ඡක්කං
ඡක්කං
ෂට්කය
1. ඡ අගාරවා, ඡ ගාරවා, ඡ විනීතවත්ථූනි, ඡ සාමීචියො, ඡ ආපත්තිසමුට්ඨානා. ඡ ඡෙදනකා ආපත්තියො, ඡහාකාරෙහි ආපත්තිං ආපජ්ජති, ඡ ආනිසංසා විනයධරෙ, ඡ පරමානි, ඡාරත්තං තිචීවරෙන විප්පවසිතබ්බං. ඡ චීවරානි, ඡ රජනානි, ඡ ආපත්තියො කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති න වාචතො, ඡ ආපත්තියො වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති න කායතො, ඡ ආපත්තියො කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨන්ති, ඡ කම්මානි, ඡ විවාදමූලානි, ඡ අනුවාදමූලානි, ඡ සාරණීයධම්මා, දීඝතො ඡ විදත්ථියො සුගතවිදත්ථියා තිරියං ඡ විදත්ථියො, ඡ නිස්සයපටිප්පස්සද්ධියො ආචරියම්හා. ඡ නහානෙ අනුපඤ්ඤත්තියො, විප්පකතචීවරං ආදාය පක්කමති, විප්පකතචීවරං සමාදාය පක්කමති.
1. අගාරව සයෙකැ, ගාරව සයෙකැ, විනීතවස්තු සයෙකැ, සාමීචිධර්ම සයෙකැ, ආපත්තිසමුට්ඨාන සයෙකැ, ඡේදනක ආපත්ති සයෙකැ, ෂඩාකාරයෙකින් ඇවැතට පැමිණෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සයෙකැ, පරම සයෙකැ, තුන් සිවුරෙන් වෙන් වැ විසිය යුතු ස රැයෙකැ, සිවුරු සයෙකැ, රජන සයෙකැ, ඇවැත්හු සදෙනෙක් කයින් ද සිතින් ද නගිති වචනයෙන් නො නගිත්, ඇවැත්නු සදෙනෙක් වචනයෙන් ද සිතින් ද නගිති කයින් නො නගිත්, ඇවැත්හු සදෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්, කර්ම සයෙකැ, විවාදමූල සයෙකැ, අනුවාදමූල සයෙකැ, සාරාණීය ධර්ම සයෙකැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ පුළුලින් සවියතෙකැ, ආචාරීන් කෙරෙන් නිසමිදීම් සයෙකැ. නැහැමෙහි අනුප්‍රඳප්ති සයෙකැ. විප්පකතචීවරය ආදානය කොට නික්මෙයි යන ෂට්කයෙකැ. විප්පකතචීවරය සමාදානය කොට නික්මෙයි යන ෂට්කයෙකි.
2. ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
2. අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්ම කළයුතු යැ, නිස දිය යුතු යැ. හෙරණකු ලවා උවටැන් කරවිය යුතුයි: අශෛක්ෂ ශීලස්කන්ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වෙයි, අශෛක්ෂවිමුක්තිඥානදර්ශනස්කන්ධයෙත් යුක්ත වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : අත්තනා අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, පරං අසෙක්ඛෙ සීලක්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ සමාධික්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ පඤ්ඤක්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ විමුත්තික්ඛන්ධෙ සමාදපෙතා, අත්තනා අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති පරං අසෙක්ඛෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ සමාදපෙතා, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්ම කළ යුතු ය. නිස දියයුතු ය. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු ය: තෙමේ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්ෂශීලස්කන්ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්ෂසමාධිස්කන්ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්ෂප්රඥාස්කන්ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්ෂවිමුක්තිස්කන්ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. තෙමේ අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් යුක්ත වූයේ මෙරමා අශෛක්ෂවිමුක්තිඥානදර්ශනස්කන්ධයෙහි සමාදන් කරවනුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතස්සති හොති, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්මකළ යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: සැදැහැ ඇතියේ වෙයි, පාපයෙහි ලජ්ජා ඇතියේ වෙයි. පාපයෙහි බිය ඇතියේ වෙයි. රුකුළු වැර ඇතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : න අධිසීලෙ සීලවිපන්නො හොති, න අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, න අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, බහුස්සුතො හොති, පඤ්ඤවා හොති, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: අධිශීලයෙහි ශීලවිපන්න නො වෙයි. අද්ධ්යචාරයෙහි ආචාරවිපන්න නො වෙයි. සම්‍යක් දෘෂ්ටියෙහි දෘෂ්ටිවිපන්න නො වෙයි. බහුශ්‍රුත වෙයි. ප්‍රඥා ඇතියේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං, ආපත්තිං ජානාති, ආපත්තිවුට්ඨානං ජානාති, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්ම කළයුතු යැ නිස දියයුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ගිලන් වූ අතැවැසියකුට සද්ධිවිහාරිකයකුට උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ ප්‍රතිබල වෙයි, උකටලී වූවකු එයින් මුදවාලන්නට හෝ මුදවාලවන්නට හෝ ප්‍රතිබල වෙයි. උපන් කුකුස් දැහැමින් දුරලන්නට හෝ ප්‍රතිබල වෙයි. ඇවැත දනියි, ඇවැතින් නැගීම දනියි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ආභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචාරියකාය සික්ඛාය විනෙතුං, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං, උප්පන්නං දිට්ඨිගතං ධම්මතො විවෙචෙතුං, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතුයි: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්ෂායෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි, ආදිබ්‍රහ්මචරියක ශික්ෂායෙහි විනයන කරන්න ප්‍රතිබල වෙයි, අභිධර්මයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, අභිවිනයෙහි විනයන කරන්නට ප්‍රතිබල වෙයි, උපන් මිථ්‍යා දෘෂ්ටිය දැහැමින් බැහැර කරන්නට ප්‍රතිබල වෙයි, දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
අපරෙහිපි ඡහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං නිස්සයො දාතබ්බො සාමණෙරො උපට්ඨාපෙතබ්බො : ආපත්තිං ජානාති, අනාපත්තිං ජානාති, ලහුකං ආපත්තිං ජානාති, ගරුකං ආපත්තිං ජානාති, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, දසවස්සො වා හොති අතිරෙකදසවස්සො වා.
අනෙකුදු අඞ්ග සයෙකින් යුත් මහණ විසින් උපසම්පදා කර්ම කළ යුතු යැ නිස දිය යුතු යැ හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි. ගරු ඇවැත් දනියි, සූත්‍ර වශයෙනුදු අනුව්‍යඤ්ජන වශයෙනුදු උභය ප්රාතිමෝක්ෂ විස්තර වශයෙන් මොනොවට පුහුණු කරණ ලදුයේ මොනොවට විභාග කොට ගන්නා ලදුයේ මොනොවට දැරීම් විසින් පවත්වා ගන්නා ලදුයේ මොනොවට විනිශ්චය කොට දැන ගන්නා ලදුයේ වෙයි. දසවස් ඇතියේ හෝ අයිරා දසවස් ඇතියේ හෝ වේ.
3. ඡ අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි.
3. නො දැහැමි පාමොක් තැබීම් සයෙකි.
ඡ ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
දැහැමි පාමොක් තැබීම් සයෙකි.
ඡක්කං නිට්ඨිතං.
ෂට්කය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. අගාරවා ගාරවා ච විනීතා සාමීචිපි ච, සමුට්ඨානා ඡෙදනා චෙව ආකාරානිසංසෙන ච.
1. අගාරව යැ, ගාරව යැ, විනීතවස්තු යැ, සාමීචි යැ, සමුට්ඨාන යැ, ජෙදන යැ, ආනිසංසය සමග ආකාර යැ.
2. පරමානි ච ඡාරත්තං චීවරං රජනානි ච, කායතො චිත්තතො චාපි වාචතො චිත්තතොපි ච.
2. පරම සය යැ, ඡාරත්ත යැ, චීවර යැ, රජන යැ, කායතෝ චිත්තතො යැ, වාචතො චිත්තතෝ යැ.
3. කායවාචා චිත්තතො ච කම්මවිවාදමෙව ච; අනුවාදා දීඝසො ච තිරියං නිස්සයෙන ච.
3. කායවාචාචිත්තතෝ යැ, කම්ම යැ, විවාදමූල යැ, අනුවාදමූල යැ, දීඝසො යැ, නිස්සය පටිප්පස්සද්ධි සමග තිරියං යැ.
4. අනුපඤ්ඤත්ති ආදාය, සමාදාය තථෙව ච, අසෙක්ඛෙ සමාදපෙතා සද්ධො අධිසීලෙන ච, ගිලානාභිසමාචාරී ආපත්තාධම්මධම්මිකාති.
4. නහානෙ අනුපඤ්ඤත්ති යැ, එසේම ආදාය සමාදාය දෙක යැ, අසෙක්ඛ යැ, සමාදපේතු යැ, අධිශීලය සමග සද්ධ යැ, ගිලාන යැ, ආභිසමාචාරික යැ, ආපත්ති යැ, අධම්මික යැ, ධම්මික යැ යි ෂට්කයෝ වෙත්.