යෙදුමෙන් කියවන්න

ගොචර කුසල සුත‍්තං

13. 1. 6.

13. 1. 6.

ගොචර කුසල සුත‍්තං

ගෝචර කුසල සූත්‍රය

667. සාවත්‍ථියං:

667. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො :

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං ගොචරකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි සමත්) දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචර දක්‍ෂ නො වේ, (කමටහන් අරමුණෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ නො වේ.)

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ගොචරකුසලො හොති, න සමාධිස‍්මිං සමාධිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ගෝචර පිළිබඳ (කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාධිකුසලො හොති, න සමාධිස‍්මිං ගොචරකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචරයෙහිත් නො ම දක්‍ෂ වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච හොති, සමාධිස‍්මිං ගොචරකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගෝචරයෙහි දක්‍ෂ වූයේත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාධිකුසලො ච සමාධිස‍්මිං ගොචරකුසලො ච, අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි යම් ඒ ධ්‍යාන කරනසුලු පුද්ගල සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගොදුරෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායීන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.