චතුක්කවාරවණ්ණනා අට්ඨකථා
චතුක්කවාරවණ්ණනා
චතුක්කවාරවණ්ණනා
චතුක්කෙසු සකවාචාය ආපජ්ජති පරවාචාය වුට්ඨාතීති වචීද්වාරිකං පදසොධම්මාදිභෙදං ආපත්තිං ආපජ්ජිත්වා තිණවත්ථාරකසමථට්ඨානං ගතො පරස්ස කම්මවාචාය වුට්ඨාති . පරවාචාය ආපජ්ජති සකවාචාය වුට්ඨාතීති පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ පරස්ස කම්මවාචාය ආපජ්ජති, පුග්ගලස්ස සන්තිකෙ දෙසෙන්තො සකවාචාය වුට්ඨාති. සකවාචාය ආපජ්ජති සකවාචාය වුට්ඨාතීති වචීද්වාරිකං පදසොධම්මාදිභෙදං ආපත්තිං සකවාචාය ආපජ්ජති, දෙසෙත්වා වුට්ඨහන්තොපි සකවාචාය වුට්ඨාති. පරවාචාය ආපජ්ජති පරවාචාය වුට්ඨාතීති යාවතතියකං සඞ්ඝාදිසෙසං පරස්ස කම්මවාචාය ආපජ්ජති, වුට්ඨහන්තොපි පරස්ස පරිවාසකම්මවාචාදීහි වුට්ඨාති. තතො පරෙසු කායද්වාරිකං කායෙන ආපජ්ජති, දෙසෙන්තො වාචාය වුට්ඨාති. වචීද්වාරිකං වාචාය ආපජ්ජති, තිණවත්ථාරකෙ කායෙන වුට්ඨාති. කායද්වාරිකං කායෙනආපජ්ජති, තමෙව තිණවත්ථාරකෙ කායෙන වුට්ඨාති. වචීද්වාරිකං වාචාය ආපජ්ජති, තමෙව දෙසෙන්තො වාචාය වුට්ඨාති. සඞ්ඝිකමඤ්චස්ස අත්තනො පච්චත්ථරණෙන අනත්ථරතො කායසම්ඵුසනෙ ලොමගණනාය ආපජ්ජිතබ්බාපත්තිං සහගාරසෙය්යාපත්තිඤ්ච පසුත්තො ආපජ්ජති, පබුජ්ඣිත්වා පන ආපන්නභාවං ඤත්වා දෙසෙන්තො පටිබුද්ධො වුට්ඨාති. ජග්ගන්තො ආපජ්ජිත්වා පන තිණවත්ථාරකසමථට්ඨානෙ සයන්තො පටිබුද්ධො ආපජ්ජති පසුත්තො වුට්ඨාති නාම. පච්ඡිමපදද්වයම්පි වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං.
චතුෂ්කයන්හි - “සකවාචාය ආපජ්ජති පරවාචාය වුට්ඨාති” වාගද්වාරික වූ පදසොධර්මාදිභෙදවූ ඇවතට පැමිණ තිණවත්ථාරක සමථස්ථානයට ගියේ පරහුගේ කර්මවාක්යයෙන් නැගිටියි. “පරවාචාය ආපජ්ජති සකවාචාය වුට්ඨති” ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි පරහුගේ කර්මවාක්යයෙන් පැමිණේ. පුද්ගලයා සමීපයෙහි දෙසන්නේ තමන්ගේ වචනයෙන් නැගිටියි. “සකවාචාය ආපජ්ජති සකවාචාය වුට්ඨාති” වාග්ද්වාරික පදසොධධර්මාදිභෙදවූ ඇවැතට තමන්ගේ වචනයෙන් පැමිණේ. දෙසා නැගිටින්නේ තමන්ගේ වචනයෙන් නැගිටියි. “පරවාචාය ආපජ්ජති පරවාචාය වුට්ඨාති” යාවතතියක සඞ්ඝාදිසෙසයට පරහුගේ කර්මවාක්යයෙන් පැමිණේ. නැගිටින්නේද පරහුගේ පරිවාස කර්මවාක්යාදියෙන් නැගිටියි. එයින් අන්යයන්හි කායද්වාරික ඇවැතට කයින් පැමිණේ. දෙසන්නේ වචනයෙන් නැගිටියි. වාග්වාරික ඇවතට වචනයෙන් පැමිණේ. තිණවත්ථාරකයෙහිදී කයින් නැගිටියි. කායද්වාරික ඇවතට කයින් පැමිණේ. එයම තිණවත්ථාරිකයෙහි කයින් නැගිටියි. වාග්වාරික ඇවතට වචනයෙන් පැමිණේ. එයම දෙසන්නේ වචනයෙන් නැගිටියි. සඞ්ඝික ඇඳෙහි තමන්ගේ පසුතුරණ නොඅතුළේ කායස්පර්ශයෙහිදී ලොම් ගණනින් පැමිණිය යුතු ඇවැතටද සහගාරසෙය්යාපත්තියටද පැමිණේ. පිබිද ඇවැතට පැමිණි බව දැන දෙසන්නේ පිබිදියේ ඇවැතට පැමිණේ. නිදිගත්තේ නැගිටියි නම. පසුදෙපදයද කියූ අනුසරින්ම දතයුතුය.
අචිත්තකාපත්තිං අචිත්තකො ආපජ්ජති නාම. පච්ඡා දෙසෙන්තො සචිත්තකො වුට්ඨාති. සචිත්තකාපත්තිං සචිත්තකො ආපජ්ජති නාම. තිණවත්ථාරකට්ඨානෙ සයන්තො අචිත්තකො වුට්ඨාති. සෙසපදද්වයම්පි වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං. යො සභාගං ආපත්තිං දෙසෙති, අයං දෙසනාපච්චයා දුක්කටං ආපජ්ජන්තො පාචිත්තියාදීසු අඤ්ඤතරං දෙසෙති, තඤ්ච දෙසෙන්තො දුක්කටං ආපජ්ජති. තං පන දුක්කටං ආපජ්ජන්තො පාචිත්තියාදිතො වුට්ඨාති. පාචිත්තියාදිතො ච වුට්ඨහන්තො තං ආපජ්ජති. ඉති එකස්ස පුග්ගලස්ස එකමෙව පයොගං සන්ධාය “ආපත්තිං ආපජ්ජන්තො දෙසෙතී”ති ඉදං චතුක්කං වුත්තන්ති වෙදිතබ්බං.
අචිත්තකාපත්තියට අචිත්ත වූයේ පැමිණේනම. පසුව දෙසන්නේ සචිත්තකවූයේ නැගිටියි. සචත්තකාපත්තියට සචිත්තකවූයේ පැමිණේ නම. තිණවත්ථාරක සමථස්ථානයෙහි නිදන්නේ අචිත්තකවූයේ නැගිටියි. සෙසු පද දෙකද කියූ අනුසරින්ම දතයුතුය. යම් මහණෙක් තෙමේ සභාගාපත්තියක් දෙසාද, මෙතෙමේ දෙසීම හෙතුකොට දුක්කටයට පැමිණෙන්නේ පාචිත්තියාදීන් අතුරෙහි එක්තරා එකක් දෙසයි. එද දෙසන්නේ දුක්කටයට පැමිණේ. ඒ දුක්කටයට පැමිණෙන්නේ පාචිත්තියාදියෙන් නැගිටියි. පාචිත්තියාදියෙන්ද නැගිටින්නේ ඒ ඇවැතට පැමිණේ. මෙසේ එක් පුද්ගලයක්හුගේ එක්ම ප්‍රයෝගයක් සඳහා “අත්ථි ආපජ්ජන්තො දෙසෙති”යි මේ චතුෂ්කය කියන ලදැයි දතයුතුය.
කම්මචතුක්කෙ පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගාපත්තිං කම්මෙන ආපජ්ජති, දෙසෙන්තො අකම්මෙන වුට්ඨාති. විස්සට්ඨිආදිකං අකම්මෙන ආපජ්ජති, පරිවාසාදිනා කම්මෙන වුට්ඨාති. සමනුභාසනං කම්මෙනෙව ආපජ්ජති, කම්මෙන වුට්ඨාති. සෙසං අකම්මෙන ආපජ්ජති, අකම්මෙන වුට්ඨාති.
කර්මචතුෂ්කයෙහි ලාමක දෘෂ්ටිය නොහැරීමෙන් පැමිණෙන ඇවතට කර්මයෙන් පැමිණේ. දෙසන්නේ අකර්‍මයෙන් නැගිටියි. විසට්ඨි ආදියට අකර්‍මයෙන් පැමිණේ. පරිවාසාදීවූ කර්මයෙන් නැගිටියි. සමනුභාසනයට කර්මයෙන්ම පැමිණේ. කර්මයෙන් නැගිටියි. සෙස්සට අකර්‍මයෙන් පැමිණේ අකර්‍මයෙන් නැගිටියි.
පරික්ඛාරචතුක්කෙ පඨමො සකපරික්ඛාරො, දුතියො සඞ්ඝිකොව තතියො චෙතියසන්තකො, චතුත්ථො ගිහිපරික්ඛාරො. සචෙ පන සො පත්තචීවරනවකම්මභෙසජ්ජානං අත්ථාය ආහටො හොති, අවාපුරණං දාතුං අන්තො ඨපාපෙතුඤ්ච වට්ටති.
පරිෂ්කාර චතුෂ්කයෙහි තමන්ගේ පිරිකර ප්‍රථමය වේ. සඞ්ඝික පිරිකර දෙවැනි වේ. චෛත්යසන්තක පිරිකර තෙවැනි වේ. ගිහින් සතු පිරිකර සිවුවැනි වේ. ඉදින් ඒ ගිහිසතු පිරිකර, පා සිවුරු නවකම් බෙහෙත් ආදිය පිණිස ගෙනඑන ලද්දේවේද, ගබඩාවෙහි දොර ඇර ඇතුළත පිරිකර තැබීම පිණිස යතුර දීමද ඇතුළත තැබ්බවීමද වටියි.
සම්මුඛාචතුක්කෙ පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගාපත්තිං සඞ්ඝස්ස සම්මුඛා ආපජ්ජති, වුට්ඨානකාලෙ පන සඞ්ඝෙන කිච්චං නත්ථීති පරම්මුඛා වුට්ඨාති. විස්සට්ඨිආදිකං පරම්මුඛා ආපජ්ජති, සඞ්ඝස්ස සම්මුඛා වුට්ඨාති. සමනුභාසනං සඞ්ඝස්ස සම්මුඛා එව ආපජ්ජති, සම්මුඛා වුට්ඨාති. සෙසං සම්පජානමුසාවාදාදිභෙදං පරම්මුඛාව ආපජ්ජති, පරම්මුඛාව වුට්ඨාති. අජානන්තචතුක්කං අචිත්තකචතුක්කසදිසං.
සම්මුඛචතුෂ්කයෙහි ලාමකදෘෂ්ටිය නොහැරීමෙන් පැමිණෙන ඇවැතට සඞ්ඝයාගේ හමුවෙහිදීම පැමිණේ. නැගී සිටුනා කල්හි සඞ්ඝයා විසින් කෘත්‍යයක් නැත්තේයයි නොහමුවෙහි නැගිටියි. විසට්ඨිආදියට නොහමුවෙහි පැමිණේ. සඞ්ඝයා හමුවෙහි නැගිටියි. සමනුභාසනයට සඞ්ඝයා හමුවෙහිදීම පැමිණේ. හමුවෙහි නැගිටියි. සෙසු සම්පජානමුසාවාදාදි භෙදවූ ඇවැතට නොහමුවෙහිම පැමිණේ. නොහමුවෙහිම නැගිටියි. අජානන්ත චතුෂ්කය අචිත්තකචතුෂ්කය සමානය.
ලිඞ්ගපාතුභාවෙනාති සයිතස්සෙව භික්ඛුස්ස වා භික්ඛුනියා වා ලිඞ්ගපරිවත්තෙ ජාතෙ සහගාරසෙය්යාපත්ති හොති ඉදමෙව තං පටිච්ච වුත්තං. උභින්නම්පි පන අසාධාරණාපත්ති ලිඞ්ගපාතුභාවෙන වුට්ඨාති. සහපටිලාභචතුක්කෙ යස්ස භික්ඛුනො ලිඞ්ගං පරිවත්තති, සො සහ ලිඞ්ගපටිලාභෙන පඨමං උප්පන්නවසෙන සෙට්ඨභාවෙන ච පුරිමං පුරිසලිඞ්ගං ජහති, පච්ඡිමෙ ඉත්ථිලිඞ්ගෙ පතිට්ඨාති, පුරිසකුත්තපුරිසාකාරාදිවසෙන පවත්තා කායවචීවිඤ්ඤත්තියො පටිප්පස්සම්භන්ති, භික්ඛූති වා පුරිසොති වා එවං පවත්තා පණ්ණත්තියො නිරුජ්ඣන්ති, යානි භික්ඛුනීහි අසාධාරණානි ඡචත්තාලීස සික්ඛාපදානි තෙහි අනාපත්තියෙව හොති. දුතියචතුක්කෙ පන යස්සා භික්ඛුනියා ලිඞ්ගං පරිවත්තති, සා පච්ඡාසමුප්පත්තියා වා හීනභාවෙන වා පච්ඡිමන්ති සඞ්ඛ්‍යං ගතං ඉත්ථිලිඞ්ගං ජහති, වුත්තප්පකාරෙන පුරිමන්ති සඞ්ඛ්‍යං ගතෙ පුරිසලිඞ්ගෙ පතිට්ඨාති. වුත්තවිපරීතා විඤ්ඤත්තියො පටිප්පස්සම්භන්ති, භික්ඛුනීති වා ඉත්ථීති වා එවං පවත්තා පණ්ණත්තියොපි නිරුජ්ඣන්ති, යානි භික්ඛූහි අසාධාරණානි සතං තිංසඤ්ච සික්ඛාපදානි, තෙහි අනාපත්තියෙව හොති.
“ලිඞ්ගපාතුභාවෙන” නිදිගත්තාවූම මහණක්හුගේ හෝ මෙහෙණකගේ හෝ ලිඞ්ගපරිවර්‍තනය වූ කල්හි සහගාරසෙය්යාපත්තිය වේ. දෙදෙනාගේම අසාධාරණාපත්තිය ලිඞ්ගපාතුභාවයෙන් නැගිටියි. මෙය මේ සඳහා කියනලදී. සහපටිලාභචතුෂ්කයෙහි යම් මහණක්හුගේ ලිඞ්ගපරිවර්‍තනය වේද, හෙතෙමේ ලිඞ්ගප්රතිලාභය සමග ප්රථමොත්පන්න වශයෙන්ද ශ්රෙෂ්ඨභාවයෙන්ද පළමු පුරුෂලිඞ්ගය හරියි. පශ්චිම ලිඞ්ගයෙහි පිහිටයි. පුරුෂක්‍රියා පුරුෂාකාරාදි වශයෙන් පැවැති කායවාග්විඥප්තීහු සංසිඳෙත්. මහණැයි හෝ පුරුෂැයි හෝ පැවති ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්. මෙහෙණන් හා අසාධාරණවූ යම් ශික්ෂාපද සසතළිසක්වේද, එයින් අනාපත්තිම වේ. ද්විතීය චතුෂ්කයෙහි යම් මෙහෙණකගේ ලිඞ්ගපරිවර්‍තනය වේද, ඕතොමෝ පසුව සමුත්පත්තියෙන් හෝ හීනභාවයෙන් හෝ පශ්චිමය යන සඞ්ඛ්‍යාවට ගිය ස්ත්‍රීලිඞ්ගය හරියි. උක්ත ප්‍රකාරයෙන් පුරිමයි සඞ්ඛ්‍යාවට ගිය පුරුෂලිඞ්ගයෙහි පිහිටයි. උක්තවිපරීත විඥප්තීහු සංසිඳෙත්. මෙහෙණැයි හෝ ස්ත්රීයි හෝ මෙසේ පැවැති ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්. මහණුන් හා අසාධාරණවූ යම් එක්සිය තිසක් ශික්ෂාපදයෝ වෙත්ද, එයින් අනාපත්තිම වේ.
චත්තාරො සාමුක්කංසාති චත්තාරො මහාපදෙසා, තෙ හි භගවතා අනුප්පන්නෙ වත්ථුම්හි සයං උක්කංසිත්වා උක්ඛිපිත්වා ඨපිතත්තා “සාමුක්කංසා”ති වුච්චන්ති. පරිභොගාති අජ්ඣොහරණීයපරිභොගා , උදකං පන අකාලිකත්තා අප්පටිග්ගහිතකං වට්ටති. යාවකාලිකාදීනි අප්පටිග්ගහිතකානි අජ්ඣොහරිතුං න වට්ටන්ති. චත්තාරි මහාවිකටානි කාලොදිස්සත්තා යථාවුත්තෙ කාලෙ වට්ටන්ති. උපාසකො සීලවාති පඤ්ච වා දස වා සීලානි ගොපයමානො.
“චත්තාරො සාමුක්කංසා” සතර මහා ප්‍රදේශයෝය. ඒ සතර මහාප්රදේශයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් නොඋපන් වස්තුවෙහි තුමූ උසස්කොට ඔසොවා තැබූ බැවින් සාමුක්කංසයි කියනු ලැබෙත්. “පරිභොගා” අනුභව කටයුතු පරිභොගයෝ. ජලය වනාහි කාලිකයක් නොවන බැවින් නොපිළිගත්තක් වටියි. යාවකාලිකාදී නොපිළිගත්තාහුද අනුභව කරන්නට සුදුසු නොවෙත්. සතර මහාවිකටයෝ කාලයෙහි උදෙසනලද බැවින් යථොක්ත කාලයෙහි වටිත්. “උපාසකො සීලවා” පඤ්චසීලය හෝ දස සීලය හෝ රක්නේය.
ආගන්තුකාදිචතුක්කෙ සඡත්තුපාහනො සසීසං පාරුතො විහාරං පවිසන්තො තත්ථ විචරන්තො ච ආගන්තුකොව ආපජ්ජති, නො ආවාසිකො. ආවාසිකවත්තං අකරොන්තො පන ආවාසිකො ආපජ්ජති, නො ආගන්තුකො. සෙසං කායවචීද්වාරිකං ආපත්තිං උභොපි ආපජ්ජන්ති, අසාධාරණං ආපත්තිං නෙව ආගන්තුකො ආපජ්ජති, නො ආවාසිකො. ගමියචතුක්කෙපි ගමියවත්තං අපූරෙත්වා ගච්ඡන්තො ගමිකො ආපජ්ජති, නො ආවාසිකො. ආවාසිකවත්තං අකරොන්තො පන ආවාසිකො ආපජ්ජති, නො ගමිකො. සෙසං උභොපි ආපජ්ජන්ති, අසාධාරණං උභොපි නාපජ්ජන්ති. වත්ථුනානත්තතාදිචතුක්කෙ චතුන්නං පාරාජිකානං අඤ්ඤමඤ්ඤං වත්ථුනානත්තතාව හොති,නආපත්තිනානත්තතා. සබ්බාපි හි සා පාරාජිකාපත්තියෙව. සඞ්ඝාදිසෙසාදීසුපි එසෙව නයො. භික්ඛුස්ස ච භික්ඛුනියා ච අඤ්ඤමඤ්ඤං කායසංසග්ගෙ භික්ඛුස්ස සඞ්ඝාදිසෙසො භික්ඛුනියා පාරාජිකන්ති එවං ආපත්තිනානත්තතාව හොති, න වත්ථුනානත්තතා, උභින්නම්පි හි කායසංසග්ගොව වත්ථු. තථා “ලසුණක්ඛාදනෙ භික්ඛුනියා පාචිත්තියං, භික්ඛුස්ස දුක්කට”න්ති එවමාදිනාපෙත්ථ නයෙන යොජනා වෙදිතබ්බා. චතුන්නං පාරාජිකානං තෙරසහි සඞ්ඝාදිසෙසෙහි සද්ධිං වත්ථුනානත්තතා චෙව ආපත්තිනානත්තතා ච. එවං සඞ්ඝාදිසෙසාදීනං අනියතාදීහි. ආදිතො පට්ඨාය චත්තාරි පාරාජිකානි එකතො ආපජ්ජන්තානං භික්ඛුභික්ඛුනීනං නෙව වත්ථුනානත්තතා නො ආපත්තිනානත්තතා. විසුං ආපජ්ජන්තෙසුපි සෙසා සාධාරණාපත්තියො ආපජ්ජන්තෙසුපි එසෙව නයො.
ආගන්තුකාදි චතුෂ්කයෙහි සත්පාවහන් සහිතව හිස වසා පොරොවනලදුව වෙහෙරට පිවිසෙන්නේ එහි හැසිරෙන්නේද ආගන්තුකවම පැමිණේ. ආවාසිකව නොපැමිණේ. ආවාසික වත නොකරන්නේ වනාහි ආවාසික තෙමේ පැමිණේ. ආගන්තුක තෙමේ නොපැමිණේ. සෙසු කායවාග්වාරික ආපත්තියට දෙදෙනම පැමිණෙත්. අසාධාරණ ආපත්තියට ආගන්තුක තෙමේ නොමපැමිණේ. ආවාසික තෙමේද නොපැමිණේ. ආවාසිකවත නොකරන්නාවූ ආවාසික තෙමේ පැමිණේ. ගමිකතෙමේ නොපැමිණේ. සෙස්සට දෙදෙනම පැමිණෙත්. අසාධාරණ ඇවැතට දෙදෙනම නොපැමිණත්. වස්තුනානත්වාදි චතුෂ්කයෙහි සතර පාරාජිකයන්ගේ ඔවුනොවුන් වස්තුනානාත්වයම වේ. ආපත්තිනානාත්වය නොවේ. ඒ සියල්ලම පාරාජිකාපත්තියමය. සඞ්ඝාදිසෙසාදීන්හිද මෙමනය වේ. මහණහුගේද මෙහෙණගේද ඔවුනොවුන් කායසංසර්ගයෙහිදී මහණහුට සඞ්ඝාදිසෙසය වේ. මෙහෙණට පාරාජිකයයි. මෙසේ ආපත්තිනානාත්වයම වේ. වස්තූනානාත්වය නොවේ. දෙදෙනාහටම කායසංසර්‍ගය වස්තුව වේ. එසේ ලූනු කෑමෙහි මෙහෙණට පාචිත්තිය වේ. මහණහුට දුක්කටය වේය’යි මෙහි මේ ආදී නයින්ද යොජනා තොමෝ දතයුත්තීය. තෙළෙස් සඞ්ඝාදිසෙසයන් සමග සතර පාරාජිකයන්ගේ වස්තුනානාත්වයද ආපත්තිනානාත්වයද වේ. අනියතාදීන් සමග සඞ්ඝාදිසෙසයන්ටද මෙසේය. මුලපටන් පරිජි සතරට එකට පැමිණෙන්නාවූ මහණ-මෙහෙණන්හට වස්තුනානාත්වයක් නැත්තේමය. ආපත්ති නානාත්වයක් නැත්තේය. වෙන්ව පැමිණෙන කල්හිද සෙසු සාධාරණාපත්තීන්ට පැමිණෙන කල්හිද මෙම නයවේ.
වත්ථුසභාගාදිචතුක්කෙ භික්ඛුස්ස ච භික්ඛුනියා ච කායසංසග්ගෙ වත්ථුසභාගතා, නො ආපත්තිසභාගතා, චතූසු පාරාජිකෙසු ආපත්තිසභාගතා, නො වත්ථුසභාගතා. එස නයො සඞ්ඝාදිසෙසාදීසු. භික්ඛුස්ස ච භික්ඛුනියා ච චතූසු පාරාජිකෙසු වත්ථුසභාගතා චෙව ආපත්තිසභාගතා ච. එස නයො සබ්බාසු සාධාරණාපත්තීසු. අසාධාරණාපත්තියං නෙව වත්ථුසභාගතා නො ආපත්තිසභාගතා. යො හි පුරිමචතුක්කෙ පඨමො පඤ්හො, සො ඉධ දුතියො; යො ච තත්ථ දුතියො, සො ඉධ පඨමො. තතියචතුත්ථෙසු නානාකරණං නත්ථි.
වස්තුසභාගාදී චතුෂ්කයෙහි මහණහුගේද මෙහෙණගේද කායසංසර්ගයෙහි වස්තු සභාගත්‍වය වේ. ආපත්තිසභාගත්වය නොවේ. සතර පාරාජිකයන්හි ආපත්තිසභාගත්වය වේ. වස්තුසභාගත්වය නොවේ. සඞ්ඝාදිසෙසාදියෙහිද මේනය වේ. මහණහුටද මෙහෙණහටද සතර පාරාජිකයන්හි වස්තුසභාගත්වයද ආපත්තිසභාගත්වයද වේ. සියලු සාධාරණාපත්තීන්හි මේනයවේ. අසාධාරණාපත්තියෙහි වස්තුසභාගත්වයක් නැත්තේමය. ආපත්තිසභාගත්වයෙක් නැත්තේය. පුරිම චතුෂ්කයෙහි යම් ප්‍රථම ප්‍රශ්නයක් වේද, ඒ ප්‍රථම ප්රශ්නය මෙහි දෙවැනි වේ. යම් ප්‍රථම ප්‍රශ්නයක් එහි දෙවැනිවේද, ඒ ප්රශ්නය මෙහි ප්‍රථමය වේ. තෘතීය චතුර්ත්ථ චතුෂ්කයන්හි වෙනසක් නැත්තේය.
උපජ්ඣායචතුක්කෙ සද්ධිවිහාරිකස්ස උපජ්ඣායෙන කත්තබ්බවත්තස්ස අකරණෙ ආපත්තිං උපජ්ඣායො ආපජ්ජති, නො සද්ධිවිහාරිකො උපජ්ඣායස්ස කත්තබ්බවත්තං අකරොන්තො සද්ධිවිහාරිකො ආපජ්ජති, නො උපජ්ඣායො; සෙසං උභොපි ආපජ්ජන්ති, අසාධාරණං උභොපි නාපජ්ජන්ති. ආචරියචතුක්කෙපි එසෙව නයො.
උපාද්ධ්‍යාය චතුෂ්කයෙහි උපාද්ධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාහට කටයුතුවත් නොකිරීමෙහි ඇවැතට උපාද්ධ්‍යාය තෙමේ පැමිණේ. සද්ධිවිහාරික තෙමේ නොපැමිණේ. උපාද්ධ්‍යායයාහට කටයුතුවත් නොකරන්නේ සද්ධිවිහාරික තෙමේ පැමිණේ. උපාද්ධ්‍යාය තෙමේ නොපැමිණේ. සෙස්සට දෙදෙනම පැමිණෙත්. අසාධාරණ ඇවතට දෙදෙනම නොපැමිණෙත්. ආචාර්ය්ය චතුෂ්කයෙහිද මෙමනයවේ.
ආදියන්තචතුක්කෙ පාදං වා අතිරෙකපාදං වා සහත්ථා ආදියන්තො ගරුකං ආපජ්ජති, ඌනකපාදං ගණ්හාහීති ආණත්තියා අඤ්ඤං පයොජෙන්තො ලහුකං ආපජ්ජති. එතෙන නයෙන සෙසපදත්තයං වෙදිතබ්බං.
ආදියන්ත චතුෂ්කයෙහි පාදයක් හෝ පාදයට වැඩියක් හෝ සියතින් ගන්නා මහණතෙමේ ගරුකයට පැමිණේ. ‘පාදයට අඩුවක් ගණුව’යි ඇණවීමෙන් අනිකකු යොදන මහණතෙමේ ලහුකයට පැමිණේ. මේනයින් සෙසු පදතුන දතයුතුය.
අභිවාදනාරහචතුක්කෙ භික්ඛුනීනං තාව භත්තග්ගෙ නවමභික්ඛුනිතො පට්ඨාය උපජ්ඣායාපි අභිවාදනාරහා නො පච්චුට්ඨානාරහා. අවිසෙසෙන ච විප්පකතභොජනස්ස භික්ඛුස්ස යො කොචි වුඩ්ඪතරො. සට්ඨිවස්සස්සාපි පාරිවාසිකස්ස සමීපගතො තදහුපසම්පන්නොපි පච්චුට්ඨානාරහො නො අභිවාදනාරහො. අප්පටික්ඛිත්තෙසු ඨානෙසු වුඩ්ඪො නවකස්ස අභිවාදනාරහො චෙව පච්චුට්ඨානාරහො ච. නවකො පන වුඩ්ඪස්ස නෙව අභිවාදනාරහො න පච්චුට්ඨානාරහො. ආසනාරහචතුක්කස්ස පඨමපදං පුරිමචතුක්කෙ දුතියපදෙන, දුතියපදඤ්ච පඨමපදෙන අත්ථතො සදිසං.
අභිවාදනාර්හ චතුෂ්කයෙහි මෙහෙණට වනාහි බොජුන් හලෙහි නවවන මෙහෙණපටන් උපාද්ධ්යායයාද අභිවාදනයට සුදුසුය. දුරදී දැක හුනස්නෙන් නැගිටීමට සුදුසු නොවේ. අවිශෙෂයෙන්ද යම්කිසි වෘද්ධතරයෙක් තෙමේ අඩාලකළ භොජනය ඇති සැටවයස්වූද පරිවාසිකයක්හුගේ සමීපයට ගියේ එදවස උපසපන්වූයේ නමුදු දැක හුනස්නෙන් නැගී සිටීමට සුදුසු වේ. අභිවාදනයට සුදුසුනොවේ. නොවළක්වනලද තන්හි වෘද්ධ තෙමේ නවකයාගේ අභිවාදනයට සුදුසුද වේ. දැක හුනස්නෙන් නැගීසිටීමට සුදුසුද වේ. නවක තෙමේ වනාහි මහල්ලාගේ අභිවාදනයට නොමසුදුසු වේ. දැක හුනස්නෙන් නැගී සිටීමට සුදුසුද නොවේ. ආසනාර්හ චතුෂ්කයෙහි ප්රථමපදය පුරිමචතුෂ්කයෙහි ද්විතීය පදය හා ප්රථමපදය හා අර්ත්ථ වශයෙන් සමානවේ.
කාලචතුක්කෙ පවාරෙත්වා භුඤ්ජන්තො කාලෙ ආපජ්ජති නො විකාලෙ, විකාලභොජනාපත්තිං විකාලෙ ආපජ්ජති නො කාලෙ, සෙසං කාලෙ චෙව ආපජ්ජති විකාලෙ ච, අසාධාරණං නෙව කාලෙ නො විකාලෙ. පටිග්ගහිතචතුක්කෙ පුරෙභත්තං පටිග්ගහිතාමිසං කාලෙ කප්පති නො විකාලෙ. පානකං විකාලෙ කප්පති, පුනදිවසම්හි නො කාලෙ. සත්තාහකාලිකං යාවජීවිකං කාලෙ චෙව කප්පති විකාලෙ ච. අත්තනො අත්තනො කාලාතීතං යාවකාලිකාදිත්තයං අකප්පියමංසං උග්ගහිතකමප්පටිග්ගහිතකඤ්ච නෙව කාලෙ කප්පති නො විකාලෙ.
කාලචතුෂ්කයෙහි පවරා බුදින මහණතෙමේ කාලයෙහි පැමිණේ. විකාලයෙහි නොපැමිණේ. විකාල භොජනාපත්තියට විකාලයෙහි පැමිණේ. කාලයෙහි නොපැමිණේ. සෙස්සට කාලයෙහිද විකාලයෙහිද පැමිණේ. අසාධාරණාපත්තියට කාලයෙහිද විකාලයෙහිද නොමපැමිණේ. ප්රතිගෘහිත චතුෂ්කයෙහි පෙරබත පිළිගත් ආමිෂ සහිතයක් කාලයෙහි කැපවේ. විකාලයෙහි කැපනොවේ. පානකය විකාලයෙහි කැපවේ. දෙවන දිනයෙහිද කාලයෙහි කැපනොවේ. සත්තාහකාලකියද යාවජීවිකයද කාලයෙහිද විකාලයෙහිද කැපවේ. තමතමන්ගේ කල්ඉක්ම ගිය යාවකාලිකාදි තුනද නොකැප මසද උග්ගහිතක අපටිග්ගහිතකද කාලයෙහි කැප නොවේ. විකාලයෙහිද කැප නොවේ.
පච්චන්තිමචතුක්කෙ සමුද්දෙ සීමං බන්ධන්තො පච්චන්තිමෙසු ජනපදෙසු ආපජ්ජති, නො මජ්ඣිමෙසු; පඤ්චවග්ගෙන ගණෙන උපසම්පාදෙන්තො ගුණඞ්ගුණූපාහනං ධුවනහානං චම්මත්ථරණානි ච මජ්ඣිමෙසු ජනපදෙසු ආපජ්ජති නො පච්චන්තිමෙසු. ඉමානි චත්තාරි “ඉධ න කප්පන්තී”ති වදන්තොපි පච්චන්තිමෙසු ආපජ්ජති, “ඉධ කප්පන්තී”ති වදන්තො පන මජ්ඣිමෙසු ආපජ්ජති. සෙසාපත්තිං උභයත්ථ ආපජ්ජති, අසාධාරණං න කත්ථචි ආපජ්ජති. දුතියචතුක්කෙ පඤ්චවග්ගෙන ගණෙන උපසම්පදාදි චතුබ්බිධම්පි වත්ථු පච්චන්තිමෙසු ජනපදෙසු කප්පති. “ඉදං කප්පතී”ති දීපෙතුම්පි තත්ථෙව කප්පති නො මජ්ඣිමෙසු. “ඉදං න කප්පතී”ති දීපෙතුං පන මජ්ඣිමෙසු ජනපදෙසු කප්පති නො පච්චන්තිමෙසු . සෙසං “අනුජානාමි භික්ඛවෙ පඤ්ච ලොණානී”තිආදි අනුඤ්ඤාතකං උභයත්ථ කප්පති. යං පන අකප්පියන්ති පටික්ඛිත්තං, තං උභයත්ථාපි න කප්පති.
ප්රත්යන්තිම චතුෂ්කයෙහි මුහුදෙහි සීමාබදින්නේ ප්‍රත්‍යන්ත ජනපදයන්හිදී පැමිණේ. මද්ධ්‍යම දෙශයෙහිදී නොපැමිණේ. පඤ්චවර්ග ගණයෙන් උපසපන් කරන්නේ ගණඞ්ගණූපාහනය ධුවනහානය නොකැප සම් ඇතිරීම යන මොවුන්ට මද්ධ්‍යම ජනපදයෙහිදී පැමිණේ. ප්‍රත්‍යන්ත ජනපදයන්හිදී නොපැමිණේ. මේ ප්‍රදේශ ප්රඥප්ති සතර මෙහි කැප නොවේයයි කියන්නේද ප්රත්යන්තජනපදයන්හිදී පැමිණේ. මෙහි කැපයයි කියන්නේ වනාහි මද්ධ්යමජනපදයන්හිදී පැමිණේ. සෙසු ඇවතට දෙතන්හිදී පැමිණේ. අසාධාරණ ඇවැතට කිසිතැනකදීත් නොපැමිණේ. ද්විතීය චතුෂ්කයෙහි පඤ්චවර්ගගණයා විසින්ද උපසම්පදාදීවූ සිවුවැදෑරුම්වූද වස්තුව ප්‍රත්‍යන්තජනපදයන්හි කැපවේ. ‘මේ කැපය’යි දැක්වීමද එහිම කැපවේ. මද්ධ්‍යම ජනපදයෙහි කැප නොවේ. මද්ධ්‍යම ජනපදයෙහි කැපවේ. ප්‍රත්‍යන්ත ජනපදයෙහි කැප නොවේ. සෙස්ස “අනුජානාමි භික්ඛවෙ පඤ්ච ලොණානි” යනාදිතන්හි ඒ අනුදන්නා ලද්ද දෙතන්හි කැපවේ. යමක් වනාහි අකැපැයි ප්රතික්ෂෙපකරණ ලද්දේද, එය දෙතන්හිම නොකැපවේ.
අන්තොආදිචතුක්කෙ අනුපඛජ්ජ සෙය්යාදිං අන්තො ආපජ්ජති නො බහි, අජ්ඣොකාසෙ සඞ්ඝිකමඤ්චාදීනි නික්ඛිපිත්වා පක්කමන්තො බහි ආපජ්ජති නො අන්තො, සෙසං අන්තො චෙව බහි ච, අසාධාරණං නෙව අන්තො න බහි. අන්තොසීමාදිචතුක්කෙ ආගන්තුකො වත්තං අපූරෙන්තො අන්තොසීමාය ආපජ්ජති, ගමියො බහිසීමාය මුසාවාදාදිං අන්තොසීමාය ච බහිසීමාය ච ආපජ්ජති,අසාධාරණං න කත්ථචි.ගාමචතුක්කෙ අන්තරඝරපටිසංයුත්තං සෙඛියපඤ්ඤත්තිං ගාමෙ ආපජ්ජති නො අරඤ්ඤෙ. භික්ඛුනී අරුණං උට්ඨාපයමානා අරඤ්ඤෙ ආපජ්ජති නො ගාමෙ. මුසාවාදාදිං ගාමෙ චෙව ආපජ්ජති අරඤ්ඤෙ ච, අසාධාරණං න කත්ථචි.
අන්තො ආදි චතුෂ්කයෙහි උපචාරයට පිවිස සයනය කිරීම් ආදියට ඇතුළතදී පැමිණේ. පිටතදී නොපැමිණේ. එලිමහනෙහි සඟසතු ඇඳපුටු ආදිය තබා යන මහණ තෙමේ පිටතදී පැමිණේ. ඇතුළතදී නොපැමිණේ. සෙස්සට ඇතුළතදීද පිටතදී ද පැමිණේ. අසාධාරණාපත්තියට ඇතුළතදීද පිටතදීද නොපැමිණේ. අන්තො සීමාදි චතුෂ්කයෙහි ආගන්තුකතෙමේ වත් නොපුරන්නේ සීමාව තුළදී පැමිණේ. ගමිය තෙමේ සීමාවෙන් පිටතදී පැමිණේ. මුසාවාදාදියට සීමාව තුළදීද පිටතදීද පැමිණේ. අසාධාරණාපත්තියට කිසිතැනකදී නොපැමිණේ. ග්රාමචතුෂ්කයෙහි අන්තරඝරප්රතිසංයුක්ත ශෛක්ෂප්රඥප්තියට ගමෙහිදී පැමිණේ. ආරණ්යයෙහිදී නොපැමිණේ. මෙහෙණ තොමෝ අරුණ නංවන්නී අරණ්යයෙහිදී පැමිණේ. ගමෙහිදී නොපැමිණේ. මුසාවාදාදියට ගමෙහිදීද අරණ්යයෙහිදීද පැමිණේ. අසාධාරණාපත්තියට කිසිතැනකදී නොපැමිණේ.
චත්තාරො පුබ්බකිච්චාති “සම්මජ්ජනී පදීපො ච උදකං ආසනෙන චා”ති ඉදං චතුබ්බිධං පුබ්බකරණන්ති වුච්චතීති වුත්තං. “ඡන්දපාරිසුද්ධිඋතුක්ඛානං භික්ඛුගණනා ච ඔවාදො”ති ඉමෙ පන “චත්තාරො පුබ්බකිච්චා”ති වෙදිතබ්බා. චත්තාරො පත්තකල්ලාති උපොසථො යාවතිකා ච භික්ඛූ කම්මප්පත්තා තෙ ආගතා හොන්ති, සභාගාපත්තියො න විජ්ජන්ති, වජ්ජනීයා ච පුග්ගලා තස්මිං න හොන්ති, පත්තකල්ලන්ති වුච්චතීති. චත්තාරි අනඤ්ඤපාචිත්තියානීති “එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තිය”න්ති එවං වුත්තානි අනුපඛජ්ජසෙය්යාකප්පනසික්ඛාපදං “එහාවුසො ගාමං වා නිගමං වා”ති සික්ඛාපදං, සඤ්චිච්ච කුක්කුච්චඋපදහනං, උපස්සුතිතිට්ඨනන්ති ඉමානි චත්තාරි. චතස්සො භික්ඛුසම්මුතියොති “එකරත්තම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, අඤ්ඤං නවං සන්ථතං කාරාපෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, තතො චෙ උත්තරි විප්පවසෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා”ති එවං ආගතා තෙරසහි සම්මුතීහි මුත්තා සම්මුතියො. ගිලානචතුක්කෙ අඤ්ඤභෙසජ්ජෙන කරණීයෙන ලොලතාය අඤ්ඤං විඤ්ඤාපෙන්තො ගිලානො ආපජ්ජති, අභෙසජ්ජකරණීයෙන භෙසජ්ජං විඤ්ඤාපෙන්තො අගිලානො ආපජ්ජති, මුසාවාදාදිං උභොපි ආපජ්ජන්ති, අසාධාරණං උභොපි නාපජ්ජන්ති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“චත්තාරො පුබ්බකිච්චා” ඇමදීම - පහන් දැල්වීම - පැන් එළවා තැබීම අසුන් පැනවීම යන මේ චතුර්විධකරණය පූර්වකරණයයි කියනු ලැබේ. ඡන්දපාරිසුද්ධි - උතුක්ඛාන - භික්ඛුගණනා - ඔවාද යන මේ සතර පූර්වකෘත්යයයි දතයුතුය. “චත්තාරො පත්තකල්ලා” ත්‍රිවිධ උපෞෂථ දිනයෙන් එකක්වේද, උපෞෂථ කර්මයට යම් පමණ භික්ෂූහු වෙත්නම් ඔවුහු පැමිණියාහු වෙත්ද, වස්තු සභාගාපත්තීහු නොවෙත්ද, අත්පසින් බැහැර කළයුතු පුද්ගලයෝ එහි නොවෙත්ද මෙසේ ඇති කල්හි උපෞෂථ කර්මය පැමිණි කල් ඇත්තේයයි කියනු ලැබේ. “චත්තාරි අනඤ්ඤ පාචිත්තියානි” “එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තියං”යි මෙසේ වදාළ අනුපඛජ්ජසෙය්යාකප්පන ශික්ෂාපදය, “එහාවුසො ගාමං වා නිගමං වා” යන ශික්ෂාපදය, සංචිච්චකුක්කුච්චඋපදහන ශික්ෂාපදය, උපස්සුතිට්ඨාන ශික්ෂාපදය යන මේ සතර “චතස්සො භික්ඛුසම්මුතියො”. “එකරත්තම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්ය අඤ්ඤත්ර භික්ඛු සම්මුතියා, “අඤ්ඤං නවං සන්ථතං කාරාපෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, “තතො චෙ උත්තරිං විප්පවසෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා”, “දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙය්ය අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා”යි මෙසේ ආවා වූ තෙළෙස් සම්මුතියෙන් මුක්ත වූ සම්මුතීහුය. ග්ලාන චතුෂ්කයෙහි අන් බෙහෙතකින් කටයුතු ඇති කල්හි ලොල්බැවින් අනිකක් විණවන ග්ලාන තෙමේ පැමිණේ. බෙහෙතකින් වැඩක් නැති කල්හි බෙහෙතක් විණවන නොගිලන් තෙමේ පැමිණේ. දෙදෙනම මුසාවාදාදියට පැමිණෙත්. දෙදෙනම අසාධාරණාපත්තියට නොපැමිණෙත්. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
චතුක්කවාරවණ්ණනා නිට්ඨිතා.
චතුක්ක වර්ණනාව නිමි.