යෙදුමෙන් කියවන්න

එකකං

එකකං

ඒකකය

1. ආපත‍්තිකරා ධම‍්මා ජානිතබ‍්බා, අනාපත‍්තිකරා ධම‍්මා ජානිතබ‍්බා.

1. ආපත්තිකර ධර්‍මයෝ (ෂට් සමුත්‍ථානයෝ) දතයුත්තාහ. අන්‍යත්තිකර ධර්‍මයෝ (සප්ත ශමථයෝ) දතයුත්තාහ.

ආපත‍්ති ජානිතබ‍්බා, අනාපත‍්ති ජානිතබ‍්බා.

ආපත්තීහු දතයුත්තාහ, අන්‍යත්තීහු දතයුත්තාහ.

ලහුකා ආපත‍්ති ජානිතබ‍්බා, ගරුකා ආපත‍්ති ජානිතබ‍්බා.

ලහුකාපත්තීහු දතයුත්තාහ, ගරුකාපත්තීහු දතයුත්තාහ.

සාවසෙසා ආපත‍්ති ජානිතබ‍්බා, අනවසෙසා ආපත‍්ති ජානිතබ‍්බා.

සාවසේසාපත්තීහු දතයුත්තාහ, අනවසේසාපත්තීහු දතයුත්තාහ.

දුට‍්ඨුල‍්ලා ආපත‍්ති ජානිතබ‍්බා, අදුට‍්ඨුල‍්ලා ආපත‍්ති ජානිතබ‍්බා.

දුට්ඨුල්ලාපත්තීහු දතයුත්තාහ, අදුට්ඨුල්ලාපත්තීහු දතයුත්තාහ.

සප‍්පටිකම‍්මා ආපත‍්ති ජානිතබ‍්බා, අප‍්පටිකම‍්මා ආපත‍්ති ජානිතබ‍්බා.

සප්‍රතිකර්‍මාපත්තීහු දතයුත්තාහ, අප්‍රතිකර්‍මාපත්තීහු දතයුත්තාහ.

දෙසනාගාමිනී ආපත‍්ති ජානිතබ‍්බා, අදෙසනාගාමිනී ආපත‍්ති ජානිතබ‍්බා.

දේසනාගාමිනී ආපත්තීහු දතයුත්තාහ. අදේසනාගාමිනී ආපත්තීහු දතයුත්තාහ.

අන‍්තරායිකා ආපත‍්ති ජානිතබ‍්බා, අනන‍්තරායිකා ආපත‍්ති ජානිතබ‍්බා.

අන්තරායකර ආපත්තීහු දතයුත්තාහ, අනන්තරායකර ආපත්තීහු දතයුත්තාහ.

සාවජ‍්ජපඤ‍්ඤත‍්ති ආපත‍්ති ජානිතබ‍්බා, අනවජ‍්ජපඤ‍්ඤත‍්ති ආපත‍්ති ජානිතබ‍්බා.

ලෝකවද්‍ය ආපත්තීහු දතයුත්තාහ, ප්‍රඥප්තිවද්‍ය ආපත්තීහු දතයුත්තාහ.

කිරියතො සමුට‍්ඨිතා ආපත‍්ති ජානිතබ‍්බා, අකිරියතො සමුට‍්ඨිතා ආපත‍්ති ජානිතබ‍්බා, කිරියාකිරියතො සමුට‍්ඨිතා ආපත‍්ති ජානිතබ‍්බා.

ක්‍රියායෙන් නගින (පරිජි වැනි) ඇවැත්හු දතයුත්තාහ. අක්‍රියායෙන් නගින ඇවැත්හු දතයුත්තාහ. ක්‍රියාක්‍රියායෙන් නගින ඇවැත්හු දතයුත්තාහ.

පුබ‍්බාපත‍්ති ජානිතබ‍්බා, අපරාපත‍්ති ජානිතබ‍්බා.

පළමු නගින ඇවැත්හු දතයුත්තාහ. (පිරිවෙස් ආදියෙන්) පසු වැ නගින ඇවැත්හු දතයුත්තාහ.

පුබ‍්බාපත‍්තීනං අන‍්තරාපත‍්ති ජානිතබ‍්බා, අපරාපත‍්තීනං අන‍්තරාපත‍්ති ජානිතබ‍්බා.

පූර්‍වාපත්තීන්ට අතර නගින (පිරිවෙස් මානත් පුරණ කල්හි පැමිණෙන සඟවෙසෙස්) ඇවැත්හු දතයුත්තාහ. පසු වැ නගින ඇවැතුන්ට අතර පැමිණෙන ඇවැත්හු දතයුත්තාහ.

දෙසිතා ගණනූපගා ආපත‍්ති ජානිතබ‍්බා, දෙසිතා න ගණනූපගා ආපත‍්ති ජානිතබ‍්බා.

දෙසන ලද ගිණීමට පැමිණි ඇවැත්හු දතයුත්තාහ, දෙසන ලද ගිණීමට නො පැමිණි ඇවැත්හු දතයුත්තාහ.

පඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා, අනුපඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා. අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා.

පඤ්ඤත්තිය දතයුතු යැ, අනුපඤ්ඤත්ති දතයුතු ය, අනුප්පන්න පඤ්ඤත්ති දතයුතු යුතු යැ.

සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා, පදෙසපඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා.

සබ්බත්‍ථ පඤ්ඤත්ති දතයුතු යැ, පදෙස පඤ්ඤත්ති දතයුතු යැ.

සාධාරණපඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා, අසාධාරණපඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා.

සාධාරණ පඤ්ඤත්ති දතයුතු යැ, අසාධාරණ පඤ්ඤත්ති දතයුතු යැ.

එකතො පඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා, උභතොපඤ‍්ඤත‍්ති ජානිතබ‍්බා.

ඒකතෝ පඤ්ඤත්ති දතයුතු යැ, උභතෝ පඤ්ඤත්ති දතයුතු යැ.

ථුල‍්ලවජ‍්ජා ආපත‍්ති ජානිතබ‍්බා, අථුල‍්ලවජ‍්ජා ආපත‍්ති ජානිතබ‍්බා.

මහත් වරද ඇති ඇවැත්හු දතයුත්තාහ, නො මහත් වරද ඇති ඇවැත්හු දතයුත්තාහ.

ගිහීපටිසඤ‍්ඤුත‍්තා ආපත‍්ති ජානිතබ‍්බා, න ගිහීපටිසඤ‍්ඤුත‍්තා ආපත‍්ති ජානිතබ‍්බා.

ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත්හු දතයුත්තාහ, ගෘහීප්‍රතිසංයුක්ත නොවූ ඇවැත්හු දතයුත්තාහ.

නියතා ආපත‍්ති ජානිතබ‍්බා, අනියතා ආපත‍්ති ජානිතබ‍්බා.

නියතාපත්තීහු දතයුත්තාහ, අනියතාපත්තීහු දතයුත්තාහ.

ආදිකරො පුග‍්ගලො ජානිතබ‍්බො. අනාදිකරො පුග‍්ගලො ජානිතබ‍්බො.

(සුදින්නස්ථවිරාදි) ආදි කම්මික පුද්ගල දතයුතු යැ, (මක්කටී සමණාදී) අනුප්පඤ්ඤත්තිකාරක පුද්ගල දතයුතු යැ.

අධිච‍්චාපත‍්තිකො පුග‍්ගලො ජානිතබ‍්බො, අභිණ‍්හාපත‍්තිකො පුග‍්ගලො ජානිතබ‍්බො.

කිසිවිටෙක ඇවැතට පැමිණෙන අධිච්චාපත්තික පුද්ගල දතයුතු යැ, එක්වන් ඇවැතට පැමිණෙන අභිණ්හාපත්තික පුද්ගල දතයුතු යැ.

චොදකො පුග‍්ගලො ජානිතබ‍්බො, චුදිතකො පුග‍්ගලො ජානිතබ‍්බො.

චෝදක පුද්ගල දතයුතු යැ. චුදිතක පුද්ගල දතයුතු යැ.

අධම‍්මචොදකො පුග‍්ගලො ජානිතබ‍්බො, අධම‍්මචුදිතකො පුග‍්ගලො ජානිතබ‍්බො.

(අභූත වස්තුවෙන් චෝදනා කරණ) අධර්‍ම චෝදක පුද්ගල දතයුතු යැ, අධර්‍ම චුදිතක පුද්ගල දතයුතු යැ.

ධම‍්මචොදකො පුග‍්ගලො ජානිතබ‍්බො, ධම‍්මචුදිතකො පුග‍්ගලො ජානිතබ‍්බො.

ධර්‍මචොදක පුද්ගල දතයුතු යැ, ධර්‍මචූදිතක පුද්ගල දතයුතු යැ.

නියතො පුග‍්ගලො ජානිතබ‍්බො, අනියතො පුග‍්ගලො ජානිතබ‍්බො.

(මිච්ඡත්ත-සම්මත්ත විසින්) නියත පුද්ගල දතයුතු යැ, අනියත පුද්ගල දතයුතු යැ.

භබ‍්බාපත‍්තිකො පුග‍්ගලො ජානිතබ‍්බො, අභබ‍්බාපත‍්තිකො පුග‍්ගලො ජානිතබ‍්බො.

ඇවැත් අවදනට සුදුසු පුද්ගල දතයුතු යැ, ඇවැත් අවදනට නො නිසි පුද්ගල දතයුතු යැ.

උක‍්ඛිත‍්තකො පුග‍්ගලො ජානිතබ‍්බො; අනුක‍්ඛිත‍්තකො පුග‍්ගලො ජානිතබ‍්බො.

උකෙව්නීකම් කළ පුද්ගල දතයුතු යැ, (තජ්ජනියාදී සෙසු සිවුවැදෑරුම් කම් කළ) උකෙව්නීකම් නො කළ පුද්ගල දතයුතු යැ.

නාසිතකො පුග‍්ගලො ජානිතබ‍්බො, අනාසිතකො පුග‍්ගලො ජානිතබ‍්බො.

නාසිතක පුද්ගල දතයුතු යැ, අනාසිතක පුද්ගල දතයුතු යැ.

සමානසංවාසකො පුග‍්ගලො ජානිතබ‍්බො. අසමානවාසකො පුග‍්ගලො ජානිතබ‍්බො.

සමානසංවාසක පුද්ගල දතයුතු යැ, අසමානසංවාසක පුද්ගල දතයුතු යැ.

ඨපනං ජානිතබ‍්බන‍්ති.

පාමොක් තැබීම දතයුතු යි.

එකකං නිට‍්ඨිතං.

ඒකකය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. කරා ආපත‍්ති ලහුකා සාවසෙසා ච දුට‍්ඨුල‍්ලා, පටිකම‍්මදෙසනා චෙව අන‍්තරාවජ‍්ජකිරියා

1. ආපත්තිකර යැ අනාපත්තිකර යැ ආපත්ති යැ අනාපත්ති යැ ලහුක යැ ගරුක යැ සාවසේස යැ අනවසේස යැ දුට්ඨුල්ල යැ අදුට්ඨුල්ල යැ සප්පටිකම්ම යැ අප්පටිකම්ම යැ දේසනාගාමිනී යැ අදෙසාගාමිනී යැ. අන්තරායක යැ අනන්තරායක යැ සාවජ්ජ අනවජ්ජ පඤ්ඤත්ති යැ,

2. කිරියාකිරියං පුබ‍්බා අන‍්තරා ගණනූපගා, පඤ‍්ඤත‍්ති අනානුප‍්පන‍්න සබ‍්බත්‍ථ පදෙසසාධාරණා ච එකතො.

2. කිරියසමුට්ඨිත යැ අකිරියසමුට්ඨිත යැ කිරියාකිරිය සමුට්ඨිත යැ පුබ්බා පරාපත්ති යැ අන්තරාපත්ති යැ දේසිතගණනුපග යැ දේසිත න ගණනුපග යැ පඤ්ඤත්ති යැ අනුපඤ්ඤත්ති යැ. අනුප්පන්න-සබ්බත්‍ථ-පදෙස-සාධාරණ-අසාධාරණ ඒකතෝ-උභතෝ පඤ්ඤත්ති යැ.

3. ථුල‍්ලගිහීනියතා ච ආදි අධිච‍්ච චොදකා, අධම‍්මධම‍්ම නියතො අභබ‍්බොක‍්ඛිත‍්ත නාසිතා, සමානං ඨපනං චෙව උද‍්දානං එකකෙ ඉදන‍්ති.

3. ථුල්ල අථුල්ල වජ්ජ යැ ගිහී-න ගිහී පටිසඤ්ඤුත්ත යැ නියත යැ අනියත යැ ආදිකර-අනාදිකර යැ අධිච්චාපත්තිකර යැ අභිණ්හාපත්තිකර යැ චෝදක යැ චූදිත යැ අධම්ම-ධම්මචෝදක යැ අධම්ම-ධම්මචුදිතක යැ නියත-අනියත පුග්ගල යැ භබ්බාභබ්බාපත්තික යැ උක්ඛිත්ත යැ අනුක්ඛිත්ත යැ නාසිතක යැ අනාසිතක යැ සමානඅසමාන සංවාසක යැ ඨපනක යැ යි ඒකකයෙහි තෙල උද්දාන යි.