උපොසථභෙදාදිකථා අට්ඨකථා
උපොසථභෙදාදිකථා
උපොසථභෙදාදිකථා
චාතුද්දසිකො ච පන්නරසිකො චාති එත්ථ චාතුද්දසිකස්ස පුබ්බකිච්චෙ “අජ්ජුපොසථො චාතුද්දසො”ති වත්තබ්බං.
“චාතුද්දසිකො ච පණ්ණරසිකො ච” මෙහි චාතුර්දශික පූර්වකෘත්යයෙහි “අජ්ජුපොසථො චාතුද්දසො”යි කියයුතුය.
අධම්මෙන වග්ගන්තිආදීසු සචෙ එකස්මිං විහාරෙ චතූසු භික්ඛූසු වසන්තෙසු එකස්ස ඡන්දපාරිසුද්ධිං ආහරිත්වා තයො පාරිසුද්ධිඋපොසථං කරොන්ති, තීසු වා වසන්තෙසු එකස්ස ඡන්දපාරිසුද්ධිං ආහරිත්වා ද්වෙ පාතිමොක්ඛං උද්දිසන්ති, අධම්මෙන වග්ගං උපොසථකම්මං හොති. සචෙ පන චත්තාරොපි සන්නිපතිත්වා පාරිසුද්ධිඋපොසථං කරොන්ති, තයො වා ද්වෙ වා පාතිමොක්ඛං උද්දිසන්ති, අධම්මෙන සමග්ගං නාම හොති. සචෙ චතූසු ජනෙසු එකස්ස පාරිසුද්ධිං ආහරිත්වා තයො පාතිමොක්ඛං උද්දිසන්ති, තීසු වා ජනෙසු එකස්ස පාරිසුද්ධිං ආහරිත්වා ද්වෙ පාරිසුද්ධිඋපොසථං කරොන්ති, ධම්මෙන වග්ගං නාම හොති. සචෙ පන චත්තාරො එකත්ථ වසන්තා සබ්බෙව සන්නිපතිත්වා පාතිමොක්ඛං උද්දිසන්ති, තයො පාරිසුද්ධිඋපොසථං කරොන්ති, ද්වෙ අඤ්ඤමඤ්ඤං පාරිසුද්ධිඋපොසථං කරොන්ති, ධම්මෙන සමග්ගං නාම හොතීති.
“අධම්මෙන වග්ගං” යනාදිතන්හි එක් විහාරයෙක්හි භික්ෂූන් සතර නමක් වසන කල්හි එකෙක්හුගේ ඡන්දපාරිශුද්ධිය ගෙන තුන් දෙනෙක් පාරිශුද්ධිඋපොසථය කෙරෙත්නම්, භික්ෂූන් තුන්නමක් හෝ වසන කල්හි එකෙක්හුගේ ඡන්දපාරිශුද්ධිය ගෙනවුත් දෙදෙනෙක් පාමොක් උදෙසත්නම්, අධර්මයෙන් වර්ගවූ උපොසථ කර්මය වේ. සතර නමක් භික්ෂූහු රැස්ව පාරිශුද්ධිඋපොසථය කෙරෙත්නම්, තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ පාමොක් උදෙසත්නම්, අධර්මයෙන්වූ සමගිකර්මය නම් වේ. සතර දෙනකුන් අතුරෙහි එකෙකුගේ පාරිශුද්ධිය ගෙනවුත් තිදෙනෙක් පාමොක් උදෙසත්නම්, තිදෙනෙකුන් අතුරෙහි එකෙකුගේ පාරිශුද්ධිය ගෙනවුත් දෙදෙනෙක් පාරිශුද්ධි උපොසථය කෙරෙත්නම්, ධර්මයෙන්වූ වර්ගකර්මය නම් වේ. සතර දෙනෙක් එක්තැනෙක වසන්නාහු සියල්ලෝම රැස්වී පාමොක් උදෙසත්නම්, තිදෙනෙක් පාරිශුද්ධිඋපොසථය කෙරෙත්නම්, ධර්මයෙන් වූ සමගිකර්ම නම් වේ.
පාතිමොක්ඛුද්දෙසකථා
පාතිමොක්ඛුද්දෙසකථා
නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බන්ති “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො…පෙ… ආවිකතා හිස්ස ඵාසු හොතී”ති ඉමං නිදානං උද්දිසිත්වා “උද්දිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, තත්ථායස්මන්තෙ පුච්ඡාමි – කච්චිත්ථ පරිසුද්ධා, දුතියම්පි පුච්ඡාමි…පෙ… එවමෙතං ධාරයාමීති. සුතා ඛො පනායස්මන්තෙහි චත්තාරො පාරාජිකා ධම්මා…පෙ… අවිවදමානෙහි සික්ඛිතබ්බ”න්ති එවං අවසෙසං සුතෙන සාවෙතබ්බං. එතෙන නයෙන සෙසාපි චත්තාරො පාතිමොක්ඛුද්දෙසා වෙදිතබ්බා.
“නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං” “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො -පෙ- ආවීකතාභිස්ස ඵාසු හොති” යන මේ නිදානය උදෙසා “උද්දිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි. සුතා ඛො පනායස්මන්තෙහි චත්තාරො පාරාජිකා ධම්මා - පෙ- අවිවදමානෙහි සික්ඛිතබ්බං” යි මෙසේ සෙස්ස ශ්රැතපදයෙන් ඇස්විය යුතුය. මෙනයින් සෙසු සිවුවැදෑරුම්වූ ප්‍රාතිමොක්‍ෂයෝ දතයුත්තාහ.
සවරභයන්ති අටවිමනුස්සභයං. රාජන්තරායොතිආදීසු සචෙ භික්ඛූසු “උපොසථං කරිස්සාමා”ති නිසින්නෙසු රාජා ආගච්ඡති, අයං රාජන්තරායො. චොරා ආගච්ඡන්ති, අයං චොරන්තරායො. දවදාහො වා ආගච්ඡති, ආවාසෙ වා අග්ගි උට්ඨහති, අයං අග්ගන්තරායො. මෙඝො වා උට්ඨෙති, ඔඝො වා ආගච්ඡති, අයං උදකන්තරායො. බහූ මනුස්සා ආගච්ඡන්ති, අයං මනුස්සන්තරායො. භික්ඛුං යක්ඛො ගණ්හාති, අයං අමනුස්සන්තරායො. බ්යග්ඝාදයො චණ්ඩමිගා ආගච්ඡන්ති, අයං වාළන්තරායො. භික්ඛුං සප්පාදයො ඩංසන්ති, අයං සරීසපන්තරායො. භික්ඛු ගිලානො වා හොති, කාලං වා කරොති, වෙරිනො වා තං මාරෙතුකාමා ගණ්හන්ති, අයං ජීවිතන්තරායො. මනුස්සා එකං වා බහූ වා භික්ඛූ බ්රහ්මචරියා චාවෙතුකාමා ගණ්හන්ති, අයං බ්රහ්මචරියන්තරායො. එවරූපෙසු අන්තරායෙසු සංඛිත්තෙන පාතිමොක්ඛො උද්දිසිතබ්බො , පඨමො වා උද්දෙසො උද්දිසිතබ්බො, ආදිම්හි ද්වෙ තයො චත්තාරො වා. එත්ථ ච දුතියාදීසු උද්දෙසෙසු යස්මිං අපරියොසිතෙ අන්තරායො හොති, සොපි සුතෙනෙව සාවෙතබ්බො.
“සවරභයං” වනවැසි මිනිසුන්ගෙන් වනබියක්. “රාජන්තරායො” යනාදි තන්හි භික්ෂූන් ‘පොහොය කරන්නෙමු’යි හුන් කල්හි රජතෙමේ ඒනම්, මේ රාජන්තරාය නම. සොරු එත්නම් මේ චොරන්තරාය නම. ලැවුගින්නක් හෝ වේද, ආවාසයෙහි හෝ ගිනි නගීද, මේ අග්ගන්තරාය නම. මෙඝයක් හෝ නගීද, දියසැඩපහරක් හෝ ඒද, මේ උදකන්තරාය නම. බොහෝ මිනිස්සු එත්ද, මේ මනුස්සන්තරාය නම. ව්යාඝ්රදිචණ්ඩ මෘගයෝ එත්ද, මේ වාළන්තරාය නම. සර්පාදීහු මහණකු දෂ්ටකෙරෙත්ද, මේ සිරීංසපන්තරාය නම. මහණෙක් ගිලන් හෝ වේද, කලුරිය හෝ කෙරේද, වෛරීහු හෝ ඔහු මරනු කැමැත්තාහු අල්ලා ගනිත්ද, මේ ජීවිතන්තරාය නම. මිනිස්සු එක් මහණකු හෝ බොහෝ මහණුන් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් ච්‍යුත කරනු කැමැත්තාහු ගනිත්ද, මේ බ්රහ්මචරියන්තරාය නම. මෙබඳු අන්තරායයන්හි ප්රාතිමොක්ෂය සැකෙවින් දෙසිය යුතුය. ප්‍රථම උද්දෙසය හෝ උදෙසිය යුතුය. ආදියෙහි දෙකක් තුනක් සතරක් හෝ දෙසිය යුතුය. මේ ප්රාතිමොක්ෂාද්දෙශිනාධිකාරයෙහි ද්විතීයාදි උද්දෙශයන් අතුරෙහි යම් උද්දෙශයක් නොනිමි කල්හි දශවිධ අන්තරායයන් අතුරෙහි යම් අන්තරායක් වේද, ඒ නොනිමි උද්දෙසයද ශ්‍රැතයෙන් ඇස්විය යුතුය.
අනජ්ඣිට්ඨාති අනාණත්තා අයාචිතා වා. අජ්ඣෙසනා චෙත්ථ සඞ්ඝෙන සම්මතධම්මජ්ඣෙසකායත්තා වා සඞ්ඝත්ථෙරායත්තා වා, තස්මිං ධම්මජ්ඣෙසකෙ අසති සඞ්ඝත්ථෙරං ආපුච්ඡිත්වා වා තෙන යාචිතො වා භාසිතුං ලභති. සඞ්ඝත්ථෙරෙනාපි සචෙ විහාරෙ බහූ ධම්මකථිකා හොන්ති, වාරපටිපාටියා වත්තබ්බා – “ත්වං ධම්මං භණ, ධම්මං කථෙහි, ධම්මදානං දෙහී”ති වා වුත්තෙන තීහිපි විධීහි ධම්මො භාසිතබ්බො. “ඔසාරෙහී”ති වුත්තො පන ඔසාරෙතුමෙව ලභති, “කථෙහී”ති වුත්තො කථෙතුමෙව, “සරභඤ්ඤං භණාහී”ති වුත්තො සරභඤ්ඤමෙව. සඞ්ඝත්ථෙරොපි ච උච්චතරෙ ආසනෙ නිසින්නො යාචිතුං න ලභති. සචෙ උපජ්ඣායො චෙව සද්ධිවිහාරිකො ච හොන්ති, උපජ්ඣායො ච නං උච්චාසනෙ නිසින්නො “භණාහී”ති වදති, සජ්ඣායං අධිට්ඨහිත්වා භණිතබ්බං. සචෙ පනෙත්ථ දහරා භික්ඛූ හොන්ති, තෙසං “භණාමී”ති භණිතබ්බං.
“අනජ්ඣිට්ඨා” නොඅණවන ලද්දහු, නොයදින ලද්දාහු හෝ මෙහිද ආරාධනාව සඞ්ඝයා විසින් සම්මතකරණලද ධර්මාරාධකයාහට අයත්වූවා හෝ සඞ්ඝ ස්ථවිරයන්හට අයත්වූවා හෝය. ඒ ධර්මාරාධකයකු නැති කල්හි සඞ්ඝස්ථවිරයන් විචාරා හෝ ඔහු විසින් යාඥා කරණ ලද්දේ හෝ දහම් දෙසන්නට ලබයි. විහාරයෙහි බොහෝ ධර්මකථිකයෝ වෙත්නම්, සංඝස්ථවිර තෙමේද, වාරපිළිවෙළින් කියයුත්තාහ. ‘තෝ බණදෙසව, ධර්මදානය දෙව’යි හෝ කියනලද්දාහු විසින් ඔසාරණ, කථන, සරභඤ්ඤ යන මේ ත්රිවිධවූද විධියෙන් දහම් දෙසිය යුතුය. ‘පෙළකියව’යි කියන ලද්දේ පෙළ කීමම, අර්ත්ථ කියව’යි කියන ලද්දේ අර්ත්ථ කීමම ස්වරයෙන් කියව’යි කියන ලදුයේ ස්වරයෙන් කීමම ලබයි. සංඝස්ථවිර තෙමේද, ඉතා උස් අසුනෙක හුන්නේ යාඥාකිරීම නොලබයි. උපාද්ධ්‍යාය තෙමේද, සද්ධිවිහාරික තෙමේද යන මොවුහු වෙත්නම්, උපාද්ධ්‍යාය තෙමේද, උස් අසුනෙක හුන්නේ ඒ අතවැසියාහට කියව’යි කියාද සජ්ඣායනය ඉටා බිණිය යුතුය. මෙහි ලදරු භික්ෂූහු වෙත්ද, ඔවුනට කියමි’යි කියයුතුයි.
සචෙ විහාරෙ සඞ්ඝත්ථෙරො අත්තනොයෙව නිස්සිතකෙ භණාපෙති, අඤ්ඤෙ මධුරභාණකෙපි නාජ්ඣෙසති, සො අඤ්ඤෙහි වත්තබ්බො – “භන්තෙ අසුකං නාම භණාපෙමා”ති. සචෙ “භණාපෙථා”ති වා වදති, තුණ්හී වා හොති, භණාපෙතුං වට්ටති. සචෙ පන පටිබාහති, න භණාපෙතබ්බං. යදි අනාගතෙයෙව සඞ්ඝත්ථෙරෙ ධම්මසවනං ආරද්ධං, පුන ආගතෙ ඨපෙත්වා ආපුච්ඡනකිච්චං නත්ථි. ඔසාරෙත්වා පන කථෙන්තෙන ආපුච්ඡිත්වා වා අට්ඨපෙත්වායෙව වා කථෙතබ්බං, කථෙන්තස්ස පුන ආගතෙපි එසෙව නයො.
ඉදින් විහාරයෙහි සඞ්ඝස්ථවිර තෙමේ තමන්ගේම අතවැසියන් ලවා කියවාද, අන්‍ය වූ මධුරභාණකයන් ලවා නොහදාරවාද, එකල්හි හෙතෙමේ අන්‍යයන් විසින් ‘ස්වාමීනි’ අසුවලා ලවා කියවමු’යි කියයුතුය. ඉදින් කියවාලවු’යි හෝ කියාද, තුෂ්ණීම්භුත හෝ වේද, කියවාලන්නට වටියි. ප්‍රතිබාහනය කෙරේනම්, නොබිණවිය යුතුය. සඞ්ඝ ස්ථවිරයන් නොපැමිණි කල්හි නවතා විචාරීම් කිසෙක් නැත්තේය. පළමුකොට පෙළ කියවා පසුව අර්ත්ථ කියන්නහු විසින් විචාරා හෝ නොතබාම හෝ කියයුතුය. කියද්දී නැවත පැමිණි කල්හිද මෙම නය වේ.
උපනිසින්නකථායපි සඞ්ඝත්ථෙරොව සාමී, තස්මා තෙන සයං වා කථෙතබ්බං, අඤ්ඤො වා භික්ඛු “කථෙහී”ති වත්තබ්බො, නො ච ඛො උච්චතරෙ ආසනෙ නිසින්නෙන. මනුස්සානං පන “භණාහී”ති වත්තුං වට්ටති. මනුස්සා අත්තනො ජානනකභික්ඛුං ආපුච්ඡන්ති, තෙන ථෙරං ආපුච්ඡිත්වා කථෙතබ්බං. සචෙ සඞ්ඝත්ථෙරො “භන්තෙ ඉමෙ පඤ්හං පුච්ඡන්තී”ති පුට්ඨො “කථෙහී”ති වා භණති, තුණ්හී වා හොති, කථෙතුං වට්ටති. අන්තරඝරෙ අනුමොදනාදීසුපි එසෙව නයො. සචෙ සඞ්ඝත්ථෙරො විහාරෙ වා අන්තරඝරෙ වා “මං අනාපුච්ඡිත්වාපි කථෙය්යාසී”ති අනුජානාති, ලද්ධකප්පියං හොති, සබ්බත්ථ වත්තුං වට්ටති.
වෙත හුන්නහුට කියන ධර්මථාවෙහිද සඞ්ඝ ස්ථවිරතෙමේම ස්වාමි වේ. එහෙයින් ඒ සඞ්ඝස්ථවිරයන් විසින් තමන් විසින්ම කියයුතුය. අන් කිසි මහණක්හට හෝ කියව’යි කියයුතුය. ඉතා උස් අසුනෙක හුන්නහු විසින් මිනිසුන්ට කියව’යි කියන්නට නොවටීමය. මිනිස්සු තමන් දන්නා අඳුනන මහණකු විචාරත්ද, ඔහු විසින් තෙරුන් විචාරා කියයුතුය. සඞ්ඝ ස්ථවිරතෙමේ ‘ස්වාමීනි’ මොවුහු ප්‍රශ්න විචාරත්’යි විචාරණ ලද්දේ ‘කියව’යි හෝ කියානම්, තුෂ්ණීම්භූත හෝ වේනම්, කීම වටියි. ඇතුළුගෙයි අනුමොදනාවන්හිද මෙම නය වේ. සඞ්ඝ ස්ථවිරතෙමේ විහාරයෙහි හෝ ඇතුළුගෙයි හෝ මානොවිචාරාද, කියව’යි අනුදනීනම්, ලබන ලද්ද කැපවේ. සියලු තන්හි කීම වටියි.
සජ්ඣායං කරොන්තෙනාපි ථෙරො ආපුච්ඡිතබ්බොයෙව. එකං ආපුච්ඡිත්වා සජ්ඣායන්තස්ස අපරො ආගච්ඡති, පුන ආපුච්ඡනකිච්චං නත්ථි. සචෙ විස්සමිස්සාමීති ඨපිතස්ස ආගච්ඡති, පුන ආරභන්තෙනාපි ආපුච්ඡිතබ්බං. සඞ්ඝත්ථෙරෙ අනාගතෙයෙව ආරද්ධං සජ්ඣායන්තස්සාපි එසෙව නයො. එකෙන සඞ්ඝත්ථෙරෙන “මං අනාපුච්ඡාපි යථාසුඛං සජ්ඣායාහී”ති අනුඤ්ඤාතෙ යථාසුඛං සජ්ඣායිතුං වට්ටති. අඤ්ඤස්මිං පන ආගතෙ තං ආපුච්ඡිත්වාව සජ්ඣායිතබ්බං.
සජ්ඣායනය කරන්නහු විසින්ද, තමාට වැඩිමහලු ස්ථවිරනමක් විචාළ යුතුය. එක් වෘද්ධතරයකු විචාරා හදාරණකල්හි ඔහුටද වඩා වෘද්ධතර වූ අනිකෙක් ඒද, විචාරණ කෘත්‍යයක් නැත්තේය. ‘විඩා හරින්නෙමි’යි තැබූකල්හි ඒද, නැවත අරඹන්නහු විසින්ද විචාළ යුතුය. සඞ්ඝ ස්ථවිරයන් නොආකල්හිම පටන් ගන්නා ලද්දක් හදාරණ කල්හිද, මෙම නය වේ. එක් සඞ්ඝ ස්ථවිරයකු විසින් ‘මා නොවිචාරාද, සැපසේ හදාරව’යි අනුදත්කල්හි සැපසේ හැදෑරීම වටියි. අනිකකු ආකල්හි ඔහු විචාරාම හැදෑරිය යුතුය.
අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බංති අත්තනා වා අත්තා සම්මන්නිතබ්බො; පුච්ඡන්තෙන පන පරිසං ඔලොකෙත්වා සචෙ අත්තනො උපද්දවො නත්ථි, විනයො පුච්ඡිතබ්බො.
“අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං” තමන් විසින්ම තමා සම්මත කටයුතුය. විනය විචාරන්නහු විසින් පිරිස බලා තමාට උපද්‍රවයෙක් නැත්නම්, විනය විචාළ යුතුය.
කතෙපි ඔකාසෙ පුග්ගලං තුලයිත්වාති “අත්ථි නු ඛො මෙ ඉතො උපද්දවො, නත්ථී”ති එවං උපපරික්ඛිත්වා. පුරම්හාකන්ති පඨමං අම්හාකං. පටිකච්චෙවාති පඨමතරමෙව. පුග්ගලං තුලයිත්වා ඔකාසං කාතුන්ති “භූතමෙව නු ඛො ආපත්තිං වදති, අභූත”න්ති එවං උපපරික්ඛිත්වා ඔකාසං කාතුං අනුජානාමීති අත්ථො.
“කතෙපි ඔකාසෙ පුග්ගලං තුලයිත්වා” මට මෙයින් උපද්‍රවයක් ඇත්තේද නැත්තේදැ’යි මෙසේ පරීක්ෂා කොට, “පුග්ගලං තුලයිත්වා ඔකාසං කාතුං” විද්‍යාමාන වූ ඇවැතක් කියාද, අවිද්‍යාමාන වූ ඇවැතක් කියාදැ’යි මෙසේ පරීක්ෂාකොට අවකාශ කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.
අධම්මකම්මපටික්කොසනාදිකථා
අධම්මකම්මපටික්කොසනාදිකථා
අධම්මකම්මං වුත්තනයමෙව. පටික්කොසිතුන්ති වාරෙතුං. දිට්ඨිම්පි ආවිකාතුන්ති “අධම්මකම්මං ඉදං න මෙ ඛමතී”ති එවං අඤ්ඤස්ස සන්තිකෙ අත්තනො දිට්ඨිං පකාසෙතුං. චතූහි පඤ්චහීතිආදි තෙසං අනුපද්දවත්ථාය වුත්තං. සඤ්චිච්ච න සාවෙන්තීති යථා න සුණන්ති එවං භණිස්සාමාති සඤ්චිච්ච සණිකං උද්දිසන්ති.
අධර්‍මකර්‍මය කියූනයමය. “පටික්කොසිතුං” වළකාලන්නට. “දිට්ඨිම්පි” මේ අධර්‍මකර්‍මය මට නොරුස්නේය’යි මෙසේ අනිකක්හුගේ සමීපයෙහි තමාගේ දෘෂ්ටිය ප්‍රකාශ කරන්නට. “චතුහි පඤ්චෙහි” යනාදිය ඔවුන්ට උපද්‍රවයක් නොවනු පිණිස වදාරණ ලදී. [missing trans]
ථෙරාධිකන්ති ථෙරාධීනං; ථෙරායත්තං භවිතුන්ති අත්ථො. “ථෙරාධෙය්ය”න්තිපි පාඨො, තස්මා ථෙරෙන සයං වා උද්දිසිතබ්බං, අඤ්ඤො වා අජ්ඣෙසිතබ්බො. අජ්ඣෙසනවිධානඤ්චෙත්ථ ධම්මජ්ඣෙසනෙ වුත්තනයමෙව. සො න ජානාති උපොසථං වාතිආදීසු චාතුද්දසිකපන්නරසිකභෙදෙන දුවිධං, සඞ්ඝඋපොසථාදිභෙදෙන නවවිධඤ්ච උපොසථං න ජානාති, චතුබ්බිධං උපොසථකම්මං න ජානාති, දුවිධං පාතිමොක්ඛං න ජානාති, නවවිධං පාතිමොක්ඛුද්දෙසං න ජානාති. යො තත්ථ භික්ඛු බ්යත්තො පටිබලොති එත්ථ කිඤ්චාපි දහරස්සාපි බ්යත්තස්ස පාතිමොක්ඛො අනුඤ්ඤාතො. අථ ඛො එත්ථ අයමධිප්පායො. සචෙ ථෙරස්ස පඤ්ච වා චත්තාරො වා තයො වා පාතිමොක්ඛුද්දෙසා නාගච්ඡන්ති; ද්වෙ පන අඛණ්ඩා සුවිසදා වාචුග්ගතා හොන්ති, ථෙරායත්තොව පාතිමොක්ඛා. සචෙ පන එත්තකම්පි විසදං කාතුං න සක්කොති, බ්යත්තස්ස භික්ඛුනො ආයත්තො හොති.
“ථෙරාධිකං” තෙරුන්ට අයත්ය. තෙරුන්ට අයත්වන්නටය යන අර්‍ත්‍ථයි. “ථෙරධෙය්යං” යනුද පාඨයෙක් වේ. මෙහිද, අජ්ඣෙසනවිධානය ධම්මජ්ඣෙසනයෙහි කියූ නයම වේ. “සො න ජානානි උපොසථං වා” යනාදි තන්හි චාතුද්දසිකපණ්ණරසික භෙදයෙන් දෙවැදෑරුම්වූද සඞ්ඝඋපොසථාදිභෙදයෙන් සඞ්ඝගණ-පුද්ගල-සුත්තුද්දෙස-පාරිසුද්ධි-අධිට්ඨාන, චාතුද්දසි-පණ්ණරසී-සාමග්ගී වසයෙන් නවවැදෑරුම් වූ උපොසථය නොදනීද, අධර්මයෙන් වර්ග උපොසථකර්ම, අධර්මයෙන් සමග්‍ර උපොසථකර්ම-ධර්මයෙන් වර්ග උපොසථකර්ම ධර්මයෙන් සමග්‍ර උපොසථකර්මයි සිවුවැදෑරුම් වූ උපොසථ කර්මය නොදනීද, භික්ෂු ප්රාතිමොක්ෂ - භික්ෂුණී ප්රාතිමොක්ෂයි දෙවැදෑරුම් වූ ප්රාතිමොක්ෂය නොදනීද, මහණුන්ට පස්වැදෑරුම් වූ අනියතුද්දෙසය හැර මෙහෙණන්ට සිවුවැදෑරුම් වූ නවවැදෑරුම් වූ ප්රාතිමොක්ෂාද්දෙශය නොදනීද, “යො තත්ථ භික්ඛු ව්යත්තො පටිබලො” යන මෙහි කිසිසේත් ව්‍යක්ත වූ ලදරු මහණහුටද ප්රාතිමොක්ෂය අනුදන්නා ලදී. එහෙත් මෙහි මේ මතු කියනු ලබන්නේ අදහසය. තෙරුන්හට ප්රාතිමොක්ෂාද්දෙශ පස හෝ සතරක් හෝ තුනක් හෝ ප්‍රගුණ වශයෙන් නොපැමිණෙත්ද, දෙකක් වනාහි අඛණ්ඩව මනාකොට විශදව වාචොද්ගත වේද, ප්රාතිමොක්ෂය තෙරුන් අයත්මය. මෙපමණකුත් පැතිරීම කරන්නට නොහැක්කේද, එකල්හි ව්‍යක්ත භික්ෂූනට අයත්වූයේ වේ.
සාමන්තා ආවාසාති සාමන්තං ආවාසං. සජ්ජුකන්ති තදහෙව ආගමනත්ථාය. නවං භික්ඛුං ආණාපෙතුන්ති එත්ථ යො සක්කොති උග්ගහෙතුං, එවරූපො ආණාපෙතබ්බො, න බාලො.
“සාමන්තා ආවාසං” සමීප ආවාසයකට. “සජ්ජුකං” එදවස්හිම ඊම පිණිස. “නවං භික්ඛුං ආණාපෙතූං” මෙහි යම් මහණෙක් ඉගෙන ගන්නට හැක්කේද, මෙබඳු වූවෙක් ඇණවිය යුතුය. අඥවූ මහණෙක් නොඇණවිය යුතුය.
පක්ඛගණනාදිඋග්ගහණානුජානනකථා
පක්ඛගණනාදිඋග්ගහණානුජානනකථා
කතිමී භන්තෙති එත්ථ කතීනං පූරණීති කතිමී. කාලවතොති කාලස්සෙව; පගෙවාති අත්ථො.
“කතමී භන්තෙ” මෙහි කීයකගේ පිරීමෙක්දැයි කතමී නම. “කාලවතො” උදෑසනම පළමුකොට යන අර්‍ත්‍ථයි.
යං කාලං සරතීති එත්ථ සායම්පි “අජ්ජුපොසථො සමන්නාහරථා”ති ආරොචෙතුං වට්ටති.
“යං කාලං සරති” මෙහි සවසද ‘අද උපොසථය සලකවු’යි සැලකිරීම වටියි.
ථෙරෙන භික්ඛුනා නවං භික්ඛුං ආණාපෙතුන්ති එත්ථාපි කිඤ්චි කම්මං කරොන්තො වා සදාකාලමෙව එකො වා භාරනිත්ථරණකො වා සරභාණකධම්මකථිකාදීසු අඤ්ඤතරො වා න උපොසථාගාරසම්මජ්ජනත්ථං ආණාපෙතබ්බො, අවසෙසා පන වාරෙන ආණාපෙතබ්බා. සචෙ ආණත්තො සම්මුඤ්ජනිං තාවකාලිකම්පි න ලභති, සාඛාභඞ්ගං කප්පියං කාරෙත්වා සම්මජ්ජිතබ්බං, තම්පි අලභන්තස්ස ලද්ධකප්පියං හොති.
“ථෙරෙන භික්ඛුනා නවං භික්ඛු ආණාපෙතුං” මෙහිද කිසි කර්මාන්තයක් කරන්නෙක් හෝ හැම කල්හි එකලාවූවෙක් හෝ සඞ්ඝයාගේ බර උසුලන්නෙක් හෝ සරභාණකධම්මකථිකාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ පොහෝ ගෙය අමදිනු පිණිස නොඇණවිය යුතුය. සෙස්සෝ වාර විසින් ඇණවිය යුත්තාහ. අණවන ලදුයේ මුසුනක් තාවකාලික කොටත් නොලබානම්, කොළඅතු කැපකරවා හැමදිය යුතුය. කොළ අතුද, නොලබන්නහුට ලැබුනක් කැපවේ.
ආසනපඤ්ඤාපනාණත්තියම්පි වුත්තනයෙනෙව ආණාපෙතබ්බො. ආණත්තෙන ච සචෙ උපොසථාගාරෙ ආසනානි නත්ථි, සඞ්ඝිකාවාසතොපි ආහරිත්වා පඤ්ඤපෙත්වා පුන ආහරිතබ්බානි. ආසනෙසු අසති කටසාරකෙපි තට්ටිකායොපි පඤ්ඤපෙතුං වට්ටති, තට්ටිකාසුපි අසති සාඛාභඞ්ගානි කප්පියං කාරෙත්වා පඤ්ඤපෙතබ්බානි, කප්පියකාරකං අලභන්තස්ස ලද්ධකප්පියං හොති.
අසුන් පැණවීම් ඇණවීමෙහිද හැමදීම ඇණවීමෙහි කියූනයින්ම තෙරුන් විසින් ඇණවිය යුතුය. අණවන ලද්දහු විසින්ද උපොසථාගාරයෙහි අසුන් නැත්තේනම්, සඞ්ඝික ආවාසයකින්ද ගෙණ අවුත් පණවා නැවත ගෙන තැබිය යුතුය. අසුන් නැතිකල්හි කළාල්ද තටුද පැණවීම වටියි. තටු නැති කල්හි කොළ අතු කැප කරවා පැණවිය යුතුය. කැප කරන්නෙකු නොලබන්නහුට ලැබුනක් කැපවේ.
පදීපකරණෙපි වුත්තනයෙනෙව ආණාපෙතබ්බො. ආණාපෙන්තෙන ච “අමුකස්මිං නාම ඔකාසෙ තෙලං වා වට්ටි වා කපල්ලිකා වා අත්ථි, තං ගහෙත්වා කරොහී”ති වත්තබ්බො. සචෙ තෙලාදීනි නත්ථි, පරියෙසිතබ්බානි, පරියෙසිත්වා අලභන්තස්ස ලද්ධකප්පියං හොති. අපිච කපාලෙ අග්ගිපි ජාලෙතබ්බො.
පහන් දැල්වීමෙහිද කියූ නයින්ම ඇණවිය යුතුය. අණවන්නහු විසින්ද ‘අසුවල්නම් අවකාශයෙහි තෙල්ද වැටිද තෙල්කබලද ඇත්තාහ. ඒ ගෙන පහන් දල්ව’යි කියයුතුය. තෙල් ආදිය නැත්තේනම් සෙවිය යුතුය. සොයා නොලබන්නහුට ලැබුනක් කැපවේ. එහෙත් කබලෙක්හි ගිනිද දැල්විය යුතුය.
දිසංගමිකාදිවත්ථුකථා
දිසංගමිකාදිවත්ථුකථා
සඞ්ගහෙතබ්බොති “සාධු භන්තෙ ආගතාත්ථ, ඉධ භික්ඛා සුලභා සූපබ්යඤ්ජනං අත්ථි, වසථ අනුක්කණ්ඨමානා”ති එවං පියවචනෙන සඞ්ගහෙතබ්බො. පුනප්පුනං තථාකරණවසෙන අනුග්ගහෙතබ්බො. “ආම වසිස්සාමී”ති පටිවචනදාපනෙන උපලාපෙතබ්බො. අථ වා චතූහි පච්චයෙහි සඞ්ගහෙතබ්බො චෙව අනුග්ගහෙතබ්බො ච. පියවචනෙන උපලාපෙතබ්බො, කණ්ණසුඛං ආලපිතබ්බොති අත්ථො. චුණ්ණාදීහි උපට්ඨාපෙතබ්බො. ආපත්ති දුක්කටස්සාති සචෙ සකලොපි සඞ්ඝො න කරොති, සබ්බෙසං දුක්කටං. ඉධ නෙව ථෙරා න දහරා මුච්චන්ති, සබ්බෙහි වාරෙන උපට්ඨාපෙතබ්බො. අත්තනො වාරෙ අනුපට්ඨහන්තස්ස ආපත්ති. තෙන පන මහාථෙරානං පරිවෙණසම්මජ්ජනදන්තකට්ඨදානාදීනි න සාදිතබ්බානි. එවම්පි සති මහාථෙරෙහි සායංපාතං උපට්ඨානං ආගන්තබ්බං. තෙන පන තෙසං ආගමනං ඤත්වා පඨමතරං මහාථෙරානං උපට්ඨානං ගන්තබ්බං. සචස්ස සද්ධිංචරා භික්ඛුඋපට්ඨාකා අත්ථි, “මය්හං උපට්ඨාකා අත්ථි, තුම්හෙ අප්පොස්සුක්කා විහරථා”ති වත්තබ්බං. අථාපිස්ස සද්ධිංචරා නත්ථි, තස්මිංයෙව පන විහාරෙ එකො වා ද්වෙ වා වත්තසම්පන්නා වදන්ති “මයං ථෙරස්ස කත්තබ්බං කරිස්සාම, අවසෙසා ඵාසු විහරන්තූ”ති සබ්බෙසං අනාපත්ති.
“සඞ්ගහෙතබ්බො” ‘ස්වාමීනි’ මැනැව, ආයෙහි මෙහි භික්ෂාසුලභය. සූපව්‍යඤ්ජන ඇත්තේය, උකටලී නොව වසනු මැනවැ’යි මෙසේ ප්‍රියවචනයෙන් සඞ්ග්‍රහ කටයුතුය. නැවත නැවත එසේ කිරීම් වසයෙන් අනුග්‍රහ කටයුතුය. ‘එසේය වසන්නෙමි’යි පිළිවදන් දීමෙන් ප්‍රියවචනයෙන් කතාකළ යුතුය. නොහොත් සිවුපසයෙන් සඞ්ග්රහද කටයුත්තේය. අනුග්‍රහද කටයුත්තේය. ප්‍රියවචනයෙන් කතා කළයුත්තේය. කණට සැප පරිද්දෙන් බිණිය යුත්තේය, යන අර්‍ත්‍ථයි. දියනෑමට දියයුතු සුණු ආදිය දීමෙන් උපස්ථාන කටයුත්තේය. “ආපත්ති දුක්කටස්ස” සියලු සඞ්ඝතෙමේ නොකෙරේ නම් සියල්ලන්ට දුක්කටය වේ. මෙහි තෙරහුද ඇවැතින් නොමිදෙත්මය. ලදරුමහණෝද ඇවැතින් නොමිදෙත්. සියල්ලන් විසින් දවසින් දවස උපස්ථාන කටයුතුය. තමන්ගේ වාරයෙහි උපස්ථාන නොකරන මහණහට ඇවැත් වේ. ඔහු විසින් වනාහි මහතෙරුන්ගේ පිරිවෙන් හැමඳීම් දැහැටිදඬු දීම් ආදිය නොඉවසිය යුතුය. මෙසේ ඇති කල්හිද මහතෙරුන් විසින් උදය සවස උපස්ථානයට ආයුතුය. ඔහු විසින් ඒ මහතෙරුන්ගේ ඊම දැන ඉතා පළමුකොට මහතෙරුන්ගේ උපස්ථානයට යායුතුය. ඉදින් මොහු සමග හැසිරෙන උපස්ථානයට යායුතුය. ඉදින් මොහුට සමග හැසිරෙණ උපස්ථායක භික්ෂූහු ඇත්තාහුද, “මට උපස්ථායකයෝ ඇත්තාහ. ඔබවහන්සේලා අල්පොත්සාහීව වසවු’යි කියයුතුය. තවද මොහු සමඟ හැසිරෙන භික්ෂූහු නැත්තාහුද, එම විහාරයෙහි එකෙක් හෝ දෙදෙනෙක් හෝ වතින් යුක්ත වූ භික්ෂූහු ‘අපි තෙරුන්ට කටයුතු කරන්නෙමු. සෙස්සෝ සැපයේ වෙසෙත්වා කියත්ද, සියල්ලන්ට ඇවැත් නොවේ.
සො ආවාසො ගන්තබ්බොති උපොසථකරණත්ථාය අන්වද්ධමාසං ගන්තබ්බො. සො ච ඛො උතුවස්සෙයෙව, වස්සානෙ පන යං කත්තබ්බං, තං දස්සෙතුං “වස්සං වසන්ති බාලා අබ්යත්තා”තිආදිමාහ. තත්ථ න භික්ඛවෙ තෙහි භික්ඛූහි තස්මිං ආවාසෙ වස්සං වසිතබ්බන්ති පුරිමිකාය පාතිමොක්ඛුද්දෙසකෙන විනා න වස්සං උපගන්තබ්බං. සචෙ සො වස්සූපගතානං පක්කමති වා, විබ්භමති වා, කාලං වා කරොති, අඤ්ඤස්මිං සතියෙව පච්ඡිමිකාය වසිතුං වට්ටති, අසති අඤ්ඤත්ථ ගන්තබ්බං, අගච්ඡන්තානං දුක්කටං. සචෙ පන පච්ඡිමිකාය පක්කමති වා විබ්භමති වා කාලං වා කරොති, මාසද්වයං වසිතබ්බං.
“යො ආවාසො ගන්තබ්බො” පොහොය කිරීම පිණිස අඩමසක් පාසා යායුතුය. එය වනාහි හෙමන්ත ග්‍රීෂ්ම සෘතුදෙක්හිමය. වර්ෂා ඍතුවෙහි වනාහි යමක් කටයුතුද, එය දක්වනු පිණිස “වස්සං වසන්ති බාලා අව්යත්තා” යනාදිය වදාළසේක. එහි අනුඥාතාධිකාරයෙහි “න භික්ඛවෙ තෙහි භික්ඛූහි තස්මිං ආවාසෙ වස්සං වසිතබ්බං” පෙර වසෙහි පාමොක් උදෙසන්නකු නැතිව වස්නොඑළැඹිය යුතුය. ඉදින් ඒ ප්රාතිමොක්ෂාද්දෙශක තෙමේ වස් එළැඹියවුන් අතුරෙන් යන්නේ හෝ සිවුරු හෝ හරීද, කලුරිය හෝ කෙරේද, කියූ ලක්ෂණයෙන් යුත් ව්‍යක්ත වූ අන් මහණකු ඇති කල්හිම පසුවස් විසීම වටියි. නැතිකල්හි අන්තැනකට යායුතුය. නොයන්නවුන්ට දුක්කටය වේ. පසුවසෙහි එහි විසූ ව්‍යක්ත වූ මහණතෙමේ බැහැර හෝ යේද, සිවුරු හෝ හරීද, කලුරිය හෝ කෙරේද, දෙමසක් විසිය යුතුය.
පාරිසුද්ධිදානකථා
පාරිසුද්ධිදානකථා
කායෙන විඤ්ඤාපෙතීති පාරිසුද්ධිදානං යෙන කෙනචි අඞ්ගපච්චඞ්ගෙන විඤ්ඤාපෙති ජානාපෙති; වාචං පන නිච්ඡාරෙතුං සක්කොන්තො වාචාය විඤ්ඤාපෙති; උභයථා සක්කොන්තො කායවාචාහි. සඞ්ඝෙන තත්ථ ගන්ත්වා උපොසථො කාතබ්බොති සචෙ බහූ තාදිසා ගිලානා හොන්ති, සඞ්ඝෙන පටිපාටියා ඨත්වා සබ්බෙ හත්ථපාසෙ කාතබ්බා. සචෙ දූරෙ දූරෙ හොන්ති, සඞ්ඝො නප්පහොති, තං දිවසං උපොසථො න කාතබ්බො, නත්වෙව වග්ගෙන සඞ්ඝෙන උපොසථො කාතබ්බො.
“කායෙන විහිඤ්ඤාපෙති” පාරිශුද්ධිදානය යම්කිසි අඞ්ග ප්රත්යඞ්ගයකින් හඟවාද, දන්වාද, වචනය වනාහි නිකුත් කිරීමට හැකිවනුයේ වචනයෙන් හඟවයි. දෙයාකාරයෙන් හැකිවනුයේ කය වචනයෙන් හඟවයි. “සඞ්ඝෙන තත්ථ ගනත්වා උපොසථො කාතබ්බො” එබඳු බොහෝ ගිලන්හු වෙත්ද, සඞ්ඝයා විසින් පිළිවෙළින් සිට සියලු දෙන අත්පසෙහි කටයුතුය. ඉදින් දුර දුර වෙත්නම්, සඞ්ඝ නොපොහොනේනම්, එදවස පොහොය නොකටයුතුය. වර්ග සඞ්ඝයා විසින් උපොසථය නොමකටයුතුය.
තත්ථෙව පක්කමතීති සඞ්ඝමජ්ඣං අනාගන්ත්වා තතොව කත්ථචි ගච්ඡති. සාමණෙරො පටිජානාතීති “සාමණෙරො අහ”න්ති එවං පටිජානාති; භූතංයෙව වා සාමණෙරභාවං ආරොචෙති, පච්ඡා වා සාමණෙරභූමියං තිට්ඨතීති අත්ථො. එස නයො සබ්බත්ථ.
“තත්ථෙව පක්කමති” සඟමැදට නොඅවුත් එතැනින්ම කිසිතැනක යේද, “සාමණෙරො පටිජානානි” “මම හෙරණැ’යි මෙසේ පිළිදන්වාද, විද්‍යමානවූම සාමණේරභාවය ආරොචනය කෙරේද, පසුව හෝ සාමණෙරභාවයෙහි සිටීද යන අර්‍ත්‍ථයි. හැමතන්හි හෙවත් “තත්ථෙව විබ්භමති” යනාදි තන්හි මේනය වේ.
සඞ්ඝප්පත්තො පක්කමතීති සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන උපොසථත්ථාය සන්නිපතිතානං චතුන්නං භික්ඛූනං හත්ථපාසං පත්වා පක්කමති. එස නයො සබ්බත්ථ. එත්ථ ච එකෙන බහූනම්පි ආහටා පාරිසුද්ධි ආහටාව හොති. සචෙ පන සො අන්තරාමග්ගෙ අඤ්ඤං භික්ඛුං දිස්වා යෙසං අනෙන පාරිසුද්ධි ගහිතා, තෙසඤ්ච අත්තනො ච පාරිසුද්ධිං දෙති, තස්සෙව පාරිසුද්ධි ආගච්ඡති, ඉතරා පන බිලාළසඞ්ඛලිකපාරිසුද්ධි නාම හොති. සා න ආගච්ඡති.
“සඞ්ඝප්පත්තො පක්කමති” සියලු අන්තිම පිරිසිඳීමෙන් උපොසථය පිණිස රැස්වූ මහණුන් සතර නමක්හුගේ අත්පසට පැමිණ, බැහැර යේද, පාරිශුද්ධිය ගෙණ ආයේ නම. සියලු තන්හි මේනය වේ. මෙහිද එකෙකු විසින් බොහෝ දෙනාගේද පාරිශුද්ධිය ගෙන එන ලද්දීද, ගෙන එනලද්දීම වේ. ඉදින් යමෙක් තෙමේ අතරමග අන්මහනෙකු දැක යම් කෙනකුන්ගේ පාරිශුද්ධිය ඔහු විසින් ගන්නා ලද්දී ද, ඔවුන්ගේද තමන්ගේද පාරිශුද්ධිය දේද, ඔහුගේම පාරිශුද්ධිය එන්නීය. අනික් පාරිශුද්ධිය වනාහි බළලාගේ බෙල්ලෙහි බැඳි හැකිල්ල සමාන පාරිශුද්ධි නම් වන්නීය. හැකිල්ලෙන් බැඳි බළලා එන කල්හිම හැකිල්ලද එයි. නොඑනකල්හි ඔහු පිළිබඳ බැවින් නොඑයි. මේ පාරිශුද්ධියද එසේය යන අර්‍ත්‍ථයි. හැකිල්ලෙහි ප්‍රථම වලයම දෙවන වලයම කරා පැමිණෙයි. තෙවන වලයම කරා නොපැමිණෙයි. එසේයයි දවෙහි අදහස. ඒ පාරිශුද්ධිය නොඑන්නීය.
සුත්තො න ආරොචෙතීති ආගන්ත්වා සුපති, “අසුකෙන පාරිසුද්ධි දින්නා”ති න ආරොචෙති. පාරිසුද්ධිහාරකස්ස අනාපත්තීති එත්ථ සචෙ සඤ්චිච්ච නාරොචෙති, දුක්කටං ආපජ්ජති, පාරිසුද්ධි පන ආහටාව හොති. අසඤ්චිච්ච අනාරොචිතත්තා පනස්ස අනාපත්ති, උභින්නම්පි ච උපොසථො කතොයෙව හොති.
“සුත්තො න ආරොචෙති” අවුත් නිදාද, ‘ස්වාමිනි’ අසුවලා විසින් පාරිශුද්ධිය දෙනලද්දීයයි නොසැලකෙරේද, “පාරිසුද්ධිහාරකස්ස අනාපත්ති” මෙහි සිතා දැන නොසැලකෙරේද, දුක්කටයට පැමිණේ. පාරිශුද්ධිය ගෙන එන ලද්දීම වේ. නොසිතා ආරොචනය නොකළබැවින් මේ මහණහට ඇවැත් නොවේ. දෙදෙන විසින්ම උපොසථය කරන ලද්දේම වේ.
ඡන්දදානකථා
ඡන්දදානකථා
ඡන්දදානෙපි පාරිසුද්ධිදානෙ වුත්තසදිසොයෙව විනිච්ඡයො. පාරිසුද්ධිං දෙන්තෙන ඡන්දම්පි දාතුන්ති එත්ථ සචෙ පාරිසුද්ධිමෙව දෙති න ඡන්දං, උපොසථො කතො හොති. යං පන සඞ්ඝො අඤ්ඤං කම්මං කරොති, තං අකතං හොති. ඡන්දමෙව දෙති න පාරිසුද්ධිං, භික්ඛුසඞ්ඝස්ස උපොසථොපි කම්මම්පි කතමෙව හොති, ඡන්දදායකස්ස පන උපොසථො අකතො හොති. සචෙපි කොචි භික්ඛු නදියා වා සීමාය වා උපොසථං අධිට්ඨහිත්වා ආගච්ඡති, “කතො මයා උපොසථො”ති අච්ඡිතුං න ලභති, සාමග්ගී වා ඡන්දො වා දාතබ්බො.
ඡන්දදානයෙහිද විනිශ්චය තෙමේ පාරිශුද්ධිදානයෙහි කියන ලද්ද සමානම වූ විනිශ්චය වේ. “පාරිසුද්ධිං දෙන්තෙන ඡන්දම්පි දාතුං” මෙහි පාරිශුද්ධිය දේනම්, ඡන්දය නොදේනම්, උපොසථය කරන ලද්දේ වේ. සඞ්ඝතෙමේ යම් අනික් කර්මයක් එය නොකරන ලද්දේම වේ. ඡන්දය පමණක්ම දේද, පාරිශුද්ධිය නොදේද, භික්ෂු සඞ්ඝයාගේ උපොසථයද, සෙසු කර්මද කරණ ලද්දේම වේ. ඡන්දදායකයාගේ වනාහි උපොසථය නොකරන ලද්දේ වේ. ඉදින් කිසි මහණෙක් තෙමේ නදියක හෝ සීමාවක හෝ පොහොය ඉටා ඒද, ‘මා විසින් පොහොය කරන ලදැයි හිඳින්නට නොලබයි. සාමග්‍රිය හෝ ඡන්දය හෝ දියයුතුය.
සරතිපි උපොසථං නපි සරතීති එකදා සරති, එකදා න සරති. අත්ථි නෙව සරතීති යො එකන්තං නෙව සරති, තස්ස සම්මුතිදානකිච්චං නත්ථි. අනාගච්ඡන්තොපි කම්මං න කොපෙති.
[missing trans]
සඞ්ඝුපොසථාදිකථා
සඞ්ඝුපොසථාදිකථා
සො දෙසො සම්මජ්ජිත්වාති තං දෙසං සම්මජ්ජිත්වා, උපයොගත්ථෙ පච්චත්තං. පානීයං පරිභොජනීයන්තිආදි පන උත්තානත්ථමෙව . කස්මා පනෙතං වුත්තං? උපොසථස්ස පුබ්බකරණාදිදස්සනත්ථං. තෙනාහු අට්ඨකථාචරියා –
[missing trans]
“සම්මජ්ජනී පදීපො ච, උදකං ආසනෙන ච; උපොසථස්ස එතානි, පුබ්බකරණන්ති වුච්චති”.
ඉති ඉමානි චත්තාරි “පුබ්බකරණ”න්ති අක්ඛාතානි.
“ඡන්දපාරිසුද්ධිඋතුක්ඛානං, භික්ඛුගණනා ච ඔවාදො; උපොසථස්ස එතානි, පුබ්බකිච්චන්ති වුච්චති.
ඉති ඉමානි පඤ්ච පුබ්බකරණතො පච්ඡා කත්තබ්බානි “පුබ්බකිච්ච”න්ති අක්ඛාතානි.
“උපොසථො යාවතිකා ච භික්ඛූ කම්මප්පත්තා, සභාගාපත්තියො ච න විජ්ජන්ති; වජ්ජනීයා ච පුග්ගලා තස්මිං න හොන්ති, පත්තකල්ලන්ති වුච්චති”.
ඉති ඉමානි චත්තාරි “පත්තකල්ල”න්ති අක්ඛාතානීති.
තෙහි සද්ධින්ති තෙහි ආගතෙහි සද්ධිං එතානි පුබ්බකරණාදීනි කත්වා උපොසථො කාතබ්බො. අජ්ජ මෙ උපොසථොති එත්ථ සචෙ පන්නරසො හොති, “අජ්ජ මෙ උපොසථො පන්නරසො”තිපි අධිට්ඨාතුං වට්ටති. චාතුද්දසිකෙපි එසෙව නයො.
[missing trans]
ආපත්තිපටිකම්මවිධිකථා
ආපත්තිපටිකම්මවිධිකථා
භගවතා පඤ්ඤත්තං “න සාපත්තිකෙන උපොසථො කාතබ්බො”ති ඉදං “යස්ස සියා ආපත්තී”තිආදිවචනෙනෙව පාරිසුද්ධිදානපඤ්ඤාපනෙන ච පාරිසුද්ධිඋපොසථපඤ්ඤාපනෙන ච පඤ්ඤත්තං හොතීති වෙදිතබ්බං. ඉත්ථන්නාමං ආපත්තින්ති ථුල්ලච්චයාදීසු එකිස්සා නාමං ගහෙත්වා “ථුල්ලච්චයං ආපත්තිං පාචිත්තියං ආපත්ති”න්ති එවං වත්තබ්බං. තං පටිදෙසෙමීති ඉදං “තං තුම්හමූලෙ, තං තුය්හමූලෙ පටිදෙසෙමී”ති වුත්තෙපි සුවුත්තමෙව හොති. පස්සසීති ඉදඤ්ච “පස්සසි ආවුසො තං ආපත්තිං, පස්සථ භන්තෙ තං ආපත්ති”න්ති එවං වත්තබ්බං. ආම පස්සාමීති ඉදං පන “ආම භන්තෙ පස්සාමි, ආම ආවුසො පස්සාමී”ති එවං වුත්තම්පි සුවුත්තමෙව හොති. ආයතිං සංවරෙය්යාසීති එත්ථ පන සචෙ වුඩ්ඪතරො “ආයතිං සංවරෙය්යාථා”ති වත්තබ්බො. එවං වුත්තෙන පන “සාධු සුට්ඨු සංවරිස්සාමී”ති වත්තබ්බමෙව.
[missing trans] “තං තුය්හමූලෙ පටිදෙසෙමි”යි කියූකල්හි මොනවට කියන ලද්දේම වේ. “පස්සසි” මෙද තමහට වඩා නවකයක්හට නම්, “පස්සසි ආවුසො තං ආපත්තිං?”යිද, තමහට වඩා වැඩි මහල්ලෙකුහට නම්, “පස්සථ භන්තෙ තං ආපත්තිං”යි මෙසේ කියයුතුය. “ආම පස්සාමි” මෙය වනාහි “ආම භන්තෙ පස්සාමි”යිද, “ආම ආවුසො පස්සාමි”යිද මෙසේ කියන ලද්දේ ද මොනවට කියන ලද්දේ වේ. “ආයතිං සංවරෙය්‍යාසි” මෙහි වනාහි ඉදින් වෘද්ධතරයෙක් වේ නම්, “ආයතිං සංවරෙය්යාථ”යි කියයුතුය. මෙසේ කියූකල්හි “සාධු සුට්ඨු සංවරිස්සාමි” කියයුතුමය.
යදා නිබ්බෙමතිකොති එත්ථ සචෙ පනෙස නිබ්බෙමතිකො න හොති, වත්ථුං කිත්තෙත්වාව දෙසෙතුං වට්ටතීති අන්ධකට්ඨකථායං වුත්තං. තත්රායං දෙසනාවිධි – සචෙ මෙඝච්ඡන්නෙ සූරියෙ “කාලො නු ඛො නො”ති වෙමතිකො භුඤ්ජති, තෙන භික්ඛුනා “අහං භන්තෙ වෙමතිකො භුඤ්ජිං”, සචෙ කාලො අත්ථි, “සම්බහුලා දුක්කටා ආපත්තියො ආපන්නොම්හි, නො චෙ අත්ථි, “සම්බහුලා පාචිත්තියා ආපන්නොම්හී”ති එවං වත්ථුං කිත්තෙත්වා “අහං භන්තෙ යා තස්මිං වත්ථුස්මිං සම්බහුලා දුක්කටා වා පාචිත්තියා වා ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමී”ති වත්තබ්බං. එස නයො සබ්බාපත්තීසු.
“යදා නිබ්බෙමතිකො” මෙහි, ඉදින් මෙතෙමේ විමති නැත්තේ නොවේද, වස්තුව ප්රකාශකොටද දෙසිය යුතුයයි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. එහි මේ දෙසනාවිධියයි. හිරු මෙඝයෙන් වැසුනු කල්හි ‘කල්වේද, කල්නොවේද’යි විමති ඇත්තේ බුදීද, ඒ මහණහු විසින් “අහම්භන්තෙ වෙමතිකො භුඤ්ජිං” සචෙ කාලො අත්ථ සම්බහුලා දුක්කටා ආපත්තියො ආපන්නොම්හි නොචෙ අත්ථ සම්බහුලා පාචිත්තියා ආපන්නොම්හි’යි මෙසේ වස්තුව ප්‍රකාශ කොටද “අහම්භන්තෙ යා තස්මිං වත්ථුස්මිං සම්බහුලා දුක්කටා වා පාචිත්තියා වා ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි මෙසේ වස්තුව ප්රකාශනොකොටද, ඇවැත් දෙසිය යුතුය. සියලු ඇවැත්හි මේනය වේ.
න භික්ඛවෙ සභාගා ආපත්තීති එත්ථ යං ද්වෙපි ජනා විකාලභොජනාදිනා සභාගවත්ථුනා ආපත්තිං ආපජ්ජන්ති, එවරූපා වත්ථුසභාගා “සභාගා”ති වුච්චති. විකාලභොජනප්පච්චයා ආපන්නං පන අනතිරිත්තභොජනපච්චයා ආපන්නස්ස සන්තිකෙ දෙසෙතුං වට්ටති. යාපි චායං වත්ථුසභාගා, සාපි දෙසිතා සුදෙසිතාව. අඤ්ඤං පන දෙසනපච්චයා දෙසකො, පටිග්ගහණප්පච්චයා පටිග්ගහකො චාති උභොපි දුක්කටං ආපජ්ජන්ති, තං නානාවත්ථුකං හොති, තස්මා අඤ්ඤමඤ්ඤං දෙසෙතුං වට්ටති.
“න භික්ඛවෙ සභාගා ආපත්ති” මෙහි දෙදෙනම විකලභොජනාදිවූ සභාග වස්තු කරණකොට යම් ඇවැතකට පැමිණෙත්ද, මෙබඳු ඇවත, වස්තුසභාගාපත්තියි කියනු ලැබේ. විකාල භෝජනය ප්‍රත්‍යය කොට පැමිණි ඇවැත, අතතිරිත්තභොජනය ප්‍රත්‍යය කොට ඇවැතට පැමිණියහුගේ සමීපයෙහි දෙසීම වරද නොවේ. යම්මේ වස්තුසභාගාපත්තියක් වේද ඒ ඇවැත දෙසන ලද්දී මොනවට දෙසන ලද්දීමය. දෙසීම ප්‍රත්‍යය කොට දේශකතෙමේද, පිළිගැනීම ප්‍රත්‍යය කොට ප්රතිග්රාහකතෙමේද, යන දෙදෙනම අනික් දුක්කටයකට පැමිණෙත්, එය නානාවස්තුක වේ. එහෙයින් ඔවුනොවුන් දෙසන්නට වටියි.
සාමන්තො භික්ඛු එවමස්ස වචනීයොති එත්ථ සභාගොයෙව වත්තබ්බො. විසභාගස්ස හි වුච්චමානෙ භණ්ඩනකලහසඞ්ඝභෙදාදීනිපි හොන්ති, තස්මා තස්ස අවත්වා “ඉතො වුට්ඨහිත්වා පටිකරිස්සාමී”ති ආභොගං කත්වා උපොසථො කාතබ්බොති අන්ධකට්ඨකථායං වුත්තං.
“සාමන්තො භික්ඛු එවමස්ස වචනීසො” මෙහි සභාග මහණක්හටම කියයුතුය. විසභාග මහණක්හට කියනු ලබන කල්හි ඩබර කලහසඞ්ඝභෙදාදීහුද වෙත්, එහෙයින් ඔහුට නොකියා ‘මෙතැනින් නැගිට පිළියම් කරන්නෙමි’යි ආභොගකොට පොහොය කටයුතුය’යි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කියනලදී.
අනාපත්තිපන්නරසකාදිකථා
අනාපත්තිපන්නරසකාදිකථා
අනාපත්තිපන්නරසකෙ – තෙ න ජානිංසූති සීමං ඔක්කන්තාති වා ඔක්කමන්තීති වාති න ජානිංසු. අථඤ්ඤෙ ආවාසිකා භික්ඛූ ආගච්ඡන්තීති ගාමං වා අරඤ්ඤං වා කෙනචි කරණීයෙන ගන්ත්වා තෙසං නිසින්නට්ඨානං ආගච්ඡන්ති. වග්ගා සමග්ගසඤ්ඤිනොති තෙසං සීමං ඔක්කන්තත්තා වග්ගා; සීමං ඔක්කන්තභාවස්ස අජානනතො සමග්ගසඤ්ඤිනො.
අනාපත්තිපණ්ණරසකයෙහි - “තෙ න ජානිංසු” සීමාවට පැමිණියාහු’යි හෝ පැමිණෙත්’යි හෝ නොදත්හ. “අථඤ්ඤෙ ආවාසිකා භික්ඛු ආගච්ඡන්ති” ගමට හෝ අරණ්‍යයට හෝ කිසි කටයුත්තක් නිසා ගොස් ඔවුන් අන්තැනට එත්ද, “වග්ගා සමග්ගසඤ්ඤිනො” ඔවුන්ගේ සීමාවට පැමිණි බැවින් වර්ගයහ. සීමාවට පැමිණිබව නොදත්බැවින් සමග්‍රසංඥා ඇතියහ.
වග්ගාවග්ගසඤ්ඤිපන්නරසකෙ – තෙ ජානන්තීති පබ්බතෙ වා ථලෙ වා ඨිතා සීමං ඔක්කන්තෙ වා ඔක්කමන්තෙ වා පස්සන්ති. වෙමතිකපන්නරසකං උත්තානමෙව.
වග්ගාවග්ගසඤ්ඤී පණ්ණරසකයෙහි - “තෙ න ජානන්ති” පර්වතයෙහි හෝ ගොඩබිම හෝ සිටියාහු, සීමාවට පැමිණියවුන් හෝ පැමිණෙන්නන් හෝ නොදනිත්. වෙමතිකපණ්ණරසකං ප්‍රකටමය.
කුක්කුච්චපකතපන්නරසකෙ – යථා ඉච්ඡාය අභිභූතො “ඉච්ඡාපකතො”ති වුච්චති, එවං පුබ්බභාගෙ සන්නිට්ඨානං කත්වාපි කරණක්ඛණෙ අකප්පියෙ අකප්පියසඤ්ඤිතාසඞ්ඛාතෙන කුක්කුච්චෙන අභිභූතා “කුක්කුච්චපකතා”ති වෙදිතබ්බා.
කුක්කුච්චපණ්ණරසකයෙහි - යථෙප්සාවෙන් මඩනා ලදුයේ ඊප්සාවෙන් මැඩුනේය’යි කියනු ලැබේ. මෙසේ පූර්වභාගයෙහි සනිටුහන්කොටද, කරනක්ෂණයෙහි අකැපයෙහි කැපයි සංඥා ඇතිබවැයි කියූ කුකුසෙන් මඩනා ලද්දාහු, කුක්කුච්චපකතායි දතයුතුය.
භෙදපුරෙක්ඛාරපන්නරසකෙ – අකුසලබලවතාය ථුල්ලච්චයං වුත්තං.
භෙදපුරෙක්ඛාරපණ්ණරසකයෙහි - අකුසලය බලවත් බැවින් ථුල්ලච්චය කියනලදී.
සීමොක්කන්තිකපෙය්යාලකථා
සීමොක්කන්තිකපෙය්යාලකථා
ආවාසිකෙනආගන්තුකපෙය්යාලෙ – යථා පුරිමෙ ආවාසිකෙනආවාසිකපෙය්යාලෙ “තෙ න ජානන්ති අථඤ්ඤෙ ආවාසිකා”තිආදි වුත්තං, එවං “තෙ න ජානන්ති අථඤ්ඤෙ ආගන්තුකා”තිආදිනා නයෙන සබ්බං වෙදිතබ්බං. ආගන්තුකෙනආවාසිකපෙය්යාලෙ පන – යථා පුරිමපෙය්යාලෙ “ආවාසිකා භික්ඛූ සන්නිපතන්තී”ති ආගතං, එවං “ආගන්තුකා භික්ඛූ සන්නිපතන්තී”ති ආනෙතබ්බං . ආගන්තුකෙනආගන්තුකපෙය්යාලෙ පන – උභයපදෙසු ආගන්තුකවසෙන යොජෙතබ්බොති.
ආවාසිකෙන ආගන්තුකපෙය්යාලයෙහි - යම්සේ පළමු ආවාසික පෙය්යාලයෙනි. “තෙ න ජානන්ති අත්ථඤ්ඤෙ ආවාසිකා” යනාදිය කියන ලද්දේ ද, මෙසේ “තෙ න ජානන්ති අත්ථඤ්ඤෙ ආගන්තුකා” යනාදි නයින් සියල්ල දතයුතුය. ආගන්තුකෙන ආවාසිකපෙය්යාලයෙහි වනාහි යම්සේ ප්‍රථම පෙය්‍යාලයෙහි “ආවාසිකා භික්ඛූ සන්තිපතන්ති”යි ආයේද මෙසේ “ආගන්තුක භික්ඛූ සන්නිපතන්ති”යි පැමිණවිය යුතුය. ආගන්තුකෙන ආගන්තුකපෙය්යාලයෙහි වනාහි උභයපදයන්හි ආගන්තුක වසයෙන් යෙදිය යුතුය.
ආවාසිකානං භික්ඛූනං චාතුද්දසො හොති, ආගන්තුකානං පන්නරසොති එත්ථ යෙසං පන්නරසො, තෙ තිරොරට්ඨතො වා ආගතා, අතීතං වා උපොසථං චාතුද්දසිකං අකංසූති වෙදිතබ්බා. ආවාසිකානං අනුවත්තිතබ්බන්ති ආවාසිකෙහි “අජ්ජුපොසථො චාතුද්දසො”ති පුබ්බකිච්චෙ කරියමානෙ අනුවත්තිතබ්බං, න පටික්කොසිතබ්බං. න අකාමා දාතබ්බාති න අනිච්ඡාය දාතබ්බා.
“ආවාසිකානං භික්ඛූනං චාතුද්දසො හොති, ආගන්තුකානං පණ්ණරසො” මෙහි යම් ඒ ආගන්තුක භික්ෂූන්ට පණ්ණරසිය වේද, ඔවුහු පිටරටින් හෝ ආවාහුද, ඉකුත්වූ චාතුද්දසික උපොසථය කළහ’යි දතයුතුය. “ආවාසිකානං අනුවත්තිතබ්බං” ආවාසිකයන් විසින් “අජ්ජුපොසථො චාතුද්දසො”යි පූර්වකෘත්යය කරන කල්හි අනුව පැවතිය යුතුය. නොවැළකිය යුතුය. “න අකාමා දාතබ්බා” නොකැමැත්තෙන් නොදියයුතුය.
ලිඞ්ගාදිදස්සනකථා
ලිඞ්ගාදිදස්සනකථා
ආවාසිකාකාරන්ති ආවාසිකානං ආකාරං. එස නයො සබ්බත්ථ. ආකාරො නාම යෙන තෙසං වත්තසම්පන්නා වා න වාති ආචාරසණ්ඨානං ගය්හති. ලිඞ්ගං නාම යං තෙ තත්ථ තත්ථ ලීනෙ ගමයති; අදිස්සමානෙපි ජානාපෙතීති අත්ථො. නිමිත්තං නාම යං දිස්වා තෙ අත්ථීති ඤායන්ති. උද්දෙසො නාම යෙන තෙ එවරූපපරික්ඛාරාති උද්දිසන්ති; අපදෙසං ලභන්තීති අත්ථො. සබ්බමෙතං සුපඤ්ඤත්තමඤ්චපීඨාදීනඤ්චෙව පදසද්දාදීනඤ්ච අධිවචනං, යථායොගං පන යොජෙතබ්බං. ආගන්තුකාකාරාදීසුපි එසෙව නයො. තත්ථ අඤ්ඤාතකන්ති අඤ්ඤෙසං සන්තකං. පාදානං ධොතං උදකනිස්සෙකන්ති පාදානං ධොතානං උදකනිස්සෙකං. බහුවචනස්ස එකවචනං වෙදිතබ්බං. “පාදානං ධොතඋදකනිස්සෙක”න්ති වා පාඨො; පාදානං ධොවනඋදකනිස්සෙකන්ති අත්ථො.
“ආවාසිකාකාරං” ආවාසිකයන්ගේ ආචාරසණ්ඨානය. සියලු තන්හි මේනය වේ. ආකාර නම් යමකින් ව්‍රතයෙන් යුක්තයෝ හෝයි. යුක්ත නොවූවෝ හෝයි ඒ ආවාසික භික්ෂූන්ගේ ආචාරසණ්ඨානය ගනු ලැබේ. ලිඞ්ග නම් යම්හෙයකින් ඒ ආවාසිකයන් ඒ ඒ තන්හි සැඟවුනක් හඟවාද, ඒය. නොදක්නා ලබන්නන්ද දන්වාලවයි යන අර්ත්ථය නිමිත්ත නම්, යමක් දැක ඒ ආවාසිකයෝ ඇත්තාහයි දන්නා ලැබෙත්ද, ඒය. උද්දෙස නම්. යමකින් ඒ ආවාසිකයෝ මෙබඳු පිරිකර ඇත්තාහයි උදෙසත්ද, එය දැක්වීම ලබත් යන අර්‍ත්‍ථයි. මේ සියල්ල මොනවට පණවන ලද ඇඳපුටු ආදියටද, පාහඬ ආදියටද, නමෙකි. යෙදෙන පරිදි යෙදිය යුතුය. ආගන්තුකාකාරාදීන් අතුරෙහිද මෙම නයවේ. එහි “අඤ්ඤාතකං” අනුන් අයත්වූ. “පාදානං ධොතඋදකනිස්සෙකං” පාදධොවනයෙන් ඉසුනු දිය. “පාදානං ධොතඋදකනිස්සෙකං”යි හෝ පාඨය වේ. පාදොවනාදිය ඉසීමය යන අර්‍ත්‍ථයි.
නානාසංවාසකාදිවත්ථූසු – සමානසංවාසකදිට්ඨින්ති “සමානසංවාසකා එතෙ”ති දිට්ඨිං. න පුච්ඡන්තීති තෙසං ලද්ධිං න පුච්ඡන්ති; අපුච්ඡිත්වාව වත්තපටිවත්තිං කත්වා එකතො උපොසථං කරොන්ති. නාභිවිතරන්තීති නානාසංවාසකභාවං මද්දිතුං අභිභවිතුං න සක්කොන්ති; තං දිට්ඨිං න නිස්සජ්ජාපෙන්තීති අත්ථො.
නානාසංවාසකාදිවත්ථුසු - සමානසංවාසකදිට්ඨිං” මේ ආගන්තුක භික්ෂූහු සමාන සංවාසකහයි ඒ ආගන්තුකයන්ගේ දෘෂ්ටිය. “න පුච්ඡන්ති” ඒ ආගන්තකයගේ ලබ්ධිය නොවිචාරත්. නොවිචාරාම වත්පිළිවෙත්කොට එකට පොහොය කරත්. “නාභි විතරන්ති” ලබ්ධිනානාසංවාසකභාවය මඩින්නට, අභිභවනය කරන්නට නොහැකිවෙත්. ඒ දෘෂ්ටිය නොහරවත් යන අර්‍ත්‍ථයි.
නගන්තබ්බගන්තබ්බවාරකථා
නගන්තබ්බගන්තබ්බවාරකථා
සභික්ඛුකා ආවාසාති යස්මිං ආවාසෙ උපොසථකාරකා භික්ඛූ අත්ථි, තම්හා ආවාසා යං න සක්කොති තදහෙව ආගන්තුං , සො ආවාසො උපොසථං අකත්වා න ගන්තබ්බො. අඤ්ඤත්ර සඞ්ඝෙනාති සඞ්ඝප්පහොනකෙහි භික්ඛූහි විනා. අඤ්ඤත්ර අන්තරායාති පුබ්බෙ වුත්තං දසවිධං අන්තරායං විනා. සබ්බන්තිමෙන පන පරිච්ඡෙදෙන අත්තචතුත්ථෙන අන්තරායෙ වා සති ගන්තුං වට්ටති. අනාවාසොති නවකම්මසාලාදිකො යො කොචි පදෙසො. යථා ච ආවාසාදයො න ගන්තබ්බා; එවං සචෙ විහාරෙ උපොසථං කරොන්ති, උපොසථාධිට්ඨානත්ථං සීමාපි නදීපි න ගන්තබ්බා. සචෙ පනෙත්ථ කොචි භික්ඛු හොති, තස්ස සන්තිකං ගන්තුං වට්ටති. විස්සට්ඨඋපොසථාපි ආවාසා ගන්තුං වට්ටති; එවං ගතො අධිට්ඨාතුම්පි ලභති. ආරඤ්ඤකෙනාපි භික්ඛුනා උපොසථදිවසෙ ගාමෙ පිණ්ඩාය චරිත්වා අත්තනො විහාරමෙව ආගන්තබ්බං. සචෙ අඤ්ඤං විහාරං ඔක්කමති, තත්ථ උපොසථං කත්වාව ආගන්තබ්බං, අකත්වා න වට්ටති.
“සභික්ඛුකා ආවාසා” යම් ආවාසයක පොහොයකරන භික්ෂූහු ඇත්තාහුද, ඒ ආවාසයෙන් මේ මහණතෙමේ එදවස්හිම යන්නට නොහැක්කේද, ඒ ආවාසයට පොහොය නොකොට නොයා යුතුය. “අඤ්ඤත්ර සඞ්ඝෙන” සඞ්ඝපහොනක භික්ෂූන්ගෙන් වෙන්ව. “අඤ්ඤත්ර අන්තරාය” පෙර කියූ දසවැදෑරුම් අනතුරු අතරෙහි යම් අනතුරක් නැතිව සියලු අන්තිම පිරිසිඳීමෙන් තමා සිවුවැනිකොට ඇත්තකු විසින් හෝ අනතුරක් ඇතිකල්හි යෑම වටියි. “අනාවාසො” නවකම් ඇති ශාලාදීවූ යම්කිසි පෙදෙසක් තෙමේ යම්සේ ආවාසාදියට නොයායුතුද, මෙසේ බද්ධසීමාවක පොහොය කරත්ද, පොහොය ඉටීම් ආදිය පිණිස සීමාවකටද නදියකටද නොයා යුතුය. ඉදින් මෙහි කිසි භික්ෂුවක් වේද, ඔහු වෙතට යෑම වටියි. හළ උපොසථය ඇති ආවාසයෙන්ද යෑම වටියි. මෙසේ ගියේ ඉටීමද ලබයි. එකචාරික ආරණ්‍යක මහණහු විසින්ද පොහොය දිනයෙහි ගමෙහි පිඬුපිණිස හැසිර තමන්ගේ වෙහෙරටම ආයුතුය. අන් බද්ධසීමාවකට පැමිණේනම්, තමන් වසන තැන සඞ්ඝ උපොසථය නොපවත්නාබැවින් එහි පොහොය කොටම ආයුතුය. පොහොය නොකොට ඊම නොවටියි.
යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුන්ති යං ජානෙය්ය අජ්ජෙව තත්ථ ගන්තුං සක්කොමීති; එවරූපො ආවාසො ගන්තබ්බො. තත්ථ භික්ඛූහි සද්ධිං උපොසථං කරොන්තෙනාපි හි ඉමිනා නෙව උපොසථන්තරායො කතො භවිස්සතීති.
“යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුං” ‘අදම එහි යන්නට හැක්කෙමි’යි යම් ආවාසයක් දන්නේනම්, මෙබඳු ආවාසයට යායුතුය. එහි මහණුන් සමග පොහොය කරන්නාවූද මොහු විසින්ම උපොසථයට අනතුරුකොට කරන ලද්දේ වන්නේයයි.
වජ්ජනීයපුග්ගලසන්දස්සනකථා
වජ්ජනීයපුග්ගලසන්දස්සනකථා
භික්ඛුනියා නිසින්නපරිසායාතිආදීසු හත්ථපාසුපගමනමෙව පමාණං. අඤ්ඤත්ර අවුට්ඨිතාය පරිසායාති ඉදඤ්හි පාරිවාසියපාරිසුද්ධිදානං නාම පරිසාය වුට්ඨිතකාලතො පට්ඨාය න වට්ටති, අවුට්ඨිතාය පන වට්ටති. තෙනාහ – “අඤ්ඤත්ර අවුට්ඨිතාය පරිසායා”ති. තස්ස ලක්ඛණං භික්ඛුනිවිභඞ්ගෙ පරිවාසියඡන්දදානවණ්ණනතො ගහෙතබ්බං. අනුපොසථෙති චාතුද්දසිකො ච පන්නරසිකො චාති ඉමෙ ද්වෙ උපොසථෙ ඨපෙත්වා අඤ්ඤස්මිං දිවසෙ. අඤ්ඤත්ර සඞ්ඝසාමග්ගියාති යා කොසම්බකභික්ඛූනං විය භින්නෙ සඞ්ඝෙ පුන සඞ්ඝසාමග්ගී කරියති, තථාරූපිං සඞ්ඝසාමග්ගිං ඨපෙත්වා . තදා ච “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො සාමග්ගී”ති වත්වා කාතබ්බො. යෙ පන කිස්මිඤ්චිදෙව අප්පමත්තකෙ උපොසථං ඨපෙත්වා පුන සමග්ගා හොන්ති, තෙහි උපොසථෙයෙව කාතබ්බොති.
“භික්ඛුණියා නිසින්නපරිසාය” යනාදි අත්පසට එළැඹීමම පමණ වේ. “අඤ්ඤත්ර අවුට්ඨිතාය පරිසාය” යන මෙය පරිවාසිකපාරිසුද්ධි දානයනම්, පිරිස් නැගී සිටිකල්හි පටන් නොවටියි. පිරිස නොනැගිටිකල්හි වනාහි නොවටියි. එහෙයින් “අඤ්ඤත්ර අවුට්ඨිතාය පරිසාය”යි වදාළසේක. එහි ලක්ෂණය භික්ෂුණිවිභඞ්ගයෙහි පාරිවාසියඡන්දදාන වර්ණනාවෙන් ගතයුතුය. “අනුපොසථෙ” චාතුද්දසිකයද පණ්ණරසිකයද යන මේ පොහොය දෙක හැර අන් දවසෙක. “අඤ්ඤත්ර සඞ්ඝසාමග්ගියා” යම්කලෙක කොසම්බක භික්ෂූන්ගේ මෙන් සඞ්ඝය බිඳුනු කල්හි නැවැත සඞ්ඝසාමග්‍රිය කෙරේද, එබඳුවූ සඞ්ඝ සාමග්‍රිය හැරය. ඒ සඞ්ඝ සාමග්රි උපොසථය කරන දවසෙහිද, “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො සාමග්ගි”යි කියා පොහොය කටයුතුය. යම් කෙනෙක් වනාහි කිසියම් ස්වල්ප කරුණකදී උපොසථය තබා නැවත සමගිවෙත්ද, ඔවුන් විසින් උපොසථයම කටයුතුයි.
උපොසථක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
උපොසථක්‍ඛන්‍ධක වර්ණනාව නිමි.