යෙදුමෙන් කියවන්න

හත්‍ථච‍්ඡින‍්නාදිවත්‍ථුකථා අට‍්ඨකථා

හත්‍ථච‍්ඡින‍්නාදිවත්‍ථුකථා

හත්ථච්ඡින්නාදිවත්ථුකථා

හත්‍ථච‍්ඡින‍්නාදිවත්‍ථූසු – හත්‍ථච‍්ඡින‍්නොති යස‍්ස හත්‍ථතලෙ වා මණිබන්‍ධෙ වා කප‍්පරෙ වා යත්‍ථ කත්‍ථචි එකො වා ද‍්වෙ වා හත්‍ථා ඡින‍්නා හොන‍්ති. පාදච‍්ඡින‍්නොති යස‍්ස අග‍්ගපාදෙ වා ගොප‍්ඵකෙසු වා ජඞ‍්ඝාය වා යත්‍ථ කත්‍ථචි එකො වා ද‍්වෙ වා පාදා ඡින‍්නා හොන‍්ති. හත්‍ථපාදච‍්ඡින‍්නොති යස‍්ස වුත‍්තප‍්පකාරෙනෙව චතූසු හත්‍ථපාදෙසු ද‍්වෙ වා තයො වා සබ‍්බෙ වා හත්‍ථපාදා ඡින‍්නා හොන‍්ති. කණ‍්ණච‍්ඡින‍්නොති යස‍්ස කණ‍්ණමූලෙ වා කණ‍්ණසක‍්ඛලිකාය වා එකො වා ද‍්වෙ වා කණ‍්ණා ඡින‍්නා හොන‍්ති. යස‍්ස පන කණ‍්ණාවිද‍්ධෙ ඡිජ‍්ජන‍්ති, සක‍්කා ච හොති සඞ‍්ඝාටෙතුං, සො කණ‍්ණං සඞ‍්ඝාටෙත්‍වා පබ‍්බාජෙතබ‍්බො. නාසච‍්ඡින‍්නොති යස‍්ස අජපදකෙ වා අග‍්ගෙ වා එකපුටෙ වා යත්‍ථ කත්‍ථචි නාසා ඡින‍්නා හොති. යස‍්ස පන නාසිකා සක‍්කා හොති සන්‍ධෙතුං, සො තං ඵාසුකං කත්‍වා පබ‍්බාජෙතබ‍්බො. කණ‍්ණනාසච‍්ඡින‍්නො උභයවසෙන වෙදිතබ‍්බො. අඞ‍්ගුලිච‍්ඡින‍්නොති යස‍්ස නඛසෙසං අදස‍්සෙත්‍වා එකා වා බහූ වා අඞ‍්ගුලියො ඡින‍්නා හොන‍්ති. යස‍්ස පන සුත‍්තතන‍්තුමත‍්තම‍්පි නඛසෙසං පඤ‍්ඤායති, තං පබ‍්බාජෙතුං වට‍්ටති. අළච‍්ඡින‍්නොති යස‍්ස චතූසු අඞ‍්ගුට‍්ඨකෙසු අඞ‍්ගුලියං වුත‍්තනයෙනෙව එකො වා බහූ වා අඞ‍්ගුට‍්ඨකා ඡින‍්නා හොන‍්ති. කණ‍්ඩරච‍්ඡින‍්නොති යස‍්ස කණ‍්ඩරනාමකා මහාන‍්හාරූ පුරතො වා පච‍්ඡතො වා ඡින‍්නා හොන‍්ති; යෙසු එකස‍්සපි ඡින‍්නත‍්තා අග‍්ගපාදෙන වා චඞ‍්කමති, මූලෙන වා චඞ‍්කමති, න වා පාදං පතිට‍්ඨාපෙතුං සක‍්කොති.

හස්තච්ඡින්නාදි වස්තූන්හි “හත්‍ථච්ඡින්නො” යමක්හුගේ අත්ලෙහි හෝ මැණික්කටුවෙහි හෝ වැලමිටෙහි හෝ යම්කිසි තැනක එක් අතක් හෝ දෙඅත හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “පාදච්ඡින්නො” යමක්හුගේ පාඅග හෝ ගොප්මසෙහි හෝ කෙණ්ඩයෙහි හෝ යම්කිසි තැන එක්පයක් හෝ දෙපය හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “හත්‍ථපාදච්ඡින්නො” යමක්හුගේ කියූලෙසින්ම සිවුඅත්පා අතුරෙහි දෙකක් හෝ තුනක් හෝ සියලුම අත්පා හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “කණ්නච්ඡින්නො” යමක්හුගේ කන්මුල හෝ කන් හැකිල්ලෙහි හෝ එක් කනක් හෝ දෙකන හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. යමක්හුගේ කන් කොඩොල් ආදිය තැබීම පිණිස සිදුරු කළකල්හි සිඳෙත්ද, ගැටීමට හැක්කේද හෙතෙමේ කන් ගටා පැවිදි කටයුතුය. “නාසච්ඡින්නො” යමක්හුගේ එලුපාසටහන් ඇති පෙදෙසෙහි හෝ අඞ්ග හෝ එක් නාස්පුඩුවෙක හෝ යම්කිසි තැනක නාසය සිඳුනී වේද, යමහුගේ නාසය ගටන්ට හැක්කේද හෙතෙමේ එය පහසුකොට පැවිදි කටයුතුය. “කණ්ණනාසච්ඡින්නො” දෙදෙනහුගේ වසයෙන් දතයුතුය. “අඞ්ගුලිච්ඡින්නො” යමක්හුගේ වනාහි නියසේසයක් නොදක්වා එක් ඇඟිල්ලක් හෝ බොහෝ ඇඟිලි හෝ සිඳුනාහුවෙත්ද, හෙතෙමේය. යමක්හුගේ හූතැන් පමණ නමුදු නියසේසයක් පෙණේද, ඔහු පැවිදිකරන්නට හැක්කේය. “අලච්ඡින්නො” යමක්හුගේ සිවු මාපටැඟිලි කෙරෙහි ඇඟිල්ලෙහි කියූනයින්ම එකක් හෝ බොහෝ මාපට ඇඟිලි හෝ සිඳුනාවෙයිද, හෙතෙමේය. “කණ්ඩරච්ඡින්නො” යමක්හුගේ කණ්ඩර නම්වූ මහානහර ඉදිරියෙහි හෝ පස්සෙහි හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. යම් ඒ නහර අතුරෙහි එකකුදු සුන්බැවින් පාඅගින් හෝ සක්මන් කෙරේ. පාතබන්නට නොහැකිවේ.

ඵණහත්‍ථකොති යස‍්ස වග‍්ගුලිපක‍්ඛකා විය අඞ‍්ගුලියො සම‍්බද‍්ධා හොන‍්ති; එතං පබ‍්බාජෙතුකාමෙන අඞ‍්ගුලන‍්තරිකායො ඵාලෙත්‍වා සබ‍්බං අන‍්තරචම‍්මං අපනෙත්‍වා ඵාසුකං කත්‍වා පබ‍්බාජෙතබ‍්බො. යස‍්සපි ඡ අඞ‍්ගුලියො හොන‍්ති, තං පබ‍්බාජෙතුකාමෙන අධිකඅඞ‍්ගුලිං ඡින්‍දිත්‍වා ඵාසුකං කත්‍වා පබ‍්බාජෙතබ‍්බො.

“ඵණහත්‍ථකො” යමක්හුගේ වවුලු පියාපත් මෙන් එකට බැඳුනාහු වෙත්ද, හෙතෙමේය. මොහු පැවිදිකරනු කැමැත්තහු විසින් ඇඟිලි අතර පලා අතර වූ සියලු සම් පහකොට, පහසුකොට පැවිදි කටයුතුය. යමක්හුගේ අතෙහි ඇඟිලි සයක්වේද, ඔහු පැවිදි කරනු කැමැත්තහු විසින් වැඩි ඇඟිල්ල සිඳ පහසුකොට පැවිදි කටයුතුය.

ඛුජ‍්ජොති යො උරස‍්ස වා පිට‍්ඨියා වා පස‍්සස‍්ස වා නික‍්ඛන‍්තත‍්තා ඛුජ‍්ජසරීරො. යස‍්ස පන කිඤ‍්චි කිඤ‍්චි අඞ‍්ගපච‍්චඞ‍්ගං ඊසකං වඞ‍්කං, තං පබ‍්බාජෙතුං වට‍්ටති. මහාපුරිසො එව හි බ්‍රහ‍්මුජ‍්ජුගත‍්තො, අවසෙසො සත‍්තො අඛුජ‍්ජො නාම නත්‍ථි.

“ඛුජ්ජො” යමෙක් තෙමේ උදරය හෝ පිට හෝ එක් පසක් හෝ ඉදිරියට නෙරාසිටි බැවින් කුදු සිරුර ඇත්තේවේද, හෙතෙමේය. යමක්හුගේ වනාහි කිසියම් කිසියම් අඟපසඟක් මඳක් වක්වේද, ඔහු පැවිදි කිරීම වරද නැත්තේය. මහාපුරුෂ තෙමේම බඹහුගේ මෙන් සෘජුවූ ශරීරාවයව ඇත්තේය. කුදුනොවූ සෙසු සත්ත්‍වයෙක් නම් නැත්තේය.

වාමනොති ජඞ‍්ඝවාමනො වා කටිවාමනො වා උභයවාමනො වා. ජඞ‍්ඝවාමනස‍්ස කටිතො පට‍්ඨාය හෙට‍්ඨිමකායො රස‍්සො හොති, උපරිමකායො පරිපුණ‍්ණො. කටිවාමනස‍්ස කටිතො පට‍්ඨාය උපරිමකායො රස‍්සො හොති, හෙට‍්ඨිමකායො පරිපුණ‍්ණො. උභයවාමනස‍්ස උභොපි කායා රස‍්සා හොන‍්ති, යෙසං රස‍්සත‍්තා භූතානං විය පරිවටුමො මහාකුච‍්ඡිඝටසදිසො අත‍්තභාවො හොති, තං තිවිධම‍්පි පබ‍්බාජෙතුං න වට‍්ටති.

“වාමනො” කෙණ්ඩවලින් මිටිවූවෙක් හෝ කටියෙන් මිටිවූවෙක් හෝ එදෙකින් මිටිවූවෙක් හෝ වේ. කෙණ්ඩවලින් මිටිවූවහුගේ කටියෙහි පටන් යටසිරුර මිටිවේ. උඩසිරුර පරිපූර්‍ණ වේ. කටියෙන් මිටිවූවහුගේ උඩසිරුර මිටිවේ. යටසිරුර පරිපූර්‍ණ වේ. කෙණ්ඩාවලින් හා කටියෙන් මිටිවුවහුගේ උඩයටි සිරුරදෙකම මිටිවේ. යම් කෙනෙකුන්ගේ මිටි බැවින් භූතයන්ගේ මෙන් හාත්පසින් වටවූ මහත්කුසක් ඇති කළගෙඩියක් සමානවූ ආත්මභාවයෙක් වේද, තෙවැදෑරුම්වූම ඔහු පැවිදි නොකළ යුතුය.

ගලගණ‍්ඩීති යස‍්ස කුම‍්භණ‍්ඩං විය ගලෙ ගණ‍්ඩො හොති. දෙසනාමත‍්තමෙව චෙතං, යස‍්මිං කිස‍්මිඤ‍්චි පන පදෙසෙ ගණ‍්ඩෙ සති න පබ‍්බාජෙතබ‍්බො. තත්‍ථ විනිච‍්ඡයො – “න භික‍්ඛවෙ පඤ‍්චහි ආබාධෙහි ඵුට‍්ඨො පබ‍්බාජෙතබ‍්බො”ති එත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. ලක‍්ඛණාහතකසාහතලිඛිතකෙසු යං වත‍්තබ‍්බං, තං “න භික‍්ඛවෙ ලක‍්ඛණාහතො”තිආදීසු වුත‍්තමෙව.

“ගලගණ්ඩි” යමක්හුගේ බෙල්ලෙහි කොමඩුවක් මෙන් ගණ්ඩයක්වේද, හෙතෙමේය. මෙද දෙශනා මාත්‍රයෙක්මය. යම්කිසි සිරුරු පෙදෙසක ගණ්ඩයක් ඇති කල්හි පැවිදි නොකටයුතුය. එහි විනිශ්චය, “න භික්‍ඛවෙ පඤ්චහි ආබාධෙහි ඵුට්ඨො පබ්බාජෙතබ්බො” යන මෙහි කියූ නයින්ම දතයුතුය. ලක්‍ඛණාහත කසාහත ලිඛිතකයන් කෙරෙහි යමක් කියයුතුනම් එය “න භික්‍ඛවෙ ලක්‍ඛණාහතො” යනාදියෙහි කියන ලද්දේමය.

සීපදීති භාරපාදො වුච‍්චති. යස‍්ස පාදො ථූලො හොති සඤ‍්ජාතපිළකො ඛරො, සො න පබ‍්බාජෙතබ‍්බො. යස‍්ස පන න තාව ඛරභාවං ගණ‍්හාති, සක‍්කා හොති උපනාහං බන්‍ධිත්‍වා උදකආවාටෙ පවෙසෙත්‍වා උදකවාලිකාය පූරෙත්‍වා යථා සිරා පඤ‍්ඤායන‍්ති, ජඞ‍්ඝා ච තෙලනාළිකා විය හොති, එවං මිලාපෙතුං සක‍්කා, තස‍්ස පාදං ඊදිසං කත්‍වා තං පබ‍්බාජෙතුං වට‍්ටති. සචෙ පුන වඩ‍්ඪති, උපසම‍්පාදෙන‍්තෙනාපි තථා කත්‍වාව උපසම‍්පාදෙතබ‍්බො.

“සිපදී” බරවාපය ඇතියේ කියනු ලැබේ. යමක්හුගේ පාදය මහත්වේද, හටගත් පිළිකා ඇත්තේද, රළුවේද, හෙතෙමේ පැවිදි නොකටයුතුය. යමක්හුගේ මහත්පාදය, ඒතාක් රළුබව නොගණීද වහන්බැඳ මලානික කරන්නට හැක්කේද, දියවළෙක බහා දියෙන් හා වැලියෙන් පුරවා යම්සේ නහරපෙණේද, කෙණ්ඩද තෙල්නළක් මෙන්වේද, මෙසේ මලානික කරන්නට හැක්කේද, ඔහුගේ පාදය මෙබඳුකොට පැවිදිකරන්නට හැකිය. ඉදින් නැවත වැඩේනම් උපසම්පදා කරන්නන් විසින්ද එසේ කොටම උපසපන් කටයුතුය.

පාපරොගීති අරිසභගන්‍දරපිත‍්තසෙම‍්හකාසසොසාදීසු යෙන කෙනචි රොගෙන නිච‍්චාතුරො අතෙකිච‍්ඡරොගො ජෙගුච‍්ඡො අමනාපො; අයං න පබ‍්බාජෙතබ‍්බො.

“පාපරොගී” අරිසස් භගන්‍දර පිත්තසෙම්හොකාසසොසොදීන් අතුරෙහි යම්කිසි රෝගයකින් නිත්‍යාතුරවූයේද, පිළියම් නොකටහැකි රෝග ඇත්තේවේද, පිළිකුල් කටයුත්තේද, මනවඩන්නෙක් නොමවේද, මෙතෙමේ පැවිදි නොකටයුතුය.

පරිසදූසකොති යො අත‍්තනො විරූපතාය පරිසං දූසෙති; අතිදීඝො වා හොති අඤ‍්ඤෙසං සීසප‍්පමාණනාභිප‍්පදෙසො, අතිරස‍්සො වා උභයවාමනභූතරූපං විය, අතිකාළො වා ඣාපිතඛෙත‍්තෙ ඛාණුකො විය, අච‍්චොදාතො වා දධිතක‍්කාදීහි පමජ‍්ජිතමට‍්ඨතම‍්බලොහවණ‍්ණො, අතිකිසො වා මන්‍දමංසලොහිතො අට‍්ඨිසිරාචම‍්මසරීරො විය, අතිථූලො වා භාරියමංසො, මහොදරො වා මහාභූතසදිසො, අතිමහන‍්තසීසො වා පච‍්ඡිං සීසෙ කත්‍වා ඨිතො විය, අතිඛුද‍්දකසීසො වා සරීරස‍්ස අනනුරූපෙන අතිඛුද‍්දකෙන සීසෙන සමන‍්නාගතො, කූටකූටසීසො වා තාලඵලපිණ‍්ඩිසදිසෙන සීසෙන සමන‍්නාගතො, සිඛරසීසො වා උද‍්ධං අනුපුබ‍්බතනුකෙන සීසෙන සමන‍්නාගතො, නාළිසීසො වා මහාවෙළුපබ‍්බසදිසෙන සීසෙන සමන‍්නාගතො, කප‍්පසීසො වා පබ‍්භාරසීසො වා චතූසු පස‍්සෙසු යෙන කෙනචි පස‍්සෙන ඔණතෙන සීසෙන සමන‍්නාගතො, වණසීසො වා පූතිසීසො වා කණ‍්ණිකකෙසො වා පාණකෙහි ඛායිතකෙදාරෙ සස‍්සසදිසෙහි තහිං තහිං උට‍්ඨිතෙහි කෙසෙහි සමන‍්නාගතො, නිල‍්ලොමසීසො වා ථූලථද‍්ධකෙසො වා තාලහීරසදිසෙහි කෙසෙහි සමන‍්නාගතො, ජාතිපලිතෙහි පණ‍්ඩරසීසො වා පකතිතම‍්බකෙසො වා ආදිත‍්තෙහි විය කෙසෙහි සමන‍්නාගතො, ආවට‍්ටසීසො වා ගුන‍්නං සරීරෙ ආවට‍්ටසදිසෙහි උද‍්ධග‍්ගෙහි කෙසාවට‍්ටෙහි සමන‍්නාගතො, සීසලොමෙහි සද‍්ධිං එකාබද‍්ධභමුකලොමො වා ජාලබද‍්ධෙන විය නලාටෙන සමන‍්නාගතො.

“පරිසදූසකො” යමෙක්තෙමේ තමන්ගේ විරූපත්‍වයෙන් පිරිස දුෂිත කෙරේද හෙතෙමේය. ඉතාදිග්වූයේ හෝ වේ. අන්‍යයන්ගේ හිස පමණ නැබ පෙදෙස ඇත්තේය. කෙණ්ඩාවලින් හා කටියෙන් මිටිවූ භූතරූපයක් මෙන් ඉතා මිටි හෝවේ. දවන ලද කෙතක කණුවක් මෙන් ඉතා කලු හෝවේ. දී-මෝරු ආදියෙන් මදිනලද මටවූ තඹලොහ පැහැ ඇත්තේ ඉතා සුදුපැහැ ඇත්තේ හෝ වේ. මදවූ මස්-ලේ ඇති ඇට නහර සමින් යුත් සිරුරු ඇතියකු මෙන් ඉතා ක්‍රැශවූයේ හෝ වේ. එල්බෙන මස් ඇතියේ ඉතා තරවූයේ හෝ වේ. මහාභූතයකු සමාන වූයේ මහත් උදර ඇත්තේ හෝ වේ. පැසක් හිසෙහි කොටසිටියකු මෙන් ඉතාමත් හිස ඇත්තේ හෝ වේ. ඉතා කුඩා හිස ඇත්තේ හෝ සිරුරට නොසුදුසුවූ ඉතා කුඩා හිසින් යුක්තවූයේ වේ. තල්ගෙඩිවල්ලක් සමාන වූ හිසින් යුක්තවූයේ කුළුහිස් ඇත්තේ හෝ වේ. උඩට පිළිවෙළින් තුනීවූ හිසින් යුක්තවූයේ කඳුමුදුනක් වැනි හිස් ඇත්තේ හෝ වේ. මහත් හුණපුරකක් සමානවූ හිසින් යුක්ත වූ හෝ නැළිහිස් ඇත්තේ හෝ වේ. චතුර්විධ පාර්‍ශවයන් අතුරෙහි යම්කිසි පාර්‍ශවයකින් නැමුනු හිසින් යුක්තවූයේ බෙදුනු හිස් ඇත්තේ හෝ, ඉදිරියට නෙරූ හිස් ඇත්තේ හෝ වේ. වණහිස් ඇත්තේ හෝ කුණුහිස් ඇත්තේ හෝ පණුවන් විසින් කන ලද කුඹුරෙහි සස්‍ය සමානව ඒ ඒ තැන නැගි කෙස්වලින් යුක්තවූයේ කර්‍ණකශීර්‍ෂ ඇත්තේ හෝ වේ. ලොම් නැති හිස් ඇත්තේ හෝ තල්ඉරටු සමාන කෙසින් යුක්තවූයේ දළ තදකෙස් ඇත්තේ හෝ වේ. උපතින් පැසුනු සුදු කෙස් ඇත්තේ හෝ වේ. ඇවිලගත්තක් වැනි කෙසින් යුක්ත වූයේ, ප්‍රකෘතියෙන් තඹවන් කෙස් ඇත්තේ හෝ වේ. ගෙරින්ගේ සිරුරෙහි සුළි සමාන වූ උඩබැලු අග් ඇති කෙස් සුළිවලින් යුක්තවූයේ ආවර්තශීර්‍ෂ ඇත්තේ හෝ වේ. දැලින් බැඳුනක් වැනි නළලින් යුක්ත වූයේ එකට බැඳුනු බැමලොම් ඇත්තේ හෝ වේ.

සම‍්බද‍්ධභමුකො වා නිල‍්ලොමභමුකො වා මක‍්කටභමුකො වා අතිමහන‍්තක‍්ඛි වා අතිඛුද‍්දකක‍්ඛි වා මහිංසචම‍්මෙ වාසිකොණෙන පහරිත්‍වා කතඡිද‍්දසදිසෙහි අක‍්ඛීහි සමන‍්නාගතො, විසමක‍්ඛි වා එකෙන මහන‍්තෙන එකෙන ඛුද‍්දකෙන අක‍්ඛිනා සමන‍්නාගතො, විසමචක‍්කලො වා එකෙන උද‍්ධං එකෙන අධොති එවං විසමජාතෙහි අක‍්ඛිචක‍්කලෙහි සමන‍්නාගතො, කෙකරො වා ගම‍්භීරක‍්ඛි වා යස‍්ස ගම‍්භීරෙ උදපානෙ උදකතාරකා විය අක‍්ඛිතාරකා පඤ‍්ඤායන‍්ති; නික‍්ඛන‍්තක‍්ඛි වා යස‍්ස කක‍්කටකස‍්සෙව අක‍්ඛිතාරකා නික‍්ඛන‍්තා හොන‍්ති; හත්‍ථිකණ‍්ණො වා මහතීහි කණ‍්ණසක‍්ඛලිකාහි සමන‍්නාගතො, මූසිකකණ‍්ණො වා ජටුකකණ‍්ණො වා ඛුද‍්දිකාහි කණ‍්ණසක‍්ඛලිකාහි සමන‍්නාගතො, ඡිද‍්දමත‍්තකණ‍්ණො වා යස‍්ස විනා කණ‍්ණසක‍්ඛලිකාහි කණ‍්ණඡිද‍්දමත‍්තමෙව හොති; අවිද‍්ධකණ‍්ණො වා යොනකජාතිකො පන පරිසදූසකො න හොති; සභාවොයෙව හි සො තස‍්ස කණ‍්ණභගන්‍දරිකො වා නිච‍්චපූතිනා කණ‍්ණෙන සමන‍්නාගතො, ගණ‍්ඩකණ‍්ණො වා සදාපග‍්ඝරිතපුබ‍්බෙන කණ‍්ණෙන සමන‍්නාගතො, ටඞ‍්කිතකණ‍්ණො වා ගොභත‍්තනාළිකාය අග‍්ගසදිසෙහි කණ‍්ණෙහි සමන‍්නාගතො, අතිපිඞ‍්ගලක‍්ඛි වා මධුපිඞ‍්ගලං පන පබ‍්බාජෙතුං වට‍්ටති. නිප‍්පඛුමක‍්ඛි වා අස‍්සුපග‍්ඝරණක‍්ඛි වා පුප‍්ඵිතක‍්ඛි වා අක‍්ඛිපාකෙන සමන‍්නාගතක‍්ඛි වා.

එකට සම්බන්‍ධ වූ බැම ඇත්තේ හෝ ලොම් නැති බැම ඇත්තේ හෝ වඳුරන්ගේ බැම වැනි බැම ඇත්තේ හෝ වේ. ඉතා මහත් ඇස් ඇත්තේ හෝ මීසමෙහි වෑකොණින් ගසා කළ සිදුරු වැනි ඇස්වලින් යුක්තවූයේ ඉතාකුඩා ඇස් ඇත්තේ හෝ වේ. එක්කුඩා ඇසකින්ද එක් මහත් ඇසකින්ද යුක්තවූයේ විසම ඇස් ඇත්තේ හෝ වේ. එකකින් උඩ, එකකින් යටැයි මෙසේ විසමව හටගත් ඇස්ගුළිවලින් යුක්තවූයේ විසම වූ ඇස් ගුළි ඇතේ හෝ වේ. වපරැස් ඇත්තේ හෝ යමක්හුගේ ඇස්තරු ගැඹුරුලිඳෙක දියතරු මෙන් පැණේද, හෙතෙමේ යටට ගිලුනු ඇස් ඇත්තේ හෝ වේ. යමක්හුගේ ඇස්තරු, කකුළුවකුගේ ඇස්තරු මෙන් නික්මුනේ වේද හෙතෙමේ නිකුත්වූ ඇස් ඇත්තේ හෝ වේ. මහත්වූ කන් හැකිලිවලින් යුක්තවූයේ ඇත්කන් වැනි කන් ඇත්තේ හෝ වේ. කුඩා කන්හැකිළි පියලින් යුක්තවූයේ මීකන් වැනි කන් ඇත්තේ හෝ ලහටුකන් ඇත්තේ හෝ වේ. යමක්හට කන් හැකිළිවලින් තොරව කන්සිදුර පමණක් වේද, හෙතෙමේ සිදුර පමණක් වූ කන් ඇත්තේ හෝ වේ. නොවිදින ලද කන් ඇත්තේ හෝ වේ. යොනකජාති ඇත්තේ පරිසදූසක නොවේ. ඔහුගේ ඒ ස්වභාවයම වේ. නිතර පූයා වැගිරෙන කණින් යුක්ත වූයේ භගරකන් ඇත්තේ හෝ වේ. සැමදා වැගිරෙණ පූයා ඇති කණින් යුක්තවූයේ ගඩකන් ඇත්තේ හෝ වේ. ගොභත්තනාළිකාවෙහි අග සමාන කණින් යුක්තවූයේ ටඞ්කිතකර්‍ණ ඇත්තේ හෝ වේ. බළල් ඇස් ඇත්තේ හෝ වේ. මීපැහැති පිඞ්ගල ඇස් ඇත්තහු පැවිදි කිරීම වටියි. ඇස්පිය ලොම් නැත්තේ හෝ වේ. කඳුලු වැගිරෙණ ඇස් ඇත්තේ හෝ වේ. ඉදිරියට නෙරාසිටි ඇස් ඇත්තේ හෝ වේ. ඇස් පැසවීම නම්වූ රෝගයෙන් යුක්ත වූ ඇස් ඇත්තේ හෝ වේ.

අතිමහන‍්තනාසිකො වා අතිඛුද‍්දකනාසිකො වා චිපිටනාසිකො වා මජ‍්ඣෙ අප‍්පතිට‍්ඨහිත්‍වා එකපස‍්සෙ ඨිතවඞ‍්කනාසිකො වා, දීඝනාසිකො වා සුකතුණ‍්ඩසදිසාය ජිව‍්හාය ලෙහිතුං සක‍්කුණෙය්‍යාය නාසිකාය සමන‍්නාගතො, නිච‍්චපග‍්ඝරිතසිඞ‍්ඝාණිකනාසො වා.

ඉතාමහත් නාසය ඇත්තේ හෝ වේ. ඉතා කුඩා නාසය ඇත්තේ හෝ වේ. පැතලි නාසය ඇත්තේ හෝ වේ. මැද නොපිහිටි එක් පසෙක්හි පිහිටි වක්නාසය ඇත්තේ හෝ වේ. ගිරාතුඩ වැනි දිවෙන් ලෙවිය හැකි නාසයෙන් යුක්ත වූ දිග්නාසය ඇත්තේ හෝ වේ. නිති වැගිරෙණ සොටු ඇති නාසය ඇත්තේ හෝ වේ.

මහාමුඛො වා යස‍්ස පටඞ‍්ගමණ‍්ඩූකස‍්සෙව මුඛනිමිත‍්තංයෙව මහන‍්තං හොති, මුඛං පන ලාබුසදිසං අතිඛුද‍්දකං, භින‍්නමුඛො වා වඞ‍්කමුඛො වා මහාඔට‍්ඨො වා උක‍්ඛලිමුඛවට‍්ටිසදිසෙහි ඔට‍්ඨෙහි සමන‍්නාගතො, තනුකඔට‍්ඨො වා භෙරිචම‍්මසදිසෙහි දන‍්තෙ පිදහිතුං අසමත්‍ථෙහි ඔට‍්ඨෙහි සමන‍්නාගතො, මහාධරොට‍්ඨො වා තනුකඋත‍්තරොට‍්ඨො වා තනුකඅධරොට‍්ඨො වා මහාඋත‍්තරොට‍්ඨො වා ඔට‍්ඨඡින‍්නකො වා එළමුඛො වා උප‍්පක‍්කමුඛො වා සඞ‍්ඛතුණ‍්ඩකො වා බහිසෙතෙහි අන‍්තො අතිරත‍්තෙහි ඔට‍්ඨෙහි සමන‍්නාගතො, දුග‍්ගන්‍ධකුණපමුඛො වා.

යමක්හට මහාමුඛ ඇති මැඬියකුගේ මෙන් මුඛනිමත්තම මහත් වේද, මුඛය ලබු සමානව ඉතා කුඩා වේද, හෙතෙමේ මහා මුඛ ඇත්තේ හෝ වේ. බිඳුනු මුව ඇත්තේ හෝ වේ. වක්වූ මුව ඇත්තේ හෝ වේ. සැළමුවවිට සමාන දෙතොලින් යුක්ත වූයේ මහත් තොල් ඇත්තේ හෝ වේ. දත් වසන්නට අසමර්‍ත්‍ථ වූ බෙරසමවැනි තුනී තොල් ඇත්තේ හෝ වේ. මහත්වූ යටතොල ඇත්තේ හෝ වේ. තුනී වූ උඩුතොල ඇත්තේ හෝ වේ. තුනීවූ යටිතොල ඇත්තේ හෝ වේ. මහත් වූ උඩුතොල ඇත්තේ හෝ වේ. සිඳුනු තොල් ඇත්තේ හෝ වේ. කෙළ තොලුවූයේ හෝ වේ. පිටත සුදු වූ ඉතා රතු වූ තොල්වලින් යුක්තවූයේ දැවුනු තුඩ ඇත්තේ හෝ සක්වැනි තුඩ ඇත්තේ හෝ වේ. දුගඳ හමන මුව ඇත්තේ හෝ වේ.

මහාදන‍්තො වා අට‍්ඨකදන‍්තසදිසෙහි දන‍්තෙහි සමන‍්නාගතො අසුරදන‍්තො වා හෙට‍්ඨා වා උපරි වා බහිනික‍්ඛන‍්තදන‍්තො, යස‍්ස පන සක‍්කා හොති ඔට‍්ඨෙහි පිදහිතුං කථෙන‍්තස‍්සෙව පඤ‍්ඤායති නො අකථෙන‍්තස‍්ස, තං පබ‍්බාජෙතුං වට‍්ටති. පූතිදන‍්තො වා නිද‍්දන‍්තො වා යස‍්ස පන දන‍්තන‍්තරෙ කලන්‍දකදන‍්තො විය සුඛුමදන‍්තො හොති, තං පබ‍්බාජෙතුං වට‍්ටති.

දැති පෝරුව වැනි දත්වලින් යුක්ත වූයේ මහත් දත් ඇත්තේ හෝ වේ. මුවෙන් යටින් හෝ උඩින් පිටතට නික්මුනු දත්ඇත්තේ, අසුරදත් ඇත්තේ හෝ වේ. යමක්හුගේ දත් තොල්වලින් වසන්නට හැක්කේවේද, බණන කල්හිම දත් පෙණේද, නොබණන කල්හි නොපෙණේද, ඔහු පැවිදි කිරීමෙහි වරදක් නැත්තේය. කුණු දත් ඇත්තේ හෝ වේ. දත් නැත්තේ හෝ වේ. යමක්හුගේ දත් අතුරෙහි ලේනදත් වැනි සියුම් දත් ඇත්තේ හෝ වේද, ඔහු පැවිදිකළ හැකිය.

මහාහනුකො වා ගොහනුසදිසෙන හනුනා සමන‍්නාගතො, දීඝහනුකො වා චිපිටහනුකො වා අන‍්තොපවිට‍්ඨෙන විය අතිරස‍්සෙන හනුකෙන සමන‍්නාගතො, භින‍්නහනුකො වා වඞ‍්කහනුකො වා නිම‍්මස‍්සුදාඨිකො වා භික‍්ඛුනිසදිසමුඛො දීඝගලො වා බකගලසදිසෙන ගලෙන සමන‍්නාගතො, රස‍්සගලො වා අන‍්තොපවිට‍්ඨෙන විය ගලෙන සමන‍්නාගතො, භින‍්නගලො වා භට‍්ඨඅංසකූටො වා අහත්‍ථො වා එකහත්‍ථො වා අතිරස‍්සහත්‍ථො වා අතිදීඝහත්‍ථො වා භින‍්නඋරො වා භින‍්නපිට‍්ඨි වා කච‍්ඡුගත‍්තො වා කණ‍්ඩුගත‍්තො වා දද‍්දුගත‍්තො වා ගොධාගත‍්තො වා, යස‍්ස ගොධාය විය ගත‍්තතො චුණ‍්ණානි පතන‍්ති, සබ‍්බඤ‍්චෙතං විරූපකරණං සන්‍ධාය විත්‍ථාරිකවසෙන වුත‍්තං. විනිච‍්ඡයො පනෙත්‍ථ “න භික‍්ඛවෙ පඤ‍්චහි ආබාධෙහී”ති එත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

ගෙරිහක්ක වැනි හකුවෙන් යුක්තවූ මහත්හණු ඇත්තේ හෝ වේ. ඉතා දික්වූ හනු ඇත්තේ හෝ වේ. ඇතුළට පිවිසියක් වැනි ඉතාකොට හනුවෙන් යුක්ත වූයේ පෙරළුනු හනු ඇත්තේ හෝ වේ. බිඳුනක් වැනි හනු ඇත්තේ හෝ වේ. වක්වූ හනු ඇත්තේ හෝ වේ. මෙහෙණකගේ මෙන් මුහුන ඇත්තේ, යටඋඩුරැවුල ඇත්තේ හෝ වේ. කොක්බෙල්ල සමාන වූ බෙල්ලෙන් යුක්ත වූයේ බෙල්ල ඇත්තේ හෝ වේ. ඇතුළට පිවිසියක් වැනි බෙල්ලෙන් යුක්ත වූ මිටිබෙල්ල ඇත්තේ හෝ වේ. බිඳුනක් වැනි බෙල්ල ඇත්තේ හෝ වේ. ගිලිහුන් අංසකුටය ඇත්තේ හෝ වේ. අත් නැත්තේ හෝ වේ. එක් අතක් ඇත්තේ හෝ වේ. ඉතා ලුහුඬු අත් ඇත්තේ හෝ වේ. ඉතා දිග් අත් ඇත්තේ හෝ වේ. ඉතා පහත්වූ ලමැද ඇත්තේ හෝ වේ. බිඳුනු පිටට ඇත්තේ හෝ වේ. කුෂ්ටයෙන් යුත් සිරුරු ඇත්තේ හෝ වේ. කසන සිරුරු ඇත්තේ හෝ වේ. දදවලින් යුත් සිරුරු ඇත්තේ හෝ වේ. යමක්හුගේ ගොයින්ගේ මෙන්, සිරුරෙන් සුණු ගැලවී වැටේද, හෙතෙමේ ගොයින්ගේ මෙන් සිරුරු ඇත්තේ හෝ වේ. මේ සියල්ල විරූපකරණය සඳහා විස්තර කිරීම් වසයෙන් කියන ලදී. මෙහි විනශ්චය වනාහි “න භික්‍ඛවෙ පඤ්චහි ආබාධෙහි” යන මෙහි කියූනයින්ම දතයුතුය.

භට‍්ඨකටිකො වා මහාආනිසදො වා උද‍්ධනකූටසදිසෙහි ආනිසදමංසෙහි අච‍්චුග‍්ගතෙහි සමන‍්නාගතො, මහාඌරුකො වා වාතණ‍්ඩිකො වා මහාජාණුකො වා සඞ‍්ඝට‍්ටනජාණුකො වා දීඝජඞ‍්ඝො වා යට‍්ඨිසදිසජඞ‍්ඝො විකටො වා පණ‍්හො වා උබ‍්බද‍්ධපිණ‍්ඩිකො වා, සො දුවිධො හෙට‍්ඨා ඔරුළ‍්හාහි වා උපරි ආරුළ‍්හාහි වා මහතීහි ජඞ‍්ඝපිණ‍්ඩිකාහි සමන‍්නාගතො, මහාජඞ‍්ඝො වා ථූලජඞ‍්ඝපිණ‍්ඩිකො වා මහාපාදො වා මහාපණ‍්හි වා පිට‍්ඨිකපාදො වා පාදවෙමජ‍්ඣතො උට‍්ඨිතජඞ‍්ඝො වඞ‍්කපාදො වා සො දුවිධො – අන‍්තො වා බහි වා පරිවත‍්තපාදො ගණ‍්ඨිකඞ‍්ගුලි වා සිඞ‍්ගිවෙරඵණසදිසාහි අඞ‍්ගුලීහි සමන‍්නාගතො, අන්‍ධනඛො වා කාළවණ‍්ණෙහි පූතිනඛෙහි සමන‍්නාගතො, සබ‍්බොපි එස පරිසදූසකො. එවරූපො පරිසදූසකො න පබ‍්බාජෙතබ‍්බො.

ගිලිහුන කටිය ඇත්තේ හෝ වේ. උඳුන්කුළු හෙවත් ලිප්ගල් සමාන වූ ඉතා උස්වූ තට්ටම් ඇත්තේ හෝ වේ. මහත්වූ කලවා ඇත්තේ හෝ වේ. අණ්ඩවාතය ඇත්තේ හෝ වේ. මහත්වූ දණ ඇත්තේ හෝ වේ. එකට ගැටෙන දණ ඇත්තේ හෝ වේ. දිග්වූ කෙණ්ඩා ඇත්තේ හෝ වේ. පස්සට පෙරළන පා ඇත්තේ හෝ වේ. එකට ගැටෙන පිඬුමස් ඇත්තේ හෝ වේ. හෙතෙමේ යටට බැස්සාවූ හෝ උඩට නැංගාවූ හෝ මහත්වූ දඟපිඬුවලින් යුක්තවූයේයි දෙවැදෑරුම් වේ. මහත්වූ කෙණ්ඩා ඇත්තේ, හෝ වේ. තරකෙණ්ඩා ඇත්තේ හෝ වේ. මහත්වූ පා ඇත්තේ හෝ වේ. මහත්වූ විළුඹු ඇත්තේ හෝ වේ. යට වූ පිටිපස ඇත්තේ හෝ වේ. පාමැදින් නැගුනු කෙණ්ඩා ඇත්තේ වක්වූ පා ඇත්තේ හෝ වේ. හෙතෙමේ ඇතුළට හෝ පිටට හෝ පෙරළුනු පා ඇත්තේයි දෙවැදෑරුම් වේ. ඉඟුරු අතුවැනි ඇඟිලිවලින් යුක්තවූ ගැට ඇඟිලි ඇත්තේ හෝ වේ. කලු පැහැති කුණු නිය ඇත්තේ හෝ වේ. මේ සියලු දෙනම පරිස දූසක වේ. මෙබඳුවූ පරිස දූසකතෙමේ පැවිදි නොකටයුතුය.

කාණොති පසන‍්නන්‍ධො වා හොතු පුප‍්ඵාදීහි වා උපහතපසාදො. යො ද‍්වීහි වා එකෙන වා අක‍්ඛිනා න පස‍්සති, සො න පබ‍්බාජෙතබ‍්බො. මහාපච‍්චරියං පන එකක‍්ඛිකාණො කාණොති වුත‍්තො, ද‍්විඅක‍්ඛිකාණො අන්‍ධෙන සඞ‍්ගහිතො. මහාඅට‍්ඨකථායං ජච‍්චන්‍ධො අන්‍ධොති වුත‍්තො, තස‍්මා උභයම‍්පි පරියායෙන යුජ‍්ජති. කුණීති හත්‍ථකුණී වා පාදකුණී වා අඞ‍්ගුලිකුණී වා; යස‍්ස එතෙසු හත්‍ථාදීසු යංකිඤ‍්චි වඞ‍්කං පඤ‍්ඤායති, සො කුණී නාම. ඛඤ‍්ජොති නතජාණුකො වා භින‍්නජඞ‍්ඝො වා මජ‍්ඣෙ සඞ‍්කුටිතපාදත‍්තා කුණ‍්ඩපාදකො වා පිට‍්ඨිපාදමජ‍්ඣෙන චඞ‍්කමන‍්තො අග‍්ගෙ සඞ‍්කුටිතපාදත‍්තා කුණ‍්ඩපාදකො වා පිට‍්ඨිපාදග‍්ගෙන චඞ‍්කමන‍්තො අග‍්ගපාදෙනෙව චඞ‍්කමනඛඤ‍්ජො වා පණ‍්හිකාය චඞ‍්කමනඛඤ‍්ජො වා පාදස‍්ස බාහිරන‍්තෙන චඞ‍්කමනඛඤ‍්ජො වා පාදස‍්ස අබ‍්භන‍්තරන‍්තෙන චඞ‍්කමනඛඤ‍්ජො වා ගොප‍්ඵකානං උපරි භග‍්ගත‍්තා සකලෙන පිට‍්ඨිපාදෙන චඞ‍්කමනඛඤ‍්ජො වා; සබ‍්බොපෙස ඛඤ‍්ජොයෙව, සො න පබ‍්බාජෙතබ‍්බො.

“කාණො” ප්‍රසන්න අන්‍ධයෙක් හෝ වේවා. පුෂ්ප නම් රෝගයෙන් නැසුනු ප්‍රසාදය ඇත්තේ හෝ වේවා. හෙතෙමේය. යමෙක්තෙමේ දෙඇසින් හෝ එක් ඇසකින් හෝ නොදකීද, හෙතෙමේ පැවිදි නොකටයුත්තේය. මහාපච්චරියෙහි වනාහි එක් ඇසකින් කණවූයේ කණායයි කියන ලද්දේය. දෙඇසින් කණවූයේ අන්‍ධ යන වචනයෙන් සඞ්ග්‍රහ කරණ ලද්දේය. මහාර්‍ත්‍ථකථාවෙහි ජාත්‍යන්‍ධ තෙමේ අන්‍ධයි කියනලදී. එහෙයින් දෙකම කරුණු වසයෙන් යෙදේ. “කුණී” වක් අත් ඇත්තේ හෝ වක්පා ඇත්තේ හෝ වක් ඇඟිලි ඇත්තේ හෝ වේ. යමක්හුගේ මේ අත්පා ආදීන් අතුරෙහි යම්කිසි එකක්වක්ව පෙණේද, හෙතෙමේ කුණීන නම්වේ. “ඛඤ්ජො” නැමුනු දණ ඇත්තේ හෝ මැද හැකුලුනු පා ඇතිබැවින් බිඳුනු කෙණ්ඩා ඇත්තේ හෝ කොණ්ඩපා ඇත්තේ හෝ අග හැකුලුනු පාඇති බැවින් පිටිපස පා මැදින් සක්මන් කරන්නේ හෝ, පිටිපා අගින් සක්මන් කරන්නේ කොඞ්පා ඇත්තේ හෝ පා අගින්ම සක්මන් කරන කොරු හෝ විළුඹින් සක්මන් කරන කොරු හෝ පයෙහි පිටත කෙළවරින් සක්මන් කරන කොරු හෝ විළුඹින් සක්මන්කරන කොරු හෝ පයෙහි පිටත කෙළවරින් සක්මන් කරන කොරු හෝ පයෙහි ඇතුළත කෙළවරින් සක්මන් කරන කොරු හෝ ගොස් මස මත්තෙහි බිඳුනු බැවින් සියලු පිටිපසින් සක්මන් කරන කොරු හෝ යන මේ සියලුදෙනම කොරුමය. හෙතෙමේ පැවිදි නොකටයුතුය.

පක‍්ඛහතොති යස‍්ස එකො හත්‍ථො වා පාදො වා අඩ‍්ඪසරීරං වා සුඛං න වහති. ඡින‍්නිරියාපථොති පීඨසප‍්පි වුච‍්චති. ජරාදුබ‍්බලොති ජිණ‍්ණභාවෙන දුබ‍්බලො අත‍්තනො චීවරරජනාදිකම‍්මං කාතුම‍්පි අසමත්‍ථො. යො පන මහල‍්ලකොපි බලවා හොති, අත‍්තානං පටිජග‍්ගිතුං සක‍්කොති, සො පබ‍්බාජෙතබ‍්බො. අන්‍ධොති ජච‍්චන්‍ධො වුච‍්චති. මූගොති යස‍්ස වචීභෙදො නප‍්පවත‍්තති; යස‍්සාපි පවත‍්තති, සරණගමනං පන පරිපුණ‍්ණං භාසිතුං න සක‍්කොති, තාදිසං මම‍්මනම‍්පි පබ‍්බාජෙතුං න වට‍්ටති. යො පන සරණගමනමත‍්තං පරිපුණ‍්ණං භාසිතුං සක‍්කොති, තං පබ‍්බාජෙතුං වට‍්ටති.

“පක්‍ඛභතො” යමක්හුගේ එක් අතක් හෝ එක් පයක් හෝ එක් සිරුරු අඩක් හෝ සුව ඇත්තේ නොවේද, හෙතෙමේය. “ඡින්නිරියාපථො” පිළු කියනු ලැබේ. “ජරාදුබ්බලො” දිරූබැවින් දුර්‍වල වූයේය. තමන්ගේ සිවුරු රඳන් ගැන්වීම් ආදිය කිරීමෙහි අසමර්‍ත්‍ථ තෙමේය. යමෙක් වනාහි මහලුවූයේවේද, තමන් පිළිදගින්නට හැකිවේද, හෙතෙමේ පැවිදි කටයුත්තේය. “අන්‍ධො” ජාත්‍යන්‍ධ තෙමේ කියනු ලැබේ. “මුගො” යමක්හුගේ වාග්භෙදය නොපවතීද, යමක්හුගේ පවතීද, සරණාගමනය පිරිපුන්කොට කියන්නට නොහැකිවේද, එබඳු පැකිළ පවත්නා වචන ඇත්තහු පැවිදි කිරීම නොවටියි.

බධිරොති යො සබ‍්බෙන සබ‍්බං න සුණාති. යො පන මහාසද‍්දං සුණාති, තං පබ‍්බාජෙතුං වට‍්ටති. අන්‍ධමූගාදයො උභයදොසවසෙන වුත‍්තා. යෙසඤ‍්ච පබ‍්බජ‍්ජා පටික‍්ඛිත‍්තා, උපසම‍්පදාපි තෙසං පටික‍්ඛිත‍්තාව. සචෙ පන තෙ සඞ‍්ඝො උපසම‍්පාදෙති, සබ‍්බෙපි හත්‍ථච‍්ඡින‍්නාදයො සූපසම‍්පන‍්නා, කාරකසඞ‍්ඝො පන ආචරියුපජ‍්ඣායා ච ආපත‍්තිතො න මුච‍්චන‍්ති. වක‍්ඛති ච – “අත්‍ථි භික‍්ඛවෙ පුග‍්ගලො අප‍්පත‍්තො ඔසාරණං, තඤ‍්චෙ සඞ‍්ඝො ඔසාරෙති, එකච‍්චො සුඔසාරිතො, එකච‍්චො දුඔසාරිතො”ති තස‍්සත්‍ථො ආගතට‍්ඨානෙයෙව ආවි භවිස‍්සතීති.

“ඛධිරො” යමෙක් මුළුමනින් නොඅසාද, යමෙක්වනාහි මහත්හඬ අසාද, ඔහු පැවිදි කිරීමෙහි වරදක් නැත්තේය. අන්‍ධමුගාදීහු උභයදොස වසයෙන් කියන ලදහ. යම්කෙනෙකුන්ට පැවිද්ද ප්‍රතික්‍ෂෙප කරන ලදද, ඔවුන්ට උපසම්පදාවද ප්‍රතික්‍ෂෙප කරණ ලද්දීමය. ඉදින් සංඝතෙමේ ඔවුන් උපසපන් කෙරේනම්, සියලුම අත්සිඳුනාහුද, මනා උපසම්පන්නයෝ වෙති. කාරකසඞ්ඝ තෙමේද, ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝද ඇවැතින් නොමිදෙත්. “අත්‍ථිභික්‍ඛවෙ පුග්ගලො අපත්තො ඔසාරණං. තං චෙ සඞ්ඝො ඔසාරෙති, එකච්චො සුඔසාරිතො, එකච්චො දුඔසාරිතො”යි කියන්නේය. එහි අර්‍ත්‍ථය ආතන්හිම පහළවන්නේය.

හත්‍ථච‍්ඡින‍්නාදිවත්‍ථුකථා නිට‍්ඨිතා.

හත්‍ථච්ඡින්නාදිවත්‍ථු කථාව නිමි.