උපොසථාගාරාදිකථා අට‍්ඨකථා
උපොසථාගාරාදිකථා
උපොසථාගාරාදිකථා
අනුපරිවෙණියන‍්ති එකසීමමහාවිහාරෙ තස‍්මිං තස‍්මිං පරිවෙණෙ. අසඞ‍්කෙතෙනාති සඞ‍්කෙතං අකත්‍වා. එකං සමූහනිත්‍වාති කම‍්මවාචාය සමූහනිත්‍වා.
“අනුපරිවෙණියං” එක් සීමාමහාවිහාරයෙහි ඒ ඒ පිරිවෙණෙහි “අසංකෙතෙන” සලකුණු නොකොට. “එකං සමූහනිත්‍වා” කර්‍මවාක්‍යයෙන් උදුරා.
යතො පාතිමොක‍්ඛං සුණාතීති යත්‍ථ කත්‍ථචි භික‍්ඛූනං හත්‍ථපාසෙ නිසින‍්නො යස‍්මා පාතිමොක‍්ඛං සුණාති; කතොවස‍්ස උපොසථොති අත්‍ථො. ඉදඤ‍්ච වත්‍ථුවසෙන වුත‍්තං, හත්‍ථපාසෙ නිසින‍්නස‍්ස පන අසුණන‍්තස‍්සාපි කතොව හොති උපොසථො. නිමිත‍්තා කිත‍්තෙතබ‍්බාති උපොසථපමුඛස‍්ස ඛුද‍්දකානි වා මහන‍්තානි වා පාසාණඉට‍්ඨකදාරුඛණ‍්ඩදණ‍්ඩකාදීනි යානි කානිචි නිමිත‍්තානි අබ‍්භොකාසෙ වා මාළකාදීසු වා යත්‍ථ කත්‍ථචි සඤ‍්ඤං කත්‍වා කිත‍්තෙතුං වට‍්ටති. අථ වා නිමිත‍්තා කිත‍්තෙතබ‍්බාති නිමිත‍්තුපගා වා අනිමිත‍්තුපගා වා පරිච‍්ඡෙදජානනත්‍ථං කිත‍්තෙතබ‍්බා.
“යතො පාතිමොක්‍ඛං සුණාති” යම්කිසි තැනක මහණුන්ගේ අත්පසෙහි හුන්නේ, යම්හෙයකින් ප්‍රාතිමොක්‍ෂය අසාද, ඒ මහණහු විසින් උපොසථය කරණ ලද්දේය යන අර්‍ත්‍ථයි. මෙද වස්තු වශයෙන් කියනලදී. අත්පසෙහි හුන් නොඅසන්නහු විසින්ද උපොසථය කරන ලද්දේම වේ. “නිමිත්තා කිත්තෙතබ්බා” උපොසථ ප්‍රමුඛයෙහි කුඩා වූ හෝ මහත්වූ හෝ ගල් ගඩොල් දැවකඩ දඬු ආදීවූ යම්කිසි නිමිති, එලිමහන් තන්හි හෝ මලු ආදී තන්හි හෝ යන යම්කිසි තැනෙක සංඥාකොට කීර්තනය කිරීම වටියි.
ථෙරෙහි භික්ඛූහි පඨමතරං සන‍්නිපතිතුන‍්ති එත්‍ථ සචෙ මහාථෙරො පඨමතරං න ආගච‍්ඡති, දුක‍්කටං. සබ‍්බෙහෙව එකජ‍්ඣං සන්නිපතිත්වා උපොසථො කාතබ‍්බොති එත්‍ථ සචෙ පොරාණකො ආවාසො මජ‍්ඣෙ විහාරස‍්ස හොති, පහොති චෙත්‍ථ භික‍්ඛූනං නිසජ‍්ජට‍්ඨානං, තත්‍ථ සන‍්නිපතිත්‍වා උපොසථො කාතබ‍්බො. සචෙ පොරාණකො පරිදුබ‍්බලො චෙව සම‍්බාධො ච අඤ‍්ඤො පච‍්ඡා උට‍්ඨිතාවාසො අසම‍්බාධො, තත්‍ථ උපොසථො කාතබ‍්බො.
“ථෙරෙහි භික්ඛූහි පඨමතරං සන්නිපතිතුං” යන මෙහි ඉදින් මහාස්ථවිරතෙමේ ඉතා පළමුකොට නොඒනම්, දුක්කටය වේ. “එකජ්ඣං සන්නිපතිත්වා උපොසථො කාතබ්බො” මෙහි ඉදින් පුරාණ ආවාසයක් වෙහෙර මැද වේද, මෙහිද මහණුන්ට හිඳින තැන පොහොනේද, එහි රැස්වී පොහොය කටයුතුය. පුරාණ ආවාසය හෝ දුර්‍වලවේද, ඉඩකඩ නැත්තේ වේද, පසුව ගොඩනැගුනු අන්‍යවූ ආවාසයක් ඉඩපහසු ඇත්තේ සම්බාධරහිත වේද, එහි පොහොය කටයුතුය.
යත්‍ථ වා පන ථෙරො භික‍්ඛු විහරතීති එත්‍ථාපි සචෙ ථෙරස‍්ස විහාරො සබ‍්බෙසං පහොති, ඵාසුකො හොති, තත්‍ථ උපොසථො කාතබ‍්බො. සචෙ පන සො පච‍්චන‍්තෙ විසමප‍්පදෙසෙ හොති, ථෙරස‍්ස වත‍්තබ‍්බං – “භන‍්තෙ, තුම‍්හාකං විහාරො අඵාසුකදෙසො, නත්‍ථි එත්‍ථ සබ‍්බෙසං ඔකාසො , අසුකස‍්මිං නාම ආවාසෙ ඔකාසො අත්‍ථි, තත්‍ථ ගන‍්තුං වට‍්ටතී”ති. සචෙ ථෙරො නාගච‍්ඡති, තස‍්ස ඡන්‍දපාරිසුද‍්ධිං ආනෙත්‍වා සබ‍්බෙසං පහොනකෙ ඵාසුකට‍්ඨානෙ උපොසථො කාතබ‍්බො.
“යත්‍ථ වා පන ථෙරො භික්‍ඛු විහරති” මෙහිද තෙරහුගේ විහාරය සියල්ලන්ට පොහොනේද, පහසුවේද, එහි පොහොය කටයුතුය. ඒ විහාරය පිටිසර විසම ප්‍රදේශයක වේනම්, තෙරුන්ට “ස්වාමීනි” ඔබ වහන්සේගේ විහාරය පහසුකම් නැති පෙදෙසක වූයේය. මෙහි සියල්ලන්ට ඉඩකඩ නැත්තේය, අසුවල් ආවාසයෙහි නම් ඉඩකඩ ඇත්තේය, එහි සෑම වටීය’යි කියයුතුය. ඉදින් ස්ථවිරතෙමේ නොඒම, ඔහුගේ ඡන්‍දපාරිසුද්ධිය ගෙනවුත් සියල්ලන්ට පොහොනා පහසු තැනක පොහොය කටයුතුය.
අවිප‍්පවාසසීමානුජානනකථා
අවිප්පවාසසීමානුජානනකථා
අන්‍ධකවින්‍දාති රාජගහතො ගාවුතත‍්තයෙ අන්‍ධකවින්‍දං නාම, තං උපනිස‍්සාය ථෙරො වසති; තතො රාජගහං උපොසථං ආගච‍්ඡන‍්තො. රාජගහඤ‍්හි පරික‍්ඛිපිත්‍වා අට‍්ඨාරස මහාවිහාරා සබ‍්බෙ එකසීමා, ධම‍්මසෙනාපතිනා නෙසං සීමා බද‍්ධා, තස‍්මා වෙළුවනෙ සඞ‍්ඝස‍්ස සාමග‍්ගීදානත්‍ථං ආගච‍්ඡන‍්තොති අත්‍ථො. නදිං තරන‍්තොති සිප‍්පිනියං නාම නදිං අතික‍්කමන‍්තො. මනං වුළ‍්හො අහොසීති ඊසකං අප‍්පත‍්තවුළ‍්හභාවො අහොසි. සා කිර නදී ගිජ‍්ඣකූටතො ඔතරිත්‍වා චණ‍්ඩෙන සොතෙන වහති. තත්‍ථ වෙගෙන ආගච‍්ඡන‍්තං උදකං අමනසිකරොන‍්තො ථෙරො මනං වුළ‍්හො අහොසි, න පන වුළ‍්හො, උදකබ‍්භාහතානිස‍්ස චීවරානි අල‍්ලානි ජාතානි.
“අන්‍ධකවින්‍දා” රජගහනුවරින් තුන්ගවු පමණ තන්හි අන්‍ධකවින්‍ද නම් නුවර පිහිටියේය. එනුවර නිසා මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ වැඩවසන සේක. එයින් රජගහනුවරට පොහොයට එන්නාහු, රජගහනුවර වටකොට අටළොස් මහාවිහාර කෙනෙක් වෙත්. සියල්ලෝ එක් සීමාය. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් විසින් ඔවුන්ගේ සීමාව බඳින ලද්දීය. එහෙයින් වේළුවනයෙහි සඞ්ඝයාහට සාමග්‍රිය දෙනු පිණිස එන්නාහ යන අර්‍ත්‍ථයි. “නදිං තරන්තො” සප්පිනී නම් නදිය ඉක්මවන්නාහු “මනං වූළ්හො අහොසි” මදකින් නොපැමිණ ගසායෑම වූයේය. ඒනදිය වනාහි ගිජ්ඣකුටයෙන් බැස සැඩදියපහරින් යුක්තව ගලාබසියි. එහි වේගයෙන් ගලා එන ජලය ගැණ සිහි නොකරණ ස්ථවිරතෙමේ මදක් ගසාගෙන යන ලද්දේවීය. ගසාගෙන යන ලද්දේ නොවීය. උන්වහන්සේගේ දියෙන් මැඩුනු සිවුරු තෙත්වූහ.
සම‍්මතා සා සීමා සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසා ඨපෙත්‍වා ගාමඤ‍්ච ගාමූපචාරඤ‍්චාති ඉමිස‍්සා කම‍්මවාචාය උප‍්පන‍්නකාලතො පට‍්ඨාය භික‍්ඛූනං පුරිමකම‍්මවාචා න වට‍්ටති. අයමෙව හි ථාවරා හොති. භික‍්ඛුනීනං පන අයං න වට‍්ටති, පුරිමායෙව වට‍්ටති. කස‍්මා? භික‍්ඛුනිසඞ‍්ඝො හි අන‍්තොගාමෙ වසති. යදි එවං සියා, සො එතාය කම‍්මවාචාය තිචීවරපරිහාරං න ලභෙය්‍ය, අත්‍ථි චස‍්ස පරිහාරො, තස‍්මා පුරිමායෙව වට‍්ටති. භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස හි ද‍්වෙපි සීමායො ලබ‍්භන‍්ති. තත්‍ථ භික‍්ඛූනං සීමං අජ‍්ඣොත්‍ථරිත්‍වාපි තස‍්සා අන‍්තොපි භික‍්ඛුනීනං සීමං සම‍්මන‍්නිතුං වට‍්ටති. භික‍්ඛූනම‍්පි භික‍්ඛුනිසීමාය එසෙව නයො. න හි තෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස කම‍්මෙ ගණපූරකා හොන‍්ති, න කම‍්මවාචං වග‍්ගං කරොන‍්ති. එත්‍ථ ච නිගමනගරානම‍්පි ගාමෙනෙව සඞ‍්ගහො වෙදිතබ‍්බො.
“සම්මතා හි සීමා සඞ්ඝෙන තිචීවරෙන අවිප්පවාසා ඨපෙත්‍වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච” යන මේ කර්‍මවාක්‍යය උපන්තැන් පටන්ම මහණුන්ට පළමු කර්‍මවාක්‍යය නොවටියි. මේ කර්‍මවාක්‍යයම ථාවර වේ. මෙහෙණන්ට වනාහි මේ කර්‍මවාක්‍යය නොවටියි. පළමු කර්‍මවාක්‍යයම වටියි. කුමක් හෙයින, යත්:- භික්‍ෂුණී සඞ්ඝතෙමේ වනාහි ඇතුළුගම වෙසෙයි. මෙසේ කිසිකලෙක ඒ භික්‍ෂුණීසඞ්ඝතෙමේ මේ කර්‍මවාක්‍යයෙන් තිචීවරපරිහාරය නොලබන්නේය, මේ භික්‍ෂුණීසඞ්ඝයාහට පරිහාරය ඇත්තේය. එහෙයින් පළමු කර්‍මවාක්‍යයම වටියි. එහෙයිනි. භික්‍ෂුණිසඞ්ඝයාහට සමානසංවාසක-අවිප්පසවාසසීමා දෙකම ලැබේ. එහි මහණුගේ සීමාව යටපත්කොටද, ඒ සීමාව තුළද, මෙහෙණන්ගේ සීමාව සම්මත කිරීම වටියි. මහණුන්හටද මෙහෙණන්ගේ සීමාවෙහි මෙමනය වේ. ඔවුන් ඔවුනොවුන්ගේ කර්‍මයෙහි ගණපූරක නොවෙත්. කර්‍මවාක්‍යය වර්‍ග නොකෙරෙත්. මෙහිද නිගම නගරයන්ගේ සඞ්ග්‍රහයද ග්‍රාම යන වචනයෙන්ම දතයුතුය.
ගාමූපචාරොති පරික‍්ඛිත‍්තස‍්ස පරික‍්ඛෙපො, අපරික‍්ඛිත‍්තස‍්ස පරික‍්ඛෙපොකාසො. තෙසු අධිට‍්ඨිතතෙචීවරිකො භික‍්ඛු පරිහාරං න ලභති. ඉති භික‍්ඛූනං අවිප‍්පවාසසීමා ගාමඤ‍්ච ගාමූපචාරඤ‍්ච න ඔත්‍ථරති, සමානසංවාසකසීමාව ඔත්‍ථරති. සමානසංවාසකසීමා චෙත්‍ථ අත‍්තනො ධම‍්මතාය ගච‍්ඡති. අවිප‍්පවාසසීමා පන යත්‍ථ සමානසංවාසකසීමා, තත්‍ථෙව ගච‍්ඡති. න හි තස‍්සා විසුං නිමිත‍්තකිත‍්තනං අත්‍ථි, තත්‍ථ සචෙ අවිප‍්පවාසාය සම‍්මුතිකාලෙ ගාමො අත්‍ථි, තං සා න ඔත්‍ථරති. සචෙ පන සම‍්මතාය සීමාය පච‍්ඡා ගාමො නිවිසති, සොපි සීමාසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. යථා ච පච‍්ඡා නිවිට‍්ඨො, එවං පඨමං නිවිට‍්ඨස‍්ස පච‍්ඡා වඩ‍්ඪිතප‍්පදෙසොපි සීමාසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. සචෙපි සීමාසම‍්මුතිකාලෙ ගෙහානි කතානි, පවිසිස‍්සාමාති ආලයොපි අත්‍ථි, මනුස‍්සා පන අප‍්පවිට‍්ඨා, පොරාණකගාමං වා සගෙහමෙව ඡඩ‍්ඩෙත්‍වා අඤ‍්ඤත්‍ථ ගතා, අගාමොයෙව එස, සීමා ඔත්‍ථරති . සචෙ පන එකම‍්පි කුලං පවිට‍්ඨං වා ආගතං වා අත්‍ථි, ගාමොයෙව සීමා න ඔත්‍ථරති.
“ගාමූපචාරො” වටකරණලද ග්‍රාමයෙහි ප්‍රාකාරයද නොවටකරණලද ග්‍රාමයෙහි ප්‍රාකාරයට සුදුසු අවකාශයද වේ. ඒ දෙතන්හි ඉටුතුන් සිවුරු ඇති මහණතෙමේ. පරිහාරය නොලබයි. මෙසේ මහණුන්ගේ අවිප්පවාසසීමා ග්‍රාමයටද ගාමොපචාරයටද නොබසියි. සමානසංවාසක සීමාතොමෝ මෙහිද තමන්ගේ ධර්‍මතාවයෙන් යයි. අවිප්පවාසසීමාව වනාහි සමානසංවාසක සීමා යම්තැනෙක්හි ද එහිම යයි. ඒ අවිප්පවාසීමාවට වෙන්ව නිමිත්ත කීර්තනයෙක් නැත්තේය. එහි ඉදින් අවිප්පවාසසීමා සම්මුති කාලයෙහි ගම ඇත්තේද, ඒ ගමට ඒ අවිප්පවාසසීමා නොපැතිරේ. ඉදින් සීමාව සම්මත කළ කල්හි පසුව ගමක් පිහිටාද, එද අවිප්පවාස සීමාසඞ්ඛ්‍යාවටම යයි. යම්සේ පසුව පිහිටුවන ලද්දේ ද, එසේ පළමු පිහිටුවන ලද ගමෙහි වැඩීගිය පෙදෙසද අවිප්පවාසසීමා සඞ්ඛ්‍යාවටම යයි. ඉදින් සීමාසම්මුතිකාලයෙහි ගෙවල් කරණ ලද්දාහුද, එහි පිවිසෙන්නෙමු’යි ආලයක් ඇත්තේද, මිනිස්සු නොපිවිසියාහුද, පැරණි ගමෙහි හෝ ඉදින් ගෙයම හැරදමා අන්තැනෙක ගියාහුද, මෙය ගම නොවේමය. සීමාව පැතිරේ. ඉදින් එක් කුලයෙක්ද පිවිසියේ හෝ ආයේ හෝ ඇත්තේ නම් ගමමය. සීමාව නොපැතිරේ.
එවඤ‍්ච පන භික්ඛවෙ තිචීවරෙන අවිප‍්පවාසො සමූහන‍්තබ‍්බොති එත්‍ථ සමූහනන‍්තෙන භික‍්ඛුනා වත‍්තං ජානිතබ‍්බං. තත්‍රිදං වත‍්තං – ඛණ‍්ඩසීමාය ඨත්‍වා අවිප‍්පවාසසීමා න සමූහන‍්තබ‍්බා, තථා අවිප‍්පවාසසීමාය ඨත්‍වා ඛණ‍්ඩසීමාපි. ඛණ‍්ඩසීමායං පන ඨිතෙන ඛණ‍්ඩසීමාව සමූහනිතබ‍්බා, තථා ඉතරාය ඨිතෙන ඉතරා. සීමං නාම ද‍්වීහි කාරණෙහි සමූහනන‍්ති පකතියා ඛුද‍්දකං පුන ආවාසවඩ‍්ඪනත්‍ථාය මහතිං වා කාතුං; පකතියා මහතිං පුන අඤ‍්ඤෙසං විහාරොකාසදානත්‍ථාය ඛුද‍්දකං වා කාතුං. තත්‍ථ සචෙ ඛණ‍්ඩසීමඤ‍්ච අවිප‍්පවාසසීමඤ‍්ච ජානන‍්ති, සමූහනිතුඤ‍්චෙව බන්‍ධිතුඤ‍්ච සක‍්ඛිස‍්සන‍්ති. ඛණ‍්ඩසීමං පන ජානන‍්තා අවිප‍්පවාසං අජානන‍්තාපි සමූහනිතුඤ‍්චෙව බන්‍ධිතුඤ‍්ච සක‍්ඛිස‍්සන‍්ති. ඛණ‍්ඩසීමං අජානන‍්තා අවිප‍්පවාසංයෙව ජානන‍්තා චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණඋපොසථාගාරාදීසු නිරාසඞ‍්කට‍්ඨානෙසු ඨත්‍වා අප‍්පෙව නාම සමූහනිතුං සක‍්ඛිස‍්සන‍්ති, පටිබන්‍ධිතුං පන න සක‍්ඛිස‍්සන‍්තෙව. සචෙ බන්‍ධෙය්‍යුං, සීමාසම‍්භෙදං කත්‍වා විහාරං අවිහාරං කරෙය්‍යුං, තස‍්මා න සමූහනිතබ‍්බා. යෙ පන උභොපි න ජානන‍්ති, තෙනෙව සමූහනිතුං න බන්‍ධිතුං සක‍්ඛිස‍්සන‍්ති. අයඤ‍්හි සීමා නාම කම‍්මවාචාය වා අසීමා හොති සාසනන‍්තරධානෙන වා, න ච සක‍්කා සීමං අජානන‍්තෙහි කම‍්මවාචා කාතුං, තස‍්මා න සමූහනිතබ‍්බා. සාධුකං පන ඤත්‍වායෙව සමූහනිතබ‍්බා ච බන්‍ධිතබ‍්බා චාති.
“එවඤ්ච පන භික්ඛවෙ තිචීවරෙන අවිප්පවාසො සමූහන්තබ්බො” මෙහි සීමාව උදුරණ මහණහු විසින් වත දැනගත යුතුය. එහි මේ වතයි. ඛණ්ඩ සීමාවෙහි සිට අවිප්පවාසසීමාව නොඉදිරිය යුතුය. එසේ අවිප්පවාස සීමාවෙහි ඛණ්ඩසීමාවද නොඉදිරිය යුතුය. ඛණ්ඩසීමාවෙහි සිටියහු විසින් අනික් මහාසීමාව ඉදිරිය යුතුය. සීමාවනම් ප්‍රකෘතියෙන් කුඩා සීමාව, නැවත ආවාසය වැඩීම පිණිස මහත් හෝ කරන්නට, ප්‍රකෘතියෙන් හෝ මහත්සීමාව, නැවත අන්‍යයන්ගේ විහාරයන් ඉඩදීම පිණිස කුඩා හෝ කරන්නටැ’යි යන දෙකරුණෙන් උදුරත්. එහි ඛණ්ඩසීමාවත් අවිප්පවාසසීමාවත් දනිත්නම්, උදුරන්නටද බඳින්නටද හැකිවෙත්. බණ්ඩසීමාව වනාහි දන්නාහු, අවිප්පවාස සීමාව නොදන්නාහුද උදුරන්නටද බඳින්නටද හැකිවෙත්. ඛණ්ඩසීමාව නොදන්නාහු, අවිප්පවාස සීමාවම දන්නාහු චෛත්‍යාඞ්ගණ බොධ්‍යඞ්ගණ උපොසථාගාරාදී වූ නිරාශඞ්ක ස්ථානයන්හි සිට උදුරන්නට හැකිවෙත්. ඉතාමැනවි. නැවත බඳින්නට නොහැකිවන්නාහුමය. ඉදින් බඳින්නාහු නම් සීමාසම්භෙදය කොට විහාරය සඞ්ඝකර්‍මයන්ට සුදුසු තැනක නොකරන්නාහුය. එහෙයින් ඛණ්ඩසීමාව නොදන්නහු විසින් නොඉදිරිය යුතුය. යම්කෙනෙක් වනාහි දෙකම නොදනිත්නම්, ඔවුහු උදුරන්නට නොහැකිවෙත්මය. බඳින්නට නොහැකිවෙත්. මේ සීමාව වනාහි කර්‍මවාක්‍යයෙන් හෝ ශාසනාන්තර්ධානයෙන් හෝ අසීමාවන්නීය. සීමාව නොදන්නන් විසින් කර්‍මවාක්‍යය කරන්නට නොහැකිය. එහෙයින් නොඉදිරිය යුතුය. මනාකොට දැනම සමූහනයද කටයුතුය. බන්‍ධනයද කටයුතුය.