පඤ්චකං
පඤ්චකං
පඤ්චකය
1. පඤ්ච ආපත්තියො. පඤ්ච ආපත්තික්ඛන්ධා. පඤ්ච විනීතවත්ථූනි. පඤ්ච කම්මානි ආනන්තරිකානි. පඤ්ච පුග්ගලා නියතා. පඤ්ච ඡෙදනකා ආපත්තියො. පඤ්චහාකාරෙහි ආපත්තිං ආපජ්ජති. පඤ්ච ආපත්තියො මුසාවාදපච්චයා.
1. ආපත්ති පසෙකැ. ආපත්තිස්කන්ධ පසෙකැ. විනීතවස්තු පසෙකැ. ආනන්තරික කර්ම පසෙකැ. නියත පුද්ගලයෝ පස් දෙනෙකැ. ඡේදනක ආපත්ති පසෙකැ. පස් අයුරෙකින් ඇවැතට පැමිණෙයි, මුසාබිණීම හේතු කොට ගෙණ ඇවැත් පසෙකි.
2. පඤ්චහාකාරෙහි කම්මං න උපෙති : සයං වා කම්මං න කරොති, පරං වා න අජ්ඣෙසති, ඡන්දං වා පාරිසුද්ධිං වා න දෙති, කයිරමානෙ කම්මෙ පටික්කොසති, කතෙ වා පන කම්මෙ අධම්මදිට්ඨි හොති.
2. පස් අයුරෙකින් විනය කර්මයට නො පැමිණේ: තෙමේ හෝ විනය කර්මය නො කෙරෙයි. මෙරමා හෝ ආරාධනය නො කෙරෙයි. ඡන්දය හෝ පාරිසුද්ධිය හෝ නො දෙයි. කර්මය කරණු ලබන කල්හි පිළිකෙව් කෙරෙයි. යළි කර්මය කළ කල්හි අධර්මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
පඤ්චහාකාරෙහි කම්මං උපෙති : සයං වා කම්මං කරොති, පරං වා අජ්ඣෙසති, ඡන්දං වා පාරිසුද්ධිං වා දෙති, කයිරමානෙ කම්මෙ න පටික්කොසති, කතෙ වා පන කම්මෙ ධම්මදිට්ඨි හොති.
පස් අයුරෙකින් විනය කර්මයට පැමිණේ. තෙමේ හෝ විනය කර්මය කෙරෙයි. මෙරමා හෝ ආරාධනය කෙරෙයි. ඡන්දය හෝ පාරිසුද්ධිය හෝ දෙයි. කර්මය කරණු ලබන කල්හි පිළිකෙව් නො කෙරෙයි. යළි කර්මය කළ කල්හි ධර්මදෘෂ්ටි ඇත්තේ හෝ වෙයි.
3. පඤ්ච පිණ්ඩපාතිකස්ස භික්ඛුනො කප්පන්ති : අනාමන්තචාරො, ගණභොජනං, පරම්පරභොජනං, අනධිට්ඨානං, අවිකප්පනා.
3. පිණ්ඩපාතික මහණහට කැප දෑ පසෙක: අනාමන්තචාර යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ අනධිෂ්ඨාන යැ අවිකල්පන යි.
4. පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උස්සඞ්කිතපරිසඞ්කිතො හොති පාපභික්ඛුපි අකුප්පධම්මොපි : වෙසියාගොචරො වා හොති, විධවාගොචරො වා හොති, ථුල්ලකුමාරීගොචරො වා හොති, පණ්ඩකගොචරො වා හොති, භික්ඛුනිගොචරො වා හොති.
4. පසඟින් යුත් මහණ පවිටු වුව ද ක්ෂීණාස්රව වුව ද සැක කරණ ලද්දෙක් නැවැත නැවැත සැක කරණ ලද්දෙක් වෙයි: වෙසඟනන් ඇසුරුකරන්නේ හෝ යැ. වැන්දඹුවන් ඇසුරු කරන්නේ හෝ යැ. යොවුන් බවට පත් අවිවාහක ස්ත්‍රීන් ඇසුරු කරන්නේ හෝ යැ. පණ්ඩකයන් ඇසුරු කරන්නේ හෝ යැ. භික්ෂුණීන් ඇසුරු කරන්නේ හෝ යි.
5. පඤ්ච තෙලානි : තිලතෙලං, සාසපතෙලං, මධුකතෙලං, එරණ්ඩකතෙලං, වසාතෙලං.
5. තෙල් පසෙක: තල තෙලැ අබ තෙලැ මී තෙලැ එරඬු තෙලැ වුරුණු තෙලි.
පඤ්ච වසානි : අච්ඡවසං, මච්ඡවසං, සුසුකාවසං, සූකරවසං, ගද්රභවසං.
වුරුණු තෙල් පසෙක: වලස් තෙලැ මස් තෙලැ කිඹුල් තෙලැ හූරු තෙලැ කොටළු තෙලි.
6. පඤ්ච බ්යසනානි : ඤාතිබ්යසනං, භොගබ්යසනං, රොගබ්යසනං, සීලබ්යසනං, දිට්ඨිබ්යසනං.
6. ව්‍යසන පසෙක: ඥාතිව්‍යසන යැ භොග ව්‍යසන යැ රෝග ව්‍යසන යැ ශීල ව්‍යසන යැ දාෂ්ටි ව්‍යසන යි.
පඤ්ච සම්පදා : ඤාතිසම්පදා, භොගසම්පදා, අරොගසම්පදා, සීලසම්පදා, දිට්ඨිසම්පදා.
සම්පත්ති පසෙක: ඥාතිසම්පත්ති යැ භෝගසම්පත්ති යැ ආරෝග්යසම්පත්ති යැ සීලසම්පත්ති යැ දිට්ඨිසම්පත්ති යි.
7. පඤ්ච නිස්සයපටිප්පස්සද්ධියො උපජ්ඣායම්හා : උපජ්ඣායො පක්කන්තො වා හොති, විබ්භන්තො වා, කාලකතො වා, පක්ඛසඞ්කන්තො වා, ආණත්තියෙව පඤ්චමී.
7. උපාධ්‍යායයා කෙරෙන් නිස මිදීම් පසෙක: උපාධ්‍යාය තෙමේ බැහැර ගියේ හෝ වෙයි, උපැවිදි වූයේ හෝ වෙයි, කලුරිය කෙළේ හෝ වෙයි, අන්තොටුබවට ගියේ හෝ වෙයි, ඇණවීම මැ පස් වැනි වේ.
පඤ්ච පුග්ගලා න උපසම්පාදෙතබ්බා : අද්ධානහීනො, අඞ්ගහීනො, වත්ථුවිපන්නො, කරණදුක්කටකො, අපරිපූරො.
පුද්ගලයෝ පස් දෙනෙක් උපසපන් නො කටයුතු වෙති: උනු විසි වයස් ඇත්තේ යැ. විකල වූ අවයව ඇත්තේ යැ. වස්තු විපන්න යැ, ථෙය්යසංවාසාදි දුෂ්කෘත කර්ම ඇත්තේ යැ පිරිපුන් පා සිවුරු නැත්තේ යි.
8. පඤ්ච පංසුකූලානි : සොසානිකං, පාපණිකං, උන්දුරඛායිතං, උපචිකා ඛායිතං, අග්ගිදඩ්ඪං.
8. පාංශුකූල පසෙක: සොහොන් පිළි යැ අවන් පිළි යැ මීයන් කෑ පිළි යැ වේයන් කෑ පිළි යැ ගින්නෙන් දැවුණු පිළි යි.
අපරානිපි පඤ්ච පංසුකූලානි : ගොඛායිතං, අජඛායිතං, ථූපචීවරං, ආභිසෙකිකං, ගතපටියාගතං.
අනෙකුදු පාංශුකූල පසෙක: ගෙරින් කෑ පිළි යැ එළුවන් කෑ පිළි යැ තුඹස් සිසාළ පිළි යැ බිසෙවුමඩු පිළි යැ මිනී ඔතා ගෙණ පිළි යි.
9. පඤ්ච අවහාරා : ථෙය්යාවහාරො, පසය්හාවහාරො, පරිකප්පාවහාරො, පටිච්ඡන්නාවහාරො, කුසාවහාරො.
9. අවහාර පසෙක: සොරසිතින් ගැන්ම යැ සැහැසිකමින් ගැන්ම යැ පිරිකපා ගැන්ම යැ පිළිසන් කොට ගැන්ම යැ කුසපත් පෙරැළි කොට ගැන්ම යි.
10. පඤ්ච මහාචොරා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
10. මහ සොරු පස් දෙනෙක් ලොව්හි විද්‍යමාන වෙති.
පඤ්ච අවිස්සජ්ජනියානි.
නො විසඳිය යුතු භාණ්ඩ පසෙකි.
පඤ්ච අවෙභඞ්ගියානි.
නො බෙදිය යුතු භාණ්ඩ පසෙකි.
පඤ්චාපත්තියො කායතො සමුට්ඨන්ති න වාචතො න චිත්තතො.
පස් ඇවැතෙක් කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී.
පඤ්චාපත්තියො කායතො ච වාචතො ච සමුට්ඨන්ති න චිත්තතො.
පස් ඇවැතෙක් කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී.
පඤ්චාපත්තියො දෙසනාගාමිනියො.
පස් ඇවැතෙක් දේශනාගාමීනි යැ.
පඤ්ච සඞ්ඝා.
සඞ්ඝ වර්ග පසෙකි.
පඤ්ච පාතිමොක්ඛුද්දෙසා.
පාමොක් උදෙසීම් පසෙකි.
සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන උපසම්පාදෙතබ්බං.
සියලු පසල් දනවුහි විනයධරයකු පස්වැනි කොට ඇති ගණයා විසින් උපසම්පදා කර්ම කළ යුතු යි.
පඤ්ච ආනිසංසා කඨිනත්ථාරෙ.
කඨිනය ඇතිරීමෙහි අනුසස් පසෙකි.
පඤ්ච කම්මානි.
විනය කර්ම පසෙකි.
යාවතතියකෙ පඤ්චාපත්තියො.
තුන් යළ තෙක් කීමෙහි ඇවැත් පසෙකි.
පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස.
පස් අයුරෙකින් නොදුන් දෙය පැහැර ගන්නහුට පරිජි ඇවැත් වේ.
පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
පස් අයුරෙකින් නොදුන් දෙය පැහැර ගන්නහුට ථුලැසි ඇවැත් වේ.
පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස.
පස් අයුරෙකින් නොදුන දෙය පැහැර ගන්නහුට දුකුළා ඇවැත් වේ.
11. පඤ්ච අකප්පියානි න පරිභුඤ්ජිතබ්බානි : අදින්නඤ්ච හොති, අවිදිතඤ්ච හොති, අකප්පියඤ්ච හොති, අපටිග්ගහිතඤ්ච හොති, අකතාතිරිත්තඤ්ච හොති.
11. නොවැළඳිය යුතු අකැප බොජුන් පසෙක: නොදෙන ලද්දේත් වෙයි, (පිළිගණිමියි) නො දන්නා ලද්දේත් වෙයි, අකැපත් වෙයි, නො පිළිගන්නා ලද්දේත් වෙයි, පවරා අයිරිත් නො කරණ ලදුයේ ද වේ.
පඤ්ච කප්පියානි පරිභුඤ්ජිතබ්බානි : දින්නඤ්චෙව හොති, විදිතඤ්ච හොති, කප්පීයඤ්ච හොති, පටිග්ගහිතඤ්ච හොති, කතාතිරිත්තඤ්ච හොති.
වැළඳිය යුතු කැප බොජුන් පසෙක: දෙන ලද්දේත් වෙයි, (පිළිගණිමියි) දන්නා ලද්දේත් වෙයි, කැපත් වෙයි, පිළිගන්නා ලද්දේත් වෙයි, පවරා අයිරිත් කරණ ලදුයේ ද වේ.
පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤසම්මතානි ලොකස්ස: මජ්ජදානං, සමජ්ජදානං, ඉත්ථිදානං, උසභදානං, චිත්තකම්මදානං.
ලෝකයා විසින් පිණැයි සම්මත නො පින් වූ දන් පසෙක: මද්යදාන යැ නෘත්යදාන යැ ස්ත්රීදාන යැ වෘෂභදාන යැ (අසභ්‍ය) චිත්රකර්මදාන යි.
පඤ්ච උප්පන්නා දුප්පටිවිනොදයා : උප්පන්නො රාගො දුප්පටිවිනොදයො, උප්පන්නො දොසො දුප්පටිවිනොදයො, උප්පන්නො මොහො දුප්පටිවිනොදයො, උප්පන්නං පටිභානං දුප්පටිවිනොදයං, උප්පන්නං ගමියචිත්තං දුප්පටිවිනොදයං.
දුරැලීමට දුෂ්කර වූ උපන් කරුණු පසෙක: උපන් රාගය දුරැලීමට දුෂ්කර යැ, උපන් ද්වේෂය දුරැලීමට දුෂ්කර යැ, උපන් මෝහය දුරැලීමට දුෂ්කර යැ, උපන් ප්‍රතිභානය දුරැලීමට දුෂ්කර යැ, උපන් ගමිකචිත්තය දුරැලීමට දුෂ්කර යි.
පඤ්චානිසංසා සම්මජ්ජනියා : සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දෙවතා අත්තමනා හොන්ති, පාසාදිකසංවත්තනිකං කම්මං උපචිනාති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
හැමදීම පිළිබඳ අනුසස් පසෙක: සිය සිත පහදියි, මෙරමා සිත පහදියි, දෙවියෝ සතුටු සිත් ඇත්තාහු වෙති, ප්‍රසාදය පිණිස පවත්නා කර්මයක් රැස් කෙරෙයි, කාබුන් මරණින් මතු ශෝභනගති ඇති දෙව්ලොවට පැමිණේ.
අපරෙපි පඤ්චානිසංසා සම්මජ්ජනියා : සකචිත්තං පසීදති, පරචිත්තං පසීදති, දෙවතා අත්තමනා හොන්ති සත්ථුසාසනං කතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති.
හැමදීම පිළිබඳ අනෙකුදු අනුසස් පසෙක: සිය සිත පහදිසි, මෙරමා සිත පහදියි, දෙවියෝ සතුටු සිත් ඇති වෙති. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වෙයි. පශ්චිම ජනතාව දිට්ඨානුගතියට පැමිණේ.
12. පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : අත්තනො භාසපරියන්තං න උග්ගණ්හාති, පරස්ස භාසපරියන්තං න උග්ගණ්හාති, අත්තනො භාසපරියන්තං අනුග්ගහෙත්වා පරස්ස භාසපරියන්තං අනුග්ගහෙත්වා අධම්මෙන කාරෙති අපටිඤ්ඤාය.
12. පසඟෙකින් යුත් විනයධර බාලයෙකැයි මැ ගිණීමට යෙයි: සිය වදන් පිරියත නො ම උගණියි, මෙරමා වදන් පිරියත නො ම උගණියි, සිය වදන් පිරියත නො ඉගෙණ මෙරමා වදන් පිරියත නො ඉගෙණ අධර්මයෙන් අප්‍රතිඥායෙන් කරවයි.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : අත්තනො භාසපරියන්තං උග්ගණ්හාති, පරස්ස භාසපරියන්තං උග්ගණ්හාති, අත්තනො භාසපරියන්තං උග්ගහෙත්වා පරස්ස භාසපරියන්තං උග්ගහෙත්වා ධම්මෙන කාරෙති පටිඤ්ඤාය.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැයි මැ ගිණීමට යෙයි: සිය වදන් පිරියත උගණියි, මෙරමා වදන් පිරියත උගණියි, සියවදන් පිරියත ඉගෙණ මෙරමා වදන් පිරියත ඉගෙණ ධර්මයෙන් ප්‍රතිඥායෙන් කරවයි.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තිං න ජානාති, ආපත්තියා මූලං න ජානාති, ආපත්තිසමුදයං න ජානාති, ආපත්තිනිරොධං න ජානාති, ආපත්තිනිරොධගාමිනිං පටිපදං න ජානාති.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැයි මැ ගිණීමට යෙයි: ආපත්තිය නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්තිනිරෝධය නො දනියි, ආපත්තිනිරෝධ ගාමිනී ප්‍රතිපත් නො දනී.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තිං ජානාති, ආපත්තියා මූලං ජානාති, ආපත්තිසමුදයං ජානාති, ආපත්තිනිරොධං ජානාති, ආපත්තිනිරොධගාමිනිං පටිපදං ජානාති.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය දනියි ආපත්තිමූලය දනියි, ආපත්තිසමුදය දනියි, ආපත්තිනිරෝධය දනියි, ආපත්තිනිරොධගාමිනී ප්‍රතිපත් දනී.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : අධිකරණං න ජානාති, අධිකරණස්ස මූලං න ජානාති, අධිකරණසමුදයං න ජානාති, අධිකරණනිරොධං න ජානාති, අධිකරණනිරොධගාමිනිං පටිපදං න ජානාති.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: අධිකරණය නො දනියි, අධිකරණමුලය නො දනියි, අධිකරණ සමුදය නො දනියි, අධිකරණනිරෝධය නො දනියි, අධිකරණ නිරොධගාමිනී ප්‍රතිපත් නො දනී.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : අධිකරණං ජානාති , අධිකරණස්ස මූලං ජානාති, අධිකරණසමුදයං ජානාති, අධිකරණනිරොධං ජානාති, අධිකරණනිරොධගාමිනිං පටිපදං ජානාති.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: අධිකරණය දනියි, අධිකරණමූලය දනියි, අධිකරණසමුදය දනියි, අධිකරණනිරෝධය දනියි, අධිකරණනිරෝධගාමිනී ප්‍රතිපත් දනී.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, අනුපඤ්ඤත්තිං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්රඥප්තිය නො දනියි, අනුප්‍රඥප්තිය නො දනියි, අනුසන්ධිකථාමාර්ගය නො දනී.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, අනුපඤ්ඤත්තිං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: වස්තුව දනියි, නිදානය දනියි, ප්රඥප්තිය දනියි, අනුප්‍රඥප්තිය දනියි, අනුසන්ධිකථාමාර්ගය දනී.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ඤත්තිං න ජානාති, ඤත්තියා කරණං න ජානාති, න පුබ්බකුසලො හොති, න අපරකුසලො හොති, අකාලඤ්ඤූ ච හොති.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, පළමු කියයුත්තෙහි දක්ෂ නො වෙයි, පසුව කියයුත්තෙහි දක්ෂ නො වෙයි, කල් නො දන්නේත් වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ඤත්තිං ජානාති, ඤත්තියා කරණං ජානාති, පුබ්බකුසලො හොති, අපරකුසලො හොති, කාලඤ්ඤූ ච හොති.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි, පළමු කියයුත්තෙහි දක්ෂ වෙයි, පසුව කියයුත්තෙහි දක්ෂ වෙයි කල් දන්නේත් වේ.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ආචරියපරම්පරා ඛො පනස්ස න සුග්ගහීතා හොති න සුමනසිකතා න සූපධාරිතා.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය ද අනාපත්තිය ද නො දනියි, ලහුකාපත්තිය ද ගරුකාපත්තිය ද නො දනියි, සාවසේසා පත්තිය ද අනවසේසාපත්තිය ද නො දනියි, දුට්ඨුල්ලාපත්තිය ද අදුට්ඨුල්ලාපත්තිය ද නො දනියි, ඔහු විසින් ආචාර්ය්ය පරම්පරාව මැනැවින් නො උගන්නා ලද වෙයි මැනැවින් මෙනෙහි නො කරණ ලද වෙයි මැනැවින් නො දරාගන්නා ලද වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්තිය ද අනාපත්තිය ද දනියි ලහුකාපත්තිය ද ගරුකාපත්තිය ද දනියි සාවසේසාපත්තිය ද අනවසේසාපත්තිය ද දනියි දුට්ඨුල්ලාපත්තිය ද අදුට්ඨුල්ලාපත්තිය ද දනියි ඔහු විසින් ආචාර්ය්ය පරම්පරාව මැනැවින් උගන්නා ලද වෙයි මැනැවින් මෙනෙහි කරණ ලද වෙයි මැනැවින් දරාගන්නා ලද වේ.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි න විත්ථාරෙන ස්වාගතානි හොන්ති න සුවිභත්තානි න සුප්පවත්තීනි න සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්ති අනාපත්ති නො දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති නො දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති නො දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති නො දනියි, ඔහු විසින් උභය ප්රාතිමෝක්ෂය විස්තර වශයෙන් මැනැවින් ප්‍රගුණ නො කරණ ලද වෙයි. මැනවින් නො බෙදනලද වෙයි, මැනැවින් (දැරීම්වශයෙන්) නො පවත්වන ලද වෙයි, පෙළ වශයෙන් ද අර්ත්ථකථා වශයෙන් ද මැනැවින් විනිශ්චය නො කරණ ලද වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි: ආපත්ති අනාපත්ති දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති දනී, ඔහු විසින් උභය ප්රාතිමෝක්ෂය විස්තර වශයෙන් මැනැවින් ප්‍රගුණ කරණලද වෙයි මැනැවින් බෙදන ලද වෙයි මැනැවින් (දැරීම් වශයෙන්) පවත්වන ලද වෙයි පෙළ වශයෙන් ද අර්ත්ථකථා වශයෙන් ද මැනැවින් විනිශ්චය කරණ ලද වේ.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො බාලොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, අධිකරණෙ ච න විනිච්ඡයකුසලො හොති.
අනෙකුදු පසඟෙකින් යුත් විනයධර බාලයෙකැ යි මැ ගිණීමට යෙයි; ආපත්ති අනාපත්ති නො දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති නො දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති නො දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති නො දනියි, අධිකරණයෙහි විනිශ්චය කුශල වූයේ ද නො වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො විනයධරො පණ්ඩිතොත්වෙව සඞ්ඛං ගච්ඡති : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, අධිකරණෙ ච විනිච්ඡයකුසලො හොති.
පසඟෙකින් යුත් විනයධර පණ්ඩිතයෙකැ යි මැ ගිණීමට යෙයි, ආපත්ති අනාපත්ති දනියි, ලහුකාපත්ති ගරුකාපත්ති දනියි, සාවසේසාපත්ති අනවසේසාපත්ති දනියි, දුට්ඨුල්ලාපත්ති අදුට්ඨුල්ලාපත්ති දනියි, අධිකරණයෙහි විනිශ්චය කුශල වූයේ ද වේ.
13. පඤ්ච ආරඤ්ඤකා : මන්දත්තා මොමුහත්තා ආරඤ්ඤකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා ආරඤ්ඤකො හොති, වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති ආරඤ්ඤකො හොති, අපි ච අප්පිච්ඡඤ්ඤෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව නිස්සාය ආරඤ්ඤිකො හොති.
13. ආරණ්‍යකයෝ පස් දෙනෙක: නුවණ මඳ බැවින් මුළා බැවින් ආරණ්‍යයක වෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඬනා ලදුයේ ආරණ්‍යයක වෙයි, උමතුවෙන් චිත්ත වික්ෂේපයෙන් ආරණ්‍යක වෙයි, බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණිත යැයි ආරණ්‍යක වෙයි. තව ද අපිස් බව මැ නිසා සතොස් බව මැ නිසා කෙලෙස් ලියනු මැ නිසා විවේකය මැ නිසා මෙයින් අර්‍ත්‍ථයක් ඇති බව මැ නිසා ආරණ්‍යයක වේ.
පඤ්ච පිණ්ඩපාතිකා -පෙ- පඤ්ච පංසුකූලිකා -පෙ- පඤ්ච රුක්ඛමූලිකා -පෙ- පඤ්ච සොසානිකා -පෙ- පඤ්ච අබ්භොකාසිකා -පෙ- පඤ්ච තෙචීවරිකා -පෙ- පඤ්ච සපදානචාරිකා -පෙ- පඤ්ච නෙසජ්ජිකා -පෙ- පඤ්ච යථාසන්ථතිකා -පෙ- පඤ්ච එකාසනිකා -පෙ- පඤ්ච ඛලුපච්ඡාභත්තිකා -පෙ- පඤ්ච පත්තපිණ්ඩිකා : මන්දත්තා මොමුහත්තා පත්තපිණ්ඩිකො හොති, පාපිච්ඡො ඉච්ඡාපකතො පත්තපිණ්ඩිකො හොති, උම්මාදා චිත්තක්ඛෙපා පත්තපිණ්ඩිකො හොති, වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති පත්තපිණ්ඩිකො හොති, අපි ච අප්පිච්ඡඤ්ඤෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව නිස්සාය පත්තපිණ්ඩිකො හොති.
පිණඩපාතිකයෝ පස් දෙනෙක ... පංසුකුලිකයෝ පස් දෙනෙක ... රුක්ඛමූලිකයෝ පස් දෙනෙක ... සෝසානිකයෝ පස් දෙනෙක ... අබ්භෝකාසිකයෝ පස් දෙනෙක ... තෙචීවරිකයෝ පස් දෙනෙක ... සපදානචාරිකයෝ පස් දෙනෙක නෙසජ්ජිකයෝ පස් දෙනෙක ... යථාසන්‍ථතිකයෝ පස් දෙනෙක ... ඒකාසනිකයෝ පස් දෙනෙක ... බලුපච්ඡයාභත්තිකයෝ පස් දෙනෙක ... පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙක: නුවණ මඳ බැවින් මුළා බැවින් පත්තපිණ්ඩික වෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඬනාලදුයේ පත්තපිණ්ඩික වෙයි, උමතුවෙන් චිත්ත වික්ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි, බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්ණිත යැයි පත්තපිණ්ඩික වෙයි. තව ද අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා කෙලෙස් ලියනු මැ නිසා විවේකය මැ නිසා මෙයින් අර්‍ත්‍ථයක් ඇති බව මැ නිසා පත්තපිණ්ඩික වේ.
14. පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානිස්සිතෙන වත්ථබ්බං : උපොසථං න ජානාති, උපොසථකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති.
14. පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පොහොය නො දනියි, පොහෝකම් නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇත්තේ වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං : උපොසථං ජානාති, උපොසථකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා.
පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: පොහොය දනියි, පොහෝකම් දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරා පස්වස් ඇති හෝ වේ.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානිස්සිතෙන වත්ථබ්බං : පවාරණං න ජානාති, පවාරණකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති.
අනෙකුදු පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පවාරණය නො දනියි, පවාරණ කර්මය නො දනියි. පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇති වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං : පවාරණං ජානාති, පවාරණකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා.
පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: පවාරණය දනියි, පවාරණකර්මය දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරාපස්වස් ඇත්තේ හෝ වේ.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානිස්සිතෙන වත්ථබ්බං : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ඌනපඤ්චවස්සො හොති.
අනෙකුදු පසඟෙකින් යුත් මහණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනුපස්වස් ඇති වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනිස්සිතෙන වත්ථබ්බං : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා.
පසඟෙකින් යුත් මහණහු අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස්වස් ඇත්තේ හෝ අයිරා පස්වස් ඇත්තේ හෝ වේ.
15. පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා නානිස්සිතාය වත්ථබ්බං : උපොසථං න ජානාති, උපොසථකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සා හොති.
15. පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පොහොය නො දනියි, පොහෝකම් නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස් වස් ඇති වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා අනිස්සිතාය වත්ථබ්බං : උපොසථං ජානාති, උපොසථකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සා වා හොති අතිරෙකපඤ්චවස්සා වා.
පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතුය: පොහොය දනියි, පොහෝකම් දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා නානිස්සිතාය වත්ථබ්බං : පවාරණං න ජානාති, පවාරණකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සා හොති.
අනෙකුදු පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: පවාරණය නො දනියි, පවාරණකර්මය නො දනියි, පාමොක් නො දනියි, පාමොක් උදෙසුම් නො දනියි, උනුපස්වස් ඇත්තී වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා අනිස්සිතාය වත්ථබ්බං : පවාරණං ජානාති, පවාරණකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සා වා හොති අතිරෙකපඤ්චවස්සා වා.
පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය. පවාරණය දනියි, පවාරණ කර්මය දනියි, පාමොක් දනියි, පාමොක් උදෙසුම් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
අපරෙහිපි පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා නානිස්සිතාය වත්ථබ්බං : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ඌනපඤ්චවස්සා හොති.
අනෙකුදු පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ නො විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනුපස්වස් ඇත්තී වේ.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා අනිස්සිතාය වත්ථබ්බං : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, පඤ්චවස්සා වා හොති අතිරෙකපඤ්චවස්සා වා.
පසඟෙකින් යුත් මෙහෙණ අනිශ්ශ්‍රිත වැ විසිය යුතු ය: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස්වස් ඇත්තී හෝ අයිරා පස්වස් ඇත්තී හෝ වේ.
16. පඤ්ච ආදීනවා අපාසාදිකෙ : අත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
16. අකුශල කර්ම ඇත්තහු කෙරෙහි ආදීනව පසෙක: තෙමේත් තමහට දෝෂාරෝපණය කෙරෙයි, නුවණැත්තෝ (කරුණු) විමසා දැන ගරහති, ලාමක වූ කීර්ති ඝෝෂය උස් වැ පැන නඟියි, මුළා වැ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයට පැමිණේ.
පඤ්චානිසංසා පාසාදිකෙ : අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්චපි විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
කුශලකර්ම ඇත්තහු කෙරෙහි අනුසස් පසෙක: තෙමේත් තමහට දෝෂාරෝපණය නො කෙරෙයි, නුවණැත්තෝ කරුණු විමසා දැන පසසති, යහපත් වූ කීර්තිඝෝෂය උස් වැ පැන නඟියි, නො මුළා වැ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු යහපත් ගති ඇති දෙව්ලොවට පැමිණේ.
අපරෙපි පඤ්ච ආදීනවා අපාසාදිකෙ : අප්පසන්නා නප්පසීදන්ති, පසන්නානං එකච්චානං අඤ්ඤථත්තං හොති, සත්ථුසාසනං අකතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං නාපජ්ජති, චිත්තමස්ස නප්පසීදති.
අකුශල කර්ම ඇත්තහු කෙරෙහි අනෙකුදු ආදීනව පසෙක: නො පහන් වූවෝ නො පහදිති, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව වෙයි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව නො කරණ ලද වෙයි, පශ්චිම ජනතාව දිට්ඨානුගතියට නො පැමිණෙයි, ඔහුගේ සිත නො පහදී.
පඤ්චානිසංසා පාසාදිකෙ : අප්පසන්නා පසීදන්ති, පසන්නානං භිය්යොභාවාය හොති, සත්ථුසාසනං කතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති, චිත්තමස්ස පසීදති.
කුශලකර්ම ඇත්තහු කෙරෙහි අනුසස් පසෙක: නො පහන් වූවෝ පහදිති, පහන් වූවන්ගේ බොහෝ බව පිණිස වෙයි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද වෙයි, පශ්චිම ජනතාව දිට්ඨානුගතියට පැමිණෙයි, ඔහුගේ සිත පහදී.
17. පඤ්ච ආදීනවා කුලූපගෙ : අනාමන්තචාරො ආපජ්ජති, රහො නිසජ්ජාය ආපජ්ජති, පටිච්ඡන්නෙ ආසනෙ ආපජ්ජති, මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙන්තො ආපජ්ජති, කාමසඞ්කප්පබහුලො ච විහරති.
17. කුලුපග මහණ කෙරෙහි ආදීනව පසෙක: අනාමන්තවාරය ඇතියේ ඇවැතට පැමිණෙයි, රහොනිසජ්ජායෙන් ඇවැතට පැමිණෙයි, පිළිසන් අස්නෙකැ හිඳීමෙන් වන ඇවැතට පැමිණෙයි, මාගමකට සපස් වදනින් මත්තෙහි දහම් දෙසනුයේ ඇවැතට පැමිණෙයි, කාමවිතර්ක බහුල වැ ද වාස කෙරේ.
පඤ්ච ආදීනවා කුලූපගස්ස භික්ඛුනො : අතිවෙලං කුලෙසු සංසට්ඨස්ස විහරතො : මාතුගාමස්ස අභිණ්හදස්සනං, දස්සනෙ සති සංසග්ගො, සංසග්ගෙ සතී විස්සාසො, විස්සාසෙ සති ඔතාරො, ඔතිණ්ණචිත්තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං : අනභිරතො වා බ්රහ්මචරියං චරිස්සති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජිස්සති, සික්ඛං වා පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති.
වේලා ඉක්මවා කුලයෙහි ගිහියන් හා හැනී වසන කුලුපග මහණ පිළිබඳ ආදීනව පසෙක; මාගම නිතර දැක්ම යැ, දැක්ම ඇති කල්හි එක්වීම යැ, එක්වීම ඇති කල්හි විශ්වාස යැ, විශ්වාසය ඇති කල්හි රාගයට බැසීම යැ, රාගයට බැසගත් සිත් ඇති මහණහු විසින් තෙල කැමැති විය යුතුය: සසුන්හි ඇලුම් නැති වැ හෝ බඹසර කරයි, එක්තරා සකිලිටි ඇවැතකට හෝ පැමිණෙයි, ශික්ෂා හැරපියා ගිහිබවට හෝ පෙරළේ.
18. පඤ්ච බීජානි : මූලබීජං, ඛන්ධබීජං, ඵලුබීජං, අග්ගබීජං, බීජබීජඤ්ඤෙව පඤ්චමං.
18. බීජ පසෙක: මූල බීජ යැ ස්කන්ධ බීජ යැ පර්ව බීජ යැ අග්‍ර බීජ යැ පස්වැනි වූ බීජ බීජ යි.
පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතබ්බං : අග්ගිපරිචිතං, සත්ථපරිචිතං, නඛපරිජිතං, අබීජං, නිබ්බට්ටබීජඤ්ඤෙව පඤ්චමං.
පඤ්ච ශ්‍රමණ ව්‍යවහාරයෙන් කැප කළ ඵලය පරිභෝග කටයුතු ය: ගින්නෙන් කැප කරණලද යැ ආවුධයෙන් කැප කරණලද යැ නියෙන් කැප කරණලද යැ මුහුකළ බිජුවට නැතියෙ යැ පස්වැනි වූ බැහැර කළ බිජුවට ඇතියෙ යි.
19. පඤ්ච විසුද්ධියො : නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං පඨමා විසුද්ධි, නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං දුතියා විසුද්ධි, නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං තතියා විසුද්ධි, නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා ද්වෙ අනියතෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං අයං චතුත්ථා විසුද්ධි, විත්ථාරෙනෙව පඤ්චමී.
19. විශුද්ධි පසෙක: නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි, මේ පළමුවන විශුද්ධි යැ. නිදානය උදෙසා සිවුපරීජි උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි, මේ දෙවන විශුද්ධි යැ, නිදානය උදෙසා සිවුපරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ තුන්වන විශුද්ධි යැ. නිදානය උදෙසා සිවු පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා දෙ අනියතය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ සිවුවන විශුද්ධි යැ. චිත්ථාරුද්දේසයෙන් මැ පස්වැනි විශුද්ධි යි.
අපරාපි පඤ්ච විසුද්ධියො : සුත්තුද්දෙසො, පාරිසුද්ධිඋපොසථො, අධිට්ඨානුපොසථො, පවාරණා, සාමග්ගිඋපොසථොයෙව පඤ්චමො.
අනෙකුදු විශුද්ධි පසෙක: සුත්තුද්දේසඋපෝසථ යැ පාරිසුද්ධිඋපෝසථ යැ අධිට්ඨානුපොසථ යැ පවාරණ යැ සාමග්ගිඋපෝසථය මැ පස්වැනි යි.
20. පඤ්චානිසංසා විනයධරෙ : අත්තනො සීලක්ඛන්ධො සුගුත්තො හොති සුරක්ඛිතො, කුක්කුච්චපකතානං පටිසරණං හොති, විසාරදො සඞ්ඝමජ්ඣෙ වොහරති, පච්චත්ථිකෙ සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගණ්හාති, සද්ධම්මට්ඨිතියා පටිපන්නො හොති.
20. විනයධරයා කෙරෙහි වූ අනුසස් පසෙක: තමාගේ ශීලස්කන්ධය මොනොවට ගෝපනය කරණ ලද්දේ මොනොවට රක්නා ලද්දේ වෙයි, කුකුස් බැවින් මඩනා ලද්දවුනට පිළිසරණ වෙයි, සඟමැද විශාරද වැ කථා කෙරෙයි, කරුණු සහිත ව මොනවට නිගැන්මෙන් පසමිතුරනට නිග්‍රහ කෙරෙයි, ශාසනයාගේ චිරස්ථිතිය පිණිස පිළිපන්නේ වේ.
21. පඤ්ච අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
21. නො දැහැමි පාමොක් තැබීම් පසෙකි.
පඤ්ච ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
දැහැමි පාමොක් තැබීම් පසෙකි.
පඤ්චකං නිට්ඨිතං.
පඤ්චකය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. ආපත්ති ආපත්තික්ඛන්ධා, විනීතානන්තරෙන ච, පුග්ගලච්ඡෙදනා චෙව ආපජ්ජති ච පච්චයා.
1. ආපත්ති යැ, ආපත්තිස්කන්ධ යැ, ආනන්තර්ය්යකර්ම සමග විනීතවස්තු යැ, පුද්ගල යැ, ඡේදන යැ, ආපජ්ජති යැ, ප්‍රත්‍යය යැ,
2. න උපෙති උපෙති ච කප්පන්තූසඞ්කිතෙලං ච, වසං බ්යසනසම්පදා පස්සද්ධි පුග්ගලෙන ච.
2. න උපේති යැ, උපේති යැ, කප්පන්ති යැ, උස්සඞ්කිත යැ, තෙල යැ, වසා යැ, ව්‍යසන යැ, සම්පදා ව සමග පස්සද්ධි යැ,
3. සොසානිකං ඛායිතඤ්ච ථෙය්යං චොරො පවුච්චති, අවිස්සජ්ජි අවෙභඞ්ගි කායතො කායවාචතො.
3. සෝසානික යැ, ගොඛායිත යැ, ථෙය්‍යවහාර යැ, මහාචෝර යැ යි පඤ්චක කියනු ලැබේ. අවිස්සජ්ජනීය යැ අවෙභඞ්ගිය යැ කායතෝ යැ කායවාචතො යැ,
4. දෙසනා සඞ්ඝඋද්දෙසා පච්චන්ති කඨිනෙන ච, කම්මානි යාව තතියං පාරාජිකා ථුල්ලදුක්කටං.
4. දේසනාගාමිනී යැ, සඞ්ඝ යැ, පාතිමොක්ඛුද්දෙස යැ, කඨිනත්ථාරය සමග සබ්බපච්චන්තිම යැ, කම්ම යැ, යාවත්තියක යැ, පාරාජික යැ ථුල්ලච්චය යැ, දුක්කට යැ,
5. අකප්පියං කප්පියඤ්ච අපුඤ්ඤ දුවිනොදයා, සම්මජ්ජනී අපරෙ ච භාසං ආපත්ති මෙව ච.
5. අකප්පිය යැ, කප්පිය යැ, අපුඤ්ඤ යැ, දුප්පටිවිනෝද යැ, සමමජ්ජනී යැ, අන්‍ය වූ සම්මජ්ජනී යැ, භාසපරියන්ත යැ, ආපත්ති යැ,
6. අධිකරණං වත්ථු ඤත්ති ආපත්තා උභයානි ච, ලහුකට්ඨමකා එතෙ කණ්හසුක්කා විජානථ.
6. අධිකරණ යැ, වස්තු යැ, ඤත්ති යැ, ආපත්තානාපත්ති දෙක යැ, ලහුකය අට වැනි කොට ඇති මොහු කෘෂ්ණ ශුක්ලයහ යි දනිවු.
7. අරඤ්ඤං පිණ්ඩපාතඤ්ච පංසුරුක්ඛසුසානිකා, අබ්භොකාසො චීවරඤ්ච සපදානො නිසජ්ජිකා
7. ආරඤ්ඤක යැ, පිණ්ඩපාතික යැ, පංසුකූලික ය, රුක්ඛමූලික යැ, සෝසානික යැ, අබ්භෝකාසික යැ, තෙචීවරික යැ, සපදානචාරික යැ, නෙසජ්ජික යැ,
8. සන්ථති ඛලු පච්ඡාපි පත්තපිණ්ඩිකමෙව ච, උපොසථං පවාරණං, ආපත්තානාපත්තිපි ච, කණ්හසුක්කපදා එතෙ භික්ඛුනීනම්පි තෙ තථා,
8. යථාසන්ථතික යැ, ඛලුපච්ඡාභත්තික යැ, පත්තපිණ්ඩික යැ, උපෝසථ යැ, පවාරණ යැ, ආපත්තානාපත්ති යැ, මොහු කෘෂ්ණ ශුක්ලපදයෝ වෙති. ඔහු භික්ෂුණීන් පිළිබඳ ව ද එසේ යි.
9. අපාසාදිකපාසාදි තථෙව අපරෙ දුවෙ, කුලූපකෙ අතිවෙලං බීජං සමණකප්පා ච.
9. අපාසාදික යැ පාසාදික යැ එසේම අපර දෙක යැ, කුලුපග යැ, අතිවේල යැ බීජ යැ, සමණකප්ප යැ,
10. විසුද්ධි අපරෙ චෙව විනයා ධම්මිකෙන ච, ධම්මිකා ච තථා වුත්තා නිට්ඨිතා සුද්ධිපඤ්චකාති.
10. විසුද්ධි යැ, අපරවිසුද්ධි යැ, විනයධර යැ, අධම්මික යැ, සමග ධම්මික යැ යි එසේම කියනලදහ. (මෙසේ) ශුද්ධි පඤ්චකයෝ නිමියහ.