යෙදුමෙන් කියවන්න

සත‍්තකං

සත‍්තකං

සප්තකය

1. සත‍්ත ආපත‍්තියො, සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා, සත‍්ත විනීතවත්‍ථූනි. සත‍්ත සාමීචියො. සත‍්ත අධම‍්මිකා පටිඤ‍්ඤාතකරණා, සත‍්ත ධම‍්මිකා පටිඤ‍්ඤාතකරණා, සත‍්තන‍්නං අනාපත‍්ති සත‍්තාහකරණීයෙන ගන‍්තුං, සත‍්තානිසංසා විනයධරෙ, සත‍්ත පරමානි, සත‍්තමෙ අරුණුග‍්ගමනෙ නිස‍්සග‍්ගියං හොති. සත‍්ත සමථා. සත‍්ත කම‍්මානි, සත‍්ත ආමකධඤ‍්ඤානි, තිරියං සත‍්තන‍්තරා, ගණභොජනෙ සත‍්ත අනුපඤ‍්ඤත‍්තියො, භෙසජ‍්ජානි පටිග‍්ගහෙත්‍වා සත‍්තාහපරමං සන‍්නිධිකාරකං පරිභුඤ‍්ජිතබ‍්බානි, කතචීවරං ආදාය පක‍්කමති, කතචීවරං සමාදාය පක‍්කමති, භික‍්ඛුස‍්ස න හොති ආපත‍්ති දට‍්ඨබ‍්බා. භික‍්ඛුස‍්ස හොති ආපත‍්ති දට‍්ඨබ‍්බා. භික‍්ඛුස‍්ස හොති ආපත‍්ති පටිකාතබ‍්බා, සත‍්ත අධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි, සත‍්ත ධම‍්මිකානි පාතිමොක‍්ඛට‍්ඨපනානි.

1. ආපත්ති සතෙකැ, ආපත්තිස්කන්‍ධ සතෙකැ, විනීතවස්තු සතෙකැ, සාමීචි සතෙකැ, නො දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, දැහැමි පටිඤ්ඤාතකරණ සතෙකැ, සත් දෙනකුන් සඳහා සත්තාහකරණීයයෙන් යාමෙහි ඇවැත් නො වෙයි, විනයධරයා කෙරෙහි අනුසස් සතෙකැ, පරම සතෙකැ සත්වන අරුණ නැගීමෙහි නිසගි වෙයි. සමථ සතෙකැ, කර්‍ම සතෙකැ, අමුධාන්‍ය සතෙකැ, සරස ඇතුළත සත් වියතෙකැ, ගණභෝජනයෙහි අනුප්‍රඥප්ති සතෙකැ, බෙහෙත් පිළිගෙන සත් දිනක් පරම කොට තබා වැළඳිය යුතුය, කළ සිවුර ගෙණ නික්මෙයි යන සතෙකැ, කළ සිවුර මොනවට ගෙණ නික්මෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් නො වෙයි යන සතෙකැ, මහණහට දැක්කයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, මහණහට පිළියම් කළයුතු ඇවැතෙක් වෙයි යන සතෙකැ, නො දැහැමි පාමොක් තැබීම් සතෙකැ, දැහැමි පාමොක් තැබීම් සතෙකි.

2. සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, සීලවා හොති, පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

2. අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වැ ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වද්‍යයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, ශික්‍ෂාපදයන් සමාදන් වැ ගෙන වාස කෙරෙයි, අභිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධාන්‍යයන් කැමැතිසේ රිසිසේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාවද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.

3. අපරෙහිපි සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො හොති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා මජ‍්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්‍ථා සව්‍යඤ‍්ජනා කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති තථාරූපාස‍්ස ධම‍්මා බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

3. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ඇවැත් දනියි, නො ඇවැත් දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇතියේ ඇසූ දේ දරනුයේ ඇසූ දේ රැස්කරන්නේ වෙයි, යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ මජ්ඣෙකල්‍යාණ පරියොසානකල්‍යාණ වෙත් ද සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කේවල පරිපූර්‍ණ වූවාහු වෙත් ද පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත් ද, එබඳු ඒ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදින ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වෙසේ.

4. අපරෙහිපි සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

4. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනී. සූත්‍ර වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය මොනොවට පුහුණු කරන ලද, මොනොවට බෙදන ලද, මොනොවට පවත්වන ලද, මොනොවට විනිශ්චය කරන ලද වෙයි. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමැති සේ රිසි සේ නිදුකින් ලබන සුලු වෙයි, ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.

5. අපරෙහිපි සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු විනයධරො හොති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථිදං : එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාලීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ අමුත්‍රාසිං එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛප‍්පටිසංවෙදී එවමායුපරියන‍්තො සො තතො චුතො ඉධූපපන‍්නොති” ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති.

5. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ මහණ විනයධර වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, නන් වැදැරුම් වූ පෙරැ විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි: ඒ මෙසේ යැ: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුණක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්‍ෂයක් ද නොයෙක් නැසෙන කල්පයන් ද නොයෙක් වැඩෙන කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද සිහි කෙරෙයි, “අසෝ තැන මෙබඳු නම් ඇත්තෙම් වීමි, මෙබඳු ගොත් ඇත්තෙම් වීමි, මෙබඳු පැහැ ඇත්තෙම් වීමි, මෙබඳු අහර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳියෙම් වීමි, මෙබඳු ආයු කෙළවර කොට ඇතියෙම් වීමි, ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙම් වෙමි.” යි. මෙසේ ආකාර සහිත වූ විස්තර සහිත වූ නන් වැදැරුම් පෙරැවුසූ කඳපිළිවෙළ සිහි කෙරේ.

දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති “ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා, ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා තෙ කායස‍්සභෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නාති” ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති

පිරිසිදුවූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුත වන්නා වූ ද උපදනා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නොමනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්‍වයන් දකියි, කම් වූ පරිද්දෙන් මියගියා වූ සත්ත්‍වයන් දනියි: “ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටු ඇත්තාහු මිසදිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති විවස වැ පතිත වන නරකයට පැමිණියාහු යැයි ද” මේ භවත් සත්ත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු ඇත්තාහු සම්දිටුකම් සමාදන් වූවාහු කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණියාහු යැයි ද මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින්, චුතවන්නා වූ ද උපදින්නා වූ ද ලාමක වූ ද උතුම් වූ ද මනා පැහැ ඇත්තා වූ ද නො මනා පැහැ ඇත්තා වූ ද සුගතියට පැමිණියා වූ ද දුගතියට පැමිණියා වූ ද සත්ත්‍වයන් දකී, කම්වූ පරිද්දෙන් මියගියා වූ ද සත්ත්‍වයන් දනී.

ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ යයි.

6. සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො සොභති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛා පදෙසු, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

6. අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, සිල්වත් වූයේ ... වාස කෙරෙයි. ශික්‍ෂාපදයන්හි සමාදන් වැ හික්මෙයි. උතුම් සිත ඇසුරු කළා වූ ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තා වූ සතර ධාන්‍යයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත්සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.

7. අපරෙහිපි සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො. සොභති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා : චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

7. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, බොහෝ ඇසූ තැන් ඇත්තේ වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇති සතර ධාන්‍යයන් කැමැති සේ ලැබීම් ඇතියේ සුවසේ ලැබීම් ඇතියේ මහත්සේ ලැබීම් ඇතියේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.

8. අපරෙහිපි සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො සොභති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, උභයානි ඛො පනස‍්ස පාතිමොක‍්ඛානි විත්‍ථාරෙන ස‍්වාගතානි හොන‍්ති සුවිභත‍්තානි සුප‍්පවත‍්තීනි සුවිනිච‍්ඡිතානි සුත‍්තසො අනුබ්‍යඤ‍්ජනසො, චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

8. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, පෙළ විසින් ද අනුව්‍යඤ්ජන විසින් ද ඔහු විසින් උභය ප්‍රාතිමෝක්‍ෂය විස්තර වශයෙන් මොනවට පුහුණු කරණ ලද්දේ මොනවට බෙදන ලද්දේ මොනවට පවත්වන ලද්දේ මොනවට විනිශ්චය කරණ ලද්දේ වෙයි, උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ ඇත්තා වූ සතරධ්‍යානයන් කැමැති සේ ලැබීම් ඇත්තේ සුවසේ ලැබීම් ඇත්තේ මහත් සේ ලැබීම් ඇත්තේ වෙයි. ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ නුවණින් දැන පසක් කොට (එයට) පැමිණ වාස කෙරේ.

9. අපරෙහිපි සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො විනයධරො සොභති : ආපත‍්තිං ජානාති, අනාපත‍්තිං ජානාති, ලහුකං ආපත‍්තිං ජානාති, ගරුකං ආපත‍්තිං ජානාති, අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථිදං : එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති -පෙ- දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති, ආසවානඤ‍්ච ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

9. අනෙකුදු අඞ්ග සතෙකින් යුක්ත වූ විනයධර තෙමේ හොබනේ වෙයි: ආපත්ති දනියි, අනාපත්ති දනියි, ලුහු ඇවැත් දනියි, ගරු ඇවැත් දනියි, නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි, ඒ මෙසේ යැ: එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත වූ විස්තර සහිත වූ නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. චුතවන උපදනා ලාමක උතුම් මනා පැහැ ඇති නොමනා පැහැ ඇති සුගතිගත වූ දුගතිගත වූ සත්ත්‍වයන් පිරිසිදු මිනිසැස ඉක්මැ සිටි දිවැසින් දකියි, කම් වූ පරිදි මියගියා වූ සත්ත්‍වයන් දනියි, ආස්‍රවයන්ගේ ද ක්‍ෂය වීමෙන් ආස්‍රවරහිත වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත් ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි ම තෙමේ නුවණින් දැන පසක් කොට එයට පැමිණ වාස කෙරේ.

10. සත‍්ත අසද‍්ධම‍්මා : අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තප‍්පී හොති, අප‍්පස‍්සුතො හොති, කුසීතො හොති, මුට‍්ඨස‍්සති හොති, දුප‍්පඤ‍්ඤො හොති.

10. අසද්ධර්‍ම සතෙකි: සැදැහැ නැත්තේ වෙයි, (පවට) ලජ්ජා නැත්තේ වෙයි. (පවට) බිය නැත්තේ වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, මුළා සිහි ඇත්තේ වෙයි, ප්‍රඥා නැත්තේ වේ.

11. සත‍්ත සද‍්ධම‍්මා : සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තප‍්පී හොති, බහුස‍්සුතො හොති, ආරද‍්ධවිරියො හොති, උපට‍්ඨිතසති හොති, පඤ‍්ඤවා හොතීති.

11. සද්ධර්‍ම සතෙකි: සැදැහැ ඇත්තේ වෙයි, (පවට) ලජ්ජා ඇත්තේ වෙයි. (පවට) බිය ඇත්තේ වෙයි, බහුශ්‍රුත වෙයි, රුකුළු වැර ඇත්තේ වෙයි, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි, පැණැත්තේ වේ.

සත‍්තකං නිට‍්ඨිතං.

සප්තකය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. ආපත‍්ති ආපත‍්තික‍්ඛන්‍ධා විනීතා සාමීචිපි ච, අධම‍්මිකා ධම‍්මිකා ච අනාපත‍්ති ච සත‍්තාහං.

1. ආපත්ති යැ ආපත්තිස්කන්‍ධ යැ විනීතවස්තු යැ සාමීචි යැ අධම්මික යැ ධම්මික යැ අනාපත්ති යැ සත්තාහකරණීය යැ.

2. ආනිසංසපරමානි අරුණා සමථෙන ච, කම‍්මා ආමකධඤ‍්ඤා ච තිරියං ගණභොජනෙ.

2. ආනිසංස යැ පරමයැ සමථ ය සමග අරුණුග්ගමන යැ කම්ම යැ ආමකධඤ්ඤ යැ තිරියං සත්තන්තර යැ, ගණභෝජනයෙහි සත්ත අනුපඤ්ඤත්ති යැ,

3. සත‍්තාහපරමං ආදාය සමාදාය තථෙව ච, න හොති හොති හොති ච අධම‍්මධම‍්මිකානි ච.

3. සත්තාභ පරම සන්නිධි යැ කතචීවර ආදාය යැ කතචීවර සමාදාය යැ එසේ ම නහොති - හොති - හොති යැ අධම්මික පාතිමොක්ඛඨපන යැ ධම්මික පාතිමොක්ඛඨපන යැ.

4. චත‍්තාරො විනයධරා චතුභික‍්ඛූ ච සොභනෙ, සත‍්ත චෙව අසද‍්ධම‍්මා සත‍්ත සද‍්ධම‍්මදෙසිතාති.

4. සතර විනයධරයෝ යැ භික්බුසෝභන සතර යැ සත්ත අසද්ධම්ම යැ සත්ත සද්ධම්ම යැයි යන මොහු දෙසන ලදහු යි.