යෙදුමෙන් කියවන්න

පවාරණාක‍්ඛන්‍ධකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පවාරනක්‍ඛන්‍ධක වර්‍ණනාව

අඵාසුකවිහාරකථා

අඵාසුකවිහාරකථා

පවාරණාක‍්ඛන්‍ධකෙ – නෙව ආලපෙය්‍යාම න සල‍්ලපෙය්‍යාමාති එත්‍ථ ආලාපො නාම පඨමවචනං; සල‍්ලාපො පච‍්ඡිමවචනං. හත්‍ථවිලඞ‍්ඝකෙනාති හත්‍ථුක‍්ඛෙපකෙන. පසුසංවාසන‍්ති පසූනං විය සංවාසං. පසවොපි හි අත‍්තනො උප‍්පන‍්නං සුඛදුක‍්ඛං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස න ආරොචෙන‍්ති, පටිසන්‍ථාරං න කරොන‍්ති, තථා එතෙපි න අකංසු; තස‍්මා නෙසං සංවාසො “පසුසංවාසො”ති වුච‍්චති. එස නයො සබ‍්බත්‍ථ. න භික‍්ඛවෙ මූගබ‍්බතං තිත්‍ථියසමාදානන‍්ති “ඉමං තෙමාසං න කථෙතබ‍්බ”න‍්ති එවරූපං වතසමාදානං න කාතබ‍්බං; අධම‍්මකතිකා හෙසා. අඤ‍්ඤමඤ‍්ඤානුලොමතාති අඤ‍්ඤමඤ‍්ඤං වත‍්තුං අනුලොමභාවො. “වදන‍්තු මං ආයස‍්මන‍්තො”ති හි වදන‍්තං සක‍්කා හොති කිඤ‍්චි වත‍්තුං; න ඉතරං. ආපත‍්තිවුට‍්ඨානතා විනයපුරෙක‍්ඛාරතාති ආපත‍්තීහි වුට‍්ඨානභාවො විනයං පුරතො කත්‍වා චරණභාවො. “වදන‍්තු මං ආයස‍්මන‍්තො”ති හි එවං වදන‍්තො ආපත‍්තීහි වුට‍්ඨහිස‍්සති, විනයඤ‍්ච පුරක‍්ඛත්‍වා විහරිස‍්සතීති වුච‍්චති.

පවාරනක්‍ඛන්‍ධකයෙහි - “නෙව ආලපෙය්‍යාම න සල්ලපෙය්‍යාම” යන මෙහි ආලාප නම්. ප්‍රථම වචනයයි. සල්ලාප නම් පශ්චිම වචනයයි. “හත්‍ථවිලඞ්ඝකෙන” අත්විලඟින් ‘පසු සංවාසය’ සිවුපාවුන්ගේ මෙන් එක්ව විසීමය. සිවුපාවෝද වනාහි තමතමන්ට උපන් සුවදුක් ඔවුනොවුන්ට නොසැලකෙරෙත්. පිළිසඳර නොකෙරෙත්. මේ මහණෝද එසේ නොකළාහුය. එහෙයින් ඔවුන්ගේ සංවාසය පසුසංවාසයි කියනු ලැබේ. සියලුතන්හි මේනය වේ. “න භික්‍ඛවෙ මූගබ්බතං තිත්‍ථියසමාදානං” ‘මේ තෙමස නොබිණිය යුතුය’යි මෙබඳුවූ ව්‍රතසමාදානයක් නොකටයුතුය. මෝතොමෝ අධර්‍ම කතිකාවක්මය. “අඤ්ඤමඤ්ඤානුලොමතා” වස්වැස නිමකළ මහණුන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුනෙන් පැවරීම උනුන්ගේ අනුලොම්බවය. ‘ආයුෂ්මත්හු මට කියත්වා’මැයි කියන්නහුට කිසිවක් කියන්නට හැක්කේ වේ. අනිකක්හට කියන්නට නොහැකි වේ. “ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්‍ඛාරතා” ඒ තුන් කරුණෙන් පැවරීමෙන් ඇවැතින් නැගී සිටින බවය. විනය පෙරටුකොට මෙසේ කියනු ලැබේ.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අජ‍්ජ පවාරණා, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො පවාරෙය්‍යාති අයං සබ‍්බසඞ‍්ගාහිකා නාම ඤත‍්ති; එවඤ‍්හි වුත‍්තෙ තෙවාචිකං ද‍්වෙවාචිකං එකවාචිකඤ‍්ච පවාරෙතුං වට‍්ටති. සමානවස‍්සිකං න වට‍්ටති. “තෙවාචිකං පවාරෙය්‍යා”ති වුත‍්තෙ පන තෙවාචිකමෙව වට‍්ටති, අඤ‍්ඤං න වට‍්ටති. “ද‍්වෙවාචිකං පවාරෙය්‍යා”ති වුත‍්තෙ ද‍්වෙවාචිකඤ‍්ච තෙවාචිකඤ‍්ච වට‍්ටති, එකවාචිකඤ‍්ච සමානවස‍්සිකඤ‍්ච න වට‍්ටති. “එකවාචිකං පවාරෙය්‍යා”ති වුත‍්තෙ පන එකවාචික-ද‍්වෙවාචික-තෙවාචිකානි වට‍්ටන‍්ති, සමානවස‍්සිකමෙව න වට‍්ටති. “සමානවස‍්සික”න‍්ති වුත‍්තෙ සබ‍්බං වට‍්ටති.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජ පවාරණ, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්‍ය” යන මෙය සර්‍වසඞ්ග්‍රාහික නම් ඤත්තියයි. මෙසේ කියූ කල්හි තෙවරක් කියා හෝ දෙවරක් කියා හෝ එක්වරක් කියා හෝ පැවරීම වටියි. සමානවස්සිකය නොවටියි. සමානවස්සිකය නම් එක් අවුරුද්දෙහි ලැබූ උපසම්පදාව ඇතියෝය. “තෙවාචිකං පවාරෙය්‍ය”යි කියූකල්හි ද්වෙවාචිකයද, තෙවාචිකයද වටියි. එකවාචිකයක් සමානවස්සිකයන් නොවටියි. “එකවාචිකං පවාරෙය්‍ය”යි කියූකල්හි එකවාචික, ද්වෙවාචික, තෙවවාචික යන මොවුහු වටිත්. සමානවස්සිකයම නොවටියි. “සමානවස්සික”යි කියූ කල්හි සියල්ල වටියි.

අච‍්ඡන‍්තීති නිසින‍්නාව හොන‍්ති, න උට‍්ඨහන‍්ති. තදමන‍්තරාති තදන‍්තරා; තාවතකං කාලන‍්ති අත්‍ථො.

“අච්ඡන්ති” හුන්නාහුම වෙත්. නොනැගිටිත්. “තදනන්තරා” එයට අනතුරුව. එපමණකල්ය යන අර්‍ත්‍ථයි.

පවාරණාභෙදකථා

පවාරණාභෙදකථා

චාතුද‍්දසිකා ච පන‍්නරසිකා චාති එත්‍ථ චාතුද‍්දසිකාය “අජ‍්ජ පවාරණා චාතුද‍්දසී”ති එවං පුබ‍්බකිච‍්චං කාතබ‍්බං, පන‍්නරසිකාය “අජ‍්ජ පවාරණා පන‍්නරසී”ති.

“චාතුද්දසිකා ච පණ්ණරසිකා ච” මෙහි චාතුද්දසියෙහි “අජ්ජපවාරණ චාතුද්දසී”යි මෙසේ පූර්‍වකෘත්‍යය කටයුතුය. “පණ්ණරසියෙහි අජ්ජපවාරණා පණ්ණරසී”යි මෙසේ පූර්‍වකෘත්‍යය කටයුතුය.

පවාරණකම‍්මෙසු සචෙ එකස‍්මිං විහාරෙ පඤ‍්චසු භික‍්ඛූසු වසන‍්තෙසු එකස‍්ස පවාරණං ආහරිත්‍වා චත‍්තාරො ගණඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, චතූසු තීසු වා වසන‍්තෙසු එකස‍්ස පවාරණං ආහරිත්‍වා තයො වා ද‍්වෙ වා සඞ‍්ඝඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, සබ‍්බමෙතං අධම‍්මෙනවග‍්ගං පවාරණකම‍්මං.

පවාරණ කර්‍මයන්හි එක් විහාරයක මහණුන් පස්නමක් වසන කල්හි එක් මහණකගේ පවාරණය ගෙනවුත් සතර දෙනෙක් ගණඤත්තිය තබා පවරත්ද, සිවු දෙනකුන් හෝ තිදෙනකුන් හෝ වසන කල්හි එකක්හුගේ පවාරණය ගෙණවුත් තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ සඞ්ඝඤත්තිය තබා පවරත්ද, මේ සියල්ලම අධර්‍මයෙන් වර්‍ගපවාරණකර්‍මයයි.

සචෙ පන සබ‍්බෙපි පඤ‍්ච ජනා එකතො සන‍්නිපතිත්‍වා ගණඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, චත‍්තාරො තයො වා ද‍්වෙ වා වසන‍්තා එකතො සන‍්නිපතිත්‍වා සඞ‍්ඝඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, සබ‍්බමෙතං අධම‍්මෙනසමග‍්ගං පවාරණකම‍්මං.

ඉදින් සියලු පස්දෙනම එකට රැස්ව ගණඤත්තිය තබා පවරත්ද, සිවු දෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ වසනුවෝ එකට රැස්ව සඞ්ඝඤත්තිය තබා පවරත්ද මේ සියල්ලද අධර්‍මයෙන් සමග්‍ර පවාරණකර්‍මයයි.

සචෙ පඤ‍්චසු ජනෙසු එකස‍්ස පවාරණං ආහරිත්‍වා චත‍්තාරො සඞ‍්ඝඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, චතූසු තීසු වා එකස‍්ස පවාරණං ආහරිත්‍වා තයො වා ද‍්වෙ වා ගණඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, සබ‍්බමෙතං ධම‍්මෙනවග‍්ගං පවාරණකම‍්මං .

ඉදින් පස්දෙනකුන් අතුරෙහි එකක්හුගේ පවාරණය ගෙනවුත් සිවුදෙනෙක් සඞ්ඝඤත්තිය තබා පවරත්ද, සිවුදෙනකුන් අතුරෙහි හෝ තිදෙනකුන් අතුරෙහි හෝ එකක්හුගේ පවාරණය ගෙනවුත් තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ගණඤත්තිය තබා පවරත්ද, මේ සියල්ලද ධර්‍මයෙන් වර්‍ග පවාරණකර්‍මයයි.

සචෙ පන සබ‍්බෙපි පඤ‍්ච ජනා එකතො සන‍්නිපතිත්‍වා සඞ‍්ඝඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, චත‍්තාරො වා තයො වා එකතො සන‍්නිපතිත්‍වා ගණඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙන‍්ති, ද‍්වෙ අඤ‍්ඤමඤ‍්ඤං පවාරෙන‍්ති, එකකො වසන‍්තො අධිට‍්ඨානපවාරණං කරොති, සබ‍්බමෙතං ධම‍්මෙනසමග‍්ගං නාම පවාරණකම‍්මන‍්ති.

සියලු පස් දෙනම එකට රැස්ව සඞ්ඝඤත්තිය තබා පවරත්ද, සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ එකට රැස්ව ගණඤත්තිය තබා පවරත්ද, දෙදෙනෙක් ඔවුනොවුන් පවරත්ද, එකලාව වසනුයේ අධිට්ඨානපවාරණය කෙරේද, මේ සියල්ලද, ධර්‍මයෙන් සමග්‍ර නම් පවාරණකර්‍මයයි.

පවාරණාදානානුජානනකථා

පවාරණාදානානුජානනකථා

දින‍්නා හොති පවාරණාති එත්‍ථ එවං දින‍්නාය පවාරණාය පවාරණාහාරකෙන සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එවං පවාරෙතබ‍්බං – “තිස‍්සො භන‍්තෙ භික‍්ඛු සඞ‍්ඝං පවාරෙති දිට‍්ඨෙන වා සුතෙන වා පරිසඞ‍්කාය වා, වදතු තං භන‍්තෙ සඞ‍්ඝො අනුකම‍්පං උපාදාය, පස‍්සන‍්තො පටිකරිස‍්සති. දුතියම‍්පි…පෙ… තතියම‍්පි භන‍්තෙ තිස‍්සො භික‍්ඛු සඞ‍්ඝං පවාරෙති…පෙ… පටිකරිස‍්සතී”ති . සචෙ පන වුඩ‍්ඪතරො හොති, “ආයස‍්මා භන‍්තෙ තිස‍්සො”ති වත‍්තබ‍්බං; එවඤ‍්හි තෙන තස‍්සත්‍ථාය පවාරිතං හොතීති.

“දින්නා හොති පවාරණා” මෙහි පවාරණය දෙන මහණහු විසින් එක් මහණකු කරා එළඹ උතුරු සළුව එකස්කොට උක්කුටුකයෙන් හිඳ ඇඳිලි බැඳ “පවාරණං දම්මි. පවාරණං මෙ හර, මමත්‍ථාය පවාරෙහි”යි මෙසේ පවාරණය දුන්කල්හි පවාරණය ගෙනඑන්නහු විසින් සඞ්ඝයා වෙත එළඹ “තිස්සො භන්තෙ භික්‍ඛු සඞ්ඝං පවාරෙති. දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතුං තං භන්තෙ සඞ්ඝො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාති දුතියම්පි - තතියම්පි භන්තෙ තිස්සො භික්‍ඛු සඞ්ඝං පවාරෙති -පෙ- පටිකරිස්සති”යි මෙසේ පැවැරිය යුතුය. ඉදින් පවාරණය දෙන මහණතෙමේ වෘද්ධතරවේද, “ආයස්මා භන්තෙ තිස්සො”යි කියයුතුය. මෙසේ වනාහි ඔහු විසින් ඔහු පිණිස පවරණ ලද්දේය’යි

පවාරණං දෙන‍්තෙන ඡන්‍දම‍්පි දාතුන‍්ති එත්‍ථ ඡන්‍දදානං උපොසථක‍්ඛන්‍ධකෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉධාපි ච ඡන්‍දදානං අවසෙසකම‍්මත්‍ථාය. තස‍්මා සචෙ පවාරණං දෙන‍්තො ඡන්‍දං දෙති, වුත‍්තනයෙන ආහටාය පවාරණාය තෙන ච භික‍්ඛුනා සඞ‍්ඝෙන ච පවාරිතමෙව හොති. අථ පවාරණමෙව දෙති, න ඡන්‍දං, තස‍්ස ච පවාරණාය ආරොචිතාය සඞ‍්ඝෙන ච පවාරිතෙ සබ‍්බෙසං සුප‍්පවාරිතං හොති, අඤ‍්ඤං පන කම‍්මං කුප‍්පති. සචෙ ඡන්‍දමෙව දෙති න පවාරණං, සඞ‍්ඝස‍්ස පවාරණා ච සෙසකම‍්මානි ච න කුප‍්පන‍්ති, තෙන පන භික‍්ඛුනා අප‍්පවාරිතං හොති. පවාරණදිවසෙ පන බහිසීමායං පවාරණං අධිට‍්ඨහිත්‍වා ආගතෙනපි ඡන්‍දො දාතබ‍්බො, තෙන සඞ‍්ඝස‍්ස පවාරණකම‍්මං න කුප‍්පති.

“පවාරණං දෙන්තෙන ඡන්‍දම්පි දාතුං” මෙහි ඡන්‍දය දීම සෙස්සන්ගේ කර්‍ම සිද්ධිය පිණිසය. එහෙයින් පවාරණය දෙන්නේ ඡන්‍දය දෙන්නේය කියූනයින් පවාරණය ගෙන ආකල්හි පවාරණය දෙන ඒ මහණහු විසින්ද සඞ්ඝයා විසින්ද පවරණ ලද්දේම වේ. නැවත පවාරණය පමණක්ම දෙන්නේද, ඡන්‍දය නොදෙන්නේද, ඔහුගේද, පවාරණය ආරොචනය කළ කල්හි සඞ්ඝයා විසින්ද පැවරූකල්හි සියල්ලන් විසින් මොනවට පවරණ ලද්දේ වේ. අන්‍යවූ කර්‍මය කොප්‍ය වේ. ඉදින් ඡන්‍දයම දෙන්නේනම්, පවාරණය නොදෙන්නේනම්, සඞ්ඝයාගේ පවාරණයද, සෙසුකර්‍මද කොප්‍ය නොවේ. ඒ මහණහු විසින් නොපවරණ ලද්දේ වේ. පවාරණ දවසෙහි වනාහි පිටත සීමාවක පවාරණය ඉටා ආවහු විසින්ද, ඡන්‍දය දිය යුත්තේය. එයින් සඞ්ඝයාගේ පවාරණ කර්‍මය කොප්‍ය නොවන්නේය.

අජ‍්ජ මෙ පවාරණාති එත්‍ථ සචෙ චාතුද‍්දසිකා හොති, “අජ‍්ජ මෙ පවාරණා චාතුද‍්දසී”ති සචෙ පන‍්නරසිකා “අජ‍්ජ මෙ පවාරණා පන‍්නරසී”ති එවං අධිට‍්ඨාතබ‍්බං.

“අජ්ජ මෙ පවාරණා” මෙහි ඉදින් චාතුද්දසිය වන්නීද, “අජ්ජ මෙ පවාරණ චතුද්දසී”යිද, ඉදින් පණ්ණරසිය වන්නීද, “අජ්ජ මෙ පවාරණ පණ්ණරසී”යි මෙසේ ඉටියයුතුය.

තදහුපවාරණාය ආපත‍්තින‍්තිආදි වුත‍්තනයමෙව.

“තදහු පාවාරණාය ආපත්තිං” යනාදිය කියූනයමය.

අනාපත‍්තිපන‍්නරසකාදිකථා

අනාපත්තිපන්නරසකාදිකථා

පුන පවාරෙතබ‍්බන‍්ති පුන පුබ‍්බකිච‍්චං කත්‍වා ඤත‍්තිං ඨපෙත්‍වා සඞ‍්ඝත්‍ථෙරතො පට‍්ඨාය පවාරෙතබ‍්බං. සෙසං උපොසථක‍්ඛන්‍ධකවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

“පුන පවාරෙතබ්බං” නැවත පූර්‍වකෘත්‍යයකොට ඤත්තිය තබා සඞ්ඝ ස්ථවිරයන් පටන් පැවැරිය යුතුය. සෙස්ස උපොසථක්‍ඛන්‍ධක වර්‍ණනාවෙහි කියූනයින්ම දතයුතුය.

ආගන‍්තුකෙහි ආවාසිකානං අනුවත‍්තිතබ‍්බන‍්ති “අජ‍්ජ පවාරණා චාතුද‍්දසී”ති එතදෙව පුබ‍්බකිච‍්චං කාතබ‍්බං. පන‍්නරසිකවාරෙපි එසෙව නයො. ආවාසිකෙහි නිස‍්සීමං ගන‍්ත්‍වා පවාරෙතබ‍්බන‍්ති අස‍්සාවසානෙ අයං පාළිමුත‍්තකවිනිච‍්ඡයො – සචෙ පුරිමිකාය පඤ‍්ච භික‍්ඛූ වස‍්සං උපගතා, පච‍්ඡිමිකායපි පඤ‍්ච, පුරිමෙහි ඤත‍්තිං ඨපෙත්‍වා පවාරිතෙ පච‍්ඡිමෙහි තෙසං සන‍්තිකෙ පාරිසුද‍්ධිඋපොසථො කාතබ‍්බො, න එකස‍්මිං උපොසථග‍්ගෙ ද‍්වෙ ඤත‍්තියො ඨපෙතබ‍්බා. සචෙපි පච‍්ඡිමිකාය උපගතා චත‍්තාරො තයො ද‍්වෙ එකො වා හොති, එසෙව නයො. අථ පුරිමිකාය චත‍්තාරො පච‍්ඡිමිකායපි චත‍්තාරො තයො ද‍්වෙ එකො වා එසෙව නයො. අථාපි පුරිමිකාය තයො, පච‍්ඡිමිකායපි තයො ද‍්වෙ වා, එසෙව නයො. ඉදඤ‍්හෙත්‍ථ ලක‍්ඛණං – සචෙ පුරිමිකාය උපගතෙහි පච‍්ඡිමිකාය උපගතා ථොකතරා චෙව හොන‍්ති සමසමා ච, සඞ‍්ඝපවාරණාය ගණං පූරෙන‍්ති, සඞ‍්ඝපවාරණාවසෙන ඤත‍්ති ඨපෙතබ‍්බාති.

“ආගන්තුකෙහි ආවාසිකානං අනුවත්තිතබ්බං” “අජ්ජ පවාරණා චාතුද්දසී”යි මේ පූර්‍වකෘත්‍යය පමණක්ම කටයුතුය. පණ්ණරසික වාරයෙහිද මෙනය වේ. “ආවාසිකෙහි නිස්සීමං ගනත්‍වා පවාරෙතබ්බං” යන මේ දෙශනාව අවසානයෙහි මේ පෙළෙන් මිදුනු විනිශ්චයයි: ඉදින් පෙරවසෙහි පස්නමක් මහණෝ වස් එළඹියාහුද, පසුවසෙහිද පස්නමක් එළඹියාහුද, පෙරවස් විසූවන් විසින් ඤත්තිය තබා පැවරූ කල්හි පසුවස් විසූවන් විසින් ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධිඋපොසථය කටයුතුය. එක් උපොසථාග්‍රයෙක්හි ඤත්ති දෙකක් නොතැබිය යුතුය. පසුවස් එළඹි සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, එහිද මෙම නයවේ. පෙරවසෙහි සිවුදෙනෙක් වෙත්ද, පසුවසෙහිද සිවුදෙනෙක් හෝ තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ එකෙක් හෝ වේද, මෙම නයවේ. නැවතද පෙරවසෙහි තිදෙනෙක් වෙත්ද, පසුවසෙහි තිදෙනෙක් හෝ දෙදෙනෙක් හෝ එකෙක් හෝ වේද, මෙමනය වේ. මේ වනාහි මෙහි ලක්‍ෂණයයි. ඉදින් පෙරවස් එළැඹියවුනට වඩා පසුවස් එළැඹියාහු ඉතා අඩුවුවාහුද, සමසම වූවාහුද වෙත්ද, සඞ්ඝ පවාරණයට ගණය පුරත්ද, සඞ්ඝපවාරණ වසයෙන් ඤත්තිය තැබිය යුත්තීයයි.

සචෙ පන පුරිමිකාය තයො, පච‍්ඡිමිකාය එකො හොති, තෙන සද‍්ධිං තෙ චත‍්තාරො හොන‍්ති, චතුන‍්නං සඞ‍්ඝඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙතුං න වට‍්ටති. ගණඤත‍්තියා පන සො ගණපූරකො හොති, තස‍්මා ගණවසෙන ඤත‍්තිං ඨපෙත්‍වා පුරිමෙහි පවාරෙතබ‍්බං. ඉතරෙන තෙසං සන‍්තිකෙ පාරිසුද‍්ධිඋපොසථො කාතබ‍්බො. සචෙ පුරිමිකාය ද‍්වෙ පච‍්ඡිමිකාය ද‍්වෙ වා එකො වා හොති, එසෙව නයො. සචෙ පුරිමිකාය එකො, පච‍්ඡිමිකායපි එකො හොති, එකෙන එකස‍්ස සන‍්තිකෙ පවාරෙතබ‍්බං, එකෙන පාරිසුද‍්ධිඋපොසථො කාතබ‍්බො. සචෙ පන පුරිමවස‍්සූපගතෙහි පච‍්ඡිමවස‍්සූපගතා එකෙනපි අධිකතරා හොන‍්ති, පඨමං පාතිමොක‍්ඛං උද‍්දිසිත්‍වා පච‍්ඡා ථොකතරෙහි තෙසං සන‍්තිකෙ පවාරෙතබ‍්බං.

ඉදින් වනාහි පෙරවසෙහි තිදෙනෙක් වෙත්ද, පසුවසෙහි එකෙක් වේද, ඔහු සමග සිවු දෙනෙක් වෙත්ද, සිවුදෙනාට සඞ්ඝ ඤත්තිය තබා පවාරණය කිරීම නොවටියි. ගණඤත්තියට වනාහි හෙතෙමේ ගණපූරක වේ. එහෙයින් ගණ වසයෙන් ඤත්තිය තබා පෙරවස් එළඹියන් විසින් පැවරිය යුතුය. අනික් මහණහු විසින් ඔවුන්ගේ සමීපයෙහි පාරිසුද්ධි උපොසථය කටයුතුය. පෙරවසෙහි දෙදෙනෙක් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, මෙම නයවේ. පෙරවසෙහි එකෙක්ද, පසුවසෙහි එකෙක්දැයි දෙදෙනෙක් වෙත්ද එකකු විසින් එකක්හුගේ සමීපයෙහි පැවරිය යුතුය. එකෙකු විසින් පාරිසුද්ධි උපොසථය කටයුතුය. ඉදින් පෙරවස් එළඹියනට වඩා පසුවස් එළඹියාහු එකෙකුගෙන්ද වැඩිතරම් වූවෝවෙත්ද, පළමුකොට පාමොක් උදෙසා පසුව අඩුතරම් වූවන් විසින් ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතුය.

කත‍්තිකචාතුමාසිනියා පවාරණාය පන සචෙ පඨමං වස‍්සූපගතෙහි මහාපවාරණාය පවාරිතෙහි පච‍්ඡා උපගතා අධිකතරා වා සමසමා වා හොන‍්ති, පවාරණාඤත‍්තිං ඨපෙත්‍වා පවාරෙතබ‍්බං. තෙහි පවාරිතෙ පච‍්ඡා ඉතරෙහි පාරිසුද‍්ධිඋපොසථො කාතබ‍්බො. අථ මහාපවාරණාය පවාරිතා බහූ භික‍්ඛූ හොන‍්ති, පච‍්ඡිමවස‍්සූපගතා ථොකතරා වා එකො වා, පාතිමොක‍්ඛෙ උද‍්දිට‍්ඨෙ පච‍්ඡා තෙසං සන‍්තිකෙ තෙන පවාරෙතබ‍්බං.

සිවුමස පිරුණු ඉල්මස පසළොස්වක් දින පවාරණයෙහි පෙරවස් එළඹියාහු වැඩිතරම්වූවෝ හෝ සමසමවූවෝ හෝ වෙත්ද, පවාරණ ඤත්තිය තබා පැවැරිය යුතුය. ඔවුන් පැවරූකල්හි පසුව අන්‍යයන් විසින් පාරිසුද්ධි උපොසථය කටයුතුය. නැවත මහා පවාරණයෙහි පැවරූ මහණෝ බොහෝවෙත්ද, පසුවස් එළඹියාහු අඩුතරම් හෝ වෙත්ද, එකෙක් හෝ වේද, පාමොක් උදෙසූ කල්හි පසුව ඔහු විසින් ඔවුන්ගේ සමීපයෙහි පැවරිය යුතුය.

න ච භික‍්ඛවෙ අප‍්පවාරණාය පවාරෙතබ‍්බං, අඤ‍්ඤත්‍ර සඞ‍්ඝසාමග‍්ගියාති එත්‍ථ කොසම‍්බකසාමග‍්ගීසදිසාව සාමග‍්ගී වෙදිතබ‍්බා. “අජ‍්ජ පවාරණා සාමග‍්ගී”ති එවඤ‍්චෙත්‍ථ පුබ‍්බකිච‍්චං කාතබ‍්බං. යෙ පන කිස‍්මිඤ‍්චිදෙව අප‍්පමත‍්තකෙ පවාරණං ඨපෙත්‍වා සමග‍්ගා හොන‍්ති, තෙහි පවාරණායමෙව පවාරණා කාතබ‍්බා. සාමග‍්ගීපවාරණං කරොන‍්තෙහි ච පඨමපවාරණං ඨපෙත්‍වා පාටිපදතො පට‍්ඨාය යාව කත‍්තිකචාතුමාසිනී පුණ‍්ණමා, එත්‍ථන‍්තරෙ කාතබ‍්බා, තතො පච‍්ඡා වා පුරෙ වා න වට‍්ටති.

“න ච භික්‍ඛවෙ අපවාරණය පවාරෙතබ්බං, අඤ්ඤත්‍ර සඞ්ඝසාමග්ගියා” මෙහි කොසම්බක භික්‍ෂූන්ගේ සමගිය මෙන් සාමග්ගි පවාරණාතොමෝ දතයුත්තීය. ඒ සාමග්ගිපවාරණධිකාරයෙහිද “අජ්ජ පවාරණා සාමග්ගි” මෙසේ පූර්‍වකෘත්‍යයකට යුතුය. යම්කෙනෙක් වනාහි ස්වල්පමාත්‍ර වූ කිසිකරුණෙක්හි පවාරණය තබා සමගිවෙත්ද, ඔවුන් විසින් පවාරණයෙහිම පවාරණය කටයුතුය. සාමග්ගිපවාරණය කරන්නවුන් විසින්ද ප්‍රථම පවාරණය තබා පෑළවිය දින පටන් සිවුමස් පිරුණු ඉල්මස පෞර්ණමිය යම්තාක්ද මේ අතරෙහි පවාරණය කටයුතුය. ඉන් පසුව හෝ පෙරටුව හෝ නොවටියි.

ද‍්වෙවාචිකාදිපවාරණාකථා

ද්වෙවාචිකාදිපවාරණාකථා

ද‍්වෙවාචිකං පවාරෙතුන‍්ති එත්‍ථ ඤත‍්තිං ඨපෙන‍්තෙනාපි “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ද‍්වෙවාචිකං පවාරෙය්‍යා”ති වත‍්තබ‍්බං, එකවාචිකෙ “එකවාචිකං පවාරෙය්‍යා”ති, සමානවස‍්සිකෙපි “සමානවස‍්සිකං පවාරෙය්‍යා”ති වත‍්තබ‍්බං, එත්‍ථ ච බහූපි සමානවස‍්සා එකතො පවාරෙතුං ලභන‍්ති.

“ද්වෙ වාචිකං පවාරෙතුං” මෙහි ඤත්තිය තබන්නහු විසින්ද “යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ද්වෙවාචිකං පවාරෙය්‍ය”යි කියයුතුය. එකවාචිකයෙහි “එකවාචිකං පවාරෙය්‍ය”යි ද, සමානවස්සිකයෙහිද “සමානවස්සිකං පවාරෙය්‍ය”යිද කියයුතුය. මේ සමානසංවාසික පවාරණධිකාරයෙහි බොහෝවූද සමානවස් ඇත්තාහු එකට පැවරීම ලබත්.

පවාරණාඨපනකථා

පවාරණාඨපනකථා

භාසිතාය ලපිතාය අපරියොසිතායාති එත්‍ථ සබ‍්බසඞ‍්ගාහිකඤ‍්ච පුග‍්ගලිකඤ‍්චාති දුවිධං පවාරණාඨපනං. තත්‍ථ සබ‍්බසඞ‍්ගාහිකෙ “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො…පෙ… සඞ‍්ඝො තෙවාචිකං පවාරෙ” ඉති සුකාරතො යාව රෙකාරො, තාව භාසිතා ලපිතා අපරියොසිතාව හොති පවාරණා. එත්‍ථන‍්තරෙ එකපදෙපි ඨපෙන‍්තෙන ඨපිතා හොති පවාරණා. ‘ය්‍ය’කාරෙ පන පත‍්තෙ පරියොසිතා හොති, තස‍්මා තතො පට‍්ඨාය ඨපෙන‍්තෙන ඨපිතාපි අට‍්ඨපිතා හොති. පුග‍්ගලිකඨපනෙ පන – “සඞ‍්ඝං භන‍්තෙ පවාරෙමි…පෙ… තතියම‍්පි භන‍්තෙ සඞ‍්ඝං පවාරෙමි දිට‍්ඨෙන වා…පෙ… පස‍්සන‍්තො පටී”ති සඞ‍්කාරතො යාව අයං සබ‍්බපච‍්ඡිමො ‘ටි’කාරො තාව භාසිතා ලපිතා අපරියොසිතාව හොති පවාරණා, එත්‍ථන‍්තරෙ එකපදෙපි ඨපෙන‍්තෙන ඨපිතා හොති පවාරණා, “කරිස‍්සාමී”ති වුත‍්තෙ පන පරියොසිතා හොති, තස‍්මා “කරිස‍්සාමී”ති එතස‍්මිං පදෙ පත‍්තෙ ඨපිතාපි අට‍්ඨපිතා හොති. එස නයො ද‍්වෙවාචිකඑකවාචිකසමානවස‍්සිකාසුපි. එතාසුපි හි ටිකාරාවසානංයෙව ඨපනඛෙත‍්තන‍්ති.

“භාසිතාය ලපිතාය අපරියොසිතාය” යන මෙහි පවාරණය තැබීම සර්‍වසඞ්ග්‍රාහිකද පෞද්ගලිකදැ’යි පවාරණට්ඨපනය දෙවැදෑරුම් වේ. ඒ දෙවැදෑරුම් පවාරණාධිකාරයෙහි සර්‍වසඞ්ග්‍රාහික පවාරණය තැබීමෙහි “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො - පෙ- සඞ්ඝො තෙවාචිකං පවාරෙ” යන මෙහි “සුකාරය පටන් “රෙ” කාරය යම්තාක්ද, ඒතාක් කියන ලද ලපනය කරණලද පවාරණ කෙළවර නොකරන ලද්දීම වේ. මේ අතුරෙහි එක් පදයෙක්හි නමුත් තබන්නහු විසින් පවාරණ තබන ලද්දී වේ. “ය්‍ය” කාරය වනාහි පැමිණි කල්හි කෙළවර කරන ලද්දී වේ. එහෙයින් එතැන් පටන් තබන්නහු විසින් තබන ලද්දීද, නොතබන ලද්දීම වේ. පුද්ගලික ඨපනයෙහි වනාහි - “සඞ්ඝං භන්තෙ පවාරෙමි -පෙ-තතියම්පි භන්තෙ, සඞ්ඝං පවාරෙමි දිට්ඨෙන වා - පෙ- පස්සන්නො පටි” යන මෙහි “සං” යන අක්‍ෂරයෙහි පටන් මේ සියල්ලන්ට පැසුළුවූ “ටි”කාරය යම්තාක්ද, ඒතාක් කියන ලද ලපනය කරණලද පවාරණ කෙළවර නොකරන ලද්දීම වේ. මේ අතරෙහි එක් පදයෙක්හිද තබන්නහු විසින් පවරණ තොමෝ තබන ලද්දීම වේ. “කරිස්සාමි”යි කියූකල්හි වනාහි කෙළවර කරණ ලද්දී වේ. එහෙයින් “කරිස්සාමි” යන මේ පදය පැමිණි කල්හි තබන ලද්දී ද නොතබන ලද්දී වේ. දෙවවාචික එකවාචික සමානවස්සිකයන්හිද මේ නයවේ. මොවුන් අතුරෙහි “ටි”කාරයෙහි කෙළවරම ඨපන ක්‍ෂෙත්‍රයයි.

අනුයුඤ‍්ජියමානොති “කිම‍්හි නං ඨපෙසී”ති පරතො වුත‍්තනයෙන පුච‍්ඡියමානො. ඔමද‍්දිත්‍වාති එතානි “අලං භික‍්ඛු මා භණ‍්ඩන”න‍්තිආදීනි වචනානි වත්‍වා, වචනොමද‍්දනා හි ඉධ ඔමද‍්දනාති අධිප‍්පෙතා. අනුද‍්ධංසිතං පටිජානාතීති “අමූලකෙන පාරාජිකෙන අනුද‍්ධංසිතො අයං මයා”ති එවං පටිජානාති. යථාධම‍්මන‍්ති සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසනෙ පාචිත‍්තියං; ඉතරෙහි දුක‍්කටං. නාසෙත්‍වාති ලිඞ‍්ගනාසනාය නාසෙත්‍වා.

“අනුයුඤ්ජියමානො” කිමෙක්හි ඒ පවාරණය තබන්නෙහිදැ’යි පසුභාගයෙහි කියූ නයින් විචාරණු ලබන්නේය. “ඔමද්දිත්‍වා” “අලං භික්‍ඛු මා භණ්ඩනං” යනාදී වූ මේ වචන කියා වචන මැඩීම මෙහි ඔමද්දනායි අදහස් කරනලලදී. “අනුද්ධංසිතං පටිජානාති” අමූලක පාරාජිකයකින් මෙතෙමේ මා විසින් චොදනා කරණ ලද්දේය’යි මෙසේ පිළිදන්වයි. “යථාධම්මං” සඞ්ඝාදිසෙසයකින් චෝදනා කිරීමෙහි පාචිත්තිය වේ. ථුල්ලච්චයාද සෙස්සෙන් චොදනා කෙරේනම් දුක්කටය වේ. “නාසෙත්‍වා” ලිඞ්ගනාසනයෙන් නසා.

සාස‍්ස යථාධම‍්මං පටිකතාති එත‍්තකමෙව වත්‍වා පවාරෙථාති වත‍්තබ‍්බා, අසුකා නාම ආපත‍්තීති ඉදං පන න වත‍්තබ‍්බං, එතඤ‍්හි කලහස‍්ස මුඛං හොති.

‘ඕ ධර්‍මය පරිදි ප්‍රකාශකරන ලද්දී වන්නීයයි මෙපමණක්ම කියා පවරවු’යි කියයුතුය. අසුවල් නම් ඇවැතයයි මේ වනාහි නොකිය යුතුය. මෙය කලහයට කරුණක් වේ.

වත්‍ථුඨපනාදිකථා

වත්ථුඨපනාදිකථා

ඉදං වත්‍ථු පඤ‍්ඤායති න පුග‍්ගලොති එත්‍ථ චොරා කිර අරඤ‍්ඤවිහාරෙ පොක‍්ඛරණිතො මච‍්ඡෙ ගහෙත්‍වා පචිත්‍වා ඛාදිත්‍වා අගමංසු. සො තං විප‍්පකාරං දිස‍්වා ආරාමෙ වා කිඤ‍්චි ධුත‍්තෙන කතං විප‍්පකාරං දිස‍්වා “භික‍්ඛුස‍්ස ඉමිනා කම‍්මෙන භවිතබ‍්බ”න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා එවමාහ. වත්‍ථුං ඨපෙත්‍වා සඞ‍්ඝො පවාරෙය්‍යාති “යදා තං පුග‍්ගලං ජානිස‍්සාම, තදා නං චොදෙස‍්සාම. ඉදානි පන සඞ‍්ඝො පවාරෙතූ”ති අයමෙත්‍ථ අත්‍ථො. ඉදානෙව නං වදෙහීති සචෙ ඉමිනා වත්‍ථුනා කඤ‍්චි පුග‍්ගලං පරිසඞ‍්කසි, ඉදානෙව නං අපදිසාහීති අත්‍ථො. සචෙ අපදිසති, තං පුග‍්ගලං අනුවිජ‍්ජිත්‍වා පවාරෙතබ‍්බං; නො චෙ අපදිසති, උපපරික‍්ඛිත්‍වා ජානිස‍්සාමාති පවාරෙතබ‍්බං.

“ඉදං වත්‍ථු පඤ්ඤායති න පුග්ගලො” මෙහි සොරහු වනාහි අරණ්‍යවිහාරයෙහි පොකුණකින් මසුන් ගෙන පිස කා ගියහ. ඒ මහණතෙමේ ඒ විප්‍රකාරය දැක මේ කටයුත්ත මහණක්හුගේ වියයුතුය’යි සලකා මෙසේ කීයේය. “වත්‍ථුං ඨපෙත්‍වා සඞ්ඝො පවාරෙය්‍ය” යම්කලෙක ඒ පුද්ගලයා දන්නෙමුද, එකල්හි ඔහුට චෝදනා කරන්නෙමු දැන් සඞ්ඝතෙමේ පවාරණය කෙරේවා යනු මෙහි මේ අර්‍ත්‍ථයි. “ඉදානෙව තං වදෙහි” ඉදින් මේ වස්තුව කරණකොට කිසි පුද්ගලයකු සැක කරන්නෙහිද, දැන්ම ඔහුට කියව, යන අර්‍ත්‍ථයි. ඉදින් කියාද, ඒ පුද්ගලයා විචාරා පැවැරිය යුතුය.

අයං පුග‍්ගලො පඤ‍්ඤායති න වත්‍ථූති එත්‍ථ එකො භික‍්ඛු මාලාගන්‍ධවිලෙපනෙහි චෙතියං වා පූජෙසි, අරිට‍්ඨං වා පිවි, තස‍්ස තදනුරූපො සරීරගන්‍ධො අහොසි; සො තං ගන්‍ධං සන්‍ධාය “ඉමස‍්ස භික‍්ඛුනො එවරූපො සරීරගන්‍ධො”ති වත්‍ථුං පකාසෙන‍්තො එවමාහ. පුග‍්ගලං ඨපෙත්‍වා සඞ‍්ඝො පවාරෙය්‍යාති එතං පුග‍්ගලං ඨපෙත්‍වා සඞ‍්ඝො පවාරෙතු. ඉදානෙව නං වදෙහීති යං ත්‍වං පුග‍්ගලං ඨපෙසි, තස‍්ස පුග‍්ගලස‍්ස ඉදානෙව දොසං වද. සචෙ අයමස‍්ස දොසොති වදති, තං පුග‍්ගලං සොධෙත්‍වා පවාරෙතබ‍්බං. අථ නාහං ජානාමීති වදති, උපපරික‍්ඛිත්‍වා ජානිස‍්සාමාති පවාරෙතබ‍්බං.

“අයං පුග්ගලො පඤ්ඤායති න වත්‍ථු” මෙහි එක් මහණෙක් තෙමේ මල්ගඳ විලවුන්වලින් සෑයක් හෝ පුදාද, අරිෂ්ටයක් පානය කෙළේද, ඒ මහණහුගේ එයට අනුරූප වූ සරීර ගන්‍ධය වූයේය. හෙතෙමේ ඒ ගන්‍ධය සඳහා ‘මේ මහණහුගේ මෙබඳු ගඳෙක්’යි වස්තුව ප්‍රකාශ කරමින් “පුග්ගලං ඨපෙත්‍වා සඞ්ඝො පවාරෙය්‍ය”යි මෙසේ කීයේය. මේ පුද්ගලයා හැර සඞ්ඝතෙමේ පවරාවා. ‘දැන්ම මොහුට කියව’යි මේ වස්තුව කරණකොට කිසි පුද්ගලයකු සැකකරන්නෙහිද, යුෂ්මත් තෙමේ යම් පුද්ගලයකු තබවාද, ඒ පුද්ගලයාගේ දොසය දැන්ම කියව, ඉදින් මේ මොහුගේ දොසයයි කියාද, ඒ පුද්ගලයා පිරිසිදුකොට පැවරිය යුතුය. නැවත ‘මම නොදනිමි’යි කියාද, පරික්‍ෂාකොට දන්නෙමි’යි පැවරිය යුතුය.

ඉදං වත්‍ථු ච පුග‍්ගලො ච පඤ‍්ඤායතීති පුරිමනයෙනෙව චොරෙහි මච‍්ඡෙ ගහෙත්‍වා පචිත්‍වා පරිභුත‍්තට‍්ඨානඤ‍්ච ගන්‍ධාදීහි නහානට‍්ඨානඤ‍්ච දිස‍්වා “පබ‍්බජිතස‍්ස කම‍්ම”න‍්ති මඤ‍්ඤමානො සො එවමාහ. ඉදානෙව නං වදෙහීති ඉදානෙව තෙන වත්‍ථුනා පරිසඞ‍්කිතං පුග‍්ගලං වදෙහි; ඉදං පන උභයම‍්පි දිස‍්වා දිට‍්ඨකාලතො පට‍්ඨාය විනිච‍්ඡිනිත්‍වාව පවාරෙතබ‍්බං. කල‍්ලං වචනායාති කල‍්ලං චොදනාය; චොදෙතුං වට‍්ටතීති අත්‍ථො. කස‍්මා? පවාරණතො පුබ‍්බෙ අවිනිච‍්ඡිතත‍්තා පච‍්ඡා ච දිස‍්වා චොදිතත‍්තාති. උක‍්කොටනකං පාචිත‍්තියන‍්ති ඉදඤ‍්හි උභයං පුබ‍්බෙ පවාරණාය දිස‍්වා විනිච‍්ඡිනිත්‍වාව භික‍්ඛූ පවාරෙන‍්ති, තස‍්මා පුන තං උක‍්කොටෙන‍්තස‍්ස ආපත‍්ති.

“ඉදං වත්‍ථු ච පුග්ගලො ච පඤ්ඤායති” පළමු කියූ නයින්ම සොරුන් විසින් මසුන් අල්ලාගෙන පිස අනුභව කළතැනද සුගන්‍ධාදිය ඇඟ ගා නෑ තැනද දැක මේ ක්‍රියාව පැවිද්දකුගේය’යි හඟිමින් මෙසේ කීයේය. “ඉදානෙව තං වදෙහි” දැන්ම ඒ වස්තුව කරණකොට සැකකරනලද පුද්ගලයාහට කියව. මේ දෙකම දැක දුටු කල් පටන් විනිශ්චය කොටම පැවරිය යුතුය. “කල්ලං වචනාය” චෝදනාවට සුදුසු වේ. චෝදනා කරන්නට වටීය යන අර්‍ත්‍ථයි. කුමක් හෙයින් යත්:- පවාරණයෙන් පෙරටුව විනිශ්චය නොකළ බැවින්ද, පසුවම දැක චෝදනා කළ බැවිනි. “උක්කොටනකං පාචිත්තියං” මේ පුද්ගලයාද වස්තුවද යන දෙක පවාරණයෙන් පෙර දැක විනිශ්චය කොටම භික්‍ෂූහු පවාරණය කෙරෙත්. එහෙයින් පවාරණයෙන් පසු ඒ විනිශ්චය කළ වස්තුව ඉදිරියට ගැනීම කළ මහණහට ඇවැත් වේ.

භණ‍්ඩනකාරකවත්‍ථුකථා

භණ්ඩනකාරකවත්ථුකථා

ද‍්වෙ තයො උපොසථෙ චාතුද‍්දසිකෙ කාතුන‍්ති එත්‍ථ චතුත්‍ථපඤ‍්චමා ද‍්වෙ, තතියො පන පකතියාපි චතුද‍්දසිකොයෙවාති. තස‍්මා තතියචතුත්‍ථා වා තතියචතුත්‍ථපඤ‍්චමා වා ද‍්වෙ තයො චාතුද‍්දසිකා කාතබ‍්බා. අථ චතුත්‍ථෙ කතෙ සුණන‍්ති, පඤ‍්චමො චාතුද‍්දසිකො කාතබ‍්බො. එවම‍්පි ද‍්වෙ චාතුද‍්දසිකා හොන‍්ති. එවං කරොන‍්තා භණ‍්ඩනකාරකානං තෙරසෙ වා චාතුද‍්දසෙ වා ඉමෙ පන‍්නරසීපවාරණං පවාරෙස‍්සන‍්ති. එවං පවාරෙන‍්තෙහි ච බහිසීමාය සාමණෙරෙ ඨපෙත්‍වා “තෙ ආගච‍්ඡන‍්තී”ති සුත්‍වා ලහුං ලහුං සන‍්නිපතිත්‍වා පවාරෙතබ‍්බං. එතමත්‍ථං දස‍්සෙතුං “තෙ චෙ භික‍්ඛවෙ…පෙ… තථා කරොන‍්තූ”ති වුත‍්තං.

“ද්වෙ තයො උපොසථෙ චාතුද්දසිකෙ කාතුං” මෙහි සිවුවන පස්වන දෙපෝය. තෙවනපෝය ප්‍රකෘතියෙන්ද චාතුද්දසිකමය. එහෙයින් තෙවන සිවුවන පෝය හෝ තෙවන සිවුවන පස්වන පෝය හෝයි දෙකක් තුනක් පොහොය චාතුද්දසික කටයුතුය. නැවත සිවුවන පණ්ණරසී උපොසථය කළකල්හි, ‘අපගේ පවාරණය තබන්නාහයි අසත්ද, පස්වන පොහොය චාතුද්දසිකය කටයුතුය. මෙසේද තෙවන චාතුද්දසිකය සමග චාතුද්දසික දෙකක් වේ. මෙසේ කරන්නා වූ මොවුහු භණ්ඩනකාරකයන්ගේ තෙළෙස්වන දිනයෙහි හෝ තුදුස්වන දිනයෙහි (චාතුද්දසියෙහි) හෝ පණ්ණරසී පවාරණය පවරන්නාහ. මෙසේ පවරන්නවුන් විසින්ද සීමාවෙන් පිටත හෙරණුන් තබා ‘ඔවුහු එත්’යි අසා වහවහා රැස්වී පැවරිය යුතුය. මේ අර්‍ත්‍ථය දක්වන්නට “තෙ චෙ භික්‍ඛවෙ -පෙ- තථා කරොන්තු”යි වදාරණ ලද්දේය.

අසංවිහිතාති සංවිදහනරහිතා ආගමනජානනත්‍ථාය අකතසංවිදහිතා; අවිඤ‍්ඤාතාව හුත්‍වාති අත්‍ථො. තෙසං වික‍්ඛිත්‍වාති “කිලන‍්තත්‍ථ මුහුත‍්තං විස‍්සමථා”තිආදිනා නයෙන සම‍්මොහං කත්‍වාති අත්‍ථො. නො චෙ ලභෙථාති නො චෙ බහිසීමං ගන‍්තුං ලභෙය්‍යුං; භණ‍්ඩනකාරකානං සාමණෙරෙහි ච දහරභික‍්ඛූහි ච නිරන‍්තරං අනුබද‍්ධාව හොන‍්ති. ආගමෙ ජුණ‍්හෙති යං සන්‍ධාය ආගමෙ ජුණ‍්හෙ පවාරෙය්‍යාමාති ඤත‍්තිං ඨපෙසුං, තස‍්මිං ආගමෙ ජුණ‍්හෙ කොමුදියා චාතුමාසිනියා අකාමා පවාරෙතබ‍්බං, අවස‍්සං පවාරෙතබ‍්බං, න හි තං අතික‍්කමිත්‍වා පවාරෙතුං ලබ‍්භති. තෙහි චෙ භික‍්ඛවෙ භික‍්ඛූහි පවාරියමානෙති එවං චාතුමාසිනියා පවාරියමානෙ.

“අසංවිහිතා” සංවිධාන රහිතව. ඊම දැනගනු පිණිස නොකළ සංවිධාන ඇත්තාහු. නොදන්නා ලද්දාහුම වී යන අර්‍ත්‍ථය “තෙ සංවික්‍ඛිත්‍වා” ක්ලාන්ත වූවාහු. මොහොතක් විඩාහරිවු යනාදි නයින් මුළාකොට යන අර්‍ත්‍ථයි. “නො චෙ ලභෙථ” ඉදින් සීමාවෙන් පිටතට යන්නට නොලබන්නාහු නම් භණ්ඩනකාරකයන් අතුරෙන් හෙරණුන් විසින්ද, තරුණ භික්‍ෂූන් විසින්ද, නිරතුරුව ලුහුබඳින ලද්දාහුම වෙත්. “ආගමෙ ජුණ්හෙ” යමක් සඳහා “ආගමෙ ජුණ්හො පවාරෙය්‍යාම”යි ඤත්තිය තැබුවාහුද, ඒ හෙලඋපුල් ඇති වසිසාරමය කෙළවර පශ්චිම කාර්තික පෞර්ණමී දිනයෙහි නොකැමැති වූවාවද පැවරිය යුතුය. අවශ්‍යයෙන් පැවරිය යුතුය. ඒ පශ්චිම කාර්තික පෞර්‍ණමිය ඉක්මවා පැවරීම නොලබයි. “තෙහි චෙ භික්‍ඛවෙ භික්‍ඛූහි පවාරියමානෙ” මෙසේ වැසිසාරමය කෙළවර පශ්චිමකාර්තික දිනයෙහි පවාරණය කරන කල්හි,

පවාරණාසඞ‍්ගහකථා

පවාරණාසඞ්ගහකථා

අඤ‍්ඤතරො ඵාසුවිහාරොති තරුණසමථො වා තරුණවිපස‍්සනා වා. පරිබාහිරා භවිස‍්සාමාති අනිබද‍්ධරත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදිභාවෙන භාවනානුයොගං සම‍්පාදෙතුං අසක‍්කොන‍්තා බාහිරා භවිස‍්සාම. සබ‍්බෙහෙව එකජ‍්ඣං සන‍්නිපතිතබ‍්බන‍්ති ඉමිනා ඡන්‍දදානං පටික‍්ඛිපති. භින‍්නස‍්ස හි සඞ‍්ඝස‍්ස සමග‍්ගකරණකාලෙ තිණවත්‍ථාරකසමථෙ ඉමස‍්මිඤ‍්ච පවාරණාසඞ‍්ගහෙති ඉමෙසු තීසු ඨානෙසු ඡන්‍දං දාතුං න වට‍්ටති. පවාරණාසඞ‍්ගහො නාමායං විස‍්සට‍්ඨකම‍්මට‍්ඨානානං ථාමගතසමථවිපස‍්සනානං සොතාපන‍්නාදීනඤ‍්ච න දාතබ‍්බො. තරුණසමථවිපස‍්සනාලාභිනො පන සබ‍්බෙ වා හොන‍්තු, උපඩ‍්ඪා වා, එකපුග‍්ගලො වා එකස‍්සපි වසෙන දාතබ‍්බොයෙව. දින‍්නෙ පවාරණාසඞ‍්ගහෙ අන‍්තොවස‍්සෙ පරිහාරොව හොති, ආගන‍්තුකා තෙසං සෙනාසනං ගහෙතුං න ලභන‍්ති. තෙහිපි ඡින‍්නවස‍්සෙහි න භවිතබ‍්බං, පවාරෙත්‍වා පන අන‍්තරාපි චාරිකං පක‍්කමිතුං ලභන‍්තීති දස‍්සනත්‍ථං “තෙහි චෙ භික‍්ඛවෙ”තිආදිමාහ. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

“අඤ්ඤතරො ඵාසුවිහාරො” තරුණසමථය හෝ තරුණ විදර්‍ශනාව හෝ. “පරිබාහිරා භවිස්සාම” නිබඳවූ රෑතැන්, දිවාතැන් නැති බැවින් භාවනාවෙහි එක්වන්යෙදීම සම්පාදනය කරන්නට නොහැක්කහු බාහිර වන්නෙමු. “සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිතබ්බං” මෙයින් ඡන්‍දයදීම ප්‍රතික්‍ෂෙප කරයි. භින්න වූ සඞ්ඝයා සමගි කරන කාලයෙහි, තිණවත්‍ථාරක සමථයෙහි, මේ පවාරණ සඞ්ග්‍රහයෙහි යන මේ තුන්තන්හි ඡන්‍දයදීම නොවටියි. මේ පවාරණ සඞ්ග්‍රහය නම්, හළ කමටහන් ඇතියන්ටද, ථාමගත ශමථ විදර්‍ශනා ඇතියන්ටද, සොතාපන්නාදීන්ටද නොදිය යුතුය. තරුණ ශමථ විදර්‍ශනාලාභීහු වනාහි සියල්ලෝ හෝ වෙත්වා, අඩක් හෝ වේවා, එක් පුද්ගලයෙක් හෝ වේවා, එකක්හුගේද වසයෙන් දියයුතුය. පවාරණ සඞ්ග්‍රහය දුන් කල්හි වසතුළ පරිහාරයම වේ. ආගන්තුක භික්‍ෂූහු ඔවුන්ගේ සේනාසනය ගන්නට නොලබත්. ඔවුන්ද සුන්වස් ඇතියවුන් නොවිය යුතුය. පවරාද අතර චාරිකාවෙහි හැසිරෙන්නට ලබයි දක්වනු පිණිස “තෙහි චෙ භික්‍ඛවෙ” යනාදිය වදාළ සේක. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

පවාරණාක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

පවාරනක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.