යෙදුමෙන් කියවන්න

චතුක‍්කං

චතුක‍්කං

චතුෂ්කය

1. අත්‍ථාපත‍්ති සකවාචාය ආපජ‍්ජති, පරවාචාය වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති පරවාචාය ආපජ‍්ජති, සකවාචාය වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති සකවාචාය ආපජ‍්ජති, සකවාචාය වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති පරවාචාය ආපජ‍්ජති, පරවාචාය වුට‍්ඨාති.

1. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි. පර වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත සිය වදනින් අවදියි, සිය වදනින් නැඟී සිටී. ඇවැතෙක් ඇත පර වදනින් අවදියි, පර වදනින් නැඟී සිටී.

අත්‍ථාපත‍්ති කායෙන ආපජ‍්ජති, වාචාය වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති වාචාය ආපජ‍්ජති, කායෙන වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති කායෙන ආපජ‍්ජති, කායෙන වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති වාචාය ආපජ‍්ජති, වාචාය වුට‍්ඨාති.

ඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි වාග්ද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග්ද්වාරයෙන් අවදියි කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කායද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත වාග් ද්වාරයෙන් අවදියි වාග් ද්වාරයෙන් නැඟී සිටී.

අත්‍ථාපත‍්ති පසුත‍්තො ආපජ‍්ජති, පටිබුද‍්ධො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති පටිබුද‍්ධො ආපජ‍්ජති, පසුත‍්තො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති පසුත‍්තො ආපජ‍්ජති, පසුත‍්තො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති පටිබුද‍්ධො ආපජ‍්ජති, පටිබුද‍්ධො වුට‍්ඨාති.

ඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි පිබිදියේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත නිදිගත්තේ අවදියි, නිදිගත්තේ නැඟී සිටී. ඇවැතෙක් ඇත පිබිදියේ අවදියි පිබිදියේ නැඟී සිටී.

අත්‍ථාපත‍්ති අචිත‍්තකො ආපජ‍්ජති, සචිත‍්තකො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති සචිත‍්තකො ආපජ‍්ජති, අචිත‍්තකො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති අචිත‍්තකො ආපජ‍්ජති, අචිත‍්තකො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති සචිත‍්තකො ආපජ‍්ජති, සචිත‍්තකො වුට‍්ඨාති.

ඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත අචිත්තක වූයේ අවදියි අචිත්තක වූයේ නැඟී සිටී. ඇවැතෙක් ඇත සචිත්තක වූයේ අවදියි සචිත්තක වූයේ නැඟී සිටී.

අත්‍ථාපත‍්ති ආපජ‍්ජන‍්තො දෙසෙති, දෙසෙන‍්තො ආපජ‍්ජති. අත්‍ථාපත‍්ති ආපජ‍්ජන‍්තො වුට‍්ඨාති, වුට‍්ඨහන‍්තො ආපජ‍්ජති.

ඇවැතෙක් ඇත අවදනේ දෙසයි දෙසනුයේ අවදී. ඇවැතෙක් ඇත අවදනේ නැඟී සිටියි, නැඟී සිටිනුයේ අවදී.

අත්‍ථාපත‍්ති කම‍්මෙන ආපජ‍්ජති, අකම‍්මෙන වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති අකම‍්මෙන ආපජ‍්ජති, කම‍්මෙන වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති කම‍්මෙන ආපජ‍්ජති, කම‍්මෙන වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති අකම‍්මෙන ආපජ‍්ජති, අකම‍්මෙන වුට‍්ඨාති.

ඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත කර්‍මයෙන් අවදියි කර්‍මයෙන් නැඟී සිටී. ඇවැතෙක් ඇත අකර්‍මයෙන් අවදියි අකර්‍මයෙන් නැඟී සිටී.

2. චත‍්තාරො අනරියවොහාරා : අදිට‍්ඨෙ දිට‍්ඨවාදිතා, අසුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා.

2. නො දුටුයෙහි දිටැයි කියන සුලු බව, නො ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, අමුතයෙහි මුතැයි කියනසුලුබව, නො දතුයෙහි දතැයි කියනසුලුබවැයි අනරිය බැවහර සතරෙකි.

චත‍්තාරො අරියවොහාරා : අදිට‍්ඨෙ අදිට‍්ඨවාදිතා, අස‍්සුතෙ අසුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදිතා.

නො දුටුයෙහි නො දිටැයි කියනසුලුබව, නො ඇසුයෙහි නො ඇසිණැයි කියන සුලුබව, අමුතයෙහි අමුතැයි කියනසුලුබව, නො දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.

අපරෙපි චත‍්තාරො අනරියවොහාරා : දිට‍්ඨෙ අදිට‍්ඨවාදිතා, සුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදිතා.

දුටුයෙහි නො දිටැයි කියනසුලුබව, ඇසුයෙහි නො ඇසිණයි කියන සුලුබව, මුතයෙහි අමුතැයි කියනසුලුබව, දතුයෙහි නො දතැයි කියනසුලුබවැයි අනෙකුදු අනරිය බැවහර සතරෙකි.

චත‍්තාරො අරියවොහාරා : දිට‍්ඨෙ දිට‍්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා.

දුටුයෙහි දිටැයි කියනසුලුබව, ඇසුයෙහි ඇසිණැයි කියනසුලුබව, මුතයෙහි මුතැයි කියනසුලුබව, දතුයෙහි දතැයි කියනසුලුබවැයි අරිය බැවහර සතරෙකි.

3. චත‍්තාරො පාරාජිකා භික‍්ඛූනං භික‍්ඛුනීහි සාධාරණා, චත‍්තාරො පාරාජිකා භික‍්ඛුනීනං භික‍්ඛූහි අසාධාරණා.

3. භික්‍ෂූන්ට භික්‍ෂූණීන් හා සාධාරණවූ පරිජි සතරෙකි. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් හා අසාධාරණවූ පරිජි සතරෙකි.

චත‍්තාරො පරික‍්ඛාරා : අත්‍ථි පරික‍්ඛාරො රක‍්ඛිතබ‍්බො ගොපෙතබ‍්බො මමායිතබ‍්බො පරිභුඤ‍්ජිතබ‍්බො, අත්‍ථි පරික‍්ඛාරො රක‍්ඛිතබ‍්බො ගොපෙතබ‍්බො මමායිතබ‍්බො, න පරිභුඤ‍්ජිතබ‍්බො, අත්‍ථි පරික‍්ඛාරො රක‍්ඛිතබ‍්බො ගොපෙතබ‍්බො, න මමායිතබ‍්බො න පරිභුඤ‍්ජිතබ‍්බො, අත්‍ථි පරික‍්ඛාරො න රක‍්ඛිතබ‍්බො න ගොපෙතබ‍්බො න මමායිතබ‍්බො න පරිභුඤ‍්ජිතබ‍්බො.

පිරිකර සතරෙකි: රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග කටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය කටයුතු වූ පරිභෝග නොකටයුතු වූ පිරිකරෙක් ඇත, රැකියයුතු වූ ගෝපනය කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇත, නො රැකියයුතු වූ ගෝපනය නො කටයුතු වූ මමායනය නො කටයුතු වූ පරිභෝග නො කටයුතු වූ පිරිකරෙක් ඇති.

අත්‍ථාපත‍්ති සම‍්මුඛා ආපජ‍්ජති, පරම‍්මුඛා වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති පරම‍්මුඛා ආපජ‍්ජති, සම‍්මුඛා වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති සම‍්මුඛා ආපජ‍්ජති, සම‍්මුඛා වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති පරම‍්මුඛා ආපජ‍්ජති, පරම‍්මුඛා වුට‍්ඨාති.

ඇවැතෙක් ඇත හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත හමුවෙහි අවදියි හමුවෙහි නැඟී සිටියි. ඇවැතෙක් ඇත නො හමුවෙහි අවදියි නො හමුවෙහි නැඟී සිටී.

අත්‍ථාපත‍්ති අජානන‍්තො ආපජ‍්ජති, ජානන‍්තො වුට‍්ඨාති අත්‍ථාපත‍්ති ජානන‍්තො ආපජ‍්ජති, අජානන‍්තො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති අජානන‍්තො ආපජ‍්ජති, අජානන‍්තො වුට‍්ඨාති, අත්‍ථාපත‍්ති ජානන‍්තො ආපජ‍්ජති, ජානන‍්තො වුට‍්ඨාති.

ඇවැතෙක් ඇත නො දන්නේ අවදියි දන්නේ නැඟී සිටීසි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත නො දන්නේ අවදියි නො දන්නේ නැඟී සිටියි, ඇවැතෙක් ඇත දන්නේ අවදියි දන්නේ නැඟී සිටී.

4. චතූහාකාරෙහි ආපත‍්තිං ආපජ‍්ජති : කායෙන ආපජ‍්ජති, වාචාය ආපජ‍්ජති, කායෙන වාචාය ආපජ‍්ජති, කම‍්මවාචාය ආපජ‍්ජති. අපරෙහිපි චතූහාකාරෙහි ආපත‍්තිං ආපජ‍්ජති : සඞ‍්ඝමජ‍්ඣෙ, ගණමජ‍්ඣෙ, පුග‍්ගලස‍්ස සන‍්තිකෙ, ලිඞ‍්ගපාතුභාවෙන.

4. සිවු අයුරකින් ඇවැතට අවදියි: කායද්වාරයෙන් අවදියි, වාග්ද්වාරයෙන් අවදියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් අවදියි, කර්‍ම වාක්‍යයෙන් අවදී. සඟමැදහි ගණමැදහි පුඟුලක්හු වෙතැ ලිඟුපිරිවැටුමෙනැයි අනෙකුදු සිවු අයුරකින් ඇවැතට අවදී.

චතූහාකාරෙහි ආපත‍්තියා වුට‍්ඨාති : කායෙන වුට‍්ඨාති, වාචාය වුට‍්ඨාති, කායෙන වාචාය වුට‍්ඨාති, කම‍්මවාචාය වුට‍්ඨාති.

කායද්වාරයෙන් නැඟී සිටියි, වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කායද්වාරයෙන් හා වාග්ද්වාරයෙන් නැඟී සිටියි, කර්‍ම වාක්‍යයෙන් නැඟී සිටීයි සිවු අයුරකින් ඇවැතින් නැඟී සිටී.

අපරෙහිපි චතූහාකාරෙහි ආපත‍්තියා වුට‍්ඨාති : සඞ‍්ඝමජ‍්ඣෙ, ගණමජ‍්ඣෙ, පුග‍්ගලස‍්ස සන‍්තිකෙ, ලිඞ‍්ගපාතුභාවෙන. සහපටිලාභෙන පුරිමං ජහති, පච‍්ඡිමෙ පතිට‍්ඨාති, විඤ‍්ඤත‍්තියො පටිප‍්පස‍්සම‍්භන‍්ති, පඤ‍්ඤත‍්තියො නිරුජ‍්ඣන‍්ති. සහපටිලාභෙන පච‍්ඡිමං ජහාති, පුරිමෙ පතිට‍්ඨාති, විඤ‍්ඤත‍්තියො පටිප‍්පස‍්සම‍්භන‍්ති, පඤ‍්ඤත‍්තියො නිරුජ‍්ඣන‍්ති.

සඟමැදහි ගණමැදහි පුඟුලක්හු වෙතැ ලිඟු පිරිවැටුමෙනැයි අනෙකුදු සිවු අයුරෙකින් ඇවැතින් නැඟී සිටී. ස්ත්‍රී ලිඞ්ගය පිළිලැබීම සමඟ පළමු පුරුෂ ලිඞ්ගය හරියි, පශ්චිම ස්ත්‍රී ලිඞ්ගයෙහි පිහිටයි. විඥප්තීහු සන්සිඳෙත්, ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්. පුරුෂ ලිඞ්ගය පිළිලැබීම සමග හීන වූ ස්ත්‍රී ලිඞ්ගය හරී. පළමු පුරුෂ ලිඞ්ගයෙහි පිහිටයි. විඥප්තීහු සන් සිඳෙති, ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්.

5. චතස‍්සො චොදනා : සීලවිපත‍්තියා චොදෙති ආචාරවිපත‍්තියා චොදෙති, දිට‍්ඨිවිපත‍්තියා චොදෙති, ආජීවවිපත‍්තියා චොදෙති.

5. චෝදනා සතරෙකි; සීලවිපත්තියෙන් චෝදනා කෙරෙයි, ආචාර විපත්තියෙන් චෝදනා කෙරෙයි, දිට්ඨිවිපත්තියෙන් චෝදනා කෙරෙයි, ආජීවවිපත්තියෙන් චෝදනා කෙරෙයි.

චත‍්තාරො පරිවාසා : පටිච‍්ඡන‍්නපරිවාසො, අප‍්පටිච‍්ඡන‍්නපරිවාසො, සුද‍්ධන‍්තපරිවාසො, සමොධානපරිවාසො.

පරිවාස සතරෙකි: පටිච්ඡන්න පරිවාස යැ, අපටිච්ඡන්න පරිවාස යැ, සුද්ධන්ත පරිවාස යැ, සමෝධාන පරිවාස යැයි.

චත‍්තාරො මානත‍්තානි : පටිච‍්ඡන‍්නමානත‍්තං, අපටිච‍්ඡන‍්නමානත‍්තං, පක‍්ඛමානත‍්තං, සමොධානමානත‍්තං.

මානත් සතරෙකි: පටිච්ඡන්න මානත්ත යැ, අපටිච්ඡන්න මානත්ත යැ, පක්ඛමානත්ත යැ, සමෝධාන මානත්ත යැයි.

චත‍්තාරො මානත‍්තචාරිකස‍්ස භික‍්ඛුනො රත‍්තිච‍්ඡෙදා : සහවාසො විප‍්පවාසො, අනාරොචනා, ඌනෙ ගණෙ චරති.

සහවාස යැ, විප්පවාස යැ, අනාරෝචන යැ, ඌන ගණයෙහි හැසිරීම යැයි මානත හැසිරෙන මහණහු පිළිබඳ රාත්‍රිච්ඡේද සතරෙකි.

චත‍්තාරො සාමුක‍්කංසා.

සාමුක්කංස සතරෙකි.

6. චත‍්තාරො පටිග‍්ගහිතපරිභොගා : යාවකාලිකං, යාමකාලිකං, සත‍්තාහකාලිකං, යාවජීවිකං.

6. පිළිගත් පිරිබෝ සතරෙකි: යාවකාලික යැ, යාමකාලික යැ, සත්තාහකාලික යැ යාවජීවක යැයි.

චත‍්තාරි මහාවිකටානි : ගූථො, මුත‍්තං, ඡාරිකා, මත‍්තිකා.

මහාවිකට සතරෙකි: ගුථ යැ, මූත්‍ර යැ, අළු යැ, මැටි යැයි.

චත‍්තාරි කම‍්මානි : අපලොකනකම‍්මං, ඤත‍්තිකම‍්මං, ඤත‍්තිදුතියකම‍්මං, ඤත‍්තිචතුත්‍ථකම‍්මං.

කර්‍ම සතරෙකි: අපලෝකනකර්‍ම යැ, ඤත්තිකර්‍මය යැ, ඤත්තිදුතියකර්‍ම යැ, ඤත්තිචතුත්‍ථකර්‍ම යැයි.

අපරානිපි චත‍්තාරි කම‍්මානි : අධම‍්මෙන වග‍්ගකම‍්මං, අධම‍්මෙන සමග‍්ගකම‍්මං, ධම‍්මෙන වග‍්ගකම‍්මං, ධම‍්මෙන සමග‍්ගකම‍්මං.

අධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම යැ, අධර්‍මයෙන් සමග්‍රකර්‍ම යැ, ධර්‍මයෙන් ව්‍යග්‍රකර්‍ම යැ ධර්‍මයෙන් සමග්‍ර කර්‍ම යැයි අනෙකුදු කර්‍ම සතරෙකි.

චතස‍්සො විපත‍්තියො : සීලවිපත‍්ති, ආචාරවිපත‍්ති, දිට‍්ඨිවිපත‍්ති, ආජීවවිපත‍්ති.

සීලවිපත්ති යැ, ආචාර විපත්ති යැ, දිට්ඨි විපත්ති යැ, ආජීව විපත්ති යැයි විපත් සතරෙකි.

චත‍්තාරි අධිකරණානි : විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත‍්තාධිකරණං, කිච‍්චාධිකරණං.

විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යැයි අධිකරණ සතරෙකි.

චත‍්තාරො පරිසදූසනා : භික‍්ඛු දුස‍්සීලො පාපධම‍්මො පරිසදූසනො, භික‍්ඛුනී දුස‍්සීලා පාපධම‍්මා පරිසදූසනා, උපාසකො දුස‍්සීලො පාපධම‍්මො පරිසදූසනො, උපාසිකා දුස‍්සීලා පාපධම‍්මා පරිසදූසනා.

දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇති භික්‍ෂු තෙමේ පරිෂදුෂණ යැ. දුග්ශීල වූ ලාමක ස්වභාවය ඇති භික්‍ෂුණි තොමෝ පරිෂ දූෂණා යැ, දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇති උපාසක තෙමේ පරිෂදූෂණ යැ, දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇති උපාසිකා තොමෝ පරිෂ දූෂණා යැයි පරිෂදූෂණයෝ සිවුදෙනෙකි.

චත‍්තාරො පරිසසොභනා : භික‍්ඛු සීලවා කල්‍යාණධම‍්මො පරිසසොභනො, භික‍්ඛුනී සීලවතී කල්‍යාණධම‍්මා පරිසසොභනා, උපාසකො සීලවා කල්‍යාණධම‍්මො පරිසසොභනො, උපාසිකා සීලවතී කල්‍යාණධම‍්මා පරිසසොභනා.

සිල්වත් වූ කලණදම් ඇති මහණ තෙමේ පිරිස් හොබවන්නෙක, සිල් ඇත්තා වූ කලණදම් ඇත්තා වූ මෙහෙණ තොමෝ පිරිස් හොබවන්නියක, සිල්වත්වූ කලණදම් ඇත්තා වූ උවසු තෙමේ පිරිස් හොබවන්නෙක, සිල්වත් වූ කලණදම් ඇත්තා වූ උවැසි තොමෝ පිරිස් හොබවන්නිය කැයි පිරිස් හොබවන්නෝ සිවුදෙනෙකි.

7. අත්‍ථාපත‍්ති ආගන‍්තුකො ආපජ‍්ජති නො ආවාසිකො. අත්‍ථාපත‍්ති ආවාසිකො ආපජ‍්ජති නො ආගන‍්තුකො. අත්‍ථාපත‍්ති ආගන‍්තුකො චෙව ආපජ‍්ජති ආවාසිකො ච. අත්‍ථාපත‍්ති නෙව ආගන‍්තුකො ආපජ‍්ජති නො ආවාසිකො.

7. ඇවැතෙක් ඇත ආගන්තුකයා අවදියි, ආවාසිකයා නො අවදී. ඇවැතෙක් ඇත ආවාසිකයා අවදියි, ආගන්තුකයා නො අවදී. ඇවැතෙක් ඇත ආගන්තුකයාත් අවදියි, ආවාසිකයාත් අවදී. ඇවැතෙක් ඇත ආගන්තුකයාත් නො අවදියි, ආවාසිකයාත් නො අවදී.

අත්‍ථාපත‍්ති ගමිකො ආපජ‍්ජති නො ආවාසිකො. අත්‍ථාපත‍්ති ආවාසිකො ආපජ‍්ජති නො ගමිකො. අත්‍ථාපත‍්ති ගමිකො චෙව ආපජ‍්ජති ආවාසිකො ච, අත්‍ථාපත‍්ති නෙව ගමිකො ආපජ‍්ජති නො ආවාසිකො.

ඇවැතෙක් ඇත ගමිකයා අවදියි, ආවාසිකයා නො අවදී, ඇවැතෙක් ඇත ආවාසිකයා අවදියි, ගමිකයා නො අවදී, ඇවැතෙක් ඇත ගමිකයාත් අවදියි, ආවාසිකයාත් අවදී. ඇවැතෙක් ඇත ගමිකයාත් නො අවදියි, ආවාසිකයාත් නො අවදී.

අත්‍ථි වත්‍ථුනානත‍්තතා නො ආපත‍්තිනානත‍්තතා, අත්‍ථි ආපත‍්තිනානත‍්තතා නො වත්‍ථුනානත‍්තතා, අත්‍ථි වත්‍ථුනානත‍්තතා චෙව ආපත‍්තිනානත‍්තතා ච. අත්‍ථි නෙව වත්‍ථුනානත‍්තතා නො ආපත‍්තිනානත‍්තතා.

වස්තු නානාත්‍වයෙක් ඇත ආපත්ති නානාත්‍වයෙක් නැත, ආපත්ති නානාත්‍වයෙක් ඇත වස්තු නානාත්‍වයෙක් නැත, වස්තු නානාත්‍වය ද ආපත්ති නානාත්‍වය ද ඇත, වස්තු නානාත්‍වය නැත් ම යැ ආපත්ති නානාත්‍වය නැත් මැ යි.

අත්‍ථි වත්‍ථුසභාගතා නො ආපත‍්තිසභාගතා, අත්‍ථි ආපත‍්තිසභාගතා නො වත්‍ථුසභාගතා, අත්‍ථි වත්‍ථුසභාගතා චෙව ආපත‍්තිසභාගතා ච. අත්‍ථි නෙව වත්‍ථුසභාගතා නො ආපත‍්තිසභාගතා.

වස්තු සභාගත්‍වයෙක් ඇත ආපත්ති සභාගත්‍වයෙක් නැත, ආපත්ති සභාගත්‍වයෙක් ඇත වස්තු සභාගත්‍වයෙක් නැත, වස්තු සභාගත්‍වය ද ආපත්ති සභාගත්‍වය ද ඇත, වස්තු සභාගත්‍වය ද ආපත්ති සභාගත්‍වය ද නැත් මැ යි.

අත්‍ථාපත‍්ති උපජ‍්ඣායො ආපජ‍්ජති නො සද‍්ධිවිහාරිකො. අත්‍ථාපත‍්ති සද‍්ධිවිහාරිකො ආපජ‍්ජති නො උපජ‍්ඣායො. අත්‍ථාපත‍්ති උපජ‍්ඣායො චෙව ආපජ‍්ජති සද‍්ධිවිහාරිකො ච. අත්‍ථාපත‍්ති නෙව උපජ‍්ඣායො ආපජ‍්ජති නො සද‍්ධිවිහාරිකො.

ඇවැතෙක් ඇත උපාධ්‍යාය තෙමේ අවදියි සද්ධිවිහාරික තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත සද්ධිවිහාරික තෙමේ අවදියි, උපාද්ධ්‍යාය තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත උපාද්ධ්‍යාය තෙමේත් සද්ධිවිහාරික තෙමේත් අවදී, ඇවැතෙක් ඇත උපාධ්‍යාය තෙමේ නො අවදියි සද්ධිවිහාරික තෙමේ නො අවදී.

අත්‍ථාපත‍්ති ආචරියො ආපජ‍්ජති නො අන‍්තෙවාසිකො. අත්‍ථාපත‍්ති අන‍්තෙවාසිකො ආපජ‍්ජති නො ආචරියො අත්‍ථාපත‍්ති ආචරියො චෙව ආපජ‍්ජති අන‍්තෙවාසිකො ච. අත්‍ථාපත‍්ති නෙව ආචරියො ආපජ‍්ජති නො අන‍්තෙවාසිකො.

ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේ අවදියි ඇතැවැසි තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත ඇතැවැසි තෙමේ අවදියි ආචාර්‍ය්‍ය තෙමේ නො අවදී, ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේත් අතැවැසි තෙමේත් අවදී, ඇවැතෙක් ඇත ආචාර්‍ය්‍ය තෙමේ නො ම අවදියි, අතැවැසි තෙමේ නොම අවදී.

8. චත‍්තාරො පච‍්චයා අනාපත‍්ති වස‍්සච‍්ඡෙදස‍්ස : සඞ‍්ඝො වා භින‍්නො හොති, සඞ‍්ඝං වා භින්‍දිතුකාමා වා හොන‍්ති, ජීවිතන‍්තරායො වා හොති, බ්‍රහ‍්මචරියන‍්තරායො වා.

8. වස්සච්ඡේදය පිළිබඳ ආනාපත්ති හේතු සතරෙකි: සඞ්ඝයා බිඳුනේ හෝ වෙයි. සඞ්ඝයා බිඳුනු කැමැත්තෝ හෝ වෙති, ජීවිතාන්තරායයෙක් හෝ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයෙක් හෝ වෙයි.

චත‍්තාරි වචීදුච‍්චරිතානි : මුසාවාදො, පිසුනා වාචා, ඵරුසා වාචා, සම‍්ඵප‍්පලාපො.

මුසාවාද යැ පිසුණාවාචා යැ ඵරුසාවාවා යැ සම්ඵප්පලාප යැයි වාග් දුශ්චරිත සතරෙකි.

චත‍්තාරි වචීසුචරිතානි : සච‍්චවාචා, අපිසුණා වාචා, සණ‍්හා වාචා, මන‍්තාභාසා.

සච්චවාචා යැ අපිසුණවාචා යැ සණ්හවාචා යැ මන්තාභාස යැයි වාක් සුචරිත සතරෙකි.

අත්‍ථි ආදියන‍්තො ගරුකං ආපත‍්තිං ආපජ‍්ජති, පයොජෙන‍්තො ලහුකං. අත්‍ථි ආදියන‍්තො ලහුකං ආපත‍්තිං ආපජ‍්ජති, පයොජෙන‍්තො ගරුකං. අත්‍ථි ආදියන‍්තොපි පයොජෙන‍්තොපි ගරුකං ආපත‍්තිං ආපජ‍්ජති. අත්‍ථි ආදියන‍්තොපි පයොජෙන‍්තොපි ලහුකං ආපත‍්තිං ආපජ‍්ජති.

ගන්නේ ගරු ඇවැතට මෙහෙයන්නේ ලුහු ඇවැතට ඇවැදීම් ඇත. ගන්නේ ලුහු ඇවැතට මෙහෙයන්නේ ගරු ඇවැතට ඇවදීම් ඇත. ගන්නේ ද මෙහෙයන්නේ ද ගරු ඇවැතට ඇවැදීම් ඇත. ගන්නේ ද මෙහෙයන්නේ ද ලුහු ඇවැතට ඇවැදීම් ඇති.

9. අත්‍ථි පුග‍්ගලො අභිවාදනාරහො නො පච‍්චුට‍්ඨානාරහො, අත්‍ථි පුග‍්ගලො පච‍්චුට‍්ඨානාරහො නො අභිවාදනාරහො. අත්‍ථි පුග‍්ගලො අභිවාදනාරහො චෙව පච‍්චුට‍්ඨානාරහො ච. අත්‍ථි පුග‍්ගලො නෙව අභිවාදනාරහො නො පච‍්චුට‍්ඨානාරහො.

9. වැඳීමට සුදුසු දැක හුනස්නෙන් නැගිසිටීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, දැක හුනස්නෙන් නැගිටීමට සුදුසු වැඳීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, වැඳීමට සුදුසුවූ ද දැක හුනස්නෙන් නැඟී සිටීමට සුදුසුවූ ද පුද්ගලයෙක් ඇත, වැඳීමට නො ම සුදුසු වූ දැක හුනස්නෙන් නැඟී සිටීමට නො ම සුදුසු වූ පුද්ගලයෙක් ඇති.

අත්‍ථි පුග‍්ගලො ආසනාරහො නො අභිවාදනාරහො අත්‍ථි පුග‍්ගලො අභිවාදනාරහො නො ආසනාරහො. අත්‍ථි පුග‍්ගලො ආසනාරහො චෙව අභිවාදනාරහො ච. අත්‍ථි පුග‍්ගලො නෙව ආසනාරහො නො අභිවාදනාරහො.

අසුනක් දීමට සුදුසු වැඳීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, වැඳීමට සුදුසු අසුනක් දීමට නුසුදුසු පුද්ගලයෙක් ඇත, අසුනක් දීමට සුදුසු වූ ද වැඳීමට සුදුසු වූ ද පුද්ගලයෙක් ඇත, අසුනක් දීමට නො ම සුදුසු වූ වැඳීමට නො ම සුදුසු වූ පුද්ගලයෙක් ඇති.

10. අත්‍ථාපත‍්ති කාලෙ ආපජ‍්ජති නො විකාලෙ. අත්‍ථාපත‍්ති විකාලෙ ආපජ‍්ජති නො කාලෙ. අත්‍ථාපත‍්ති කාලෙ චෙව ආපජ‍්ජති විකාලෙ ච, අත්‍ථාපත‍්ති නෙව කාලෙ ආපජ‍්ජති නො විකාලෙ.

10. ඇවැතෙක් ඇත කාලයෙහි අවදියි, විකාලයෙහි නො අවදී. ඇවැතෙක් ඇත විකාලයෙහි අවදියි, කාලයෙහි නො අවදී. ඇවැතෙක් ඇත කාලයෙහි ද විකාලයෙහි ද අවදී. ඇවැතෙක් ඇත කාලයෙහි නො ම අවදියි, විකාලයෙහි නො අවදී.

අත්‍ථි පටිග‍්ගහිතං කාලෙ කප‍්පති නො විකාලෙ අත්‍ථි පටිග‍්ගහිතං විකාලෙ කප‍්පති නො කාලෙ අත්‍ථි පටිග‍්ගහිතං කාලෙ චෙව කප‍්පති විකාලෙ ච. අත්‍ථි පටිග‍්ගහිතං නෙව කාලෙ කප‍්පති නො විකාලෙ.

කාලයෙහි කැප විකාලයෙහි නො කැප පිළිගන්නා ලද්දෙක් ඇත. විකාලයෙහි කැප කාලයෙහි නො කැප පිළිගන්නා ලද්දෙක් ඇත. කාලයෙහි ද විකාලයෙහි ද කැප පිළිගන්නා ලද්දෙක් ඇත. කාලයෙහි නො ම කැප වූ විකාලයෙහි නො ම කැප වූ පිළිගන්නා ලද්දෙක් ඇති.

අත්‍ථාපත‍්ති පච‍්චන‍්තිමෙසු ජනපදෙසු ආපජ‍්ජති නො මජ‍්ඣිමෙසු ජනපදෙසු, අත්‍ථාපත‍්ති මජ‍්ඣිමෙසු ජනපදෙසු ආපජ‍්ජති නො පච‍්චන‍්තිමෙසු ජනපදෙසු, අත්‍ථාපත‍්ති පච‍්චන‍්තිමෙසු ජනපදෙසු චෙව ආපජ‍්ජති මජ‍්ඣිමෙසු ජනපදෙසු ච, අත්‍ථාපත‍්ති නෙව පච‍්චන‍්තිමෙසු ජනපදෙසු ආපජ‍්ජති නො මජ‍්ඣිමෙසු ජනපදෙසු.

ඇවැතෙක් ඇත පසල් දනවුහි අවදියි, මැදුම් දනවුහි නො අවදී. ඇවැතෙක් ඇත මැදුම් දනවුහි අවදියි, පසල් දනවුහි නො අවදී. ඇවැතෙක් ඇත පසල් දනවුහි ද මැදුම් දනවුහි ද අවදී. ඇවැතෙක් ඇත පසල් දනවුහි නො ම අවදියි, මැදුම් දනවුහි නොම අවදී.

අත්‍ථි පච‍්චන‍්තිමෙසු ජනපදෙසු කප‍්පති නො මජ‍්ඣිමෙසු ජනපදෙසු, අත්‍ථි මජ‍්ඣිමෙසු ජනපදෙසු කප‍්පති නො පච‍්චන‍්තිමෙසු ජනපදෙසු, අත්‍ථි පච‍්චන‍්තිමෙසු ජනපදෙසු චෙව කප‍්පති මජ‍්ඣිමෙසු ජනපදෙසු ච. අත්‍ථි නෙව පච‍්චන‍්තිමෙසු ජනපදෙසු කප‍්පති. නො මජ‍්ඣිමෙසු ජනපදෙසු.

පසල් දනවුහි කැප මැදුම් දනවුහි නො කැපයෙක් ඇත. මැදුම් දනවුහි කැප පසල් දනවුහි නො කැපයෙක් ඇත. පසල් දනවුහි ද මැදුම් දනවුහි ද කැපයෙක් ඇත, පසල් දනවුහි ද මැදුම් දනවුහි ද නො ම කැපයෙක් ඇති.

අත්‍ථාපත‍්ති අන‍්තො ආපජ‍්ජති නො බහි, අත්‍ථාපත‍්ති බහි ආපජ‍්ජති නො අන‍්තො, අත්‍ථාපත‍්ති අන‍්තො චෙව ආපජ‍්ජති බහි ච. අත්‍ථාපත‍්ති නෙව අන‍්තො ආපජ‍්ජති නො බහි.

ඇවැතෙක් ඇත ඇතුළතැ අවදියි, පිටතැ නො අවදී, ඇවැතෙක් ඇත පිටතැ අවදියි, ඇතුළතැ නො අවදී. ඇවැතෙක් ඇත ඇතුළතත් පිටතත් අවදී, ඇවැතෙක් ඇත ඇතුළතැ නොම අවදියි පිටතැ නො ම අවදී.

අත්‍ථාපත‍්ති අන‍්තොසීමාය ආපජ‍්ජති නො බහිසීමාය. අත්‍ථාපත‍්ති බහිසීමාය ආපජ‍්ජති නො අන‍්තොසීමාය. අත්‍ථාපත‍්ති අන‍්තොසීමාය චෙව ආපජ‍්ජති බහිසීමාය ච. අත්‍ථාපත‍්ති නෙව අන‍්තොසීමාය ආපජ‍්ජති නො බහිසීමාය.

ඇවැතෙක් ඇත සීමාව තුළැ අවදියි, සීමාවෙන් පිටතැ නො අවදී. ඇවැතෙක් ඇත සීමාවෙන් පිටතැ අවදියි, සීමාව තුළ නො අවදී. ඇවැතෙක් ඇත සීමාව තුළැ ද සීමාවෙන් පිටතැ ද අවදී, ඇවැතෙක් ඇත සීමාව තුළැ නොම අවදියි, සීමාවෙන් පිටතැ නොම අවදී.

අත්‍ථාපත‍්ති ගාමෙ ආපජ‍්ජති නො අරඤ‍්ඤෙ. අත්‍ථාපත‍්ති අරඤ‍්ඤෙ ආපජ‍්ජති නො ගාමෙ, අත්‍ථාපත‍්ති ගාමෙ චෙව ආපජ‍්ජති අරඤ‍්ඤෙ ච අත්‍ථාපත‍්ති නෙව ගාමෙ ආපජ‍්ජති නො අරඤ‍්ඤෙ.

ඇවැතෙක් ඇත ගමෙහි අවදියි, අරණ්‍යයෙහි නො අවදී. ඇවැතෙක් ඇත අරණ්‍යයෙහි අවදියි, ගමෙහි නො අවදී. ඇවැතෙක් ඇත ගමෙහි ද අරණ්‍යයෙහි ද අවදී. ඇවැතෙක් ඇත ගමෙහි නො ම අවදියි, අරණ්‍යයෙහි නො අවදී.

11. චතස‍්සො චොදනා : වත්‍ථුසන්‍දස‍්සනා ආපත‍්තිසන්‍දස‍්සනා, සංවාසපටික‍්ඛෙපො, සාමීචිපටික‍්ඛෙපො.

11. චෝදනා සතරෙකි: වත්‍ථුසංදස්සනා යැ ආපත්තිසංදස්සනා යැ සංවාසපටික්ඛේප යැ සාමීචිපටික්ඛෙප යැයි.

චත‍්තාරො පුබ‍්බකිච‍්චා. චත‍්තාරො පත‍්තකල‍්ලා. චත‍්තාරි අනඤ‍්ඤපාචිත‍්තියානි. චතස‍්සො භික‍්ඛුසම‍්මුතියො.

පූර්‍වකෘත්‍යයෝ සිවු දෙනෙකි. පත්තකාල කර්‍මයෝ සිවු දෙනෙකි. අනඤ්ඤපාචිත්තිය ශික්‍ෂාපදයෝ සිවුදෙනෙකි. භික්‍ෂුසම්මුතීහු සිවු දෙනෙකි.

චත‍්තාරි අගතිගමනානි : ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

අගතිගමනයෝ සිවු දෙනෙකි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.

චත‍්තාරි නාගතිගමනානි : න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති.

නාගතිගමනයෝ සිවු දෙනෙකි. ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි.

12. චතුහඞ‍්ගෙහි සමන‍්නාගතො අලජ‍්ජී භික‍්ඛු සඞ‍්ඝං භින්‍දති. ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො, දොසාගතිං ගච‍්ඡන‍්තො, මොහාගතිං ගච‍්ඡන‍්තො, භයාගතිං ගච‍්ඡන‍්තො.

12. සිවු අඟින් යුක්ත වූ අලජ්ජි භික්‍ෂු තෙමේ සඞ්ඝභේදය කෙරෙයි: ඡන්‍දයෙන් අගතියට යන්නේ ද්වේෂයෙන් අගතියට යන්නේ මෝහයෙන් අගතියට යන්නේ භයෙන් අගතියට යන්නේ යි.

චතුහඞ‍්ගෙහි සමන‍්නාගතො පෙසලො භික‍්ඛු භින‍්නං සඞ‍්ඝං සමග‍්ගං කරොති : න ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො, න දොසාගතිං ගච‍්ඡන‍්තො, න මොහාගතිං ගච‍්ඡන‍්තො, න භයාගතිං ගච‍්ඡන‍්තො.

සිවු අඟින් යුක්ත වූ ප්‍රියශීලි භික්‍ෂු තෙමේ සඞ්ඝයා සමගි කෙරෙයි. ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද්වේෂයෙන් අගතියට නො යන්නේ මෝහයෙන් අගතියට නො යන්නේ භයෙන් අගතියට නො යන්නේ යි.

චතුහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො විනයො න පුච‍්ඡිතබ‍්බො : ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

සිවු අඟින් යුක්තවූ මහණහු පිළිබඳ විනය නො විචාළ යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.

චතුහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා විනයො න පුච‍්ඡිතබ‍්බො : ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

සිවු අඟින් යුත් මහණහු විසින් විනය නො විචාළ යුතුය: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.

චතුහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො විනයො න විස‍්සජ‍්ජෙතබ‍්බො : ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

සිවු අඟින් යුත් මහණහු පිළිබඳ විනය නො විසඳිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.

චතුහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා විනයො න විස‍්සජ‍්ජෙතබ‍්බො : ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

සිවු අඟින් යුත් මහණහු විසින් විනය නො විසඳිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.

චතුහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො අනුයොගො න දාතබ‍්බො : ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

සිවු අඟින් යුත් මහණහට අනුයෝගය නොදිය යුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.

චතුහඞ‍්ගෙහි සමන‍්නාගතෙ භික‍්ඛුනා සද‍්ධිං විනයො න සාකච‍්ඡිතබ‍්බො : ඡන්‍දාගතිං ගච‍්ඡති, දොසාගතිං ගච‍්ඡති, මොහාගතිං ගච‍්ඡති, භයාගතිං ගච‍්ඡති.

සිවු අඟින් යුත් මහණහු සමඟ විනය සාකච්ඡා නො කටයුතුයි: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි.

13. අත්‍ථාපත‍්ති ගිලානො ආපජ‍්ජති නො අගිලානො, අත්‍ථාපත‍්ති අගිලානො ආපජ‍්ජති නො ගිලානො, අත්‍ථාපත‍්ති ගිලානො චෙව ආපජ‍්ජති අගිලානො ච, අත්‍ථාපත‍්ති නෙව ගිලානො ආපජ‍්ජති නො අගිලානො.

13. ඇවැතෙක් ඇත ගිලනා අවදියි, නො ගිලනා නො අවදී. ඇවතෙක් ඇත නො ගිලනා අවදියි, ගිලනා නො අවදී. ඇවතෙක් ඇත ගිලනාත් අවදියි, නො ගිලනාත් අවදී. ඇවතෙක් ඇත ගිලනාත් නො ගිලනාත් නො ම අවදී.

14. චත‍්තාරි අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. චත‍්තාරි ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානීති.

14. නො දැහැමි පාමොක් තැබීම් සතරෙකැ, දැහැමි පාමොක් තැබීම් සතරෙකි.

චතුක‍්කං නිට‍්ඨිතං.

චතුෂ්කය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. සකවාචාය කායෙන පසුත‍්තො ච අචිත‍්තකො ආපජ‍්ජන‍්තො ච කම‍්මෙන වොහාරා චතුරො තථා.

1. සකවාවා යැ කාය යැ පසුත්ත යැ අචිත්තක යැ එසේ ම ආපජ්ජන්ත යැ කම්ම යැ වෝහාර සතර යැ,

2. භික‍්ඛූනං භික‍්ඛුනීනඤ‍්ච පරික‍්ඛාරො ච සම‍්මුඛා අජානකාලෙ මජ‍්ඣෙ ච වුට‍්ඨාති දුවිධා තථා.

2. භික්‍ෂු භික්‍ෂුණි සාධාරණ අසාධාරණ පරිජි යැ පරික්ඛාර යැ සම්මුඛයා යැ අජාන යැ කාය යැ මජ්ඣයැ එසේ ම දෙවැදෑරුම් වුට්ඨාති යැ.

3. පටිලාභා ච චොදනා පරිවාසා ච වුච‍්චති, මානත‍්තචාරිකා චාපි සාමුක‍්කංසා පටිග‍්ගහා

3. පටිලාභය සමඟ චෝදනා යැ පරිවාස යැයි චතුෂ්ක කියනු ලැබේ. මානත්තචාරිකා යැ සාමුක්කංසා යැ පටිග්ගාහ යැ.

4. මහාවිකටකම‍්මානි, පුන කම‍්මවිපත‍්තියො, අධිකරණා දුස‍්සීලා ච සොභනාගන‍්තුකෙන ච

4. මහාවිකට යැ කම්ම යැ යළි කම්මවිපත්ති යැ අධිකරණ යැ දුස්සීල යැ ආගන්තුක චතුෂ්කය සමඟ සෝභනා යැ.

5. ගමිකො වත්‍ථුනානත‍්තා සභාගුපජ‍්ඣායෙන ච, ආචරියො පච‍්චයා ච දුච‍්චරිතං සුචරිතං

5. ගමික යැ වත්‍ථුනානත්ත යැ උපජ්ඣාය චතුෂ්කය සමඟ සභාග යැ ආචරිය යැ පච්චය යැ දුච්චරිත යැ සුචරිත යැ.

6. ආදියන‍්තො පුග‍්ගලො ච අරහා ආසනෙන ච, කාලෙ ච කප‍්පති චෙව පච‍්චන‍්තිමෙසු කප‍්පති

6. ආදියන්ත යැ පුග්ගල යැ ආසනාරහ සමඟ අභිවාදනාරහ යැ කාල යැ කප්පති යැ පච්චන්තිම යැ කප්පති යැ.

7. අන‍්තො අන‍්තො ච සීමාය ගාමෙ ච චොදනාය ච, පුබ‍්බකිච‍්චං පත‍්තකල‍්ලං අනඤ‍්ඤාසම‍්මුතියො ච

7. අන්තො යැ අන්තො සීමා යැ චෝදනා චතුෂ්කය සමඟ ගාම යැ පුබ්බකිච්ච යැ පත්තකල්ල යැ අනඤ්ඤ යැ සම්මුති යැ.

8. අගති නාගති චෙව අලජ‍්ජී පෙසලෙන ච, පුච‍්ඡිතබ‍්බා දුවෙ චෙව විස‍්සජ‍්ජෙය්‍යා තථා දුවෙ; අනුයොගො ච සාකච‍්ඡා ගිලානො ඨපනෙන චා ති.

8. අගති යැ නාගති යැ පෙසල චතුෂ්කය සමඟ අලජ්ජි යැ පුච්ජිතබ්බ දෙක යැ එසේම විස්සජ්ජෙය්‍ය දෙක යැ අනුයෝග යැ සාකච්ඡා යැ ඨපනා දෙක සමඟ ගිලාන යැයි මෙහි චතුෂ්ක නාමාවලි යයි.