යෙදුමෙන් කියවන්න

අන‍්තරපෙය්‍යාලං අට‍්ඨකථා

අන්තරපෙය්යාලං

කතිපුච‍්ඡාවාරවණ‍්ණනා

කතිපුච්ඡාවාරවණ්ණනා

ඉදානි ආපත‍්තිආදිකොට‍්ඨාසෙසු කොසල‍්ලජනනත්‍ථං “කති ආපත‍්තියො”තිආදිනා නයෙන මාතිකං ඨපෙත්‍වා නිද‍්දෙසප‍්පටිනිද‍්දෙසවසෙන විභඞ‍්ගො වුත‍්තො.

දැන් ආපත්ති ආදි කොටස්හි දක්‍ෂභාවය පිණිස “කති ආපත්තියො” යනාදී නයින් මාතෘකාව තබා නිර්‍දෙශ ප්‍රතිනිර්‍දෙශ වශයෙන් විභඞ්ගය වදාරණ ලද්දේය.

තත්‍ථ කති ආපත‍්තියොති මාතිකාය ච විභඞ‍්ගෙ ච ආගතාපත‍්තිපුච‍්ඡා. එස නයො දුතියපදෙපි. කෙවලඤ‍්හෙත්‍ථ ආපත‍්තියො එව රාසිවසෙන ඛන්‍ධාති වුත‍්තා. විනීතවත්‍ථූනීති තාසං ආපත‍්තීනං විනයපුච‍්ඡා; “විනීතං විනයො වූපසමො”ති ඉදඤ‍්හි අත්‍ථතො එකං, විනීතානියෙව විනීතවත්‍ථූනීති අයමෙත්‍ථ පදත්‍ථො. ඉදානි යෙසු සති ආපත‍්තියො හොන‍්ති, අසති න හොන‍්ති, තෙ දස‍්සෙතුං “කති අගාරවා”ති පුච‍්ඡාද‍්වයං. විනීතවත්‍ථූනීති අයං පන තෙසං අගාරවානං විනයපුච‍්ඡා. යස‍්මා පන තා ආපත‍්තියො විපත‍්තිං ආපත‍්තා නාම නත්‍ථි, තස‍්මා “කති විපත‍්තියො”ති අයං ආපත‍්තීනං විපත‍්තිභාවපුච‍්ඡා. කති ආපත‍්තිසමුට‍්ඨානානීති තාසංයෙව ආපත‍්තීනං සමුට‍්ඨානපුච‍්ඡා. විවාදමූලානි අනුවාදමූලානීති ඉමා “විවාදාධිකරණං අනුවාදාධිකරණ”න‍්ති ආගතානං විවාදානුවාදානං මූලපුච‍්ඡා. සාරණීයා ධම‍්මාති විවාදානුවාදමූලානං අභාවකරධම‍්මපුච‍්ඡා. භෙදකරවත්‍ථූනීති අයං “භෙදනසංවත‍්තනිකං වා අධිකරණ”න‍්තිආදීසු වුත‍්තභෙදකරණපුච‍්ඡා. අධිකරණානීති භෙදකරවත්‍ථූසු සති උප‍්පජ‍්ජනධම‍්මපුච‍්ඡා. සමථාති තෙසංයෙව වූපසමනධම‍්මපුච‍්ඡා. පඤ‍්ච ආපත‍්තියොති මාතිකාය ආගතවසෙන වුත‍්තා. සත‍්තාති විභඞ‍්ගෙ ආගතවසෙන.

එහි “කති ආපත්තියො” යනු මාතෘකාවෙහිද විභඞ්ගයෙහිද ආවාවූ ආපත්ති පෘච්ඡාවයි. දෙවන පදයෙහිද මේනයය. හුදෙක් මෙහි ආපත්තීහූම රාශිවශයෙන් ඛන්‍ධයෝයි කියනලදහ. “විනීතවත්‍ථුනි” යනු ඒ ආපත්තීන්ගේ විනයපෘච්ඡාවයි. විනීත විනය වූපසමය යන මේ වනාහි අර්‍ත්‍ථවශයෙන් එකෙක විනීතයෝම විනීතවස්තූහුයි යනු මෙහි මේ පදාර්‍ත්‍ථය වේ. දැන් යමක් ඇති කල්හි ආපත්තීහු වෙත්ද, නැති කල්හි ආපත්තීහු නොවෙත්ද ඔවුන් දක්වාලන්නට “කති අගාරවා”යි පෘච්ඡා දෙකෙකි. “විනීතවත්‍ථූනි” යන මෙය ඒ අගෞරවයන්ගේ විනයවිචාරීමය. යම්හෙයකින් ඒ ආපත්තීහු විපත්තියට පැමිණියාහු නම් නැත්තාහුද, එහෙයින් “කති විපත්තියො” යන මෙය ආපත්තීන්ගේ විපත්තිභාවය විචාරීමය. “කති ආපත්තිසමුට්ඨානානි” යනු ඒ ආපත්තීන්ගේම සමුට්ඨාන විචාරීමය. “විවාදමූලානි අනුවාදමූලානි”යන මොවුහු “විවාදාධිකරණං අනුවාදාධිකරණං”යි ආවාවූ විවාදානුවාදයන්ගේ මුල් විචාරීමය. “සාරාණියා ධම්මා” යනු විවාදානුවාදමූලයන්ගේ අභාවකර ධර්‍මයන් පිළිබඳ විචාරීමය. “භෙදකරවත්‍ථූනි” යන මෙය “භෙදනසංවත්තතිකං වා අධිකරණං” යනාදිතන්හි වදාළ භෙදකිරීම් විචාරීමය. “අධිකරණානි” භෙදකරවස්තූන් ඇතිකල්හි උපදින ධර්‍මවිචාරීමය. “සමථා” ඔවුන් සන්සිඳීම වන ධර්‍මවිචාරීමය. “පඤ්ච ආපත්තියො” මාතෘකාවෙහි ආ ධර්‍මයන්ගේ වසයෙන් කියනලද්දාහුය. “සත්තා” යනු විභඞ්ගයෙහි ආගත වසයෙන් කියන ලද්දාහුය.

ආරකා එතෙහි රමතීති ආරති; භුසා වා රති ආරති. විනා එතෙහි රමතීති විරති . පච‍්චෙකං පච‍්චෙකං විරමතීති පටිවිරති. වෙරං මණති විනාසෙතීති වෙරමණී. න එතාය එතෙ ආපත‍්තික‍්ඛන්‍ධා කරීයන‍්තීති අකිරියා. යං එතාය අසති ආපත‍්තික‍්ඛන්‍ධකරණං උප‍්පජ‍්ජෙය්‍ය, තස‍්ස පටිපක‍්ඛතො අකරණං. ආපත‍්තික‍්ඛන්‍ධඅජ‍්ඣාපත‍්තියා පටිපක‍්ඛතො අනජ‍්ඣාපත‍්ති. වෙලනතො වෙලා; චලයනතො විනාසනතොති අත්‍ථො . නිය්‍යානං සිනොති බන්‍ධති නිවාරෙතීති සෙතු. ආපත‍්තික‍්ඛන්‍ධානමෙතං අධිවචනං. සො සෙතු එතාය පඤ‍්ඤත‍්තියා හඤ‍්ඤතීති සෙතුඝාතො. සෙසවිනීතවත්‍ථුනිද‍්දෙසෙසුපි එසෙව නයො.

මේ පඤ්චොපත්තිකන්‍ධන්ගෙන් දුරුව ඇලේනුයි “ආරති” නම. නොහොත් තදින් ඇලේනුයි “ආරති” නම. මොවුන් කෙරෙන් වෙන්ව ඇලේනුයි “විරති” නම. වෙන් වෙන්ව, වෙන් වේනුයි “පටිවිරති” නම. රාගාදි අකුශල පක්‍ෂය වනසානුයි “වෙරමණී” නම. මේ ආපත්ති ස්කන්‍ධයෝ මේ කරණකොටගෙණ කරවනු නොලබන්නහුයි “අකිරිය” නම. මේ අක්‍රියාව නැති කල්හි යම් ආපත්තිස්කන්‍ධයන්ගේ කිරීමෙක් උපදින්නේ නම් එයට ප්‍රතිපක්‍ෂ හෙයින් “අකරණ” නම. ආපත්තිස්කන්‍ධයන්ට පැමිණීමට ප්‍රතිපක්‍ෂ හෙයින් අනජ්ඣාපත්ති නම. වනසන වන බැවින් “වෙලා” නම. වනසන හෙයින්ය යන අර්‍ත්‍ථයි. නිවනට පිවිසීම බඳියි වළකානුයි “සෙතු” නම ආපත්තිස්කන්‍ධයන්ට මේ නමෙකි. ඒ සෙතුව මේ ප්‍රඥප්තියෙන් නසනු ලබානුයි “සෙතුඝාත” නම. සෙසු විනීතවස්තු නිර්‍දෙශයන්හිද මෙම නයවේ.

බුද‍්ධෙ අගාරවාදීසු යො බුද‍්ධෙ ධරමානෙ උපට‍්ඨානං න ගච‍්ඡති, පරිනිබ‍්බුතෙ චෙතියට‍්ඨානං බොධිට‍්ඨානං න ගච‍්ඡති, චෙතියං වා බොධිං වා න වන්‍දති, චෙතියඞ‍්ගණෙ සඡත‍්තො සඋපාහනො චරති, නත්‍ථෙතස‍්ස බුද‍්ධෙ ගාරවොති වෙදිතබ‍්බො. යො පන සක‍්කොන‍්තොයෙව ධම‍්මස‍්සවනං න ගච‍්ඡති, සරභඤ‍්ඤං න භණති, ධම‍්මකථං න කථෙති, ධම‍්මස‍්සවනග‍්ගං භින්‍දිත්‍වා ගච‍්ඡති, වික‍්ඛිත‍්තො වා අනාදරො වා නිසීදති, නත්‍ථෙතස‍්ස ධම‍්මෙ ගාරවො. යො ථෙරනවමජ‍්ඣිමෙසු චිත‍්තීකාරං න පච‍්චුපට‍්ඨාපෙති, උපොසථාගාරවිතක‍්කමාළකාදීසු කායප‍්පාගබ‍්භියං දස‍්සෙති, යථාවුඩ‍්ඪං න වන්‍දති, නත්‍ථෙතස‍්ස සඞ‍්ඝෙ ගාරවො. තිස‍්සො සික‍්ඛා සමාදාය අසික‍්ඛමානොයෙව පන සික‍්ඛාය අගාරවොති වෙදිතබ‍්බො. පමාදෙ ච සතිවිප‍්පවාසෙ තිට‍්ඨමානොයෙව අප‍්පමාදලක‍්ඛණං අබ්‍රූහයමානො අප‍්පමාදෙ අගාරවොති වෙදිතබ‍්බො. තථා ආමිසප‍්පටිසන්‍ථාරං ධම‍්මප‍්පටිසන්‍ථාරන‍්ති ඉමං දුවිධං පටිසන්‍ථාරං අකරොන‍්තොයෙව පටිසන්‍ථාරෙ අගාරවොති වෙදිතබ‍්බො. ගාරවනිද‍්දෙසෙ වුත‍්තවිපරියායෙන අත්‍ථො වෙදිතබ‍්බො.

“බුද්ධෙ අගාරවා” යනාදිතන්හි යම් මහණෙක් තෙමේ බුදුරජුන් දිවමන් කල්හි උපස්ථානයට නොයේද, පිරිනිවී කල්හි චෛත්‍යස්ථානයට බොධිස්ථානයට නොයේද, චෛත්‍යය හෝ බොධිය හෝ නොවදීද, චෛත්‍යාඞ්ගණයෙහි සැත්වහන් සහිතව හැසිරේද, මේ මහණහුට බුදුරජුන් කෙරෙහි ගෞරවයෙක් නැත්තේයයි දතයුතුය. යමෙක් තෙමේ හැකිවන්නේම ධර්‍ම ශ්‍රවණයට නොයේද, ස්වරය විහිදුවා මිහිරිහඬින් දහම් නොදෙසාද, ධර්‍මකථා නොකියාද, බොහෝ දෙන එකතුවහිද දහම් අසන කල්හි ඒ ධර්‍මශ්‍රවණසමාගම කෝපකොට බිඳ නැගිටයේද, වික්‍ෂිප්ත සිත් ඇත්තේ හෝ ආදර රහිතව හෝ හිඳීද, මේ මහණහුට ධර්‍මය කෙරෙහි ගෞරවයෙක් නැත්තේය. යමෙක් තෙමේ ස්ථවිර නවක මද්ධ්‍යමයන් කෙරෙහි බුහුමන් නොඑළවාද, උපොසථාගාර විතක්කමාලාකාදීන්හි කායක්‍රියාවන්හි බුහුටිබව දක්වාද, වැඩිමහලු පිළිවෙළින් නොවදීද, මේ මහණහුට සඞ්ඝයා කෙරෙහි ගෞරවයක් නැත්තේය. ත්‍රිවිධ ශික්‍ෂා සමාදන්ව නොහික්මෙනුයේ ශික්‍ෂාවෙහි අගෞරවය ඇත්තේයයි දතයුතුය. ප්‍රමාදයෙහිද ස්මෘති විප්‍රවාසයෙහි සිටියේම අප්‍රමාද ලක්‍ෂණය නොවඩනුයේ අප්‍රමාදයෙහි ගෞරවය නැත්තේයයි දතයුතුය. එසේ ආමිෂ ප්‍රතිසන්‍ථාරය ධර්‍මප්‍රතිසන්‍ථාරය නොකරණුයේම ප්‍රතිසන්‍ථාරයෙහි ගෞරවය නැත්තේයයි දතයුතුය. ගෞරව නිර්‍දෙශයෙහි උක්තවිපර්‍ය්‍යයෙන් අර්‍ත්‍ථය දතයුත්තේය.

විවාදමූලනිද‍්දෙසෙ “සත්‍ථරිපි අගාරවො”තිආදීනං බුද‍්ධෙ අගාරවාදීසු වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. අප‍්පතිස‍්සොති අනීචවුත‍්ති; න සත්‍ථාරං ජෙට‍්ඨකං කත්‍වා විහරති. අජ‍්ඣත‍්තං වාති අත‍්තනො සන‍්තානෙ වා අත‍්තනො පක‍්ඛෙ වා; සකාය පරිසායාති අත්‍ථො. බහිද‍්ධා වාති පරසන‍්තානෙ වා පරපක‍්ඛෙ වා. තත්‍ර තුම‍්හෙති තස‍්මිං අජ‍්ඣත‍්තබහිද‍්ධාභෙදෙ සපරසන‍්තානෙ වා සපරපරිසාය වා. පහානාය වායමෙය්‍යාථාති මෙත‍්තාභාවනාදීහි නයෙහි පහානත්‍ථං වායමෙය්‍යාථ; මෙත‍්තාභාවනාදිනයෙන හි තං අජ‍්ඣත‍්තම‍්පි බහිද‍්ධාපි පහීයති. අනවස‍්සවායාති අප‍්පවත‍්තිභාවාය.

“විවාදමූල” නිර්‍දෙශයෙහි “සත්‍ථරිපි අගාරවො” යනාදීන්ගේ අර්‍ත්‍ථය. බුදුරජුන් කෙරෙහි අගෞරවාදීන්හි කියූ නයින්ම දතයුතුය. “අප්පතිස්සො” යටත් පහත් පැවැතුම් නැත්තේ ශාස්තෲන් වහන්සේ දෙටුකොට නොවසයි. “අජ්ඣත්තං වා” සිය සතන්හි හෝ තමන්ගේ පක්‍ෂයෙහි හෝය. සිය පිරිසෙහි යන අර්‍ත්‍ථයි. “බහිද්ධා” අන් සතන්හි හෝ පරපක්‍ෂයෙහි හෝය. “තත්‍ර තුම්හෙ” ඒ ආධ්‍යාත්මික බාහිර ප්‍රභෙද පරසන්නානයෙහි හෝ සිය පර පිරිසෙහි හෝ “පහාණාය වායමෙය්‍යාථ” මෛත්‍රීභාවනාදි නයින් ප්‍රහාණය පිණිස වෑයම් කරමු. මෛත්‍රී භාවනාදීනයින් ඒ ෂඩ්විධ විවාදමූලය ආද්ධ්‍යාත්මික වූයේද, බාහිර වූයේද, ප්‍රහීණ වේ. “අනවස්සවායා” නොපැවැත්ම පිණිසය.

සන්‍දිට‍්ඨිපරාමාසීති සකමෙව දිට‍්ඨිං පරාමසති; යං අත‍්තනා දිට‍්ඨිගතං ගහිතං, ඉදමෙව සච‍්චන‍්ති ගණ‍්හාති . ආධානග‍්ගාහීති දළ‍්හග‍්ගාහී.

“සන්‍දිට්ඨි පරාමාසි” ස්වකීයදෘෂ්ටියම පරාමර්‍ෂණය කරයි. තමන්ගේ යම දෘෂ්ටියක් වේද මෙම සත්‍යය’යි ගණියි. “ආධානගාහි” දැඩිව ගන්නා සුලුය.

අනුවාදමූලනිද‍්දෙසො කිඤ‍්චාපි විවාදමූලනිද‍්දෙසෙනෙව සමානො, අථ ඛො අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි නිස‍්සාය විවදන‍්තානං කොධූපනාහාදයො විවාදමූලානි. තථා විවදන‍්තා පන සීලවිපත‍්තිආදීසු අඤ‍්ඤතරවිපත‍්තිං ආපජ‍්ජිත්‍වා “අසුකො භික‍්ඛු අසුකං නාම විපත‍්තිං ආපන‍්නො”ති වා, “පාරාජිකං ආපන‍්නොසි, සඞ‍්ඝාදිසෙසං ආපන‍්නොසී”ති වා අනුවදන‍්ති. එවං අනුවදන‍්තානං කොධූපනාහාදයො අනුවාදමූලානීති අයමෙත්‍ථ විසෙසො.

අනුවාදමූල නිර්‍දෙශය විවාදමූලනිර්‍දෙශය හා සමානම වේ. එහෙත් අටළොස් භෙදකර වස්තූන් නිසාද විවාද කරන්නන්ගේ ක්‍රොධ උපාහනාදීහු විවාදමූලයෝය. එසේ විවාද කරන්නාහු සීලවිපත්ති ආදීන් අතුරෙහි එක්තරා විපත්තියකට පැමිණ, ‘අසුවල් මහණතෙමේ අසුවල් නම් විපත්තියට පැමිණියේයයි හෝ ‘පාරාජිකාපත්තියට පැමුණුනේය හෝ සඞ්ඝාදිසෙසයට පැමිණුනේයයි හෝ චෝදනා කෙරෙත්. මෙසේ චෝදනා කරන්නවුන්ගේ ක්‍රොධ උපාහනාදීහු අනුවාදමූලයෝය යනු මෙහි මේ වෙනසය.

සාරණීයධම‍්මනිද‍්දෙසෙ මෙත‍්තචිත‍්තෙන කතං කායකම‍්මං මෙත‍්තං කායකම‍්මං නාම. ආවි චෙව රහො චාති සම‍්මුඛා ච පරම‍්මුඛා ච. තත්‍ථ නවකානං චීවරකම‍්මාදීසු සහායභාවගමනං සම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම. ථෙරානං පන පාදධොවනබීජනවාතදානාදිභෙදම‍්පි සබ‍්බං සාමීචිකම‍්මං සම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම. උභයෙහිපි දුන‍්නික‍්ඛිත‍්තානං දාරුභණ‍්ඩාදීනං තෙසු අවමඤ‍්ඤං අකත්‍වා අත‍්තනා දුන‍්නික‍්ඛිත‍්තානං විය පටිසාමනං පරම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම. අයම‍්පි ධම‍්මො සාරණීයොති අයං මෙත‍්තාකායකම‍්මසඞ‍්ඛාතො ධම‍්මො සරිතබ‍්බො සතිජනකො; යො නං කරොති, තං පුග‍්ගලං; යෙසං කතො හොති, තෙ පසන‍්නචිත‍්තා “අහො සප‍්පුරිසො”ති අනුස‍්සරන‍්තීති අධිප‍්පායො. පියකරණොති තං පුග‍්ගලං සබ්‍රහ‍්මචාරීනං පියං කරොති. ගරුකරණොති තං පුග‍්ගලං සබ්‍රහ‍්මචාරීනං ගරුං කරොති. සඞ‍්ගහායාතිආදීසු සබ්‍රහ‍්මචාරීහි සඞ‍්ගහෙතබ‍්බභාවාය. තෙහි සද‍්ධිං අවිවාදාය සමග‍්ගභාවාය එකීභාවාය ච සංවත‍්තති.

සාරාණීයධර්‍ම නිර්‍දෙශයෙහි මෙත් සිතින් කරණලද කායකර්‍මය මෛත්‍රීකායකර්‍ම නම. “ආවී චෙව රහො ච” සම්මුඛයෙහිද පරාමුඞ්ඛයෙහිද එහි නවකයන්ගේ චීවරකර්‍මාදියෙහි සහායභාවයට එළැඹීම සම්මුඛාකාරකර්‍ම නම, තෙරුන්ගේ පාදෙවුම් විජනිපවන්දීම් ආදි ප්‍රභෙදවූද සියලු සාමීචිකර්‍ම සම්මුඛාකායකර්‍ම නම. නවකයන් හා තෙරුන් විසින් නොමනාව දැමූ දැවදඬු ආදිය ඒ ස්ථවිරාදීන් කෙරෙහි අවඥා නොකොට තමන් විසින් නොමනාව දැමූ දැවදඬු ආදිය ඒ ස්ථවිරාදීන් කෙරෙහි අවඥා නොකොට තමන් විසින් නොමනාව දැමූ දැව දඬු ආදීන් තැන්පත් කිරීම සේ තැන්පත් කිරීම පරාම්මුඛ මෛත්‍රී කායකර්‍ම නම. “අයම්පි ධම්මො සාරාණීයො” මේ මෛත්‍රී කායකර්‍මසඞ්ඛ්‍යාත ධර්‍මය තෙමේ සිහිකටයුත්තේය. සිහිය උපදවන්නේය. යමෙක් තෙමේ ඒ කර්‍මය කෙරේද, ඒ පුද්ගලයා, යම් කෙනෙකුන්ට කරණ ලද්දේවේද, ඔවුහු පහන්සිත් ඇත්තාහු ‘අහෝ සත්පුරුෂය’යි සිහි කෙරෙත්ය යන අදහසය. “පියකරණො” ඒ පුද්ගලයා සබ්‍රහ්මචාරීන්ගේ ප්‍රේමයට ස්ථාන කරයි. “ගරුකරණො” ඒ පුද්ගලයා සබ්‍රහ්මචාරීන්ගේ ගෞරවයට ස්ථාන කරයි. “සංගහාය” යනාදිතන්හි සබ්‍රහ්මචාරීන් විසින් සඞ්ග්‍රහ කටයුතු බැවින්, ඔවුන් සමග විවාද නොකිරීම පිණිසද සමග්‍රභාවය පිණිසද එකීභාවය පිණිසද පවතී.

මෙත‍්තං වචීකම‍්මන‍්තිආදීසු දෙවත්‍ථෙරො තිස‍්සත්‍ථෙරොති එවං පග‍්ගය‍්හ වචනං සම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම. විහාරෙ අසන‍්තෙ පන තං පටිපුච‍්ඡන‍්තස‍්ස “කුහිං අම‍්හාකං දෙවත්‍ථෙරො, කුහිං අම‍්හාකං තිස‍්සත්‍ථෙරො, කදා නු ඛො ආගමිස‍්සතී”ති එවං මමායනවචනං පරම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම. මෙත‍්තාසිනෙහසිනිද‍්ධානි පන නයනානි උම‍්මීලෙත්‍වා පසන‍්නෙන මුඛෙන ඔලොකනං සම‍්මුඛා මෙත‍්තං මනොකම‍්මං නාම. “දෙවත්‍ථෙරො තිස‍්සත්‍ථෙරො අරොගො හොතු, අප‍්පාබාධො”ති සමන‍්නාහරණං පරම‍්මුඛා මෙත‍්තං මනොකම‍්මං නාම.

“මෙත්තං වචීකම්මං” යනාදිතන්හි දෙවදත්ත ස්ථවිර, තිස්ස ස්ථවිර’යි මෙසේ ගෙණකීම සම්මුඛ මෛත්‍රි වචීකර්‍ම නම. විහාරයෙහි නැතිකල්හි ඒ කර්‍මය විචාරන්නහුගේ ‘අපගේ දෙවදත්ත ස්ථවිර තෙමේ කොහිද, අපගේ තිස්සස්ථවිර තෙමේ කොහිද, කවදා එන්නේදැ’යි මෙසේ මමායනවචනය පරාඞ්මුඛ මෛත්‍රිවචිකර්‍ම නම. මෛත්‍රීස්නෙහයෙන් සිනිදුවූ ඇස් දල්වා පහන් මුහුනෙන් බැලීම සම්මුඛ මෛත්‍රි මනසකර්‍ම නම. ‘දෙවදත්ත ස්ථවිර තෙමේ තිෂ්‍ය ස්ථවිර තෙමේ නීරොග වේවා, ලෙඩ නැත්තේ වේවා’යි නැවැත නැවැත පහන් සිතින් සිහිකිරීම පරාඞ්මුඛ මෛත්‍රී මනස්කර්‍ම නම.

අප‍්පටිවිභත‍්තභොගීති නෙව ආමිසං පටිවිභජිත්‍වා භුඤ‍්ජති, න පුග‍්ගලං. යො හි “එත‍්තකං පරෙසං දස‍්සාමි, එත‍්තකං අත‍්තනා භුඤ‍්ජිස‍්සාමි, එත‍්තකං වා අසුකස‍්ස ච අසුකස‍්ස ච දස‍්සාමි, එත‍්තකං අත‍්තනා භුඤ‍්ජිස‍්සාමී”ති විභජිත්‍වා භුඤ‍්ජති, අයං පටිවිභත‍්තභොගී නාම. අයං පන එවං අකත්‍වා ආභතං පිණ‍්ඩපාතං ථෙරාසනතො පට‍්ඨාය දත්‍වා ගහිතාවසෙසං භුඤ‍්ජති. “සීලවන‍්තෙහී”ති වචනතො දුස‍්සීලස‍්ස අදාතුම‍්පි වට‍්ටති, සාරණීයධම‍්මපූරකෙන පන සබ‍්බෙසං දාතබ‍්බමෙවාති වුත‍්තං. ගිලාන-ගිලානුපට‍්ඨාක-ආගන‍්තුක-ගමිකචීවරකම‍්මාදිපසුතානං විචෙය්‍ය දාතුම‍්පි වට‍්ටති. න හි එතෙ විචිනිත්‍වා දෙන‍්තෙන පුග‍්ගලවිභාගො කතො හොති, ඊදිසානඤ‍්හි කිච‍්ඡලාභත‍්තා විසෙසො කාතබ‍්බොයෙවාති අයං කරොති.

“අප්පටිවිභත්තභොගී” ආමිෂය බෙදා නොම අනුභව කරත්. පුද්ගලයා විභාග කොටද නොබුදිත්. යමෙක් වනාහි ‘මෙතෙක් අනුන්ට දෙන්නෙමි, මෙපමණ මම අනුභව කරන්නෙමි, අසුවලාටද අසුවලාටද මෙපමණ දෙන්නෙමි, මෙපමණ තමා අනුභව කරන්නෙමි’යි බෙදා අනුභව කෙරේද, මෙතෙමේ පටිවිභත්තභොගී නම. මෙතෙමේ වනාහි මෙසේ නොකොට ගෙණ එන ලද පිණ්ඩපාතය ථෙරාසනය පටන්දී ගන්නාලද අවශෙෂය වළඳයි. “සීලවන්තෙහි”යි කීහෙයින් දුසිල්හට නොදීමද වටියි. සාරාණීය ධර්‍මය පුරන්නහු විසින් සියල්ලන්ට දියයුතුමයයි කියන ලදී. ග්ලානග්ලානොපස්ථායක-ආගන්තුක-ගමික-චීවර කර්‍මාදියෙහි යෙදුනවුන්ට පරීක්‍ෂා කොටදීමද සුදුසු වේ. මොවුන් පරීක්‍ෂාකොට දෙන්නහු විසින් පුද්ගල විභාගය නොකරණ ලද්දේ වේ. මෙබන්දන් දුකසේ ලැබිය යුතු ලාභ ඇති බැවින් විශේෂයක් කටයුතුමයයි මෙතෙමේ කරන්නේය.

අඛණ‍්ඩානීතිආදීසු යස‍්ස සත‍්තසු ආපත‍්තික‍්ඛන්‍ධෙසු ආදිම‍්හි වා අන‍්තෙ වා සික‍්ඛාපදං භින‍්නං හොති, තස‍්ස සීලං පරියන‍්තෙ ඡින‍්නසාටකො විය ඛණ‍්ඩං නාම. යස‍්ස පන වෙමජ‍්ඣෙ භින‍්නං, තස‍්ස මජ‍්ඣෙ ඡිද‍්දසාටකො විය ඡිද‍්දං නාම හොති. යස‍්ස පටිපාටියා ද‍්වෙ තීණි භින‍්නානි, තස‍්ස පිට‍්ඨියං වා කුච‍්ඡියං වා උට‍්ඨිතෙන විසභාගවණ‍්ණෙන කාළරත‍්තාදීනං අඤ‍්ඤතරසරීරවණ‍්ණා ගාවී විය සබලං නාම හොති. යස‍්ස අන‍්තරන‍්තරා භින‍්නානි, තස‍්ස අන‍්තරන‍්තරා විසභාගවණ‍්ණබින්‍දුවිචිත්‍රා ගාවී විය කම‍්මාසං නාම හොති. යස‍්ස පන සබ‍්බෙන සබ‍්බං අභින‍්නානි සීලානි, තස‍්ස තානි සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි නාම හොන‍්ති. තානි පනෙතානි භුජිස‍්සභාවකරණතො භුජිස‍්සානි. විඤ‍්ඤූහි පසත්‍ථත‍්තා විඤ‍්ඤුප‍්පසත්‍ථානි. තණ‍්හාදිට‍්ඨීහි අපරාමට‍්ඨත‍්තා අපරාමට‍්ඨානි. උපචාරසමාධිං අප‍්පනාසමාධිං වා සංවත‍්තයන‍්තීති සමාධිසංවත‍්තනිකානීති වුච‍්චන‍්ති. සීලසාමඤ‍්ඤගතො විහරතීති තෙසු තෙසු දිසාභාගෙසු විහරන‍්තෙහි කල්‍යාණසීලෙහි භික‍්ඛූහි සද‍්ධිං සමානභාවූපගතසීලො විහරති.

“අඛණ්ඩානි” යනාදිතන්හි යමක්හුගේ සප්ත ආපත්තිස්කන්‍ධයන්හි ආදියෙහි හෝ අන්තයෙහි හෝ ශික්‍ෂාපදයක් බිඳුනේවේද, ඔහුගේ ශීලය කෙළවර සිදීගිය සළුවක් මෙන් ඛණ්ඩ නම්වේ. යමක්හුගේ මද්ධ්‍යයෙහි ශික්‍ෂාපදයක් බිඳුනේ වේද, ඔහුගේ ශීලය මැද සිදුරුවූ සළුවක් මෙන් ජිද්‍ර නම්වේ. යමක්හුගේ පිළිවෙළින් ශික්‍ෂාපද දෙකක් තුනක් බිඳුනේ වේද, ඔහුගේ ශීලය පිටෙහි හෝ කුසෙහි හෝ නැගුනු විසභාග වර්‍ණයෙන් කාලරක්තාදීන් අතුරෙහි එක්තරා සිරුරු පැහැ ඇති ගවදෙන මෙන් සබල නම්වේ. යමක්හුගේ අතරින් අතර ශික්‍ෂාපදයේ බිඳුනාහු වෙත්ද, ඔහුගේ ශීලය අතරින් අතර විසභාග වර්‍ණ බින්‍දුවෙන් විසිතුරුවූ ගවදෙන මෙන් කල්මාස නම්වේ. යමක්හුගේ වනාහි ශීලයෙන් සියල්ලෙන් සියල්ල නොබිඳුනෝ වෙත්ද, ඔහුගේ ඒ ශීලයෝ අඛණ්ඩ අච්ඡිද්‍ර අසබල අකලමාස නම්වෙත්. ඒ මේ ශික්‍ෂාපදයෝ වනාහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් මුදාලන බැවින් භුජිස්සයහ. නුවණැත්තන් විසින් පසස්නා ලද බැවින් විඤ්ඤූප්පසත්‍ථයහ. තෘෂ්ණාදෘෂ්ටීන් විසින් වැළඳ නොගත්බැවින් අපරාමට්ඨයහ. උපචාර සමාධිය හෝ අර්‍පණසමාධිය පවත්වත්නුයි සමාධිසංවත්තනිකයහයි කියනු ලැබෙත්. “සීල සාමඤ්ඤගතො විහරති” ඒ ඒ දිසාභාගයන්හි වසන්නා වූ යහපත් සිල් ඇති මහණුන් සමග සමබවට පැමිණි සිල් ඇතිව වසයි.

යායං දිට‍්ඨීති මග‍්ගසම‍්පයුත‍්තා සම‍්මාදිට‍්ඨි. අරියාති නිද‍්දොසා. නිය්‍යාතීති නිය්‍යානිකා. තක‍්කරස‍්සාති යො තථාකාරී හොති, තස‍්ස. දුක‍්ඛක‍්ඛයායාති සබ‍්බදුක‍්ඛස‍්ස ඛයත්‍ථං. සෙසං යාව සමථභෙදපරියොසානා උත‍්තානත්‍ථමෙව.

“යායං දිට්ඨි” මාර්‍ගසම්ප්‍රයුක්ත සම්‍යක් දෘෂ්ටියය. “අරියා” නිර්දොෂය. “නීයාති” නෛර්‍ය්‍යාණිකය. “තක්කරස්ස” යමෙක් තථාකාරීවේද, හෙතෙමේය. “දුක්‍ඛක්‍ඛායාය” සියලු දුක්ක්‍ෂය කිරීම පිණිසය. සෙස්ස ශමථභෙදය කෙළවර දක්වා ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

කතිපුච‍්ඡාවාරවණ‍්ණනා නිට‍්ඨිතා.