යෙදුමෙන් කියවන්න

පඤ‍්චකවාරවණ‍්ණනා අට‍්ඨකථා

පඤ‍්චකවාරවණ‍්ණනා

පඤ්චකවාරවණ්ණනා

පඤ‍්චකෙසු පඤ‍්ච පුග‍්ගලා නියතාති ආනන‍්තරියානමෙවෙතං ගහණං. පඤ‍්ච ඡෙදනකා ආපත‍්තියො නාම පමාණාතික‍්කන‍්තෙ මඤ‍්චපීඨෙ නිසීදනකණ‍්ඩුප‍්පටිච‍්ඡාදිවස‍්සිකසාටිකාසු සුගතචීවරෙ ච වෙදිතබ‍්බා. පඤ‍්චහාකාරෙහීති අලජ‍්ජිතා, අඤ‍්ඤාණතා, කුක‍්කුච‍්චප‍්පකතතා, අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා, කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතාති ඉමෙහි පඤ‍්චහි. පඤ‍්ච ආපත‍්තියො මුසාවාදපච‍්චයාති පාරාජිකථුල‍්ලච‍්චයදුක‍්කටසඞ‍්ඝාදිසෙසපාචිත‍්තියා. අනාමන‍්තචාරොති “සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං කුලෙසු චාරිත‍්තං ආපජ‍්ජෙය්‍යා”ති ඉමස‍්ස ආපුච‍්ඡිත්‍වා චාරස‍්ස අභාවො. අනධිට‍්ඨානන‍්ති “ගණභොජනෙ අඤ‍්ඤත්‍ර සමයා”ති වුත‍්තං සමයං අධිට‍්ඨහිත්‍වා භොජනං අධිට‍්ඨානං නාම; තථා අකරණං අනධිට‍්ඨානං. අවිකප‍්පනා නාම යා පරම‍්පරභොජනෙ විකප‍්පනා වුත‍්තා, තස‍්සා අකරණං. ඉමානි හි පඤ‍්ච පිණ‍්ඩපාතිකස‍්ස ධුතඞ‍්ගෙනෙව පටික‍්ඛිත‍්තානි. උස‍්සඞ‍්කිතපරිසඞ‍්කිතොති යෙ පස‍්සන‍්ති, යෙ සුණන‍්ති, තෙහි උස‍්සඞ‍්කිතො චෙව පරිසඞ‍්කිතො ච. අපි අකුප‍්පධම‍්මො ඛීණාසවොපි සමානො, තස‍්මා අගොචරා පරිහරිතබ‍්බා. න හි එතෙසු සන්‍දිස‍්සමානො අයසතො වා ගරහතො වා මුච‍්චති. සොසානිකන‍්ති සුසානෙ පතිතකං. පාපණිකන‍්ති ආපණද‍්වාරෙ පතිතකං. ථූපචීවරන‍්ති වම‍්මිකං පරික‍්ඛිපිත්‍වා බලිකම‍්මකතං. ආභිසෙකිකන‍්ති නහානට‍්ඨානෙ වා රඤ‍්ඤො අභිසෙකට‍්ඨානෙ වා ඡඩ‍්ඩිතචීවරං. භතපටියාභතන‍්ති සුසානං නෙත්‍වා පුන ආනීතකං. පඤ‍්ච මහාචොරා උත‍්තරිමනුස‍්සධම‍්මෙ වුත‍්තා.

පඤ්චකයන්හි “පඤ්ච පුග්ගලානියතා” මේ ආනන්තරිකයන්ගේම ගැණීමය. පඤ්ච ඡෙදනකා ආපත්ති නම්, පමණ ඉකුත්වූ මඤ්චපීඨයෙහිද නිසීදනකණ්ඩුපටිච්ඡාදිවස්සිකසාටිකාවන්හිද සුගතචීවරයෙහිද දතයුතුය. “පඤ්චහාකාරෙහි” අලජ්ජිතා - අඤ්ඤාණතා - කුක්කුච්චපකතතා - අකප්පිය කප්පියසඤ්ඤිතා - කප්පිය අකප්පිය සඤ්ඤිතා යන මේ පසින්, පඤ්චාපත්තීහු වෙති. “මුසාවාදපච්චයා” පාරාජික - ථුල්ලච්චය - දුක්කට - සඞ්ඝාදිසෙස - පාචිත්තිය යන මොවුහුය. “අනාමන්තචාරො” “සන්තං භික්‍ඛුං අනාපුච්ඡා පුරෙ භත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්‍ය” යන මේ ශික්‍ෂාපදය පිළිබඳ විචාරා හැසිරීමෙහි අභාවයයි. “අනධිට්ඨානං” “ගණභොජනෙ අඤ්ඤත්‍ර සමයා”යි මෙහි කියනලද සමය ඉටා අනුභවය අධිට්ඨාන නම්, එසේ නොකිරීම අනධිට්ඨාන නම අවිකප්පනා නම් පරම්පර භොජනයෙහි යම් විකප්පනාවක් වදාරණ ලදද, ඒ විකප්පනාවගේ නොකිරීමය. මේ පස පිණ්ඩපාතිකයාගේ ධුතාඞ්ගයෙන් ප්‍රතික්‍ෂෙප කරණලද්දේය. “උස්සඞ්කිතපරිසඞ්කිතො” වෙසියාදි පඤ්ච අගොචරස්ථානයට යන්නවුන් යම් කෙනෙක් දකිත්ද, යම් කෙනෙක් අසත්ද ඔවුන් විසින් සැකකරණ ලද්දේ වේ. හැමතින් සැකකරණලද්දේ වේ. තවද, “අකුප්පධම්මො” අකොප්‍ය ධර්‍ම ඇත්තේය. ක්‍ෂීණාස්‍රව සමානම වේ. එහෙයින් අගොචරයෝ දුරුකටයුත්තාහ. මොවුන් කෙරෙහි පෙනෙන්නේ අයසයෙන් හෝ ගර්‍හායෙන් හෝ නොමිදෙන්නේය. “සොසානිකං” සොහොනෙහි වැටුනක්. “පාපණිකං” කඩපිළ වැටුනක්. “ථූපචීවරං” තුඹස වටකොට බිලියම් කරණලද්දක් “ආභිසෙකිකං” නානතැන හෝ රජුගේ අභිෂෙකස්ථානයෙහි හෝ දැමු සිවුර. “ගතපච්චාගතං” සොහොනට ගෙණ ගොස් නැවත ගෙන එන ලද්දක්.

පඤ‍්චාපත‍්තියො කායතො සමුට‍්ඨන‍්තීති පඨමෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති, “භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී සඤ‍්ඤාචිකාය කුටිං කරොතී”ති එවං අන‍්තරපෙය්‍යාලෙ වුත‍්තාපත‍්තියො. පඤ‍්ච ආපත‍්තියො කායතො ච වාචතො චාති තතියෙන ආපත‍්තිසමුට‍්ඨානෙන පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති, “භික‍්ඛු කප‍්පියසඤ‍්ඤී සංවිදහිත්‍වා කුටිං කරොතී”ති එවං තත්‍ථෙව වුත‍්තා ආපත‍්තියො. දෙසනාගාමිනියොති ඨපෙත්‍වා පාරාජිකඤ‍්ච සඞ‍්ඝාදිසෙසඤ‍්ච අවසෙසා.

“පඤ්චාපත්තියො කායතො සමුට්ඨභන්ති” ප්‍රථම ආපත්තිසමුට්ඨානයෙන් ඇවැත් පසකට පැමිණේ. “භික්‍ඛු කප්පියසඤ්ඤී සඤ්ඤවිකාය කුටිං කරොති”යි මෙසේ අන්තරපෙය්‍යාලයෙහි කියන ලද ආපත්තීහුය. “පඤ්චාපත්තියො කායතො ච වාචතො ච” යන මෙහි තෘතීය ආපත්ති සමුට්ඨානයෙන් පස් ඇවතකට පැමිණේ. එහිම කියනලද ආපත්තීන්ටය. “දෙසනාගාමිනියො” පාරාජිකයද සඞ්ඝාදිසෙසයද හැර සෙසු ඇවත්ය.

පඤ‍්ච කම‍්මානීති තජ‍්ජනීයනියස‍්සපබ‍්බාජනීයපටිසාරණීයානි චත‍්තාරි උක‍්ඛෙපනීයඤ‍්ච තිවිධම‍්පි එකන‍්ති පඤ‍්ච. යාවතතියකෙ පඤ‍්චාති උක‍්ඛිත‍්තානුවත‍්තිකාය භික‍්ඛුනියා යාවතතියං සමනුභාසනාය අප‍්පටිනිස‍්සජ‍්ජන‍්තියා පාරාජිකං ථුල‍්ලච‍්චයං දුක‍්කටන‍්ති තිස‍්සො , භෙදකානුවත‍්තකාදිසමනුභාසනාසු සඞ‍්ඝාදිසෙසො, පාපිකාය දිට‍්ඨියා අප‍්පටිනිස‍්සග‍්ගෙ පාචිත‍්තියං. අදින‍්නන‍්ති අඤ‍්ඤෙන අදින‍්නං. අවිදිතන‍්ති පටිග‍්ගණ‍්හාමීති චෙතනාය අභාවෙන අවිදිතං. අකප‍්පියන‍්ති පඤ‍්චහි සමණකප‍්පෙහි අකප‍්පියකතං; යං වා පනඤ‍්ඤම‍්පි අකප‍්පියමංසං අකප‍්පියභොජනං. අකතාතිරිත‍්තන‍්ති පවාරෙත්‍වා අතිරිත‍්තං අකතං. සමජ‍්ජදානන‍්ති නටසමජ‍්ජාදිදානං. උසභදානන‍්ති ගොගණස‍්ස අන‍්තරෙ උසභවිස‍්සජ‍්ජනං. චිත‍්තකම‍්මදානන‍්ති ආවාසං කාරෙත්‍වා තත්‍ථ චිත‍්තකම‍්මං කාරෙතුං වට‍්ටති. ඉදං පන පටිභානචිත‍්තකම‍්මදානං සන්‍ධාය වුත‍්තං. ඉමානි හි පඤ‍්ච කිඤ‍්චාපි ලොකස‍්ස පුඤ‍්ඤසම‍්මතානි, අථ ඛො අපුඤ‍්ඤානි අකුසලානියෙව . උප‍්පන‍්නං පටිභානන‍්ති එත්‍ථ පටිභානන‍්ති කථෙතුකම්‍යතා වුච‍්චති. ඉමෙ පඤ‍්ච දුප‍්පටිවිනොදයාති න සුපටිවිනොදයා; උපායෙන පන කාරණෙන අනුරූපාහි පච‍්චවෙක‍්ඛනාඅනුසාසනාදීහි සක‍්කා පටිවිනොදෙතුන‍්ති අත්‍ථො.

“පඤ්ච කම්මානි” තජ්ජනීය-නියස්ස පබ්බාජනීය-පටිසාරණීය යන සතරද, ත්‍රිවිධ උත්ක්‍ෂෙපණීය කර්‍මයද, යන එකෙකැයි පසය. “යාවතතියකෙ පඤ්ච” උත්ක්‍ෂිප්තයන්ට අනුවර්තිත වූ මෙහෙණට යාවතතිය සමනුභාෂණයෙන් නොහරින්නියට පාරාජික ථුල්ලච්චය-දුක්කටය යන තුන. භෙදකානුවර්‍තකාදිසමනුභාෂාණයන්හි සඞ්ඝාදියෙසය, ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි පාචිත්තිය යන මේ පසය. “අදින්නං” අනිකක්හු විසින් නොදෙන ලද්දක්. “අවිදිතං” පිළිගණිමි’යි චෙතනාවක් නැති බැවින් නොදන්නා ලද්දක්. “අකප්පියං” පඤ්චවිධ ශ්‍රමණකල්පයෙන් කැප නොකරණ ලද්දක්. යම්බඳු අන් අකැප මසක්, අකැප බොජුනක් වේද ඒය. “අකතාතිරිත්තං” පවරා ඉතිරි නොකරණ ලද්දක්. “සමජ්ජදානං” නටසමජ්ජාදිදානය. “උසභදානං” ගවසමූහයා අතුරෙහි වෘෂභයන් හැරීම. “චිත්තකම්මදානං” ආවාසයක් කරවා එහි සිතියම් කිරීම වටියි. මේ වනාහි ප්‍රතිභානචිත්‍ර කර්‍මය සඳහා කියනලදී. මේ පස ලෝකයා විසින් පුණ්‍යකර්‍මැයි සම්මතය. එහෙත් අපුණ්‍යය. අකුශලමය. “උප්පන්නං පටිභාණං” මෙහි පරිභාණං යනු කථෙතුකම්‍යතා තොමෝ කියනු ලැබේ. රාග, ද්වෙෂ, මෝහ, ප්‍රතිභාන ගමියසිත යන මේ පස. “දුප්පටිවිනොදයා” මැනැවින් දුරු නොකොට හැකිය. උපායයෙන් කාරණයෙන් අනුරූප ප්‍රත්‍යවෙක්‍ෂා අනුශාසනාදියෙන් දුරු කරන්නට නොහැකිය යන අර්‍ත්‍ථයි.

සකචිත‍්තං පසීදතීති එත්‍ථ ඉමානි වත්‍ථූනි – කටඅන්‍ධකාරවාසී ඵුස‍්සදෙවත්‍ථෙරො කිර චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා සින්‍දුවාරකුසුමසන්‍ථතමිව සමවිප‍්පකිණ‍්ණවාලිකං චෙතියඞ‍්ගණං ඔලොකෙන‍්තො බුද‍්ධාරම‍්මණං පීතිපාමොජ‍්ජං උප‍්පාදෙත්‍වා අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ මාරො පබ‍්බතපාදෙ නිබ‍්බත‍්තකාළමක‍්කටො විය හුත්‍වා චෙතියඞ‍්ගණෙ ගොමයං විප‍්පකිරන‍්තො ගතො. ථෙරො නාසක‍්ඛි අරහත‍්තං පාපුණිතුං, සම‍්මජ‍්ජිත්‍වා අගමාසි. දුතියදිවසෙපි ජරග‍්ගවො හුත්‍වා තාදිසමෙව විප‍්පකාරං අකාසි. තතියදිවසෙ වඞ‍්කපාදං මනුස‍්සත‍්තභාවං නිම‍්මිනිත්‍වා පාදෙන පරිකසන‍්තො අගමාසි. ථෙරො “එවරූපො බීභච‍්ඡපුරිසො සමන‍්තා යොජනප‍්පමාණෙසු ගොචරගාමෙසු නත්‍ථි, සියා නු ඛො මාරො”ති චින‍්තෙත්‍වා “මාරොසි ත්‍ව”න‍්ති ආහ. “ආම, භන‍්තෙ, මාරොම‍්හි, න දානි තෙ වඤ‍්චෙතුං අසක‍්ඛි”න‍්ති. “දිට‍්ඨපුබ‍්බො තයා තථාගතො”ති? “ආම, දිට‍්ඨපුබ‍්බො”ති. “මාරො නාම මහානුභාවො හොති, ඉඞ‍්ඝ තාව බුද‍්ධස‍්ස භගවතො අත‍්තභාවසදිසං අත‍්තභාවං නිම‍්මිනාහී”ති? “න සක‍්කා, භන‍්තෙ, තාදිසං රූපං නිම‍්මිනිතුං; අපිච ඛො පන තංසරික‍්ඛකං පතිරූපකං නිම‍්මිනිස‍්සාමී”ති සකභාවං විජහිත්‍වා බුද‍්ධරූපසදිසෙන අත‍්තභාවෙන අට‍්ඨාසි . ථෙරො මාරං ඔලොකෙත්‍වා “අයං තාව සරාගදොසමොහො එවං සොභති, කථං නු ඛො භගවා න සොභති සබ‍්බසො වීතරාගදොසමොහො”ති බුද‍්ධාරම‍්මණං පීතිං පටිලභිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. මාරො “වඤ‍්චිතොම‍්හි තයා, භන‍්තෙ”ති ආහ. ථෙරොපි “කිං අත්‍ථි ජරමාර, තාදිසං වඤ‍්චෙතු”න‍්ති ආහ. ලොකන‍්තරවිහාරෙපි දත‍්තො නාම දහරභික‍්ඛු චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජිත්‍වා ඔලොකෙන‍්තො ඔදාතකසිණං පටිලභි. අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙසි. තතො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ඵලත‍්තයං සච‍්ඡාකාසි.

“සකචිත්තං පසිදති” යන මෙහි මේ වස්තුහුයි:- කටකන්‍දරවාසී වූ ඵුස්සදෙව ස්ථවිර තෙමේ සෑමළුව හැමද, උතුරුසඟ සිවුර එකස්කොට නිකමල් ඇතිරියක් මෙන් සමව විසුරුණු වැලි ඇති සෑමළුව බලමින් බුද්ධාලම්බන ප්‍රීති ප්‍රමොද්‍යය උපදවා සිටියේය. එකෙණෙහි මාර තෙමේ කඳුපාමුල උපන් කලු වඳුරකු මෙන් වී සෑමළුවෙහි ගොම විසුරුවමින් ගියේය. ස්ථවිර තෙමේ රහත්බවට පැමිණීමෙහි අපොහොසත් විය. හැමද ගියේය. පසුදාද මහළු ගොනෙක්ව එබඳුම විප්‍රකාරයක් කෙළේය. තෙවන දිනයෙහි කොර පා ඇති මිනිසත්බවක් මවා පා ඇද ඇද ගියේය. ස්ථවිර තෙමේ ‘මෙබඳු පිළිකුල් පුරුෂයෙක් වටින් යොදුනක් පමණ වූ ගොදුරුගම්හි නැත්තේය. මූ මාරයා විය යුතුයයි සිතා ‘තෝ මාරයා වෙහිදැ’යි විචාළේය. ‘ස්වාමිනි’ එසේය, මාරයා වෙමි, දැන් ඔබ වඤ්චිත කරන්නට නොහැකි වූයෙමි’යි කීය. ‘තා විසින් තථාගතයන් වහන්සේ පෙර දක්නා ලද්දාහුදැ’යි විචාළේය. ‘එසේය, පෙර දක්නා ලදහයි කීය. මාර නම් මහත් ආනුභාව ඇත්තේය. එබැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආත්මභාවය සදෘශ වූ ආත්මභාවයක් මවවයි කීයේය. ‘ස්වාමීනි එබඳුවූ රූපයක් මැවීමට නොහැකිය. එහෙත් ඒ සමාන වූ ප්‍රතිරූපයක් මවන්නෙමි’යි ස්වකීය ආත්මභාවය හැරපියා බුදුරුව වැනි අත්බැවින් යුක්තව පෙනී සිටියේය. ස්ථවිරතෙමේ මාරයා දෙස බලා, මෙතෙමේ වනාහි රාගදොස මොහ සහිතවූයේ මෙසේ හොබී. භාග්‍යවතුන් වහන්සේ කෙසේ වනාහි හොබනා සේක්ද උන්වහන්සේ මුළුමනින් පහවූ රාගදොස මෝහ ඇතිසේකැයි බුද්ධලම්බන ප්‍රීතිය පිළිලැබ විදර්‍ශනා වඩා රහත්බවට පැමිණියේය. මාරතෙමේ ස්වාමීනි, ඔබ විසින් මම රවටන ලද්දේ වෙමි’යි කීයේය. ස්ථවිර තෙමේද, මහලුමාර, තා වැනියකු රවටන්නට කිමැ’යි කීයේය. ලෝකන්තර විහාරයෙහිද විසූ දත්ත නම් දහර මහණෙක් තෙමේ සෑමිදුල හැමද, බලාසිටින්නේ ඔදාත කසිනය ලැබීය. අටසමවත් ඉපැදවීය. අනතුරුව විදර්‍ශනා වඩා ඵලත්‍රයක් සාක්‍ෂාත් කෙළේය.

පරචිත‍්තං පසීදතීති එත්‍ථ ඉමානි වත්‍ථූනි – තිස‍්සො නාම දහරභික‍්ඛු ජම‍්බුකොලචෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජිත්‍වා සඞ‍්කාරඡඩ‍්ඩනිං හත්‍ථෙන ගහෙත්‍වාව අට‍්ඨාසි . තස‍්මිං ඛණෙ තිස‍්සදත‍්තත්‍ථෙරො නාම නාවාතො ඔරුය‍්හ චෙතියඞ‍්ගණං ඔලොකෙන‍්තො භාවිතචිත‍්තෙන සම‍්මට‍්ඨට‍්ඨානන‍්ති ඤත්‍වා පඤ‍්හාසහස‍්සං පුච‍්ඡි, ඉතරො සබ‍්බං විස‍්සජ‍්ජෙසි. අඤ‍්ඤතරස‍්මිම‍්පි විහාරෙ ථෙරො චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජිත්‍වා වත‍්තං පරිච‍්ඡින්‍දි. යොනකවිසයතො චෙතියවන්‍දකා චත‍්තාරො ථෙරා ආගන‍්ත්‍වා චෙතියඞ‍්ගණං දිස‍්වා අන‍්තො අප‍්පවිසිත්‍වා ද‍්වාරෙයෙව ඨත්‍වා එකො ථෙරො අට‍්ඨ කප‍්පෙ අනුස‍්සරි, එකො සොළස, එකො වීසති, එකො තිංස කප‍්පෙ අනුස‍්සරි.

“පරචිත්තං පසිදති” යන මෙහි මේ වස්තූහු දතයුත්තාහ:- තිස්සනම් දහර මහණෙක් තෙමේ දඹකොල සෑමලුව හැමද, කසල හැරදමන බඳුන අතින් ගෙන සිටියේය. එකෙණෙහි තිස්සදත්ත ස්ථවිර තෙමේ වනාහි නැවෙන් ගොඩබැස සෑමිදුල බලමින් වැඩූ සිත් ඇතියහු විසින් හමදින ලද තැනකැයි දැන ප්‍රශ්න දහසක් විචාළේය. අන්‍ය තෙමේ සියල්ල විසඳූයේය. එක්තරා විහාරයක ස්ථවිර නමක් සෑමළුව හැමද වත් කිරීම සම්පූර්‍ණ කෙළේය. යොත් රටින් සෑවැදීම පිණිස පැමිණි තෙරුන් සතර නමක් සෑමළුව දැක, ඇතුළට නොවැද, දොරකඩම සිට එක් ස්ථවිරනමක් අටකපක්ද, එක්නමක් සොළොස්කපක්ද එක්නමක් විසිකපක්ද එක් නමක් තිස් කපක්ද සිහි කෙළේය.

දෙවතා අත‍්තමනා හොන‍්තීති එත්‍ථ ඉදං වත්‍ථු – එකස‍්මිං කිර විහාරෙ එකො භික‍්ඛු චෙතියඞ‍්ගණඤ‍්ච බොධියඞ‍්ගණඤ‍්ච සම‍්මජ‍්ජිත්‍වා නහායිතුං ගතො. දෙවතා “ඉමස‍්ස විහාරස‍්ස කතකාලතො පට‍්ඨාය එවං වත‍්තං පූරෙත්‍වා සම‍්මට‍්ඨපුබ‍්බො භික‍්ඛු නත්‍ථී”ති පසන‍්නචිත‍්තා පුප‍්ඵහත්‍ථා අට‍්ඨංසු. ථෙරො ආගන‍්ත්‍වා “කතරගාමවාසිකාත්‍ථා”ති ආහ. “භන‍්තෙ, ඉධෙව වසාම, ඉමස‍්ස විහාරස‍්ස කතකාලතො පට‍්ඨාය එවං වත‍්තං පූරෙත්‍වා සම‍්මට‍්ඨපුබ‍්බො භික‍්ඛු නත්‍ථීති තුම‍්හාකං, භන‍්තෙ, වත‍්තෙ පසීදිත්‍වා පුප‍්ඵහත්‍ථා ඨිතාම‍්හා”ති දෙවතා ආහංසු.

“දෙවතා අත්තමනා හොන්ති” යන මෙහි මේ වස්තුව දතයුතුය: එක් වෙහෙරෙක්හි එක් මහණ තෙමේ සෑමළුවද බෝමළුවද හැමද, නාන්නට ගියේය. දෙවියෝ මේ වෙහෙර ගොඩනැගු තැන්පටන් මෙසේ වත් පුරා පෙර හැමදි මහණක් නැතැයි පහන්සිත් ඇත්තාහු අතින්ගත් මල් ඇතිව සිටියහ. ස්ථවිර තෙමේ අවුත් කවර ගම්වැසියෝ වහුදැයි ඇසීය. ‘ස්වාමීනි, මෙහිම වසම්හ. මේ වෙහෙර ගොඩනැගු තැන්පටන් මෙසේවත් පුරා පෙර හැමදි මහණෙක් නැතැයි ස්වාමීනි, ඔබවහන්සේගේ වත්කිරීමෙහි පැහැද මල්ගත් අත් ඇතිව සිටියෝ වෙමුයි දෙවියෝ කීහ.

පාසාදිකසංවත‍්තනිකන‍්ති එත්‍ථ ඉදං වත්‍ථු – එකං කිර අමච‍්චපුත‍්තං අභයත්‍ථෙරඤ‍්ච ආරබ‍්භ අයං කථා උදපාදි “කිං නු ඛො අමච‍්චපුත‍්තො පාසාදිකො, අභයත්‍ථෙරොති උභොපි නෙ එකස‍්මිං ඨානෙ ඔලොකෙස‍්සාමා”ති. ඤාතකා අමච‍්චපුත‍්තං අලඞ‍්කරිත්‍වා මහාචෙතියං වන්‍දාපෙස‍්සාමාති අගමංසු. ථෙරමාතාපි පාසාදිකං චීවරං කාරෙත්‍වා පුත‍්තස‍්ස පහිණි, “පුත‍්තො මෙ කෙසෙ ඡින්‍දාපෙත්‍වා ඉමං චීවරං පාරුපිත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො මහාචෙතියං වන්‍දතූ”ති. අමච‍්චපුත‍්තො ඤාතිපරිවුතො පාචීනද‍්වාරෙන චෙතියඞ‍්ගණං ආරුළ‍්හො, අභයත්‍ථෙරො භික‍්ඛුසඞ‍්ඝපරිවුතො දක‍්ඛිණද‍්වාරෙන චෙතියඞ‍්ගණං ආරුහිත්‍වා චෙතියඞ‍්ගණෙ තෙන සද‍්ධිං සමාගන‍්ත්‍වා ආහ – “කිං ත්‍වං, ආවුසො, මහල‍්ලකත්‍ථෙරස‍්ස සම‍්මට‍්ඨට‍්ඨානෙ කචවරං ඡඩ‍්ඩෙත්‍වා මයා සද‍්ධිං යුගග‍්ගාහං ගණ‍්හාසී”ති. අතීතත‍්තභාවෙ කිර අභයත්‍ථෙරො මහල‍්ලකත්‍ථෙරො නාම හුත්‍වා ගොචරගාමෙ චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජි, අමච‍්චපුත‍්තො මහාඋපාසකො හුත්‍වා සම‍්මට‍්ඨට‍්ඨානෙ කචවරං ගහෙත්‍වා ඡඩ‍්ඩෙසි.

“පාසාදිකසංවත්තතිකං” යන මෙහි මේ වස්තුවයි:- එක් අමාත්‍ය පුත්‍රයකුද අභයස්ථවිරයන්ද ඇරඹ මේ කථාව පහළවිය. කිම අමාත්‍ය පුත්‍ර තෙමේ පාසාදිකද අභයස්ථවිර තෙමේ පාසාදිකදැයි ඒ දෙදෙනම එක් තැනකදී බලන්නෙමුයි නෑයෝ අමාත්‍ය පුත්‍රයා සරසාගෙන මහසෑය වන්දවන්නෙමුයි ගියහ. ස්ථවිරයන් වහන්සේගේ මව්තොමෝද, පැහැදීම එළවන සිවුරක් කරවා, මාගේ පුත්‍රතෙමේ කෙස් සින්දවා මේ සිවුර පොරවා භික්‍ෂු සංඝයාගෙන් පිරිවරන ලදුව මහසෑය වඳීවායි පුත්‍රයාට දන්වා යැවූය. අමාත්‍ය පුත්‍රතෙමේ නෑයන්ගෙන් පිරිවරන ලදුව පැදුම් දොරින් සෑමළුවට බැස්සේය. අභයස්ථවිර තෙමේ භික්‍ෂු සංඝයාගෙන් පිරිවරන ලදුව දකුණු දොරින් සෑමළුවට බැස සෑමිදුලෙහිදී ඔහු හා එක්ව, ඇවත කිම තෝ මහලු තෙරහු ඇමදිතැන කසල දමා මා සමග එකට එක කරන්නෙහිදැයි කීයේය. ඉකුත් අත්බැවෙහි අභයස්ථවිර තෙමේ මහලු තෙරනමක්ව ගොදුරුගම සෑමළුව හැමන්දේය. අමාත්‍යපුත්‍ර තෙමේ මහා උපාසකයෙක්ව හැමදි තන්හි කසළ ගෙන දැම්මේය.

සත්‍ථුසාසනං කතං හොතීති ඉදං සම‍්මජ‍්ජනවත‍්තං නාම බුද‍්ධෙහි වණ‍්ණිතං, තස‍්මා තං කරොන‍්තෙන සත්‍ථුසාසනං කතං හොති. තත්‍රිදං වත්‍ථු – ආයස‍්මා කිර සාරිපුත‍්තො හිමවන‍්තං ගන‍්ත්‍වා එකස‍්මිං පබ‍්භාරෙ අසම‍්මජ‍්ජිත්‍වාව නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසීදි. භගවා ආවජ‍්ජන‍්තො ථෙරස‍්ස අසම‍්මජ‍්ජිත්‍වා නිසින‍්නභාවං ඤත්‍වා ආකාසෙන ගන‍්ත්‍වා ථෙරස‍්ස පුරතො අසම‍්මට‍්ඨට‍්ඨානෙ පාදානි දස‍්සෙත්‍වා පච‍්චාගඤ‍්ඡි. ථෙරො සමාපත‍්තිතො වුට‍්ඨිතො භගවතො පාදානි දිස‍්වා බලවහිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨාපෙත්‍වා ජණ‍්ණුකෙහි පතිට‍්ඨාය “අසම‍්මජ‍්ජිත්‍වා නිසින‍්නභාවං වත මෙ සත්‍ථා අඤ‍්ඤාසි, සඞ‍්ඝමජ‍්ඣෙ දානි චොදනං කාරෙස‍්සාමී”ති දසබලස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසීදි. භගවා “කුහිං ගතොසි, සාරිපුත‍්තා”ති වත්‍වා “න පතිරූපං දානි තෙ මය‍්හං අනන‍්තරෙ ඨානෙ ඨත්‍වා විචරන‍්තස‍්ස අසම‍්මජ‍්ජිත්‍වා නිසීදිතු”න‍්ති ආහ. තතො පට‍්ඨාය ථෙරො ගණ‍්ඨිකපටිමුඤ‍්චනට‍්ඨානෙපි තිට‍්ඨන‍්තො පාදෙන කචවරං වියූහිත්‍වාව තිට‍්ඨති.

“සත්‍ථුසාසනං කතං හොති” යන මේ හමදින වතනම් බුදුරදුන් විසින් පසස්නා ලද්දේය. එහෙයින් ඒ හැමදේම කරන්නහු විසින් ශාස්තෘ ශාසනය කරන ලද්දේ වේ. එහි මේ වස්තුවකි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ හිමවතට ගොස් එක් නෙරාගිය කඳු තල්ලෙක නොහැමදාම නිරොධයට සමවැද හුන්නේය. බුදුරජාණන් වහන්සේ ආවර්‍ජනා කරණසේක් නොහැමද, හුන්බව දැක අහසින් වැඩ තෙරුන්ගේ ඉදිරියෙහි නොහැමදි තැන පාලකුණු දක්වා පෙරළා වැඩිය සේක. ස්ථවිර තෙමේ සමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේගේ පා ලකුණු දැක, බලවත් හිරිඔතප් උපදවා දණිත් සිට ‘ශාස්තෲන් වහන්සේ මා නොහැමද උන්බැව් එකාන්තයෙන් දත්සේක, සඟමැද දැන් චෝදනා කරන්නෙමි’යි බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ වැඳ හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ‘ශාරිපුත්‍ර’ කොහි ගියෙහිදැයි වදාරා ‘දැන් මට අනතුරු තන්හි සිට හැසිරෙන්නාවූ තට නොහැමද ඉදීම නොසුදුසුය’යි වදාළ සේක. එතැන් පටන් ස්ථවිර තෙමේ ගණ්ඩිගැට මුදන තන්හි සිටින්නේ පයින් කසළ පහකොට සිටිමි’යි.

අත‍්තනො භාසපරියන‍්තං න උග‍්ගණ‍්හාතීති “ඉමස‍්මිං වත්‍ථුස‍්මිං එත‍්තකං සුත‍්තං උපලබ‍්භති, එත‍්තකො විනිච‍්ඡයො, එත‍්තකං සුත‍්තඤ‍්ච විනිච‍්ඡයඤ‍්ච වක‍්ඛාමී”ති එවං අත‍්තනො භාසපරියන‍්තං න උග‍්ගණ‍්හාති. “අයං චොදකස‍්ස පුරිමකථා, අයං පච‍්ඡිමකථා, අයං චුදිතකස‍්ස පුරිමකථා, අයං පච‍්ඡිමකථා, එත‍්තකං ගය‍්හූපගං, එත‍්තකං න ගය‍්හූපග”න‍්ති එවං අනුග‍්ගණ‍්හන‍්තො පන පරස‍්ස භාසපරියන‍්තං න උග‍්ගණ‍්හාති නාම. ආපත‍්තිං න ජානාතීති පාරාජිකං වා සඞ‍්ඝාදිසෙසං වාති සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං නානාකරණං න ජානාති. මූලන‍්ති ද‍්වෙ ආපත‍්තියා මූලානි කායො ච වාචා ච, තානි න ජානාති. සමුදයන‍්ති ඡ ආපත‍්තිසමුට‍්ඨානානි ආපත‍්තිසමුදයො නාම, තානි න ජානාති. පාරාජිකාදීනං වත්‍ථුං න ජානාතීතිපි වුත‍්තං හොති. නිරොධන‍්ති අයං ආපත‍්ති දෙසනාය නිරුජ‍්ඣති, වූපසම‍්මති, අයං වුට‍්ඨානෙනාති එවං ආපත‍්තිනිරොධං න ජානාති. සත‍්ත සමථෙ අජානන‍්තො පන ආපත‍්තිනිරොධගාමිනිපටිපදං න ජානාති.

“අත්තනො භාසපරියන්තං න උග්ගණ්හාති” මේ වස්තුවෙහි මෙතෙක් සූත්‍ර ලැබේ. මෙපමණ විනිශ්චය ලැබේ. මෙපමණ සූත්‍රද විනිශ්චයද කියන්නෙමි’යි මෙසේ තමන්ගේ කථාපර්‍ය්‍යන්තය නොඋගණියි, ‘චොදකයාගේ මේ ප්‍රථමකථාය, මේ පශ්චිමකථාය, චුදිතකයාගේ මේ ප්‍රථමකථාය, මේ පශ්චිම කථාය, මෙපමණක් ගතයුතුය. මෙපමණක් නොගතයුතුයයි මෙසේ නොගන්නේ පරහුගේ කථාපර්‍ය්‍යන්තය නොඋගණී නම. “ආපත්තිං න ජානාති” - පාරාජිකය හෝ සඞ්ඝාදිසෙසය හෝයි සප්තාපත්තිස්කන්‍ධයන්ගේ වෙනස නොදනියි. “මූලං” කය ද වචනයදැයි ඇවැත් මුල් දෙකෙකි. ඒ ඇවැත් මුල්දෙක නොදනියි. “සමුදයං” සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයෝ ආපත්තිසමුදය නම. ඒ ආපත්තිසමුදය නොදනියි. පාරාජිකාදීන්ගේ වස්තුව නොදනීයයි කියනලද්දේ වේ. “නිරොධං” මේ ඇවැත දෙසීමෙන් නිරුද්ධ වේ. ව්‍යපශමනය වේ. මේ ඇවැත නැගීසිටීමෙනැයි මෙසේ ආපත්ති නිරොධය නොදනියි. සප්තවිධ ශමථය නොදන්නේ ආපත්ති නිරොධගාමිනී ප්‍රතිපදාව නොදනියි.

අධිකරණපඤ‍්චකෙ අධිකරණං නාම චත‍්තාරි අධිකරණානි. අධිකරණස‍්ස මූලං නාම තෙත‍්තිංස මූලානි – විවාදාධිකරණස‍්ස ද‍්වාදස මූලානි, අනුවාදාධිකරණස‍්ස චුද‍්දස, ආපත‍්තාධිකරණස‍්ස ඡ, කිච‍්චාධිකරණස‍්ස එකං; තානි පරතො ආවි භවිස‍්සන‍්ති. අධිකරණසමුදයො නාම අධිකරණසමුට‍්ඨානං. විවාදාධිකරණං අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි නිස‍්සාය උප‍්පජ‍්ජති; අනුවාදාධිකරණං චතස‍්සො විපත‍්තියො; ආපත‍්තාධිකරණං සත‍්තාපත‍්තික‍්ඛන්‍ධෙ; කිච‍්චාධිකරණං චත‍්තාරි සඞ‍්ඝකිච‍්චානීති ඉමං විභාගං න ජානාතීති අත්‍ථො . අධිකරණනිරොධං න ජානාතීති ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන මූලාමූලං ගන‍්ත්‍වා විනිච‍්ඡයසමථං පාපෙතුං න සක‍්කොති ; “ඉදං අධිකරණං ද‍්වීහි, ඉදං චතූහි, ඉදං තීහි ඉදං එකෙන සමථෙන සම‍්මතී”ති එවං සත‍්ත සමථෙ අජානන‍්තො පන අධිකරණනිරොධගාමිනිපටිපදං න ජානාති නාම. වත්‍ථුං න ජානාතීති “ඉදං පාරාජිකස‍්ස වත්‍ථු, ඉදං සඞ‍්ඝාදිසෙසස‍්සා”ති එවං සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං වත්‍ථුං න ජානාති. නිදානන‍්ති “සත‍්තන‍්නං නිදානානං ඉදං සික‍්ඛාපදං එත්‍ථ පඤ‍්ඤත‍්තං, ඉදං එත්‍ථා”ති න ජානාති. පඤ‍්ඤත‍්තිං න ජානාතීති තස‍්මිං තස‍්මිං සික‍්ඛාපදෙ පඨමපඤ‍්ඤත‍්තිං න ජානාති. අනුපඤ‍්ඤත‍්තින‍්ති පුනප‍්පුනං පඤ‍්ඤත‍්තිං න ජානාති. අනුසන්‍ධිවචනපථන‍්ති කථානුසන්‍ධි-විනිච‍්ඡයානුසන්‍ධිවසෙන වත්‍ථුං න ජානාති. ඤත‍්තිං න ජානාතීති සබ‍්බෙන සබ‍්බං ඤත‍්තිං න ජානාති. ඤත‍්තියා කරණං න ජානාතීති ඤත‍්තිකිච‍්චං න ජානාති, ඔසාරණාදීසු නවසු ඨානෙසු ඤත‍්තිකම‍්මං නාම හොති, ඤත‍්තිදුතියඤත‍්තිචතුත්‍ථකම‍්මෙසු ඤත‍්තියා කම‍්මප‍්පත‍්තො හුත්‍වා තිට‍්ඨතීති න ජානාති. න පුබ‍්බකුසලො හොති න අපරකුසලොති පුබ‍්බෙ කථෙතබ‍්බඤ‍්ච පච‍්ඡා කථෙතබ‍්බඤ‍්ච න ජානාති, ඤත‍්ති නාම පුබ‍්බෙ ඨපෙතබ‍්බා, පච‍්ඡා න ඨපෙතබ‍්බාතිපි න ජානාති. අකාලඤ‍්ඤූ ච හොතීති කාලං න ජානාති, අනජ‍්ඣිට‍්ඨො අයාචිතො භාසති, ඤත‍්තිකාලම‍්පි ඤත‍්තිඛෙත‍්තම‍්පි ඤත‍්තිඔකාසම‍්පි න ජානාති.

අධිකරණ පඤ්චකයෙහි අධිකරණ නම් චතුර්විධ අධිකරණයෝය. අධිකරණයට මුල්නම් ත්‍රයත්‍රිංශත් මූලයෝය. විවාදාධිකරණයට මුල් දොළොසෙකි. අනුවාදාධිකරණයට තුදුසෙකි. ආපත්තාධිකරණයට සයෙකි. කිච්චාධිකරණයට එකෙකි. ඒ මූලයෝ ඉදිරියෙහි පහළවන්නාහුය. අධිකරණ සමුදය නම් අධිකරණ සමුට්ඨානයයි. විවාදාධිකරණය අටළොස් භෙදකරවස්තූන් නිසා උපදියි. අනුවාදාධිකරණය සිවු විපත්තීන් නිසා උපදියි. ආපත්තාධිකරණය සප්තාපත්තිස්කන්‍ධය නිසා උපදියි. කිච්චාධිකරණය සිවුවැදෑරුම්වූ සඞ්ඝකෘත්‍යයන් නිසා උපදිය’යි මේ විභාගය දනීය, යන අර්‍ත්‍ථයි. “අධිකරණනිරොධං න ජානාති” ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෲශාසනයෙන් මූලාමූලයට ගොස් විනිශ්චයෙන් ශමථයට පමුණුවන්නට නොහැක්කේද, ‘මේ අධිකරණය ශමථ දෙකකින්, මේ අධිකරණය ශමථ සතරකින්, මේ අධිකරණය ශමථ තුනකින්, මේ අධිකරණය එක් ශමථයකින් සංසිඳේය’යි මෙසේ සප්තශමථයන් නොදන්නේ අධිකරණ නිරොධ-ගාමිනී-ප්‍රතිපදාව නොදනී නම. “වත්‍ථුං න ජානාති” ‘මෙය පාරාජිකයට වස්තුවය, මෙය සඞ්ඝාදිසෙසයට වස්තුවය’යි සප්තාපත්තිස්කන්‍ධයන්ගේ වස්තුව නොදනියි. “නිදානං” සත්වැදෑරුම් නිදානයන් අතුරෙහි මේ ශික්‍ෂාපදය මේ නිදානයෙහි පණවන ලද්දේය, මේ මෙහි පණවන ලදැ’යි නොදනියි. “පඤ්ඤත්තිං න ජානාති” ඒ ඒ ශික්‍ෂාපදයෙහි ප්‍රථම ප්‍රඥප්තිය නොදනියි. “අනුප්පඤ්ඤත්තිං” නැවත නැවත ප්‍රඥප්තිය නොදනියි. “අනුසන්‍ධිවචනපථං” කථානුසන්‍ධි විනිශ්චයානුසන්‍ධි වශයෙන් වස්තුව නොදනියි. “ඤත්තිං න ජානාති” සියල්ලෙන් සියල්ල ඤත්තිය නොදනියි. “ඤත්තියාකරණං න ජානාති” ඤත්තිකෘත්‍යය නොදනියි. ඔසරණාදීවූ නවතන්හි ඤත්තිකර්‍මය නම්වේ. ඤත්තිදුතිය ඤත්තිචතුර්‍ත්‍ථ කර්‍මයන්හි ඤත්තියෙන් කර්‍මප්‍රාප්තයෙක්ව සිටිය’යි නොදනියි. “න පුබ්බාකුසලො හොති න අපරකුසලො” පෙර කියයුත්තද පසුකියයුත්තද නොදනියි. ඤත්තිය නම් පූර්‍වයෙහි තැබිය යුතුය. පසුව නොතැබිය යුතුයයිද නොදනියි. “අකාලඤ්ඤූ ච හොති” කාලය නොදනියි. ආරාධනා නොකරණලද්දේ නොඉල්ලන ලද්දේ නොකියයි. ඤත්ති කාලයද ඤත්තික්‍ෂෙත්‍රයද ඤත්ති අවකාශයද නොදනියි.

මන්‍දත‍්තා මොමූහත‍්තාති කෙවලං අඤ‍්ඤාණෙන මොමූහභාවෙන ධුතඞ‍්ගෙ ආනිසංසං අජානිත්‍වා. පාපිච‍්ඡොති තෙන අරඤ‍්ඤවාසෙන පච‍්චයලාභං පත්‍ථයමානො. පවිවෙකන‍්ති කායචිත‍්තඋපධිවිවෙකං. ඉදමත්‍ථිතන‍්ති ඉමාය කල්‍යාණාය පටිපත‍්තියා අත්‍ථො එතස‍්සාති ඉදමත්‍ථි, ඉදමත්‍ථිනො භාවො ඉදමත්‍ථිතා; තං ඉදමත්‍ථිතංයෙව නිස‍්සාය න අඤ‍්ඤං කිඤ‍්චි ලොකාමිසන‍්ති අත්‍ථො.

“මන්‍දත්තා මොමූහත්තා” හුදෙක් නොදැන්මෙන් මුළාබැවින් ධුතාඞ්ගයෙහි අනුසස් නොදැන. “පාපිච්ඡො” ඒ අරණ්‍යවාසයෙන් ප්‍රත්‍යයලාභය පතමින් “පවිවෙකං” කායචිත්ත කාලයද ඤත්තික්ෂෙත්‍රයද ඤත්ති අවකාශයද නොදනියි. “මන්‍දතතා මොහූභත්තා’ හුදෙක් නොදැක්මෙන් මුළාබැවින් ධුතාඞ්ගයෙහි අනුසස් නොදැන. “පාපිච්ඡො” ඒ අරණ්‍යවාසයෙන් ප්‍රත්‍යයලාභය පතමින් “පවිවෙකං” කායචිත්තඋපධිවිවෙකය. “ඉදමත්‍ථං” මේ කල්‍යාණප්‍රතිපත්තියෙන් අර්‍ත්‍ථය මොහුටනු’යි ඉදමත්‍ථි නම. ඉදමත්‍ථිහුගේභාවය ඉදමත්‍ථිතා නම. ඒ මේ අර්‍ත්‍ථභාවයම නිසා වෙසෙයි. අන්කිසි ලොකාමිෂයක් නිසා නොවේය යන අර්‍ත්‍ථයි.

උපොසථං න ජානාතීති නවවිධං උපොසථං න ජානාති. උපොසථකම‍්මන‍්ති අධම‍්මෙනවග‍්ගාදිභෙදං චතුබ‍්බිධං උපොසථකම‍්මං න ජානාති. පාතිමොක‍්ඛන‍්ති ද‍්වෙ මාතිකා න ජානාති. පාතිමොක‍්ඛුද‍්දෙසන‍්ති සබ‍්බම‍්පි නවවිධං පාතිමොක‍්ඛුද‍්දෙසං න ජානාති. පවාරණන‍්ති නවවිධං පවාරණං න ජානාති. පවාරණාකම‍්මං උපොසථකම‍්මසදිසමෙව.

“උපොසථං න ජානාති” නවවිධ උපෞෂථය නොදනියි. “උපොසථකම්මං” අධර්‍මයෙන් වර්‍ගවාදිභෙදවූ චතුර්විධ උපෞෂථකර්‍මය නොදනියි. “පාතිමොක්‍ඛං” ද්විධමාතෘකා නොදනියි. “පාතිමොක්‍ඛුද්දෙසං” සියලුම නවවිධ ප්‍රාතිමොක්‍ෂාද්දෙශය නොදනියි. “පවාරණං” නවවිධ පවාරණය නොදනියි. පවාරණකර්‍මය උපෞසථ කර්‍මය සමානය.

අපාසාදිකපඤ‍්චකෙ – අපාසාදිකන‍්ති කායදුච‍්චරිතාදි අකුසලකම‍්මං වුච‍්චති. පාසාදිකන‍්ති කායසුචරිතාදි කුසලකම‍්මං වුච‍්චති. අතිවෙලන‍්ති වෙලං අතික‍්කම‍්ම බහුතරං කාලං කුලෙසු අප‍්පං විහාරෙති අත්‍ථො. ඔතාරොති කිලෙසානං අන‍්තො ඔතරණං. සංකිලිට‍්ඨන‍්ති දුට‍්ඨුල‍්ලාපත‍්තිකායසංසග‍්ගාදිභෙදං . විසුද‍්ධිපඤ‍්චකෙපවාරණාග‍්ගහණෙන නවවිධාපි පවාරණා වෙදිතබ‍්බා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අපාසාදික පඤ්චකයෙහි. “අපාසාදිකං” කායදුශ්චරිතාදි අකුශල කර්‍මය කියනු ලැබේ. “පාසාදිකං” කායසුචරිතාදි කුශලකර්‍මය කියනු ලැබේ. “අතිවෙලං” කල් ඉක්මවා බොහෝ කාලයක් තුලයන්හි මදක් වාසය කරයි යන අර්‍ත්‍ථයි. “ඔතාරො” කෙලෙසුන්ගේ ඇතුළත්හි බැසීම. “සඞ්කිලිට්ඨං” දුට්ඨුල්ලාපත්ති කායසංර්‍ගාදිභෙදය. විශුද්ධි පඤ්චකයෙහි පවාරණග්‍රහණයෙන් නවවැදෑරුම්වූ පවාරණය දතයුතුය. සෙස්ස සියලුතන්හි ප්‍රකටමය.

පඤ‍්චකවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පඤ්චක වර්‍ණනාව නිමි.