වස්සූපනායිකක්ඛන්ධකං අට්ඨකථා
වස්සූපනායිකක්ඛන්ධක වර්ණනාව
වස්සූපනායිකානුජානනකථා
වස්සූපනායිකානුජානනකථා
වස්සූපනායිකක්ඛන්ධකෙ – අපඤ්ඤත්තොති අනනුඤ්ඤාතො අසංවිහිතො වා. තෙ ඉධ භික්ඛූති තෙ භික්ඛූ, ඉධසද්දො නිපාතමත්තො. සඞ්ඝාතං ආපාදෙන්තාති විනාසං ආපාදෙන්තා. සඞ්කසායිස්සන්තීති අප්පොස්සුක්කා නිබද්ධවාසං වසිස්සන්ති. සකුන්තකාති සකුණා. වස්සානෙ වස්සං උපගන්තුන්ති වස්සානනාමකෙ තෙමාසෙ වස්සං උපගන්තබ්බන්ති අත්ථො. කති නු ඛො වස්සූපනායිකාති කති නු ඛො වස්සූපගමනානි. අපරජ්ජුගතායාති එත්ථ අපරජ්ජුගතාය අස්සාති අපරජ්ජුගතා, තස්සා අපරජ්ජුගතාය; අතික්කන්තාය අපරස්මිං දිවසෙති අත්ථො. දුතියනයෙපි මාසො ගතාය අස්සාති මාසගතා, තස්සා මාසගතාය; අතික්කන්තාය මාසෙ පරිපුණ්ණෙති අත්ථො. තස්මා ආසාළ්හීපුණ්ණමාය අනන්තරෙ පාටිපදදිවසෙ, ආසාළ්හීපුණ්ණමිතො වා අපරාය පුණ්ණමාය අනන්තරෙ පාටිපදදිවසෙයෙව විහාරං පටිජග්ගිත්වා පානීයං පරිභොජනීයං උපට්ඨපෙත්වා සබ්බං චෙතියවන්දනාදිසාමීචිකම්මං නිට්ඨාපෙත්වා “ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමී”ති සකිං වා ද්වත්තික්ඛත්තුං වා වාචං නිච්ඡාරෙත්වා වස්සං උපගන්තබ්බං.
වස්සූපනායිකක්ඛන්ධකයෙහි - “අප්පඤ්ඤත්තො” නොඅනුදන්නා ලද්දේය. විධාන නොකරණ ලද්දේ හෝය. “තෙධ භික්ඛූ” ඒ භික්ෂූහු ඉධශබ්දය නිපාතමාත්‍රයකි. “සංකායිස්සන්ති” මන්දොත්සාහ ඇත්තාහු. නිබද විසීම කරන්නාහුය. “කින්නුඛො වස්සූපනාසිකා” වස් එළඹීම් කොපමණ වේද, “අපරජ්ජුගතාය” ඉක්ම ගිය කල්හි අපරදිනැයි කියූ පෑළවිය දිනය. මේ ආසාළ්හි පෞර්ණමියමැයි අපරජ්ජුගතා නම. ඒ ඇසළ මස පෞර්ණමීදිනය ඉකුත්වූ කල්හි දෙවන පෑළවිය දිනයෙහි යන අර්‍ත්‍ථයි. දෙවන නයෙහිද, මස ඉකුත් කල්හි මේ ඇසළ මස පෞර්ණමියටැයි මාසගතා නම. ඒ ආසාළ්හි පෞර්ණමිය මස ඉකුත්කල්හි අතික්‍රාන්ත කල්හි මස පිරුණු කල්හි යන අර්‍ත්‍ථයි. ඒ ආසාළ්හි පෞර්ණමියට අනතුරු පෑළවිය දිනයෙහි ආසාළ්හි පෞර්ණමියෙන් හෝ අපර පෞර්ණමියට අනතුරු පෑළවිය දිනයෙහි වෙහෙර පිළිදැගුම්කොට බොන පැන් හා මුවදෝනා පැන් එළවා තබා සියලු වැඳීම් ආදීවූ සාමීචිකර්ම නිමවා “ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි”යි එක්වරක් හෝ දෙතුන්වරක් හෝ වචනයෙන් කියා වස් එළඹිය යුතුය.
වාචං නිච්ඡාරෙත්වා වස්සං උපගන්තබ්බං.
වස්සානෙචාරිකාපටික්ඛෙපාදිකථා
වස්සානෙචාරිකාපටික්ඛෙපාදිකථා
යො පක්කමෙය්යාති එත්ථ අනපෙක්ඛගමනෙන වා අඤ්ඤත්ථ අරුණං උට්ඨාපනෙන වා ආපත්ති වෙදිතබ්බා. යො අතික්කමෙය්යාති එත්ථ විහාරගණනාය ආපත්තියො වෙදිතබ්බා. සචෙ හි තං දිවසං විහාරසතස්ස උපචාරං ඔක්කමිත්වා අතික්කමති, සතං ආපත්තියො. සචෙ පන විහාරූපචාරං අතික්කමිත්වා අඤ්ඤස්ස විහාරස්ස උපචාරං අනොක්කමිත්වාව නිවත්තති, එකා එව ආපත්ති. කෙනචි අන්තරායෙන පුරිමිකං අනුපගතෙන පච්ඡිමිකා උපගන්තබ්බා.
“යො පක්කමෙය්ය” මෙහි බලාපොරොත්තු රහිතව උපචාරය ඉක්මවා යෑමෙන්ද, අන්තැනක අරුණ නැංවීමෙන්ද, දුක්කටාපත්තිය දතයුතුය. “යො අතික්කමෙය්ය” මෙහි විහාර ගණනින් ආපත්තීහු දතයුත්තාහ. ඉදින් එදවස විහාරසියයක උපචාරයට බැස ඉක්මවාද, සියයක් ආපත්තීහු වෙත්. විහාරොපචාරය ඉක්මවා අන්‍ය විහාරයක උපචාරයට නොබැසම නවතීනම් එක්ම ඇවතක් වේ. කිසියම් අනතුරකින් පෙරවස් නොවිසුවහු විසින් පසුවස් එළඹිය යුතුය.
වස්සං උක්කඩ්ඪිතුකාමොති වස්සනාමකං පඨමමාසං උක්කඩ්ඪිතුකාමො, සාවණමාසං අකත්වා පුන ආසාළ්හීමාසමෙව කත්තුකාමොති අත්ථො. ආගමෙ ජුණ්හෙති ආගමෙ මාසෙති අත්ථො. අනුජානාමි භික්ඛවෙ රාජූනං අනුවත්තිතුන්ති එත්ථ වස්සුක්කඩ්ඪනෙ භික්ඛූනං කාචි පරිහානි නාම නත්ථීති අනුවත්තිතුං අනුඤ්ඤාතං, තස්මා අඤ්ඤස්මිම්පි ධම්මිකෙ කම්මෙ අනුවත්තිතබ්බං. අධම්මිකෙ පන න කස්සචි අනුවත්තිතබ්බං.
[missing trans] “අනුජානාමි භික්ඛවෙ රාජූනං අනුවත්තිතුං” මෙහි වස්විසීම මත්තට ඇදීමෙහි මහණුන්ට කිසි පිරිහීමක් නැත්තේයයි රජුන්ට අනුව පවතින්නට අනුදන්නා ලද්දේය. එහෙයින් අනිකුදු ධාර්මික කර්ම අනුව පැවතිය යුතුය. අධාර්මික කර්මයෙහි කිසිවක්හට අනුවර්තනය නොවිය යුතුය.
සත්තාහකරණීයානුජානනකථා
සත්තාහකරණීයානුජානනකථා
සත්තාහකරණීයෙසු – සත්තාහකරණීයෙන ගන්තුන්ති සත්තාහබ්භන්තරෙ යං කත්තබ්බං තං සත්තාහකරණීයං, තෙන සත්තාහකරණීයෙන කරණභූතෙන ගන්තුං අනුජානාමීති අත්ථො. පහිතෙ ගන්තුන්ති ඉමෙහි සත්තහි භික්ඛුආදීහි දූතෙ පහිතෙයෙව ගන්තුං අනුජානාමීති අත්ථො. සත්තාහං සන්නිවත්තො කාතබ්බොති සත්තාහෙයෙව සන්නිවත්තිතබ්බො, අට්ඨමො අරුණො තත්ථෙව න උට්ඨාපෙතබ්බොති අත්ථො.
සත්තාහකරණීයයන්හි [missing trans]
භික්ඛුනිසඞ්ඝං උද්දිස්සාති ඉතො පට්ඨාය වච්චකුටි ජන්තාඝරං ජන්තාඝරසාලාති ඉමානි තීණි පරිහීනානි.
“භික්ඛුණීසඞ්ඝං උද්දිස්ස” මෙතැන් පටන් වැසිකිළි ගිනිහල්ගේ ජන්තාඝරසාලා යන මෙතුන, මෙහෙණන්ට ප්රතික්ෂෙප කළ බැවින් පිරිහුනහ.
උදොසිතාදීනි උදොසිතසික්ඛාපදාදීසු වුත්තානෙව. රසවතීති භත්තගෙහං වුච්චති. වාරෙය්යං සඤ්චරිත්තසික්ඛාපදෙ වුත්තමෙව. පුරායං සුත්තන්තො පලුජ්ජතීති යාව අයං සුත්තන්තො න පලුජ්ජති, යාව අයං සුත්තන්තො න විනස්සති. අඤ්ඤතරං වා පනස්ස කිච්චං හොති කරණීයං වාති එතෙන පරිසඞ්ඛතං යංකිඤ්චි කරණීයං සඞ්ගහිතං හොති. සබ්බත්ථ ච “ඉච්ඡාමි දානඤ්ච දාතුං ධම්මඤ්ච සොතුං භික්ඛූ ච පස්සිතු”න්ති ඉමිනාව කප්පියවචනෙන පෙසිතෙ ගන්තබ්බං, එතෙසං වා වෙවචනෙන. පෙය්යාලක්කමො පන එවං වෙදිතබ්බො, යථා “උපාසකෙන සඞ්ඝං උද්දිස්ස විහාරාදයො කාරාපිතා හොන්ති, සම්බහුලෙ භික්ඛූ උද්දිස්ස, එකං භික්ඛුං උද්දිස්ස, භික්ඛුනිසඞ්ඝං උද්දිස්ස, සම්බහුලා භික්ඛුනියො, එකං භික්ඛුනිං, සම්බහුලා සික්ඛමානායො, එකං සික්ඛමානං, සම්බහුලෙ සාමණෙරෙ, එකං සාමණෙරං, සම්බහුලා සාමණෙරියො, එකං සාමණෙරිං උද්දිස්ස අත්තනො අත්ථාය නිවෙසනං කාරාපිතං හොතී”ති වුත්තං; එවමෙව “උපාසිකාය, භික්ඛුනා, භික්ඛුනියා, සික්ඛමානාය, සාමණෙරෙන, සාමණෙරියා සඞ්ඝං උද්දිස්සා”ති සබ්බං වත්තබ්බං. එතෙසු සත්තප්පකාරෙසු කරණීයෙසු පහිතෙ ගන්තබ්බං.
භාණ්ඩසාලාදිය උද්දෙසිත ශික්ෂාපදාදියෙහි කියන ලද්දාහුමය. “රසවතී” බත්ගෙය කියනු ලැබේ. “වාරෙය්යං” ආවාහමඞ්ගලය සංචරිත්ත ශික්‍ෂාපදයෙහි කියන ලද්දේමය. “පුරායං සුත්තන්තො පලුජ්ජති” යම්තාක් තමන්ට ප්‍රගුණවූ මේ සූත්‍රාන්තය අනිකක්හට ප්‍රගුණ නැති බැවින් මාගේ ඇවෑමෙන් අතුරුදහන් නොවේ, නොනැසේද, [missing trans]
පඤ්චන්නංඅප්පහිතෙපිඅනුජානනකථා
පඤ්චන්නංඅප්පහිතෙපිඅනුජානනකථා
පඤ්චන්නං සත්තාහකරණීයෙනාති එතෙසං භික්ඛුආදීනං සහධම්මිකානං “ගිලානභත්තං වා ගිලානුපට්ඨාකභත්තං වා භෙසජ්ජං වා පරියෙසිස්සාමි , පුච්ඡිස්සාමි වා, උපට්ඨහිස්සාමි වා”ති එවමාදිනා පරතො විත්ථාරෙත්වා දස්සිතෙන කාරණෙන අප්පහිතෙපි ගන්තබ්බං, පගෙව පහිතෙ. භික්ඛු ගිලානො හොති, අනභිරති උප්පන්නා හොති, කුක්කුච්චං උප්පන්නං හොති, දිට්ඨිගතං උප්පන්නං හොති, ගරුධම්මං අජ්ඣාපන්නො හොති පරිවාසාරහො, මූලාය පටිකස්සනාරහො හොති, මානත්තාරහො, අබ්භානාරහො, සඞ්ඝො කම්මං කත්තුකාමො හොති, කතං වා සඞ්ඝෙන කම්මං හොතීති එතෙහි දසහි කාරණෙහි භික්ඛුස්ස සන්තිකං ගන්තබ්බං. භික්ඛුනියා සන්තිකං නවහි කාරණෙහි ගන්තබ්බං, සික්ඛමානාය සන්තිකං ඡහි – ආදිතො චතූහි, සික්ඛා කුප්පිතා හොති, උපසම්පජ්ජිතුකාමා හොතීති. සාමණෙරස්සාපි ඡහි – ආදිතො චතූහි, වස්සං පුච්ඡිතුකාමො උපසම්පජ්ජිතුකාමො හොතීති. සාමණෙරියා උපසම්පදං අපනෙත්වා සික්ඛාපදං දාතුකාමො හොතීති ඉමිනා සද්ධිං පඤ්චහි. පරතො මාතාපිතූනං අනුඤ්ඤාතට්ඨානෙපි එසෙව නයො. අන්ධකට්ඨකථායං පන “යෙ මාතාපිතූනං උපට්ඨාකා ඤාතකා වා අඤ්ඤාතකා වා තෙසම්පි අප්පහිතෙ ගන්තුං වට්ටතී”ති වුත්තං, තං නෙව අට්ඨකථායං, න පාළියා වුත්තං, තස්මා න ගහෙතබ්බං.
“පඤ්චත්තං සත්තාහකරණීයෙන” මේ භික්ෂු ආදීවූ භික්ඛුණී -සාමණේර-සාමණේරි-සික්ඛමානා යන මේ පස්මහ දැහැමියන්ගේ ගිලන්බත හෝ ගිලන් උවටැන් කරන්නහුගේ බත හෝ බෙහෙතක් සොයන්නෙමි’යි හෝ විචාරන්නෙමියි හෝ උවටැන් කරන්නෙමි’යි හෝ මේ ආදීවූ පරභාගයෙහි විස්තර කොට දක්වනලද කරුණකින් කියා නොඑවූ කල්හිද, සත්තාහකරණයෙන් යා යුතුය. [missing trans] පරභාගයෙහි මවුපියන්ට අනුදත් තන්හිද මේනයම වේ. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි මවුපියන්ගේ උපස්ථායක වූ හෝ නෑවූ හෝ නොනෑවූ හෝ යම්කෙනෙක් වෙත්ද, ඔවුන් වෙතටද කියා නොඑවූ කල්හිද යන්නට වටීයයි කියන ලදී. ඒ කීම අර්‍ත්‍ථකථාවෙහි නොමකියන ලද්දේය. පෙළෙහි නොකියන ලද්දේය. එහෙයින් නොගතයුතුය.
පහිතෙයෙවඅනුජානනකථා
පහිතෙයෙවඅනුජානනකථා
භික්ඛුගතිකොති එකස්මිං විහාරෙ භික්ඛූහි සද්ධිං වසනකපුරිසො. උන්ද්රියතීති පලුජ්ජති. භණ්ඩං ඡෙදාපිතන්ති දබ්බසම්භාරභණ්ඩං ඡෙදාපිතං. ආවහාපෙය්යුන්ති ආහරාපෙය්යුං. දජ්ජාහන්ති දජ්ජෙ අහං. සඞ්ඝකරණීයෙනාති එත්ථ යංකිඤ්චි උපොසථාගාරාදීසු සෙනාසනෙසු චෙතියඡත්තවෙදිකාදීසු වා කත්තබ්බං, අන්තමසො භික්ඛුනො පුග්ගලිකසෙනාසනම්පි, සබ්බං සඞ්ඝකරණීයමෙව. තස්මා තස්ස නිප්ඵාදනත්ථං දබ්බසම්භාරාදීනි වා ආහරිතුං වඩ්ඪකීප්පභුතීනං භත්තවෙතනාදීනි වා දාපෙතුං ගන්තබ්බං.
“භික්ඛුගතිකො” එක් වෙහෙරෙහි මහණුන් සමග වසන පුරුෂතෙමේය. “උද්රීයති” නැසීයේ. “භණ්ඩං ඡෙදාපිතං” ද්රව්යසම්භාරභාණ්ඩ සිඳවන ලද්දේය. “අවහාපෙය්යුං” ගෙන්වා ගන්නාහුවීනම්, “දජ්ජා අහං” මම දෙමි. “සඞ්ඝකරණීයෙන” මෙහි උපොසථාගාරාදී වූ සෙනසුන්හි හෝ සෑසත් වෙදිකාවන්හි හෝ යම් කිසිවක් කටයුතුද, යටත් පිරිසෙයින් මහණක්හුගේ පෞද්ගලික සෙනාසනයක් වේද, සියල්ල සඞ්ඝකෘත්යම වේ. එහෙයින් ඒ කටයුතු නිපදවනු පිණිස ද්‍රව්‍ය සම්භාරාදිය හෝ ගෙනෙන්නට වඩු ආදීන්ට බත්වැටුප් ආදිය හෝ දෙවන්නට සත්තාහකරණීයයෙන් යායුතුය.
අයං පනෙත්ථ පාළිමුත්තකරත්තිච්ඡෙදවිනිච්ඡයො – ධම්මසවනත්ථාය අනිමන්තිතෙන ගන්තුං න වට්ටති. සචෙ එකස්මිං මහාවාසෙ පඨමංයෙව කතිකා කතා හොති – “අසුකදිවසං නාම සන්නිපතිතබ්බ”න්ති , නිමන්තිතොයෙව නාම හොති, ගන්තුං වට්ටති. “භණ්ඩකං ධොවිස්සාමී”ති ගන්තුං න වට්ටති. සචෙ පන ආචරියුපජ්ඣායා පහිණන්ති, වට්ටති. නාතිදූරෙ විහාරො හොති, තත්ථ ගන්ත්වා අජ්ජෙව ආගමිස්සාමීති සම්පාපුණිතුං න සක්කොති, වට්ටති. උද්දෙසපරිපුච්ඡාදීනං අත්ථායපි ගන්තුං න වට්ටති. “ආචරියං පස්සිස්සාමී”ති පන ගන්තුං ලභති. සචෙ පන නං ආචරියො “අජ්ජ මා ගච්ඡා”ති වදති, වට්ටති. උපට්ඨාකකුලං වා ඤාතිකුලං වා දස්සනාය ගන්තුං න ලභතීති.
මේ මෙහි සත්තාහකරණීයාධිකාරයෙහි පෙළින් මිදුනු අරුණ නැංවීමැයි කියූ රාත්රිච්ඡෙද විනිශ්චයයයි. ධර්මශ්රවණය පිණිස නිමන්ත්‍රණය නොලද්දහු විසින් යෑම නොවටියි. එක් මහාවිහාරයක පළමුකොටම ‘අසුවල් දවසෙහි රැස්විය යුතුය’යි කතිකාවක් කරනලද්දී වන්නීද, නිමන්ත්‍රණය කරණ ලද්දේම වේ. උපචාර සීමාව තුළ සිටියහු විසින්ම සත්තාහකරණීය කරුණක් සලකා මේ කරුණෙන් ගොස් සත්දවසක් තුළ එන්නෙමි’යි ආභොගකොට යෑම වටියි. ‘චීවරභාණ්ඩයක් දෝනා කරන්නෙමි’යි යෑම වටියි. විහාරය ඉතාදුර නොවේද, එහි ගොස් අදම එන්නෙමි’යි පැමිණෙන්නට නොහැක්කේද වටියි. උද්දෙසපරිපුච්ඡාදිය පිණිසද යන්නට නොලබයි. ආචාර්ය්ය උපාද්ධ්‍යායයන් දකින්නෙමි’යි යන්නට ලබයි. ඉදින් ආචාර්‍ය්‍යතෙමේ ඔහුට ‘අද නොයව’යි කියානම් වටියි. නෑකුලය හෝ උපස්ථායක කුලය හෝ දැකීම පිණිස යන්නට නොලබයි.
අන්තරායෙඅනාපත්තිවස්සච්ඡෙදකථා
අන්තරායෙඅනාපත්තිවස්සච්ඡෙදකථා
යෙන ගාමො තෙන ගන්තුන්තිආදීසු සචෙ ගාමො අවිදූරං ගතො හොති, තත්ථ පිණ්ඩාය චරිත්වා විහාරමෙව ආගන්ත්වා වසිතබ්බං. සචෙ දූරං ගතො, සත්තාහවාරෙන අරුණො උට්ඨාපෙතබ්බො. න සක්කා චෙ හොති, තත්රෙව සභාගට්ඨානෙ වසිතබ්බං. සචෙ මනුස්සා යථාපවත්තානි සලාකභත්තාදීනි දෙන්ති, “න මයං තස්මිං විහාරෙ වසිම්හා”ති වත්තබ්බා. “මයං විහාරස්ස වා පාසාදස්ස වා න දෙම, තුම්හාකං දෙම, යත්ථ කත්ථචි වසිත්වා භුඤ්ජථා”ති වුත්තෙ පන යථාසුඛං භුඤ්ජිතබ්බං, තෙසංයෙව තං පාපුණාති. “තුම්හාකං වසනට්ඨානෙ පාපුණාපෙත්වා භුඤ්ජථා”ති වුත්තෙ පන යත්ථ වසන්ති, තත්ථ නෙත්වා වස්සග්ගෙන පාපුණාපෙත්වා භුඤ්ජිතබ්බං.
“යෙන ගාමො තෙන ගන්තුං” යනාදිතන්හි ගම නොදුරුතන්හි වේනම්, එහි පිඬු පිණිස හැසිර විහාරයටම අවුත් විසිය යුතුය. දුරවූයේ නම් සත්තාහවාරයෙන් අරුණ නැංවිය යුතුය. නොහැක්කේ නම්, එහිම සභාගස්ථානයෙහි විසිය යුතුය. මිනිස්සු පැවති පරිද්දෙන් ලහබත් දෙත්නම්, ‘අපි ඒ විහාරයෙහි නොවසම්හ’යි කියයුතුය. ‘අපි විහාරයට හෝ ප්‍රාසාදයට හෝ නොදෙම්හ’ යුෂ්මතුන්ට දෙම්හ, යම්කිසි තැනෙක වැස බුඳිවු’යි කියූ කල්හි සැපසේ බුඳිය යුතුය. ඒ ලහබත් ඔවුන්ටම පැමිණේ. ‘ඔබ වහන්සේලා වසන තැනට පමුණුවා අනුභව කරවු’යි කියු කල්හි යම්තැනෙක වසත්ද, එහි ගෙන ගොස් වස්ගණනින් පමුණුවා වැලඳිය යුතුය.
සචෙ පවාරිතකාලෙ වස්සාවාසිකං දෙන්ති, යදි සත්තාහවාරෙන අරුණං උට්ඨාපයිංසු, ගහෙතබ්බං. ඡින්නවස්සෙහි පන “න මයං තත්ථ වසිම්හ, ඡින්නවස්සා මය”න්ති වත්තබ්බං. යදි “යෙසං අම්හාකං සෙනාසනං පාපිතං, තෙ ගණ්හන්තූ”ති වදන්ති, ගහෙතබ්බං. යං පන විහාරෙ උපනික්ඛිත්තකං මා විනස්සීති ඉධ ආහටං චීවරාදිවෙභඞ්ගියභණ්ඩං, තං තත්ථෙව ගන්ත්වා අපලොකෙත්වා භාජෙතබ්බං. “ඉතො අය්යානං චත්තාරො පච්චයෙ දෙථා”ති කප්පියකාරකානං දින්නෙ ඛෙත්තවත්ථුආදිකෙ තත්රුප්පාදෙපි එසෙව නයො. සඞ්ඝිකඤ්හි වෙභඞ්ගියභණ්ඩං අන්තොවිහාරෙ වා බහිසීමාය වා හොතු, බහිසීමාය ඨිතානං අපලොකෙත්වා භාජෙතුං න වට්ටති. උභයත්ථ ඨිතම්පි පන අන්තොසීමාය ඨිතානං අපලොකෙත්වා භාජෙතුං වට්ටතියෙව.
ඉදින් පවාරණය කළ කල්හි වසාවාසිකය දෙත්ද, සත්තාහවාරයෙන් අරුණ නැංවූවාහුද, ගතයුතුය. සුන්වස් ඇතියවුන් විසින් ‘අපි එහි නොවිසීමු, අපි සුන්වස් ඇතියමෝ’යි කියයුතුය. ‘අපගේ සෙනසුන යම් කෙනෙකුන්හට පමුණුවන ලද්දේ ද, ඔවුහු ගනිත්වා’යි කියත්නම් ගතයුතුය. විහාරයෙහි තබනලද යමක් නොනැසේවා’යි මෙහි ගෙනෙනලද සිවුරු ඈ බෙදියයුතු බඩු, එහිම ගොස් අපලොකනයකොට බෙදිය යුතුය. මෙයින් ආර්‍ය්‍යයන්ට සිවුපසය දුනමැනවැ’යි කැපකරුවන්ට දුන් කෙත්වත් ආදී වූ තත්රොත්යාදයෙහිද මෙමනය වේ. සඞ්ඝිකවුව බෙදියයුතු බඩුවක් වෙහෙරතුළ හෝ සීමාවෙන් පිටත හෝ වේවා, සීමාවෙන් පිටත සිටියවුන්ට අපලොකනය කොට බෙදීම නොවටියි. දෙතන්හි තුබුනක් වනාහි සීමාව තුළ සිටියවුන්ට අපලොකනය කොට බෙදීම වටීමය.
සඞ්ඝභෙදෙඅනාපත්තිවස්සච්ඡෙදකථා
සඞ්ඝභෙදෙඅනාපත්තිවස්සච්ඡෙදකථා
සඞ්ඝො භින්නොති එත්ථ භින්නෙ සඞ්ඝෙ ගන්ත්වා කරණීයං නත්ථි, යො පන “භිජ්ජිස්සතී”ති ආසඞ්කිතො, තං සන්ධාය “භින්නො”ති වුත්තං. සම්බහුලාහි භික්ඛුනීහි සඞ්ඝො භින්නොති එත්ථ න භික්ඛුනීහි සඞ්ඝො භින්නොති දට්ඨබ්බො. වුත්තඤ්හෙතං “න ඛො උපාලි භික්ඛුනී සඞ්ඝං භින්දතී”ති. එතා පන නිස්සාය අනුබලං කත්වා යං සඞ්ඝං “භික්ඛූ භින්දෙය්යු”න්ති ආසඞ්කා හොති, තං සන්ධායෙතං වුත්තං.
“සඞ්ඝො භින්නො” මෙහි සඞ්ඝයා බිඳුනුකල්හි ගොස් කටයුත්තෙක් නැත්තේය. ඒ සඞ්ඝතෙමේ බිඳෙන්නේයයි සැකකරන ලද්දේද, ඒ සඳහා “භින්නො”යි කියනලදි. “සම්බහුලාහි භික්ඛුණීහි සඞ්ඝො භින්නො” මෙහි මෙහෙණන් විසින් සඞ්ඝතෙමේ බිඳින ලදැ’යි නොදතයුතුය. “න ඛො උපාලි භික්ඛුණීසඞ්ඝං භින්දති”යි මෙය වදාරණ ලද්දේය. භික්ෂූහු, මේ මෙහෙණන් නිසා, මේ මෙහෙණන් අනුබලකොට යම් සඞ්ඝ කොටසක් බිඳින්නාහුයයි සැකයක් වේද ඒ කරුණ සඳහා මෙය වදාරණ ලදී.
වජාදීසුවස්සූපගමනකථා
වජාදීසුවස්සූපගමනකථා
වජොති ගොපාලකානං නිවාසට්ඨානං. යෙන වජොති එත්ථ වජෙන සද්ධිං ගතස්ස වස්සච්ඡෙදෙ අනාපත්ති.
“වජො” ගොපලුන් වසන තැනය. “යෙන වජො” මෙහි ගොපලුන් සමග ගිය ඒ මහණහට ඇවැත් නොවේ.
උපකට්ඨායාති ආසන්නාය. සත්ථෙ වස්සං උපගන්තුන්ති එත්ථ වස්සූපනායිකදිවසෙ තෙන භික්ඛුනා උපාසකා වත්තබ්බා “කුටිකා ලද්ධුං වට්ටතී”ති. සචෙ කරිත්වා දෙන්ති, තත්ථ පවිසිත්වා “ඉධ වස්සං උපෙමී”ති තික්ඛත්තුං වත්තබ්බං. නො චෙ දෙන්ති, සාලාසඞ්ඛෙපෙන ඨිතසකටස්ස හෙට්ඨා උපගන්තබ්බං. තම්පි අලභන්තෙන ආලයො කාතබ්බො. සත්ථෙ පන වස්සං උපගන්තුං න වට්ටති. ආලයො නාම “ඉධ වස්සං වසිස්සාමී”ති චිත්තුප්පාදමත්තං. සචෙ මග්ගප්පටිපන්නෙයෙව සත්ථෙ පවාරණදිවසො හොති, තත්ථෙව පවාරෙතබ්බං. අථ සත්ථො අන්තොවස්සෙයෙව භික්ඛුනා පත්ථිතට්ඨානං පත්වා අතික්කමති, පත්ථිතට්ඨානෙ වසිත්වා තත්ථ භික්ඛූහි සද්ධිං පවාරෙතබ්බං. අථාපි සත්ථො අන්තොවස්සෙයෙව අන්තරා එකස්මිං ගාමෙ තිට්ඨති වා විප්පකිරති වා, තස්මිංයෙව ගාමෙ භික්ඛූහි සද්ධිං වසිත්වා පවාරෙතබ්බං, අපවාරෙත්වා තතො පරං ගන්තුං න වට්ටති.
“උපකට්ඨාය” වස් වසන දවස සමීපවූ කල්හි “සත්ථෙ වස්සං උපගන්තුං” මෙහි වස් එළඹෙන දවස පැමිණි කල්හි ජනසමූහයා හා අදන්මග යන ඒ මහණහු විසින් ‘උපාසකයෙනි’ කිළියක් ලැබිය යුතුය’යි උපාසකයන්ට කියයුතුය. කිළියක් කොට දෙත්නම්, එහි පිවිස, “ඉධ වස්සං උපෙමි”යි තෙවරක් කියයුතුය. කිළියක් කොට නොදෙත්නම්, ශාලාසඞ්ක්ෂෙපයෙන් සිටි ගැලයට වස් එළඹිය යුතුය. එය නොලබන්නහු විසින් ආලය කටයුතුය. අදන්මගයහ. ජනසමූහයෙහි වස් එළඹීම නොවටියි. ආලයනම් ‘මෙහි වස් වසන්නෙමි’යි චිත්තොත්පාද මාත්‍රයෙකි. ජනසමූහයා මගට පිළිපන්කල්හිම පවාරණ දවස වේ නම්, එහිම පැවරිය යුතුය. එහිම ජනසමූහතෙමේ වසතුළම මහණහු විසින් කැමතිවනලද තැනට පැමිණියේද, පැතූ තැන වැස එහි භික්ෂූන් සමග පැවරිය යුතුය. නැවතද ජනසමූහය වසතුළම අතර එක් ගමෙක සිටී හෝ විසිරේ හෝ එම ගමෙහි මහණුන් සමග වැස පැවරිය යුතුය. නොපවරා ඉන් ඈත යන්නට නොවටියි.
නාවායං වස්සං උපගච්ඡන්තෙනාපි කුටියංයෙව උපගන්තබ්බං. පරියෙසිත්වා අලභන්තෙන ආලයො කාතබ්බො. සචෙ අන්තොතෙමාසං නාවා සමුද්දෙයෙව හොති, තත්ථෙව පවාරෙතබ්බං. අථ නාවා කූලං ලභති, අයඤ්ච පරතො ගන්තුකාමො හොති, ගන්තුං න වට්ටති. නාවාය ලද්ධගාමෙයෙව වසිත්වා භික්ඛූහි සද්ධිං පවාරෙතබ්බං. සචෙපි නාවා අනුතීරමෙව අඤ්ඤත්ථ ගච්ඡති, භික්ඛු ච පඨමං ලද්ධගාමෙයෙව වසිතුකාමො, නාවා ගච්ඡතු භික්ඛුනා තත්ථෙව වසිත්වා භික්ඛූහි සද්ධිං පවාරෙතබ්බං .
“නාවාය වස්සං” නැවෙහි වස් එළඹෙන්නහු විසින්ද, කිළියෙක්හිම වස් එළඹිය යුතුය. සොයා නොලබන්නහු විසින් ආලය කටයුතුය. නැව තෙමස තුළ මුහුදෙහිම වේද, එහිදීම පැවරිය යුතුය. නැවත නැව ඉවුරක් ලබාද, මේ මහණතෙමේත් ඈත යනු කැමත්තේ වේද, යෑම නොවටියි. නැව ලද ගමෙහිම වැස මහණුන් සමග පැවරිය යුතුය. නැව ඉවුරට අනුවම අන් තැනකයේද, මහණතෙමේද පළමු ලැබූ ගමෙහිම වසනු කැමැත්තේද, ‘නැව යේවා, මහණහු එහිම වැස මහණුන් සමග පැවරිය යුතුය.
ඉති වජෙ සත්ථෙ නාවායන්ති තීසු ඨානෙසු නත්ථි වස්සච්ඡෙදෙ ආපත්ති, පවාරෙතුඤ්ච ලභති. පුරිමෙසු පන “වාළෙහි උබ්බාළ්හා හොන්තී”තිආදීසු සඞ්ඝභෙදපරියන්තෙසු වත්ථූසු කෙවලං අනාපත්ති හොති, පවාරෙතුං පන න ලභති.
මෙසේ ගොපලුන් වසනතැන, ජනසමූහයෙහි, නැවෙහි යන තුන් තැන්හි ඔවුන් සමග යන මහණහට වස් සිඳීමෙහි ඇවැත් නැත්තේය. පවාරණයද ලබයි. පළමුවූ ‘චණ්ඩවන මෘගයන් විසින් පෙළන ලද්දාහු වෙත්, යනාදිවූ සඞ්ඝභෙදය කෙළවරකොට ඇති වස්තූන්හි හුදෙක් ඇවැත් නොවේ. පැවරීමද නොලබයි.
න භික්ඛවෙ රුක්ඛසුසිරෙති එත්ථ සුද්ධෙ රුක්ඛසුසිරෙයෙව න වට්ටති; මහන්තස්ස පන රුක්ඛසුසිරස්ස අන්තො පදරච්ඡදනං කුටිකං කත්වා පවිසනද්වාරං යොජෙත්වා උපගන්තුං වට්ටති. රූක්ඛං ඡින්දිත්වා ඛාණුකමත්ථකෙ පදරච්ඡදනං කුටිකං කත්වාපි වට්ටතියෙව. රුක්ඛවිටභියාති එත්ථාපි සුද්ධෙ විටපමත්තෙ න වට්ටති. මහාවිටපෙ පන අට්ටකං බන්ධිත්වා තත්ථ පදරච්ඡදනං කුටිකං කත්වා උපගන්තබ්බං. අසෙනාසනිකෙනාති යස්ස පඤ්චන්නං ඡදනානං අඤ්ඤතරෙන ඡන්නං යොජිතද්වාරබන්ධනං සෙනාසනං නත්ථි, තෙන න උපගන්තබ්බං. න භික්ඛවෙ ඡවකුටිකායන්ති ඡවකුටිකා නාම ටඞ්කිතමඤ්චාදිභෙදා කුටි, තත්ථ උපගන්තුං න වට්ටති. සුසානෙ පන අඤ්ඤං කුටිකං කත්වා උපගන්තුං වට්ටති. න භික්ඛවෙ ඡත්තෙති එත්ථාපි චතූසු ථම්භෙසු ඡත්තං ඨපෙත්වා ආවරණං කත්වා ද්වාරං යොජෙත්වා උපගන්තුං වට්ටති, ඡත්තකුටිකා නාමෙසා හොති. චාටියාති එත්ථාපි මහන්තෙන කපල්ලෙන ඡත්තෙ වුත්තනයෙන කුටිං කත්වා උපගන්තුං වට්ටති.
“න භික්ඛවෙ රුක්ඛසුසිරෙ” මෙහි පිරිසිදු වූ රුක්සිදුරෙහිම වස් එළඹීම නොවටියි. මහත්වූ රුක්සිදුර තුළ පුවරු සෙවෙනි කිළියක්කොට එහි කවුළු සහිත දොරකඩක් තබා වස් එළැඹීම වටියි. රුක සිඳ දමා කණුව මත පුවරු සෙවෙනි කිළියකොටද වස් එළැඹීම වටියි. “රුක්ඛවිටතියා” මෙහිද පිරිසිදු වෙළෙස්මාත්රයෙක්හි වස් එළඹීම නොවටියි. මහවෙළෙපෙක්හි අටල්ලක් බැඳ, එතැන්හි පුවරුසෙවෙනි කිළියක්කොට වස් එළඹිය යුතුය. “අසෙනාසනිකෙන” යම් සෙනසුනක තණ-පත්-ගඩොල් ගල්-හුණු යන පස්වැදෑරුම් වු ඡදනයන් අතුරෙහි එක්තරා එකකින් සෙවෙනිකළ යෙදූ දොරකවුළු ඇති සෙනසුනක් නැත්තේනම්, එහි වස් නොඑළඹිය යුතුය. “න භික්ඛවෙ ඡවකුටිකායං” මෙහි ඡවකිළි නම්, (දිග් ඇදෙහි පාවිද ඇඳවත යොදා කළ) ටඞ්කිත මඤ්චාදිභෙද ඇති කිළියයි. එහි වස් එළැඹීම නොවටියි. ඒ ඇඳ සොහොනෙහිද දෙවස්ථානයෙහිද තබත්. ගල්කණු සතරක් මතුවෙහි ගල් පුවරු අතුරා කළ ගෙයද ටඞ්කිතමඤ්චයි කියනු ලැබේ. සොහොනෙහි අන් කිළියක්කොට වස් එළඹෙන්නට වටියි. “න භික්ඛවෙ ඡත්තෙ” මෙහිද කණු සතරක ඡත්රය තබා ආවරණකොට දොර යොදා වස්ඵළැඹීම වටියි. මෝ ඡත්රකුටිකා නම් වන්නීය: “චාටියා” මෙහිද ඡත්‍රයෙහි කියූනයින්ම මහත් කබලකින් කිළියක් කොට වස් එළඹීම වටියි.
අධම්මිකකතිකාදිකථා
අධම්මිකකතිකාදිකථා
එවරූපා කතිකාති එත්ථ අඤ්ඤාපි යා ඊදිසී අධම්මිකා කතිකා හොති, සා න කාතබ්බාති අත්ථො. තස්සා ලක්ඛණං මහාවිභඞ්ගෙ වුත්තං.
“එවරූපා කතිකා” මෙහි මෙබඳු අන්‍ය වූ අධාර්මික වූ යම් කතිකාවක් වන්නීද, ඕතොමෝ නොකටයුත්තීය යන අර්‍ත්‍ථයි. ඒ අධාර්මික කතිකාවගේ ලක්ෂණය සිදුවන පාරාජික වර්ණනාවෙහි කියනලදී.
පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්සාති එත්ථ න කෙවලං “ඉමං තෙමාසං ඉධ වස්සං වසථා”ති එතස්සෙව පටිස්සවෙ ආපත්ති, “ඉමං තෙමාසං භික්ඛං ගණ්හථ, උභොපි මයං ඉධ වස්සං වසිස්සාම, එකතො උද්දිසාපෙස්සාමා”ති එවමාදිනාපි තස්ස තස්ස පටිස්සවෙ දුක්කටං. තඤ්ච ඛො පඨමං සුද්ධචිත්තස්ස පච්ඡා විසංවාදනපච්චයා, පඨමම්පි අසුද්ධචිත්තස්ස පන පටිස්සවෙ පාචිත්තියං, විසංවාදනෙ දුක්කටන්ති පාචිත්තියෙන සද්ධිං දුක්කටං යුජ්ජති.
“පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස” මෙහි හුදෙක් ‘මේ තෙමස මෙහි වස්විසුව මැනවැ’යි මේම පිළිබඳ ගිවිසීමෙහිද, ඇවැත් වේ. ‘මේ තෙමස භික්ෂාව ගනු මැනව, අපි දෙදෙන මෙහිම වස් වසන්නෙමු, එකට උදෙසවා ගන්නෙමු’යි මේ ආදීන්ද, ඔහු ඔහුට ගිවිසීමෙහි දුක්කටය වේ. එදවනාහි පළමුකොට පිරිසිදු සිත් ඇතියහුටය. පසුව විසංවාදනය ප්‍රත්‍යයෙහි පළමුකොටද, අපිරිසිදු සිත් ඇතියහුට වනාහි ගිවිසීමෙහි පාචිත්තිය වේ. විසංවාදයෙන් දුක්කටයයි පාචිත්තිය සමග දුක්කටය යෙදේ.
සො තදහෙව අකරණීයොතිආදීසු සචෙ වස්සං අනුපගන්ත්වා වා පක්කමති, උපගන්ත්වා වා සත්තාහං බහිද්ධා වීතිනාමෙති, පුරිමිකා ච න පඤ්ඤායති, පටිස්සවෙ ච ආපත්ති. වස්සං උපගන්ත්වා පන අරුණං අනුට්ඨාපෙත්වා තදහෙව සත්තාහකරණීයෙන පක්කමන්තස්සාපි අන්තොසත්තාහෙ නිවත්තන්තස්ස අනාපත්ති, කො පන වාදො ද්වීහතීහං වසිත්වා අන්තොසත්තාහෙ නිවත්තන්තස්ස. ද්වීහතීහං වසිත්වාති එත්ථාපි නිරපෙක්ඛෙනෙව උපචාරාතික්කමෙ වස්සච්ඡෙදො වෙදිතබ්බො. සචෙ ඉධ වසිස්සාමීති ආලයො අත්ථි, අසතියා පන වස්සං න උපෙති, ගහිතසෙනාසනං සුග්ගහිතං, ඡින්නවස්සො න හොති, පවාරෙතුං ලභතියෙව.
“සො තදහෙව අකරණීයො” යනාදි තන්හි වස් නොඑළඹියේනම්, එළඹ හෝ සත්දවසක් පිටත කල් යවා නම්, පෙරවසත් නොපෙනේනම්, ගිවිසීමෙහිද ඇවැත් වේ. වස් එළඹ අරුණ නොනංවා එදවස්හිම සත්තාහකරණීයයෙන් යන මහණහටද, සත් දවසක්තුළ නවත්නා මහණහටද ඇවැත් නොවේ. දෙතුන් දවසක් වැස සත්තාහකරණීයයෙන් පිටත ගොස් නැවත වස්විසූ දිනපටන් ඒ අතර සත් දවසතුළ නවත්නා මහණහට ඇවැත් නොවනබව කියනු කිම, ‘මෙහි වසන්නෙමි’යි ආලය ඇත්තේ නම්, නොසිහියෙන් වස් නොඑළැඹේනම්, ගත් සෙනසුන මොනවට ගන්නා ලද්දේ වේ. සුන් වස් ඇත්තේ නොවේ. පැවරීම ලබාමය.
සත්තාහං අනාගතාය පවාරණායාති එත්ථ නවමිතො පට්ඨාය ගන්තුං වට්ටති, ආගච්ඡතු වා මා වා, අනාපත්ති. සෙසං උත්තානමෙවාති.
“සත්තාහං අනාගතාය පවාරණාය” මෙහි නවමියෙහි පටන් සත්තාහකරණීයයෙන් යෑම වටියි. වස්විසූ සීමාවට ඒවා හෝ නොඒවා හෝ ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
වස්සූපනායිකක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
වස්සූපනායිකක්ඛන්ධක වර්ණනාව නිමි.