ඛන්ධකපුච්ඡාවාරො අට්ඨකථා
ඛන්ධකපුච්ඡාවාරො
පුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
පුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
උපසම්පදං පුච්ඡිස්සන්ති උපසම්පදක්ඛන්ධකං පුච්ඡිස්සං. සනිදානං සනිද්දෙසන්ති නිදානෙන ච නිද්දෙසෙන ච සද්ධිං පුච්ඡිස්සාමි. සමුක්කට්ඨපදානං කති ආපත්තියොති යානි තත්ථ සමුක්කට්ඨානි උත්තමානි පදානි වුත්තානි, තෙසං සමුක්කට්ඨපදානං උත්තමපදානං සඞ්ඛෙපතො කති ආපත්තියො හොන්තීති. යෙන යෙන හි පදෙන යා යා ආපත්ති පඤ්ඤත්තා, සා සා තස්ස තස්ස පදස්ස ආපත්තීති වුච්චති. තෙන වුත්තං “සමුක්කට්ඨපදානං කති ආපත්තියො”ති. ද්වෙ ආපත්තියොති ඌනවීසතිවස්සං උපසම්පාදෙන්තස්ස පාචිත්තියං, සෙසෙසු සබ්බපදෙසු දුක්කටං.
“උපසම්පදං පුච්ඡිස්සන්ති” උපසම්පදක්ඛන්ධකය විචාරන්නෙමි. “සනිදානං සනිද්දෙසං” නිදානයද නිර්දෙශයද සමග විචාරමි. “සමුක්කට්ඨපදානං කති ආපත්තියො” ඒ උපසම්පදා ඛන්ධකයෙහි “න භික්ඛවෙ ඌනවීසති වස්සො පුග්ගලො උපසම්පාදෙතබ්බො” යනාදි නයින් යම් ශ්‍රෙෂ්ඨ වූ උත්තම වූ පදකෙනෙක් වදාරණ ලද්දාහුද, ඒ උත්කෘෂ්ට වූ උත්තම වූ පදයන්ගේ සඞ්ක්ෂෙප විසින් කෙතෙක් ඇවැත් වෙත්දැයි යම් යම් පදයකින් යම්යම් ඇවැතක් පණවන ලදද, ඒ ඒ ඇවැත ඒ ඒ පදයාගේ ආපත්තියයි කියනු ලැබේ. “සමුක්කට්ඨපදානං කති ආපත්තියො”යි එහෙයින් කියනලදී. “ද්වෙ ආපත්තියො” උනුවිසිවයස් ඇතියකු උපසපන් කරණ මහණහුට පාචිත්තිය වේ. සෙසු සියලු පදයන්හි දුක්කටය වේ.
තිස්සොති “නස්සන්තෙතෙ විනස්සන්තෙතෙ, කො තෙහි අත්ථො”ති භෙදපුරෙක්ඛාරානං උපොසථකරණෙ ථුල්ලච්චයං, උක්ඛිත්තකෙන සද්ධිං උපොසථකරණෙ පාචිත්තියං, සෙසෙසු දුක්කටන්ති එවං උපොසථක්ඛන්ධකෙ තිස්සො ආපත්තියො. එකාති වස්සූපනායිකක්ඛන්ධකෙ එකා දුක්කටාපත්තියෙව.
“තිස්සො” “නස්සන්තෙ තෙ විනස්සන්තෙ තෙ, කො තෙහි අත්ථො”යි කියන මහණහුට බිඳීම පෙරටුකොට ගත්තවුන්ගේ පොහොය කිරීම නිමිතිකොට ථුල්ලච්චය වේ. බැහැර කළහු හා පොහොය කිරීම නිමිතිකොට පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේයයි. මෙසේ උපොසථක්ඛන්ධකයෙහි ඇවැත් තුනක් වේ. “එකා” වස්සූපනායිකක්ඛන්දකයෙහි එක් දුක්කටාපත්තියක්මය.
තිස්සොති භෙදපුරෙක්ඛාරස්ස පවාරයතො ථුල්ලච්චයං, උක්ඛිත්තකෙන සද්ධිං පාචිත්තියං, සෙසෙසු දුක්කටන්ති එවං පවාරණාක්ඛන්ධකෙපි තිස්සො ආපත්තියො.
“තිස්සො” භෙදය පෙරටුකොටගෙණ පවාරණය කරණ මහණහුට ථුල්ලච්චය වේ. බැහැරකළහු සමග පවාරණය කරන මහණහුට පාචිත්තිය වේ. සෙස්සන්හි දුක්කටය වේයයි මෙසේ පවාරණක්ඛන්ධකයෙහි ඇවැත් තුනක් වේ.
තිස්සොති වච්ඡතරිං උග්ගහෙත්වා මාරෙන්තානං පාචිත්තියං, රත්තෙන චිත්තෙන අඞ්ගජාතඡුපනෙ ථුල්ලච්චයං, සෙසෙසු දුක්කටන්ති එවං චම්මසංයුත්තෙපි තිස්සො ආපත්තියො. භෙසජ්ජක්ඛන්ධකෙපි සමන්තා ද්වඞ්ගුලෙ ථුල්ලච්චයං, භොජ්ජයාගුයා පාචිත්තියං, සෙසෙසු දුක්කටන්ති එවං තිස්සො ආපත්තියො.
“තිස්සො” ගවදෙනක අල්ලාගෙණ මරවන්නාවූ මහණුන්ට පාචිත්තිය වේ. රත්තචිත්තයෙන් අඞ්ගජාතය පැහැසීම නිමිතිකොට ථුල්ලච්චය වේ. සෙස්සන්හි දුක්කටය වේයයි මෙසේ චම්මක්ඛන්ධකයෙහිද ඇවැත් තුනක් වේ. භෙසජ්ජක්ඛන්ධකයෙහි වටින් දෑඟුල් පමණ තන්හි ථුල්ලච්චය වේ. බෙහෙත් යාගුව නිමිතිකොට පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටයවේය’යි මෙසේ ඇවැත් තුනක් වේ.
කථිනං කෙවලං පඤ්ඤත්තිමෙව, නත්ථි තත්ථ ආපත්ති. චීවරසංයුත්තෙ කුසචීරවාකචීරෙසු ථුල්ලච්චයං, අතිරෙකචීවරෙ නිස්සග්ගියං, සෙසෙසු දුක්කටන්ති ඉමා තිස්සො ආපත්තියො.
“කඨිනං” කඨිනය හුදෙක් පණවන ලද්දේමය. එහි ඇවැතක් නැත්තීය. චීවරක්ඛන්ධකයෙහි කුසවැහැරිමුවා සිවුරු වාක වැහැරිමුවා සිවුරුවල ථුල්ලච්ච ය වේ. අතිරේක සිවුරෙහි නිස්සග්ගියපාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මේතුන් ඇවැත්හු වෙත්.
චම්පෙය්යකෙ එකා දුක්කටාපත්තියෙව. කොසම්බක-කම්මක්ඛන්ධක-පාරිවාසිකසමුච්චයක්ඛන්ධකෙසුපි එකා දුක්කටාපත්තියෙව.
චම්පෙය්යක්ඛන්ධකයෙහි එක් දුක්කටාපත්තියක්ම වේ. කොසම්බකකම්මක්ඛන්ධක පාරිවාසිකසමුච්චයක්ඛන්ධකයන්හිද එක් දුක්කටාපත්තියක්මය.
සමථක්ඛන්ධකෙ ඡන්දදායකො ඛිය්යති, ඛිය්යනකං පාචිත්තියං, සෙසෙසු දුක්කටන්ති ඉමා ද්වෙ ආපත්තියො. ඛුද්දකවත්ථුකෙ අත්තනො අඞ්ගජාතං ඡින්දති, ථුල්ලච්චයං, රොමට්ඨෙ පාචිත්තියං, සෙසෙසු දුක්කටන්ති ඉමා තිස්සො ආපත්තියො. සෙනාසනක්ඛන්ධකෙ ගරුභණ්ඩවිස්සජ්ජනෙ ථුල්ලච්චයං, සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪනෙ පාචිත්තියං, සෙසෙසු දුක්කටන්ති ඉමා තිස්සො ආපත්තියො.
සමථක්‍ඛන්‍ධකයෙහි ඡන්දදායක තෙමේ ඡන්දයදී නැවැත නුගුණ පහළ කෙරේ නම්, ඛීයනකපාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි දෙඇවැත්හු වෙත්. ඛුද්දකවත්ථුක්ඛන්ධකයෙහි තමාගේ අඞ්ගජාතය සිඳීනම්, ථුල්ලච්චය වේ. රවන්තැලි නැගීමෙහි පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මෙසේ මේ තුන් ඇවැත්හු වෙත්. “සෙනාසනක්‍ඛන්‍ධකයෙහි ගරුබඩු හැරදැමීමෙහි ථුල්ලච්චය වේ. සඞ්ඝික විහාරයෙන් නෙරපීමෙහි පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මේතුන් ඇවැත්හු වෙත්.
සඞ්ඝභෙදෙභෙදකානුවත්තකානං ථුල්ලච්චයං, ගණභොජනෙ පාචිත්තියන්ති ඉමා ද්වෙ ආපත්තියො. සමාචාරං පුච්ඡිස්සන්ති වුත්තෙ වත්තක්ඛන්ධකෙ එකා දුක්කටාපත්තියෙව. සා සබ්බවත්තෙසු අනාදරියෙන හොති. තථා පාතිමොක්ඛට්ඨපනෙ. භික්ඛුනික්ඛන්ධකෙ අප්පවාරණාය පාචිත්තියං, සෙසෙසු දුක්කටන්ති ද්වෙ ආපත්තියො. පඤ්චසතිකසත්තසතිකෙසු කෙවලං ධම්මො සඞ්ගහං ආරොපිතො, නත්ථි තත්ථ ආපත්තීති.
සඞ්ඝභෙදකක්ඛන්ධකයෙහි භෙදකානුවර්තකයන්හට ථුල්ලච්චය වේ. ගණභොජනයෙහි පාචිත්තිය වේය’යි මේ දෙඇවැත්හු වෙත්. “සමාචාරං පුච්ඡිස්සං”යි විචාරණලද වත්තක්ඛන්ධකයෙහි එක් දුක්කටාපත්තියක්ම වේ. ඕතොමෝ සියලු වත්හි අනාදරියෙන් වේ. පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයෙහිද එසේමය. භික්ඛුණීඛන්ධකයෙහි පවාරණය නොකිරීමෙහි පාචිත්තිය වේ. සෙසුතැන්හි දුක්කටය වේය’යි මේ දෙඇවැත්හු වෙත්. පඤ්චසතික - සත්තසතිකක්ඛන්ධකයන්හි හුදෙක් ධර්මය තෙමේ සඞ්ග්‍රහයට නගන ලද්දේය. එහි ඇවැතක් නැත්තේය.
ඛන්ධකපුච්ඡාවාරවණ්ණනා නිට්ඨිතා.
ඛන්ධකපුච්ඡා වර්ණනාව නිමි.