4. නෙරුජාතකං
867. කාකොළා කාකසඞ්ඝා ච මයඤ්ච පත්තං වරා, සබ්බෙව සදිසා භොම ඉමං ආගම්ම පබ්බතං.
867. වනකවුඩුවෝ ද පියවි කවුඩුවෝ ද පක්ෂීන්ට ශ්‍රේෂ්ඨ වූ අපි ද මේ පර්වතයට පැමිණ සමාන වෙමු.
868. ඉධ සීහා ච ව්යග්ඝා ච සිගාලා ච මිගාධමා, සබ්බෙව සදිසා හොන්ති අයං කො නාම පබ්බතො.
868. මේ පර්වතයේ දී සිහවගහිවල් යන හැමදෙන සමාන වෙති. මේ පර්වතයේ නම කුමක් ද?
869. ඉමං නෙරුන්ති ජානන්ති මනුස්සා පබ්බතුත්තමං, ඉධ වණ්ණෙන සම්පන්නා වසන්ති සබ්බපාණිනො.
869. මේ උතුම් පර්වතය රුවන් පව්ව යයි මිනිස්සු දනිත්, මේ පව්වේ දී සියලු ප්‍රාණීහු පැහැපත් ව වෙසෙති.
870. අමානනා යත්ථ සියා සන්තානං වා විමානනා, හීනසම්මානනා වා’පි න තත්ථ වසතිං වසෙ.
870. යම් තැනෙකැ සිල්සපන් ගුණවතුන්හට ගරුබුහුමන් නො කෙරේ ද අවමන් කෙරේ ද, දුසිල් මනුෂ්‍යයනට සම්මාන කෙරේ ද එහි වාසය නො කරන්නේ ය.
871. යත්ථාලසො ච දක්ඛො ච සූරො භීරූ ච පූජියා, න තත්ථ සන්තො නිවසන්ති අවිසෙසකරෙ නාගෙ.
871. යම් තැනෙකැ අලසයා, දක්ෂයා, ශූරයා සහ බියගුල්ලා යන මොවුන් පිදියයුත්තෝ වෙත් ද විෂෙයක් නො කරන ඒ පර්වතයෙහි සත්පුරුෂයෝ නො වසත්.
872. නායං නෙරු විභජති හීනමුක්කට්ඨමජ්ඣිමෙ අවිසෙසකරො නෙරු හන්ද නෙරුං ජහාමසෙති.
872. මේ ස්වර්ණ පර්වතය හීන උත්කෘෂ්ට මධ්‍යම යනුවෙන් බෙදීමක් නො කරයි. මේ ස්වර්ණ පර්වතය විශේෂයක් නො කරයි. එහෙයින් ස්වර්ණපර්වතය අත් හරිමු.