යෙදුමෙන් කියවන්න

ගාමසීමාදිකථා අට‍්ඨකථා

ගාමසීමාදිකථා

ගාමසීමාදිකථා

එවං බද‍්ධසීමාවසෙන සමානසංවාසඤ‍්ච එකූපොසථභාවඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි අබද‍්ධසීමෙසුපි ඔකාසෙසු තං දස‍්සෙන‍්තො “අසම‍්මතාය, භික‍්ඛවෙ, සීමාය අට‍්ඨපිතායා”තිආදිමාහ. තත්‍ථ අට‍්ඨපිතායාති අපරිච‍්ඡින‍්නාය. ගාමග‍්ගහණෙන චෙත්‍ථ නගරම‍්පි ගහිතමෙව හොති. තත්‍ථ යත‍්තකෙ පදෙසෙ තස‍්ස ගාමස‍්ස භොජකා බලිං ලභන‍්ති, සො පදෙසො අප‍්පො වා හොතු මහන‍්තො වා, ගාමසීමාත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. නගරනිගමසීමාසුපි එසෙව නයො. යම‍්පි එකස‍්මිංයෙව ගාමඛෙත‍්තෙ එකං පදෙසං “අයං විසුං ගාමො හොතූ”ති පරිච‍්ඡින්‍දිත්‍වා රාජා කස‍්සචි දෙති, සොපි විසුංගාමසීමා හොතියෙව. තස‍්මා සා ච ඉතරා ච පකතිගාමනගරනිගමසීමා බද‍්ධසීමාසදිසායෙව හොන‍්ති, කෙවලං පන තිචීවරවිප‍්පවාසපරිහාරං න ලභන‍්ති.

මෙසේ බද්ධසීමාවසයෙන් සමානසංවාසයද එකූපොසථභාවයද දක්වා දැන් අබද්ධසීමා අවකාශයන් කෙරෙහිද එය දක්වනසේක් “අසම්මතාය භික්‍ඛවෙ සීමාය අට්ඨපිතාය” යනාදිය වදාළ සේක. එහි “අට්ඨපිතාය” යනු බද්ධසීමා වසයෙන් නොකළ පිරිසිඳීම් ඇති මෙහි ග්‍රාමග්‍රහණයෙන් නගරයද ගන්නා ලද්දේම වේ. එහි යම් පමණ පෙදෙසක ඒ ග්‍රාමයෙහි ග්‍රාමභොජකයෝ බලි ලබත්ද, ඒ පෙදෙස කුඩා හෝ වේවා, මහත් හෝ වේවා, ග්‍රාමසීමා මැයි සඞ්ඛ්‍යාවට යයි. නගරනිගම සීමාවන්හිද මෙම නය වේ. එක්ම ග්‍රාම ක්‍ෂෙත්‍රයෙහි යම්බඳුවූද එක් පෙදෙසක් ‘මේ පෙදෙස විසුංග්‍රාමය වේවා’යි පිරිසිඳ රජතෙමේ කිසිවක්හට දේද, ඒ පෙදෙසද විසුංග්‍රාමසීමාව වන්නේමය. එහෙයින් ඕතොමෝද, අන්‍යවූද ප්‍රකෘති ග්‍රාම නගර නිගමසීමාවෝ බද්ධසීමාව සමානම වෙත්. හුදෙක් තුන් සිවුරෙන් වෙන්ව වසන පරිහාරය නොලබත්.

එවං ගාමන‍්තවාසීනං සීමාපරිච‍්ඡෙදං දස‍්සෙත්‍වා ඉදානි ආරඤ‍්ඤකානං සීමාපරිච‍්ඡෙදං දස‍්සෙන‍්තො “අගාමකෙ චෙ”තිආදිමාහ. තත්‍ථ අගාමකෙ චෙති ගාමනිගමනගරසීමාහි අපරිච‍්ඡින‍්නෙ අටවිප‍්පදෙසෙ. අථ වා අගාමකෙ චෙති විජ‍්ඣාටවිසදිසෙ අරඤ‍්ඤෙ භික‍්ඛු වසති, අථස‍්ස ඨිතොකාසතො සමන‍්තා සත‍්තබ‍්භන‍්තරා සමානසංවාසකසීමාති අත්‍ථො. අයං සීමා තිචීවරවිප‍්පවාසපරිහාරම‍්පි ලභති. තත්‍ථ එකං අබ‍්භන‍්තරං අට‍්ඨවීසති හත්‍ථප‍්පමාණං හොති. මජ‍්ඣෙ ඨිතස‍්ස සමන‍්තා සත‍්තබ‍්භන‍්තරා විනිබ‍්බෙධෙන චුද‍්දස හොන‍්ති. සචෙ ද‍්වෙ සඞ‍්ඝා විසුං විනයකම‍්මානි කරොන‍්ති, ද‍්වින‍්නං සත‍්තබ‍්භන‍්තරානං අන‍්තරෙ අඤ‍්ඤං එකං සත‍්තබ‍්භන‍්තරං උපචාරත්‍ථාය ඨපෙතබ‍්බං. සෙසා සත‍්තබ‍්භන‍්තරසීමකථා මහාවිභඞ‍්ගෙ උදොසිතසික‍්ඛාපදවණ‍්ණනායං වුත‍්තනයෙන ගහෙතබ‍්බා.

මෙසේ ග්‍රාමාන්තවාසීන්ගේ සීමා පරිච්ඡෙදය දක්වා දැන් ආරණ්‍යකයන්ගේ සීමාපරිච්ඡෙදය දක්වන සේක් “අගාමකෙ චෙ” යනාදිය වදාළ සේක. එහි “අගාමකෙ චෙ” යනු වින්‍ධ්‍යවනය සදෘශ වූ අරණ්‍යයෙහි මහණෙක් වසාද නැවත ඔහු සිටිය අවකාශයෙන් වටින් සත් අබතුරක් සමානසංවාසකසීමාය යන අර්‍ත්‍ථයි. මේ සීමාව තිචීවර විප්පවාසසම්මුතියද ලබයි. එහි එක් අබතුරක් අටවිසිරියන් පමණ වේ. ඉදින් සඞ්ඝයා දෙකොටසක් වෙන්ව විනයකර්‍ම කෙරෙත්ද, සත්අබතුරු දෙකක් අතර අනික් එක් සත් අබතුරක් උපචාරය පිණිස තැබිය යුතුයි. සෙසු සත්තබ්භන්තර සීමාකථා මහාවිභඞ්ගයෙහි උද්දෙසිත ශික්‍ෂාපද වර්‍ණනාවෙහි කියූනයින් ගතයුතුය.

සබ‍්බා භික‍්ඛවෙ නදී අසීමාති යා කාචි නදීලක‍්ඛණප‍්පත‍්තා නදී නිමිත‍්තානි කිත‍්තෙත්‍වා “එතං බද‍්ධසීමං කරොමා”ති කතාපි අසීමාව හොති, සා පන අත‍්තනො සභාවෙනෙව බද‍්ධසීමාසදිසා, සබ‍්බමෙත්‍ථ සඞ‍්ඝකම‍්මං කාතුං වට‍්ටති. සමුද‍්දජාතස‍්සරෙසුපි එසෙව නයො. එත්‍ථ ච ජාතස‍්සරො නාම යෙන කෙනචි ඛණිත්‍වා අකතො සයංජාතසොබ‍්භො සමන‍්තතො ආගතෙන උදකෙන පූරිතො තිට‍්ඨති.

“සබ්බා භික්‍ඛවෙ නදී අසීමා” නදීලක්‍ෂණප්‍රාප්ත වූ යම්කිසි නදියක් නිමිති කීර්තනය කොට ‘මේ නදිය බද්ධසීමාව කරම්හ’යි කරන ලද්දීද, සීමා නොවන්නීය. ඒ නදිය වනාහි තමාගේ ස්වභාවයෙන්ම බද්ධසීමාව සමානවන්නීය. මෙහිද සියලු සඞ්ඝකර්‍ම කරන්නට වටියි. සමුද්දජාතස්සරයන්හි ද මෙම නය වේ. මෙහි ජාතස්සර නම්, යටත් පිරිසයින් යම්කිසි තිරිසනෙකු විසින්ද, කැණ නොකළ තෙමේම හටගත් හෙබය. හාත්පසින් ගලා ආ ජලයෙන් පිරී සිටියි.

එවං නදීසමුද‍්දජාතස‍්සරානං බද‍්ධසීමාභාවං පටික‍්ඛිපිත්‍වා පුන තත්‍ථ අබද‍්ධසීමාපඅච‍්ඡෙදං දස‍්සෙන‍්තො “නදියා වා භික‍්ඛවෙ”තිආදිමාහ. තත්‍ථ යං මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස සමන‍්තා උදකුක‍්ඛෙපාති යං ඨානං මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස සමන‍්තතො උදකුක‍්ඛෙපෙන පරිච‍්ඡින‍්නං. කථං පන උදකං උක‍්ඛිපිතබ‍්බං? යථා අක‍්ඛධුත‍්තා දාරුගුළං ඛිපන‍්ති, එවං උදකං වා වාලිකං වා හත්‍ථෙන ගහෙත්‍වා ථාමමජ‍්ඣිමෙන පුරිසෙන සබ‍්බථාමෙන ඛිපිතබ‍්බං. යත්‍ථ එවං ඛිත‍්තං උදකං වා වාලිකා වා පතති, අයමෙකො උදකුක‍්ඛෙපො. තස‍්ස අන‍්තො හත්‍ථපාසං විජහිත්‍වා ඨිතො කම‍්මං කොපෙති. යාව පරිසා වඩ‍්ඪති, තාව සීමාපි වඩ‍්ඪති. පරිසපරියන‍්තතො උදකුක‍්ඛෙපොයෙව පමාණං. ජාතස‍්සරසමුද‍්දෙසුපි එසෙව නයො.

මෙසේ නදී සමුද්දජාතස්සරයන්ගේ බද්ධසීමාභාවය ප්‍රතික්‍ෂෙපකොට නැවත එහි අබද්ධසීමා පරිච්ඡෙදය දක්වන සේක් “නදියා වා භික්‍ඛවෙ” යනාදිය වදාළ සේක. එහි “යං මජ්ඣිමස්ස පුරිසස්ස සමන්තා උදකුක්‍ඛෙපං” යම්තැනක් බල මැදුම් පුරුෂයක්හුගේ දියවීසි කිරීමෙන් පිරිසිදින ලද්දේ ද එතැනය. කෙසේවනාහි දියවීසි කළයුතුද, යත්: යම්සේ අක්‍ෂධූර්‍තයෝ දැවගුලය වීසිකෙරෙත්ද, එසේ දිය හෝ වැලි හෝ අතින් ගෙන මැදුම්බලැති පුරුෂයකු විසින් සියලු ශක්තියෙන් වීසි කළයුතුය. මෙසේ දැමූ දිය හෝ වැලි යම්තැනෙක වැටේද, මේ එක් උදකුක්‍ඛෙපයෙක් වේ. ඒ උදකුක්‍ඛෙපය ඇතුළත අත්පස හැර සිටියේ කර්‍මය කොප්‍ය කරයි. යම්තාක් පිරිස වැඩේද, ඒතාක් සීමාවද වැඩේ. පිරිස කෙළවර පටන් උදකුක්‍ඛෙපයම ප්‍රමාණ වේ. ජාතස්සර සමුද්දාදියෙහිද මෙමනය වේ.

එත්‍ථ ච සචෙ නදී නාතිදීඝා හොති, පභවතො පට‍්ඨාය යාව මුඛද‍්වාරා සබ‍්බත්‍ථ සඞ‍්ඝො නිසීදති, උදකුක‍්ඛෙපසීමාකම‍්මං නත්‍ථි, සකලාපි නදී එතෙසංයෙව භික‍්ඛූනං පහොති. යං පන මහාසුමත්‍ථෙරෙන වුත‍්තං “යොජනං පවත‍්තමානායෙව නදී, තත්‍රාපි උපරි අද‍්ධයොජනං පහාය හෙට‍්ඨා අද‍්ධයොජනෙ කම‍්මං කාතුං වට‍්ටතී”ති, තං මහාපදුමත්‍ථෙරෙනෙව පටික‍්ඛිත‍්තං. භගවතා හි “තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙත්‍වා යත්‍ථ කත්‍ථචි උත‍්තරන‍්තියා භික‍්ඛුනියා අන‍්තරවාසකො තෙමියතී”ති ඉදං නදියා පමාණං වුත‍්තං, න යොජනං වා අද‍්ධයොජනං වා. තස‍්මා යා ඉමස‍්ස සුත‍්තස‍්ස වසෙන පුබ‍්බෙ වුත‍්තලක‍්ඛණා නදී, තස‍්සා පභවතො පට‍්ඨාය සඞ‍්ඝකම‍්මං කාතුං වට‍්ටතීති. සචෙ පනෙත්‍ථ බහූ භික‍්ඛූ විසුං විසුං කම‍්මං කරොන‍්ති, සබ‍්බෙහි අත‍්තනො ච අඤ‍්ඤෙසඤ‍්ච උදකුක‍්ඛෙපපරිච‍්ඡෙදස‍්ස අන‍්තරා අඤ‍්ඤො උදකුක‍්ඛෙපො සීමන‍්තරිකත්‍ථාය ඨපෙතබ‍්බො. තතො අධිකං වට‍්ටතියෙව, ඌනකං පන න වට‍්ටතීති වුත‍්තං. ජාතස‍්සරසමුද‍්දෙසුපි එසෙව නයො.

මෙහිද ඉදින් නදී තොමෝ ඉතා දිග් නොවන්නීවේද, උපන්තැන් පටන් මුවදොර දක්වා හැමතන්හි සඞ්ඝතෙමේ අත්පස නොහැර හිඳීද, එහෙයින් උදකුක්‍ඛෙප සීමාකෘත්‍යයෙක් නැත්තේය. සියලු නදීතොමෝ මෙම මහණුන්ට පොහොනී වේ. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ විසින් ‘යොදුනක් පවත්නාවූම නදියක් වීද, එහිද මතුවෙහි අඩයොදුනක් හැර යට අඩ යොදුනක් තන්හි කර්‍ම කරන්නට වටීය’යි යමක් කියන ලද්දේ ද, ඒ කීම මහාපදුම ස්ථවිරයන් වහන්සේ විසින්ම, භාග්‍යවතුන්වහන්සේ විසින් “තිමණ්ඩලං පටිච්ඡාදෙත්‍වා යත්‍ථ කත්‍ථචි උත්තරන්තියා භික්‍ඛුණියා අත්තරවාසකො තෙමීයති”යි මේ ආදියෙහි ප්‍රමාණය දක්වන ලද්දේය. යොදුනෙක් හෝ අඩයොදුනෙක් හෝයි ප්‍රමාණය නොවදාරණ ලද්දේය. එහෙයින් මේ සූත්‍රයාගේ වසයෙන් ප්‍රතික්‍ෂෙප කරණලදී. පෙරකියූ ලක්‍ෂණ ඇති නදියක් වේද, ඒ නදිය හටගත් තැන්පටන් සඞ්ඝකර්‍ම කරන්නට වටියි. ඉදින්වනාහි මෙහි බොහෝ භික්‍ෂූහු වෙන්වෙන්ව කර්‍ම කෙරෙත්ද, සියල්ලන් විසින් තමන්ගේ හා අන්‍යයන්ගේද, උදකුක්‍ඛෙප පරිච්ඡෙදය අතර අනික් උදකුක්‍ඛෙපයෙක් සීමන්තරිකය පිණිස තැබිය යුතුය. ඉන්වැඩියක් වටීමය. අඩුව වනාහි නොවටීයයි කියනලදී. ජාතස්සරසමුද්දාදියෙහි ද මෙම නය වේ.

නදියා පන කම‍්මං කරිස‍්සාමාති ගතෙහි සචෙ නදී පරිපුණ‍්ණා හොති සමතිත‍්තිකා, උදකසාටිකං නිවාසෙත්‍වාපි අන‍්තොනදියංයෙව කම‍්මං කාතබ‍්බං. සචෙ න සක‍්කොන‍්ති, නාවායපි ඨත්‍වා කාතබ‍්බං. ගච‍්ඡන‍්තියා පන නාවාය කාතුං න වට‍්ටති. කස‍්මා? උදකුක‍්ඛෙපමත‍්තමෙව හි සීමා, තං නාවා සීඝමෙව අතික‍්කාමෙති. එවං සති අඤ‍්ඤිස‍්සා සීමාය ඤත‍්ති අඤ‍්ඤිස‍්සා අනුසාවනා හොති, තස‍්මා නාවං අරිත‍්තෙන වා ඨපෙත්‍වා පාසාණෙ වා ලම‍්බිත්‍වා අන‍්තොනදියං ජාතරුක‍්ඛෙ වා බන්‍ධිත්‍වා කම‍්මං කාතබ‍්බං. අන‍්තොනදියං බද‍්ධඅට‍්ටකෙපි අන‍්තොනදියං ජාතරුක‍්ඛෙපි ඨිතෙහි කාතුං වට‍්ටති.

නදියෙහි වනාහි කර්‍මකරන්නෙමු’යි ගියවුන් විසින් ඉදින් නදිය පිරීගියා ඉවුර සමව පවත්නීද, දියසළුව හැඳද නදිය තුළම කර්‍මකටයුතුය. ඉදින් නොහැකි වෙත්නම්, නැවෙහිද සිට කර්‍ම කටයුතුය. යන නැවෙහි සිට කර්‍ම කරන්නට නොවටියි. කුමක්හෙයින, යත්: උදකුක්‍ඛෙප ප්‍රමාණයම සීමාව වේ. නැව, ඒ උදකුක්‍ඛෙප ප්‍රමාණය වහාම ඉක්මවන්නීය. මෙසේ ඇතිකල්හි අනික් සීමාවක ඤත්තිය වේ. අනික් සීමාවක අනුශ්‍රාවණය වේ. එහෙයින් නැව රිටකින් හෝ නවතා ගල් හෝ එල්ලා නදියතුළ හටගත් රුකෙක හෝ බැඳ කර්‍ම කටයුතුය. නදියතුළ බඳින ලද අටල්ලෙහිද ගඟ තුළ හටගත් රුකෙක්හිද සිටියවුන් විසින් කර්‍ම කිරීම වටියි.

සචෙ පන රුක‍්ඛස‍්ස සාඛා වා තතො නික‍්ඛන‍්තපාරොහො වා බහිනදීතීරෙ විහාරසීමාය වා ගාමසීමාය වා පතිට‍්ඨිතො, සීමං වා සොධෙත්‍වා සාඛං වා ඡින්‍දිත්‍වා කම‍්මං කාතබ‍්බං. බහිනදීතීරෙ ජාතරුක‍්ඛස‍්ස අන‍්තොනදියං පවිට‍්ඨසාඛාය වා පාරොහෙ වා නාවං බන්‍ධිත්‍වා කම‍්මං කාතුං න වට‍්ටති. කරොන‍්තෙහි සීමා වා සොධෙතබ‍්බා, ඡින්‍දිත්‍වා වාස‍්ස බහිපතිට‍්ඨිතභාවො නාසෙතබ‍්බො. නදීතීරෙ පන ඛාණුකං කොට‍්ටෙත්‍වා තත්‍ථ බද‍්ධනාවාය න වට‍්ටතියෙව.

එම උදකුක්‍ඛෙපය තුළ සිටි රුකක අත්තක් හෝ එයින් නිකුත් අරළුවක් හෝ ගඟින් පිටත ඉවුරෙහි විහාරසීමාවක හෝ ග්‍රාමසීමාවක හෝ පිහිටියේද, සීමාව හෝ විහාරසීමා ග්‍රාමසීමාවන්හි සිටි මහණුන් අත්පසට ගෙන්වීම් වසයෙන් හෝ සීමාවෙන් බැහැර කිරීම් වසයෙන් හෝ ශුද්ධකොට, අත්ත හෝ සිඳදමා කර්‍මකටයුතුය. පිටත ගංඉවුරෙහි හටගත් රුකක ගඟතුළට පිවිසි අත්තක හෝ අරළුවෙක හෝ නැව බැඳ කර්‍ම කිරීම නොවටියි. කර්‍ම කරන්නවුන් විසින් සීමාව හෝ කියූ ලෙසින් ශුද්ධ කටයුතුය. සිඳදමා හෝ ඒ අතුඅරළු පිටිත පිහිටා සිටිබව නැසිය යුතුය. ගංඉවුරෙහි කණුවක් සිටුවා එහි බැඳි නැවෙහි කර්‍මකිරීම නොවටීමය.

නදියං සෙතුං කරොන‍්ති, සචෙ අන‍්තොනදියංයෙව සෙතු වා සෙතුපාදා වා, සෙතුම‍්හි ඨිතෙහි කම‍්මං කාතුං වට‍්ටති. සචෙ පන සෙතු වා සෙතුපාදා වා බහිතීරෙ පතිට‍්ඨිතා, කම‍්මං කාතුං න වට‍්ටති, සීමං සොධෙත්‍වා කාතබ‍්බං. අථ සෙතුපාදා අන‍්තො, සෙතු පන උභින‍්නම‍්පි තීරානං උපරිආකාසෙ ඨිතො, වට‍්ටති. අන‍්තොනදියං පාසාණො වා දීපකො වා හොති, තස‍්ස යත‍්තකං පදෙසං පුබ‍්බෙ වුත‍්තප‍්පකාරෙ පකතිවස‍්සකාලෙ වස‍්සානස‍්ස චතූසු මාසෙසු උදකං ඔත්‍ථරති, සො නදීසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. අතිවුට‍්ඨිකාලෙ පන ඔඝෙන ඔත්‍ථටොකාසො න ගහෙතබ‍්බො, සො හි ගාමසීමාසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති.

ගඟතුළ හෙයක් බඳිත්ද, ඉදින් ගඟ තුළම හෙය හෝ හේපා හෝ වෙත්ද, හෙයෙහි සිටියවුන් විසින් කර්‍මකිරීම වටියි. ඉදින් හෙය හෝ හේපායෝ ගඟෙන් පිටත ඉවුරෙහි පිහිටියාහුද, කර්‍මකිරීම නොවටියි. සීමාව ශුද්ධකොට කටයුතුය. එකල්හි සෙතුපාදයෝ ගඟතුළ වෙත්ද, හෙය දෙගංතෙර මතු අවකාශයෙහි සිටියේ නම් වටියි. ගඟතුළ ගලෙක් හෝ දිවයිනෙක් හෝ වේද, ඒ ගලෙහි හා දිවයිනෙහි යම්පමණ පෙදෙසක් පෙරකියූ ප්‍රකාර ඇති පියවිවැසි කාලයෙහි වර්‍ෂාඍතුව පිළිබඳ සිවුමස්හි ජලය යට කෙරේද ඒ ගල හා දිවයින නදීසඞ්ඛ්‍යාවටම යයි. ඉතා තද වැසි කාලයෙහි දියපහරින් යටවූ අවකාශය නොගත යුතුය. ඒ පෙදෙස ග්‍රාමසීමාසඞ්ඛ්‍යාවටම යයි.

නදිතො මාතිකං නීහරන‍්තා නදියං ආවරණං කරොන‍්ති, තඤ‍්චෙ ඔත්‍ථරිත්‍වා වා විනිබ‍්බිජ‍්ඣිත්‍වා වා උදකං ගච‍්ඡති, සබ‍්බත්‍ථ පවත‍්තනට‍්ඨානෙ කම‍්මං කාතුං වට‍්ටති. සචෙ පන ආවරණෙන වා කොට‍්ටකබන්‍ධනෙන වා සොතං පච‍්ඡිජ‍්ජති, උදකං නප‍්පවත‍්තති, අප‍්පවත‍්තනට‍්ඨානෙ කම‍්මං කාතුං න වට‍්ටති. ආවරණමත්‍ථකෙපි කාතුං න වට‍්ටති. සචෙ කොචි ආවරණප‍්පදෙසො පුබ‍්බෙ වුත‍්තපාසාණදීපකප‍්පදෙසො විය උදකෙන අජ‍්ඣොත්‍ථරියති, තත්‍ථ වට‍්ටති. සො හි නදීසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. නදිං විනාසෙත්‍වා තළාකං කරොන‍්ති, හෙට‍්ඨා පාළි බද‍්ධා, උදකං ආගන‍්ත්‍වා තළාකං පූරෙත්‍වා තිට‍්ඨති, එත්‍ථ කම‍්මං කාතුං න වට‍්ටති. උපරි පවත‍්තනට‍්ඨානෙ හෙට‍්ඨා ච ඡඩ‍්ඩිතමොදකං නදිං ඔත්‍ථරිත්‍වා සන්‍දනට‍්ඨානතො පට‍්ඨාය වට‍්ටති. දෙවෙ අවස‍්සන‍්තෙ හෙමන‍්තගිම‍්හෙසු වා සුක‍්ඛනදියාපි වට‍්ටති. නදිතො නීහටමාතිකාය න වට‍්ටති. සචෙ සා කාලන‍්තරෙන භිජ‍්ජිත්‍වා නදී හොති, වට‍්ටති. කාචි නදී කාලන‍්තරෙන උප‍්පතිත්‍වා ගාමනිගමසීමං ඔත්‍ථරිත්‍වා පවත‍්තති, නදීයෙව හොති, කම‍්මං කාතුං වට‍්ටති. සචෙ පන විහාරසීමං ඔත්‍ථරති, විහාරසීමාත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති.

නදියෙන් හෙවත් නදියපටන් දිය ඇළක් නීහරණය කරමින් දැව ආදිය විද නදියෙහි ජලය ආවරණය කෙරෙත්ද, එද යටපත් කොට ඒ විනිවිද හෝ දිය බැසයේද, හැමතන්හි පවත්නා තැන කර්‍ම කිරීම වටියි. ඉදින් දැව ආදිය විද දිය ඇවිරීමෙන් හෝ කොටු බැඳීමෙන් හෝ ජලපහර සිඳිනු ලැබේ, ජලය නොබසීද, ජලය නොබස්නා තැන කර්‍ම කිරීම නොවටියි. ආවරණ මාත්‍රයෙක්හිද කරන්නට නොවටියි. ඉදින් කිසි ආවරණ ප්‍රදේශයෙන් පෙර කියූ ගල්දිවයින් පෙදෙසක් මෙන් ජලයෙන් යටවනු ලැබේද, එහි කර්‍මකිරීම වටියි. එය නදීයසඞ්ඛ්‍යාවටම යයි. නදිය විනාශකොට තටාකයක් කෙරෙත්ද, යටකොටසෙහි නියරක් බඳින ලද්දීද, ජලය අවුත් තටාකය පුරා සිටීද, මෙහි කර්‍ම කිරීම නොවටියි. මත්තෙහි පවත්නා තැන් හා යටද තටාකය රකිනු පිණිස එකත්පස හරින ලද ගලාගිය ජලය නදිය බැස ගලායන තැන පිටත් වටියි. වැසි නොවස්නා කල්හි හෙමන්ත ග්‍රීෂ්ම සෘතූන්හි හෝ වියලි නදියෙහිද වටියි. ගඟෙන් ගෙනගිය දිය ඇළෙහි නොවටියි. ඉදින් ඒ දිය ඇළ කාලාන්තරයකින් බිඳීගොස් නදියවන්නීද වටියි. කිසියම් නදියක් කාලාන්තරයකින් මතු නැගී ගම්නියම්ගම් සීමා යටකොට පවතීද, නදියම වේ. කර්‍මකිරීම වටියි. ඉදින් වනාහි විහාරසීමාව යටපත්කෙරේද, විහාරසීමා මැයි සඞ්ඛ්‍යාවට යයි.

සමුද‍්දෙපි කම‍්මං කරොන‍්තෙහි යං පදෙසං උද‍්ධං වඩ‍්ඪනඋදකං වා පකතිවීචි වා වෙගෙන ආගන‍්ත්‍වා ඔත්‍ථරති, තත්‍ථ කාතුං න වට‍්ටති. යස‍්මිං පන පදෙසෙ පකතිවීචියො ඔත්‍ථරිත්‍වා සණ‍්ඨහන‍්ති, සො උදකන‍්තතො පට‍්ඨාය අන‍්තොසමුද‍්දො නාම, තත්‍ථ ඨිතෙහි කම‍්මං කාතබ‍්බං. සචෙ ඌමිවෙගො බාධති, නාවාය වා අට‍්ටකෙ වා ඨත්‍වා කාතබ‍්බං. තෙසු විනිච‍්ඡයො නදියං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. සමුද‍්දෙ පිට‍්ඨිපාසාණො හොති, තං කදාචි ඌමියො ආගන‍්ත්‍වා ඔත්‍ථරන‍්ති , කදාචි න ඔත්‍ථරන‍්ති, තත්‍ථ කම‍්මං කාතුං න වට‍්ටති, සො හි ගාමසීමාසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. සචෙ පන වීචීසු ආගතාසුපි අනාගතාසුපි පකතිඋදකෙනෙව ඔත්‍ථරියති, වට‍්ටති. දීපකො වා පබ‍්බතො වා හොති, සො චෙ දූරෙ හොති මච‍්ඡබන්‍ධානං අගමනපථෙ, අරඤ‍්ඤසීමාසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. තෙසං ගමනපරියන‍්තස‍්ස ඔරතො පන ගාමසීමාසඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තත්‍ථ ගාමසීමං අසොධෙත්‍වා කම‍්මං කාතුං න වට‍්ටති. සමුද‍්දො ගාමසීමං වා නිගමසීමං වා ඔත්‍ථරිත්‍වා තිට‍්ඨති, සමුද‍්දොව හොති, තත්‍ථ කම‍්මං කාතුං වට‍්ටති. සචෙ පන විහාරසීමං ඔත්‍ථරති, විහාරසීමාත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති.

සමුද්‍රයෙහිද කර්‍ම කරන්නවුන් විසින් යම් පෙදෙසක් උඩට වැඩෙන ජලය හෝ පියවිරැළ හෝ වේගයෙන් අවුත් යටපත් කෙරේද, එහි කර්‍ම කිරීම නොවටියි. යම් පෙදෙසෙක්හි පියවිරැළ පැතිර සිටිත්ද, ඒ පෙදෙස ජලය කෙළවර පටන් මුහුද ඇතුළත නම. එහි සිටියවුන් විසින් කර්‍ම කටයුතුය. ඉදින් රැළවෙගය බාධා කෙරේනම් නැවක හෝ අටල්ලක හෝ සිට කර්‍ම කටයුතුය. එහි විනිශ්චය නදියෙහි කියූනයින්ම දතයුතුය. සමුද්‍රයෙහි පිටිගලක් වේද, කිසිකලෙක රැළ අවුත් ඒ පිටිගල යටපත් කෙරෙත්ද, එහි කර්‍මකිරීම නොවටියි. එය ග්‍රාමසීමාසඞ්ඛ්‍යාවටම යයි. රළ ආකල්හිද, නොආකල්හිද, ප්‍රකෘතිජලයෙන්ම යටපත්වනු ලැබේද, වටියි. දිවයිනක් හෝ පර්‍වතයක් හෝ වේද, එද දුර කෙවුළන් විසින් ගොස් එදවස්හිම එන්නට නොහැකි පෙදෙසෙහි වේද, අරණ සීමා සඞ්ඛ්‍යාවටම යයි. ඒ කෙවුලන්ගේ ගමන් කෙළවර මෑතින් කියූ අයුරු ඇති දිවයින් හා පර්‍වත ග්‍රාමසීමාසඞ්ඛ්‍යාවටම යයි. එහි ග්‍රාමසීමාව ශුද්ධනොකොට කර්‍මකිරීම නොවටියි. සමුද්‍රයතෙමේ ග්‍රාමසීමාව හෝ නිගමසීමාව හෝ යටපත්කොට සිටීද, සමුද්‍රයම වේ. එහි කර්‍ම කිරීම වටියි. ඉදින් විහාරසීමාව යටපත් කෙරේද, විහාර සීමාමැයි සඞ්ඛ්‍යාවට යයි.

ජාතස‍්සරෙ කම‍්මං කරොන‍්තෙහිපි යත්‍ථ පුබ‍්බෙ වුත‍්තප‍්පකාරෙ වස‍්සකාලෙ වස‍්සෙ පච‍්ඡින‍්නමත‍්තෙ පිවිතුං වා හත්‍ථපාදෙ වා ධොවිතුං උදකං න හොති, සුක‍්ඛති, අයං න ජාතස‍්සරො, ගාමඛෙත‍්තසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති, තත්‍ථ කම‍්මං න කාතබ‍්බං. යත්‍ථ පන වුත‍්තප‍්පකාරෙ වස‍්සකාලෙ උදකං සන‍්තිට‍්ඨති, අයමෙව ජාතස‍්සරො. තස‍්ස යත‍්තකෙ පදෙසෙ වස‍්සානං චාතුමාසෙ උදකං තිට‍්ඨති, තත්‍ථ කම‍්මං කාතුං වට‍්ටති. සචෙ ගම‍්භීරං උදකං, අට‍්ටකං බන්‍ධිත්‍වා තත්‍ථ ඨිතෙහිපි ජාතස‍්සරස‍්ස අන‍්තො ජාතරුක‍්ඛම‍්හි බද‍්ධඅට‍්ටකෙපි කාතුං වට‍්ටති. පිට‍්ඨිපාසාණදීපකෙසු පනෙත්‍ථ නදියං වුත‍්තසදිසොව විනිච‍්ඡයො. සමවස‍්සදෙවකාලෙ පහොනකජාතස‍්සරො පන සචෙපි දුබ‍්බුට‍්ඨිකාලෙ වා ගිම‍්හහෙමන‍්තෙසු වා සුක‍්ඛති, නිරුදකො හොති, තත්‍ථ සඞ‍්ඝකම‍්මං කාතුං වට‍්ටති. යං අන්‍ධකට‍්ඨකථායං වුත‍්තං “සබ‍්බො ජාතස‍්සරො සුක‍්ඛො අනොදකො , ගාමඛෙත‍්තංයෙව භජතී”ති, තං න ගහෙතබ‍්බං. සචෙ පනෙත්‍ථ උදකත්‍ථාය ආවාටං වා පොක‍්ඛරණීආදීනි වා ඛණන‍්ති, තං ඨානං අජාතස‍්සරො හොති, ගාමසීමාසඞ‍්ඛ්‍යං ගච‍්ඡති. ලාබුතිපුසකාදිවප‍්පෙ කතෙපි එසෙව නයො.

ජාතස්සරයෙහි කර්‍ම කරන්නවුන් විසින්ද, යම්තැනක පෙරකියූ ආකාර ඇති වැසිකාලයෙහි වැස්ස සිඳීගිය ඇසිල්ලෙහි බොන්නට හෝ අත්පා සෝදන්නට හෝ ජලය නැත්තේද, වියලී යේද, මේ ජාතස්සරය නොවේ. ග්‍රාමක්‍ෂෙත්‍රසඞ්ඛ්‍යාවටම යයි. එහි කර්‍ම නොකටයුතුය. යම්තැනක වනාහි උක්තප්‍රකාර වර්‍ෂා කාලයෙහි ජලය පිහිටා සිටීද, මෙම ජාතස්සරය වේ. ඒ ජාතස්සරයෙහි යම් පමණ පෙදෙසෙක වර්‍ෂාඍතුව පිළිබඳ සිවුමසෙහි ජලය සිටීද, එහි කර්‍ම කිරීම වටියි. ඉදින් ගැඹුරු ජලය වේ නම්, අටල්ලක් බැඳ එහි සිටියවුන් විසින්ද ජාතස්සරය තුළ හටගත් රුකෙහි බඳින ලද අටල්ලෙහිද, කර්‍ම කිරීම වටියි. මෙහි පිටිගල් දිවයින් යන මෙතන්හි නදියෙහි කියනලද්ද සමානවූම විනිශ්චයයි. සමවැසි වස්නාකල්හි පොහොනා ජාතස්සරය තෙමේ වැසි නැති කල්හි හෝ ග්‍රීෂ්ම හේමන්ත සෘතුන්හි හෝ වියලේද, දියරහිත වේද, එහි සඞ්ඝකර්‍ම කිරීම වටියි. අණ්ඩකාර්‍ත්‍ථකථාවෙහි ‘සියලු ජාතස්සරය වියලුනේද, දියරහිත වේද, එය ග්‍රාමක්‍ෂෙත්‍රයමැ’යි යමක්කියන ලද්දේද, එය නොගත යුතුය. ඉදින් මෙහි ජලය පිණිස වළක් හෝ පොකුණු ආදිය හෝ කණිත්ද එතැන ජාතස්සරය නොවේ. ග්‍රාමසීමාසඞ්ඛ්‍යාවට යයි. ලබු කැකිරි ආදිය වැවූ කල්හිද මේනයම වේ.

සචෙ පන තං පූරෙත්‍වා ථලං වා කරොන‍්ති, එකස‍්මිං දිසාභාගෙ පාළිං බන්‍ධිත්‍වා සබ‍්බමෙව තං මහාතළාකං වා කරොන‍්ති, සබ‍්බොපි අජාතස‍්සරො හොති, ගාමසීමාසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. ලොණීපි ජාතස‍්සරසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. වස‍්සිකෙ චත‍්තාරො මාසෙ උදකට‍්ඨානොකාසෙ කම‍්මං කාතුං වට‍්ටතීති.

ඒ පෙදෙස පුරවා ගොඩ හෝ කෙරෙත්ද, එක් දිසාභාගයෙක නියරක් බැද මේ සියලු පෙදෙසම මහාතටාකයක් හෝ කෙරෙත්ද, සියලු පෙදෙසම ජාතස්සරය නොවේ. ග්‍රාමසීමාසඞ්ඛ්‍යාවටම යයි. මුහුදෙහි රැළවේගයෙන් බිඳී දිය ඇළක ආකාරයෙන් පවත්නා පෙදෙසද ජාතස්සරසඞ්ඛ්‍යාවටම යයි. වැසිහාර මසෙහි දිය පිහිටි පෙදෙසෙහි කර්‍මකිරීම වටියි.

සීමාය සීමං සම‍්භින්‍දන‍්තීති අත‍්තනො සීමාය පරෙසං බද‍්ධසීමං සම‍්භින්‍දන‍්ති. සචෙ හි පොරාණකස‍්ස විහාරස‍්ස පුරත්‍ථිමාය දිසාය අම‍්බො චෙව ජම‍්බූ චාති ද‍්වෙ රුක‍්ඛා අඤ‍්ඤමඤ‍්ඤං සංසට‍්ඨවිටපා හොන‍්ති, තෙසු අම‍්බස‍්ස පච‍්ඡිමදිසාභාගෙ ජම‍්බූ. විහාරසීමා ච ජම‍්බුං අන‍්තො කත්‍වා අම‍්බං කිත‍්තෙත්‍වා බද‍්ධා හොති, අථ පච‍්ඡා තස‍්ස විහාරස‍්ස පුරත්‍ථිමාය දිසාය විහාරං කත්‍වා සීමං බන්‍ධන‍්තා තං අම‍්බං අන‍්තො කත්‍වා ජම‍්බුං කිත‍්තෙත්‍වා බන්‍ධන‍්ති, සීමාය සීමා සම‍්භින‍්නා හොති. එවං ඡබ‍්බග‍්ගියා අකංසු, තෙනාහ – “සීමාය සීමං සම‍්භින්‍දන‍්තී”ති.

“සීමාය සීමං සංභින්‍දන්ති” තමන්ගේ සීමාවෙන් අන්‍යයන්ගේ සීමාව බිඳිත්. මිශ්‍ර කෙරෙත්. පුරාණ විහාරයක පෙරදිග අඹරුකක්ද දඹරුකක්දැයි රුක් දෙකක් ඔවුනොවුන් එකට පැටලුනු ගැටුනු අතුපතර ඇත්තේ වේද, එදෙක අතුරෙහි අඹරුකට පැසුළුදිග දඹරුක වේද, විහාරසීමාවද දඹරුක ඇතුළත්කොට අඹරුක කීර්තනය කිරීමෙන් බඳින ලද්දේ වන්නීද, නැවත එයින් පසු ඒ විහාරයෙහි පෙරදිග විහාරයක් කොට සීමාවක් බඳින භික්‍ෂූහු, අන්කලෙක පුරාණ විහාරයාගේ පවුරුවැටකට ආදිය නැසී ගිය බැවින් නොදන්නාහු, පුරාණ විහාරසීමාවට නිමිතිවූ ඒ අඹරුක ඇතුළත්කොට දඹරුක කීර්තනය කිරීමෙන් බදිත්ද, එකල්හි සීමාවෙන් සීමාව මිශ්‍රවූවා වේ. ෂට්වර්ගීය භික්‍ෂූහු මෙසේ කළාහුය. එහෙයින් “සීමාය සීමං සම්භින්‍දන්ති” කියේය.

සීමාය සීමං අජ‍්ඣොත්‍ථරන‍්තීති අත‍්තනො සීමාය පරෙසං බද‍්ධසීමං අජ‍්ඣොත්‍ථරන‍්ති; පරෙසං බද‍්ධසීමං සකලං වා තස‍්සා පදෙසං වා අන‍්තො කත්‍වා අත‍්තනො සීමං බන්‍ධන‍්ති. සීමන‍්තරිකං ඨපෙත්‍වා සීමං සම‍්මන‍්නිතුන‍්ති එත්‍ථ සචෙ පඨමතරං කතස‍්ස විහාරස‍්ස සීමා අසම‍්මතා හොති, සීමාය උපචාරො ඨපෙතබ‍්බො. සචෙ සම‍්මතා හොති, පච‍්ඡිමකොටියා හත්‍ථමත‍්තා සීමන‍්තරිකා ඨපෙතබ‍්බා. කුරුන්‍දියං විදත්‍ථිමත‍්තම‍්පි, මහාපච‍්චරියං චතුරඞ‍්ගුලමත‍්තම‍්පි වට‍්ටතීති වුත‍්තං. එකරුක‍්ඛොපි ච ද‍්වින‍්නං සීමානං නිමිත‍්තං හොති, සො පන වඩ‍්ඪන‍්තො සීමාසඞ‍්කරං කරොති, තස‍්මා න කාතබ‍්බො.

“සීමාය සීමං අජ්ඣොත්‍ථරන්ති” තමන්ගේ සීමාවෙන් අන්‍යයන්ගේ සීමාව යටපත් කෙරෙත්. අන්‍යයන්ගේ සියලු බද්ධසීමාව හෝ ඒ සීමාවෙහි පෙදෙසක් හෝ ඇතුළත්කොට තමන්ගේ සීමාව බදිත්. “සීමන්තරිකං ඨපෙත්‍වා සීමං සම්මන්නිතුං” මෙහි ඉතා පළමුකොට කළ විහාරයෙහි සීමාවක් සම්මත කරන ලද්දී වන්නීද, සීමාවට උපචාරය තැබිය යුතුය. සම්මත කරණ ලද්දීනම්, පැසුළු කෙළවරින් රියනක් පමණ සීමාවට අතර තැබිය යුතුය. කුරුන්‍දියෙහි වියතක් පමණද, මහාපච්චරියෙහි සතරඟුලක් පමණද වටීයයි කියනලදී. එක්ම රුකක් සීමා දෙකට නිමිත්ත වේද, ඒ රුක වැඩෙන්නේ සීමා සඞ්කරය කෙරේද, එහෙයින් නොකටයුතුය.