වට‍්ටති, පලායිත්‍වා ගතං පන ගතට‍්ඨානෙ පබ‍්බාජෙතුං වට‍්ටති.

[missing trans] “අභයූවරා” මෙහි බියෙන් වැළකෙත්නුයි භයූවර නම. මොවුහු වනාහි ලැබූ අභය ඇති බැවින් ‘න භයූවරා’යි අභයූවර නම් වෙති. මෙහි පකාරයට වකාරය කරණ ලදැයි දතයුතුය. “න භික්‍ඛවෙ කාරභෙදකො” සිරගෙය කාරයි කියනු ලැබේ. මෙහි අන්‍දුබන්‍ධනයක් හෝ වේවා, සඞ්ඛලික බන්‍ධනයක් හෝ වේවා, රජ්ජුබන්‍ධනයක් හෝ වේවා, ගාමබන්‍ධනයක් හෝ වේවා, නිගමබන්‍ධනයක් හෝ වේවා, නගරබන්‍ධනයක් හෝ වේවා, පුරිසගුත්තියක් හෝ වේවා, ජනපදබන්‍ධනයක් හෝ වේවා දීපබන්‍ධනයක් හෝ වේවා, යමෙක් මේ බන්‍ධනයන් අතුරෙහි යම්කිසි බන්‍ධනයක් බිඳ හෝ සඞ්ඛලික බන්‍ධනය සිඳ හෝ රජ්ජුබන්‍ධනය මුදා හෝ ග්‍රාමබන්‍ධනාදීන්ගේ දොරකොටු ආදිය හැර හෝ දක්නාකල්හි හෝ නොදක්නාකල්හි හෝ පලායේද, හෙතෙමේ කාරභෙදකයි ගිණීමටයේ. එහෙයින් මෙබඳු කාරභෙදක සොරෙක් දීපබන්‍ධනය බිඳ දීපාන්තරයට ගියේද පැවිදි නොකටයුතුය. යම් සොරොක් වනාහි හුදෙක් අත්කම් නොකරනුයේ මෙසේ නොපලායනුයේ නොකරන්නේය’යි හෝ රාජයුක්තාදීන් විසින් බඳින ලද්දේ, හෙතෙමේ සිරගෙය බිඳ පලාගියේද පැවිදි කටයුතුය. යමෙක් වනාහි ගම් නියම්ගම් පටුන ආදිය රජහට දිය යුතු අය උපදවා දෙනු පිණිස ගෙන එය නොසපයන්නේ හිරගෙට ඇතුල්කරණ ලද්දේවේද, හෙතෙමේ පලාගොස් ආයේ පැවිදි නොකටයුතුය. යමෙක් වනාහි ගොවිකම් ආදියෙන් ධනය සපයා ජීවත්වනුයේ ‘මොහු විසින් ධනය සපයන ලදැ’යි කේලාම් කියා කිසිවකු විසින් බඳවන ලද්දේවේද, ඔහු එහිදීම පැවිදි කිරීම නොසුදුසුය. පැනගියහු ගියතැනදීම පැවිදි කිරීම වරදනොවේ.

න භික‍්ඛවෙ ලිඛිතකොති එත්‍ථ ලිඛිතකො නාම න කෙවලං “යත්‍ථ පස‍්සති තත්‍ථ හන‍්තබ‍්බො”ති, අථ ඛො යො කොචි චොරිකං වා අඤ‍්ඤං වා ගරුං රාජාපරාධං කත්‍වා පලාතො, රාජා ච නං පණ‍්ණෙ වා පොත්‍ථකෙ වා “ඉත්‍ථන‍්නාමො යත්‍ථ දිස‍්සති, තත්‍ථ ගහෙත්‍වා මාරෙතබ‍්බො”ති වා “හත්‍ථපාදානිස‍්ස ඡින්‍දිතබ‍්බානී”ති වා “එත‍්තකං නාම දණ‍්ඩං ආහරාපෙතබ‍්බො”ති වා ලිඛාපෙති, අයං ලිඛිතකො නාම, සො න පබ‍්බාජෙතබ‍්බො.

“න භික්‍ඛවෙ ලිඛිතකො” එහි ලිඛිත නම්, ‘හුදෙක් යම් තැනකදී දකීද එතැනදී නැසිය යුතුය’යි නියමිත වූයේය. තවද යම් කිසිවෙක් හොරකමක් හෝ අන්‍ය වූ ගරු රාජපරාධයක් හෝ කොට පලාගියේද, රජතෙමේද, ඔහු, පතෙක හෝ පොතක හෝ මෙනම් තෙමේ යම් තැනකදී දක්නා ලැබේද, එහිදී අල්ලාගෙන මැරියයුතුය’යි හෝ මොහුගේ අත්පා ආදිය සිඳිය සිඳිය යුතුය. මෙතෙක් දඩ ගෙන්විය යුතුය’යි හෝ ලියවා තබාද, මෙතෙමේ ද ලිඛිතක නම. හෙතෙමේ පැවිදි නොකටයුතුය.

කසාහතො කතදණ‍්ඩකම‍්මොති එත්‍ථ යො වචනපෙසනාදීනි අකරොන‍්තො හඤ‍්ඤති, න සො කතදණ‍්ඩකම‍්මො. යො පන කෙණියා වා අඤ‍්ඤථා වා කිඤ‍්චි ගහෙත්‍වා ඛාදිත්‍වා පුන දාතුං අසක‍්කොන‍්තො “අයමෙව තෙ දණ‍්ඩො හොතූ”ති කසාහි හඤ‍්ඤති, අයං කසාහතො කතදණ‍්ඩකම‍්මො. සො ච කසාහි වා හතො හොතු අද‍්ධදණ‍්ඩකාදීනං වා අඤ‍්ඤතරෙන, යාව අල‍්ලවණො හොති, තාව න පබ‍්බාජෙතබ‍්බො. වණෙ පන පාකතිකෙ කත්‍වා පබ‍්බාජෙතබ‍්බො. සචෙ පන ජාණූහි වා කප‍්පරෙහි වා නාළිකෙරපාසාණාදීහි වා ඝාතෙත්‍වා මුත‍්තො හොති, සරීරෙ චස‍්ස ගණ‍්ඨියො පඤ‍්ඤායන‍්ති, න පබ‍්බාජෙතබ‍්බො. ඵාසුකං කත්‍වා එව ගණ‍්ඨීසු සන‍්නිසින‍්නාසු පබ‍්බාජෙතබ‍්බො.

“කසාහතො කතදණ්ඩකම්මො” මෙහි යමෙක් වචනපෙසනාදිය නොකරන්නේ හිංසා කරනු ලැබේද, හෙතෙමේ කළ දඬුවම් ඇත්තේ නොවේ. යමෙක් වනාහි අය උපදවා දෙනු පිණිස හෝ අන් පරිද්දෙකින් හෝ කිසිවක් ගෙන ආ නැවත දෙන්නට නොහැකිවනුයේ ‘තට මේ දඬුවම වේවා’යි තළන කසවලින් හෝ හිංසා කරනු ලැබේද, මෙතෙමේ කසයෙන් තළන ලද්දේ කළදඬුවම් ඇත්තේ නම. හෙතෙමේද කසවලින් හිංසාකරණ ලද්දේ හෝ වේවා, ආදී දණ්ඩකාදීන් අතුරෙහි එක්තරා එකකින් නසන ලද්දේ හෝ වේවා තෙත් වණය ඇත්තේ වේද, ඒතාක් පැවිදි නොකටයුතුය. වණය ප්‍රකෘතිමත් කොට පැවිදි කටයුතුය. දණින් හෝ වැලමිටෙන් හෝ පොල්ගෙඩි ගල් ආදියෙන් හෝ හිංසා කොට මුදන ලද්දේවේද ඔහුගේ සිරුරෙහි ගැට පැණේද, පැවිදි නොකටයුතුය. පහසුකොටම ගැට සංසිඳුණු කල්හි පැවිදි කටයුතුය.

ලක‍්ඛණාහතො කතදණ‍්ඩකම‍්මොති එත්‍ථ කතදණ‍්ඩකම‍්මභාවො පුරිමනයෙනෙව වෙදිතබ‍්බො. යස‍්ස පන නලාටෙ වා ඌරුආදීසු වා තත‍්තෙන ලොහෙන ලක‍්ඛණං ආහතං හොති, සො සචෙ භුජිස‍්සො යාව අල‍්ලවණො හොති, තාව න පබ‍්බාජෙතබ‍්බො. සචෙපිස‍්ස වණා රුළ‍්හා හොන‍්ති, ඡවියා සමපරිච‍්ඡෙදා, ලක‍්ඛණං න පඤ‍්ඤායති, තිමණ‍්ඩලවත්‍ථස‍්ස උත‍්තරාසඞ‍්ගෙ කතෙ පටිච‍්ඡන‍්නොකාසෙ චෙ හොති, පබ‍්බාජෙතුං වට‍්ටති, අප‍්පටිච‍්ඡන‍්නොකාසෙ චෙ න වට‍්ටති.

“ලක්‍ඛණහතො කතදණ්ඩකම්මො” මෙහි කළ දඬුවම් ඇතිබව පෙරනයින්ම දතයුතුය. යමක්හුගේ නළලෙහි හෝ කළවා ආදියෙහි හෝ රත්වූ යකඩයකින් ලකුණක් තබන ලද්දේවේද, හෙතෙමේ ඉදින් නිදහස්වූයේ යම්තාක් තෙත්වණ ඇත්තේවේද, ඒතාක් පැවිදි නොකටයුතුය. ඉදින් ඔහුගේ වණ හටගත්තේවේද, සිවිය හා සම පිරිසිඳීම් ඇත්තේවේද, ලකුණ නොපෙණේද, තෙමඬුලු වසා හැන්දහුගේ උතුරුසළුව එකස්කොට පෙරවිකල්හි පිළිසන් අවකාශයෙහි වේනම් පැවිදි කිරීම වටියි. නොපිළිස වූ අවකාශයෙහි නම් නොසුදුසුය.

චොරවත්‍ථුකථා නිට‍්ඨිතා.

ඉණායිකවත්‍ථුකථා

ඉණායිකවත්ථුකථා

න භික‍්ඛවෙ ඉණායිකොති එත්‍ථ ඉණායිකො නාම යස‍්ස පිතිපිතාමහෙහි වා ඉණං ගහිතං හොති, සයං වා ඉණං ගහිතං හොති, යං වා ආථපෙත්‍වා මාතාපිතූහි කිඤ‍්චි ගහිතං හොති, සො තං ඉණං පරෙසං ධාරෙතීති ඉණායිකො. යං පන අඤ‍්ඤෙ ඤාතකා ආථපෙත්‍වා කිඤ‍්චි ගණ‍්හන‍්ති, සො න ඉණායිකො. න හි තෙ තං ආථපෙතුං ඉස‍්සරා, තස‍්මා තං පබ‍්බාජෙතුං වට‍්ටති, ඉතරං න වට‍්ටති. සචෙ පනස‍්ස ඤාතිසාලොහිතා “මයං දස‍්සාම, පබ‍්බාජෙථ න”න‍්ති ඉණං අත‍්තනො භාරං කරොන‍්ති, අඤ‍්ඤො වා කොචි තස‍්ස ආචාරසම‍්පත‍්තිං දිස‍්වා “පබ‍්බාජෙථ නං, අහං ඉණං දස‍්සාමී”ති වදති, පබ‍්බාජෙතුං වට‍්ටති. තෙසු අසති භික‍්ඛුනා තථාරූපස‍්ස උපට‍්ඨාකස‍්සාපි ආරොචෙතබ‍්බං “සහෙතුකො සත‍්තො ඉණපලිබොධෙන න පබ‍්බජතී”ති. සචෙ සො පටිපජ‍්ජති, පබ‍්බාජෙතබ‍්බො. සචෙපි අත‍්තනො කප‍්පියභණ‍්ඩං අත්‍ථි, “එතං දස‍්සාමී”ති පබ‍්බාජෙතබ‍්බො. සචෙ පන නෙව ඤාතකාදයො පටිපජ‍්ජන‍්ති, න අත‍්තනො ධනං අත්‍ථි, “පබ‍්බාජෙත්‍වා භික‍්ඛාය චරිත්‍වා මොචෙස‍්සාමී”ති පබ‍්බාජෙතුං න වට‍්ටති. සචෙ පබ‍්බාජෙති දුක‍්කටං. පලාතොපි ආනෙත්‍වා දාතබ‍්බො. නො චෙ දෙති, සබ‍්බං ඉණං ගීවා හොති. අජානිත්‍වා පබ‍්බාජයතො අනාපත‍්ති. පස‍්සන‍්තෙන පන ආනෙත්‍වා ඉණසාමිකානං දස‍්සෙතබ‍්බො. අපස‍්සන‍්තස‍්ස ගීවා න හොති.

“න භික්‍ඛවෙ ඉණායිකො” මෙහි ඉණායිකො නම්, යමක්හුගේ පියපුතුන් විසින් හෝ ණය ගන්නා ලද්දේ වේද, තමන් විසින් හෝ ණය ගන්නා ලද්දේ හෝ වේද, යමකු ඇප කරවාදී හෝ මවුපියන් විසින් කිසිවක් ගන්නා ලද්දේවේද, හෙතෙමේ අනුන්ගේ ඒ ණය දරානුයි ඉණායික නම අන් නෑයෝ යමකු ඇපකොටදී කිසිවක් ගණිත්ද, හෙතෙමේ ණයගැති නොවේ. ඒ නෑයෝ ඔහු ඇපකරවා දීමෙහි ඉසුරෝ නොවෙත්. එහෙයින් ඔහු පැවිදි කිරීම වටියි. අනිකා පැවිදි කිරීම නොවටියි. ඉදින් මොහුගේ සහලේ නෑයෝ ‘අපි දෙන්නෙමු, ඔහු පැවිදි කිරීම වටියි. අනිකා පැවිදි කිරීම නොවටියි. ඉදින් මොහුගේ සහලේ නෑයෝ ‘අපි දෙන්නෙමු, ඔහු පැවිදිකළ මැනවැ’යි ණය තමන්ගේ භාරයට ගණිත් නම් අන් කිසිවෙක් හෝ ඔහුගේ ආචාරසම්පත්තිය දැක, ‘ඔහු පැවිදි කළ මැනව, මම ණය දෙන්නෙමි’යි කියානම්, පැවිදි කිරීම වටියි. ඔවුන් නැති කල්හි මහණහු විසින් එබඳු උපස්ථායෙකුහට හෝ ‘හෙතුසහිත සත්ත්‍වතෙමේ ඉණ පළිබොධය නිසා පැවිදි නොවේය’යි සැලකළයුතුය. ඉදින් හෙතෙමේ පිළිපදී නම් පැවිදි කටයුතුය. තමාගේ කැපබඩුවක් ඇත්තේද, මෙය දෙන්නෙමි’යි පැවිදි කටයුතුය. ඉදින් නෑආදීහු නොම පිළිපදිත්නම්, තමාගේ ධනයක් නැත්තේ නම් ‘පැවිදිකොට භික්‍ෂාවෙහි හැසිර මුදාලන්නෙමි’යි පැවිදි කිරීම නොසුදුසුය. පැවිදි කෙරේනම් දුක්කටය වේ. පලාගියේද ගෙනවුත් දියයුතුය. නොදේනම් සියලු ණය ගීවාවේ. නොදැන පැවිදි කරන්නහුට ඇවැත් නොවේ. දක්නහු විසින් වනාහි ගෙන අවුත් ණයහිමියන්ට දැක්විය යුතුය. නොදක්නහුට ග්‍රීවානොවේ.

සචෙ ඉණායිකො අඤ‍්ඤං දෙසං ගන‍්ත්‍වා පුච‍්ඡියමානොපි “නාහං කස‍්සචි කිඤ‍්චි ධාරෙමී”ති වත්‍වා පබ‍්බජති, ඉණසාමිකො ච තං පරියෙසන‍්තො තත්‍ථ ගච‍්ඡති, දහරො තං දිස‍්වා පලායති, සො ච ථෙරං උපසඞ‍්කමිත්‍වා “අයං භන‍්තෙ කෙන පබ‍්බාජිතො, මම එත‍්තකං නාම ධනං ගහෙත්‍වා පලාතො”ති වදති, ථෙරෙන වත‍්තබ‍්බං “මයා උපාසක ‘අණණො අහ’න‍්ති වදන‍්තො පබ‍්බාජිතො, කිං දානි කරොමි, පස‍්ස මෙ පත‍්තචීවරමත‍්ත”න‍්ති අයං තත්‍ථ සාමීචි. පලාතෙ පන ගීවා න හොති.

ණයගැති තෙමේ අන් දේසයකට ගොස් විචාරණු ලබන්නේද ‘මම කිසිවක්හට කිසිණයක් නොදරමි’යි කියා පැවිදිවේද? ණයහිමිතෙමේද, ඔහු සොයමින් එහියේද. දහරතෙමේ ඔහු දැක පලායේද, හෙතෙමේද තෙරහු කරා එළඹ ‘ස්වාමීනි’ මෙතෙමේ කවරක්හු විසින් පැවිදි කරවන ලද්දේද, මාගේ මෙතෙක් ධනය ගෙන පලාගියේය’යි කියානම් තෙරහු විසින් ‘උපාසක’ ‘මම ණයෙන් නිදහස්යෙමි’යි කියන්නේ මා විසින් පැවිදි කරණ ලද්දේය, දැන් කුමක් කරම්ද, මාගේ පාසිවුරු පමණක් බලව’යි කියයුත්තේය. මේ එහි වතයි. පලාගිය කල්හි ග්‍රීවානොවේ

සචෙ පන නං ථෙරස‍්ස සම‍්මුඛාව දිස‍්වා “අයං මම ඉණායිකො”ති වදති, “තව ඉණායිකං ත්‍වමෙව ජානාහී”ති වත‍්තබ‍්බො. එවම‍්පි ගීවා න හොති. සචෙපි සො “පබ‍්බජිතො අයං ඉදානි කුහිං ගමිස‍්සතී”ති වදති, ථෙරෙන “ත්‍වංයෙව ජානාහී”ති වත‍්තබ‍්බො. එවම‍්පිස‍්ස පලාතෙ ගීවා න හොති. සචෙ පන ථෙරො “කුහිං දානි අයං ගමිස‍්සති, ඉධෙව අච‍්ඡතූ”ති වදති, සො චෙ පලායති, ගීවා හොති. සචෙ සො සහෙතුකසත‍්තො හොති වත‍්තසම‍්පන‍්නො, ථෙරෙන “ඊදිසො අය”න‍්ති වත‍්තබ‍්බං. ඉණසාමිකො චෙ “සාධූ”ති විස‍්සජ‍්ජෙති, ඉච‍්චෙතං කුසලං. සචෙ පන “උපඩ‍්ඪුපඩ‍්ඪං දෙථා”ති වදති, දාතබ‍්බං. අපරෙන සමයෙන අතිආරාධකො හොති, “සබ‍්බං දෙථා”ති වුත‍්තෙපි දාතබ‍්බමෙව. සචෙ පන උද‍්දෙසපරිපුච‍්ඡාදීසු කුසලො හොති බහූපකාරො භික‍්ඛූනං, භික‍්ඛාචාරවත‍්තෙන පරියෙසිත්‍වාපි ඉණං දාතබ‍්බමෙවාති.

ඔහු තෙරහු ඉදිරියෙහිම දැක, ‘මේ මාගේ ණය ගැතියා’යි කියානම් ‘තාගේ ණය ගැතියා තෝම දනුව’යි කියයුතුය. මෙසේද ග්‍රීවා නොවේ. හෙතෙමේ ‘පැවිදිවූ මෙතෙමේ දැන් කොහි යන්නේදැ’යි කියානම්, තෙරහු විසින් ‘තෝම දනුව’යි කියයුතුය. මෙසේද ඔහු පලාගිය කල්හි ග්‍රීවා නොවේ. ඉදින් ස්ථවිරතෙමේ ‘දැන් මෙතෙමේ කොහි යන්නේද, මෙහිම හිඳීවා’යි කියානම් ඉදින් පලායේනම්, ග්‍රීවාවේ. හෙතෙමේ සහෙතුක සත්ත්‍වයෙක්වේද, වත්තසම්පන්නවේද, තෙරහු විසින් ‘මෙතෙමේ මෙබඳුය’යි කියයුතුය. ණයහිමි තෙමේ ‘මැනවැ’යි හරීනම්, මේ හැරීම මැනැවි. ඉදින් අඩ අඩ දෙවු’යි කියා නම් දිය යුතුය. අන්කලෙක තදින් සතුටු කරන්නෙක් වේ. ‘සියල්ල දෙවු’යි කියූකල්හිද දියයුතුමය. ඉදින් උද්දෙසපරිපුච්ඡාදියෙහි දක්‍ෂවේද, භික්‍ෂූන්ට බොහෝ උපකාරවේද, භික්‍ෂාචාරවතින් සොයාද ණය දියයුතුමය.

ඉණායිකවත්‍ථුකථා නිට‍්ඨිතා.

ඉණායිකවත්‍ථුකථාව නිමි.

දාසවත්‍ථුකථා

දාසවත්ථුකථා

න භික‍්ඛවෙ දාසොති එත්‍ථ චත‍්තාරො දාසා – අන‍්තොජාතො, ධනක‍්කීතො, කරමරානීතො, සාමං දාසබ්‍යං උපගතොති. තත්‍ථ අන‍්තොජාතො නාම ජාතිදාසො ඝරදාසියා පුත‍්තො. ධනක‍්කීතො නාම මාතාපිතූනං සන‍්තිකා පුත‍්තො වා සාමිකානං සන‍්තිකා දාසො වා ධනං දත්‍වා දාසචාරිත‍්තං ආරොපෙත්‍වා කීතො. එතෙ ද‍්වෙපි න පබ‍්බාජෙතබ‍්බා. පබ‍්බාජෙන‍්තෙන තත්‍ථ තත්‍ථ චාරිත‍්තවසෙන අදාසං කත්‍වා පබ‍්බාජෙතබ‍්බා.

“න භික්‍ඛවෙ දාසො” මෙහි අන්තොජාත-ධනක්කීත-කරමරානීත සාමංදාසව්‍යං උපගතයි දාසයෝ සිවුදෙනෙක් වෙත් එහි අන්තොජාත නම්, උපතින් දාසවූ ගේදාසියගේ පුත්‍රතෙමේය. ධනක්කීත නම්, මවුපියන් සමීපයෙන් පුත්‍රයෙක් හෝ, සැමියන්ගේ සමීපයෙන් දාසයෙක් හෝ ධනයදී දාසචාරිත්‍රයට නගා මිලට ගන්නා ලද්දේය. මේ දෙදෙනම පැවිදි නොකටයුතුය. [missing trans]

කරමරානීතො නාම තිරොරට‍්ඨං විලොපං වා කත්‍වා උපලාපෙත්‍වා වා තිරොරට‍්ඨතො භුජිස‍්සමානුසකානි ආහරන‍්ති, අන‍්තොරට‍්ඨෙයෙව වා කතාපරාධං කිඤ‍්චි ගාමං රාජා “විලුම‍්පථා”ති ආණාපෙති, තතො මානුසකානිපි ආහරන‍්ති. තත්‍ථ සබ‍්බෙ පුරිසා දාසා, ඉත්‍ථියො දාසියො. එවරූපො කරමරානීතො දාසො යෙහි ආනීතො, තෙසං සන‍්තිකෙ වසන‍්තො වා බන්‍ධනාගාරෙ බද‍්ධො වා පුරිසෙහි රක‍්ඛියමානො වා න පබ‍්බාජෙතබ‍්බො. පලායිත්‍වා පන ගතො, ගතට‍්ඨානෙ පබ‍්බාජෙතබ‍්බො. රඤ‍්ඤා තුට‍්ඨෙන “කරමරානීතකෙ මුඤ‍්චථා”ති වත්‍වා වා සබ‍්බසාධාරණෙන වා නයෙන බන්‍ධනා මොක‍්ඛෙ කතෙ පබ‍්බාජෙතබ‍්බොව.

කරමරානීත නම්, පිටරටින් පැහැරගෙණ හෝ සඞ්ග්‍රහයක්කොට නලවා හෝ පිටරටින් නිදහස් මිනිසුන් ගෙන එත්. රට තුළම හෝ කළ අපරාධ ඇති කිසිගමක් පැහැරගණිවු’යි රජතෙමේ අණකෙරේද, එයින් මිනිසුන් ගෙන එත්ද, එහි සියලු පුරුෂයෝ දාසයෝ වෙත්. සියලු ස්ත්‍රීහු දාසියෝ වෙත්. මෙබඳුවූ කරමරාතීත දාසයෙක් යම් කෙනෙකුන් විසින් ගෙන එන ලද්දේද ඔවුන් වෙත වසන්නේ හෝ සිරගෙයි බැඳුනේ හෝ පුරුෂයන් විසින් රකිනු ලබන්නේ හෝ පැවිදි නොකටයුතුය. පලාගියේ ගියතන්හිදී පැවිදි කටයුතුය. සතුටුවූ රජු විසින් ‘කරමරාතීතයන් මුදාහරිවු’යි කියා අභිෂෙකාදියෙහි සියල්ලන්ට සාධාරණ වූ හෝ නයින් බන්‍ධනයෙන් මිදීම කළ කල්හි පැවිදි කටයුතුමය.

සාමං දාසබ්‍යං උපගතො නාම ජීවිතහෙතු වා ආරක‍්ඛහෙතු වා “අහං තෙ දාසො”ති සයමෙව දාසභාවං උපගතො. රාජූනං හත්‍ථිඅස‍්සගොමහිංසගොපකාදයො විය, තාදිසො දාසො න පබ‍්බාජෙතබ‍්බො. රඤ‍්ඤො වණ‍්ණදාසීනං පුත‍්තා හොන‍්ති අමච‍්චපුත‍්තසදිසා, තෙපි න පබ‍්බාජෙතබ‍්බා. භුජිස‍්සිත්‍ථියො අසංයතා වණ‍්ණදාසීහි සද‍්ධිං විචරන‍්ති, තාසං පුත‍්තෙ පබ‍්බාජෙතුං වට‍්ටති. සචෙ සයමෙව පණ‍්ණං ආරොපෙන‍්ති, න වට‍්ටති. භටිපුත‍්තකගණාදීනං දාසාපි තෙහි අදින‍්නා න පබ‍්බාජෙතබ‍්බා. විහාරෙසු රාජූහි ආරාමිකදාසා නාම දින‍්නා හොන‍්ති, තෙපි පබ‍්බාජෙතුං න වට‍්ටති. භුජිස‍්සෙ පන කත්‍වා පබ‍්බාජෙතුං වට‍්ටති. මහාපච‍්චරියං “අන‍්තොජාතධනක‍්කීතකෙ ආනෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස ආරාමිකෙ දෙමාති දෙන‍්ති, තක‍්කං සීසෙ ආසිත‍්තකසදිසාව හොන‍්ති, තෙ පබ‍්බාජෙතුං වට‍්ටතී”ති වුත‍්තං. කුරුන්‍දියං පන “ආරාමිකං දෙමාති කප‍්පියවොහාරෙන දෙන‍්ති, යෙන කෙනචි වොහාරෙන දින‍්නො හොතු, නෙව පබ‍්බාජෙතබ‍්බො”ති වුත‍්තං. දුග‍්ගතමනුස‍්සා සඞ‍්ඝං නිස‍්සාය ජීවිස‍්සාමාති විහාරෙ කප‍්පියකාරකා හොන‍්ති, එතෙපි පබ‍්බාජෙතුං වට‍්ටති. යස‍්ස මාතාපිතරො දාසා, මාතා එව වා දාසී, පිතා අදාසො, තං පබ‍්බාජෙතුං න වට‍්ටති. යස‍්ස පන මාතා අදාසී, පිතා දාසො, තං පබ‍්බාජෙතුං වට‍්ටති. භික‍්ඛුස‍්ස ඤාතකා වා උපට‍්ඨාකා වා දාසං දෙන‍්ති “ඉමං පබ‍්බාජෙථ, තුම‍්හාකං වෙය්‍යාවච‍්චං කරිස‍්සතී”ති අත‍්තනොවාස‍්ස දාසො අත්‍ථි, භුජිස‍්සො කතොව පබ‍්බාජෙතබ‍්බො. සාමිකා දාසං දෙන‍්ති “ඉමං පබ‍්බාජෙථ, සචෙ අභිරමිස‍්සති, අදාසො විබ‍්භමිස‍්සති චෙ, අම‍්හාකං දාසොව භවිස‍්සතීති අයං තාවකාලිකො නාම, තං පබ‍්බාජෙතුං න වට‍්ටතී”ති කුරුන්‍දියං වුත‍්තං. නිස‍්සාමිකදාසො හොති, සොපි භුජිස‍්සො කතොව පබ‍්බාජෙතබ‍්බො. අජානන‍්තො පබ‍්බාජෙත්‍වා වා උපසම‍්පාදෙත්‍වා වා පච‍්ඡා ජානාති, භුජිස‍්සං කාතුමෙව වට‍්ටති.

සාමං දාසව්‍යං උපගතො නම් ජීවත්වීම හෙතුකොට හෝ ආරක්‍ෂාව හෙතුකොට හෝ “මම තට දාස වෙමි”යි තෙමේම දාසභාවයට පැමිණියේය. රජුන්ගේ ඇත් අස් ගොන් මීමුන් යන මොවුන් රකින්නන් මෙනි. එබඳු දාසතෙමේ පැවිදිකටයුතුය. ‘අපිදු වර්‍ණදාසියෝ වෙමු’යි තමන්ගේ ආරක්‍ෂාව පිණිස තුමූම රජුන්ගේ දාසිපත්‍රයෙහි නම් ලියත්. ඒ වර්‍ණදාසීන්ගේ පුත්‍රයෝ අමාත්‍ය පුත්‍රයන් සමාන වෙති. ඔවුහුද පැවිදි නොකටයුතුය. නිදහස් ස්ත්‍රීහු සංයම රහිතව වර්‍ණදාසීන් සමග හැසිරෙත්. ඒ ස්ත්‍රීන්ගේ පුත්‍රයන් පැවිදි කිරීම වටියි. ඉදින් තුමූම පතට නගා පළකරත්ද, නොවටියි. භට්ටපුත්තගණාදීන්ගේ දාසයෝද ඔවුන් විසින් නොදෙන ලද්දාහු පැවිදි නොකටයුත්තාහුය. රජුන් විසින් විහාරයන්ට ආරාමිකදාසයෝ දෙන ලද්දාහු වෙත්ද, ඔවුන්ට පැවිදි කිරීම නොවටියි. නිදහස් වූවන්කොට පැවිදි කිරීම වරද නොවේ. මහාපච්චරියෙහි අන්තොජාත-ධනක්කීතදාසයන් ගෙනවුත් භික්‍ෂුසඞ්ඝයාහට ආරාමිකයන් දෙමු’යි දෙත්ද, ‘ඔවුහු හිසෙහි මෝරු වක්කළවුන් සමානම වෙත්. ඔවුන් පැවිදි කිරීම වටීයයි කියනලදී. කුරුන්‍දියෙහි වනාහි ‘ආරාමිකයෙකු දෙම්හ’යි කැප වහරින් දෙත්ද, යම්කිසි ව්‍යවහාරයකින් දෙන ලද්දෙක් වේවා, නොම පැවිදි කටයුතුය’යි කියන ලදී. දිළිඳු මිනිස්සු සඞ්ඝයා නිසා ජීවත්වන්නෙමු’යි විහාරයෙහි කැපකරුවෝ වෙත්ද, මොවුන් පැවිදි කිරීම වටියි. යමක්හුගේ මවුපියෝ දාසයෝ වෙත්ද, මවුතොමෝම හෝ දාසිය වන්නීද, පියතෙමේ දාසයෙක් නොවේද, ඔහු පැවිදි කිරීම නොහොබී. යමක්හුගේ මවුතොමේ දැස්සක් නොවන්නීය. පිය තෙමේ දාසයෙක් වේ. ඔහු පැවිදි කිරීම වරදක් නොවේ. මහණක්හට නෑයෝ හෝ උපස්ථායකයෝ හෝ ‘මොහු පැවිදිකළ මැනවැ’ ඔබ වහන්සේට වතාවත් කරන්නේය’යි දාසයෙකු දෙත්ද තමාගේ හෝ දාසයෙක් ඇත්තේද, නිදහස් කරන ලද්දේම පැවිදි කටයුතුය. සැමියෝ ‘මොහු පැවිදි කළ මැනවැ, ඉදින් සසුනෙහි ඇලෙන්නේ නම් දාසයෙක් නොවේ. සිවුරු හරින්නේ නම් අපගේ දාසයාම වන්නේය’යි දාසයෙකු දෙත්ද, මේතෙමේ තාවකාලික නම. ඔහු පැවිදි කිරීම නොවටීය’යි කුරුන්‍දියෙහි කියනලදී. සැමියන් නැති දාසයෙක් වේද, හෙතෙමේද, නිදහස් කරණ ලද්දේම පැවිදි කටයුතුය. නොදන්නේ පැවිදිකොට හෝ උපසපන්කොට හෝ පසුව දනීද, නිදහස් වූවකු කරන්නටම වටියි.

ඉමස‍්ස ච අත්‍ථස‍්ස පකාසනත්‍ථං ඉදං වත්‍ථුං වදන‍්ති – එකා කිර කුලදාසී එකෙන සද‍්ධිං අනුරාධපුරා පලායිත්‍වා රොහණෙ වසමානා පුත‍්තං පටිලභි, සො පබ‍්බජිත්‍වා උපසම‍්පන‍්නකාලෙ ලජ‍්ජී කුක‍්කුච‍්චකො අහොසි. අථෙකදිවසං මාතරං පුච‍්ඡි – “කිං උපාසිකෙ තුම‍්හාකං භාතා වා භගිනී වා නත්‍ථි, න කඤ‍්චි ඤාතකං පස‍්සාමී”ති. “තාත, අහං අනුරාධපුරෙ කුලදාසී, තව පිතරා සද‍්ධිං පලායිත්‍වා ඉධ වසාමී”ති. සීලවා භික‍්ඛු “අසුද‍්ධා කිර මෙ පබ‍්බජ‍්ජා”ති සංවෙගං ලභිත්‍වා මාතරං තස‍්ස කුලස‍්ස නාමගොත‍්තං පුච‍්ඡිත්‍වා අනුරාධපුරං ආගම‍්ම තස‍්ස කුලස‍්ස ඝරද‍්වාරෙ අට‍්ඨාසි. “අතිච‍්ඡථ භන‍්තෙ”ති වුත‍්තෙපි නාතික‍්කමි, තෙ ආගන‍්ත්‍වා “කිං භන‍්තෙ”ති පුච‍්ඡිංසු. “තුම‍්හාකං ඉත්‍ථන‍්නාමා දාසී පලාතා අත්‍ථී”ති? අත්‍ථි භන‍්තෙ. අහං තස‍්සා පුත‍්තො, සචෙ මං තුම‍්හෙ අනුජානාථ, පබ‍්බජ‍්ජං ලභාමි, තුම‍්හෙ මය‍්හං සාමිකාති . තෙ හට‍්ඨතුට‍්ඨා හුත්‍වා “සුද‍්ධා භන‍්තෙ තුම‍්හාකං පබ‍්බජ‍්ජා”ති තං භුජිස‍්සං කත්‍වා මහාවිහාරෙ වසාපෙසුං චතූහි පච‍්චයෙහි පටිජග‍්ගන‍්තා. ථෙරො තං කුලං නිස‍්සාය වසමානොයෙව අරහත‍්තං පාපුණීති.

මේ අර්‍ත්‍ථය පවසනු පිණිස මේ වස්තුව කියත් :- එක් කුලදාසියක් වනාහි එකකු සමග අනුරාධපුරයෙන් පලාගොස් රුහුණ වසන්නී පුතකු ලැබූය. හෙතෙමේ පැවිදිව උපසපන්වූ කල්හි ලජ්ජිවූ කුක්කුච්චකයෙක් වූයේය. ඉක්බිති එක් දවසක් ‘උවැසිය’ තීගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් හෝ නැත්තේද, කිසි නෑයෙකු නොදක්නෙමි’යි මවුගෙන් විචාළේය. ‘පින්වත’ මම අනුරාධපුරයෙහි කුලදාසියක් වෙමි’ ඔබගේ පියා සමග පලා අවුත් මෙහි වසමි’යි ඕතොමෝ කිවූය. සිල්වත් මහණතෙමේ ‘මාගේ පැවිද්ද අපිරිසිදුය’යි සංවේගයට පැමිණ මවු අතින් ඒ කුලයේ නාමගොත්‍රය අසා අනුරාධපුරයට පැමිණ ඒ කුලයාගේ ගෙදොර සිටියේය. “අතිච්ඡථ භන්තෙ”යි කියන ලද්දේද පිටත්ව නොයයි. ඔවුහු අවුත් ‘ස්වාමීනි’ කිමැ’යි ඇසූහ. ‘තොපගේ මෙනම් දාසියක් පලාගියා ඇත්තීදැ’යි ඇසූයේය. ‘ඇත, ස්වාමීනි’යි ඔවුහු කීහ. එවිට ඒ මහණතෙමේ ‘මම ඒ දාසියගේ පුත්‍රයෙක්මි’ ඉදින් තෙපි මට අනුදනිහු නම්, මම පැවිද්ද ලබමි, තෙපි මාගේ හිමියෝ වහුයි කීයේය. ඔවුහු තුටු පහටුව ‘ස්වාමීනි’ ඔබවහන්සේගේ පැවිද්ද, පිරිසිදුය’යි නිදහස්කොට මහාවිහාරයෙහි වාසය කරවූහ. සිවුපසයෙන් පිළිදැගුම් කළහ. ස්ථවිරතෙමේ ඒ කුලය නිසා වසන්නේම රහත්බවට පැමිණියේය.

දාසවත්‍ථුකථා නිට‍්ඨිතා.

දාසකථාවත්‍ථුව නිමි.

කම‍්මාරභණ‍්ඩුවත්‍ථාදිකථා

කම්මාරභණ්ඩුවත්ථාදිකථා

කම‍්මාරභණ‍්ඩූති තුලාධාරමුණ‍්ඩකො සුවණ‍්ණකාරපුත‍්තො, පඤ‍්චසිඛො තරුණදාරකොති වුත‍්තං හොති. සඞ‍්ඝං අපලොකෙතුං භණ‍්ඩුකම‍්මායාති සඞ‍්ඝං භණ‍්ඩුකම‍්මත්‍ථාය ආපුච‍්ඡිතුං අනුජානාමීති අත්‍ථො. තත්‍රායං ආපුච‍්ඡනවිධි – සීමාපරියාපන‍්නෙ භික‍්ඛූ සන‍්නිපාතෙත්‍වා පබ‍්බජ‍්ජාපෙක‍්ඛං තත්‍ථ නෙත්‍වා “සඞ‍්ඝං භන‍්තෙ ඉමස‍්ස දාරකස‍්ස භණ‍්ඩුකම‍්මං ආපුච‍්ඡාමී”ති තික‍්ඛත‍්තුං වා ද‍්වික‍්ඛත‍්තුං වා සකිං වා වත‍්තබ‍්බං. එත්‍ථ ච “ඉමස‍්ස දාරකස‍්ස භණ‍්ඩුකම‍්මං ආපුච‍්ඡාමී”තිපි “ඉමස‍්ස සමණකරණං ආපුච‍්ඡාමී”තිපි “ඉමස‍්ස පබ‍්බාජනං ආපුච‍්ඡාමී”තිපි “අයං සමණො හොතුකාමො”තිපි “අයං පබ‍්බජිතුකාමො”තිපි වත‍්තුං වට‍්ටතියෙව.

“කම්මාරභණ්ඩු” රන් ආදිය කිරණාදිය අතින්ගත් මුඩුහිස ඇති ස්වර්‍ණකාරපුත්‍රයෙක්, සිළුපසක් ඇති තරුණ ලදරුවෙකැයි කියන ලද්දේ වේ. “සඞ්ඝං අපලොකෙතුං භණ්ඩුකම්මාය” හිස මුඩු කරනු පිණිස සඞ්ඝයා විචාරන්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි. එහි මේ විචාරණ විධියයි. සීමාව තුළ සිටි භික්‍ෂූන් රැස් කරවා ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයා එහි පමුණුවා “සඞ්ඝං භන්තෙ ඉමස්ස දාරකස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි”යි තෙවරක් හෝ එක්වරක් හෝ කියයුතුය. මෙහිදී “ඉමස්ස දාරකස්ස භණ්ඩුකම්මං ආපුච්ඡාමි”යි හෝ “ඉමස්ස සමණකරණං ආපුච්ඡාමි”යි හෝ “ඉමස්ස පබ්බාජනං ආපුච්ඡාමි”යි හෝ “අයං සමණො හොතු කාමො”යි හෝ “අයං පබ්බජිතුකාමො”යි හෝ කීම වටීමය.

සචෙ සභාගට‍්ඨානං හොති, දස වා වීසං වා තිංසං වා භික‍්ඛූ වසන‍්තීති පරිච‍්ඡෙදො පඤ‍්ඤායති, තෙසං ඨිතොකාසං වා නිසින‍්නොකාසං වා ගන‍්ත්‍වාපි පුරිමනයෙනෙව ආපුච‍්ඡිතබ‍්බං. පබ‍්බජ‍්ජාපෙක‍්ඛං විනාව දහරභික‍්ඛූ වා සාමණෙරෙ වා පෙසෙත්‍වාපි “එකො භන‍්තෙ පබ‍්බජ‍්ජාපෙක‍්ඛො අත්‍ථි තස‍්ස භණ‍්ඩුකම‍්මං ආපුච‍්ඡාමා”තිආදිනා නයෙන ආපුච‍්ඡාපෙතුං වට‍්ටති.

ඉදින් සභාග ස්ථානයක්වේද, දසයක් හෝ විස්සක් හෝ තිසක් හෝ භික්‍ෂූහු වෙසෙත්යි පිරිසිඳීම පෙණේද, ඔවුන් සිටි අවකාශයට හෝ හුන් අවකාශයට හෝ ගොස්ද, පෙරනයින්ම විචාළ යුතුය. ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයා හැරම දහරභික්‍ෂූන් හෝ හෙරණුන් හෝ යවාද, ‘ස්වාමීනි’ එක් ප්‍රව්‍රජ්‍යාපෙක්‍ෂකයෙක් ඇත්තේය, ඔහුට භණ්ඩුකර්‍මය විචාරමි, යනාදි නයින් විචාරවන්නට වටනේය.

සචෙ කෙචි භික‍්ඛූ සෙනාසනං වා ගුම‍්බාදීනි වා පවිසිත්‍වා නිද‍්දායන‍්ති වා සමණධම‍්මං වා කරොන‍්ති, ආපුච‍්ඡකා ච පරියෙසන‍්තාපි අදිස‍්වා “සබ‍්බෙ ආපුච‍්ඡිතා අම‍්හෙහී”ති සඤ‍්ඤිනො හොන‍්ති, පබ‍්බජ‍්ජා නාම ලහුකං කම‍්මං, තස‍්මා පබ‍්බජිතො සුපබ‍්බජිතොව පබ‍්බාජෙන‍්තස‍්සාපි අනාපත‍්ති.

ඇතැම් භික්‍ෂූහු සෙනසුනට හෝ ලැහැබ් ආදියකට හෝ ඇතුල්ව නිදත් හෝ මහණදම් කෙරෙත් හෝ විචාරන්නෝද සොයන්නාහුම නොදැක, අප විසින් සියලුදෙන විචාරණ ලදහ’යි සන් ඇත්තාහු වෙත්ද, පැවිද්ද වනාහි ලහු කර්‍මයෙකි. එහෙයින් පැවිදිවූයේ මොනවට පැවිදිවූයේම වේ. පැවිදිකරන මහණහුටද ඇවැත් නොවේ.

සචෙ පන මහාවිහාරො හොති අනෙකභික‍්ඛුසහස‍්සාවාසො, සබ‍්බෙ භික‍්ඛූ සන‍්නිපාතෙතුම‍්පි දුක‍්කරං, පගෙව පටිපාටියා ආපුච‍්ඡිතුං, ඛණ‍්ඩසීමායං වා ඨත්‍වා නදීසමුද‍්දාදීනි වා ගන‍්ත්‍වා පබ‍්බාජෙතබ‍්බො. යො පන නවමුණ‍්ඩො වා හොති විබ‍්භන‍්තකො වා නිගණ‍්ඨාදීසු අඤ‍්ඤතරො වා ද‍්වඞ‍්ගුලකෙසො වා ඌනද‍්වඞ‍්ගුලකෙසො වා, තස‍්ස කෙසච‍්ඡෙදනකිච‍්චං නත්‍ථි, තස‍්මා භණ‍්ඩුකම‍්මං අනාපුච‍්ඡිත්‍වාපි තාදිසං පබ‍්බාජෙතුං වට‍්ටති. ද‍්වඞ‍්ගුලාතිරිත‍්තකෙසො පන යො හොති අන‍්තමසො එකසිඛාමත‍්තධරොපි, සො භණ‍්ඩුකම‍්මං ආපුච‍්ඡිත්‍වාව පබ‍්බාජෙතබ‍්බො. උපාලිවත්‍ථු මහාවිභඞ‍්ගෙ වුත‍්තනයමෙව.

විහාරය මහත්වේද, නොයෙක් දහස් ගණන් භික්‍ෂූන්ගේ වාසය ඇත්තේවේද, සියලු භික්‍ෂූන් රැස්කිරීමද දුෂ්කරය, පිළිවෙළින් විචාරීම දුෂ්කරබව කියනුකිම, ඛණ්ඩ සීමාවෙහි හෝ සිට නදීසමුද්‍රාදියට හෝ ගොස් පැවිදි කටයුතුය. යමෙක් වනාහි අලුත් හිස මුඩුකළ එකෙක් හෝ සිවුරු හළ එකෙක් හෝ වේද, නිගණ්ඨාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ උනුදෙයඟුල් පමණ කෙස් ඇත්තෙක් හෝ දෙයඟුල් පමණ කෙස් ඇත්තෙක් හෝ වේද, ඔහුගේ කෙස් සිඳීමෙක් නැත්තේය. එහෙයින් භණ්ඩුකර්‍මය නොවිචාරාද එබන්දහු පැවිදි කිරීම හොබනේය. යමෙක් දෙයඟුලට වඩා වැඩුනු කෙස් ඇත්තේවේද, යටත් පිරිසෙයින් එක්සිළුපමණක් දරන්නේද, භණ්ඩුකර්‍මය විචාරාම ඔහු පැවිදි කටයුතුය. උපාලිවස්තුව මහාවිභඞ්ගයෙහි කියූනයමය.

අහිවාතකරොගෙනාති මාරිබ්‍යාධිනා; යත්‍ර හි සො රොගො උප‍්පජ‍්ජති, තං කුලං ද‍්විපදචතුප‍්පදං සබ‍්බං නස‍්සති, යො භිත‍්තිං වා ඡදනං වා භින්‍දිත්‍වා පලායති, තිරොගාමාදිගතො වා හොති, සො මුච‍්චති. තථා චෙත්‍ථ පිතාපුත‍්තා මුච‍්චිංසු. තෙන වුත‍්තං – “පිතාපුත‍්තකා සෙසා හොන‍්තී”ති.

“අභිවාතකරොගෙන” මාරිනම් ව්‍යාධියෙන්. යම්තැනක ඒ රෝගය උපදීද, දෙපාසිවුපා ඇති සියල්ල සහිත වූ ඒ කුලය නස්නේය. යමෙක් ගෙයිබිත්තිය හෝ සෙවනිය හෝ බිඳ පලායෙත්, පිටත්හි ගම් ආදියට ගියෝ හෝ වෙත්ද, හෙතෙමේ ඒ රෝගයෙන් මිදෙන්නේය. එසේ වෙහිද පිය-පුත් දෙදෙන මිඳුනාහ. “පිතා පුත්තකා ච සෙසා හොන්ති”යි එහෙයින් කියන ලදී.

කාකුඩ‍්ඩෙපකන‍්ති යො වාමහත්‍ථෙන ලෙඩ‍්ඩුං ගහෙත්‍වා නිසින‍්නො සක‍්කොති ආගතාගතෙ කාකෙ උඩ‍්ඩාපෙත්‍වා පුරතො නික‍්ඛිත‍්තං භත‍්තං භුඤ‍්ජිතුං, අයං කාකුඩ‍්ඩෙපකො නාම, තං පබ‍්බාජෙතුං වට‍්ටති.

“කාකුඩ්ඩෙපකං” යමෙක් වමනින් ලීයක්ගෙන දුන්නේ එන එන කවුඩන් පියාඹවා හැර ඉදිරියෙහි තුබූ බත බුදින්නට සමර්‍ත්‍ථවේද, මෙතෙමේ කාකුඩ්ඩෙපක නම. ඔහු පැවිදි කිරීම වටියි.

ඉත‍්තරොති අප‍්පමත‍්තකො; කතිපාහමෙව වාසො භවිස‍්සතීති අත්‍ථො.

“ඉත්තරො” ස්වල්පමාත්‍ර වූ කිහිපදවසක්ම විසීම වන්නේය යන අර්‍ත්‍ථයි.

ඔගණෙනාති පරිහීනගණෙන; අප‍්පමත‍්තකෙන භික‍්ඛුසඞ‍්ඝෙනාති අත්‍ථො. අබ්‍යත‍්තෙන යාවජීවන‍්ති එත්‍ථ සචායං වුඩ‍්ඪතරං ආචරියං න ලභති, උපසම‍්පදාය සට‍්ඨිවස‍්සො වා සත‍්තතිවස‍්සො වා හොතු, නවකතරස‍්සාපි බ්‍යත‍්තස‍්ස සන‍්තිකෙ උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා “ආචරියො මෙ ආවුසො හොහි, ආයස‍්මතො නිස‍්සාය වච‍්ඡාමී”ති එවං තික‍්ඛත‍්තුං වත්‍වා නිස‍්සයො ගහෙතබ‍්බොව. ගාමප‍්පවෙසනං ආපුච‍්ඡන‍්තෙනාපි උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා ගාමප‍්පවෙසනං ආපුච‍්ඡාමි ආචරියා”ති වත‍්තබ‍්බං. එස නයො සබ‍්බආපුච‍්ඡනෙසු. පඤ‍්චකඡක‍්කෙසු චෙත්‍ථ යත‍්තකං සුතං නිස‍්සයමුත‍්තකස‍්ස ඉච‍්ඡිතබ‍්බං, තං භික‍්ඛුනොවාදකවණ‍්ණනායං වුත‍්තං. තස‍්ස නත්‍ථිතාය ච අප‍්පස‍්සුතො; අත්‍ථිතාය ච බහුස‍්සුතොති වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයෙනෙව.

“ඔගණෙන” පිරිහුනු ගණය සමග. “අබ්‍යත්තෙන යාවජීවං” මෙහි ඉදින් මෙතෙමේ වෘද්ධතර ආචාර්‍ය්‍යයෙකු නොලබාද, උපසම්පදාවෙන් සැටවයස් ඇත්තේ හෝ සැත්තෑවයස් ඇත්තේ හෝ වේද? නවකතරවූද ව්‍යක්තයාගේ සමීපයෙහි උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳගෙන “ආචරියො මෙ ආවුසො හොහි, ආයස්මතො නිස්සාය වච්ඡාමි”යි මෙසේ තෙවරක් කියා නිස ගතයුත්තේමය. ගම්වැදීම විචාරන්නහු විසින්ද උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳගෙන ‘ආචාර්‍ය්‍යය’ ගම්වැදීම විචාරමි’යි කියයුතුය. සියලු ආපුච්ඡාවන්හි මේ නයය. පඤ්චකෂට්කයන්හිද යම් පමණ ශ්‍රැතයක් නිසමිදුනහු විසින් කැමති විය යුතුද, එය භික්‍ෂුණොවාදක වර්‍ණනාවෙහි කියනලදී. ඒ ශ්‍රැතය නැති බැවින් අප්පස්සුත නම. ඇති බැවින් බහුස්සුත නම සෙස්ස කියූ නයම වේ.

කම‍්මාරභණ‍්ඩුවත්‍ථාදිකථා නිට‍්ඨිතා.