අලජ්ජීනිස්සයවත්ථුකථා අට්ඨකථා
අලජ්ජීනිස්සයවත්ථුකථා
අලජ්ජීනිස්සයවත්ථුකථා
අලජ්ජීනං නිස්සාය වසන්තීති උපයොගත්ථෙ සාමිවචනං; අලජ්ජිපුග්ගලෙ නිස්සාය වසන්තීති අත්ථො. යාව භික්ඛුසභාගතං ජානාමීති නිස්සයදායකස්ස භික්ඛුනො භික්ඛූහි සභාගතං ලජ්ජිභාවං යාව ජානාමීති අත්ථො. තස්මා නවං ඨානං ගතෙන “එහි භික්ඛු, නිස්සයං ගණ්හාහී”ති වුච්චමානෙනාපි චතූහපඤ්චාහං නිස්සයදායකස්ස ලජ්ජිභාවං උපපරික්ඛිත්වා නිස්සයො ගහෙතබ්බො.
“අලජ්ජිනං නිස්සාය වසන්ති” ද්විතීයාවිභකත්යර්ත්ථයෙහි ෂෂ්ඨි වචනයි. අලජ්ජි පුද්ගලයන් නිසා වසත්ය යන අර්‍ත්‍ථයි. “යාව භික්ඛුසභාගතං ජානාමි” නිසදෙන මහණහුගේ, මහණුන් හා ශීලාදිගුණ සභාගත්‍වය ලජ්ජිභාවය යම්තාක් දනිම්ද යන අර්‍ත්‍ථයි. එහෙයින් අලුත් තැනකට ගියහු විසින් ‘එව, මහණ’ නිස ගනුව’යි කියනු ලබන්නහු විසින් සතරපස් දවසක් නිසදෙන මහණහුගේ ලජ්ජිභාවය පරීක්ෂාකොට නිස ගතයුතුය.
සචෙ “ථෙරො ලජ්ජී”ති භික්ඛූනං සන්තිකෙ සුත්වා ආගතදිවසෙයෙව ගහෙතුකාමො හොති, ථෙරො පන “ආගමෙහි තාව, වසන්තො ජානිස්සසී”ති කතිපාහං ආචාරං උපපරික්ඛිත්වා නිස්සයං දෙති, වට්ටති. පකතියා නිස්සයග්ගහණට්ඨානං ගතෙන තදහෙව ගහෙතබ්බො, එකදිවසම්පි පරිහාරො නත්ථි. සචෙ පඨමයාමෙ ආචරියස්ස ඔකාසො නත්ථි, ඔකාසං අලභන්තො “පච්චූසසමයෙ ගහෙස්සාමී”ති සයති, අරුණං උග්ගතම්පි න ජානාති, අනාපත්ති. සචෙ පන “ගණ්හිස්සාමී”ති ආභොගං අකත්වා සයති, අරුණුග්ගමනෙ දුක්කටං. අගතපුබ්බං ඨානං ගතෙන ද්වෙ තීණි දිවසානි වසිත්වා ගන්තුකාමෙන අනිස්සිතෙන වසිතබ්බං. “සත්තාහං වසිස්සාමී”ති ආලයං කරොන්තෙන පන නිස්සයො ගහෙතබ්බො. සචෙ ථෙරො “කිං සත්තාහං වසන්තස්ස නිස්සයෙනා”ති වදති, පටික්ඛිත්තකාලතො පට්ඨාය ලද්ධපරිහාරො හොති.
ඉදින් ‘ස්ථවිරතෙමේ ලජ්ජිය’යි මහණුන් වෙතින් අසා ආ දවසෙහිම නිසගනු කැමතිවේද, ස්ථවිරතෙමේ වනාහි ‘ඒතාක් බලාපොරොත්තුවෙව, වසනුයේ දන්නෙහි’යි කීපදවසක් ආචාරය පරීක්ෂාකොට නිසදේනම් වටියි. ප්‍රකෘතියෙන් නිසගන්නා තැනට ගියහු විසින් එදවසම නිස ගතයුතුය. එක් දවසකුදු පරිහාරයක් නැත්තේය. ප්‍රථමයාමයෙහි ඇදුරහුට අවකාශයක් නැත්තේනම්, අවකාශ නොලබන්නේ අලුයම් කාලයෙහි ගන්නෙමියි සයනය කෙරේනම්, නැගි අරුණත් නොදනීනම් ඇවැත් නොවේ. ‘ගන්නෙමි’යි ආභොග නොකොට සයනය කෙරේනම්, අරුණ නැගීමෙහි දුක්කටයට පැමිණේ. පෙර නොගිය තැනට ගියහු විසින් දෙතුන් දවසක් වැස යනු කැමැත්ත නිස නොගෙනම විසිය යුතුය. ‘සත් දවසක් වසන්නෙමි’යි ආලය කරන්නහු විසින්ම නිස ගතයුතුය. ස්ථවිරතෙමේ සත්දවසක් වසන්නහුට නිසයෙන් කිම්දැ’යි කියානම්, ප්රතික්ෂෙප කළ කාලයෙහි පටන් ලද පරිහාරය ඇත්තේ වේ.
අලජ්ජීනිස්සයවත්ථුකථා නිට්ඨිතා.
ගමිකාදිනිස්සයවත්ථුකථා
ගමිකාදිනිස්සයවත්ථුකථා
නිස්සයකරණීයොති කරණීයනිස්සයො, කරණීයො මයා නිස්සයො; ගහෙතබ්බොති අත්ථො. නිස්සයං අලභමානෙනාති අත්තනා සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නෙසු නිස්සයදායකෙ අසති නිස්සයං න ලභති නාම. එවං අලභන්තෙන අනිස්සිතෙන බහූනිපි දිවසානි ගන්තබ්බං. සචෙ පුබ්බෙපි නිස්සයං ගහෙත්වා වුත්ථපුබ්බං කඤ්චි ආවාසං පවිසති, එකරත්තං වසන්තෙනාපි නිස්සයො ගහෙතබ්බො. අන්තරාමග්ගෙ විස්සමන්තො වා සත්ථං පරියෙසන්තො වා කතිපාහං වසති, අනාපත්ති. අන්තොවස්සෙ පන නිබද්ධවාසං වසිතබ්බං, නිස්සයො ච ගහෙතබ්බො. නාවාය ගච්ඡන්තස්ස පන වස්සානෙ ආගතෙපි නිස්සයං අලභන්තස්ස අනාපත්ති.
“නිස්සයකරණීයො” කටයුතු නිස ඇත්තේය. මාවිසින් නිශ්‍රය කටයුතුය. ගතයුතුය යන අර්‍ත්‍ථයි. “නිස්සයං අලභමානෙන” තමන් සමග අදන්මගට පිළිපන් නිස දෙන්නකු නැති කල්හි නිස නොලබා නම. මෙසේ නොලබන අනිශ්ශ්රිතයහු විසින් බොහෝ දවස් යායුතුය. පෙරද නිසගෙන පෙර විසූ කිසි ආවාසයකට පිවිසේනම්, එක් රැයක් වසන්නහු විසින්ද නිස ගතයුතුය. අතරමග විඩාහරිමින් ජන සමූහයක් හෝ සොයමින් කීපදවසක් වෙසේද ඇවැත් නොවේ. වසතුළ වනාහි නිබද්ධවාසයෙන් විසිය යුතුය. නිසද ගතයුතුය. නැවෙන් යන්නහුට වනාහි වර්ෂාඍතුව පැමිණි කල්හිද නිසනොලබන්නහුට ඇවැත් නොවේ.
යාචියමානෙනාති තෙන ගිලානෙන යාචියමානෙන අනිස්සිතෙන වසිතබ්බං. සචෙ “යාචාහි ම”න්ති වුච්චමානොපි ගිලානො මානෙන න යාචති, ගන්තබ්බං.
“යාචියමානෙන” යදිනු ලබන ඒ ගිලනහු විසින් ‘මට යාඥා කරව’යි කියනු ලබන්නේද, මානයෙන් යාඥා නොකෙරේනම්, යායුතුය.
ඵාසු හොතීති සමථවිපස්සනානං පටිලාභවසෙන ඵාසු හොති. ඉමඤ්හි පරිහාරං නෙව සොතාපන්නො න සකදාගාමී අනාගාමී අරහන්තො ලභන්ති; න ථාමගතස්ස සමාධිනො වා විපස්සනාය වා ලාභී, විස්සට්ඨකම්මට්ඨානෙ පන බාලපුථුජ්ජනෙ කථාව නත්ථි. යස්ස ඛො පන සමථො වා විපස්සනා වා තරුණො හොති, අයං ඉමං පරිහාරං ලභති, පවාරණසඞ්ගහොපි එතස්සෙව අනුඤ්ඤාතො. තස්මා ඉමිනා පුග්ගලෙන ආචරියෙ පවාරෙත්වා ගතෙපි “යදා පතිරූපො නිස්සයදායකො ආගච්ඡිස්සති, තස්ස නිස්සාය වසිස්සාමී”ති ආභොගං කත්වා පුන යාව ආසාළ්හීපුණ්ණමා, තාව අනිස්සිතෙන වත්ථුං වට්ටති. සචෙ පන ආසාළ්හීමාසෙ ආචරියො නාගච්ඡති, යත්ථ නිස්සයො ලබ්භති, තත්ථ ගන්තබ්බං.
“ඵාසු හොති” ශමථ විදර්ශනාවන්ගේ ප්රතිලාභ වශයෙන් අරණ්‍ය සේනාසනයෙහි වසන මහණහුට පහසුවේනම් ඔහු විසින් නිසගෙන විසිය යුතුය. මේ පරිහාරය වනාහි, සෝවාන්-සෙදගැමි-අනුගැමි-රහත්හු නොමලබත්. ථාමගතසමාධි ඇත්තාහුද මේ පරිහාරය නොලබත්. විදර්ශනාලාභී තෙමේද, මේ පරිහාරය නොලබයි. හළකමටහන් ඇති බාල පෘථග්ජනයා කෙරෙහි කියයුත්තෙක්ම නැත්තේය. යමක්හුගේ වනාහි ශමථය හෝ විදර්ශනාව හෝ තරුණවේද, මෙතෙමේ මේ පරිහාරය ලබයි. පවාරණ සඞ්ග්‍රහයද මොහුටම අනුදන්නා ලද්දේය. එහෙයින් මේ පුද්ගලයා විසින් ඇදුරහු පවරා ගිය කල්හිද, යම්කලෙක සුදුසු නිසදෙන්නෙක් එන්නේද, ඔහුගේ ඇසුරෙහි වසන්නෙමි’යි ආභොගකොට නැවත ඇසළ පුන්පොහොය යම්තාක්ද, ඒතාක් අනිශ්ශ්රිතව විසීම සුදුසු වේ. ඇසළ මස්හි ආචාර්ය්ය තෙමේ නොඑන්නේ නම් යම් තැනෙකදී නිස ලැබේද, එහි යායුතුය.
ගොත්තෙනපි අනුස්සාවෙතුන්ති මහාකස්සපස්ස උපසම්පදාපෙක්ඛොති එවං ගොත්තං වත්වා අනුස්සාවෙතුං අනුජානාමීති අත්ථො.
“ගොත්තෙනපි අනුසාවෙතුං” “මහාකස්සපස්ස උපසම්පදාපෙක්ඛො”යි මෙසේ ගොත්‍රය කියා අනුශ්‍රාවණය කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.
ද්වෙ එකානුස්සාවනෙති ද්වෙ එකතො අනුස්සාවනෙ; එකෙන එකස්ස අඤ්ඤෙන ඉතරස්සාති එවං ද්වීහි වා ආචරියෙහි එකෙන වා එකක්ඛණෙ කම්මවාචං අනුස්සාවෙන්තෙහි උපසම්පාදෙතුං අනුජානාමීති අත්ථො.
“ද්වෙ එකානුසාවණෙ” දෙදෙනකු එකට අනුශ්‍රාවණය කිරීමෙහි. එකෙකු විසින් එකක්හට අනිකෙකු විසින් අනිකක්හටැයි මෙසේ එකක්ෂණෙයෙහි කර්මවාක්යය අනුශ්‍රාවණය කරන්නා වූ ආචාර්‍ය්‍යයන් දෙදෙනකුන් විසින් හෝ උපසම්පදා කරන්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි.
ද්වෙ තයො එකානුස්සාවනෙ කාතුං තඤ්ච ඛො එකෙන උපජ්ඣායෙනාති ද්වෙ වා තයො වා ජනෙ පුරිමනයෙනෙව එකතො අනුස්සාවනෙ කාතුං අනුජානාමි; තඤ්ච ඛො අනුස්සාවනකිරියං එකෙන උපජ්ඣායෙන අනුජානාමීති අත්ථො. තස්මා එකෙන ආචරියෙන ද්වෙ වා තයො වා අනුස්සාවෙතබ්බා. ද්වීහි වා තීහි වා ආචරියෙහි විසුං විසුං එකෙන එකස්සාති එවං එකප්පහාරෙනෙව ද්වෙ තිස්සො වා කම්මවාචා කාතබ්බා. සචෙ පන නානාචරියා නානුපජ්ඣායා හොන්ති, තිස්සත්ථෙරො සුමනත්ථෙරස්ස සද්ධිවිහාරිකං, සුමනත්ථෙරො තිස්සත්ථෙරස්ස සද්ධිවිහාරිකං අනුස්සාවෙති, අඤ්ඤමඤ්ඤඤ්ච ගණපූරකා හොන්ති, වට්ටති. සචෙ පන නානාඋපජ්ඣායා හොන්ති, එකො ආචරියො හොති, “නත්වෙව නානුපජ්ඣායෙනා”ති පටික්ඛිත්තත්තා න වට්ටති. ඉදං සන්ධාය හි එස පටික්ඛෙපො.
“ද්වෙ තයො එකානුසාවණෙ කාතුං තඤ්ච ඛො එකෙන උපජ්ඣායෙන” දෙදෙනකු හෝ තිදෙනකු හෝ පළමු නයින්ම එකට අනුශ්රාවණයෙහි ඇතුළත් කරන්නට අනුදනිමි. ඒ අනුශ්‍රාවණ ක්රියාවචනාහි එක් උපාද්ධ්‍යායයෙකු කරණකොට කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. එහෙයින් එක් ආචාර්ය්යකු විසින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ අනුශ්‍රාවණය කටයුත්තාහ. ආචාර්‍ය්‍යයන් දෙදෙනකු විසින් හෝ තිදෙනකු විසින් හෝ වෙන්වෙන්ව එකකු විසින් එකක්හටයි මෙසේ එක් පහරින්ම දෙකක් හෝ තුනක් හෝ කර්මවාක්යය කටයුත්තාහ. ඉදින් නොයෙක් ආචාර්‍ය්‍යයෝ නොයෙක් උපාද්ධ්‍යායයෝ වෙත්ද, තිස්ස ස්ථවිරතෙමේ, සුමන ස්ථවිරයන්ගේ සද්ධිවිහාරිකයාහට, සුමන ස්ථවිරතෙමේ තිස්ස ස්ථවිරයන්ගේ සද්ධිවිහාරිකයාහට අනුශ්‍රාවණය කෙරේද, ඔවුනොවුහුද, ගණපූරකයෝ වෙත්නම් වටියි. ඉදින් නොයෙක් උපාද්ධ්‍යායයෝ වෙත්නම්, එක් ආචාර්‍ය්‍යයෙක් වේනම් “නත්වෙව නානුපජ්ඣායෙන”යි ප්රතික්ෂෙප කළබැවින් නොවටියි. මේ සඳහාම මේ ප්රතික්ෂෙපයයි.
ගමිකාදිනිස්සයවත්ථුකථා නිට්ඨිතා.
උපසම්පදාවිධිකථා
උපසම්පදාවිධිකථා
පඨමං උපජ්ඣං ගාහාපෙතබ්බොති එත්ථ වජ්ජාවජ්ජං උපනිජ්ඣායතීති උපජ්ඣා, තං උපජ්ඣං; “උපජ්ඣායො මෙ භන්තෙ හොහී”ති එවං වදාපෙත්වා ගාහාපෙතබ්බො. විත්ථායන්තීති විත්ථද්ධගත්තා හොන්ති. යං ජාතන්ති යං තව සරීරෙ ජාතං නිබ්බත්තං විජ්ජමානං, තං සඞ්ඝමජ්ඣෙ පුච්ඡන්තෙ සන්තං අත්ථීති වත්තබ්බන්තිආදි. උල්ලුම්පතු මන්ති උද්ධරතු මං.
“පඨමං උපජ්ඣං ගාහාපෙතබ්බො” මෙහි ලොකු කුඩා වරද විමසා අවවාද කරන්නේනුයි උපජ්ඣා නම. ඒ උපාද්ධ්‍යායයා. ‘ස්වාමීනි’ මට උපාද්ධ්‍යාය වනු මැනවැ’යි මෙසේ කියවාගැන්විය යුත්තේය. “විත්ථායන්ති” වෙසෙසින් තැතිගත් සිරුරු ඇත්තාහු වෙත්. “උල්ලුම්පතු මං” මා උදුරාවා.
උපසම්පදාවිධිකථා නිට්ඨිතා.
චත්තාරොනිස්සයාදිකථා
චත්තාරොනිස්සයාදිකථා
තාවදෙවාති උපසම්පන්නසමනන්තරමෙව. ඡායා මෙතබ්බාති එකපොරිසා වා ද්විපොරිසා වාති ඡායා මෙතබ්බා. උතුප්පමාණං ආචික්ඛිතබ්බන්ති “වස්සානො හෙමන්තො ගිම්හො”ති එවං උතුප්පමාණං ආචික්ඛිතබ්බං. එත්ථ ච උතුයෙව උතුප්පමාණං. සචෙ වස්සානාදයො අපරිපුණ්ණා හොන්ති, යත්තකෙහි දිවසෙහි යස්ස යො උතු අපරිපුණ්ණො, තෙ දිවසෙ සල්ලක්ඛෙත්වා සො දිවසභාගො ආචික්ඛිතබ්බො. අථ වා “අයං නාම උතු, සො ච ඛො පරිපුණ්ණො වා අපරිපුණ්ණො වා”ති එවං උතුප්පමාණං ආචික්ඛිතබ්බං. “පුබ්බණ්හො වා සායන්හො වා”ති එවං දිවසභාගො ආචික්ඛිතබ්බො. සඞ්ගීතීති ඉදමෙව සබ්බං එකතො කත්වා “ත්වං කිං ලභසි, කා තෙ ඡායා, කිං උතුප්පමාණං, කො දිවසභාගො”ති පුට්ඨො “ඉදං නාම ලභාමි – වස්සං වා හෙමන්තං වා ගිම්හං වා, අයං මෙ ඡායා, ඉදං උතුප්පමාණං, අයං දිවසභාගොති වදෙය්යාසී”ති එවං ආචික්ඛිතබ්බං.
“තාවදෙව” උපසපන්වීමට අනතුරුවම. “ඡායා මෙතබ්බා” එක් බඹයක් ඇත්තේ හෝ දෙබඹයක් ඇත්තේ හෙයි ඡායාව මිනිය යුතුය. “උතුපමාණං ආවික්ඛිතබ්බං” වර්ෂාඍතුය, හේමන්තඍතුය, ග්රීෂ්මඍතුය’යි මෙසේ සෘතු ප්‍රමාණය කියයුතුය. මෙහි සෘතුවම සෘතු ප්‍රමාණ නම. ඉදින් වර්ෂාසෘතු ආදීහු පරිපූර්ණ නොවූවාහු වෙත්ද, යම්පමණ දවසකින් යමක්හට යම් සෘතුවක් අපරිපූර්ණවේද, ඒ දවස් සලකා ඒ දිවසභාගය කියයුතුය. නොහොත් ‘මෙනම් සෘතුවය. ඒ සෘතුව පරිපූර්ණ වූයේයි හෝ අපරිපූර්ණ වූයේය හෝ’යි මෙසේ සෘතුව කියයුතුය. පූර්වාහ්ණයයි හෝ සායාහ්ණයයි හෝයි මෙසේ දිවසභාගය කියයුතුය. “සඞ්ගීති” මේ සියල්ලම එක්කොට “තෝ කුමක් ලබහි, තාගේ ඡායාව කවරීද, සෘතුව කිම, දිවසභාගය කවරේදැ’යි විචාරණ ලද්දේ, ‘මෙනම් වර්ෂා ඍතුව හෝ හේමන්ත සෘතුව හෝ ග්‍රීෂ්ම සෘතුව හෝ ලබමි, මාගේ ඡායාව මේය, සෘතුව මේය, දිවසභාගය මේය’යි කියව’යි මෙසේ කියයුතුය.
ඔහායාති ඡඩ්ඩෙත්වා. දුතියං දාතුන්ති උපසම්පදමාළකතො පරිවෙණං ගච්ඡන්තස්ස දුතියකං දාතුං අනුජානාමි, චත්තාරි ච අකරණීයානි ආචික්ඛිතුන්ති අත්ථො. පණ්ඩුපලාසොති පණ්ඩුවණ්ණො පත්තො. බන්ධනා පවුත්තොති වණ්ටතො පතිතො. අභබ්බො හරිතත්ථායාති පුන හරිතො භවිතුං අභබ්බො. පුථුසිලාති මහාසිලා.
“ඔහාය” හැරදමා, “දුතියං දාතුං” උපසම්පදා මාලකය පටන් තමන් වසන පිරිවෙණට යන මහණහුට දෙවැන්නෙකු දෙන්නට අනුදනිමි. “චත්තාරි ච අකරණීයානි ආචික්ඛිතුං” සිවුවැදෑරුම් වු නොකටයුතු කරුණු කියන්නටය යන අර්‍ත්‍ථයි. [missing trans]
අලබ්භමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙති යාව තස්ස උක්ඛෙපනීයකම්මකරණත්ථාය සාමග්ගී න ලබ්භති, තාව තෙන සද්ධිං සම්භොගෙ ච උපොසථපවාරණාදිකරණභෙදෙ සංවාසෙ ච අනාපත්තීති. සෙසං සබ්බත්ථ මහාවිභඞ්ගෙ වුත්තානුසාරෙන සුවිඤ්ඤෙය්යත්තා පාකටමෙවාති.
“අලබ්හමානාය සාමග්ගියා අනාපත්ති සම්භොගෙ සංවාසෙ” යම්තාක් ඒ ඇවැත නොදන්නා මහණහුට උත්ක්ෂෙණීය කර්මය කරන්නට සඞ්ඝසාමග්‍රිය නොලැබේද, ඒතාක් ඔහු සමග ධර්මාමිෂසම්භොගයෙහිද පොහෝ පවුරුණු ආදිය කිරීම් ප්රභේදවූ සංවාසයෙහිද ඇවැත් නොවේ. සෙස්ස සියලු තන්හි කියූ අනුසාරයෙන් මොනවට දැනගත හැකි බැවින් ප්‍රකටමය.
චත්තාරොනිස්සයාදිකථා නිට්ඨිතා.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය ද්වාසත්තතිඅධිකවත්ථුසතපටිමණ්ඩිතස්ස මහාඛන්ධකස්ස අත්ථවණ්ණනා නිට්ඨිතා.
සිංහල සමන්තපාසාදිකාවෙහි දෙසැත්තෑවක් අධිකකොට ඇති වස්තුන්සියයකින් ප්‍රතිමණ්ඩිතවූ මහාඛන්ධකය පිළිබඳ අර්ත්ථවර්ණනාව නිමි.
මහාඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
මහාඛන්ධක වර්ණනාව නිමි.