1. ඣානවග‍්ගො අට‍්ඨකථා
1. ඣාන වර්ගය
1. සමාපත‍්තිකුසල සුත‍්තවණ‍්ණනා
1. සමාපත්ති කුසල සූත්‍ර වර්ණනාව
ඣානසංයුත‍්තස‍්ස පඨමෙ සමාධිකුසලොති පඨමං ඣානං පඤ‍්චඞ‍්ගිකං දුතියං තිවඞ‍්ගිකන‍්ති එවං අඞ‍්ගවවත්‍ථානකුසලො. න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලොති චිත‍්තං හාසෙත්‍වා කල‍්ලං කත්‍වා ඣානං සමාපජ‍්ජිතුං න සක‍්කොති. ඉමිනා නයෙන සෙසපදානිපි වෙදිතබ‍්බානි.
ඣාන සංයුත්තයේ - පළමු සූත්‍රයෙහි - “සමාධිකුසලො” යනු පළමු ධ්‍යානයේ අංග පහකි. දෙවන ධ්‍යානයේ අංග තුනකි. මෙසේ අංග (ධ්‍යානාංග) ව්‍යවස්ථාපනයෙහි දක්‍ෂ වූ යනුයි. “න සමාධිස්මිං සමාපත්ති කුසලො” යනු සිත සතුටුකරවා, යෝග්‍ය ලෙස ධ්‍යානයට සමවැදීමට නොහැකි වේ යනුයි. මේ ක්‍රමයෙන් සෙසු පදයන්ගේ අරුත් දතයුතුයි.
2-55. ඨිති කුසල සුත‍්තාදිවණ‍්ණනා
2-55. ඨිති කුසල ආදි සූත්‍ර වර්ණනා
දුතියාදීසු න සමාධිස‍්මිං ඨිතිකුසලොති ඣානං ඨපෙතුං අකුසලො, සත‍්තට‍්ඨඅච‍්ඡරාමත‍්තං ඣානං ඨපෙතුං න සක‍්කොති. න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලොති ඣානතො වුට‍්ඨාතුං අකුසලො, යථාපරිච‍්ඡෙදෙන වුට‍්ඨාතුං න සක‍්කොති. න සමාධිස‍්මිං කල‍්ලිතකුසලොති චිත‍්තං හාසෙත්‍වා කල‍්ලං කාතුං අකුසලො. න සමාධිස‍්මිං ආරම‍්මණකුසලොති කසිණාරම‍්මණෙසු අකුසලො. න සමාධිස‍්මිං ගොචරකුසලොති කම‍්මට‍්ඨානගොචරෙ චෙව භික‍්ඛාචාරගොචරෙ ච අකුසලො. න සමාධිස‍්මිං අභිනීහාරකුසලොති කම‍්මට‍්ඨානං අභිනීහරිතුං අකුසලො. න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරීති ඣානං අප‍්පෙතුං සක‍්කච‍්චකාරී න හොති. න සමාධිස‍්මිං සාතච‍්චකාරීති ඣානප‍්පනාය සතතකාරී න හොති, කදාචිදෙව කරොති. න සමාධිස‍්මිං සප‍්පායකාරීති සමාධිස‍්ස සප‍්පායෙ උපකාරකධම‍්මෙ පූරෙතුං න සක‍්කොති. තතො පරං සමාපත‍්තිආදීහි පදෙහි යොජෙත්‍වා චතුක‍්කා වුත‍්තා. තෙසං අත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. සකලං පනෙත්‍ථ ඣානසංයුත‍්තං ලොකියජ‍්ඣානවසෙනෙව කථිතන‍්ති.
දෙවැනි සූත්‍රාදියේ - “න සමාධිස්මිං ඨිතිකුසලො” යනු ධ්‍යානයෙහි සිටීමට නොහැකි යනුයි. ඇසුරු ක්‍ෂණ හත අටක් ධ්‍යානයෙහි සිත තබාගැනීමට නොහැකි වේ. “න සමාධිස්මිං වුට්ඨාන කුසලො” යනු ධ්‍යානයෙන් නැගිටීමට නොහැකි වූ යනුයි. ධ්‍යානාංගයන් වෙන් කිරීමෙහි - වෙන් කරමින් අවබෝධ කරගැනීමෙහි නොහැකි වේ. අදක්‍ෂ වේ. “න සමාධිස්මිං කල්ලිත කුසලො” යනු සිත සතුටු කරවා, සමාධියෙහි යෝග්‍ය කිරිමට අදක්‍ෂවේ යනුයි. “න සමාධිස්මිං ආරම්මණ කුසලො” යනු කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි අදක්‍ෂ වේ යනුයි. “න සමාධිස්මිං සක්කච්චකාරී” යනු ධ්‍යානයට සමවැදීමට, සකස්කොට කරන සුලු වූයේ නොවේ. “න සමාධිස්මිං සාකච්චකාරී” යනු ධ්‍යාන ප්‍රහාණයට නිතර කරනසුලු නොවේ. ඇතැම් විටෙක, කිසිදිනෙක පමණක් කරයි. “න සමාධිස්මිං සප්පායකාරී” යනු සමාධියෙහි යෝග්‍ය වූ උපකාරක ධර්ම පිරවීමට - සම්පූර්ණ කිරීමට නොහැකි වේ. ඉන් අනතුරුව සමාපත්ති ආදී පදයන්හි යොදා සූත්‍ර සතරක් කියන ලදී. ඒවායේ අර්ථ ඉහතින් පැවසූ පරිදිම දතයුතුයි. මෙහි සියලු ඣාන සංයුත්තයේ සූත්‍ර ලෞකික ධ්‍යානම අරමුණු කරගෙන දේශනා කරන ලදී.
ඣානසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.
ඣාන සංයුත්තය නිමියේය.
ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය
මෙතෙකින් සාරත්‍ථප්පකාසිනී සංයුත්ත නිකාය අටුවාවේ
ඛන්‍ධවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.
ඛන්‍ධක වර්ගයේ අර්ථ වර්ණනාව නිමාවිය.
සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය දුතියො භාගො.