සීමානුජානනකථා අට්ඨකථා
සීමානුජානනකථා
සීමානුජානනකථා
පඨමං නිමිත්තා කිත්තෙතබ්බාති විනයධරෙන පුච්ඡිතබ්බං “පුරත්ථිමාය දිසාය කිං නිමිත්ත”න්ති? පබ්බතො භන්තෙති. පුන විනයධරෙන “එසො පබ්බතො නිමිත්ත”න්ති එවං නිමිත්තං කිත්තෙතබ්බං. “එතං පබ්බතං නිමිත්තං කරොම, කරිස්සාම, නිමිත්තං කතො, නිමිත්තං හොතු, හොති භවිස්සතී”ති එවං පන කිත්තෙතුං න වට්ටති. පාසාණාදීසුපි එසෙව නයො. පුරත්ථිමාය අනුදිසාය, දක්ඛිණාය දිසාය, දක්ඛිණාය අනුදිසාය, පච්ඡිමාය දිසාය, පච්ඡිමාය අනුදිසාය, උත්තරාය දිසාය, උත්තරාය අනුදිසාය, කිං නිමිත්තං? උදකං භන්තෙ. එතං උදකං නිමිත්තන්ති එත්ථ පන අට්ඨත්වා පුන පුරත්ථිමාය දිසාය කිං නිමිත්තං. පබ්බතො භන්තෙ. එසො පබ්බතො නිමිත්තන්ති එවං පඨමං කිත්තිතනිමිත්තං කිත්තෙත්වාව ඨපෙතබ්බං. එවඤ්හි නිමිත්තෙන නිමිත්තං ඝටිතං හොති. එවං නිමිත්තානි කිත්තෙත්වා අථානන්තරං වුත්තාය කම්මවාචාය සීමා සම්මන්නිතබ්බා. කම්මවාචාපරියොසානෙ නිමිත්තානං අන්තො සීමා හොති, නිමිත්තානි සීමතො බහි හොන්ති. තත්ථ නිමිත්තානි සකිං කිත්තිතානිපි කිත්තිතානෙව හොන්ති. අන්ධකට්ඨකථායං පන තික්ඛත්තුං සීමමණ්ඩලං සම්බන්ධන්තෙන නිමිත්තං කිත්තෙතබ්බන්ති වුත්තං. “පබ්බතො භන්තෙති…පෙ… උදකං භන්තෙ”ති එවං පන උපසම්පන්නො වා ආචික්ඛතු අනුපසම්පන්නො වා වට්ටතියෙව.
“පඨමං නිමිත්තා කිත්තෙතබ්බා” විනයධරයා විසින් “පුරත්ථිමාය දිසාය කිං නිමිත්තං”යි විචාළ යුතුය. “පබ්බතො භන්තෙ”යි කියයුතුය. නැවත විනයධරයා විසින් “එසො පබ්බතො නිමිත්තං”යි මෙසේ කීර්තනය කටයුතුය. ‘මේ පර්වතය නිමිත්තක් කරමු, කරන්නෙමු, නිමිත්ත කරණලදී. නිමිත්තවේවා, වන්නේය, වේය’යි මෙසේ වනාහි කීර්තනය කිරීම නොවටියි. පාෂාණාදීන්හිද මෙම නයවේ. “පුරත්ථිමාය අනුදිසාය, දක්ඛිණාය දිසාය, දක්ඛිණාය අනුදිසාය, පච්ඡිමාය දිසාය, පච්ඡිමාය අනුදිසාය, උත්තරායදිසාය, උත්තරාය අනුදිසාය, කිං නිමිත්තං, උදකං භන්තෙ එතං උදකං නිමිත්තං” යන මෙහි නොසිට, නැවත “පුරත්ථිමාය දිසාය කිං නිමිත්තං, පබ්බතො භන්තෙ, එසො පබ්බතො නිමිත්තං”යි මෙසේ පළමුකොට කීර්තනය කළ නිමිත්ත කීර්තනය කොට තැබිය යුතුය. මෙසේ වනාහි නිමිත්තෙන් නිමිත්ත ගටන ලද්දේ වේ. මෙසේ නිමිති කීර්තතනයකොට, නැවත අනතුරුව කියන ලද කර්මවාක්යයෙහි සීමාව සම්මත කටයුත්තීය. කර්මවාක්යයාගේ අවසානයෙහි නිමිති තුළ සීමාව වන්නීය. නිමිති සීමාවෙන් පිටත වේ. එහි නිමිති වරක් කීර්තනය කරණ ලද්දාහුද, කීර්තනය කරණ ලද්දාහුම වෙත්. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි තෙවරක් සීමාමණ්ඩලය සම්බන්ධ කරන්නහු විසින් නිමිත්ත කීර්තනය කටයුතුය’යි කියනලදී. “පබ්බතො භනෙත්ති -පෙ- උදකං භන්තෙති” මෙසේ වනාහි උපසම්පන්නයෙක් හෝ අනුපසම්පන්නයෙක් හෝ කියවා වටීමය.
ඉදානි පබ්බතනිමිත්තාදීසු එවං විනිච්ඡයො වෙදිතබ්බො – තිවිධො පබ්බතො, සුද්ධපංසුපබ්බතො, සුද්ධපාසාණපබ්බතො, උභයමිස්සකොති. සො තිවිධොපි වට්ටති. වාලිකරාසි පන න වට්ටති. ඉතරොපි හත්ථිප්පමාණතො ඔමකතරො න වට්ටති. හත්ථිප්පමාණතො පන පට්ඨාය සිනෙරුප්පමාණොපි වට්ටති. සචෙ චතූසු දිසාසු චත්තාරො තීසු වා තයො පබ්බතා හොන්ති, චතූහි වා තීහි වා පබ්බතනිමිත්තෙහි එව සම්මන්නිතුං වට්ටති. ද්වීහි පන නිමිත්තෙහි එකෙන වා සම්මන්නිතුං න වට්ටති. ඉතො පරෙසු පාසාණනිමිත්තාදීසුපි එසෙව නයො. තස්මා පබ්බතනිමිත්තං කරොන්තෙන පුච්ඡිතබ්බං “එකාබද්ධො න එකාබද්ධො”ති. සචෙ එකාබද්ධො හොති, න කාතබ්බො. තඤ්හි චතූසු වා අට්ඨසු වා දිසාසු කිත්තෙන්තෙනාපි එකමෙව නිමිත්තං කිත්තිතං හොති, තස්මා යො එවං චක්කසණ්ඨානෙන විහාරං පරික්ඛිපිත්වා ඨිතො පබ්බතො, තං එකදිසාය කිත්තෙත්වා අඤ්ඤාසු දිසාසු තං බහිද්ධා කත්වා අන්තො අඤ්ඤානි නිමිත්තානි කිත්තෙතබ්බානි.
දැන් පර්වතනිමිත්තාදීන් අතුරෙහි විනිශ්චය මෙසේ දතයුතුය. පර්වතය ශුද්ධපාංශුපර්වතය, ශුද්ධපාෂාණපර්වතය, උභයමිශ්රකපර්වතයයි තෙවැදෑරුම් වේ. ඒ ත්‍රිවිධ පර්වතයම වටියි. වැලිරැස වනාහි නොවටියි. අන්‍යවූ ශුද්ධපාංශුපර්වතාදිය හස්තිප්රමාණයෙන් අඩුතරම් වූයේ නොවටියි. හස්තිප්රමාණය පටන් මහමෙර පමණවූයේද වටියි. ඉදින් සිවුදිසාවන්හි සතරක් හෝ තිදිසාවන්හි තුනක් හෝ පර්වත වෙයි. සතරක් හෝ තුනක් හෝ පර්වත නිමිත්තයෙන් සම්මත කරන්නටද වටියි. නිමිති දෙකකින් හෝ එකකින් හෝ සම්මත කරන්නට නොවටියි. මෙයින් අන්‍යවූ පාෂාණනිමිත්තාදීන්හිද මෙම නයවේ. එහෙයින් පර්වතය නිමිත්ත කරන්නහු විසින් ‘එකාබද්ධවූයේද, එකාබද්ධ නොවූයේදැ’යි විචාළ යුතුය. ඉදින් එකාබද්ධවූයේ වේනම් නොකටයුතුය. ඒ පර්වතය වනාහි සිවුදික්හි හෝ අටදික්හි හෝ කීර්තනය කරන්නහු විසින්ද එක්ම නිමිත්තක් කීර්තනය කරණ ලද්දේ වේ. එහෙයින් මෙසේ චක්‍රාකාරයෙන් වෙහෙර වටකොට සිටි යම් පර්වතයක්වේද, ඒ පර්වතය එක් දිසාවෙක්හි කීර්තනයකොට, අන්දිසාවන්හි ඒ පර්වතය පිටකොට ඇතුළත අන් නිමිති කීර්තනය කටයුතුය.
සචෙ පබ්බතස්ස තතියභාගං වා උපඩ්ඪං වා අන්තොසීමාය කත්තුකාමා හොන්ති, පබ්බතං අකිත්තෙත්වා යත්තකං පදෙසං අන්තො කත්තුකාමා, තස්ස පරතො තස්මිංයෙව පබ්බතෙ ජාතරුක්ඛවම්මිකාදීසු අඤ්ඤතරං නිමිත්තං කිත්තෙතබ්බං. සචෙ එකයොජනද්වියොජනප්පමාණං සබ්බං පබ්බතං අන්තො කත්තුකාමා හොන්ති, පබ්බතස්ස පරතො භූමියං ජාතරුක්ඛවම්මිකාදීනි නිමිත්තානි කිත්තෙතබ්බානි.
ඉදින් පර්වතයෙහි තෙවන කොටස හෝ අඩක් හෝ සීමාවට ඇතුළත් කරනු කැමැත්තාහු වෙත්ද, පර්වතය කීර්තනය නොකොට යම් පමණ පෙදෙසක් ඇතුළත් කරනු කැමැත්තාහුද, ඒ පෙදෙසෙහි පසුභාගයෙහි ඒ පර්වතයෙහිම හටගත් රුක්තුඹස් ආදීන් අතුරෙහි එක්තරා නිමිත්තක් කීර්තනය කටයුතුය. ඉදින් එක් යොදුන් දෙයොදුන් පමණ වූ සියලු පර්වතය ඇතුළත් කරනු කැමැත්තාහු වෙත්නම්, පර්වතයෙහි පසුභාගයෙහි බිම හටගත් රුක්තුඹස් ආදීවූ නිමිති කීර්තනය කටයුතුය.
පාසාණනිමිත්තෙ – අයගුළොපි පාසාණසඞ්ඛ්යමෙව ගච්ඡති, තස්මා යො කොචි පාසාණො වට්ටති. පමාණතො පන හත්ථිප්පමාණො පබ්බතසඞ්ඛ්යං ගතො, තස්මා සො න වට්ටති. මහාගොණමහාමහිංසප්පමාණො පන වට්ටති. හෙට්ඨිමපරිච්ඡෙදෙන ද්වත්තිංසපලගුළපිණ්ඩපරිමාණො වට්ටති. තතො ඛුද්දකතරො ඉට්ඨකා වා මහන්තීපි න වට්ටති. අනිමිත්තුපගපාසාණරාසිපි න වට්ටති, පගෙව පංසුවාලිකරාසි. භූමිසමො ඛලමණ්ඩලසදිසො පිට්ඨිපාසාණො වා භූමිතො ඛාණුකො විය උට්ඨිතපාසාණො වා හොති, සොපි පමාණුපගො චෙ වට්ටති. පිට්ඨිපාසාණො අතිමහන්තොපි පාසාණසඞ්ඛ්යමෙව ගච්ඡති, තස්මා සචෙ මහතො පිට්ඨිපාසාණස්ස එකප්පදෙසං අන්තොසීමාය කත්තුකාමා හොන්ති, තං අකිත්තෙත්වා තස්සුපරි අඤ්ඤො පාසාණො කිත්තෙතබ්බො. සචෙ පිට්ඨිපාසාණුපරි විහාරං කරොන්ති, විහාරමජ්ඣෙන වා පිට්ඨිපාසාණො විනිවිජ්ඣිත්වා ගච්ඡති, එවරූපො පිට්ඨිපාසාණො න වට්ටති. සචෙ හි තං කිත්තෙන්ති, නිමිත්තස්ස උපරි විහාරො හොති, නිමිත්තඤ්ච නාම බහිසීමාය හොති, විහාරොපි බහිසීමායං ආපජ්ජති. විහාරං පරික්ඛිපිත්වා ඨිතපිට්ඨිපාසාණො එකත්ථ කිත්තෙත්වා අඤ්ඤත්ථ න කිත්තෙතබ්බො.
පාෂාණනිමිත්තෙහි යගුලියද පාෂාණසඞ්ඛ්යාවටම’යයි. එහෙයින් යම්කිසි පාෂාණයක් වටියි. ප්‍රමාණයෙන් වනාහි ඇතකු පමණවූයේ පර්වතයසඞ්ඛ්යාවට ගියේය. එහෙයින් එය නොවටියි. මහගොන් මහමීමුන් පමණවූයේ වටියි. එයින් අඩුතරම්වූයේ නොවටියි ගඩොල මහත්වූවාද නොවටියි. නිමිත්තට නොසුදුසු ගල්රැසද නොවටියි. පස්වැලි රැස කියනු කිම. බිමට සමවූ කලවිට මඩලසමානවූ පිටිගල හෝ, පොළොවෙන් කණුවක් මෙන් නැගුනු ගලක් හෝ වේද, එද පමණට සුදුසුවූයේ නම්, වටියි. පිටිගල ඉතා මහත්වූයේද, පාෂාණසඞ්ඛ්යාවටම’යයි. එහෙයින් මහත් පිටිගලක එක්පෙදෙසක් සීමාවට ඇතුළත් කරනු කැමැත්තාහු වෙත්නම්, ඒ පිටිගල කීර්තනය නොකොට ඒ පිටිගල මත්තෙහි අනික් ගලක් කීර්තනය කටයුතුය. ඉදින් පිටිගල මත්තෙහි වෙහෙරක් කෙරෙත්ද, පිටිගල වෙහෙර මැදින් හෝ විනිවිද යේද, මෙබඳුවූ පිටිගල නොවටියි. ඒ පිටිගල කීර්තන කෙරෙත්නම්, නිමිත්ත මතුවෙහි විහාරයෙක් වේනම්, නිමිත්තද සීමාවෙන් පිටත වේනම්. විහාරයද සීමාවෙන් පිටතට පැමිණේ. විහාරය වටකොට සිටි පිටිගල හෝ එක් තැනෙක්හි කීර්තනයකොට, අනික් තැනෙක්හි කීර්තනය නොකටයුතුය.
වනනිමිත්තෙ – තිණවනං වා තචසාරතාලනාළිකෙරාදිරුක්ඛවනං වා න වට්ටති. අන්තොසාරානං පන සාකසාලාදීනං අන්තොසාරමිස්සකානං වා රුක්ඛානං වනං වට්ටති, තඤ්ච ඛො හෙට්ඨිමපරිච්ඡෙදෙන චතුපඤ්චරුක්ඛමත්තම්පි තතො ඔරං න වට්ටති, පරං යොජනසතිකම්පි වට්ටති. සචෙ පන වනමජ්ඣෙ විහාරං කරොන්ති, වනං න කිත්තෙතබ්බං. එකදෙසං අන්තොසීමාය කත්තුකාමෙහිපි වනං අකිත්තෙත්වා තත්ථ රුක්ඛපාසාණාදයො කිත්තෙතබ්බා. විහාරං පරික්ඛිපිත්වා ඨිතවනං එකත්ථ කිත්තෙත්වා අඤ්ඤත්ථ න කිත්තෙතබ්බං.
වනනිමිත්තයෙහි - තෘණවනයෙක් හෝ හුණ තල්පොල් ආදි වෘක්ෂ වනයෙක් හෝ නොවටියි. ඇතුළත හර ඇති කැලසල් ආදීවූ ඇතුළත හරමිශ්රවූ වෘක්ෂයන්ගේ වනයක් හෝ වටියි. එද වනාහි යටත්පිරිසෙයින් රුක්සතරක් පහක් පමණ ඇති වනය වටියි. ඉන් අඩුව රුක් ඇතිවනය නොවටියි. ඉන් වැඩිරුක් ඇති වනය යොදුන් සියයක් පමණ ඇත්තේ නමුදු වටියි. ඉදින් වනය මැද විහාරයක් කෙරෙත්නම් වනය කීර්තනය නොකටයුතුය. වනයෙහි එක් දෙසක් සීමාවට ඇතුළත් කරනු කැමැත්තන් විසින්ද වනය කීර්තනය නොකොට එහිවූ රුක්ගල් ආදීහු කීර්තනය කටයුත්තාහ. විහාරය වටකොටසිටි වනය එක් තැනෙක්හි කීර්තනයකොට, අන්තැනෙක්හි කීර්තනය නොකටයුතුය.
රුක්ඛනිමිත්තෙ – තචසාරො තාලනාළිකෙරාදිරුක්ඛො න වට්ටති, අන්තොසාරො ජීවමානකො අන්තමසො උබ්බෙධතො අට්ඨඞ්ගුලො පරිණාහතො සූචිදණ්ඩකප්පමාණොපි වට්ටති, තතො ඔරං න වට්ටති, පරං ද්වාදසයොජනො සුප්පතිට්ඨිතනිග්රොධොපි වට්ටති. වංසනළකසරාවාදීසු බීජං රොපෙත්වා වඩ්ඪාපිතො පමාණුපගොපි න වට්ටති. තතො අපනෙත්වා පන තඞ්ඛණම්පි භූමියං රොපෙත්වා කොට්ඨකං කත්වා උදකං ආසිඤ්චිත්වා කිත්තෙතුං වට්ටති. නවමූලසාඛානිග්ගමනං අකාරණං. ඛන්ධං ඡින්දිත්වා රොපිතෙ පන එතං යුජ්ජති. කිත්තෙන්තෙන ච “රුක්ඛො”තිපි වත්තුං වට්ටති, “සාකරුක්ඛොතිපි සාලරුක්ඛො”තිපි. එකාබද්ධං පන සුප්පතිට්ඨිතනිග්රොධසදිසං එකත්ථ කිත්තෙත්වා අඤ්ඤත්ථ කිත්තෙතුං න වට්ටති.
රුක්ඛනිමිත්තයෙහි - පතුරුහරකොට ඇති තල්පොල් ආදි රුක් නොවටියි. ඇතුළත හරඇති ජීවත්වන රුක යටත්පිරිසෙයින් උසින් අටඟුල් පමණවූයේ, වටින් අටඟුලැති හිදිදඬු පමණවූයේද වටියි. එයින් අඩුවූයේ නොවටියි ඉන්වැඩි දොළොස් යොදුනැති මොනවට පිහිටි නුගරුකද වටියි. හුණපුරුක්, බටපුරුක්, මැටි බඳුන්හි බිජුවටක් රොපණයකොට වඩන ලද පමණින්යුත් රුකද නොවටියි. එයින් බැහැරකොට එකෙණෙහිද බිම රොපණයකොට, කොටුවක් කොට, දිය වත්කර කීර්තනය කිරීම වටියි. අලුත්මුල් අතුනික්මීම කරුණක් නොවේ. කඳ සිඳදමා රෝපණය කළ කල්හි වනාහි මේ අතුනික්මීම යෙදේ. කීර්තනය කරන්නහු විසින්ද, “රුක්ඛො”යි කීම වටියි. සාකරුක්ඛ, සාලරුක්ඛ’යිද කීම වටියි. එකාබද්ධය වනාහි මොනවට පිහිටි නුගරුක සමාන වේ. එක් තැනෙක කීර්තනයකොට, අන්තැනෙක කීර්තනය කිරීම නොවටියි.
මග්ගනිමිත්තෙ – අරඤ්ඤඛෙත්තනදීතළාකමග්ගාදයො න වට්ටන්ති, ජඞ්ඝමග්ගො වා සකටමග්ගො වා වට්ටති, යො නිබ්බිජ්ඣිත්වා ද්වෙ තීණි ගාමන්තරානි ගච්ඡති. යො පන ජඞ්ඝමග්ගො සකටමග්ගතො ඔක්කමිත්වා පුන සකටමග්ගමෙව ඔතරති, යෙ වා ජඞ්ඝමග්ගසකටමග්ගා අවළඤ්ජා, තෙ න වට්ටන්ති. ජඞ්ඝසත්ථසකටසත්ථෙහි වළඤ්ජියමානායෙව වට්ටන්ති. සචෙ ද්වෙ මග්ගා නික්ඛමිත්වා පච්ඡා සකටධුරමිව එකීභවන්ති, ද්විධා භින්නට්ඨානෙ වා සම්බන්ධට්ඨානෙ වා සකිං කිත්තෙත්වා පුන න කිත්තෙතබ්බා, එකාබද්ධනිමිත්තඤ්හෙතං හොති.
මග්ගනිමිත්තයෙහි - අරණ්යක්ෂෙත්රනදීතටාක මාර්ගාදීහු නොවටිත්, අඩිපාරක් හෝ ගැල්මගක් හෝ වටියි. යම් මාර්ගයක් විනිවිද දෙතුන් ග්රාමාන්තරයකට යේද, යම් අඩිපාරක්, ගැල් මගින් පහව ගොස් නැවත ගැල්මගටම බසීද, යම් ජඞ්ඝමාර්ගයකට මාර්ග නොසෙවූනා ලද්දේ ද ඒ මාර්ග නොවටිත්. පාගමනින් යන සමූහයා විසින්ද ගැල් සමූහයා විසින්ද, සෙවුනා ලබන්නාහුම වටිත්. ඉදින් දෙමගක් නික්ම පසුව ගැල්ධූරය මෙන් එකක්වේද, දෙකට බිඳුනු තැන හෝ සම්බන්ධ වූ තැන හෝ වරක් කීර්තනය කොට නැවත කීර්තනය නොකටයුතුය. මේ වනාහි එකාබද්ධනිමිත්ත ඇත්තේ වේ.
සචෙ විහාරං පරික්ඛිපිත්වා චත්තාරො මග්ගා චතූසු දිසාසු ගච්ඡන්ති, මජ්ඣෙ එකං කිත්තෙත්වා අපරං කිත්තෙතුං න වට්ටති. එකාබද්ධනිමිත්තඤ්හෙතං හොති. කොණං නිබ්බිජ්ඣිත්වා ගතමග්ගං පන පරභාගෙ කිත්තෙතුං වට්ටති. විහාරමජ්ඣෙන නිබ්බිජ්ඣිත්වා ගතමග්ගො පන න කිත්තෙතබ්බො. කිත්තිතෙ නිමිත්තස්ස උපරි විහාරො හොති. සචෙ සකටමග්ගස්ස අන්තිමචක්කමග්ගං නිමිත්තං කරොන්ති, මග්ගො බහිසීමාය හොති. සචෙ බාහිරචක්කමග්ගං නිමිත්තං කරොන්ති, බාහිරචක්කමග්ගොව බහිසීමාය හොති, සෙසං අන්තොසීමං භජති. මග්ගං කිත්තෙන්තෙන “මග්ගො පන්ථො පථො පජ්ජො”ති දසසු යෙන කෙනචි නාමෙන කිත්තෙතුං වට්ටති. පරිඛාසණ්ඨානෙන විහාරං පරික්ඛිපිත්වා ගතමග්ගො එකත්ථ කිත්තෙත්වා අඤ්ඤත්ථ කිත්තෙතුං න වට්ටති.
ඉදින් විහාරය වටකොට සිවු මගෙන් සිවුදිසාවෙහි යේද, මැද එකක් කීර්තනයකොට අනිකක් කීර්තනය කිරීම නොවටියි. මේ වනාහි එකාබද්ධ නිමිත්ත ඇත්තේ වේ. කොන විනිවිද ගියහැකි මග වනාහි, පරභාගයෙහි කීර්තනය කිරීම වටියි. විහාරය මැදින් විනිවිද ගියමග වනාහි කීර්තනය නොකටයුතුය. කීර්තනය කළ කල්හි නිමිත්ත මතුවෙහි විහාරයෙක් වේ. ඉදින් ගැල්මගෙහි අවසන් සක්මග නිමිත්ත කෙරෙත්ද, මාර්ගය සීමාවෙන් පිටත වේ. ඉදින් බැහැරිසක්මග නිමිත්ත කෙරෙත්ද, බැහැරිසක්මගම සීමාවෙන් පිටත වේ. සෙස්ස සීමාව ඇතුළ භජනය කරයි. මාර්ගය කීර්තනය කරන්නහු විසින් “මග්ගො පන්ථො පථො පජ්ජො” යන දසය අතුරෙහි යම්කිසි නමකින් කීර්තනය කිරීම වටියි. අගල් සටහනින් විහාරය වටකොට ගියමග එක් තැනෙක කීර්තනයකොට අන් තැනෙක කීර්තනය කිරීම නොවටියි.
වම්මිකනිමිත්තෙ – හෙට්ඨිමපරිච්ඡෙදෙන තං දිවසං ජාතො අට්ඨඞ්ගුලුබ්බෙධො ගොවිසාණප්පමාණොපි වම්මිකො වට්ටති, තතො ඔරං න වට්ටති, පරං හිමවන්තපබ්බතසදිසොපි වට්ටති. විහාරං පරික්ඛිපිත්වා ඨිතං පන එකාබද්ධං එකත්ථ කිත්තෙත්වා අඤ්ඤත්ථ කිත්තෙතුං න වට්ටති.
වම්මිකනිමිත්තයෙහි - යටත් පිරිසිඳීමෙන් එදවස හටගත් අටඟුලක් උස්වූ ගොන්අඟක් පමණවූද, තුඹස වටියි. ඉන් අඩුවූවෙක් නොවටියි. වැඩි එකෙක් හිමාලය පර්වතය සමානවූයේද වටියි. විහාරය වටකොට සිටි එකාබද්ධ වූ තුඹස එක්තැනක කීර්තනයකොට අන්තැනක කීර්තනය කිරීම නොවටියි.
නදීනිමිත්තෙ – යස්සා ධම්මිකානං රාජූනං කාලෙ අන්වද්ධමාසං අනුදසාහං අනුපඤ්චාහන්ති එවං අනතික්කමිත්වා දෙවෙ වස්සන්තෙ වලාහකෙසු විගතමත්තෙසු සොතං පච්ඡිජ්ජති, අයං නදීසඞ්ඛ්යං න ගච්ඡති. යස්සා පන ඊදිසෙ සුවුට්ඨිකාලෙ වස්සානස්ස චාතුමාසෙ සොතං න පච්ඡිජ්ජති, තිමණ්ඩලං පටිච්ඡාදෙත්වා යත්ථ කත්ථචි උත්තරන්තියා භික්ඛුනියා අන්තරවාසකො තෙමියති, අයං නදීසඞ්ඛ්යං ගච්ඡති, සීමං බන්ධන්තානං නිමිත්තං හොති. භික්ඛුනියා නදීපාරගමනෙපි උපොසථාදිසඞ්ඝකම්මකරණෙපි නදීපාරසීමසම්මන්නනෙපි අයමෙව නදී.
නදීනිමිත්තයෙහි - දැහැමි රජුන්ගේ කාලයෙහි අඩමසක් පාසා දසදවසක් පාසා පස්දවසක් පාසා මෙසේ නොඉක්මවා වැසි වස්නා කල්හි වැසි පහවූ ඇසිල්ලෙහි යම්නදියක දියසැඩ පහර සිඳීයේද, මේ නදී දිය නදීසඞ්ඛ්යාවට නොයයි. මෙබඳු වැසි කාලයන්හි වර්ෂා ඍතුවෙහි සිවුමස්හි යම් නදියක දියසැඬපහර නොසිඳේද, සෙඛියාවෙහි කීනයින් තිමඬුලු වසා හැඳ යම්කිසි තැනක එතරවන මෙහෙණගේ අඟලක් දෙකක් නමුදු තෙමේද, මේ නදිය නදීසඞ්ඛ්යාවට යයි. මේ නදිය සීමාව බඳින්නවුන්ට නිමිත්ත වේ. මෙහෙණකගේ ගඟින් එතෙර යෑමෙහිද, උපොසථාදිසඞ්ඝකර්ම කිරීමෙහිද, නදීපාරසීමාව සම්මත කිරීමෙහිද, මෙම නදිය වේ.
යා පන මග්ගො විය සකටධුරසණ්ඨානෙන වා පරිඛාසණ්ඨානෙන වා විහාරං පරික්ඛිපිත්වා ගතා, තං එකත්ථ කිත්තෙත්වා අඤ්ඤත්ථ කිත්තෙතුං න වට්ටති. විහාරස්ස චතූසු දිසාසු අඤ්ඤමඤ්ඤං විනිබ්බිජ්ඣිත්වා ගතෙ නදිචතුක්කෙපි එසෙව නයො. අසම්මිස්සනදියො පන චතස්සොපි කිත්තෙතුං වට්ටති. සචෙ වතිං කරොන්තො විය රුක්ඛපාදෙ නිඛණිත්වා වල්ලිපලාලාදීහි නදිසොතං රුම්භන්ති, උදකඤ්ච අජ්ඣොත්ථරිත්වා ආවරණං පවත්තතියෙව, නිමිත්තං කාතුං වට්ටති. යථා පන උදකං නප්පවත්තති, එවං සෙතුම්හි කතෙ අප්පවත්තමානා නදී නිමිත්තං කාතුං න වට්ටති. පවත්තනට්ඨානෙ නදිනිමිත්තං, අප්පවත්තනට්ඨානෙ උදකනිමිත්තං කාතුං වට්ටති.
යම් නදියක් මාර්ගය මෙන් ගැල්ධූර සටහනින් හෝ අගල් සටහනින් හෝ විහාරය වටකොට ගියාද, ඒ නදිය එක් තැනෙක්හි කීර්තතනයකොට අන්තැනෙක කීර්තනය කිරීම නොවටියි. විහාරයෙහි සිවුදිසාවන්හි ඔවුනොවුන් විනිවිදගිය නදීචතුස්කයෙහිද මෙම නයවේ. අසම්මිශ්රනදීහු වනාහි සතරක්ද කීර්තනය කිරීම වටියි. ඉදින්වැටක් කරන්නවුන් මෙන් රුක්මුල් කැණවැල් හා පිදුරුවලින් ගඟදිය පහර වළකත්ද, ජලයද යටකොට ඉවුරෙහිම නවතීද, නිමිත්තය කරන්නට වටියි. යම්සේ ජලය නොපවත්නේද, මෙසේ හෙයක් කළ කල්හි නොබස්නා නදිය නිමිත්තය කරන්නට නොවටියි. ජලය බස්නාතන්හි නදී නිමිත්ත, නොබස්නා තන්හි උදක නිමිත්ත කරන්නට වටියි.
යා පන දුබ්බුට්ඨිකාලෙ වා ගිම්හෙ වා නිරුදකභාවෙන නප්පවත්තති, සා වට්ටති. මහානදිතො උදකමාතිකං නීහරන්ති, සා කුන්නදිසදිසා හුත්වා තීණි සස්සානි සම්පාදෙන්තී නිච්චං පවත්තති, කිඤ්චාපි පවත්තති, නිමිත්තං කාතුං න වට්ටති. යා පන මූලෙ මහානදිතො නිග්ගතාපි කාලන්තරෙන තෙනෙව නිග්ගතමග්ගෙන නදිං භින්දිත්වා සයඤ්ච ගච්ඡති, ගච්ඡන්තී පරතො සුසුමාරාදිසමාකිණ්ණා නාවාදීහි සඤ්චරිතබ්බා නදී හොති, තං නිමිත්තං කාතුං වට්ටති.
යම් නදියක් වැසි නැති කල්හි හෝ ග්‍රීෂ්මකාලයෙහි හෝ දිය නැතිබවෙහි නොපවතීද, ඕතොමෝ වටියි. මහානදියෙන් දිය ඇළක් බැහැර කෙරෙත්ද, ඒ නදිය කුඩානදියක් සමානව ත්‍රිවිධ සස්‍ය සපයන්නී නිබදව බැසයේද කිසිසේත් බසීද නිමිත්ත කරන්නට නොවටියි. යම්නදියක් මහා නදියෙන් නික්මුනාද, කාලාන්තරයකින් ඒ නික්මුනු මගින්ම නදිය බිඳ තොමෝත් යාද, යන්නී පසුභාගයෙහි කිඹුල් ආදීන් විසින් ගැවසුනී නැව්ආදියෙන් හැසිරියයුතුවූ නදියක්වේද, ඒ නදිය නිමිත්ත කරන්නට වටියි.
උදකනිමිත්තෙ – නිරුදකෙ ඨානෙ නාවාය වා චාටිආදීසු වා උදකං පූරෙත්වා උදකනිමිත්තං කිත්තෙතුං න වට්ටති, භූමිගතමෙව වට්ටති . තඤ්ච ඛො අප්පවත්තනඋදකං ආවාටපොක්ඛරණිතළාකජාතස්සරලොණිසමුද්දාදීසු ඨිතං, අට්ඨිතං පන ඔඝනදිඋදකවාහකමාතිකාදීසු උදකං න වට්ටති. අන්ධකට්ඨකථායං පන “ගම්භීරෙසු ආවාටාදීසු උක්ඛෙපිමං උදකං නිමිත්තං න කාතබ්බ”න්ති වුත්තං, තං දුවුත්තං අත්තනොමතිමත්තමෙව. ඨිතං පන අන්තමසො සූකරඛතායපි ගාමදාරකානං කීළනවාපියම්පි තඞ්ඛණඤ්ඤෙව පථවියං ආවාටකං කත්වා කුටෙහි ආහරිත්වා පූරිතඋදකම්පි සචෙ යාව කම්මවාචාපරියොසානා තිට්ඨති, අප්පං වා හොතු බහු වා, වට්ටති. තස්මිං පන ඨානෙ නිමිත්තසඤ්ඤාකරණත්ථං පාසාණවාලිකාපංසුආදිරාසි වා පාසාණත්ථම්භො වා දාරුත්ථම්භො වා කාතබ්බො. තං කාතුඤ්ච කාරෙතුඤ්ච භික්ඛුස්ස වට්ටති. ලාභසීමායං පන න වට්ටති . සමානසංවාසකසීමා කස්සචි පීළනං න කරොති, කෙවලං භික්ඛූනං විනයකම්මමෙව සාධෙති, තස්මා එත්ථ වට්ටති.
උදකනිමිත්තයෙහි - දියනැති තන්හි නැවෙහි හෝ සැළි ඇදියෙහි හෝ ජලය පුරවා උදකනිමිත්තය කීර්තනය කරන්නට නොවටියි. භූමිගතයම වටියි. එය වනාහි මල්, පොකුණු, විල්වනවිල් ලොණිසමුද්රාදියෙහි සිටි, නොබස්නා ජලය, ඕඝඋදකවාහක මාතිකාදියෙහි නොසිටි ජලය නොවටියි. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි ගැඹුරුවූ ආවාටාදියෙහි දිග රැහණින් උකාගතහැකි ජලය නිමිත්ත නොකළ යුතුය’යි කියන ලදී. ඒ කියන ලද්ද නොමැනවි. තමන්ගේ මතිමාත්රයෙක්මය. යටත්පිරිසෙයින් ඌරන් විසින් කනින ලද තැනෙක, ගම්දරුවන් කෙළින වැවෙක සිටි ජලයද එකෙණෙහිම පොළොවෙහි වළක්කොට කළවලින් ගෙනවුත් පිරවු ජලයද කර්මවාක්ය අවසානය තෙක්සිටීද, ස්වල්පයක් හෝ වේවා. බොහෝ හෝ වේවා. ඒ වටියි. එතැන වනාහි නිමිත්තසංඥාව කරනු පිණිස ගල්වැලි පස් ආදි රැසක් හෝ ගල්ටැඹෙක් හෝ දැවටැඹෙක් හෝ කටයුතුය. එය කරන්නටද, කරවන්නටද, මහණහුට වටියි. ලාභසීමාවෙහි වනාහි නොවටියි. සමානසංවාසකසීමා කිසිවක්හට පීඩා නොකරයි. හුදෙක් මහණුන්ගේ විනයකර්ම සිදුකරයි. මෙහි වටියි.
ඉමෙහි ච අට්ඨහි නිමිත්තෙහි අසම්මිස්සෙහිපි අඤ්ඤමඤ්ඤං සම්මිස්සෙහිපි සීමං සම්මන්නිතුං වට්ටතියෙව. සා එවං සම්මන්නිත්වා බජ්ඣමානා එකෙන ද්වීහි වා නිමිත්තෙහි අබද්ධා හොති, තීණි පන ආදිං කත්වා වුත්තප්පකාරානං නිමිත්තානං සතෙනාපි බද්ධා හොති. සා තීහි සිඞ්ඝාටකසණ්ඨානා හොති, චතූහි චතුරස්සා වා සිඞ්ඝාටකඅඩ්ඪචන්දමුදිඞ්ගාදිසණ්ඨානා වා, තතො අධිකෙහි නානාසණ්ඨානා. තං බන්ධිතුකාමෙහි සාමන්තවිහාරෙසු භික්ඛූ තස්ස තස්ස විහාරස්ස සීමාපරිච්ඡෙදං පුච්ඡිත්වා, බද්ධසීමවිහාරානං සීමාය සීමන්තරිකං, අබද්ධසීමවිහාරානං සීමාය උපචාරං ඨපෙත්වා දිසාචාරිකභික්ඛූනං නිස්සඤ්චාරසමයෙ සචෙ එකස්මිං ගාමඛෙත්තෙ සීමං බන්ධිතුකාමා, යෙ තත්ථ බද්ධසීමවිහාරා, තෙසු භික්ඛූනං “මයං අජ්ජ සීමං බන්ධිස්සාම, තුම්හෙ සකසීමාපරිච්ඡෙදතො මා නික්ඛමිත්ථා”ති පෙසෙතබ්බං. යෙ අබද්ධසීමවිහාරා, තෙසු භික්ඛූ එකජ්ඣං සන්නිපාතෙතබ්බා, ඡන්දාරහානං ඡන්දො ආහරාපෙතබ්බො . සචෙ අඤ්ඤානිපි ගාමක්ඛෙත්තානි අන්තොකාතුකාමා , තෙසු ගාමෙසු යෙ භික්ඛූ වසන්ති, තෙහිපි ආගන්තබ්බං. අනාගච්ඡන්තානං ඡන්දො ආහරිතබ්බොති මහාසුමත්ථෙරො ආහ. මහාපදුමත්ථෙරො පන “නානාගාමඛෙත්තානි නාම පාටෙක්කං බද්ධසීමාසදිසානි, න තතො ඡන්දපාරිසුද්ධි ආගච්ඡති. අන්තොනිමිත්තගතෙහි පන භික්ඛූහි ආගන්තබ්බ”න්ති වත්වා පුන ආහ – “සමානසංවාසකසීමාසම්මන්නනකාලෙ ආගමනම්පි අනාගමනම්පි වට්ටති. අවිප්පවාසසීමාසම්මන්නනකාලෙ පන අන්තොනිමිත්තගතෙහි ආගන්තබ්බං, අනාගච්ඡන්තානං ඡන්දො ආහරිතබ්බො”ති.
මෙහි අසම්මිශ්රවූද, ඔවුනොවුන් සම්මිශ්රවූද, මේ අටවැදෑරුම් වූ නිමිති කරණකොට සීමාව සම්මත කරන්නට වටීමය. මෙසේ සම්මතකොට බඳිනු ලබන ඕතොමෝ එකකින් හෝ දෙකකින් හෝ නිමිතිකරණකොට නොබඳින ලද්දී වන්නීය. තුන ආදිකොට, කියූ ආකාර ඇති නිමිති සියයකින්ද බඳින ලද්දී වන්නීය. නිමිති තුනකින් බඳින ලද ඕතොමෝ, තුන්කොන් වීදියක සටහන් ඇත්තී වේ. සතරකින් බඳින ලද්දී සිවුරැස් වූවා හෝ තුන්කොන් වීථි අඩසඳ මිහිඟුබෙර ආදීන්ගේ සටහන් ඇත්තී හෝ වේ. ඉන්වැඩි නිමිතිවලින් බඳින ලද්දී නොයෙක් සටහන් ඇත්තී හෝ වේ. ඒ සීමාව බඳිනු කැමැත්තවුන් විසින් සමීප විහාරයන්හි මහණුන් අතින් ඒ ඒ විහාරය පිළිබඳ සීමාපරිච්ඡෙදය විචාරා, බඳිනලද සීමා ඇති විහාරයන්ගේ සීමාවෙහි සීමාන්තරිකයද නොබදින ලද සීමා ඇති විහාරයන්ට පසුව සීමා බදින්නවුන්ගේ සීමාවට අවකාශ තබා දිගහැසිරෙණ මහණුන් දිග් නොහැසිරෙණ කාලයෙහි, ඉදින් එක් ග්‍රාම ක්ෂෙත්රයෙක්හි සීමාව බඳිනු කැමැත්තාහුද, එහි බඳින ලද සීමා ඇති යම් විහාරස්ථාන වේද, ඒ විහාරයන්හි මහණුන්ට, ‘අපි අද සීමාවක් බඳින්නෙමු, තෙපි තමතමන්ගේ සීමාපරිච්ඡෙදයෙන් නොයිනික්මෙවු’යි කියා යැවිය යුතුය. නොබැඳි සීමා ඇති යම්විහාරස්ථාන වේද, ඒ විහාරයන්හි මහණුන් එක් තැනකට රැස්කරවිය යුතුයයි ඡන්දය ගෙන්විය යුත්තන්ගේ ඡන්දය ගෙන්විය යුතුය. ඉදින් අන්‍යවූද ග්රාමක්ෂෙත්රයන් ඇතුළත් කරනු කැමැත්තාහුද, ඒ ගම්වල යම් මහණ කෙනෙක් වසත්ද, ඔවුන්ද, ආයුතුය. නොඑන්නවුන්ගේ ඡන්දය ගෙන්විය යුතුය’යි මහාසුම්ම ස්ථවිරතෙමේ කීයේය. මහාපදුමස්ථවිර තෙමේ වනාහි ‘නානාග්රාමක්ෂෙත්රයෝ වනාහි වෙන්වූ බද්ධසීමා සදෘශයහ, එයින් ඡන්දපාරිශුද්ධිය නොඑන්නේය. නිමිති ඇතුළට පැමිණි මහණුන් විසින් ආයුතුය’යි කියා නැවත සමානසංවාසක සීමාව සම්මත කරන කාලයෙහි ඊමද නොඊමද වටියි. අවිප්පවාසසීමාව සම්මතකරන කාලයෙහි වනාහි නිමිති තුළට පැමිණියවුන් ආයුතුය. නොඑන්නවුන්ගේ ඡන්දය ගෙන්විය යුත්තේය’යි කීයේය.
එවං සන්නිපතිතෙසු පන භික්ඛූසු ඡන්දාරහානං ඡන්දෙ ආහටෙ තෙසු තෙසු මග්ගෙසු නදීතිත්ථගාමද්වාරාදීසු ච ආගන්තුකභික්ඛූනං සීඝං සීඝං හත්ථපාසානයනත්ථඤ්ච බහිසීමාකරණත්ථඤ්ච ආරාමිකෙ චෙව සමණුද්දෙසෙ ච ඨපෙත්වා භෙරිසඤ්ඤං වා සඞ්ඛසඤ්ඤං වා කත්වා නිමිත්තකිත්තනානන්තරං වුත්තාය “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො”තිආදිකාය කම්මවාචාය සීමා බන්ධිතබ්බා. කම්මවාචාපරියොසානෙයෙව නිමිත්තානි බහි කත්වා හෙට්ඨා පථවිසන්ධාරකං උදකං පරියන්තං කත්වා සීමා ගතා හොති.
මෙසේ භික්ෂූන් රැස්වූ කල්හි ඡන්දය ගෙන්විය යුත්තන්ගේ ඡන්දය ගත්කල්හි ඒ ඒ මාර්ගයන්හිද ගඞ්ගාතීර්ත්ථග්රාමද්වාරාදීන්හිද ආගන්තුක භික්ෂූන්ගේ වහවහා අත්පසට ගෙන්වීම පිණිසද, සීමාවෙන් පිටත්කරණු පිණිසද ආරාමිකයන්ද, හෙරණුන්ද, තබා බෙරහඬ හෝ සක්හඬ හෝ නංවා නිමිත්ත කීර්තනයට අනතුරුව කියනලද “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො” යනාදීවූ කර්මවාක්යයෙන් සීමාතොමෝ බැඳිය යුත්තීය. කර්මවාක්යාවසානයෙහිම නිමිති පිටකොට යට පොළොව දරාසිටින දියකෙළවරකොට සීමාතොමෝ පිහිටියා වේ.
ඉමං පන සමානසංවාසකසීමං සම්මන්නන්තෙහි පබ්බජ්ජුපසම්පදාදීනං සඞ්ඝකම්මානං සුඛකරණත්ථං පඨමං ඛණ්ඩසීමා බන්ධිතබ්බා. තං පන බන්ධන්තෙහි වත්තං ජානිතබ්බං. සචෙ හි බොධිචෙතියභත්තසාලාදීනි සබ්බවත්ථූනි පතිට්ඨාපෙත්වා කතවිහාරෙ බන්ධන්ති, විහාරමජ්ඣෙ බහූනං සමොසරණට්ඨානෙ අබන්ධිත්වා විහාරපච්චන්තෙ විවිත්තොකාසෙ බන්ධිතබ්බා. අකතවිහාරෙ බන්ධන්තෙහි බොධිචෙතියාදීනං සබ්බවත්ථූනං ඨානං සල්ලක්ඛෙත්වා යථා පතිට්ඨිතෙසු වත්ථූසු විහාරපච්චන්තෙ විවිත්තොකාසෙ හොති, එවං බන්ධිතබ්බා. සා හෙට්ඨිමපරිච්ඡෙදෙන සචෙ එකවීසති භික්ඛූ ගණ්හාති, වට්ටති. තතො ඔරං න වට්ටති, පරං භික්ඛුසහස්සං ගණ්හන්තීපි වට්ටති. තං බන්ධන්තෙහි සීමාමාළකස්ස සමන්තා නිමිත්තුපගා පාසාණා ඨපෙතබ්බා, න ඛණ්ඩසීමාය ඨිතෙහි මහාසීමා බන්ධිතබ්බා, න මහාසීමාය ඨිතෙහි ඛණ්ඩසීමා, ඛණ්ඩසීමායමෙව පන ඨත්වා ඛණ්ඩසීමා බන්ධිතබ්බා, මහාසීමායමෙව ඨත්වා මහාසීමා.
මේ සමානසංවාසකසීමාව සම්මත කරන්නවුන් විසින් ප්‍රව්‍රජ්‍යා උපසම්පදාදී වූ සඞ්ඝකර්‍ම සැපසේ කිරීම පිණිස පළමුකොට ඛණ්ඩ සීමාව බැඳිය යුත්තීය. ඒ ඛණ්ඩසීමාව බඳින්නවුන් විසින් වත දැනගතයුතුය. බෝ සෑ බත්හල් ආදී වූ සියලු වස්තු පිහිටුවා කළ වෙහෙරෙක්හි බඳිත්ද, වෙහෙරමැද බොහෝ දෙන හැසිරෙණ තන්හි නොබැඳ විහාර ප්‍රත්‍යන්තයෙහි විවික්තාවකාශයෙක බැඳිය යුතුය. නොකළ වෙහෙරෙක්හි බඳින්නවුන් විසින් බෝසෑ ආදී සියලු වස්තූන්ට තැන් සලකා සුදුසු පරිදි පිහිටි වස්තු ඇති තන්හි විහාරප්රත්යන්තයෙහි විවික්තවකාශයෙක් වේද, මෙසේ බැඳිය යුතුය. ඒ සීමා තොමෝ යටත්පිරිසයෙන් එක්විසි නමක් භික්ෂූන් ගණීද, වටියි. ඉන් අඩුවූවා නොවටියි. වැඩියක් භික්ෂූන් දහසකට පමණවූවාද වටියි. ඒ සීමාව බඳින්නවුන් විසින් සීමාමාලකය වටින් නිමිත්තට සුදුසු ගල්තැබිය යුතුය. ඛණ්ඩ සීමාවෙහි සිටියවුන් විසින් මහාසීමාව නොබැඳිය යුතුය. මහාසීමාවෙහි සිටියවුන් විසින් ඛණ්ඩසීමාව බැඳිය යුතුය. මහා සීමාවෙහිම සිට මහාසීමාව බැඳිය යුතුය.
තත්රායං බන්ධනවිධි – සමන්තා “එසො පාසාණො නිමිත්ත”න්ති එවං නිමිත්තානි කිත්තෙත්වා කම්මවාචාය සීමා සම්මන්නිතබ්බා. අථ තස්සා එව දළ්හීකම්මත්ථං අවිප්පවාසකම්මවාචා කාතබ්බා. එවඤ්හි සීමං සමූහනිස්සාමාති ආගතා සමූහනිතුං න සක්ඛිස්සන්ති. සීමං සම්මන්නිත්වා බහිසීමන්තරිකපාසාණා ඨපෙතබ්බා. සීමන්තරිකා පච්ඡිමකොටියා එකරතනප්පමාණා වට්ටති. විදත්ථිප්පමාණාපි වට්ටතීති කුරුන්දියං, චතුරඞ්ගුලප්පමාණාපි වට්ටතීති මහාපච්චරියං වුත්තං. සචෙ පන විහාරො මහා හොති, ද්වෙපි තිස්සොපි තතුත්තරිපි ඛණ්ඩසීමායො බන්ධිතබ්බා.
එහි මේ බන්ධනාවිධියය. හාත්පස “එසො පාසාණො නිමිත්තං”යි නිමිති කීර්තනයකොට කර්මවාක්යයෙන් සම්මත කටයුතුය. නැවත ඒ සීමාවෙහි දළ්හීකර්මය පිණිස අවිප්පවාසකර්මවාක්යය කටයුතුය. මෙසේ සීමාව සමූහනය කරන්නෙමු’යි ආවාහු, සමූහනය කරන්නට නොහැකිවෙත්. සීමාව සම්මතකොට පිටත සීමාන්තරික පාසාණයෝ තැබිය යුත්තාහ. සීමන්තරිකපාසාණය පැසුළු කෙළවරින් එක්රියන් පමණවූයේද වටියි. වියතක් පමණ වූයේ වටීයයි කුරුන්දියෙහි කියනලදී. සිවු අඟුල් පමණවූයේද වටීයයි මහාපච්චරියෙහි කියනලදී. ඉදින් විහාරය මහත් වේ නම් ඛණ්ඩ සීමා එකක් හෝ දෙකක් හෝ එයට වැඩි ගණනක් හෝ බැඳිය යුතුය.
එවං ඛණ්ඩසීමං සම්මන්නිත්වා මහාසීමාසම්මුතිකාලෙ ඛණ්ඩසීමතො නික්ඛමිත්වා මහාසීමාය ඨත්වා සමන්තා අනුපරියායන්තෙහි සීමන්තරිකපාසාණා කිත්තෙතබ්බා. තතො අවසෙසනිමිත්තානි කිත්තෙත්වා හත්ථපාසං අවිජහන්තෙහි කම්මවාචාය සමානසංවාසකසීමං සම්මන්නිත්වා තස්සා දළ්හීකම්මත්ථං අවිප්පවාසකම්මවාචාපි කාතබ්බා. එවඤ්හි “සීමං සමූහනිස්සාමා”ති ආගතා සමූහනිතුං න සක්ඛිස්සන්ති. සචෙ පන ඛණ්ඩසීමාය නිමිත්තානි කිත්තෙත්වා තතො සීමන්තරිකාය නිමිත්තානි කිත්තෙත්වා මහාසීමාය නිමිත්තානි කිත්තෙන්ති, එවං තීසු ඨානෙසු නිමිත්තානි කිත්තෙත්වා යං සීමං ඉච්ඡන්ති, තං පඨමං බන්ධිතුං වට්ටති. එවං සන්තෙපි යථාවුත්තෙනයෙන ඛණ්ඩසීමතොව පට්ඨාය බන්ධිතබ්බා. එවං බද්ධාසු පන සීමාසු ඛණ්ඩසීමාය ඨිතා භික්ඛූ මහාසීමාය කම්මං කරොන්තානං න කොපෙන්ති, මහාසීමාය වා ඨිතා ඛණ්ඩසීමාය කම්මං කරොන්තානං සීමන්තරිකාය පන ඨිතා උභින්නම්පි න කොපෙන්ති. ගාමඛෙත්තෙ ඨත්වා කම්මං කරොන්තානං පන සීමන්තරිකාය ඨිතා කොපෙන්ති. සීමන්තරිකා හි ගාමඛෙත්තං භජති.
මෙසේ ඛණ්ඩසීමාව සම්මතකොට මහාසීමාව සම්මත කරන කාලයෙහි ඛණ්ඩසීමාවෙන් බැහැරට ගොස් මහා සීමාවෙහි සිට හාත්පස වටේට පියවර අනුව යන්නවුන් විසින් සීමන්තරික පාසාණයෝ කීර්තනය කටයුත්තාහුය. ඉන්පසු සෙසු නිමිති කීර්තතනයකොට අත්පස නොහරිනවුන් විසින් කර්මවාක්යයෙන් සමානසංවාසක සීමාව සම්මතකොට, ඒ සීමාවෙහි දළ්හීකර්මය පිණිස අවිප්පවාසකර්මවාක්යද කියයුතුය. මෙසේ වනාහි සීමාව සමූහනය කරන්නෙමු’යි ආවාහු සමූහනය කරන්නට නොහැකිවෙත්. ඉදින්වනාහි ඛණ්ඩසීමාවෙහි නිමිති කීර්තනයකොට අනතුරුව සීමන්තරිකාවෙහි නිමිතිකීර්තතනය කිරීමෙන් මහාසීමාවෙහි නිමිතිකීර්තනය කෙරෙත්ද, මෙසේ තුන්තන්හි නිමිතිකීර්තනය කිරීමෙන් යම් සීමාවක් කැමතිවෙත්ද, එය පළමුකොට බැඳීම වටියි. මෙසේ ඇති කල්හි කියූනයින්ම ඛණ්ඩ සීමාවෙහිම පටන් බැඳිය යුතුය. මෙසේ බඳිනලද සීමාවන් අතුරෙහි ඛණ්ඩ සීමාවෙහි සිටි භික්ෂූහු මහාසීමාවෙහි කර්ම කරන්නවුන්ගේ කර්මය කොප්ය නොකෙරෙත්. මහාසීමාවෙහි හෝ සිටියාහු ඛණ්ඩ සීමාවෙහි කර්මකරන්නවුන්ගේ කර්මයද, සීමාන්තරිකාවෙහි වනාහි සිටියාහු දෙපක්ෂයගේම කර්මය කොප්ය නොකෙරෙත්. ග්රාමක්ෂෙත්රයෙහි සිට කර්මකරන්නවුන්ගේ කර්මය සීමාන්තරිකාවෙහි සිටියාහු කොප්ය කෙරෙත්. සීමාන්තරිකාතොමෝ ග්රාමක්ෂෙත්රය භජනය කරයි.
සීමා ච නාමෙසා න කෙවලං පථවිතලෙයෙව බද්ධා බද්ධා නාම හොති. අථ ඛො පිට්ඨිපාසාණෙපි කුටිගෙහෙපි ලෙණෙපි පාසාදෙපි පබ්බතමත්ථකෙපි බද්ධා බද්ධායෙව හොති. තත්ථ පිට්ඨිපාසාණෙ බන්ධන්තෙහි පාසාණපිට්ඨියං රාජිං වා කොට්ටෙත්වා උදුක්ඛලං වා ඛණිත්වා නිමිත්තං න කාතබ්බං , නිමිත්තුපගපාසාණෙ ඨපෙත්වා නිමිත්තානි කිත්තෙතබ්බානි. කම්මවාචාපරියොසානෙ සීමා පථවිසන්ධාරකං උදකං පරියන්තං කත්වා ඔතරති. නිමිත්තපාසාණා යථාඨානෙ න තිට්ඨන්ති, තස්මා සමන්තතො රාජි වා උට්ඨාපෙතබ්බා, චතූසු වා කොණෙසු පාසාණා විජ්ඣිතබ්බා, “අයං සීමාපරිච්ඡෙදො”ති වත්වා අක්ඛරානි වා ඡින්දිතබ්බානි. කෙචි උසූයකා සීමං ඣාපෙස්සාමාති අග්ගිං දෙන්ති, පාසාණාව ඣායන්ති, න සීමා.
මේ සිමාව වනාහි හුදෙක් පොළෝතලයෙහිම බඳින ලද්දී බඳින ලද්දී නම් නොවේ. තවද, පිටිගල්හිද, බිගෙම්යිද, ලෙනෙහිද, පහයෙහිද, පර්වත මස්තකයෙහිද බඳින ලද්දී බඳින ලද්දීම වේ. එහි පිටිගලෙහි බඳින්නවුන් විසින් ගලමතුවෙහි රෙඛාවක් හෝ කොටා, කුඩාවළක් හෝ කැණ, ඒ රෙඛාව හෝ කුඩාවළ හෝ නිමිත්ත නොකොට යුතුය. නිමිත්තට සුදුසු ගල් තබා නිමිති කීර්තනය කටයුතුය. කර්මවාක්යාවසානයෙහි සීමාතොමෝ පොළොව දරණ ජලය කෙළවරකොට බසියි. නිමිත්ත පාසාණයෝ තුබූතන්හි නොසිටිත්ද, එහෙයින් වටින් රෙඛාවක් හෝ නැන්විය යුතුය. සිවුකොන්හි හෝ ගල්විද සිටවිය යුතුය. ‘මේ සීමාපරිච්ඡෙදය’යි කියා අකුරු හෝ සිඳිය යුතුය. ඊර්ෂ්‍යා කරන කිසිකෙනෙක් සීමාව දවන්නෙමු’යි ගිනිතබත්ද, ගල්ම දැවීයේ. සීමාව නොදැවේ.
කුටිගෙහෙපි බන්ධන්තෙහි භිත්තිං අකිත්තෙත්වා එකවීසතියා භික්ඛූනං ඔකාසට්ඨානං අන්තො කරිත්වා පාසාණනිමිත්තානි ඨපෙත්වා සීමා සම්මන්නිතබ්බා, අන්තොකුට්ටමෙව සීමා හොති. සචෙ අන්තොකුට්ටෙ එකවීසතියා භික්ඛූනං ඔකාසො නත්ථි, පමුඛෙ නිමිත්තපාසාණෙ ඨපෙත්වා සම්මන්නිතබ්බා. සචෙ එවම්පි නප්පහොති, බහිනිබ්බොදකපතනට්ඨානෙපි නිමිත්තානි ඨපෙත්වා සම්මන්නිතබ්බා. එවං සම්මතාය පන සබ්බං කුටිගෙහං සීමට්ඨමෙව හොති.
බිම්ගෙයිද, බිත්තිය කීර්තනය නොකොට එක්විස්සක් මහණුන්ට ඉඩතැන් ඇතුළත්කොට පහන්නිමිති තබා සීමාව සම්මත කටයුතුය. බිත්තිය ඇතුළතම සීමාව වේ. ඉදින් බිත්තිය ඇතුළ එක්විස්සක් මහණුන්ට ඉඩ නැත්තේනම් බිත්තියෙන් පිටත පිළෙහි නිමිති පහන් තබා සම්මත කටයුතුය. ඉදින් මෙසේත් නොපොහොනේනම්, පලයෙහි දියවැඩෙන තැනින් පිටතද නිමිති තබා සම්මත කටයුතුය. මෙසේ සම්මත කළ කල්හි වනාහි සියලුකුටිගෙය සීමාවෙහි සිටියේම වේ.
චතුභිත්තියලෙණෙපි බන්ධන්තෙහි කුට්ටං අකිත්තෙත්වා පාසාණාව කිත්තෙතබ්බා. සචෙ අන්තො ඔකාසො නත්ථි, පමුඛෙපි නිමිත්තානි ඨපෙතබ්බානි. සචෙ නප්පහොති, බහි නිබ්බොදකපතනට්ඨානෙපි නිමිත්තපාසාණෙ ඨපෙත්වා නිමිත්තානි කිත්තෙත්වා සීමා සම්මන්නිතබ්බා. එවං ලෙණස්ස අන්තො ච බහි ච සීමා හොති.
බිතුසතරක් ඇතිලෙනෙහි බදින්නවුන් විසින් බිත්ති කීර්තනය නොකොට නිමිති ගල්ම කීර්තනය කටයුතුය. ඇතුළත ඉඩඇති කල්හි පිටත පිළෙහිද නිමිති තැබිය යුතුය. ඉදින් නොපොහොනේනම් පලයෙන් දියවැඩෙන තැනින් පිටතද, නිමිතිගල් තබා නිමිති කීර්තනය කොට සීමාව සම්මත කටයුතුය. මෙසේ සීමාව ඇතුළතද පිටතද සීමාවන්නීය.
උපරිපාසාදෙපි භිත්තිං අකිත්තෙත්වා අන්තො පාසාණෙ ඨපෙත්වා සීමා සම්මන්නිතබ්බා. සචෙ නප්පහොති, පමුඛෙපි පාසාණෙ ඨපෙත්වා සම්මන්නිතබ්බා. එවං සම්මතා උපරිපාසාදෙයෙව හොති, හෙට්ඨා න ඔතරති. සචෙ පන බහූසු ථම්භෙසු තුලානං උපරි කතපාසාදස්ස හෙට්ඨිමතලෙ කුට්ටො යථා නිමිත්තානං අන්තො හොති, එවං උට්ඨහිත්වා තුලාරුක්ඛෙහි එකසම්බද්ධො ඨිතො, හෙට්ඨාපි ඔතරති. එකථම්භපාසාදස්ස පන උපරිමතලෙ බද්ධා සීමා සචෙ ථම්භමත්ථකෙ එකවීසතියා භික්ඛූනං ඔකාසො හොති, හෙට්ඨා ඔතරති. සචෙ පාසාදභිත්තිතො නිග්ගතෙසු නිය්යූහකාදීසු පාසාණෙ ඨපෙත්වා සීමං බන්ධන්ති, පාසාදභිත්ති අන්තොසීමායං හොති. හෙට්ඨා පනස්සා ඔතරණානොතරණං වුත්තනයෙනෙව වෙදිතබ්බං. හෙට්ඨාපාසාදෙ කිත්තෙන්තෙහිපි භිත්ති ච රුක්ඛත්ථම්භා ච න කිත්තෙතබ්බා. භිත්තිලග්ගෙ පන පාසාණත්ථම්භෙ කිත්තෙතුං වට්ටති. එවං කිත්තිතා සීමා හෙට්ඨා පාසාදස්ස පරියන්තථම්භානං අන්තොයෙව හොති. සචෙ පන හෙට්ඨාපාසාදස්ස කුඩ්ඩො උපරිමතලෙන සම්බද්ධො හොති, උපරිපාසාදම්පි අභිරුහති. සචෙ පාසාදස්ස බහි නිබ්බොදකපතනට්ඨානෙ නිමිත්තානි කරොන්ති, සබ්බො පාසාදො සීමට්ඨො හොති.
පහය මතුවෙහිද බිත්ති කීර්තනය නොකොට ඇතුළත ගල්තබා සීමාව සම්මත කටයුතුය. ඉදින් නොපොහොනේ නම්, පිලෙහිද ගල් තබා සම්මත කටයුතුය. මෙසේ සම්මත කරණ ලද්දී පහය මතුවෙහිම වේ. බිත්තියෙන් මොබ නිමිතිතබා කීර්තනය කළ බැවින් යට ඉඩ ඇති පෙදෙසට නොබසියි. ඉදින් බොහෝ ටැම්වල තලාන් මතුවෙහි කළපහයෙහි යටතලෙහි බිත්තිය යම්සේ නිමිති තුළ වේද, මෙසේ නැගී තලාන් රුක්සමග එකට බැඳී සිටියේද, යටටද බසියි. එක්ටැම් පහයෙහි මතුමහලෙහි බඳින ලද සීමාතොමෝ, ඉදින් ටැඹමතුවෙහි එක්විස්සක් මහණුන්ට ඉඩ ඇත්තේ වේද, යටට බසියි. ඉදින් පහයෙහි බිත්තියෙන් පිටතට නික්මුනු දොරටුවල පහන්තබා සීමාව බදිත්ද, පහයෙහි බිත්ති සීමාව තුළ වේ. මේ සීමාවෙහි යටට බැසීම් නොබැසීම් කියූනයින්ම දතයුතුය. පහයයට කීර්තනය කරන්නවුන් විසින්ද, බිත්තියද රුක්ටැම්ද කීර්තනය නොකටයුතුය. බිත්තියට ඇතුළුවූ ගල්ටැම් කීර්තනය කිරීම වටියි. මෙසේ කීර්තනය කරණලද සීමාව පහය යට කෙළවර සිටි ටැම්වල ඇතුළතම වන්නීය. ඉදින් පහය යට බිත්තිය මතුතලය හා සම්බන්ධ වේද, මතුපහයටද නගියි. පහයෙහි පිටත පලයෙන් දිය වැටෙන තැන නිමිතිකෙරෙත්ද, සියලු පහය සීමාවෙහි සිටියේ වේ.
පබ්බතමත්ථකෙ තලං හොති එකවීසතියා භික්ඛූනං ඔකාසාරහං, තත්ථ පිට්ඨිපාසාණෙ විය සීමං බන්ධන්ති. හෙට්ඨාපබ්බතෙපි තෙනෙව පරිච්ඡෙදෙන සීමා ඔතරති. තාලමූලකපබ්බතෙපි උපරි සීමා බද්ධා හෙට්ඨා ඔතරතෙව. යො පන විතානසණ්ඨානො හොති, උපරි එකවීසතියා භික්ඛූනං ඔකාසො අත්ථි, හෙට්ඨා නත්ථි, තස්ස උපරි බද්ධා සීමා හෙට්ඨා න ඔතරති. එවං මුදිඞ්ගසණ්ඨානො වා හොතු පණවසණ්ඨානො වා, යස්ස හෙට්ඨා වා මජ්ඣෙ වා සීමප්පමාණං නත්ථි, තස්සුපරි බද්ධා සීමා හෙට්ඨා නෙව ඔතරති. යස්ස පන ද්වෙ කූටානි ආසන්නෙ ඨිතානි, එකස්සපි උපරි සීමප්පමාණං නප්පහොති, තස්ස කූටන්තරං චිනිත්වා වා පූරෙත්වා වා එකාබද්ධං කත්වා උපරි සීමා සම්මන්නිතබ්බා.
පර්වතමස්තකයෙහි එක්විස්සක් මහණුන්ට ඉදීමට සුදුසුවූ තලයවේද, එහි පිටිපහණෙහි මෙන් සීමාව බඳිත්ද, යට පර්වතයෙහිද, ඒ පිරිසිඳීමෙන්ම සීමාව බසියි. තල්මුල වැනිව යට මහත්ව ක්‍රමයෙන් සිහින්වූ පර්වතයෙහිද, මතුවෙහි සීමාව බඳින ලදද, යටට බසීමය. යම් පර්වතයෙක් තෙමේ වියන් සටහන් ඇත්තේ වේද, මතුවෙහි එක්විස්සක් මහණුන්ට ඉඩ ඇත්තේද, යට ඉඩ නැත්තේද, ඒ පර්වතයෙහි මතුවෙහි බඳින ලද සීමාතොමෝ යටට නොබසී. මෙසේ මිහිඟුම්බෙර සටහන් ඇත්තේ හෝ වේවා, පණාබෙරසටහන් ඇත්තේ හෝ වේවා, යම් පර්වතයක්හුගේ යට හෝ මැද හෝ සීමා ප්‍රමාණයක් නැත්තේද, ඒ පර්වතය මතුවෙහි බඳින ලද සීමාතොමෝ යට නොබසියි. යම් පර්වතයක්හුගේ කුළුදෙකක් ලංව සිටියේද, එක් පර්වතයක් මතුවෙහි සීමාවට පමණ නොසෑහේද, ඒ පර්වතයාගේ කුළු අතර ගඩොල් ආදියෙන් බැඳ හෝ පුරවා හෝ එකාබද්ධකොට මතුවෙහි සීමාව සම්මත කටයුතුය.
එකො සප්පඵණසදිසො පබ්බතො, තස්සුපරි සීමප්පමාණස්ස අත්ථිතාය සීමං බන්ධන්ති, තස්ස චෙ හෙට්ඨා ආකාසපබ්භාරං හොති, සීමා න ඔතරති. සචෙ පනස්ස වෙමජ්ඣෙ සීමප්පමාණො සුසිරපාසාණො හොති, ඔතරති. සො ච පාසාණො සීමට්ඨොයෙව හොති. අථාපිස්ස හෙට්ඨා ලෙණස්ස කුට්ටො අග්ගකොටිං ආහච්ච තිට්ඨති , ඔතරති, හෙට්ඨා ච උපරි ච සීමායෙව හොති. සචෙ පන හෙට්ඨා උපරිමස්ස සීමාපරිච්ඡෙදස්ස පාරතො අන්තො-ලෙණං හොති, බහි සීමා න ඔතරති. අථාපි උපරිමස්ස සීමාපරිච්ඡෙදස්ස ඔරතො බහිලෙණං හොති, අන්තො සීමා න ඔතරති. අථාපි උපරි සීමාය පරිච්ඡෙදො ඛුද්දකො, හෙට්ඨා ලෙණං මහන්තං සීමාපරිච්ඡෙදමතික්කමිත්වා ඨිතං, සීමා උපරියෙව හොති, හෙට්ඨා න ඔතරති. යදි පන ලෙණං ඛුද්දකං සබ්බපච්ඡිමසීමාපරිමාණං, උපරි සීමා මහතී තං අජ්ඣොත්ථරිත්වා ඨිතා, සීමා ඔතරති. අථ ලෙණං අතිඛුද්දකං සීමප්පමාණං න හොති, සීමා උපරියෙව හොති, හෙට්ඨා න ඔතරති. සචෙ තතො උපඩ්ඪං භිජ්ජිත්වා පතති, සීමප්පමාණං චෙපි හොති, බහි පතිතං අසීමා. අපතිතං පන යදි සීමප්පමාණං, සීමා හොතියෙව.
නයිපෙණසමාන වූ එක් පර්වතයක් වේද, ඒ පර්වතය මතුවෙහි සීමාවට පමණ ඇති බැවින් සීමාව බඳිත්ද, ඉදින් ඒ පර්වතයෙහි යට බිත්තියෙන් වටනොකළ පර්වතය ඉදිරියට නෙරායෑමෙන් වූ ගුහාවක් වේනම් සීමාව නොබසියි. ඉදින් මේ පර්වතයෙහි මැදසීමාවට පමණවූ සිදුරැති ගලක් වේනම්, බසියි. ඒ ගලද සීමස්ථම වේ. තවද මේ පර්වතයෙහි යටලෙනෙහි බිත්තිය අගකෙළවර හැපීසිටීද, බසියි. යටද මතුවෙහිද සීමාවම වේ. ඉදින් යට උපරිම සීමාපරිච්ඡෙදය පසුභාගයෙහි පර්වතයතුළ ලෙනක් වේද, පිටත සීමාව නොබසියි. තවද, උපරිම සීමා පරිච්ඡෙදයෙන් මෑත පිටත ලෙන වේද, ඇතුළත සීමාව නොබසියි. තවද මතු සීමා පරිච්ඡෙදය කුඩා වේද, යටලෙන මහත් වේද, සීමාපරිච්ඡෙදය ඉක්මවා සිටියේද, සීමාව මත්තෙහිම වන්නීය. යට නොබසියි. ඉදින් ලෙන කුඩා වේද, සියල්ල පැසුළුසීමා පමණ වේද, මත්තෙහි සීමාව මහත් වේද, එය යටකොට සිටි සීමාව බසියි. තවද ලෙන ඉතා කුඩා වේද, සීමාවට පමණ නොවේද, සීමාව මතුවෙහිම වන්නීය. යට නොබසියි. ඉදින් එයින් අඩක් බිඳ වැටේද, සීමාවට පමණක් වේද, පිටත වැටුනී අසීමා වන්නීය. ඉදින් නොවැටුනක් වනාහි සීමාවට පමණවේද, සීමාම වන්නීය.
ඛණ්ඩසීමා නීචවත්ථුකා හොති, තං පූරෙත්වා උච්චවත්ථුකං කරොන්ති, සීමායෙව. සීමාය ගෙහං කරොන්ති, සීමට්ඨකමෙව හොති. සීමාය පොක්ඛරණිං ඛණන්ති, සීමායෙව. ඔඝො සීමාමණ්ඩලං ඔත්ථරිත්වා ගච්ඡති, සීමාමාළකෙ අට්ටං බන්ධිත්වා කම්මං කාතුං වට්ටති. සීමාය හෙට්ඨා උමඞ්ගනදී හොති, ඉද්ධිමා භික්ඛු තත්ථ නිසීදති, සචෙ සා නදී පඨමං ගතා, සීමා පච්ඡා බද්ධා , කම්මං න කොපෙති. අථ පඨමං සීමා බද්ධා, පච්ඡා නදී ගතා, කම්මං කොපෙති. හෙට්ඨාපථවිතලෙ ඨිතො පන කොපෙතියෙව.
ඛණ්ඩසීමාතොමෝ මිටිබිම් ඇත්තීද, ඒ මිටිබිම පුරවා උස්බිම ඇත්තක් කෙරේද, සීමාවමය. සීමාවෙහි ගෙයක් කෙරෙත්ද, එය සීමස්ථකම වේ. සීමාවෙහි පොකුණක් කණිත්ද, සීමාවමය. සැඩදියපහරෙක් සීමාමණ්ඩලය යටකොට යේද, සීමාමාලකයෙහි අටල්ලක් බැඳ කර්මකිරීම වටියි. සීමාවෙහි යට උමංගඟක් වේද, සෘද්ධි ඇති මහණෙක් තෙමේ එහි හිඳීද, ඒ ගඞ්ගාතොමෝ පළමුකොට ගියාද, සීමාව පසුව බඳින ලද්දීද, කර්ම කොප්ය නොකෙරේ. නැවත පළමුකොට සීමාව බඳින ලද්දීද, පසුව ගඞ්ගාව ගියාද, කර්මය කොප්ය කරයි. යටපොළෝතලයෙහි සිටියේ වනාහි කොප්ය කෙරේමය.
සීමාමාළකෙ වටරුක්ඛො හොති, තස්ස සාඛා වා තතො නිග්ගතපාරොහො වා මහාසීමාය පථවිතලං වා තත්ථජාතරුක්ඛාදීනි වා ආහච්ච තිට්ඨති, මහාසීමං සොධෙත්වා වා කම්මං කාතබ්බං, තෙ වා සාඛාපාරොහා ඡින්දිත්වා බහිට්ඨකා කාතබ්බා. අනාහච්ච ඨිතසාඛාදීසු ආරුළ්හභික්ඛු හත්ථපාසං ආනෙතබ්බො. එවං මහාසීමාය ජාතරුක්ඛස්ස සාඛා වා පාරොහො වා වුත්තනයෙනෙව සීමාමාළකෙ පතිට්ඨාති, වුත්තනයෙනෙව සීමං සොධෙත්වා වා කම්මං කාතබ්බං, තෙ වා සාඛාපාරොහා ඡින්දිත්වා බහිට්ඨකා කාතබ්බා.
මහාසීමා තුළ බැඳි බද්ධසීමා මාලකයෙහි නුගරුකක් වේද, එහි අත්තක් හෝ එයින් නික්මුනු නුග අරළුවක් හෝ මහාසීමාවෙහි පොළෝතලය හෝ එහි හටගත් රුක්ආදිය හෝ හපා සිටීද, මහාසීමාව ශුද්ධකොට හෝ කර්මකටයුතුය. ඒ අතුඅරළු සිඳහැර පිටත්හි කටයුතුය. නොවැදසිටි අතු ආදියට නැගීසිටි මහණතෙමේ අත්පසට පැමිණවිය යුතුය. මෙසේ මහාසීමාවෙහි හටගත් රුකෙහි අත්තක් හෝ නුගඅරළුවක් හෝ කියූනයින්ම සීමාමාලකයෙහි පිහිටාද, කියූනයින්ම, සීමාගත භික්ෂූන් අත්පසට ගෙන්වීමක් නැත, සීමාවෙන් බැහැර කිරීමෙන් සීමාව ශුද්ධකොට හෝ කර්මකටයුත්තේය. ඒ අතු අරළු සිඳ හෝ පිටත්හි කටයුතුය.
සචෙ සීමාමාළකෙ කම්මෙ කරියමානෙ කොචි භික්ඛු සීමාමාළකස්ස අන්තො පවිසිත්වා වෙහාසට්ඨිතසාඛාය නිසීදති , පාදා වාස්ස භූමිගතා හොන්ති, නිවාසනපාරුපනං වා භූමිං ඵුසති, කම්මං කාතුං න වට්ටති. පාදෙ පන නිවාසනපාරුපනඤ්ච උක්ඛිපාපෙත්වා කාතුං වට්ටති. ඉදඤ්ච ලක්ඛණං පුරිමනයෙපි වෙදිතබ්බං. අයං පන විසෙසො – තත්ර උක්ඛිපාපෙත්වා කාතුං න වට්ටති, හත්ථපාසමෙව ආනෙතබ්බො. සචෙ අන්තොසීමතො පබ්බතො අබ්භුගච්ඡති, තත්රට්ඨො භික්ඛු හත්ථපාසං ආනෙතබ්බො. ඉද්ධියා අන්තොපබ්බතං පවිට්ඨෙපි එසෙව නයො. බජ්ඣමානා එව හි සීමා පමාණරහිතං පදෙසං න ඔතරති. බද්ධසීමාය ජාතං යංකිඤ්චි යත්ථ කත්ථචි එකසම්බද්ධෙන ගතං සීමාසඞ්ඛ්යමෙව ගච්ඡතීති.
ඉදින් සීමාමාලකයෙහි කිසි මහණෙක් සීමා මාලකය තුළට පිවිස අහස සිටිඅත්තෙක හිඳීද මොහුගේ පාදයෝ හෝ භූමිගතවෙත්ද, අඳනය, පොරෝණය හෝ බිමදීද, කර්මකිරීම නොවටියි. පාදයන්ද අඳනය - පොරෝණය ඔසොවා කර්මකිරීම වටියි. මේ ලක්ෂණයද පළමුනයින්ම දතයුතුය. මේ මතු කියන්නේ වෙනසය:- එහි බද්ධ සීමාව තුළ සිටි බැවින් ඔසොවා කර්මකිරීම නොවටියි. අත්පසටම පැමිණවිය යුතුය. ඉදින් සීමාව තුළින් පර්වතයෙක් උස්ව නගීද, එහි සිටි මහණතෙමේ අත්පසටම ගෙන්විය යුතුය. සෘද්ධියෙන් පර්වතයට පැමිණියහු කෙරෙහිද, මෙම නය වේ. බඳින ලද්දවූම සීමාව ප්රමාණරහිත ප්‍රදේශයට නොබසියි. බද්ධසීමාවෙහි යම්කිසිතැනක හටගත්තාවූ එකට බැඳීගියාවූ යම්කිසිවක් වේද, එය සීමාසඞ්ඛ්යාවටම යන්නේය.
තියොජනපරමන්ති එත්ථ තියොජනං පරමං පමාණමෙතිස්සාති තියොජනපරමා; තං තියොජනපරමං. සම්මන්නන්තෙන පන මජ්ඣෙ ඨත්වා යථා චතූසුපි දිසාසු දියඩ්ඪදියඩ්ඪයොජනං හොති, එවං සම්මන්නිතබ්බා. සචෙ පන මජ්ඣෙ ඨත්වා එකෙකදිසතො තියොජනං කරොන්ති, ඡයොජනං හොතීති න වට්ටති. චතුරස්සං වා තිකොණං වා සම්මන්නන්තෙන යථා කොණතො කොණං තියොජනං හොති, එවං සම්මන්නිතබ්බා. සචෙ හි යෙන කෙනචි පරියන්තෙන කෙසග්ගමත්තම්පි තියොජනං අතික්කාමෙති, ආපත්තිඤ්ච ආපජ්ජති සීමා ච අසීමා හොති.
“තියොජනපරමං” තුන්යොදුන් පරම ප්‍රමාණය මේ සීමාවටනුයි තියොජනපරමා නම. ඒ තුන්යොදුන් පරමකොට ඇති සීමාව සම්මත කරන්නහු විසින් වනාහි මැද සිට යම්සේ සිවුදිසාවන්හි එක්යොදුන් අඩක් එක්යොදුන් අඩක් වේද, මෙසේ සම්මත කටයුතුය. ඉදින් වනාහි මැදසිට එක් එක් දිසාවෙන් තුන්යොදුනක් කෙරෙත්ද, සයොදුනෙක් වේයයි නොවටියි. සිවුරැස් කොට හෝ තුන්කොන් හෝ කොට සම්මත කරන්නහු විසින් යම්සේ කොණින්කොණ තුන්යොදුනක් වේද, මෙසේ සම්මත කටයුතුය. ඉදින් වනාහි යම්කිසි කෙළවරකින් කෙසගක් පමණ නමුදු තුන්යොදුන ඉක්මවාද, ඇවැතටද පැමිණේ. සීමාවද අසීමවන්නීය.
නදීපාරන්ති එත්ථ පාරයතීති පාරා. කිං පාරයති? නදිං. නදියා පාරා නදීපාරා, තං නදීපාරං; නදිං අජ්ඣොත්ථරමානන්ති අත්ථො. එත්ථ ච නදියා ලක්ඛණං නදීනිමිත්තෙ වුත්තනයමෙව. යත්ථස්ස ධුවනාවා වාති යත්ථ නදියා සීමාබන්ධනට්ඨානගතෙසු තිත්ථෙසු නිච්චසඤ්චරණනාවා අස්ස, යා සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන පාජනපුරිසෙන සද්ධිං තයො ජනෙ වහති. සචෙ පන සා නාවා උද්ධං වා අධො වා කෙනචිදෙව කරණීයෙන පුන ආගමනත්ථාය නීතා, චොරෙහි වා හටා, අවස්සං ලබ්භනෙය්යා, යා පන වාතෙන වා ඡින්නබන්ධනා වීචීහි නදිමජ්ඣං නීතා අවස්සං ආහරිතබ්බා, පුන ධුවනාවාව හොති. උදකෙ ඔගතෙ ථලං උස්සාරිතාපි සුධාකසටාදීහි පූරෙත්වා ඨපිතාපි ධුවනාවාව. සචෙ භින්නා වා විසඞ්ඛතපදරා වා න වට්ටති. මහාපදුමත්ථෙරො පනාහ – “සචෙපි තාවකාලිකං නාවං ආනෙත්වා සීමාබන්ධනට්ඨානෙ ඨපෙත්වා නිමිත්තානි කිත්තෙන්ති, ධුවනාවාව හොතී”ති. තත්ර මහාසුමත්ථෙරො ආහ – “නිමිත්තං වා සීමා වා කම්මවාචාය ගච්ඡති න නාවාය. භගවතා ච ධුවනාවා අනුඤ්ඤාතා, තස්මා නිබද්ධනාවායෙව වට්ටතී”ති.
“නදීපාරං” මෙහි යටපත් කරනුයි පාරා නම. කුමක් යටපත්කරාද, යත්:- නදියයි. නදියේ යටපත්කිරීම නදීපාරා නම. ඒ නදීපාරායයි. නදිය යටපත් කරන්නාවූ යන අර්‍ත්‍ථයි. මෙහිද නදියෙහි ලක්ෂණ නදී නිමිත්තයෙහි කියනලද නයමය. “යත්ථස්ස ධුවනාවා වා” යම් තැනක නදියෙහි සීමාබන්ධන ස්ථානගත තීර්ථයන්හි නිබඳ හැසිරෙන නැවක් වන්නීද, යම් නැවක් සියලු අන්තිම පරිච්ඡෙදයෙන් පදින පුරුෂයා සමග තිදෙනකු උසුලාද, ඉදින්වනාහි ඒ නැව උඩට හෝ යටට හෝ කිසි කටයුත්තක් නිසා නැවත ඒම පිණිස ගෙනයන ලද්දීද, සොරුන් විසින් හෝ ගෙනයන ලද්දීද, ඒකාන්තයෙන් ලැබිය හැක්කීද, යම් නැවක් වනාහි වාතයෙන් හෝ සිඳිනලද බැඳුම් ඇත්තී රැලවලින් ගඟමැදට ගෙනයන ලද්දීද, අවශ්‍යයෙන් ගෙන ආයුත්තීද, නැවත ධුවනැවම වේ. දිය ගලාගිය කල්හි ගොඩබිමට ඔසොවා දමන ලද්දීද, සුණුකසටාදියෙන් පුරවා තබන ලද්දීද, ධුවනැවමයි. ඉදින් බුන්නැව හෝ වෙන්කළ පුවරු ඇති නැව හෝ නොවටියි. මහාපදුම ස්ථවිරතෙමේ වනාහි ‘ඉදින් තාවකාලිකකොට නැවක් ගෙණ සීමාව බඳිනතැන තබා නිමිති කීර්තනය කෙරෙත්නම්, ධුවනාවාවම වේය’යි කීයේය. එහි මහාසුම්ම ස්ථවිරතෙමේ ‘නිමිත්තද සීමාවද කර්මවාක්යයෙන් පැමිණේ. නැවෙන් නොපැමිණේ. භාග්‍යවතුන් වහන්සේ විසින්ද, යම් ධුවනැවක් අනුදන්නා ලදද, එහෙයින් නිබඳ නැවම වටීය’යි කීයේය.
ධුවසෙතු වාති යත්ථ රුක්ඛසඞ්ඝාටමයො වා පදරබද්ධො වා ජඞ්ඝසත්ථසෙතු වා හත්ථිස්සාදීනං සඤ්චරණයොග්ගො මහාසෙතු වා අත්ථි; අන්තමසො තඞ්ඛණඤ්ඤෙව රුක්ඛං ඡින්දිත්වා මනුස්සානං සඤ්චරණයොග්ගො එකපදිකසෙතුපි ධුවසෙතුත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. සචෙ පන උපරි බද්ධානි වෙත්තලතාදීනි හත්ථෙන ගහෙත්වාපි න සක්කා හොති තෙන සඤ්චරිතුං, න වට්ටති.
“ධුවසෙතු වා” යම්තැනක රුක්ගටා කරණ ලද්දාවූ හෝ පුවරු බඳින ලද්දාවූ හෝ පාගමන් ඇති සමූහයා යන හෙයක් හෝ ඇත්-අස් ආදීන්ගේ හැසිරීමට සුදුසු මහහෙයක් හෝ ඇත්තේද, යටත්පිරිසයින් එකෙණෙහිම රුකක් සිඳ මිනිසුන්ගේ හැසිරීමට සුදුසු වු එක් අයකුට යාහැකි හෙයක් හෝ වේද, ඒ හැම ධුවසෙතුමැයි සඞ්ඛ්‍යාවට යන්නේය. ඉදින්වනාහි මතුවෙහි බඳිනලද වේවැල් ආදිය අතින්ගෙන එයින් හැසිරෙන්නට නොහැකිවේද, නොවටියි.
එවරූපං නදීපාරසීමං සම්මන්නිතුන්ති යත්ථායං වුත්තප්පකාරා ධුවනාවා වා ධුවසෙතු වා අභිමුඛතිත්ථෙයෙව අත්ථි, එවරූපං නදීපාරසීමං සම්මන්නිතුං අනුජානාමීති අත්ථො. සචෙ ධුවනාවා වා ධුවසෙතු වා අභිමුඛතිත්ථෙ නත්ථි, ඊසකං උද්ධං අභිරුහිත්වා අධො වා ඔරොහිත්වා අත්ථි, එවම්පි වට්ටති. කරවීකතිස්සත්ථෙරො පන “ගාවුතමත්තබ්භන්තරෙපි වට්ටතී”ති ආහ.
“එවරූපං නදීපාරං සීමං සම්මන්තිතුං” යම්තැනක කියූ ආකාරඇති මේ ධුවනැවක් හෝ ධුවසෙතුවක් හෝ ඉදිරිතොටුපලෙක්හිම ඇත්තේද, මෙබඳුවූ නදීපාරසීමාව සම්මත කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. ඉදින් ධුවනැවක් හෝ ධුවහෙයක් හෝ ඉදිරිතොටෙහි නැත්තේනම්, මදක් උඩට හෝ නැග යටට හෝ බැස ඇත්තේද, මෙසේද වටියි. කරවීක තිස්ස ස්ථවිරතෙමේ වනාහි ගව්වක් පමණ අතරද වටීය’යි කීයේය.
ඉමඤ්ච පන නදීපාරසීමං සම්මන්නන්තෙන එකස්මිං තීරෙ ඨත්වා උපරිසොතෙ නදීතීරෙ නිමිත්තං කිත්තෙත්වා තතො පට්ඨාය අත්තානං පරික්ඛිපන්තෙන යත්තකං පරිච්ඡෙදං ඉච්ඡති, තස්ස පරියොසානෙ අධොසොතෙපි නදීතීරෙ නිමිත්තං කිත්තෙත්වා පරතීරෙ සම්මුඛට්ඨානෙ නදීතීරෙ නිමිත්තං කිත්තෙතබ්බං. තතො පට්ඨාය යත්තකං පරිච්ඡෙදං ඉච්ඡති, තස්ස වසෙන යාව උපරිසොතෙ පඨමකිත්තිතනිමිත්තස්ස සම්මුඛා නදීතීරෙ නිමිත්තං, තාව කිත්තෙත්වා පච්චාහරිත්වා පඨමකිත්තිතනිමිත්තෙන සද්ධිං ඝටෙතබ්බං. අථ සබ්බනිමිත්තානං අන්තො ඨිතෙ භික්ඛූ හත්ථපාසගතෙ කත්වා කම්මවාචාය සීමා සම්මන්නිතබ්බා. නදියං ඨිතා අනාගතාපි කම්මං න කොපෙන්ති. සම්මුතිපරියොසානෙ ඨපෙත්වා නදිං නිමිත්තානං අන්තො පාරතීරෙ ච ඔරිමතීරෙ ච එකසීමා හොති. නදී පන බද්ධසීමාසඞ්ඛ්යං න ගච්ඡති, විසුං නදිසීමා එව හි සා.
මේ නදීපාරසීමාව සම්මත කරන්නහු විසින් එක් තෙරක සිට දියපහර මතුවෙහි ගංඉවුරෙහි නිමිත්ත කීර්තනයකොට එතැන්පටන් තමන් වටකරන්නහු විසින් යම්පමණ පරිච්ඡෙදයක් කැමතිවේද, ඒ පරිච්ඡෙද අවසානයෙහි යටදියපහරෙහිද ගංඉවුරෙහි නිමිත්ත කීර්තනය කොට එතෙර හමුවූවන්හි ගංඉවුරෙහි නිමිත්ත කීර්තනය කටයුතුය. එතැපටන් යම්පමණ පරිච්ඡෙදයක් කැමතිවේද, ඒ පරිච්ඡෙදයෙහි වසයෙන් යම්තාක් දියපහර මතුවෙහි පළමුකොට කීර්තනය කළ නිමිත්තට හමුවෙහි ගංඉවුරෙහි නිමිත්ත වේද, ඒතාක් කීර්තනය කොට නැවත ගෙනවුත් පළමුකොට කීර්තනය කළ නිමිත්ත සමග ගැටිය යුතුය. නැවත සියලු නිමිතිතුළ සිටි මහණුන් අත්පසට පැමිණියවුන් කොට කර්මවාක්යයෙන් සීමාව සම්මත කටයුතුය. නදියෙහි සිටියෝ නොආවාහුද, කර්ම කොප්ය නොකෙරෙත්. සම්මුතිය කෙළවර නදිය හැර නිමිති තුළ එතෙරද මෙතෙරද එක්සීමාවක් වන්නීය. නදිය වනාහි බද්ධසීමා සඞ්ඛ්‍යාවට නොයයි. ඕතොමෝ වෙන්වම නදීසීමාවම වේ.
සචෙ අන්තොනදියං දීපකො හොති, තං අන්තොසීමාය කාතුකාමෙන පුරිමනයෙනෙව අත්තනා ඨිතතීරෙ නිමිත්තානි කිත්තෙත්වා දීපකස්ස ඔරිමන්තෙ ච පාරිමන්තෙ ච නිමිත්තං කිත්තෙතබ්බං. අථ පරතීරෙ නදියා ඔරිමතීරෙ නිමිත්තස්ස සම්මුඛට්ඨානෙ නිමිත්තං කිත්තෙත්වා තතො පට්ඨාය පුරිමනයෙනෙව යාව උපරිසොතෙ පඨමකිත්තිතනිමිත්තස්ස සම්මුඛා නිමිත්තං, තාව කිත්තෙතබ්බං. අථ දීපකස්ස පාරිමන්තෙ ච ඔරිමන්තෙ ච නිමිත්තං කිත්තෙත්වා පච්චාහරිත්වා පඨමකිත්තිතනිමිත්තෙන සද්ධිං ඝටෙතබ්බං. අථ ද්වීසු තීරෙසු දීපකෙ ච භික්ඛූ සබ්බෙව හත්ථපාසගතෙ කත්වා කම්මවාචාය සීමා සම්මන්නිතබ්බා. නදියං ඨිතා අනාගච්ඡන්තාපි කම්මං න කොපෙන්ති. සම්මුතිපරියොසානෙ ඨපෙත්වා නදිං නිමිත්තානං අන්තො තීරද්වයඤ්ච දීපකො ච එකසීමා හොති, නදී පන නදිසීමායෙව.
ඉදින් නදිය තුළ දිවයිනක් වේද, ඒ දිවයින සීමාවට ඇතුළත් කරනු කැමැත්තහු විසින් පෙරනයින්ම ඇතුළතසිටි ඉවුරෙහි නිමිති කීර්තනයකොට, දිවයිනෙහි මෙතරද එතෙරද නිමිති කීර්තනය කටයුතුය. නැවත නදියෙහි එතෙරද, මෙතෙරෙද, නිමිත්තට හමු වූ තන්හි නිමිත්ත කීර්තනයකොට, එතැන් පටන් පෙර නයින්ම යම්තාක් උඩුගඟෙහි පළමුකොට කීර්තනය කළ නිමිත්ත හමුවෙහි නිමිත්තද, ඒතාක් කීර්තනය කටයුතුය. නැවත දිවයිනෙහි එතෙර අන්තයෙහිද මෙතෙර අන්තයෙහිද නිමිත්ත කීර්තනයකොට, නැවත ගෙනවුත් පළමු කීර්තතනය කළ නිමිත්ත සමග ගැටිය යුතුය. නැවත දෙතෙරෙහි දිවයිනෙහිද සියලු මහණුන් අත්පසට පැමිණියවුන් කොට කර්මවාක්යයෙන් සීමාව සම්මත කටයුතුය. නදියෙහි සිටියෝ නොඑන්නාහුද, කර්මය කොප්ය නොකෙරෙත්. සම්මුතිය කෙළවර නදිය හැර නිමිති තුළ දෙතෙරද දිවයිනද එක් සීමාවන්නීය. නදිය වනාහි නදීසීමාවමැයි.
සචෙ පන දීපකො විහාරසීමාපරිච්ඡෙදතො උද්ධං වා අධො වා අධිකතරො හොති, අථ විහාරසීමාපරිච්ඡෙදනිමිත්තස්ස උජුකමෙව සම්මුඛිභූතෙ දීපකස්ස සොරිමන්තෙ නිමිත්තං කිත්තෙත්වා තතො පට්ඨාය දීපකසිඛරං පරික්ඛිපන්තොන පුන දීපකස්ස සොරිමන්තෙ නිමිත්තසම්මුඛෙ පාරිමන්තෙ නිමිත්තං කිත්තෙතබ්බං. තතො පරං පුරිමනයෙනෙව පාරතීරෙ සම්මුඛනිමීත්තමාදිංකත්වා පාරතීරනිමිත්තානි ච දීපකස්ස පාරිමන්තසොරිමන්තනිමිත්තානි ච කිත්තෙත්වා පඨමකිත්තිතනිමිත්තෙන සද්ධිං ඝටනා කාතබ්බා. එවං කිත්තෙත්වා සම්මතා සීමා පබ්බතසණ්ඩානා හොති.
ඉදින් දිවයින, විහාරසීමාපරිච්ඡෙදයෙන් ඉහලද පහලද වැඩිතරම් වූයේ වේද, නැවත විහාරසීමා පරිච්ඡෙද නිමිත්තට සෘජුවම හමුවූ දිවයින මොබ කෙළවර නිමිත්ත කීර්තතනය කොට, එතැන් පටන් දිවයින මුදුන වටකරන්නහු විසින් නැවත දිවයින මොබ කෙළවර නිමිත්තට හමු වූ ඔබ කෙළවර නිමිත්ත කීර්තනය කටයුතුය. ඉන්පසු පළමු නයින්ම එතෙර හමුවූ නිමිත්ත ආදිකොට එතෙර නිමිතිද, දිවයින ඔබමොබ කෙළවර කීර්තනය කොට පළමු කීර්තනය කළ නිමිත්ත සමග ගැටීම කළයුතුය. මෙසේ කීර්තනය කොට සම්මත කළ සීමාව පර්වත සටහන් ඇත්තී වේ.
සචෙ පන දීපකො විහාරසීමාපරිච්ඡෙදතො උද්ධම්පි අධොපි අධිකතරො හොති. පුරිමනයෙනෙව දීපකස්ස උභොපි සීඛරානි පරික්ඛිපිත්වා නිමිත්තානි කිත්තෙන්තෙන නිමිත්තඝටනා කාතබ්බා. එවං කිත්තෙත්වා සම්මතා සීමා මුදිඞ්ගසණ්ඨානා හොති.
ඉදින්වනාහි දිවයින විහාරසීමාපරිච්ඡෙදයෙන් ඉහලද පහලද වැඩිතරම් වේ, පළමු නයින්ම දිවයිනෙහි දෙමුදුනද වටකොට නිමිති කීර්තනය කරන්නහු විසින් නිමිති ගැටීම කටයුත්තේය. මෙසේ කීර්තනය කොට සම්මත කරණලද සීමාතොමෝ මිහිඟුබෙර සටහන් ඇත්තීය.
සචෙ දීපකො විහාරසීමාපරිච්ඡෙදස්ස අන්තො ඛුද්දකො හොති, සබ්බපඨමනයෙන දීපකෙ නිමිත්තානි කිත්තෙතබ්බානි. එවං කිත්තෙත්වා සම්මතා සීමා පණවසණ්ඨානා හොති.
ඉදින් දිවයින විහාරසීමා පරිච්ඡෙදය ඇතුළත කුඩා වේද, සියලු පළමු නයින් දිවයිනෙහි නිමිති කීර්තනය කටයුතුය. මෙසේ කීර්තනය කොට සම්මත කළ සීමාව පණාබෙර සටහන් ඇත්තීය.
සීමානුජානනකථා නිට්ඨිතා.