යෙදුමෙන් කියවන්න

වස‍්සූපනායිකක‍්ඛන්‍ධකං

3.

3.

වස‍්සූපනායිකක‍්ඛන්‍ධකං.

වස්සූපනායිකක්ඛන්‍ධකය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ.

1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට බොජුන් දුන් බිම වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක.

2. තෙන ඛො පන සමයෙන භගවතා භික‍්ඛූනං වස‍්සාවාසො අපඤ‍්ඤත‍්තො හොති.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වස් විසීම නො පණවන ලද්දේ වේ.

3. තෙධ භික‍්ඛූ හෙමන‍්තම‍්පි ගිම‍්හම‍්පි වස‍්සම‍්පි චාරිකං චරන‍්ති.

3. එකල්හි ඒ භික්‍ෂූහු හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද සැරිසරත්.

4. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා හෙමන‍්තම‍්පි ගිම‍්හම‍්පි වස‍්සම‍්පි චාරිකං චරිස‍්සන‍්ති, හරිතානි තිණානි සම‍්මද‍්දන‍්තා, එකින්‍ද්‍රියං ජීවං විහෙඨෙන‍්තා, බහූ ඛුද‍්දකෙ පාණෙ සඞ‍්ඝාතං ආපාදෙන‍්තා? ඉමෙ හි නාම අඤ‍්ඤතිත්‍ථියා දුරක‍්ඛාතධම‍්මා වස‍්සාවාසං අල‍්ලීයිස‍්සන‍්ති. සඞ‍්කාසයිස‍්සන‍්ති. ඉමෙ හි නාම සකුන‍්තකා රුක‍්ඛග‍්ගෙසු කුලාවකානි කරිත්‍වා වස‍්සාවාසං අල‍්ලීයිස‍්සන‍්ති. සඞ‍්කාසයිස‍්සන‍්ති. ඉමෙ හි පන සමණා සක්‍යපුත‍්තියා හෙමන‍්තම‍්පි ගිම‍්හම‍්පි වස‍්සම‍්පි චාරිකං චරන‍්ති, හරිතානි තිණානි සම‍්මද‍්දන‍්තා, එකින්‍ද්‍රියං ජීවං විහෙඨෙන‍්තා, බහූ ඛුද‍්දකෙ පාණෙ සඞ‍්ඝාතං ආපාදෙන‍්තා”ති.

4. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් (පාගමින්) ඒකින්‍ද්‍රිය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි ඇලෙත් උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (ඒ කූඩුවල) ඇලී වසන්නෝ ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නෝ ය. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත්” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.

5. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං.

5. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ.

6. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

6. එවිට භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

7. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, වස‍්සං උපගන‍්තු”න‍්ති.

7. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූසේක.

8. අථ ඛො භික‍්ඛූනං එතදහොසි: “කදා නු ඛො වස‍්සං උපගන‍්තබ‍්බ”න‍්ති.

8. එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?” යි සිත් වි ය.

9. භගවතො එතමත්‍ථං ආරොචෙසුං: “අනුජානාමි භික‍්ඛවෙ, වස‍්සානෙ වස‍්සං උපගන‍්තු”න‍්ති.

9. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.

10. අථ ඛො භික‍්ඛූනං එතදහොසි “කති නු ඛො වස‍්සූපනායිකා”ති.

10. එකල්හි “වස් එළඹීම් කෙතෙක් දැ?” යි භික්‍ෂූන්ට සිත් වි ය.

11. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “ද‍්වෙමා භික‍්ඛවෙ, වස‍්සූපනායිකා: පුරිමිකා. පච‍්ඡිමිකා ච. අපරජ‍්ජුගතාය ආසාළ‍්හියා පුරිමිකා උපගන‍්තබ‍්බා. මාසගතාය ආසාළ‍්හියා පච‍්ඡිමිකා උපගන‍්තබ‍්බා. ඉමා ඛො භික‍්ඛවෙ, ද‍්වෙ වස‍්සූපනායිකා”ති.

11. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකෙකි. ඇසළ පුණු පොහොය අනික් දිනට ගිය කල්හි ඇසළ පුණු පොහෝදිනයෙන් පසුදිනයෙහි – අවපෑළවියෙහි – පෙරවස් එළඹිය යුතු ය, ඇසළ පුණුපොහොයෙන් මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක” යි.

12. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වස‍්සං උපගන‍්ත්‍වා අන‍්තරාවස‍්සං චාරිකං චරන‍්ති.

12. එකල්හි සවග මහණෝ වස් එළඹ වස් තුළ චාරිකාව කරත්.

13. මනුස‍්සා තථෙව උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා හෙමන‍්තම‍්පි ගිම‍්හම‍්පි වස‍්සම‍්පි චාරිකං චරිස‍්සන‍්ති, හරිතානි තිණානි සම‍්මද‍්දන‍්තා, එකින්‍ද්‍රියං ජීවං විහෙඨෙන‍්තා, බහූ ඛුද‍්දකෙ පාණෙ සඞ‍්ඝාතං ආපාදෙන‍්තා? ඉමෙ හි නාම අඤ‍්ඤතිත්‍ථියා දුරක‍්ඛාතධම‍්මා වස‍්සාවාසං අල‍්ලීයිස‍්සන‍්ති, සඞ‍්කසායිස‍්සන‍්ති. ඉමෙ හි නාම සකුන‍්තකා රුක‍්ඛග‍්ගෙසු කුලාවකානි කරිත්‍වා වස‍්සාවාසං අල‍්ලීයිස‍්සන‍්ති, සඞ‍්කසායිස‍්සන‍්ති. ඉමෙ පන සමණා සක්‍යපුත‍්තියා හෙමන‍්තම‍්පි ගිම‍්හම‍්පි වස‍්සම‍්පි චාරිකං චරන‍්ති හරිතානි තිණානි සම‍්මද‍්දන‍්තා, එකින්‍ද්‍රියං ජීවං විහෙඨෙන‍්තා, බහූ ඛුද‍්දකෙ පාණෙ සඞ‍්ඝාතං ආපාදෙන‍්තා”ති.

13. මිනිස්සු පෙර මෙන් “ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කෙසේ නම් චාරිකාවෙහි හැසිරෙත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ වැරදි සේ කියූ ධර්‍ම ඇත්තාහු වස් විසීමෙහි ඇලෙන්නාහු ය. උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (කූඩුවල) ඇලී වසන්නාහු ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නාහු ය. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාව කෙරෙත්” යි අවමන් කෙරෙත්, නින්‍දා කෙරෙත්, දොස් කියත්.

14. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වස‍්සං උපගන‍්ත්‍වා අන‍්තරාවස‍්සං චාරිකං චරිස‍්සන‍්තී?”ති.

14. භික්‍ෂූහු අවමන් කරණ, අගුණ පතුරුවන, දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් වස් එළඹ වස තුළ චාරිකාව කරත් දැයි දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.

15. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

15. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ.

16. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “න භික‍්ඛවෙ, වස‍්සං උපගන‍්ත්‍වා පුරිමං වා තෙමාසං පච‍්ඡිමං වා තෙමාසං අවසිත්‍වා චාරිකා පක‍්කමිතබ‍්බා. යො පක‍්කමෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය. යමෙක් චාරිකා කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැ” යි භික්‍ෂූන් අමතා වදාළසේක.

17. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ න ඉච‍්ඡන‍්ති වස‍්සං උපගන‍්තුං.

17. එකල්හි සවග මහණෝ වස් එළඹෙන්නට නො කැමැති වෙති.

18. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, වස‍්සං න උපගන‍්තබ‍්බං යො න උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

18. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”

19. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තදහු වස‍්සූපනායිකාය වස‍්සං අනුපගන‍්තුකාමා සඤ‍්චිච‍්ච ආවාසං අතික‍්කමන‍්ති.

19. එකල්හි සවග මහණෝ එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තෝ දැන දැන ආවාසය ඉක්මවා යෙත්.

20. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, තදහු වස‍්සූපනායිකාය වස‍්සං අනුපගන‍්තුකාමෙන සඤ‍්චිච‍්ච ආවාසො අතික‍්කමිතබ‍්බො. යො අතික‍්කමෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

20. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, එදවස වස් එළඹෙන දිනයෙහි වස් නො එළඹෙනු කැමැත්තහු විසින් දැන දැන ආවාසය නො ඉක්මවිය යුතු ය. යමෙක් ඉක්මවන්නේ නම්, දුකුළාඇවැත් වේ”

21. තෙන ඛො පන සමයෙන රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො වස‍්සං උක‍්කඩ‍්ඪිතුකාමො භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පාහෙසි: “යදි පනය්‍යා ආගමෙ ජුණ‍්හෙ වස‍්සං උපගච‍්ඡෙය්‍යු”න‍්ති.

21. එකල්හි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ වස් මුලට අදිනු කැමැත්තේ “ආර්‍ය්‍යයෝ ලබන පුර පසළොස්වක් තිථියෙහි වස් එළඹෙන්නාහු නම් යෙහෙකැ” යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.

22. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, රාජූනං අනුවත‍්තිතු”න‍්ති.

22. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, රජුන්ට එකඟ ව පවතින්නට අනුදනිමි” යි වදාළසේක.

23. අථ ඛො භගවා රාජගහෙ යථාභිරත‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි, තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි, තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

23. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති තාක් වාසය කොට සැවැත්නුවර සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක් සැවැත් නුවරට පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එහි සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක.

24. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ උදෙනෙන උපාසකෙන සඞ‍්ඝං උද‍්දිස‍්ස විහාරො කාරාපිතො හොති.

24. එකල්හි කොසොල්දනව්වෙහි උදේන නම් උපාසකයා විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ.

25. සො භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පාහෙසි: “ආගච‍්ඡන‍්තු භදන‍්තා, ඉච‍්ඡාමි දානං ච දාතුං, ධම‍්මං ච සොතුං, භික‍්ඛූ ච පස‍්සිතු”න‍්ති.

25. හෙ තෙමේ “පින්වතුන් වහන්සේ වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි” යි භික්‍ෂූන් වෙතට දූතයකු යැවී ය.

26. භික‍්ඛූ එවමාහංසු: “භගවතා ආවුසො පඤ‍්ඤත‍්තං න වස‍්සං උපගන‍්ත්‍වා පුරිමං වා තෙමාසං පච‍්ඡිමං වා තෙමාසං අවසිත්‍වා චාරිකා පක‍්කමිතබ‍්බාති. ආගමෙතු උදෙනො උපාසකො යාව භික‍්ඛූ වස‍්සං වසන‍්ති. වස‍්සං වුත්‍ථා ආගමිස‍්සන‍්ති. සචෙ පනස‍්ස අච‍්චායිකං කරණීයං, තත්‍ථෙව ආවාසිකානං භික‍්ඛූනං සන‍්තිකෙ විහාරං පතිට‍්ඨාපෙතූ”ති.

26. භික්‍ෂූහු, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය යි පණවන ලද්දේ ය, (එහෙයින්) උදේන උපාසක තෙමේ යම් තාක් භික්‍ෂූහු වස් වෙසෙත් ද, ඒ තාක් බලාපොරොත්තු වේවා. වස් පැවරූවෝ (වස් වැස පවරා නිමවූවෝ) එන්නාහ. යම් ලෙසකින් ඉක්මනින් කළ යුතු කටයුත්තෙක් වන්නේ නම්, එහි ම ආවාසික භික්‍ෂූන්ගේ වෙත විහාරය පිහිටුවාවා” යි කීහ.

27. උදෙනො උපාසකො උජ‍්ඣායති, ඛීයති විපාචෙති: “කථං හි නාම භදන‍්තා මයා පහිතෙ: න ආගච‍්ඡිස‍්සන‍්ති. අහං හි දායකො කාරකො සඞ‍්ඝූපට‍්ඨාකො”ති.

27. උදේන උපාසක තෙමේ “පින්වතුන් වහන්සේ මා පණිවිඩ එවූ කල්හි කෙසේ නම් නො එත් ද? මම දායකයෙක් වෙමි. කටයුතු කරන්නෙක් වෙමි. සඞ්ඝෝපස්ථායකයෙක් වෙමි” යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.

28. අස‍්සොසුං ඛො භික‍්ඛූ උදෙනස‍්ස උපාසකස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස.

28. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන උදේන උපාසකයාගේ කතාව ඇසූහ.

29. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ, සත‍්තන‍්නං සත‍්තාහකරණීයෙන පහිතෙ: ගන‍්තුං, න ත්‍වෙව අප‍්පහිතෙ: - භික‍්ඛුස‍්ස, භික‍්ඛුණියා සික‍්ඛමානාය සාමණෙරස‍්ස සාමණෙරියා උපාසකස‍්ස උපාසිකාය. අනුජානාමි භික‍්ඛවෙ, ඉමෙසං සත‍්තන‍්නං සත‍්තාහකරණීයෙන පහිතෙ: ගන‍්තුං. න ත්‍වෙව අප‍්පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

29. එකල්හි භික්‍ෂූහු මේ වග භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන් වෙතට සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. මහණෙනි, මහණ මෙහෙණ හික්මෙන්නිය හෙරණ හෙරණි උපාසක උපාසිකා යන මේ සත් දෙනා වෙතට පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. සතියෙන් ආ පසු ඊම කට යුතු ය.”

30. “ඉධ පන භික‍්ඛවෙ උපාසකෙන සඞ‍්ඝං උද‍්දිස‍්ස විහාරො කාරාපිතො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: “ආගච‍්ඡන‍්තු භදන‍්තා, ඉච‍්ඡාමි දානං ච දාතුං, ධම‍්මං ච සොතුං, භික‍්ඛූ ච පස‍්සිතු”න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ: න ත්‍වෙව අප‍්පහිතෙ, සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

30. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ඉදින් “පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය, සතියෙන් ආපසු ඊම කළ යුතු ය.”

31. “ඉධ පන භික‍්ඛවෙ, උපාසකෙන සඞ‍්ඝං උද‍්දිස‍්ස අඩ‍්ඪයොගො කාරාපිතො හොති -පෙ- පාසාදො කාරාපිතො හොති -පෙ- හම‍්මියං කාරාපිතං හොති -පෙ- ගුහා කාරාපිතා හොති -පෙ- පරිවෙණං කාරාපිතං හොති -පෙ- කොට‍්ඨකො කාරාපිතො හොති -පෙ- උපට‍්ඨානසාලා කාරාපිතා හොති -පෙ- අග‍්ගිසාලා කාරාපිතා හොති -පෙ- කප‍්පියකුටි කාරාපිතා හොති -පෙ- වච‍්චකුටි කාරාපිතා හොති -පෙ- චඞ‍්කමො කාරාපිතො හොති -පෙ- චඞ‍්කමනසාලා කාරාපිතා හොති -පෙ- උදපානො කාරාපිතො හොති -පෙ- උදපානසාලා කාරාපිතා හොති -පෙ- ජන‍්තාඝරං කාරාපිතං හොති -පෙ- ජන‍්තාඝරසාලා කාරාපිතා හොති -පෙ- පොක‍්ඛරණී කාරාපිතා හොති -පෙ- මණ‍්ඩපො කාරාපිතො හොති -පෙ- ආරාමො කාරාපිතො හොති -පෙ- ආරාමවත්‍ථු කාරාපිතං හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය:, ‘ආගච‍්ඡන‍්තු භදන‍්තා, ඉච‍්ඡාමි දානං ච දාතුං ධම‍්මං ච සොතුං භික‍්ඛූ ච පස‍්සිතු’න‍්ති, ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ:. න ත්‍වෙව අප‍්පහිතෙ:. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.

31. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් සඞ්ඝයා උදෙසා ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දේ වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නි ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– කැප කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– වැසි කිළියක් කරවන ලද්දේ වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින් හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙත දූතයකු එවන්නේ නම් මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියකින් ආපසු ඊම කළ යුතු ය.”

32. “ඉධ පන භික‍්ඛවෙ, උපාසකෙන සම‍්බහුලෙ භික‍්ඛූ උද‍්දිස‍්ස -පෙ- එකං භික‍්ඛුං උද‍්දිස‍්ස විහාරො කාරාපිතො හොති. අඩ‍්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම‍්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට‍්ඨකො කාරාපිතො හොති. උපට‍්ඨානසාලා කාරාපිතා හොති. අග‍්ගිසාලා කාරාපිතා හොති. කප‍්පියකුටි කාරාපිතා හොති. වච‍්චකුටි කාරාපිතා හොති. චඞ‍්කමො කාරාපිතො හොති. චඞ‍්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. ජන‍්තාඝරං කාරාපිතං හොති. ජන‍්තාඝරසාලා කාරාපිතා හොති. පොක‍්ඛරණී කාරාපිතා හොති. මණ‍්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්‍ථු කාරාපිතං හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු භදන‍්තා, ඉච‍්ඡාමි දානං ච දාතුං ධම‍්මං ච සොතුං භික‍්ඛූ ච පස‍්සිතු’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ: න ත්‍වෙව අප‍්පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

32. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්‍ෂුවක් උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දේ වේ. වැසිකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට බණ අසන්නට භික්‍ෂූන් දකින්නට කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”

33. “ඉධ පන භික‍්ඛවෙ, උපාසකෙන භික‍්ඛුණිසඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා භික‍්ඛුණියො උද‍්දිස‍්ස -පෙ- එකං භික‍්ඛුනිං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා සික‍්ඛමානායො උද‍්දිස‍්ස -පෙ- එකං සික‍්ඛමානං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලෙ සාමණෙරෙ උද‍්දිස‍්ස -පෙ- එකං සාමණෙරං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා සාමණෙරියො උද‍්දිස‍්ස -පෙ- එකං සාමණෙරිං උද‍්දිස‍්ස -පෙ- විහාරො කාරාපිතො හොති. අඩ‍්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම‍්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට‍්ඨකො කාරාපිතො හොති. උපට‍්ඨානසාලා කාරාපිතා හොති. අග‍්ගිසාලා කාරාපිතා හොති. කප‍්පියකුටි කාරාපිතා හොති. චඞ‍්කමො කාරාපිතො හොති. චඞ‍්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. පොක‍්ඛරණී කාරාපිතා හොති. මණ‍්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්‍ථු කාරාපිතං හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු භදන‍්තා, ඉච‍්ඡාමි දානං ච දාතුං ධම‍්මං ච සොතුං භික‍්ඛූ ච පස‍්සිතු’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ:. න ත්‍වෙව අප‍්පහිතෙ: සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

33. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් මෙහෙණි සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා – පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස් ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දේ වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දේ වේ. සක්මනක් කරවන ලද්දී වේ. චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින් හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දී වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාම වත්තක් කරවන ලද්දේ වේ. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආපසු ඊම කළ යුතු ය.

34. “ඉධ පන භික‍්ඛවෙ, උපාසකෙන අත‍්තනො අත්‍ථාය නිවෙසනං කාරාපිතං හොති. -පෙ- සයනිඝරං කාරාපිතං හොති. -පෙ- උද‍්දොසිතො කාරාපිතො හොති. -පෙ- අට‍්ටො කාරාපිතො හොති. -පෙ- මාලො කාරාපිතො හොති. -පෙ- ආපණො කාරාපිතො හොති. -පෙ- ආපණසාලා කාරාපිතා හොති. -පෙ- පාසාදො කාරාපිතො හොති. -පෙ- හම‍්මියං කාරාපිතං හොති. -පෙ- ගුහා කාරාපිතා හොති. -පෙ- පරිවෙණං කාරාපිතං හොති. -පෙ- කොට‍්ඨකො කාරාපිතො හොති. -පෙ- උපට‍්ඨානසාලා කාරාපිතා හොති. -පෙ- අග‍්ගිසාලා කාරාපිතා හොති. -පෙ- රසවතී කාරාපිතා හොති. -පෙ- වච‍්චකුටී කාරාපිතා හොති. -පෙ- චඞ‍්කමො කාරාපිතො හොති. -පෙ- චඞ‍්කමනසාලා කාරාපිතා හොති. -පෙ- උදපානො කාරාපිතො හොති. -පෙ- උදපානසාලා කාරාපිතා හොති. -පෙ- ජන‍්තාඝරං කාරාපිතං හොති. -පෙ- ජන‍්තාඝරසාලා කාරාපිතා හොති. -පෙ- පොක‍්ඛරණී කාරාපිතා හොති. -පෙ- මණ‍්ඩපො කාරාපිතො හොති. -පෙ- ආරාමො කාරාපිතො හොති. -පෙ- ආරාමවත්‍ථු කාරාපිතං හොති. -පෙ- පුත‍්තස‍්ස වා වාරෙය්‍යං හොති. -පෙ- ධීතුයා වා වාරෙය්‍යං හොති. -පෙ- ගිලානො වා හොති. -පෙ- අභිඤ‍්ඤාතං වා සුත‍්තන‍්තං භණති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු භදන‍්තා. ඉමං සුත‍්තන‍්තං පරියාපුණිස‍්සන‍්ති, පුරායං සුත‍්තන‍්තො න පලුජ‍්ජතී’ති. අඤ‍්ඤතරං වා පනස‍්ස කිච‍්චං හොති කරණීයං වා, සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: “ආගච‍්ඡන‍්තු භදන‍්තා, ඉච‍්ඡාමි දානඤ‍්ච දාතුං, ධම‍්මං ච සොතුං, භික‍්ඛූ ච පස‍්සිතු’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ:. න ත්‍වෙව අප‍්පහිතෙ: සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

34. “මහණෙනි, මෙහි උපාසකයකු විසින් තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක කැණිමඬලෙන් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිලක් කරවන ලද්දේ වේ. –පෙ– සල්පිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. –පෙ– පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටු ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර සාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූයේ හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍රධර්‍මයක් හෝ කියයි. හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් නො නැසේ ද, ඊට පෙර මේ සුත්‍රධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ ද, ඔහුගේ අන් කිසක් හෝ කටයුත්තක් හෝ වේ ද, (එකල) හෙ තෙමේ ‘පින්වතුන් වහන්සේලා වඩින සේක්වා, මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”

35. “ඉධ පන භික‍්ඛවෙ, උපාසිකාය සඞ‍්ඝං උද‍්දිස‍්ස විහාරො කාරාපිතො හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු අය්‍යා, ඉච‍්ඡාමි දානඤ‍්ච දාතුං, ධම‍්මං ච සොතුං, භික‍්ඛූ ච පස‍්සිතු’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ: න ත්‍වෙව අප‍්පහිතෙ: සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

35. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ඉදින් ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක් වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට, දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”

36. “ඉධ පන භික‍්ඛවෙ, උපාසිකාය සඞ‍්ඝං උද‍්දිස‍්ස අඩ‍්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම‍්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට‍්ඨකො කාරාපිතො හොති. උපට‍්ඨානසාලා කාරාපිතා හොති. අග‍්ගිසාලා කාරාපිතා හොති. කප‍්පියකුටි කාරාපිතා හොති. වච‍්චකුටී කාරාපිතා හොති. චඞ‍්කමො කාරාපිතො හොති. චඞ‍්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලාකාරාපිතා හොති. ජන‍්තාඝරං කාරාපිතං හොති. ජන‍්තාඝරසාලා කාරාපිතා හොති. පොක‍්ඛරණී කාරාපිතා හොති. මණ‍්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්‍ථු කාරාපිතං හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු අය්‍යා, ඉච‍්ඡාමි දානඤ‍්ච දාතුං, ධම‍්මං ච සොතුං, භික‍්ඛූ ච පස‍්සිතු”න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ: න ත්‍වෙව අප‍්පහිතෙ: සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

36. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් සඞ්ඝයා උදෙසා අඩ සෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථාන ශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැපකිළියක් කරවන ලද්දී වේ. වැසිකිළියක් කරවන ලද්දී වේ. සක්මනක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. ආරාමයෙක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.

37. “ඉධ පන භික‍්ඛවෙ, උපාසිකාය සම‍්බහුලෙ භික‍්ඛූ උද‍්දිස‍්ස. -පෙ- එකං භික‍්ඛුං උද‍්දිස‍්ස -පෙ- භික‍්ඛුණිසඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා භික‍්ඛුණියො උද‍්දිස‍්ස -පෙ- එකං භික‍්ඛුනිං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා සික‍්ඛමානායො උද‍්දිස‍්ස -පෙ- එකං සික‍්ඛමානං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලෙ සාමණෙරෙ උද‍්දිස‍්ස -පෙ- එකං සාමණෙරං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා සාමණෙරියො උද‍්දිස‍්ස -පෙ- එකං සාමණෙරිං උද‍්දිස‍්ස -පෙ- අත‍්තනො අත්‍ථාය නිවෙසනං කාරාපිතං හොති. සයනිඝරං කාරාපිතං හොති. උදොසිතො කාරාපිතො හොති. අට‍්ටො කාරාපිතො හොති. මාලො කාරාපිතො හොති. ආපණො කාරාපිතො හොති. ආපණසාලා කාරාපිතා හොති. පාසාදො කාරාපිතො හොති. හම‍්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට‍්ඨකො කාරාපිතො හොති. උපට‍්ඨානසාලා කාරාපිතා හොති. අග‍්ගිසාලා කාරාපිතා හොති. රසවතී කාරාපිතා හොති. වච‍්චකුටි කාරාපිතා හොති. චඞ‍්කමො කාරාපිතො හොති. චඞ‍්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. ජන‍්තාඝරං කාරාපිතං හොති. ජන‍්තාඝරසාලා කාරාපිතා හොති. පොක‍්ඛරණී කාරාපිතා හොති. මණ‍්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්‍ථු කාරාපිතං හොති. පුත‍්තස‍්ස වා වාරෙය්‍යං හොති. ධීතුයා වා වාරෙය්‍යං හොති. ගිලානා වා හොති. අභිඤ‍්ඤාතං වා සුත‍්තන‍්තං භණති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉමං සුත‍්තන‍්තං පරියාපුණිස‍්සන‍්ති, පුරායං සුත‍්තන‍්තො පලුජ‍්ජතී’ති. අඤ‍්ඤතරං වා පනස‍්සා කිච‍්චං හොති කරණීයං වා. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු අය්‍යා, ඉච‍්ඡාමි දානං ච දාතුං, ධම‍්මඤ‍්ච සොතුං, භික‍්ඛූ ච පස‍්සිතු’න‍්ති, ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ:. න ත්‍වෙව අප‍්පහිතෙ:. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

37. “මහණෙනි, මෙහි උපාසිකාවක විසින් බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් භික්‍ෂුනමක් උදෙසා –පෙ– මෙහෙණසඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස ගෙයක් කරවන ලද්දේ වේ. නිදන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– බඩු තබන ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– මුරගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– එක් කැණිමඬලින් යුත් ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– කඩ පිලක් කරවන ලද්දේ වේ. කඩපිල්හලක් කරවන ලද්දේ වේ. –පෙ– සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– ගුහාවක් කරවන ලද්දී වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. –පෙ– කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– අග්නිශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– මුළුතැන්ගෙයක් කරවන ලද්දේ වේ. –පෙ– වැසිකිළියක් කරවන ලද්දී වේ. –පෙ– සක්මනක් කරවන ලද්දේ වේ. –පෙ– චඞ්ක්‍රමණශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– ලිඳක් කරවන ලද්දේ වේ. –පෙ– ලින්හලක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝරයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ජන්තාඝර ශාලාවක් කරවන ලද්දී වේ. –පෙ– පොකුණක් කරවන ලද්දේ වේ. –පෙ– මණ්ඩපයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාමයෙක් කරවන ලද්දේ වේ. –පෙ– ආරාම වත්තක් කරවන ලද්දේ වේ. –පෙ– පුතකුගේ ආවාහ මඟුලෙක් වේ. –පෙ– දුවකගේ විවාහ මඟුලෙක් හෝ වේ. –පෙ– ගිලන් වූවා හෝ වේ. –පෙ– ප්‍රසිද්ධ වූ සූත්‍ර ධර්‍මයක් හෝ කියයි. –පෙ– ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩිනසේක්වා. මේ සූත්‍ර ධර්‍මය යම් තාක් පලුදු වේ ද, ඊට පෙර මේ සූත්‍ර ධර්‍මය පුහුණු කරන්නාහු’ යි භික්‍ෂූන් වෙතට දූතයකු එවන්නී ද, ඈ පිළිබඳ කළයුතු එක්තරා කටයුත්තෙක් හෝ වේ ද, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතු ය.”

38. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා සඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- භික‍්ඛුණියා සඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- සික‍්ඛමානාය සඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- සාමණෙරෙන සඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- සාමණෙරියා සඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලෙ භික‍්ඛූ උද‍්දිස‍්ස -පෙ- එකං භික‍්ඛුං උද‍්දිස‍්ස -පෙ- භික‍්ඛුණිසඞ‍්ඝං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා භික‍්ඛුණියො උද‍්දිස‍්ස -පෙ- එකං භික‍්ඛුණිං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා සික‍්ඛමානායො උද‍්දිස‍්ස -පෙ- එකං සික‍්ඛමානං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලෙ සාමණෙරෙ උද‍්දිස‍්ස -පෙ- එකං සාමණෙරං උද‍්දිස‍්ස -පෙ- සම‍්බහුලා සාමණෙරියො උද‍්දිස‍්ස -පෙ- එකං සාමණෙරිං උද‍්දිස‍්ස -පෙ- අත‍්තනො අත්‍ථාය විහාරො කාරාපිතො හොති. අඩ‍්ඪයොගො කාරාපිතො හොති. පාසාදො කාරාපිතො හොති. හම‍්මියං කාරාපිතං හොති. ගුහා කාරාපිතා හොති. පරිවෙණං කාරාපිතං හොති. කොට‍්ඨකො කාරාපිතො හොති. උපට‍්ඨානසාලා කාරාපිතා හොති. අග‍්ගිසාලා කාරාපිතා හොති. කප‍්පියකුටි කාරාපිතා හොති. චඞ‍්කමො කාරාපිතො හොති. චඞ‍්කමනසාලා කාරාපිතා හොති. උදපානො කාරාපිතො හොති. උදපානසාලා කාරාපිතා හොති. පොක‍්ඛරණී කාරාපිතා හොති. මණ‍්ඩපො කාරාපිතො හොති. ආරාමො කාරාපිතො හොති. ආරාමවත්‍ථු කාරාපිතං හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘ආගච‍්ඡන‍්තු අය්‍යා ඉච‍්ඡාමි දානඤ‍්ච දාතුං, ධම‍්මඤ‍්ච සොතුං, භික‍්ඛූ ච පස‍්සිතු’න‍්ති, ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ: න ත්‍වෙව අප‍්පහිතෙ: සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො”ති.

38. “මහණෙනි, මෙහි මහණකු විසින් සඞ්ඝයා උදෙසා –පෙ– මෙහෙණක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හික්මෙන්නියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හෙරණකු විසින් සඞ්ඝයා උදෙසා –පෙ– හෙරණියක විසින් සඞ්ඝයා උදෙසා –පෙ– බොහෝ භික්‍ෂූන් උදෙසා –පෙ– එක් මහණකු උදෙසා –පෙ– මෙහෙණ සඟ උදෙසා –පෙ– බොහෝ මෙහෙණන් උදෙසා –පෙ– එක් මෙහෙණක උදෙසා –පෙ– බොහෝ හික්මෙන්නියන් උදෙසා –පෙ– එක් හික්මෙන්නියක උදෙසා –පෙ– බොහෝ හෙරණුන් උදෙසා –පෙ– එක් හෙරණකු උදෙසා –පෙ– බොහෝ සාමණේරීන් උදෙසා –පෙ– එක් සාමණෙරියක උදෙසා –පෙ– තමන් පිණිස විහාරයෙක් කරවන ලද්දේ වේ. අඩසෙවෙනි ඇති ගෙයක් කරවන ලද්දේ වේ. සිවුරැස්ගෙයක් කරවන ලද්දේ වේ. සඳලු සහිත ගෙයක් කරවන ලද්දේ වේ. ගුහාවක් කරවන ලද්දේ වේ. පිරිවෙණක් කරවන ලද්දේ වේ. කොටුගෙයක් කරවන ලද්දේ වේ. උපස්ථානශාලාවක් කරවන ලද්දී වේ. අග්නිශාලාවක් කරවන ලද්දී වේ. කැප කිළියක් කරවන ලද්දී වේ. සක්මනෙක් කරවන ලද්දේ වේ. චඞ්ක්‍රමණ ශාලාවක් කරවන ලද්දී වේ. ලිඳක් කරවන ලද්දේ වේ. ලින්හලක් කරවන ලද්දේ වේ. පොකුණක් කරවන ලද්දේ වේ. මණ්ඩපයක් කරවන ලද්දේ වේ. ආරාමයක් කරවන ලද්දේ වේ. ආරාමවත්තක් කරවන ලද්දේ වේ. ඕ තොමෝ ‘ආර්‍ය්‍යයන් වහන්සේලා වඩින සේක්වා. මම දන් දෙන්නට ද බණ අසන්නට ද භික්‍ෂූන් දකින්නට ද කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු එවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවත ඊම කළ යුතුය.”

39. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. සො භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පාහෙසි: ‘අහං හි ගිලානො ආගච‍්ඡන‍්තු භික‍්ඛූ ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත”න‍්ති.

39. එකල්හි වනාහි එක්තරා මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙතෙමේ “මම ගිලන් වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යැවූයේ ය.

40. භගවතො එතමත්‍ථං ආරොචෙසුං:- “අනුජානාමි භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි ගන‍්තුං පගෙව පහිතෙ: භික‍්ඛුස‍්ස භික‍්ඛුණියා සික‍්ඛමානාය සාමණෙරස‍්ස සාමණෙරියා. අනුජානාමි භික‍්ඛවෙ, ඉමෙසං පඤ‍්චන‍්නං සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි ගන‍්තුං, පගෙව පහිතෙ: සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

40. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ. “මහණෙනි, මහණෙක මෙහෙණක හික්මෙන්නියක හෙරණෙක හෙරණියක යන පස් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? මහණෙනි, මේ පස්දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණීයයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”

41. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු ගිලානො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානුපට‍්ඨාකභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානභෙසජ‍්ජං වා පරියෙසිස‍්සාමි, පුච‍්ඡිස‍්සාමි වා, උපට‍්ඨහිස‍්සාමි වා ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

41. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි. උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”

42. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස අනභිරති උප‍්පන‍්නා හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අනභිරති මෙ උප‍්පන‍්නා. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති, ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘අනභිරතං වූපකාසෙස‍්සාමි වා, වූපකාසාපෙස‍්සාමි වා, ධම‍්මකථං වාස‍්ස කරිස‍්සාමී ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

42. “මහණෙනි, මෙහි මහණෙකුහට සසුන්හි කළකිරීමෙක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට කළකිරීමෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා, භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කළකිරීම බැහැර කරන්නෙමි හෝ බැහැර කරවන්නෙමි. ඔහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”

43. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘කුක‍්කුච‍්චං මෙ උප‍්පන‍්නං. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘කුක‍්කුච‍්චං විනොදෙස‍්සාමි වා, විනොදාපෙස‍්සාමි වා, ධම‍්මකථං වාස‍්ස කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

43. “මහණෙනි, මෙහි මහණෙකුහට කුකුසෙක් උපන්නේ වේ. හෙ තෙමේ “මට කුකුසෙක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කුකුස දුරු කරන්නෙමි යි හෝ, දුරු කරවාලන්නෙමි යි හෝ, මොහුට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”

44. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: “දිට‍්ඨිගතං මෙ උප‍්පන‍්නං. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘දිට‍්ඨිගතං විවෙචෙස‍්සාමි වා, විවෙචාපෙස‍්සාමි වා, ධම‍්මකථං වාස‍්ස කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

44. “මහණෙනි, මෙහි මහණෙකුහට මිසදිටුවක් උපන්නේ වේ. හෙ තෙමේ ‘මට මිසදිටුවක් උපන්නේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මොහුට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”

45. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නො හොති පරිවාසාරහො. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නො පරිවාසාරහො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති, ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘පරිවාසදානං උස‍්සුක‍්කං කරිස‍්සාමි වා, අනුස‍්සාවෙස‍්සාමි වා: ගණපූරකො වා භවිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

45. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ගරු ඇවැතට පැමිණියේ පිරිවෙසට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම ගරු ඇවැතට පැමිණි යේ පිරිවෙසට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘පිරිවෙස් දීම ඉක්මන් කරන්නෙමි යි හෝ (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යායුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

46. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු මූලාය පටිකස‍්සනාරහො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි මූලාය පටිකස‍්සනාරහො ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘මූලාය පටිකස‍්සනං උස‍්සුක‍්කං කරිස‍්සාමි වා, අනුස‍්සාවෙස‍්සාමි වා, ගණපූරකො වා භවිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

46. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ ‘මූලායපටිකස්සන’ නම් විනයකර්‍මයට සුදුසු වූයේ වේ. හෙතෙමේ ‘මම ‘මූලායපටිකස්සන’ විනයකර්‍මයට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා, භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘මූලායපටිකස්සනකර්‍මය’ ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.”

47. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු මානත‍්තාරහො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි මානත‍්තාරහො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘මානත‍්තදානං උස‍්සුක‍්කං කරිස‍්සාමි වා, අනුස‍්සාවෙස‍්සාමි වා, ගණපූරකො වා භවිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

47. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ මානතට සුදුසු වේ. හෙ තෙමේ “මම මානතට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

48. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු අබ‍්භානාරහො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි අබ‍්භානාරහො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘අබ‍්භානං උස‍්සුක‍්කං කරිස‍්සාමි වා, අනුස‍්සාවෙස‍්සාමි වා, ගණපූරකො වා භවිස‍්සාමී”ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

48. “මහණෙනි, මෙහි මහණෙක් තෙමේ අබ්භානයට සුදුසු වූයේ වේ. හෙ තෙමේ ‘මම අබ්භානයට සුදුසු වූයේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘අබ්භානය දීම ඉක්මන් කරන්නෙමි යි හෝ, (කර්‍මවාක්‍ය) අස්වන්නෙමි යි හෝ ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”

49. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස සඞ‍්ඝො කම‍්මං කත‍්තුකාමො හොති. තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: “සඞ‍්ඝො මෙ කම‍්මං කත‍්තුකාමො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො කම‍්මං න කරෙය්‍ය. ලහුතාය වා පරිණාමෙය්‍යා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

49. “මහණෙනි, මෙහි මහණෙකුහට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. හෙතෙමේ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ වේ. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො ම කරන්නේ ද? කර්‍මය සැහැල්ලු බවට හෝ පෙරළන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවතිය යුතු ය.”

50. “කතං වා පනස‍්ස හොති සඞ‍්ඝෙන කම‍්මං තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘සඞ‍්ඝො මෙ කම‍්මං අකාසි. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: – ‘කින‍්ති නු ඛො සම‍්මා වත‍්තෙය්‍ය? ලොමං පාතෙය්‍ය? නෙත්‍ථාරං වත‍්තෙය්‍ය? සඞ‍්ඝො තං කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍යා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

50. “මොහුට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. හෙ තෙමේ “සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි” යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවතින්නේ ද? මහණුන්ට අනුලොම් ව පවතින්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවතින්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේද? සතියෙන් නැවැතිය යුතු ය.”

51 “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණී ගිලානා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානා. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානුපට‍්ඨාකභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානභෙසජ‍්ජං වා පරියෙසිස‍්සාමි, පුච‍්ඡිස‍්සාමි වා, උපට‍්ඨහිස‍්සාමි වා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

51. “මහණෙනි, මෙහි මෙහෙණක් ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ, බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

52. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණියා අනභිරති උප‍්පන‍්නා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අනභිරති මෙ උප‍්පන‍්නා. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘අනභිරතං වූපකාසෙස‍්සාමි වාවූපකාසාපෙස‍්සාමි වා, ධම‍්මකථං වාස‍්සා කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

52. “මහණෙනි, මෙහි මෙහෙණකට කළකිරීමක් වේ. ඕ තොමෝ ‘මට කළකිරීමක් උපන. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කළකිරීම සංසිඳුවන්නෙමි යි හෝ, සංසිඳුවා ලන්නෙමි යි හෝ, මෑට ධර්‍ම කථාවක් හෝ කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනුම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

53. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණියා කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘කුක‍්කුච‍්චං මෙ උප‍්පන‍්නං. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘කුක‍්කුච‍්චං විනොදෙස‍්සාමි වා, විනොදාපෙස‍්සාමි වා, ධම‍්මකථං වාස‍්සා කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

53. “මහණෙනි, මෙහි මෙහෙණකට කුකුසෙක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට කුකුසෙක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, ‘මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කුකුස දුරු කරන්නෙමි’ යි හෝ, දුරු කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

54. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණියා දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘දිට‍්ඨිගතං මෙ උප‍්පන‍්නං. ආගච‍්ඡන‍්තු අය්‍යා, ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘දිට‍්ඨිගතං විවෙචෙස‍්සාමි වා, විවෙචාපෙස‍්සාමි වා, ධම‍්මකථං වාස‍්සා කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

54. “මහණෙනි, මෙහි මෙහෙණකට මිසදිටුවක් උපන්නේ වේ. ඕ තොමෝ ‘මට මිසදිටුවක් උපන්නේ ය. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මිසදිටුව බැහැර කරන්නෙමි යි හෝ, බැහැර කරවන්නෙමි යි හෝ, මෑට ධර්‍මකථාවක් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

55. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණී ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නා හොති මානත‍්තාරහා. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගරුධම‍්මං අජ‍්ඣාපන‍්නා මානත‍්තාරහා. ආගච‍්ඡන‍්තු අය්‍යා, ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘මානත‍්තදානං උස‍්සුක‍්කං කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

55. “මහණෙනි, මෙහි මෙහෙණක් ගරු ඇවැතට පැමිණියා මානතට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම ගරු ඇවතට පැමිණියා මානතට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා, පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මානත දීම ඉක්මන් කරන්නෙමි යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

56. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණී මූලාය පටිකස‍්සනාරහා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි මූලාය පටිකස‍්සනාරහා ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘මූලාය පටිකස‍්සනං උස‍්සුක‍්කං කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

56. “මහණෙනි, මෙහි මෙහෙණක් මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වේ. ඕ තොමෝ ‘මම මූලායපටිකස්සනකර්‍මයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද මූලායපටිකස්සනකර්‍මය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

57. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණී අබ‍්භානාරහා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි අබ‍්භානාරහා ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘අබ‍්භානං උස‍්සුක‍්කං කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

57. “මහණෙනි, මෙහි මෙහෙණක් අබ්භානයට සුදුසු වූවා වේ. ඕ තොමෝ “මම අබ්භානයට සුදුසු වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවුඩ නො එවූ කල්හි ද ‘අබ්භානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.

58. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුණියා සඞ‍්ඝො කම‍්මං කත‍්තුකාමො හොති තජ‍්ජනීයං වා නියස‍්සං වා, පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘සඞ‍්ඝො මෙ කම‍්මං කත‍්තුකාමො ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘කින‍්ති නු ඛො සඞ‍්ඝො කම‍්මං න කරෙය්‍ය? ලහුකාය වා පරිණාමෙය්‍යා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

58. “මහණෙනි, මෙහි මෙහෙණකට සඞ්ඝ තෙමේ තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණු කැමැත්තේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝතෙමේ මට කර්‍මයක් කරණු කැමැත්තේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘සඞ්ඝ තෙමේ කෙසේ නම් කර්‍ම නො කරන්නේ ද කර්‍මය සැහැල්ලු කිරීම පිණිස හෝ පෙරළන්නේ දැයි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

59. “කතං වා පනස‍්සා හොති සඞ‍්ඝෙන කම‍්මං තජ‍්ජනීයං වා නියස‍්සං වා පබ‍්බාජනීයං වා පටිසාරණීයං වා උක‍්ඛෙපනීයං වා. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘සඞ‍්ඝො මෙ කම‍්මං අකාසි. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත”න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි. පගෙව පහිතෙ: ‘කින‍්ති නු ඛො සම‍්මා වත‍්තෙය්‍ය? ලොමං පාතෙය්‍ය? නෙත්‍ථාරං වත‍්තෙය්‍ය? සඞ‍්ඝො තං කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍යා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

59. “මෑට සඞ්ඝයා විසින් තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනීයකර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ කරණ ලද්දේ වේ. ඕ තොමෝ ‘සඞ්ඝ තෙමේ මට කර්‍මයක් කෙළේ ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි”යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘කෙසේ නම් මනා කොට පවත්නේ ද? මහණුන්ට අනුලොම් ව පවත්නේ ද? කර්‍මයෙන් නිදහස් වන සේ පවත්නේ ද? සඞ්ඝ තෙමේ ඒ කර්‍මය සංසිඳුවන්නේ දැ’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

60. “ඉධ පන භික‍්ඛවෙ, සික‍්ඛමානා ගිලානා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානා. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානුපට‍්ඨාක භත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානභෙසජ‍්ජං වා පරියෙසිස‍්සාමි, පුච‍්ඡිස‍්සාමි වා, උපට‍්ඨහිස‍්සාමි වා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

60. “මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ගිලන් වූවා වෙයි. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයා සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. සුවදුක් හෝ විචාරන්නෙමි’ උවැටන් හෝ කරන්නෙමි’යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

61. “ඉධ පන භික‍්ඛවෙ, සික‍්ඛමානාය අනභිරති උප‍්පන‍්නා හොති. -පෙ- සික‍්ඛමානාය කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති. -පෙ- සික‍්ඛමානාය දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති. -පෙ- සික‍්ඛමානාය සික‍්ඛා කුපිතා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: “සික‍්ඛා මෙ කුපිතා. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘සික‍්ඛාසමාදානං උස‍්සුක‍්කං කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

61. “මහණෙනි, මෙහි හික්මෙන්නියකට කළකිරීමක් වේ. –පෙ– හික්මෙන්නියකට කුකුසෙක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකට මිසදිටුවක් උපන්නේ වේ. –පෙ– හික්මෙන්නියකගේ ශික්‍ෂා තොමෝ කිපියා වේ. ඕ තොමෝ ‘මාගේ ශික්‍ෂා තොමෝ කිපියා ය. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

62. “ඉධ පන භික‍්ඛවෙ, සික‍්ඛමානා උපසම‍්පජ‍්ජිතුකාමා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි උපසම‍්පජ‍්ජිතුකාමා. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘උපසම‍්පදං උස‍්සුක‍්කං කරිස‍්සාමි වා. අනුස‍්සාවෙස‍්සාමි වා, ගණපූරකො වා භවිස‍්සාමී”ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

62. ‘මහණෙනි, මෙහි හික්මෙන්නියක් තොමෝ ‘මම උපසපන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි’ යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

63. “ඉධ පන භික‍්ඛවෙ, සාමණෙරො ගිලානො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානුපට‍්ඨාකභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානභෙසජ‍්ජං වා පරියෙසිස‍්සාමි, පුච‍්ඡිස‍්සාමි වා, උපට‍්ඨහිස‍්සාමි වා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

63. “මහණෙනි, මෙහි සාමණේරයෙක් තෙමේ ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’ යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

64. “ඉධ පන භික‍්ඛවෙ, සාමණෙරස‍්ස අනභිරති උප‍්පන‍්නා හොති. -පෙ- සාමණෙරස‍්ස කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති. -පෙ- සාමණෙරස‍්ස දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති. -පෙ- සාමණෙරො වස‍්සං පුච‍්ඡිතුකාමො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි වස‍්සං පුච‍්ඡිතුකාමො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘පුච‍්ඡිස‍්සාමි වා. ආචික‍්ඛිස‍්සාමි වා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

64. “මහණෙනි, මෙහි හෙරණකුට කළකිරීමක් වේ. –පෙ– හෙරණකුහට කුකුසෙක් වේ. –පෙ– හෙරණකුහට මිසදිටුවක් වේ. –පෙ– හෙරණෙක් තෙමේ වස් විචාරණු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම වස් විචාරණු කැමැත්තේ වෙමි. භික්‍ෂූහු එත්වා. භික්‍ෂූන් ගේ ඊම කැමැත්තෙමි”යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ කියන්නෙමි” යි හෝ සත්තාහකරණියයෙන් යායුතුය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය”

65. “ඉධ පන භික‍්ඛවෙ, සාමණෙරො උපසම‍්පජ‍්ජිතුකාමො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි උපසම‍්පජ‍්ජිතුකාමො. ආගච‍්ඡන‍්තු භික‍්ඛූ. ඉච‍්ඡාමි භික‍්ඛූනං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘උපසම‍්පදං උස‍්සුක‍්කං කරිස‍්සාමි වා, අනුස‍්සාවෙස‍්සාමි වා, ගණපූරකො වා භවිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

65. “මහණෙනි, මෙහි හෙරණෙක් තෙමේ උපසපන් වනු කැමැත්තේ වේ. හෙ තෙමේ ‘මම උපසපන් වනු කැමැත්තේ වෙමි. භික්‍ෂූහු එත්වා භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘උපසම්පදාව ඉක්මන් කරන්නෙමි යි හෝ, (කම්වදන්) අස්වන්නෙමි යි හෝ, ගණපූරකයෙක් හෝ වන්නෙමි” යි සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.

66. “ඉධ පන භික‍්ඛවෙ, සාමණෙරී ගිලානා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානා. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානුපට‍්ඨාකභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානභෙසජ‍්ජං වා පරියෙසිස‍්සාමි, පුච‍්ඡිස‍්සාමි වා, උපට‍්ඨහිස‍්සාමි වා”ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

66. මහණෙනි, මෙහි මෙ හෙරණක් තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන්බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන්බෙහෙත් හෝ සොයන්නෙමි. (සුවදුක්) විචාරන්නෙමි යි හෝ, උවැටන් හෝ කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතුය.

67. “ඉධ පන භික‍්ඛවෙ, සාමණෙරියා අනභිරති උප‍්පන‍්නා හොති. -පෙ- සාමණෙරියා කුක‍්කුච‍්චං උප‍්පන‍්නං හොති. -පෙ- සාමණෙරියා දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති. -පෙ- සාමණෙරී වස‍්සං පුච‍්ඡිතුකාමා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි වස‍්සං පුච‍්ඡිතුකාමා, ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ:– ‘පුච‍්ඡිස‍්සාමි වා, ආචික‍්ඛිස‍්සාමි වා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

67. “මහණෙනි, මෙහි සාමණේරියකට කළකිරීමක් වේ. –පෙ– සාමණේරියකට කුකුසක් වේ. සාමණේරියකට මිසදිටුවක් වේ. –පෙ– සාමණේරියක් තොමෝ වස් විචාරණු කැමැත්තී වේ. ඕ තොමෝ ‘මම වස් විචාරණු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘විචාරන්නෙමි යි හෝ, කියන්නෙමි’යි හෝ සත්තාහකරණීයයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

68. “ඉධ පන භික‍්ඛවෙ, සාමණෙරී සික‍්ඛං සමාදියිතුකාමා හොති. සා චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි සික‍්ඛං සමාදියිතුකාමා. ආගච‍්ඡන‍්තු අය්‍යා. ඉච‍්ඡාමි අය්‍යානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘සික‍්ඛාසමාදානං උස‍්සුක‍්කං කරිස‍්සාමී’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො”ති.

68. “මහණෙනි, මෙහි සාමණේරියක් තොමෝ ශික්‍ෂාසමාදානය කැමැත්තී වේ. ඕ තොමෝ “මම ශික්‍ෂා සමාදන් වනු කැමැත්තී වෙමි. පින්වතුන් වහන්සේලා එත්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ශික්‍ෂාසමාදානය ඉක්මන් කරන්නෙමි’යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කවරේ ද? සතියෙන් නැවැතිය යුතු ය.”

69. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො මාතා ගිලානා හොති. සා පුත‍්තස‍්ස සන‍්තිකෙ දූතං පාහෙසි: ‘අහං හි ගිලානා. ආගච‍්ඡතු මෙ පුත‍්තො. ඉච‍්ඡාමි පුත‍්තස‍්ස ආගත”න‍්ති.

69. එකල්හි එක්තරා මහණකුගේ මවු තොමෝ ගිලන් වූවා වේ. ඕ තොමෝ “මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍රතෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි” යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යැවූ ය.

70. අථ ඛො තස‍්ස භික‍්ඛුනො එතදහොසි: “භගවතා පඤ‍්ඤත‍්තං සත‍්තන‍්නං සත‍්තාහකරණීයෙන පහිතෙ: ගන‍්තුං; න ත්‍වෙව අප‍්පහිතෙ. පඤ‍්චන‍්නං සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි ගන‍්තුං. පගෙව පහිතෙ. අයං ච මෙ මාතා ගිලානා. සා ච අනුපාසිකා. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති.

70. එකල්හි ඒ භික්‍ෂූහුහට “භාග්‍යවතුන් වහන්සේ විසින් පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ටත් පණිවිඩ නො එවූ කල්හි ද පස් දෙනකුන්ගේ සමීපයට යන්ටත් පණවන ලද්දේය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මාගේ මේ මවු තොමෝ ගිලන් වූවා ය. ඕ තොමෝත් උපාසිකාවක් නො වූවා ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ” යි මෙබඳු සිතෙක් උපන.

71. භගවතො එතමත්‍ථං ආරොචෙසුං:- “අනුජානාමි භික‍්ඛවෙ, සත‍්තන‍්නං සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි ගන‍්තුං, පගෙව පහිතෙ. භික‍්ඛුස‍්ස භික‍්ඛුණියා සික‍්ඛමානාය සාමණෙරස‍්ස සාමණෙරියා මාතුයා ච පිතුස‍්ස ච. අනුජානාමි භික‍්ඛවෙ, ඉමෙසං සත‍්තන‍්නං සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි ගන‍්තුං, පගෙව පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

71. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද සත් දෙනකුන්ගේ සමීපයට සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? මහණ මෙහෙණ හික්මෙන්නිය සාමණේරය සාමණෙරිය මවු පියා යන මේ සත් දෙනාගේ සමීපයට පණිවිඩ නො එවූ කල්හි ද සත්තාහකරණියයෙන් යන්ට අනුදනිමි. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”

72. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස මාතා ගිලානා හොති. සා චෙ පුත‍්තස‍්ස සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානා. ආගච‍්ඡතු මෙ පුත‍්තො. ඉච‍්ඡාමි පුත‍්තස‍්ස ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානුපට‍්ඨාකභත‍්තං වා පරියෙසිස‍්සාමි, ගිලානභෙසජ‍්ජං වා පරියෙසිස‍්සාමි, පුච‍්ඡිස‍්සාමි වා, උපට‍්ඨහිස‍්සාමි වා’ති. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

72. “මහණෙනි, මෙහි මහණකුගේ මවු ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා, පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි’ යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා හෝ බත් සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් කරන්නෙමි’ යි හෝ සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු ම කිම? සතියෙන් නැවැතිය යුතු ය.”

73. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස පිතා ගිලානො හොති. සො චෙ පුත‍්තස‍්ස සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානො. ආගච‍්ඡතු මෙ පුත‍්තො, ඉච‍්ඡාමි පුත‍්තස‍්ස ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන අප‍්පහිතෙපි පගෙව පහිතෙ: ‘ගිලානභත‍්තං වා පරියෙසිස‍්සාමි. ගිලානුපට‍්ඨාකභත‍්තං වා පරියෙසිස‍්සාමි. ගිලානභෙසජ‍්ජං වා පරියෙසිස‍්සාමි. පුච‍්ඡිස‍්සාමි වා. උපට‍්ඨහිස‍්සාමි වා’ති, සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

73. “මහණෙනි, මෙහි මහණකුගේ පියා ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. මාගේ පුත්‍ර තෙමේ ඒවා. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි, යි පුත්‍රයාගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ නො එවූ කල්හි ද ‘ගිලන් බත් හෝ සොයන්නෙමි. ග්ලානෝපස්ථායකයන් සඳහා බත් හෝ සොයන්නෙමි. ගිලන් බෙහෙත් හෝ සොයන්නෙමි. විචාරන්නෙමි යි හෝ උවැටන් හෝ කරන්නෙමි යි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ එවූ කල්හි කියනු කිම? සතියෙන් නැවතිය යුතු ය.”

74. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස භාතා ගිලානො හොති. සො චෙ භාතුනො සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානො. ආගච‍්ඡතු මෙ භාතා. ඉච‍්ඡාමි භාතුනො ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ: න ත්‍වෙව අප‍්පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

74. “මහණෙනි, මෙහි මහණකුගේ බෑයෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ “මම ගිලන් වූයේ වෙමි මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. බෑයාගේ ඊම කැමැත්තෙමි’ යි බෑයාගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”

75. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස භගිනී ගිලානා හොති. සා චෙ භාතුනො සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානා. ආගච‍්ඡතු මෙ භාතා ඉච‍්ඡාමි භාතුනො ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ න ත්‍වෙව අප‍්පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

75. “මහණෙනි, මෙහි මහණකුගේ බුහුනක් ගිලන් වූවා වේ. ඕ තොමෝ ‘මම ගිලන් වූවා වෙමි. මාගේ භ්‍රාතෘ තෙමේ ඒවා. භ්‍රාතෘගේ ඊම කැමැත්තෙමි’යි බෑයාගේ සමීපයට දූතයකු යවන්නී නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”

76. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුස‍්ස ඤාතකො ගිලානො හොති. සො චෙ භික‍්ඛුස‍්ස සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානො. ආගච‍්ඡතු භදන‍්තො. ඉච‍්ඡාමි භදන‍්තස‍්ස ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ. න ත්‍වෙව අප‍්පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”

76. “මහණෙනි, මෙහි මහණකුගේ නෑයෙක් ගිලන් වූයේ වේ. හෙ තෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේ වඩින සේක්වා. පින්වතුන් වහන්සේගේ ඊම කැමැත්තෙමි’යි මහණකුගේ සමීපයට දූතයකු යවන්නේ නම්, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”

77. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුභතිකො ගිලානො හොති. සො චෙ භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පහිණෙය්‍ය: ‘අහං හි ගිලානො. ආගච‍්ඡන‍්තු භදන‍්තා. ඉච‍්ඡාමි භදන‍්තානං ආගත’න‍්ති. ගන‍්තබ‍්බං භික‍්ඛවෙ, සත‍්තාහකරණීයෙන පහිතෙ න ත්‍වෙව අප‍්පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො”ති

77. “මහණෙනි, මෙහි භික්‍ෂූන්ගේ මෙහෙකරුවෙක් ගිලන් වූයේ වේ. හෙතෙමේ ‘මම ගිලන් වූයේ වෙමි. පින්වතුන් වහන්සේලා වඩින සේක්වා. පින්වතුන් වහන්සේලාගේ ඊම කැමැත්තෙමි’ යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යවන්නේ නම්, මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත්තාහකරණියයෙන් යා යුතු ය. පණිවිඩ නො එවූ කල්හි නො යා යුතු ම ය. සතියෙන් නැවතිය යුතු ය.”

78. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝස‍්ස මහාවිහාරො උද්‍රීයති. අඤ‍්ඤතරෙන උපාසකෙන අරඤ‍්ඤෙ භණ‍්ඩං ඡෙදාපිතං හොති. සො භික‍්ඛූනං සන‍්තිකෙ දූතං පාහෙසි. “සචෙ භදන‍්තා තං භණ‍්ඩං ආවහාපෙය්‍යුං, දජ‍්ජාහං තං භණ‍්ඩ”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සඞ‍්ඝකරණීයෙන ගන‍්තුං. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො”ති.

78. එකල්හි සඞ්ඝයාගේ මහාවිහාරයක් නැසී යයි. එක්තරාඋපාසකයකු විසින් වනයෙහි දැවබඩු සිඳවන ලද්දේ වේ. හෙ තෙමේ “පින්වතුන් වහන්සේලා ඒ බඩු අදවා (ගෙන්වා) ගන්නාහු නම්, මම ඒ බඩු පින්වතුන් වහන්සේලාට දෙමි” යි භික්‍ෂුන්ගේ සමීපයට දූතයකු යැවී ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඞ්ඝයා පිළිබඳ කටයුතු නිසා යන්ට අනුදනිමි. සතියෙන් නැවතිය යුතු ය.”

වස‍්සාවාසභාණවාරං නිට‍්ඨිතං.

වස්සාවාසභාණවාරය නිමි.

1. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ අඤ‍්ඤතරස‍්මිං ආවාසෙ වස‍්සූපගතා භික‍්ඛූ වාළෙහි උබ‍්බාළ‍්හා හොන‍්ති. ගණ‍්හිංසුපි. පරිපාතිංසුපි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ වාළෙහි උබ‍්බාළ‍්හා හොන‍්ති. ගණ‍්හන‍්තිපි. පරිපාතෙන‍්තිපි. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

1. එකල්හි කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂුහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙති. අල්වා ද ගත්හ. මරා ද හෙළූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු චණ්ඩවනමෘගයන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්වා ද ගණිත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

2. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ සිරිංසපෙහි උබ‍්බාළ‍්හා හොන‍්ති. ඩංසන‍්තිපි. පරිපාතෙන‍්තිපි. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

2. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු සර්‍පයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ඩැසීම ද කෙරෙත්. මරා ද හෙළත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

3. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ චොරෙහි උබ‍්බාළ‍්හා හොන‍්ති, විලුම‍්පන‍්තිපි. ආකොටෙන‍්තිපි. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

3 “මහණෙනි, මෙහි එළැඹි භික්‍ෂුහු සොරුන් විසින් පෙළන ලද්දාහු වෙත්. අල්ලා ගණිත්. ආයුධ වලින් පහර ද දෙත් ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

4. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ පිසාචෙහි උබ‍්බාළ‍්හා හොන‍්ති. ආවිසන‍්තිපි. ඔජම‍්පි හරන‍්ති. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

4. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු පිශාචයන් විසින් පෙළන ලද්දාහු වෙත්. ආවිෂ්ට ද වෙත්. ශරීරඕජාව ද ගණිත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

5. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතානං භික‍්ඛූනං ගාමො අග‍්ගිනා දඩ‍්ඪො හොති. භික‍්ඛූ පිණ‍්ඩකෙන කිලමන‍්ති. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.

5. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙති. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

6. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතානං භික‍්ඛූනං සෙනාසනං අග‍්ගිනා දඩ‍්ඪං හොති. භික‍්ඛූ සෙනාසනෙන කිලමන‍්ති. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

6. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන් ගින්නෙන් දැවුනේ වේ. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’යයි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

7. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතානං භික‍්ඛූනං ගාමො උදකෙන වූළ‍්හො හොති. භික‍්ඛූ පිණ‍්ඩකෙන කිලමන‍්ති. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

7. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම ජලයෙන් යට වි ය. භික්‍ෂූහු ආහාරයෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය’ යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

8. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතානං භික‍්ඛූනං සෙනාසනං උදකෙන වූළ‍්හං හොති. භික‍්ඛූ සෙනාසනෙන කිලමන‍්ති. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්සා”ති.

8. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූන්ගේ සෙනසුන ජලයෙන් යට වි ය. භික්‍ෂූහු සෙනසුනෙන් ක්ලාන්ත වෙත්. ‘මේ ම අන්තරාය ය’යි බැහර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

9. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්මිං ආවාසෙ වස‍්සූපගතානං භික‍්ඛූනං ගාමො චොරෙහි වුට‍්ඨාපිතො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, යෙන ගාමො, තෙන ගන‍්තු”න‍්ති. ගාමො ද‍්වෙධා පභිජ‍්ජිත්‍ථ. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, යෙන බහුතරා, තෙන ගන‍්තු”න‍්ති. බහුතරා අස‍්සද‍්ධා හොන‍්ති අප‍්පසන‍්නා. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, යෙන සද‍්ධා පසන‍්නා, තෙන ගන‍්තු”න‍්ති.

9. එකල්හි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූන්ගේ ගම සොරුන් විසින් නගා හරිණ ලද්දේ ය. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, ගම පිහිටි තැනට යන්ට අනුදනිමි”. ගම දෙකට බිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඉතා බොහෝ ගණනක් ගම් වැස්සන් ඇති තැනට යන්නට අනුදනිමි” ඉතා බොහෝ දෙනෙක් ශ්‍රද්ධා නැත්තෝ නො පහන් වූවෝ වෙති. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සැදැහැති පහන් මිනිසුන් ඇති තැනට යන්නට අනුදනිමි”.

10. තෙන ඛො පන සමයෙන කොසලෙසු ජනපදෙ අඤ‍්ඤතරස‍්මිං ආවාසෙ වස‍්සූපගතා භික‍්ඛූ න ලභිංසු ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ න ලභන‍්ති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.

10. එකල්හි කොසොල්දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලැබූහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

11. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ ලභන‍්ති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. න ලභන‍්ති සප‍්පායානි භොජනානි. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

11. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

12. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ ලභන‍්ති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. ලභන‍්ති සප‍්පායානි භොජනානි. න ලභන‍්ති සප‍්පායානි භෙසජ‍්ජානි. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

12. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් නො ලබත්. ‘මේ ම අන්තරාය ය’යි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

13. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතා භික‍්ඛූ ලභන‍්ති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. ලභන‍්ති සප‍්පායානි භොජනානි. ලභන‍්ති සප‍්පායානි භෙසජ‍්ජානි න ලභන‍්ති පතිරූපං උපට‍්ඨාකං. ‘එසෙව අන‍්තරායො’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

13. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂූහු රළු වූ හෝ මිහිරි වූ හෝ බොජුන් සෑහෙන පමණ ලබත්. හිත වූ බොජුන් ලබත්. හිත වූ බෙහෙත් ලබත්. සුදුසු වූ උපස්ථායකයකු නො ලබත්. ‘මේ ම අන්තරාය’යයි බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

14. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතං භික‍්ඛුං ඉත්‍ථි නිමන‍්තෙති: ‘එහි භන‍්තෙ, හිරඤ‍්ඤං වා තෙ දෙමි. සුවණ‍්ණං වා තෙ දෙමි. ඛෙත‍්තං වා තෙ දෙමි. වත්‍ථුං වා තෙ දෙමි. ගාවුං වා තෙ දෙමි. ගාවිං වා තෙ දෙමි. දාසං වා තෙ දෙමි. දාසිං වා තෙ දෙමි. ධීතරං වා තෙ දෙමි භරියත්‍ථාය. අහං වා තෙ භරියා හොමි. අඤ‍්ඤං වා තෙ භරියං ආනෙමී”ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘ලහුපරිවත‍්තං ඛො චිත‍්තං වුත‍්තං භගවතා, සියාපි මෙ බ්‍රහ‍්මචරියස‍්ස අන‍්තරායො”ති. පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.

14. “මහණෙනි, මෙහි ස්ත්‍රියක් ‘ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමි. නුඹ වහන්සේට රන් හෝ දෙමි. නුඹ වහන්සේට කෙතක් හෝ දෙමි. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමි. නුඹ වහන්සේට ගවයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියක හෝ දෙමි. නුඹ වහන්සේට දාසයකු හෝ දෙමි. නුඹ වහන්සේට දාසියකු හෝ දෙමි. නුඹ වහන්සේට භාර්‍ය්‍යාව පිණිස දුව හෝ දෙමු. මම හෝ නුඹවහන්සේගේ භාර්‍ය්‍යා වෙමි. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමි’ යි වස් එළැඹි භික්‍ෂුනමකට නිමන්ත්‍රණය කෙරෙ යි. එහි දී ඒ භික්‍ෂුහුහට ‘සිත යුහු ව පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ම ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

15. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතං භික‍්ඛුං වෙසී නිමන‍්තෙති. -පෙ- ථුල‍්ලකුමාරී නිමන‍්තෙති. -පෙ- පණ‍්ඩකො නිමන‍්තෙති. -පෙ- ඤාතකා නිමන‍්තෙන‍්ති. -පෙ- රාජානො නිමන‍්තෙන‍්ති. -පෙ- චොරා නිමන‍්තෙන‍්ති. -පෙ- ධුත‍්තා නිමන‍්තෙන‍්ති. ‘එහි භන‍්තෙ, හිරඤ‍්ඤං වා තෙ දෙම. සුවණ‍්ණං වා තෙ දෙම. ඛෙත‍්තං වා තෙ දෙම. වත්‍ථුං වා තෙ දෙම. ගාවුං වා තෙ දෙම. ගාවිං වා තෙ දෙම. දාසං වා තෙ දෙම. දාසිං වා තෙ දෙම. ධීතරං වා තෙ දෙම භරියත්‍ථාය. අඤ‍්ඤං වා තෙ භරියං ආනෙමා’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘ලහුපරිවත‍්තං ඛො චිත‍්තං වුත‍්තං භගවතා. සියාපි මෙ බ්‍රහ‍්මචරියස‍්ස අන‍්තරායො’ති, පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

15. “මහණෙනි, මෙහි වස් එළැඹි භික්‍ෂුනමකට වෙසඟනක් නිමන්ත්‍රණය කරයි. –පෙ– විවාහයට නො පැමිණ වයසට පත් ස්ත්‍රියක් නිමන්ත්‍රණය කරයි. –පෙ– පණ්ඩකයෙක් නිමන්ත්‍රණය කරයි. –පෙ– නෑයෝ නිමන්ත්‍රණය කරත්. –පෙ– රජහු නිමන්ත්‍රණය කරත්. –පෙ– සොරු නිමන්ත්‍රණය කරත් –පෙ– ධූර්‍තයෝ හෝ ‘ස්වාමීනි, එනු මැනව. නුඹ වහන්සේට අමුරන් හෝ දෙමු. නුඹ වහන්සේට රන් හෝ දෙමු. නුඹවහන්සේට කෙතක් හෝ දෙමු. නුඹ වහන්සේට වත්තක් හෝ දෙමු. නුඹවහන්සේට ගවයකු හෝ දෙමු. නුඹවහන්සේට දෙනකු හෝ දෙමු. නුඹවහන්සේට දාසයකු හෝ දෙමු. නුඹ වහන්සේට දාසියක හෝ දෙමු. භාර්‍ය්‍යාව පිණිස නුඹ වහන්සේට දුව හෝ දෙමු. නුඹ වහන්සේට අන් බිරියක හෝ ගෙණෙමු’ යි නිමන්ත්‍රණය කරත්. එහි දී ඒ භික්‍ෂුහුහට ‘සිත යුහු ව පෙරළේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ ය’ යි මෙසේ අදහස් වේ නම් බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

16. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු අස‍්සාමිකං නිධිං පස‍්සති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘ලහුපරිවත‍්තං ඛො චිත‍්තං වුත‍්තං භගවතා, සියාපි මෙ බ්‍රහ‍්මචරියස‍්ස අන‍්තරායො’ති, පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

16. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ හිමියන් නැති නිධානයක් දකි යි. එහි දී ඒ මහණහුට ‘සිත වහා පෙරළේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් වන්නේ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

17. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු පස‍්සති සම‍්බහුලෙ භික‍්ඛූ සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තෙ. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති ‘ගරුකො ඛො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා මයි සම‍්මුඛීභූතෙ සඞ‍්ඝො භිජ‍්ජී’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

17. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් තෙමේ සඞ්ඝභේදයට උත්සාහය කරන්නා වූ බොහෝ භික්‍ෂූන් දකී. එහි දී ඒ මහණහුට ‘සඞ්ඝභේදය තෙමේ බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝ තෙමේ නො බිඳේවා’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

18. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලා භික‍්ඛූ සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තී’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘ගරුකො ඛො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා මයි සම‍්මුඛීභූතෙ සඞ‍්ඝො භිජ‍්ජී’ති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

18. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා හමු ව සිටිය දී සඞ්ඝතෙමේ නො බිඳේවා’ යි මෙසේ අදහස් වේ නම්, බැහැර යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

19. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලා භික‍්ඛූ සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තී’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: “තෙ ඛො මෙ භික‍්ඛූ මිත‍්තා. ත්‍යාහං වක‍්ඛාමි. - ගරුකො ඛො ආවුසො, සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා ආයස‍්මන‍්තානං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථාති. කරිස‍්සන‍්ති මෙ වචනං. සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තී’ති, පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

19. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහ කෙරෙත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන් හට සඞ්ඝභේදය රුචි නො වේවා” යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

20. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලා භික‍්ඛූ සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තී’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘තෙ ඛො මෙ භික‍්ඛූ න මිත‍්තා. අපි ච යෙ තෙසං මිත‍්තා, තෙ මෙ මිත‍්තා. ත්‍යාහං වක‍්ඛාමි. තෙ වුත‍්තා තෙ වක‍්ඛන‍්ති - ගරුකො ඛො ආවුසො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා, මා ආයස‍්මන‍්තානං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථාති. කරිස‍්සන‍්ති මෙ වචනං, සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තීති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

20. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූහු සඞ්ඝභේදයට උත්සාහය කෙරෙත් ල’ යි අසයි. මහණෙනි, එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

21. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලෙහි භික‍්ඛූහි සඞ‍්ඝො භින‍්නො’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘තෙ ඛො මෙ භික‍්ඛූ මිත‍්තා, ත්‍යාහං වක‍්ඛාමි - ගරුකො ඛො ආවුසො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා ආයස‍්මන‍්තානං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථා ති. කරිස‍්සන‍්ති මෙ වචනං. සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තීති පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

21. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් “අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී මහණහුට “ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා යි කියන්නෙමි. ඔහු මාගේ වචනය කරන්නෝ ය. අසන්නෝ ය. කන් යොමු කරන්නෝ ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

22. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති: ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලෙහි භික‍්ඛූහි සඞ‍්ඝො භින‍්නො”ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘තෙ ඛො මෙ භික‍්ඛූ න මිත‍්තා. අපි ච යෙ තෙසං මිත‍්තා, තෙ මෙ මිත‍්තා. ත්‍යාහං වක‍්ඛාමි. තෙ වුත‍්තා තෙ වක‍්ඛන‍්ති - ගරුකො ඛො ආවුසො, සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා ආයස‍්මන‍්තානං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථා’ති. කරිස‍්සන‍්ති මෙ වචනං. සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තී”ති, පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

22. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ භික්‍ෂූන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ භික්‍ෂූහු මාගේ මිත්‍රයෝ නො වෙති. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිත්‍රයෝ වෙත් ද, ඔහු මාගේ මිත්‍රයෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. මා විසින් කියන ලද ඔහු ඔවුන්ට ‘ඇවැත්නි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ආයුෂ්මතුන්හට සඞ්ඝභේදය රුචි නො වේවා’යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

23. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති: ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලා භික‍්ඛුණියො සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තී’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘තා ඛො මෙ භික‍්ඛුණියො මිත‍්තා. තාහං වක‍්ඛාමි - ගරුකො ඛො භගිනියො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා මා භගිනීනං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථා’ති. කරිස‍්සන‍්ති. මෙ වචනං. සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තී’ති. පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස.”

23. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභේදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ ය. ඔවුන්ට මම ‘නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය” යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

24. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති: ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලා භික‍්ඛුණියො සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තී’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති: ‘තා ඛො මෙ භික‍්ඛුණියො න මිත‍්තා. අපි ච යා තාසං මිත‍්තා, තා මෙ මිත‍්තා. තාහං වක‍්ඛාමි. තා වුත‍්තා තා වක‍්ඛන‍්ති - ගරුකො ඛො භගිනියො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා භගිනීනං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථා’ති. කරිස‍්සන‍්ති තාසං වචනං. සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තී’ති, පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස”.

24. “මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණෝ සඞ්ඝභේදයට උත්සාහ කරත් ල’ යි අසයි. එහි දී ඒ මහණහුට ‘ඒ මෙහෙණෝ මාගේ මිතුරෝ නො වෙත්. එහෙත් යම් කෙනෙක් ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔහු මාගේ යෙහෙළියෝ වෙත්. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු’ ය යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

25. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති: ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලාහි භික‍්ඛුණීහි සඞ‍්ඝො භින‍්නො’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති ‘තා ඛො මෙ භික‍්ඛුණියො මිත‍්තා. තාහං වක‍්ඛාමි - ගරුකො ඛො භගිනියො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා භගිනීනං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථා’ති. කරිස‍්සන‍්ති මෙ වචනං, සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තී’ති, පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස”.

25. ‘මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී ඒ මහණහුට ඒ මෙහෙණෝ මාගේ යෙහෙළියෝ ය. මම ඔවුන්ට ‘නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා” යි කියන්නෙමි. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’ යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

26. “ඉධ පන භික‍්ඛවෙ, වස‍්සූපගතො භික‍්ඛු සුණාති: ‘අසුකස‍්මිං කිර ආවාසෙ සම‍්බහුලාහි භික‍්ඛුණීහි සඞ‍්ඝො භින‍්නො’ති. තත්‍ර චෙ භික‍්ඛුනො එවං හොති ‘තා ඛො මෙ භික‍්ඛුණියො න මිත‍්තා. අපි ච යා තාසං මිත‍්තා, තා මෙ මිත‍්තා. තාහං වක‍්ඛාමි. තා වුත‍්තා තා වක‍්ඛන‍්ති - ගරුකො ඛො භගිනියො සඞ‍්ඝභෙදො වුත‍්තො භගවතා. මා භගිනීනං සඞ‍්ඝභෙදො රුච‍්චිත්‍ථා’ති. කරිස‍්සන‍්ති මෙ වචනං, සුස‍්සූසිස‍්සන‍්ති. සොතං ඔදහිස‍්සන‍්තී’ති, පක‍්කමිතබ‍්බං. අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්සා”ති.

26. මහණෙනි, මෙහි වස් එළැඹි මහණෙක් ‘අසවල් ආවාසයෙහි බොහෝ මෙහෙණන් විසින් සඞ්ඝ තෙමේ බිඳින ලද්දේ’ යි අසයි. එහි දී මහණහුට “ඒ මෙහෙණෝ මාගේ යෙහෙළියෝ නො වෙත්. එහෙත් යම් මෙහෙණෝ ඔවුන්ගේ මිතුරෝ වෙත් ද, ඔවුන් මාගේ මිතුරෝ ය. මම ඔවුන්ට කියන්නෙමි. (මා විසින්) කියන ලද ඔහු, ඔවුන්ට – නැගනියෙනි, සඞ්ඝභේදය බැරෑරුම් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. නැගනියන්ට සඞ්ඝභේදය රුචි නො වේවා’ යි කියන්නාහු ය. මාගේ වචනය කරන්නාහු ය. අසන්නාහු ය. කන් යොමු කරන්නාහු ය’යි මෙසේ අදහස් වේ නම්, යා යුතු ය. වස සිඳීමෙන් ඇවැත් නො වේ.”

27. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු වජෙ වස‍්සං උපගන‍්තුකාමො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, වජෙ වස‍්සං උපගන‍්තු”න‍්ති. වජො වුට‍්ඨාසි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, යෙන වජො, තෙන ගන‍්තු”න‍්ති.

27. එකල්හි එක්තරා මහණෙක් ගාලෙහි වස් එළැඹෙනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාලෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි. ගාල අන් තැනකටගියේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගාල ගොස් සිටි තැනට යන්නට අනුදනිමි’.

28. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු උපකට‍්ඨාය වස‍්සූපනායිකාය සත්‍ථෙන ගන‍්තුකාමො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, සත්‍ථෙ වස‍්සං උපගන‍්තු”න‍්ති.

28. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි ගැල් පදවන්නන් හා යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ‘මහණෙනි, ගැලේ වස් එළැඹෙන්නට අනුදනිමි.”

29. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු උපකට‍්ඨාය වස‍්සූපනායිකාය නාවාය ගන‍්තුකාමො හොති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ, නාවාය වස‍්සං උපගන‍්තු”න‍්ති.

29. එකල්හි එක්තරා මහණෙක් වස් එළැඹීම ලංව සිටි කල්හි නැවක යනු කැමැත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නැවෙහි වස් එළැඹෙන්නට අනුදනිමි” යි.

30. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ රුක‍්ඛසුසිරෙ වස‍්සං උපගච‍්ඡන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “සෙය්‍යථාපි පිසාචිල‍්ලිකා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, රුක‍්ඛසුසිරෙ වස‍්සං උපගන‍්තබ‍්බං. යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

30. එකල්හි භික්‍ෂූහු ගස් සිදුරෙක වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “පිශාච පැටවුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ගස් සිදුරෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”

31. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ රුක‍්ඛවිටභියා වස‍්සං උපගච‍්ඡන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති විපාචෙන‍්ති: “සෙය්‍යථාපි මිගලුද‍්දකා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, රුක‍්ඛවිටභියා වස‍්සං උපගන‍්තබ‍්බං. යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

31. එකල්හි භික්‍ෂූහු රුක් වෙළෙප්හි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මුව වැද්දන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි රුක් වෙළෙප්හි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”

32. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අජ‍්ඣොකාසෙ වස‍්සං උපගච‍්ඡන‍්ති. දෙවෙ වස‍්සන‍්තෙ රුක‍්ඛමූලම‍්පි නිබ‍්බකොසම‍්පි උපධාවන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, අජ‍්ඣොකාසෙ වස‍්සං උපගන‍්තබ‍්බං. යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

32. එකල්හි භික්‍ෂූහු එළිමහනෙහි වස් එළැඹෙත්. වැසි වස්නා කල රුක් මුලට ද (ගෙවල්හි) අගුසෙවනට ද දුවත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, එළිමහනෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”

33. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අසෙනාසනිකා වස‍්සං උපගච‍්ඡන‍්ති. සීතෙනපි කිලමන‍්ති. උණ‍්හෙනපි කිලමන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, අසෙනාසනිකෙන වස‍්සං උපගන‍්තබ‍්බං. යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

33. එකල්හි භික්‍ෂූහු සෙනසුන් නැත්තාහු වස් එළැඹෙත්. සීතයෙන් ද උෂ්ණයෙන් ද ක්ලාන්ත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”

34. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ඡවකුටිකාය වස‍්සං උපගච‍්ඡන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති. ඛීයන‍්ති. විපාචෙන‍්ති: “සෙය්‍යථාපි ඡවඩාහකා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, ඡවකුටිකාය වස‍්සං උපගන‍්තබ‍්බං. යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

34. එකල්හි භික්‍ෂූහු සොහොන්කිළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “මිනී දවන්නන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සොහොන් කිළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ.”

35. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ඡත‍්තෙ වස‍්සං උපගච‍්ඡන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති. ඛීයන‍්ති. විපාචෙන‍්ති: “සෙය්‍යථාපි ගොපාලකා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං “න භික‍්ඛවෙ, ඡත‍්තෙ වස‍්සං උපගන‍්තබ‍්බං. යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

35. එකල්හි භික්‍ෂූහු ඡත්‍රය යට වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “ගොපලුන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඡත්‍රය යට වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”

36. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ චාටියා වස‍්සං උපගච‍්ඡන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති. ඛීයන‍්ති. විපාචෙන‍්ති: “සෙය්‍යථාපි තිත්‍ථියා”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, චාටියා වස‍්සං උපගන‍්තබ‍්බං. යො උපගච‍්ඡෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

36. එකල්හි භික්‍ෂූහු සැළියෙහි වස් එළැඹෙත්. මිනිස්සු (මොවුන්) “තීර්‍ත්‍ථකයන් සේ ය” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, සැළියෙහි වස් නො එළැඹිය යුතු ය. යමෙක් එළැඹෙන්නේ නම්, දුකුළාඇවැත් වේ.”

37. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියා සංඝෙන කතිකා කතා හොති: “අන‍්තරාවස‍්සං න පබ‍්බාජෙතබ‍්බ”න‍්ති. විසාඛාය මිගාරමාතුයා නත‍්තා භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. භික‍්ඛූ එවමාහංසු: “සඞ‍්ඝෙන ඛො ආවුසො කතිකා කතා - ‘අන‍්තරාවස‍්සං න පබ‍්බාජෙතබ‍්බ’න‍්ති. ආගමෙහි ආවුසො, යාව භික‍්ඛූ වස‍්සං වසන‍්ති. වස‍්සං වුත්‍ථා පබ‍්බාජෙස‍්සන‍්තී”ති.

37. එකල්හි සැවැත් නුවර දී සඞ්ඝයා විසින් “වස ඇතුළත පැවිදි නො කළ යුතු ය” යි කතිකාවක් කරණ ලද්දී ය. මිගාරමාතු වූ විශාඛාවගේ මුනුබුරෙක් භික්‍ෂූන් කරා එළඹ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ‘ඇවැත්නි, ‘වස ඇතුළත පැවිදි නො කළ යුතු ය.’ යි සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද්දී ය. ඇවැත්නි, භික්‍ෂූහු යම් තාක් වස් වැස නිමවත් ද ඒ තාක් බලාපොරොත්තු වෙව, වස් වැස නිම කළාහු පැවිදි කරන්නාහු” යි මෙසේ කීහ.

38. අථ ඛො තෙ භික‍්ඛූ වස‍්සං වුත්‍ථා විසාඛාය මිගාරමාතුයා නත‍්තාරං එතදවොචුං: “එහිදානි, ආවුසො, පබ‍්බජාහී”ති. සො එවමාහ: “සචාහං භන‍්තෙ, පබ‍්බජිතො අස‍්සං, අභිරමෙය්‍යං චාහං. න’දානාහං භන‍්තෙ, පබ‍්බජිස‍්සාමී”ති. විසාඛා මිගාරමාතා උජ‍්ඣායති. ඛීයති. විපාචෙති: “කථං හි නාම අය්‍යා එවරූපං කතිකං කරිස‍්සන‍්ති: ‘න අන‍්තරාවස‍්සං පබ‍්බාජෙතබ‍්බ’න‍්ති. කං කාලං ධම‍්මො න චරිතබ‍්බො”ති.

38. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැස නිම කළාහු මිගාර මාතු වූ විශාඛාවගේ මුණුබුරාට “ඇවැත්නි, දැන් එව, පැවිදි වෙව” යි කීහ. හෙතෙමේ “ස්වාමීනි, මම පැවිදි වූයේ වීම් නම්, මම (සසුනෙහි) සිත් අලවා වසන්නෙමි. ‘ස්වාමීනි, මම දැන් පැවිදි නො වන්නෙමි’ යි මෙසේ කීයේ ය. මිගාරමාතෘ වූ විශාඛා තොමෝ ‘පින්වතුන් වහන්සේලා කෙසේ නම් වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකාවක් කරත් ද? “කිනම් කලෙක ධර්‍මය තෙමේ නො හැසිරිය යුතු දැ?’ යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.

39. අස‍්සොසුං ඛො භික‍්ඛූ විසාඛාය මිගාරමාතුයා උජ‍්ඣායන‍්තියා ඛීයන‍්තියා විපාචෙන‍්තියා. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ, එවරූපා කතිකා කාතබ‍්බා: ‘න අන‍්තරා වස‍්සං පබ‍්බාජෙතබ‍්බ’න‍්ති. යො කරෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

39. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන මිගාර මාතෘ වූ විශාඛාවගේ ඒ කතාව ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘වස ඇතුළත දී පැවිදි නො කට යුතු ය’ යි මෙබඳු කතිකා නො කට යුතු ය. යමෙක් කරන්නේ නම්, දුකුළාඇවැත් වේ.

40. තෙන ඛො පන සමයෙන ආයස‍්මතා උපනන්‍දෙන සක්‍යපුත‍්තෙන රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය.

40. එකල්හි ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් විසින් පසේනදි කොසොල් රජුගේ පෙරවස් විසීමට ආරාධනාවක් ගිවිස ගන්නා ලද්දේ ය.

41. සො තං ආවාසං ගච‍්ඡන‍්තො අද‍්දස, අන‍්තරාමග‍්ගෙ ද‍්වෙ ආවාසෙ බහුචීවරකෙ. තස‍්ස එතදහොසි: “යන‍්නූනාහං ඉමෙසු ද‍්වීසු ආවාසෙසු වස‍්සං වසෙය්‍යං, එවං මෙ බහුං චීවරං උප‍්පජ‍්ජිස‍්සතී”ති.

41. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දුටුයේ ය. ඔහුට “මම මේ ආවාස දෙක්හි වස් වසන්නෙම් නම් යහපත් ය. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය” යි මෙබඳු සිතෙක් වි ය.

42. සො තෙසු ද‍්වීසු ආවාසෙසු වස‍්සං වසි. රාජා පසෙනදි කොසලො උජ‍්ඣායති. ඛීයති. විපාචෙති: “කථං හි නාම අය්‍යො උපනන්‍දො සක්‍යපුත‍්තො අම‍්හාකං වස‍්සාවාසං පටිස‍්සුණිත්‍වා විසංවාදෙස‍්සති? න නු භගවතා අනෙකපරියායෙන මුසාවාදො ගරහිතො? මුසාවාදා වෙරමණී පසත්‍ථා?”ති.

42. හෙ තෙමේ ඒ ආවාස දෙක්හි වස් විසී ය. පසේනදි කොසොල් රජ තෙමේ “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආර්‍ය්‍ය උපනන්‍ද ස්ථවිර තෙමේ අපගේ වස් ආරාධනාව ගිවිස (පිළිගෙණ) වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?’ යි අවමන් කරයි. නින්‍දා කරයි. දොස් කියයි.

43. අස‍්සොසුං ඛො භික‍්ඛූ රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා, තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස වස‍්සාවාසං පටිස‍්සුණිත්‍වා විසංවාදෙස‍්සති? න නු භගවතා අනෙකපරියායෙන මුසාවාදො ගරහිතො? මුසාවාදා වෙරමණී පසත්‍ථා”? ති.

43. භික්‍ෂූහු අවමන් කරණ නින්‍දා කරණ දොස් කියන පසේනදි කොසොල් රජුගේ ඒ කතාව ඇසූහ. ඔවුන් අතුරෙහි යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඔහු “කෙසේ නම් ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙමේ පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙරේ ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්.

44. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං පටිපුච‍්ඡි: “සච‍්චං කිර ත්‍වං උපනන්‍ද, රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස වස‍්සාවාසං පටිස‍්සුණිත්‍වා විසංවාදෙසී?”ති. “සච‍්චං භගවා”. විගරහි බුද‍්ධො භගවා: “කථං හි නාම ත්‍වං මොඝපුරිස, රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස වස‍්සාවාසං පටිස‍්සුණිත්‍වා විසංවාදෙස‍්සති. නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන මුසාවාදො ගරහිතො? මුසාවාදා වෙරමණී පසත්‍ථා? නෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

44. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ශාක්‍යපුත්‍ර වූ ආයුෂ්මත් උපනන්‍ද තෙරුන් පිළිවිසිසේක. “උපනන්‍දය, පසේනදි කොසොල් රජුගේ වස් විසීමට ආරාධනාව පිළිගෙණ වෙනස් කෙළෙහි සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, සැබව”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “හිස්පුරුෂය, තෝ කෙසේ නම් පසේනදි කොසොල් රජුගේ වස් ආරාධනාව පිළි ගෙණ වෙනස් කෙළෙහි ද? හිස්පුරුෂය, මා විසින් මුසාවාදය නොයෙක් අයුරින් ගරහන ලද්දේ නො වේ ද? මුසාවාදයෙන් වැළැක්ම පසසන ලද්දේ නො වේ ද? හිස්පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ –පෙ– නොවේ” යි ගැරහූසේක. ගරහා දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූසේක:

45. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො පස‍්සති අන‍්තරාමග‍්ගෙ ද‍්වෙ ආවාසෙ බහුචීවරකෙ. තස‍්ස එවං හොති: ‘යන‍්නූනාහං ඉමෙසු ද‍්වීසු ආවාසෙසු වස‍්සං වසෙය්‍යං. එවං මෙ බහුං චීවරං උප‍්පජ‍්ජිස‍්සතී’ති. සො තෙසු ද‍්වීසු ආවාසෙසු වස‍්සං වසති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති, පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

45. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස්ආරාධනාවක් පිළිගන්නා ලද්දේ ය. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ අතර මග දී බොහෝ සිවුරු ඇති ආවාස දෙකක් දකියි. ඔහුට ‘මම මේ ආවාස දෙකෙහි වස් වසන්නෙම් නම් යෙහෙක. එසේ ඇති කල්හි මට බොහෝ සිවුරු ලැබෙන්නේ ය’ යි මෙබඳු සිතෙක් උපන. හෙතෙමේ ඒ ආවාස දෙකෙහි වස් විසී ය. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

46. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති, සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව අකරණීයො පක‍්කමති. තස‍්ස, භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

46. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

47. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව සකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

47. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

48. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා අකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

48. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් ආරාධනාවක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණේ. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

49. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා සකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

49. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් (=වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පරිභෝග කටයුතු දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුට පෙරවස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

50. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණීයෙන පක‍්කමති. සො තං සත‍්තාහං බහිද‍්ධා වීතිනාමෙති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති, පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

50. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුට පෙර වස ද නො පෙණේ. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

51. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති, සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණීයෙන පක‍්කමති. සො තං සත‍්තාහං අන‍්තො සන‍්නිවත‍්තං කරොති. තස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො පුරිමිකා ච පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

51. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ පෙර වස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

52. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො සත‍්තාහං අනාගතාය පවාරණාය සකරණීයො පක‍්කමති. ආගච‍්ඡෙය්‍ය වා සො භික‍්ඛවෙ, භික‍්ඛු තං ආවාසං, න වා ආගච‍්ඡෙය්‍ය, තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච පඤ‍්ඤායති, පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

52. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙතෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණ සතියක් ඇති කල්හි (=පවාරණ දිනයට සතියක් තිබිය දී) කටයුතු සහිතව බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වේවා මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. “ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

53. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගන‍්ත්‍වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව අකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

53. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු නැත්තේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසී මෙහි ද දුකුළාඇවැත් වේ.”

54. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය සො තං ආවාසං ගන‍්ත්‍වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව සකරණීයො පක‍්කමති. -පෙ- සො ද‍්වීහතීහං වසිත්‍වා අකරණීයො පක‍්කමති. -පෙ- සො ද‍්වීහතීහං වසිත්‍වා සකරණීයො පක‍්කමති. -පෙ- සො ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණීයෙන පක‍්කමති. සො තං සත‍්තාහං බහිද‍්ධා වීතිනාමෙති තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස. -පෙ- සො ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණීයෙන පක‍්කමති. සො තං සත‍්තාහං අන‍්තො සන‍්නිවත‍්තං කරොති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච පඤ‍්ඤායති, පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

54. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙර වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙතෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (=පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

55. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පුරිමිකාය. සො තං ආවාසං ගන‍්ත්‍වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො සත‍්තාහං අනාගතාය පවාරණාය සකරණීයො පක‍්කමති. ආගච‍්ඡෙය්‍ය වා සො භික‍්ඛවෙ, භික‍්ඛු තං ආවාසං, න වා ආගච‍්ඡෙය්‍ය, තස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො පුරිමිකා ච පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

55. “මහණෙනි, මෙහි මහණකු විසින් පෙරවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ පවාරණ දිනය නො පැමිණි සතියක් ඇති කල්හි කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පෙරවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

56. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව සකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

56. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසු වස ද නො පෙණෙයි ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

57. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව සකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

57. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඅඇවැත් වේ.”

58. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා සකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

58. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

59. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා සකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

59. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

60. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණීයෙන පක‍්කමති, සො තං සත‍්තාහං බහිද‍්ධා වීතිනාමෙති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

60. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළා ඇවැත් වේ.”

61. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං. උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණී යෙන පක‍්කමති. සො තං සත‍්තාහං අන‍්තො සන‍්නිවත‍්තං කරොති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච පඤ‍්ඤායති, පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

61. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් (= වස් විසුමට ආරාධනාවක්) පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

62. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගච‍්ඡන‍්තො බහිද‍්ධා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං. උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො සත‍්තාහං අනාගතාය කොමුදියා චාතුමාසිනියා සකරණීයො පක‍්කමති. ආගච‍්ඡෙය්‍ය වා සො භික‍්ඛවෙ, භික‍්ඛු තං ආවාසං, න වා ආගච‍්ඡෙය්‍ය, තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

62. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට යන්නේ පිටත දී පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ වර්‍ෂා මාස සතර අවසන්හි යෙදෙන කුමුදුමල් පිපුම් හෝ සඳරැස් ඇති ඉල් මස පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ වේවා. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

63. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගන‍්ත්‍වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව අකරණීයො පක‍්කමති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස.”

63. “මහණෙනි, මෙහි මහණකු විසින් පසු වස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු රහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ.”

64. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගන‍්ත්‍වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො තදහෙව සකරණීයො පක‍්කමති. -පෙ- සො ද‍්වීහතීහං වසිත්‍වා අකරණීයො පක‍්කමති. -පෙ- සො ද‍්වීහතීහං වසිත්‍වා සකරණීයො පක‍්කමති. -පෙ- ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණීයෙන පක‍්කමති. සො තං සත‍්තාහං බහිද‍්ධා වීතිනාමෙති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච න පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්ස. -පෙ- සො ද‍්වීහතීහං වසිත්‍වා සත‍්තාහකරණීයෙන පක‍්කමති. සො තං සත‍්තාහං අන‍්තො සන‍්නිවත‍්තං කරොති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

64. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝදිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ එදවස ම කටයුතු සහිත වූයේ බැහැර යයි –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු රහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස කටයුතු සහිත වූයේ බැහැර යයි. –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය පිටත දී ඉක්මවයි. මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද නො පෙණෙයි. ගිවිසීමෙහි ද දුකුළාඇවැත් වේ –පෙ– හෙ තෙමේ දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි. හෙ තෙමේ ඒ සතිය ඇතුළත නැවතීම (= පෙරළා ඊම) කරයි. මහණෙනි, ඒ මහණහුට පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

65. “ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනා වස‍්සාවාසො පටිස‍්සුතො හොති පච‍්ඡිමිකාය. සො තං ආවාසං ගන‍්ත්‍වා උපොසථං කරොති. පාටිපදෙ විහාරං උපෙති. සෙනාසනං පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨාපෙති. පරිවෙණං සම‍්මජ‍්ජති. සො සත‍්තාහං අනාගතාය කොමුදියා චාතුමාසිනියා සකරණීයො පක‍්කමති. ආගච‍්ඡෙය්‍ය වා සො භික‍්ඛවෙ, භික‍්ඛු තං ආවාසං, න වා ආගච‍්ඡෙය්‍ය, තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො පච‍්ඡිමිකා ච පඤ‍්ඤායති. පටිස‍්සවෙ ච අනාපත‍්ති.”

65. “මහණෙනි, මෙහි මහණකු විසින් පසුවස පිණිස වස් විසීමෙක් පිළිගන්නා ලද්දේ වේ. හෙ තෙමේ ඒ ආවාසයට ගොස් පොහොය කරයි. පෑළවියෙහි වෙහෙරට පැමිණෙයි. සෙනසුන් පණවයි. පැන් හා පිරිබෝ දිය එළවා තබයි. පිරිවෙණ හමදියි. හෙ තෙමේ චාතුමාසිනී කොමුදී නම් ඉල් පුර පසළොස්වකට සතියක් තිබිය දී කටයුතු සහිත වූයේ බැහැර යයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ආවාසයට එන්නේ හෝ නො එන්නේ හෝ (වේවා) මහණෙනි, ඒ මහණහුගේ පසුවස ද පෙණෙයි. ගිවිසීමෙහි ද ඇවැත් නො වේ.”

වස‍්සූපනායිකක‍්ඛන්‍ධකො නිට‍්ඨිතො තතියො.

තෙවෙනි වස්සූපනායිකක්ඛන්‍ධකය නිමි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය (වස්තු නාමමාලාව) මෙසේ ය:

1. උපගන‍්තුං කදා චෙව කති අන‍්තර වස‍්ස ච, න ඉච‍්ඡන‍්ති ච සඤ‍්චිච‍්ච උක‍්කඩ‍්ඪිතුං උපාසකො.

1. වස් එළඹෙන්නට අනුදැනීම, කවර ඍතුවක දැ යි පිළිවිසීම, කෙතෙක් දැ යි පිළිවිසීම, වස් වැස චාරිකාවෙහි හැසිරීම, වස් විසීමට නො කැමැති වීම, දැන දැන ආරාමය ඉක්මවීම, වස්සුක්කඩ්ඪනය, උදේන උපාසක.

2. ගිලානො මාතා ච පිතා ච භාතා ච අථ ඤාතකො, භික‍්ඛුභතිකො විහාරො වාළා චාපි සිරිංසපා.

2. ගිලන් වීම, මවු ගිලන් වීම, පියා ගිලන් වීම, සොහොයුරකු ගිලන් වීම, නෑයකු ගිලන් වීම, මෙහෙකරු ගිලන් වීම, විහාරය, චණ්ඩ වල් සිවුපාවුන්ගේ අන්තරාය, සර්‍පයන්ගේ අන්තරාය,

3. චොරො චෙව පිසාචා ච දඩ‍්ඪා තදුභයෙන ච, වූළ‍්හොදකෙන වුට‍්ඨාසි බහුතරා ච දායකා.

3. සොරුන්ගේ අන්තරාය, පිශාචයන්ගේ අන්තරාය, ගම ගින්නෙන් දෑම, සෙනසුන ගින්නෙන් දෑම, ගම හා සෙනසුන දියෙන් යට වීම හෝ අන්තරායට පත් වීම, ගම හැර යෑම, වැඩි ගම්වැස්සන් වෙතට යෑම, දෙන්නන් කරා යෑම.

4. ලූඛප‍්පණීතසප‍්පායභෙසජ‍්ජුපට‍්ඨකෙන ච ඉත්‍ථි වෙසී කුමාරී ච පණ‍්ඩකො ඤාතකෙන ච.

4. රළු හෝ මිහිරි ආහාර නො ලැබීම, හිත බොජුන් නො ලැබීම, හිත බෙහෙත් නො ලැබීම, උපස්ථායකයකු නො ලැබීම, ස්ත්‍රිය, වෙසඟන, තරුණ කුමරිය, පණ්ඩක, නෑ යන මොවුන්ගෙන් වන අන්තරාය.

5. රාජා චොරා ධුත‍්තා නිධි භෙදා අට‍්ඨවිධෙන ච, වජො සත්‍ථො ච නාවා ච සුසිරෙ විටභාය ච.

5. රජ, සොර, ධූර්‍ත යන මොවුන්ගෙන් වන අන්තරාය, නිධානය, සඞ්ඝභේදය, ගාල, ගැල, නැව, රුක්සිදුර, රුක්වෙළෙප.

6. අජ‍්ඣොකාසෙ වස‍්සාවාසො අසෙනාසනිකෙන ච, ඡවකුටිකා ඡත‍්තෙ ච චාටියා ච උපෙන‍්ති තෙ.

6. එළිමහනෙහි වස් විසීම, සෙනසුන් නැත්තහු වස් විසීම, සොහොන් කිළියෙහි, ඡත්‍රයෙහි, සැළියෙහි ඒ භික්‍ෂූහු වස් එළඹෙත් යන්න ද

7. කතිකා පටිසුණිත්‍වා බහිද‍්ධා ච උපොසථා, පුරිමිකා පච‍්ඡිමිකා යථා ඤායෙන යොජයෙ.

7. කතිකාව, වස් ගිවිස බැහැර වස් විසීම, යන මොහු වෙත්. අන් තැනක පොහොය කොට වස් වසන තැනට පැමිණීම, පෙරවස පසුවස වශයෙන් සුදුසු පරිදි යොදන්නේ ය.

8. අකරණීයො පක‍්කමති සකරණීයො තථෙව චෙ, ද‍්වීහතීහං වසිත්‍වාන සත‍්තාහකරණෙන ච .

8. සත්තාහකරණියයෙන් නිකරුණේ බැහැර යයි. එසේ ම කරුණු සහිත ව බැහැර යයි. දෙතුන් දිනක් වැස සත්තාහකරණියයෙන් බැහැර යයි.

9. සත‍්තාහනාගතා චෙව ආගච‍්ඡෙය්‍ය න එය්‍ය වා, වත්‍ථුද‍්දානෙ අන‍්තරිකා තන‍්තිමග‍්ගං නිසාමයෙති

9. පවාරණයට සත්දිනක් තිබිය දී ගොස් පෙරළා පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වසට අන්තරාය නැති බව – යන මොහු උද්දානයෙහි ඇතුළත් වස්තූහු වෙත්. පෙළමග නුවණින් පරීක්‍ෂා කරන්නේ ය.

ඉමම‍්හි ඛන්‍ධකෙ වත්‍ථූ ද‍්වෙ පණ‍්ණාස.

මේ ඛන්‍ධකයෙහි වස්තූහු දෙපණසෙකි.