එකකවාරවණ්ණනා අට්ඨකථා
එකකවාරවණ්ණනා
එකකවාරවණ්ණනා
ආපත්තිකරා ධම්මා ජානිතබ්බාතිආදිම්හි එකුත්තරිකනයෙ ආපත්තිකරා ධම්මා නාම ඡ ආපත්තිසමුට්ඨානානි. එතෙසඤ්හි වසෙන පුග්ගලො ආපත්තිං ආපජ්ජති, තස්මා “ආපත්තිකරා”ති වුත්තා. අනාපත්තිකරා නාම සත්ත සමථා. ආපත්ති ජානිතබ්බාති තස්මිං තස්මිං සික්ඛාපදෙ ච විභඞ්ගෙ ච වුත්තා ආපත්ති ජානිතබ්බා. අනාපත්තීති “අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”තිආදිනා නයෙන අනාපත්ති ජානිතබ්බා. ලහුකාති ලහුකෙන විනයකම්මෙන විසුජ්ඣනතො පඤ්චවිධා ආපත්ති. ගරුකාති ගරුකෙන විනයකම්මෙන විසුජ්ඣනතො සඞ්ඝාදිසෙසා ආපත්ති. කෙනචි ආකාරෙන අනාපත්තිභාවං උපනෙතුං අසක්කුණෙය්යතො පාරාජිකාපත්ති ච. සාවසෙසාති ඨපෙත්වා පාරාජිකං සෙසා. අනවසෙසාති පාරාජිකාපත්ති. ද්වෙ ආපත්තික්ඛන්ධා දුට්ඨුල්ලා; අවසෙසා අදුට්ඨුල්ලා. සප්පටිකම්මදුකං සාවසෙසදුකසදිසං. දෙසනාගාමිනිදුකං ලහුකදුකසඞ්ගහිතං.
“ආපත්තිකරා ධම්මා ජානිතබ්බා” යනාදීවූ එකුත්තරිකනයෙහි ආපත්තිකර ධර්මයෝ නම් ෂඩ් ආපත්තිසමුට්ඨානයෝය. යම්හෙයකින් මේ ෂඩ් ආපත්ති සමුට්ඨානයන්ගේ වසයෙන් පුද්ගලතෙමේ ඇවැතට පැමිණේද, එහෙයින් ආපත්තිකරැයි කියනලදහ. අනාපත්තිකරධර්මයෝ නම් සප්තශමථයෝය. “ආපත්ති ජානිතබ්බා” ඒ ශික්‍ෂාපදයෙහිද විභඞ්ගයෙහිද වදාරණ ලද ඇවැත් දැනගතයුතුය. “අනාපත්ති” “අනාපත්තිභික්ඛු අසාදියන්තස්ස” යනාදි නයින් අනාපත්ති දැනගතයුතුය. “ලහුකා” ලහුකවිනය කර්මයෙන් පිරිසිදුවන බැවින් පඤ්චවිධ ආපත්තීහු ලහුකයහ. “ගරුකා” ගරුකවිනය කර්මයෙන් පිරිසිදුවන බැවින් සඞ්ඝාදිසෙසාපත්තිය ගරුක නම. කිසි අයුරකින් නිරාපත්තිභාවයට පමුණුවන්නට නොහැකි බැවින් පාරාජිකාපත්තියද ගරුකනම. “සාවසෙසා” පාරාජිකාපත්තිය හැර සෙසු ආපත්තීහුය. “අනවසෙසා” පාරාජිකාපත්තියය. පාරාජික-සඞ්ඝාදිසෙස ආපත්තිස්කන්ධ දෙක දුට්ඨුල්ල නම. සෙසු පඤ්චාපත්තිස්කන්ධය අදුට්ඨුල්ල නම. සප්පටිකම්මදුකය, සාවසෙසදුකය සමානය. දෙසනාගාමිදුකය ලහුකදුකයෙහි සඞ්ග්‍රහකරණ ලද්දේය.
අන්තරායිකාති සත්තපි ආපත්තියො සඤ්චිච්ච වීතික්කන්තා සග්ගන්තරායඤ්චෙව මොක්ඛන්තරායඤ්ච කරොන්තීති අන්තරායිකා. අජානන්තෙන වීතික්කන්තා පන පණ්ණත්තිවජ්ජාපත්ති නෙව සග්ගන්තරායං න මොක්ඛන්තරායං කරොතීති අනන්තරායිකා. අන්තරායිකං ආපන්නස්සාපි දෙසනාගාමිනිං දෙසෙත්වා වුට්ඨානගාමිනිතො වුට්ඨාය සුද්ධිපත්තස්ස සාමණෙරභූමියං ඨිතස්ස ච අවාරිතො සග්ගමොක්ඛමග්ගොති. සාවජ්ජපඤ්ඤත්තීති ලොකවජ්ජා. අනවජ්ජපඤ්ඤත්තීති පණ්ණත්තිවජ්ජා. කිරියතො සමුට්ඨිතා නාම යං කරොන්තො ආපජ්ජති පාරාජිකාපත්ති විය. අකිරියතොති යං අකරොන්තො ආපජ්ජති, චීවරඅනධිට්ඨානාපත්ති විය. කිරියාකිරියතොති යං කරොන්තො ච අකරොන්තො ච ආපජ්ජති, කුටිකාරාපත්ති විය.
“අන්තරායිකා” සප්තාපත්තීහුම දැන සිතා ඉක්මවූවාහු ස්වර්ගාන්තරයද මොක්ෂාන්තරයද කරති’යි අන්තරායික නම්වෙත්. නොදන්නහු විසින් ඉක්මවූ ප්‍රඥප්තිවද්‍ය ආපත්ති තොමෝ ස්වර්ගාන්තරාය නොකරන්නීමය. මොක්ෂාන්තරාය නොකරන්නීය’යි අනන්තරායිකා නම. අන්තරායික ආපත්තියට පැමිණි දෙසනාගාමිනී ඇවැත දෙසා වුට්ඨානගාමිනී ඇවැතින් නැගිට ශුද්ධියට පැමිණියහුටද, සාමණේර භූමියෙහි සිටියහුටද ස්වර්ගමොක්ෂමාර්ගය නොවළකන ලද්දේය. “සාවජ්ජපඤ්ඤත්ති” ලොකවද්යප්රඥප්තිය. “අනවජ්ජපඤ්ඤත්ති” ප්‍රඥප්තිවද්‍යය. කිරියතො සමුට්ඨිතා නම්, කරන්නේ යම් ඇවැතකට පැමිණේ නම් ඕ තොමෝය. පාරාජිකාපත්තිය මෙනි. “අකිරියතො” නොකරන්නේ යම් ඇවතකට පැමිණේ නම් ඕ තොමෝය. සිවුරු නොඉටීමෙන් වන ඇවැත මෙහි “කිරියාකිරියතො” කරන්නේද නොකරන්නේද යම් ඇවැතකට පැමිණේ නම් ඕතොමෝය. කුටිකාරාපත්තිය මෙනි.
පුබ්බාපත්තීති පඨමං ආපන්නාපත්ති. අපරාපත්තීති පාරිවාසිකාදීහි පච්ඡා ආපන්නාපත්ති. පුබ්බාපත්තීනං අන්තරාපත්ති නාම මූලවිසුද්ධියා අන්තරාපත්ති. අපරාපත්තීනං අන්තරාපත්ති නාම අග්ඝවිසුද්ධියා අන්තරාපත්ති. කුරුන්දියං පන “පුබ්බාපත්ති නාම පඨමං ආපන්නා. අපරාපත්ති නාම මානත්තාරහකාලෙ ආපන්නා. පුබ්බාපත්තීනං අන්තරාපත්ති නාම පරිවාසෙ ආපන්නා. අපරාපත්තීනං අන්තරාපත්ති නාම මානත්තචාරෙ ආපන්නා”ති වුත්තං. ඉදම්පි එකෙන පරියායෙන යුජ්ජති.
පුබ්බාපත්ති පළමු පැමිණි ඇවැතය. “අපරාපත්ති” පරිවාසිකාදීන් විසින් පසුව පැමිණි ඇවැතය. ‘මූලාය ප්රතිකර්ක්ෂණ විශුද්ධියෙහි අතර පැමිණි ඇවැත පුබ්බාපත්තීනං අන්තරාපත්ති නම. අග්ගසමොධාන විශුද්ධියෙහි අතර පැමිණි ඇවැත අන්තරාපත්තීනං අන්තරාපත්ති නම. කුරුන්දියෙහි වනාහි ‘පළමු පැමිණි ඇවැත පුබ්බාපත්ති නමැයිද, මානතට සුදුසු කාලයෙහි පැමිණි ඇවත අපරාපත්තීනං අන්තරාපත්ති නමැ’යිද කියන ලදී. මෙය එක් අයුරකින් යෙදේ.
දෙසිතා ගණනූපගා නාම යා ධුරනික්ඛෙපං කත්වා පුන න ආපජ්ජිස්සාමීති දෙසිතා හොති. අගණනූපගා නාම යා ධුරනික්ඛෙපං අකත්වා සඋස්සාහෙනෙව චිත්තෙන අපරිසුද්ධෙන දෙසිතා හොති. අයඤ්හි දෙසිතාපි දෙසිතගණනං න උපෙති. අට්ඨමෙ වත්ථුස්මිං භික්ඛුනියා පාරාජිකමෙව හොති. පඤ්ඤත්ති ජානිතබ්බාතිආදීසු නවසු පදෙසු පඨමපාරාජිකපුච්ඡාය වුත්තනයෙනෙව විනිච්ඡයො වෙදිතබ්බො.
යම් ඇවතක් නැවැත නොපැමිණෙන්නෙමියි ධුරනික්ෂෙපකොට දෙසන ලද්දීවේද, ඕතොමෝ දෙසිතා ගණනූපගා නම. යම් ඇවැතක් ධුරනික්‍ෂෙප නොකොට අපිරිසිදුවූ නැවැතද පැමිණෙන්නෙමි’යි උත්සාහසහිත සිතින්ම දෙසන ලද්දීවේද, ඕතොමෝ අගණනූපගා නම. මේ ඇවැත වනාහි දෙසන ලද්දී ද දෙසූ ගණනට නොපැමිණෙන්නීය. අටවැනි වස්තුවෙහි මෙහෙණට පරිජිම වේ. “පඤ්ඤත්ති ජානිතබ්බා” යනාදී වූ නව පදයන්හි ප්‍රථම පාරාජික පෘච්ඡාවෙහි කියූනයින්ම විනිශ්චය දතයුතුය.
ථුල්ලවජ්ජාති ථුල්ලදොසෙ පඤ්ඤත්තා ගරුකාපත්ති. අථුල්ලවජ්ජාති ලහුකාපත්ති. ගිහිපටිසංයුත්තාති සුධම්මත්ථෙරස්ස ආපත්ති, යා ච ධම්මිකස්ස පටිස්සවස්ස අසච්චාපනෙ ආපත්ති, අවසෙසා න ගිහිපටිසංයුත්තා. පඤ්චානන්තරියකම්මාපත්ති නියතා, සෙසා අනියතා. ආදිකරොති සුදින්නත්ථෙරාදි ආදිකම්මිකො. අනාදිකරොති මක්කටිසමණාදි අනුපඤ්ඤත්තිකාරකො. අධිච්චාපත්තිකො නාම යො කදාචි කරහචි ආපත්තිං ආපජ්ජති. අභිණ්හාපත්තිකො නාම යො නිච්චං ආපජ්ජති.
ථුල්ලවජ්ජා මහා දොෂයෙහි පණවනලද ගරුකාපත්තිය. “අථුල්ලවජ්ජා” ලහුකාපත්තිය. “ගිහිපටිසංයුත්තා” සුධම්ම තෙරහුගේ ආපත්තිය. දැහැමිවූ වැඩිහිටියන් කෙරෙහි යටත් පැවැතුම් ඇතියහුගේ අසත්යාපනයෙහි යම් ආපත්තියක් වේද, ඕතොමෝය. සෙසු ආපත්තීහු ගිහිප්රතිසංයුක්ත නොවෙති. පඤ්චානන්තර්‍ය්‍ය කර්මාපත්තීහු නියතයහ. සෙසු ආපත්තීහු අනියතයහ. “ආදිකරො” සුදින්නස්ථවිර ආදිකොට සිටි ආදිකර්මක තෙමේ. “අනාදිකරො” මක්කටී සමණාදීවූ අනුප්රඥප්තිකාරක තෙමේ. යමෙක් තෙමේ කිසිකලෙක්හි ඇවැතට පැමිණේද, හෙතෙමේ අධිච්චාපත්තික නම. යමෙක් තෙමේ නිතර ඇවතට පැමිණේද, හෙතෙමේ අභිණ්හාපත්තික නම.
චොදකො නාම යො වත්ථුනා වා ආපත්තියා වා පරං චොදෙති. යො පන එවං චොදිතො අයං චුදිතකො නාම. පඤ්චදසසු ධම්මෙසු අප්පතිට්ඨහිත්වා අභූතෙන වත්ථුනා චොදෙන්තො අධම්මචොදකො නාම, තෙන තථා චොදිතො අධම්මචුදිතකො නාම. විපරියායෙන ධම්මචොදකචුදිතකා වෙදිතබ්බා. මිච්ඡත්තනියතෙහි වා සම්මත්තනියතෙහි වා ධම්මෙහි සමන්නාගතො නියතො, විපරීතො අනියතො.
යමෙක් තෙමේ වස්තුවෙන් හෝ ඇවතින් හෝ පරහට චෝදනා කෙරේද, හෙතෙමේ චොදක නම. යමෙක් තෙමේ මෙසේ චෝදනා කරණ ලද්දේ ද, හෙතෙමේ චුදිතක නම. “කාලෙන වක්ඛාමි, නොඅකාලෙන” යනාදීන් කියන ලද පඤ්චදශ ධර්මයන්හි නොපිහිටා අවිද්‍යාමාන වස්තුවෙන් චෝදනා කරණුයේ අධර්මචොදක නම. ඔහු විසින් එසේ චෝදනා කරණ ලද්දේ අර්ධමචූදිතක නම. විපර්ය්යයෙන් ධර්‍මචොදක චුදිතකයෝ දතයුත්තාහ. මිච්ඡත්තනියත වූ හෝ සම්මත්තනියතවූ හෝ ධර්මයන්ගෙන් යුක්තවූයේ නියත නම. විපරීත වූයේ අනියත නම.
සාවකා භබ්බාපත්තිකා නාම, බුද්ධා ච පච්චෙකබුද්ධා ච අභබ්බාපත්තිකා නාම. උක්ඛෙපනීයකම්මකතො උක්ඛිත්තකො නාම, අවසෙසචතුබ්බිධතජ්ජනීයාදිකම්මකතො අනුක්ඛිත්තකො නාම. අයඤ්හි උපොසථං වා පවාරණං වා ධම්මපරිභොගං වා ආමිසපරිභොගං වා න කොපෙති. “මෙත්තියං භික්ඛුනිං නාසෙථ, දූසකො නාසෙතබ්බො, කණ්ටකො සමණුද්දෙසො නාසෙතබ්බො”ති එවං ලිඞ්ගදණ්ඩකම්ම-සංවාසනාසනාහි නාසිතබ්බො නාසිතකො නාම. සෙසා සබ්බෙ අනාසිතකා. යෙන සද්ධිං උපොසථාදිකො සංවාසො අත්ථි, අයං සමානසංවාසකො, ඉතරො නානාසංවාසකො . සො කම්මනානාසංවාසකො ලද්ධිනානාසංවාසකොති දුවිධො හොති. ඨපනං ජානිතබ්බන්ති “එකං භික්ඛවෙ අධම්මිකං පාතිමොක්ඛට්ඨපන”න්තිආදිනා නයෙන වුත්තං පාතිමොක්ඛට්ඨපනං ජානිතබ්බන්ති අත්ථො.
ශ්‍රාවකයෝ භව්යාපත්තික නම්හ. බුදුවරයෝද පසේ බුදුවරයෝද අභව්යාපත්තික නම්භ. උත්ක්‍ෂෙපණීය කර්මය කරණ ලද්දේ උත්ක්ෂිප්තක නම. සෙසු චතුර්විධ තර්ජනීයාදී කර්ම කරණලද්දේ අනුත්ක්ෂිප්තක නම. මෙතෙමේ වනාහි උපොසථය හෝ පවාරණය හෝ ධර්මපරිභොගය හෝ ආමිෂ පරිභොගය හෝ කොප්ය නොකරයි. “මෙත්තියං භික්ඛුණිං නාසෙථ දූසකො නාසෙතබ්බො, කණ්ටකො සමණුද්දෙසො නාසෙතබ්බො”යි මෙසේ ලිඞ්ග-දණ්ඩකර්ම-සංවාසනාසනයන්ගෙන් නසනලද්දේම නාසිතක නම. සෙසු සියල්ලෝ අනාසිතක නම්හ. යමක්හු සමග උපොසථාදීවූ සංවාසය ඇත්තේද මෙතෙමේ සමාන සංවාසක නම. අන්‍ය තෙමේ නානාසංවාසක නම. හෙතෙමේ කර්මනානාසංවාසක-ලබ්ධිනානාසංවාසකයි දෙවැදෑරුම් වේ. “ඨපනං ජානිතබ්බං” “එකං භික්ඛවෙ අධම්මිකං පාතිමොක්ඛට්ඨපනං” යනාදිනයින් කියූ පාමොක් තැබීම දැනගත යුත්තේය යන අර්‍ත්‍ථයි.
එකකවාරවණ්ණනා නිට්ඨිතා.
එකක වර්ණනාව නිමි.
දුකවාරවණ්ණනා
දුකවාරවණ්ණනා
දුකෙසු සචිත්තකා ආපත්ති සඤ්ඤාවිමොක්ඛා, අචිත්තකා නොසඤ්ඤාවිමොක්ඛා. ලද්ධසමාපත්තිකස්ස ආපත්ති නාම භූතාරොචනාපත්ති, අලද්ධසමාපත්තිකස්ස ආපත්ති නාම අභූතාරොචනාපත්ති. සද්ධම්මපටිසඤ්ඤුත්තා නාම පදසොධම්මාදිකා, අසද්ධම්මපටිසඤ්ඤුත්තා නාම දුට්ඨුල්ලවාචාපත්ති. සපරික්ඛාරපටිසඤ්ඤුත්තා නාම නිස්සග්ගියවත්ථුනො අනිස්සජ්ජිත්වා පරිභොගෙ, පත්තචීවරානං නිදහනෙ, කිලිට්ඨචීවරානං අධොවනෙ, මලග්ගහිතපත්තස්ස අපචනෙති එවං අයුත්තපරිභොගෙ ආපත්ති. පරපරික්ඛාරපටිසඤ්ඤුත්තා නාම සඞ්ඝිකමඤ්චපීඨාදීනං අජ්ඣොකාසෙ සන්ථරණඅනාපුච්ඡාගමනාදීසු ආපජ්ජිතබ්බා ආපත්ති. සපුග්ගලපටිසඤ්ඤුත්තා නාම “මුදුපිට්ඨිකස්ස ලම්බිස්ස ඌරුනා අඞ්ගජාතං පීළෙන්තස්සා”තිආදිනා නයෙන වුත්තාපත්ති. පරපුග්ගලපටිසඤ්ඤුත්තා නාම මෙථුනධම්මකායසංසග්ගපහාරදානාදීසු වුත්තාපත්ති, “සිඛරණීසී”ති සච්චං භණන්තො ගරුකං ආපජ්ජති, “සම්පජානමුසාවාදෙ පාචිත්තිය”න්ති මුසා භණන්තො ලහුකං. අභූතාරොචනෙ මුසා භණන්තො ගරුකං. භූතාරොචනෙ සච්චං භණන්තො ලහුකං.
දුකයන්හි සචිත්තකාපත්ති තොමෝ සංඥාවිමොක්ෂා නම. අචිත්තකාපත්ති තොමෝ නොසංඥාවිමොක්ෂ නම. ලද සමවත් ඇතියහුගේ ආපත්තිය නම් භූතාරොචනාපත්ති නම. නොලද සමවත් ඇතියහුගේ ආපත්තිය නම් අභූතාරොචනාපත්ති නම. පදසොධර්මාදිය සද්ධර්ම ප්රතිසංයුක්තාපත්ති නම. දුට්ඨුල්ලවාචාපත්ති තොමෝ අසද්ධර්ම ප්රතිසංයුක්තාපත්ති නම. නිස්සග්ගිය වස්තූන් නොනිසදා පරිභොගයෙහි, පාසිවුරු ආදිය බොහෝ වේලා අවුකැවීමෙහි, කිලිටිසිවුරු නොසේදීමෙහි, මලහටගත් පාත්‍රය නොපෑසීමෙහි, පිළිස්සීමෙහියි මෙසේ අයුතු පරිභොගයෙහි ආපත්තිය සපරිෂකාරප්රතිසංයුක්තා නම. සඟසතු ඇඳපුටු ආදිය එලිමහනෙහි ඇතිරීම් නොවිචාරා යෑම් ආදියෙහි පැමිණිය යුතු ආපත්තිය පරපරිෂ්කාර ප්රතිසංයුක්තා නම. ‘මොළොක් පිටු ඇති එල්බෙන අඞ්ගජාතය ඇතියහුගේ අඞ්ගජාතය කලවයෙන් පෙළන්නහුගේ යනාදිනයින් කියූ ආපත්තිය සපුද්ගල ප්රතිසංයුක්තා නම. මෛථුනධර්ම - කායසංසර්ග - ප්රහාරදානාදියෙහි වදාළ ආපත්තිය පරපුද්ගල ප්රතිසංයුක්තා නම. “සිඛරිණීසි” සත්‍යය කියන්නේ ගරුකාපත්තියට පැමිණේ. “සම්පජානමුසාවාදෙ පාචිත්තියං”යි බොරු කියන්නේ ලහුකාපත්තියට පැමිණේ. අභූතාරොචනයෙහි බොරු කියන්නේ ගරුකාපත්තියට පැමිණේ. භූතාරොචනයෙහි සත්‍යය කියන්නේ ලහුකාපත්තියට පැමිණේ. භූතාරොචනයෙහි සත්‍යය කියන්නේ ලහුකාපත්තියට පැමිණේ.
“සඞ්ඝකම්මං වග්ගං කරිස්සාමී”ති අන්තොසීමාය එකමන්තෙ නිසීදන්තො භූමිගතො ආපජ්ජති නාම. සචෙ පන අඞ්ගුලිමත්තම්පි ආකාසෙ තිට්ඨෙය්ය, න ආපජ්ජෙය්ය, තෙන වුත්තං “නො වෙහාසගතො”ති. වෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා අභිනිසීදන්තො වෙහාසගතො ආපජ්ජති නාම. සචෙ පන තං භූමියං පඤ්ඤාපෙත්වා නිපජ්ජෙය්ය න ආපජ්ජෙය්ය, තෙන වුත්තං – “නො භූමිගතො”ති. ගමියො ගමියවත්තං අපූරෙත්වා ගච්ඡන්තො නික්ඛමන්තො ආපජ්ජති නාම, නො පවිසන්තො. ආගන්තුකො ආගන්තුකවත්තං අපූරෙත්වා සඡත්තුපාහනො පවිසන්තො පවිසන්තො ආපජ්ජති නාම, නො නික්ඛමන්තො.
‘සඞ්ඝ කර්මය වග්‍ර කරන්නෙමි’යි සීමාව තුළ එකත් පසෙක හිඳිනේ භූමිගතව පැමිණේ නම. ඉදින් වනාහි ඇඟිල්ල පමණකුදු අහසෙහි සිටීනම් ඇවතට නොපැමිණෙන්නේය. “නො චෙ වෙහාසගතො”යි එහෙයින් වදාරණ ලදී. අහස් කිළියෙහි ඇඳවත විද පා සවිකර ඇණ නොගැසූ ඇඳක හෝ පුටුවක හෝ හිඳිනේ අහස්ගතව ඇවතට පැමිණේ නම. ඉදින් ඒ අසුන බිම පණවා හොවින්නේ නම් නොපැමිණෙන්නේය. “නො භූමිගතො”යි එහෙයින් වදාරණ ලදී. ගමිය තෙමේ ගමියවත නොපුරා යන්නේ නික්මෙන්නේ පැමිණෙන්නේ නම. පිවිසෙනුයේ නොපැමිණේ. ආගන්තුක තෙමේ ආගන්තුක වත නොපුරා සත් පාවහන් සහිතව පිවිසෙන්නේ, පිවිසෙන්නේ පැමිණේ නම. නොනික්මෙන්නේ ගන්නේ පැමිණේ නම.
ආදියන්තො ආපජ්ජති නාම භික්ඛුනී අතිගම්භීරං උදකසුද්ධිකං ආදියමානා; දුබ්බණ්ණකරණං අනාදියිත්වා චීවරං පරිභුඤ්ජන්තො පන අනාදියන්තො ආපජ්ජති නාම. මූගබ්බතාදීනි තිත්ථියවත්තානි සමාදියන්තො සමාදියන්තො ආපජ්ජති නාම. පාරිවාසිකාදයො පන තජ්ජනීයාදිකම්මකතා වා අත්තනො වත්තං අසමාදියන්තා ආපජ්ජන්ති, තෙ සන්ධාය වුත්තං “අත්ථාපත්ති න සමාදියන්තො ආපජ්ජතී”ති. අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං සිබ්බන්තො වෙජ්ජකම්මභණ්ඩාගාරිකකම්මචිත්තකම්මාදීනි වා කරොන්තො කරොන්තො ආපජ්ජති නාම. උපජ්ඣායවත්තාදීනි අකරොන්තො අකරොන්තො ආපජ්ජති නාම. අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දදමානො දෙන්තො ආපජ්ජති නාම. සද්ධිවිහාරිකඅන්තෙවාසිකානං චීවරාදීනි අදෙන්තො අදෙන්තො ආපජ්ජති නාම. අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං ගණ්හන්තො පටිග්ගණ්හන්තො ආපජ්ජති නාම. “න භික්ඛවෙ ඔවාදො න ගහෙතබ්බො”ති වචනතො ඔවාදං අගණ්හන්තො න පටිග්ගණ්හන්තො ආපජ්ජති නාම.
මෙහෙණක් තොමෝ ඉතා ගැඹුරු වූ උදකශුද්ධිකය ගන්නී ගනිමින් පැමිණෙන්නී නම. දුර්වණීකරණය නොදී චීවරපරිභොගය කරණුයේ නොගනිමින් පැමිණේ නම. මූග්රව්රතාදී තීර්ථකව්රතයන් සමාදන් වන්නේ සමාදන් වෙමින් පැමිණේ නම. පාරිවාසිකාදීහු තර්‍ජනීයාදි කර්ම කරණලද්දාහු හෝ තමන්ගේ ව්‍රතය සමාදන් නොවන්නාහු පැමිණෙත් නම. ඔවුන් සඳහා “අත්ථාපත්ති න සමාදියන්තො ආපජ්ජති”යි වදාරණ ලදී. නොනෑ මෙහෙණකගේ සිවුර මසන්නේ, වෙදකම්, ගිහින්ගේ බඩු තැන්පත් කොට තැබීම්, ස්ත්‍රී පුරුෂාදි ප්‍රතිභාන චිත්‍රකර්ම හෝ කරන්නේ කරමින් පැමිණේ නම. උපාද්ධ්‍යායවත් ආදිය නොකරන්නේ නොකරමින් පැමිණේ නම. නොනෑ මෙහෙණකට සිවුරක් දෙන්නේ දෙමින් පැමිණේ නම. සද්ධිවිහාරික- අන්තෙවාසිකයන්ට සිවුරු ආදිය නොදෙන්නේ නොදෙමින් පැමිණේ නම. නොනෑ මෙහෙණකගෙන් සිවුරක් ගන්නේ පිළිගනිමින් පැමිණේ නම. “න භික්ඛවෙ ඔවාදෙන ගහෙතබ්බො”යි වදාළ බැවින් අවවාද නොගන්නේ නොපිළිගණිමින් පැමිණේ නම.
නිස්සග්ගියවත්ථුං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජන්තො පරිභොගෙන ආපජ්ජති නාම. පඤ්චාහිකං සඞ්ඝාටිචාරං අතික්කාමයමානා අපරිභොගෙන ආපජ්ජති නාම. සහගාරසෙය්යං රත්තිං ආපජ්ජති නාම, නො දිවා, ද්වාරං අසංවරිත්වා පටිසල්ලීයන්තො දිවා ආපජ්ජති, නො රත්තිං. එකරත්තඡාරත්තසත්තාහදසාහමාසාතික්කමෙසු වුත්තආපත්තිං ආපජ්ජන්තො අරුණුග්ගෙ ආපජ්ජති නාම, පවාරෙත්වා භුඤ්ජන්තො න අරුණුග්ගෙ ආපජ්ජති නාම.
නිස්සග්ගිය වස්තුව නොනිසදා පරිභොග කරන්නේ පරිභොගයෙන් පැමිණේ නම. පස්දවසක් සඞ්ගාටිචාරය ඉක්මවන්නේ පරිභොග නොකිරීමෙන් පැමිණේ නම. සහගාරසෙය්යාවට රාත්‍රියෙහි පැමිණේ නම. දහවල නොපැමිණේ නම. දොර නොවසා සැතපෙන්නේ දහවල පැමිණේ නම. රාත්‍රියෙහි නොපැමිණේ නම. එක් රැයක් සරැයක් සත් දවසක් දසදවසක් මාසයක් ඉක්මීමෙහි කියනලද ඇවැතට පැමිණෙන්නේ අරුණකෙළවර පැමිණේ නම. පවරා බුදින්නේ අරුණ කෙළවර පැමිණේ නම.
භූතගාමඤ්චෙව අඞ්ගජාතඤ්ච ඡින්දන්තො ඡින්දන්තො ආපජ්ජති නාම, කෙසෙ වා නඛෙ වා න ඡින්දන්තො න ඡින්දන්තො ආපජ්ජති නාම. ආපත්තිං ඡාදෙන්තො ඡාදෙන්තො ආපජ්ජති නාම, “තිණෙන වා පණ්ණෙන වා පටිච්ඡාදෙත්වා ආගන්තබ්බං, නත්වෙව නග්ගෙන ආගන්තබ්බං, යො ආගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්සා”ති ඉමං පන ආපත්තිං න ඡාදෙන්තො ආපජ්ජති නාම. කුසචීරාදීනි ධාරෙන්තො ධාරෙන්තො ආපජ්ජති නාම, “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බො”ති ඉමං ආපත්තිං න ධාරෙන්තො ආපජ්ජති නාම.
භූතගාමයද අඞ්ගජාතයද සිඳින්නේ සිඳිමින් පැමිණේ නම. කෙසේ හෝ නිය හෝ නොසිඳින්නේ නොසිඳිමින් පැමිණේ නම. ඇවැත වසන්නේ වසමින් පැමිණේ නම. “තිණෙන වා පණ්ණෙනවා පටිච්ඡාදෙත්වා ආගන්තබ්බං, නත්වෙවනග්ගෙන ආගන්තබ්බං යො ආගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස” යන මේ ඇවැත නොවසන්නේ නොවසමින් පැමිණේ නම. කුසවැහැරිමුවා සිවුරු ආදිය දරන්නේ දරමින් පැමිණේ නම. “අයන්තෙ භික්ඛු පරිත්තා, යාව භෙදනාය ධාරෙතබ්බො” යන මේ ඇවැත නොදරන්නේ නොදරමින් පැමිණේ නම.
“අත්තනා වා අත්තානං නානාසංවාසකං කරොතී”ති එකසීමායං ද්වීසු සඞ්ඝෙසු නිසින්නෙසු එකස්මිං පක්ඛෙ නිසීදිත්වා පරපක්ඛස්ස ලද්ධිං ගණ්හන්තො යස්මිං පක්ඛෙ නිසින්නො තෙසං අත්තනාව අත්තානං නානාසංවාසකං කරොති නාම. යෙසං සන්තිකෙ නිසින්නො තෙසං ගණපූරකො හුත්වා කම්මං කොපෙති, ඉතරෙසං හත්ථපාසං අනාගතත්තා. සමානසංවාසකෙපි එසෙව නයො. යෙසඤ්හි සො ලද්ධිං රොචෙති, තෙසං සමානසංවාසකො හොති, ඉතරෙසං නානාසංවාසකො. සත්ත ආපත්තියො සත්ත ආපත්තික්ඛන්ධාති ආපජ්ජිතබ්බතො ආපත්තියො, රාසට්ඨෙන ඛන්ධාති එවං ද්වෙයෙව නාමානි හොන්තීති නාමවසෙන දුකං දස්සිතං. කම්මෙන වා සලාකග්ගාහෙන වාති එත්ථ උද්දෙසො චෙව කම්මඤ්ච එකං, වොහාරො චෙව අනුස්සාවනා ච සලාකග්ගාහො ච එකං, වොහාරානුස්සාවනසලාකග්ගාහා පුබ්බභාගා, කම්මඤ්චෙව උද්දෙසො ච පමාණං.
“අත්තනාව අත්තානං නානාසංවාසකං කරොති” යනු එක් සීමාවක සඞ්ඝයා දෙකොටසක්ව හුන්කල්හි එක් පක්ෂයෙක හිඳ පරපක්ෂය පිළිබඳ ලබ්ධිය ගණිමින් යම් පක්ෂයෙක හුන්නේද ඔවුන්ට තමාම තමන් නානාසංවාසක කෙරේ නම. යම්කෙනකුන්ගේ සමීපයෙහි හුන්නේද ඔවුන්ට ගණපූරයෙක්ව කර්මය කොප්‍යය කරයි. අන්‍යයන්ගේ අත්පසට නොපැමිණි බැවිනි. සමානසංවාසකයා කෙරෙහිද මෙම නයවේ. හෙතෙමේ යම් කෙනකුන්ගේ ලබ්ධිය රුචි කෙරේද, ඔවුන්ට සමානසංවාසක වේ. අන්‍යයන්ට නානාසංවාසක වේ. “සත්තාපත්තියො සත්තාපත්තික්ඛන්ධා” පැමිණිය යුතු බැවින් ආපත්තීහු නම. රාශ්යර්ත්ථයෙන් ස්කන්ධයෝයි. මෙසේ නම් දෙකක් වේයයි නාම වශයෙන් දෙකක් දක්වන ලදී. “කම්මෙන වා සලාකගාහෙනවා” යන මෙහි උද්දෙසයද කර්මයද එකෙක්මය. ව්‍යවහාරයට අනුශ්රාවණයද ශලාකග්රාහයද එකෙක්මය. ව්‍යවහාර අනුශ්‍රාවණ ශලාකග්රාහයෝය. පූර්වභාගයෝය. කර්මය හා උද්දෙසය ප්‍රමාණය.
අද්ධානහීනො නාම ඌනවීසතිවස්සො. අඞ්ගහීනො නාම හත්ථච්ඡින්නාදිභෙදො. වත්ථුවිපන්නො නාම පණ්ඩකො තිරච්ඡානගතො උභතොබ්යඤ්ජනකො ච. අවසෙසා ථෙය්යසංවාසකාදයො අට්ඨ අභබ්බපුග්ගලා කරණදුක්කටකා නාම. දුක්කටකිරියා දුක්කටකම්මා, ඉමස්මිංයෙව අත්තභාවෙ කතෙන අත්තනො කම්මෙන අභබ්බට්ඨානං පත්තාති අත්ථො. අපරිපූරො නාම අපරිපුණ්ණපත්තචීවරො. නො ච යාචති නාම උපසම්පදං න යාචති. අලජ්ජිස්ස ච බාලස්ස චාති අලජ්ජී සචෙපි තෙපිටකො හොති, බාලො ච සචෙපි සට්ඨිවස්සො හොති, උභොපි නිස්සාය න වත්ථබ්බං. බාලස්ස ච ලජ්ජිස්ස චාති එත්ථ බාලස්ස “ත්වං නිස්සයං ගණ්හා”ති ආණායපි නිස්සයො දාතබ්බො, ලජ්ජිස්ස පන යාචන්තස්සෙව. සාතිසාරන්ති සදොසං; යං අජ්ඣාචරන්තො ආපත්තිං ආපජ්ජති.
“අද්ධානහීනො” අද්ධානහීන නම් උනුවිසිවයස් ඇත්තේය. අඞ්ගහීන නම් හස්තච්ඡින්නාදිප්රභෙද ඇත්තේය. වස්තුවිපන්ත නම් පණ්ඩකය - තිරච්ඡානය - උභතොඛ්යඤ්ජනකය යන මොවුහුය. සෙසු ථෙය්යසංවාසකාදී වූ අටදෙන අභව්‍ය පුද්ගලයෝය. කරණ දුෂ්කෘතයෝ නම් දුෂ්කෘත ක්‍රියා ඇත්තාහුය. දුෂ්කෘත කර්ම ඇත්තාහුය. මේ අත්බැව්හිම කරණලද තමන්ගේ කර්මයෙන් අභව්යස්ථානයට පැමිණියෝයි යන අර්‍ත්‍ථයි. අපරිපූර නම් නොපිරිපුන් පාසිවුරු ඇත්තේය. නො ච යාචති නම් උපසම්පදාව යාඥා නොකරයි. “අලජ්ජිස්ස ච බාලස්ස ච” අලජ්ජි තෙමේ ඉදින් ත්රිපිටකධරවේද, බාල තෙමේත් ඉදින් සැටවයස් ඇත්තේ වේද, දෙදෙනම ඇසුරුකොට නොවිසිය යුතුය. “බාලස්ස ච ලජ්ජිස්ස ච යාචති” යන මෙහි නිසගන්නා විධි නොදත් බාලයාහට ‘තෝ නිසා ගණුව’යි ඇණවීමෙන්ද නිස දිය යුතුය. ලජ්ජිහට යාඥා කරත්ම නිස දියයුතුය. “සාතිසාරං” දොස් සහිතවූයේය. යම් ශික්ෂාවක් ඉක්මවා හැසිරෙන්නේ ඇවැතට පැමිණේද, හේය.
කායෙන පටික්කොසනා නාම හත්ථවිකාරාදීහි පටික්කොසනා. කායෙන පටිජානාතීති හත්ථවිකාරාදීහි පටිජානාති. උපඝාතිකා නාම උපඝාතා. සික්ඛූපඝාතිකා නාම සික්ඛූපඝාතො. භොගූපඝාතිකා නාම පරිභොගූපඝාතො, තත්ථ තිස්සො සික්ඛා අසික්ඛතො සික්ඛූපඝාතිකාති වෙදිතබ්බා. සඞ්ඝිකං වා පුග්ගලිකං වා දුප්පරිභොගං භුඤ්ජතො භොගූපඝාතිකාති වෙදිතබ්බා. ද්වෙ වෙනයිකාති ද්වෙ අත්ථා විනයසිද්ධා. පඤ්ඤත්තං නාම සකලෙ විනයපිටකෙ කප්පියාකප්පියවසෙන පඤ්ඤත්තං. පඤ්ඤත්තානුලොමං නාම චතූසු මහාපදෙසෙසු දට්ඨබ්බං. සෙතුඝාතොති පච්චයඝාතො; යෙන චිත්තෙන අකප්පියං කරෙය්ය, තස්ස චිත්තස්සාපි අනුප්පාදනන්ති අත්ථො. මත්තකාරිතාති මත්තාය පමාණෙන කරණං; පමාණෙ ඨානන්ති අත්ථො. කායෙන ආපජ්ජතීති කායද්වාරිකං කායෙන ආපජ්ජති; වචීද්වාරිකං වාචාය. කායෙන වුට්ඨාතීති තිණවත්ථාරකසමථෙ විනාපි දෙසනාය කායෙනෙව වුට්ඨාති; දෙසෙත්වා වුට්ඨහන්තො පන වාචාය වුට්ඨාති. අබ්භන්තරපරිභොගො නාම අජ්ඣොහරණපරිභොගො. බාහිරපරිභොගො නාම සීසමක්ඛනාදි.
කායෙන පටික්කොසනා නම් හස්තවිකාරාදියෙන් වැළැක්වීමයි. උපඝාතිකා නම් උපඝාතයෝය. සික්ඛූපඝාතිකා නම් ශික්ෂාඝාතනය කළෝය. භොගුපඝාතිකා නම් පරිභොගඝාතකයෝය. එහි ත්‍රිවිධ ශික්ෂාවෙහි නොහික්මීමෙන් සික්ඛූපඝාතිකහයි දතයුතුය. සඞ්ඝිකයක් හෝ පෞද්ගලිකයක් හෝ නින්දිතපරිභොගයක් කොට පරිභොග කිරීමෙන් භොගූපඝාතිකහයි දතයුතුය. ද්වවෙනයිකා අර්ත්ථ දෙකක් විනයෙහි සිද්ධය. පඤ්ඤත්ත නම් සියලු විනය පිටකයෙහි කැප නොකැප වසයෙන් පණවන ලද්දේය. පඤ්ඤත්තානුලොම නම් සිවුවැදෑරුම් වූ මහා ප්‍රදේශයන්හි දතයුතුය. “සෙතුඝාතො” ප්රත්යයඝාතනයයි. යම් සිතකින් යුක්තව අකැපය කරන්නේද, ඒ සිතෙහි නොඉපැත්මය යන අර්‍ත්‍ථයි. “මත්තකාරිතා” මාත්‍රයෙන් ප්‍රමාණයෙන් කිරීමය. පමණෙහි සිටීමය යන අර්‍ත්‍ථයි. “කායෙන ආපජ්ජති” කායද්වාරිකයට කයින් පැමිණේ. වාග්ද්වාරිකයට වචනයෙන් පැමිණේ. “කායෙන උට්ඨාති” තිණවත්ථාරක සමථයෙහි දෙශනාවෙන් වෙන්වද කයින්ම උට්ඨානය වේ. දෙසා නැගිටින්නේ වනාහි වචනයෙන් නැගී සිටියි. අබ්භන්තරපරිභොග නම් අනුභව කරණපරිභොගයයි. බාහිර පරිභොග නම් හිසගෑම් ආදියයි.
අනාගතං භාරං වහතීති අථෙරොව සමානො ථෙරෙහි වහිතබ්බං බීජනගාහධම්මජ්ඣෙසනාදිභාරං වහති; තං නිත්ථරිතුං වීරියං ආරභති. ආගතං භාරං න වහතීති ථෙරො ථෙරකිච්චං න කරොති, “අනුජානාමි භික්ඛවෙ ථෙරෙන භික්ඛුනා සාමං වා ධම්මං භාසිතුං, පරං වා අජ්ඣෙසිතුං, අනුජානාමි භික්ඛවෙ ථෙරාධෙය්යං පාතිමොක්ඛ”න්ති එවමාදි සබ්බං පරිහාපෙතීති අත්ථො. න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායතීති න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායිත්වා කරොති. කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායතීති කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායිත්වා කරොති. එතෙසං ද්වින්නං දිවා ච රත්තො ච ආසවා වඩ්ඪන්තීති අත්ථො. අනන්තරදුකෙපි වුත්තපටිපක්ඛවසෙන අත්ථො වෙදිතබ්බො. සෙසං තත්ථ තත්ථ වුත්තනයත්තා උත්තානමෙවාති.
“අනාගතං භාරං වහති” ස්ථවිර නොවූයේ තෙරුන් විසින් ඉසිලියයුතු විජනග්රාහකධර්මජ්ඣෙසනාවූ බර උසුලයි. එය නිත්ථරණය කරන්නට වැර අරඹයි. “ආගතං භාරං න වහති” ස්ථවිරතෙමේ ස්ථවිර කෘත්‍යය නොකරයි. “අනුජානාමි භික්ඛවෙ ථෙරෙන භික්ඛුනා සාමං වා ධම්මං භාසිතුං, පරං වා අජ්ඣෙසිතුං” “අනුජානාමි භික්ඛවෙ ථෙරාධෙය්යං පාතිමොක්ඛං” යන මේ සියල්ල පිරිහෙලයි යන අර්‍ත්‍ථයි. “න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති” කුකුස් කටයුත්ත කුකුස් නොකොට කරයි. මේ දෙදෙනාහට දහවල්හිද රාත්‍රියෙහිද ආස්‍රවයෝ වැඩෙත්, යන අර්‍ත්‍ථයි. අනතුරු දුකයෙහිද උක්තවිපක්ෂ වශයෙන් අර්ත්ථය දතයුතුය. සෙස්ස ඒ ඒ තන්හි කියූ නය ඇති බැවින් ප්‍රකටමය.
දුකවාරවණ්ණනා නිට්ඨිතා.
දුක වර්ණනාව නිමි.