රාහුලවත්ථුකථා අට්ඨකථා
රාහුලවත්ථුකථා
රාහුලවත්ථුකථා
යෙන කපිලවත්ථු තෙන චාරිකං පක්කාමීති එත්ථ අයං අනුපුබ්බිකථා. සුද්ධොදනමහාරාජා කිර බොධිසත්තස්ස අභිනික්ඛමනදිවසතො පට්ඨාය “මම පුත්තො බුද්ධො භවිස්සාමීති නික්ඛන්තො, ජාතො නු ඛො බුද්ධො”ති පවත්තිසවනත්ථං ඔහිතසොතොව විහරති. සො භගවතො පධානචරියඤ්ච සම්බොධිඤ්ච ධම්මචක්කප්පවත්තනාදීනි ච සුණන්තො “ඉදානි කිර මෙ පුත්තො රාජගහං උපනිස්සාය විහරතී”ති සුත්වා එකං අමච්චං ආණාපෙසි – “අහං තාත වුඩ්ඪො මහල්ලකො, සාධු මෙ ජීවන්තස්සෙව පුත්තං දස්සෙහී”ති. සො “සාධූ”ති පටිස්සුණිත්වා පුරිසසහස්සපරිවාරො රාජගහං ගන්ත්වා භගවතො පාදෙ වන්දිත්වා නිසීදි. අථස්ස භගවා ධම්මකථං කථෙසි, සො පසීදිත්වා පබ්බජ්ජඤ්චෙව උපසම්පදඤ්ච යාචි. තතො නං භගවා එහිභික්ඛූපසම්පදාය උපසම්පාදෙසි , සො සපරිසො අරහත්තං පත්වා තත්ථෙව ඵලසමාපත්තිසුඛං අනුභවමානො විහාසි. රාජා තෙනෙව උපායෙන අපරෙපි අට්ඨ දූතෙ පහිණි, තෙපි සබ්බෙ සපරිසා තථෙව අරහත්තං පත්වා තත්ථෙව විහරිංසු. “ඉමිනා නාම කාරණෙන තෙ නාගච්ඡන්තී”ති රඤ්ඤො කොචි පවත්තිමත්තම්පි ආරොචෙන්තො නත්ථි.
“යෙන කපිලවත්ථු තෙන චාරිකං පක්කමි” මෙහි මේ පිළිවෙළ කතාය. සුද්ධෝදන මහාරජතෙමේ වනාහි බොධි සත්ත්වයන්ගෙන් නික්මුනු දිනයෙහි පටන් ‘මාගේ පුත්‍රතෙමේ බුදුවන්නෙමි’යි ගෙයින් නික්මුනේය. කිම, බුදුවූයේ දෝහෝයි තොරතුරු දැනගනු පිණිස යොමුකළ කන් ඇතිවම වෙසෙයි. ඒ රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ප්රදහනර්ච්යාද, සම්බොධියද, දම්සක් පැවැත්වීම් ආදියද අසන්නේ, ‘දැන් වනාහි මාගේ පුත්‍රතෙමේ රජගහනුවර නිසා වාසය කරන්නේය’යි අසා ‘පුත්‍රය’ මම වෘද්ධයෙමි, මහලුවෙමි, මැනවින්, ජීවත්වන්නා වූ මට පුත්‍රයා දක්වාලවායි එක් ඇමතියක්හට අණ කළේය. හෙතෙමේ ‘යහපතැ’යි පිළිවදන් දී දහසක් පුරුෂයන් පිරිවර කොටඇතිව රජගහනුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ හුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මොහුට ධර්ම දේශනා කළ සේක. හෙතෙමේ පැහැද එතැනදීම පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහු එහි භික්ෂුපසම්පදාවෙන් උපසපන් කළසේක. හෙතෙමේ පිරිස් සහිතව රහත්බවට පැමිණ එහිම ඵලසමාපත්තිසුඛය විදිමින් විසූයේය. රජතෙමේ ඒ උපායයෙන්ම අන්දූතයන් අටදෙනකු යැවීය. ඒ සියල්ලෝද පිරිස් සහිතව එසේම රහත්බවට පැමිණ එහිම විසූහ. මෙනම් කරුණෙන් ඔවුහු නොඑත්ය’යි රජහට තොරතුරු පමණකුත් සැල කරණ කිසිවෙක් නැත්තේය.
අථ රාජා බොධිසත්තෙන සද්ධිං එකදිවසංජාතං කාළුදායිං නාම අමච්චං පහිණිතුකාමො පුරිමනයෙනෙව යාචි, සො “සචෙ අහං පබ්බජිතුං ලභාමි, දස්සෙස්සාමී”ති ආහ. තං රාජා “පබ්බජිත්වාපි මෙ පුත්තං දස්සෙහී”ති පහිණි; සොපි පුරිසසහස්සපරිවාරො ගන්ත්වා තථෙව සපරිවාරො අරහත්තං පාපුණි. සො එකදිවසං සම්භතෙසු සබ්බසස්සෙසු විස්සට්ඨකම්මන්තෙසු ජනපදමනුස්සෙසු පුප්ඵිතෙසු ථලජජලජපුප්ඵෙසු පටිපජ්ජනක්ඛමෙ මග්ගෙ භගවන්තං වන්දිත්වා සට්ඨිමත්තාහි ගාථාහි ගමනවණ්ණං වණ්ණෙසි. භගවා “කිමෙත”න්ති පුච්ඡි. “භන්තෙ තුම්හාකං පිතා සුද්ධොදනමහාරාජා මහල්ලකොම්හි, ජීවන්තස්සෙව මෙ පුත්තං දස්සෙහී”ති මං පෙසෙසි, සාධු භන්තෙ භගවා ඤාතකානං සඞ්ගහං කරොතු, කාලො චාරිකං පක්කමිතුන්ති. තෙන හි සඞ්ඝස්ස ආරොචෙහි, “භික්ඛූ ගමියවත්තං පූරෙස්සන්තී”ති. “සාධු භන්තෙ”ති ථෙරො තථා අකාසි. භගවා අඞ්ගමගධවාසීනං කුලපුත්තානං දසහි සහස්සෙහි කපිලවත්ථුවාසීනං දසහීති සබ්බෙහෙව වීසතිසහස්සෙහි ඛීණාසවෙහි පරිවුතො රාජගහා නික්ඛමිත්වා රාජගහතො සට්ඨියොජනිකං කපිලවත්ථුං දිවසෙ දිවසෙ යොජනං ගච්ඡන්තො ද්වීහි මාසෙහි පාපුණිස්සාමීති අතුරිතචාරිකං පක්කාමි. තෙන වුත්තං – “යෙන කපිලවත්ථු තෙන චාරිකං පක්කාමී”ති.
ඉක්බිතිව රජතෙමේ බොධිසත්ත්වයන් සමග එක දවසෙහි උපන් කාලුදායි නම් අමාත්‍යයා හරිනු කැමැත්තේ පෙර නයින්ම ඉල්ලා සිටියේය. ඒ කාලුදායී තෙමේ ‘මම පැවිදිවීම ලබම් නම් දක්වන්නෙමි’යි කීයේය. එකල්හි රජතෙමේ ‘පැවිදිවද මට පුත්‍රයා දක්වාලව’යි ඔහු යැවීය. ඒ කාලුදායී තෙමේද පුරුෂයන් දහසක් පිරිවරකොට ඇතිව ගොස් එසේම පිරිස් සහිතව රහත්බවට පැමිණියේය. ඒ ඇමති තෙමේ එක් දවසක් දනවුවැසි මිනිසුන් රැස්කළ සියලු සස්‍ය ඇති කල්හි, හළ කර්මාන්ත ඇතිකල්හි, දිය ගොඩ හටගන්නා මල් මොනවට පිපුනු කල්හි, පිළිපැදීමට සුදුසු මාර්ගයෙහිදී භාග්‍යවතුන් වහන්සේට වැඳ සැටක් පමණ ගාථාවන්ගෙන් ගමනෙහි ගුණවර්ණනාව කෙළේය. භාග්‍යවතුන් වහන්සේ ‘මේ කිමැ’යි විචාළ සේක. ‘ස්වාමීනි’, ඔබ වහන්සේගේ පියවූ සුද්ධෝදන මහරජතෙමේ ‘මම මහලුවෙමි’ ජීවත්වන්නාවූම මට මාපුතු දක්වාලව’යි මා පිටත්කොට එවූයේය, ‘ස්වාමීනි’ මැනව, භාග්‍යවතුන් වහන්සේ නෑයන්ට සඞ්ග්‍රහ කරණ සේක්වා, චාරිකාවෙහි වැඩම කරන්නට මේ කාලය’යි දැන්වීය. ‘එසේ නම් භික්ෂූහු ගමියවත පුරන්නාහයි සඞ්ඝයාට සැලකරව’යි වදාළ සේක. ස්ථවිරතෙමේ ‘ස්වාමීනි’ යහපතැයි එසේ කෙළේය. භාග්‍යවතුන් වහන්සේ අඟුමගධ දෙරට වැසි කුලපුතුන් දසදහසකින්ද කිඹුල්වත් පුරවැසි කුලපුතුන් දස දහසකින්දැයි සියලු විසිදහසක් රහතුන් විසින් පිරිවරණ ලදසේක් රජගහ නුවරින් නික්ම රජගහ නුවර පටන් සැටයොදුන් ඇති කිඹුල්වත් පුරයට දවසක් දවසක් පාසා යොදුනක් යමින් දෙමසකින් පැමිණෙන්නෙමි’යි අතුරිතචාරිකාවෙන් වැඩිය සේක. “යෙන කපිලවත්ථු තෙන චාරිකං පක්කමි” යනු එහෙයින් කියන ලදී.
එවං පක්කන්තෙ ච භගවති උදායිත්ථෙරො නික්ඛන්තදිවසතො පට්ඨාය සුද්ධොදනමහාරාජස්ස ගෙහෙ භත්තකිච්චං කරොති. රාජා ථෙරං පරිවිසිත්වා පත්තං ගන්ධචුණ්ණෙන උබ්බට්ටෙත්වා උත්තමභොජනස්ස පූරෙත්වා “භගවතො දෙහී”ති ථෙරස්ස හත්ථෙ ඨපෙති. ථෙරොපි තථෙව කරොති. ඉති භගවා අන්තරාමග්ගෙ රඤ්ඤොයෙව පිණ්ඩපාතං පරිභුඤ්ජි. ථෙරොපි ච භත්තකිච්චාවසානෙ දිවසෙ දිවසෙ රඤ්ඤො ආරොචෙති “අජ්ජ භගවා එත්තකං ආගතො”ති, බුද්ධගුණපටිසංයුත්තාය ච කථාය සාකියානං භගවති සද්ධං උප්පාදෙසි. තෙනෙව නං භගවා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං කුලප්පසාදකානං යදිදං කාළුදායී”ති එතදග්ගෙ ඨපෙසි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ නික්මුනු කල්හිද උදායී ස්ථවිරතෙමේ නික්මුනු දිනය පටන් සුද්ධොදන මහරජහුගේ මාලිගාවෙහි බත්කිස කරන්නේය. රජතෙමේ තෙරුන් වලඳවා පාත්‍රය සුවඳ සුණෙන් උළා උතුම් බොජුනෙන් පුරවා භාග්‍යවතුන් වහන්සේට දෙන්නේය’යි තෙරුන්ගේ අතෙහි තබන්නේය. ස්ථවිරතෙමේද එසේ කරයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අතරමගදී රජුගේම පිණ්ඩපාතය වැලඳූ සේක. ස්ථවිර තෙමේද බත්කිස කෙළවර දවසක් දවසක් පාසා ‘භාග්‍යවතුන් වහන්සේ අද මෙපමණ තැන් වැඩියහ’යි රජුට සැල කරන්නේය. බුද්ධගුණප්රතිසංයුක්තවූ කථාවෙන් ශාක්‍යයන්ට බුදුරජුන් කෙරෙහි ශ්‍රද්ධාව ඉපදවූයේය. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං කුලප්පසාදකානං යදිදං කාලුදායී”යි උදායි තෙරුන් එතදග්‍රයෙහි තැබූ සේක.
සාකියාපි ඛො අනුප්පත්තෙ භගවති “අම්හාකං ඤාතිසෙට්ඨං පස්සිස්සාමා”ති සන්නිපතිත්වා භගවතො වසනට්ඨානං වීමංසමානා නිග්රොධසක්කස්ස ආරාමො රමණීයොති සල්ලක්ඛෙත්වා තත්ථ සබ්බං පටිජග්ගනවිධිං කාරෙත්වා ගන්ධපුප්ඵාදිහත්ථා පච්චුග්ගමනං කරොන්තා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතෙ දහරදහරෙ නාගරිකදාරකෙ ච දාරිකායො ච පඨමං පහිණිංසු, තතො රාජකුමාරෙ ච රාජකුමාරිකායො ච තෙසං අනන්තරා සාමං ගන්ත්වා ගන්ධපුප්ඵචුණ්ණාදීහි පූජයමානා භගවන්තං ගහෙත්වා නිග්රොධාරාමමෙව අගමංසු. තත්ර භගවා වීසතිසහස්සඛීණාසවපරිවුතො පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි. සාකියා මානජාතිකා මානථද්ධා, තෙ “සිද්ධත්ථකුමාරො අම්හෙහි දහරතරොව අම්හාකං කනිට්ඨො, භාගිනෙය්යො, පුත්තො, නත්තා”ති චින්තෙත්වා දහරදහරෙ රාජකුමාරෙ ආහංසු – “තුම්හෙ වන්දථ, මයං තුම්හාකං පිට්ඨිතො නිසීදිස්සාමා”ති.
ශාක්‍යයෝද භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ කල්හි ‘අපගේ ඥාතිශ්රෙෂ්ඨයා දකින්නෙමු’යි රැස්වී භාග්‍යවතුන් වහන්සේට විසීමට තැනක් විමසන්නාහු නිග්රොධශාක්යයාගේ ආරාමය සිත්කලුය’යි සලකා එහි සියලු පිළිදැගුම්විදි කරවා සුවඳමල් ගත් අත් ඇත්තාහු පෙරගමන් කරන්නෝ සියලු අබරණින් සැරසුනු නුවරවැසි තරුණයන්, නුවරවැසි තරුණියන්ද පළමුකොට යැවූහ. ඉන්පසු රජකුමරුද රජකුමරියන්ද යැවූහ. ඔවුන් අතර තුමූ ගොස් සුවඳමල් සුණු ආදියෙන් පුදමින් භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ගෙණ නිග්රොධාරාමයටම ගියහ. එහි භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් රහතුන් විසින් පිරිවරණ ලද්දාහු, පැණවූ, උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක. ශාක්‍යයෝ මානය ස්වභාවයකොට ඇත්තාහු මානයෙන් තදවගියහ. ඒ ශාක්‍යයෝ ‘සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ අපට වඩා ඉතා ලදරුමය. අපගේ කනිටුය. බුහුනනියගේ පුත්‍රය. මුනුබුරුයයි සිතා ඉතා ලදරු රජකුමරුන්ට ‘තෙපි වඳිවු, අපි තොපගේ පිටුපසින් හිඳින්නෙමු’යි කීහ.
තෙසු එවං නිසින්නෙසු භගවා තෙසං අජ්ඣාසයං ඔලොකෙත්වා “න මං ඤාතී වන්දන්ති, හන්ද නෙ වන්දාපයිස්සාමී”ති අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය ඉද්ධියා ආකාසං අබ්භුග්ගන්ත්වා තෙසං සීසෙ පාදපංසුං ඔකිරමානො විය කණ්ඩම්බමූලෙ යමකපාටිහාරියසදිසං පාටිහාරියමකාසි. රාජා තං අච්ඡරියං දිස්වා ආහ – “භගවා තුම්හාකං මඞ්ගලදිවසෙ බ්රාහ්මණස්ස වන්දනත්ථං උපනීතානං පාදෙ වො පරිවත්තිත්වා බ්රාහ්මණස්ස මත්ථකෙ පතිට්ඨිතෙ දිස්වාපි අහං තුම්හෙ වන්දිං, අයං මෙ පඨමවන්දනා. වප්පමඞ්ගලදිවසෙ ජම්බුච්ඡායාය සිරිසයනෙ නිපන්නානං වො ජම්බුච්ඡායාය අපරිවත්තනං දිස්වාපි පාදෙ වන්දිං, අයං මෙ දුතියවන්දනා. ඉදානි ඉමං අදිට්ඨපුබ්බං පාටිහාරියං දිස්වාපි තුම්හාකං පාදෙ වන්දාමි, අයං මෙ තතියවන්දනා”ති.
මෙසේ ඒ ශාක්‍යයන් හුන්කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස බලා ‘නෑයෝ මා නොවඳිත්, එබැවින් දැන් ඔවුන්ලවා වන්දවන්නෙමි’යි අභිඥාපාදක චතුර්ත්ථද්ධ්යානයට සමවැද එයින් නැගිට සෘද්ධියෙන් අහසට නැග ඔවුන්ගේ හිසෙහි පයින් වැලි වගුරුවන්නාක් මෙන් ගඩඹරුක්මුල්හි කළ යමාමහ පෙළහර සමානවූ පෙළහරක් කළසේක. රජතෙමේ ඒ ආශ්චර්‍ය්‍යය දැක, ‘භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේගේ මඞ්ගල දිනයෙහි බමුණන්ට වඳිනු පිණිස එළවනලද ඔබවහන්සේගේ පා පෙරැළී බමුණගේ මස්තකයෙහි පිහිටියන් දැකද මම ඔබවහන්සේට වැන්දෙමි, මේ මාගේ ප්‍රථම වන්දනාය. වප්මගුල් දිනයෙහි දඹරුක් සෙවනෙහි සිරියහනෙහි හොත්තාවු ඔබවහන්සේට දඹරුක් සෙවන නොපෙරළෙනු දැකද පා වැන්දෙමි. මාගේ මේ දෙවන වැඳීමය. දැන් මේ නොදුටු විරූ පෙළහර දැකද ඔබවහන්සේගේ පා වැන්දෙමි. මාගේ මේ තෙවන වැඳීමය.
සුද්ධොදනමහාරාජෙන පන වන්දිතෙ භගවති අවන්දිත්වා ඨිතො නාම එකසාකියොපි නාහොසි, සබ්බෙයෙව වන්දිංසු. ඉති භගවා ඤාතයො වන්දාපෙත්වා ආකාසතො ඔරුය්හ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසින්නෙ භගවති සිඛාප්පත්තො ඤාතිසමාගමො අහොසි, සබ්බෙ එකග්ගා සන්නිපතිංසු. තතො මහාමෙඝො පොක්ඛරවස්සං වස්සි, තම්බවණ්ණමුදකං හෙට්ඨා විරවන්තං ගච්ඡති. කස්සචි සරීරෙ එකබින්දුමත්තම්පි න පතති, තං දිස්වා සබ්බෙ අච්ඡරියබ්භුතජාතා අහෙසුං. භගවා “න ඉදානෙව මය්හං ඤාතිසමාගමෙ පොක්ඛරවස්සං වස්සති, අතීතෙපි වස්සී”ති ඉමිස්සා අට්ඨුප්පත්තියා වෙස්සන්තරජාතකං කථෙසි. ධම්මදෙසනං සුත්වා සබ්බෙ උට්ඨාය වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. එකොපි රාජා වා රාජමහාමත්තො වා “ස්වෙ අම්හාකං භික්ඛං ගණ්හථා”ති වත්වා ගතො නාම නත්ථි.
සුද්ධොදන මහරජහු විසින් භාග්‍යවතුන් වහන්සේ වැන්ද කල්හි භාග්‍යවතුන් නොවැඳ සිටි එකද ශාක්‍යයෙක් එහි නොවීය. සියල්ලෝම වැඳ සිටියහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑයන් ලවා වන්දවා අහසින් බැස පැනවූ අසුනෙහි වැඩහුන් සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි කෙළ පැමිණි නෑසමාගම වූයේය. සියල්ලෝ එකඟව හුන්හ. ඉක්බිති ‘මහාමෙඝය’ නැගී තිබුණි. පොකුරු වැස්සක් වැස්සවීය. තඹවන්දිය යට හඬනගමින් ගමන්කරයි. කිසිවක්හුගේ සිරුරෙහි බිඳුවක් පමණ නමුදු නොවැටෙයි. ඒ ආශ්චර්‍ය්‍යය දැක සියල්ලෝම සිත් ඇත්තෝ වූහ. භාග්‍යවතුන් වහන්සේ මාගේ නෑසමාගමෙහි පොකුරු වැසි දැන් පමණක්ම නොවසියි. අතීතයෙහිද වැස්සේයයි මේ අර්ත්ථොත්පත්තියෙහි වෙස්සන්තර ජාතකය වදාළ සේක. ධර්ම දේශනාව අසා සියල්ලෝ නැගිට වැඳ පැදකුණු කොට ගියහ. එකද රජෙක් හෝ රජමහ ඇමතියෙක් හෝ ‘හෙට අපගේ භික්ෂාව ගනු මැනවැ’යි කියා ගිය අයෙක් නම් නැත්තේය.
භගවා දුතියදිවසෙ වීසතිභික්ඛුසහස්සපරිවාරො කපිලවත්ථුං පිණ්ඩාය පාවිසි, න කොචි පච්චුග්ගන්ත්වා නිමන්තෙසි වා පත්තං වා අග්ගහෙසි. භගවා ඉන්දඛීලෙ ඨිතො ආවජ්ජෙසි – “කථං නු ඛො පුබ්බෙ බුද්ධා කුලනගරෙ පිණ්ඩාය චරිංසු, කිං උප්පටිපාටියා ඉස්සරජනානං ඝරානි අගමංසු, උදාහු සපදානචාරිකං චරිංසූ”ති. තතො එකබුද්ධස්සපි උප්පටිපාටියා ගමනං අදිස්වා “මයාපි ඉදානි අයමෙව වංසො අයං පවෙණී පග්ගහෙතබ්බා, ආයතිඤ්ච මෙ සාවකාපි මමෙව අනුසික්ඛන්තා පිණ්ඩචාරියවත්තං පූරෙස්සන්තී”ති කොටියං නිවිට්ඨගෙහතො පට්ඨාය සපදානං පිණ්ඩාය චරති. “අය්යො කිර සිද්ධත්ථකුමාරො පිණ්ඩාය චරතී”ති චතුභූමකාදීසු පාසාදෙසු සීහපඤ්ජරං විවරිත්වා මහාජනො දස්සනබ්යාවටො අහොසි. රාහුලමාතාපි දෙවී “අය්යපුත්තො කිර ඉමස්මිංයෙව නගරෙ මහතා රාජානුභාවෙන සුවණ්ණසිවිකාදීහි විචරිත්වා ඉදානි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායවත්ථවසනො කපාලහත්ථො පිණ්ඩාය චරති, “සොභති නු ඛො නො වා”ති සීහපඤ්ජරං විවරිත්වා ඔලොකයමානා භගවන්තං නානාවිරාගසමුජ්ජලාය සරීරප්පභාය නගරවීථියො ඔභාසෙත්වා බුද්ධසිරියා විරොචමානං දිස්වා උණ්හීසතො පට්ඨාය යාව පාදතලා නරසීහගාථාහි නාම අට්ඨහි ගාථාහි අභිත්ථවිත්වා රඤ්ඤො සන්තිකං ගන්ත්වා “තුම්හාකං පුත්තො පිණ්ඩාය චරතී”ති රඤ්ඤො ආරොචෙසි. රාජා සංවිග්ගහදයො හත්ථෙන සාටකං සණ්ඨාපයමානො තුරිතතුරිතං නික්ඛමිත්වා වෙගෙන ගන්ත්වා භගවතො පුරතො ඨත්වා ආහ – “කිං භන්තෙ අම්හෙ ලජ්ජාපෙථ, කිමත්ථං පිණ්ඩාය චරථ, කිං එත්තකානං භික්ඛූනං න සක්කා භත්තං ලද්ධුන්ති එවංසඤ්ඤිනො අහුවත්ථා”ති. වංසචාරිත්තමෙතං මහාරාජ අම්හාකන්ති. නනු භන්තෙ අම්හාකං මහාසම්මතඛත්තියවංසො නාම වංසො, තත්ථ ච එකඛත්තියොපි භික්ඛාචාරො නාම නත්ථීති. අයං මහාරාජ වංසො නාම තව වංසො, අම්හාකං පන බුද්ධවංසො වංසො නාම, සබ්බබුද්ධා ච පිණ්ඩචාරිකා අහෙසුන්ති අන්තරවීථියං ඨිතොව –
භාග්‍යවතුන් වහන්සේ දෙවන දිනයෙහි විසිදහසක් භික්ෂූන් පිරිවරකොට ඇතිසේක් කිඹුල්වත්පුරයට පිඬුපිණිස වැඩිය සේක. කිසිවෙකුත් පෙරගමන් කොට නිමන්ත්‍රණය හෝ නොකෙළේය. පාත්‍රය හෝ නොගත්තේය. භාග්‍යවතුන් වහන්සේ එලිපතමුල සිටිසේක් ‘කෙසේ වනාහි පෙර බුදුවරයෝ නෑකුලය සතු නුවරෙහි පිඬුපිණිස හැසුරුණහුද, කිම, උත්පටිපාටියෙන් ඉසුරුමත් ජනයන්ගේ ගෙට පමණක් ගියාහුද, නොහොත් සපදානචාරිකාවෙහි හැසුරුණහුදැ’යි ආවර්ජනය කළසේක. ඉක්බිති එකද බුදුවරයකුගේ පිළිවෙළ වරදවා ගමනක් නොදැක ‘මා විසින්ද දැන් මේ වංශය මේ ප්‍රවෙණිය දැඩිව ගතයුතුය, මත්තෙහිද මාගේ ශ්‍රාවකයෝද මටම, අනුව හික්මෙන්නාහු පිණ්ඩාචරියවත පුරන්නාහ’යි කෙළවර පිහිටිගෙයි පටන් ගෙපිළිවෙළින් පිඬුපිණිස හැසිරෙති. ‘ආර්‍ය්‍ය වූ සිද්ධාර්ත්ථකුමාරතෙමේ පිඬුපිණිස හැසිරේය’යි මහජනතෙමේ සිවු මහල් ඈ පහයයන්හි සීමැදුරු හැර බැලීමෙහි යෙදී සිටියේය. රාහුලමාතාවූ දෙවී තොමෝද ‘ආර්‍ය්‍යපුත්‍ර තෙමේ මෙම නුවර මහත් රාජානුභාවයෙන් රන්දෝළාදියෙන් හැසිර ඇස්, ඉස්, කෙස්, රැවුලු හරවා කසටවත් හැන්දේ කබල්ගත් අත් ඇත්තේ පිඬු පිණිස හැසිරෙයි. කිම, හොබනේදැ’යි සීමැදුර හැර බලන්නී නොයෙක් පැහැයෙන් මොනවට බබලන ශරීරාලෝකයෙන් නගරවීථීන් බබුලුවා බුද්ධශ්‍රීයෙන් බබලන භාග්‍යවතුන් වහන්සේ දැක නළල්තලය පටන් පාදතලය තෙක් නරසීහ ගාථාවන්ගෙන් ස්තුතිකොට ‘ඔබවහන්සේගේ පුත්‍ර තෙමේ පිඬු පිණිස හැසිරේය’යි රජහට සැලකළාය. රජතෙමේ සංවිග්ගහෘදය ඇත්තේ අතින් සළුව ගන්වමින් ඉතා වහා නික්ම වේගයෙන් ගොස් භාග්‍යවතුන් වහන්ගේ ඉදිරියෙහි සිට ‘කිම, ‘ස්වාමීනි’ අප ලජ්ජාවට පමුණුවහුද, කුමකට පිඬුපිණිස හැසිරෙහිද, කිම, මෙතෙක් භික්ෂූන්ට බත්ලබන්නට නොහැකියි මෙබඳු සන් ඇත්තහු වහුදැ’යි ඇසුයේය. ‘මහරජ’ මෙය අපගේ සිරිතය’යි වදාළ කල්හි ‘ස්වාමීනි’ අපගේ වංශය මහාසම්මත ක්ෂත්රියවංශය නම් නොවේද, ඒ වංශයෙහි එකද ක්ෂත්රියයෙක් පිඬුපිණිස හැසුරුණේ නම් නොවේය’යි කීය. ‘මහරජ’ මේ රාජවංශය නම් ඔබගේ වංශයයි. අපගේ වංශය බුද්ධ වංශය නම්වේ. සියලු බුදුවරයෝම පිණ්ඩචාරිකයෝ වූහ’යි වීථිය මැද සිටිසේක්ම -
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය, ධම්මං සුචරිතං චරෙ; ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි චා”ති.
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය - ධම්මං සුචරිතං චරෙ ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි චාති”
ඉමං ගාථමාහ. ගාථාපරියොසානෙ රාජා සොතාපත්තිඵලං සච්ඡාකාසි.
මේ ගාථාව වදාළ සේක. ගාථාදේශනාවගේ අවසානයෙහි රජතෙමේ සොතාපත්තිඵලය සාක්ෂාත් කෙළේය.
“ධම්මං චරෙ සුචරිතං, න නං දුච්චරිතං චරෙ; ධම්මචාරී සුඛං සෙති, අස්මිං ලොකෙ පරම්හි චා”ති.
“ධම්මං චරෙ සුචරිතං - න නං දුච්චරිතං චරෙ, ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හිචාති”
ඉමං පන ගාථං සුත්වා සකදාගාමිඵලෙ පතිට්ඨාසි, ධම්මපාලජාතකං සුත්වා අනාගාමිඵලෙ පතිට්ඨාසි, මරණසමයෙ සෙතච්ඡත්තස්ස හෙට්ඨා සිරිසයනෙ නිපන්නොයෙව අරහත්තං පාපුණි. අරඤ්ඤවාසෙන පධානානුයොගකිච්චං රඤ්ඤො නාහොසි.
යන මේ ගාථාව අසා සකෘදාගාමී ඵලයෙහි පිහිටියේය. ධර්මපාල ජාතකය අසා අනාමීඵලයෙහි පිහිටියේය. මරණකාලයෙහි සේසතයට සිරියහනෙහි හොත්තේම රහත්බවට පැමිණියේය. රජහට ආරණ්යවාසයෙන් ප්‍රදහන වීර්‍ය්‍යයෙහි යෙදීමක් නොවූයේය.
සොතාපත්තිඵලඤ්ච සච්ඡිකත්වා එව පන භගවතො පත්තං ගහෙත්වා සපරිසං භගවන්තං මහාපාසාදං ආරොපෙත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසි. භත්තකිච්චාවසානෙ සබ්බං ඉත්ථාගාරං ආගන්ත්වා භගවන්තං වන්දි ඨපෙත්වා රාහුලමාතරං. සා පන “ගච්ඡ අය්යපුත්තං වන්දාහී”ති පරිජනෙන වුච්චමානාපි “සචෙ මය්හං ගුණො අත්ථි, සයමෙව අය්යපුත්තො ආගමිස්සති , ආගතං නං වන්දිස්සාමී”ති වත්වා න අගමාසි. අථ භගවා රාජානං පත්තං ගාහාපෙත්වා ද්වීහි අග්ගසාවකෙහි සද්ධිං රාජධීතාය සිරිගබ්භං ගන්ත්වා “රාජධීතා යථාරුචියා වන්දමානා න කිඤ්චි වත්තබ්බා”ති වත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. සා වෙගෙන ආගන්ත්වා ගොප්ඵකෙසු ගහෙත්වා පාදපිට්ඨියං සීසං පරිවත්තෙත්වා පරිවත්තෙත්වා යථාජ්ඣාසයං වන්දි.
ස්රොතාපත්තිඵලය සාක්ෂාත් කොටම භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ගෙණ පිරිස් සහිත වූ භාග්‍යවතුන් වහන්සේ මහාප්රාසාදයට නංවා ප්‍රණීත වූ කෑයුතු දැයින් හා බිඳිය යුතු දැයින් වැලඳවූයේය. බත්කිස අවසානයෙහි රාහුලමාතාව හැර සියලු අන්තඃපුර ස්ත්‍රීහු අවුත් භාග්‍යවතුන් වහන්සේට වැන්දාහුය. ඒ රාහුලමාතාව වනාහි ‘යව, ආර්‍ය්‍ය පුත්‍රයා වඳුව’යි පිරිවර ජනයා විසින් කියනු ලබන්නීද ‘ඉදින් මාගේ ගුණයක් තිබේනම් ආර්‍ය්‍ය පුත්‍ර තෙමේම එන්නේය, මෙහි ආවාවූ ඔහු වඳින්නෙමි’යි කියා නොගියාය. භාග්‍යවතුන් වහන්සේ රජු ලවා පාත්‍රය ගන්වාගෙන දෑගසව්වන් සමග රජදුවගේ සිරිගැබට වැඩම කොට, රජදුව කැමති පරිදි වඳින්නී කිසිවක් නොකිය යුතුය’යි කියා පැණවූ අසුනෙහි වැඩහුන් සේක. ඕතොමෝ වේගයෙන් අවුත් ගොප්මස අල්වාගෙන පාපිට හිස පෙරළ පෙරළා අදහස් පරිදි වැන්දාය.
රාජා රාජධීතාය භගවති සිනෙහබහුමානාදිගුණසම්පත්තිං කථෙසි. භගවා “අනච්ඡරියං මහාරාජ යං ඉදානි පරිපක්කෙ ඤාණෙ තයා රක්ඛියමානා රාජධීතා අත්තානං රක්ඛි, සා පුබ්බෙ අනාරක්ඛා පබ්බතපාදෙ විචරමානා අපරිපක්කෙ ඤාණෙ අත්තානං රක්ඛී”ති වත්වා චන්දකින්නරීජාතකං කථෙසි.
රජතෙමේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි ඇති රජදුවගේ ස්නෙහබහු මානාදිගුණසම්පත්තිය කීයේය. භාග්‍යවතුන් වහන්සේ ‘මහරජ’ දැන් මේ රජදු පැසුණු නුවණ ඇති කල්හි ඔබවිසින් රකිනු ලබන්නී තමන් රැකීය, යන යමක්වේද, එය පුදුමයක් නොවේ. ඕතොමෝ පෙර රැකුම් නැත්තී, කඳුපාමුල හැසිරෙන්නී නොපැසුණ නුවණ ඇති කල්හි තමා රැකීයයි වදාරා චන්දකින්නර ජාතකය වදාළ සේක.
තංදිවසමෙව ච නන්දරාජකුමාරස්ස කෙසවිස්සජ්ජනං පට්ටබන්ධො ඝරමඞ්ගලං ආවාහමඞ්ගලං ඡත්තමඞ්ගලන්ති පඤ්ච මහාමඞ්ගලානි හොන්ති. භගවා නන්දං පත්තං ගාහාපෙත්වා මඞ්ගලං වත්වා උට්ඨායාසනා පක්කාමි. ජනපදකල්යාණී කුමාරං ගච්ඡන්තං දිස්වා “තුවටං ඛො අය්යපුත්ත ආගච්ඡෙය්යාසී”ති වත්වා ගීවං පසාරෙත්වා ඔලොකෙසි. සොපි භගවන්තං “පත්තං ගණ්හථා”ති වත්තුං අවිසහමානො විහාරංයෙව අගමාසි. තං අනිච්ඡමානංයෙව භගවා පබ්බාජෙසි. ඉති භගවා කපිලපුරං ආගන්ත්වා දුතියදිවසෙ නන්දං පබ්බාජෙසි.
එදවසම නන්දරාජ කුමාරයාගේ හිසකෙස් සිඳීම - යුවරජපටබැඳීම, ගෙවැදීමේ මගුල, ආවාහ මගුල, සත්ගුල යන මහ මගුල් පසක් වේ. භාග්‍යවතුන් වහන්සේ නන්දකුමරු ලවා පාත්‍රය ගෙන්වාගෙන මඞ්ගල දේශනාවකොට හුනස්නෙන් නැගිට වැඩිසේක. ජනපදකල්යාණිතොමෝ යන්නාවූ කුමරු දැක ‘ආර්‍ය්‍යය පුත්‍රය වහාම එව’යි කියා බෙල්ල දිගුකොට බැලූය. නන්දකුමාරතෙමේද, ‘පාත්‍රය ගනුමැනවැ’යි භාග්‍යවතුන් වහන්සේට කියන්නට නොහැකිවනුයේ විහාරයටම ගියේය. භාග්‍යවතුන් වහන්සේ පැවිදිවීමට නොකැමැතිවූම ඔහු පැවිදි කරවූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩමකොට දෙවන දවසෙහි නන්දකුමරු පැවිදිකරවූ සේක.
සත්තමෙ දිවසෙ රාහුලමාතා කුමාරං අලඞ්කරිත්වා භගවතො සන්තිකං පෙසෙසි – “පස්ස තාත එතං වීසතිසහස්සසමණපරිවුතං සුවණ්ණවණ්ණං බ්රහ්මරූපවණ්ණං සමණං, අයං තෙ පිතා, එතස්ස මහන්තා නිධයො අහෙසුං, ත්යස්ස නික්ඛමනතො පට්ඨාය න පස්සාම, ගච්ඡ නං දායජ්ජං යාච, අහං තාත කුමාරො ඡත්තං උස්සාපෙත්වා චක්කවත්තී භවිස්සාමි, ධනෙන මෙ අත්ථො, ධනං මෙ දෙහි, සාමිකො හි පුත්තො පිතුසන්තකස්සා”ති. රාහුලකුමාරො භගවතො සන්තිකං ගන්ත්වාව පිතුසිනෙහං පටිලභිත්වා හට්ඨචිත්තො “සුඛා තෙ සමණ ඡායා”ති වත්වා අඤ්ඤම්පි බහුං අත්තනො අනුරූපං වදන්තො අට්ඨාසි. භගවා කතභත්තකිච්චො අනුමොදනං කත්වා උට්ඨායාසනා පක්කාමි. කුමාරොපි “දායජ්ජං මෙ සමණ දෙහි, දායජ්ජං මෙ සමණ දෙහී”ති භගවන්තං අනුබන්ධි. තෙන වුත්තං – “අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කපිලවත්ථු…පෙ… දායජ්ජං මෙ සමණ දෙහී”ති.
සත්වන දවසෙහි රාහුලමාතාතොමෝ රාහුල කුමරු සරසා ‘පුත’ විසිදහසක් ශ්රමණයන් විසින් පිරිවරණ ලද රන්වන්වූ බ්‍රහ්ම රූපය සමානවූ රූපයක් ඇති මේ ශ්‍රමණයා බලව, මෙතෙමේ තාගේ පියාය, මොහුට මහත් නිධාන ඇත්තේය, ඒ නිධාන මොහුගේ ගෙන් නික්මීමෙහි පටන් නොදදකුම්භ, යව, ඔහුගෙන් දායාද ඉල්ලව, පියේ ‘කුමර වූ මම නගා සක්විති වන්නෙමි’ මට ධනයෙන් ප්‍රයොජන ඇත්තේය. මට ධනය දුන මැනැව, පියසතු ධනයට පුත්‍රතෙමේ ස්වාමියාමය’යි කියා ‘භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යැවූය. කුමාරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ගොස්ම පිතෘ ස්නෙහය ලබා තුටු සිත් ඇත්තේ ‘ශ්‍රමණය’ ඔබගේ සෙවන සැපය’යි කියා අනිකුදු බොහෝ තමාට අනුරූප වූ වචන කියමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ කළබත්කිස ඇතිසේක්, අනුමෝදනාකොට හුනස්නෙන් නැගිට වැඩිය සේක. කුමාරතෙමේද ‘ශ්‍රමණය’ මට දායාද දෙව, ‘ශ්‍රමණය මට දායාද දෙව’යි කියමින් භාග්‍යවතුන් වහන්සේ ලුහුබැඳ ගියේය. එහෙයින් “අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කපිලවත්ථු -පෙ- දායජ්ජං මෙ සමණ දෙහි” යනු කියනලදී.
අථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසීති භගවා කුමාරං න නිවත්තාපෙසි, පරිජනොපි භගවතා සද්ධිං ගච්ඡන්තං නිවත්තෙතුං න විසහති. අථ ආරාමං ගන්ත්වා “යං අයං පිතුසන්තකං ධනං ඉච්ඡති, තං වට්ටානුගතං සවිඝාතකං, හන්දස්ස බොධිමණ්ඩෙ පටිලද්ධං සත්තවිධං අරියධනං දෙමි, ලොකුත්තරදායජ්ජස්ස නං සාමිකං කරොමී”ති ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි. ආමන්තෙත්වා ච පනාහ – “තෙන හි ත්වං සාරිපුත්ත රාහුලකුමාරං පබ්බාජෙහී”ති. යස්මා අයං දායජ්ජං යාචති, තස්මා නං ලොකුත්තරදායජ්ජපටිලාභාය පබ්බාජෙහීති අත්ථො.
“අථඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි” භාග්‍යවතුන් වහන්සේ කුමරු නොනැවැත්වූ සේක. පිරිවර ජනතෙමේද භාග්‍යවතුන් වහන්සේ සමග යන්නහු නවතාලන්නට අසමර්ත්ථ විය. ඉක්බිති ආරාමයට වැඩමවා ‘මේ කුමාරතෙමේ පියසතු යම් ධනයක් කැමැත්තේද, ඒ ධනය සසරට ඇතුළත්ය. දුක්සහිතය. එබැවින් මොහුට බෝමැඩදී ලද සප්තවිධ ආර්‍ය්‍ය ධනය දෙමි, ලොකොත්තර දායාදයට ඔහු හිමියකු කරමි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ආමන්ත්‍රණය කළ සේක. ආමන්ත්‍රණය කොටද, “තෙන හි ත්වං සාරිපුත්ත රාහුලං කුමාරං පබ්බාජෙහි”යි වදාළ සේක. යම්හෙයකින් මේ රාහුල තෙමේ දායාද ඉල්ලාද, එහෙයින් ඔහු ලොකොත්තරදායාද ප්‍රතිලාභය පිණිස පැවිදිකරවා’ යන අර්‍ත්‍ථයි.
ඉදානි යා සා භගවතා බාරාණසියං තීහි සරණගමනෙහි පබ්බජ්ජා ච උපසම්පදා ච අනුඤ්ඤාතා, තතො යස්මා උපසම්පදං පටික්ඛිපිත්වා ගරුභාවෙ ඨපෙත්වා ඤත්තිචතුත්ථෙන කම්මෙන උපසම්පදා අනුඤ්ඤාතා, පබ්බජ්ජා පන නෙව පටික්ඛිත්තා, න පුන අනුඤ්ඤාතා, තස්මා අනාගතෙ භික්ඛූනං විමති උප්පජ්ජිස්සති – “අයං පබ්බජ්ජා නාම පුබ්බෙ උපසම්පදාසදිසා, කිං නු ඛො ඉදානිපි උපසම්පදා විය කම්මවාචාය එව කත්තබ්බා, උදාහු සරණගමනෙහී”ති. ඉමඤ්ච පනත්ථං විදිත්වා භගවා පුන තීහි සරණගමනෙහි සාමණෙරපබ්බජ්ජං අනුජානිතුකාමො, තස්මා ධම්මසෙනාපති තං භගවතො අජ්ඣාසයං විදිත්වා භගවන්තං පුන පබ්බජ්ජං අනුජානාපෙතුකාමො ආහ – “කථාහං භන්තෙ රාහුලකුමාරං පබ්බාජෙමී”ති.
දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැසදී තිසරණ ගමනයෙන් යම් ඒ ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාවක් අනුදක්නා ලදද, ඉන්පසු යම්හෙයකින් සරණාගමන උපසම්පදාව ප්රතික්ෂෙපකොට ගරු බැව්හි තබා ඥප්තිචතුර්‍ත්‍ථ කර්මයෙන් උපසම්පදාව අනුදන්නා ලදද, ප්‍රව්‍රජ්‍යාව වනාහි නොම ප්රතික්ෂෙප කරණ ලදද, නැවැත නොඅනුදන්නා ලදද, එහෙයින් අනාගතයෙහි මහණුන්ට ‘මේ ප්‍රව්‍රජ්‍යාව වනාහි පෙර උපසම්පදාව සමානය. කිම, දැනුදු උපසම්පදාව මෙන් කර්මවාක්යයෙන්ම කටයුතුද, නොහොත් සරණ ගමනයෙන් කටයුතුදැ’යි විමති උපදින්නීය. මේ අර්ත්ථය දැනද භාග්‍යවතුන් වහන්සේ නැවැත තිසරණ ගමනයෙන් ශ්රාමණේර ප්‍රව්‍රජ්‍යාව අනුදැනීම කැමැති වූ සේක්ද, එහෙයින් ධර්ම සේනාධිපති වූ ශාරීපුත්රස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අදහස දැන භාග්‍යවතුන් වහන්සේ ලවා නැවත ප්‍රව්‍රජ්‍යාව අනුදන්වාලනු කැමතිව ‘ස්වාමීනි’ මම කෙසේ රාහුල කුමරු පැවිදි කරම්දැ’යි විචාළේය.
අථ ඛො ආයස්මා සාරිපුත්තො රාහුලකුමාරං පබ්බාජෙසීති කුමාරස්ස මහාමොග්ගල්ලානත්ථෙරො කෙසෙ ඡින්දිත්වා කාසායානි දත්වා සරණානි අදාසි. මහාකස්සපත්ථෙරො ඔවාදාචරියො අහොසි. යස්මා පන උපජ්ඣායමූලකා පබ්බජ්ජා ච උපසම්පදා ච, උපජ්ඣායොව තත්ථ ඉස්සරො, න ආචරියො, තස්මා වුත්තං – “අථ ඛො ආයස්මා සාරිපුත්තො රාහුලකුමාරං පබ්බාජෙසී”ති.
“අථ ඛො ආයස්මා සාරිපුත්තො රාහුල කුමාරං පබ්බාජෙසි” මහාමෞද්ගල්‍යායන ස්ථවිරතෙමේ රාහුල කුමරුගේ හිසකෙස් සිඳ කසටවත් දී සරණද දුන්නේය. මහාකාශ්‍යප ස්ථවිරතෙමේ අවවාදාචාර්‍ය්‍ය වූයේය. යම්හෙයකින් ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව උපාද්ධ්‍යායයා මුල්කොට ඇත්තීද එහෙයින් උපාද්ධ්‍යායතෙමේ අධිපති වේ. ආචාර්‍ය්‍යතෙමේ අධිපති නොවේ. එහෙයින් “අථ ඛො ආයස්මා සාරිපුත්තො රාහුලකුමාරං පබ්බාජෙසි”යි කියනලදී.
එවං “කුමාරො පබ්බජිතො”ති සුත්වා උප්පන්නසංවෙගෙන හදයෙන අථ ඛො සුද්ධොදනො සක්කොති සබ්බං වත්තබ්බං. තත්ථ යස්මා උඤ්ඡාචරියාය ජීවතො පබ්බජිතස්ස අවිසෙසෙන “වරං යාචාමී”ති වුත්තෙ “යාචස්සූ”ති වචනං අප්පතිරූපං, න ච බුද්ධානං ආචිණ්ණං, තස්මා “අතික්කන්තවරා ඛො ගොතම තථාගතා”ති වුත්තං. යඤ්ච භන්තෙ කප්පති යඤ්ච අනවජ්ජන්ති යං තුම්හාකඤ්චෙව දාතුං කප්පති, අනවජ්ජඤ්ච හොති, මම ච සම්පටිච්ඡනපච්චයා විඤ්ඤූහි න ගරහිතබ්බං , තං යාචාමීති අත්ථො. තථා නන්දෙ අධිමත්තං රාහුලෙති යථෙව කිර බොධිසත්තං එවං නන්දම්පි රාහුලම්පි මඞ්ගලදිවසෙ නෙමිත්තකා “චක්කවත්තී භවිස්සතී”ති බ්යාකරිංසු. අථ රාජා “පුත්තස්ස චක්කවත්තිසිරිං පස්සිස්සාමී”ති උස්සාහජාතො භගවතො පබ්බජ්ජාය මහන්තං ඉච්ඡාවිඝාතං පාපුණි. තතො “නන්දස්ස චක්කවත්තිසිරිං පස්සිස්සාමී”ති උස්සාහං ජනෙසි, තම්පි භගවා පබ්බාජෙසි. ඉති තම්පි දුක්ඛං අධිවාසෙත්වා “ඉදානි රාහුලස්ස චක්කවත්තිසිරිං පස්සිස්සාමී”ති උස්සාහං ජනෙසි, තම්පි භගවා පබ්බාජෙසි. තෙනස්ස “ඉදානි කුලවංසොපි පච්ඡින්නො, කුතො චක්කවත්තිසිරී”ති අධිකතරං දුක්ඛං උප්පජ්ජි. තෙන වුත්තං – “තථා නන්දෙ අධිමත්තං රාහුලෙ”ති. රඤ්ඤො පන ඉතො පච්ඡා අනාගාමිඵලප්පත්ති වෙදිතබ්බා.
මෙසේ කුමාරතෙමේ පැවිදිවූයේ’යි අසා උපන්සංවෙග ඇති හෘදයෙන් “අථඛො සුද්ධොදනො සක්කො” යන සියල්ල කියයුතුය. එහි යම්හෙයකින් භික්ෂාචර්ය්යයෙන් ජීවත්වන්නා වූ පැවිද්දහුට අවිශේෂයෙන් ‘වරයක් ඉල්ලමි’යි කියූකල්හි ‘ඉල්ලවූ’ යන වචනය සුදුසු නොවේ. බුදුවරයන් විසින් පුරුදු කරණ ලද්දක්ද නොවේ. එහෙයින් “අතික්කන්තවරා ඛො ගොතම තථාගතා” යනු වදාරණ ලදී. “යඤ්ච භන්තෙ කප්පති යඤ්ච අනවජ්ජංති” ඔබවහන්සේටද යමක්දීම කැපවේද, යමක් දොස්රහිතවේද, මාගේ පිළිගැනීම හෙතුකොට නුවණැත්තන් විසින් නොගැරහිය යුතුද, එය ඉල්ලමි, යන අර්‍ත්‍ථයි. “තථානන්දෙ අධිමත්තං රාහුලෙ” යම්සේ බොධිසත්ත්වයන් ගැන ප්‍රකාශ කළාහුද, නන්ද ගැනද, රාහුල ගැනද, මඞ්ගල දිනයෙහි නිමිත්තපාඨකයෝ එසේ ‘සක්විති වන්නේය’යි ප්‍රකාශ කළාහුය. ඉක්බිති රජතෙමේ ‘පුත්‍රයාගේ චක්රවර්තිශ්රියය බලන්නෙමි’යි හටගත් උත්සාහ ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්දෙන් මහත්වූ ඉච්ඡාභඞ්ගයට පැමිණියේය. ඉන්පසු ‘නන්ද කුමාරයාගේ චක්රවර්තිශ්රිය බලන්නෙමි’යි උත්සාහය ඉපදවීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුද පැවිදි කළහ. මෙසේ ඒ දුකද ඉවසා ‘දැන් රාහුල කුමාරයාගේ චක්රවර්තිශ්රිය බලන්නෙමි’යි දකින්නෙමි’යි උත්සාහය ඉපදවීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුද පැවිදිකළ සේක. ‘දැන් එයින් කුලවංශය ද සිඳීගියේය, චක්රවර්තිශ්රියයත් කොයින්දැ’යි සිතන්නා වූ රජුට ඉතා අධික වූ දුකක් උපන්නේය. එහෙයින් “තථා නන්දෙ, අධිමත්තං රාහුලෙ” යනු කියනලදී. රජුගේ අනාගාමී ඵලප්‍රාප්තිය මින්පසු වීයයි දතයුතුය.
සාධු භන්තෙ අය්යාති ඉදං කස්මා ආහ? සො කිර චින්තෙසි – “යත්ර හි නාම අහම්පි බුද්ධමාමකො ධම්මමාමකො සඞ්ඝමාමකො සමානො අත්තනො පියතරපුත්තෙ පබ්බාජියමානෙ ඤාතිවියොගදුක්ඛං අධිවාසෙතුං න සක්කොමි, අඤ්ඤෙ ජනා පුත්තනත්තකෙසු පබ්බාජිතෙසු කථං අධිවාසෙස්සන්ති, තස්මා අඤ්ඤෙසම්පි තාව එවරූපං දුක්ඛං මා අහොසී”ති ආහ. භගවා “සාසනෙ නිය්යානිකකාරණං රාජා වදතී”ති ධම්මකථං කත්වා “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතාපිතූහි පුත්තො පබ්බාජෙතබ්බො”ති සික්ඛාපදං පඤ්ඤපෙසි.
“සාධු භන්තෙ අය්යා” යන මෙය කුමක් හෙයින් කීයේද, ඒ රජතෙමේ වනාහි යම් බඳු තැනෙක මම බුද්ධමාමක වූයෙමි ධර්මාමාමකවූයේ සඞ්ඝමාමක වූයෙම්, තමන්ගේ ප්‍රියතර පුත්‍රයන් පැවිදිකරණු ලබන කල්හි නෑයන්ගෙන් වෙන්වීමෙන්වූ දුක ඉවසන්නට නොහැකියෙම්ද, අන්‍යජනයෝ දරුමුනුබුරන් පැවිදිකරන කල්හි කෙසේ ඉවසන්නාහුද, එහෙයින් අන්‍යයන්ටද, මෙබඳු දුකෙක් නම් නොවේවා’යි කීය. භාග්‍යවතුන් වහන්සේ ‘රජතෙමේ සසුනෙහි නෛර්ය්යාර්ත්ථක කාරණයක් කියා’යි ධර්මකථාව වදාරා “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතාපිතූහි පුත්තො පබ්බාජෙතබ්බො” යන භික්ෂාපදය පණවා වදාළසේක.
තත්ථ මාතාපිතූහීති ජනනිජනකෙ සන්ධාය වුත්තං. සචෙ ද්වෙ අත්ථි, ද්වෙපි ආපුච්ඡිතබ්බා. සචෙ පිතා මතො මාතා වා, යො ජීවති සො ආපුච්ඡිතබ්බො. පබ්බජිතාපි ආපුච්ඡිතබ්බාව. ආපුච්ඡන්තෙන සයං වා ගන්ත්වා ආපුච්ඡිතබ්බං, අඤ්ඤො වා පෙසෙතබ්බො, සො එව වා පෙසෙතබ්බො “ගච්ඡ මාතාපිතරො ආපුච්ඡිත්වා එහී”ති. සචෙ “අනුඤ්ඤාතොම්හී”ති වදති, සද්දහන්තෙන පබ්බාජෙතබ්බො. පිතා සයං පබ්බජිතො පුත්තම්පි පබ්බාජෙතුකාමො හොති, මාතරං ආපුච්ඡිත්වාව පබ්බාජෙතු. මාතා වා ධීතරං පබ්බාජෙතුකාමා, පිතරං ආපුච්ඡිත්වාව පබ්බාජෙතු. පිතා පුත්තදාරෙන අනත්ථිකො පලායි, මාතා “ඉමං පබ්බාජෙථා”ති පුත්තං භික්ඛූනං දෙති, “පිතාස්ස කුහි”න්ති වුත්තෙ “චිත්තකෙළියං කීළිතුං පලාතො”ති වදති, තං පබ්බාජෙතුං වට්ටති. මාතා කෙනචි පුරිසෙන සද්ධිං පලාතා හොති, පිතා පන “පබ්බාජෙථා”ති දෙති, එත්ථාපි එසෙව නයො. පිතා විප්පවුත්ථො හොති, මාතා පුත්තං “පබ්බාජෙථා”ති අනුජානාති, “පිතා තස්ස කුහි”න්ති වුත්තෙ “කිං තුම්හාකං පිතරා, අහං ජානිස්සාමී”ති වදති, පබ්බාජෙතුං වට්ටතීති කුරුන්දියං වුත්තං.
එහි “මාතාපිතූහි” යනු මවුපියන් සඳහා වදාරණ ලදී. දෙදෙනම ඇත්තාහු නම්, දෙදෙනම විචාළ යුතුය. ඉදින් පියා මළේ වේද, මව හෝ මළාද, යමෙක් ජීවත්වේද, ඔහු විචාළ යුතුය. පැවිදිවද විචාළ යුතුමය. විචාරන්නහු විසින් තමන් හෝ ගොස් විචාළ යුතුය. අනෙකෙක් හෝ යැවිය යුතුය. ‘යව මවුපියන් විචාරා එව’යි ඔහුම හෝ යැවිය යුතුය. ඉදින් ‘අනුදන්නා ලද්දේ වෙමි’යි කියානම් එය අදහන්නහු විසින් පැවිදි කලයුතුය. පියතෙමේ පැවිදිවීම පුතුද පැවිදිකරණු කැමතිවූයේවේද මව විචාරාම පැවිදිකෙරේවා. මවුතොමෝ හෝ දුව පැවිදිකරනු කැමැත්තීද පියා විචාරාම පැවිදි කෙරේවා. පියතෙමේ අඹුදරුවන්ගෙන් ප්‍රයොජන නැත්තේ පලාගියේය. මවුතොමෝ ‘මොහු පැවිදිකරණු මැනවැ’යි පුත්‍රයා භික්ෂූන්ට දේද, එකල්හි ‘මොහුගේ පියා කොහිදැ’යි විචාළ කල්හි චිත්තක්රීඩාවෙන් කෙළින්නට පලාගියේයයි කියා නම්, ඔහු පැවිදි කිරීම වටියි. මවුතොමෝ කිසි පුරුෂයෙකු සමග පැනගියා වේද, පියතෙමේ ‘පැවිදිකළ මැනවැ’යි කියානම්, මෙහිද මේනයම වේ. පියතෙමේ වෙන්ව විසුයේ වේ. මවුතොමේ ‘පුතු පැවිදි කළමැනැවැ’යි අනුදනීද, ‘මොහුගේ පියා කොහිදැ’යි විචාළ කල්හි ‘ඔබට පියාගෙන් කිම, මම දෙන්නෙමි’යි කියානම් පැවිදිකිරීම වටීයයි කුරුන්දියෙහි කියනලදී.
මාතාපිතරො මතා, දාරකො චූළමාතාදීනං සන්තිකෙ සංවද්ධො, තස්මිං පබ්බාජියමානෙ ඤාතකා කලහං වා කරොන්ති, ඛිය්යන්ති වා, තස්මා විවාදුපච්ඡෙදනත්ථං ආපුච්ඡිත්වාව පබ්බාජෙතබ්බො. අනාපුච්ඡා පබ්බාජෙන්තස්ස පන ආපත්ති නත්ථි. දහරකාලෙ ගහෙත්වා පොසනකා මාතාපිතරො නාම හොන්ති, තෙසුපි එසෙව නයො. පුත්තො අත්තානං නිස්සාය ජීවති, න මාතාපිතරො. සචෙපි රාජා හොති, ආපුච්ඡිත්වාව පබ්බාජෙතබ්බො. මාතාපිතූහි අනුඤ්ඤාතො පබ්බජිත්වා පුන විබ්භමති, සචෙපි සතක්ඛත්තුං පබ්බජිත්වා විබ්භමති, ආගතාගතකාලෙ පුනප්පුනං ආපුච්ඡිත්වාව පබ්බාජෙතබ්බො. සචෙ එවං වදන්ති – “අයං විබ්භමිත්වා ගෙහං ආගතො අම්හාකං කම්මං න කරොති, පබ්බජිත්වා තුම්හාකං වත්තං න පූරෙති, නත්ථි ඉමස්සාපුච්ඡනකිච්චං, ආගතාගතං පබ්බාජෙය්යාථා”ති එවං නිස්සට්ඨං පුන අනාපුච්ඡාපි පබ්බාජෙතුං වට්ටති.
මවුපියෝ මළාහුද, ලදරුතෙමේ සුලුමවු ආදීන්ගේ සමීපයෙහි වැඩුනේද, ඔහු පැවිදිකරණ කල්හි නෑයෝ කලහ හෝ කෙරෙත්ද, අගුණ හෝ කියත්ද, එහෙයින් විවාද සංසිඳීම පිණිස විචාරාම පැවිදි කටයුතුය. නොවිචාරා පැවිදි කරන්නහුට ඇවැත් නැත්තේය. ලදරු කාලයෙහි ගෙන වඩන මවුපියෝ වෙත්නම්, ඔවුන් කෙරෙහිද මේනයම වේ. පුත්‍රතෙමේ තමන්නිසා ජීවත්වේ. මවුපියෝ ජීවතුන් අතර නැත්තාහ. ඉදින් රජතෙමේ වේනම්, විචාරාම පැවිදි කටයුතුය. මවුපියන් විසින් අනුදන්නා ලද්දේ පැවිදිවී නැවත සිවුරු හැරයේද, ඉදිනුදු සියවරක් පැවිදිව සිවුරු හැරයේද, ආ ආ කල්හි නැවත නැවත විචාරාම පැවිදි කටයුතුය. ‘මෙතෙමේ සිවුරු හැර ගෙට ආයේ අපගේ වැඩ නොකරන්නේය, පැවිදිව යුෂ්මතුන්ගේ වත නොපුරාදැ’යි මෙසේ කියත්නම්, මොහු පිළිබඳ විචාරීමක් නැත්තේය. ආ ආ ඔහු පැවිදිකල මැනවැ’යි මෙසේ හරිණ ලද්දහු නැවැත නොවිචාරාම පැවිදි කිරීම වටියි.
යොපි දහරකාලෙයෙව “අයං තුම්හාකං දින්නො, යදා ඉච්ඡථ, තදා පබ්බාජෙය්යාථා”ති එවං දින්නො හොති, සොපි ආගතාගතො පුන අනාපුච්ඡාව පබ්බාජෙතබ්බො. යං පන දහරකාලෙයෙව “ඉමං භන්තෙ පබ්බාජෙය්යාථා”ති අනුජානිත්වා පච්ඡා වුඩ්ඪිප්පත්තකාලෙ නානුජානන්ති, අයං න අනාපුච්ඡා පබ්බාජෙතබ්බො. එකො මාතාපිතූහි සද්ධිං භණ්ඩිත්වා “පබ්බාජෙථ ම”න්ති ආගච්ඡති, “ආපුච්ඡිත්වා එහී”ති ච වුත්තො “නාහං ගච්ඡාමි, සචෙ මං න පබ්බාජෙථ, විහාරං වා ඣාපෙමි, සත්ථෙන වා තුම්හෙ පහරාමි, තුම්හාකං ඤාතකඋපට්ඨාකානං වා ආරාමච්ඡෙදනාදීහි අනත්ථං උප්පාදෙමි, රුක්ඛා වා පතිත්වා මරාමි, චොරමජ්ඣං වා පවිසාමි, දෙසන්තරං වා ගච්ඡාමී”ති වදති, තං ජීවස්සෙව රක්ඛණත්ථාය පබ්බාජෙතුං වට්ටති. සචෙ පනස්ස මාතාපිතරො ආගන්ත්වා “කස්මා අම්හාකං පුත්තං පබ්බාජයිත්ථා”ති වදන්ති, තෙසං තමත්ථං ආරොචෙත්වා “රක්ඛණත්ථාය නං පබ්බාජයිම්හ, පඤ්ඤායථ තුම්හෙ පුත්තෙනා”ති වත්තබ්බා. “රුක්ඛා පතිස්සාමී”ති ආරුහිත්වා පන හත්ථපාදෙ මුඤ්චන්තං පබ්බාජෙතුං වට්ටතියෙව.
යමෙක් ලදරු කාලයෙහිම මෙතෙමේ ඔබවහන්සේට දෙනලද්දේය, යම්කලෙක කැමතිවේද, එකල්හි පැවිදිකල මැනවැ’යි මෙසේ දෙනලද්දේවේද, හෙතෙමේද ආයේ නැවත නොවිචාරාම පැවිදි කටයුතුය. යමකු වනාහි ලදරු කාලයෙහිම ‘ස්වාමීනි’ මොහු පැවිදිකළ මැනවැ’යි අනුදැන, පසුව වැඩිවිය පැමිණි කාලයෙහි නොඅනුදනිත්ද, මෙතෙමේ නොවිචාරා පැවිදි නොකටයුතුය. එකෙක් මවුපියන් සමග ඩබරකොට ‘මා පැවිදිකළ මැනැවැ’යි ඒද, ‘විචාරා එව’යි කියයුත්තේය. ‘මම නොයමි, මා පැවිදි නොකරහු නම්, විහාරය හෝ දවමි, ආවුධයෙන් හෝ යුෂ්මතුන්ට පහරදෙමි, යුෂ්මතුන්ගේ ඥාතිඋපස්ථායකයන්ට හෝ ආරාම නැසීම් ආදියෙන් අනර්‍ත්‍ථ උපදවමි. ගසින් හෝ වැටී මැරෙමි. සොරුන් මැදට හෝ පිවිසෙමි, අන් දෙශයකට හෝ යෙමි’යි කියාද ඔහු රැකීම පිණිසම පැවිදි කිරීම වටියි. ඔහුගේ මවුපියෝ අවුත් ‘කුමක්හෙයින් අපගේ පුත්‍රයා පැවිදිකළහුදැ’යි කියත්නම්, ඔවුන්ට ඒ කරුණ සැලකොට ‘රකිනු පිණිස ඔහු පැවිදි කෙළෙමු, පුත්‍රයා නිසා තෙපි ප්රකාශවවු’යි කියයුත්තාහ. ‘ගසින් වැටෙන්නෙමි’යි ගසට නැගී අත්පා මුදන්නහු පැවිදි කිරීම වටීමය.
එකොපි විදෙසං ගන්ත්වා පබ්බජ්ජං යාචති, ආපුච්ඡිත්වා චෙ ගතො, පබ්බාජෙතබ්බො. නො චෙ දහරභික්ඛුං පෙසෙත්වා ආපුච්ඡාපෙත්වා පබ්බාජෙතබ්බො, අතිදූරඤ්චෙ හොති; පබ්බාජෙත්වාපි භික්ඛූහි සද්ධිං පෙසෙත්වා දස්සෙතුං වට්ටති. කුරුන්දියං පන වුත්තං – “සචෙ දූරං හොති මග්ගො ච මහාකන්තාරො, ‘ගන්ත්වා ආපුච්ඡිස්සාමා’ති පබ්බාජෙතුං වට්ටතී”ති. සචෙ පන මාතාපිතූනං බහූ පුත්තා හොන්ති, එවඤ්ච වදන්ති – “භන්තෙ එතෙසං දාරකානං යං ඉච්ඡථ, තං පබ්බාජෙය්යාථා”ති. දාරකෙ වීමංසිත්වා යං ඉච්ඡති, සො පබ්බාජෙතබ්බො. සචෙපි සකලෙන කුලෙන වා ගාමෙන වා අනුඤ්ඤාතං හොති “භන්තෙ ඉමස්මිං කුලෙ වා ගාමෙ වා යං ඉච්ඡථ, තං පබ්බාජෙය්යාථා”ති. යං ඉච්ඡති, සො පබ්බාජෙතබ්බොති.
එකෙක් විදේශයකට ගොස් පැවිද්ද ඉල්ලාද, විචාරා ගියේ නම් පැවිදි කටයුතුය. විචාරා නොගියේ නම් විචාරිය යුත්තහු වෙතට ලදරු මහණකු යවා විචාරා පැවිදි කටයුතුය. ඉතාදුර වේනම්, පැවිදිකොටද මහණුන් සමග යවා දැක්වීම වටනේය. කුරුන්දියෙහි වනාහි ‘ඉදින් දුර වේනම්, මාර්ගයද මහකතරක් වේනම්, ගොස් විචාරන්නෙමු’යි පැවිදිකිරීම වරද නැතැ’යි කියනලදී. මවුපියන්ට බොහෝ පුත්‍රයෝ වෙත්ද, ‘ස්වාමීනි, මේ ලදරුවන්ගෙන් යමෙකු පැවිදිකරණු කැමැත්තහුද, ඔහු පැවිදිකළ මැනැවැ’යි මෙසේත් කියත්නම්, ලදරුවන් විමසාබලා යමෙකු පැවිදි කිරීමට කැමැතිවේද, ඔහු පැවිදි කටයුතුය. කුලය විසින් හෝ ගම්වැස්සන් විසින් හෝ ‘ස්වාමීනි’ මේ කුලයෙහි හෝ ගමෙහි හෝ වසන යමකු පැවිදි කරනු කැමැතිවේද, ඔහු පැවිදි කළමැනවැ’යි අනුදන්නා ලද්දේද, යමෙකු පැවිදිකරනු කැමතිවේනම් හෙතෙමේ පැවිදි කටයුත්තේය.
යාවතකෙ වා පන උස්සහතීති යත්තකෙ සක්කොති.
“යාවතකෙ වා පන උපස්සහති” යම්පමණ හැක්කේද, (මෙහි ව්‍යක්තවූ ප්‍රතිබලසම්පන්න වූ මහණහු විසින් යම්පමණ හැක්කේද එපමණ හෙරණුන් ලවා උපස්ථාන කරවා ගන්නට අනුදත්සේක යනු භාවයයි)
රාහුලවත්ථුකථා නිට්ඨිතා.
රාහුල වත්ථුකථා නිමි.