දුකං
දුකං
දුකය
1. අත්‍ථාපත‍්ති සඤ‍්ඤාවිමොක‍්ඛා, අත්‍ථාපත‍්ති නො සඤ‍්ඤාවිමොක‍්ඛා.
1. සංඥා විමෝක්‍ෂ ඇවැත් ඇත, සංඥා විමෝක්‍ෂ නොවූ ඇවැත් ඇති.
අත්‍ථාපත‍්ති ලද‍්ධසමාපත‍්තිකස‍්ස, අත්‍ථාපත‍්ති න ලද‍්ධසමාපත‍්තිකස‍්ස.
ලබ්ධසමාපත්තිකයාහට ආපත්තියෙක් ඇත, අලබ්ධසමාපත්තිකයාහට ආපත්තියෙක් ඇති.
අත්‍ථාපත‍්ති සද‍්ධම‍්මපටිසඤ‍්ඤුත‍්තා, අත්‍ථාපත‍්ති අසද‍්ධම‍්මපටිසඤ‍්ඤුත‍්තා.
සද්ධර්‍ම ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, අසද්ධර්‍ම ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
අත්‍ථාපත‍්ති සපරික‍්ඛාරපටිසඤ‍්ඤුත‍්තා, අත්‍ථාපත‍්ති පරපරික‍්ඛාරපටිසඤ‍්ඤුත‍්තා.
ස්වපරිෂ්කාර ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, පරපරිෂ්කාර ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
අත්‍ථාපත‍්ති සපුග‍්ගලපටිසඤ‍්ඤුත‍්තා, අත්‍ථාපත‍්ති පරපුග‍්ගලපටිසඤ‍්ඤුත‍්තා.
ස්වපුද්ගල ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇත, පරපුද්ගල ප්‍රතිසංයුක්තාපත්තියෙක් ඇති.
අත්‍ථි සච‍්චං භණන‍්තො ගරුකං ආපත‍්තිං ආපජ‍්ජති, අත්‍ථි සච‍්චං භණන‍්තො ලහුකං ආපත‍්තිං ආපජ‍්ජති.
සත්‍යය කියමින් ගරු ඇවැතට පැමිණීමෙක් ඇත, සත්‍යය කියමින් ලුහු ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථි මුසා භණන‍්තො ගරුකං ආපත‍්තිං ආපජ‍්ජති, අත්‍ථි මුසා භණන‍්තො ලහුකං ආපත‍්තිං ආපජ‍්ජති.
මුසා බෙණෙමින් ගරු ඇවැතට පැමිණීමෙක් ඇත, මුසා බෙණෙමින් ලහු ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති භූමිගතො ආපජ‍්ජති නො වෙහාසගතො, අත්‍ථාපත‍්ති වෙහාසගතො ආපජ‍්ජති නො භූමිගතො.
අහස්ගත නො වැ භූමිගත වැ ඇවැතට පැමිණීමෙක් ඇත, භූමිගත නො වැ අහස්ගත වැ ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති නික‍්ඛමන‍්තො ආපජ‍්ජති නො පවිසන‍්තො, අත්‍ථාපත‍්ති පවිසන‍්තො ආපජ‍්ජති නො නික‍්ඛමන‍්තො.
පිවිසෙමින් නො වැ නික්මෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නික්මෙමින් නො වැ පිවිසෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති ආදියන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති අනාදියන‍්තො ආපජ‍්ජති.
ගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො ගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති සමාදියන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න සමාදියන‍්තො ආපජ‍්ජති.
සමාදන් වෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො සමාදන් වෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති කරොන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න කරොන‍්තො ආපජ‍්ජති.
කරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො කරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති දෙන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න දෙන‍්තො ආපජ‍්ජති.
දෙමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නොදෙමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති දෙසෙන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න දෙසෙන‍්තො ආපජ‍්ජති.
දෙසමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො දෙසමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති පටිගණ‍්හන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න පටිගණ‍්හන‍්තො ආපජ‍්ජති.
පිළිගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො පිළිගණිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති පරිභොගෙන ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න පරිභොගෙන ආපජ‍්ජති.
පරිභෝගයෙන් ඇවැතට පැමිණීමෙක් ඇත, අපරිභෝගයෙන් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති රත‍්තිං ආපජ‍්ජති නො දිවා, අත්‍ථාපත‍්ති දිවා ආපජ‍්ජති නො රත‍්තිං.
දහවල් නො වැ රාත්‍රියෙහි ඇවැතට පැමිණීමෙක් ඇත, රාත්‍රියෙහි නො වැ දහවල්හි ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති අරුණුග‍්ගෙ ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න අරුණුග‍්ගෙ ආපජ‍්ජති.
අරුණ නැඟීමෙහි ඇවැතට පැමිණීමෙක් ඇත, අරුණ නො නැඟීමෙහි ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති ඡින්‍දන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න ඡින්‍දන‍්තො ආපජ‍්ජති.
සිඳිමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො සිඳිමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති ඡාදෙන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න ඡාදෙන‍්තො ආපජ‍්ජති.
පිළිසන් කරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, පිළිසන් නො කරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
අත්‍ථාපත‍්ති ධාරෙන‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති න ධාරෙන‍්තො ආපජ‍්ජති.
දරමින් ඇවැතට පැමිණීමෙක් ඇත, නො දරමින් ඇවැතට පැමිණීමෙක් ඇති.
2. ද‍්වෙ උපොසථා : චාතුද‍්දසිකො ච පණ‍්ණරසිකො ච.
2. චාතුද්දසී යැ, පණ්ණරසී යැයි පොහෝ දෙකෙකි.
ද‍්වෙ පවාරණා : චාතුද‍්දසිකො ච පණ‍්ණරසිකො ච.
චාතුද්දසී යැ පණ්ණරසී යැ යි පවාරණ දෙකෙකි.
ද‍්වෙ කම‍්මානි : අපලොකනකම‍්මං, ඤත‍්තිකම‍්මං. අපරානිපි ද‍්වෙ කම‍්මානි : ඤත‍්තිදුතියකම‍්මං, ඤත‍්තිචතුත්‍ථකම‍්මං.
අපලෝකන කර්‍ම යැ ඤත්තිකර්‍ම යැයි කර්‍ම දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍ම යැ ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි අන්‍යවූ ද කර්‍ම දෙකෙකි.
ද‍්වෙ කම‍්මවත්‍ථූනි : අපලොකනකම‍්මස‍්ස වත්‍ථු, ඤත‍්තිකම‍්මස‍්ස වත්‍ථු. අපරානිපි ද‍්වෙ කම‍්මවත්‍ථූනි : ඤත‍්තිදුතියකම‍්මස‍්ස වත්‍ථු, ඤත‍්තිචතුත්‍ථකම‍්මස‍්ස වත්‍ථු.
අපලෝකන කර්‍මය පිළිබඳ වස්තු යැ, ඤත්ති කර්‍මය පිළිබඳ වස්තු යැ යි කර්‍ම වස්තු දෙකෙකැ. ඤත්ති දුතිය කර්‍මය පිළිබඳ වස්තු යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ වස්තු යැයි අන්‍යවූ ද කර්‍ම වස්තු දෙකෙකි.
ද‍්වෙ කම‍්මදොසා : අපලොකනකම‍්මස‍්ස දොසො, ඤත‍්තිකම‍්මස‍්ස දොසො. අපරෙපි ද‍්වෙ කම‍්මදොසා : ඤත‍්තිදුතියකම‍්මස‍්ස දොසො, ඤත‍්තිචතුත්‍ථකම‍්මස‍්ස දොසො.
අපලෝකන කර්‍මය පිළිබඳ දෝෂ යැ, ඤත්ති කර්‍මය පිළිබඳ දෝෂ යැ යි කර්‍ම දෝෂ දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍මය පිළිබඳ දෝෂ යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ දෝෂ යැ යි අන්‍යවූ ද කර්‍ම දෝෂ දෙකෙකි.
ද‍්වෙ කම‍්මසම‍්පත‍්තියො : අපලොකනකම‍්මස‍්ස සම‍්පත‍්ති, ඤත‍්තිකම‍්මස‍්ස සම‍්පත‍්ති. අපරාපි ද‍්වෙ කම‍්මසම‍්පත‍්තියො : ඤත‍්තිදුතියකම‍්මස‍්ස සම‍්පත‍්ති, ඤත‍්තිචතුත්‍ථකම‍්මස‍්ස සම‍්පත‍්ති.
අපලෝකන කර්‍මය පිළිබඳ සම්පත්ති යැ, ඤත්ති කර්‍මය පිළිබඳ සම්පත්ති යැ යි කර්‍ම සම්පත්ති දෙකෙකැ. ඤත්තිදුතිය කර්‍මය පිළිබඳ සම්පත්ති යැ, ඤත්තිචතුත්‍ථ කර්‍මය පිළිබඳ සම්පත්ති යැයි අන්‍යවූ ද කර්‍ම සම්පත්ති දෙකෙකි.
ද‍්වෙ නානාසංවාසකභූමියො : අත‍්තනාව අත‍්තානං නානාසංවාසකං කරොති, සමග‍්ගො වා නං සඞ‍්ඝො උක‍්ඛිපති අදස‍්සනෙ වා අප‍්පටිකම‍්මෙ වා අප‍්පටිනිස‍්සග‍්ගෙ වා.
තෙමේ හෝ තමා නානාසංවාසකයකු කෙරේ ද, සමග සඞ්ඝ තෙමේ හෝ ඔහුට (ඇවැත) නො දැක්මෙහි හෝ (ඇවැතට) පිළියම් නොකිරීමෙහි හෝ (ලාමක දෘෂ්ටිය) බැහැරැ නො කිරීමෙහි හෝ උකෙවුනීකම් කෙරේදැයි නානාසංවාසක භූමීහු දෙදෙනෙකි.
ද‍්වෙ සමානසංවාසකභූමියො : අත‍්තනාව අත‍්තානං සමානසංවාසකං කරොති, සමග‍්ගො වා නං සඞ‍්ඝො උක‍්ඛිත‍්තං ඔසාරෙති දස‍්සනෙ වා පටිකම‍්මෙ වා පටිනිස‍්සග‍්ගෙ වා.
තෙමේ හෝ තමා සමාන සංවාසකයකු කෙරේ ද, සමග සඞ්ඝ තෙමේ හෝ (ඇවැත) දැක්මෙහි හෝ (ඇවැතට) පිළියම් කිරීමෙහි හෝ (ලාමක දෘෂ්ටිය) බැහැරැ ලීමෙහි හෝ උකෙවුනීකම් කළ ඔහු ඇතුළත්කර ගණී දැයි සමාන සංවාසක භූමීහු දෙදෙනෙකි.
ද‍්වෙ පාරාජිකා : භික‍්ඛූනඤ‍්ච භික‍්ඛුනීනඤ‍්ච. ද‍්වෙ සඞ‍්ඝාදිසෙසා -පෙ- ද‍්වෙ ථුල‍්ලච‍්චයා -පෙ- ද‍්වෙ පාචිත‍්තියා -පෙ- ද‍්වෙ පාටිදෙසනීයා -පෙ- ද‍්වෙ දුක‍්කටා -පෙ- ද‍්වෙ දුබ‍්භාසිතා භික‍්ඛූනඤ‍්ච භික‍්ඛුනීනඤ‍්ච.
භික්‍ෂූන් පිළිබඳ වූ ද භික්‍ෂූණීන් පිළිබඳ වූ දැයි පරිජි දෙකෙකි. ... සඟවෙසෙස් දෙකෙකි. ... ථුලැසි දෙකෙකි ... . පචිති දෙකෙකි. ... පිළිදෙස්නී දෙකෙකි. ... දුකුළා දෙකෙකි. භික්‍ෂූන් පිළිබඳවූ ද භික්‍ෂූණීන් පිළිබඳවූ ද දුබැසි දෙකෙකි,
සත‍්ත ආපත‍්තියො, සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා.
ඇවැත් සතෙකි. ඇවැත් කඳු සතෙකි.
ද‍්වීහාකාරෙහි සඞ‍්ඝො භිජ‍්ජති : කම‍්මෙන වා, සලාකගාහෙන වා.
කර්‍මයෙන් හෝ ලභ ගැන්මෙන් හෝ යන දෙඅයුරින් සඞ්ඝ තෙමේ බිඳේ.
3. ද‍්වෙ පුග‍්ගලා න උපසම‍්පාදෙතබ‍්බා : අද‍්ධානහීනො අඞ‍්ගහීනො. අපරෙපි ද‍්වෙ පුග‍්ගලා න උපසම‍්පාදෙතබ‍්බා : වත්‍ථුවිපන‍්නො, කරණදුක‍්කටකො. අපරෙපි ද‍්වෙ පුග‍්ගලා න උපසම‍්පාදෙතබ‍්බා : අපරිපූරො පරිපූරො නො ච යාචති.
3. අද්ධානහීන (උනුවිසිවස් ඇති) යැ, අඞ්ගහීන යැ යන පුඟුල්හු දෙදෙන උපසපන් නො කටයුත්තාහ, වස්තුවිපන්න යැ, කරණ දුෂ්කෘතක යැයි අන්‍යවූ පුඟුල් හු දෙදෙන ද උපසපන් නොකටයුත්තාහ, පිරිපුන් පා සිවුරු නැත්තේ ද, පිරිපුන් වැ (උපසපුව) නො යදනේ දැයි අන්‍ය වූ පුද්ගලයෝ දෙදෙන ද උපසපන් නො කටයුත්තාහ.
ද‍්වින‍්නං පුග‍්ගලානං නිස‍්සාය න වත්‍ථබ‍්බං : අලජ‍්ජිස‍්ස ච බාලස‍්ස ච.
අලජ්ජියා, ද අඥානයා දැයි දෙ පුඟුලන් ඇසුරු කොට නො විසිය යුතු යැ.
ද‍්වින‍්නං පුග‍්ගලානං නිස‍්සයො න දාතබ‍්බො : අලජ‍්ජිස‍්ස ච ලජ‍්ජිනො ච න යාචති.
අලජ්ජියාහට ද, ලජ්ජි නමුදු නො යදනහුට දැයි දෙදෙනාහට නිස නො දිය යුතු.
ද‍්වින‍්නං පුග‍්ගලානං නිස‍්සයො දාතබ‍්බො : බාලස‍්ස ච ලජ‍්ජිස‍්ස ච යාචති.
බාලයාහට ද, ඇයැදුම් ඇති ලජ්ජියාහට දැයි දෙදෙනාහට නිස දිය යුතු.
ද‍්වෙ පුග‍්ගලා අභබ‍්බා ආපත‍්තිං ආපජ‍්ජිතුං : බුද‍්ධා ච. පච‍්චෙකබුද‍්ධා ච.
බුදුහු ද, පසේබුදුහු දැයි දෙපුඟුල්හු ඇවැත් අවදනට නො නිස්සහ.
ද‍්වෙ පුග‍්ගලා භබ‍්බා ආපත‍්තිං ආපජ‍්ජිතුං : භික‍්ඛූ ච භික‍්ඛුනියො ච.
භික්‍ෂුහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු ඇවැත් අවදනට නිස්සහ.
ද‍්වෙ පුග‍්ගලා අභබ‍්බා සඤ‍්චිච‍්ච ආපත‍්තිං ආපජ‍්ජිතුං : භික‍්ඛූ ච භික‍්ඛුනියො ච අරියපුග‍්ගලා.
ආර්‍ය්‍ය පුද්ගල වූ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන ඇවැත් අවදනට නො නිස්සහ.
ද‍්වෙ පුග‍්ගලා භබ‍්බා සඤ‍්චිච‍්ච ආපත‍්තිං ආපජ‍්ජිතුං : භික‍්ඛූ ච භික‍්ඛුනියො ච පුථුජ‍්ජනා.
පුහුදුන් වූ භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන ඇවැත් අවදනට නිස්සහ.
ද‍්වෙ පුග‍්ගලා අභබ‍්බා සඤ‍්චිච‍්ච සාතිසාරං වත්‍ථුං අජ‍්ඣාචරිතුං : භික‍්ඛූ ච භික‍්ඛුනියො ච අරියපුග‍්ගලා.
ආර්‍ය්‍ය පුද්ගල වූ භික්‍ෂුහු ද, භික්‍ෂුණීහු දැයි දෙපුඟුල්හු දැන දැන සදොස් කරුණක් කරන්නට නො නිස්සහ.
ද‍්වෙ පුග‍්ගලා භබ‍්බා සඤ‍්චිච‍්ච සාතිසාරං වත්‍ථුං අජ‍්ඣාචරිතුං : භික‍්ඛූ ච භික‍්ඛුනියො ච පුථුජ‍්ජනා.
පුහුදුන් වූ භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු දැයි දෙ පුඟුල්හු දැන දැන සදොස් කරුණක් කරන්නට නිස්සහ.
ද‍්වෙ පටික‍්කොසා : කායෙන වා පටික‍්කොසති, වාචාය වා පටික‍්කොසති.
කයින් හෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙයි, වචනයෙන් හෝ ප්‍රතික්‍රෝෂණය කෙරේ යැයි ප්‍රතික්‍රෝෂණය දෙකෙකි.
ද‍්වෙ නිස‍්සාරණා : අත්‍ථි පුග‍්ගලො අප‍්පත‍්තො නිස‍්සාරණං තඤ‍්චෙ සඞ‍්ඝො නිස‍්සාරෙති, එකච‍්චො සුනිස‍්සාරිතො, එකච‍්චො දුන‍්නිස‍්සාරිතො.
නිස්සාරණයට අප්‍රාප්ත පුද්ගලයෙක් ඇත. ඉදින් සඟහු ඔහු නිස්සාරණය (බැහැර කිරීම) කෙරෙත් නම් එකෙක් සුනිස්සාරිත යැ, එකෙක් දුන්නිස්සාරිත යැයි නිස්සාරණ දෙකෙකි.
ද‍්වෙ ඔසාරණා : අත්‍ථි පුග‍්ගලො අප‍්පත‍්තො ඔසාරණං තඤ‍්චෙ සඞ‍්ඝො ඔසාරෙති, එකච‍්චො සොසාරිතො, එකච‍්චො දොසාරිතො.
ඔසාරණ කර්‍මයට අප්‍රාප්ත පුද්ගලයෙක් ඇත. ඉදින් සඟහු ඔහු ඔසාරණය (ඇතුළත් කරගැන්ම) කෙරෙත් නම් එකෙක් සොසාරිත යැ, එකෙක් දෝසාරිත යැයි ඔසාරණ දෙකෙකි.
ද‍්වෙ පටිඤ‍්ඤා : කායෙන වා පටිජානාති වාචාය වා පටිජානාති.
කයින් හෝ ප්‍රතිඥා කෙරෙයි, වචනයෙන් හෝ ප්‍රතිඥා කෙරේ යැයි ප්‍රතිඥා දෙකෙකි.
ද‍්වෙ පටිග‍්ගහා : කායෙන වා පටිගණ‍්හාති, කායපටිබද‍්ධෙන වා පටිගණ‍්හාති.
කයින් හෝ පිළිගණියි, කයපිළිබැඳියකින් හෝ පිළිගණී යැයි පිළිගැණීම් දෙකෙකි.
ද‍්වෙ පටික‍්ඛෙපා : කායෙන වා පටික‍්ඛිපති වාචාය වා පටික‍්ඛිපති.
කයින් හෝ පිළිකෙවු කෙරෙයි, වචනයෙන් හෝ පිළිකෙවු කෙරේ යැයි පිළිකෙවු කිරීම් දෙකෙකි.
ද‍්වෙ උපඝාතිකා : සික‍්ඛූපඝාතිකා ච භොගූපඝාතිකා ච.
ශික්‍ෂොපඝතික යැ භෝගොපඝාතික යැයි උපඝාතිකයෝ දෙදෙනෙකි.
ද‍්වෙ චොදනා : කායෙන වා චොදෙති, වාචාය වා චොදෙති.
කයින් හෝ චෝදනා කෙරෙයි, වචනයෙන් හෝ චෝදනා කෙරේ යැයි චෝදනා දෙකෙකි.
4. ද‍්වෙ කඨිනස‍්ස පලිබොධා : ආවාසපලිබොධො ච චීවරපලිබොධො ච.
4. ආවාසපළිබෝධ යැ, චීවරපළිබොධ යැ යි කඨිනය පිළිබඳ පළිබෝධ දෙකෙකි.
ද‍්වෙ කඨිනස‍්ස අපලිබොධා : ආවාස අපලිබොධො ච චීවරඅපලිබොධො ච.
ආවාසපළිබෝධාභාවයැ, චීවරපළිබොධාභාව යැයි කඨිනය පිළිබඳ පළිබෝධාභාව දෙකෙකි.
ද‍්වෙ චීවරානි : ගහපතිකඤ‍්ච පංසුකූලඤ‍්ච.
ගෘහපතික යැ, පාංශුකූලික යැයි සිවුරු දෙකෙකි.
ද‍්වෙ පත‍්තා : අයොපත‍්තො මත‍්තිකා පත‍්තො.
අයඃපාතූ යැ, මෘත්පාත්‍ර යැයි පාත්‍ර දෙකෙකි.
ද‍්වෙ මණ‍්ඩලානි : තිපුමයං සීසමයං.
ඊයම්මුවා යැ, කලුතුඹමුවා යැ යි පාමඬුලු (පාත්‍ර අඩි) දෙකෙකි.
ද‍්වෙ පත‍්තස‍්ස අධිට‍්ඨානා : කායෙන වා අධිට‍්ඨෙති, වාචාය වා අධිට‍්ඨෙති.
කයින් හෝ ඉටයි, වචනයෙන් හෝ ඉටා යැයි පාත්‍රය පිළිබඳ ඉටීම් දෙකෙකි.
ද‍්වෙ චීවරස‍්ස අධිට‍්ඨානා : කායෙන වා අධිට‍්ඨෙති, වාචාය වා අධිට‍්ඨෙති.
කයින් හෝ ඉටයි, වචනයෙන් හෝ ඉටා යැ යි සිවුර පිළිබඳ ඉටීම් දෙකෙකි.
ද‍්වෙ විකප‍්පනා : සම‍්මුඛාවිකප‍්පනා ච පරම‍්මුඛාවිකප‍්පනා ච.
හමුවෙහි විකැපීම යැ, නො හමුවෙහි විකැපීම යැ යි විකැපුම් දෙකෙකි.
5. ද‍්වෙ විනයා : භික‍්ඛූනඤ‍්ච භික‍්ඛුනීනඤ‍්ච.
5. භික්‍ෂූන් පිළිබඳවූ ද, භික්‍ෂුණීන් පිළිබඳවූ ද විනය දෙකෙකි.
ද‍්වෙ වෙනයිකා : පඤ‍්ඤත‍්තඤ‍්ච පඤ‍්ඤත‍්තානුලොමඤ‍්ච.
ප්‍රඥප්ත යැ, ප්‍රඥප්තානුලෝම යැ යි විනයෙහි සිද්ධ වූ අර්‍ත්‍ථ දෙකෙකි.
ද‍්වෙ විනයස‍්ස සල‍්ලෙඛා : අකප‍්පියෙ සෙතුඝාතො, කප‍්පියෙ මත‍්තකාරිතා.
අකැපයෙහි හේතු නැසීම යැ, කැපයෙහි පමණ දැන කිරීම යැ යි විනයසල්ලෙඛ දෙකෙකි.
ද‍්වීහාකාරෙහි ආපත‍්තිං ආපජ‍්ජති : කායෙන වා ආපජ‍්ජති වාචාය වා ආපජ‍්ජති.
කයින් හෝ පැමිණෙයි, වචනයෙන් හෝ පැමිණේ යැයි දෙ අයුරින් ඇවැතට පැමිණේ.
ද‍්වීහාකාරෙහි ආපත‍්තියා වුට‍්ඨාති : කායෙන වා වුට‍්ඨාති, වාචාය වා වුට‍්ඨාති.
කයින් හෝ නැඟී සිටියි, වචනයෙන් හෝ නැඟී සිටී යැයි දෙ අයුරින් ඇවැතින් නැඟී සිටී.
ද‍්වෙ පරිවාසා : පටිච‍්ඡන‍්නපරිවාසො අපටිච‍්ඡන‍්නපරිවාසො, අපරෙපි ද‍්වෙ පරිවාසා : සුද‍්ධන‍්තපරිවාසො සමොධානපරිවාසො.
ප්‍රතිච්ඡන්නපරිවාස යැ, අප්‍රතිච්ඡන්නපරිවාස යැයි පිරිවෙස් දෙකෙකැ. සුද්ධන්තපරිවාස යැ, සමෝධානපරිවාස යැයි අනෙකුදු පිරිවෙස් දෙකෙකි.
ද‍්වෙ මානත‍්තා : පටිච‍්ඡන‍්නමානත‍්තං අපටිච‍්ඡන‍්නමානත‍්තං. අපරෙපි ද‍්වෙ මානත‍්තා : පක‍්ඛමානත‍්තං සමොධානමානත‍්තං.
ප්‍රතිච්ඡන්නමානත්ත යැ අප්‍රතිච්ඡන්නමානත්ත යැයි මානත් දෙකෙකැ. පක්ඛමානත්ත යැ, සමෝධානමානත්ත යැයි අනෙකුදු මානත් දෙකෙකි.
ද‍්වින‍්නං පුග‍්ගලානං රත‍්තිච‍්ඡෙදො : පාරිවාසිකස‍්ස ච මානත‍්තචාරිකස‍්ස ච.
පිරිවෙස් පුරන්නාගේ ද, මානතැ හැසිරෙන්නාගේ දැයි දෙ පුඟුලන්ගේ රාත්‍රිච්ඡේදය වෙයි.
ද‍්වෙ අනාදරියානි : පුග‍්ගලඅනාදරියඤ‍්ච ධම‍්මඅනාදරියඤ‍්ච.
පුඟුලා කෙරෙහි අනදරබව ද දහම්හි අනදරබව දැයි අනදර බැව් දෙකෙකි.
6. ද‍්වෙ ලොණානි : ජාතිමඤ‍්ච කාරිමඤ‍්ච, අපරානිපි ද‍්වෙ ලොණානි : සාමුද‍්දං කාළලොණං. අපරානිපි ද‍්වෙ ලොණානි : සින්‍ධවං, උබ‍්භිදං. අපරානිපි ද‍්වෙ ලොණානි : රොමකං පක‍්කාලකං.
6. ස්වයංජාත යැ, කෘත්‍රිම යැයි ලුණු දෙකෙකැ. මුහුදු ලුණු යැ, බළල්ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකැ. සිඳු ලුණු යැ, වැලිගැරූ ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකැ. රෝම ලුණු යැ, යවකාර ලුණු යැයි අනෙකුදු ලුණු දෙකෙකි.
ද‍්වෙ පරිභොගා : අබ‍්භන‍්තරපරිභොගො ච බාහිරපරිභොගො ච.
අභ්‍යන්තර පරිභෝග යැ, බාහිර පරිභෝග යැයි පරිභෝග දෙකෙකි.
ද‍්වෙ අක‍්කොසා : හීනො ච අක‍්කොසො උක‍්කට‍්ඨො ච අක‍්කොසො.
හීනාක්‍රෝශ යැ, උත්කෘෂ්ටාකොශ යැයි ආක්‍රෝශ දෙකෙකි.
ද‍්වීහාකාරෙහි පෙසුඤ‍්ඤං හොති : පියකම්‍යස‍්ස වා භෙදාධිප‍්පායස‍්ස වා.
ප්‍රිය බව කරණු කැමැතියාහට හෝ බිඳවීම් අදහස් ඇතියාහට හෝ යන දෙ අයුරින් කේලාම් කීම වෙයි.
ද‍්වීහාකාරෙහි ගණභොජනං පසවති : නිමන‍්තනතො වා විඤ‍්ඤත‍්තිතො වා.
නිමන්ත්‍රණයෙන් හෝ විඥප්තියෙන් හෝ යන දෙ අයුරින් ගණභෝජනය දනවයි.
7. ද‍්වෙ වස‍්සූපනායිකා : පුරිමිකා ච පච‍්ඡිමිකා ච.
7. පෙරවස් එළැඹීම යැ, පසුවස් එළැඹීම යැයි වස් එළැඹීම් දෙකෙකි.
ද‍්වෙ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.
නො දැහැමි පාමොක් තැබීම් දෙකෙකැ.
ද‍්වෙ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.
දැහැමි පාමොක් තැබීම් දෙකෙකි,
8. ද‍්වෙ පුග‍්ගලා බාලා : යො ච අනාගතං භාරං වහති, යො ච ආගතං භාරං න වහති. ද‍්වෙ පුග‍්ගලා පණ‍්ඩිතා : යො ච අනාගතං භාරං න වහති, යො ච ආගතං භාරං වහති.
8. යමෙකුත් නො පැමිණි බර උසුලයි ද යමෙකුත් පැමිණි බර නො උසුලයි දැයි (මේ) පුද්ගලයෝ දෙදෙන බාලයෝ යි. යමෙකුත් නො පැමිණි බර නො උසුලයි ද යමෙකුත් පැමිණි බර උසුලයි ද (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
අපරෙපි ද‍්වෙ පුග‍්ගලා බාලා : යො ච අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී. ද‍්වෙ පුග‍්ගලා පණ‍්ඩිතා : යො ච අකප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ කප‍්පිය සඤ‍්ඤී.
යමෙකුත් නො කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි අකැපැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝයි. යමෙකුත් නො කැපයෙහි අකැපැ යි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යන පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
අපරෙපි ද‍්වෙ පුග‍්ගලා බාලා : යො ච අනාපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤී, යො ච ආපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී. ද‍්වෙ පුග‍්ගලා පණ‍්ඩිතා : යො ච ආපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤී, යො ච අනාපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී.
යමෙකුත් නො ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් නො ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද යන (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
අපරෙපි ද‍්වෙ පුග‍්ගලා බාලා : යො ච අධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී. ද‍්වෙ පුග‍්ගලා පණ‍්ඩිතා : යො ච අධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී.
යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මයැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් අධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යන පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
අපරෙපි ද‍්වෙ පුග‍්ගලා බාලා : යො ච අවිනයෙ විනයසඤ‍්ඤී, යො ච විනයෙ අවිනයසඤ‍්ඤී. ද‍්වෙ පුග‍්ගලා පණ‍්ඩිතා : යො ච අවිනයෙ අවිනයසඤ‍්ඤී, යො ච විනයෙ විනයසඤ‍්ඤී.
යමෙකුත් අවිනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යන අන්‍ය වූ ද පුද්ගලයෝ දෙදෙනෙක් බාලයෝ යි. යමෙකුත් අවිනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද (මේ) පුද්ගලයෝ දෙදෙන පණ්ඩිතයෝ යි.
9. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා වඩ‍්ඪන‍්ති : යො ච න කුක‍්කුච‍්චායිතබ‍්බං කුක‍්කුච‍්චායති, යො ච කුක‍්කුච‍්චායිතබ‍්බං න කුක‍්කුච‍්චායති. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා න වඩ‍්ඪන‍්ති : යො ච කුක‍්කුච‍්චායිතබ‍්බං න කුක‍්කුච‍්චායති යො ච කුක‍්කුච‍්චායිතබ‍්බං කුක‍්කුච‍්චායති.
9. යමෙකුත් කුකුස් නො කටයුත්තෙහි කුකුස් කෙරේ ද, යමෙකුත් කුකුස් කටයුත්තෙහි කුකුස් නො කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් කුකුස් නො කටයුත්තෙහි කුකුස් නො කෙරේ ද, යමෙකුත් කුකුස්කටයුත්තෙහි කුකුස් කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
අපරෙසම‍්පි ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා වඩ‍්ඪන‍්ති : යො ච අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා න වඩ‍්ඪන‍්ති : යො ච අකප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී, යො ච කප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී.
යමෙකුත් නො කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි නො කැපැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් නො කැපයෙහි නො කැපැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් කැපයෙහි කැපැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
අපරෙසම‍්පි ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා වඩ‍්ඪන‍්ති : යො ච අනාපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤී, යො ච ආපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා න වඩ‍්ඪන‍්ති : යො ච අනාපත‍්තියා අනාපත‍්තිසඤ‍්ඤී, යො ච ආපත‍්තියා ආපත‍්තිසඤ‍්ඤී.
යමෙකුත් නො ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද, යමෙකුත් ඇවැතෙහි නො ඇවැතැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් නො ඇවැතෙහි නො ඇවැතැ යි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ඇවැතෙහි ඇවැතැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
අපරෙසම‍්පි ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා වඩ‍්ඪන‍්ති : යො ච අධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා න වඩ‍්ඪන‍්ති : යො ච අධම‍්මෙ අධම‍්මසඤ‍්ඤී, යො ච ධම‍්මෙ ධම‍්මසඤ‍්ඤී.
යමෙකුත් අධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් අධර්‍මයෙහි අධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් ධර්‍මයෙහි ධර්‍ම යැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙති.
අපරෙසම‍්පි ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා වඩ‍්ඪන‍්ති : යො ච අවිනයෙ විනයසඤ‍්ඤී, යො ච විනයෙ අවිනයසඤ‍්ඤී. ද‍්වින‍්නං පුග‍්ගලානං ආසවා න වඩ‍්ඪන‍්ති : යො ච අවිනයෙ අවිනයසඤ‍්ඤී, යො ච විනයෙ විනයසඤ‍්ඤී.
යමෙකුත් අවිනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද මේ අනෙක් පුද්ගලයන් දෙදෙනකුන්ගේ ද ආස්‍රවයෝ වැඩෙති. යමෙකුත් අවිනයයෙහි අවිනයැයි හැඟීම් ඇත්තේ ද යමෙකුත් විනයයෙහි විනයැයි හැඟීම් ඇත්තේ ද මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙත්.
දුකං නිට‍්ඨිතං.
දුකයෝ නිමියහ.
තස‍්සුද‍්දානං:
එහි නාමාවලිය:
1. සඤ‍්ඤා ලද‍්ධා ච සද‍්ධම‍්මා පරික‍්ඛාරා ච පුග‍්ගලා, සච‍්චං භූමි නික‍්ඛමන‍්තො, ආදියන‍්තො සමාදියං.
1. සඤ්ඤාවිමෝක්ඛ දුක යැ ලද්ධසමාපත්ති දුක යැ සද්ධම්මපටිසඤ්ඤුත්ත දුක යැ පරික්ඛාර දුක යැ පුග්ගල දුක යැ සච්චං භණන්ත දුක යැ මුසාභණ්න්ත දුක යැ භූමිගත දුක යැ නික්ඛමන්ත දුක යැ ආදියන්ත දුක යැ සමාදියන්ත දුක යැ,
2. කරොන‍්තො දෙන‍්තො ගණ‍්හන‍්තො පරිභොගෙන රත‍්ති ච, අරුණා ඡින්‍දං ඡාදෙන‍්තා ධාරෙන‍්තො ච උපොසථා.
2. කරොන්ත දුක යැ දෙන්ත දුක යැ දේසෙන්ත දුක යැ ගණ්භන්ත දුක යැ පරිභෝග දුක ය සමග රත්ති - දිවා දුක යැ අරුණුග්ග දුක යැ ඡින්‍දන්ත දුක යැ ඡාදෙන්ත දුක යැ ධාරෙන්ත දුක යැ උපෝසථ දුක යැ,
3. පවාරණා කම‍්මා පරා වත්‍ථු අපරා දොසා ච, අපරා ද‍්වෙ ච සම‍්පත‍්ති නානා සමානමෙව ච.
3. පවාරණ දුක යැ කම්ම දුක යැ හා අපර කම්ම දුක යැ වත්‍ථු - අපර වත්‍ථුදෝස දුක යැ සම්පත්ති හා අපර සම්පත්ති දුක යැ නානාසංවාස හා සමාන සංවාස දුක යැ,
4. පාරාජිකා සඞ‍්ඝා ථුල‍්ලච‍්ච පාචිත‍්තියා පාටිදෙසනී, දුක‍්කටා දුබ‍්භාසිතා චෙව සත‍්තාපත‍්තික‍්ඛන්‍ධා ච.
4. පාරාජික - සඞ්ඝාදිසේස - ථුල්ලච්චය - පාචිත්තිය - පාටිදේසනීය - දුක්කට - දුඛභාසිත යන සත යැ සත්තාපත්තික්ඛන්‍ධ යැ.
5. භිජ‍්ජති උපසම‍්පදා, තථෙව අපරෙ දුවෙ, න වත්‍ථබ‍්බං න දාතබ‍්බං අභබ‍්බාභබ‍්බමෙව ච.
5. සඞ්ඝභේද හා න උපසම්පාදෙතබ්බ දුක යැ එසේ ම අන්‍ය වූ න උපසම්පාදෙතබ්බ දුක දෙක යැ අපරිපූර - පරිපූර දුක යැ න වත්‍ථබ්බ - න දාතබ්බ දුක දෙක යැ අභබ්බ - භබ්බ දුක යැ,
6. සඤ‍්චිච‍්ච සාතිසාරා ච පටික‍්කොසා ච නිස‍්සාරණා, ඔසාරණා පටිඤ‍්ඤා ච පටිග‍්ගහා පටික‍්ඛිපා.
6. සඤ්චිච්ච දුක යැ සාතිසාර දුක යැ පටික්කෝස - නිස්සාරණ - ඔසාරණ - පටිඤ්ඤා - පටිග්ගහ - පටික්ඛේප යන දුකයෝ යැ,
7. උපඝාති චොදනා ච කඨිනා ච දුවෙ තථා, චීවරා පත‍්තමණ‍්ඩලා අධිට‍්ඨානා තථෙව ද‍්වෙ.
7. උපඝාති දුක යැ චෝදනා දුක යැ එසේම කඨින දුක දෙක යැ එසේම චීවර - පත්තමණ්ඩල - අධිට්ඨාන යන දුකයෝ යැ.
8. විකප‍්පනා ච විනයා වෙනයිකා ච සල‍්ලෙඛා, ආපජ‍්ජති ච වුට‍්ඨාති පරිවාසා අපරෙ දුවෙ.
8. විකප්පන දුක යැ විනය දුක යැ වෙනයික - සල්ලේඛ දුක යැ ආපජ්ජති දුක යැ වුට්ඨාති දුක යැ අනෙකුදු පරිවාස දුක දෙක යැ,
9. ද‍්වෙ මානත‍්තා අපරෙ ච රත‍්තිච‍්ඡෙදො අනාදරි, ද‍්වෙ ලොණා තයො අපරෙ පරිභොගක‍්කොසෙන ච.
9. අනෙකුදු මානත්ත දුක යැ රත්තිචෙඡද - අනාදර දුක යැ ලෝණ දුක යැ අන්‍ය වූ ලෝණ දුක තුණ යැ පරිභෝග - අක්කෝසන දුකයෝ යැ,
10. පෙසුඤ‍්ඤො ච ගණාවස‍්සට‍්ඨපනා භාරකප‍්පියා, අනාපත‍්ති අධම‍්මධම‍්මා විනයෙ ආසවෙ තථා ති.
10. පෙසුඤ්ඤ - ගණභෝජන - වස්සුපනායික දුක යැ පාතිමොක්ඛඨපන - ආගතානාගතභාර - කප්පියා කප්පිය දුක යැ ආපත්ති - අනාපත්ති - ධම්මාධම්ම දුක යැ එසේ ම විනය සඤ්ඤි - ආසවවඩ්ඪන දුකයෝ යැයි මොහු වෙත්.