එකාදසකං
එකාදසකං
එකාදශකය
1. එකාදස පුග්ගලා අනුපසම්පන්නා න උපසම්පාදෙතබ්බා උපසම්පන්නා නාසෙතබ්බා, එකාදස පාදුකා අකප්පියා, එකාදස පත්තා අකප්පියා, එකාදස චීවරානි අකප්පියානි. එකාදස යාවතතියකා භික්ඛුනීනං, එකාදස අන්තරායිකා ධම්මා පුච්ඡිතබ්බා, එකාදස චීවරානි අධිට්ඨාතබ්බානි, එකාදස චීවරානි න විකප්පෙතබ්බානි, එකාදසෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති, එකාදස ගණ්ඨිකා කප්පියා, එකාදස වීඨා කප්පියා. එකාදස පඨවියො අකප්පියා. එකාදස පඨවියො කප්පියා. එකාදස නිස්සයපටිප්පස්සද්ධියො, එකාදස පුග්ගලා අවන්දියා. එකාදස පරමානි. එකාදස වරානි යාචිංසු. එකාදස සීමාදොසා, අක්කොසකපරිභාසකෙ පුග්ගලෙ එකාදස ආදීනවා පාටිකඞ්ඛා.
1. අනුපසපන් වූ එකොළොස් පුද්ගලයෝ උපසපන් නො කටයුත්තාහ, උපසපන් වූවාහු (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තාහ, අකැප පාදුකා එකොළොසෙකැ, අකැප පාත්‍ර එකොළොසෙකැ, අකැප සිවුරු එකොළොසෙකැ, භික්ෂුණීන් පිළිබඳ යාවතතියක එකොළොසෙකැ, විචාළ යුතු අන්තරායකරධර්ම එකොළොසෙකැ, ඉටිය යුතු සිවුරු එකොළොසෙකැ, විකපුන් නො කටයුතු සිවුරු එකොළොසෙකැ, එකොළොස්වන අරුණු නැගීමෙහි නිසගි වෙයි, කප්පිය ගණඨීහු එකොළොසෙකැ, කැප වීඨ එකොළොසෙකැ. අකැප පොළෝ එකොළොසෙකැ, කැප පොළෝ එකොළොසෙකැ, නිස සන්හිඳුවීම් එකොළොසෙකැ, නො වැන්දයුතු පුද්ගලයෝ එකොළොස් දෙනෙකැ, පරම එකොළොසෙකැ, වර එකොළොසක් ඉල්වූහ. සීමාදෝෂ එකොළොසෙකැ, ආක්‍රෝශ පරිභව කරණ පුද්ගලයා කෙරෙහි එකොළොස් ආදීනව කෙනෙක් කැමැති විය යුත්තාහ.
2. මෙත්තාය චෙතො විමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකඞ්ඛා : සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණො විප්පසීදති, අසම්මූළ්හො කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්රහ්මලොකූපගො හොති. මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ එකාදසානිසංසා පාටිකඞ්ඛාති.
2. සෙවුනා ලද වඩනා ලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැතත් උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද මෛත්‍රීචේතෝවිමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසෙක් කැමැති විය යුතු යැ: සුවසේ නිදයි සුවසේ පුබුදියි, නපුරු සිහින නොදකියි, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, දෙවියෝ රකිති, ඔහුගේ සිරුරට ගිනි හෝ විෂ හෝ සැත් හෝ නොවදියි, සිත වහා එකඟ වෙයි, මුවපැහැය වෙසෙසින් පහන් වෙයි, නුමුළා වැ කලුරිය කෙරෙයි, මත්තෙහි රහත්වන්නට නොහැකි වූ යේ බඹලොව උපදියි, සෙවුනා ලද වඩනාලද බහුල වශයෙන් කරණ ලද යානයක් මෙන් කරණ ලද පිහිටක් මෙන් කරණ ලද නැවැත නැවැත උපදවන ලද හැම ලෙසින් පුහුණු කරණ ලද මොනවට පටන් ගන්නා ලද ත්රෛතිචේතෝවිමුක්තිය පිළිබඳ මේ අනුසස් එකොළොස කැමැති විය යුතුයි.
එකාදසකං නිට්ඨිතං.
එකාදශකය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. නාසෙතබ්බා පාදුකා ච පත්තා ච චීවරානි ච, තතියා පුච්ඡිතබ්බා ච අධිට්ඨාන විකප්පනා.
1. නාසෙතබ්බ යැ පාදුකා යැ පාත්‍ර යැ, චීවර යැ යාවතතියක යැ පුච්ජිතබ්බ යැ අධිට්ඨාන යැ විකප්පන යැ.
2. අරුණා ගණ්ඨිකා වීඨා අකප්පියා ච කප්පියා, නිස්සයා වන්දියා චෙව පරමානි වරානි ච; සීමාදොසා ච අක්කොසා මෙත්තායෙකාදසා කතාති.
2. අරුණුග්ගමන යැ ගණ්ඨීකා යැ වීය යැ අකප්පිය කප්පිය පඨවී යැ නිස්සය ය අවන්දිය යැ පරම යැ වර යැ සීමාදෝස යැ අක්කෝසක යැ. මෙත්තාචේතෝවිමුක්ති එකාදසානිසංස යැ යි (මොහු) නම් කරණ ලදහ.
එකුත්තරිකං නිට්ඨිතං.
ඒකුත්තරිකය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. එකකා ච දුකා චෙව තිකා ච චතු පඤ්චකා, ඡ සත්තට්ඨ නවකා ච දස එකාදසානි ච.
1. එකක යැ දුක යැ තික යැ චතුක්ක යැ පඤ්චක යැ ඡක්ක යැ සත්තක යැ අට්ඨක යැ නවක යැ දසක යැ ඒකාදසක යැයි,
2. හිතාය සබ්බසත්තානං ඤාතධම්මෙන තාදිනා, එකුත්තරිකා විමලා මහාවීරෙන දෙසිතාති.
2. අවබෝධ කළ දහම් ඇති තාදී ගුණයෙන් යුත් මහාවීර සර්වඥයන් වහන්සේ විසින් හැම සත්නට හිත පිණිස නිර්මල ඒකුත්තරිකය දෙසන ලදි.