සික්ඛාපදදණ්ඩකම්මවත්ථුකථා අට්ඨකථා
සික්ඛාපදදණ්ඩකම්මවත්ථුකථා
සික්ඛාපදදණ්ඩකම්මවත්ථුකථා
දසසු සික්ඛාපදෙසු පුරිමානං පඤ්චන්නං අතික්කමො නාසනවත්ථු , පච්ඡිමානං අතික්කමො දණ්ඩකම්මවත්ථු.
දශශික්‍ෂා පදයන්හි පාණාතිපාතාදී වූ පළමු ශික්ෂාපද පස ඉක්මීම, නාශනවස්තුය. පාරාජික බැවින් හෙරණ සිවුරු හැරවීමට වස්තුය. විකාලභොජනාදී වූ පැසුළු ශික්ෂාපදපස ඉක්මීම, දණ්ඩකර්මවස්තුය. දඬුවම් දී ආයති සංවරයෙහි පිහිටුවීමෙහි වස්තුය.
අප්පතිස්සාති භික්ඛූ ජෙට්ඨකට්ඨානෙ ඉස්සරියට්ඨානෙ න ඨපෙන්ති. අසභාගවුත්තිකාති සමානජීවිකා න භවන්ති, විසභාගජීවිකාති අත්ථො. අලාභාය පරිසක්කතීති යථා ලාභං න ලභන්ති; එවං පරක්කමති. අනත්ථායාති උපද්දවාය. අවාසායාති “කින්ති ඉමස්මිං ආවාසෙ න වසෙය්යු”න්ති පරක්කමති. අක්කොසති පරිභාසතීති අක්කොසති චෙව භයදස්සනෙන ච තජ්ජෙති. භෙදෙතීති පෙසුඤ්ඤං උපසංහරිත්වා භෙදෙති. ආවරණං කාතුන්ති “මා ඉධ පවිසා”ති නිවාරණං කාතුං. යත්ථ වා වසති යත්ථ වා පටික්කමතීති යත්ථ වසති වා පවිසති වා; උභයෙනාපි අත්තනො පරිවෙණඤ්ච වස්සග්ගෙන පත්තසෙනාසනඤ්ච වුත්තං.
[missing trans] “අලාභය පරිසක්කති” යම්සේ ලාභ නොලබත්ද, එසේ උත්සාහය කෙරේද? “අනත්ථාය” උපද්‍රව පිණිස “අවාසාය” කෙසේ මේ ආවාසයෙහි නොවසන්නාහු’යි උත්සාහ කෙරේද, “අක්කොසති පරිභාසති” ආක්රෝශද කෙරේ. භය දැක්වීමෙන්ද, තර්ජනය කෙරේද, “භෙදෙති” කේලාම් කියා ඔවුනොවුන් බිඳුවාද, “ආවරණං කාතුං” මෙහි නොපිවිසෙව’යි වැළකීම කරන්නට. “යත්ථ වා වසති යත්ථ වා පටික්කමති” යම් තැනක විසීම කෙරේ හෝ යම් තැනක පිවිසීම කෙරේ හෝය. දෙපදයෙන්ම තමාගේ පිරිවෙණද, වස් ගණනින් පැමිණි සෙනසුනද, කියන ලද්දේය.
මුඛද්වාරිකං ආහාරං ආවරණං කරොන්තීති “අජ්ජ මා ඛාද, මා භුඤ්ජා”ති එවං නිවාරෙන්ති. න භික්ඛවෙ මුඛද්වාරිකො ආහාරො ආවරණං කාතබ්බොති එත්ථ “මා ඛාද, මා භුඤ්ජා”ති වදතොපි “ආහාරං නිවාරෙස්සාමී”ති පත්තචීවරං අන්තො නික්ඛිපතොපි සබ්බපයොගෙසු දුක්කටං. අනාචාරස්ස පන දුබ්බචසාමණෙරස්ස දණ්ඩකම්මං කත්වා යාගුං වා භත්තං වා පත්තචීවරං වා දස්සෙත්වා “එත්තකෙ නාම දණ්ඩකම්මෙ ආහටෙ ඉදං ලච්ඡසී”ති වත්තුං වට්ටති. භගවතා හි ආවරණමෙව දණ්ඩකම්මං වුත්තං. ධම්මසඞ්ගාහකත්ථෙරෙහි පන අපරාධානුරූපං උදකදාරුවාලිකාදීනං ආහරාපනම්පි කාතබ්බන්ති වුත්තං, තස්මා තම්පි කාතබ්බං. තඤ්ච ඛො “ඔරමිස්සති විරමිස්සතී”ති අනුකම්පාය, න “නස්සිස්සති විබ්භමිස්සතී”තිආදිනයප්පවත්තෙන පාපජ්ඣාසයෙන “දණ්ඩකම්මං කරොමී”ති ච උණ්හපාසාණෙ වා නිපජ්ජාපෙතුං පාසාණිට්ඨකාදීනි වා සීසෙ නික්ඛිපාපෙතුං උදකං වා පවෙසෙතුං න වට්ටති.
“මුඛද්වාරිකං ආහාරං ආවරණං කරොන්ති” අද නොකවු, නොබුදිවු’යි මෙසේ වළකත්. “න භික්ඛවෙ මුඛද්වාරිකො ආහාරො ආවරණං කාතබ්බො” මෙහි ‘නොකව, අනුභව නොකරව’යි කියන මහණහුටද, ආහාර වළකන්නෙමි’යි පාසිවුරු ගබඩාතුළ තබන මහණහුටද, සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ. ආචාර විරහිතවූ නොකීකරු හෙරණහට දඬුවම්කොට කැඳ හෝ බත් හෝ පාසිවුරු හෝ දක්වා ‘මෙතෙක් දඬුවම් ගෙන කල්හි මේ දෙය ලබන්නෙහි’යි කීම වරද නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ආවරණයම දඬුවම’යි වදාරණලදී. ධර්‍මසඞ්ග්‍රාහක මහාස්ථවිරයන් වහන්සේලා විසින් වනාහි අපරාධයට සුදුසුවූ දරවැලි ආදිය ගෙන්වීමද කටයුතුය’යි කියන ලදී. එහෙයින් එය කටයුත්තේය. එද වනාහි ‘සසුනෙහි ඇලෙන්නේය. දොසින් වළකින්නේයයි යන අනුකම්පාවෙහි ‘නසින්නේය. සිවුරු හැරයන්නේය, යන ආදිනයින් පැවති පාප අදහසින් නොකටයුතුය. දඬුවම් කෙරෙමි’යි උණගල් පිට හෝ නිදිකරවන්නට හෝ ගල් ගඩොල් ආදිය හිසපිට තබ්බවන්නට හෝ දියෙහි ගිල්වන්නට හෝ නොවටියි.
සික්ඛාපදදණ්ඩකම්මවත්ථුකථා නිට්ඨිතා.
අනාපුච්ඡාවරණවත්ථුආදිකථා
අනාපුච්ඡාවරණවත්ථුආදිකථා
න භික්ඛවෙ උපජ්ඣායං අනාපුච්ඡාති එත්ථ “තුම්හාකං සාමණෙරස්ස අයං නාම අපරාධො, දණ්ඩකම්මමස්ස කරොථා”ති තික්ඛත්තුං වුත්තෙ, සචෙ උපජ්ඣායො දණ්ඩකම්මං න කරොති, සයං කාතුං වට්ටති. සචෙපි ආදිතොව උපජ්ඣායො වදති “මය්හං සාමණෙරානං දොසෙ සති තුම්හෙ දණ්ඩකම්මං කරොථා”ති කාතුං වට්ටතියෙව. යථා ච සාමණෙරානං එවං සද්ධිවිහාරිකන්තෙවාසිකානම්පි දණ්ඩකම්මං කාතුං වට්ටති.
“න භික්ඛවෙ උපජ්ඣායං අනාපුච්ඡා” යන මෙහි ‘යුෂ්මතුන්ගේ හෙරණහුට මෙනම් අපරාධයක් වූයේය, මොහුට දඬුවමක් කරවු’යි තෙවරක් කියූ කල්හි උපාද්ධ්‍යායතෙමේ, දඬුවම් නොකෙරේනම්, තමන් විසින් කිරීම වටියි. ඉදින් මුලදීම උපාද්ධ්‍යායතෙමේ ‘මාගේ හෙරණුන්ගේ දොෂයක් ඇති කල්හි තෙපිම දඬුවම් කළයුතුය. [missing trans]
අපලාළෙන්තීති “තුම්හාකං පත්තං දස්සාම, චීවරං දස්සාමා”ති අත්තනො උපට්ඨානකරණත්ථං සඞ්ගණ්හන්ති. න භික්ඛවෙ අඤ්ඤස්ස පරිසා අපලාළෙතබ්බාති එත්ථ සාමණෙරා වා හොන්තු උපසම්පන්නා වා, අන්තමසො දුස්සීලභික්ඛුස්සාපි පරස්ස පරිසභූතෙ භින්දිත්වා ගණ්හිතුං න වට්ටති, ආදීනවං පන වත්තුං වට්ටති “තයා න්හායිතුං ආගතෙන ගූථමක්ඛනං විය කතං දුස්සීලං නිස්සාය විහරන්තෙනා”ති. සචෙ සො සයමෙව ජානිත්වා උපජ්ඣං වා නිස්සයං වා යාචති, දාතුං වට්ටති.
“අපලාලෙන්ති” තොපට පාත්‍රයක් දෙන්නෙමු, සිවුරක් දෙන්නෙමු’යි තමාට උපස්ථාන කිරීම පිණිස සඞ්ග්‍රහ කෙරෙත්. “න භික්ඛවෙ අඤ්ඤස්ස පරිසා අපලාලෙතබ්බා” මෙහි හෙරණෝ හෝ උපසම්පන්නයෝ හෝ වෙත්වා, යටත් පිරිසෙයින් අන්‍යවූ දුශ්ශීල භික්ෂූහුගේද පිරිසෙහි වුවන් බිඳ ගැනීම නොවටියි. දුශ්ශීලයා නිසා වසන්නාවූ නාන්නට ආවාවූ තා විසින් අශූචි ගාගැනීමක් මෙන් කරණ ලද්දේයයි ආදීනව කියා පෑම වරද නොවේ. ඉදින් හෙතෙමේ තෙමේම දැන උපාද්ධ්‍යායයා හෝ නිස්සය හෝ ඉල්වා නම් දීම වටියි.
අනුජානාමි භික්ඛවෙ දසහඞ්ගෙහි සමන්නාගතං සාමණෙරං නාසෙතුන්ති එත්ථ කණ්ටකසික්ඛාපදවණ්ණනායං වුත්තාසු තීසු නාසනාසු ලිඞ්ගනාසනාව අධිප්පෙතා, තස්මා යො පාණාතිපාතාදීසු එකම්පි කම්මං කරොති, සො ලිඞ්ගනාසනාය නාසෙතබ්බො. යථා ච භික්ඛූනං පාණාතිපාතාදීසු නානාආපත්තියො හොන්ති, න තථා සාමණෙරානං. සාමණෙරො හි කුන්ථකිපිල්ලිකම්පි මාරෙත්වා මඞ්ගුරණ්ඩකම්පි භින්දිත්වා නාසෙතබ්බතංයෙව පාපුණාති, තාවදෙවස්ස සරණගමනානි ච උපජ්ඣායග්ගහණඤ්ච සෙනාසනග්ගාහො ච පටිප්පස්සම්භති, සඞ්ඝලාභං න ලභති, ලිඞ්ගමත්තමෙව එකං අවසිට්ඨං හොති. සො සචෙ ආකිණ්ණදොසොව හොති, ආයතිං සංවරෙ න තිට්ඨති, නික්කඩ්ඪිතබ්බො. අථ සහසා විරජ්ඣිත්වා “දුට්ඨු මයා කත”න්ති පුන සංවරෙ ඨාතුකාමො හොති, ලිඞ්ගනාසනකිච්චං නත්ථි. යථානිවත්ථපාරුතස්සෙව සරණානි දාතබ්බානි, උපජ්ඣායො දාතබ්බො, සික්ඛාපදානි පන සරණගමනෙනෙව ඉජ්ඣන්ති. සාමණෙරානඤ්හි සරණගමනං භික්ඛූනං උපසම්පදකම්මවාචාසදිසං, තස්මා භික්ඛූනං විය චතුපාරිසුද්ධිසීලං, ඉමිනාපි දසසීලානි සමාදින්නානෙව හොන්ති, එවං සන්තෙපි දළ්හීකරණත්ථං ආයතිං සංවරෙ පතිට්ඨාපනත්ථං පුන දාතබ්බානි. සචෙ පුරිමිකාය පුන සරණානි ගහිතානි, පච්ඡිමිකාය වස්සාවාසිකං ලච්ඡති. සචෙ පච්ඡිමිකාය ගහිතානි, සඞ්ඝෙන අපලොකෙත්වා ලාභො දාතබ්බො.
“අනුජානාමි භික්ඛවෙ දසහඞ්ගෙහි සමන්නාගතං සාමණේරං නාසෙතුං” මෙහි කණ්ටක ශික්ෂාපදවර්ණනාවෙහි කියනලද ත්රිවිධනාශනා අතුරෙහි ලිඞ්ග නාශනාවම අදහස් කරන ලදී. එහෙයින් යමෙක් තෙමේ පාණාතිපාතාදීන් අතුරෙහි එක් කර්මයකුදු කෙරේනම්, හෙතෙමේ ලිඞ්ගනාශනාවෙන් නැසිය යුතුය. යම්සේ පාණාතිපාතාදීන් නිමිතිකොට භික්ෂූන්ට නොයෙක් ආපත්තීහු වෙත්ද, හෙරණුන්ට එසේ නොවේ. හෙරණතෙමේ කුරුකුහුඹියකුදු මරා මකුණු බිජුවටක්ද බිඳ සිටියේ, නැසිය යුතුබවටම පැමිණේ. එකෙණෙහිම මොහුගේ සරණාගමනයද උපාද්ධ්‍යාය ග්රහණයද සෙනාසනග්රාහයද සංසිදී යන්නාහ. සඞ්ඝලාභය නොලබයි. එක්ම ලිඞ්ගමාත්රයම ඉතිරිවූයේ වේ. ඉදින් ඒ හෙරණතෙමේ ගැවසුණු දොස් ඇත්තේවේද, ආයති සංවරයෙහි නොපිහිටාද බැහැර කටයුතුය. නැවැත වහා වැරද ‘මාවිසින් නොසුදුස්සෙක් කරන ලදැ’යි නැවත සංවරයෙහි පිහිටනු කැමතිවේද, ලිඞ්ගානාශන කෘත්‍යයෙක් නැත්තේය. යම්සේ හැඳීම් පෙරවීම් ඇත්තහුටම ශරණ දියයුතුද, උපාද්ධ්‍යායයා දියයුතුද, ශික්ෂාපද ශරණගමනයෙන්ම සමෘද්ධවේද, හෙරණුන්ගේ ශරණගමනය, භික්ෂූන්ගේ උපසම්පදා කර්මවාක්යය සමානවේද, එහෙයින් චතුපාරිසුද්ධිසීලය මහණහු විසින් මෙන් මේ හෙරණහු විසින්ද දසසිල් සමාදන්වන ලද්දේම වේ. එසේ ඇතිකල්හිදු දැඩිකරණු පිණිස, ආයතිසංවරයෙහි පිහිටුවීම පිණිස නැවත දියයුතුය. ඉදින් පෙරවස නැවත ශරණ ගන්නා ලද්දේද, පසුවස වස්සාවාසිකය ලබයි. ඉදින් පසුවස ශරණ ගන්නා ලද්දේනම්, සඞ්ඝයා විසින් අපලොකනයකොට ලාභය දියයුතුය.
අදින්නාදානෙ තිණසලාකමත්තෙනාපි වත්ථුනා, අබ්රහ්මචරියෙ තීසු මග්ගෙසු යත්ථ කත්ථචි විප්පටිපත්තියා, මුසාවාදෙ හස්සාධිප්පායතායපි මුසා භණිතෙ අස්සමණො හොති, නාසෙතබ්බතං ආපජ්ජති. මජ්ජපානෙ පන භික්ඛුනො අජානිත්වාපි බීජතො පට්ඨාය මජ්ජං පිවන්තස්ස පාචිත්තියං. සාමණෙරො ජානිත්වා පිවන්තො සීලභෙදං ආපජ්ජති, න අජානිත්වා. යානි පනස්ස ඉතරානි පඤ්ච සික්ඛාපදානි, තෙසු භින්නෙසු න නාසෙතබ්බො, දණ්ඩකම්මං කාතබ්බං. සික්ඛාපදෙ පන පුන දින්නෙපි අදින්නෙපි වට්ටති. දණ්ඩකම්මෙන පන පීළෙත්වා ආයතිං සංවරෙ ඨපනත්ථාය දාතබ්බමෙව. සාමණෙරානං මජ්ජපානං සචිත්තකං පාරාජිකවත්ථු, අයං විසෙසො.
අදින්නාදානයෙහි තණකූරක් පමණවූද, වස්තුවකින්ද, අබ්රහ්මචර්ය්යයයෙහි තෙමග අතුරෙහි යම්කිසි මගෙක විප්රතිපත්තියෙන්ද, මෘෂාවාදයෙහි සිනාසෙන අදහසින් බොරු කියූ කල්හිද, අශ්‍රමණයෙක් වේ. ලිඞ්ගනාශනාවෙන් නැසිය යුතු බවට පැමිණේ. මද්‍යපානයෙහි නොදැනද බීජයෙහි පටන් මද්‍යපානය කරන මහණහුට පාචිත්තිය වේ. හෙරණතෙමේ දැනම බොන්නේ ශීලභෙදයට පැමිණේ. නොදැන බොන්නේ ශීලභෙදයට නොපැමිණේ. මොහුගේ යම් සෙසු පඤ්ච ශික්ෂාපද වේ. ඒ ශික්ෂාපද බිඳුනු කල්හි ලිඞ්ගානුශනාවෙන් නොනැසිය යුතුය. දඬුවම් කටයුතුය. ශික්ෂාපද නැවත දුන්කල්හිද නොදුන් කල්හිද වටියි. දඬුයමින් වනාහි පෙළ ආයතිසංවරයෙහි තබනු පිණිස දිය යුත්තේමය.
අවණ්ණභාසනෙ පන අරහං සම්මාසම්බුද්ධොතිආදීනං පටිපක්ඛවසෙන බුද්ධස්ස වා, ස්වාක්ඛාතොතිආදීනං පටිපක්ඛවසෙන ධම්මස්ස වා, සුප්පටිපන්නොතිආදීනං පටිපක්ඛවසෙන සඞ්ඝස්ස වා අවණ්ණං භාසන්තො රතනත්තයං නින්දන්තො ගරහන්තො ආචරියුපජ්ඣායාදීහි “මා එවං අවචා”ති අවණ්ණභාසනෙ ආදීනවං දස්සෙත්වා නිවාරෙතබ්බො. සචෙ යාවතතියං වුච්චමානො න ඔරමති, කණ්ටකනාසනාය නාසෙතබ්බොති කුරුන්දියං වුත්තං. මහාඅට්ඨකථායං පන “සචෙ එවං වුච්චමානො තං ලද්ධිං නිස්සජ්ජති, දණ්ඩකම්මං කාරෙත්වා අච්චයං දෙසාපෙතබ්බො. සචෙ න නිස්සජ්ජති, තථෙව ආදාය පග්ගය්හ තිට්ඨති, ලිඞ්ගනාසනාය නාසෙතබ්බො”ති වුත්තං, තං යුත්තං. අයමෙව හි නාසනා ඉධ අධිප්පෙතාති.
නුගුණ කීමෙහි වනාහි “අරහං සම්මාසම්බුද්ධො” යනාදීන්ට ප්රතිපක්ෂ වශයෙන් බුදුන්ගේ හෝ, “ස්වාක්ඛාතො” යනාදීන්ට ප්රතිපක්ෂ වශයෙන් සඞ්ඝයාගේ හෝ අගුණ කියනුයේ, රතනත්‍රයට නින්දා කරනුයේ, ගරහනුයේ ආචාර්ය්යොපාද්ධ්යායායන් විසින් ‘මෙසේ නොකියව’යි නුගුණ කීමෙහි ආදීනව දක්වා වළකාලිය යුතුය. තුන්යල දක්වා කියනු ලබන්නේ නුගුණ කීමෙන් නොවළකීද, කණ්ඩකනාසනයෙන් නැසිය යුතුයයි කුරුන්දියෙහි කියනලදී. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘ඉදින් මෙසේ ඒ ලබ්ධිය හරීද, දඬුවම් කරවා වරද දෙසවිය යුතුය. නොහරීනම්, එසේම ගෙන දැඩිව අල්ලාගෙන සිටීද, ලිඞ්ගනාසනාවෙන් නැසිය යුතුය’යි කියනලදී. ඒකීම සුදුසුය. මේ ලිඞ්ගනාසනා තොමෝම මෙහි අදහස් කරණලදී.
මිච්ඡාදිට්ඨිකෙපි එසෙව නයො. සස්සතුච්ඡෙදානඤ්හි අඤ්ඤතරදිට්ඨිකො සචෙ ආචරියාදීහි ඔවදියමානො නිස්සජ්ජති, දණ්ඩකම්මං කාරෙත්වා අච්චයං දෙසාපෙතබ්බො. අප්පටිනිස්සජ්ජන්තොව නාසෙතබ්බොති. භික්ඛුනිදූසකො චෙත්ථ කාමං අබ්රහ්මචාරිග්ගහණෙන ගහිතොව අබ්රහ්මචාරිං පන ආයතිං සංවරෙ ඨාතුකාමං සරණානි දත්වා උපසම්පාදෙතුං වට්ටති. භික්ඛුනිදූසකො ආයතිං සංවරෙ ඨාතුකාමොපි පබ්බජ්ජම්පි න ලභති, පගෙව උපසම්පදන්ති එතමත්ථං දස්සෙතුං “භික්ඛුනිදූසකො”ති ඉදං විසුං දසමං අඞ්ගං වුත්තන්ති වෙදිතබ්බං.
මිසදිටු ඇත්තහු කෙරෙහිද මෙම නයවේ. ශස්වතොච්ඡෙද දෘෂ්ටීන් අතුරෙහි එක්තරා දෘෂ්ටියක් ඇත්තේවේද, ආචාර්ය්යාදීන් විසින් අවවාද කරනු ලබන්නේ හරීනම්, දඬුවම් කරවා වරද දෙසවිය යුතුය. නොහරිනුයේම නැසිය යුත්තේය. මෙහි භික්ෂුණී දූෂකතෙමේ එකාන්තයෙන් අබ්‍රහ්මචර්‍ය්‍ය ග්රහණයෙන් ගන්නා ලද්දේමය. අබ්‍රහ්මචාරීහු වනාහි ආයතිසංවරයෙහි පිහිටනු කැමැත්තහු ශරණාදිය දී උපසම්පදා කිරීම වරද නැත. භික්ෂුණී දූෂකතෙමේ වනාහි ආයති සංවරයෙහි පිහිටනු කැමැත්තේද, පැවිද්ද නොලබයි. උපසම්පදාව කියනු කිම. මේ අර්ත්ථය දක්වනු පිණිස “භික්ඛුණිදූසකො”යි වෙන්ව මේ දසවන අඞ්ගය වදාරණ ලද්දේයයි දතයුතුය.
අනාපුච්ඡාවරණවත්ථුආදිකථා නිට්ඨිතා.
පණ්ඩකවත්ථුකථා
පණ්ඩකවත්ථුකථා
දහරෙ දහරෙති තරුණෙ තරුණෙ. මොළිගල්ලෙති ථූලසරීරෙ. හත්ථිභණ්ඩෙ අස්සභණ්ඩෙති හත්ථිගොපකෙ ච අස්සගොපකෙ ච.
“මුනිගල්ලෙ” මහත් සිරුරු ඇති හෙරණුන්කරා පැමිණ, “හත්ථිභණ්ඩෙ අස්සභණ්ඩෙ” ඇත්ගොව්වන්ද අස්ගොව්වන්ද කරා පැමිණ.
පණ්ඩකො භික්ඛවෙති එත්ථ ආසිත්තපණ්ඩකො උසූයපණ්ඩකො ඔපක්කමිකපණ්ඩකො පක්ඛපණ්ඩකො නපුංසකපණ්ඩකොති පඤ්ච පණ්ඩකා. තත්ථ යස්ස පරෙසං අඞ්ගජාතං මුඛෙන ගහෙත්වා අසුචිනා ආසිත්තස්ස පරිළාහො වූපසම්මති, අයං ආසිත්තපණ්ඩකො. යස්ස පරෙසං අජ්ඣාචාරං පස්සතො උසූයාය උප්පන්නාය පරිළාහො වූපසම්මති, අයං උසූයපණ්ඩකො. යස්ස උපක්කමෙන බීජානි අපනීතානි, අයං ඔපක්කමිකපණ්ඩකො. එකච්චො පන අකුසලවිපාකානුභාවෙන කාළපක්ඛෙ පණ්ඩකො හොති, ජුණ්හපක්ඛෙ පනස්ස පරිළාහො වූපසම්මති, අයං පක්ඛපණ්ඩකො. යො පන පටිසන්ධියංයෙව අභාවකො උප්පන්නො, අයං නපුංසකපණ්ඩකොති. තෙසු ආසිත්තපණ්ඩකස්ස ච උසූයපණ්ඩකස්ස ච පබ්බජ්ජා න වාරිතා, ඉතරෙසං තිණ්ණං වාරිතා. තෙසුපි පක්ඛපණ්ඩකස්ස යස්මිං පක්ඛෙ පණ්ඩකො හොති, තස්මිංයෙවස්ස පක්ඛෙ පබ්බජ්ජා වාරිතාති කුරුන්දියං වුත්තං. යස්ස චෙත්ථ පබ්බජ්ජා වාරිතා, තං සන්ධාය ඉදං වුත්තං – “අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො උපසම්පන්නො නාසෙතබ්බො”ති. සොපි ලිඞ්ගනාසනෙනෙව නාසෙතබ්බො. ඉතො පරං “නාසෙතබ්බො”ති වුත්තෙසුපි එසෙව නයො.
“පණ්ඩකො භික්ඛවෙ” මෙහි ආසිත්තපණ්ඩක - උසූයපණ්ඩක - ඔපක්කමිකණ්ඩක - පක්ඛපණ්ඩක - නපුංසකපණ්ඩකයි පණ්ඩකයෝ පස්දෙනෙක් වෙත්. එහි අනුන්ගේ අඞ්ගජාතය මුවින් ගෙන ශුක්ල පානය කළහුගේ කාමපරිළාහය සංසිඳීයේද, මෙතෙමේ ආසිත්තපණ්ඩක නම. අනුන්ගේ මෙවුන්දම් සෙවුමක් දැකීමෙන් උපන් ඊර්ෂ්‍යාවෙන් යමකුගේ කාමපරිළාහය සංසිඳේද, මෙතෙමේ උසූයපණ්ඩක නම. යමකුගේ අණ්ඩයෝ උපක්රමශක්තියෙන් කපාහරිණ ලද්දාහුද, හෙතෙමේ ඔපක්කමිකපණ්ඩක නම. ඇතැම් එකෙක් අකුශල විපාකානුභාවයෙන් කෘෂ්ණ පක්ෂයෙහි පණ්ඩකවේද, ශුක්ල පක්ෂයෙහි මොහුගේ කාමපරිළාහය සංසිඳේද, මෙතෙමේ පක්ඛපණ්ඩක නම. යමෙක් තෙමේ පිළිසඳෙහිම ස්ත්‍රී පුරුෂභාවයෙන් තොරවූයේද මෙතෙමේ නපුංසකපණ්ඩක නම. ඔවුන් අතුරෙහි ආසිත්තපණ්ඩකයාගේද උසූයපණ්ඩකයාගේද ප්‍රව්‍රජ්‍යාව නොවළකන ලදය. අනික් තිදෙනාගේ ප්‍රව්‍රජ්‍යාව වළකන ලදය. ඔවුන් අතුරෙහිද යම් පක්ෂයෙක්හි යමෙක් පණ්ඩකවේද එම පක්ෂයෙහි එම පක්ෂපණ්ඩකයාගේ ප්‍රව්‍රජ්‍යාව වළකන ලදැ’යි කුරුන්දියෙහි කියනලදී. මෙහිද යමක්හුගේ ප්‍රව්‍රජ්‍යාව වළකන ලදද, ඒ සඳහා “අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො උපසම්පන්නො නාසෙතබ්බො” යන යන මෙය වදාරණලදී. මෙතෙමේද ලිඞ්ගනාසනයෙන්ම නැසිය යුත්තේය. මෙයින් මතු නැසිය යුත්තේය’යි වදාළවුන් කෙරෙහිද මේනයම වේ.
පණ්ඩවත්ථුකථා නිට්ඨිතා.
ථෙය්යසංවාසකවත්ථුකථා
ථෙය්යසංවාසකවත්ථුකථා
පුරාණකුලපුත්තොති පුරාණස්ස අනුක්කමෙන පාරිජුඤ්ඤං පත්තස්ස කුලස්ස පුත්තො. මාතිපක්ඛපිතිපක්ඛතො කොලඤ්ඤා ඛීණා විනට්ඨා මතා අස්සාති ඛීණකොලඤ්ඤො. අනධිගතන්ති අප්පත්තං. ඵාතිංකාතුන්ති වඩ්ඪෙතුං. ඉඞ්ඝාති උය්යොජනත්ථෙ නිපාතො. අනුයුඤ්ජියමානොති එකමන්තං නෙත්වා කෙසමස්සුඔරොපනකාසායපටිග්ගහණසරණගමනඋපජ්ඣායග්ගහණකම්මවාචානිස්සයධම්මෙ පුච්ඡියමානො. එතමත්ථං ආරොචෙසීති එතං සයං පබ්බජිතභාවං ආදිතො පට්ඨාය ආචික්ඛි.
“පුරාණකුලපුත්තො” පැරණිවූ පිළිවෙළින් පිරිහීමට ගිය කුලපුත්රතෙමේය. මවුපසින් හා පියපසින්, මවුපියන් සහිත සියලු නෑයෝ ක්ෂයවූවාහු නැසුනාහු මළාහු මොහුටනුයි ඛීණකොලඤ්ඤ නම “අනුයුඤ්ජිසමානො” එකත් පසකට පමුණුවා හිස-රැවුල හැරීම සිවුරු පිළිගැනීම ශරණගමන උපාද්ධ්යායග්රහණ කර්මවාක්ය නිඃශ්රයධර්මයන් විචාරණු ලබන්නේ “එතමත්ථ ආරොචෙසි”. තෙමේ මේ පැවිදිබව මුලපටන් කීයේය.
ථෙය්යසංවාසකො භික්ඛවෙති එත්ථ තයො ථෙය්යසංවාසකා – ලිඞ්ගත්ථෙනකො, සංවාසත්ථෙනකො, උභයත්ථෙනකොති. තත්ථ යො සයං පබ්බජිත්වා විහාරං ගන්ත්වා න භික්ඛුවස්සානි ගණෙති, න යථාවුඩ්ඪං වන්දනං සාදියති, න ආසනෙන පටිබාහති, න උපොසථපවාරණාදීසු සන්දිස්සති, අයං ලිඞ්ගමත්තස්සෙව ථෙනිතත්තා ලිඞ්ගත්ථෙනකො නාම.
“ථෙය්යසංවාසකො භික්ඛවෙ” මෙහි ලිඞ්ගත්‍ථෙනක - සංවාසත්‍ථෙනක - උභයත්ථෙනකයයි, ථෙය්යසංවාසකයෝ තිදෙනෙක් වෙත්. එහි තෙමේ පැවිදිව විහාරයට ගොස් භික්ෂු වර්ෂයන් නොගනීද, මහලු පිළිවෙළින් මහණුන්ගේ හා හෙරණුන්ගේ වැඳීම් නොඉවසාද, ආසනයෙන් නොපහ කෙරේද උපොසථපවාරණාදියෙහි නොපැණේද, මෙතෙමේ ලිඞ්ගමාත්රයම සොරකම් කළ බැවින් ලිඞ්ගත්‍ථෙනක නම.
යො පන භික්ඛූහි පබ්බාජිතො සාමණෙරො සමානොපි විදෙසං ගන්ත්වා “අහං දසවස්සො වා වීසතිවස්සො වා”ති මුසා වත්වා භික්ඛුවස්සානි ගණෙති, යථාවුඩ්ඪං වන්දනං සාදියති, ආසනෙන පටිබාහති, උපොසථපවාරණාදීසු සන්දිස්සති, අයං සංවාසමත්තස්සෙව ථෙනිතත්තා සංවාසත්ථෙනකො නාම. භික්ඛුවස්සගණනාදිකො හි සබ්බොපි කිරියභෙදො ඉමස්මිං අත්ථෙ “සංවාසො”ති වෙදිතබ්බො. සික්ඛං පච්චක්ඛාය “න මං කොචි ජානාතී”ති එවං පටිපජ්ජන්තෙපි එසෙව නයො.
යමෙක් තෙමේ භික්ෂූන් විසින් පැවිදිකරණ ලද්දේ, හෙරණෙක් වූයේ, විදේශයට ගොස් ‘මම දසවස් ඇත්නෙම් හෝ විසිවක් ඇත්තෙම් හෝයි බොරු කියා භික්‍ෂුවර්‍ෂ ගණීද, මහලුපිළිවෙළින් වැඳීම් ඉවසාද, ආසනයෙන් පහකෙරේද, උපොසථ පවාරණාදියෙහි පැණේද, මෙතෙමේ සංවාසමාත්රයම සොරකම්කළබැවින් සංවාසත්‍ථෙනක නම. භික්‍ෂුවර්‍ෂ ගිණීම් ආදී වූ සියලු කි්රයාභෙදය තෙමේ මේ අර්‍ත්‍ථයෙහි සංවාසයි දතයුතුය. ශික්ෂාප්රත්යාඛ්යානයකොට ‘කිසිවෙක් මා නොදනීය’යි මෙසේ පිළිපදින්නහු කෙරෙහිද මේනයම වේ.
යො පන සයං පබ්බජිත්වා විහාරං ගන්ත්වා භික්ඛුවස්සානි ගණෙති, යථාවුඩ්ඪං වන්දනං සාදියති, ආසනෙන පටිබාහති, උපොසථපවාරණාදීසු සන්දිස්සති, අයං ලිඞ්ගස්ස චෙව සංවාසස්ස ච ථෙනිතත්තා උභයත්ථෙනකො නාම. අයං තිවිධොපි ථෙය්යසංවාසකො අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො, පුන පබ්බජ්ජං යාචන්තොපි න පබ්බාජෙතබ්බො.
යමෙක් තෙමේ පැවිදිව විහාරයට ගොස් භික්‍ෂුවර්‍ෂ ගණීද, -පෙ- උපොසථපවාරණාදියෙහි පැණේද, මෙතෙමේ ලිඞ්ගය සංවාසයද සොරකම් කළ බැවින් උභයත්‍ථෙනක නම. මේ තෙවැදෑරුම්වූද ථෙය්යසංවාසකතමේ හෝ උපසපන්වූයේ උපසපන් නොකටයුතුය. උපසපන් වූයේ නැසිය යුතුය. නැවත පැවිද්ද ඉල්ලනුයේද පැවිදි නොකටයුතුය.
එත්ථ ච අසම්මොහත්ථං ඉදං පකිණ්ණකං වෙදිතබ්බං –
මෙහි නොමුළාබව පිණිස මේ ප්රකීර්ණය දතයුතුය.
“රාජදුබ්භික්ඛකන්තාර-රොගවෙරිභයෙහි වා; චීවරාහරණත්ථං වා, ලිඞ්ගං ආදියතීධ යො.
“රාජභය - දුබ්භික්ඛභය - කන්තාරභය - රොගභය - වෙරීභය යන මෙයින් හෝ තමන් හළ සිවුරු නැවත වෙහෙරට ගෙනයනු පිණිස හෝ මේ සසුනෙහි යමෙක් තෙමේ ප්රව්රජිතලිඞ්ගය ගනීද, හෙතෙමේ පිරිසිදු සිත් ඇත්තේ යම්තාක් සංවාසය නොඉවසාද ඒතාක් තමා ථෙය්යසංවාසකැයි නොකියනු ලැබේ.
සංවාසං නාධිවාසෙති, යාව සො සුද්ධමානසො; ථෙය්යසංවාසකො නාම, තාව එස න වුච්චතී”ති.
තත්රායං විත්ථාරනයො – ඉධෙකච්චස්ස රාජා කුද්ධො හොති, සො “එවං මෙ සොත්ථි භවිස්සතී”ති සයමෙව ලිඞ්ගං ගහෙත්වා පලායති. තං දිස්වා රඤ්ඤො ආරොචෙන්ති. රාජා “සචෙ පබ්බජිතො, න තං ලබ්භා කිඤ්චි කාතු”න්ති තස්මිං කොධං පටිවිනෙති, සො “වූපසන්තං මෙ රාජභය”න්ති සඞ්ඝමජ්ඣං අනොසරිත්වාව ගිහිලිඞ්ගං ගහෙත්වා ආගතො පබ්බාජෙතබ්බො. අථාපි “සාසනං නිස්සාය මයා ජීවිතං ලද්ධං, හන්ද දානි අහං පබ්බජාමී”ති උප්පන්නසංවෙගො තෙනෙව ලිඞ්ගෙන ආගන්ත්වා ආගන්තුකවත්තං න සාදියති, භික්ඛූහි පුට්ඨො වා අපුට්ඨො වා යථාභූතමත්තානං ආවිකත්වා පබ්බජ්ජං යාචති, ලිඞ්ගං අපනෙත්වා පබ්බාජෙතබ්බො. සචෙ පන වත්තං සාදියති, පබ්බජිතාලයං දස්සෙති, සබ්බං පුබ්බෙ වුත්තං වස්සගණනාදිභෙදං විධිං පටිපජ්ජති, අයං න පබ්බාජෙතබ්බො.
එහි මේ විස්තාරනයය. මේ ලෝකයෙහි ඇතැම් එකකුට රජතෙමේ කිපියේ වේද, හෙතෙමේ ‘මෙසේ මට සැප වන්නේය’යි තෙමේම ශ්රමණලිඞ්ගය ගෙන පලායේද, ඔහු දැක අන් කෙනෙක් රජුට සැලකෙරෙත්ද, එවිට රජතෙමේ ‘පැවිදිවූයේ නම් ඔහුට කිසිවක් කරන්නට නොලැබේය’යි ඔහු කෙරෙහි ක්‍රෝධය සංසිඳුවාද, හෙතෙමේ ‘මට රජබිය සංසිඳුනේය’යි සඟමැදට නොබැසම ගිහිලිඞ්ගය ගෙන ආයේ, පැවිදි කටයුතුය. තවද ‘සසුන නිසා මා විසින් ජීවිතය ලද්දේය, එබැවින් දැන් මම පැවිදිවෙමි’යි උපන් සංවේග ඇත්තේ ඒ ගිහිලිඞ්ගයෙන්ම අවුත් ආගන්තුකවත් නොඉවසාද, භික්ෂූන් විසින් විචාරණ ලදුයේ හෝ නොවිචාරණ ලදුයේ හෝ තමන්ට වූ සැටි ප්‍රකාශකොට පැවිද්ද ඉල්ලාද, ගිහිලිඞ්ගය පහකොට පැවිදි කටයුතුය. වත් ඉවසාද, පැවිද්දෙහි ආලය දක්වාද, සියලු පෙර කියූ වස් ගණන් කීම් ආදී ප්‍රභෙද විධියට පැමිණේද, මෙතෙමේ පැවිදි නොකටයුතුය.
ඉධ පනෙකච්චො දුබ්භික්ඛෙ ජීවිතුං අසක්කොන්තො සයමෙව ලිඞ්ගං ගහෙත්වා සබ්බපාසණ්ඩියභත්තානි භුඤ්ජන්තො දුබ්භික්ඛෙ වීතිවත්තෙ සඞ්ඝමජ්ඣං අනොසරිත්වාව ගිහිලිඞ්ගං ගහෙත්වා ආගතොති සබ්බං පුරිමසදිසමෙව .
මේ ලොකයෙහි ඇතැම් එකෙක් දුර්භික්ෂ කාලයෙහි ජීවත්වන්නට නොහැකිවනුයේ තෙමේම ශ්‍රමණවෙශ ගෙන සියලු සාමයිකයනට සාධාරණකොට පැණවූ බත් අනුභව කරණුයේ දුර්භික්ෂය ඉක්මගිය කල්හි සඟමැදට නොබැසම ගිහිලිඞ්ගය ගෙන ආයේය යන සියල්ල පළමු කියනලද්ද හා සමානම වේ.
අපරො මහාකන්තාරං නිත්ථරිතුකාමො හොති, සත්ථවාහො ච පබ්බජිතෙ ගහෙත්වා ගච්ඡති. සො “එවං මං සත්ථවාහො ගහෙත්වා ගමිස්සතී”ති සයමෙව ලිඞ්ගං ගහෙත්වා සත්ථවාහෙන සද්ධිං කන්තාරං නිත්ථරිත්වා ඛෙමන්තං පත්වා සඞ්ඝමජ්ඣං අනොසරිත්වාව ගිහිලිඞ්ගං ගහෙත්වා ආගතොති සබ්බං පුරිමසදිසමෙව.
අනෙකෙක් මහා කාන්තාරයක් තරණය කරනු කැමැත්තේ වේ. ගැල්ගෙන යන ජනසමූහ තෙමේද පැවිද්දන් ගෙනයෙයි. හෙතෙමේ ‘මෙසේ ගැල් ගෙන යන ජනසමූහතෙමේ මා ගෙනයන්නේය’යි තෙමේම ශ්‍රමණවෙශය ගෙන බඩුගෙන වෙළඳාමට දේශාන්තරයට යන ජන සමූහයා සමග කාන්තාරය තරණයකොට, බියරහිත තැනකට පැමිණ, සඟමැදට නොබැසම ගිහිලිඞ්ගය ගෙන ආයේය යන සියල්ල පළමු කියනලද්ද හා සමානම වේ.
අපරො රොගභයෙ උප්පන්නෙ ජීවිතුං අසක්කොන්තො සයමෙව ලිඞ්ගං ගහෙත්වා සබ්බපාසණ්ඩියභත්තානි භුඤ්ජන්තො රොගභයෙ වූපසන්තෙ සඞ්ඝමජ්ඣං අනොසරිත්වාව ගිහිලිඞ්ගං ගහෙත්වා ආගතොති සබ්බං පුරිමසදිසමෙව.
අනෙකෙක් රෝබිය උපන්කල්හි ජීවත්වනු නොහැකිවනුයේ තෙමේම ශ්‍රමණවේශය ගෙන සියලු සාමයිකයනට පැණවූ බත් අනුභව කරමින් රෝබිය සංසිඳුන කල්හි සඟමැදට නොබැසම ගිහිවෙශය ගෙන ආයේය යන සියල්ල පළමු කියනලද්ද හා සමානම වේ.
අපරස්ස එකො වෙරිකො කුද්ධො හොති, ඝාතෙතුකාමො නං විචරති, සො “එවං මෙ සොත්ථි භවිස්සතී”ති සයමෙව ලිඞ්ගං ගහෙත්වා පලායති. වෙරිකො “කුහිං සො”ති පරියෙසන්තො “පබ්බජිත්වා පලාතො”ති සුත්වා “සචෙ පබ්බජිතො, න තං ලබ්භා කිඤ්චි කාතු”න්ති තස්මිං කොධං පටිවිනෙති. සො “වූපසන්තං මෙ වෙරිභය”න්ති සඞ්ඝමජ්ඣං අනොසරිත්වාව ගිහිලිඞ්ගං ගහෙත්වා ආගතොති සබ්බං පුරිමසදිසමෙව.
අනිකක්හට එක් වෛරීපුද්ගලයෙක් කිපියේ වේ. ඔහු නසනු කැමතිව හැසිරේ. එකල්හි හෙතෙමේ ‘මෙසේ මට ක්ෂෙමය වන්නේය’යි තෙමේම ශ්‍රමණවෙශය ගෙන පලයෙයි. වෛරීතෙමේ ‘ඔහු කොහිදැ’යි සොයන්නේ ‘පැවිදිවී පලාගියේය’යි අසා, ඉදින් පැවිදිවූයේ නම්, ඔහුට කිසිවක් කරන්නට නොලබාය’යි ඔහු කෙරෙහි වූ ක්‍රෝධය සංසිඳුවා ගනියි. හෙතෙමේ ‘මාගේ වෛරීභය සංසිඳුණේය’යි සඟමැදට නොබැසම ගිහිවේශය ගෙන ආයේය, යන සියල්ල පළමු කියනලද්ද සමානම වේ.
අපරො ඤාතිකුලං ගන්ත්වා සික්ඛං පච්චක්ඛාය ගිහි හුත්වා “ඉමානි චීවරානි ඉධ විනස්සිස්සන්ති, සචෙපි ඉමානි ගහෙත්වා විහාරං ගමිස්සාමි, අන්තරාමග්ගෙ මං ‘චොරො’ති ගහෙස්සන්ති, යංනූනාහං කායපරිහාරියානි කත්වා ගච්ඡෙය්ය”න්ති චීවරාහරණත්ථං නිවාසෙත්වා ච පාරුපිත්වා ච විහාරං ගච්ඡති. තං දූරතොව ආගච්ඡන්තං දිස්වා සාමණෙරා ච දහරා ච අබ්භුග්ගච්ඡන්ති, වත්තං දස්සෙන්ති. සො න සාදියති, යථාභූතමත්තානං ආවිකරොති. සචෙ භික්ඛූ “න දානි මයං තං මුඤ්චිස්සාමා”ති බලක්කාරෙන පබ්බාජෙතුකාමා හොන්ති, කාසායානි අපනෙත්වා පුන පබ්බාජෙතබ්බො. සචෙ පන “නයිමෙ මම හීනායාවත්තභාවං ජානන්තී”ති තංයෙව භික්ඛුභාවං පටිජානිත්වා සබ්බං පුබ්බෙ වුත්තං වස්සගණනාදිභෙදං විධිං පටිපජ්ජති, අයං න පබ්බාජෙතබ්බො.
අනෙකෙක් නෑ කුලයකට ගොස් ශික්ෂාප්රත්යාඛ්යානයකොට ගිහිව මෙහි සිවුරු නැසී යන්නේය, මේ සිවුරුගෙන විහාරයට යන්නෙම් නම්, අතරමගදී මා සොරෙකැයි අල්ලාගන්නාහ, මම මේ සිවුරු කායපාරිහාරියකොට යන්නෙම් නම් යෙහෙකැ’යි සිවුරු ගෙනයනු පිණිස සිවුරු හැඳ පොරොවාගෙන විහාරයට යෙයි. එන්නාවූ ඔහු දුරදීම දැක හෙරණෝද ලදරු භික්ෂූහුද ඉදිරියට එත්ද, වත්දක්වත්ද, හෙතෙමේ නොඉවසාද, තමාට වූ පරිදි ප්‍රකාශ කෙරේද, භික්ෂූහු ‘දැන් අපි ඔහු නොමුදාහරින්නෙමු’යි බලාත්කාරයෙන් ගෙන පැවිදිකරණු කැමැත්තාහු වෙත්ද, හැඳතුබූ සිවුරු පහකොට නැවත පැවිදි කටයුතුය. ඉදින්වනාහි ‘මොවුහු මා ගිහිවූබව නොදනිත්’යි. ඒ භික්ෂුභාවයම පිළිදන්වා සියලු පෙරකියනලද වර්ෂගණණාදිප්රභෙදවිධියට පිළිපදීද, මෙතෙමේ පැවිදි නොකටයුතුය.
අපරො මහාසාමණෙරො ඤාතිකුලං ගන්ත්වා උප්පබ්බජිත්වා කම්මන්තානුට්ඨානෙන උබ්බාළ්හො හුත්වා පුන “දානි අහං සමණොව භවිස්සාමි, ථෙරොපි මෙ උප්පබ්බජිතභාවං න ජානාතී”ති තදෙව පත්තචීවරං ආදාය විහාරං ආගච්ඡති, නාපි තමත්ථං භික්ඛූනං ආරොචෙති, සාමණෙරභාවං පටිජානාති, අයං ථෙය්යසංවාසකොයෙව පබ්බජ්ජං න ලභති. සචෙපිස්ස ලිඞ්ගග්ගහණකාලෙ එවං හොති, “නාහං කස්සචි ආරොචෙස්සාමී”ති විහාරඤ්ච ගතො ආරොචෙති, ගහණෙනෙව ථෙය්යසංවාසකො. අථාපිස්ස “ගහණකාලෙ ආචික්ඛිස්සාමී”ති චිත්තං උප්පන්නං හොති, විහාරඤ්ච ගන්ත්වා “කුහිං ත්වං ආවුසො ගතො”ති වුත්තො “න දානි මං ඉමෙ ජානන්තී”ති වඤ්චෙත්වා නාචික්ඛති, “නාචික්ඛිස්සාමී”ති සහ ධුරනික්ඛෙපෙන අයම්පි ථෙය්යසංවාසකොව. සචෙ පනස්ස ගහණකාලෙපි “ආචික්ඛිස්සාමී”ති චිත්තං උප්පන්නං හොති, විහාරං ගන්ත්වාපි ආචික්ඛති, අයං පුන පබ්බජ්ජං ලභති.
අනික් මහා හෙරණෙක් නෑකුලයකට ගොස් සිවුරු හැර සීසෑම් ගෙරිරැකීම් ආදීවූ කර්මාන්ත කිරීමෙන් පෙළුනේවී නැවත ‘මම දැන් ශ්‍රමණයෙක්ම වන්නෙමි’ ස්ථවිරතෙමේද මාසිවුරු හළ බව නොදනීය’යි එම පාසිවුරු ගෙන විහාරයට ඒද, ඒ කරුණු භික්ෂූන් නොදන්වාද, හෙරණ බව පිළිණ කෙරේද, මෙතෙමේ ථෙය්යසංවාසකයෙක්ම වේ. පැවිද්ද නොලබයි. ඉදිනුදු මොහු ශ්‍රමණවේශය ගන්නා කාලයෙහි, ‘මම කිසිවක්හට නොදන්වන්නෙමි’යි මෙබඳු සිතෙක් විහාරයටද ගියේ සැලකෙරේද, ශ්‍රමණවේශය ගැනීමෙන්ම ථෙය්‍යසංවාසක වේ. නැවතද මොහුට ශ්‍රමණවෙශය ගන්නා කාලයෙහි කියන්නෙමි’යි සිත උපන්නේ වේද වෙහෙරටද ගොස් ‘ඇවැත’ තෝ කොහි ගියෙහිදැ’යි විචාරණ ලදුයේ, දැන් මොවුහු මා ගැන නොදනිත්’යි වඤ්චාකොට නොකියාද, නොකියන්නෙමි’යි ධුරනික්‍ෂෙපය සමග මෙතෙමේද ථෙය්යසංවාසකයෙක්ම වේ. ඉදින් මොහුට ශ්‍රමණවේශය ගන්නා කාලයෙහි කියන්නෙමි’යි සිතක් උපන්නේ වේද, විහාරයට ගොස්ද කියානම් මෙතෙමේ නැවත පැවිද්ද ලබයි.
අපරො දහරසාමණෙරො මහන්තො වා පන අබ්යත්තො, සො පුරිමනයෙනෙව උප්පබ්බජිත්වා ඝරෙ වච්ඡකරක්ඛණාදීනි කම්මානි කාතුං න ඉච්ඡති, තමෙනං ඤාතකා තානියෙව කාසායානි අච්ඡාදෙත්වා ථාලකං වා පත්තං වා හත්ථෙ දත්වා “ගච්ඡ සමණොව හොහී”ති ඝරා නීහරන්ති. සො විහාරං ගච්ඡති, නෙව නං භික්ඛූ ජානන්ති “අයං උප්පබ්බජිත්වා පුන සයමෙව පබ්බජිතො”ති, නාපි සයං ජානාති, “යො එවං පබ්බජති, සො ථෙය්යසංවාසකො නාම හොතී”ති. සචෙ තං පරිපුණ්ණවස්සං උපසම්පාදෙන්ති, සූපසම්පන්නො. සචෙ පන අනුපසම්පන්නකාලෙයෙව විනයවිනිච්ඡයෙ වත්තමානෙ සුණාති, “යො එවං පබ්බජති, සො ථෙය්යසංවාසකො නාම හොතී”ති. තෙන “මයා එවං කත”න්ති භික්ඛූනං ආචික්ඛිතබ්බං, එවං පුන පබ්බජ්ජං ලභති. සචෙ “න දානි මං කොචි ජානාතී”ති නාරොචෙති, ධුරං නික්ඛිත්තමත්තෙ ථෙය්යසංවාසකො.
අන් ලදරු හෙරණෙක් තෙමේ මහත්වූයේ හෝ අව්යක්තවේද, හෙතෙමේ පෙරනයින්ම සිවුරු හැර ගෙයි වස්සන් රැකීම් ආදී කර්මාන්ත කරන්නට කැමැතිවේද, එහෙත් නෑයෝ ඔහුට ඒ සිවුරුම අන්දවා කුඩාතැටියක් හෝ පාත්‍රය හෝ අතටදී ‘යවා මහණෙක්ම වෙව’යි ගොසින් බැහැර කෙරෙත්. හෙතෙමේ විහාරයට යයි. භික්ෂූහු ඔහු ‘මෙතෙමේ සිවුරු හැර නැවත තෙමේම පැවිදිවූයේයයි නොදනිත්මය. ‘යමෙක් මෙසේ පැවිදිවේද, හෙතෙමේ ථෙය්‍යසංවාසක නම් වේය’යි තෙමේද නොදනියි. ඉදින් පිරිපුන්වස් ඇති ඔහු උපසපන් කෙරෙත්ද, මැනවින් උපසපන් වූයේවේ. අනුපසම්පන්න කාලයෙහිම විනයවිනිශ්චය පවත්නා කල්හි ‘යමෙක් තෙමේ මෙසේ පැවිදිවේද, හෙතෙමේ ථෙය්යසංවාසකවේය’යි අසාද, ඔහු විසින් ‘මා විසින් මෙසේ කරණලදැයි භික්ෂූන්ට කියයුතුය. මෙසේ ඇතිකල්හි නැවත පැවිද්ද ලබාද, ‘දැන් මාගැන කිසිවෙක් නොදනීය’යි නොසැලකෙරේද, ධුරනික්‍ෂෙපය කළ ඇසිල්ලෙහි ථෙය්‍යසංවාසක වේ.
භික්ඛු සික්ඛං පච්චක්ඛාය ලිඞ්ගං අනපනෙත්වා දුස්සීලකම්මං කත්වා වා අකත්වා වා පුන සබ්බං පුබ්බෙ වුත්තං වස්සගණනාදිභෙදං විධිං පටිපජ්ජති, ථෙය්යසංවාසකො හොති. සික්ඛං අප්පච්චක්ඛාය සලිඞ්ගෙ ඨිතො මෙථුනං පටිසෙවිත්වා වස්සගණනාදිභෙදං විධිං ආපජ්ජන්තො ථෙය්යසංවාසකො න හොති, පබ්බජ්ජාමත්තං ලභති. අන්ධකට්ඨකථායං පන එසො ථෙය්යසංවාසකොති වුත්තං, තං න ගහෙතබ්බං.
මහණතෙමේ ශික්ෂාප්රත්යාක්ඛ්යානයකොට ශ්‍රමණවේශය බැහැරනොකොට දුශ්ශීලකර්මකොට හෝ නොකොට හෝ නැවත පෙර කියූ සියලු වර්ෂ ගණාදිභෙද විධියට පැමිණේද, ථෙය්‍යසංවාසක වේ. ශික්ෂාප්රත්යාක්ඛ්යනය නොකොට සිය ලිඞ්ගයෙහි සිටියේ මෙවුන්දම් සෙවීමකොට වර්ෂගණනාදිභෙදවිධියට පැමිණෙන්නේ ථෙය්‍යසංවාසක නොවේ. පැවිද්ද පමණක් ලබයි. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි “මෙතෙමේ ථෙය්යසංවාසකයි කියන ලද්දේය. එය නොගතයුතුය.
එකො භික්ඛු කාසායෙ සඋස්සාහොව ඔදාතං නිවාසෙත්වා මෙථුනං පටිසෙවිත්වා පුන කාසායානි නිවාසෙත්වා වස්සගණනාදිභෙදං සබ්බං විධිං ආපජ්ජති, අයම්පි ථෙය්යසංවාසකො න හොති, පබ්බජ්ජාමත්තං ලභති. සචෙ පන කාසායෙ ධුරං නික්ඛිපිත්වා ඔදාතං නිවාසෙත්වා මෙථුනං පටිසෙවිත්වා පුන කාසායානි නිවාසෙත්වා වස්සගණනාදිභෙදං සබ්බං විධිං ආපජ්ජති, ථෙය්යසංවාසකො හොති.
එක් මහණෙක්තෙමේ සිවුරෙහි උත්සාහසහිතවම සුදුරෙදි ඇඳ මෙවුන්දම් සෙවනයකොට, නැවත සිවුරු ඇද වර්ෂ ගණනාදිභෙදවිධියට පැමිණේද, මෙතෙමේද ථෙය්‍යසංවාසක නොවේ. පැවිද්ද පමණක් ලබයි. ඉදින් සිවුරෙහි ධුරනික්ෂෙපයකොට සුදුරෙදි ඇඳ මෙවුන්දම් සේවනයකොට, නැවත සිවුරු ඇඳ වර්ෂගණනාදිභෙද විධියට පැමිණේනම් ථෙය්‍යසංවාසක වේ.
සාමණෙරො සලිඞ්ගෙ ඨිතො මෙථුනාදිඅස්සමණකරණධම්මං ආපජ්ජිත්වාපි ථෙය්යසංවාසකො න හොති. සචෙපි කාසායෙ සඋස්සාහොව කාසායානි අපනෙත්වා මෙථුනං පටිසෙවිත්වා පුන කාසායානි නිවාසෙති, නෙව ථෙය්යසංවාසකො හොති. සචෙ පන කාසායෙ ධුරං නික්ඛිපිත්වා නග්ගො වා ඔදාතනිවත්ථො වා මෙථුනසෙවනාදීහි අස්සමණො හුත්වා කාසායං නිවාසෙති, ථෙය්යසංවාසකො හොති. සචෙපි ගිහිභාවං පත්ථයමානො කාසාවං ඔවට්ටිකං වා කත්වා අඤ්ඤෙන වා ආකාරෙන ගිහිනිවාසනෙන නිවාසෙති “සොභති නු ඛො මෙ ගිහිලිඞ්ගං, න සොභතී”ති වීමංසනත්ථං, රක්ඛති තාව. “සොභතී”ති සම්පටිච්ඡිත්වා පන පුන ලිඞ්ගං සාදියන්තො ථෙය්යසංවාසකො හොති. ඔදාතං නිවාසෙත්වා වීමංසනසම්පටිච්ඡනෙසුපි එසෙව නයො.
හෙරණතෙමේ සිය ප්රව්රජ්යාලිඞ්ගයෙහි සිටියේ මෛථුනාදී වූ අශ්රමණකරනධර්මයට පැමිණද, ථෙය්යසංවාසකයෙක් නොවේ. සිවුරෙහි උත්සාහය සහිතවම සිවුරු බැහැරකොට, මෙවුන්දම් සේවනයකොට, නැවත සිවුරු අඳීද, ථෙය්යසංවාසකයෙක් නොවේමය. ඉදින් සිවුරෙහි ධුරනික්ෂෙපයකොට, නග්නව හෝ සුදුරෙදි ඇඳ හෝ මෙවුන්දම් සෙවුම් ආදියෙන් අශ්රමණයෙක්ව සිවුරු අඳීද, ථෙය්යසංවාසකයෙක් වේ. ඉදින් ගිහිබව පතමින් සිවුර අකුළා වැටිකොට, හෝ අන් අයුරකින් හෝ ‘මට මේ ගිහිවෙස හොබීද, නොහොබීදැ’යි පවසනු පිණිස ගිහි නිවාසනයෙන් අඳීද, ඒතාක් රැකේ. ‘හොබීය’යි පිළිගෙණ නැවත ශ්‍රමණවෙශය ඉවසනුයේ ථෙය්යසංවාසකයෙක් වේ. සුදුරෙදි ඇඳ විමසීම් පිළිගැනීම්හිද මේනයම වේ.
සචෙ පන නිවත්ථකාසායස්ස උපරි ඔදාතං නිවාසෙත්වා වීමංසති වා සම්පටිච්ඡති වා, රක්ඛතියෙව. භික්ඛුනියාපි එසෙව නයො. සාපි හි ගිහිභාවං පත්ථයමානා සචෙ කාසායං ගිහිනිවාසනං නිවාසෙති, “සොභති නු ඛො මෙ ගිහිලිඞ්ගං, න සොභතී”ති වීමංසනත්ථං, රක්ඛති තාව. සචෙ “සොභතී”ති සම්පටිච්ඡති, න රක්ඛති. ඔදාතං නිවාසෙත්වා වීමංසනසම්පටිච්ඡනෙසුපි එසෙව නයො. නිවත්ථකාසායස්ස පන උපරි ඔදාතං නිවාසෙත්වා වීමංසතු වා සම්පටිච්ඡතු වා, රක්ඛතියෙව.
හැඳි සිවුරු මතුවෙහි සුදු රෙද්දක් ඇඳ විමසන්නේ හෝ වේද, පිළිගන්නේ හෝ වේද, රැකේමය. මෙහෙණටද මේනයම වේ. ඒ මෙහෙණතොමෝද ගිහිබව පතමින් ‘මට ගිහිවෙස හොබීද, නොහොබීදැ’යි විමසනු පිණිස සිවුර ගිහිනිවාසනයෙන් අදීද, ඒතාක් රැකේ. ‘ඉදින් හොබීය’යි පිළිගනීද, නොරැකේ. සුදුරෙදි ඇඳ විමසීම් පිළිගැනීම්හිද මේනයමවේ. හැඳි සිවුර මතුවෙහි සුදරෙද්දක් ඇඳ විමසාවා හෝ පිළිගණීවා හෝ රැකේමය.
සචෙ කොචි වුඩ්ඪපබ්බජිතො වස්සානි අගණෙත්වා පාළියම්පි අට්ඨත්වා එකපස්සෙනාගන්ත්වා මහාපෙළාදීසු කටච්ඡුනා උක්ඛිත්තෙ භත්තපිණ්ඩෙ පත්තං උපනාමෙත්වා සෙනො විය මංසපෙසිං ගහෙත්වා ගච්ඡති, ථෙය්යසංවාසකො න හොති. භික්ඛුවස්සානි පන ගණෙත්වා ගණ්හන්තො ථෙය්යසංවාසකො හොති.
ඉදින් කිසි මහලු පැවිදි හෙරණෙක් තෙමේ, වස් නොගැණ පෙළෙහිද නොසිට එක්පසකින් අවුත් ගිහියන් සතු මහාපෙට්ටගම් ආදියෙහි හැන්දෙන් එසවූ බත් පිඬෙහි පාත්‍රය ලංකොට එළවා, මස්වැදැල්ලක් උකුස්සකු මෙන් ගෙනයේද, ථෙය්යසංවාසකයෙක් නොවේ. භික්‍ෂුවර්‍ෂ හෝ ගැණගන්නේ ථෙය්යසංවාසකයෙක් වේ.
සයං සාමණෙරොව සාමණෙරපටිපාටියා කූටවස්සානි ගණෙත්වා ගණ්හන්තො ථෙය්යසංවාසකො න හොති. භික්ඛු භික්ඛුපටිපාටියා කූටවස්සානි ගණෙත්වා ගණ්හන්තො භණ්ඩග්ඝෙන කාරෙතබ්බොති.
තෙමේම හෙරණට හෙරණපෙළෙහි කූටවර්ෂ ගැණගන්නේ ථෙය්යසංවාසකයෙක් නොවේ. මහණෙක්තෙමේ මහණපිළිවෙළින් කූටවර්ෂ ගැණගන්නේ බඩු අගය කිරීමෙන් කරවිය යුත්තේය.
ථෙය්යසංවාසකවත්ථුකථා නිට්ඨිතා.
ථෙය්යසංවාසකකථා නිමි.
තිත්ථියපක්කන්තකකථා
තිත්ථියපක්කන්තකකථා
තිත්ථියපක්කන්තකො භික්ඛවෙති එත්ථ පන තිත්ථියෙසු පක්කන්තො පවිට්ඨොති තිත්ථියපක්කන්තකො. සො න කෙවලං න උපසම්පාදෙතබ්බො, අථ ඛො න පබ්බාජෙතබ්බොපි. තත්රායං විනිච්ඡයො – උපසම්පන්නො භික්ඛු තිත්ථියො භවිස්සාමීති සලිඞ්ගෙනෙව තෙසං උපස්සයං ගච්ඡති, පදවාරෙ පදවාරෙ දුක්කටං. තෙසං ලිඞ්ගෙ ආදින්නමත්තෙ තිත්ථියපක්කන්තකො හොති. යොපි සයමෙව “තිත්ථියො භවිස්සාමී”ති කුසචීරාදීනි නිවාසෙති, තිත්ථියපක්කන්තකො හොතියෙව. යො පන නග්ගො න්හායන්තො අත්තානං ඔලොකෙත්වා “සොභති මෙ ආජීවකභාවො, ආජීවකො භවිස්සාමී”ති කාසායානි අනාදාය නග්ගොව ආජීවකානං උපස්සයං ගච්ඡති, පදවාරෙ පදවාරෙ දුක්කටං. සචෙ පනස්ස අන්තරාමග්ගෙ හිරොත්තප්පං උප්පජ්ජති, දුක්කටානි දෙසෙත්වා මුච්චති. තෙසං උපස්සයං ගන්ත්වාපි තෙහි වා ඔවදිතො අත්තනා වා “ඉමෙසං පබ්බජ්ජා අතිදුක්ඛා”ති නිවත්තන්තොපි මුච්චතියෙව.
“තිත්ථියපක්කන්තකො භික්ඛවෙ” තීර්ථකයන් අතරට ගියේ පිවිසියේ තිත්‍ථියපක්කන්තක නම. හෙතෙමේ හුදෙක් උපසපන් නොකටයුත්තේ නොවේ. වැලි කුමක් නොකටයුතුද, යත්: පැවිදිද නොකටයුතුය. මේ එහි විනිශ්චය වේ. උපසපන් මහණෙක්තෙමේ තීර්ථක වන්නෙමි’යි ශ්රමණලිඞ්ගසඞ්ඛ්යාත ස්වකීය ලිඞ්ගයෙන්ම ඒ තීර්ථකයන්ගේ අසපුවටයේද, පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. ඒ තීර්ථකවේශය ගත් ඇසිල්ලෙහිම තිත්‍ථියපක්කන්තක වේ. යමෙක්, තෙමේම ‘තීර්ථක වන්නෙමි’යි කුසවැහැරි ආදිය අඳීද, තිත්ථිය පක්කන්තකමය. යමෙක් වනාහි නග්නව ස්නානය කරනුයේ තමන් දෙස බලා ‘මට ආජීවකභාවය හොබියි, ආජීවකයෙක් වෙන්නෙමි’යි සිවුරු නොගෙන නග්නවම ආජීවකයන්ගේ අසපුවටයේද, පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. මොහුට අතරමගදී හිරිඔතප් උපදීනම්, දුක්කට දෙසීමෙන් මිදෙන්නේය. ඔවුන්ගේ අසපුවට ගොස්ද ඔවුන් විසින් හෝ අවවාද කරන ලදුයේ තෙමේ හෝ ‘මොවුන්ගේ පැවිද්ද ඉතා දුකැ’යි දැක නවත්නේද, මිදේමය.
සචෙ පන “කිං තුම්හාකං පබ්බජ්ජාය උක්කට්ඨ”න්ති පුච්ඡිත්වා “කෙසමස්සුලුඤ්චනාදීනී”ති වුත්තො එකකෙසම්පි ලුඤ්චාපෙති, උක්කුටිකප්පධානාදීනි වා වත්තානි ආදියති, මොරපිඤ්ඡාදීනි වා නිවාසෙති, තෙසං ලිඞ්ගං ගණ්හාති, “අයං පබ්බජ්ජා සෙට්ඨා”ති සෙට්ඨභාවං වා උපගච්ඡති, න මුච්චති, තිත්ථියපක්කන්තකො හොති. සචෙ පන “සොභති නු ඛො මෙ තිත්ථියපබ්බජ්ජා, නනු ඛො සොභතී”ති වීමංසනත්ථං කුසචීරාදීනි වා නිවාසෙති, ජටං වා බන්ධති, ඛාරිකාජං වා ආදියති, යාව න සම්පටිච්ඡති, තාව නං ලද්ධි රක්ඛති, සම්පටිච්ඡිතමත්තෙ තිත්ථියපක්කන්තකො හොති. අච්ඡින්නචීවරො පන කුසචීරාදීනි නිවාසෙන්තො රාජභයාදීහි වා තිත්ථියලිඞ්ගං ගණ්හන්තො ලද්ධියා අභාවෙන නෙව තිත්ථියපක්කන්තකො හොති.
‘තොපගේ පැවිද්දෙහි කුමක් උත්කෘෂ්ටද’යි විචාරා ‘හිසකෙස් රැවුලු සිඳීම් ආදිය’යි කියන ලදුයේ එක් කෙසක් නමුදු සිඳවාද, අක්පත්ලෙන් හිඳ තපස් රැකීම් ආදීවූ ව්‍රත හෝ ගණීද, මොණරපිල් ආදිය හෝ අඳීද, ඔවුන්ගේ වේශය ගනීද, ‘මේ පැවිද්ද ශ්‍රේෂ්ඨය’යි ශ්‍රේෂ්ඨභාවයට හෝ පැමිණේද, නොමිදෙන්නේය. තිත්‍ථියපක්කන්තක වේ. ‘මට තීර්ථකප්රජ්යාව හොබීද, නොහොබීදැ’යි විමසනු පිණිස කුසවැහැරී ආදිය අඳීද, ජටාව හෝ බඳීද, තීර්ථක පිරිකරද හෝ ගනීද, යම්තාක් ඒ ලබ්ධිය නොපිළිගනීද, ඒතාක් රැකේ. පිළිගත් ඇසිල්ලෙහි තිත්‍ථියපක්කන්තක වේ. සොරු ආදීන් විසින් පැහැරගත් සිවුරු ඇත්තේ, කුසවැහැරි ආදිය අඳිනුයේ, රජබිය ආදිය කරනකොට හෝ තීර්ථකවේශය ගන්නේද ලබ්ධිය නැති බැවින් තිත්‍ථියපක්කන්තක නොවේමය.
අයඤ්ච තිත්ථියපක්කන්තකො නාම උපසම්පන්නභික්ඛුනා කථිතො, තස්මා සාමණෙරො සලිඞ්ගෙන තිත්ථායතනං ගතොපි පුන පබ්බජ්ජඤ්ච උපසම්පදඤ්ච ලභතීති කුරුන්දියං වුත්තං. පුරිමො පන ථෙය්යසංවාසකො අනුපසම්පන්නෙන කථිතො; තස්මා උපසම්පන්නො කූටවස්සං ගණෙන්තොපි අස්සමණො න හොති. ලිඞ්ගෙ සඋස්සාහො පාරාජිකං ආපජ්ජිත්වා භික්ඛුවස්සාදීනි ගණෙන්තොපි ථෙය්යසංවාසකො න හොතීති.
මේ තිත්‍ථියපක්කන්තක නම් උපසපන් මහණහු කරනකොට කියන ලදී. එහෙයින් හෙරණතෙමේ සියවෙසින්ම තීර්ථායතනයට ගියේද, නැවත පැවිද්ද හා උපසම්පදාව ලබා’යි කුරුන්දියෙහි කියනලදී. පළමුවූ ථෙය්‍යසංවාසක තෙමේ අනුපසම්පන්න වචනයෙන් කියන ලදී. එහෙයින් උපසම්පන්න තෙමේ කූටවස් ගණින්නේද, අශ්‍රමණ නොවේ. ශ්‍රමණ වේශයෙහි උත්සාහ ඇතියේ පාරාජිකයට පැමිණ භික්ෂුවර්ෂාදිය ගණින්නේද ථෙය්යසංවාසය නොවේයයි දතයුතුය.
තිත්ථියපක්කන්තකකථා නිට්ඨිතා.
තිත්ථියපක්කන්තකකථා නිමි.
තිරච්ඡානගතවත්ථුකථා
තිරච්ඡානගතවත්ථුකථා
නාගයොනියා අට්ටීයතීති එත්ථ කිඤ්චාපි සො පවත්තියං කුසලවිපාකෙන දෙවසම්පත්තිසදිසං ඉස්සරියසම්පත්තිං අනුභොති, අකුසලවිපාකපටිසන්ධිකස්ස පන තස්ස සජාතියා මෙථුනපටිසෙවනෙ ච විස්සට්ඨනිද්දොක්කමනෙ ච නාගසරීරං පාතුභවති උදකසඤ්චාරිකං මණ්ඩූකභක්ඛං, තස්මා සො තාය නාගයොනියා අට්ටීයති. හරායතීති ලජ්ජති. ජිගුච්ඡතීති අත්තභාවං ජිගුච්ඡති. තස්ස භික්ඛුනො නික්ඛන්තෙති තස්මිං භික්ඛුස්මිං නික්ඛන්තෙ. අථ වා තස්ස භික්ඛුනො නික්ඛමනෙති අත්ථො. විස්සට්ඨො නිද්දං ඔක්කමීති තස්මිං අනික්ඛන්තෙ විස්සරභයෙන සතිං අවිස්සජ්ජිත්වා කපිමිද්ධවසෙනෙව නිද්දායන්තො නික්ඛන්තෙ සතිං විස්සජ්ජිත්වා විස්සට්ඨො නිරාසඞ්කො මහානිද්දං පටිපජ්ජි. විස්සරමකාසීති භයවසෙන සමණසඤ්ඤං පහාය විරූපං මහාසද්දමකාසි.
“නාගයොනියා අට්ටීයති” ඒ නාග තෙමේ ප්‍රවෘත්තියෙහි කුසල විපාකය කරණකොටගෙන දිව්‍ය සම්පත්තිය සමානවූ ඓශ්චර්‍ය්‍ය සම්පත්තිය අනුභව කෙරේ. අකුශලවිපාක ප්රතිසන්ධි ඇති ඔහුගේ ස්වකීය ජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවුමෙහිද නිසැක නින්දට බැසීමෙහිද දියෙහි හැසිරෙන මැඩියන් බුදින නාගශරීරය පහළ වේ. එහෙයින් හෙතෙමේ ඒ නාගයොනිය කරණකොට පෙළෙනු ලැබේ. “තස්ස භික්ඛුනො නික්ඛන්තෙ” ඒ මහණහු නිකුත්කල්හි. නොහොත් ඒ මහණහුගේ නික්මීමෙහි, යන අර්‍ත්‍ථයි. “විස්සත්ථො නිද්දං ඔක්කමි” ඔහු නොනික්මුනු කල්හි මරබියෙන් සිහිය නොහැර කපිනිද්රා වශයෙන්ම නිදනුයේ නික්මුනු කල්හි සිහිය හැර නිසැකව නිරාසංකව මහනින්දට පැමිණියේය. “විස්සරමකාසි” භයවශයෙන් ශ්‍රමණ සංඥාව හැර විරූප වූ මහහඬක් කෙළේය.
තුම්හෙ ඛොත්ථාති තුම්හෙ ඛො අත්ථ; අකාරස්ස ලොපං කත්වා වුත්තං. තුම්හෙ ඛො නාගා ඣානවිපස්සනාමග්ගඵලානං අභබ්බත්තා ඉමස්මිං ධම්මවිනයෙ අවිරුළ්හිධම්මා අත්ථ, විරුළ්හිධම්මා න භවථාති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො. සජාතියාති නාගියා එව. යදා පන මනුස්සිත්ථිආදිභෙදාය අඤ්ඤජාතියා පටිසෙවති, තදා දෙවපුත්තො විය හොති. එත්ථ ච පවත්තියං අභිණ්හං සභාවපාතුකම්මදස්සනවසෙන “ද්වෙ පච්චයා”ති වුත්තං. නාගස්ස පන පඤ්චසු කාලෙසු සභාවපාතුකම්මං හොති – පටිසන්ධිකාලෙ, තචජහනකාලෙ, සජාතියා මෙථුනකාලෙ, විස්සට්ඨනිද්දොක්කමනකාලෙ, චුතිකාලෙති.
“තුම්හෙ ච ඛවත්ථ” තෙපි වනාහි වූවහු. අකාරලොපයකොට කියනලදී. තෙපි නාගයෝ ධ්යානවිදර්ශනා මාර්ගඵලයන්ට අභව්‍ය බැවින් මේ ධර්ම විනයයෙහි නොවැඩෙන ස්වභාවය ඇත්තාහුය. හටගත් ස්වභාවය ඇත්තහු නොවහුය යන මේ, මෙහි සඞ්ක්ෂිප්තාර්ත්ථයයි. “සජාතියා” හා මෙණෙවියක සමග. යම්කලෙක වනාහි මනුෂ්‍යස්ත්‍රී ආදිභෙද ඇති අන් ජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවනය කෙරේද, එකල්හි දෙවපුත්රයකු මෙන් වේ. මෙහිද ප්‍රවෘත්තියෙහි නිතර ස්වභාව පහළවන කර්මදර්ශන වශයෙන් ප්‍රත්‍යය දෙකෙකැයි කියන ලදී. කාලපසෙක්හි නාගයාගේ ස්වභාවපාතුකර්මය වේ. ප්රතිසන්ධි කාලයෙහි - හැවහරිණ කාලයෙහි - සමානජාති ඇත්තියක සමග මෙවුන්දම් සෙවනය කරන කාලයෙහි - නිසැකවූ නින්දට බට කාලයෙහි චුතිකාලයෙහි යන කලාපයෙහිය.
තිරච්ඡානගතො භික්ඛවෙති එත්ථ නාගො වා හොතු සුපණ්ණමාණවකාදීනං වා අඤ්ඤතරො, අන්තමසො සක්කං දෙවරාජානං උපාදාය යො කොචි අමනුස්සජාතියො, සබ්බොව ඉමස්මිං අත්ථෙ තිරච්ඡානගතොති වෙදිතබ්බො. සො නෙව උපසම්පාදෙතබ්බො, න පබ්බාජෙතබ්බො, උපසම්පන්නොපි නාසෙතබ්බොති.
“තිරච්ඡානගතො භික්ඛවෙ” යන මෙහි නාගයෙක් හෝ වේවා, සුපර්ණමාණවකාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ වේවා, යටත් පිරිසෙයින් සක්දෙව් රජහු පටන් යම්කිසි නොමිනිස් ජාති ඇති සියලු සත්වතෙමේ මේ අර්‍ත්‍ථයෙහි තිරච්ඡානගතැයි දතයුතුය. හෙතෙමේ උපසපන් නොකටයුතුය. පැවිදි නොකටයුතුය. උපසපන් වූයේද, නැසිය යුතුය.
තිරච්ඡානගතවත්ථුකථා නිට්ඨිතා.
තිරච්ඡානගතවත්ථුකථා නිමි.
මාතුඝාතකාදිවත්ථුකථා
මාතුඝාතකාදිවත්ථුකථා
මාතුඝාතකාදිවත්ථූසු – නික්ඛන්තිං කරෙය්යන්ති නික්ඛමනං නිග්ගමනං අපවාහනං කරෙය්යන්ති අත්ථො. මාතුඝාතකො භික්ඛවෙති එත්ථ යෙන මනුස්සිත්ථිභූතා ජනිකා මාතා සයම්පි මනුස්සජාතිකෙනෙව සතා සඤ්චිච්ච ජීවිතා වොරොපිතා, අයං ආනන්තරියෙන මාතුඝාතකකම්මෙන මාතුඝාතකො, එතස්ස පබ්බජ්ජා ච උපසම්පදා ච පටික්ඛිත්තා. යෙන පන මනුස්සිත්ථිභූතාපි අජනිකා පොසාවනිකා මාතා වා මහාමාතා වා චූළමාතා වා ජනිකාපි වා න මනුස්සිත්ථිභූතා මාතා ඝාතිතා, තස්ස පබ්බජ්ජා න වාරිතා, න ච ආනන්තරිකො හොති. යෙන සයං තිරච්ඡානභූතෙන මනුස්සිත්ථිභූතා මාතා ඝාතිතා, සොපි ආනන්තරිකො න හොති, තිරච්ඡානගතත්තා පනස්ස පබ්බජ්ජා පටික්ඛිත්තා. සෙසං උත්තානමෙව. පිතුඝාතකෙපි එසෙව නයො. සචෙපි හි වෙසියා පුත්තො හොති, “අයං මෙ පිතා”ති න ජානාති, යස්ස සම්භවෙන නිබ්බත්තො, සො චෙ අනෙන ඝාතිතො, පිතුඝාතකොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති, ආනන්තරියඤ්ච ඵුසති.
මාතෘඝාතකාදි වස්තූන්හි “නික්ඛන්නිං කරෙය්ය” නිෂ්ක්‍රමණය නිර්ගමනය ශොධනය කරන්නෙමි, යන අර්‍ත්‍ථයි. “මාතුඝාතකො භික්ඛවෙ” මෙහි තමන් මනුෂ්‍යජාති ඇත්තාවූම යමකු විසින් මනුෂ්‍ය ස්ත්‍රී වූ මවුතොමෝ සිතා දැන දිවියෙන් තොරකරන ලදද, මෙතෙමේ අනතුරුව නිරයෙහි විපාක දෙන මාතෘඝාතක කර්මයෙන් මාතෘඝාතක වේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමකු විසින් මනුෂ්‍ය ස්ත්රියක්වූද, සිය මවුනොවූ වැඩූ මවු හෝ සුළුමවු හෝ මනුෂ්‍ය ස්ත්‍රියක් නොවූ වැදූ මවු හෝ නසන ලදද, ඔහුට පැවිද්ද නොවළකන ලදය. ආනන්තරිකයෙක්ද නොවේ. තමන් තිරිසන් ගියාවූ යමකු විසින් මනුෂ්‍යස්ත්‍රී වූ මවු නසන ලදද, හෙතෙමේද ආනන්තරික නොවේ. තිරිසන්ගිය බැවින් මොහුට ප්‍රව්‍රජ්‍යාව වළකන ලදය. සෙස්ස ප්‍රකටමය. පිතෘඝාතකයා කෙරෙහිද මේනයම වේ. වේසියකගේ පුත්රයෙක්වේද, මෙතෙමේ මාගේ පියායි නොදනීද, යමක්හුගේ ශුක්ලයෙන් උපන්නේද, ඒ පියතෙමේත් මොහු විසින් නසන ලද්දේනම් පිතෘඝාතක සඞ්ඛ්‍යාවටම යන්නේය. ආනන්තරියද පහසන්නේය.
අරහන්තඝාතකොපි මනුස්සඅරහන්තවසෙනෙව වෙදිතබ්බො. මනුස්සජාතියඤ්හි අන්තමසො අපබ්බජිතම්පි ඛීණාසවං දාරකං දාරිකං වා සඤ්චිච්ච ජීවිතා වොරොපෙන්තො අරහන්තඝාතකොව හොති, ආනන්තරියඤ්ච ඵුසති, පබ්බජ්ජා චස්ස වාරිතා. අමනුස්සජාතිකං පන අරහන්තං මනුස්සජාතිකං වා අවසෙසං අරියපුග්ගලං ඝාතෙත්වා ආනන්තරියො න හොති, පබ්බජ්ජාපිස්ස න වාරිතා, කම්මං පන බලවං හොති. තිරච්ඡානො මනුස්සඅරහන්තම්පි ඝාතෙත්වා ආනන්තරියො න හොති, කම්මං පන භාරියන්ති අයමෙත්ථ විනිච්ඡයො. තෙ වධාය ඔනීයන්තීති වධත්ථාය ඔනීයන්ති, මාරෙතුං නීයන්තීති අත්ථො. යං පන පාළියං “සචා ච මය”න්ති වුත්තං, තස්ස සචෙ මයන්ති අයමෙවත්ථො. “සචෙ”ති හි වත්තබ්බෙ එත්ථ “සචා ච” ඉති අයං නිපාතො වුත්තො. “සචෙ ච” ඉච්චෙව වා පාඨො. තත්ථ සචෙති සම්භාවනත්ථෙ නිපාතො; ච ඉති පදපූරණමත්තෙ. “සචජ්ජ මය”න්තිපි පාඨො. තස්ස සචෙ අජ්ජ මයන්ති අත්ථො.
අරහන්තඝාතක තෙමේද, මිනිස් රහතුන්ගේ වසයෙන්ම දතයුතුය. මිනිස් ජාතියෙහි වනාහි යටත්පිරිසෙයින් නොපැවිදිවූද රහත් දරුවකු හෝ රහත් දැරියක හෝ දැන දිවියෙන් තොරකරන්නේ අරහන්තඝාතකම වේ. ආනන්තරියද පහස්නේය. මොහුට ප්‍රව්‍රජ්‍යාවද වළකන ලදය. අමනුෂ්යජාති ඇති රහතකු හෝ මනුෂ්‍යජාතික වූ අනාගාමී ආදීවූ සෙසු ආර්‍ය්‍යය පුද්ගලයකු හෝ නසා ආනන්තරික නොවේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද නොවළකන ලදය. කර්මය වනාහි බලවත් වේ. තිරච්ඡානයෙක් තෙමේ මිනිස් රහතකුද නසා සිටියේ ආනන්තරික නොවේ. කර්මය වනාහි බැරෑරුම්ය. මේ මෙහි විනිශ්චයයි. පෙළෙහි වනාහි “සචාචමයං”යි යමක් වදාරණ ලදද, එහි “සචෙමයං”යි මේ අර්ත්ථයම වේ. “සචෙ චෙ”යි කියයුත්තෙහි “සචාච” යන මේ නිපාතය කියන ලද්දේය. “සචෙච” යිම හෝ පාඨ වේ. එහි “සචෙ” යනු සම්භවනාර්ත්ථයෙහි නිපාතයි. ච යනු පදපූරණමාත්රයෙහිය. “සචජ්ජ මයං” යනුද පාඨයි. එහි “සචෙ අජ්ජ මයං” යන අර්‍ත්‍ථයි.
භික්ඛුනිදූසකො භික්ඛවෙති එත්ථ යො පකතත්තං භික්ඛුනිං තිණ්ණං මග්ගානං අඤ්ඤතරස්මිං දූසෙති, අයං භික්ඛුනිදූසකො නාම. එතස්ස පබ්බජ්ජා ච උපසම්පදා ච වාරිතා. යො පන කායසංසග්ගෙන සීලවිනාසං පාපෙති, තස්ස පබ්බජ්ජා ච උපසම්පදා ච න වාරිතා. බලක්කාරෙන ඔදාතවත්ථවසනං කත්වා අනිච්ඡමානංයෙව දූසෙන්තොපි භික්ඛුනිදූසකොයෙව. බලක්කාරෙන පන ඔදාතවත්ථවසනං කත්වා ඉච්ඡමානං දූසෙන්තො භික්ඛුනිදූසකො න හොති. කස්මා? යස්මා ගිහිභාවෙ සම්පටිච්ඡිතමත්තෙයෙව සා අභික්ඛුනී හොති. සකිං සීලවිපන්නං පන පච්ඡා දූසෙන්තො සික්ඛමානාසාමණෙරීසු ච විප්පටිපජ්ජන්තො නෙව භික්ඛුනිදූසකො හොති, පබ්බජ්ජම්පි උපසම්පදම්පි ලභති.
“භික්ඛුණිදූසකො භික්ඛවෙ” යන මෙහි එහි යමෙක් තෙමේ ප්‍රකෘති ස්වභාවය ඇති මෙහෙණක තෙවැදෑරුම් මග අතුරෙහි එක්තරා මගෙක දූෂිත කෙරේද, මෙතෙමේ භික්ඛුණීදූසක නම. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමෙක් වනාහි කායසංසර්ගයෙන් ශීල විනාශයට පමුණුවාද, ඔහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද නොවළකන ලදය. බලාත්කාරයෙන් සුදුවත් ඇන්දවීමකොට නොකැමැත්තියකම දූෂිත කරනුයේද, භික්ඛුණීදූසකම වේ. බලාත්කාරයෙන් සුදුවත් ඇන්දවීමකොට කැමැත්තියක දූෂිත කරණුයේ භික්ඛුණිදූසක නොවේ. ගිහිබව පිළිගත් ඇසිල්ලෙහිම ඕතොමෝ භික්ෂුණියක නොවන්නීද එහෙයිනි. වරක් සිල්විපතට පැමිණියක පසුව දූෂිත කරණුයේ, සික්ඛමානාසාමණෙරීන් කෙරෙහිද වැරදි ලෙස පිළිපදිනුයේ භික්ඛුණීදූසකයෙක් නොම වේ. ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද ලබයි.
සඞ්ඝභෙදකො භික්ඛවෙති එත්ථ යො දෙවදත්තො විය සාසනං උද්ධම්මං උබ්බිනයං කත්වා චතුන්නං කම්මානං අඤ්ඤතරවසෙන සඞ්ඝං භින්දති, අයං සඞ්ඝභෙදකො නාම. එතස්ස පබ්බජ්ජා ච උපසම්පදා ච වාරිතා.
“සඞ්ඝභෙදකො භික්ඛවෙ” මෙහි යමෙක් දෙව්දත්හු මෙන් සාසන ධර්මයට විරුද්ධ වූවක්, විනයට විරුද්ධවූවක්කොට ධර්මවිනයෙන් පහකොට, අපලොකනාදි චතුර්විධ කර්මයන් අතුරෙන් එක්තරා එකක්හුගේ වසයෙන් සඞ්ඝයා බිඳීද, මෙතෙමේ සඞ්ඝභෙදක නම්වේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය.
ලොහිතුප්පාදකො භික්ඛවෙති එත්ථාපි යො දෙවදත්තො විය දුට්ඨචිත්තෙන වධකචිත්තෙන තථාගතස්ස ජීවමානකසරීරෙ ඛුද්දකමක්ඛිකාය පිවනකමත්තම්පි ලොහිතං උප්පාදෙති, අයං ලොහිතුප්පාදකො නාම. එතස්ස පබ්බජ්ජා ච උපසම්පදා ච වාරිතා. යො පන රොගවූපසමනත්ථං ජීවකො විය සත්ථෙන ඵාලෙත්වා පූතිමංසඤ්ච ලොහිතඤ්ච නීහරිත්වා ඵාසුං කරොති, බහුං සො පුඤ්ඤං පසවතීති.
“ලොහිතුප්පාදකො භික්ඛවෙ” මෙහිද දෙව්දත්හු මෙන් දුෂ්ටචිත්තයෙන් වධකචිත්තයෙන් තථාගතයන් වහන්සේගේ දිවමන් සිරුරෙහි කුඩා මැස්සකු විසින් බොන පමණ නමුදු ලේ උපදවාද, මෙතෙමේ ලොහිතුප්පාදක නම්වේ. මොහුට ප්‍රව්‍රජ්‍යාවද උපසම්පදාවද වළකන ලදය. යමෙක් වනාහි රොගව්යුපශමය පිණිස ජීවකයා මෙන් සැතින් පලා කුණුමස්ද ලේද බැහැරකොට පහසු කෙරේද, හෙතෙමේ බොහෝ පින් රැස් කෙරේ.
මාතුඝාතකාදිවත්ථුකථා නිට්ඨිතා.
උභතොබ්යඤ්ජනකවත්ථුකථා
උභතොබ්යඤ්ජනකවත්ථුකථා
උභතොබ්යඤ්ජනකො භික්ඛවෙති ඉත්ථිනිමිත්තුප්පාදනකම්මතො ච පුරිසනිමිත්තුප්පාදනකම්මතො ච උභතො බ්යඤ්ජනමස්ස අත්ථීති උභතොබ්යඤ්ජනකො. කරොතීති පුරිසනිමිත්තෙන ඉත්ථීසු මෙථුනවීතික්කමං කරොති. කාරාපෙතීති පරං සමාදපෙත්වා අත්තනො ඉත්ථිනිමිත්තෙ කාරාපෙති, සො දුවිධො හොති – ඉත්ථිඋභතොබ්යඤ්ජනකො, පුරිසඋභතොබ්යඤ්ජනකොති.
“උභතො බ්යඤ්ජනකො” ස්ත්රීනිමිත්තොත්පාදක කර්මයෙන්ද, පුරුෂනිමිත්තොත්පාදක කර්මයෙන්ද යන දෙපසින් වන නිමිත්ත මොහුට ඇත්තේනුයි. උභතොබ්‍යඤ්ජනක නම්වේ. “කරොති” පුරුෂනිමිත්තෙන් ස්ත්‍රීන් කෙරෙහි, මෛථුනව්යතික්රමණය කරයි. “කාරාපෙති” අන්හු සමාදන් කරවා තමන්ගේ ස්තී්රනිමිත්තෙහි කරවයි. මෙසේ හෙතෙමේ ඉත්ථිඋභතොඛ්යඤ්ජනක - පුරිසඋභතොඛ්යඤ්ජනකයි දෙවැදෑරුම් වේ.
තත්ථ ඉත්ථිඋභතොබ්යඤ්ජනකස්ස ඉත්ථිනිමිත්තං පාකටං හොති, පුරිසනිමිත්තං පටිච්ඡන්නං. පුරිසඋභතොබ්යඤ්ජනකස්ස පුරිසනිමිත්තං පාකටං, ඉත්ථිනිමිත්තං පටිච්ඡන්නං. ඉත්ථිඋභතොබ්යඤ්ජනකස්ස ඉත්ථීසු පුරිසත්තං කරොන්තස්ස ඉත්ථිනිමිත්තං පටිච්ඡන්නං හොති, පුරිසනිමිත්තං පාකටං හොති. පුරිසඋභතොබ්යඤ්ජනකස්ස පුරිසානං ඉත්ථිභාවං උපගච්ඡන්තස්ස පුරිසනිමිත්තං පටිච්ඡන්නං හොති, ඉත්ථිනිමිත්තං පාකටං හොති. ඉත්ථිඋභතොබ්යඤ්ජනකො සයඤ්ච ගබ්භං ගණ්හාති, පරඤ්ච ගණ්හාපෙති. පුරිසඋභතොබ්යඤ්ජනකො පන සයං න ගණ්හාති, පරං ගණ්හාපෙතීති, ඉදමෙතෙසං නානාකරණං. කුරුන්දියං පන වුත්තං – “යදි පටිසන්ධියං පුරිසලිඞ්ගං පවත්තෙ ඉත්ථිලිඞ්ගං නිබ්බත්තති, යදි පටිසන්ධියං ඉත්ථිලිඞ්ගං පවත්තෙ පුරිසලිඞ්ගං නිබ්බත්තතී”ති . තත්ථ විචාරණක්කමො විත්ථාරතො අට්ඨසාලිනියා ධම්මසඞ්ගහට්ඨකථාය වෙදිතබ්බො. ඉමස්ස පන දුවිධස්සාපි උභතොබ්යඤ්ජනකස්ස නෙව පබ්බජ්ජා අත්ථි, න උපසම්පදාති ඉදමිධ වෙදිතබ්බං.
එහි ඉත්ථිඋභතොඛ්යඤ්ජනකයාගේ ස්ත්‍රීනිමිත්ත ප්රකටව පෙනේ. පුරුෂනිමිත්ත සැඟවී සිටියේය. පුරිසඋභතොඛ්යඤ්ජනකයාගේ පුරුෂ නිමිත්ත ප්‍රකට වේ. ස්ත්‍රීනිමිත්ත සැඟවී ගත්තේය. ස්ත්‍රීන් කෙරෙහි පුරිසබව කරන්නා වූ ඉත්ථිඋභතොබ්යඤ්ජනකයාගේ ස්ත්‍රීනිමිත්ත වැසීයන්නේය. පුරුෂනිමිත්ත ප්‍රකට වේ. පුරුෂයන් පිළිබඳ ස්ත්‍රීභාවයට එළඹෙන්නාවූ පුරිසඋභතොබ්යඤ්ජනකයාගේ පුරුෂ නිමිත්ත වැසීයන්නේය. ස්ත්‍රීනිමිත්ත ප්‍රකට වේ. ඉත්ථිඋභතොඛ්යඤ්ජනක තෙමේ තෙමේම ගැබ් ගණියි. අන්හුද ගන්වයි. පුරිසඋභතොඛ්යඤ්ජනකතෙමේ තෙමේ ගැබ් නොගනියි. අන්හු ගන්වයි. මේ මොවුන්ගේ වෙනසය. කුරුන්දියෙහි වනාහි ‘ඉදින් ප්රතිසන්ධියෙහි පුරුෂලිඞ්ගයද, ප්‍රවෘත්තියෙහි ස්ත්රීලිඞ්ගයද උපදීයිද ඉදින් ප්රතිසන්ධියෙහි ස්ත්රීලිඞ්ගයද, ප්‍රවෘත්තියෙහි පුරුෂලිඞ්ගයද උපදීයිද කියන ලද්දේද, එහි විචාරණ ක්‍රමය විස්තර වශයෙන් අත්ථසාලිනී නම් ධර්මසඞ්ගණීඅර්ත්ථකථාවෙන් දතයුතුය. මේ දෙවැදෑරුම්වූම උභතොබ්යඤ්ජනකයාහට ප්‍රව්‍රජ්‍යාව නැත්තීමය. උපසම්පදාව නැත්තීය. මෙහි මෙය දතයුතුය.
උභතොබ්යජ්ජනකවත්ථුකථා නිට්ඨිතා.
අනුපජ්ඣායකාදිවත්ථුකථා
අනුපජ්ඣායකාදිවත්ථුකථා
තෙන ඛො පන සමයෙනාති යෙන සමයෙන භගවතා සික්ඛාපදං අපඤ්ඤත්තං හොති, තෙන සමයෙන. අනුපජ්ඣායකන්ති උපජ්ඣං අගාහාපෙත්වා සබ්බෙන සබ්බං උපජ්ඣායවිරහිතං. එවං උපසම්පන්නා නෙව ධම්මතො න ආමිසතො සඞ්ගහං ලභන්ති, තෙ පරිහායන්තියෙව, න වඩ්ඪන්ති. න භික්ඛවෙ අනුපජ්ඣායකොති උපජ්ඣං අගාහාපෙත්වා නිරුපජ්ඣායකො න උපසම්පාදෙතබ්බො. යො උපසම්පාදෙය්ය ආපත්ති දුක්කටස්සාති සික්ඛාපදපඤ්ඤත්තිතො පට්ඨාය එවං උපසම්පාදෙන්තස්ස ආපත්ති හොති; කම්මං පන න කුප්පති. කෙචි කුප්පතීති වදන්ති, තං න ගහෙතබ්බං. සඞ්ඝෙන උපජ්ඣායෙනාතිආදීසුපි උභතොබ්යඤ්ජනකුපජ්ඣායපරියොසානෙසු එසෙව නයො.
“තෙන ඛො පන සමයෙන” යම්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද නොපණවන ලදද, එකල්හි, “අනුපජ්ඣායකං” උපාද්ධ්‍යාය ග්‍රහණය නොකරවා, මුළුමනින් උපාද්ධ්යයයාගෙන් තොරවූ. මෙසේ උපසපන්වූවෝ ධර්මයෙන් සඞ්ග්‍රහ නොලබත්. ආමිසයෙන් සඞ්ග්‍රහ නොලබත්. ඔවුහු පිරිහෙත්මය. නොවැඩෙත්. “න භික්ඛවෙ අනුපජ්ඣායකො” උපාද්ධ්‍යායයා නොගන්වා උපාද්ධ්‍යායයා නැත්තේ උපසපත් නොකටයුතුය. “ආපත්ති දුක්කටස්ස” ශික්ෂාපදප්රඥප්තියෙහි පටන් මෙසේ උපසපන් කරන්නහුට ඇවැත් වේ. කර්මය වනාහි කොප්ය නොවේ. කෙනෙක් කොප්යවේයයි කියත්. එය නොගතයුතුය. “සඞ්ඝෙන උපජ්ඣායෙහ” යනාදීවූද උභතොඛ්යඤ්ජනක උපාද්ධ්‍යායයා කෙළවරකොට ඇතිතන්හි මේනයම වේ.
අනුපජ්ඣායකාදිවත්ථුකථා නිට්ඨිතා.
අපත්තකාදිවත්ථුකථා
අපත්තකාදිවත්ථුකථා
හත්ථෙසු පිණ්ඩාය චරන්තීති යො හත්ථෙසු පිණ්ඩො ලබ්භති, තදත්ථාය චරන්ති. සෙය්යථාපි තිත්ථියාති යථා ආජීවකනාමකා තිත්ථියා; සූපබ්යඤ්ජනෙහි මිස්සෙත්වා හත්ථෙසු ඨපිතපිණ්ඩමෙව හි තෙ භුඤ්ජන්ති. ආපත්ති දුක්කටස්සාති එවං උපසම්පාදෙන්තස්සෙව ආපත්ති හොති, කම්මං පන න කුප්පති. අචීවරකාදිවත්ථූසුපි එසෙව නයො.
“අපත්තකං -පෙ- හත්ථෙසු පිණ්ඩාය චරති” යම් පිණ්ඩයක අත්වලින් ලබාද, ඒ පිණිස හැසිරේ. “සෙය්යථාපි තිත්ථියා” ආජීවකනම්වූ තීර්ථකයෝ යම්සේද එසේ සූපබ්යඤ්ජනයන් හා මිශ්‍රකොට අත්හි තැබුවත්ම භික්ෂූහු අනුභව කරත්. “ආපත්ති දුක්කටස්ස” මෙසේ පාත්‍රය නැතියහු උපසපන් කරන්නහුටම ඇවැත් වේ. කර්මය වනාහි කොප්ය නොවේ. අචීවරතාදී වස්තූන්හිද මේ නයමවේ.
යාචිතකෙනාති “යාව උපසම්පදං කරොම, තාව දෙථා”ති යාචිත්වා ගහිතෙන; තාවකාලිකෙනාති අත්ථො. ඊදිසෙන හි පත්තෙන වා චීවරෙන වා පත්තචීවරෙන වා උපසම්පාදෙන්තස්සෙව ආපත්ති හොති, කම්මං පන න කුප්පති, තස්මා පරිපුණ්ණපත්තචීවරොව උපසම්පාදෙතබ්බො. සචෙ තස්ස නත්ථි, ආචරියුපජ්ඣායා චස්ස දාතුකාමා හොන්ති, අඤ්ඤෙ වා භික්ඛූ නිරපෙක්ඛෙහි නිස්සජ්ජිත්වා අධිට්ඨානුපගං පත්තචීවරං දාතබ්බං. පබ්බජ්ජාපෙක්ඛං පන පණ්ඩුපලාසං යාචිතකෙනාපි පත්තචීවරෙන පබ්බාජෙතුං වට්ටති, සභාගට්ඨානෙ විස්සාසෙන ගහෙත්වාපි පබ්බාජෙතුං වට්ටති.
“යාචිතකෙන” යම්තාක් උපසම්පදා කරමුද, ඒතාක් දෙවු’යි ඉල්ලා ගන්නා ලද පාත්‍රයෙන් තාවකාලිකයෙන්ය යන අර්‍ත්‍ථයි. මෙබඳුවූ පාත්‍රය කරණකොට හෝ චීවරය කරණකොට හෝ, පාත්‍රචීවර කරණකොට හෝ උපසපන් කරන්නහුටම ඇවැත් වේ. කර්මය කොප්ය නොවේ. එහෙයින් පිරිපුන් පා සිවුරු ඇත්තේම උපසපන් කටයුතුය. ඉදින් ඒ උපසම්පදාපෙක්ෂකයාහට නැත්තේද, ආචාර්ය්ය උපාද්ධ්‍යායයෝ මොහුට දෙනු කැමැත්තාහු වෙත්ද, අන්‍ය භික්ෂූහු හෝ දෙනු කැමැත්තාහු වෙත්ද, අපෙක්ෂාරහිතවූ අන්‍ය භික්ෂූන් විසින් නිසදා ඉටීමට පොහොනා සිවුරු දියයුත්තේය. ප්රව්රජ්යාපෙක්ෂක පණ්ඩුපලාසයා ඉල්ලාගත් පාසිවුරු කරණකොට පැවිදි කිරීම වටියි. සභාගස්ථානයෙක්හි විශ්වාසයෙන් ගෙනද පැවිදි කිරීම වටියි.
සචෙ පන අපක්කං පත්තං චීවරූපගානි ච වත්ථානි ගහෙත්වා ආගතො හොති, යාව පත්තො පච්චති, චීවරානි ච කරියන්ති, තාව විහාරෙ වසන්තස්ස අනාමට්ඨපිණ්ඩපාතං දාතුං වට්ටති, ථාලකෙ භුඤ්ජිතුං වට්ටති, පුරෙභත්තං සාමණෙරභාගසමකො ආමිසභාගො දාතුං වට්ටති. සෙනාසනග්ගාහො පන සලාකභත්තඋද්දෙසභත්තනිමන්තනාදීනි ච න වට්ටන්ති. පච්ඡාභත්තම්පි සාමණෙරභාගසමො තෙලමධුඵාණිතාදිභෙසජ්ජභාගො වට්ටති. සචෙ ගිලානො හොති, භෙසජ්ජමස්ස කාතුං වට්ටති, සාමණෙරස්ස විය ච සබ්බං පටිජග්ගනකම්මන්ති.
ඉදින් නොපැසවූ පාත්‍රයද සිවුරට සුදුසු වස්ත්‍රද ගෙන ආයේ වේනම්, යම්තාක් පාත්‍රය පිසනු ලැබේද, සිවුරු කරත්ද, ඒතාක් විහාරයෙහි වසන්නහුට ඉඳුල්නොකළ පිණ්ඩපාතය දියයුතුය. තලියෙහි බුදීම වරද නොවේ. පෙරබත සාමණෙර කොටස සමානවූ ආමිසකොටසක් දිය යුතුය. සෙනසුන් ගැන්මද ලහබත්ද උදෙසූ බත්ද නිමන්තන බත් ආදියද නොවටියි. පසුබතද සාමණේර කොටස සමානවූ තෙලමධුඵාණිතාදි භෛෂද්යභාගයද දියයුතුය. ඉදින් පණ්ඩුපලාසයා ගිලනෙක් වේනම්, මොහුට බෙහෙත් කිරීම වටියි. හෙරණහුට මෙන් සියලු පිළිදැගුම්කම් කළයුතුය.
අපත්තකාදිවත්ථුකථා නිට්ඨිතා.
මාතුඝාතකාදිවත්ථු නිමි.