යෙදුමෙන් කියවන්න

සමාපත‍්තිකුසල සුත‍්තං

13. 1. 1.

13. 1. 1.

සමාපත‍්තිකුසල සුත‍්තං

සමාපත්ති කුසල සූත්‍රය

662. සාවත්‍ථියං:

662. සැවැත්නුවර:

-පෙ- චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යානලාභී පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො.

මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් (ධ්‍යානාඞ්ග ව්‍යවස්ථාන විසින්) සමාධිකුසල වෙයි, සමාධියෙහි (ධ්‍යානයට සමවැදීම් විසින්) සමාපත්තිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති න සමාධිස‍්මිං සමාධිකුසලො.

මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි සමාධි කුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො.

මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ද සමාධිකුසල වෙයි, සමාධියෙහි නො ද සමාපත්තිකුසල වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච.

මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල ද වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච, අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච.

මහණෙනි, ඔවුන් කෙරෙහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්ති කුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රවර ද වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං, ඛීරම‍්හා දධි, දධිම‍්හා නොනීතං, නොනීතම‍්හා සප‍්පි, සප‍්පිම‍්හා සප‍්පිමණ‍්ඩො තත්‍ර අග‍්ගමක‍්ඛායති, එවමෙව ඛො භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච, අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො චාති.

මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල් මණ්ඩය එහි ලා අග්‍රයයි කියනු ලැබේ ද, මහණෙනි එසෙයින් ම යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්තිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද වෙයි. ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රචරද වේ යි.