යෙදුමෙන් කියවන්න

සන‍්නිපාතානුජානනාදිකථා අට‍්ඨකථා

සන‍්නිපාතානුජානනාදිකථා

සන්නිපාතානුජානනාදිකථා

උපොසථක‍්ඛන්‍ධකෙ – අඤ‍්ඤතිත්‍ථියාති එත්‍ථ තිත්‍ථං වුච‍්චති ලද‍්ධි; අඤ‍්ඤං තිත්‍ථං අඤ‍්ඤතිත්‍ථං; අඤ‍්ඤතිත්‍ථං එතෙසං අත්‍ථීති අඤ‍්ඤතිත්‍ථියා; ඉතො අඤ‍්ඤලද‍්ධිකාති වුත‍්තං හොති. ධම‍්මං භාසන‍්තීති යං තෙසං කත‍්තබ‍්බාකත‍්තබ‍්බං, තං කථෙන‍්ති. තෙ ලභන‍්තීති තෙ මනුස‍්සා ලභන‍්ති. මූගසූකරාති ථූලසරීරසූකරා.

උපොසථක්‍ඛන්‍ධකයෙහි - “අඤ්ඤතිත්‍ථියා” මෙහි ලබ්ධිය, තීර්ථ’යි කියනු ලැබේ. අන්‍යලබ්ධිය අන්‍යතීර්ථ නම. ඒ අන්‍යතීර්ථය මොවුනට ඇතැයි අඤ්ඤතිත්‍ථිය නම. මේ ශාසනික ලබ්ධියෙන් අන්‍යලබ්ධි ඇත්තාහයි කියන ලද්දේ වේ. “ධම්මං භාසන්ති” ඔවුන්ගේ කටයුතු නොකටයුතුවූ යමක්වේද, එය කියත්. “තෙ ලභන්ති” ඒ මනුෂ්‍යයෝ ලබත්. “මුගසූකරා” ගොලු ඌරෝ

අනජ‍්ඣාපන‍්නො වා හොති ආපජ‍්ජිත්‍වා වා වුට‍්ඨිතොති එත්‍ථ යං ආපත‍්තිං භික‍්ඛු අනජ‍්ඣාපන‍්නො වා හොති, ආපජ‍්ජිත්‍වා වා වුට‍්ඨිතො, අයං අසන‍්තී නාම ආපත‍්තීති එවමත්‍ථො වෙදිතබ‍්බො. සම‍්පජානමුසාවාදෙ කිං හොතීති ය‍්වායං සම‍්පජානමුසාවාදො අස‍්ස හොතීති වුත‍්තො, සො ආපත‍්තිතො කිං හොති, කතරා ආපත‍්ති හොතීති අත්‍ථො. දුක‍්කටං හොතීති දුක‍්කටාපත‍්ති හොති; සා ච ඛො න මුසාවාදලක‍්ඛණෙන; භගවතො පන වචනෙන වචීද‍්වාරෙ අකිරියසමුට‍්ඨානා ආපත‍්ති හොතීති වෙදිතබ‍්බා. වක‍්ඛති හි –

“අජ්ඣාපන්නො වා හොති ආපජ්ජිත්‍වා වා වුට්ඨිතො” මෙහි මහණතෙමේ යම් ඇවැතකට නොපැමිණියේ හෝ වේද, පැමිණ නැගී සිටියේ හෝ වේද, මේ ඇවැත් නැත්තී නමැති මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. “සම්පජානමුසාවාදෙ කිං හොති” යම් මේ දැන බොරුකීමෙන් මොහුට වේය’යි කියන ලද්දේ ද, හෙතෙමේ ඇවැතින් කුමක්වේද, කවර ඇවැතක් වේද යන අර්‍ත්‍ථයි. “දුක්කටං හොති” දුක්කටාපත්තිය වේ. ඒ දුක්කටාපත්ති තොමෝද මුසාවාද ලක්‍ෂණයෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙනි. වාග්ද්වාරයෙහි අක්‍රියසමුත්‍ථාන ආපත්තිය වේයයි දතයුතුය.

“අනාලපන‍්තො මනුජෙන කෙනචි, වාචාගිරං නො ච පරෙ භණෙය්‍ය; ආපජ‍්ජෙය්‍ය වාචසිකං න කායිකං, පඤ‍්හා මෙසා කුසලෙහි චින‍්තිතා”ති. (පරි· 479);

“කිසියම් මිනිසකු සමග වචනයෙන් නොබණන්නේ අන්හට ඇසෙනසේ වචනයක් නොකියන්නේය. වචනයෙන් උපන් ඇවතට පැමිණෙන්නේය. කායද්වාරයෙහි සමුත්‍ථානය වන ඇවැතට නොපැමිණෙන්නේය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදැයි කියන්නේමය.

අන‍්තරායිකොති අන‍්තරායකරො. කිස‍්ස ඵාසු හොතීති කිමත්‍ථාය ඵාසු හොති. පඨමස‍්ස ඣානස‍්ස අධිගමායාති පඨමස‍්ස ඣානස‍්ස අධිගමනත්‍ථාය තස‍්ස භික‍්ඛුනො ඵාසු හොති සුඛං හොති. එස නයො සබ‍්බත්‍ථ. ඉති භගවා උද‍්දෙසතො ච නිද‍්දෙසතො ච පඨමං පාතිමොක‍්ඛුද‍්දෙසං දස‍්සෙසි.

“අන්තරායිකො” අන්තරායකර වේ. “කිස්ස ඵාසු හොති” කුමක් පිණිස පහසුවේද, යත්: “පඨමස්ස ඣානස්ස අධිගමාය” ප්‍රථමද්ධ්‍යානයාගේ අධිගමය පිණිස බොරු නොකියන ඒ මහණහුට පහසු වේ. සියලු තන්හි මේනය වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ උද්දෙස වසයෙන්ද නිද්දෙස වසයෙන්ද පළමුකොට ප්‍රාතිමොක්‍ෂාද්දෙශය දක්වා වදාළ සේක.

දෙවසිකන‍්ති දිවසෙ දිවසෙ. චාතුද‍්දසෙ වා පන‍්නරසෙ වාති එකස‍්ස උතුනො තතියෙ ච සත‍්තමෙ ච පක‍්ඛෙ ද‍්වික‍්ඛත‍්තුං චාතුද‍්දසෙ අවසෙසෙ ඡක‍්ඛත‍්තුං පන‍්නරසෙ; අයං තාව එකො අත්‍ථො. අයං පන පකතිචාරිත‍්තවසෙන වුත‍්තො “සකිං පක‍්ඛස‍්ස චාතුද‍්දසෙ වා පන‍්නරසෙ වා”ති වචනතො පන තථාරූපෙ පච‍්චයෙ සති යස‍්මිං තස‍්මිං චාතුද‍්දසෙ වා පන‍්නරසෙ වා උද‍්දිසිතුං වට‍්ටති, ආවාසිකානං භික‍්ඛූනං චාතුද‍්දසො හොති, ආගන‍්තුකානං පන‍්නරසො. සචෙ ආවාසිකා බහුතරා හොන‍්ති, ආගන‍්තුකෙහි ආවාසිකානං අනුවත‍්තිතබ‍්බ”න‍්ති වචනතොපි චෙතං වෙදිතබ‍්බං.

“දෙවසිකං” දවසක් දවසක් පාසා. “චාතුද්දසෙ වා පණ්ණරසෙ වා” එක් සෘතුවක තෙවනවූද සත්වනවූද පක්‍ෂයෙහි තුදුස්වක්හි දෙවරක්. සෙසු පසළොස්වක්හි සවරක්. මේ වනාහි එක් අර්‍ත්‍ථයෙක් වේ. මේ වනාහි ප්‍රකෘති චාරිත්‍ර වශයෙන් කියන ලදී. ‘සකිං පක්‍ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා”යි කියූබැවින් එබඳු හෙතුවක් ඇති කල්හි යම් ඒ තුදුස්වක්හි හෝ පසළොස්වක්හි පාමොක් උදෙසීම වටියි. ‘ආවාසික භික්‍ෂූන්ට තුදුස්වක වේද, ආගන්තුක භික්‍ෂූන්ට පසළොස්වක වේද, ඉදින් ආවාසික භික්‍ෂූහු ඉතා බොහෝ වෙත්නම්, ආගන්තුක භික්‍ෂූන් විසින් ආවාසික භික්‍ෂූන්ට අනුව පැවතිය යුතුයයි කියූ බැවින්ද මේ කරුණ දතයුත්තේය.