යෙදුමෙන් කියවන්න

සොළසමහාවාරො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සොළසමහාවාරො

පඤ‍්ඤත‍්තිවාරවණ‍්ණනා

පඤ්ඤත්තිවාරවණ්ණනා

විසුද‍්ධපරිවාරස‍්ස , පරිවාරොති සාසනෙ; ධම‍්මක‍්ඛන්‍ධසරීරස‍්ස, ඛන්‍ධකානං අනන‍්තරා.

විසුද්ධපරිවාරස්ස පරිවාරොති සාසනෙ, ධම්මක්‍ඛන්‍ධසරීරස්ස ඛන්‍ධකානං අනන්තරා

සඞ‍්ගහං යො සමාරුළ‍්හො, තස‍්ස පුබ‍්බාගතං නයං; හිත්‍වා දානි කරිස‍්සාමි, අනුත‍්තානත්‍ථවණ‍්ණනං.

සඞ්ගහං යො සමාරූළ්හො තස්ස පුබ්බාගතං නයං, හිත්‍වාදානි කරිස්සාමි අනුත්තානන්‍ථවණ්ණනං

වෙසෙසින් පිරිසිදු රහතුන් පිරිවරකොට ඇති ශීලස්කන්‍ධාදි ධර්‍ම ස්කන්‍ධ ශරීර කොට සිටි භගවතුන් වහන්සේගේ විනයපර්‍ය්‍යාප්ති ශාසනයෙහි ඛන්‍ධකයන්ට අනතුරුව පරිවාරයයි,

යම් විනයක් සඞ්ග්‍රහවට නගන ලද්දේ ද, ඒ විනය පිළිබඳ පෙර ආ නය හැරපියා දැන් අනුකතාර්‍ත්‍ථ වර්‍ණනාව කරන්නෙමි.

තත්‍ථ යං තෙන භගවතා…පෙ… පඤ‍්ඤත‍්තන‍්ති ආදිනයප‍්පවත‍්තාය තාව පුච‍්ඡාය අයං සඞ‍්ඛෙපත්‍ථො – යො සො භගවා සාසනස‍්ස චිරට‍්ඨිතිකත්‍ථං ධම‍්මසෙනාපතිනා සද‍්ධම‍්මගාරවබහුමානවෙගසමුස‍්සිතං අඤ‍්ජලිං සිරස‍්මිං පතිට‍්ඨාපෙත්‍වා යාචිතො දස අත්‍ථවසෙ පටිච‍්ච විනයපඤ‍්ඤත‍්තිං පඤ‍්ඤපෙසි, තෙන භගවතා තස‍්ස තස‍්ස සික‍්ඛාපදස‍්ස පඤ‍්ඤත‍්තිකාලං ජානතා, තස‍්සා තස‍්සා සික‍්ඛාපදපඤ‍්ඤත‍්තියා දස අත්‍ථවසෙ පස‍්සතා; අපිච පුබ‍්බෙනිවාසාදීහි ජානතා, දිබ‍්බෙන චක‍්ඛුනා පස‍්සතා, තීහි විජ‍්ජාහි ඡහි වා පන අභිඤ‍්ඤාහි ජානතා, සබ‍්බත්‍ථ අප‍්පටිහතෙන සමන‍්තචක‍්ඛුනා පස‍්සතා, සබ‍්බධම‍්මජානනසමත්‍ථාය පඤ‍්ඤාය ජානතා, සබ‍්බසත‍්තානං චක‍්ඛුවිසයාතීතානි තිරොකුට‍්ටාදිගතානි චාපි රූපානි අතිවිසුද‍්ධෙන මංසචක‍්ඛුනා ච පස‍්සතා, අත‍්තහිතසාධිකාය සමාධිපදට‍්ඨානාය පටිවෙධපඤ‍්ඤාය ජානතා, පරහිතසාධිකාය කරුණාපදට‍්ඨානාය දෙසනාපඤ‍්ඤාය පස‍්සතා, අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන “යං පඨමං පාරාජිකං පඤ‍්ඤත‍්තං, තං කත්‍ථ පඤ‍්ඤත‍්තං, කං ආරබ‍්භ පඤ‍්ඤත‍්තං, කිස‍්මිං වත්‍ථුස‍්මිං පඤ‍්ඤත‍්තං, අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති…පෙ… කෙනාභත”න‍්ති.

ඒ විනයෙහි - “යන්තෙන භගවතා -පෙ- පඤ්ඤත්තං” යනාදි නයින් පැවැති පෘච්ඡාවෙහි වනාහි මේ සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථයයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ශාසනයාගේ චිරස්ථිතිය පිණිස ධර්‍මසෙනාපතිහු විසින් සද්ධර්‍ම ගෞරව බහුමාන වේගයෙන් මොනවට නැගුනු දොහොත හිසෙහි පිහිටුවා අයදනාලද සේක් ප්‍රයොජන දශයක් නිසා විනය ප්‍රඥප්තිය පණවා වදාළ සේක. ඒ ඒ ශික්‍ෂාපදය පිළිබඳ ප්‍රඥප්ති කාලය දන්නා වූ ඒ ඒ ශික්‍ෂාපදය පැණවීම පිළිබඳ දශවිධ ප්‍රයොජනය දක්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින්, තවද පූර්‍වෙනිවෙශ ඥානාදියෙන් දන්නාවූ දිවැසින් දක්නා වූ ත්‍රිවිද්‍යාවෙන් හෝ ෂඩ් අභිඥාවෙන් දන්නා වූ හැමතැන නොපැකිල පවත්නා සමතැසින් දක්නාවූ සර්‍වධර්‍මයන් දැනීමෙහි සමර්‍ත්‍ථ වූ ප්‍රඥාවෙන් දන්නාවූ සියලු සත්ත්‍වයන්ගේ චක්‍ෂුර් විෂය ඉක්ම පවත්නාවූ බිත්ති ආදියෙන් පිටත පවත්නාවූද රූපයන් ඉතා පිරිසිදුවූ ප්‍රසාද චක්‍ෂුසින් දක්නාවූ ආත්මහිතසාධක වූ සමාධිපද ස්ථාන වූ ප්‍රතිවෙද ප්‍රඥාවෙන් දන්නාවූ පරහිතසාධකවූ කරුණාපද ස්ථාන වූ දෙශනා ප්‍රඥාවෙන් දක්නා වූ අර්‍හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් යම් ප්‍රථම පාරාජිකයක් පණවන ලදද ඒ ප්‍රථම පාරාජිකය “කත්‍ථ පඤ්ඤත්තං, කං ආරබ්හ පඤ්ඤත්තං කිස්මිං වත්‍ථුස්මිං පඤ්ඤත්තං? අත්‍ථි තත්‍ථ පඤ්ඤත්ති -පෙ- කෙනාභතං” යන

පුච‍්ඡාවිස‍්සජ‍්ජනෙ පන “යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන පඨමං පාරාජික”න‍්ති ඉදං කෙවලං පුච‍්ඡාය ආගතස‍්ස ආදිපදස‍්ස පච‍්චුද‍්ධරණමත‍්තමෙව, “කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති වෙසාලියා පඤ‍්ඤත‍්තං; කං ආරබ‍්භාති සුදින‍්නං කලන්‍දපුත‍්තං ආරබ‍්භා”ති එවමාදිනා පන නයෙන පුනපි එත්‍ථ එකෙකං පදං පුච‍්ඡිත්‍වාව විස‍්සජ‍්ජිතං. එකා පඤ‍්ඤත‍්තීති “යො පන භික‍්ඛු මෙථුනං ධම‍්මං පටිසෙවෙය්‍ය පාරාජිකො හොති අසංවාසො”ති අයං එකා පඤ‍්ඤත‍්ති. ද‍්වෙ අනුපඤ‍්ඤත‍්තියොති “අන‍්තමසො තිරච‍්ඡානගතායපී”ති ච, “සික‍්ඛං අපච‍්චක‍්ඛායා”ති ච මක‍්කටිවජ‍්ජිපුත‍්තකවත්‍ථූනං වසෙන වුත‍්තා – ඉමා ද‍්වෙ අනුපඤ‍්ඤත‍්තියො. එත‍්තාවතා “අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති අනුපඤ‍්ඤත‍්ති අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්තී”ති ඉමිස‍්සා පුච‍්ඡාය ද‍්වෙ කොට‍්ඨාසා විස‍්සජ‍්ජිතා හොන‍්ති. තතියං විස‍්සජ‍්ජෙතුං පන “අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති තස‍්මිං නත්‍ථී”ති වුත‍්තං. අයඤ‍්හි අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති නාම අනුප‍්පන‍්නෙ දොසෙ පඤ‍්ඤත‍්තා; සා අට‍්ඨගරුධම‍්මවසෙන භික‍්ඛුනීනංයෙව ආගතා, අඤ‍්ඤත්‍ර නත්‍ථි. තස‍්මා වුත‍්තං “අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති තස‍්මිං නත්‍ථී”ති. සබ‍්බත්‍ථපඤ‍්ඤත‍්තීති මජ‍්ඣිමදෙසෙ චෙව පච‍්චන‍්තිමජනපදෙසු ච සබ‍්බත්‍ථපඤ‍්ඤත‍්ති. විනයධරපඤ‍්චමෙන ගණෙන “උපසම‍්පදා, ගුණඞ‍්ගුණූපාහනා, ධුවනහානං, චම‍්මත්‍ථරණ”න‍්ති ඉමානි හි චත‍්තාරි සික‍්ඛාපදානි මජ‍්ඣිමදෙසෙයෙව පඤ‍්ඤත‍්ති. එත්‍ථෙව එතෙහි ආපත‍්ති හොති, න පච‍්චන‍්තිමජනපදෙසු. සෙසානි සබ‍්බානෙව සබ‍්බත්‍ථපඤ‍්ඤත‍්ති නාම.

විචාරීම් විසඳීම්හි “යන්තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමං පාරාජිකං” යන මෙය හුදෙක් විචාරීමෙන් ආවාවූ ආදිපදයාගේ ප්‍රත්‍යුද්ධාරමාත්‍රයෙක්මය. “කත්‍ථ පඤ්ඤත්තන්ති, වෙසාලියං පඤ්ඤත්තං, කං ආරබ්හාති, සුදින්නං කලන්‍දපුත්තං ආරබ්හ” යන මේ ආදීවූ නයින් වනාහි නැවැතද මේ පෘච්ඡා විසර්‍ජනයෙහි එක් එක් පදය විචාරාම විසඳන ලදී. “එකා පඤ්ඤත්ති” “යො පන භික්‍ඛු මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය, පාරාජිකො හොති අසංවාසො” යන මෝතොමෝ එක් ප්‍රඥප්තියක් නම. “දෙව අනුප්පඤ්ඤත්තියො” “අන්තමසො තිරච්ඡානගතායපි”යිද, “සික්‍ඛං අපච්චක්‍ඛාය”යිද, මක්කටී වජ්ජිපුත්තක වස්තූන්ගේ වසයෙන් වදාරණ ලද මේ දෙදෙන අනුප්‍රඥප්ති නම. මෙපමණකින් “අත්‍ථි තත්‍ථ පඤ්ඤත්ති අනුප්පඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති” යන මේ පෘච්ඡාව පිළිබඳ දෙකොටස විසඳන ලද්දාහු වෙත්. තෙවන කොටස විසඳන්නට “අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්‍ථි”යි කියන ලදී. මේ අනුත්පන්න ප්‍රඥප්තිය නම් දොෂය නොඋපන්කල්හි පණවන ලදී. ඕතොමෝ අෂ්ටගරුධර්‍මයන්ගේ වශයෙන් මෙහෙණන්ටම ආවාය. අන්තැනෙක්හි නැත්තීය. එහෙයින් අනුත්පන්නප්‍රඥප්තිය එහි නැතැයි කියනලදී. “සබ්බත්‍ථපඤ්ඤත්ති” මද්ධ්‍යම දෙශයෙහිද ප්‍රත්‍යන්තජනපදයන්හිද යන හැමතැන්හි පැණවීමය. මෙය විනයධරයා පස්වැනිකොට ඇති ගණයා විසින් කටයුතු උපසම්පදාය. සිවුපටලයෙන් වැඩිවහන් දැරීමය. දිනපතා නෑමය. සම් ඇතිරියයි කියනලද අකැප සම්පරිහරණයද යන මේ ශික්‍ෂාපද සතර මද්ධ්‍යමදෙශයෙහිම පැවැත්විය යුතුය’යි පැණවීමය. මේ මද්ධ්‍යදෙශයෙහිම මේ ශික්‍ෂාපද සතරින් ඇවැත් වේ. ප්‍රත්‍යන්ත ජනපදයන්හි ඇවැත් නොවේ. සෙසු සියල්ලම සබ්බත්‍ථ පඤ්ඤත්ති නම.

සාධාරණපඤ‍්ඤත‍්තීති භික‍්ඛූනඤ‍්චෙව භික‍්ඛුනීනඤ‍්ච සාධාරණපඤ‍්ඤත‍්ති; සුද‍්ධභික‍්ඛූනමෙව හි සුද‍්ධභික‍්ඛුනීනං වා පඤ‍්ඤත‍්තං සික‍්ඛාපදං අසාධාරණපඤ‍්ඤත‍්ති නාම හොති. ඉදං පන භික‍්ඛුං ආරබ‍්භ උප‍්පන‍්නෙ වත්‍ථුස‍්මිං “යා පන භික‍්ඛුනී ඡන්‍දසො මෙථුනං ධම‍්මං පටිසෙවෙය්‍ය, අන‍්තමසො තිරච‍්ඡානගතෙනපි පාරාජිකා හොති අසංවාසා”ති භික‍්ඛුනීනම‍්පි පඤ‍්ඤත‍්තං, විනීතකථාමත‍්තමෙව හි තාසං නත්‍ථි, සික‍්ඛාපදං පන අත්‍ථි, තෙන වුත‍්තං “සාධාරණපඤ‍්ඤත‍්තී”ති. උභතොපඤ‍්ඤත‍්තියම‍්පි එසෙව නයො. බ්‍යඤ‍්ජනමත‍්තමෙව හි එත්‍ථ නානං, භික‍්ඛූනං භික‍්ඛුනීනම‍්පි සාධාරණත‍්තා සාධාරණපඤ‍්ඤත‍්ති, උභින‍්නම‍්පි පඤ‍්ඤත‍්තත‍්තා උභතොපඤ‍්ඤත‍්තීති. අත්‍ථෙ පන භෙදො නත්‍ථි.

“සාධාරණපඤ්ඤත්ති” මහණුන්ට හා මෙහෙණන්හටද සාධාරණ ප්‍රඥප්තියය. පිරිසිදු මහණුන්ට පමණක්ම හෝ පිරිසිදු මෙහෙණන්හට හෝ පණවන ලද ශික්‍ෂාපදය අසාධාරණ ප්‍රඥප්ති නම්වේ. මේ වනාහි මහණහු අරබයා උපන් වස්තුවෙහි “යා පන ඡන්‍දසො මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය අන්තමසො තිරච්ඡානගතෙනපි පාරාජිකා හොති අසංවාසා”යි මෙහෙණන්හටද පණවන ලද්දේය. විනීත කථා මාත්‍රයක්ම ඒ මෙහෙණන්හට ඇත්තේය. ශික්‍ෂාපදය නැත්තේය. සාධාරණපඤ්ඤත්ති’යි එහෙයින් කියන ලදී. “උභතො පඤ්ඤත්ති” යෙහිද මේනයම වේ. මෙහි අක්‍ෂරමාත්‍රයම වෙනස් වේ. මහණුන්ට මෙහෙණන්හට සාධාරණ බැවින් සාධාරණ පඤ්ඤත්ති නම. මහණ මෙහෙණ දෙපසටම පණවන ලද බැවින් උභතොපඤ්ඤත්තියි. අර්‍ත්‍ථයෙහි භෙදයක් නැත්තේය.

නිදානොගධන‍්ති “යස‍්ස සියා ආපත‍්ති සො ආවිකරෙය්‍යා”ති එත්‍ථ සබ‍්බාපත‍්තීනං අනුපවිට‍්ඨත‍්තා නිදානොගධං; නිදානෙ අනුපවිට‍්ඨන‍්ති අත්‍ථො. දුතියෙන උද‍්දෙසෙනාති නිදානොගධං නිදානපරියාපන‍්නම‍්පි සමානං “තත්‍රිමෙ චත‍්තාරො පාරාජිකා ධම‍්මා”තිආදිනා දුතියෙනෙව උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡති. චතුන‍්නං විපත‍්තීනන‍්ති සීලවිපත‍්තිආදීනං. පඨමා හි ද‍්වෙ ආපත‍්තික‍්ඛන්‍ධා සීලවිපත‍්ති නාම, අවසෙසා පඤ‍්ච ආචාරවිපත‍්ති නාම. මිච‍්ඡාදිට‍්ඨි ච අන‍්තග‍්ගාහිකදිට‍්ඨි ච දිට‍්ඨිවිපත‍්ති නාම, ආජීවහෙතු පඤ‍්ඤත‍්තානි ඡ සික‍්ඛාපදානි ආජීවවිපත‍්ති නාම. ඉති ඉමාසං චතුන‍්නං විපත‍්තීනං ඉදං පාරාජිකං සීලවිපත‍්ති නාම හොති.

“නිදානොගධං” “යස්ස සියා ආපත්ති සො ආවීකරෙය්‍ය” යන මෙහි සියලු ආපත්තීන්ට අනුප්‍රවිෂ්ට වූ බැවින් නිදානයෙහි ඇතුළත් වේ. නිදානයෙහි අනුප්‍රවිෂ්ටය යන අර්‍ත්‍ථයි. “දුතියෙන උද්දෙසෙන” නිදානයට ඇතුළත් වූයේද, නිදානපර්‍ය්‍යාපන්නද වූයේ “තත්‍රිමෙ පාරාජිකා ධම්මා” යනාදීවූ දෙවනවූම උද්දෙසයෙන් උදෙසීම පැමිණේ. “චතුන්නං විපත්තීනං” ශීලවිපත්ති ආදීන් අතුරහි ප්‍රථම ආපත්ති ස්කන්‍ධය ශීලවිපත්ති නම. සෙසු පස ආචාරවිපත්ති නම. මිත්‍ථ්‍යාදෘෂ්ටියද අන්ත්‍රාහික දෘෂ්ටියද දිට්ඨිවිපත්ති නම. ආජීවය හෙතුකොට පැණවූ ෂට්ශික්‍ෂාපද ආජිවවිපත්ති නම මෙසේවේ. චතුර්විධ විපත්තීන් අතුරෙහි මේ පාරාජිකය ශීලවිපත්ති නම්වේ.

එකෙන සමුට‍්ඨානෙනාති ද‍්වඞ‍්ගිකෙන එකෙන සමුට‍්ඨානෙන. එත්‍ථ හි චිත‍්තං අඞ‍්ගං හොති, කායෙන පන ආපත‍්තිං ආපජ‍්ජති. තෙන වුත‍්තං “කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාතී”ති. ද‍්වීහි සමථෙහි සම‍්මතීති “ආපන‍්නොසී”ති සම‍්මුඛා පුච‍්ඡියමානො “ආම ආපන‍්නොම‍්හී”ති පටිජානාති, තාවදෙව භණ‍්ඩනකලහවිග‍්ගහා වූපසන‍්තා හොන‍්ති, සක‍්කා ච හොති තං පුග‍්ගලං අපනෙත්‍වා උපොසථො වා පවාරණා වා කාතුං. ඉති සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන චාති ද‍්වීහි සමථෙහි සම‍්මති, න ච තප‍්පච‍්චයා කොචි උපද‍්දවො හොති. යං පන උපරි පඤ‍්ඤත‍්තිවග‍්ගෙ “න කතමෙන සමථෙන සම‍්මතී”ති වුත‍්තං, තං සමථං ඔතාරෙත්‍වා අනාපත‍්ති කාතුං න සක‍්කාති ඉමමත්‍ථං සන්‍ධාය වුත‍්තං.

“එකෙන සමුට්ඨානෙන” දෙඅඟක් ඇති එක් සමුට්ඨානයකින් මෙහි සිත අඞ්ගය වේ. කයින්වනාහි ඇවතට පැමිණේ. “කායතො ච චිත්තතො ච සමුට්ඨාති” එහෙයින් කියන ලදී. ද්විධශමථයෙන් ‘පැමිණියෙහි’යි හමුවෙහි විචාරණු ලබන්නේ එසේය. පැමිණියෙමි’යි පිළිදන්වයි. එපමණකින්ම භණ්ඩන කලහ විග්‍රහයෝ සන්සිඳුනාහු වෙත්. ඒ පුද්ගලයා බැහැරකොට උපොසථය හෝ පවාරණය හැක්කේද වේ. මෙසේ සම්මුඛාවිනයෙන්ද පටිඤ්ඤාත කරණයෙන්ද යන ද්විධ ශමථයෙන් සන්සිඳෙන්නේය. ඒ හේතුවෙන් කිසි උපද්‍රවයක් නොවේ. ප්‍රඥප්ති වර්‍ගයෙහි වනාහි යමක් කවර ශමථයකින් සන්සිදේදැ’යි කියන ලද්දේ ද ඒ ශමථයට බස්වා අනාපත්ති කරන්නට නොහැකිය යන මේ අර්‍ත්‍ථය සඳහා කියන ලදී.

පඤ‍්ඤත‍්ති විනයොති “යො පන භික‍්ඛූ”තිආදිනා නයෙන වුත‍්තමාතිකා පඤ‍්ඤත‍්ති විනයොති අත්‍ථො. විභත‍්තීති පදභාජනං වුච‍්චති; විභත‍්තීති හි විභඞ‍්ගස‍්සෙවෙතං නාමං. අසංවරොති වීතික‍්කමො. සංවරොති අවීතික‍්කමො. යෙසං වත‍්තතීති යෙසං විනයපිටකඤ‍්ච අට‍්ඨකථා ච සබ‍්බා පගුණාති අත්‍ථො. තෙ ධාරෙන‍්තීති තෙ එතං පඨමපාරාජිකං පාළිතො ච අත්‍ථතො ච ධාරෙන‍්ති; න හි සක‍්කා සබ‍්බං විනයපිටකං අජානන‍්තෙන එතස‍්ස අත්‍ථො ජානිතුන‍්ති. කෙනාභතන‍්ති ඉදං පඨමපාරාජිකං පාළිවසෙන ච අත්‍ථවසෙන ච යාව අජ‍්ජතනකාලං කෙන ආනීතන‍්ති. පරම‍්පරාභතන‍්ති පරම‍්පරාය ආනීතං.

“පඤ්ඤත්ති විනයො” “යො පන භික්‍ඛු” යනාදිනයින් වදාළ මාතෘකා තොමෝ ප්‍රඥප්තිවිනය යන අර්‍ත්‍ථයි. විභත්ති යනු පදභාජනය කියනු ලැබේ. විභත්ති යන මෙය විභඞ්ගයටද නමෙකි. “අසංවරො” යනු ශික්‍ෂාපද මැඩලීමය. “යෙසං වත්තති” යම් කෙනකුන්හට විනය පිටකය හා අර්‍ත්‍ථකථාව සියල්ල ප්‍රගුණද යන අර්‍ත්‍ථයි. “කෙ ධාරෙන්ති” කවරහු මේ ප්‍රථම පාරාජිකය පෙළවිසින් හා අරුත් විසින් දරත්ද, සියලු විනයපිටකය නොදන්නහු විසින් මේ ශික්‍ෂාපදයාගේ අර්‍ත්‍ථය දැනගන්නට නොහැක්කේය. “කෙනාභතං” මේ ප්‍රථම පාරාජිකය පෙළ විසින් අරුත් විසින් අද කල් දක්වා කවරක්හු විසින් ගෙනන ලද්දේ ද, “පරම්පරාභතං” පරපුරෙන් ගෙණෙන ලද්දේය.

ඉදානි යාය පරම‍්පරාය ආනීතං, තං දස‍්සෙතුං “උපාලි දාසකො චෙවා”තිආදිනා නයෙන පොරාණකෙහි මහාථෙරෙහි ගාථායො ඨපිතා . තත්‍ථ යං වත‍්තබ‍්බං, තං නිදානවණ‍්ණනායමෙව වුත‍්තං. ඉමිනා නයෙන දුතියපාරාජිකාදිපුච‍්ඡාවිස‍්සජ‍්ජනෙසුපි විනිච‍්ඡයො වෙදිතබ‍්බොති.

දැන් යම් පරපුරකින් ගෙණෙන ලදද, එය දක්වන්නට “උපාලි දාසකොච” මේ ආදිනයින් පුරාණ මහාස්ථවිරයන් වහන්සේලා විසින් ගාථා තබන ලදී. එහි යමක් කියයුතුනම් එය නිදාන වර්‍ණනාවෙහිම කියනලදී. මේ නයින් දෙවන පාරාජිකා ආදීන්ගේ විචාරීම් විසදීම්හිද විනිශ්චය දතයුතුය.

මහාවිභඞ‍්ගෙ පඤ‍්ඤත‍්තිවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

මහාවිභඞ්ගයෙහි ප්‍රඥප්තිවාර වර්‍ණනාව නිමි.

කතාපත‍්තිවාරාදිවණ‍්ණනා

කතාපත්තිවාරාදිවණ්ණනා

ඉතො පරං “මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තො කති ආපත‍්තියො ආපජ‍්ජතී”ති ආදිප‍්පභෙදො කතාපත‍්තිවාරො, “මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්තී”ති ආදිප‍්පභෙදො විපත‍්තිවාරො, “මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතිහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා”ති ආදිප‍්පභෙදො සඞ‍්ගහවාරො, “මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතිහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨහන‍්තී”ති ආදිප‍්පභෙදො සමුට‍්ඨානවාරො, “මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණ”න‍්ති ආදිප‍්පභෙදො අධිකරණවාරො, “මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො සත‍්තන‍්නං සමථානං කතිහි සමථෙහි සම‍්මන‍්තී”ති ආදිප‍්පභෙදො සමථවාරො, තදනන‍්තරො සමුච‍්චයවාරො චාති ඉමෙ සත‍්ත වාරා උත‍්තානත්‍ථා එව.

මෙයින් පසු “මෙථුනං ධම්මං පතිසෙවන්නො කති ආපත්තියො ආපජ්ජති” යනාදි ප්‍රභෙද ඇත්තේ කතාපත්තිවාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති” යනාදි ප්‍රභෙද ඇත්තේ විපත්තිවාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං ආපත්තික්‍ඛන්‍ධානං කතීහි ආපත්තික්‍ඛන්‍ධෙහි සඞ්ගානීතා” යනාදි ප්‍රභෙද ඇත්තේ සඞ්ග්‍රහ වාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨභන්ති” යනාදි ප්‍රභෙද ඇත්තේ සමුට්ඨාන වාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං” යනාදි ප්‍රභෙද ඇත්තේ අධිකරණ වාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති” යනාදි ප්‍රභෙද ඇත්තේ සමථ වාරයය. එයට අනතුරුව සමුච්චය වාරයයි මේ සප්ත වාරයෝ ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය.

තතො පරං “මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්ත”න‍්තිආදිනා නයෙන පුන පච‍්චයවසෙන එකො පඤ‍්ඤත‍්තිවාරො, තස‍්ස වසෙන පුරිමසදිසා එව කතාපත‍්තිවාරාදයො සත‍්ත වාරාති එවං අපරෙපි අට‍්ඨ වාරා වුත‍්තා, තෙපි උත‍්තානත්‍ථා එව. ඉති ඉමෙ අට‍්ඨ, පුරිමා අට‍්ඨාති මහාවිභඞ‍්ගෙ සොළස වාරා දස‍්සිතා. තතො පරං තෙනෙව නයෙන භික‍්ඛුනිවිභඞ‍්ගෙපි සොළස වාරා ආගතාති එවමිමෙ උභතොවිභඞ‍්ගෙ ද‍්වත‍්තිංස වාරා පාළිනයෙනෙව වෙදිතබ‍්බා. න හෙත්‍ථ කිඤ‍්චි පුබ‍්බෙ අවිනිච‍්ඡිතං නාම අත්‍ථි.

එයින් පසු “මෙථුනං ධම්මං පතිසෙවනප්පච්චයා පාරාජිකං කත්‍ථ පඤ්ඤත්තං” යනාදි නයින් නැවත ප්‍රත්‍යය වශයෙන් එක් ප්‍රඥප්තිවාරයෙක ඔහුගේ වසයෙන් ප්‍රථමසදෘශවූම කතාපත්තිවාරාදීවූ සප්තවාරයෝයි මෙසේ අන්‍යවූද වාර අටක් කියනලදී. ඔවුහුද ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය. මෙසේ පළමු අටය, මේ අටයයි මහාවිභඞ්ගයෙහි සොළොස් වාර කෙනෙක් දක්වන ලදහ. එයින් පසු ඒනයින්ම භික්‍ෂුණී විභඞ්ගයෙහිද සොළොස් වාර කෙනෙක් ආහයි මෙසේ උභතොවිභඞ්ගයෙහි මේ දෙතිස් වාරයෝ පාළිනයින්ම දතයුත්තාහ. මෙහි පෙර විනිශ්චය නොකළ කිසිවක් නම් නැත්තේය.

මහාවිභඞ‍්ගෙ ච භික‍්ඛුනිවිභඞ‍්ගෙ ච සොළසමහාවාරවණ‍්ණනා නිට‍්ඨිතා.