යෙදුමෙන් කියවන්න

තිකං

තිකං

තිකය

1. අත්‍ථාපත‍්ති තිට‍්ඨන‍්තෙ භගවති ආපජ‍්ජති, නො පරිනිබ‍්බුතෙ, අත්‍ථාපත‍්ති පරිනිබ‍්බුතෙ භගවති ආපජ‍්ජති, නො තිට‍්ඨන‍්තෙ, අත්‍ථාපත‍්ති තිට‍්ඨන‍්තෙපි භගවති ආපජ‍්ජති පරිනිබ‍්බුතෙපි.

1. බුදුරදුන් පිරිනිවී කල්හි නො වැ දිවමනු කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි නො වැ පිරිනිවි කල්හි පැමිණෙන ඇවැතෙක් ඇත, බුදුරදුන් දිවමනු කල්හි ද පිරිනිවි කල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති කාලෙ ආපජ‍්ජති, නො විකාලෙ, අත්‍ථාපත‍්ති විකාලෙ ආපජ‍්ජති, නො කාලෙ, අත්‍ථාපත‍්ති කාලෙ චෙව ආපජ‍්ජති විකාලෙ ච.

විකාලයෙහි නො වැ කාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි නො වැ විකාලයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කාලයෙහි ද විකාලයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති රත‍්තිං ආපජ‍්ජති නො දිවා, අත්‍ථාපත‍්ති දිවා ආපජ‍්ජති, නො රත‍්තිං, අත්‍ථාපත‍්ති රත‍්තිං චෙව ආපජ‍්ජති දිවා ච.

දහවල් නො වැ රාත්‍රියෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි නො වැ දහවල් පැමිණෙන ඇවැතෙක් ඇත, රාත්‍රියෙහි ද දහවල්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති දසවස‍්සො ආපජ‍්ජති නො ඌනදසවස‍්සො, අත්‍ථාපත‍්ති ඌනදසවස‍්සො ආපජ‍්ජති, නො දසවස‍්සො, අත්‍ථාපත‍්ති දසවස‍්සො චෙව ආපජ‍්ජති ඌනදසවස‍්සො ච.

දසවස් ඇති වැ පැමිණෙන උනු දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු දසවස් ඇති වැ පැමිණෙන දසවස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, දසවස් ඇති වැ ද උනු දසවස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති පඤ‍්චවස‍්සො ආපජ‍්ජති, නො ඌනපඤ‍්චවස‍්සො, අත්‍ථාපත‍්ති ඌනපඤ‍්චවස‍්සො ආපජ‍්ජති නො පඤ‍්චවස‍්සො, අත්‍ථාපත‍්ති පඤ‍්චවස‍්සො චෙව ආපජ‍්ජති ඌනපඤ‍්චවස‍්සො ච.

පස්වස් ඇති වැ පැමිණෙන උනු පස්වස් ඇති වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, උනු පස්වස් ඇති වැ පැමිණෙන පස්වස් ඇති වැ නොපැමිණෙන ඇවැතෙක් ඇත, පස්වස් ඇති වැ ද උනු පස්වස් ඇති වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති කුසලචිත‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති අකුසලචිත‍්තො ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති අබ්‍යාකතචිත‍්තො ආපජ‍්ජති.

කුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අකුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති සුඛවෙදනාසමඞ‍්ගී ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති දුක‍්ඛවෙදනාසමඞ‍්ගී ආපජ‍්ජති, අත්‍ථාපත‍්ති අදුක‍්ඛමසුඛවෙදනාසමඞ‍්ගී ආපජ‍්ජති.

සුඛ වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, දුක් වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇත, නො දුක් නො සුව වේදනායෙන් යුක්ත වැ පැමිණෙන ඇවැතෙක් ඇති.

2. තීණි චොදනාවත්‍ථූනි : දිට‍්ඨෙන සුතෙන පරිසඞ‍්කාය.

2. චෝදනා වස්තු තුනෙකි: දැකීමෙන් ඇසීමෙන් සැකයෙනි.

තයො සලාකගාහා : ගූළ‍්හකො විවටකො සකණ‍්ණජප‍්පකො.

ලහගැණීම් තුනෙකි: ගූළහක යැ විවටක යැ සකණ්ණජප්පක යැයි.

තයො පටික‍්ඛෙපා : මහිච‍්ඡතා අසන‍්තුට‍්ඨිතා අසල‍්ලෙඛතා.

ප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අසල්ලේඛතා යැයි.

තයො අනුඤ‍්ඤාතා : අප‍්පිච‍්ඡතා සන‍්තුට‍්ඨිතා සල‍්ලෙඛතා. අපරෙපි

අනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ සල්ලෙඛතා යැයි.

තයො පටික‍්ඛෙපා : මහිච‍්ඡතා අසන‍්තුට‍්ඨිතා අමත‍්තඤ‍්ඤුතා.

අනෙකුදු ප්‍රතික්‍ෂේප තුනෙකි: මහිච්ඡතා යැ අසන්තුට්ඨිතා යැ අමත්තඤ්ඤුතා යැයි.

තයො අනුඤ‍්ඤාතා : අප‍්පිච‍්ඡතා සන‍්තුට‍්ඨිතා මත‍්තඤ‍්ඤුතා.

අනුදැනීම් තුනෙකි: අප්පිච්ඡතා යැ සන්තුට්ඨිතා යැ මත්තඤ්ඤුතා යැයි.

තිස‍්සො පඤ‍්ඤත‍්තියො : පඤ‍්ඤත‍්ති අනුපඤ‍්ඤත‍්ති අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති. අපරාපි තිස‍්සො පඤ‍්ඤත‍්තියො : සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති පදෙසපඤ‍්ඤත‍්ති සාධාරණපඤ‍්ඤත‍්ති, අපරාපි තිස‍්සො පඤ‍්ඤත‍්තියො : අසාධාරණපඤ‍්ඤත‍්ති එකතො පඤ‍්ඤත‍්ති උභතො පඤ‍්ඤත‍්ති.

ප්‍රඥප්ති තුනෙකි: පඤ්ඤත්ති යැ අනුපඤ්ඤත්ති යැ අනුප්පන්නපඤ්ඤත්ති ය, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ පදෙසපඤ්ඤත්ති යැ සාධාරණපඤ්ඤත්ති යැ, අනෙකුදු ප්‍රඥප්ති තුනෙකි: අසාධාරණ පඤ්ඤත්ති යැ ඒකතෝ පඤ්ඤත්ති යැ උභතෝ පඤ්ඤත්ති යැ යි.

3. අත්‍ථාපත‍්ති බාලො ආපජ‍්ජති නො පණ‍්ඩිතො, අත්‍ථාපත‍්ති පණ‍්ඩිතො ආපජ‍්ජති නො බාලො, අත්‍ථාපත‍්ති බාලො චෙව ආපජ‍්ජති පණ‍්ඩිතො ච.

3. පණ්ඩිතයා නො වැ බාලයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයා නො වැ පණ්ඩිතයා පැමිණෙන ඇවැතෙක් ඇත, බාලයාත් පණ්ඩිතයාත් පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති කාළෙ ආපජ‍්ජති නො ජුණ‍්හෙ, අත්‍ථාපත‍්ති ජුණ‍්හෙ ආපජ‍්ජති නො කාළෙ, අත්‍ථාපත‍්ති කාළෙ චෙව ආපජ‍්ජති ජුණ‍්හෙ ච.

ශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි ද පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථි කාළෙ කප‍්පති, නො ජුණ‍්හෙ, අත්‍ථි ජුණ‍්හෙ කප‍්පති නො කාළෙ, අත්‍ථි කාළෙ චෙව කප‍්පති ජුණ‍්හෙ ච.

ශුක්ල පක්‍ෂයෙහි නො වැ කෘෂ්ණ පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහි නො වැ ශුක්ල පක්‍ෂයෙහි කැපයෙක් ඇත, කෘෂ්ණ පක්‍ෂයෙහිත් ශුක්ල පක්‍ෂයෙහිත් කැපයෙක් ඇති.

අත්‍ථාපත‍්ති හෙමන‍්තෙ ආපජ‍්ජති නො ගිම‍්හෙ නො වස‍්සෙ, අත්‍ථාපත‍්ති ගිම‍්හෙ ආපජ‍්ජති, නො හෙමන‍්තෙ නො වස‍්සෙ, අත්‍ථාපත‍්ති වස‍්සෙ ආපජ‍්ජති නො ගිම‍්හෙ නො හෙමන‍්තෙ.

ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නො වැ හේමන්තයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, හේමන්තයෙහි ද වස්සානයෙහි ද නො වැ ගිම්හානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇත, ගිම්හානයෙහි ද හේමන්තයෙහි ද නො වැ වස්සානයෙහි පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති සඞ‍්ඝො ආපජ‍්ජති න ගණො න පුග‍්ගලො, අත්‍ථාපත‍්ති ගණො ආපජ‍්ජති න සඞ‍්ඝො න පුග‍්ගලො, අත්‍ථාපත‍්ති පුග‍්ගලො ආපජ‍්ජති න සඞ‍්ඝො න ගණො.

ගණයා ද පුද්ගලයා ද නො වැ සඞ්ඝයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද පුද්ගලයා ද නො වැ ගණයා පැමිණෙන ඇවැතෙක් ඇත, සඞ්ඝයා ද ගණයා ද නොවැ පුද්ගලයා පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථි සඞ‍්ඝස‍්ස කප‍්පති න ගණස‍්ස න පුග‍්ගලස‍්ස, අත්‍ථි ගණස‍්ස කප‍්පති න සඞ‍්ඝස‍්ස න පුග‍්ගලස‍්ස, අත්‍ථි පුග‍්ගලස‍්ස කප‍්පති න සඞ‍්ඝස‍්ස න ගණස‍්ස.

ගණයාට ද පුද්ගලයාට ද නො වැ සඞ්ඝයාට කැපයෙක් ඇත, සඞ්ඝයාට ද පුද්ගලයාට ද නො වැ ගණයාට කැපයෙක් ඇත, සඞ්ඝයාට ද ගණයාට ද නො වැ පුද්ගලයාට කැපයෙක් ඇති.

තිස‍්සො ඡාදනා : වත්‍ථුං ඡාදෙති නො ආපත‍්තිං, ආපත‍්තිං ඡාදෙති, නො වත්‍ථුං, වත්‍ථුඤ‍්චෙව ඡාදෙති ආපත‍්තිඤ‍්ච.

ඡාදනා තුනෙකි: ආපත්තිය නො වැ වස්තුව වසයි, වස්තුව නො වැ ආපත්තිය වසයි, වස්තුව ද ආපත්තිය ද වසයි.

තිස‍්සො පටිච‍්ඡාදියො : ජන‍්තාඝරපටිච‍්ඡාදි, උදකපටිච‍්ඡාදි, වත්‍ථපටිච‍්ඡාදි.

ප්‍රතිච්ඡාදීහු තිදෙනෙකි: ජන්තාඝර ප්‍රතිච්ඡාදි යැ උදක ප්‍රතිච්ඡාදි යැ වස්තූ ප්‍රතිච්ඡාදි යැයි.

තීණි පටිච‍්ඡන‍්නානි වහන‍්ති නො විවටානි : මාතුගාමො පටිච‍්ඡන‍්නො වහති නො විවටො, බ්‍රාහ‍්මණානං මන‍්තා පටිච‍්ඡන‍්නා වහන‍්ති නො විවටා, මිච‍්ඡාදිට‍්ඨි පටිච‍්ඡන‍්නා වහති නො විවටා.

විවෘත නො වැ ගරුත්‍වයට පැමිණෙන ප්‍රතිච්ඡන්න වස්තු තුනෙකි: මාගම විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවා ගරුත්‍වයට පැමිණෙයි, බ්‍රාහ්මණ මන්ත්‍රයෝ විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවාහු ගරුත්‍වයට පැමිණෙති, මිථ්‍යාදෘෂ්ටිය විවෘත නො වැ ප්‍රතිච්ඡන්න වූවා ගරුත්‍වයට පැමිණේ.

තීණි විවටානි විරොචන‍්ති නො පටිච‍්ඡන‍්නානි : චන්‍දමණ‍්ඩලං විවටං විරොචති නො පටිච‍්ඡන‍්නං, සූරියමණ‍්ඩලං විවටං විරොචති නො පටිච‍්ඡන‍්නං, තථාගතප‍්පවෙදිතො ධම‍්මවිනයො විවටො විරොචති නො පටිච‍්ඡන‍්නො.

විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වැ බබළන වස්තු තුනෙකි: සඳ මඬල විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි, හිරුමඬල විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි, තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය විවෘත වැ ප්‍රතිච්ඡන්න නො වූයේ බබළයි.

තයො සෙනාසනගාහා : පුරිමකො පච‍්ඡිමකො අන‍්තරාමුත‍්තකො.

සෙනසුන් ගැන්වීම් තුනෙකි: පුරිමක යැ පච්චිමක යැ අන්තරාමුක්තක යැ යි.

අත්‍ථාපත‍්ති ගිලානො ආපජ‍්ජති නො අගිලානො, අත්‍ථාපත‍්ති අගිලානො ආපජ‍්ජති නො ගිලානො, අත්‍ථාපත‍්ති ගිලානො චෙව ආපජ‍්ජති අගිලානො ච.

ගිලන් වැ පැමිණෙන නො ගිලන් වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, නො ගිලන් වැ පැමිණෙන ගිලන් වැ නො පැමිණෙන ඇවැතෙක් ඇත, ගිලන් වැ ද නොගිලන් වැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.

4. තීණි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. තීණි ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

4. නො දැහැමි පාමොක් තැබීම් තුනෙකි. දැහැමි පාමොක් තැබීම් තුනෙකි.

තයො පරිවාසා : පටිච‍්ඡන‍්නපරිවාසො, අපටිච‍්ඡන‍්න පරිවාසො, සුද‍්ධන‍්තපරිවාසො.

පටිච්ඡන්න පරිවාස යැ අපටිච්ඡන්න පරිවාස යැ සුද්ධන්ත පරිවාස යැ යි පරිවෙස් තුනෙකි.

තයො මානත‍්තා : පටිච‍්ඡන‍්නමානත‍්තං, අපටිච‍්ඡන‍්නමානත‍්තං, පක‍්ඛමානත‍්තං.

පටිච්ඡන්න මානත්ත යැ අපටිච්ඡන්න මානත්ත යැ පක්ඛමානත්ත යැයි මානත් තුනෙකි.

තයො පාරිවාසිකස‍්ස භික‍්ඛුනො රත‍්තිච‍්ඡෙදා : සහවාසො, විප‍්පවාසො, අනාරොචනා.

සහවාස යැ විප්පවාස යැ අනාරොචනා යැයි පිරිවෙස් පුරණ භික්‍ෂුහට රාත්‍රිච්ජෙදයෝ තිදෙනෙකි.

අත්‍ථාපත‍්ති අන‍්තො ආපජ‍්ජති නො බහි, අත්‍ථාපත‍්ති බහි ආපජ‍්ජති නො අන‍්තො, අත්‍ථාපත‍්ති අන‍්තො චෙව ආපජ‍්ජති බහි ච.

සෙනස්නෙන් පිටත නො වැ ඇතුළතැ පැමිණෙන ඇවැතෙක් ඇත, ඇතුළතැ නො වැ පිටතැ පැමිණෙන ඇවැතෙක් ඇත, ඇතුළත්හි ද පිටත්හි ද පැමිණෙන ඇවැතෙක් ඇති.

අත්‍ථාපත‍්ති අන‍්තොසීමාය ආපජ‍්ජති නො බහිසීමාය, අත්‍ථාපත‍්ති බහිසීමාය ආපජ‍්ජති නො අන‍්තොසීමාය, අත්‍ථාපත‍්ති අන‍්තොසීමාය චෙව ආපජ‍්ජති බහිසීමාය ච.

සීමාවෙන් පිටතැ නො වැ සීමාව තුළැ පැමිණෙන ඇවැතෙක් ඇත, සීමාව තුළැ නො වැ සීමාවෙන් පිටතැ පැමිණෙන ඇවැතෙක් ඇත, සීමාව තුළැ ද සීමාවෙන් පිටතැ ද පැමිණෙන ඇවැතෙක් ඇති.

තීහාකාරෙහි ආපත‍්තිං ආපජ‍්ජති : කායෙන ආපජ‍්ජති, වාචාය ආපජ‍්ජති, කායෙන වාචාය ආපජ‍්ජති. අපරෙහිපි තීහාකාරෙහි ආපත‍්තිං ආපජ‍්ජති : සඞ‍්ඝමජ‍්ඣෙ, ගණමජ‍්ඣෙ, පුග‍්ගලස‍්ස සන‍්තිකෙ.

තුන් අයුරකින් ඇවැතට අවදියි: කයින් අවදියි, වචනයෙන් අවදියි, කයින් හා වචනයෙන් අවදී. අනෙකුදු තුන් අයුරකින් ඇවැතට අවදියි: සඟ මැදහි ගණ මැදහි පුඟුලක්හු අබියෙස්හි යැ.

තීහාකාරෙහි ආපත‍්තියා වුට‍්ඨාති : කායෙන වුට‍්ඨාති, වාචාය වුට‍්ඨාති, කායෙන වාචාය වුට‍්ඨාති. අපරෙහිපි තීහාකාරෙහි ආපත‍්තියා වුට‍්ඨාති : සඞ‍්ඝමජ‍්ඣෙ, ගණමජ‍්ඣෙ, පුග‍්ගලස‍්ස සන‍්තිකෙ.

තුන් අයුරකින් ඇවැතින් නැඟී සිටියි: කයින් නැඟී සිටියි, වචනයෙන් නැඟී සිටියි, කයින් හා වචනයෙන් නැඟී සිටී. අනෙකුදු තුන් අයුරෙකින් ඇවැතින් නැඟී සිටී: සඟ මැදහි ගණ මැදහි පුඟුලක්හු අබියෙස්හි යැ.

තීණි අධම‍්මිකානි අමූළ‍්හවිනයස‍්ස දානානි : තීණි ධම‍්මිකානි අමූළ‍්හවිනයස‍්ස දානානි.

නො දැහැමි අමූළ්හවිනයදාන තුනෙකැ. දැහැමි අමූළ්හවිනයදාන තුනෙකි.

5. තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො. තජ‍්ජනීයකම‍්මං කරෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස‍්සකාරකො සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි.

5. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසිවෙත් නම් තජ්ජනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ දොඩමලුකම් කරන්නේ සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳ දැකීම් නැතියේ වෙයි, අනුලොම් නො වූ ගිහි සසඟින් ගිහියන් හා හැනී වෙසේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො නියස‍්සකම‍්මං කරෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි.

කරුණු තුනෙකින් යුක්තවූ මහණහට සඟහු රිසි වෙත් නම් නියස්සකර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, අනුලොම් නොවූ ගිහි සසඟින් ගිහියන් හා හැනී වෙසේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පබ‍්බාජනීයකම‍්මං කරෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, කුලදූසකො හොති පාපසමාචාරො, දිස‍්සන‍්ති චෙව පාපකා සමාචාරා සුය්‍යන‍්ති ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් පබ්බාජනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි. ලාමක හැසිරීම් ඇතියේ කුලදූෂණය කරන්නෙක් වෙයි, ලාමක හැසිරීම් දක්නට ද ලැබෙයි, අසනු ද ලැබේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පටිසාරණීයකම‍්මං කරෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො, ආපත‍්ති බහුලො අනපදානො, ගිහී අක‍්කොසති පරිභාසති.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් පටිසාරණීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි. ගිහීන්ට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛෙපනීයකම‍්මං කරෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා න ඉච‍්ඡති ආපත‍්තිං පස‍්සිතුං.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, ඇවැතට පැමිණ ඇවැත දැකීමට නො කැමැති වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො ආපත‍්තියා අප‍්පටිකම‍්මෙ උක‍්ඛෙපනීයකම‍්මං කරෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා න ඉච‍්ඡති ආපත‍්තිං පටිකාතුං.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ඇවැත් පිරිසිඳීම් නැත්තේ වෙයි, ඇවැතට පැමිණ ඇවැතට පිළියම් කිරීමට නො කැමැති වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පාපිකාය දිට‍්ඨියා අප‍්පටිනිස‍්සග‍්ගෙ උක‍්ඛෙපනීයකම‍්මං කරෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති -පෙ- සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, න ඉච‍්ඡති පාපිකං දිට‍්ඨිං පටිනිස‍්සජ‍්ජිතුං.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් ලාමක දෘෂ්ටිය නො හැරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නාහු යැ: ඩබර කරන්නේ ... සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි, බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැත්තේ වෙයි, ලාමකවූ දෘෂ්ටිය හරින්නට කැමැති නො වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො ආගාළ‍්හාය චෙතෙය්‍ය : භණ‍්ඩනකාරකො හොති කලහකාරකො විවාදකාරකො භස‍්සකාරකො සඞ‍්ඝෙ අධිකරණකාරකො, බාලො හොති අබ්‍යත‍්තො ආපත‍්තිබහුලො අනපදානො, ගිහීසංසට‍්ඨො විහරති අනනුලොමිකෙහි ගිහීසංසග‍්ගෙහි.

කරණු තුනෙකින් යුක්ත වූ මහණහට සඟහු රිසි වෙත් නම් දැඩිබව පිණිස යත්න (උක්ඛේපනීය කර්‍මය) කරන්නාහු යැ: ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ දොඩමලුකම් කරන්නේ සඞ්ඝයා ඉදිරියෙහි අධිකරණ කරන්නේ වෙයි. බාල වූයේ අව්‍යක්ත වූයේ ඇවැත් බහුල කොට ඇතියේ ඇවැත් පිරිසිඳීම් නැතියේ වෙයි, අනුලොම් නො වූ ගිහිසසඟින් ගිහියන් හා හැනී වෙසේ.

6. තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

6. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : අධිසීලෙ සීලවිපන‍්නො හොති, අජ‍්ඣාචාරෙ ආචාරවිපන‍්නො හොති, අතිදිට‍්ඨියා දිට‍්ඨිවිපන‍්නො හොති.

අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. අධිශීලයෙහි නට සිල් ඇත්තේ වෙයි, උතුම් ආචාරයෙහි නට ආචාර ඇත්තේ වෙයි, සම්‍යග් දෘෂ්ටිය ඉක්මවා විපන්දිටු ඇත්තේ වේ.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : කායිකෙන දවෙන සමන‍්නාගතො හොති, වාචසිකෙන දවෙන සමන‍්නාගතො හොති, කායිකවාචසිකෙන දවෙන සමන‍්නාගතො හොති.

අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: (දුකෙළිම් ආදි) කායද්වාරික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, (කට බෙර ගැසීම් ආදි) වාග්ද්වාරික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, (නැටුම් ගැයුම් ආදී) කායික-වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වේ.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : කායිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති.

අනෙකුදු කරුණු තුනෙකින් යුත් මහණහට කර්‍ම කටයුතුයි: කායද්වාරික සිකපද ඉක්මවන්නේ වෙයි, වාග්ද්වාරික සිකපද ඉක්මවන්නේ වෙයි, කායවාග්ද්වාරික සිකපද ඉක්මවන්නේ වේ.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : කායිකෙන උපඝාතිකෙන සමන‍්නාගතො හොති, වාචසිකෙන උපඝාතිකෙන සමන‍්නාගතො හොති, කායිකවාචසිකෙන උපඝාතිකෙන සමන‍්නාගතො හොති.

අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතුයි: කායද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වෙයි, වාග්ද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වෙයි, කායවාග්ද්වාරයෙහි පැණවූ සිකපදයන්හි නො හික්මීමෙන් යුක්ත වූයේ වේ.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : කායිකෙන මිච‍්ඡාජීවෙන සමන‍්නාගතො හොති, වාචසිකෙන මිච‍්ඡාජීවෙන සමන‍්නාගතො හොති, කායිකවාචසිකෙන මිච‍්ඡාජීවෙන සමන‍්නාගතො හොති.

අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: කය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, වචනය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, කය වචනය පිළිබඳ වැරදි ජීවිකායෙන් යුක්ත වූයේ වේ.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : ආපත‍්තිං ආපන‍්නො කම‍්මකතො උපසම‍්පාදෙති, නිස‍්සයං දෙති, සාමණෙරං උපට‍්ඨාපෙති.

අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. ඇවැතට පැමිණියේ (තජ්ජනීයාදි) කර්‍ම කරණු ලැබූයේ උපසපන් කෙරෙයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවා ගණී.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : යාය ආපත‍්තියා සඞ‍්ඝෙන කම‍්මං කතං හොති, තං ආපත‍්තිං ආපජ‍්ජති, අඤ‍්ඤං වා තාදිසිකං, තතො වා පාපිට‍්ඨතරං.

අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: යම් ඇවැතක් නිමිති කොට සඞ්ඝයා විසින් කර්‍මය කරන ලද්දේ වේ ද, ඒ ඇවැතට නැවත පැමිණෙයි. එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි.

අපරෙහිපි තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො කම‍්මං කාතබ‍්බං : බුද‍්ධස‍්ස අවණ‍්ණං භාසති, ධම‍්මස‍්ස අවණ‍්ණං භාසති, සඞ‍්ඝස‍්ස අවණ‍්ණං භාසති.

අනෙකුදු කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි: බුදුන් පිළිබඳ අගුණ කියයි, ධර්‍මය පිළිබඳ අගුණ කියයි, සඞ්ඝයා පිළිබඳ අගුණ කියයි.

7. තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝමජ‍්ඣෙ උපොසථං ඨපෙන‍්තස‍්ස “අලං භික‍්ඛු මා භණ‍්ඩනං, මා කලහං, මා විග‍්ගහං, මා විවාද”න‍්ති ඔමද‍්දිත්‍වා සඞ‍්ඝෙන උපොසථො කාතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච අපකතත‍්තො ච.

7. කරුණු තුනෙකින් යුක්ත වූ සඟමැද පොහෝ තබන මහණහට “මහණ, නුසුදුසු යැ, ඩබර නො කර, කලහ නො කර, විරුද්ධ ග්‍රහණ නො කර, විරුද්ධ වාද නො කර” යි මැඩ පවත්වා සඞ්ඝයා විසින් පොහෝ කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝමජ‍්ඣෙ පවාරණං ඨපෙන‍්තස‍්ස : “අලං භික‍්ඛු මා භණ‍්ඩනං, මා කලහං, මා විග‍්ගහං. මා විවාදං”ති ඔමද‍්දිත්‍වා සඞ‍්ඝෙන පවාරෙතබ‍්බං : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ සඟමැද පවුරුණු තබන මහණහට “මහණ නුසූදුසූ යැ, ඩබර නො කර, කලහ නො කර, විරුද්ධග්‍රහණ නො කර, විරුද්ධ වාද නො කර” යි මැඩ පවත්වා සඞ්ඝයා විසින් පවාරණය කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

8. තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො න කාචි සඞ‍්ඝසම‍්මුති දාතබ‍්බා : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

8. කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට කිසි සඞ්ඝසම්මුතියෙක් නො දිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සඞ‍්ඝෙ න වොහරිතබ‍්බං අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් සඟමැද කිසිවක් නො කිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු න කිස‍්මිචි පච‍්චෙකට‍්ඨානෙ ඨපෙතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණ කිසියම් දෙටු තැනෙක නො තැබිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නිස‍්සාය න වත්‍ථබ‍්බං : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු ඇසුරු කොට නො විසිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො නිස‍්සයො න දාතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට නිස නො දිය යුතුයි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ඔකාසකම‍්මං කාරාපෙන‍්තස‍්ස නාලං ඔකාසකම‍්මං කාතුං : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ අවසර ඉල්වන මහණහට අවසර දෙන්නට නො වටී: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සවචනීයං නාදාතබ‍්බං : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහුගේ වචනය නො පිළිගතයුතු යි (නො ඇසිය යුතුයි): අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො විනයො න පුච‍්ඡිතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු පිළිබඳ විනය නො විචාළ යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වෙයි.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා විනයො න පුච‍්ඡිතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් විනය නො විචාළ යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො විනයො න විස‍්සජ‍්ජෙතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු පිළිබඳ විනය නො විසඳිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා විනයො න විස‍්සජ‍්ජෙතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් විනය නො විසඳිය යුතුයි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො අනුයොගො න දාතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහට විනය පිළිවිසුමට අවසර නො දිය යුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං විනයො න සාකච‍්ඡිතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු සමඟ විනය ප්‍රශ්න සාකච්ඡා නො කටයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි. ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

තීහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා න උපසම‍්පාදෙතබ‍්බො, න නිස‍්සයො දාතබ‍්බො, න සාමණෙරො උපට‍්ඨාපෙතබ‍්බො : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච.

කරුණු තුනෙකින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යි. නිස නො දිය යුතු යි, හෙරණකු ලවා උවටැන් කරවා නො ගතයුතු යි: අලජ්ජි වූයේත් වෙයි, බාල වූයේත් වෙයි, ආපත්ති අනාපත්ති නො දන්නේත් වේ.

9. තයො උපොසථා : චාතුද‍්දසිකො, පණ‍්ණරසිකො, සාමග‍්ගිඋපොසථො. අපරෙපි තයො උපොසථා : සඞ‍්ඝෙ උපොසථො, ගණෙ උපොසථො, පුග‍්ගලෙ උපොසථො. අපරෙපි තයො උපොසථා : සුත‍්තූද‍්දෙසො උපොසථො, පාරිසුද‍්ධි උපොසථො, අධිට‍්ඨානුපොසථො.

9. තුදුස්වක යැ පසළොස්වක යැ සමගි පොහොය යැ යි පොහෝ තුනෙකි, සඟ පොහොයැ ගණපොහො යැ පුඟුල් පොහෝ යැ යි අනෙකුදු පොහෝ තුනෙකි. සුත්තුද්දෙස උපෝසථ යැ පාරිසුද්ධිඋපෝසථ යැ අධිට්ඨානුපෝසථයැ යි අනෙකුදු පොහෝ තුනෙකි.

තිස‍්සො පවාරණා : චාතූද‍්දසිකා, පණ‍්ණරසිකා, සාමග‍්ගීපවාරණා. අපරාපි තිස‍්සො පවාරණා : සඞ‍්ඝෙ පවාරණා, ගණෙ පවාරණා, පුග‍්ගලෙ පවාරණා. අපරාපි තිස‍්සො පවාරණා : තෙවාචිකා පවාරණා, ද‍්වෙවාචිකා පවාරණා, සමානවස‍්සිකා පවාරණා.

තුදුස්වක් පවුරුණු යැ පසළොස්වක් පවුරුණු යැ සමගිපවුරුණු යැ යි පවුරුණු තුනෙකි. සඞ්ඝ පවාරණ යැ ගණපවාරණ යැ පුග්ගල පවාරණ යැ යි අනෙකුදු පවුරුණු තුනෙකි. තෙවාචික පවාරණ යැ ද්වේවාචික පවාරණ යැ සමාන වස්සික පවාරණ යැ යි අනෙකුදු පවුරුණු තුනෙකි.

10. තයො ආපායිකා නෙරයිකා : ඉදමප‍්පහාය : යො ච අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරීපටිඤ‍්ඤො, යො ච සුද‍්ධං බ්‍රහ‍්මචාරිං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තං අමූලකෙන අබ්‍රහ‍්මචරියෙන අනුද‍්ධංසෙති, යො චායං එවංවාදී එවංදිට‍්ඨි “නත්‍ථි කාමෙසු දොසො”ති සො කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජති.”

10. යමෙකුත් බඹසර නැත්තේ බඹසර ඇතැයි පිළිණ කරන්නේ වේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන රහත් මහණක්හට මුල් රහිත නො බඹසරින් චෝදනා කෙරේ ද යම් මේ පුද්ගලයෙකුත් “කාමසේවනයන්හි දොස් නැතැ”යි මෙසේ කියන්නේ මෙබඳු ලබ්ධි ඇත්තේ වේ ද, හෙතෙමේ කාමයන් සෙවුනාබවට පැමිණේ ද යන තිදෙන මේ ලබ්ධිය හෝ වරද නො හැර නිරිසතුන් වැ අපායයෙහි උපදින්නෝ වෙත්.

11. තීණි අකුසලමූලානි : ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං. තීණි කුසලමූලානි : අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.

11. අකුශලමූලයෝ තිදෙනෙකි: ලෝභය අකුශල මූලයෙකැ, ද්වේෂය අකුශල මූලයෙකැ, මෝහය අකුශල මූලයෙකි. කුශලමූලයෝ තිදෙනෙකි: අලෝභය කුශල මූලයෙකැ, අද්වේෂය කුශල මූලයෙකැ, අමෝහය කුශල මූලයෙකි.

තීණි දුච‍්චරිතානි : කායදුච‍්චරිතං, වචීදුච‍්චරිතං, මනොදුච‍්චරිතං. තීණි සුචරිතානි : කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං.

දුශ්චරිතයෝ තිදෙනෙකි: කාය දුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ. සුචරිතයෝ තිදෙනෙකි: කායසුචරිත යැ වාක්සුචරිතයැ මනඃසුචරිත යැයි.

12. තයො අත්‍ථවසෙ පටිච‍්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ‍්ඤත‍්තං : දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච‍්ඡා පක‍්ඛං නිස‍්සාය සඞ‍්ඝං භින්‍දෙය්‍යුං, කුලානුද‍්දයතාය ච.

12. දුග්ශීල පුද්ගලයන්ට නිග්‍රහ පිණිස ද ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස ද ලාමක අදහස් ඇත්තෝ පක්‍ෂය නිසා සඞ්ඝයා නො බිඳින්නාහු”යි කුලානුග්‍රහය පිණිස දැයි කරුණු තුනක් සලකා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තික භෝජනය පනවන ලදී.

තීහි අසද‍්ධම‍්මෙහි අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො : පාපිච‍්ඡතා, පාපමිත‍්තතා ඔරමත‍්තකෙන විසෙසාධිගමෙන අන‍්තරාවොසානං ආපාදි.

අසත්පුරුෂ ධර්‍ම තුනෙකින් මඩනාලද හාත්පසින් අල්වාගත් සිත් ඇති දේවදත්ත නිරිසත් වැ කපක් ආයු ඇතිවැ පිළියම් නො කට හැකියෙක් වැ අපායෙහි උපන්නෙක් වේ. ලාමක අදහස් ඇති බැවින්, පාපමිත්‍රයන් ඇති බැවින්, ස්වල්පමාත්‍ර වූ විශේෂාධි ගමයෙන් අතරමග දී කෙළවරකට පැමිණියේ යි.

13. තිස‍්සො සම‍්මුතියො : දණ‍්ඩසම‍්මුති, සික‍්කාසම‍්මුති, දණ‍්ඩසික‍්කා සම‍්මුති.

13. සම්මුති තුනෙකි: දණ්ඩසම්මුති යැ, සික්කාසම්මුති යැ, දණඩසික්කා සම්මුති යැයි.

තිස‍්සො පාදුකා ධුවට‍්ඨානියා අසඞ‍්කමනීයා : වච‍්චපාදුකා, පස‍්සාවපාදුකා, ආචමනපාදුකා.

ස්ථිර වූ ගෙන යා නො හැක්කා වූ පාදුකා තුනෙකි: වර්චස්පාදුකා යැ, මූත්‍රපාදුකා යැ, ආචමන පාදුකා යැයි.

තිස‍්සො පාදඝංසනියො : සක‍්ඛරං, කඨලා, සමුද‍්දඵෙණකොති.

පියගැටුම් තුනෙකි: ගල්කැට යැ, කැබිලිති යැ, හිරිගල් යැයි.

තිකං නිට‍්ඨිතං.

තිකය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. තිට‍්ඨන‍්තෙ කාලෙ රත‍්තිං ච දස පඤ‍්ච කුසලෙන, වෙදනා චොදනා වත්‍ථු සලාකා ද‍්වෙ පටික‍්ඛිපා.

1. තිට්ඨන්ත යැ කාල යැ රත්ති යැ දසවස්ස යැ පඤ්චවස්ස යැ කුසලාදි යැ වේදනා යැ චෝදනාවත්‍ථු යැ සලාකගාහ යැ පටික්ඛේප යැ අනුඤ්ඤාත යැ.

2. පඤ‍්ඤත‍්ති අපරෙ ද‍්වෙ ච බාලො කාළෙ ච කප‍්පති, හෙමන‍්තෙ සඞ‍්ඝො සඞ‍්ඝස‍්ස ඡාදනා ච පටිච‍්ඡාදි.

2. පඤ්ඤති යැ අපර දෙක යැ බාල යැ කාළ යැ කප්පති යැ හේමන්ත යැ සඞ්ඝ යැ සඞ්ඝස්ස යැ ඡාදනා යැ පටිච්ඡාදි යැ.

3. පටිච‍්ඡන‍්නා විවටා ච සෙනාසනගිලායනා, පාතිමොක‍්ඛං පරිවාසං මානත‍්තාපාරිවාසිකා.

3. පටිච්ඡන්න යැ විවට යැ සේනාසනගහ යැ ගිලාන යැ පාතිමොක්ඛඨපන යැ පරිවාස යැ මානත්ත යැ පාරිවාසික යැ,

4. අන‍්තො අන‍්තො ච සීමාය ආපජ‍්ජති පුනාපරෙ, වුට‍්ඨාති අපරෙ චෙව අමූළ‍්හවිනයා දුවෙ.

4. අන්තො යැ අන්තොසීමා යැ ආපජ්ජති යැ නැවැත අපර යැ වුට්ඨාති යැ අපර දෙක යැ අමූළ්හවිනය දෙක යැ,

5. තජ‍්ජනීයා නියස‍්සා ච පබ‍්බාජපටිසාරණී, අදස‍්සනාපටිකම‍්මෙ අනිස‍්සග‍්ගෙ ච දිට‍්ඨියා.

5. තජ්ජනීය යැ නියස්ස යැ පබ්බාජනිය යැ පටිසාරණීය යැ අදස්සන යැ අප්පටිකම්ම යැ දිට්ඨි ය පිළිබඳ අනිස්සග්ගී යැ.

6. ආගාළ‍්හකම‍්මාධිසීලෙ දවානාචාරඝාතිකා, ආජීවාපන‍්නාතාදිසිකා අවණ‍්ණුපොසථෙන ච.

6. ආගාළ්හ යැ කම්ම යැ අධිශීල යැ දව යැ අනාචාර යැ උපඝාතික යැ ආජීව යැ ආපන්න යැ තාදිසකා යැ අවණ්ණ යැ උපෝසථ යැ,

7. පවාරණා සම‍්මුති ච වොහාරපච‍්චෙකෙන ච න වත්‍ථබ‍්බං න දාතබ‍්බං ඔකාසං න කරෙ තථා.

7. පවාරණ යැ සම්මුති යැ වෝහාරිතබ්බ යැ පච්චෙකට්ඨාන යැ න වත්‍ථබ්බ යැ න දාතබ්බ යැ එසේ ම ඕකාසකම්ම අකරණ යැ,

8. න කරෙ සවචනීයං න පුච‍්ඡිතබ‍්බකා දුවෙ, න විස‍්සජ‍්ජෙ දුවෙ චෙව අනුයොගම‍්පි නො දදෙ.

8. සවචනීය අකරණ යැ න පුච්ජිතබ්බ දෙක යැ න විස්සජ්ජිතබ්බ දෙක යැ අනුයෝග අදාන යැ,

9. සාකච‍්ඡා උපසම‍්පදා නිස‍්සයසාමණෙරා ච, උපොසථා තිකා තීණි පවාරණා තිකා තයො.

9. සාකච්ඡා යැ උපසම්පදා යැ නිස්සය යැ සාමණේර යැ උපෝසථත්තික යැ පවාරණත්තික යැ,

10. ආපායිකා අකුසලා කුසලා චරිතා දුවෙ, තිකභොජනසද‍්ධම‍්මෙ සම‍්මුති පාදුකෙන ච, පාදඝංසනිකා චෙව උද‍්දානං තිකකෙ ඉදන‍්ති.

10. අපායික යැ අකුශලයැ කුශල යැ දුච්චරිත යැ සුචරිත යැ තිකභෝජන යැ අසද්ධම්ම යැ පාදුකා යැ සම්මුති යැ පාදඝංසනිකා යැ යි තිකයෙහි මේ නාමාවලි යයි.