යෙදුමෙන් කියවන්න

අට‍්ඨකං

අට‍්ඨකං

අෂ්ටකය

1. අට‍්ඨානිසංසෙ සම‍්පස‍්සමානෙන න සො භික‍්ඛු ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිතබ‍්බො, අට‍්ඨානිසංසෙ සම‍්පස‍්සමානෙන පරෙසම‍්පි සද‍්ධාය සා ආපත‍්ති දෙසෙතබ‍්බා, අට‍්ඨ යාවතතියකා, අට‍්ඨහාකාරෙහි කුලානි දූසෙති, අට‍්ඨ මාතිකා චීවරස‍්ස උප‍්පාදාය, අට‍්ඨ මාතිකා කඨිනස‍්ස උබ‍්භාරාය, අට‍්ඨ පානානි, අට‍්ඨහි අසද‍්ධම‍්මෙහි අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො, අට‍්ඨ ලොකධම‍්මා, අට‍්ඨ ගරුධම‍්මා, අට‍්ඨ පාටිදෙසනීයා, අට‍්ඨඞ‍්ගිකො මුසාවාදො, අට‍්ඨ උපොසථඞ‍්ගානි, අට‍්ඨ දූතෙය්‍යඞ‍්ගානි, අට‍්ඨ තිත්‍ථියවත‍්තානි, අට‍්ඨ අච‍්ඡරියබ‍්භුතා ධම‍්මා මහාසමුද‍්දෙ, අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා ඉමස‍්මිං ධම‍්මවිනයෙ, අට‍්ඨ අනතිරිත‍්තා, අට‍්ඨ අතිරිත‍්තා, අට‍්ඨමෙ අරුණුග‍්ගමනෙ නිස‍්සග‍්ගියං හොති, අට‍්ඨ පාරාජිකා. අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙන‍්තී නාසෙතබ‍්බා, අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙන‍්තියා දෙසිතාපි අදෙසිතා හොති, අට‍්ඨවාචිකා උපසම‍්පදා, අට‍්ඨන‍්නං පච‍්චුට‍්ඨාතබ‍්බං, අට‍්ඨන‍්නං ආසනං දාතබ‍්බං, උපාසිකා අට‍්ඨ වරානි යාචති, අට‍්ඨහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු භික‍්ඛුනොවාදකො සම‍්මන‍්නිතබ‍්බො, අට‍්ඨානිසංසා විනයධරෙ, අට‍්ඨ පරමානි, තස‍්සපාපිය්‍යසිකා කම‍්මකතෙන භික‍්ඛුනා අට‍්ඨසු ධම‍්මෙසු සම‍්මා වත‍්තිතබ‍්බං. අට‍්ඨ අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි, අට‍්ඨ ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානීති.

1. අනුසස් අටක් මැනැවින් දක්නහු විසින් ඒ මහණ ඇවැත් නො දැක්මෙහි උඛෙවුනීකම් නො කටයුතු යැ. අනුසස් අටක් දක්නහු විසින් මෙරමා පිළිබඳ සැදැහැයෙනුදු ඒ ඇවැත දෙසිය යුතු යැ, යාවතතියක ආපත්ති අටෙ කැ. අට අයුරෙකින් කුලදූෂණය කෙරෙයි, සිවුරු ඉපදවීම පිණිස මාතිකා අටෙකැ, කඨිනය ඉදිරීම පිණිස මාතිකා අටෙකැ, පානීය වර්‍ග අටෙකැ, නො දැහැමි කරුණු අටෙකින් මඬනා ලද හාත්පසින් මඩනාලද සිත් ඇති දෙව්දත් අපායෙහි උපදනෙ වෙයි, නිරීසත් වෙයි, කල්පස්ථායී වෙයි, පිළියම් නො කළ හැකියේ ද වේ, ලෝකධර්‍ම අටෙකැ, ගරුධර්‍ම අටෙකැ, පිළිදෙස්නී ඇවැත් අටෙකැ, මුසාවාදය අඞ්ග අටෙකින් සමන්‍වාගත යැ, උපෝසථාඞ්ග අටෙකැ, දූතෙය්‍යඞ්ග අටෙකැ, තීර්‍ත්‍ථකවත් අටෙකැ, මහමුහුදෙහි ආශ්චර්‍ය්‍ය වී අද්භූතධර්‍ම අටෙකැ, මේ සස්නෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම අටෙකැ, නො අයිරිත් අටෙකැ. අයිරිත් අටෙකැ, අටවැනි අරුණ නැඟීමෙහිලා නිසඟි වෙයි, පරිජි අටෙකැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ (ලිඞ්ගනාසනායෙන්) නැසිය යුත්තී යැ. අටවැනි කරුණ සපුරණ මෙහෙණ විසින් (ඇවැත්) දෙසන ලද නමුදු නො දෙසන ලද වෙයි, (මෙහෙණන්ගේ) උපසපුව අට්ඨවාචිකා නමු, (බොජුන්හලැ මෙහෙණන්) අටදෙනකුන් පිළිබඳ වැ හුනස්නෙන් නැඟී සිටිය යුතුයි, අටදෙනෙකුන්හට අසුන් දිය යුතුයි, (විසාඛා) උවැසි වර අටක් යදියි, අටඟින් යුත් මහණ භික්බුනෝවාදක යැයි සම්මත කටයුතුයි, විනයධරයා කෙරෙහි අනුසස් අටෙකැ. පරම අටෙකැ. තස්සපාපිය්‍යසිකා කර්‍මය කරණ ලද මහණහු විසින් දහම් අටෙක්හි මැනැවින් පැවැතිය යුතුය, නො දැහැමි පාමොක් තැබීම් අටෙකැ, දැහැමි පාමොක් තැබීම් අටෙකි.

අට‍්ඨකං නිට‍්ඨිතං.

අෂ්ටකය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. න සො භික‍්ඛු පරෙසම‍්පි යාවතතියං දූසනා, මාතිකා කඨිනුබ‍්භාරා පානා අභිභූතෙන ච.

1. “න සො භික්ඛු” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ “පරෙසම්පි” යනාදියෙහි දැක්වෙන අනුසස් යැ යාවතතියක යැ කුලදූෂණ යැ (වීවරොත්පාදනයෙහි), මාතිකා යැ කඨිනෝද්ධාරයෙහි මාතිකා යැ පානීය යැ “අභිභූත” පදය ඇතුළත් කරුණු යැ,

2. ලොකධම‍්මා ගරුධම‍්මා පාටිදෙසනීයා මුසා, උපොසථා ච දූතඞ‍්ගා තිත්‍ථියා සමුද‍්දෙපි ච.

2. ලෝකධර්‍ම යැ ගරුධර්‍ම යැ පිළිදෙස්නී යැ මුසාවාදාඞ්ගයැ උපෝසථාඞ්ග යැ දූතාඞ්ග යැ තීර්‍ත්‍ථකවත් යැ සස්නෙහි අද්භූතධර්‍ම අට යැ මුහුදෙහිදු අද්භූත ධර්‍ම අට යැ.

3. අබ‍්භුතා අනතිරිත‍්තං අතිරිත‍්තං නිස‍්සග‍්ගියං, පාරාජිකට‍්ඨමං වත්‍ථු අදෙසිතූපසම‍්පදා.

3. අතිරිත්ත යැ අනතිරිත්ත යැ නිසඟි යැ පරිජි යැ අටවැනි වස්තු යැ අදෙසිතාපත්ති යැ අට්ඨවාචිකා උපසම්පදා යැ,

4. පච‍්චුට‍්ඨානාසනඤ‍්චෙව වරං ඔවාදකෙන ච, ආනිසංසපරමානි අට‍්ඨ ධම‍්මෙසු වත‍්තනා, අධම‍්මිකා ධම‍්මිකා ච අට‍්ඨකා සුප‍්පකාසිතා ති.

4. පව්වුට්ඨාන යැ අස්න යැ භික්ඛුනෝවාදකය සමග වර යැ (විනයධර) අනුසස් යැ පරම යැ අට කරුණෙහි සම්මාවත්තනා යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි අෂ්ටකයෝ මැනැවින් වදාරණ ලදහු යි.