යෙදුමෙන් කියවන්න

දසකං

දසකං

දශකය

1. දස ආඝාතවත්‍ථූනි, දස ආඝාත පටිවිනයා, දස විනීතවත්‍ථූනි. දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි. දසවත්‍ථුකා සම‍්මාදිට‍්ඨි. දස අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි. දස මිච‍්ඡත‍්තා. දස සම‍්මත‍්තා. දස අකුසලකම‍්මපථා, දස කුසලකම‍්මපථා. දස අධම‍්මිකා සලාකගාහා. දස ධම‍්මිකා සලාකගාහා. සාමණෙරානං දස සික‍්ඛාපදානි, දසහඞ‍්ගෙහි සමන‍්නාගතො සාමණෙරො නාසෙතබ‍්බො.

1. ආඝාතවස්තු දශයෙකැ, ආඝාත ප්‍රතිවිනය දශයෙකැ, විනීත වස්තු දශයෙකැ, දශවස්තුක මිථ්‍යාදාෂ්ටීහු යැ, දශවස්තුක සම්‍යග්දෘෂ්ටීහු යැ, දශ අන්තග්‍රගාහික දෘෂ්ටීහු යැ, මිච්ඡත්ත දශයෙකැ, සම්මත්ත දශයෙකැ, අකුශලකර්‍මපථ දශයෙකැ, කුශල කර්‍මපථ දශයෙකැ, නො දැහැමි ලහගැන්වීම් දශයෙකැ, දැහැමි ලහගැන්වීම් දශයෙකැ. හෙරණුන් පිළිබඳ සිකපද දශයෙකැ, අඞ්ග දසයෙකින් යුත් හෙරණ නැසිය යුතු වේ.

2. දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො බාලොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : අත‍්තනො භාසපරියන‍්තං න උග‍්ගණ‍්හාති, පරස‍්ස භාසපරියන‍්තං න උග‍්ගණ‍්හාති, අත‍්තනො භාසපරියන‍්තං අනුග‍්ගහෙත්‍වා පරස‍්ස භාසපරියන‍්තං අනුග‍්ගහෙත්‍වා අධම‍්මෙන කාරෙති. අපටිඤ‍්ඤාය, ආපත‍්තිං න ජානාති, ආපත‍්තියා මූලං න ජානාති, ආපත‍්ති සමුදයං න ජානාති, ආපත‍්ති නිරොධං න ජානාති, ආපත‍්තිනිරොධගාමිනි පටිපදං න ජානාති.

2. අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය නො උගණියි, පරා පිළිබඳ කථාවසානය නො උගණියි, තමාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, පරාගේ කථාවසානයෙහි ගතයුතු තෙපුල නො ඉගෙණ, නො දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා නො කිරීමෙන් විනිශ්චය කරවයි, ඇවැත නො දනියි, ආපත්තිමූලය නො දනියි, ආපත්තිසමුදය නො දනියි, ආපත්ති නිරෝධය නො දනියි, ආපත්තිනිරොධගාමිනී පටිපදාව නො දනී.

දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො පණ‍්ඩිතොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : අත‍්තනො භාසපරියන‍්තං උග‍්ගණ‍්හාති, පරස‍්ස භාසපරියන‍්තං උග‍්ගණ‍්හාති, අත‍්තනො භාසපරියන‍්තං උග‍්ගහෙත්‍වා පරස‍්ස භාසපරියන‍්තං උග‍්ගහෙත්‍වා ධම‍්මෙන කාරෙති පටිඤ‍්ඤාය ආපත‍්තිං ජානාති. ආපත‍්තියා මූලං ජානාති, ආපත‍්තිසමුදයං ජානාති, ආපත‍්ති නිරොධං ජානාති, ආපත‍්තිනිරොධගාමිනීපටිපදං ජානාති.

අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: තමා පිළිබඳ කථාවසානය උගණියි, පරා පිළිබඳ කථාවසානය උගණියි, තමාගේ කථාවසානය ඉගෙණ පරාගේ කථාවසානය ඉගෙණ දැහැමින් විනිශ්චය කරවයි, ප්‍රතිඥා වෙන් යුතුව විනිශ්චය කරවයි, ඇවැත දනියි, ආපත්තිමූලය දනියි, ආපත්තිසමුදය දනියි, ආපත්තිනිරෝධය දනියි, ආපත්තිනිරෝධගාමිනීපටිපදාව දනී.

3. අපරෙහිපි දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො බාලොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : අධිකරණං න ජානාති, අධිකරණස‍්ස මූලං න ජානාති, අධිකරණසමුදයං න ජානාති, අධිකරණනිරොධං න ජානාති, අධිකරණනිරොධගාමිනීපටිපදං න ජානාති, වත්‍ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ‍්ඤත‍්තිං න ජානාති, අනුපඤ‍්ඤත‍්තිං න ජානාති, අනුසන්‍ධිවචනපථං න ජානාති.

3. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය නොදනියි, අධිකරණ මූලය නො දනියි, අධිකරණ සමුදය නො දනියි, අධිකරණ නිරෝධය නො දනියි, අධිකරණ නිරෝධගාමිනීපටිපදාව නො දනියි, වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, අනුප්‍රඥප්තිය නො දනියි, කථාමාර්‍ගය නො දනී.

දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො පණ‍්ඩිතොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : අධිකරණං ජානාති, අධිකරණස‍්ස මූලං ජානාති, අධිකරණසමුදයං ජානාති, අධිකරණනිරොධං ජානාති, අධිකරණනිරොධගාමිනී පටිපදං ජානාති, වත්‍ථුං ජානාති, නිදානං ජානාති, පඤ‍්ඤත‍්තිං ජානාති, අනුපඤ‍්ඤත‍්තිං ජානාති, අනුසන්‍ධිවචනපථං ජානාති.

අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: අධිකරණය දනියි, අධිකරණ මූලය දනියි, අධිකරණ සමුදය දනියි, අධිකරණ නිරෝධය දනියි, අධිකරණ නිරෝධ ගාමිනී පටිපදාව දනියි, වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, අනුප්‍රඥප්තිය දනියි, කථාමාර්‍ගය දනී.

4. අපරෙහිපි දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො බාලොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : ඤත‍්තිං න ජානාති, ඤත‍්තියා කරණං න ජානාති, න පුබ‍්බකුසලො හොති, න අපරකුසලො හොති, අකාලඤ‍්ඤූ ච හොති, ආපත‍්තානාපත‍්තිං න ජානාති, ලහුකගරුකං ආපත‍්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං න ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං න ජානාති, ආචරියපරම‍්පරා ඛො පනස‍්ස න සුග‍්ගහිතා හොති න සුමනසිකතා න සූපධාරිතා.

4. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධර තෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, පළමු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, පසු වැ කියයුත්තෙහි දක්‍ෂ නො වෙයි, සුදුසු කල් නො දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට නො ඉගෙණගන්නා ලද මොනවට නො මෙනෙහි කරණලද මොනවට නො විමසන ලද වේ.

දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො පණ‍්ඩිතොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : ඤත‍්තිං ජානාති, ඤත‍්තියා කරණං ජානාති, පුබ‍්බකුසලො හොති, අපරකුසලො හොති, කාලඤ‍්ඤූ ච හොති, ආපත‍්තානාපත‍්තිං ජානාති, ලහුකගරුකං ආපත‍්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං ජානාති, ආචරියපරම‍්පරා ඛො පනස‍්ස සුග‍්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා.

අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධරතෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි, පළමු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, පසු වැ කිය යුත්තෙහි දක්‍ෂ වෙයි, සුදුසු කල් දන්නේත් වෙයි, ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි. සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නොතුළුල් ඇවැත් දනියි, ඔහු විසින් ආචාර්‍ය්‍ය පරම්පරාව මොනවට ඉගෙණගන්නාලද මොනවට මෙනෙහි කරණලද මොනවට විමසනලද වේ.

5. අපරෙහිපි දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො බාලොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : ආපත‍්තානාපත‍්තිං න ජානාති, ලහුකගරුකං ආපත‍්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං න ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං න ජානාති, උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන න ස‍්වාගතානි හොන‍්ති න සුවිභත‍්තානි න සුප‍්පවත‍්තීනි න සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො, ආපත‍්තානාපත‍්තිං න ජානාති, ලහුකගරුකං ආපත‍්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං න ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං න ජානාති, අධිකරණෙ ච න විනිච‍්ඡයකුසලො හොති.

5. අනෙකුදු අඞ්ග දශයෙකින් යුක්ත වූ විනයධරතෙමේ බාලයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය මොනවට පුහුණු නො කරණලද මොනවට නො බෙදන ලද මොනවට නො පවත්වන ලද මොනවට විනිශ්චය නො කරණ ලද වෙයි, ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහුගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ඇවැත් නො දනියි, තුළුල් නොතුළුල් ඇවැත් නො දනියි, අධිරකණයෙහිදු විනිශ්චය කුශල වූයේ නො වේ.

දසහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො පණ‍්ඩිතොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති : ආපත‍්තානාපත‍්තිං ජානාති, ලහුකගරුකං ආපත‍්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං ජානාති, උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන

අඞ්ග දශයෙකින් යුක්තවූ විනයධර තෙමේ පණ්ඩිතයෙකැයි මැ ගණනට යෙයි: ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පෙළ විසිනුදු අනුව්‍යඤ්ජන විසිනුදු ඔහු විසින් විස්තර වශයෙන් උභය ප්‍රාතිමෝක්‍ෂය

ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො, ආපත‍්තානාපත‍්තිං ජානාති, ලහුකගරුකං ආපත‍්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං ජානාති, අධිකරණෙ ච විනිච‍්ඡයකුසලො හොති.

මොනවට පුහුණුකරණ ලද මොනවට බෙදනලද මොනවට පවත්වන ලද මොනවට විනිශ්චය කරණලද වෙයි, ඇවැත් නො ඇවැත් දනියි, ලුහුගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ඇවැත් දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, අධිකරණයෙහිදු විනිශ්චය කුශලවූයේ වේ.

6. දසහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු උබ‍්බාහිකාය සම‍්මන‍්නිතබ‍්බො, දස අත්‍ථවසෙ පටිච‍්ච තථාගතෙන සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං. දස ආදීනවා රාජන‍්තෙපුරප‍්පවෙසනෙ. දස දානවත්‍ථූනි. දස රතනානි. දසවග‍්ගො භික‍්ඛුසඞ‍්ඝො. දසවග‍්ගෙන ගණෙන උපසම‍්පාදෙතබ‍්බං, දස පංසුකූලානි. දස චීවරධාරණා, දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ‍්බං, දස සුක‍්කානි, දස ඉත්‍ථියො. දස භරියායො. වෙසාලියා දස වත්‍ථූනි දීපෙන‍්ති.

6. අඞ්ග දශයෙකින් යුත් මහණතෙමේ උබ්බාහිකාවට සම්මත කළ යුත්තේ යි, කරුණු දශයක් පිණිස භාග්‍යවතුන් විසින් සව්වනට සිකපද පණවන ලදි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි ආදීනව දශයෙකැ, දානවස්තු දශයෙකැ, රත්න දශයෙකැ, දශවර්ගික භික්‍ෂුසඞ්ඝයා යැ, දශවර්ගික ගණයා විසින් උපසපන් කළයුතුයැ, පාංශුකූල දශයෙකැ, සිවුරු ධැරීම් දශයෙකැ, අතිරේක චීවරයක් දසදිනක් පරම කොට ඇති කාලයක් දැරිය යුතුයි, සුකුරු දශයෙකැ, ස්ත්‍රීහු දශදෙනෙකැ, භාර්‍ය්‍යාවෝ දශ දෙනෙකැ, විසල් පුරයෙහි දශවස්තුවක් දක්වත්.

දස පුග‍්ගලා අවන්‍දියා. දස අක‍්කොසවත්‍ථූනි. දසහාකාරෙහි පෙසුඤ‍්ඤං උපසංහරති. දස සෙනාසනානි. දස වරානි යාචිංසු. දස අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි, දස ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි. දසානිසංසා යාගුයා. දස මංසා අකප‍්පියා. දස පරමානි. දසවස‍්සෙන භික‍්ඛුනා බ්‍යත‍්තෙන පටිබලෙන පබ‍්බාජෙතබ‍්බං උපසම‍්පාදෙතබ‍්බං නිස‍්සයො දාතබ‍්බො සාමණෙරො උපට‍්ඨාපෙතබ‍්බො, දසවස‍්සාය භික‍්ඛුනියා බ්‍යත‍්තාය පටිබලාය පබ‍්බාජෙතබ‍්බා උපසම‍්පාදෙතබ‍්බා නිස‍්සයො දාතබ‍්බො සාමණෙරී උපට‍්ඨාපෙතබ‍්බා, දසවස‍්සාය භික‍්ඛුනියා බ්‍යත‍්තාය පටිබලාය උට‍්ඨාපනසම‍්මුති සාදිතබ‍්බා. දසවස‍්සාය ගිහීගතාය සික‍්ඛා දාතබ‍්බාති.

නො වැන්දයුතු පුද්ගලයෝ දශදෙනෙකි, ආක්‍රෝශ වස්තු දශයකි. දශ ආකාරයකින් පෙහෙසුන් එළවයි, සෙනසුන් දශයෙකැ, වරදශයක් ඉල්ලූහ, නො දැහැමි පාමොක් තැබීම් දශයෙකැ, දැහැමි පාමොක් තැබීම් දශයෙකැ, හුළුකැන් පිළිබඳ අනුසස් දශයෙකැ අකැපමස් දශයෙකැ, පරම දශයෙකැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දසවස් ඇති මහණහු විසින් පැවිදි කළ යුතුයැ, උපසපන් කළ යුතුයැ, නිස දියයුතුයැ, හෙරණකු ලවා උවටැන් කරවිය යුතුය. ව්‍යක්තවූ ප්‍රතිබල වූ දසවස් ඇති මෙහෙණ විසින් පැවිදි කළ යුතුය, උපසපන් කළ යුතුයැ, නිසදියයුතුයැ, හෙරණියක ලවා උවැටන් කරවිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ දසවස් ඇති මෙහෙණ විසින් උපසපන් කිරීමේ සම්මුතිය ඉවසිය යුතුයැ, පිරිමින් අතරට ගියාවූ දසවස් ඇත්තියට සික්ඛා සමුම්තිය දියයුතුයි.

දසකං නිට‍්ඨිතං.

දශකය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. ආඝාතවිනයා වත්‍ථු, මිච‍්ඡා සම‍්මා ච අන‍්තගා, මිච‍්ඡත‍්තා චෙව සම‍්මත‍්තා, අකුසලා කුසලාපි ච.

1. ආඝාතයැ ආඝාතපටිවිනය යැ විනීතවස්තු යැ මිච්ඡාදිට්ඨි යැ සම්මාදිට්ඨි යැ අන්තග්ගාහික දිට්ඨි යැ මිච්ඡත්ත යැ සම්මත්ත යැ අකුසල යැ කුසල යැ,

2. සලාකා අධම‍්මා ධම‍්මා ච සාමණෙරා ච නාසනා, භාසාධිකරණා චෙව, පඤ‍්ඤත‍්ති ලහුකමෙව ච.

2. අධම්මිකසලාකගාභ යැ ධම්මිකසලාකගාහ යැ හෙරණසික යැ නාසනා යැ භාසපරියන්ත යැ අධිකරණ යැ ඤත්ති යැ ලහුක යැ,

3. ලහුකා ගරුකා එතෙ කණ‍්හසුක‍්කා විජානථ, උබ‍්බාහිකා ච සික‍්ඛා ච අන‍්තෙපුරෙ ච වත්‍ථූනි.

3. ලහුගරු ඇවැත් යන මොවුන් ද අකුසලය ද කුසලය ද දනිවු. උබ්බාහිකා යැ සික්ඛාපද පඤ්ඤත්ති යැ රාජන්තෙපුර යැ ආදීනව යැ දානවස්තුහු යැ,

4. රතනං දසවග‍්ගො ච තථෙව උපසම‍්පදා, පංසුකූලධාරණා ච, දසාහසුක‍්කඉත්‍ථියො.

4. රත්න යැ දසවග්ග යැ එසේම උපසම්පදා යැ පංසුකූල යැ චීවරධාරණ යැ දසාහපරම යැ සුක්ක යැ ස්ත්‍රීහු යැ,

5. භරියා දස වත්‍ථූනි අවන්‍දියක‍්කොසෙන ච, පෙසුඤ‍්ඤා චෙව සෙනානි වරානි ච අධම‍්මිකා.

5. භරියා යැ දශවස්තු යැ අවන්‍දිය හා ආක්‍රෝශ යැ පෙහෙසුන් එළවීම යැ සේනාසන යැ වර යැ නො දැහැමි පාමොක් තැබීම් යැ,

6. ධම‍්මිකා යාගුමංසා ච පරමා භික‍්ඛු භික‍්ඛුනී, වුට‍්ඨාපනා ගිහීගතා දසකා සුප‍්පකාසිතාති.

6. දැහැමි පාමොක් තැබීම් යැ යාගු යැ අකැප මාංස යැ පරම යැ දසවස් ඇති භික්‍ෂු යැ භික්‍ෂුණී යැ වුට්ඨාපන යැ ගි ගීගත යැ යන මේ දශකයෝ ද මැනැවින් පවසන ලදහ.