ඡක්කවාරවණ්ණනා අට්ඨකථා
ඡක්කවාරවණ්ණනා
ඡක්කවාරවණ්ණනා
ඡක්කෙසු – ඡ සාමීචියොති “සො ච භික්ඛු අනබ්භිතො, තෙ ච භික්ඛූ ගාරය්හා, අයං තත්ථ සාමීචි”, “යුඤ්ජන්තායස්මන්තො සකං, මා වො සකං විනස්සාති අයං තත්ථ සාමීචි”, “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බොති අයං තත්ථ සාමීචි”, “තතො නීහරිත්වා භික්ඛූහි සද්ධිං සංවිභජිතබ්බං, අයං තත්ථ සාමීචි”, “අඤ්ඤාතබ්බං පරිපුච්ඡිතබ්බං පරිපඤ්හිතබ්බං, අයං තත්ථ සාමීචි”, “යස්ස භවිස්සති සො හරිස්සතීති අයං තත්ථ සාමීචී”ති ඉමා භික්ඛුපාතිමොක්ඛෙයෙව ඡ සාමීචියො. ඡ ඡෙදනකාති පඤ්චකෙ වුත්තා පඤ්ච භික්ඛුනීනං උදකසාටිකාය සද්ධිං ඡ. ඡහාකාරෙහීති අලජ්ජිතා අඤ්ඤාණතා කුක්කුච්චපකතතා අකප්පියෙ කප්පියසඤ්ඤිතා කප්පියෙ අකප්පියසඤ්ඤිතා සතිසම්මොසාති. තත්ථ එකරත්තඡාරත්තසත්තාහාතික්කමාදීසු ආපත්තිං සතිසම්මොසෙන ආපජ්ජති. සෙසං වුත්තනයමෙව. ඡ ආනිසංසා විනයධරෙති පඤ්චකෙ වුත්තා පඤ්ච තස්සාධෙය්යො උපොසථොති ඉමිනා සද්ධිං ඡ.
ෂට්කයන්හි “ඡ සාමීචියො” ‘සො ච භික්ඛු අනබ්භිතො. තෙ ච භික්ඛූ ගාරය්හා. අයං තත්ථ සාමීචි. “යුඤ්ජන්තායසමන්තො සකං, මා වො සකං විනස්සාති අයං තත්ථ සාමීචි” “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බොති අයං තත්ථ සාමීචි” “තතො නීහරිත්වා භික්ඛූහි සද්ධිං සංවිභජිතබ්බං, අයං තත්ථ සාමීචි, “අඤ්ඤාතබ්බං පරිපුච්ඡිතබ්බං පරිපඤ්හිතබ්බං අයං තත්ථ සාමීචි” “යස්ස භවිස්සති සො හරිස්සනීති අයං තත්ථ සාමීචි”යි මෙසේ මේ ෂට් සාමීචීහු භික්ෂු ප්රාතිමොක්ෂයෙහිම ආවාහුය. “ඡ ඡෙදනකා” පඤ්චකයෙහි කියනලද පසය, මෙහෙණන්ගේ ජලසාටිකාව සමග සයෙක. “ඡහාකාරෙහි” අලජ්ජිතා අඤ්ඤාණතා කුක්කුච්චපකතතා - අකප්පියෙ කප්පියසඤ්ඤිතා - කප්පියෙ අකප්පියසඤ්ඤිතා - සතිසම්මොසා යන මොවුහුය. එහි එක් රැයක් සත් දවසක් ඉක්මීම් ආදියෙහි සිහිමුළාබැවින් ඇවැතට පැමිණේ. සෙස්ස කියනලදනයමය. “ඡ ආනිසංසා විනයධරෙ”යි පඤ්චකයෙහි කියනලද පසය. ‘උපෞෂථය ඔහුට අයත්ය යන මේ හා සමග සයෙකි.
ඡ පරමානීති “දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං, මාසපරමං තෙන භික්ඛුනා තං චීවරං නික්ඛිපිතබ්බං, සන්තරුත්තරපරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බං, ඡක්ඛත්තුපරමං තුණ්හීභූතෙන උද්දිස්ස ඨාතබ්බං, නවං පන භික්ඛුනා සන්ථතං කාරාපෙත්වා ඡබ්බස්සානි ධාරෙතබ්බං ඡබ්බස්සපරමතා ධාරෙතබ්බං, තියොජනපරමං සහත්ථා ධාරෙතබ්බානි, දසාහපරමං අතිරෙකපත්තො ධාරෙතබ්බො, සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානි, ඡාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බං, චතුක්කංසපරමං, අඩ්ඪතෙය්යකංසපරමං, ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං, අට්ඨඞ්ගුලපරමං මඤ්චපටිපාදකං , අට්ඨඞ්ගුලපරමං දන්තකට්ඨ”න්ති ඉමානි චුද්දස පරමානි. තත්ථ පඨමානි ඡ එකං ඡක්කං, තතො එකං අපනෙත්වා සෙසෙසු එකෙකං පක්ඛිපිත්වාතිආදිනා නයෙන අඤ්ඤානිපි ඡක්කානි කාතබ්බානි.
“ඡ පරමානි” “දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං “ඡ මාසපරමං තෙන භික්ඛුනා තං චීවරං නික්ඛිපිතබ්බං” සත්තරුත්තපරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බං “ඡක්ඛත්තු පරමං තුණ්හීභූතෙන උද්දිස්ස ඨාතබ්බං” “නවං පන භික්ඛුනා සත්තුතං කාරාපෙත්වා ජබ්බස්සානි ධාරෙතබ්බං, ඡබ්බස්සපරමං තං ධාරෙතබ්බං” තියොජනපරමං සහත්ථා ධාරෙතබ්බානි” “දසාහපරමං අතිරෙකපත්තො ධාරෙතබ්බො” “සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බං” “ඡාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බං”, “චතුක්කංසපරමං අඩ්ඪතෙය්යකංසපරමං, ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං, අට්ඨඞ්ගුලපබ්බපරමං මඤ්චපටිපාදකං, අට්ඨඞ්ගුලපරමං දන්ත කට්ඨං”යි මෙසේ මොවුහු තුදුස් පරමයෝය. එහි පළමුසය එක් ෂට්කයෙකි. එයින් එකක් ඉවත්කොට සෙස්සන්හි එක එක බහා, යනාදි නයින් අනිකුදු ෂට්කයෝ දතයුත්තාහ.
ඡ ආපත්තියොති තීණි ඡක්කානි අන්තරපෙය්යාලෙ වුත්තානි. ඡ කම්මානීති තජ්ජනීය-නියස්ස-පබ්බාජනීය-පටිසාරණීයානි චත්තාරි, ආපත්තියා අදස්සනෙ ච අප්පටිකම්මෙ ච වුත්තද්වයම්පි එකං, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ එකන්ති ඡ. නහානෙති ඔරෙනඩ්ඪමාසං නහානෙ; විප්පකතචීවරාදිඡක්කද්වයං කථිනක්ඛන්ධකෙ නිද්දිට්ඨං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“ඡ ආපත්තියො” ෂට්කතුනක් අන්තරපෙයාලයෙහි කියන ලදහ. “ඡ කම්මානි” තජ්ජනීය - නියස්ස - පබ්බාජනීය - පටිසාරණීය යන කර්ම සතරය. ඇවැත් නොදැක්මෙහිද ඇවැතට පිළියම් නොකිරීමෙහිද කියූ දෙකද එකෙක. ලාමක දිටු නොහැරීමෙහි එකෙකැයි සයෙක. “නහානෙ” අඩමසින් මොබ නෑමෙහි. විප්පකත චීවරය ආදිකොට ඇති ෂට්කද්වය කඨිනක්ඛන්ධකයෙහි දක්වන ලද්දේය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
ඡක්කවාරවණ්ණනා නිට්ඨිතා.
ඡක්ක වණනාව නිමි.
සත්තකවාරවණ්ණනා
සත්තකවාරවණ්ණනා
සත්තකෙසු – සත්ත සාමීචියොති පුබ්බෙ වුත්තෙසු ඡසු “සා ච භික්ඛුනී අනබ්භිතා, තා ච භික්ඛුනියො ගාරය්හා, අයං තත්ථ සාමීචී”ති ඉමං පක්ඛිපිත්වා සත්ත වෙදිතබ්බා. සත්ත අධම්මිකා පටිඤ්ඤාතකරණාති “භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති, පාරාජිකෙන චොදියමානො ‘සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොම්හී’ති පටිජානාති, තං සඞ්ඝො සඞ්ඝාදිසෙසෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණ”න්ති එවං සමථක්ඛන්ධකෙ නිද්දිට්ඨා. ධම්මිකාපි තත්ථෙව නිද්දිට්ඨා. සත්තන්නං අනාපත්ති සත්තාහකරණීයෙන ගන්තුන්ති වස්සූපනායිකක්ඛන්ධකෙ වුත්තං . සත්තානිසංසා විනයධරෙති “තස්සාධෙය්යො උපොසථො පවාරණා”ති ඉමෙහි සද්ධිං පඤ්චකෙ වුත්තා පඤ්ච සත්ත හොන්ති. සත්ත පරමානීති ඡක්කෙ වුත්තානියෙව සත්තකවසෙන යොජෙතබ්බානි. කතචීවරන්තිආදීනි ද්වෙ සත්තකානි කථිනක්ඛන්ධකෙ නිද්දිට්ඨානි.
සප්තකයන්හි - “සත්තසාමිචියො” පෙර කියනලද සතැන්හි ‘සා ච භික්ඛුණි අනබ්හිතා, තා ච භික්ඛුණියො ගාරය්හා, අයං තත්ථ සාමීචි” යන මෙය බහා සත දතයුතුය. “සත්ත අධම්මිකා පටිඤ්ඤාතකරණා” “මහණෙක් තෙමේ පාරාජිකාපත්තියට පැමිණියේවේද, පාරාජිකාපත්තියෙන් චෝදනා කරනු ලබන්නේ ‘සඞ්ඝාදිසෙසයට පැමිණියේ වෙමි’යි පිළිදන්වාද, සඞ්ඝ තෙමේ ඔහු සඞ්ඝාදිසෙසයෙන් කරවාද, අධාර්මික ප්‍රතිඥාතකරණය’යි මෙසේ සමථක්‍ඛන්‍ධකයෙහි දක්වන ලදී. ධාර්මික ප්රතිඥාතයෝද එහිම දක්වන ලදහ. “සත්තන්නං අනාපත්ති සත්තාහකරණීයෙන ගන්තුං”යි වස්සූපනායිකක්ඛන්ධකයෙහි වදාරණලදී. “සත්තානිසංසා විනයධරෙ” ‘උපෞෂථපවාරණ ඔහුට අයත්’යි යන මොවුන් සමග පඤ්චකයෙහි කියනලද පස සතක් වේ. “සත්තපරමානි” යන ෂට්කයෙහි කියන ලද්දාහුම සප්තක වශයෙන් යෙදිය යුත්තාහ. “කතචීවරං” යනාදි සප්තක දෙක කඨිනක්ඛන්ධකයෙහි දක්වන ලදී.
භික්ඛුස්ස න හොති ආපත්ති දට්ඨබ්බා, භික්ඛුස්ස හොති ආපත්ති දට්ඨබ්බා, භික්ඛුස්ස හොති ආපත්ති පටිකාතබ්බාති ඉමානි තීණි සත්තකානි, ද්වෙ අධම්මිකානි, එකං ධම්මිකං; තානි තීණිපි චම්පෙය්යකෙ නිද්දිට්ඨානි. අසද්ධම්මාති අසතං ධම්මා, අසන්තො වා ධම්මා; අසොභනා හීනා ලාමකාති අත්ථො. සද්ධම්මාති සතං බුද්ධාදීනං ධම්මා; සන්තො වා ධම්මා සුන්දරා උත්තමාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“භික්ඛුකුස්ස න හොති ආපත්ති දට්ඨබ්බා, භික්ඛුස්ස හොති ආපත්ති දට්ඨබ්බා, භික්ඛුස්ස හොති පටිකාතබ්බා” යන මේ සප්තක තුනය. දෙකක් අධාර්මිකය. එකක් ධාර්මිකය. ඒ තුනද චම්පෙය්යක්ඛන්ධකයෙහි දක්වන ලද්දේය. “අසද්ධම්මා” අසත් පුරුෂයන්ගේ ධර්මයෝ නොහොත් අයහපත් ධර්මයෝය. අශොභනවූ හීනවූ ලාමකවූ ධර්මයෝය යන අර්‍ත්‍ථයි. “සද්ධම්මා” ශාන්ත වූ බුද්ධාදීන්ගේ ධර්මයෝය. නොහොත් යහපත්වූ ධර්මයෝය. සුන්දර වූ උත්තම ධර්මයෝය යන අර්‍ත්‍ථයි. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
සත්තකවාරවණ්ණනා නිට්ඨිතා.
සත්තක වර්ණනාව නිමි.
අට්ඨකවාරවණ්ණනා
අට්ඨකවාරවණ්ණනා
අට්ඨකෙසු – අට්ඨානිසංසෙති “න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං උපොසථං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා උපොසථං කරිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං පවාරෙස්සාම, සඞ්ඝකම්මං කරිස්සාම, ආසනෙ නිසීදිස්සාම, යාගුපානෙ නිසීදිස්සාම, භත්තග්ගෙ නිසීදිස්සාම, එකච්ඡන්නෙ වසිස්සාම, යථාවුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා කරිස්සාමා”ති එවං කොසම්බකක්ඛන්ධකෙ වුත්තෙ ආනිසංසෙ. දුතියඅට්ඨකෙපි එසෙව නයො, තම්පි හි එවමෙව කොසම්බකක්ඛන්ධකෙ වුත්තං.
අෂ්ටකයන්හි - “අට්ඨානිසංසෙ” “න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං උපොසථං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා උපොසථං කරිස්සාම, න මයං ඉමිනා භික්ඛුනා සද්ධිං පවාරෙස්සාම, සඞ්ඝකම්මං කරිස්සාම, ආසනෙ නිසීදිස්සාම, යාගුපානෙ නිසීදිස්සාම, භත්තග්ගෙ නිසීදිස්සාම, එකච්ඡන්නෙ වසිස්සාම, යථාඛුඩ්ඪං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කරිස්සාම, විනා ඉමිනා භික්ඛුනා කරිස්සාම”යි මෙසේ කොසම්බකක්ඛන්ධකයෙහි කියනලද අනුසස්. දෙවන අෂ්ටකයෙහිද මේනයම වේ. භෙද එපරිද්දෙන්ම කොසම්බකක්ඛන්ධකයෙහි වදාරණ ලදී.
අට්ඨ යාවතතියකාති භික්ඛූනං තෙරසකෙ චත්තාරො, භික්ඛුනීනං සත්තරසකෙ භික්ඛූහි අසාධාරණා චත්තාරොති අට්ඨ. අට්ඨහාකාරෙහි කුලානි දූසෙතීති කුලානි දූසෙති පුප්ඵෙන වා ඵලෙන වා චුණ්ණෙන වා මත්තිකාය වා දන්තකට්ඨෙන වා වෙළුයා වා වෙජ්ජිකාය වා ජඞ්ඝපෙසනිකෙන වාති ඉමෙහි අට්ඨහි. අට්ඨ මාතිකා චීවරක්ඛන්ධකෙ, අපරා අට්ඨ කථිනක්ඛන්ධකෙ වුත්තා. අට්ඨහි අසද්ධම්මෙහීති ලාභෙන අලාභෙන යසෙන අයසෙන සක්කාරෙන අසක්කාරෙන පාපිච්ඡතාය පාපමිත්තතාය. අට්ඨ ලොකධම්මා නාම ලාභෙ සාරාගො, අලාභෙ පටිවිරොධො; එවං යසෙ අයසෙ, පසංසාය නින්දාය, සුඛෙ සාරාගො, දුක්ඛෙ පටිවිරොධොති. අට්ඨඞ්ගිකො මුසාවාදොති “විනිධාය සඤ්ඤ”න්ති ඉමිනා සද්ධිං පාළියං ආගතෙහි සත්තහීති අට්ඨහි අඞ්ගෙහි අට්ඨඞ්ගිකො.
“අට්ඨ යාවතතියකා” තෙරස සඞ්ඝාදිසෙස කාණ්ඩයෙහි මහණුන්ට සතරය. සත්තරස සඞ්ඝාදිස්සෙකාණ්ඩයෙහි මෙහෙණක්හට මහණුන් හා අසාධාරණවූ සතරයයි අටය. “අට්ඨහාකාරෙහි කුලාහි දූසෙති” පුෂ්පයෙන් හෝ ඵලයෙන් හෝ සුණෙන් හෝ මැටියෙන් හෝ දැහැටියෙන් හෝ හුණයෙන් හෝ වෙදකමින් හෝ පණිවුඩ පණත් ගෙණ යෑමෙන් හෝයයි මේ අටින් කුලයන් දූෂිත කරයි. මාතෘකා අටක් චීවරක්ඛන්ධකයෙහිද අන්අටක් කඨිනක්ඛන්ධකයෙහිද වදාරණ ලදහ. “අට්ඨහි අසද්ධම්මෙහි” ලාභයෙන් අලාභයෙන් යසසින් අයසසින් සත්කාරයෙන් අසත්කාරයෙන් පාපෙප්සායෙන් පාපමිත්රතාවෙන් යන අසත් දහම් අටින්. අෂ්ටලොකධර්ම නම් ලාභයෙහි ඇලීම හා අලාභයෙහි ප්රතිවිරොධයය. යසසෙහි අයසයෙහි ප්‍රශංසාවෙහි නින්දාවෙහි සුඛයෙහි දුඃඛයෙහි එසේ ඇලීම හා ප්රතිවිරොධයය. “අට්ඨඞ්ගිකො මුසාවාදො” ‘විනිධාය සඤ්ඤං’ යන මෙය හා පෙළෙහි ආ සතසමගයයි අෂ්ටාඞ්ගයෙන් අටඟ ඇත්තේ වේ.
අට්ඨ උපොසථඞ්ගානීති –
“අට්ඨ උපොසථඞ්ගානි” යනු,
“පාණං න හනෙ න චාදින්නමාදියෙ, මුසා න භාසෙ න ච මජ්ජපො සියා; අබ්‍රහ්මචරියා විරමෙය්ය මෙථුනා, රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
“පාණං නහානෙ න චා දින්නමාදියෙ මුසා න භාසෙ න ච මජ්ජපො සියා, අබ්‍රහ්මචරියා විරමෙය්ය මෙථුනා රත්තිං න භුඤ්ජෙය්ය විකාල භොජනං
“මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ, මඤ්චෙ ඡමායංව සයෙථ සන්ථතෙ; එතඤ්හි අට්ඨඞ්ගිකමාහුපොසථං, බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිත”න්ති. (අ· නි· 3.71);
මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ එතඤ්හි අට්ඨඞ්ගිකමාහු පොසථං බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං”
එවං වුත්තානි අට්ඨ. අට්ඨ දූතෙය්යඞ්ගානීති “ඉධ, භික්ඛවෙ, භික්ඛු සොතා ච හොති සාවෙතා චා”තිආදිනා නයෙන සඞ්ඝභෙදකෙ වුත්තානි. තිත්ථියවත්තානි මහාඛන්ධකෙ නිද්දිට්ඨානි. අනතිරිත්තා ච අතිරිත්තා ච පවාරණාසික්ඛාපදෙ නිද්දිට්ඨා. අට්ඨන්නං පච්චුට්ඨාතබ්බන්ති භත්තග්ගෙ වුඩ්ඪභික්ඛුනීනං, ආසනම්පි තාසංයෙව දාතබ්බං. උපාසිකාති විසාඛා. අට්ඨානිසංසා විනයධරෙති පඤ්චකෙ වුත්තෙසු පඤ්චසු “තස්සාධෙය්යො උපොසථො, පවාරණා, සඞ්ඝකම්ම”න්ති ඉමෙ තයො පක්ඛිපිත්වා අට්ඨ වෙදිතබ්බා. අට්ඨ පරමානීති පුබ්බෙ වුත්තපරමානෙව අට්ඨකවසෙන යොජෙත්වා වෙදිතබ්බානි. අට්ඨසු ධම්මෙසු සම්මා වත්තිතබ්බන්ති “න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො, න පවාරණා ඨපෙතබ්බා”තිආදිනා නයෙන සමථක්ඛන්ධකෙ නිද්දිට්ඨෙසු අට්ඨසු. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
යි මෙසේ වදාරණ ලද අඞ්ග අටය. “අට්ඨදූතෙය්යඞ්ගානි” “ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති සාවෙතා ච” යනාදි නයින් සඞ්ඝභෙදකයෙහි වදාරණලද අෂ්ට දූතෙය්යඞ්ගයෝය. තීර්ථකවත් මහාක්ඛන්ධකයෙහි දක්වන ලදී. අනතිරික්තයද අතිරික්තයද පවාරණ ශික්‍ෂාපදයෙහි දක්වන ලදය. “අට්ඨන්නං පච්චුපට්ඨාතබ්බං” බොජුන් හලෙහි මහලු මෙහෙණන්හට. ආසනයද ඔවුන්ටම දියයුතුය. “උපාසිකා” විශාඛා තොමෝය. “අට්ඨානිසංසා විනයධරෙ” පඤ්චකයෙහි කියූ පසෙහි, “තස්සාධෙය්යො උපොසථො පවාරණ සඞ්ඝකම්මං” යන මේ තුන බහා අට දතයුතුය. “අට්ඨපරමානි” පෙර කියනලද පරමයෝම අෂ්ටක වශයෙන් යොදා දතයුත්තාහ. “අට්ඨසු ධම්මෙසු සම්මා වත්තිතබ්බං” “න පකතත්තස්ස භික්ඛුනො උපොසථො ඨපෙතබ්බො න පවාරණා ඨපෙතබ්බා” යනාදි නයින් සමථක්‍ඛන්‍ධකයෙහි දක්වන ලද අටෙහි සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
අට්ඨකවාරවණ්ණනා නිට්ඨිතා.
අට්ඨක වර්ණනාව නිමි.
නවකවාරවණ්ණනා
නවකවාරවණ්ණනා
නවකෙසු – නව ආඝාතවත්ථූනීති “අනත්ථං මෙ අචරී”තිආදීනි නව. නව ආඝාතපටිවිනයාති “අනත්ථං මෙ අචරි, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙතී”තිආදීනි නව. නව විනීතවත්ථූනීති නවහි ආඝාතවත්ථූහි ආරති විරති පටිවිරති සෙතුඝාතො. නවහි සඞ්ඝො භිජ්ජතීති “නවන්නං වා, උපාලි, අතිරෙකනවන්නං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චා”ති. නව පරමානීති පුබ්බෙ වුත්තපරමානෙව නවකවසෙන යොජෙත්වා වෙදිතබ්බානි. නව තණ්හාමූලකා නාම තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛා, ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා. නව විධමානාති “සෙය්යස්ස සෙය්යොහමස්මී”තිමානාදයො. නව චීවරානීති තිචීවරන්ති වා වස්සිකසාටිකාති වාතිආදිනා නයෙන වුත්තානි. න විකප්පෙතබ්බානීති අධිට්ඨිතකාලතො පට්ඨාය න විකප්පෙතබ්බානි . නව අධම්මිකානි දානානීති සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස වා චෙතියස්ස වා පුග්ගලස්ස වා පරිණාමෙති, චෙතියස්ස පරිණතං අඤ්ඤචෙතියස්ස වා සඞ්ඝස්ස වා පුග්ගලස්ස වා පරිණාමෙති , පුග්ගලස්ස පරිණතං අඤ්ඤපුග්ගලස්ස වා සඞ්ඝස්ස වා චෙතියස්ස වා පරිණාමෙතීති එවං වුත්තානි.
නවකයන්හි - “නව ආඝාතවත්ථූනි” “අනත්ථං මෙ අචරි” යනාදීවූ නවයයි. “නව ආඝාතපටිවිනයා” “අනත්ථං මෙ අචරි තං කුතෙත්ථ ලබ්භාති, ආඝාතං පටිවිනෙති” යනාදි නවයයි. “නව විනීතවත්ථූනි” නවවිධ ආඝාත වස්තුන්ගෙන් වැළකීමය. වෙසෙසින් වැළකීය. දුරුකිරීමය. කරුණු නැසීමය. “නවහි සඞ්ඝො භිජ්ජති” “නවන්තං උපාලි අතිරෙක නවන්තං වා සඞ්ඝා භිජ්ජති” “නවන්තං උපාලි අතිරෙකනවන්තං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච” යන මොවුහුය. “නව පරමානි” පෙර කියූ පරමයෝම නවක වශයෙන් යොදා දතයුත්තාහ. නව තෘෂ්ණ මූලකයෝ නම්, එෂණ තෘෂ්ණාව නිසා රූපාදි අරමුණු සෙවීම වේ. සෙවීම නිසා රූපාදි අරමුණු ලැබීම වේ. ලැබීම නිසා ඥාන-තෘෂ්ණා-දෘෂ්ටි-විතර්ක යන විනිශ්චයන් අතුරෙහි ඥානවිනිශ්චය වේ. විනිශ්චය නිසා ඡන්දරාගය වේ. ඡන්දරාගය නිසා මමය, මාගේයයි බලවත් සන්නිට්ඨානය වේ. සන්නිට්ඨානය නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගැනීම වේ. පිළිගැණීම නිසා මාත්සර්‍ය්‍ය වේ. මාත්සර්‍ය්‍ය නිසා රැකීම වේ. ආරක්ෂාධිකරණය නිසා දණ්ඩාදාන ශාස්ත්‍රාදාන කලහ විග්රහ විවාද තුව තුවං පෛශුන්‍ය මෘෂාවාදයෝය යන මොවුහුය. “නවවිධ මානානි” “සෙය්යස්ස සෙය්යො හමස්මි” යනාදීවූ මානයෝය. “නව චීවරානි” “තිචීවරං”යිද “වස්සිකසාටිකා”යිදැයි යනාදි නයින් කියන ලද්දාහුය. “න විකප්පෙතබ්බානි” ඉටූකල්හි පටන් විකපනය නොකටයුත්තාහුය. “නව අධම්මිකානි” සඞ්ඝයාහට පිරිනමන ලද්දක් අන් සඞ්ඝ කොටසක්හට හෝ සෑයකට හෝ පුද්ගලයක්හට හෝ පිරිනමාද, සෑයකට පිරිනමන ලද්දක් අන් සෑයකට හෝ සඞ්ඝයාහට හෝ පුද්ගලයක්හට පිරිනමාද, පුද්ගලයක්හට පිරිනමන ලද්දක් අන් පුද්ගලයක්හට හෝ සඞ්ඝයාහට හෝ සෑයකට හෝ පිරිනමාදැයි මෙසේ කියන ලද්දාහුය.
නව පටිග්ගහපරිභොගාති එතෙසංයෙව දානානං පටිග්ගහා ච පරිභොගා ච. තීණි ධම්මිකානි දානානීති සඞ්ඝස්ස නින්නං සඞ්ඝස්සෙව දෙති, චෙතියස්ස නින්නං චෙතියස්සෙව, පුග්ගලස්ස නින්නං පුග්ගලස්සෙව දෙතීති ඉමානි තීණි. පටිග්ගහපටිභොගාපි තෙසංයෙව පටිග්ගහා ච පරිභොගා ච. නව අධම්මිකා සඤ්ඤත්තියොති අධම්මවාදිපුග්ගලො, අධම්මවාදිසම්බහුලා, අධම්මවාදිසඞ්ඝොති එවං තීණි තිකානි සමථක්ඛන්ධකෙ නිද්දිට්ඨානි. ධම්මිකා සඤ්ඤත්තියොපි ධම්මවාදී පුග්ගලොතිආදිනා නයෙන තත්ථෙව නිද්දිට්ඨා. අධම්මකම්මෙ ද්වෙ නවකානි ඔවාදවග්ගස්ස පඨමසික්ඛාපදනිද්දෙසෙ පාචිත්තියවසෙන වුත්තානි. ධම්මකම්මෙ ද්වෙ නවකානි තත්ථෙව දුක්කටවසෙන වුත්තානි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“නව පටිග්ගහා-පරිභොගා” මෙම දානයන්ගේ ප්රතිග්රහණයෝද පරිභොගයෝද යන මොවුහුය. “තීනි ධම්මිකානි දානානි” සඞ්ඝයාහට පිරිනැමුනක් සඞ්ඝයාහටම දේද, සෑයකට පිරිනැමුනක් සෑයකටම දේද, පුද්ගලයක්හට පිරිනැමුනක් පුද්ගලයක්හටම දේද යන මේ තුන වේ. ප්රතිග්රහ පරිභෝගයෝද ඔවුන්ගේ ප්රතිග්රහයෝද පරිභොගයෝද වෙති. “නව අධම්මිකා පඤ්ඤත්තියො” අධම්මවාදී පුග්ගලො, අධම්මවාදී සම්බහුලා, අධම්මවාදී සඞ්ඝො”යි මෙසේ ත්රිකතුනෙක් සමථක්‍ඛන්‍ධකයෙහි දක්වන ලද්දේය. “ධම්මිකා පඤ්ඤත්තියො” ධාර්මික ප්‍රඥප්තීහුද ‘ධම්මවාදීපුග්ගලො’ යනාදි නයින් එහිම දක්වන ලදහ. “අධම්ම කම්මෙ ද්වෙ නවකානි” ඔවාදවර්ගයෙහි ප්‍රථම ශික්ෂාපද නිර්‍දෙශයෙහි දුක්කට වසයෙන් වදාරණ ලද්දාහුය. “ධම්මකම්මෙ ද්වෙ නවකානි” එහිම පාචිත්තිය වසයෙන් වදාරණ ලද්දාහුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
නවකවාරවණ්ණනා නිට්ඨිතා.
නවක වර්ණනාව නිමි
දසකවාරවණ්ණනා
දසකවාරවණ්ණනා
දසකෙසු – දස ආඝාතවත්ථූනීති නවකෙසු වුත්තානි නව “අට්ඨානෙ වා පන ආඝාතො ජායතී”ති ඉමිනා සද්ධිං දස හොන්ති. ආඝාතපටිවිනයාපි තත්ථ වුත්තා නව “අට්ඨානෙ වා පන ආඝාතො ජායති, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙතී”ති ඉමිනා සද්ධිං දස වෙදිතබ්බා. දස විනීතවත්ථූනීති දසහි ආඝාතවත්ථූහි විරතිසඞ්ඛාතානි දස. දසවත්ථුකා මිච්ඡාදිට්ඨීති “නත්ථි දින්න”න්තිආදිවසෙන වෙදිතබ්බා, “අත්ථි දින්න”න්තිආදිවසෙන සම්මාදිට්ඨි, “සස්සතො ලොකො”තිආදිනා වසෙන පන අන්තග්ගාහිකා දිට්ඨි වෙදිතබ්බා. දස මිච්ඡත්තාති මිච්ඡාදිට්ඨිආදයො මිච්ඡාවිමුත්තිපරියොසානා, විපරීතා සම්මත්තා. සලාකග්ගාහා සමථක්ඛන්ධකෙ නිද්දිට්ඨා.
දශකයන්හි - “දස ආඝාත වත්ථූනි” නවකයෙහි කියනලද නවය, “අට්ඨානෙ වා පන ආඝාතො ජායති” යන මෙය සමග දසයෙක් වේ. “ආඝාතපටිවිනයා” ආඝාතප්රතිවිනයකරණයෝද එහි කියනලද නවයම. “අට්ඨානෙ වා පන ආඝාතො ජායති, තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති” යන මෙය සමග දසය දතයුතුය. “දසවිනීත වත්ථූනි” යනු දශවිධ ආඝාත වස්තූන්ගෙන් විරතිසඞ්ඛ්යාතදශයය. “දස වත්ථුකා මිච්ඡා දිට්ඨි” යනු “නත්ථි දින්නං” යනාදි වසයෙන් දතයුතුය. “අත්ථි දින්නං” යනාදි වසයෙන් සම්‍යක් දෘෂ්ටිය දතයුතුය. “සස්සතො ලොකො” යනාදි වසයෙන් අන්තග්රාහිකාදෘෂ්ටිය දතයුතුය. “දස මිච්ඡත්තා” මිථ්‍යාදෘෂ්ටිය ආදිකොට මිත්ථ්යා විමුක්තිය කෙළවරකොට සිටි විපරීතයෝය. සම්මතයෝද සලාකගාහයෝද සමථක්‍ඛන්‍ධකයෙහි දක්වන ලදහ.
දසහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බොති “සීලවා හොතී”තිආදිනා නයෙන සමථක්ඛන්ධකෙ වුත්තෙහි දසහි. දස ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ රාජසික්ඛාපදෙ නිද්දිට්ඨා. දස දානවත්ථූනීති අන්නං පානං වත්ථං යානං මාලා ගන්ධං විලෙපනං සෙය්යාවසථං පදීපෙය්යං. දස රතනානීති මුත්තාමණිවෙළුරියාදීනි. දස පංසුකූලානීති සොසානිකං, පාපණිකං , උන්දූරක්ඛායිතං, උපචිකක්ඛායිතං, අග්ගිදඩ්ඪං, ගොඛායිතං, අජිකක්ඛායිතං, ථූපචීවරං, ආභිසෙකියං, භතපටියාභතන්ති එතෙසු උපසම්පන්නෙන උස්සුක්කං කාතබ්බං. දස චීවරධාරණාති “සබ්බනීලකානි චීවරානි ධාරෙන්තී”ති වුත්තවසෙන දසාති කුරුන්දියං වුත්තං. මහාඅට්ඨකථායං පන “නවසු කප්පියචීවරෙසු උදකසාටිකං වා සඞ්කච්චිකං වා පක්ඛිපිත්වා දසා”ති වුත්තං.
“දසභඞ්ගෙහි සමන්නාගතො භික්ඛු උබ්බාහිකාය සම්මන්නිතබ්බො” “සීලවා හොති” යනාදිනයින් සමථක්‍ඛන්‍ධකයෙහි වදාළ දසයෙන් රාජන්තෙපුරප්රවෙශනයෙහි දශ ආදීනවයෝ රාජශික්ෂාපදයෙහි දක්වන ලදහ. “දසදානවත්ථුනි” ආහාර-පාන-වස්ත්‍ර-යාන -මාලා -ගන්ධ-විලෙපන-සෙය්යා-ආවස්ථ-පදීපෙය්‍ය යන මොවුහුය. “දසරතනානි” මුතු මැණික වෙරළු මිණි ආදීහුය. “දස පංසුකුලානි” සොහොනෙහිලූ වත - කඩදොරකඩ දැමූ වත මීයන් කෑවත - වේයන් කෑවත - ගවයන් කෑවත - එළුවන් කෑවත - තුඹස් මත දැමූ වත - නානතොට හෝ අභිෂෙකස්ථානයෙහි ලූවත - සොහොනට ගොස් අවුත් නාහැරදැමූ කිලිටිවත. මේ වස්ත්‍රයන්හි උපසම්පන්නයා විසින් උත්සාහ කටයුතුය. “දස චීවරධාරණ” “සබ්බනීලකානි චීවරානි ධාරෙන්ති”යි කියනලද්දාවුන්ගේ වසයෙන් දසයයි. කුරුන්දියෙහි කියනලදී. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි නව කැප චීවරයන්හි දියසළුව හෝ තනවෙළුම හෝ බහා දසයයි කියනලදී.
අවන්දනීයපුග්ගලා සෙනාසනක්ඛන්ධකෙ නිද්දිට්ඨා. දස අක්කොසවත්ථූනි ඔමසවාදෙ නිද්දිට්ඨානි. දස ආකාරා පෙසුඤ්ඤසික්ඛාපදෙ නිද්දිට්ඨා. දස සෙනාසනානීති මඤ්චො, පීඨං, භිසි, බිම්බොහනං, චිමිලිකා, උත්තරත්ථරණං, තට්ටිකා, චම්මඛණ්ඩො, නිසීදනං, තිණසන්ථාරො, පණ්ණසන්ථාරොති. දස වරානි යාචිංසූති විසාඛා අට්ඨ, සුද්ධොදනමහාරාජා එකං, ජීවකො එකං. යාගුආනිසංසා ච අකප්පියමංසානි ච භෙසජ්ජක්ඛන්ධකෙ නිද්දිට්ඨානි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
නොවැන්දයුතු පුද්ගලයෝ සෙනාසනක්‍ඛන්‍ධකයෙහි දක්වන ලද්දාහුය. දශආක්රොශ වස්තූහු ඔමසවාදයෙහි දක්වන ලද්දාහුය. දශ ආකාරයෝ පෙසුඤ්ඤ ශික්‍ෂාපදයෙහි දක්වන ලද්දාහුය. “දස සෙනාසනානි” ඇඳ පුටු බිසි කොට්ට පිරියම් කළබිම පැහැය රකිනු පිණිස කළ ඇතිරි ඊමතු ඇතිරී තටු සම්කඩ හිඳින රෙදිකඩ පසතුරුණ තණඇතිරි පන්ඇතිරි යන මොවුහු. “දසවරානි යාචිංසු” විශාඛා තොමෝ අටක් සුද්ධෝදන මහරජතෙමේ එකක්, ජීවකතෙමේ එකකැයි වරදසයක් ඉල්ලූහ. යාගු ආනිසංසයෝද අකප්පිය මාංසයෝද භෙසජ්ජක්ඛන්ධකයෙහි දක්වන ලද්දාහුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
දසකවාරවණ්ණනා නිට්ඨිතා.
දසක වර්ණනාව නිමි.
එකාදසකවාරවණ්ණනා
එකාදසකවාරවණ්ණනා
එකාදසකෙසු – එකාදසාති පණ්ඩකාදයො එකාදස. එකාදස පාදුකාති දස රතනමයා, එකා කට්ඨපාදුකා. තිණපාදුකමුඤ්ජපාදුකපබ්බජපාදුකාදයො පන කට්ඨපාදුකසඞ්ගහමෙව ගච්ඡන්ති. එකාදස පත්තාති තම්බලොහමයෙන වා දාරුමයෙන වා සද්ධිං දස රතනමයා. එකාදස චීවරානීති සබ්බනීලකාදීනි එකාදස. යාවතතියකාති උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී, සඞ්ඝාදිසෙසා අට්ඨ, අරිට්ඨො, චණ්ඩකාළීති. එකාදස අන්තරායිකා නාම “නසි අනිමිත්තා”ති ආදයො. එකාදස චීවරානි අධිට්ඨාතබ්බානීති තිචීවරං, වස්සිකසාටිකා, නිසීදනං, පච්චත්ථරණං, කණ්ඩුප්පටිච්ඡාදි, මුඛපුඤ්ඡනචොළං, පරික්ඛාරචොළං, උදකසාටිකා, සඞ්කච්චිකාති. න විකප්පෙතබ්බානීති එතානෙව අධිට්ඨිතකාලතො පට්ඨාය න විකප්පෙතබ්බානි. ගණ්ඨිකා ච විධා ච සුත්තමයෙන සද්ධිං එකාදස හොන්ති, තෙ සබ්බෙ ඛුද්දකක්ඛන්ධකෙ නිද්දිට්ඨා. පථවියො පථවිසික්ඛාපදෙ නිද්දිට්ඨා. නිස්සයපටිපස්සද්ධියො උපජ්ඣායම්හා පඤ්ච, ආචරියම්හා ඡ; එවං එකාදස. අවන්දියපුග්ගලා නග්ගෙන සද්ධිං එකාදස, තෙ සබ්බෙ සෙනාසනක්ඛන්ධකෙ නිද්දිට්ඨා . එකාදස පරමානි පුබ්බෙ වුත්තෙසු චුද්දසසු එකාදසකවසෙන යොජෙත්වා වෙදිතබ්බානි. එකාදස වරානීති මහාපජාපතියා යාචිතවරෙන සද්ධිං පුබ්බෙ වුත්තානි දස. එකාදස සීමාදොසාති “අතිඛුද්දකං සීමං සම්මන්නන්තී”තිආදිනා නයෙන කම්මවග්ගෙ ආගමිස්සන්ති.
එකාදශකයන්හි - “එකාදස” පණ්ඩකාදි එකොළොසය. “එකාදසපාදුකා” රුවණින් කළ දසයෙක. කාෂ්ටමය පාදුකා එකක. තෘණපාදුකා මුඤ්චපාදුකා බබ්බජපාදුකාදීහු කාෂ්ට පාදුකසඞ්ග්රහයටම යෙත්. “එකාදස පත්තා” තම්බලොහමය පාත්‍රය සමග හෝ දාරුමය පාත්‍රය සමග හෝ දශරත්නමය පාත්රයෝය. “එකාදසචීවරානි” සියල්ල නිල් පැහැති සිවුර ආදී වූ එකොළොසය. “එකාදසයාවත්තියකා” උක්ෂිප්තානුවර්තිකා භික්ෂුණිය, සඞ්ඝාදිසෙස අටය. අරිට්ඨය චණ්ඩකාලීය යන එකොළොසය. “නසි අනිමිත්තා” යනාදීහු අන්තරායිකයෝ නම්හ “එකාදස චීවරානි අධිට්ඨාතබ්බානි” තුන්සිවුර වැසිසළු සිවුර හිඳින සිවුර පසතුරුණ කස් පිළිසන මුවපිස්නාසේල පිරිකරසේල දියසළු තනවෙළුම යන මොවුහුය. “න විකප්පෙතබ්බානි” මේ සිවුරු එකොලොසම ඉටූ කල්පටන් විකප්පනය නොකට යුතුය. ගණ්ඨීහුද වීඨයෝද හූමය ගණිඨිකවීඨය සමග එකොළොස වෙති. ඒ සියල්ලෝ ඛුද්දකවත්ථුදුක්ඛන්ධකයෙහි දක්වන ලදහ. පෘථිවීහු පෘථිවි ශික්‍ෂාපදයෙහි දක්වන ලදහ. නිශ්ශ්‍රය ප්රතිප්රශ්රබ්ධීනු උපාද්ධ්‍යායයා කෙරෙන් පසය, ආචාර්‍ය්‍යයා කෙරෙන් සයයි මෙසේ එකොළොසෙකි. නොවැන්දයුතු පුද්ගලයෝ නග්නයා සමග එකොළොස් දෙනෙකි. ඒ සියල්ලෝ සෙනාසනක්‍ඛන්‍ධකයෙහි දක්වන ලදහ. එකාදසපරමයෝ පෙර කියූ තුදුස අතුරෙහි එකාදසක වසයෙන් යොදා දතයුත්තාහ. “එකාදසවරානි” යනු මහාප්‍රජාපතිය විසින් ඉල්ලූ වරය සමග පෙර කියූ දසයයි. “එකාදස සීමා දොසා” “අතිඛුද්දකං සීමං සම්මන්නති’ යනාදි නයින් කර්‍මවර්‍ගයෙහි එන්නාහුය.
අක්කොසකපරිභාසකෙ පුග්ගලෙ එකාදසාදීනවා නාම “යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකො පරිභාසකො අරියූපවාදී, සබ්රහ්මචාරීනං අට්ඨානමෙතං අනවකාසො යං සො එකාදසන්නං බ්‍යසනානං අඤ්ඤතරං බ්යසනං න නිගච්ඡෙය්ය. කතමෙසං එකාදසන්නං? අනධිගතං නාධිගච්ඡති, අධිගතා පරිහායති, සද්ධම්මස්ස න වොදායන්ති, සද්ධම්මෙසු වා අධිමානිකො හොති, අනභිරතො වා බ්රහ්මචරියං චරති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, සික්ඛං වා පච්චක්ඛාය හීනායාවත්තති, ගාළ්හං වා රොගාතඞ්කං ඵුසති, උම්මාදං වා පාපුණාති චිත්තක්ඛෙපං වා, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතී”ති (අ· නි· 11.6). එත්ථ ච සද්ධම්මොති බුද්ධවචනං අධිප්පෙතං.
ආක්රොශක පරිභාෂක පුද්ගලයා කෙරෙහි පවත්නා එකොළොස් ආදීනවයෝ නම් ‘මහණෙනි’ යම්ඒ මහණෙක් තෙමේ සබ්‍රම්සරුන්ට ආක්‍රොශ පරිභව කෙරේද, ආර්ය්යොපවාදීවේද හෙතෙමේ එකොළොස් වැදෑරුම් වූ ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක්වේද, මෙය කරුණු රහිතය. අවකාශ රහිතය. කවරනම් එකොළොසකින්ද, යත්:- නොපැමිණි ගුණයට නොපැමිණේ. පැමිණි ගුණයෙන් පිරිහේ. ඔහුට සද්ධර්මය පිරිසිදු නොවේ. සද්ධර්මය කෙරෙහි හේ අධිමානික වේ. ආලය නැතියෙක්ව හෝ බඹසර හැසිරේ. එක්තරා කිලිටි වූ ඇවැතකට හෝ පැමිණේ. ශික්ෂා ප්රත්යඛ්යානයකොට හෝ ගිහි බවට පැමිණේ. දැඩි රොගාබාධයක් හෝ පහසන්නේය. උමතුබවට හෝ පැමිණේ. චිත්තවික්ෂෙපයට හෝ පැමිණේ. සිහිමුළාව කලුරිය කෙරේ. කරජකායයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැපසෙන් පහවූ දුකට පිහිට වූ විවසව ජනිතවන නිරයෙහි උපදී, යනුයි. මෙහිද සද්ධර්මයි බුද්ධ වචනය අදහස් කරණලදී.
ආසෙවිතායාති ආදිතො පට්ඨාය සෙවිතාය. භාවිතායාති නිප්ඵාදිතාය වඩ්ඪිතාය වා. බහුලීකතායාති පුනප්පුනං කතාය. යානීකතායාති සුයුත්තයානසදිසාය කතාය. වත්ථුකතායාති යථා පතිට්ඨා හොති; එවං කතාය. අනුට්ඨිතායාති අනු අනු පවත්තිතාය; නිච්චාධිට්ඨිතායාති අත්ථො. පරිචිතායාති සමන්තතො චිතාය; සබ්බදිසාසු චිතාය ආචිතාය භාවිතාය අභිවඩ්ඪිතායාති අත්ථො. සුසමාරද්ධායාති සුට්ඨු සමාරද්ධාය; වසීභාවං උපනීතායාති අත්ථො. න පාපකං සුපිනන්ති පාපකමෙව න පස්සති, භද්රකං පන වුඩ්ඪිකාරණභූතං පස්සති. දෙවතා රක්ඛන්තීති ආරක්ඛදෙවතා ධම්මිකං රක්ඛං පච්චුපට්ඨාපෙන්ති. තුවටං චිත්තං සමාධියතීති ඛිප්පං චිත්තං සමාධියති. උත්තරි අප්පටිවිජ්ඣන්තොති මෙත්තාඣානතො උත්තරිං අරහත්තං අසච්ඡිකරොන්තො සෙඛො වා පුථුජ්ජනො වා හුත්වා කාලං කරොන්තො බ්රහ්මලොකූපගො හොති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“ආසෙවිතාය” මුලපටන් සෙවුනාලද. “භාවිතාය” නිපදවනලද නොහොත් වඩනලද. “බහුලීකතාය” නැවත නැවැත කරණලද. “යානීකතාය” මොනවට යෙදූ යානයක් මෙන් කරණලද. “වත්ථුකතාය” යම්සේ පිහිටවේද, එසේ කරණලද, “අනුමට්ඨිතාය” පුන පුනා පවත්වනලද, නිතර ඉටනලද, යන අර්‍ත්‍ථයි. “පරිචිතාය” හාත්පසින් රැස්කරණලද සියලු දිසාවන්හි රැස් කරන ලද නොඉතිරිකොට රැස්කරණලද භාවිත වූ මොනවට වඩනලද යන අර්‍ත්‍ථයි. “සුසමාරද්ධාය” මොනවට අරඹන ලද, වශීභාවයට පමුණුවන ලද යන අර්‍ත්‍ථයි. “න පාපකං සුපිණං” ලාමකවූ සිහිනයක්ම නොදකියි. යහපත්වූ වැඩීමට කරුණක්ම දකියි. “දෙවතා රක්ඛන්ති” ආරක්ෂක දෙවියෝ ධාර්මික වූ ආරක්ෂාව එළවත්. “තුවටං චිත්තං සමාධියති” වහා සිත සමාධිගත වේ. “උත්තරිං අප්පටිවිජ්ඣන්තො” මෛත්රීධ්යානයෙන් මත්තෙහි රහත්බව සාක්ෂාත් නොකරන්නේ ශෛක්ෂයෙක්ව හෝ පෘථග්ජනයෙක්ව හෝ කලුරිය කරන්නේ බඹලොවට පැමිණෙන්නේ වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
එකාදසකවාරවණ්ණනා පරියොසානා එකුත්තරිකවණ්ණනා නිට්ඨිතා.
එකාදශක වර්ණනාව කෙළවරකොට ඇති එකුත්තරික වර්ණනාව නිමි.