ඨිති කුසල සුත‍්තං
13. 1. 1.
13. 1. 2.
ඨිති කුසල සුත‍්තං
ඨිති කුසල සූත්‍රය
663. සාවත්‍ථියං:
663. සැවැත්නුවර:
චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං ඨිතිකුසලො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං ඨිතිකුසලො. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති. සමාධිස‍්මිං ඨිතිකුසලො ච.
මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි ඨීතිකුසල (සමාධිය කලක් පවත්වා ගැන්මට දක්‍ෂ) නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨීතිකුසල වෙයි, සමාධියෙහි සමාධිකුසල නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල නො ම වෙයි. සමාධියෙහි ඨීතිකුසල නො ද වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි ඨිති කුසල ද වේ.
තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං ඨිතිකුසලො ච, අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච, සෙට‍්ඨො ච, මොක‍්ඛො ච, උත‍්තමො ච, පවරො ච.
මහණෙනි එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි ඨිතිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායීන් අතර අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රවර ද වේ.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං, ඛීරම‍්හා දධි, දධිම‍්හා නොනීතං, නොනීතම‍්හා සප‍්පි, සප‍්පිම‍්හා සප‍්පිමණ‍්ඩො තත්‍ර අග‍්ගමක‍්ඛායති. එවමෙව ඛො භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච -පෙ- පවරො චාති.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ද, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල්මණ්ඩය එහි ලා අග්‍ර වෙයි. මහණෙනි එසෙයින් ම යම් ඒ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වේ ද ... ප්‍රවර ද වේ යි .