තිකවාරවණ්ණනා අට්ඨකථා
තිකවාරවණ්ණනා
තිකවාරවණ්ණනා
තිකෙසු අත්ථාපත්ති තිට්ඨන්තෙ භගවති ආපජ්ජතීති අත්ථි ආපත්ති, යං තිට්ඨන්තෙ භගවති ආපජ්ජතීති අත්ථො. එසෙව නයො සබ්බත්ථ. තත්ථ ලොහිතුප්පාදාපත්තිං තිට්ඨන්තෙ ආපජ්ජති. “එතරහි ඛො පනානන්ද, භික්ඛූ අඤ්ඤමඤ්ඤං ආවුසොවාදෙන සමුදාචරන්ති, න වො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං, නවකෙන, ආනන්ද, භික්ඛුනා ථෙරො භික්ඛූ ‘භන්තෙ’ති වා ‘ආයස්මා’ති වා සමුදාචරිතබ්බො”ති වචනතො ථෙරං ආවුසොවාදෙන සමුදාචරණපච්චයා ආපත්තිං පරිනිබ්බුතෙ භගවති ආපජ්ජති, නො තිට්ඨන්තෙ. ඉමා ද්වෙ ආපත්තියො ඨපෙත්වා අවසෙසා ධරන්තෙපි භගවති ආපජ්ජති, පරිනිබ්බුතෙපි.
ත්රිකයන්හි - “අත්ථාපත්ති තිට්ඨන්තෙ භගවති ආපජ්ජති” භාග්‍යවත්හු දිවමන්ව සිටින කල්හි යම් ඇවැතකට පැමිණේද එබඳු ආපත්තියක් ඇත, යන අර්‍ත්‍ථයි. සියලු තන්හි මේ නයයි. එහි රුධිරොත්පාදාපත්තියට දිවමන් කල්හි පැමිණේ. “එතරහි ඛො පනානන්ද භික්ඛු අඤ්ඤමඤ්ඤං ආවුසො වාදෙන සමුදාචරන්ති, න වො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං නවකෙන ආනන්ද භික්ඛුනා ථෙරො භික්ඛු” “භන්තෙ ති වා ආයස්මාති වා සමුදාචරිතබ්බො”යි වදාළ බැවින් තෙරහට ආවුසො වාදයෙන් ඇමතීම හෙතුකොට භාග්‍යවත්හු පිරිනිවි කල්හි ඇවතට පැමිණේ. දිවමන් කල්හි නොපැමිණේ. මේ ඇවැත් දෙක හැර සෙසු ඇවැත්වලට භාග්‍යවත්හු දිවමන් කල්හිද පිරිනිවන් පෑකල්හිද පැමිණේ.
පවාරෙත්වා අනතිරිත්තං භුඤ්ජන්තො ආපත්තිං කාලෙ ආපජ්ජති නො විකාලෙ. විකාලභොජනාපත්තිං පන විකාලෙ ආපජ්ජති නො කාලෙ. අවසෙසා කාලෙ චෙව ආපජ්ජති විකාලෙ ච. සහගාරසෙය්යං රත්තිං ආපජ්ජති, ද්වාරං අසංවරිත්වා පටිසල්ලීයනං දිවා. සෙසා රත්තිඤ්චෙව දිවා ච. “දසවස්සොම්හි අතිරෙකදසවස්සොම්හී”ති බාලො අබ්යත්තො පරිසං උපට්ඨාපෙන්තො දසවස්සො ආපජ්ජති නො ඌනදසවස්සො . “අහං පණ්ඩිතො බ්යත්තො”ති නවො වා මජ්ඣිමො වා පරිසං උපට්ඨාපෙන්තො ඌනදසවස්සො ආපජ්ජති නො දසවස්සො. සෙසා දසවස්සො චෙව ආපජ්ජති ඌනදසවස්සො ච. “පඤ්චවස්සොම්හී”ති බාලො අබ්යත්තො අනිස්සාය වසන්තො පඤ්චවස්සො ආපජ්ජති. “අහං පණ්ඩිතො බ්යත්තො”ති නවකො අනිස්සාය වසන්තො ඌනපඤ්චවස්සො ආපජ්ජති. සෙසං පඤ්චවස්සො චෙව ආපජ්ජති ඌනපඤ්චවස්සො ච. අනුපසම්පන්නං පදසොධම්මං වාචෙන්තො, මාතුගාමස්ස ධම්මං දෙසෙන්තො එවරූපං ආපත්තිං කුසලචිත්තො ආපජ්ජති, පාරාජික-සුක්කවිස්සට්ඨි-කායසංසග්ග-දුට්ඨුල්ල-අත්තකාමපාරිචරිය-දුට්ඨදොස-සඞ්ඝභෙදපහාරදාන-තලසත්තිකාදිභෙදං අකුසලචිත්තො ආපජ්ජති, අසඤ්චිච්ච සහගාරසෙය්යාදිං අබ්යාකතචිත්තො ආපජ්ජති, යං අරහාව ආපජ්ජති, සබ්බං අබ්යාකතචිත්තොව ආපජ්ජති, මෙථුනධම්මාදිභෙදමාපත්තිං සුඛවෙදනාසමඞ්ගී ආපජ්ජති, දුට්ඨදොසාදිභෙදං දුක්ඛවෙදනාසමඞ්ගී, යං සුඛවෙදනාසමඞ්ගී ආපජ්ජති, තංයෙව මජ්ඣත්තො හුත්වා ආපජ්ජන්තො අදුක්ඛමසුඛවෙදනාසමඞ්ගී ආපජ්ජති.
පවරා අනතිරික්ත භොජනයක් බුදින්නේ කාලයෙහි ඇවතට පැමිණේ. විකාලයෙහි නොපැමිණේ. විකාල භොජනාපත්තියට විකාලයෙහි පැමිණේ. කාලයෙහි නොපැමිණේ. සෙසු ආපත්තීන්ට කාලයෙහිද විකාලයෙහිද පැමිණේ. සහගාරසෙය්යාවට රාත්‍රියෙහි පැමිණේ. දොර නොවසා හිඳීමෙන් වන ඇවැතට දහවල්හි පැමිණේ. සෙසු ඇවැතට රාත්‍රියෙහිද දහවල්හිද පැමිණේ. ‘දසවස් ඇත්තේ වෙමි, අයිරාදසවස් ඇත්තේ වෙමි’යි බාලවූ අව්‍යක්ත තෙමේ පිරිස ලවා උපස්ථාන කරවන්නේ දසවස් ඇතියේ පැමිණේ. උනුදසවස් ඇතියේ නොපැමිණේ ‘මම පණ්ඩිත වෙමි, ව්‍යක්ත වෙමි’යි නවකතෙමේ හෝ මද්ධ්‍යම තෙමේ හෝ පිරිස ලවා උපස්ථාන කරවන්නේ උනුදසවස් ඇතියේ පැමිණේ. දසවස් ඇතියේ නොපැමිණේ. සෙස්සට දසවස් ඇතියේද උනුදසවස් ඇතියේද පැමිණේ. ‘පස්වස් ඇත්තේ වෙමි’යි බාලවූ අව්‍යක්ත තෙමේ නිස නොගෙණ වසන්නේ පස්වස් ඇතියේ පැමිණේ. ‘මම පණ්ඩිත වෙමි, ව්යක්තවෙමි’යි නවක තෙමේ නිස නොගෙණ වසන්නේ උනුපස්වස් ඇතියේ පැමිණේ. සෙස්සට පස්වස් ඇතියේද උනුපස්වස් ඇතියේද පැමිණේ. අනුපසපනක්හට පදවශයෙන් ධර්මය කියන්නේ මාගමකට දහම් දෙසන්නේයි මෙබඳු ඇවතට කුසල්සිත් ඇතියේ පැමිණේ. පාරාජික - සුක්කවිසට්ඨි - කායසංසග්ග - දුට්ඨුල්ල - අත්තකාමපාරිචාරිය - දුට්ඨදොස - සඞ්ඝභෙද - පහාරදාන - කලසත්තිකාදිභෙද වූ ඇවැතට අකුසල සිත් ඇතියේ පැමිණේ. නොදැන නොසිතා සහාගාරසෙය්යාදියට අව්‍යාකෘත සිත් ඇතියේ පැමිණේ. රහත්වූයේ යම් ඇවතකට පැමිණේද ඒ සියල්ලට අව්‍යාකෘත සිත් ඇතියේම පැමිණේ. මෛථුන ධර්මාදිභෙදවූ ඇවැතට සුඛවේදනාවෙන් යුක්තවූයේ පැමිණේ. දුට්ඨදොසාදිභෙද වූ ඇවැතට දුක්ඛවෙදනාවෙන් යුක්තවූයේ පැමිණේ. සුඛවේදනාවෙන් යුක්තව යම් ඇවැතකට පැමිණේද එයටම මැදහත්ව පැමිණෙන්නේ අදුක්ඛමසුඛ වේදනාවෙන් යුක්ත වූයේ පැමිණේ.
තයො පටික්ඛෙපාති බුද්ධස්ස භගවතො තයො පටික්ඛෙපා. චතූසු පච්චයෙසු මහිච්ඡතා අසන්තුට්ඨිතා කිලෙසසල්ලෙඛනපටිපත්තියා අගොපායනා, ඉමෙ හි තයො ධම්මා බුද්ධෙන භගවතා පටික්ඛිත්තා. අප්පිච්ඡතාදයො පන තයො බුද්ධෙන භගවතා අනුඤ්ඤාතා, තෙන වුත්තං “තයො අනුඤ්ඤාතා”ති.
“තයො පටික්ඛෙපා” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්රතික්ෂෙප තුනක් වේ. සිවුපසයෙහි මහිච්ඡතාය. අසන්තුට්ඨිතාය, කෙලෙස් සිඳලන පැවැතුම් පිළිවෙත නොරැකීම යන මේ ත්‍රිවිධ ධර්මයෝ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් ප්රතික්ෂෙප කරණලදහ. අප්පිච්ඡතාව ත්‍රිවිධ ධර්මයෝ භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ විසින් අනුදන්නා ලදහ. එහෙයින් “තයො අනුඤ්ඤාතා”යි කියන ලදී.
“දසවස්සොම්හී”ති පරිසං උපට්ඨාපෙන්තො “පඤ්චවස්සොම්හී”ති නිස්සයං අගණ්හන්තො බාලො ආපජ්ජති නො පණ්ඩිතො, ඌනදසවස්සො “බ්යත්තොම්හී”ති බහුස්සුතත්තා පරිසං උපට්ඨාපෙන්තො ඌනපඤ්චවස්සො ච නිස්සයං අගණ්හන්තො පණ්ඩිතො ආපජ්ජති නො බාලො; අවසෙසං පණ්ඩිතො චෙව ආපජ්ජති බාලො ච. වස්සං අනුපගච්ඡන්තො කාළෙ ආපජ්ජති නො ජුණ්හෙ; මහාපවාරණාය අප්පවාරෙන්තො ජුණ්හෙ ආපජ්ජති නො කාළෙ; අවසෙසං කාළෙ චෙව ආපජ්ජති ජුණ්හෙ ච. වස්සූපගමනං කාළෙ කප්පති නො ජුණ්හෙ; මහාපවාරණාය පවාරණා ජුණ්හෙ කප්පති නො කාළෙ; සෙසං අනුඤ්ඤාතකං කාළෙ චෙව කප්පති ජුණ්හෙ ච.
‘දසවස් ඇත්තේ වෙමි’යි පිරිසලවා උපස්ථාන කරවන්නාවූ, ‘පස්වස් ඇත්තේ වෙමි’යි නිස නොගන්නාවූ බාලතෙමේ ඇවතට පැමිණේ. පණ්ඩිත තෙමේ නොපැමිණේ. උනුදසවස් ඇත්තේ “ව්‍යක්ත වෙමි”යි බහුශ්‍රැත බැවින් පිරිස ලවා උපස්ථාන කරවන්නේ, උනුපස්වස් ඇත්තේද, නිස නොගන්නා පණ්ඩිත තෙමේ ඇවතට පැමිණේ. බාලතෙමේ නොපැමිණේ. සෙස්සට පණ්ඩිත තෙමේද බාලතෙමේද පැමිණේ. වස් නොඑළඹෙන්නේ කාලපක්ෂයෙහි පැමිණේ. ශුක්ල පක්ෂයෙහි නොපැමිණේ. කාලපක්ෂයෙහි නොපැමිණේ. සෙස්සට කාල පක්ෂයෙහිද ශුක්ලපක්ෂයෙහිද පැමිණේ. වස් එළැඹීම කාල පක්ෂයෙහි කැපවේ. ශුක්ල පක්ෂයෙහි කැප නොවේ. මහාපවාරණයෙන් පැවරීම ශුක්ල පක්ෂයෙහි කැපවේ. කාලපක්ෂයෙහි කැප නොවේ. අනුදත් සෙස්ස කාලපක්ෂයෙහිද ශුක්ලපක්ෂයෙහිද කැප වේ.
කත්තිකපුණ්ණමාසියා පච්ඡිමෙ පාටිපදදිවසෙ විකප්පෙත්වා ඨපිතං වස්සිකසාටිකං නිවාසෙන්තො හෙමන්තෙ ආපජ්ජති. කුරුන්දියං පන “කත්තිකපුණ්ණමදිවසෙ අපච්චුද්ධරිත්වා හෙමන්තෙ ආපජ්ජතී”ති වුත්තං, තම්පි සුවුත්තං. “චාතුමාසං අධිට්ඨාතුං තතො පරං විකප්පෙතු”න්ති හි වුත්තං. අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ පරියෙසන්තො අතිරෙකඩ්ඪමාසෙ සෙසෙ කත්වා නිවාසෙන්තො ච ගිම්හෙ ආපජ්ජති නාම. සතියා වස්සිකසාටිකාය නග්ගො කායං ඔවස්සාපෙන්තො වස්සෙ ආපජ්ජති නාම. පාරිසුද්ධිඋපොසථං වා අධිට්ඨානුපොසථං වා කරොන්තො සඞ්ඝො ආපජ්ජති. සුත්තුද්දෙසඤ්ච අධිට්ඨානුපොසථඤ්ච කරොන්තො ගණො ආපජ්ජති. එකකො සුත්තුද්දෙසං පාරිසුද්ධිඋපොසථඤ්ච කරොන්තො පුග්ගලො ආපජ්ජති. පවාරණායපි එසෙව නයො.
ඉල්මස පසළොස්වක පැසුළු පෑළවිය දිනයෙහි විකපනයකොට තැබූ වැසි සළුව හඳින්නේ හේමන්තයෙහි පැමිණේ. කුරුන්දියෙහි වනාහි ඉල් පෞණීමී දිනයෙහි පච්චුද්ධරණය නොකොට හෙමන්තයෙහි පැමිණේයයි කියන ලදී. භෙද කියන ලද්දේ මැනැවි. “චාතුමාසං අධිට්ඨාතුං තතොපරං විකප්පෙතුං”යි වදාරණලදී. ග්‍රීෂ්ම සෘතුවෙහි අතිරෙක මාසය ශෙෂව සිටි කල්හි සොයන්නේ අඩමසකට වැඩිකලක් ශෙෂව සිටි කල්හි හඳින්නේද, ග්‍රීෂ්ම සෘතුවෙහි පැමිණේ නම. වැසිසළුව ඇති කල්හි නග්නව කය තෙම්මන්නේ වැසි සාරමසෙහි පැමිණේ නම. පාරිසුද්ධි උපොසථය හෝ අධිට්ඨාන උපොසථය හෝ කරන්නේ සඞ්ඝතෙමේ ඇවැතට පැමිණේ. සූත්රාද්දෙශයද අධිෂ්ඨාන උපෞෂථයද කරන්නේ ගණයතෙමේ ඇවතට පැමිණේ. එකෙක් තෙමේ සූත්රාද්දෙශ උපෞෂථය කරන්නේ පුද්ගල තෙමේ ඇවැතට පැමිණේ. පවාරණයෙහිද මෙම නයවේ.
සඞ්ඝුපොසථො ච සඞ්ඝපවාරණා ච සඞ්ඝස්සෙව කප්පති. ගණුපොසථො ච ගණපවාරණා ච ගණස්සෙව කප්පති. අධිට්ඨානුපොසථො ච අධිට්ඨානපවාරණා ච පුග්ගලස්සෙව කප්පති. “පාරාජිකං ආපන්නොම්හී”තිආදීනි භණන්තො වත්ථුං ඡාදෙති න ආපත්තිං, “මෙථුනං ධම්මං පටිසෙවි”න්තිආදීනි භණන්තො ආපත්තිං ඡාදෙති නො වත්ථුං, යො නෙව වත්ථුං න ආපත්තිං ආරොචෙති, අයං වත්ථුඤ්චෙව ඡාදෙති ආපත්තිඤ්ච.
සඞ්ඝොපෞෂථයද සඞ්ඝපවාරණයද සඞ්ඝයාහටම කැපවේ. ගණොපෞෂථයද ගණපවාරණයද ගණයාහටම කැපවේ. අධිෂ්ඨානොපෞෂථයද අධිෂ්ඨානපවාරණයද පුද්ගලයාහටම කැපවේ. ‘පාරාජිකාපත්තියට පැමිණියේ වෙම්දැ’යි යනාදීන් කියන්නේ වස්තුව වසයි. ඇවැත නොවසයි. ‘මෙවුන්දම් පිළිසෙවීම් කෙළෙම්දැ’යි යනාදීන් ඇවැත වසයි. වස්තුව නොවසයි. යමෙක් වස්තුවත් ආපත්තියත් ආරොචනය නොකෙරේද මෙතෙමේ වස්තුවද වසයි. ආපත්තියද වසයි.
පටිච්ඡාදෙතීති පටිච්ඡාදි. ජන්තාඝරමෙව පටිච්ඡාදි ජන්තාඝරපටිච්ඡාදි. ඉතරාසුපි එසෙව නයො. ද්වාරං පිදහිත්වා අන්තොජන්තාඝරෙ ඨිතෙන පරිකම්මං කාතුං වට්ටති. උදකෙ ඔතිණ්ණෙනාපි එතදෙව වට්ටති. උභයත්ථ ඛාදිතුං භුඤ්ජිතුං වා න වට්ටති. වත්ථපටිච්ඡාදි සබ්බකප්පියතාය පටිච්ඡන්නෙන සබ්බං කාතුං වට්ටති. වහන්තීති යන්ති නිය්යන්ති; නින්දං වා පටික්කොසං වා න ලභන්ති. චන්දමණ්ඩලං අබ්භාමහිකාධූමරජරාහුවිමුත්තං විවටංයෙව විරොචති, න තෙසු අඤ්ඤතරෙන පටිච්ඡන්නං. තථා සූරියමණ්ඩලං, ධම්මවිනයොපි විවරිත්වා විභජිත්වා දෙසියමානොව විරොචති නො පටිච්ඡන්නො.
වැසීම කෙරේනුයි පටිච්ඡාදී නම. ගිනහල්ගෙයම වසානුයි. ජන්තාඝරපටිච්ඡාදී නම. අන්තන්හිද මෙම නය වේ. දොර වසා ගිනිහල් ගෙය තුළ සිටියහු විසින් පිරියම් කිරීම වටියි. දියට බැස්සහු විසින්ද මෙපමණක්ම වටියි. දෙතන්හි කෑමද බීමද නොවටියි. වස්ත්රපටිච්ඡාදි සියල්ල කැප බැවින් ප්රතිච්ඡන්නවූවහු විසින් සියල්ල කරන්නට වටියි. “වහන්ති” පමුණුවත්. නින්දාව හෝ දොස්කීම හෝ නොලබත්. සඳමඬල වලාකුළෙන් පිනියෙන් දුමින් රජසින් මොනවට මිදුනේ විවෘතවූයේම බබලයි. ඔවුන් අතුරෙහි එක්තරා එකෙකින් වැසුනේ නොබලයි. හිරුමඬලද එසේය. ධර්මවිනයද විවෘතකොට බෙදා දෙසනු ලබන්නේම බබලයි. වැසුනේ නොබබලයි.
අඤ්ඤෙන භෙසජ්ජෙන කරණීයෙන අඤ්ඤං විඤ්ඤාපෙන්තො ගිලානො ආපජ්ජති, න භෙසජ්ජෙන කරණීයෙන භෙසජ්ජං විඤ්ඤාපෙන්තො අගිලානො ආපජ්ජති, අවසෙසං ආපත්තිං ගිලානො චෙව ආපජ්ජති අගිලානො ච.
අත් බෙහෙතකින් කෘත්‍යයක් ඇති කල්හි අනිකක් විණවන්නේ ගිලාන තෙමේ ඇවතට පැමිණේ. බෙහෙතකින් කෘත්‍යයක් ඇති කල්හි බෙහෙතක් නොවිණවන්නේ අගිලාන තෙමේ ඇවතට පැමිණේ. සෙසු ඇවැතට ගිලාන තෙමේද අගිලාන තෙමේද ඇවැතට පැමිණේ
අන්තො ආපජ්ජති නො බහීති අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්තො අන්තො ආපජ්ජති නො බහි, බහි ආපජ්ජති නො අන්තොති සඞ්ඝිකං මඤ්චාදිං අජ්ඣොකාසෙ සන්ථරිත්වා පක්කමන්තො බහි ආපජ්ජති නො අන්තො, අවසෙසං පන අන්තො චෙව ආපජ්ජති බහි ච. අන්තොසීමායාති ආගන්තුකො ආගන්තුකවත්තං අදස්සෙත්වා සඡත්තුපාහනො විහාරං පවිසන්තො උපචාරසීමං ඔක්කන්තමත්තොව ආපජ්ජති. බහිසීමායාති ගමිකො දාරුභණ්ඩපටිසාමනාදිගමිකවත්තං අපූරෙත්වා පක්කමන්තො උපචාරසීමං අතික්කන්තමත්තොව ආපජ්ජති. අවසෙසං අන්තොසීමාය චෙව ආපජ්ජති බහිසීමාය ච. සති වුඩ්ඪතරෙ අනජ්ඣිට්ඨො ධම්මං භාසන්තො සඞ්ඝමජ්ඣෙ ආපජ්ජති නාම. ගණමජ්ඣෙපි පුග්ගලසන්තිකෙපි එසෙව නයො. කායෙන වුට්ඨාතීති තිණවත්ථාරකසමථෙන වුට්ඨාති. කායං අචාලෙත්වා වාචාය දෙසෙන්තස්ස වාචාය වුට්ඨාති. වචීසම්පයුත්තං කායකිරියං කත්වා දෙසෙන්තස්ස කායෙන වාචාය වුට්ඨාති නාම. සඞ්ඝමජ්ඣෙ දෙසනාගාමිනීපි වුට්ඨානගාමිනීපි වුට්ඨාති. ගණපුග්ගලමජ්ඣෙ පන දෙසනාගාමිනීයෙව වුට්ඨාති.
“අන්තො ආපජ්ජති නො බහි” අනුප්රවිෂ්ටව ශයනය කරන්නේ ඇතුළතදී ඇවැතට පැමිණේ. පිටතදී නොපැමිණේ. “බහි ආපජ්ජති නො අන්තො” සඞ්ඝික ඇඳපුටු ආදිය එලිමහනෙහි අතුරා යන්නේ පිටතදී ඇවතට පැමිණේ. සෙස්සට ඇතුළතදීද, පිටතදීද පැමිණේ. “අන්තො සීමායං” ආගන්තුක තෙමේ ආගන්තුක වත නොදක්වා සත්පාවහන් සහිතව වෙහෙරට වදනේ උපචාරසීමාවට බැසීම් පමණක් ඇත්තේම ඇවතට පැමිණේ. “බහි සිමාය” ගමිකතෙමේ දැවමඩු තැන්පත් කිරීම් ආදීවූ ගමිකවත නොපුරා යන්නේ උපචාර සීමාව ඉක්මුනු පමණ ඇත්තේම සෙස්සට සීමාව තුළදීද සීමාවෙන් පිටතදීද ඇවැතට පැමිණේ. වෘද්ධතරයක් ඇති කල්හි නොඅණවන ලද්දේ දහම් දෙසන්නේ සඟමැදදී ඇවැතට පැමිණේ නම. ගණ මද්ධ්යයෙහිද පුද්ගලයා සමීපයෙහිද මෙම නය වේ. “කායෙන වුට්ඨාති” තිණවත්ථාරක සමථයෙන් නැගී සිටියි. කය නොසොල්වා වචනයෙන් දෙසන්නහුගේ වචනයෙන් ඇවැතින් නැගී සිටියි. වාක්සම්ප්රයුක්තකාය ක්‍රියාකොට දෙසන්නහුගේ කයින් හා වචනයෙන් ඇවැතින් නැගීසිටී නම. සඟමැද දෙශනා ගාමිනී ඇවැතද වුට්ඨානගාමිනී ඇවැතද නැගිටියි. ගණ පුද්ගල මද්ධ්යයෙහි දෙශනාගාමිනී ඇවතම නැගිටියි.
ආගාළ්හාය චෙතෙය්යාති ආගාළ්හාය දළ්හභාවාය චෙතෙය්ය; තජ්ජනීයකම්මාදිකතස්ස වත්තං න පූරයතො ඉච්ඡමානො සඞ්ඝො උක්ඛෙපනීයකම්මං කරෙය්යාති අත්ථො. අලජ්ජී ච හොති බාලො ච අපකතත්තො චාති එත්ථ බාලො “අයං ධම්මාධම්මං න ජානාති” අපකතත්තො වා “ආපත්තානාපත්තිං න ජානාතී”ති න එත්තාවතා කම්මං කාතබ්බං; බාලභාවමූලකං පන අපකතත්තභාවමූලකඤ්ච ආපත්තිං ආපන්නස්ස කම්මං කාතබ්බන්ති අත්ථො. අධිසීලෙ සීලවිපන්නො නාම ද්වෙ ආපත්තික්ඛන්ධෙ ආපන්නො; ආචාරවිපන්නො නාම පඤ්ච ආපත්තික්ඛන්ධෙ ආපන්නො; දිට්ඨිවිපන්නො නාම අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො. තෙසං ආපත්තිං අපස්සන්තානං අප්පටිකරොන්තානං දිට්ඨිඤ්ච අනිස්සජ්ජන්තානංයෙව කම්මං කාතබ්බං.
“ආගාළ්හාය චෙතෙය්ය” දැඩිබව පිණිස සිතන්නේය. තර්ජනීය කර්මාදිය කරනලද වත්නොපුරන්නහුට සඞ්ඝතෙමේ කැමැතිවන්නේ උත්ක්‍ෂෙපණීය කර්මය කරන්නේය යන අර්‍ත්‍ථයි. “අලජ්ජිච හොති බාලො ච අපකතත්තො ච” යන මෙහි බාලවූ මෙතෙමේ ධර්මාධර්මය නොදනීය’යිද, නොපියවිසැහැවි ඇත්තේ හෝ ආපත්ති අනාපත්ති නොදනීයයිද යන මෙපමණකින් කර්ම නොකටයුතුය. බාලබව මුල්කොටද පියවි සැහැවි නැති බව මුල්කොටද ඇවැතට පැමිණියහුට කර්මකටයුතුය යන අර්‍ත්‍ථයි. අධිසීලයෙහි සීලවිපන්න නම් පාරාජික සඞ්ඝාදිසෙස ආපත්තිස්කන්ධද්වයට පැමිණියේය. ආචාරවිපන්න නම් පඤ්චවිධ ආපත්තිස්කන්ධයන්ට පැමිණියේය. දිට්ඨිවිපන්න නම් අන්තග්‍රාහික දෘෂ්ටියෙන් යුක්ත වූයේය. ඇවැත් නොදක්නා වූ පිළියම් නොකරන්නාවූ දෘෂ්ටියද නොහරින්නාවූ ඔවුන්ටම කර්ම කටයුතුය.
කායිකො දවො නාම පාසකාදීහි ජූතකීළනාදිභෙදො අනාචාරො; වාචසිකො දවො නාම මුඛාලම්බරකරණාදිභෙදො අනාචාරො; කායිකවාචසිකො නාම නච්චනගායනාදිභෙදො ද්වීහිපි ද්වාරෙහි අනාචාරො . කායිකො අනාචාරො නාම කායද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදවීතික්කමො; වාචසිකො අනාචාරො නාම වචීද්වාරෙ පඤ්ඤත්තසික්ඛාපදවීතික්කමො; කායිකවාචසිකො නාම ද්වාරද්වයෙපි පඤ්ඤත්තසික්ඛාපදවීතික්කමො. කායිකෙන උපඝාතිකෙනාති කායද්වාරෙ පඤ්ඤත්තස්ස සික්ඛාපදස්ස අසික්ඛනෙන, යො හි තං න සික්ඛති, සො නං උපඝාතෙති, තස්මා තස්ස තං අසික්ඛනං “කායිකං උපඝාතික”න්ති වුච්චති. සෙසපදද්වයෙපි එසෙව නයො. කායිකෙන මිච්ඡාජීවෙනාති ජඞ්ඝපෙසනිකාදිනා වා ගණ්ඩඵාලනාදිනා වා වෙජ්ජකම්මෙන ; වාචසිකෙනාති සාසනඋග්ගහණආරොචනාදිනා; තතියපදං උභයසම්පයොගවසෙන වුත්තං.
කායිකද්වය නම්, පස ඇට ආදියෙන් දූකෙළීම් ආදිප්රභෙදවූ අනාචාරයය. වාචසිකද්වය නම්, මුවබෙර වැයීම් ආදී ප්‍රභෙදවූ අනාචාරයය. කායිකවාචසිකද්වය නම් නැටීම්, ගීකීම් ආදි ප්‍රභෙදවූ දෙදොරින් කරණලද අනාචාරයය. කායික අනාචාරය නම් කායද්වාරයෙහි පණනලද ශික්ෂාපද ඉක්මීමය. වාචසික අනාචාරය නම් වාග්වාරයෙහි පණවනලද ශික්ෂාපද ඉක්මීමය. කායික වාචසික අනාචාරය නම් කාය වාග්ද්වාර දෙක්හි පණවනලද ශික්ෂාපද ඉක්මීමය. “කායිකෙන උපඝාතිකෙන” කායද්වාරයෙහි පණවන ලද ශික්‍ෂාපදයෙහි නොහික්මීමෙන් යමෙක් තෙමේ ඒ ශික්‍ෂාපදයෙහි නොහික්මේද හෙතෙමේ ඒ ශික්ෂාපදය නසාලයි. එහෙයින් ඔහුගේ ඒ හික්මීම කායික උපඝාතිකයි කියනු ලැබේ. සෙසු පද දෙක්හිද මෙම නයවේ. “කායිකෙන මිච්ඡාජීවෙන” පණිවුඩ පණත් ගෙණ යෑම් ආදියෙන් හෝ ගෙඩි පැළීම් ආදියෙන් හෝ. වෙදකමින් හෝ “වාචසිකෙන” ශාසන උද්ග්‍රහණ ආරොචනාදියෙන් තෙවන පදය උභයසම්ප්රයොග වශයෙන් කියනලදී.
අලං භික්ඛු මා භණ්ඩනන්ති අලං භික්ඛු මා භණ්ඩනං කරි, මා කලහං, මා විවාදං කරීති අත්ථො. න වොහරිතබ්බන්ති න කිඤ්චි වත්තබ්බං; වදතොපි හි තාදිසස්ස වචනං න සොතබ්බං මඤ්ඤන්ති. න කිස්මිඤ්චි පච්චෙකට්ඨානෙති කිස්මිඤ්චි බීජනග්ගාහාදිකෙ එකස්මිම්පි ජෙට්ඨකට්ඨානෙ න ඨපෙතබ්බොති අත්ථො. ඔකාසකම්මං කාරෙන්තස්සාති “කරොතු ආයස්මා ඔකාසං, අහං තං වත්තුකාමො”ති එවං ඔකාසං කාරෙන්තස්ස. නාලං ඔකාසකම්මං කාතුන්ති “කිං ත්වං කරිස්සසී”ති ඔකාසො න කාතබ්බො. සවචනීයං නාදාතබ්බන්ති වචනං න ආදාතබ්බං, වචනම්පි න සොතබ්බං; යත්ථ ගහෙත්වා ගන්තුකාමො හොති, න තත්ථ ගන්තබ්බන්ති අත්ථො.
“අලං භික්ඛු මා භණ්ඩනං” ‘මහණ’ කම්නැත. ඩබර නොකරව, කලහ නොකරව විවාද නොකරව, යන අර්‍ත්‍ථයි. “න වොහරිතබ්බං” කිසිවක් නොකියයුතුය. කියන්නාවූද එබඳු වූවහුගේ වචනය නොඇසිය යුතුයයි හඟිත්. “න කිස්මිඤ්චි පච්චෙකට්ඨානෙ” විජිනි ගැන්වීම් ආදීහු කිසි එකද දෙටු තැනෙක්හි නොතැබිය යුතුය යන අර්‍ත්‍ථයි. “ඔකාසං කාරෙන්තස්ස” ආයුෂ්මත් තෙමේ අවකාශ කෙරේවා, මම තා කියනු කැමතියෙමි’යි මෙසේ අවකාශ කරණ මහණහට “නාලං ඔකාසකම්මං කාතුං” තෝ කුමක් කරන්නෙහිදැ’යි අවකාශ නොකටයුතුය. “සවචනීයං න දාතබ්බං” වචනය නොගතයුතුය. අලජ්ජීවූ බාලවූ නොපියවි සැහැවි ඇතියහුගේ වචනයද නොඇසිය යුතුය. යම්තැනෙක ගෙනයනු කැමැතිවේද එහි නොයායුතුය යන අර්‍ත්‍ථයි.
තීහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො විනයොති යං සො ජානාති, සො තස්ස විනයො නාම හොති; සො න පුච්ඡිතබ්බොති අත්ථො. අනුයොගො න දාතබ්බොති “ඉදං කප්පතී”ති පුච්ඡන්තස්ස පුච්ඡාය ඔකාසො න දාතබ්බො, “අඤ්ඤං පුච්ඡා”ති වත්තබ්බො. ඉති සො නෙව පුච්ඡිතබ්බො නාස්ස පුච්ඡා සොතබ්බාති අත්ථො. විනයො න සාකච්ඡාතබ්බොති විනයපඤ්හො න සාකච්ඡිතබ්බො, කප්පියාකප්පියකථා න සංසන්දෙතබ්බා.
“තීහඞ්ගෙහි සමන්නාගතස්ස විනයො” හෙතෙමේ යමක් දනීද, එය ඔහුගේ විනය නම් වේ. හෙතෙමේ නොවිචාළයුතුය යන අර්‍ත්‍ථයි. “අනුයොගො න දාතබ්බො” මේ කැපදැයි විචාරන්නහුගේ විචාරීමට අවකාශ නොදිය යුතුය. අනිකකු විචාරව’යි කියයුතුය. යමෙක් තෙමේද ඔහු විචාරාද, හෙතෙමේ අනිකකු විචාරව’යි කියයුතුය. මෙසේ හෙතෙමේ නොම විචාළයුතුය. මොහුගේ පෘච්ඡාව නොඇසිය යුතුය, යන අර්‍ත්‍ථයි. “විනයො න සාකච්ඡිතබ්බො” විනය ප්රශ්නය සාකච්ඡා නොකටයුතුය. කප්පියාකප්පියකථා තොමෝ සංසන්දනය නොකටයුත්තීය.
ඉදමප්පහායාති එතං බ්රහ්මචාරිපටිඤ්ඤාතාදිකං ලද්ධිං අවිජහිත්වා. සුද්ධං බ්රහ්මචාරින්ති ඛීණාසවං භික්ඛුං. “පාතබ්යතං ආපජ්ජතී”ති පාතබ්යභාවං පටිසෙවනං ආපජ්ජති. “ඉදමප්පහායා”ති වචනතො පන තං බ්රහ්මචාරිපටිඤ්ඤාතං පහාය ඛීණාසවං “මුසා මයා භණිතං, ඛමථ මෙ”ති ඛමාපෙත්වා “නත්ථි කාමෙසු දොසො”ති ලද්ධිං විජහිත්වා ගතිවිසොධනං කරෙය්ය. අකුසලමූලානීති අකුසලානි චෙව මූලානි ච, අකුසලානං වා මූලානි අකුසලමූලානි. කුසලමූලෙසුපි එසෙව නයො. දුට්ඨු චරිතානි විරූපානි වා චරිතානි දුච්චරිතානි. සුට්ඨු චරිතානි සුන්දරානි වා චරිතානි සුචරිතානි. කායෙන කරණභූතෙන කතං දුච්චරිතං කායදුච්චරිතං. එස නයො සබ්බත්ථ. සෙසං තත්ථ තත්ථ වුත්තනයත්තා උත්තානමෙවාති.
“ඉදමප්පහාය” මේ බ්‍රහ්මචාරී ප්රතිඥාතාදීවූ ලබ්ධිය නොහැර “සුද්ධං බ්රහ්මචාරිං” ක්ෂීණාස්රව භික්ෂු “පාතව්යතං ආපජ්ජති” හෙලියයුතුබවට පතිසෙවනයට පැමිණේ. “ඉදමප්පහාය”යි වදාළ බැවින් ඒ බ්‍රහ්මචාරි ප්‍රතිඥාතය හැර ක්ෂීණාස්රවයා මාවිසින් බොරු කියනලදය. මට කමාවනු මැනැවැ’යි කමාකරවා ‘කාමයන්හි දොසක් නැතැ’යි යන ලබ්ධිය හැර ගතිවිශොධනය කරන්නේය. “අකුසලමූලානි” අකුශලයෝද මූලයෝද නොහොත් අකුශලයන්ගේ මූලයෝය. කුශල මූලයන්හිද මෙම නයය. නොමනා චරිතයෝ, විරූප වූ හෝ චරිතයෝ දුච්චරිතයෝය. මහාචරිතයෝ නොහොත් සුන්දර වූ චරිතයෝ සුචරිතයෝය. කයකරණකොට ගෙන කරණලද දුශ්චරිතය කායදුච්චරිත නම. සියලුතන්හි මේනයය. සෙස්ස ඒ ඒ තන්හි කියූ නය ඇති බැවින් ප්‍රකටමය.
තිකවාරවණ්ණනා නිට්ඨිතා.
තික වර්ණනාව නිමි.