යෙදුමෙන් කියවන්න

විඤ‍්ඤාණ අපච‍්චක‍්ඛකම‍්ම සුත‍්තං

12. 1. 55.

12. 1. 55.

විඤ‍්ඤාණ අපච‍්චක‍්ඛකම‍්ම සුත‍්තං

විඤ්ඤාණ අපච්චකඛ කම්ම සූත්‍රය

661. සාවත්‍ථියං:

661. සැවැත්නුවර:

-පෙ- විඤ‍්ඤාණෙ ඛො වච‍්ඡ, අපච‍්චක‍්ඛකම‍්මා, විඤ‍්ඤාණසමුදයෙ අපච‍්චක‍්ඛකම‍්මා, විඤ‍්ඤාණනිරොධෙ අපච‍්චක‍්ඛකම‍්මා, විඤ‍්ඤාණනිරොධගාමිනියා පටිපදාය අපච‍්චක‍්ඛකම‍්මා එවිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා, -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

වච්ඡය, විඥානයෙහි නො පසක් කිරීමෙන් , විඥානසමුදයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධගාමිනීපටිපදාවෙහි නො පසක් කිරීමෙන්, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්.

අයං ඛො වච‍්ඡ, හෙතු, අයං පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා, අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

වච්ඡය, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අනන්තවත් ය යි හෝ ජීවයත් එය ය ශරීරයත් එය ය යි හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.

වච‍්ඡගොත‍්තවග‍්ගො පඨමො.

පළමුවැනි වච්ඡගොත්ත වර්‍ග යි.

(එකපිණඩකෙන පඤ‍්චපඤ‍්ඤාසං සුත‍්තන‍්තා භවන‍්ති.)

(එකට පිඬු කිරීමෙන් පස්පනස් සූත්‍ර කෙනෙක් වෙත්.)

තස‍්සුද‍්දානං :

එහි උද්දානය:

අඤ‍්ඤාණා අදස‍්සනා චෙව අනභිසමයා අනනුබොධා අප‍්පටිවෙධා අසල‍්ලක‍්ඛණා අනුපලක‍්ඛණා අපච‍්චුපලක‍්ඛණා අසමපෙක‍්ඛණා අපච‍්චුපෙක‍්ඛණා, අපච‍්චක‍්ඛකම‍්මාති.

අඤ්ඤාණයෙන් ද, අදස්සනයෙන් ද, අනභිසමයෙන් ද, අනනුබෝධයෙන් ද, අප්පටි වේධයෙන් ද, අසල්ලක්ඛණයෙන් ද, අනුපලක්ඛණයෙන් ද, අපච්චුපලක්ඛණයෙන් ද, අසමපෙක්ඛණයෙන් ද, අපච්චුපෙක්ඛණයෙන්ද, අපච්චක්ඛකම්මයෙන් දැ යි එක් එක පඤ්චකය බැගින් පඤ්චක එකොළොසෙකි. සූත්‍ර මුළුල්ල පස්පනසෙකි

වච‍්චගොත‍්තසංයුත‍්තං සමත‍්තං.

වච්ඡගොත්ත සංයුත්තය නිමියේ යි.